Saturday, September 1, 2012

53 පන්සලේ අපි කල පාඩම් 2 ( බූලා අහු වුනු හැටි )

කාමරේ නිදියගෙන හිටිය රුවන් වෙඩි වැදුන ඌරෙක් වගේ එකසැරේම පාඩම් කරන තැනට දුවගෙන ආවෙ කාටද බන් යකා ගැහුවෙ කියලා අහගෙන... ඌත් එක්කම ආවා පන්සලේ හැදෙන පින්ගොනා වගේ ඉන්න බොක්සර් වර්ගයේ දඩෝරියා.....මේකා පන්සලේ ඉන්න නිසා හරිම හීලෑයි...  අපිත් ඉතිං පාඩම පැත්තක දාලා අඩියට දෙකට අතට අහුවෙන ඉදල, කොස්ස, සවල,රේක්කෙ ආදිය අරගෙන පන්සල් වැට පැන්නා...දඩෝරියත් අපිත් එක්ක ආවා...



ඔන්න ඔතනින් තමයි පළමු කොටස අවසන් උනේ... කියවපු නැති ඈයො කියවලාම එන්න...

අපේ කස්ටිය ඔන්න පන්සල් වැටෙන් පැනලා කරුවලේම ඉදිරියට යනවා... මගෙ අතේ තිබුනෙ සවලක්, ඒකත් හරහට අල්ලගෙන හොරා පොලිස් සෙල්ලමට තමයි දැන් සිරා ඇන්ටර් වෙලා තියෙන්නෙ...

හෝව් හොව් ගහන්න එපා කියලා එතකොටම අපේ එකෙක් කෑ ගැහුවා... උන්ට වඩා ටිකක් දුරින් වෙන්න තමයි ඔන්න මම ඒවෙලාවෙ හිටියෙ.. තව පොඩ්ඩෙන් මගෙ ඔලුවෙන් මද වෑහෙනවා... සිදුවුන සන්තෑසිය පොඩ්ඩක්වත් දන්නෙ නැතුව අපි වැට පැන්නෙ... කලු පාට ටී ෂර්ට් එකක් ඇදලා හිටිය මම හොරෙක් කියලා හිතාගෙන මගෙ පිටිපස්සෙන් ගාටපු ගෙදර එකෙක් තමයි මට පොල්ලකින් ඔලුවට සංග්‍ර‍හ කරන්න හදලා තියෙන්නෙ... අපේ උන් එදා මාව ඒ විදියට ගලවා ගත්තෙ නැත්නම් මෙළහකට සිරා වළලපු තැන් වල පැළ වෙන ගස් වලත් ගෙඩි හැදිලා...

ඉටි රූප දෙකක් වගේ ඉන්න ගැටිස්සියන්ගෙ ගෙදර තමා මේ කළබලේ.. අපේ උනුත් පාඩම බල්ලට ගියා දෙන් කියලා හරිම උනන්දුයි මොකක්ද උනේ කියලා නිශ්චිතව දැනගෙන උදව්වක් එහෙම කරන්න... ඒක ඉතිං අපි වගේ උණුවෙන හිත් තියෙන කොල්ලන්ගෙ ජන්ම ගතිය වෙන්න ඇති.

එදා රෑ කොහේදෝ ගිහිල්ලා රාත්තිරියෙ නිවසට ආපු අපට වඩා වසරක් පමණ වැඩිමල් දැරිවි නානකාමරේ  ඉන්න වෙලාවෙ ඉහළ තිබුනු කවුලුවකින් එකෙක් හොරෙන් බලන් ඉදලා... ඒ දැකපු අවස්ථාවේ ඇතිවුන කම්පනයේ හඩ තමයි පන්සලේ පාඩම් කරමින් සිටි අපේ සවන්පත් පුරවා තිබුනෙ. අපේ මූණක් වත් බලන්නෙ නැති මේ දැරිවි සිද්ධිය කිය කියා අපි ඉස්සරහා අඩනකොට ඇත්තමයි අපේ හිත් වෙඩරු වගේ උණු වුනා... අපිට වාවන්නෙ නෑ ...අපේ උනුත් ඒ අස්සෙම කිඹුල් කදුලු හෙලනවා... ඒ පස්සෙ දවසක ප්‍රයෝජනයට වෙන්න ඇති. ලා රෝස පාට ඇගේ වත කමල ඒ වෙද්දි කදුලින් තෙත් වෙලා...

ඈ කියූ පරිදි හොරෙන් එබුන එකාගේ ලක්ෂණ

1  උස අඩි 6 ක් පමණ, කලු පැහැති හැඩි දැඩි අයෙකි.
2  කලු ටී ෂර්ට් එකක් සමග ඉරි වැටුණු සරමක්  හැද සිට ඇත.
3  ඇය දකින අවස්ථාවේ සරම එසවී තිබුනු හෙයින් සරමට යටින් තිබූ කොටු සහිත කොට කලිසමද ඇගේ                                        
    යුග නෙතු වලට හසු වී ඇත.

මෙලෙස හොරෙන් කාන්තාවන් සහිත ගෘහයන් වෙත බැල්ම හෙලන අය හදුන්වන අපේ පාරිභාෂිත වචනය තමයි බූලා දානවා යන්න... අදාල පුද්ගලයා හදුන්වන්නෙ බූලා යන නමින්.

ඉන් අනතුරුව අපේ පිරිස සාදරයෙන් පිළිගත්ත ගෘහ මූලික තෙමේ 

බලන්න පුතා මේ කාලකණ්නියා මීට කලිනුත් දෙපාරක්ම ඔය විදියට මේ කෙල්ලො නාන කාමරේ ඉද්දි හොරෙන් බලලා තියෙනවා. අද නම් අම්මපා මම ඉතුරු කරන්නෙ නෑ... අහුවුනොත් මරණ එක මරණවාමයි... 

එවිට දැරිවියන්ගේ මාතාව

එපා ඒයි... ඌව මරලා ඔයාට හිරේ යන්න වෙයි... අහුවුනොත් අපි පොලෝසියට භාර දෙමු.

අතිශයින් රූමත් කෙල්ලො දෙන්නා නයිටි කෑලි දෙකකින් සැරසිලා තුරුණු කාන්තා හැඩතල අපෙන් සගවන්නට වෙර දරන විට අපේ උන් රසයට ලොල් වෙච්ච ඇඹලයො වගේ  ඇස් දෙක පොට යනකම් කරකවලා.. ඒ දෙන්නවා සනසලා බූලව සොයන දැවැන්ත මෙහෙයුමට සම්බන්ධ වුනා...

මේ කියන නිවස වටේම තියෙන අනෙක් නිවෙස් කීපයම ඒ අයගෙ නැදෑයින්... ඔන්න දැන් ඉතින් සියලුම පිරිස් මේ නිවසට ක්ෂණිකව රැස් වෙලා බූලව හොයනවා... ඒ හෙවිල්ලේ තරමට නැතිවුන ඉදිකට්ටක් උනත් හම්බවෙන්න ඉඩ තිබුනා...

හැම පවුලකම ගෑණු දැරිවියො රාත්තිරී ඇදුම් පිටින් එළියට ඇවිල්ලා... සිරාටත් ඉතිං නීලමහා යෝධයගෙ ශක්තිය ආරෝපණය වෙලා මේගොල්ලන්ගෙ ලස්සන දැකලා...  අපි වගේ අහිංසකයින් පිරිසකට මේ වගේ දුලබ අවස්ථාවක් ලැබුනෙ ඇත්තටමද කියලත් හිතුනා...

අමාලි... මෙන්න මේ අයියලට හුලු අතු ටිකක් හදලා දෙන්න

අසල්වැසි නිවැසියෙක් තමාගේ දියණියට එසේ පැවසුවේ අපේ මෙහෙයුමට අවශ්‍ය ආලෝකය සම්පාදනය කොර දෙන්න.

කෙලී ඒ වැඩේ සුටුස් ගාලා කරනකොට, ඇගේ නිවෙස අසලම වෙසෙන තවත් එකෙක් අපිට එකතු වුනා... මිනිහා විරාජ්... කවදාවත් පන්සලේ පාඩම් කරන්න ආවෙ නැති වුනත් අපි දන්න හිතවතෙක්...

මේ කථා බහ අස්සෙ විරාජ් කොලුවට ඔය කියන අමාලි කෙල්ල නිසා සිදුවුන සන්තෑසියකුත් මට මතක් වුනා... ඒ කථාවත් මේක අස්සෙම කියලා දාන්නයි ඔන්න මේ සූජානම....

මේ අය වෙසෙන නිවෙස් වලට පිටුපසින් කුඹුරු සදහා ජලය ගෙන යාමට සැකසූ කොන්ක්‍රීට් ඇළක් තිබෙනවා... ජලය ඉතා හොදින් පිරී තිබෙන දවස් වලට නිවැසියෝ ස්නානය සදහා ඒ ඇළ භාවිතා කරනවා..
මේ කියන දවසෙ ඇළ අසලම තියෙන සාමාන්‍ය තරමෙ උසකින් යුක්ත සියඹලා ගහේ කරල් පිරිලා.. එහෙමට කියලා වැඩක් තිබුනෙ නැති විරාජ් ගොයියා සියඹලා කඩන්න ගහේ කරටියටම නැගලා ඉන්න වෙලාවෙ හරියටම ගහ යට ඇළෙන් නාගන්න අමාලි කෙලිත් ඇවිත්.

ඇය ගහ උඩ වදුරෙක් ඉන්නවා කියා නොදැන ඇදුම් එහෙම උනා දමා ස්නානය කොට නැවතත් නිවසට යන්න ඔන්න මෙන්න තියෙද්දි විරාජ්ගෙ ගෙ අත් වැරදීමකින් සියඹලා කරලක් ඇලට වැටිලා...එතකොටම අමාලි උඩ බලලා...

අමාලි - මොකද අයියෙ ගහ උඩ කරන්නෙ
විරාජ් -  නෑ මේ නිකං නැග්ගා නංගි
අමාලි - මම නානවා හොරෙන් බලන් හිටියද ?
විරාජ් -  හයියෝ මොනාද මේ කියන කථා... මේ විරාජ් අයියා එහෙම නෑ නංගි...

මේ කථාව පස්සෙ දවසක  අමාලිගෙන් අපේ උන්ටත් දැන ගන්න ලැබිලා  විරාජ් විසුලුවක් බවට පත් වුන නිසාමදෝ ඒකා පන්සලේ පාඩම් කරන්න ආවෙම නෑ...

ඔන්න අපි ආයෙමත් ඒ කථාබහෙන් බූලා සොයන මෙහෙයුමට සම්බන්ධ වෙනවා..

විශාල Emergency Lamp එකක් අතින් ගත්ත දැරිවියන්ගෙ පියා  අපේ උන් එක්ක එකතු වෙලා කෝපයෙන් දිලිසෙන නෙත් හාත්පස යවමින් වත්ත පුරාම අදුරු තැන් වල බූලව හොයලා වත්ත පහළ කොන්ක්‍රීට් ඇළ ලගට ආවා... ඊට ස්වල්ප වෙලාවකට පෙර වත්තෙ ඉදන් ලිස්සලා ආපු කෙනෙක් ඇළට වැටිලා... ඇළෙන් ගොඩවෙලා ප්‍ර‍ධාන මාර්ගය පැත්තට ඇළ ඉවුර ඔස්සේම ගිය ලකුණක් විසිරුන ජලය මගින් එහි සටහන් වෙලා තිබුනා.

ඇළ අසලම තිබුනු වියලීමට ලක්වුනු ගුහා බදු අකුල් සියල්ල අපේ උන් අතින් ගිණිබත් උනා... රුවන්,පුෂ්පෙ,අකිල,වනිගෙ,චින්තක, බොක්සර් දඩෝරියා මේ සියල්ලන්ම මෙහෙයුමට සම්බන්ධ වුනත් කරුවලට භය නගා කෙල්ලො දෙන්නා එක්ක ගෙදර නතර වුනා. පිරි‍සෙ සියල්ලන්ම ඇළෙන් පැනලා ගමන් ඇරඹුවත් මේ කියන දඩෝරියාට ඇළෙන් පැනගන්න තේරුමක් නෑ..

දඩෝරියා උස්සගෙන ඇළ තරණය කරපු අකිල...

මෙච්චර සල්ලි වියදම් කරලා මේ වගේ ගොන් බල්ලෙක් හාමුදුරුවො මොකට හදනවද මන්දා...
බලපන් වල් බල්ලෙක් ආවා නම් අපූරුවට මෙතනින් පනිනවා... 

ඇළ ඉවුර දිගේම ගිහිල්ලා ප්‍ර‍ධාර පාරට ගොඩවෙද්දිම කරුවලේම ඈත යන පුෂ් බයිසිකලයක් දක්නට ලැබුනා.... ඒ තමයි බූලා කියලා කෑ ගහපු අපේ උන් ඉක්මනට පන්සලට දුවලා තම තමන්ගෙ බයිසිකල් ඉක්මනට පාරට දැම්මා බූලගෙ පස්සෙ එළවන්න...

ඒ කාලෙ නගා පැද්දෙ ගෑණු ළමයි පදින ආකාරයේ පොල්ල නැති ලේඩීස් බයිසිකලයක්... පන්සලේ අයට බයිසිකල් නැති නිසා..නගාගෙ බයිසිකලය අකිල පදිනවා

සෑහෙන දුරක් පොල්ල නැති බයිසිකල් හැඩලය අල්ලාගෙන තනි අතින් සරම අල්ලගෙන බයිසිකලයත් එක්ක දුවපු චින්තක

ඒ මටත් නගින්න පොඩ්ඩක් බයිසිකලය නවත්තපන්කො

බයිසිකලය පදින අකිල

උඹට නගින්න මේකෙ පොල්ලක් නෑ යකෝ... මේක අර  නගාගෙ එක

ඊට පස්සෙ චින්තක හැඩලය අත ඇරලා ආයෙමත් පන්සලට ගියා..


ඔන්න දැන් ඉතිං සිරා ඇතුලු බයිසිකල් කරුවන් හතර දෙනෙක් හිටු කියලා ඈතින් ගිය බයිසිකලය පස්සෙ එළවලා ඒකට කිට්ටු කලා... මැදි වයසෙ කෙනෙක් තමයි බයිසිකලේ පදින්නෙ..

ඔහු හැද සිටි ටී ෂර්ට් එක කලු පැහැතිය/ සරමද ඉරි සහිතය/ උස අඩි 6 ක් පමණය.
ඒ අනුව දැරිවියො දුන්න ඔත්තුවට අනුව තවත් අඩු සරමට යටින් ඇද සිටින කොටු සහිත කොට කලිසමය...

බයිසිකලේ පදින ගමන් පුෂ්පෙ

මචං මුගෙ සරමට යටින් කොට කලිසමක් තියෙනවාද කියල බලන්න නම් බයිසිකලෙත් එක්කම මිනිහව වට්ටන්න වෙනවා...

අකිල

මම මේ පන්සලෙන් ගෙනාපු stump එක උගෙ බයිසිකලේ රෝදෙ අස්සට ගහලා මිනිහව පෙරළලා සරම උස්සලා බලමු.. කොට කලිසමක් තියෙනවද කියලා...

අපේ හදිසි ආගමනයත් සමග කලබල වූ  නාදුනන බයිසිකල් තෙමේද දැන් දැන් හැටට හැටේ පාගයි. අපද එසේමය... දැන් ඔහු ප්‍ර‍ධාන මාර්ගයෙන් අතුරු පාරක ධාවනය කරයි... පළාතම නිශ්චලය... සියල්ලන් නිදිදෙව් දුව වැළද ගෙනය. අප කෙරේ සැකයක් ඇති නොවී අකිලගේ සැලසුම ක්‍රියාත්මක කිරීම අපේ බලාපොරොත්තුව විය..

අන්කල් මේ හරියෙ සංගීතයක් නැද්ද අද ?
නෑ නෑ මේ හරියෙ නෑ... කවුරුවත් එහෙම කිව්වද.. ඔහුද බයිසිකලය පදින ගමන්ම පිළිවදන් සපයයි...

තවත් මද වේලාවක් ඇවෑමෙන් තවත් එකෙක්...

අන්කල් මේ හරියෙ මළ ගෙයක් නැද්ද ? 
සංගීත කියනවා, මළ ගෙවල් කියනවා  අනේ මන්දා යැයි පැවසූ ඔහු කිසිදු ආලෝකයක් නැති  ගුප්ත බවක් පෙන්වූ මාවතකට බයිසිකලය හරවා සිතාගත නොහැකි වේගයෙන් නොපෙනී ගියා..

තව දුරටත් ඔහු ලුහුබැදීමට අප කාටත් ධෛර්යයක් නොවූ තැන නැවතත් පෙර කිවූ නිවසට සේන්දු වුනා...

සිදුවුන සන්තෑසිය පවසා නැවතත් පන්සලට යාමට සැරසුනත්  යුවතියන් අපට කෝපි බොන්නට කල ආරාධනය පිළිගෙන අපේ අය හුරතල් වෙවී කෝපි බිව්වා හෝරාවක පමණ කාලයක්... ඔන්න ඒ ජවනිකාව ඒ ආකාරයෙන් අවසන් වුනා.


මම සයිබරයේ අලුත් මිතුරා සිරා.

ප.ලි

පසුදා අදාළ නිවෙස අවට සෝදිසි කල නිවැසියන්ට කොන්ක්‍රීට් ඇළ අසල වැටී තිබූ ජාතික හැදුනුම්පතක් හමු වී තිබෙනවා... එහි ඡායාරූපයෙන් හදුනාගන්න බෑ කාගෙද කියලා... ඉර මුදුන් වෙද්දි කෙනෙක් ඇවිල්ලා කොන්ක්‍රීට් ඇළ අසල යමක් හොයන්න...ඒ තමයි නැතිවුන හැදුනුම්පතක්...  ඒකා හන්දියේ යකඩ කඩේ වැඩට පිට පළාතකින් ආපු එකෙක්... ඔන්න බූලා කර මුලින්ම අහුවුනා...  ඊට පස්සෙ මිනිහට වෙලා තියෙන්නෙ ඇඩ්රස් නැති වෙන්න ගුටි කන්න.... ගුටි පූජාව අතරතුර ඒකා පිළිඅරන් මම තමා නාන කාමරේට එබුනෙ කියලා..

අපි එදා පස්සෙන් පන්නලා තියෙන්නෙ ප්‍රදේශයේ වෙසෙන හොද පිරිස් බලයක් තියෙන ව්‍යාපාරිකයෙක් පස්සෙන්... මිනිහා රාත්තිරියෙ ළග පාතකට ගිහින් යන ගමන් තමයි අපිට හමුවෙලා තියෙන්නෙ...  එදා අපි මිනිහගෙ සරම කැඩුවා නම් තාම ගුටිකනවා...

අවසානයේ ගුටි කාලා හෙම්බත් වෙච්ච බූලව  පොලෝසියට බාරදීලා.. එතැනදිත් ඒකා ප්‍රදේශයේ මැර දේශපාලකයෙක්ගෙ හයිය අරන් දගලන්න ගිහින් පොලෝසියේ ඇත්තන්ගෙනුත් බඩ කට පුරා කෑවා කියලා තමයි ආරංචි වුනේ.

මේ සිද්ධියෙන් සති දෙකක් පමණ යන තුරු අප වෙත සුහදත්වය පල කල මේ රූමත් යුවතියන් දෙදෙනා ඉන් පසු නැවතත් අප නොහදුනන තත්වයට පත් වූ බවද ඉතා සංවේගයෙන් මෙහිලා සටහන් කරමි.








53 comments:

  1. කළගුණ දන්න ගෑනු දැරිවියො දෙන්නෙක්. :)

    චීත්ත කෑල්ලක් දැක්කම කොල්ලො හරියට උණුවෙනව බං. බලාපං දැන්, මරාගෙන මැරෙන්න උනත් යනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සිද්ධීන් කීපයක් නිසා චීත්ත කෑල්ලක් දැක්කම හිත උණුවෙන ගතිය නැතිවෙලාම ගියා....

      Delete
  2. උඹලටත් මරු සීන් තමා වෙන්නේ බං. උඹ බේරිලා තියන්නේ 99 න්. අර කෙල්ල හොරාගෙ ලක්ෂණ හිතලා කියපුව වගේ.
    …ඔය වගේ උන්ගෙ අවශ්‍යතාවය කර ගන්නකල් විතරක් හිනාවෙලා පස්සේ දැක්කෙ නෑ වගේ යන කෙල්ලො කොහෙත් ඉන්නවා. හැබැයි ටික දෙනයි.

    ReplyDelete
    Replies
    1. 99.9 මම බේරිලා තියෙන්නෙ එදා... ඒ ගෙදර කෙල්ලන්ගෙ තාත්තා තමා මට බූලා කියලා හිතලා පාර දෙන්න පිටිපස්සෙන් ලං වෙලා තියෙන්නෙ....

      Delete
  3. මාර කතා තමා....:)

    ReplyDelete
    Replies
    1. මාර කථා ලියන්නෙ මාර අයියනෙ....

      Delete
  4. uba ehama oya wage wada karanne hariya ? LOL

    ReplyDelete
    Replies
    1. සිරා කියන්නෙ ඇල්වතුරත් නිවලා බොන එකෙක් නිසා ඔය වගේ වැඩ වලට මම නැත...

      Delete
  5. හික්..හික්..හික්.. ඉල ඇදෙනවා..

    නියම මෙහෙයුමක්නෙ සිරා.. මෙහෙයුම වගේම ලියලා තියෙන විලාසයත් සිරාම සිරා... චිත්ත රූප මැවුණා..

    මට නම් මුලින් හිතුනෙම දැරිවියෙක්ගෙ බෝයියෙක් වෙන්න ඇති කියලා.. ඒ යකා ඕකට එබෙන්න ඔච්චර දුර ඇවිල්ලද බන්...

    "මේ සිද්ධියෙන් සති දෙකක් පමණ යන තුරු අප වෙත සුහදත්වය පල කල මේ රූමත් යුවතියන් දෙදෙනා ඉන් පසු නැවතත් අප නොහදුනන තත්වයට පත් වූ බවද ඉතා සංවේගයෙන් මෙහිලා සටහන් කරමි." හික්..හික්..
    කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල..


    ReplyDelete
    Replies
    1. කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල..

      ඒක නම් සහතික ඇත්ත... මේ දෙන්නා මළල ක්‍රීඩා නිසා ලොකු ප්‍ර‍සිද්ධියක් වගේම කොල්ලන්ගෙ ආකර්ශනයටත් ලක් වෙච්ච අය නිසා අපි වගේ කබ්බො බොහොම සාමාන්‍ය වෙන්න ඇති...

      Delete
  6. අනේ මේ සිර අයියලා පව්නේ.. ඔය කෙල්ලොන්ගේම හැටි ඔහොම්මමයි.. අර බල්ලාගේ කතාව තමා නියම..ඔය බුලොනම් හැමතැනම... අපේ බෝඩිම ගාවත් හිටිය එකෙක්.. බොහොම අමාරුවෙන් බෝඩිමේ කෙල්ලෝ ටික පරිස්සම් කොර ගත්තේ... මට තාමත් හිනා යනෝ... හික්ස්
    // මෙච්චර සල්ලි වියදම් කරලා මේ වගේ ගොන් බල්ලෙක් හාමුදුරුවො මොකට හදනවද මන්දා...
    බලපන් වල් බල්ලෙක් ආවා නම් අපූරුවට මෙතනින් පනිනවා... //

    ReplyDelete
    Replies
    1. අපි වල් බල්ලා කියලා ඌට අවමන් කලාට ඒ සතා ඔය කියන නම්බුකාර බල්ලන්ට වඩා පරිසරයේදි හැසිරෙන්න දන්නවා... විශේෂයෙන් කරදරයකදි බේරිලා යන්න දන්නවා...

      Delete
  7. තව පොඩ්ඩෙන් අරූගෙ පස්සෙන් එලවපු එව්වො හොයන්න සී අයි ඩී එක දාන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කොහොමද සරම කඩලා කොටු වැටුනු කොට කලිසම හෙව්වා නම්... ආතල් ලෝකයයි...

      Delete
  8. නියම කථාව මචං කොටස් දෙකම එක දිගට කියෙව්වේ .. කිසිම කම්මේලි කමක් නැතුව හිනා වේවි කියවන්න පුළුවන් කථාවක්...නියමයි ලස්සනට ලියලා තියෙනවා..

    ReplyDelete
  9. සති දෙකක කාලයක් දීලනේ.
    "ඒ මටත් නගින්න පොඩ්ඩක් බයිසිකලය නවත්තපන්කො"කොහොමද යනගමන්ම ආ..නැගපන් කියල අත අහකට ගත්තනම්...

    ReplyDelete
    Replies
    1. යනගමන් නැග්ගනම් ඉතිං උගෙ පුක නෑ කියයි....

      Delete
  10. සිරා, මගෙ රහස් පරීක්ෂක මොලේට ආපු පලවෙනි සැකය නම් බාත්රූම් එකේ ජනේලෙකින් එබුන එකාගෙ මූණ පෙනුනත්, ටී ෂර්ට් එකේ උඩ කොටස පෙනුනත්, සරම ෂෝට් එක හෙම අර කෙල්ලට පෙනුනෙ කොහොමද කියලයි අච්චර කලුවර රෑක. මම හිතන්නෙ ඒ විස්තර එක්කො කෙල්ල අතින් දාලා කිව්වා, නැතිනම් බයට confuse වුනා.
    අර අයි ඩී එක අයිති කාරයා අඩි හයක් විතර උස තිබ්බද?
    කතාව නම් එල, ඈ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඒකා මට හිතෙන්නෙ උඩකට නැගලා ඉන්න ඇති... නැත්නම් සරමත් උස්සගෙන දුවන්න ඇති... අයි ඩී එකේ අයිතිකාරයත් ඒ වගේම උසයිලු... ඔය කියන යකඩ කඩේ වැඩ කරන්නෙ ඈත පළාත් වලින් ආපු අය... ඒ ඉස්සරහම බස් නැවතුම තියෙන නිසා.. මේ අයව නිතරම දැකීමෙන් ඇතිවුන චිත්තප්‍රබෝධය නිසාම ඒකා බූලා පාරක් දාන්න ඇති....

      Delete
  11. අර මනුස්සයගෙන් කෑව නම් උඹල තාම කනවා එහෙනම් . . .හික් හික් හික් . .. මේ මලේ මේ පැතිවල එන්ට පමා උනේ පහුගිය කාලේ බ්ලොග්ස් එප්පාම එපා වෙල හිටි හිඳා බන් . . නැතිනම් මම අතට අහුවෙන (ඇහැට අහුවෙන) හැම බ්ලොග් එකක්ම කියෝලා කොමෙන්ට් කොරන එකෙක් . ..

    ReplyDelete
    Replies
    1. කුණු හරුප කථා නැතුව බුද්ධිමත් සංවාදයක් කරන්නයි මගෙත් වෑයම ඒ සදහා ඕගොල්ලො වගේ පරිණත බ්ලොග්කරුවන් එකට එකතු වී කරන කථිකාව ඉතා වැදගත් කියලා හිතෙනවා... ඒ නිසා නැවතත් ඉස්සර වගේ උනන්දුවෙන් බ්ලොගිය ලිව්වොත් නරකද ? ලගකදි දුකා ගෙන් කියවපු පෝස්ට් බහුතරයක් බ්ලොග්කරණය පිළිබද කළකිරීමෙන් ලියැවුනු බවක් මට දැනෙන්නෙ....

      Delete
    2. බ්ලොග් එපා වෙන්නැතුව තියේවියැ අයියේ ඕගොල්ලොත් එක්ක එකට කාපු බීපු අභීතයා වහේ උන් පොලු තියලා මගාරින කොට.නැවත පැමිනීම සතුටක්..

      Delete
    3. ඒ කථාව බ්ලොග් ලෝකයේ නොදන්න කෙනෙක් නෑනෙ... ඒ ගැනම හිත හිතා කළකිරෙනවට වඩා හොද නැද්ද අදුරට එක පහනක් හරි දල්වන එක...

      Delete
    4. හෆොයි මට බ්ලොග් එපා උනේ ඒ නිසාම නෙමේ . . ලියන හමෝම හිට්ස් ගන්න බලාගෙන කුනුහරුපම ලියන්න ගත්තු එකත් එක හේතුවක් . . සමහර පෝස්ට් වල මාතෘකාව විතරයි 18+ පෝස්ට් එක ලස්සනයි . . ඒත් අර 18+ මාතෘකාව දැක්කාම පෝස්ට් එක කියවන්න එන්නේ ත් නෑ . . හෙ හෙ හේ . . අහ් පරිනත බ්ලොග් කරුවෝ . . පිස්සුද බන් . . කාලයක් එක දිගට බ්ලොග් ලිව්ව පලියට පරිනත වෙනවනම් මොනව කරන්න බැරිද . . . පරිනත බ්ලොග් කරුවෙක් වෙන්න නම් නිර්මාණශීලී ලිවීමක් තියෙන්න ඕන . . එහෙම තියෙන අය කීප දෙනෙක් ඉන්නවා බ්ලොග් අවකාශේ . ..

      Delete
  12. හරි අවස්ථාවාදි කෙල්ලො දෙන්නෙක් බං.

    ඔච්චර උදව් කරල දැන් දන්නෙ නැහැ වගේ ඉන්න එක. :(


    තව කොටසක් තිබේද?

    ReplyDelete
    Replies
    1. කෙල්ලො සම හරක් එහෙම තමා... සම හරක් කොල්ලොත් එහෙමයි...අවස්ථා වාදීයි... උන්ව තේරුම් අරන් ජීවත් වෙන එකත් මාරම ගේමක්...

      තව කොටසක් නෑ සෑමා මෙච්චර තමයි...

      Delete
  13. මචන් සිරා, මේක තනිකරම උඹලව නොමග ඇරීමක්..

    පොඩ්ඩක් හිතපන්.. නාන කාමරයක් ඉන්න කෙල්ලෙක් කොහොමද ජනේලෙකින් එබෙන එකෙක්ගෙ ඔය ලක්ශන ඔක්කොම දකින්නෙ. ඕක ඔය කෙල්ලගෙත් දැනුවත් වීම මතම වුන නාඩගමක් කියලා තමා මට හිතෙන්නෙ.. මොකක් හරි වැරදීමක් වෙලා කෙල්ලට කෑ ගැහුනා..පස්සෙ පචයක් ගැහුවා කියලා තමා මට හිතෙන්නෙ.. උඹලට දුන්නු විස්තරත් බොහෝ දුරට ඇත්ත එකාගෙන් දුරස් වුන ඒවා වෙන්ඩ පුලුවන් සම්භාවිතාව හරිම ඉහලයි..

    ReplyDelete
    Replies
    1. ඔය කියන කෙල්ලො දෙන්නා ගමේ උන් එක්ක ඇයි හොදයියක් නැති උන්... උන්ගෙ ලස්සන නිසාම ආඩම්බර කම ඔලුවට ගහලා තිබුනෙ... අපිත් ඉතිං විස්තරේ අහපු ගමන් වෙඩි වැදිච්ච මොකාද වගේ ගේමට ඇන්ටර් වුනා... පස්සෙ දවසක මට හිතුනා සරමට උස්සගෙන බූලා දුවපු නිසා කොට කලිසම දකින්න ඇති කියලා...

      Delete
  14. කෙල්ලො ඔහොම්මමයි බං... මතක නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාටත් අත්දැකීම් තියෙනවා වගෙයි එහෙනම්...

      Delete
  15. මදෑ ගොඩයන්න ගිය උත්සහය ඇළේ ගිය හැටි

    ReplyDelete
    Replies
    1. හරිම ඛේදජනකයි... මතක් වෙනකොට වාවන්නෙ නෑ...

      Delete
  16. කෙල්ලන්ට තේරෙන්න ඇති කොල්ලෝ ටික බුලා අස්සේ පැණි ගුලා හලන්න සෙට් වෙයි කියලා.. :) අපේ ගමෙත් මෙහෙම දෙන්නෙක් හිටියා..

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතෙන්න ඇති...යමක් කමක් ඇති පවුලක කෙල්ලො දෙන්නෙක්නෙ.....

      Delete
  17. Replies
    1. ඒ විදියට සිද්ධිය ඉවර වුනු එකත් ලොකු දෙයක් තමයි...

      Delete
  18. godak balanna thiyenawa a nisa pasuwata kal dannawa.apu dawasata okkoma balanawa.sirawatamayi kiuwe.apu nathi tikata blog eka lassana wela godak.sirama sira lassanayi.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී.... කොහොමද තොරතුරු කොම්පීතරයක් ගත්තද... ඔබත් නැවත පෝස්ටුවක් පල කරන තුරු තමයි අපිත් බලන් ඉන්නෙ....

      Delete
  19. විහිලු කතා වුනත් උපමා ගොඩයි.

    ....පන්සලේ හදන බල්ලන් වල බල්ලන් තරම් නිර්භීත නැත.

    .....ලස්සන කෙල්ලන්ට කොල්ලන් උදව් කරන්නේ පැනගෙනය

    .....එව්වා උන්ට මතක තියෙන්නේ සුමාන දෙකකි .

    .....අර ව්‍යාපාරිකයාගේ සරම ගැලෙව්වා නම් අද අපට මේ කතාව කියවන්නට නොලැබේ

    ReplyDelete
    Replies
    1. කාටවත් නොදැනෙන තැන් බින්දිය ස්පර්ශ කර ඇති හැඩයි.... මේ දක්වා ඇති කාරණා ඇත්තම කියලා තමයි මට හිතෙන්නෙ...

      Delete
  20. පට්ට ආතල් වැඩේ .හක්ක හැක හැක

    ReplyDelete
  21. අපි එදා පස්සෙන් පන්නලා තියෙන්නෙ ප්‍රදේශයේ වෙසෙන හොද පිරිස් බලයක් තියෙන ව්‍යාපාරිකයෙක් පස්සෙන්... //අනේ ඉතින් එහෙම උනානම් අපිට රසබර පොස්ටුව්ක් බලාගන්න තිබුන..හි හි..
    මේකත් රසබර කතාව..! :)

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නම් රසබර කථා කියන්න සිරා අද නැතෝ....

      Delete
  22. හේ හේ... තව පොඩ්ඩෙන් උදව් කරන්න ගිහින් ඉලව් වෙන්නයි වෙන්නේ.. වෙලාවට යට කලිසම බලනකම් ඉවසුව...

    ReplyDelete
    Replies
    1. උදව් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න තමයි වෙන්නෙ... හුගකාලෙකින් නේද මේ පැත්තෙ...

      Delete
  23. හි හී මරු වැඩේ තමා වෙලා තියෙන්නේ, මේක කියවනකොට මට මත උනේ කාලයක් අපේ පැත්තෙ තිබුනා ග්‍රීස් යකා භීතියක්.එකාවා කොහේ හරි දැක්කා කිව්වම ඒ පැත්තේ කොල්ලො සහ බල්ලොත් මේ වගේම මෙහෙයුම් දියත් කලා.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙත් ග්‍රීස් යකෙක් හිටියා... ගමේ කොල්ලො ටික සැට් වෙලා බූලව හෙව්වා හොයාගන්න බැරිවුනා... පස්සෙ ඒ කරදරේ නැතිව ගියා... තවත් ටිකක් කල් ගිහිල්ලා ආරංචි උනා හොයන්න ආපු කොල්ලෙක්ම තමා බූලා කියලා...

      Delete
  24. මම මෙහාට ආවමද මෙ?? :O එහෙම ව්එන්නෙ කොහොමද??

    කොහොම වුනත් කොටස් 2ම කියෙව්වා.."සිරා" ම කතාව...:ඬ්

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑ කලින් ආවද කියලා... ඒක ගැටලුවක් නෑ දිගටම එන්න...

      Delete
  25. හෙහ්..හෙහ්...මහ අලිඔලුවෙ එවුන් ටිකක්නෙ බං..ඕකුන්ට ඔහොම්ම තමයි වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ලස්සන සම හරක් කෙල්ලො ඉන්නවා මේ වගේ ඔලුව ඉදිමුන....

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...