සිරා කොලුවාගේ බෑන්ඩ් කෙරුවාව ගැන බොහෝ තතු කාමරයට යන එන ඇත්තෝ සෑහෙන කාලයක සිට කියවති. පාසල් සමයේ මුලු හදින්ම පෙම්බැදි තූර්ය වාදක ඛණ්ඩ ඉතිහාසයත්, ඒ තුල විඳින්නට ලැබුන දුක්ඛ දෝමනස්සයන් මෙන්ම කම්කටොළුද නැවතිල්ලේ මෙනෙහි කරන වර්තමාන දවසක සිතට දැනෙන්නේ කදිම ප්‍රහර්ශයකි. එදා සිරා කොලුවාගේ සම වයසේ සිටි අයිය බඩා, ජපන් චමියා, කිඩා වැනි උන් සමග කල මහත් කැපකිරීම් වල ප්‍රතිඵලය ලෙස තවමත් අප විද්‍යාලයේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය යෙහෙන් වැජඹෙයි.
2003 වසරේ දවසක එවකට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කල, දැන් කැන්ගරු දේශයේ වෙසෙන මංජු මලයා ප්‍රසිද්ධ කලාකරුවන් කීප දෙනෙකු සමග සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කලේ අපගේ බෑන්ඩ් ඉතිහාසයේ නවමු පියවරක් තබමිනි. ඒ සඳහා මංජු මලයා සහ පිරිවර තැබූ නාමය Vibration 2003 වූවේය. එතැන් පටන් වාර්ෂිකව පැවැත්වූ මේ ප්‍රසංගය තෙවැනි වරටත් පවත්වන්නට කටයුතු යෙදිනි.
ඒ වන විට කණ්ඩායමේ ආදි ශිෂ්‍යයන් ලෙස කල දවස ගෙවූ සිරා කොලුවා ඇතුලු ආදි සාමාජිකයන්ගෙන් එවකට කණ්ඩායමේ සිටි සාමාජිකයන් Vibration 2006 ප්‍රසංගය සඳහා උපරිම සහයෝගය බලාපොරොත්තු වන බව පැවසූයෙන් අප සියල්ලෝම මේ නව අත්දැකීම විඳගන්නට එක් වූයේ ඉතාම සතුටිනි.

ප්‍රවේශපත්‍ර නිකුත් කොට, විද්‍යාලයට පරිභාහිර ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ පැවැත්වෙන ප්‍රසංගයක් නිසා පුහුණුවීම් වෙත යොදවා තිබූ අධික බර තැබීම හේතුවෙන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු සහ තවත් අටෝරාශියක් වැඩ කටයුතු ආදි සිසුන් වෙත පවරාගෙන ප්‍රසංගයට වාදනයෙන් දායක වන පිරිස ඒ වගකීම් වලින් නිදහස් කිරීමට අපි තීරණය කළෙමු. සිරාගේ කාමරයේ අද කථාව ඇරඹෙන්නේ එතැනිනි.
පරණ උන් ටික තිතට ගේම ගහන්න ඕනෙ...දැන් ඉන්න කොල්ලො ටිකට බරක් නොවැටෙන්න. ඔය ගැන අපි කථා කරමු පොඩි මීටිමක් දාලා. හැමෝම වරෙල්ලා. ලොකු අයියා එවකට සේවය කල පරිගණක අධ්‍යාපනය සම්බන්ධ ආයතනයේ කාර්යාල භූමියේම අපි අපේ පළමු රැස්වීම පැවැත්වූවෙමු.
මේකෙ ලයිටින්ද, සවුන්ඩ්ස්ද, අරවද මේවද උපරිමයෙන් තියෙන්න ඕනෙ. මේක අපි ලයිව් රෙකෝඩ් කරලා ටීවී චැනල් එකක ගහමු අනුග්‍රාහකයෙක් හොයාගෙන. අපිට ඕනෙ නම් රොකෝඩින් එක සීඩී එකකට ගහලා විකුනන්නත් පුලුවන්.
ලොකු අයියා රැස්වීමේදී මහා පරිමාණ සැලසුමක් හෙළි කලද , අනෙකුත් උන් ඒ ඉලක්ක වෙත යාමට සහයෝගය දෙන බැව් කීවද අවසානයේ මේ මහා වගකීම් ගන්නට කිසිවෙකු නොපැමිණෙන බව අපේ අක්මා වලට දැනෙයි.
ඕකුන් එකෙක්වත් ඔය කිසිම දෙයක් කරන්න එන්නෙ නෑ බං. අපි දෙන්නා ගේම ගහමු. ජපන් චමියාත්, අයිය බඩාත් මමත් ඉතාම සමීප උන්ය. අයිය බඩා නාවික හමුදා තූර්ය වාදක රාජකාරි නිසා මේ කාරියට එන්නේ නැත.
කරන්න තියෙන දේවල් ටික බෙදාගෙන කරමු. අතේ ලොකු ගානක් නැති නිසා ලැබෙන සල්ලි පරිස්සමට වියදම් කරගෙන යං. මුලින්ම ආටිස්ට්ලට කථා කරලා ඒ අයව බුක් කරගමු. ඊට පස්සෙ ලයිටින් සවුන්ඩ්ස් ටික බලලා ඊට පස්සෙ යමු පෝස්ටර් බැනර් කටවුට් වලට.
රොඩ්නියයි, ඇන්ටයි දෙන්නම මගෙ යාලුවො බං..ඕනෙනම් මම උන් දෙන්නව අඩුවට සෙට් කරන්නං. ආදි සිසු ආම්ස්ට්‍රෝන් පෙර දවසක කිව් කථාව මට සැනින් මතක් විය.
අපි ආටිස්ට් වැඩේ ආමට දෙමු. ඌ තිතට වැඩේ දෙයි. චමියාද එයට විරුද්ධ නැත.
සතියක් දෙකක් ගත වන තැන මූලික කටයුතු නිම වී තිබුනි. නගරාධිපතිතුමාගේ අනුග්‍රහය නිසා කටවුට් වලට නගර සභාවෙන් බදු මුදලක් අය කලේ නැත. ප්‍රසංගය යෙදී තිබූ දිනය වන විට තම ශිෂ්‍ය ප්‍රජාවගේ දක්ෂතා මතින් තම කීර්ති නාමය දිදුලන බව දැන සිටි අපගේ බෑන්ඩ් මාස්ටර් හැකි සෑම විටෙකම පුහුණුවීම් සිදු කලේය. සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට සිදුවන බාධා අවම වන පරිදි යොදාගත් රාත්‍රී කාලයේ පුහුණුවීම් සුලභ විය.
එකල මාස්ටර් විසින් භාවිතා කල ලා කොල පැහැති මොරිස් මයිනර් 1000 රථය ඒ සෑම රාත්‍රියකම ප්‍රධාන ශාලාව ආසන්නයේ නවතා තිබුනි. එහි ඉදිරි එක් දොරක් අගුලු දැමිය නොහැකි බවත්, මාස්ටර් බොහෝ විට රථයේ යතුර රැගෙන නොයන බවත් ඒ වන විට අපි අත්දැකීමෙන් දැන සිටියෙමු.
ප්‍රසංගයේ වැඩ රාජකාරීන් අස්සේ මාස්ටර්ගේ රථය ඔහුට හොරා අපි සිත් සේ ධාවනය කළෙමු. රිය ධාවනයට හැකියාව තිබූ හැම එකාගෙම අතින් අතට මොරිස් මයිනරය මාරු වෙයි. ඇති පදම් මයිනරය එලවූ පසු හොඳ ළමයින් මෙන් මාස්ටර් නතර කල තැනම රථය නැවතත් නතර වෙයි.
සංවිධාන වැඩ කටයුතු වලට අත තිබූ මුදල් ඉතාම සීමිත වූ නිසාම අපි බොහෝ විට දන්නා අඳුනන අයගෙන් සහයෝගය පැතුවෙමු. ආනන්ද අයියාද එවැන්නෙකි. ඔහුගේ නිවසේ තිබූ කුඩා පහේ ලොරි බට්ටෙක් සිය මෑණියන්ට හොරෙන් රැගෙන විත් හෙතෙම බොහෝ විට අපේ කටයුතු වලට සහයෝගය දුන්නේ ඔහු බෑන්ඩ් කෙරුවාවට දායක වී නොමැති වුවද විදුහලේ ආදි සිසුවෙකු වූ අරුමය නිසාමය.
එක් දිනක් රාත්‍රියේ ගම්පහ නගර සීමාවේ කටවුට් බැනර් එල්ලන්නට යොදාගෙන සිටියෙමු. එහෙත් ගිවිසගත් වේලාව සෑහෙන්න පසු වී තිබුනත් ආනන්දයා නැත. ඒකාගේ ජංගම දුරබණුවද වැඩ නැත. සැකයක් නැත. ආනන්දයා සිය මෑණියන්ගෙන් ලුණු ඇඹුල් සහිතව අසා ගත් දිනයක් විය යුතුය. ඒ අතර තුර පුහුණුවීම් නිමකොට බෑන්ඩ් මාස්ටර් අප හට සම්මුඛ වෙයි.
උඹලා තවම ගියෙ නැද්ද බං...සෑර් විමසයි...
යන්න වාහනයක් නෑ සෑර්...ආනන්දයා ආවෙ නෑ...
ඉනිමගක් එහෙම තියෙනවද බැනර් එල්ලන්න...මාස්ටර් නැවතත් විමසයි.
ඔව් සෑර්....
එහෙනම් ඉනිමග කාර් එක උඩ තියාගෙන යමල්ලා මේකෙ...
සෑර් රථයේ රියදුරු අසුනේ වාඩි වන විට අවට සිටි බහුතරයද රථය තුලට රිංගන්නට මාන බැලූහ.
එහි ප්‍රතිඵලය ලෙස රථය තුල සිටි පිරිස 7 කි. බොනට්ටුව දෙපසට වී ඉනිමග අල්ලාගෙන යන්නට තවත් දෙදෙනෙකි. ඩිකිය තුල තවත් දෙදෙනෙකි. එවිට සමස්ත මගීන් ගනන රියදුරු සමග 11 කි.
මේ මහා වන්දනා නඩයද සමග ඉඹි ගමනින් ඉදිරියට ඇදුන මොරිස් මයිනරය තැන් තැන් වල නතර වන්නේ ඒ ස්ථාන වල කටවුට් එල්ලීම උදෙසාය. එවන් විටෙක ගම්පහ පොලෝසියේ මුර සංචාරක ජීප් රථයක් අපට සම්මුඛ වූවේය. ගම්පහ පොලෝසියේ වාර්ෂික පරීක්ෂණ සඳහා කාලයක සිට තූර්ය වාදක සහයෝගය ලබා දුන් නිසා ඔව්හු අප කණ්ඩායම සමග මෙන්ම මාස්ටර් සමගද ඉතා හිතවත් ඇත්තෝ වූහ.
ආ..මාස්ටර්...අපි දන්නෙත් නෑනෙ මාස්ටර් ලොරියක් ගත්තා කියලා.
මොන ලොරිද කොල්ලො...මේ අපේ උන්ට බැනර් කෑලි ටික එල්ලගන්න වාහනයක් නෑ කියලා අටෝගෙන ඉද්දි කඩාවැටුනත් කමක් නෑ කියලා මේ කාර් එකට පටවගෙන ආවෙ.
ඒ රාත්‍රියේ අපගේ මාස්ටර් කෙරෙහි නූපන් මහා භක්තියක්..මේ ලියමන ලියනා මේ රාත්‍රියේ මගේ සිතේ උපදින්නේ මා එදාට වඩා අද වයසින් මුහුකුරාගොස් සිටින නිසා විය යුතුය. එදා ඔහු අප වෙනුවෙන් කල කැපකිරීම් වර්තමානයේ වඩ වඩාත් දැනෙන නිසා විය යුතුය.
අතුරු ආපදාවකින් තොරව ගම්පහ නගර සීමාවේ කටවුට් සහ බැනර් එල්ලාගන්නට මාස්ටර්ගෙන් ලැබුන සහයෝගය පිළිබඳ කියන්නට වදන් නැත.
ප්‍රසංගයට තවත් ඇත්තේ සති දෙකකි. ඒ වන විටත් කලාකරුවන්ගේ නම් රැගත් පෝස්ටරය වාර කීපයකදීම ගම්පහ නගරය පුරා ඇළවී තිබුනි. කලාකරුවන් සම්බන්ධීකරණය ආම්ස්ට්‍රෝන් විසින් බාරගෙන තිබූ නිසා මමත් චමියාත් කිසි විටෙක ඔවුන් අමතන්නට උත්සාහ නොකලෙමු.
මචං ආමා සමහර වෙලාවට බුල කෙලිනවා. කෝකටත් කියලා ආටිස්ට්ලට කථා කරලා බලමු...මම සැනෙකින් ඇන්ටන් ජූඩ් හිතවතාගේ ජංගම දුරබණුවේ අංකය සොයා ඇමතූවෙමි...
කවුද ?
අපි මේ ගම්පහ ඉස්කෝලෙන්...අපේ සංගීතෙට දිනය මතකයි නේද ජූඩ් අයියා ?
මොන සංගීතයක්ද ?
ඇයි කිව්වෙ නැද්ද ?
කවුරුවත් මට කිව්වෙ නෑ එහෙම සංගීතයක් ගැන....
මාර වැඩේනෙ...අපි පෝස්ටරුත් ගහලා ඉවරයිනෙ...
එහෙම කොහොමද මගේ නම දාලා පෝස්ටර් ගහන්නෙ මම දන්නෙත් නෑනෙ...ජූඩ් අයියාට මල උපරිමේටම පැන ඇත. සමහර දවසක ආමා වැඩක් කළොත් හත් පොලේ ගාගන්නා වග අපට අමතක වූ අරුමය සිහිපත් කරමින් මම ජූඩ් අයියාට යාප්පුවෙන් කථා කළෙමි.
එහෙම කියන්න එපා ජූඩ් අයියා..ඔයා නාවොත් අපි අනාථ වෙනවා...
කවදද මල්ලි ඔය කියන දිනේ...
ජනවාරි මාසෙ ..... දවසෙ...
මට එන්න විදියක් නෑ.....එදා හැන්දෑවට හෙන්රි ජයසේන මහත්තයගෙ ගෙදර පැදුරු පාටියක්...
එහෙම කියන්න එපා අයියා...මේ වැඩේ කොට උඩ යයි එහෙම උනොත්..කොල්ලො ගොඩාක් මහන්සි වෙලා වැඩේ කරන්නෙ. මම වාහනයක් එවන්නං රත්මලානටම.
හරි මල්ලි මට දවස් දෙකක් දියං..මම හරියටම උත්තරේ දෙන්නං.
එයින් අනතුරුව අපේ ඇමතුම රොඩ්නි වර්ණකුල සහෘදයා වෙතද යොමු විය. එතැනදීද ආමා කිසිම දෙයක් ඔහු සමග කථා කොට නොතිබූ අතර අපේ වාසනාවට ඔහුට ප්‍රසංගය යෙදී තිබුන දිනයට රාජකාරියක් යෙදී තිබුනේ නැත.
දින දෙකකට පසු ජූඩ් අයියාද සහභාගි වන්නට කැමති වූයෙන් අපේ සිත් සතන් වල නැගි භිය සංකා දුරුව ගියේය.
ප්‍රසංගයට සතියක පමණ කාල පරාසයක් වන විට අමුතුම පිබිදීමකින් සියල්ලෝම ඉතා උවමනාවෙන් ප්‍රසංගය සාර්ථක කරගන්නට වෙහෙසමින් සිටියෝය. සැම සන්ධ්‍යාවකම ටිකට් පත් අළෙවිය සහ ප්‍රසංගය පිළිබද දැනුවත් කිරීමට අප තීරණය කොට සිටියෙමු. හැකි සැම විටෙකම ආනන්ද අයියා අම්මාගේ ඇස් වසා ලොරි භාගය පාසලට රැගෙන ආවේය. ගෙදරට හොරෙන් පන්නාගත් රුපියල දෙක එතකු කොට අපි ආනන්දයාගේ ලොරි භාගයේ ටැංකිය පිරවීමු. කොහෙන්දෝ පිනට සොයාගෙන විත් තිබූ යකඩ කටවල් දෙක ලොරි රථය මත සවිකල පසු එය ගම්පහ නගරයේ අහුමුළු නෑර සැරිසරයි. ප්‍රසංගයේ ගුණ වර්ණනාව ගැයෙයි. ටිකට් පත් අළෙවි වෙයි.
මේ රථයේ සිට බොහෝ වෙලාවට නිවේදක භූමිකාව රගන්නට සිරා කොලුවාට සිදු වූවේය. ඇතැම් දවසක දෙරණ රූපවාහිනියේ දතා මලයාද මගේ සහයට පැමිණියෙන් කටයුතු තවත් පහසු විය. තනිව බොහෝ වෙලාවක් ප්‍රචාරන කටයුතු සිදු කරන විට උගුරු දණ්ඩ පවා රිදුම් දෙන්නේ මට විවේකයක් දියං කොල්ලො යනුවෙන් පවසමිනි.
ජපන් චමියාගේ සහ සිරා කොලුවාගේ නායකත්වයෙන් අපට වඩා කණිෂ්ඨ සාමාජිකයන් රැසකගේම සහයෝගයෙන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු මැනවින් සිදුවෙන පසුබිමක සෑම දිනෙකම රාත්‍රියේ පාසලට එක් රැස්වන පිරිස කෙමෙන් කෙමෙන් වැඩි වූවේය. ඒ අයට වගකීම් බෙදා දී අපද යම් කාර්යයක නිරත වූවෙන් සියලුම සැලසුම් හොඳින් ක්‍රියාත්මක කරන්නට හැකි බව මමත් චමියාත් අත් දැක්කෙමු. එහෙත් ප්‍රසංගය පිළිබඳ පූර්ව රැස්වීම් තබා පොර සහ කොර ටෝක් දුන් ලොකු අයියා ඇතුලු කිසිම එකෙකු පාසල පැත්ත පළාතක තවමත් නැත.
මේ කාලය වන විට තම පළමු සේවා ස්ථානය හා සම්බන්ධව සිටි ගණකාධිකාරී ජෝතියාද කඩි මුඩියේ එක් රැයක අප සොයා පැමිණියේ තමන්ට හැකි තරමේ සහයෝගයක් මේ ප්‍රසංගය වෙනුවෙන් ලබා දීමේ පිවිතුරු අපේක්ෂාවෙනි. එදා මධ්‍යම රාත්‍රියේ සිට පසුදාට පහන් වන තුරුම ආනන්ද අයියාගේ ලොරි බාගයට පටවා ගත් පෝස්ටර් මිටිය සහ පාප්ප බාල්දි සමග අපි හරි හරියට ඔට්ටු වූයෙමු. ගම්පහ නගරයෙන් ආරම්භ වී නුවර පාර දිගේ නිට්ටඹුවට ගොස් ආපසු පැමිණෙන විට අලුයම 4 පමණ වී තිබුනි. වර්ෂ අවසානය නිසාදෝ මේ ගමනේදී අධික ශීතලක් දැනුන අතර උඩු කයට ඇදුමක් නැතුව සීතලේ වෙව්ලමින් සිටි ජෝතියා අපට දුන් විනෝදය කිසි දිනක අමතක නොවන්නකි.
අපි වේලාසනම ගහපු පෝස්ටර් ටික බලන්න යමල්ලා. ජෝතියා එලෙස යෝජනා කලේ ටියුෂන් තරගය උපරිමයට තිබෙන ගම්පහ වැනි නගරයක පෝස්ටරයක් බේරා ගැනීම කලු නික සොයනවාටත් වඩා අපහසු කාරියක් බව ඒකා දැන සිටි නිසාය.
ජෝතියා නිවැරදිය. රාත්‍රී 12 ට පමණ අප විසින් අලවන ලද පෝස්ටරය මත පාන්දර 4 වන විට තවත් පෝස්ටර් 3 ක් ඇලවී හමාරය. ගම්පහ නගරයේ පෝස්ටර් කෙලියේ තරම දැන් ඔබට වැටහෙනු ඇත. අපගේ නිරීක්ෂණයට අනුව උසස් පෙළ නව පන්ති ආරම්භ කරන්නට වලිකන ටියුෂන් ගුරෙකුගේ පෝස්ටර් වලින් හිතා මතාම අපේ ප්‍රසංගයේ පෝස්ටර් වැසී ඇති බව පෙනුනි. එතැන් සිට අපි නැවතත් පෝස්ටර් ඇළවීම ආරම්භ කළෙමු.
පාන්දර 5 න් පසු කිසිවෙකුත් පොස්ටර් අලවන්නට ගම්පහට එන්නේ නැත. එහෙයින් අප දැන් අලවන පෝස්ටර් වහන්නට කිසිවෙකු නැත. ටියුෂන් ගුරාගේ සියලුම පෝස්ටර් ප්‍රසංගයේ පෝස්ටරයෙන් වැසී ගියේ කුජීත අන්දමිනි. අඩුම තරමේ පන්තිය පැවැත්වෙන ස්ථානයේවත් ඒකාගේ පෝස්ටරයක් ඉතිරි කරන්නට අපේ උන් කැමති වූයේ නැත. උදෑසන 7 වන විට ගම්පහ නගරයම අපගේ ප්‍රසංගයේ පෝස්ටර් වලින් හැඩ වී තිබූ අතර සීතල හිමිදිරිය අස්සේ පාසල් යන මල් වැනි, වතුර ටැංකිය අසල පාසලේ යුවතියන්..මුලු රැයක් නිදි වරා කබ කඩමින් ආනන්ද අයියාගේ ලොරි තට්ටුවේ පිටුපසට වී සිටි අපට නෙත්කළු දසුනක්ම වූවේය.
ප.ලි
මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සැබෑ කලාකරුවෙකු වූ නැසීගිය ජූඩ් අයියා මේ ප්‍රසංගය වෙනුවෙන් ලබා දුන් සහයෝගය සිරා කොලුවාට තවමත් අමතක නැත.
වයිබ්‍රේෂන් ප්‍රසංගයේ හැඩරුව සහ තවත් කථා ඊලග කොටසින්...
Vibration 2003 වූ කලී සිරි ලංකාවේ ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක ඛණ්ඩයක් ප්‍රසිද්ධ කලාකරුවන් සමග පැවැත්වූ පළමු ප්‍රසංගය වූ අතර එයින් පසු අගනගරයේ පාසල් කීපයක්ම මේ තේමාව යටතේ ප්‍රසංගයන් පවත්වන ලදී.
සිරා කොලුවා හා පුරා කියා මයිනරයක් පැදවූයේ නම් ඒ අපේ මාස්ටර්ගේ මයිනරයයි. මයිනර් කාරයක ඇති ආතොල් එක දන්නේ ඒවා පැදවූ ඇත්තෙක්...ඇත්තියක් පමණකි.

මතු සම්බන්ධයි.
මම කාමරේ අරින සිරා කොලුවා.

සිරා කොලුවා බක් පියට් පැදලා නැද්ද ?
ReplyDeleteබක් පියට් නෙවෙයි බග් ෆියට්
Deleteබග් ෆියට් දැක තිබේ...පැද නැත.
Deleteඑහෙම කොහොමද මගේ නම දාලා පෝස්ටර් ගහන්නෙ මම දන්නෙත් නෑනෙ./// ha ha ha
ReplyDeleteඇන්ටන් අයියා මගෙ ඇගට ගොඩ උනා එහෙම අහගෙන...ඇත්ත නේන්නං මළ පනින කථාවක්නෙ ඒක...
Deleteදැන්නම් සිරෝ බෑන්ඩ් කතා පොතක් ලියන්න හොඳම කාලේ.
ReplyDeleteබෑන්ඩ් කථා නෙමෙයි..කෙටිකථා වලින් පොතක් කරන්නයි හිතාන ඉන්නෙ.
Deleteඅමා කාලා මදි නොවැ
ReplyDeleteආමා කියන්නෙ රස ගුලාවක්...බනින්නත් බෑනෙ ඉතින්..
Delete2006 band eke mage husband ge mallith hitiya samith somarathna. apith balanna giya vibration show eka. hodatama thibuna.
ReplyDeleteඅනූෂා දැන් සිංගප්පූරුවේද ඉන්නෙ. ඔබ කියන සමිත සෝමරත්න මම දන්නවා. සෝමයා කිව්වම තමයි හැමෝම දන්නෙ.
Deleteanna hari somaya thama. mama inne lankawe
Deleteඅර විචාරකතුමා කියපු පොතේ සීන් එකටනම් කාලේ හරි වගේ තමා
ReplyDeleteඋඹත් ඉතින් කැඩෙට් කකුලක්නෙ විචාරක තුමා වගේම...
Delete//සීතල හිමිදිරිය අස්සේ පාසල් යන මල් වැනි, වතුර ටැංකිය අසල පාසලේ යුවතියන්//
ReplyDeleteඅම්මෝ.... මූ ඒ ඉස්කෝලෙට තියෙන ආදරේ බලපල්ලකො..... ඔය ඉස්කෝලෙනෙ රොෂාන් මහානාමට ආදරේ කට්ටිය හිටියේ... නෙහ්...
ඇත්තමයි බං...කොළ පාට ටයි පටියක් දකිනකොට අද උනත් පොඩි තිගැස්මක් ඇති වෙනවා පපුව අස්සෙ. ඒ කාලෙ කොහොම අමතක කරන්නද අප්පා...මම ට්‍රයි කරන තරමක් ට්‍රයි කලේ ඔය ඉස්කෝලෙ කෙල්ලන්ට.
Deleteවතුර ටැංකිය යට කොළටයි කට්ටිය හරිම අහංකාරයි.
Deleteටිකක් එහා අර අත්දිගට දාල රතුටයි පලදින උදවිය නම් ටිකක් සැර අඩුයි
හැක්.. හැක්.. අන්න මාස්ටර්ල
ReplyDeleteමොනව උනත් උඹලට තිබ්බෙ රෑ තිස්සෙ පෝස්ටර් අලවන් නැතුව අන්තිම ඩෙඩ් ලයින් එකේදි අලෝගෙන යන්න. එහෙම උනාට ආයෙ ඒක වහන්න වෙන්නෙ පහුවද රෑට තමයි.
බෑනෙ ලොකු මාමෙ...ලොකු ඒරියා එකක් කවර් කරන්න තියෙන නිසා රෑ 12 ට විතර වැඩේ පටන් ගත්තා. ඇරත් ඒ කාලෙ අපි දැන හිටියෙ නෑ පෝස්ටර් කෙරුවාවෙ තියෙන තරගකාරී බව.
Deleteමරු කතාව. ඔය මොරිස් මයිනරේ නොම්මර තහඩුවටයි, උඹලගේ බෑන්ඩ් එකටයි දාන්න තිබ්බේ Vibrator 2006 කියලා.
ReplyDeleteමේකට ඉන්ස්පයර් වුනේ අර ගෑණු වාහන එලවනකොට vibrate වෙලා එලවීම හරාම් වෙනව කිව්ව සවුදි පූජකයගෙ පෝස්ට් එක බලලා.
ඔය කියන පෝස්ට් එක ගැන දන්නෙ නෑ හෙන්රි සෑර්...නරකද ඒ ගැන ලිපියක්වත් ලිව්වොත්...බොලා පරණ වාහන වලට මනාපයි කියලා මම නොදන්නවයැ.
Deleteමයිනරේ කස්ටිය වැඩි උනාම හොදට වයිබ්රේට් උනා හැබැයි.
නියමයි... ඔය වගේ කටු කන්න තියනවා නම් ඊට වඩා දෙයක් කොහෙද ඉතිං.. හෙහ් හෙහ්.. ඉලක්කම් ගියාට මාස්ටර් නම් එල කොල්ලෙක් සිරා.
ReplyDeleteජයවේවා..!!
මාස්ටර් කියන්නෙ සුපිරිම චරිතයක්. මගේ මේ ආත්ම භාවයෙදි නම් ආයෙමත් එවැනි චරිතයක් දකින්න ලැබෙන්නෙ නෑ කියලා ඉර හඳ වගේ විශ්වාසයි. ඒ නිසයි එතුමගෙ ගෝලයෝ එතුමාට ඔය හැටි ආදරේ.
Deleteනියම මාස්ටර් කෙනෙක් අදහන්න වටිනවා. මයිනර් එලවිල්ලනං ආතල් එකක්ම තමයි.
ReplyDeleteඅපේ දෙවැනි පියතුමා වගේ ඒ කාලෙ හිටියෙ මාස්ටර් තමයි. ගෙදරින් කන්න නැතත් මාස්ටර් හරි කන්න දුන්නා ඒ කටුක අතීතයෙදි.
Deleteලොරි ටෝක් දෙන, කිසි වැඩක් නොකරන සමහර අමන යක්කු නිසා වෙලාවකට මිනිස්සු මාර අමාරුවෙ වැටෙන්නෙ...
ReplyDeleteමාස්ටර්නම් රියල් මාස්ටර් කෙනෙක්.. ආයෙ ඒකේ ටූ නෑ...
ලොරි ටෝක් දීලා ශත පහක වැඩක් කරන්නෙ නැති උන් ඕනෑම තැනක ඉන්නවා නොවැ. මෙතන උනෙත් ඒ සන්තෑසියම තමා.
Deleteමාස්ටර් කියලා කෙනෙක් තව කෙනෙක්ට කියන්නෙ ඔහුගෙ තියෙන පරිණත බව නිසාම නෝව්ද...ඒ අර්ථයෙන් ගත්තමත් මාස්ටර් කියන්නෙ සුපිරි චරිතයක්. ස්තුතියි සෙන්නා.
හැබෑ මාස්ටර් කෙනෙක්. ඊලඟ එකත් බලමු එහෙනං.
ReplyDeleteඔව් ඇත්ත වශයෙන්ම...ගුරුවරයා කියන වචනයට හොද සාධාරණයක් කරපු කෙනෙක් අපේ මාස්ටර්...
Deleteඔය මාස්ටර් ගැන සිරා කලිනුත් ලිව්වා හෝ කිව්වා මතකයි.
ReplyDeleteඇන්ටන් ජූඩ් ජනප්‍රිය පුද්ගලයෙක් උනත් ඔලුව උදුම්මවා ගත් අයෙක් නොවේ.කතා බහ කොට නැතත් කිහිප විටක්ම මග තොටදී ඔහුව හමුවී තිබෙනවා.ඒ හැමවිටම මුවේ තිබ්බේ බොහොම නිරහංකාර හිනාවක්.
ඔබ නිවැරදියි මනෝජ්...මෙයට කලින් වතාවක මාස්ටර් ගැන ලිපියක් ලිව්වා.
Deleteඇන්ටන් ජූඩ් කියන්නෙ කොයි තරම් අව්‍යාජ කෙනෙක්ද කියලා ඊලග කොටසින් ඔබට වැටහේවි.
සුන්දර අතීතයක්.. ඊලඟ කොටසත් ඒ වගේම සුන්දර ඇති , කියවලම බලන්න එනවා සිරා ලිව්ව ගමන්...
ReplyDeleteස්තූතියි ඔබට...කාර්යබහුල බව නිසා හිතුවට වඩා කාලයක් ගියා දෙවැනි කොටසට...
DeleteEla
ReplyDeleteස්තූතියි අයියා...
Deleteඔය කාලෙ කාපු කට්ටක් තමයි අදටත් පාරම්බාන්න ඉතුරු වෙන්නෙ...සිරා මචං කවදත් වගේ කතාව සිරා
ReplyDeleteස්තූතියි...ඒ කාලෙ කට්ටක් උනාට...දැන් බොහොම සුන්දර මතකයන්..
Deleteපට්ටයි
ReplyDeleteඑළ....
DeletePalaweni vibration 1 thibune 2003 neda sira
ReplyDeleteඔබ නිවැරදියි මිත්‍රයා. මම ඒ කොටස නිවැරදි කලා. ස්තූතියි.
Deleteආහ් උබ තමා හොය හොය හිටපු බඩ්ඩ...
ReplyDeleteලියපිය පොතක් පිටු අඩුවෙන් තියන :D
පොතක් ලියනවාමයි...මගේ එක ඉල්ලකයක් ඒක...ඒ පොතේ සමහර විට මම ලියපු හොදම කෙටි කථා ටික තියේවි...
Deleteසිරෝ සිරා කතාව. හැබැයි ඔය බෑන්ඩ් කෙරුවාව නම් මට වැඩිය අල්ලන්නෙ නෑ. ජය බෝලි නාත් !
ReplyDeleteබෑන්ඩ් කෙරුවාව කරපු එකෙක් තමයි ආයුබොවන්ඩ ඒකෙ රසය දන්නෙ...
Deleteසිරා අයියේ මං මෙි කාබරේට අලුත්..සුපිරිම...සුපිරි...අයියේ ..මුලු කාබරේම මන් කියෙවුවා.....නවත්තන් එපා අය්යේ ලියහන්කෝ දිගටම...හොද එකානේ දිගටම ලියහන්කෝ....
ReplyDeleteකාමරේට සාදරයෙන් පිළිගන්නවා මලයො...ඉඩ ඇති තැනක් බලලා වාඩිවෙයං...
Deleteවයන්න නම් බෑ ඒත් අහං ඉන්න ආසයි සිරාට ජය
ReplyDelete-කපිතන්-
ස්තූතියි කප්පිත්තො...
Delete