Saturday, January 26, 2013

100 මොන්ගලයා සහ නයිට් කඩේ

ඒ සිරා කොලුවා පාසලෙන් නික්මෙන්නට ඔන්න මෙන්නව තිබූ සමයයි. සෑම හමුවීමකම වෙන්වීමක් ඇත යන බුදුන්ගේ ධර්මය පසක් කරමින් වසර ගණනාවක බෑන්ඩ් ජීවිතයෙන් මෙන්ම පාසලෙන්ද  සමුගන්නට පෙර සහභාගි වීමට නියමිත අවසාන වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලයි. බෑන්ඩ් කෙරුවාව කල උන් මේ කියන සමයේ ඇති අවිවේකී බව හොදාකාරව දනී. උදෑසන සිට අදුර වැටෙන තැන දක්වා ගිණි අව්වේ පිච්චෙමින් පහුණුවීම් කිරීම බෑන්ඩ් උණ තියෙන උන්ට අරුමයක් නොවේ. තමන්ගේම  පාසලේ වසරකට වරක් එළැඹෙන අති උත්කර්ෂවත්ම අවස්ථාව උපරිමයෙන් වර්ණවත් කිරීම අපගේ ඒකායන පැතුම විය. මගේ පාසලේ ක්‍රීඩා උත්සවය නරඹන්නට පාසලට සම්බන්ධයක් නැති පිටස්තර අයවලුන් පවා විශාල ලෙස පැමිණේ. ඒ එක වගේ දක්ෂ බෑන්ඩ් කණ්ඩායම් දෙකක් (පෙරදිග/අපරදිග) මේ කියන දවසේ හැන්දෑවේ පෙන්වන වැඩ කිඩ බලාගන්නටය. දරුවන් අතින් ගත් ආදි ශිෂ්‍යයන්ද මේ කියන දවසට ලංකාවේ සිටී නම් පැමිණීම කලක සිට පැවතෙන චාරිත්‍ර‍යකි. ඒ සියලු කාර්යයන් නිමාවට පත් වූ පසුව බෑන්ඩ් කණ්ඩායම් දෙකේම සහභාගිත්වයෙන් ඇරඹෙන සංගීත සාජ්ජයට නර්තනයෙන් දායක වී   සිය පාසල් සමය නැවතත් ආවර්ජනය කරගැනීමට මෙන්ම පැරණි මිතුරන් හමුවීමටද අවස්ථාව සැලසෙන නිසාවෙනි.

ක්‍රීඩා උළෙල පවත්වන්නේ හෙට නම් අද රාත්‍රිය අපට නිදි නැති රැයක්ය. ඒ කණ්ඩායමේ නිළ ඇදුම් සැකසීම, බූට් පොලිෂ් කිරීම, වාදන භාණ්ඩ පිරිසිදු කර බ්‍රාසෝ යොදා දිස්නය වැඩි කිරීම, ස්වර ප්‍ර‍ස්ථාර පිටපත්  කිරීම  ආදී  මෙකී නොකී  කාර්යයන් රැසක් ඉටු කරගැනීමට ඇති නිසාවෙනි. මධ්‍යම රාත්‍රිය පසුවූ පසුවත් ඇතැම් දිනෙක අපගේ පුහුණුකරුවන් සතුටු වන තෙක් පුහුණු වීම් පැවැත්වීම බෑන්ඩ් කණ්ඩායම් දෙකේම සිරිතක්ව පැවතිනි. මෙවැනි විටෙක පාසලට යාබද පදිංචිකරුවන්ගේ නින්දට නම් දෙවියන්ගේම පිහිටය. ඔවුන්ගේ දරුවන් බහුතරයක් අපේ පාසලේම ඉගෙනගත් හෝ ඉගෙනගන්නා නිසාවෙන්ම මුවින් නොබැන ඉවසීමට ඔවන්ට සිදුවිය.

පාසලේ ගුරු දෙමව්පියන් මෙන්ම, පාසල් දරුවන්ගේත් අභිමානය බෑන්ඩ් කණ්ඩායම්  දෙක මතින් මනින නිසාමදෝ එකල අපට තිබුනේ යෝධ ශක්තියකි. උදෑසන සිට මැදියම් රාත්‍රිය එළඹෙන තෙක් පුහුණුවීම් කලද එකෙකුවත් අතන රිදෙනවා, මෙතන කකියනවා යැයි අඩෝවැඩියාවන් නැගුවේ නැත.

මෙවැනි රාත්‍රියක, හොදයි කොල්ලො....නියමෙට තියෙනවා...දැන් ඉතිං නලා ටික පොලිෂ් කරලා, ඇදුම් ටික ලෑස්ති කරලා ඉක්මනට නිදාගනිල්ලා... මම උදේම එන්නම්....කියමින් අපේ බෑන්ඩ් මාස්ටර්  අපෙන් සමුගත් පසුව සියල්ලන්ටම විරාමයක් ලැබේ. නිවාසාන්තර ක්‍රීඩා උළෙල සදහා සිය නිවාසයන් සකසන අවශේෂ සිසුන් නිසා ක්‍රීඩා පිටියේ පාලුවක් නැත...හතර අතින් එල්ලවී ඇති ආලෝක ධාරා නිසා පිටිය තුල අදුරක්ද නැත.... ඇතුලුවෙන පිටවෙන ගේට්ටු වෙනදා මෙන් නොව උදෑසන දක්වාම  විවෘතව පවතින්නේ සිය පෞද්ගලික වාහන වලින් පවා නිවාස සෑදීමට අවශ්‍ය පිදුරු, පුවක් කොට, උණ ගස් ආදිය ප්‍ර‍වාහනය කරන සිසුන්ට පහසුවක් වන පරිදිය. හොදම නිවාසය තෝරා එයට ත්‍යාගයක් ලබා දීම එහි රහසයි.

මෙවැනි රැයක බෑන්ඩ් කණ්ඩායමේ වයසින්  මුහුකුරා ගිය උන්ව සිටි  සිටි සිරා, ජපන් චමී, ජෝති, අයිය බඩා, කිඩා ආදීන්ද පුහුණුකිරීම් වලට සහයෝගය දීමට පැමිණෙන, බෑන්ඩ්  කණ්ඩායමෙන් සමුගෙන සිටින ලොකු අයියාද  පාසල ආසන්නයේ තම මාමාට අයත් රාත්‍රී කෑම කඩයක් (නයිට් කඩයක්) බලා කියාගෙන සිටි අපේ පැරණි සාමාජිකයකු වූ මොන්ගලයාගේ කඩයට ඔන්දස්පොට් වීම සාමාන්‍ය සිදුවීමකි. තාරුණ්‍යයට එළඹීමත් සමගම මධුවිත සමග බැදි හාදය අපට  ආගන්තුක දෙයක් නොවූ නිසාවෙන්දෝ මේ රාත්‍රිය සුලුවෙන් හෝ සැමරීම සියල්ලන්ගේම අභිප්‍රාය විය.

http://www.sundayobserver.lk/2012/07/22/z_p-39-A-more-01.jpg

මොන්ගලයාගේ දායකත්වයෙන් කඩ කාමරයේ  මුල්ලක හැංගිමුත්තන් කරමින් සිටින ගල් බෝතල් කීපය ඒවා ඔතා තිබූ කඩදාසි කොල අතරින් හිනැහීමට වැඩි වේලාවක් ගියේ නැත. පිටතින් අගුලු දා දොරවල් සියල්ල වසා ඇති නයිට් කඩයේ මැද්දට වෙන්නට තිබූ මේසයක් වටා  සියල්ලෝ එකතු පහදුව සිටී.

කණ්ඩායමේ මූලිකයා ජේෂ්ඨත්වය අනුව ලොකු අයියාය...ඒ අනුව එහිදී තීරණ ගැනීමේ වගකීම ඔහු සතුය...

අඩේ මොන්ගලයා...උඹ බයිට් එකට මොකුත් ලෑස්ති කලේ නැද්ද බොල.... ලොකු අයියාගේ ශ්‍රී මුඛය විවර වෙයි...

අනේ ලොකු අයියෙ, මම අපිට කන්න කොත්තු 3ක් ඉතුරු කරගෙන හිටියා අපේ මාමා අන්තිම මොහොතෙ කොත්තු හොයාගෙන ආපු යාලුවෙක්ට ඒක දීලා පිටත් කොලා... මටත් කඩේ හෝදලා නිදාගනින් කියලා ගෙදර ගියේ....  කටක් ඇරලා කියන්න පුලුවනෑ අපිත් මෙතන අද සැට් වෙන්න යනවා කියලා...එහෙම වුනා නම් මගෙ පුකට දෙකක් දීලා මාමා මාව අදම එළවනවා...

හරි හරි බන් ඒක අවුලක් නෑ....කෝ මේ කිඩා.... උඹේ වාහනේ....ඔය අයිය බඩා එක්ක හරි ජෝතියා එක්ක හරි ගිහින් වතුර මල හන්දියේ නයිට් කඩෙන් කොත්තු තුන හතරක් අරන් වරෙන්... එකල කිඩා සතුව බබා මෙන් පාවිච්චි කල ස්ටෑන්ඩර්ඩ් වර්ගයේ පාපැදියක් විය. බෑන්ඩ් කණ්ඩායමේ හදිසි ප්‍ර‍වාහන අවශ්‍යතා රාශියක්ම ඉටු කලේ උගේ ඒ වාහනයයි.

කොත්තුව සම්ප්‍රාප්ත වීමට ගත වූ පැය භාගයක පමණ කාලය වීර කථා, දුෂ්ඨ කථා, ප්‍රේම කථා, වල් කථා, දුක හිතෙන කථා, භය හිතෙන කථා ආදියෙන් යුක්ත වූ නිසාම කාලය ගතවෙනවා දැනුනේ නැත...

තම තමන්ගේ වීදුරු වල අඩිය වසා ඉහළට ඇදුනු  දුඹුරු පැහැ දියරය සමග සැන්ටිං ද එක්වූ පසු චියර්ස් යනුවෙන් අරක්කු සොයාගත් එකා පවා  මතක් කිරීමට තරම් අපේ උන් නිහතමානී විය. බිදෙන් බිද මධුවිත ආමාෂ ගත වන විට මේ කියන සැට් එක  සුපුරුදු රිද්මයෙන් තම තමන්ට ආවේණික හැසිරීම් රටා වලට එළැඹිනි. ජෝතියාට සහමුලින්ම මවු භාෂාව අමතකව ගිය අතර ඉංග්‍රීසිය පමණක් දෙඩුවෙහිය. නිවස අසබඩ යුවතියක හා පෙමින් වෙලී සිටි කිඩාගේ ආදරයේ වේදනාවද මේසය ඉස්මත්තේ දෝරෙගලා යයි. එයටම එක් වූ ලොකු අයියාද තවත් කථාවක් ඇද බායි...බයිට් එක ඩයට් කරන කීප දෙනෙකුද මේ අතර සිටි හෙයින් කැලණි පාලම යටින් පාවුනු පොල්ලෙල්ලක් මෙන් ටවුමෙන් සම්ප්‍රාප්ත වූ කොත්තු කීපය අපට තොත්තු දී ඉක්මනින්ම මේසයෙන් සමුගත්තෙහිය. දැන් වේලාව අළුයම දෙකට පමණය... බයිට් ගෙනෙන්නට මුදල්ද නැත...

ඒ අවසරයෙන් මොන්ගලයාගේ නයිට් කඩය සිසාරා සියල්ලනගේම යුගදෙනෙත් සැරිසරන්නට විය. අප්පට මේ තියෙන්නෙ....එකෙක් බෙරිහන් දෙයි. උදෑසන අළෙවියෙන් පසු ඉතිරි වී  තිබූ ඉදි ආප්ප 50 ක් 60 ක් වීදුරු ෂෝ කේසයේ සිට අපට ඉගි බිගි පායි... ඒ ආසන්නයේම පත්තර කොළයකින් වසා ඇති හට්ටියකි...

මොනවද මොන්ගො මේ වහලා තියෙන්නෙ.... ලොකු අයියා විමසයි...

උදේ හදලා  ඉතුරු චිකන් හොදි....බමන මතින් මොන්ගලයා පිළිතුරු දෙයි....

හා හා ඔය තියෙන්නෙ නියම බයිට් එකක්.... ජෝතියා...ඔය ටික ලෑස්ති කරලා ගනින් එහෙනං... ලොකු අයියා උපදෙස් දෙයි...

ඉදිආප්ප උදෑසන ඒවා වුවත් මේවා අනුභවයට කිසිවෙකු මැලි වූයේ නැත... ඇක්ස්ට්‍රා ස්පෙෂල් දියරය සමග ඉදිආප්ප පල්ලම් බැස්සේ උගුරට හොරෙන් මෙන්ය. ඉන් අනතුරුව ආහාර දමන ෂෝකේසයේ ඉතිරිව තිබු ගල් බනිස්, පකඩ, සීනි මුරුක්කු, ජෝඩු බනිස් ආදියටත් වගකියූ මේ බඩජාරීන්   නාරං බික් බෝතලයටද  අත එබීමට තරම් සැහැසි විය. සිදුවන පාඩුව පිළිබද වැටහීමක් නැතිවාක් මෙන් මොන්ගලයා බලා සිටී.

දැන් සියල්ල අවසානය... මොන්ගාගේ බෝතල් සියල්ලම හිස් කිරීමට ලැබිම හැමටම ප්‍රීතියකි. මාමාගේ නයිට් කඩයේ තිබුනේ බාල වර්ගයේ  හීනි කකුල් සහිත යකඩ පුටු වර්ගයකි...සැට් වීම අවසානයේ පුටුවේ කකුල් දෙකෙන් ශරීරයේ සමබරතාවය බලන්නට ගොස් කකුල් කඩාගෙන පුටුව සමග මුලින්ම බිම පත බෑවුනේ ජෝතියාය. ඉන් අනතුරුව එවැනිම විපතකට ලක් විමට බෝ පැලයක් බදු සිරා කොලුවාටද  සිදු විය....

අනේ වදින්නං ඔය පුටුවලින් බැහැපල්ලා... හෙට උදේට මට මාමගෙන් ගුටි කන්න බෑ යකෝ... අපේ මාමා සෑහෙන්න වසයි... දෙයියන්ගෙ නාමෙට දැන් ඉතිං පලයල්ලකො.... මොන්ගලයා අසරණ විලාශයෙන් වැද වැටේ... ඒ අවසරයෙන් සියල්ලෝ උගෙන් සමුගෙන ප්‍ර‍ධාන මාර්ගයට අවතීර්ණ වෙයි...

ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත්තේ පාසලේ නිවාස සෑදීමට පුවක් කොට කීපයක් කර මතින් රැගෙන යමින් සිටි කණිෂ්ඨ සිසුන් කීප දෙනෙකි.

අඩෝව්....පොඩ්ඩක් ඉදපන් අපිත් සපෝට් එකක් දෙනකන්.... පියවි ලෝකයේ සිටින කල්හි ඉතාමත් නිශ්ශබ්ද ජෝතියා තුල ගල් අරක්කු මගින් සිදු වූ විපර්යාසයන් නිසා  ඔහුගේ හැසිරීම සිංහ සෙයියාවක් ගෙන ඇත. ජෝතියාගේ මොර දීමට බියපත් වූ කොල්ලෝ පුවක් ගස සමගම ඉද්ද ගැසුවාක් මෙන් නතර වී බලා සිටී.... අනතුරුව ජෝතියා පුවක් ගසට ඉදිරියෙන්ම කර දෙයි.... පාටි දැමූ නඩය ඊට පිටුපසින් ඇදෙයි. තම ශරීරය කෙලින් අද්දවා ගැනීමට අපහසු තත්වයක සිටි ජෝතියා සමග පුවක් ගස පාර පුරා යයි. ඊට පිටුපසින්  එය ඔසවාගෙන යන උන්ටද ඒ ආනිශංසයමය.  බලා සිටින්නට ආශා සිතේ. කොමිටල් විජිතයකි.

අතුරු ආන්තරාවකින් තොරව  පාසලට සම්ප්‍රාප්ත වී කෙටි නින්දකින් පසු සිරා කොලුවා පසුදා උදෑසන ඇහැ ඇරියා පමණකි... උදෑසනම මා හමුවන්නට අපේ නිවාසයේ ශ්‍රියාණි ටීචර් පැමිණ සිටියාය...

 ගුඩ් මෝනින් මිස්... සිරාට කියන්නට ලැබුනේ එපමණකි.

තාම වෙරිද ? උඹලට පාරක් පාරක් ගානේ බිබී ඇවිදින්නද යකෝ අපි ඉගැන්නුවෙ... අර පුංචි කොල්ලො ටිකකට උඹලා ඊයෙ රෑ දීපු වදේ ගැන මට  කීප දෙනෙකුම  කිව්වා... උඹ මගේ ගෝලයෙක්  නිසා මට රිදෙනවා වැඩියි,  හවුස් එකට දුවලා දිනපු නිසා පොඩි උන්ට උඹ වීරයෙක් වගේ.... විහිං කාගන්නවා තමන්ගෙ නම... ගොන් වැඩ කරන්න එපා මෝඩයෝ...

තරහා වැඩි කමට ඇගේ මුව ගොලුවී ගොස්ය...දෙනෙතින් කදුලු වැගිරේ... සිරාට පෙරදා රාත්‍රියේ කරපු ගොන්කම ගැන මදින් මද වැටහේ...ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්ට නොහැකිය. මට කියන්නට දෙයක් නැත...බිම බලා සිටියා පමණකි... තවත් මද වේලාවක් මා දෙස තරහින් බලා සිටි ඇය සාරි පොටද අතින් දරාගෙන ඈතට ඇදුනාය...

ක්‍රීඩා උත්සවයේ වැඩ සටහන සාර්ථකව අවසන් කල පසු කණ්ඩායමේ වැඩිහිටි සියල්ලෝ සිදුවූ වරද පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිනි...මින් මතු කණ්ඩායමේ කිසිවෙකුත් කණ්ඩායමේ සිටින තාක් කල් මත්පැන් පානය නොකල යුතු බවත්...කණ්ඩායමෙන් ඉවත් වූ අය මත්පැන් පානය කර කිසිදා පාසල වෙත නොපැමිණි යුතු බවත් තීරණය කෙරිනි....

ඒ අනුව අපෙන් පසු රාත්‍රී සාද පැවැත්වීමට අපේ උන්ට යලිදු  අවකාශ ලැබුනේ නැත.

වර්තමානයේ අපේ බෑන්ඩ් කණ්ඩායම තුල පවත්වාගෙන යන විනය හා සම්බන්ධ දැඩි නීති රීති අධීක්ෂණයට මේ පාටි දැමූ උන්ද නිරන්තරව එක්වේ. වචනයේ අර්ථයෙන්ම  නියම ගුරුවරියක වූ එතුමිය එදා මා හට කනට ගැසුවා නම් දුක නැත. එහෙත් ඇගේ දෙනෙතින් කදුලු බිදුවක් සැලුනේ මා නිසාවෙන් යයි මගේ චිත්ත සන්තානය නිතරම මා වරදකරු  කිරීම නිසාවෙන්ම මෙවැනි වරදක් යලිදු නොකරන්නට මා හට අධිෂ්ඨානය එන්නත් කලේය.

වර්තමානයේද මම එතුමිය මුණ ගැසෙන්නට යමි. දුක සැප විමසා එමි. අපේ සාර්ථකත්වය ඇගේ සතුට බව ඉදුරාම දනිමි.



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

අප එදා කල වරද  පාසල් යන වයසේ කිසිවෙකුත් ආදර්ශයට නොගනිත්වා...

27 ඉරිදා ගම්පහ ගෙට්ටුවට පැමිණෙන ඔබ සියල්ලෝම හමුවෙන්නට බලාපොරොත්තුවෙන් සිටිමි.

අපේ බෑන්ඩ් මාස්ටර් හමුවී කථා බහ කිරීමටද බොලාට අවස්ථාව උදා වේ.

එදින පැවැත්වෙන තරගයක් හා ගීත ගායනය පැටලී ඇති හෙයින් හොදවායින් ගීත ටිකක් කට පාඩම් කරගෙන ආවාට කම් නැත. ජයග්‍රාහකයන්ට සමරු තිළිණ පිරිනැමේ.

ක්‍රිකට් තරගයක්ද පැවැත්වෙන හෙයින් යුවතියෝ ඊට සූදානමින් පැමිණෙන්න.

අපේ මොන්ගලයා ගැන දැන් ආරංචියක් නැත... වසර 12 කින් පමණ අප මුණ ගැසීද නැත...ඈත රටක නෞකාවක සේවය කරනා බවක් පමණක් දැනගන්නට ඇත.








100 comments:

  1. ෂික්.. මූ අන්තිමට මේ ගේට්ටුවක් මතක් කරලනේ.......

    ReplyDelete
    Replies
    1. මූට දැන් ගෙට්ටුව මතක් කරන් නැතුව කක්කුස්සි යන්ඩත් බැරිලු බං

      Delete
    2. @ කෞෂි ආරියබන්දු ලේඛිකාව
      මගුල් ගෙදරින් පස්සෙ සාරිය කරේ තියාගෙන හරි උඹත් එදාට ගම්පහ ගෙට්ටුවට වරෙන් හිරු...දෙහි ගෙඩිය හැන්දේ තබා දිවීමේ තරගයට හෝ ගෝනි පැනීමේ තරගයට සහභාගි වෙන්න පුලුවන්...

      @ අටම් කොලුවා
      ගෙට්ටුවේ සම සංවිධායකයෙකු ලෙස අටමා මෙසේ මට අපහාස කිරීම තරයේ හෙළා දකිමි. කක්කුස්සියක් නැති ඉසව්වක අටමට බොකක් සැට් වේවා කියා පතමි !

      Delete
    3. කක්කුස්සියක් තිබ්බත් එහි වතුර නැතිවෙන්න ඕන...නේ බං..
      තදවෙනව ...නේ..!

      Delete
    4. මොකක්ද බං මේ හිරූ හැමතිස්සෙම කියන ගේට්‍ටුව? ඒකිගෙ බ්ලොගෙත් තියෙනව ඔහොම සින්ඩ් කියල වචනෙකුත්.

      Delete
    5. මොනාද ඩූඩ් අයියේ.... හිහි ... ඒක හදලනේ තියෙන්නේ.. ඇයි අප්පා.. මේකා හැමදාම පෝස්ට් එකේ අගට මේක මතක් කරනවා.. මට එන්න වෙන්නෙත් නැති කේන්තියට ගේට්ටුව කියලා දැම්මේ.. හි හි

      අනේ සිරෝ.. ඔය නම හැමතැනම දාන්න එපා බං.. හිරු කිව්වම ඇති.. හි හි.. එන්න වෙන් නෑ බං... නුවර යනවා කියන්නේ ලොකු කෝස් එකක් අපේ කට්ටියට...

      Delete
    6. ගෙට්ටුව නම් සිරා, සිරා අයියණ්ඩි.. දීපු මාකටිං පාරට පාඩු නැහැ, ගත්තු ආතල් එකේ හැටියට. අප්‍රේල් මාසේ වැඩෙත් මෙලෙසම ටක්කෙටම කෙරේවා යැයි පතමි!

      ප.ලි. ගෙට්ටුවේ අතුරු ප්‍රතිඵල හෙම ලඟදි නාඩියට වැටෙන කොමෙන්ටු වලින්ම බලා ගත්තැකි.. :D

      Delete
    7. කෞෂී දේශබන්ධු.......................................?
      බය හිතෙනවා...........

      Delete
  2. මරු ආතල් තමයි ස්කූල් කාලේ.. එල එල...
    CSK LANKA

    ReplyDelete
  3. හෙඩිම දැක්ක ගමන් හිනා ගියා බං. තකහනියක්ම කියවන්න ආවෙත් ඒක නිසාමයි. රස ලෝකයක් නේ. කියවලා මෙහෙම නම් ලයිව් විඳපු උන්ට කොහොම ඇද්ද. උඹ අපිවත් ලස්සනට සිද්ධිය ඇතුලේ රඳවාගෙන ආරම්භයේ ඉඳලා අවසානය දක්වා අරන් එන විදිහට තමයි මං වඩාත්ම කැමති.. ජය..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන...ඔය පුටු කඩාගෙන වැටුනු වෙලාවෙ මොන්ගලයගෙ අසරණ පෙනුම මට තාම මතකයි...

      Delete
  4. සතුටයි දුකයි එකට ....
    මේ තරම් වැඩගොඩක් තියන් උබ මේ තරම් දිග පොස්ට් එකක් දැමීම ගැන උබට ගොඩක් ස්තුතියි, දැන් දැන් ගොඩක් අසාවෙන් කියවපු බ්ලොග් අවාරෙට පොල්වටෙනවා වගේ ලියන්නේ, ඒක උන්ගේ වරදක්නෙවෙයි, අර ඉස්කෝලේ කාලෙවගේම අපිට බ්ලොග් කියවපු කාලේ ගැනත් ඉස්සරහට කතාකරන්න දේවල් තියෙයි,

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ගෙට්ටුව සහ රැකියාව නිසා සෑහෙන්න කාර්ය බහුල වුනත්.. මාසෙකට පෝස්ටු 7ක් පල කිරීමේ මගේ ක්‍ර‍මය මම කොහොම හරි අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න තමයි වෑයම...

      Delete
  5. අම්මටසිරි ඒ කියන්නේ සිරා කොලුවත් සිරාවට දුවපු කොල්ලෙක් ඈ..

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මම ලියපු මැරතන් සම්බන්ධ ලිපි වල තියෙන්නෙ මගේ දිවිල්ල ගැන තමා...

      Delete
  6. සිරා තව මොනවා තරලා ඇත්ද ඒ කාලයේ.අනේ සිරා මම ගොඩාක් කැමත්තකින් හිටියේ ගෙට්ටුවට එන්න.ඒත් ඉතිං රාජකාරිය මට හරස් වෙලා.මගේ ජිවිතේ මට ඔය වගේ අවස්ථා මඟ ඇරුණු අවස්ථා බොහෝ ඇත.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. රාජකාරිය ඉතිං දේවකාරියටත් වඩා ලොකුයි නොවැ... කණගාටු වෙන්න එපා...මෙවැනිම අවස්ථාවක් අප්‍රේල් මාසෙදි ආයෙත් උදා වෙනවා...එදාට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න.

      Delete
  7. ඔය වගේ ගුරුවරු හිටියනම් අපිත් ඒ දවස් වලම හැදෙන්න ඉඩතිබුන සිරෝ. එත් ඉතින් කවදාවත් අහු වෙන්න මුකුත් කරල නෑ. මරි වැඩ කරනකොට හොද පාලනයක් තිබුන.

    මොකද කියන්නෙ අරූ සෙට් උනොත් නැවක පාටියක් දාන්න එනවද :පී

    ReplyDelete
    Replies
    1. මම වර්තමානයේ පාටි දාන්නෙ හරිම කලාතුරකින්... මගේ එදිනෙදා කටයුතු වලට සහ රාජකාරියට බාධාවක් නැතිවීමත් එක අවශ්‍යතාවක්...

      ඒ දේ වලට ගැටළුවක් නැත්නම් මම රෙඩි...

      Delete
  8. ස්කෝලෙ කාලෙ හරි සෝක්...

    ReplyDelete
    Replies
    1. ආයෙත් යන්න තියෙනවා නම් කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා...

      Delete
  9. යකෝ මුං ඇටෙන් පොත්තෙන් මිදෙන්න කලින් බෙන්න පටන් අරන් :)

    ReplyDelete
  10. ඇඩෙනව සිරා මේක කියෝගන යනකොට...

    ReplyDelete
    Replies
    1. ඔය කථාව මතක් කරලා අදත් ශ්‍රියාණි ටීචර් හිනා වෙනවා...

      Delete
  11. සිරා අය්ය,
    ඇත්තටම මේක හොඳ අත්දැකීම් විවරනයක් එක්ක හොඳ පණිවිඩේකුත් දීල තියෙන නියමම බ්ලොග් පෝස්ට් එකක්. ඔබට ජය.

    ඇත්තටම මේ සිද්දිය උනේ කොයි කාලෙද? පේන හැටියට අපිත් ඔය කාලේ ග්‍රවුන්ඩ් එකේ ඉන්නව.

    යහතින් හිටියොත් හෙට අනිවා ගෙට්ටුවට එනවා.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධිය උනේ 2000 - 2001 කාලෙ... ඇත්තටම වයසින් මුහුකුරා යද්දි තමයි ජීවිතේට අත්දැකීම් ලැබෙන්නෙ...

      Delete
  12. බොන්න එපා මචංලා ,
    27 එහෙනම් මැච් එකකට සුදුසු ආකාරයට සැරසිලා අවොත් හරි නේද ...:)

    ReplyDelete
    Replies
    1. බිව්වට කමක් නෑ...බීලා පාරෙ වාහන එලවලා පොලෝසියෙන් බැලුම් පුම්බන්න අරාධනා ලබා ගන්න එපා චමියො....

      මැච් එකක් තියෙනවා...ඒකට සැට් වෙන්න බලාගෙන වරෙන්...

      Delete
    2. ඒවා කියන්න බැහැ , මගේ ඩයල් අප්සෙට් හින්දා අල්ලයිද දන්නේ නැහැ ... හම්බ ඩ්ස්ප ඩයල් එකක්නේ මට තියෙන්නේ ..හිකිස්

      Delete
  13. පාසල් සිසුන්ගේ මේ 'බොනපාට්' ක්‍රියා අද එදාට වඩා වැඩිද අඩුද, මත්පැන් වලට අමතරව තවත් දේවල් ඊට එක්වී තිබේද නැද්ද, යන්න මම විස්තර කරන්න යන්නේ නැහැ. නමුත්, තත්වයේ කනගාටුදායක සහ භයානක බව ගැන, නොපමාව, මුළු සමාජයම එක්ව, ක්රියාකලයුතු කාලයක් බව අවධාරණය කරන්න කැමතියි.

    මොංගල්. සිරා මේ වචනය පුද්ගල සර්වනාමයක් ලෙස යොදාගැනීම අපි සමාජයෙන් අත්හලයුතු වෙනවා. මමත් එය දැනගත්තේ එක්තරා සම්මන්ත්රනයදීයි. ලෝකයේ සිටින මානව වර්ග අතරින් එකක් තමයි මොන්ගෝලියානු මහා භූමි ප්‍රදේශය නිජබිම ලෙස පදනම් කරගත් මොන්ගොලියානුවෝ. අනික් වර්ග කෝකසයිඩ්, නීග්‍රොයිඩ්, ආදී වශයෙන් තිබෙනවා. මන්ද මානසික තත්වයෙන් පෙලෙන අයගේ පෙනුම මොන්ගෝලියානු පෙනුමට සමාන නිසා තමයි ඔය මොංගල් කියන යෙදුම හදාගෙන තිබෙන්නේ. නමුත් ජාත්‍යන්තර පිළිගැනීම වන්නේ එසේ කීම මොන්ගොලියානුවන්ට කරන අපහාසයක් බවයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්ත විචාරක තුමා....අද මත්පැන් වලට වඩා වෙනත් මත්ද්‍ර‍ව්‍ය සහ බෙහෙත් වර්ග තමයි පාසල් සිසුන් අතර වැඩිපුර සංසරණය වෙන්නෙ... කොරෙක්ස් ඩී එයට හොද උදාහරණයක්...අපි පාසල් යන කාලෙදි නම් එවැනි දේ තිබුනේ නෑ...

      අපේ මොංගලයා එහෙම පෙනුමක් නොමැති කෙනෙකු වුවත් ඔහුගේ ක්‍රියාකාරකම් වල ඒ ලක්ෂණ තිබුන නිසා තමයි ඒ වගේ සුන්දර නමක් පටබැදුනෙ... මොන්ගෝලියානු විස්තරේ අදම තමයි ඇහුවෙ...දැනුවත් කලාට ස්තූතියි...

      Delete
    2. මමත් අදයි ඇහුවෙ මොංගෝලියාවයි මොන්ගලුයි අතර තියෙන හුටපටේ ගැන........

      Delete
  14. මට මතකයි අපේ සෙට් එකකුත් හවුස් මීට් වලට හවුස් හදන්න ඇවිත් කලින් දවසේ රෑ ඉස්කෝලේ ඔහොම බීල අහු වුණා ..උදේ බලනකොට හවුසුත් නෑ මිනිස්සුත් නෑ ..අපේ සෙක්ෂන් බාර ටීචර් ම තමයි අපේ හවුස් එකටත් ප්‍රධාන වෙලා හිටියේ .. තාමත් දෝංකාර දෙනවා ටීචර් එදා කොල්ලෝ ටිකට බැනපු හැටි ..හි හි ..පස්සේ දඩි බිඩියේ හවුස් එක හැදුවා ..හැබැයි එදා ෆස්ට් එකට ආවෙත් අපේ හවුස් එකම තමයි
    ....................................
    ගෙට්ටුව ගැන කතාකරද්දී දුකයි අප්පා ..27න් පස්සේ පෝස්ටු වැටෙයි පින්තුරත් එක්ක ..ඉරිසියාවේ පැලෙන්න තමයි වෙන්නේ ...ඉහි ඉහි ..ඊ........ හි !

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පාසල් මතකය ඔස්සේ වෙලාවක පෝස්ටුවක් දෙකක් ලියන්න රෙහානි... කැමතියි කියවන්න...

      27 එන්න බැරිවෙන අයට බලාගන්න බොහෝ අය ඡායාරූප සහ විස්තර සටහන් බ්ලොග් අවකාශය තුල පල කරාවි.

      Delete
  15. කැතයි බං බොලා හොඳට බීල ඉවරවෙලා බොලාගෙං පස්සෙ ඉන්න එවුවංට ඒ චාන්ස් එක නැතිකරල දැම්මට. :D

    පහුවෙනිද උදේ මෙංගලයට උගේ මාමණ්ඩියගෙං මොනවගේ අතවරයක් උනාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. අපිට වගේ ඉස්කෝලෙ කොල්ලොම හූ කියන තත්වයෙන් මුදවලා සිහිනයක් වෙලා තිබුනු ජාතික මට්ටමේ ජයග්‍ර‍හණ හඹා යන්න කණ්ඩායම හදන්න උවමනා වුනා. එතැනදි විනය කියන දේ තමා ඉතාමත්ම ප්‍ර‍භල... විනය නැති කණ්ඩායමකට කවදාවත් සාර්ථක ගමනක් නෑ.

      ඊට පස්සෙ මොංගා වැඩි කාලයක් කඩේ වැඩ කලේ නෑ...මාමා පැන්නුවද කොහෙද...

      Delete
  16. අඩේ! මම උඹට එක සැරයක් කිව්වනේ ඉස්කෝලේ කතා මතක් කරන්න එපා කියලා! කඳුළු එනවා බං!

    ReplyDelete
    Replies
    1. ඒ කදුලු අතරින් වෙලාවක නාඩියක් කොටපන්කො නාඩියො...

      Delete
    2. නාඩියා ඔහොම්මම මතක් කොරපන් අර H.G. සීන් එක.. හිකිස්..

      Delete
  17. සුන්දර මතකයක්......
    හැබැයි ඔය බිම ගැන නම් කිසිම මනාපයක් නැත.....
    අර ගුරුතුමියගේ හිත කොච්චර රිදෙන්න ඇද්ද..... කට්ටිය වරද තේරුම් අරගෙන හැදිච්ච එක නම් ලොකු දෙයක්.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගි...අපි දැන් නම් බොන්නෙ ඉතාමත් කලාතුරකින්... බොන්න සැට් උනාට පස්සෙ එතන ඇතිවෙන කථාබහ තමයි ගොඩාක් සුන්දර..අන්න ඒ අත්දැකීමට තමා සිරා මනාප...

      Delete
  18. ubalage "Band Master" munagahna eka watinawa.
    27 Gedarin Monawa hari hadagena enam.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මේ ලෙංගතුකමට බොහොම ස්තූතියි...හෙට හමුවෙමු එහෙනං...

      Delete
  19. ගෙට්ටුව ගැන මාර ඉරිසියාවක් තියෙන්නෙ
    එන්නට නොහැකිවීම ගැන අමනාප නෑ නේද සිරා

    ReplyDelete
    Replies
    1. අමනාප වෙන්න බෑනෙ හැලප මාමෙ...ඔය ඇත්තො අලවත්ත ඉහළින් ලංකාවෙන් එපිටට පියඹා ගිය ඇත්තො නොවැ...

      Delete
  20. යකෝ බොලා ඉස්කෝලෙ යනකාලෙත් බිව්වද බං..!
    ඔහොම වැඩ නොවුනානම් තමා පුදුමේ..!

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ යන කාලෙ තමා ගොඩාක් උන් බීමට අත්පොත් තියන්නෙ...

      Delete
  21. ඒ ගුරුතුමී මේක හැන්ඩ්ල් කරපු විදිය තමයි මගේ හිත් ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...එදා මට පාරක් ගැහුවා නම් දුක නෑ...ඒත් ඇස්වල කදුළු පුරෝගෙන මා දිහා බලාගෙන හිටිය අසරණ විලාශය මට ගොඩාක් දේ හිතන්න පෙළඹෙව්වා...

      Delete
  22. අප්පේ බොන්න පටන් අරන් තියෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙමනෙ.

    හෙට යහතින් හිටියොත් ගෙට්ටුවට එනවා. හැබැයි සින්දු කියන්නනම් බැරි වෙයි.සෙම් ගෙඩි හැදිලා.:(

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වා නම් මම ඔය උසස් පෙළ කරන කාලෙ බිව්වෙ නෑ...පෙවුනා...
      නිසූ නංගියත් එක්කම එන්න...

      Delete
  23. ගෙට්ටුවට සුභ පැතුම් කලින්ම...

    සිරාගේ ටීචර් නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුතුමියක්..මේ වගේ අන්ඩපාල නාහෙට අහන්නැති කොල්ලන්ව මට්ටු කරන්න හොඳම විදිහ මේක තමා..

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ ගුරුවරයෙක් තමන් ඉදිරියෙ සංවේදී උනාම සෑහෙන්න අවුල් නැද්ද... මටත් එහෙම දෙයක් තමා උනේ...

      Delete
  24. කියන්න දෙයක් නෑ බන් වෙනද වගේම සිරාවටම ලියල.... නිවාසය විජය නේද ?

    මයික්

    ReplyDelete
    Replies
    1. විජය තමයි...ශ්‍රියාණි ටීචර් හිටිය නිසා තමයි විජය නිවාසය ඒ කාලෙ බොහෝ විට ක්‍රීඩා උළෙල ජයගත්තෙ...

      Delete
  25. කියල වැඩක් න සිරා. සිරාම තමා කතාව. මගෙත් පාසල් අතීතය එලෙසම තමා. නිවාස හදන්න කියලා රැ ඉස්කෝල වල ඉඳලා. කරටි කැඩෙන්න ගහලා කරපු විකාර.
    මට මතක් වෙනවා අපේ ප්‍රින්සිපල් එක්ක ඔය වගේම ගුරුවරු සෙට් එකක් එදාට සෙට් වෙනවා. කට්ටිය හොඳට ගහලා ඇවිත් අපේ එවුන්ගෙන් අහනවා උඹලා බීල නේද ඉන්නේ කියලා. ජීවිතේට අමතක වෙන්නේ නැ අපේ එකෙක් පිස්සුද සර් කියනකොටම ප්‍රින්සිපල් ගේ කකුල් දෙකට වමනේ කරපු සිද්දිය. මතක් කරලා රස විඳිනවා ඇරෙන්න වෙන මක් කරන්නද ?

    ReplyDelete
    Replies
    1. පෝස්ටුවක් විදියට ලියහංකො බන් ඒ සිද්ධිය...ප්‍රින්සිපල් උතුමගෙ කකුල් දෙක උඩට වමනෙ දානව කියන්නෙ පට්ට සිද්ධියක් නොවැ...

      Delete
  26. ඉතිං එදායින් පස්සෙ සිරා බිව්වෙ නැද්ද ? :P

    ReplyDelete
    Replies
    1. එදායින් පස්සෙ බීලා පාසල් ගියේ නෑ සහ...බීම සෑහෙන තරමේ ස්වයං පාලනයකට යටත් කලා...

      Delete
  27. මරු සිරෙක් බන් උබ

    ReplyDelete
  28. පට්ට ආතල් සීන් එක.ඒත් දුක පස්සේ එවුන්ට බොන්න වෙන්නේ නැහැ කියපු එක.එව්වා කොහෙද උනුත් හොරෙන් හොරෙන් බොන්න ඇති ඕන තරම් අවුරුදුවල.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්...උනුත් දෙමාපියන්ගෙ ජාන වලින් හැදුනු උන් නොවැ...

      Delete

  29. ඔයා නම් හරිම නරක එක්කෙනෙක් සිරා .. :(

    ReplyDelete
    Replies
    1. මම හරිම නාකයි කියලා ආශ්‍ර‍ය කරපු කෙනෙක් කියන්නෙ නෑ...එක දවසක් හරි..මම ඒ තරමට සුහදයි...

      Delete
  30. නිවාසාන්තර ක්‍රීඩා උළෙල මතක් කරලා ලියල තියන පොස්ට් එක දැක්කම ඇසට කදුලු එනවා සිරා. අයෙත් ඉස්කෝලේ ගිය වගේ හන්ගීමක් එන්නේ. හිනාවෙන්න වගේම හොඳ පනිවිදෙකුත් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කොච්චර සුන්දරද ? මගේ පළමු නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදි ගෙදරින් දුන්නු සල්ලි වල අයිස් පලම් කාපු හැටි තවම මතකයි...

      Delete
  31. "පුංචි කොල්ලෝ ටිකට දීපු වදේ ? ", අර මොකක්ද පොඩි සපෝට් එකක් නොවැ දීල තියෙන්නේ :D , බොලාල සෙට් 1ක අර පොඩි එව්න් ටිකට ඔයිට වඩා වද දීල තියෙනවා වගේ ?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ...අපේ පාසලේ කැඩෙට් ව්‍යාපාරෙ ඉන්න උන්ට මේ පොඩි ඇත්තො හරිම ගෞරවයෙන් තමා සැලකුවෙ... ඒ දවස් වල අව්වෙ ප්‍රැක්ටිස් කරද්දි පොඩි උන් අපිට අන්නාසි, අඹ අච්චාරු ආදියත් ගෙනත් දීලා යනවා..

      Delete
    2. ඒකට දැන් කාලේ උන් [like us]

      Delete
    3. හැබැයි සිරා අය්යේ අපි ට්‍රේනිං කරන වෙලාවට නම් එක කොල්ලෙක්වත් එන් නෑ අහලකටවත්....

      Delete
  32. පාරෙ ගිය හැටි චෝයි :D
    තව පැය 6කින් මල් වත්තෙ ඉන්ඩ ඕනි නිසා රීඩරේ වැටිල තියෙන පෝස්ට් කියවන එක සිරාගෙ කාමරෙන් නවත්තනව අදට. හෙට හම්බෙමු!
    නෑ අද හම්බෙමු :D

    ReplyDelete
    Replies
    1. මම මේකට උත්තර දෙනකොට අපි හමුවෙලා දවස් 2ක් ගතවෙලා...කාලය ගතවන වේගය...

      Delete
  33. පිරිමි ලමයි ඉස්කෝලේ යන කාලේ හරීඊඊඊ නරකයිනේ.:)

    ගෙට්ටුවට සුබ පතනවා. ලස්සන ෆොටෝ ඕනි.

    ReplyDelete
    Replies
    1. පිලිමි ළමයි හලිම සෝයි, පොඩි කාලෙ විතලක් නෙමෙයි...ලොකු උනාට පස්සෙත්..

      ලස්සන ෆොටෝ ඔන්න දැන් දාලා තියෙනවා මූණු පොතේ...

      Delete
  34. කිසිම කෙනෙක්ට ජිවිතේ අමතක කරන්න බැරිම කාලේ...ඉස්කෝලේ කාලේ ඔහොම පිස්සුවක් නැටුවේ නැත්නම් එකෙත් කිසි ගතියක නෑනේ නැද්ද අයියා..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..කථාව එහෙම වුනත් අපේ දරුවෙක්ට උනත් අපි ඕවා කරන්න ඉඩ දෙන්නෙ නෑ නේද බන්...

      Delete
  35. සිරා අයියේ බොලා අපිට බන කියන්නේ. ඒ කාලේ කරපුවා මේ පෙන්නේ. කොහොම උනත් ජොලියේ කියවපු මූඩ් එක සම්පූර්ණ අන්දොස් උනා. අර මැඩම් ගැන කියද්දී.

    ReplyDelete
    Replies
    1. පවු බන් එතුමිය අදටත් අවිවාහක කෙනෙක් නිසා අපි තමයි ඇයට ඉන්න දරුවො...

      Delete
  36. කරපු වැරදි වුනත් මතකය සුන්දරයි නේ

    ReplyDelete
    Replies
    1. අතීතය මතක් කරලා සතුටක් ලබන්න පන්ති කාමරයේ අධ්‍යාපනය පමණක් ලැබූ එකෙකුට බෑ කියලා මම අවධාරනයෙන් කියනවා...

      Delete
  37. සිරාලා එහෙනම් පොඩි කාලෙ ඉඳම් ගේමට බැහැලා නේද ?

    // තාම වෙරිද ? උඹලට පාරක් පාරක් ගානේ බිබී ඇවිදින්නද යකෝ අපි ඉගැන්නුවෙ... අර පුංචි කොල්ලො ටිකකට උඹලා ඊයෙ රෑ දීපු වදේ ගැන මට කීප දෙනෙකුම කිව්වා... උඹ මගේ ගෝලයෙක් නිසා මට රිදෙනවා වැඩියි, හවුස් එකට දුවලා දිනපු නිසා පොඩි උන්ට උඹ වීරයෙක් වගේ.... විහිං කාගන්නවා තමන්ගෙ නම... ගොන් වැඩ කරන්න එපා මෝඩයෝ... //

    මට මතක් වුනේ ඩූඩ්ගෙ FAQ එක..

    කෝ ගෙට් එකේ මඩ...? මඩෙහි රස විඳීමට අපි පුල පුලා බලා සිටින්නෙමු... :-)

    ReplyDelete
    Replies
    1. මමත් එසේමයැ. මඩ රස විඳීමට බලා සිටින්නෙමු.

      Delete
    2. henry අයියගේ FAQ ටිකත් එක්ක මේ පොස්ට් එක කියෙව්වම අපි කොච්චර ගුටි කෑවත්, බැනුම් ඇහුවත් කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා.

      Delete
    3. මම ගේමට බැස්සෙ උසස් පෙළ කරන කාලෙ...ගෙට්ටුවේ මඩ තැන් තැන් වලින් එනවා ඔන්න...

      Delete
  38. චැහ් ! මූ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම බෙබෙක්නේ. මේ අපි වගේ වැදගත් විදියට හිටපන් බං.

    ReplyDelete
    Replies
    1. උඹ වැදගත් හින්දද හැමදාම බිලා වැඩිවෙලා පාරෙ කාණු පල්ලෙ වැටිලා ඉන්නවා කියන්නෙ...

      Delete
  39. අපිත් ඒ කාලෙ ලෙසටම ක්‍රීඩා කොලා.... ඉඳල හිටල දිනුවත් එක්ක...

    ReplyDelete
    Replies
    1. මේක කියෙව්වම මගේ වයස අවුරුදු හැත්තෑ පහක් විතර පේනවද?
      ඔබට වැරදී ඇත...

      Delete
    2. අන්න එහෙම තමා ඉන්න ඕනෙ...

      Delete
  40. මම නම් මතට තිත.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ තරුණ ජීවිතයක්...නිකරුනේ නාස්ති වෙනවා...

      Delete
  41. හැමදාම වගේ නියමෙට තියෙනවා සිරා. වැඩි කතා ඕන නෑ මට ඒක දැනෙනවා. ඊට වැඩිය වටින්නේ උඹලට තියෙන පාසැල ගැන ගෞරවය තමා.. මේක මට මිස් වෙලා තිබුනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත..ඉදලා හිටලා මේ වගේ වැඩක් කොලාට පාසල ගැන අපේ හිතේ තියෙන අභිමානය එදා වගේමයි අදත්...

      Delete
  42. ළමයි දඟකලාට හොඳවැඩත් කරලා තියෙනවා‍ නෙහ්..
    ස්කෝලෙ කාලෙ හවුසස් හදන්න වෙන මහන්සියක්.. :D :D :D

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං පණු අමාරුවට තමා පොඩ්ඩක් ගත්තෙ...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...