Thursday, June 28, 2012

54 චමිගේ ඇන්ගේජ් පාටිය




බ්ර්ර්ර්.... බ්ර්ර්ර්... බ්ර්ර්ර්

නිහඩ විලාසෙන් මේසෙ උඩ තිබුන දුර බණුව  එක පාරටම කම්පනය වෙන්න ගත්තා...
වෙනදා වගේම මගේ අක්මාවට දැනුනා මට ඇමතුමක් තියෙන විත්තිය...
නම් ගම් ජාතක හෙව්වෙ නෑ කෙලින්ම  කනට තද කොලා..
හෙලෝ.......................

මචං මම චමී... එහා කොනෙන් ඇහුනා
හෙට උදේ 7.30 ට අපේ ගෙදරට වරෙන්... හෙට මම එන්ගේජ් වෙනවා...

ඇමතුම මගේ පැරණි බෑන්ඩ් සගයෙක් වෙච්ච ජපන් චමී ගෙන්... පාසල් කාලයෙන් පස්සෙ ජපානයට අපනයනය වෙච්ච දා පටන් චමී ජපන් චමී උනා....

ඒත් කොයි එකද මු බදින්නෙ.... ජපානෙදි සැට් උන චීන එකද? වියට්නාම් එකද ? ජපන් භාෂාව උගන්නපු යමාමොටෝ ටීචර්ද ? ලංකාවෙදි මුල ඉදන් සැට් වෙලා හිටපු අනූ ද?   සිරාට ප්‍ර‍ශ්න වැලයි....

අපේ වැස්ටර්න් බෑන්ඩ් එක (වර්තමානයේද ලංකාවෙ අංක 1 පාසල් බටහිර තූර්ය වාදක ඛණ්ඩය) ගැන සිරා කලිනුත් කථාවක් කිව්වා... ඒ තමා බූරැ කේස් එක පිළිබද කථාව..  ඒ සිද්ධියට අහුවුනේ නැති අපේ පුබල සාමාජිකයෙක් තමයි මේ කියන ගොයියා... ඇගපතේ මස් අපට වඩා තිබූ නිසා ආ දා පටන් බෑන්ඩ් එකේ බේස් ඩුම් එකට තඩි බාන්න ඌට සිදුවුනා..... එදා මෙදාතුර ඔය කියන බේස් ඩුම් එක පැලුවෙ මේ කියන ජපන් චමී විතරමයි... ඒ නිසා ඒ කාලේ චමියට සෑහෙන්න ඉස්කෝලෙ කොල්ලො භක්තිය පෑවා..... (වෙස්ටන් බෑන්ඩ් වල භාවිතා වන බේස් ඩ්‍ර‍ම් හම් වලින් සාදා නැති නිසා පැලීම උගහටය)

අපේ බෑන්ඩ් කාමරේ සැපයීම් අංශය හා ආරක්ෂක කටයුතු භාරව සිටි නිසි බලධාරියත් ඒකාම තමයි....

කාමරේ ටියුබ් පොල්ලක් එහෙම හදිසියෙ අප්සැට් උනොත් පොඩි උන්ගෙ පංතියකට හොරෙන් පැන ටියුබ් පොලු ගෙන ඒම/ බෑන්ඩ් එකේ 25 ටම ඇතිවෙන්න වරින් වර කැන්ටිමෙන්  කිරි පැකට්, ප්ලාස්ටික් කෝප්ප හා පිගන් ගල් කිරීම/ ඉස්කෝල කොල්ලන්ට සද්දෙ දමා රැපියල දෙක සම්මාදම හෙවත් ලොන්තෙ දැමීම /  ටින් එකකට එකතු කල සාමාජික මුදල් මාටියා ගසා සල්ලිඑකතු කරන එකාට වැරදි පැටවීම/ බෑන්ඩ් කොල්ලන්ගෙන් ගේම ඉල්ලන පිට උන් තනිපංගලමේ කොටු කර බඩ කට පුරා නෙලීම/  මවුන්ටන් බයිසිකොලයෙන් අවශ්‍ය අයවලුන්ට නගර සීමාවේ ප්‍ර‍වාහන පහසුකම් සැපයිම......

මෙන්න මේවා තමයි උගෙ රාජකාරි.... එහෙව් එකෙක් ගෙ ඇන්ගේජ්මන්ට් එකකට කථා කලාම නොගිහින් කෝමද, සිරාත් වැඩ ඔක්කොම පැත්තක දාලා  ඔන්න ගියා පහුවදා 7.30 වෙද්දි චමි කොලුවගේ ගෙදර....

අනේ මේකා වහලෙ උලු ඔක්කොම ගලවලා.... තට්ට ගෙඩිය දිලිසෙනවා....හරිම සෝක්...

මස්සිනා හුග කාලෙකින්.... එමු එමු ඇතුලට.... උණුසුම් අන්දමින් සිරාව පිළිගත් චමී  සිරාට කෙලින්ම කෑම මේසෙ අසුන් පැනවුවා.... කිරිබත් ලුණු මිරිස්  සමග අඹරා කොණ්ඩ කැවුමකටත් වගකියලා සිරා කට්ටිය එක්ක    ගමනට සූජානම් උනා....

උඹ තමයි සාක්කියට අත්සන් කොරන්නෙ.... චමී අත්සන් කරන නැකත ඔන්න මෙන්න තියලා මාව දැනුවත් කොලා...  මමත් භූත වෙලා හැමතිස්සෙම වෙනස් වෙන මගේ අත්සන තැන් 3ක යොදලා චමී, අනූ යුවලට ජය මංගලම් කිව්වා .

මනාලියගෙ පාර්ශවයේ පුද සත්කාර නොමදව ලබලා හැන්දෑකොරේ අපි ආයෙත් ගම් බිම් වලට සේන්දු උනා....

මචන් ගෙදර ගිහින් අපේ පරණ පොට් එකට වරෙන් 6 වෙද්දි...
අද දවස අපි පොඩ්ඩක් සමරමු....
චමියගෙ බොක්ක වෙච්ච පරණ බෑන්ඩ් ගොයියොත් පිරිවරාගෙන සිරා   සුපුරැදු පොට් එකේ ඔන්දස් පොට් උනා...

මධුවිතට වඩා මධුවිත සමග සිදුකෙරෙනා මිතුරැ සමාගම ඒ කියන්නෙ දොඩමලු විමට තමා සිරා කැමති...

ආරාධිතයන් 8 යි ... ඒත් තවම භාගෙට භාගයක් නෑ....
චමියා හැමෝටම ආයෙත් කථා කරලා අවසන් අනතුරැ ඇගවීම සිදු කරනවා හරිම අපූරැයි උන්ගෙ උත්තරත්...

බෑන්ඩ් එකේ ලොකු අයියා -  (කපිල් දේව් ගෙන් මෙයා තමා අම්බානට කෑවෙ)

චමියා, අම්මා බයිසිකලේ යතුර හංගලා ඒක හොයා ගත්ත ගමන් සුටුස් ගාලා එනවා... මම එනකම් ඉදපන් මචෝ අරිද ? මම මේ පෙට්ටගමක් ඇතුලෙ ඒක හොයනවා...

නොබොන්නා -

චමි මල්ලි  වයිෆ් දැන් ගෙදර ආවෙ... මට කොහෙවත් යන්න එපා කියනවා... මම කොහොම හරි ෂේප් වෙලා  එන්නම්... දන්නවනේ මගේ ගෑණිට බීම පෙන්නන්න බෑ කියලා.. බීලා මාට්ටු වෙනවට වඩා හොදයි බන් බෙල්ලෙ වැල දාගන්නවා...

දතා -

චමි අයියා.... ටවුම අරියෙදි බොකක් සැට් උනා මම මේ පොදු වැසිකිලියට ඇන්ටර් වෙලා ඉන්නෙ... කැත සිද්ධිය වතුර නෑ... වතුර ආපුවහම මම එන්නම්....

තට්ටයා -

කෝච්චියෙදි කෑල්ලක් ඇහැ දුන්නා... මම ඒක ටිකක් ෆලෝ කරලාම ඔතනට එන්නම්... මේක සැට් වෙනවා පට්ට ෂුවර්.....

නානා -

මචෝ අම්මට කියන්න බොරැවක් තාම සැට් උනේ නෑ... මම මේ කෑල්ලව ඇරලන්න යන ගමන් බොරැවක් හිතනවා... ඉක්මනටම එන්නම්...

කොහොමින් කොහොම හරි  රාත්‍රී 8 පසුවි විනාඩි 3ක් යන තැන  ලාහෙට ගෙම්බො අහුලනවා වගේ එකා දෙන්නා සේන්දු වූනා....


චමී උඹ බෝතල් කීයක් ගෙනාවද...

 1යි බන් ....

මොකක්... බොන්න පුරැදුවෙන උන් මෙතන නෑ..බොල ඔක්කොම වෘත්තීය මට්ටමේ උන්....

චමියා ප්ලාස්ටික් බෝතලයක් මේසෙ උඩින් තිබ්බා...


මොනවටද බන් මේ එලවලු තෙල් එකක් ගෙනල්ලා කවුද කෑම හදන්නෙ.... කට්ටියම එක සැරේ ඇහුවා...

මේ එලවලු තෙල් නෙමෙයි බන් ඕක තමයි බෝතලේ....
බෝතලේ පත සයිස් එකක්
දැක්ක ගමන් කට්ටියටම හීන් දාඩිය දැම්මා...
ගෙදර යන හැටි/ බැලුම් පුම්බන හැටි/ ගෑණිගෙන් බැනුම් අහන හැටි/ හෙට වැඩට යන්න බත් මුල නැතිවෙන හැටි කට්ටියට ප්‍ර‍ශ්න වැලයි.

මේක බන් සතියක් විතර බොන්න පුලුවන්නෙ.... 2.7 L

පුලුවන් තරමක් බීපල්ලා... මස්සිනා මේ වැඩේටමයි මට මේක එව්වෙ... චමියා කියාපි...

ඔන්න ඉතිං අඩුම කුඩුම ඔක්කොම සපුරගෙන
ප්‍රේම කතා/වීර කතා/දුක හිතෙන කතා/භය හිතෙන කතා/ආගිය කතා/චාටර් සිද්ධි/ඕපා දූප/ අතීත සැමරැම්  ආදී දේවල් මතින් බෝතලේ හිස් වෙනවා...

දැන් කට්ටිය හොදටම දොඩ මලුයි.... ආතල් කථා එක දෙක දැන් තමයි එලියට පනින්නෙ.... සිරා ඉතිං ඇන්ටනාව අටෝගෙන බලන් ඉන්නවා හොද එකක් අල්ලගන්න.....

ඉදලා ඉදලා ලොකු අයියා සත්‍ය කථාවක් දිග ඇරියා....

ලොකු අයියගෙ අදුනන යාලුවෙක් හිටියලු ගුවන්යානා තාක්ෂන ශිල්පියෙක්.... මේ හාදයා කාලයක් තිස්සෙ දන්න කියන ගුවන් සේවිකාවකට පෙරලා පෙරලා.... ගට නැති නිසා අහලා නෑ.... තවත් ඉන්න බැරි තැන කාලක් එහෙම අනුගත කරගෙන පොර කෙලින්ම ගිහින් අහලා... වැඩේ අවුලක් ගිහින් නෑ... වැඩේ එකෙන්ම පත්තු වෙලා...

දැන් ඔන්න ලව් එක ලස්සනට ගලාගෙන ගලාගෙන යනවලු... ඒත් මේ ගොයියට කෙල්ල ඉස්සරහා වචන ගොලු වෙන ලෙඩක් තියෙන නිසා හැමදාම කාලක් බොක්කට බස්සගෙනලු යන්නෙ.... මේ කෙල්ලටත් කිසිම වෙනසක් මුගෙන් පෙනිලා නෑ....

ඔන්න දවසක් දෙන්නා මීට් වෙන්න සැට් වෙලා හරියටම පෝය දවසක...
හුටා.... පෝය දවසෙ බාර් වහලා බව ඌට කලින් මතක් වෙලා නෑ... කාලක් බේතකට හොයා ගන්න මෑන්ට බැරි වෙලා.... දන්න කියන හැමෝටම කිව්වත් කලු නික හොයනවා වගේලු ඒ පෝය දවසෙ කාලක් හොයා ගන්න එක...

දැන් ඔන්න මිනිහා කාලෙ ආනුභාව නැතුව ආදරී බලන්න ගිහින් යාලුවෙකුත් එක්ක...

කෙල්ල ටිකක් වෙලා ගිහින් බනිනවලු.... යාලුවා දිහා බල බලා...

නොදකින් කාලකණ්නි... මේ වගේ උතුම් පොය දවසක බීලා නෙ... මෙච්චර දවස් හොදට හිටිය මිනිහට මේ වගේ යාලුවො තමා වල කපන්නෙ... මම හිතුවෙ නෑ ඔයා ඔහොම මිනිහෙක් කියලා....

ඉතිං මිනිහා කෙල්ලට නොවදිනා වැදුම් වැදලා එදා ෂේප් කරගෙන පස්සෙ කාලෙක බැදලා.... දැන් පොර දිනපතා බොනවලු...

මේ පාටිය අස්සෙ අහුවුණු තව කථා කීපයක් තියේ... ඒවා ඉදිරි දිනයක දමමි..  කෙසේ හෝ කැපවීමෙන් අපි බෝතලය හමාර කළෙමු... රාත්‍රී 1  ට පමණ පොලිස් සිතියම දිග හැර මුර කපොලු නැති තැන් වෙතින් නිවසට සේන්දු වූයෙමි. නැතිනම් බැලුම් පුම්බා රැ. 8000/- දන් දෙන්නට සිදුවේ.

දින 4ක දිගු දුර ට්‍රිපක් යාමට ඔන්න මෙන්න කියා මේ පෝස්ටුව සිරා ඔබ වෙත තිලිණ කලේ....
ඒ නිසා වැරදි  ඇතොත් කමා කරත්වා !

උඩම ෆොටෝ එක කොප්ප ගැහුවෙ මෙතැනින් http://4.bp.blogspot.com/_VpTJUcCWU4s/TSzdyXfzqhI/AAAAAAAAF98/tzAOCykc0kM/s1600/engagement-ring.jpg

මම සයිබරයේ අලුත් මිතුරා සිරා !


ප.ලි

බෑන්ඩ් එක ගැන පුරසාරම් නොදෙඩුවෙමි... රන්ටැඹේ වාර්ෂික කදවුරැ පරීක්ෂණයෙන් අපේ උන් මෙවරද දිවයිනේ පුධාන පාසල් අභිබවා ජය ගත්තෝය...

ෆොටෝ දැමීමට අවසර නොලැබුනු හෙයින් කපොල් එකේ පොටෝ එකක් නැතුවාය.








54 comments:

  1. බැන්ඩ් එකට සුබ පැතුම්...
    ප්‍රමාදයට නිදහසට කාරනා ටික මරු.. දවස් හතරක ට්‍රිප් එකෙන් පස්සෙ ඒ ගැනත් ආතල් කතා ටිකක් වැටෙයි නේද...
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ට්‍රිප් එක කචල් නොවුනොත් අනිවා ලියන්නම් ....

      Delete
  2. මචන් සිරා.......... උඹ අපේ ඉස්කෝලේ නේද?

    කලින් කතාවෙදිම මම අහන්න ගියේ.. අමතක උනා...
    මැංගුස් ගහ....පිට්ටනිය වටේ රවුම් පඩිපෙල.. මෙව්වා තියෙන්නේ අපේ ඉස්කෝලෙම තමයි...

    අනික අපේ බෑන්ඩ් එකට ගහන්න බෑන්ඩ් එකක් ලොවෙත් නෑ... මුළු ලංකාවම වයිබ්‍රේට් කරන්නේ අපේ උන් තමයි... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් රජෝ.. බ්ලොග් අවකාශයේ එකම ඉස්කෝලෙ එකෙක් මුනගැහුනට අප්‍ර‍මාණ සතුටුයි! .... අපේ උන් තමා Vibration නමින් ලංකාවෙ මුලින්ම වෙස්ටර්න් බෑන්ඩ් ෂෝ එකක් පටන් අරන් Popular artist ලට සංගීතය දුන්නෙ....

      Delete
  3. මත්ද්‍රව්‍ය.................................. :/

    ReplyDelete
    Replies
    1. මත්ද්‍ර‍ව්‍ය නෙමෙයි මත්පැන්...... මත්ද්‍ර‍ව්‍ය අපි කවුරැවත් භාවිතා කරන්නෙ නෑ.. වගේම අහුවුනොත් ආණ්ඩුවෙ බෝඩිමේ නවාතැන් ගන්න පුලුවන් ප්‍ර‍භල වර්ගයක්....

      Delete
  4. බැලුම් පුම්බා රැ. 8000/- දන් දෙන්නට සිදුවේ.
    පන්දාහයි කියලයි මංහිතාන උන්නෙ

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක් ඔය පොට් එකේම සැට් වෙලා ආපහු යනකොට පොලෝසිය පස්සෙන් ඇවිත් අල්ලගෙන උසාවි දාලා රැ. 8000/- දන් දුන්නෙ.....

      Delete
  5. ට්‍රිප් එක ගිහින් ඇවිත් ඒ විස්තරත් කියන්නකෝ......

    ReplyDelete
  6. 2.7 L ටම අර පේන්න තියෙන කෝක් බෝතල් දෙක ඇති වුණා ද? එතකොට බයිට් කාල කෝක් බීපු එවුන් හිටියෙ නැත් ද?

    ReplyDelete
    Replies
    1. ඒක මරැ කථාවක්... කෝක් සෑහෙන්න ඕනෙ උනා... පිටින් ගේන්නත් බෑ... පොඩි බෝතල් අරගෙන ඉවරෙකුත් නෑ... බැරිම තැන මෙගා බෝතලයක් හොරෙන් ගෙනත් යට හංගගෙන හිටියෙ.... අපේ කෝක් විතරක් බොන උන් නෑ... ඔක්කොම වෘත්තීය මට්ටමේ....

      Delete
  7. ඉරිසියාවෙ බෑ අප්පා හැමෝම සෙට්වෙන එකමනෙ වැඩේ..!!

    ReplyDelete
    Replies
    1. වෙලාවක එහෙනම් සැට් වෙමු...

      Delete
  8. "ඒත් කොයි එකද මු බදින්නෙ.... ජපානෙදි සැට් උන චීන එකද? වියට්නාම් එකද ? ජපන් භාෂාව උගන්නපු යමාමොටෝ ටීචර්ද ? ලංකාවෙදි මුල ඉදන් සැට් වෙලා හිටපු අනූ ද?"

    දැන් මූ කාවද අන්තිමට බැන්දේ ???

    ReplyDelete
    Replies
    1. බැන්දෙ කවුද කියලා පෝස්ට් එකේ අස්සක හීනියට ලියලා තියෙනවා හොයලා බලන්න....

      Delete
  9. පට්ට සිද්දිය මචන්

    ReplyDelete
    Replies
    1. පට්ට සිද්ධි තව ගොඩාරියක් ඉස්සරහට.. දිගටම එන්න...

      Delete
  10. Replies
    1. අලේ සැට් වෙමුද? හවස් ජාමෙ....

      Delete
  11. අප්පේ.. 2.7 උනත් අවුලක් නෑ. අපේ එවුන් ලීටර් 2 හතර දෙනා ගහන්නේ.

    ReplyDelete
    Replies
    1. ලීටර් 2 හතර දෙනා ගහනවා කියන්නෙ වෘත්තීය මට්ටම සෑහෙන්න ඉහළයි...

      Delete
  12. පොලිස්සියට අහුවුණානම් කියන්න තිබ්බේ මම සර් බැලුම් පුම්බන්නම් සර් ට්‍රේප් එල්ලන්න කියලා...(බීපු මිනිහෙක් කියපු කථාවක් අහල ඇති ඔයාලා)

    කොහොම නමුත් මම අකමැති වැඩක් බොන එකනම්...නමුත් පෝස්ට් එක බැලුවා...බැන්දෙ කවුද කියල කිව්වෙ නෑ...

    ReplyDelete
    Replies
    1. කෙල්ලො කවුරැවත් කැමති නෑ කියලා දන්නවා... ඒත් කොල්ලො බහුතරය බොනවා... මේ අන්ත දෙක කවදා සමපාත වෙයිද මන්දා.... බැන්දෙ කවුද කියලා ලිව්වනෙ... ඔයාට මග ඇරිලා....

      Delete
  13. චඃ වැඩේ කියන්නේ මම අමද්‍යප නේ....අපි කොරන්නෙ සෙට් වෙන උන් ගෙනාපු බයිට් වලට වැඩේ දෙන එක තමා. :D

    ReplyDelete
    Replies
    1. ඒ වැඩෙත් හොදයි වගේ....එතකොට බොන උන් නිකම්ම බයිට් වෙලා....

      Delete
  14. එළ.. සිරා ලියන සමහර කෑලි වලට මම හරි මනාපයි.. අර අත්සන නිතරම් වෙනස් වෙන එක, පොලිස් සිතියම.. ඔය වගේ ඒවා...

    සිරා නොබොන්නෙක්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! සිරා ඉදලා හිටලා බොන්නෙක්....

      Delete
  15. පොස්ටුව එළ සිරෝ
    පරිස්සමට ගිහින් වර

    ReplyDelete
  16. නියම ටොක් ටික..පට්ටය

    ReplyDelete
    Replies
    1. ෆිට් තමා... තව කථා ටිකක් ලියන්නම් ඉක්මනටම... ජය!

      Delete
  17. හිහි වෙනස් වෙන අත්සන....
    බෝතලය දැක්කම කට්ටියට මතක් පුරශ්න සිරාම තමා...

    ReplyDelete
    Replies
    1. මට එක එක කාලවලදී අත්සන මොඩිෆයි කරන්න හිතෙනවා... ඒකයි නිතරම වෙනස් වෙන්නෙ...

      Delete
  18. ෆොටෝ දැම්මනම් තමා ගොඩාක් වටින්නේ කට්ටිය හිටපු විදිය පොඩ්ඩක් බලාගන්න.

    ReplyDelete
    Replies
    1. ආයෙ කථාවක් දානකොට ෆොටෝස් එක්ක දාන්නම්... අවසර ගන්න ටිකක් අමාරැයි අපේ උන්ගෙන්...

      Delete
  19. "hisahsa" ta uba dala tibuna commentuwakin tami "sirawa" daky. ada palweni dawsa "kamare" ta godauna.
    ela...ela..aymat enwa..
    Jayawewa.
    Sajith

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා... දිගටම එන්න...

      Delete
  20. අමාරුවෙන් පාර හොයාගෙන ඔන්න මමත් ආවෝ...
    ආයේ දිගටම එනවෝඕ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් අමාරැ උනාද පාර හොයාගන්න ? එන්න එන්න දිගටම එන්න..

      Delete
  21. ඔච්චර පත බෝතලයක් දැක්කාමයි..
    රහ කොහොමද දන්නේ නෑනේ.. අපට කොයින්ද මාළු ...!!!

    ReplyDelete
    Replies
    1. බෝතලේ සයිස් එක දැකලා තමයි අපිටත් හීන් දාඩිය දැම්මෙ... රහ ඉතිං ටිකක් අමාරැයි බොන්න... සැරයි...

      Delete
  22. වෙලාවක අපි එක්කත් සෙට් වෙමුකෝ..........

    ReplyDelete
    Replies
    1. අනිවා... ඒත් දැන්නම් බීම ඉතාමත් අඩු කරලා තියෙන්නෙ.... සමහර මාස වල බොන්නෙම නැති තරම්...

      Delete
  23. උඹගෙ යාලුවෝ සෙට් එක නියමයි නේ. කට්ටියට පොඩ්ඩක් වැදුනම තමා හොඳ හොඳ කතා එලියට එන්නේ. :)

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද ලබන ආත්මෙත් උන්වම තමයි යාලුවො විදියට මට සැට් වෙන්න ඕනෙ... හැබැයි එක දෙයක් මේ එකෙක්වත් බිව්වට පස්සෙ වලි, චරු චුරු නෑ... හිටියට වඩා හොදයි එතකොට...

      Delete
  24. Ado... me ubane... hari lokka liyagena palayan.. elaz.. ai scool eke karapu dewal wecha dewal matak wenawa....mama ubata mail ekak dannum..mama kawada kiyala..

    Good luck lokka...

    R nohot mike

    ReplyDelete
    Replies
    1. හා හා මයික්... අපි පොඩි පන්තිවල හිටපු කාලෙ මට මතක් වුනා... ඉතිං කැන්ගරු දේශයේ වාසදේස එහෙම කොහොමෙයි....ඉස්කෝලෙ නම ගාවගන්නෙ නැතුව සිද්ධි එකින් එක ගලපගෙන යනවා... බලමු ඒවා ඉස්සරහට... ජය!

      Delete
  25. ade me nana kiwwe iskole wate ehapaththe nanada?platoon eke hitiye
    ekada?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඉස්කෝලෙ ළග එකෙක් නෙමෙයි උඩුගම්පල පැත්තෙ එකෙක්...

      Delete
  26. මේ පාර රන්ටැඹේ වාර්ෂික කදවුරැ පරීක්ෂණයෙන් පලමු ස්ථානය ගත්තේ රාජකීය විද්‍යාලය නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්... මම මේ කිව්වෙ 2011 වසරෙ ප්‍ර‍ථම ස්ථානය දිනුවේ අපේ උන් කියලා...

      Delete
  27. macho ape school eke band eka gana dakkaham godak sathutui.chamiyawai cowwawai contact karaganna widihak nahane.mamath e dawaswalama eastern band eke hitapu porak.chamiyage class ekemai.kohoma unath mage hadawathinma suba pathum macho

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..කව්ව සම්බන්ධ කරගන්න විදියක් අපටත් නෑ...දැන් වෙළද නැවක එතුමගෙ රාජකාරිය..

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...