Tuesday, December 4, 2012

168 අපේ බෑන්ඩ් මාස්ටර්

ඊළග කාලජේදයේදී වහාම බෑන්ඩ් කාමරයට වාර්තා කරන්න...  පණිවිඩකරුවෙක් සිරා ඒ වෙද්දි අධ්‍යාපනය ලබමින් සිටි 11 F පන්තියට රැගෙන ආව පණිඩිඩය තමයි ඒ. අවේලාවෙ පත්තු උනේ මොන මරාලයක්ද කියලා හිතන ගමන් රතු පාට මැයි මල් වලින් හැමදාම පාසල් ක්‍රීඩාංගනය වර්ණවත් කරපු මැයි ගහ අද්දර පඩිපෙළින් පල්ලම් බැහැලා සිරා ක්‍රීඩා ගාරයේ උඩුමහලෙ අපිටම වෙන්වූ අපේ නවාතැනට සේන්දු වුනා. ඒ තමයි බටහිර තූර්ය වාදක ඛණ්ඩයේ අඩවිය හෙවත් අපේ බෑන්ඩ් කාමරේ....

ඒ වෙද්දිත් ඛණ්ඩයේ සැරයන් (නායකයා) වරයාට හිමි අසුනට ලොකු අයියා බර දීලා හිටියෙ... ඊට යාබද අසුනෙ කලින් දැකලා නැති වැඩිහිටි  අයෙක් සිටියා. සම්පූර්ණ යුරෝපීය ඇදුමෙන් සැරසී සිටි ඔහුගේ දසුන ආගන්තුකයි... රැස්වීමක් දෝයි දෙගිඩියාවෙන් ආවත් වෙනත් කිසිදු සාමාජිකයෙක් පේන්න හිටියෙත් නෑ...

වරෙං වරෙං උඹ එනකම් තමයි අපි මේ බලන් හිටියෙ.... ලොකු අයියගෙ කට ඇරුනා...
මේ තමයි අපේ බෑන්ඩ් එක ට්‍රේනිං කරන්න අදින් පස්සෙ එන සර්.... සර්ට ඕනෙ කිව්වා බෑන්ඩ් එකේ හොදට ට්‍ර‍ම්පට්  ගහන එකෙක්  එක්ක කථා කරන්න... ඒ හින්දා තමයි උඹට එන්න කිව්වෙ...

පණිවිඩේ පිටිපස්සෙ සැගවුනු කථාව ඒ විදියට එළියට එද්දි එතුමා මා එක්ක සුහදව හිනා වුනා...

ට්‍ර‍ම්පට් එකක් අරන් එන්න පුතා.... බොහොම කරුණාබරව පැවසුව අපේ අලුත් ගුරුතුමා ලොකු අයියා සමග තවත් යමක් කථා කරන අයුරු ඇහුනත් ඒ වෙද්දි මම හිටියෙ වාදන භාණ්ඩ තියලා තියෙන ඉසව්වෙ...

ට්‍ර‍ම්පට් එකත් අරගෙන ඔන්න මම දැන් එතුමාට සම්මුඛ උනා....

පුතා Scale එක ගහන්න... (මූලික ස්වර කීපය)

මමත් ඉතිං දන්න වැඩ දාලා සද්දෙ උපරිම දිලා වැඩ පෙන්නුවා....

සර්ගෙ මූණෙ මන්දාස්මිතියක් නැගුනා...
හොදයි.... ඔයා හිතනවද ඔයා හොදට ගැහුවා කියලා ? එතුමා මගෙන් ප්‍ර‍ශ්නයක් ඇහුවා....

ඔව් සර් මම හිතනවා මම හොදට ගැහුවා කියලා..... සිරා නොභියව කිව්වා....

ඒත් පුතා ඔයා ගැහුවා එච්චරම හොද නෑ....කෝ දෙන්න නලාව....
සිරා නලාව සර් ට භාර කලා...

ඊට පස්සෙ එතුමා තමන්ගෙ වාදන හැකියාව විනාඩියක් දෙකක් පමණ කාලයක්  මොනවට ප්‍ර‍කට කලා... සිරා මහලොකු පොරක් කියලා හිතං හිටියට දන්නෙ මොනවද කියලා හිතුනා ඊට පස්සෙ...

අන්න එහෙම ගහන්නයි ඔයා උත්සාහ කරන්න ඕනෙ..... පිටට තට්ටුවක් දාන ගමන් අපේ අලුත් සර් මට  එහෙම කිව්වා...

ඔන්න ඔය ආකාරයට තමයි අපේ බෑන්ඩ් මාස්ටර් හෙවත් සංගීත පුහුණුකාර තුමා සිරාට හා පුරා කියලා  මුණ ගැහුනෙ.

සිරා මීට කලින් දවසක ලියපු තැඹිලි මෙහෙයුමේදි යම් තරමකට, මා කාලයක් ඉතාම ආදරය කල බෑන්ඩ් ජීවිතය ගැන යම් විවරණයක් කලා... අපේ පාසලේ කොල්ලොම අපිට හූ කියද්දි... කුඩම්මගෙ සැලකිලි හැමෝගෙන්ම ලැබෙද්දි... අපේ කොල්ලො බෑන්ඩ් කණ්ඩායම වෙනුවෙන් කැප වුනු හැටි මම එහි යම් තරමකට කිව්වා....  ඒ දවස් වල අපිට  බටහිර වාදන භාණ්ඩ නිසියාකාරව වාදනය කරන ආකාරය ගැන උගන්වන්න ගුරුවරයෙක් හිටියෙ නෑ... ඒ නිසාම එහෙන් මෙහෙන් ලබාගත්ත අවිධිමත් අධ්‍යාපනයක් මත තමයි බෑන්ඩ් එක කෙරීගෙන ගියෙ... ඒ වගේ කාලෙක තමයි දෙයියො දුන්නා වගේ අපේ මේ අළුත් ගුරුතුමා අපේ සහායට පැමිණියේ...එතුමා අපි නොදැන සිට බොහෝ දේ  කියා දුන්නා... වාදනය කරද්දි හිරවෙන ට්‍ර‍ම්පට් Slide (ට්‍ර‍ම්පටයේ ඇගිලි වලින් ඔබන කොටසට සම්බන්ධ ඇතුලතින් පිහිටා ඇති කොටසක්) එළියට ඇදලා අපි ඉස්සර කෙළ ගහනවා ... නමුත් ඒ සදහා විශේෂිත ලිහිසි තෙල්  වර්ගයක් තියෙනවා කියලා ඉස්සෙල්ලාම  අපි දැනගත්තෙත් එතුමාගෙ ආගමනයෙන් පස්සෙ...

මමත් ගම්පහ මිනිහා.... ඒ හින්දයි  උඹලට උදව් කරන්න කැමති උනේ... උඹලව මම දවසක ලංකාවෙ අංක එකේ බෑන්ඩ් එක කරලා තමයි මෙතනින් අයින් වෙන්නෙ... සර් එදා කිව්ව උදාන වාක්‍ය අන්තිමේදී සැබෑ වුනා නේද කියලා හිතනකොටත් පුදුම සතුටක් දැනෙන්නෙ....

ප්‍රේමසිරි ගම්හේවා... අපේ බෑන්ඩ් මාස්ටර්.... මේ ක්ෂේත්‍ර‍යට අදාළව ලංකාව තුල මුණගැහෙන ඉතාමත්ම උසස් ගණයේ පුහුණුකරුවෙක්... වසර 35 ක් ශ්‍රී ලංකා යුධ හමුදා තූර්යවාදක ඛණ්ඩ සාමාජිකයෙකු ලෙස සේවය කරලා විශ්‍රාම ගියාට පස්සෙ තවත් වසර 12 ක් ශ්‍රී ලංකා පොලිස්  තූර්ය වාදන කණ්ඩායම වෙනුවෙනුත් සේවය ලබා දීපු කෙනෙක්... අතිවිශාල දැනුම් සම්භාරයක් වගේම... විදේශීය පුහුණුවීම් පවා හදාරපු අයෙක්...සර්ගෙ ජීවිතෙන් වැඩි කාලයක් යුධ හමුදාව තුල ගතවූ නිසාමදෝ  දැඩි  විනයක් එතුමාට තියෙන්නෙ.... වෙලාවක් කිව්වොත් හරියටම වෙලාවට ෆුල් සූට් එකෙන් එතන ඇති...බෑන්ඩ් එකට යම් කාර්යයක් පැවරුවා නම් හරියටම වෙලාවට ඒවා කෙරිලා තියෙන්නත් ඕනෙ... නැත්නම් ඉතිං එදාට ඉදලා හමාරයි.

ගම්හේවා සර් එයාගෙ ප්‍රියතම වාදන භාණ්ඩය සමග
Brass /Wind මේ දෙවර්ගයේම වාදන භාණ්ඩ වාදනයට ගම්හේවා සර්  පුදුමාකාර දක්ෂතාවක් දක්වපු කෙනෙක්.... ඒ අතරින් සැක්සෆෝනය තමා එතුමාගෙ ප්‍රියතම වාදන භාණ්ඩය වුනේ... ඉස්සර දවසක පුහුණුවීම්  කටයුතු අවසන් උනාම සර්ගෙන් සැක්සෆෝන් වාදනයක් අහන්න අපි පුදුම ආශාවකින් ඉන්නෙ... ඒ වෙලාවට ඒ වාදන නරඹන්න පාසලේ ඉන්න වෙනත් අයත් රැස්වෙනවා... එතරම් මිහිරියි.
මම මේ විස්තර ටික කිව්වෙ එතුමා ගැන යම් අවබෝධයක් පාඨක ඔබට ලබාගන්න...

අපේ පුහුණුවීම් සිද්ධකලේ සෑම සතියකම බ්‍ර‍හස්පතින්දා දින සවස් යාමයේ... ගම්හේවා ගුරුතුමාගෙ ආගමනයත් එක්ක උදාසීනව හිටපු කොල්ලො බොහොම උනන්දුවෙන් පුහුණුවීම් වලට එන්න පටන්ගත්තා... කිසිම ක්‍ර‍මවේදයක් නැතුව බාහිර පෙනුම අනුව ඒ ඒ සාමාජිකයා වාදනය කරන වාදන භාණ්ඩය ඒ වෙද්දි තීරණය කරලා තිබුනෙ... එතුමා මුලින්ම කලේ ඒ ඒ අයට වඩාත් ගැලපෙන වාදන භාණ්ඩය තෝරා දීම, ඒ අනුව සමහර අයෙක්ට ඒ වනතෙක් වාදනය කල වාදන භාණ්ඩය අහිමි වෙලා අලුත් එකක් වාදනය කරන්න සිද්ධ වුනා... ලියවිල්ල දීර්ඝ වන නිසා එම තේරීම කරන ක්‍ර‍මවේදය විස්තර කරන්න යන්නෙ නෑ...

සිරාගෙ වාදන භාණ්ඩය නම් වෙනස් වුනේ නෑ... කාමරයට එන යන අය දැන් තරමක් අදුනන ඇගපත තිබ්බ ජපන් චමී ගැහුවෙ බේස් ඩ්‍ර‍ම් එක  අයිය බඩා සහ  කිඩා   සයිඩ් ඩ්‍ර‍ම් වාදනය කලා. තැඹිලි බාපු ජෝති  මා එක්ක ට්‍ර‍ම්පට්  ගැහුවා. බ්‍ර‍හස්පතින්දා හැන්දෑවට හැන්දෑවට පාසල් ක්‍රීඩා පිටියෙන් ටිකෙන් ටික සංගිත නාද රටා මැවෙන්න පටන්ගත්තා... සර්ගෙන් ඉගෙනගත්ත වාදනයේ තාක්ෂණික ක්‍ර‍මවේදයන් එක්ක සිරා සීඝ්‍ර‍ දියුණුවක් ලබමින් සිටි අවධියක්.... අපි අතරින් එහෙම එකෙක් දෙන්නෙක් මතුවෙද්දි බෑන්ඩ් එකේ සෙසු සාමාජිකයො එහෙම අයවලුන් පුදුමාකාර විදියට ධෛර්යමත් කලා... හැමෝම ඒ දසුනට ආශා කලා,  අපි ඒ කාලෙ එක පවුලක් වගේ හිටියා කියලා මම හැමතැනම කියන්නෙ ඒ නිසයි....

දවසක්දා පුහුණුවීම් අවසන් වෙලා පිරිස පේලියට බෑන්ඩ් කාමරයට යද්දි පෝලිමේ පිටිපස්සෙම හිටපු සිරාගෙ උරහිසට සර් අතක් තිබ්බා...

මට උඹ ගැන බොහොම සන්තෝෂයි පුතා... උඹ බොහොම වේගෙන් ඉස්සරහට එනවා... උඹ වගේ උන් දිහා බලාගෙන තමයි අනිත් උන් ඉස්සරහට එන්නෙ... ඒ හින්දා හැමදාම උවමනාවෙන් ප්‍රැක්ටිස් කරපන්... උඹ නැතුව මට මේ බෑන්ඩ් එක ගොඩදාන්න බෑ....

අන්න ඒ වචනය තමයි සිරාගෙ බෑන්ඩ් ජීවිතයේ  පෙරළියක් කලේ...  මට යමක් කරන්න පුලුවන්, හොදට වාදනය කරනවා කියන දැඩි අධිෂ්ඨානය හිතට කා වැදුනෙ... ඊට ටික කාලෙකට පස්සෙ බෑන්ඩ් එකේ හොදම ට්‍ර‍ම්පට් වාදකයා වෙන්නත්... සර්ගෙ පුහුණුවීම් වලට සහාය දෙන්නත් මට හැකි වුනා.

අද මෙන් ලොකු බඩගෙඩියක් නැති අතීත සිරා...


ඔය කියන කාලෙදි තමයි අපේ නිවෙස් වල නිසි බලධාරීන් අපේ කෑම බීම සදහා අනුග්‍ර‍හය දක්වන එකෙන් ඈත් වුනේ...එහෙම කලාට පස්සෙවත් මූන් බෑන්ඩ් ගැහිල්ල නවත්තලා ඉගෙනීම් කටයුතු වලට වැඩියෙන් යොමු වෙයි කියන බලාපොරොත්තුව ඒ අයට තිබුනෙ.

අන්න ඒ වගේ දවස් වල කන්න දෙයක් නැතුව ඉද්දි ගම්හේවා සර්ගෙ වියදමෙන් පාසලට යාබද බත් කඩේකින් අපි අනන්තවත් දවල්ට කාලා ඇති... එතුමාට පාසලෙන් කල ගෙවීම් වගේ කීප ගුණයක් පෙරළා අප වෙනුවෙන් වියදම් කරලා තිබුනා... ඒ නිසාම එතුමා කාලයත් සමගම අපේ නිල නොලත් පියා බවට පත්වුනා... කොල්ලන්ගෙ බඩ ගින්න, දුක් ගැහැට සියල්ල දිගහැරුනෙ එතුමා ලග... පාසල් ගුරු මණ්ඩලයේ නොසිටියාට පාසලේ අනිත් කොල්ලොත් අපේ බෑන්ඩ් මාස්ටර්ට ගෞරව කලා.

මේ වගේ සිදුවීම් නිසා බෑන්ඩ් මාස්ටර් ගුරුවරයෙකුට වඩා යහලුවෙකු තරමට අපට හිතවත් වුනා...කාලය ගත වෙලා සිරා බෑන්ඩ් කණ්ඩායමට නායකත්වය එහෙමත් සපයලා 2001 වර්ෂයේ  සමුගන්න ලං වෙච්ච දවසක තමයි  ශිෂ්‍යභට  බටහිර තූර්යවාදක ඛණ්ඩයක් ලෙස ලියාපදිංචි කරන පරීක්ෂණය තිබුනේ...අපේ පාසල් ක්‍රීඩාංගනයේදීම... පාසලට පැමිණි ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් බෑන්ඩ් කණ්ඩායමේ  වාදන හැකියාවන් පරීක්ෂාවට ලක් කරද්දි අලුත් කෙනාට නායකත්වය පවරලා සිරා පුරුදු ට්‍ර‍ම්පට් එකත් අරගෙන පසුපෙළේ ඉදන් පරීක්ෂණය සමත් කරගන්න දායක වුනා... මෙයට පෙර කීප වතාවක් මේ පරීක්ෂණය සමත් වෙන්න උත්සාහ කලත් එය නොහැකි වුනා... ඒ එය එතරම් අසීරු කටයුත්තක් නිසයි... වර්තමානය වන විටත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රන්ටැඹේ ශිෂ්‍යභට කදවුරට සහභාගි වෙන එකම පිරිමි ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක ඛණ්ඩය තමයි  අපි.
රතු පැහැති ටයි පටිය පැළද සිටින්නෙ අපේ මාස්ටර්

ඔය සියලුම දේවල් අහවර වෙලා 2003 වසර වෙද්දි කණ්ඩායම බොහොම සාර්ථක මට්ටමට පැමිණිලා තිබුනා... එහි කූටප්‍රාප්තිය තමයි Vibration 2003 ප්‍ර‍සංගය... ලංකාවෙ පළමු වතාවට පාසල් ශිෂ්‍යභට තූර්යවාදක කණ්ඩායමක් ප්‍ර‍සිද්ධ කලාකරුවන්ට සංගිතය සැපයූ, මුදල් ගෙවා නැරඹිය යුතු වූ සංදර්ශනය  තමයි ඒ... මේ ප්‍ර‍සංගය වර්තමානය වන විටත් වසරක් පාසා පැවැත්වෙනවා...සෑම වසරකම ශාලාවෙ ඉඩකඩ මදි වෙනවා නරඹන්නන්ට....

මුල් කාලෙ අපේ ගම්හේවා සර්ට තිබුනෙ  Morris 1000 වර්ගයේ ලා කොළ පැහැති කාරයක්. ප්‍ර‍සංගය සදහා පුහුණුවීම් කරමින් ප්‍ර‍ධාන ශාලාව ඇතුලෙ එතුමා ඉන්න වෙලාවට කණ්ඩායමෙන් සමුගත්ත පැරණි සාමාජිකයො මේ කාර් එකෙන් තමයි සර්ට හොරෙන් රියදුරු පුහුණුව සිදු කරගෙන ගියේ. කාර් එකෙන්  8 ඒවා මදිවට 11 ඒවාත් ගැහුවා... මාරුවෙන් මාරුවට පෑ භාගයක් පමණ  වේලාවක් රථය පාසල් භූමියේ විවිධ තැන් වලට ධාවනය වෙනවා. සිරා කොලුවත් එයට දායක වෙලා තියෙනවා. සර් පුහුණුවීම් අහවර කරලා එළියට එද්දි වාහනේ තිබුනු තැනම තියෙන නිසා ගැටළුවක් ඇති වුනේ නෑ...

Vibration 2003 ප්‍ර‍සංගයේ ප්‍ර‍චාරණ කටයුතු වලට යොදාගත්තෙත්  මේ රථය...සති දෙකක් පමණ එකදිගටම බෑන්ඩ් එකට සම්බන්ධ පැරණි/නවක සියලුම අය ප්‍ර‍සංගයට වෙහෙසුනා.  රථය වටේටම පාසලේ නම සදහන් ප්‍ර‍සංගය පිළිබද ම්‍ර‍ද්‍රිත පෝස්ටර් අලවා තිබුනා... රථයේ වහලය උඩ ලෑල්ලක් මත සවිකල යකඩ කටවල් දෙකකුත් තිබුනා. එක් රාත්‍රියක ඉනිමගක් සමග බැනර් ගහන්න 11 දෙනෙක් මේ රථයෙන් ගමන් කලා කිව්වොත් ඔබ විශ්වාස කරන එකකුත් නෑ... කාර් එක ඇතුලෙ 6 දෙනයි... ඩිකියෙ 3 දෙනයි... ඉනිමග වහළෙට තියලා අල්ලගෙන බොනට් එකේ දෙන්නයි... වාහනේ පොලෝසියෙන් දැකලා අහලා තිබුනෙ මේක ලොරියක්ද නැත්නම් කාර් එකක්ද කියලයි... ගම්පහ පොලීසියෙ වාර්ෂික පරීක්ෂණ ආදියට අපේ බෑන්ඩ් එක නිරතුරුවම සහය දක්වන නිසා... ඔවුන් ඒ වෙද්දි අපත් සමග සෑහෙන හිතවත් වී සිටියේ...

ප්‍ර‍සංගය සාර්ථක කරගන්න හැමෝම වෙහෙසෙන වෙලාවක සිරා තමන්ගෙ දායකත්වය ලබා දුන්නෙ ප්‍ර‍චාරක අංශයට නිවේදකයකු ලෙස...පසුකාලීනව කැන්ගරු දේශයට ගිය  මංජු මල්ලි වගේම දෙරණ රූපවාහිනියෙ කසුන් මල්ලිත් මේ  සමග එක්වෙලා හිටියා.  සර්ගෙ ඉබ්බා කාර් එක  හැන්දෑවට හැන්දෑවට ගම්පහ ටවුම වටේටම පොඩි සද්දයක් දාගෙන කැරකුනා...ඒ අතරතුර අවශ්‍ය ප්‍ර‍චාරනය හා ටිකට් පත්  අළෙවිය සිදු වුනා.

එක් සැදෑවක මේ කාර්යය මේ විදියටම කරමින් ගම්පහ දුම්රිය හරස් මාර්ගය කිට්ටුවට ආවා විතරයි,

දඩාස් යනුවෙන් මහා ශබ්දයක් නගාගෙන සිරා සිටි පැත්තට ඇළවෙලා ඉබ්බා පාර මැද්දෙම නතර වුනා...

මොකෝ බන් උනේ.... තුෂ්නිම්භූත වෙච්ච සර් මගෙන් ඇහුවා

රෝදයක්ද කොහෙද ගැලවුනා නේද සර්... ආසනයෙන් බිමට ලෙස්සන ගමන් මම යාන්තමට කිව්වා..

මොරිස් රථවල රෝදය සවිකරන්නට භාවිතා කරන මාපට ඇගිල්ලක් තරම් මහත යකඩ කූරක් බදු උපාංගයක් කැඩිලා ටයරය පැත්තකට පෙරළිලා.

වටේටම බෑන්ඩ් කණ්ඩායමේ නම සදහන් පෝස්ටර්... වහළය මත යකඩ කටවල් දෙක.. ඒ මදිවාට පාර පිරෙන්න අතිරේක පන්ති නිමවෙලා නිවෙස් බලා යන ගෑණු දරුවන් ඒ අතර අපේ පැත්තෙ දැරිවියොත්  නොඅඩුව හිටියා., මේ සාටර් සිදුවීම ඒ අයට සිනා ගගුලක් වෙලා... උන් මහ හයියෙන් හිනා වෙද්දි සිරා රථය ඇතුලෙ ඔලුව හංගාගත්තා... නමුත් මද වේලාවක් ඇවෑමෙන් මට තේරුනා කද එළියෙ කියලා...

ඒ විදියට වාහනේ කඩන් වැටුනෙ ලොරියක සෙනග ඇද්ද නිසා වෙන්න ඇති කියලයි මට අදටත් හිතෙන්නෙ... ඊට පස්සෙ යන්තම් වාහනේ අමුණගෙන ජාමෙ ගොඩ දාගත්තා වගේම ප්‍ර‍සංගයත් බොහොම සාර්ථකව නිම කලා..

ගම්හේවා සර් දිගටම භාවිතා කලේ එංගලන්තයේ නිෂ්පාදනය කල පැරණි  වාහන... ඉබ්බට පස්සෙ වෙන වාහනයක් ගන්න හොයනකොට තමා සිරාගෙ බාප්පා ලග තිබුන හිල්මන් රථයක් පිළිබද ඔත්තුව සර්ට දුන්නෙ... තකහනියෙම ඇවිල්ලා කාර් එක බැලුවට පස්සෙ සර්ට ආශා හිතුනා ඒ වාහනේට...

මේකෙ ඩිකියෙ ඩ්‍ර‍ම් සැට් දෙකක් දාන්න පුලුවන් බන්... මට නම් කියාපු භාණ්ඩෙ... රථයේ ඩිකියෙ තිබුන විශාල ඉඩකඩ දැකලා ප්‍රමෝදයට පත් වෙච්ච සර් එහෙම කියලා මම අනිද්දට ගන්න එනවා කියලයි ගියේ.. ඒ උනාට ඊට වඩා වැඩි ඉල්ලුමකට බාප්පා මටත් නොකියා වාහනේ විකුණලා... ඒ කථාව මම කිව්වට පස්සෙ සර්ට තද උනා නප්පියටම...

උඹ මට ආයෙමත් වාහන හොයන්න ඕනෙ නෑ... උඹේ බාප්පා මහා ජරා මිනිහෙක්.... එහෙම කියලා කෑ ගැහුවා මදිවට පසු කාලීනව මම දුන්නු වාහන ඔත්තු කිසිවක් සර් තඹේකට මායිම් කලේ නෑ...

ඉස්සර හදිසි රාජකාරි පැවරුනාම සාමාජිකයො සියල්ලම රාත්‍රී පුහුණුවීම් කරනවා... නමුත් වයසක සර්ට කරදර කරන්න ඕනෙ නෑ කියන සිතුවිල්ලෙන් අපි එතුමාට දැනුම් දෙන්නෙ නෑ... නමුත් මේ බලසම්පන්න වාදන භාණ්ඩ වල හඩ ගම්පහ සිට ඔහුගේ යක්කල පිහිටි නිවසට ඇහුනාම ඔහු මහ රාත්තිරියේම අප සොයාගෙන පාසලට එනවා...

අනේ අනේ... උඹලා මට හොරෙන් ෆ්‍රැක්ටිස් කරන්න නේද.... යක්කලට ඇහෙනවා බන් උඹලගෙ සද්දෙ... මම මේ ඒක ඇහිලා ආවෙ... උඹලා රෑට කෑවද... ඔන්න ඔහොම තමා ප්‍ර‍තිචාර දක්වන්නෙ...

ගම්හේවා සර් දරුවන් 6 දෙනෙකුගේ පියෙක්...දියතලාව ප්‍රදේශයේ රාජකාරි කාරන කාලයේ යුධ හමුදා නිල නිවාස වල තමා බිරිද සමග වාසය කරලා තියෙන්නෙ... ඒ විවාහ වෙච්ච අලුතම වගේ.... මෙන්න මේ කාලෙ හමුදාවෙ උසස් නිලධාරියෙක් සර්ගෙ බිරිදට කල අසැභි විහිලුවක් නිසා කෝපයට පත්වෙලා ඒ නිලධාරියාට බිම දාගෙන හොදටම ගහලා... අන්තිමේදි ඊට දඩුවම් විදින්නත් සිදුවෙලා තියෙනවා...අදටත් ඔහු බිරිදට පණ වගේ ආදරෙයි.

එතුමා සිය ජීවිත කාලය තුල නිවාස තුනක් හැදුවා... පළමු නිවාස දෙකම පුතුන් දෙදෙනෙකුට භාර දීලා බිරිද සමග සැහැල්ලුවෙන් සැදෑ සමය ගතකරන්න නව නිවෙසක් ළගකදි හදලා නිමකලා.. ඒ අතින් බලපුවාම එතුමා බොහොම ධෛර්යවන්ත පියෙක්/ ස්වාමියෙක්...

අපේ බෑන්ඩ් කණ්ඩායම  ලබාගත් ජයග්‍ර‍හණ වලින් පස්සෙ සර්ට බොහෝ පාසල් වල බෑන්ඩ් කණ්ඩායම් පුහුණුකරන්න  ඇරයුම් ගලාගෙන ආවා.. හැකි තරම් ඒවා භාරගත්තත්  අපේ කණ්ඩායමට තමයි ඔහු වඩාත් ප්‍රිය කලේ...

සහෝදර දෙස් විදෙස් බටහිර තූර්ය වාදක ඛණ්ඩ පැරණි සාමාජිකයො ඉදලා හිටලා හරි නොවැරදීම හමු වෙන තැන තමා සර්ගෙ නිවස... අන්න ඒ වෙලාවට..

කට්ටිය ඉද ගනිල්ලා.... මේ ගිය අවුරුද්දෙ මට ලොකු පුතා ගෙනාපු විස්කි බෝතලේ.... අපි හීනියට මොනවා හරි කරමු...

වැඩේ කරගෙන යන අතරතුර... ඒයි... ඔහොම සැරට බොන්න එපා බන්... තව ටිකක් කලවං  කරලා බීපන්... ඔය වගේ උපදෙසුත් දෙනවා...

ගම්හේවා මාස්ටර්ගෙ දැන්  වයස අවුරුදු 78 ක්, නමුත් එපමණ වයසක් ඔහුගෙන් පේන්නෙ නෑ...ඒ සංගීතය සමග ජීවිතයෙන් වැඩි කාලයක් ගත කල නිසා වෙන්න ඇති... අදටත් නිවසේ පවත්වාගෙන යන සංගිත උපකරණ අළුත්වැඩියා කරන වැඩපලේ රාජකාරි කරනවා / තනියෙන් වාහනය/යතුරු පැදි පදවනවා / තවමත් අපේ වර්තමාන කණ්ඩායම පුහුණු කරනවා.

වාදන භාණ්ඩ අලුත්වැඩියාවට ඔහු නම් දරාපු කෙනෙක්.. කෑලි කෑලි වලට ගැලෙව්වට පස්සෙ සැක්සෆෝන් එකක් අතිශයින් සංකීර්ණයි... ගම්පහ නගරයට කිට්ටුව එවැනි වාදන භාණ්ඩ අළුත් වැඩියා කරන එකම කෙනා තමයි අපේ මාස්ටර්...

අද සැදෑ සමය ගත කලත් ඉස්සර අපිත් සමග මහා ජවයකින් වැඩ කල හැටි මතක් කරමින් සතුටු වෙන්න සර් බොහොම මනාපයි. තමන්ගෙ ගෝලයො ලබාගෙන තිබෙන සාර්ථකත්වය ගැන එතුමා සතුටුවෙන්නෙ උන්ගෙ තාත්තලාටත් වඩා... මාස්ටර්ගෙ අඩිපාරෙ යමින් ආරක්ෂක අංශ වාදක කණ්ඩායම් වල මේ වන විට සැළකිය යුතු පිරිසක් අපේ ආදි ශිෂ්‍යයො ඉන්නවා....

පාසලෙන් සමුගත්තට පස්සෙ අපේ සහෝදරවරු තම තමන්ගෙ පුද්ගලික ජීවිතත් එක්ක දුරස් වුනා... සමහරු රටෙන් බැහැර වුනා... ඒ කාලෙ පාසල වෙනුවෙන් අපි කල මහා මෙහෙවර නිසාම මාස්ටර් අදටත් පරණ උන්ට ආදරෙයි.

ළගදි දවසක අපේ අතිජාත පැරණි මිත්තරයෙක් යුග දිවියට පිවිසුනා... ඔහු යුධ හමුදා නිලධාරියෙක්. උත්සවේ අපේ කෙනෙක්ගෙ නම් මේ වගේ වෙලාවට මාස්ටර් එන්නෙ තමන්ගෙ අතේ නිතර ගැවසෙන සැක්සෆෝනයත් එක්ක... ප්‍ර‍ධාන සංගීත කණ්ඩායම සමු ගත්තට පස්සෙ සභාව රසවත් කරන්නෙ එතුමා... මේ කියන උත්සවය රසවත් කලේ යුධ හමුදා වාද්‍ය වෘන්දය... ඒ කිව්වෙ සර්ගෙ පරණ නවාතැන... ඒ නිසාම ඒ අයත් අපේ මාස්ටර්ට  තම ගෞරවය පල කලා...

ඉස්සර වගේ නෙමෙයි, සර් වයසට ගිහිල්ලා අපි හැමෝම වගේ...වාදනයට උවමනා ජවයත් දැන් අඩුයි... ඔහු ආයාසයෙන් සැක්සෆෝනය වාදනය කරද්දි බලාගෙන ඉන්න බැරි තරමට සංවේදීයි... මේ කියන උත්සවේ දවසෙ  අපේ උන් හැමදෙනාගෙම නෙත්  අග කදුළු බින්දු දිලිසුනේ මේ කෙරුවාව තව ටික දවසකට පස්සෙ සර්ට කරන්න බැරි බව හොදින් දන්නා නිසයි.  කාලෙකට පස්සෙ එකතු වුනු අපේ අය වෙනුවෙන්ම සර් මහන්සිය නොබලා පැය භාගයක් පමණ වාදනය කලා...

මධුවිතෙන් හීනියට සප්පායම් වෙලා.... රාත්‍රී ආහාරයත් භුක්ති විදලා උත්සවයෙන් සමුගෙන නැවත නිවෙස් බලා යන ගමනෙදි සර්ට නැවතත් විනෝද වෙන්න අවශ්‍ය වුනා. සර්ගෙ සතුට දෝරෙ ගලා යන වග දැනගත්ත ලොකු අයියා

ගෙදර යන්න හදිස්සි උනාට කමක් නෑ... හැමෝම  ඉන්න ඕනෙ... සර් බොහොම සන්තෝෂෙන් ඉන්නෙ... ඒ සතුට විදින්න එයාට ඉඩ දිපල්ලා.. කියලා කිව්වා.

ඔහු නැවතත් සැක්සෆෝනය  වාදනය කලා... මීගමුව කොළඹ ප්‍ර‍ධාන මාර්ගය අභියස ඉදන්...  ඉස්සර පුරුද්දට වගේ අපිත් වටවෙලා ආශාවෙන් බලාන හිටියා... සමහර උන් සින්දු කිව්වා... මාස්ටර් කාලෙකට පස්සෙ අතිශයින් සතුටට පත් වෙලා සිටින වග සැකයක් නෑ...  සතුට වැඩි කමටදෝ ඔහුගේ නෙත් අගත් කදුළු බිදුවක් දිලිසෙනවා... අමාරුවෙන්  වාදනය කරන ඔහුගේ වාදනයන් අපේ හදවතට බර වැඩියි...

මෙන්න ඒ අවස්ථාවෙ පටිගත කල සජීවී දර්ශන

කොල්ලො,  මම තව අවුරුදු දෙකක් ඉදීවිද ෂුවර් එකක් නෑ... උඹලා එක්ක ඉස්සර ගත කල කාලෙ තමයි මට තාමත් මතක් වෙන්නෙ....

සර්ගෙ මුවෙන් හදිසියේ පිටවුන ඒ වචන පෙළින් පස්සෙ අපේ උන් ගොළු වුනා... ජීවිතයේ යථාර්තය පිළිබද අදහසක් එහි ගැබ් වෙලා තිබුනා... ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව පසක් කරමින් එකා දෙන්නා රහසෙන් කදුළු සැලුවා... ඒ කදුළු මැදින් සිරා මේ සටහන තැබුවා... බෑන්ඩ් කණ්ඩායමේ තාත්තාට ඒ පරණ  දරුවො තවමත් කොච්චර ආදරේදැයි දැනුනා...

මාස්ටර් දැන්ම යන්න හිතන්නවත් එපා... ඔබට දීර්ඝායුෂ ලැබේවා !


මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා....


ප.ලි

තැඹිලි මෙහෙයුම ගැන ලිව්වට පස්සෙ සිරාගෙ කාමරේට එන යන  විවිධ රටවල වෙසෙන අපේ ආදි ශිෂ්‍යයො කීප දෙනෙක්ම මට ඊ මේල් පණිවිඩ එවා තිබුනා....
උඹ ආයෙත් අපේ ඉස්කෝලෙ ගැන ලියද්දි අපි හරිම ආශාවෙන් කියවනවා මල්ලි...අපේ දරුවන්ටත් පෙන්නන්න,  පුලුවන් තරම් ඒ කාලෙ වෙච්ච දේවල් ලියපන්,
කියලා කිව්ව නිසාමත්, මාස්ටර් ගෙ කථාවෙන් රිදුනු හිත හදාගන්නත් එක්ක අද ලිව්වා මේ විස්තර කීපය...


සිරාගෙ බෑන්ඩ් ජීවිතය ගැන කථාවෙද්දි නිතරම කියවෙන ලොකු අයියත් ඔය වීඩියෝවෙ ඉන්නවා... පුලුවන් නම් හදුනාගන්න...ඒ විතරයෑ... කැතම කැත පටි ජොකා අරගෙන උපන් දින පාටියට ආපු VP ගොයියත් ඒ දර්ශන වල ඉන්නවා...

මාස්ටර්ගෙන් ශිල්පය ඉගෙන ගෙන සැක්ස‍ෆෝනයෙන් වැඩ පෙන්නපු අපේ සහෝදරයො ඉස්සර රාත්‍රී පුහුණුවීම් කරන  වෙලාවට... අදුරේ ගිලුණු පාසල් ක්‍රීඩාංගනයට වෙලා  විරහා ගීත පෙළක් වාදනය කරනවා...ඒ ගීතාවලිය පටන් ගන්නෙ මිල්ටන්ගෙ එදා රෑ ගුවන්තොටුපලේදී සින්දුවෙන්,  අපේ පාසලට එහායින් තියෙන රතුපාට ටයිපටියක් තියෙන පාසලේ නේවාසිකාගාරයේ සිටි මල් කැකුළියො ඒ ගීත ඉතාමත්ම ආදරයෙන් ශ්‍ර‍වණය කලාලු... මේ ලගකදි තමා ඒ බැව් දැනගත්තෙ...







168 comments:

  1. අම්මෝ බන් මේකේ දිග .... පල්ලෙහාට යන්න බස් එකක් වත් ගන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. සිරා කොල්ලා ලියන්න කම්මැලි නෑ...නිදි මතේ කියවන්න ගත්තා...මේ මාගල කියවලා ඉවර වෙද්දී නිදිමත පිට කොටුව දිහාට ගිහින්.... :D

      Delete
    2. ඒක හැබෑව ළිහිණීයෝ..

      Delete
    3. @ ලියාගෙන යද්දි දිගක් තේරුනේ නෑ බන්... මට කියන්න ඕනෙ වුන හැම දේම කිව්වා... බස් එකක් එන්න පරක්කු නම් ආටා එකක් හරි අරන් එමු...

      @ ලිහිණි

      සමාවෙන්න ඕනෙ දිග වැඩි උනා නම්...

      Delete
    4. අතීත මතක ලේබලෙන් පෝස්ට් ලියද්දිත් මම මාර වෙහෙසක් ගන්නවා කෙටි කරන්න.

      ඒත් සාර්ථකව කෙටි කරනවා. හරියට කෙල්ලෙක් තමන්ගෙ ගවුම සාර්ථකව අදියරින් අදියර කෙටි කරනවා වගේ :)

      Delete
    5. නෑ..නෑ දිගවැඩි නෑ....මටනම් රහයි බං...!

      Delete
    6. @ සෑමා

      උඹේ උපහැරණෙ නම් පස්ටයි බන්...ඕකට කියන්නෙ ගුණ ධර්ම පහළට... ගවුමෙ වාටිය ඉහළට කියලා...

      Delete
  2. අඩේ ... සිරා සහෝදරයා උඹ අර ඩෙනිම ඇඳන් ඉන්නෙ ඉනටද පපුවටද බං.

    බොරු මොටද ඔන්න පෝස්ට් එකනම් කියෙව්වෙ නෑ බං, මේ නිදිමත ගායෙ දිග එව්ව කියවන්න හිතෙන්නෙ නෑ, හෙටම කියවනව.

    ReplyDelete
    Replies
    1. කොහෙද අහන්න උන්න දේ මෙයා අහලනේ...ඇත්තටම සිරෝ..ඒ කාලේ බෙල්ට් එක දැම්මෙ පපුවටද ? හි හි හී...

      සිරාගෙ හැම කතාවක්ම කියවලා ඉවර වෙද්දී හිතේ ඉතුරු වෙන එක දෙයක් තියෙනවා...ඒ මනුස්සකම ගැන තියෙන වටිනාකම...මෙතැනදීත් ඒකම උනා...

      // මන්දාස්තිතියක් //

      සිරෝ..මේකට කියන්නෙ මන්දාස්මිතයක් වගේ එකක්...ඒකත් හරිද මන්දා...

      Delete
    2. "මන්දස්මිතයක්" "දා" නෙවෙයි "ද"

      මම මේ මං.... :)

      Delete
    3. @ DDT

      අනේ බන් උඹටත් පේන දේවල්... වැඩිපුරම පේන්නෙ බඩ... ඒක පේන්න නැති වුනාම වෙන අටමගලයක්... පපුව සහ ඉන අතරට ඇන්දා කියලා කියමු... නිදිමත නැති වෙලාවක ආයෙමත් කියවන්න ආයුබොවන්...

      @ ලිහිණි

      ස්තූතියි.. නිදිමතේ මටත් කොයිල් වෙලා... ඔබ කියූ වචනය තමා නිවැරදි...
      මන්දාස්මිතිය හෙවත් මද සිනහව

      Delete
  3. මට මේ කැලන්ඩර් කොන්ත්‍රාත් එකක් අහුවෙලා .... කකුල් දෙක රිදෙන හින්දා ඇවිත් දා ගත්තා.. මෙන්න සිරා ගැන මතක් කරනකොටම සිරා පෝස්ට් එකක් දාලා.....

    ළිහිණියා කියනවා ව‌ෙග් සිරාගේ පෝස්ට් වල හැමදාම ඒ මනුස්සකම කියන එක නම් අඩුවක් නැතුව තියෙනවා...

    ඊටත් සිරා ඔය වගේ ළමයින්ට ළං වෙලා හිටපු සර් කෙනෙක් ඔහොම කතාවක් කිව්වම ඇඬෙන්නේ නැත්තේ කාටද.... මට නම් අම්බානක ඇඬුනා මේක කියෝලා..

    ReplyDelete
    Replies
    1. කැලැන්ඩර් ඩිසයින් කරද්දි කකුල් රිදෙන්නෙ මක්කෙයි හැබෑට... හිරු ට එහෙනම් දෙසැම්බරේ ජයයි වගේ... අනේ වාසනාවන්...

      මම ඉතිං කථා ලියනවා කියලා ආරූඩ කරගත්ත බොරු ලියන්නෙ නෑ... හැම වෙලේම සැබෑ සිදුවීම් තමයි ලියන්න උත්සුක වෙන්නෙ... ඒ තුල ඔබ කියන ඔය මනුස්ස කම අඩු නැතිව තියෙනවා වෙන්න පුලුවන්...

      අපේ උනුත් එදා හොරෙන් හොරෙන් ඇඩුවා... මමත් ඒ දුකටම තමා මේ කථාව ලිව්වෙ..

      Delete
    2. ඩිසයින් ඉවරයි සිරා ... දැං අලෝනවා... බිම ඉදගෙන ඉන්නවා කියන්නේ මාව මරනවා වගේ වැඩක්... රෑ එලි වෙන කම් වැඩ..

      Delete
    3. ඔබ එළිවෙන තුරා වැඩ කරද්දි අපේ මහත්තයා කෙල්ලට ටී එකක් දෙකක් එහෙම හදලා දෙනවා ඇති කියලා මට හිතෙනවා... එයාවත් සහාය කරගෙන වැඩේ කරන්න... ආදායමෙන් 25% අපේ මහත්තයට දෙන්න... පවුනෙ ඉතිං...

      Delete
    4. එයාගේ අතේ තියෙන හැම සතේම මට වියදම් කරන කොට 25% ක් මොකටද... ඔක්‌ෙකාම දෙන්නේ එයාට තමා... හි හි...

      Delete
    5. මෙන්න ආදර්ශමත් භාරියාවක්... අනේ මටත් මේ වගේ භාරියක්ම ලැබීයන්...

      Delete
    6. මං වගේ උන් හොයාගන්න හරි අමාරුයි.. හැබැයි මං වගේ එකෙක් පතනවා නම් දැන්මම කන් දෙකේ ගහගන්න ඇබ සෙට් එකක් අරන් පරිස්සම් කරලා තියාගන්න.. හි හි...

      Delete
  4. අනේ මන්දා කියන්න වචන එන්නේ නැ ලිවිල්ල අතින් උබ දැන් ගොඩාක් සුපිරි පොරක් වෙලා... හිස් අහසෙන් පස්සේ මම දකින හිතට වදින මනුස්ස කම පිරුණු ඒවා මම දකින්නේ මේ පොස්ට් වල.... සමහර පොස්ට් වලට මගේ කමෙන්ට් නැතිව ඇති.. ඒ අඩු පාඩුවක් නිසා නෙමේ.. සිරාගේ සුපිරි සිරා වදන් වලට මට කියන්න වටිනා දෙයක් මතක් නොවෙන නිසා... මාස්ටර් සර් සැබෑ මනුෂයෙක්... උබලා ගොඩාක් පින් කරලා ඇති බන් එහෙම සෙවනක ඉන්න.....

    ජයම වේවා

    ReplyDelete
    Replies
    1. දේවාගෙ ලෙංගතුකම පිරුනු කොමෙන්ටුවට මගේ ප්‍ර‍ණාමය !

      එහෙම මනුෂ්‍යයෙක් ආශ්‍ර‍ය කරන්න අපට අවස්ථාවක් ලැබුනෙ පෙර පිනකට වෙන්න ඇති කියලා අපිටත් හිතුනු වාර අනන්තයි..

      ඔබටත් ජය !

      Delete
  5. උඹලා වගේ ගෝලයෝ ලබන්න සර් පින් කරලා තියෙනවා ,ඒ වගේම සර් වගේ ගුරෙක් ලබන්න උඹලත් පින් කරලා තියෙන්වා කියලා මට හිතුනා සිරා ..හැමදාමත් වගේ උඹේ පෝස්ටුව කියවලා ඉවරවෙනකොට ඇස්වලට කඳුළු පිරෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ. මේ දවස්වල උඹ කාර්‍යබහුල වෙලාද වැඩිපුර පෙන්න නැත්තේ ? පෝස්ටුව ලියලා තියෙන්නේත් යක්කු ගස් යන වෙලාවේ .

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල මගේ පියා ශල්‍ය කර්මයක් සදහා රෝහල් ගතව ඉන්නෙ... ඒ නිසයි දකින්න අඩු...ඊයෙ මුළු රාත්තිරියම එයා ලග නිදි නොමැතිව ඉදලා ඇවිල්ලයි මේ කොටන්නෙ... උඹ වගේ සංවේදී හිතක් තියෙන මනුස්සයෙක් ආශ්‍ර‍ය කරන්න ලැබීම පිළිබදවත් මට අප්‍ර‍මාණ සතුටුයි.

      Delete
    2. සිරාගේ පියාට ඉක්මන් සුව පතමි !

      Delete
    3. සිරා. මමත් තාත්තට ඉකනින්ම සුවපත් වෙන්න ඕනෙයි කියලා ප්‍රාර්ථනා කරනව.

      Delete
    4. මමත් එතුමාට නිරෝගී සුවය පතනවා!

      Delete
    5. ඔබ හැමෝගෙම ප්‍රාර්ථනාවන්ට බොහොමත්ම ස්තූතියි... සංවේදී හදවත් ස්පර්ශ කරන්නත් දැන හැදිනගන්නත් තියෙන අවකාශය නිසාමයි සිරා බ්ලොග් වලට මෙතරම් පෙම් බදින්නෙ...

      Delete
    6. පියාට ඉක්මන් සුවය ලැබේවා..!!
      සිරාවැනි දරුවන් හැදූ පියාණන් වාසනාවන්තයි..!

      Delete
    7. ස්තූතියි වී.... සිරා මව හා සමානවම පියාට ආදරේ කරන ඉදහිට දකින්න ලැබෙන කොල්ලෙක්...

      Delete
  6. ඔය වගේ සෑර් ලා දැං හොයන්ඩ නෑ... පේනවනේ වැඩිපුර ටී.වී. රේඩියෝවල අහන්ඩ ලැබෙන දේවල්..??
    ඒක නෙවේ දැනුත් සිරා //"සිරා මහලොකු පොරක් කියලා හිතං හිටියට"// හිතං එන්නෙ මෙහෙමැයි?

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං සෑර්ල එක්ක දරුවෙක් තියන්නත් භයයි නොවැ... අපචාර හැම තැනම..

      අනේ සිරා කොලුවා නම් එහෙම පොරක් කියලා හිතන්නෙ නැතුවා ආයුබෝං...

      Delete
  7. ඇත්ත තමයි පුදුම මනුස්සයෙක් . ජිවිතේ අත්දැකීම් ලියද්දි ගලාගෙන එන අපුරුව . සර්ට තව ගොඩක් කල් සිරාල එක්ක මේ වගේ සම්භාශනයන්ට සහභාගී වෙන්න ලැබෙන්න කියල මන් පතනවා .

    ඒ එක්කම සිරා කාපු පිඟාන සංරක්ෂණය කරන්නත් වෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා කියලා මමත් පතනවා... මේ වගේ අව්‍යාජ ගුරු පියවරුන් දැන් කෙමෙන් කෙමෙන් වදවීගෙන යන්නෙ...

      පිගානෙ කථාව නම් කම්පනාවට ආවෙ නෑ... හැබෑටම මක්කෙයි පිගාන සංරක්ෂණය කරන්නෙ...

      Delete

  8. අර මම ගියපාර දාපු කමෙන්ට් එකට උත්තරේ ලැබිලා තියෙනවා.
    නියම ගුරුතුමා. නියම ගෝලයො සෙට් එක. දෙපැත්තම උපරිමයි. හරිම සංවේදීයි බං.
    (ඔය මොරිස් මයිනර්වල ඔහොම ඇක්සල් කඩා වැටෙන ලෙඩක් තිබ්බා තමයි සිරා.)
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගුරු සිසු සබදතාවක් අද තියේද මන්දා... ගුරුවරයෙක් වැරැද්දකට දඩුවම් කලොත් නඩු දාන තත්වයක් අද තියෙන්නෙ...

      මයිනර් වල ඔහොම ලෙඩක් තියෙනවා කියලා එදා එය පිළිසකර කරන්න ආපු බාසුන්නැහේත් කිව්වා වගේ මතකයි...

      Delete
  9. "hisahasa" Sadru principal sir eka bepu post eka matak una. ubage post kiywala "tani ahata adenawa"
    Jayawewa,
    Sajith
    mata dan g mail tiyana nisa aya Sajith kiyala liyana naha . Sanjeewa kiyana mama tami...

    ReplyDelete
    Replies
    1. ඉස්සර සජිත්...අද සංජීව.... ඔබ නොදන්නවා උනාට මගේ මුල් නමත් සංජීව...

      හැමදාම කාමරයට එබිලා වචනෙකින් දෙකකින් පෙන්වන මෙ ලෙංගතුකමට මම හරිම කෑදරයි... ඔබට ජයම වේවා !

      Delete
  10. ++++++++++++++++++++++++
    පට්ට දිග උනාට එක හුස්මට කියෙව්වා බං වෙලාව යනවා තේරුනේ නැහැ කියවද්දී. සර්ටත් බලන්න කියහන් මේක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඔබේ ප්‍ර‍තිචාර දැක්කම මම එතුමාටත් මෙය පෙන්වන්න තීරණය කොලා...

      Delete
  11. සංවේදී හැගීමක් දැනුනේ අවසානයේදී. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු පියෙක්. ඒ වගේම කළගුණ දන්නා ගෝලයෝ පිරිසක් ලබන්නත් එතුමා වාසනාවන්ත වෙලා තියනවා.
    උඹ මේ ලියන විදිහටත් මං හෙන කැමතියි සිරා. ජයම වේවා!!
    උඹගේ ප්‍රාර්ථනාවට මමත් එකතු වෙනවා..!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන ඔබේ ලෙංගතු ප්‍රාර්ථනාවට... මේ ලිපිය ලියලා ඉවර උනාම මගේ ඇස් දෙකත් කදුලින් තෙත් වුනා... කන්න නැති වෙලේ අපිට කන්න දුන්නු එකම මදිද...

      Delete
  12. වෙනදා වගේම සිරා ලිපියක්.සිරා අය්යාගේ හැම ලිපියකම තියෙන මනුස්සකම් නොඅඩුව මේකත් තියෙනවා.සිරා අය්යාගේ බෑන්ඩ් කතා කියවනකොට මතක් වෙනවා ඉස්සර නෙවසිකගර්යේ ඉන්නකොට පාසලේ කැඩෙට් බෑන්ඩ් එක ප්‍රැක්ටිස් වෙන හැටි.හැම අගහරුවදයි බ්‍රහස්පතින්දයි හවස් වරුවේ සිරලගේ වගේ එල සින්දු සෙට් එකක් ගහනවා.මාරම ගතියක් තියෙනවා ඒ සින්දු play කරන විදියට.සිරලගේ සර් නම් දෙවියෙක් වගේ මනුස්සයෙක්.එතුමාට තවත් බොහෝ කාලයක් නිරෝගිව ඉන්න ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ ප්‍රාර්ථනාවට... කැඩෙට් කරන ඕනෑම කණ්ඩායමක් තුල තියෙන වටිනාම ගුණාංගය තමයි සමගිය/සහෝදරත්වය... පාසලෙන් සමු අරන් අවුරුදු ගානක් ගියත් මේ බැදීම සදා අමරණීයයි... හරිම ලෙංගතුයි.

      මා දෙවියන් වගේ අදහන ගුරුවරුන් කීප දෙනාගෙන් එක් අයෙක් තමයි අපේ මේ මාස්ටර්..

      Delete
  13. හොද මාස්ටර් කෙනෙක් උබලට හම්බවෙලා තියෙන්නේ ..ඒ වගේ කෙනෙක්ට මල් තියල වැන්දත් පව් නැහැ

    උබ ඩෙනිම ඇන්දේ කොතනටද බං..හික් .

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස මමත් හිස්මුදුනින්ම පිළිගන්නවා...

      කැඩෙට් කරපු උන් ඉතින් බැගී නැතුව ෂර්ට්/ටී ෂර්ට් දෙකම කලිසමට යට කරලා ඔය විදියට තමා ඉස්සර ඇන්දෙ... විහිළු කරන්න එපා බන්... සිරා පව්...

      Delete
  14. අයියම හැමදාම දාන විදියට "මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා...." තමයි...එහෙම සර් කෙනෙක් ලබන්න ඔයාලා වාසනාවන්තයි තමයි...

    අනිත් එක.. ෆෝසස් වල ඉඳල ගුරු සේවයට එන බොහෝ අය ළඟ නීට් එකට තමයි වැඩ.. පොඩ්ඩ එහා මෙහා වුණොත් කෑගහනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි ඔබේ අදහස සමග මමත් එකතුවෙනවා... ආරක්ෂක අංශ වල සේවයේ නිරතව සිට සමුගත් බහුතරයක් ලග අදටත් මේ ගතිගුණ තියෙනවා... විශේෂයෙන් වෙලාවට වැඩ කිරීමේ ගුණය...

      Delete
  15. //අනේ අනේ... උඹලා මට හොරෙන් ෆ්‍රැක්ටිස් කරන්න නේද.... යක්කලට ඇහෙනවා බන් උඹලගෙ සද්දෙ... මම මේ ඒක ඇහිලා ආවෙ... උඹලා රෑට කෑවද...//කොහොම කරුණාවක් තියන මනුෂ්‍යයෙක්ද ?කියලා වැඩක් නැහැ !ඔයාලගේ වාසනාව සිරා ..ඒ වගේ මනුස්සකම් තියන උතුම් මනුෂ්‍යයෙක්ගෙන් ඉගෙන ගැනීම පමණක් නෙවෙයි ,ඔහු ඇසුරු කිරීමට ලැබීම පවා භාගයක් !මමත් ප්‍රර්ථනා කරනවා ඔහුට දීර්ඝායුෂ !
    :'(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි ඔබේ ප්‍රාර්ථනාවට..

      ඇත්තෙන්ම එතුමා ගුරුකම නිසි ලෙස හදුනාගත් ගරුකටයුතු පුද්ගලයෙක්... එහි විවාදයක් නෑ...

      Delete
  16. කොච්චර දිග උනත් එක හුස්මට කියෝගෙන ගියා. හරිම සන්වේදී විදියට ලියල තියෙනව.
    මට කියන්න වචන නැහැ. ඒ තරම් හිතට දැනෙන්ව. මේ වීඩියෝ එකේ තිසර පෙරේරා ඉන්නවද?? මට එහෙම පෙනුන කෙනෙක්ව ඒකයි.
    ස'ට දීර්ගායුශ ප්‍රාර්තනා කරනව මුළු හදවතින්ම!!

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝවෙ ඉන්නෙ Sirasa Super Star Generation 4 ජයග්‍රාහකයා තිසර චානක.... ඔහුත් අපේ බෑන්ඩ් කණ්ඩායමෙන් බිහි වුනු හිත හොද කොල්ලෙක්...

      ඔබේ ප්‍රාර්ථනාවන්ට ස්තූතියි සහෝදරයා...

      Delete
  17. ගුරුවරයෙකුට දෙන්න පුළුවන් උපරිම සම්මානය... උඹට හරි මේක කියවන සර්ව දන්න හදුනන කෙනෙකුට හරි පුළුවන්නං මේක සර්ට කියවන්න දීහං... ඒ සතුට.් ඒ මනුස්සයට විඳින්න අයිතිය තියෙන්න ඕන...

    මට ඇඩෙන්නේ ‍හරි හමන් ෆිල්ම් එකක් බැළුවම තමා.. මේ දැන් දවස් තුනකට කලින් බැළුවා අමිතාබ් සහ රානි මුඛර්ජි ඉන්න "බ්ලැක්" හින්දි ෆිල්ම් එක.. එකේ අවසාන හරියේ රානි උපාධි උත්සවේ කරන කතාවේදී මං "පාස්" කියන කෑල්ල අම්මලට කියන හැටි කියවෙන තැනදී තමයි මං අන්තිමට ඇඩුවේ... මේකේ අගදිත් ඒකම මට උනා කිව්වොත් ලැජ්ජාවට කාරණයක් නෙවෙයි... මේකත් දට ෆිල්ම් එකක් වගේ ලස්සනට ගලා ගිය කතාවක්...
    උපරිමයි සිරා...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මමත් හිතුවෙ... සර්ට කියවන්න අවස්ථාවක් දෙනවා... ඒ සිතට එයත් සතුටට හේතු වේවි...

      තමන්ගෙ සංවේදී කම ලැජ්ජාවට කාරණයක් නෙමෙයි... මමත් බොහොම සංවේදී චරිතයක්... මාරයාත් එවැනි අයෙකු බව දැන ගැන්නට ලැබීම ගැන සතුටුයි. සංවේදී කමත් පුද්ගලයෙක්ට මහා වත්කමක් කියලයි මට හිතෙන්නෙ... එවැනි අයෙකු කවදාවත් සමාජයට ද්‍රෝහි වෙන්නෙ නෑ...

      Delete
  18. හොඳ ගුරුවරු තමයි හොඳ හැකියාවන් තියන අය හොයාගන්නේ ඒවගේම ඕනෑම ජයක් පිටුපස්සේ හොඳ ගුරුවරයෙක් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හොද ගුරුවරයෙක්නම් ඔහු දක්ෂයා දක්ෂයෙකු නොව අදක්ෂයා දක්ෂයකු කල යුතුයි... අන්න ඒ අමාරු කාරිය මැනවින් කරපු කෙනෙක් තමයි අපේ මාස්ටර්...

      Delete
  19. සුපිරි ගුරුවරයෙක් ආයේ අහන්න දෙයක් නැහැ. හරිම සංවේදී විදියට ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝරලේ මහත්තයෝ ඔබේ අදහස් වලට..

      Delete
  20. අත්තමයි සිරා අයියේ මේ ලියල තියන විදිහට එක හුස්මට කියවන්න පුළුවන් කිසිම කම්මැලි කමක් නැතුව. ඒ ලස්සන අතීතය මේවගේ එළකිරි නිර්මාණාත්මක විදිහට ලියන්න හැමෝටම බෑ...ඇත්තටම කෙටිකතාවක් කියවනවා වගේ ආශාවෙන් කියවන්න පුළුවන් "මාස්ටර් සර්ට" දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තූතියි... මේ හැම කොමෙන්ටුවක්ම මම එතුමාට ඉදිරි දිණෙක පෙන්වන්නම්...

      Delete
  21. I too feel your article to the deep of my heart.It symbolize the huminity qualities withen you & also wish band master a long & healthy life
    NAYAKANZ FOR EVER

    ReplyDelete
    Replies
    1. Meet you again... thanks a lot for your comment & you Know Nayakanz are never defeat.... its a great pleasure for me about your meeting here as a another BC guy....

      Delete
  22. මගෙත් කැඩෙටින් ජීවිතේ මතක් උනා සිරා මේක කියවද්දි.. ඔය ඩෙනිම ඇදං ඉන්නවගේ වගේ බඩට කලිසම ඇදල, බැගී නැතුව ෂර්ට් ටී ෂර්ට් යට කරල.. පාසල් කාලේ බොහෝම සුන්දර මතකයක්..
    අනිත් කා‍රනේ තමයි ඔය ව‍‍ගේ ගුරුවරු හම්බෙන්නේ කලාතුරකින්.. චමිය කිව්ව දේමයි බන් කියන්න තියෙන්නේ.. සර්ට අපිත් දීර්ඝායු පතනවා..!!!

    ReplyDelete
    Replies
    1. කැඩෙට් ජීවිතය ඒ දවස් වල නීරස උනාට... එහි නියම සුන්දරත්වය දැනෙන්නෙ දැන්...

      ප්‍රාර්ථනාවට ස්තූතියි...

      Delete
  23. Replies
    1. ස්තූතියි ප්‍ර‍සන්න අයියා...

      Delete
  24. අන්න මම දැකපු සිරාගේ සිරාම පාපොච්චාරනය. අද එන්න පරක්කු උනෙත් බං මේක දුවන කෝච්චියේ කියවන්න බැරි එකක් හින්දා. ඉතා සංවේදියි බං. සත්ගුණවත් අය මේ විදියට තමා බං අගය කරන්නේ. ගුරුතුමාට දිර්ඝායු වේවා.. සිරා උපරිමයි මේ විස්තරය

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටුව බොහොම හෘදයාංගමව මට දැනෙනවා... ඒ ඔබ තුලත් සංවේදි කමේ ගති ලක්ෂණ තිබෙන නිසා...

      ප්‍රාර්ථනාව යථාර්තයක්ම වේවා !

      Delete
  25. ගුරු ගෞරවය රැකීම ඉහලින් අගය කලයුතු මානුෂික ගුණ ධර්මයක් සිරා. ඉතාම අගය කරනවා මේ ලිපිය.

    මම පාසල් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායමේ සැරයන්ව සිටියදී අපේ බෑන්ඩ් එක අරගෙන ගියා ලංකාවේ සුප්‍රසිද්ධ පාලමක් විවෘත කිරීමේ උත්සවයකට. එතැනදී ඇමැත්තයෙක්ගේ බලපෑමකට අහුවුණු අපේ ප්‍රින්සිපල් අපේ බෑන්ඩ් එකේ බඩු වෙන බෑන්ඩ් එකකට දීලා ගස්සවන්න හැදුවා. මම කිව්වා එහෙම කළොත් මම ආචාර පෙළපාලිය කමාන්ඩ් කරන්නේ නෑ කියලා. අපේ කොල්ලෝ කිව්වා පනිනවා පාලමෙන් ගඟට කියලා. අන්තිමට අර ඇමතියාට සිදුවුනා වාලධිය පශ්චාත් භාගයේ ගහගන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබතුමා එදා කටයුතු කර තිබෙන ආකාරය වගේ සිදුවීම් වලට අපිත් මුහුණදිලා තියෙනවා... විද්‍යාලයේ කටයුතු වලදි ආරාධිත අමුත්තා පිළිගැනීම අපට භාර දීලා තිබුනු අවස්ථාවක... අපේ අය ඒ වෙනුවෙන් නිලඇදුමෙන් සැරසී පවා සිටියදී ඒ අවස්ථාව වරක් අපට අහිමි කලා... ඊට පසු අපේ කණ්ඩායමට කරන්න නියමිත වෙලා තිබුනු අනෙක් රාජකාරි සියල්ලම පැහැර හැරියා...

      විචාරක තුමත් කැඩෙට් කරුවෙකු බව දැනගැනීමට ලැබීම සතුටක්... කැඩෙට් ජීවිතයට සම්බන්ධ පැරණි සිදුවීමක් දෙකක් ලියන්න කියලත් ඉල්ලා සිටින්න කැමතියි...

      Delete
    2. Ai e witarakda? matakada eka awuruddaka Gampaha Distric nidahas uthsawayedi,,, Danno budhunge song eka balen play kala....That's a brave decision taken by you and sanjaya aiya....

      Delete
    3. @ ඇනෝ

      ඔබේ කොමෙන්ටුවෙන් කියවෙන කථාව සත්‍යයක්... මේ ඇනෝ කවුද කියලා දැනගන්න සතුටුයි... එදා දන්නෝ බුදුන්ගේ ගීතය පෙර පුහුණුවීම් වලදි පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය වාදනය කලත් නිදහස් උත්සවේ දවසෙදි වාදනය කලේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් අපි... එය අප විද්‍යාලයේ පෙරදිග/අපරදිග තූර්ය වාදක ඛණ්ඩායම් අතර සහයෝගීතාව බාහිර සමාජයට පෙන්වපු අවස්ථාවක්... එහි ගෞරවය එවකට පෙරදිග තූර්ය වාදක ඛණ්ඩයේ සැරයන් සජිත් ටත් හිමිවිය යුතුයි.

      Delete
  26. සිරා ඇඩෙන්න ලියලා තියන්වා බන්,
    උඹේ ගුරු පියානන්ට දීර්ඝායුෂ.. !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ ප්‍රාර්ථනාවට...

      Delete
  27. බෑන්ඩ් එක සීග්‍ර දියුණුවක් ලැබුව කියන එක ගම්පහ අපිට රහසක් නෙමෙයි. එත් මේ වගේ ආදරණීය ගුරු පියෙක් ඒ පිටුපස සිටීම නම් මට රහසක් උනා. මෙවැනි ගුරු පියවරුන්ගෙන් ඉගෙන ගැනීමට ලැබීමත් වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. ගම්පහ ගොයියෙක් නිසා අටුවා ටිකා ටිප්පනි අවශ්‍ය නෑ නොවැ... යක්කල පැත්තෙ මිනිස්සු බහුතරයක් මාස්ටර් කිව්වාම අපේ ගුරුතුමා හදුනනවා...

      Delete
  28. සිරාලා වගේ මුල මතක තියෙන මිනිස්සූ අඩුයි දැන් ලෝකේ....
    මෙහෙම ගුරුවරු දෙවිවරු වගේ අදහන්න ඕනේ...
    අපි කොහේ කොතනක වැජඹුනත් ගුරුවරු තමා අපේ මුදුන් මුල්...
    කලගුණ වචනෙන් හරි කරලා සිරා ලොකු පිනක් කර ගෙන තියෙන්නේ.
    හේවාවසම් සර් ගැන මමත් මගේ BC යාලුවන්ගෙන් අහලා තියෙනවා. කියපු උන් කිව්වේ අන්න සර්ලා කියලා....
    මමත් සර්ට දීර්ගායුෂ පතනවා!!!!

    සිරා ලියන එකත් වෙනදා වගේම සිරාවටම ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබට නම පොඩ්ඩක් වැරදිලා... ප්‍රේමසිරි ගම්හේවා තමයි අපේ මාස්ටර් ගෙ නම...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ ගුරුවරයෙක්...

      ප්‍රාර්ථනාවට ගොඩක් පිං... ස්තූතියි...

      Delete
    2. ඔව් නේන්නං අනේ සම වෙන්න ඕනේ....
      පොඩි වැරදීමක්...


      Delete
  29. මම ඉස්කෝලේ බෑන්ඩ් ගහපු කාලේ මතක් උනා. අපේ බෑන්ඩ් එක ඊස්ටර්න් එකක් නිසා මම ප්ලේ කලේ ෆ්ලූට් එක.

    ඔය වගේ ගුරු දෙවිවරු ඉන්නවා. ඒ වගේ ගුරු දෙවිවරුන්ගේ ඇසුර ලබන්න ගොඩක් පින් කරලා තියෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. දුමී අයියත් ඉස්කෝලෙ බෑන්ඩ් ගැහුවද ඒ කාලෙ... මම දන්නෙ පස්සෙ කාලෙක බීට් බෑන්ඩ් ගැහුවා කියලා විතරයි නොවැ... කාමරයට ඇවිල්ලා ඉදිරියට යන්න තල්ලුවක් දෙනවට බොහොම ස්තූතියි...

      Delete
    2. ඔව් මම ගොඩක් ආසාවෙන් කරපු දෙයක්. අන්තිම අවුරුදු දෙකේ බෑන්ඩ් එක ලීඩ් කලේ මම. මම අවුට් වෙනකං කැඩෙටින් ස්ටේටුස් ගන්න බැරි උනා. ඒත් අපි දෙහිවල/ගල්කිස්ස/කෝට්ටෙ පැත්තෙ තිබුනු කම්පිටිෂන් වලින් ප්ලේස් වලට ආවා.

      අපිට හිටිය ලොකුම කම්පිටිටර් තම්යි කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලේ. ඒ වෙනකොට ඒගොල්ලෝ හර්මන් ලූස් වලට යනවා.

      අපිට මේ මෑත කාලෙදි තමයි කැඩෙටින් බෑන්ඩ් එකක් විදිහට ස්ටේටුස් හම්බ වෙලා තියෙන්නෙ.

      Delete
    3. බොහොම සුන්දර අතීතයක්... කැඩෙට් කෙරුවාවෙ සුන්දරත්වය එදාට වැඩියෙන් දැනෙන්නෙ අද...

      Delete
    4. Dhmui aiya e isara .danm sahena amrui shastarelata place karana

      Delete
    5. ශාස්ත්‍රාලේ කියන්නෙ පරණම කැඩෙටින් බෑන්ඩ් එකක්. අපි ඉන්න කාලේ එක දිගටම, හැම අවුරුද්දේම කප් එක උස්සන්නෙ ශාස්ත්‍රාලේ බෑන්ඩ් එක. දැන් සමහර විට තව තව කැඩෙටින් බෑන්ඩ් අළුතෙන් සෙට් වෙලා නිසා කම්පිටිෂන් එක වැඩි ඇති.

      Delete
    6. දුමී අයියා කප් එක කියලා කිව්වෙ රන්ටැඹේ කප් එකද... මම කියන මෑත අතීතයේ නම් ශාස්ත්‍රාලෙ අහලකවත් හිටියෙ නෑ... ඩී.ඇස්/රෝයල්/කින්ග්ස්වුඩ්/මහින්ද ගාල්ල ඕවා සමග අපි.... ඔය පාසල් කීපය අතර තමා දිගටම රන්ටැඹේ කප් එක දෝලනය වුනේ... මම කිව්වෙ කැඩෙට් වෙස්ටර්න් බෑන්ඩ් ගැන...

      Delete
    7. ශාස්ත්‍රාලෙ කැඩෙට් බෑන්ඩ් එක දුමී අය්යල අවුට් වෙන කාලෙම අවුට් ගියා. ඒත් මම දන්න විදියට වැඩිම කාලයක් කපු එක ඉස්සුවෙ ශාස්ත්‍රාලෙ.

      සිරා,
      දුමී අයිය ඔය කියන කාලෙ උඹල බෑන්ඩ් සීන් එකේ අතදරුවො. දුමී අයිය කියල තියෙන්නෙ 1990 ගනන්වල මුල් කාලෙ ගැන.

      Delete
    8. ශ්‍රාස්තාලෙ ඊස්ටන් බෑන්ඩ් එක දැනටත් නරකම නෑ කියලා අපේ වර්තමාන කොල්ලෙක් කිව්වා...

      Delete
  30. හොද ගුරෙක් ගෙ හොද ගොලයෙක්, අවසාන හරියෙ නම් මමත් ටිකක් සන්වේදි උනා.
    ගුරුවරයෙකුට දෙන්න පුලුවන් ලොකුම සම්මානය තමයි මේ.
    ජීවිතකාලෙදි සියගණනක් ගුරුවරුන් ගෙන් ඉගෙනගෙන තිබුනත් මෙහෙම කතාකරන්න පුලුවන් ගුරුවරු අපිට හමුවෙලා තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් නෙ... එතුමට දීර්ඝායුෂ.!!!

    ReplyDelete
    Replies
    1. අවසාන හරියෙදි ඔබ පමණක් නොවේ මමත් සංවේදී උනා... මමත් බොහොම හැගීම්බරව තමයි ඒ කොටස ලිව්වෙ... අතීතයේ කල කී දෑ කදුලු අතරින් මතක් වුනා මටත්...

      ප්‍රාර්ථනාවට ස්තූතියි...

      Delete
  31. ජිවිතේට අපිට ගුරුවරු ඕනි තරම් හුවෙනවා ඒ අතරින් ආදරණීය ගුරු පියාණන්ලා මව්වරුන් හම්බවෙන්නේ කලාතුරකින්....අපිටත් හිටියා ආදරණීය ගුරු මවක් අපි එයාට කිව්වේ මිස් අම්මා කියලා නම තිබ්බේ මම...අදටත් ඉස්කෝලෙ මිස් අම්ම කිව්වමයි හැමෝම දන්නේ....පෝස්ටුව අවසානේ ගොඩක් සංවේදී....නමුත් අපි හැමෝම හැමදාම ජීවත් වෙන්න ආපු ගමනක් නෙමෙයි නේ මේ ජීවිතේ....

    නමුත් ඒ ආදරණීය ගුරු පියාණන්ට මමත් තව දිගුකලක් ජීවත් වෙන්න දීර්ඝායුෂ පතනවා.......

    කාලෙකින් ආවෙ සිරා කොලුවෝ අතහරින්න බැරි සිරා බ්ලොග් එකක් නිසා....

    ReplyDelete
    Replies
    1. සිත්තමී ඇයි දැන් ඉස්සර වගේ බ්ලොගිය ලියන්නෙ නැත්තෙ... ඉස්සර වගේම ආයෙත් ලිව්වොත් නරකද...

      ගුරුවරුන් සිය ගණනක් අපට ඥාණය ලබා දෙන්න උපකාරී වුවත් ඒ අයගෙ ගතිගුණ, ස්භාවය අනුව ඉතාමත් අතලොස්සක් තමයි අපේ මතකයේ සදාකාලික සිහිවටනයක් විදියට තැන්පත් වෙන්නෙ... අන්න ඒ ගණයේ කෙනෙක් තමයි අපේ මාස්ටර්...

      //අතහරින්න බැරි සිරා බ්ලොග් එකක් නිසා....//

      ඒ කියන්නෙ මම ලියන විදිය හොදද ?

      Delete
    2. ඒකනෙ අතහරින්න බෑ කියන්නෙ.....සිරා බ්ලොග් ලෝකෙට අපු දා ඉදල ලියපු හැම එකක්ම නොබැලුවට එන්න පුළුවන් හැමවෙලේම සිත්තමී බැලුව ආදරණීය බ්ලොග් එකක්... ලගදි ඉදලනෙ නිතරම එන්නෙ නැත්තෙ නැත්තම් හැම දාම ආවා + ඒව ඇරෙන්න හැම දේම බැලුවා....හික්ස්....

      Delete
  32. උඹේ සින්දු කිව්ල්ලත් නරකම නෑ මල්ලි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වෙනී අයියෙ... අපි ඉතිං අම්පාර චාරිකාවෙදි ඇති තරම් සින්දු කිව්වා නොවැ... ආයෙත් දවසක එකතු වෙලා සින්දුවක් කියමු...

      Delete
  33. සිරා ලිපිය ඇත්තටම සිරාවට ලියලා තියනවා.. ඇත්තටම උඹලගේ එකමුතුවත් දහිරියත් අගය කරන්ඩ ඕනි.
    අවන්කවම ඔබලට හමු වෙලා තියෙන්නෙ ගුරු දෙවියෙක් එතුමාට නීරෝගී සුවයත් දීර්ඝායුශත් ප්‍රාර්ථනා කරමි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමීර ඔබේ ලෙංගතු ප්‍රාර්ථනාවට... එය එලෙසම ඉටු වෙන්න කියා මමත් පතනවා...

      Delete
  34. හදවත පතුළටම වදින කතාවක් සිරා.ඒ වගේම මාර දිගක්නේ. මේ පෝස්ට් එක සර්ගේ කියවන්න සැලැස්සුවොත් තමා වඩා හොද.අග හරියට එනකොට ඇගම සීතලවේගන යනවා මලයා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් අයියා... ඔබ වැනි කෙනෙක් මෙහෙම කියද්දි මේ පෝස්ටුව තුල මම යම් කිසි තරමකට සාර්ථක බවක් හැගෙනවා...සර්ට පෙන්නන්න තමා කල්පනා කරන් ඉන්නෙ...

      Delete
  35. සිරා සිරාම දක්ෂයෙක් නේ..

    අඩේ මම නම් බාහිර ක්‍රියාකාරකම් නිල් :(

    ReplyDelete
    Replies
    1. උඹ මොකවත්ම කලේ නැද්ද ඒ කාලෙ ? අපරාදෙ තරුණ ජීවිතේ...

      Delete
  36. ටීචර්ලා වේවා ගෝලයෝ හෝ වේවා අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අශාවෙන් කරපු දේවල් වල මතකයනුත් ඒ ආත්මතෘප්තියත් විතරයි! ඒ ටිකම ඇති මතක් කර කර ජීවත් වෙන්න!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... ඒ මතකය තවත් පියවර ගණනාවකට ජීව හුස්ම පිඹින බව නොරහසක්...

      Delete
  37. හිතට මොකක්ද මන්දා දුකක් දැනුනා.සර්ට නිරෝගී බව පතනවා අයියේ.ප්‍රියයන් වෙන්වීම නම් ගොඩක් ලොකු දුකක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රියයන්ගෙන් වෙන්වීම සමහර වෙලාවට දරා ගන්න බෑ... අන්න ඒ නිසාමදෝ සර්ගෙන් වෙන්වීමක් අපට හිතා ගන්නත් බෑ...

      Delete
  38. උඹට තියෙන්නේ පුදුම ලස්සන මතකයක්.ඒ සිදුවීම් තනියෙන් ඉද්දි එකින් එක ගලපෙද්දී මාර දෙයක් දැනෙනවා.මේ වගේ සර් කෙනෙක් යටතේ පුහුණු වෙන්නත් පින් කරන්න ඕනේ.

    අපිත් එක සිතින් ඒ සර්ට දිර්ගයුෂ පතනවා.!!!

    ReplyDelete
    Replies
    1. ඔබ දැන් සිටින අප්‍රිකානු රටේ ධජය මගේ ගැජට් එකේ පෙනෙනකොට මම දන්නවා අසරණයා මේ පැත්තට ඇවිල්ලා කියලා... ඒ රටෙන් කාමරේට එන එකම කෙනා ඔබ...

      අපි රෝසමල් යහන් මතින් ජහග්‍ර‍හණය කරා ගිය පිරිසක් නොවන නිසා වැර වීරියෙන් ලබපු ජයග්‍ර‍හණය පිළිබද මතක සටහන් නම් බොහොමයි... ඉඩක් ලැබෙන පිළිවෙලට අකුරු කරන්නම් ඉදිරියට...

      ප්‍රාර්ථනාවට ස්තූතියි...

      Delete
    2. මා ඉන්න රටෙ සිංහල බ්ලොග් කරන්නේ කියවන්නේ මං විතරද කොහෙද?

      Delete
  39. ඒ කාලේ අපේ ඉස්කෝලෙ ගිය උන්ට මියුසික් පිපල් කියලා ගහපු කොල පාට මොරිස් මයිනර් කාර් එක මතක නැත්තම් උන්ව උල තියන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. තවත් නායකයෙක් හදුනා ගන්නට ලැබීම පිළිබද අප්‍ර‍මාණව සතුටුයි... සර් පස්සෙ ගත්ත වාහන වලත් ඔය Music People කියන ස්ටිකරය ගහලා තිබුනා... දැන් නම් අලුත් ජපන් කාර් එකක් තමයි එතුමාට තියෙන්නෙ...

      Delete
  40. බෑන්ඩ් සර් ට මගෙනුත් උපහාරය ,
    ගම්පහ මිනිස්සු කෑගැහුවේ නැද්ද රෑට නිදාගන්න දෙන්නේ නැති එකට ?[මහා රෑ බෑන්ඩ් ප්‍රැක්ටිස් කලාට] ,
    කාර් එකෙන් 11 ගහන්නේ කොහොමෙයි ? :D :D :D
    මාත් ඒ ගුරුතුමාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කොරනවා !

    ReplyDelete
    Replies
    1. වතාවක් පොලීසියටත් පැමිණිලි කරලා තිබුනා පාසලට යාබද සමහර අය... හදිස්සියෙ රාජකාරි සැට් උනාම රාත්තිරී 12 ට 1ටත් අපි වාදනය කරලා තියෙනවා පිට්ටනියට බැහැලා..

      කාර් එකෙන් 11 ගහන්නෙ ඉදිරියට ගිහින් ආයෙත් පස්සට ඇවිත්...

      ස්තුතියි ඔබටත්....

      Delete
  41. ටිකක් පරක්කුවෙලා ආවත්...ඒකත් හොඳාකියල හිතෙනව..මේ කමෙන්ට්ස් දැක්කම..ඒවත් කියෝගෙනම යතෑකිනෙ.
    අර රාත්‍රියේ මීගමු පාරෙ සර් සිංදු කියන වීඩියෝව නියමයි බං...මටත් උඹලවගේ ඒවගෙ ඉන්න තිඋනනම් කියල හිතෙනව..උඹ දන්නවනෙ මාත් කලාබර එකෙක්නෙ ඒ නිසා පුදුම විදියට හිතේ තැන්පත් උන ලිපියක් බං...

    සර් ට දීර්ඝායු ප්‍රාර්ථනා කලා කියපන්...!

    අනේ මේ වගෙ ගුරුවරු හිටියනම් වීයත් අද.....ගිටාර් එකක් ගහනව බං..!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පරක්කුවක් නෑ...මටත් ඇත්තටම ආසයි බොලාගෙ ඩෝල සද්දෙත් එක්ක ගගක් හරි මූදක් හරි අයිනක හීනියට අනුගත වෙලා සින්දු කියන්න... අපි අනාගතේ දවසක එහෙම අවස්ථාවක් උදා කර ගමු...

      මම මේ සියළුම ප්‍රාර්ථනාවන් එතුමාට පෙන්වන්නම්.... මමත් කාලයක් ගිටාරය ගහන්න ඉගෙනගත්තා... දැන් නම් කිසිම දෙයක් මතක නෑ.... ප්‍රැක්ටිස් කරන්න ගිටාරෙකුත් නෑ..

      Delete
  42. ඒ වගෙ ගුරුවරයෙක්ගේ මග පෙන්වීම ලබන්න ඔයාලත්, ඔයාලා වගේ ඒ පෙන්වූ මග ගිහින් අදටත් ආදරෙන් සිහිපත් කරන සිසුවන් ලබන්න එතුමාත් හුඟක් පින් කරලා තියෙනවා. එතුමා කිවූ දෙයින් පැහැදිලියි ඔයාලටත් තමන්ගෙම දරුවන්ට වගේ ආදරේ බව. එතුමන්ට දීර්ඝායු පතමි.

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      මෙවැනි ගුරුභවතෙකු අප පසුපස නොසිටින්න අපි කවදාවත් මෙවැනි තත්වෙකට පත් වෙන්නෙ නෑ... ඒක ඉරහද වගේ විශ්වාසයි.... ස්තූතියි මේ පැත්තට ආවට...

      Delete
  43. සිරා මල්ලි මම උබලගෙ ඉස්කෝලෙ නොඋනට මම ගම්පහින් වෑඩියම ආස කරපු බෑන්ඩ් එක.ඒක ලන්කාවෙන්ම එක ආයෙ දෙකක් නෑහෑ.අපි ඉස්සර උබලගෙ ස්පොර්ට් මීට් බලන්න එන්නෙ වෙන මොකකටවත් නෙමේ.අන්තිමට යන උබලගෙ බෑන්ඩ් සන්දර්සනේ බලන්න.වෙනද වගේම අදත් මරු ජයවේව.

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියා දන්නවා නොවැ අපේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල බලන්න අසල්වැසි පාසල් වලිනුත් බොහෝ පිරිසක් එනවා කියලා... ඒ හැමදෙනාම එන්නෙ බෑන්ඩ් කණ්ඩායම් දෙක වගේම කැඩෙට්ස් ලගෙ දක්ෂතා බලන්න... බෑන්ඩ් කණ්ඩායම් පිට්ටනියට එද්දි පිපිරෙන බට්ටො / රතිඤ්ඤා සිය ගාණක් අස්සෙ කොල්ලන්ගෙ චියර් එක මතක් වෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා මොරාල් එකට....

      Delete
  44. මේක මුලින්ම කියෙව්වේ ඊයේ උනාට අද ආයෙත් කියවලා රසය විඳලා මේ කොමෙන්න්ටුවක් දානවා.ඇත්තමයි සමහර තැන් මැවිලා පේනවා.අතීත මතක කොට කරන්න යන්න එපා එතකොට එකේ අගය යනවා.

    (ඒ බන් උඹ ඉස්සර කලිසම ඇන්දේ ඉනට අඩියක් විතර උඩින්ද ?)

    ReplyDelete
    Replies
    1. මම අතීතයෙක් යමක් ලියද්දි හැකි තරම් එහි රසය නොනසා ලියන්න තමයි උත්සාහ කරන්නෙ...

      ඔය කලිසම මට මතක විදියට සෑහෙන්න දිගයි... ඒ හින්දද කොහෙද බඩට වෙලා තියෙන්නෙ... දැන්නම් දකිද්දිත් හිනා යනවා...

      Delete
  45. මේක කියවාදී මගේ ඔලුවෙත් හරියට අකුණක් කෙටුවා වගේ උනා බං! මොකෝ අපි උඹලා එකම තාර පිට්ටනියේ හෝල්ට් ගහපු උන්නේ!
    අර ටෙනිස් පිට්ටනියේ උඹලා ගහපු ෆොටෝ එක දැක්කහම මටත් මගේ "සැරයන්" ජිවිතේ මතක් උනා!
    ඒ උත්තම මිනිසාට දිගායු!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශය තුල ඉන්න අනිත් කැඩට් කරුවා ඉතිං නාඩියා නොවැ... කොටපන්කො නාඩියො නාඩියක් එය සැරයන් ජීවිතේ රස මුසු තැන් අල්ලලා....

      ස්තූතියි...

      Delete
    2. එකක් ලිව්වනේ "පඩ සරත්" කියලා....
      http://naadiyaonline.blogspot.com/2012/07/normal-0-false-false-false-en-us-x-none.html

      ආයේ එකක් ලියන්නම්කො....

      Delete
  46. Machan Siro,

    I have the same experience Siththami had. I agree with you. May wish all your teachers a good health and long life.

    Sira, please continue writing. Your presentation and writing are really good

    ReplyDelete
    Replies
    1. Thanks a lot for your valuable comment & wish

      Teachers are like to see & talk to their past pupils, thats why we keep company with them very often...

      Delete
  47. අපූරු ගුරු ගෝල සම්බන්දයක්... සිරා කල් නොයවාම මේ ලිපිය සර්ට කියවන්න දෙන්න ඕනා..

    මේක කියෙව්ව්වට පස්සෙ එතුමගෙ ඇස් සතුටු කඳුලු වලින් තෙමෙන එක වලක්වන්න පුලුවන් ජගතෙක් මෙදියත නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත සෙන්නා... සමහර වෙලාවට වයස නිසාද මන්දා අපේ මාස්ටර් බොහොම සංවේදී වෙලා කදුලු සලනවා... මේ කියන දවසත් එහෙම එකක්... පරණ ගෝලයො හමුවෙන දවසට එතුමාට තියෙන්නෙ පුදුම සතුටක්...

      හැකි ඉක්මනින් එතුමාට ඔබේ ප්‍රාර්ථනාවන් ඇස ගැටෙන්නට සළස්වන්නම්...

      Delete
  48. මේ පොස්ට් එක දිග වැඩි නිසා ඕපන් කරලා තියා ගත්තා පස්සේ වෙලාවක කියවන්න. කොහොම උනත් මේක දෙකට කඩපු නැති එකට වගේම කොට කරපු නැති එකටත් උඹට ස්තුති වන්ත වෙන්න ඕනි. එහෙම කලානම් මේක සත පහකට වටින්නැති පොස්ට් එකක් වෙනවා.

    මාත් ඉස්සර ඉස්කෝලේ කී බෝඩ් ප්ලේ කරා. (කාඩ් එක "නෝ බීට්". හා හා ඒවායින් වැඩක් නෑනේ) අපේ සර් සර්පිනාව අරගෙන "පින්සර ඔබ හැර" ගහනවා පිස්සු හැදෙනවා. සර්පිනාව, බටනලාව, ට්‍රම්පට්, සැක්සෆෝන් මගෙත් ආසම ඉන්ස්ට්‍රුමන්ට්ස්.

    අපේ ගෙවල් ළඟින් තමයි වේල් පෙරහැර යන්නේ. මේ පාර ඒකෙ කාවඩි ටිකත් රෙකොර්ඩ් කරගත්තා. "මෝලම්" කියන්නෙත් ආසම සංගීතයක්.

    උඹේ ඔය සර් ඇත්තටම නියමයි. ඔය වගේ අය තමයි අද කාලේ ඉන්න ඕනි. මොනා උනත් සර් අපෙත් ආයු අරගෙන තවත් ගොඩාක් කල් ජීවත් වෙනවා බන්. ඒකෙ දෙකක් නෑ.

    සර්ට දීර්ඝායු වේවා!!

    ReplyDelete
    Replies
    1. මෝලම් වල තියෙන බීට් එකට මාත් ආසයි... සර් සර්පිනාවෙන් පින්සර ඔබ හැර ගහනවා කිව්වම මට මතක් වුනේ අපේ බෑන්ඩ් එකේ හිටිය අපටත් වඩා පැරණි සාමාජිකයෙක් වෙච්ච සමීර අයියා... ඉස්සර එකෝඩියන් එකෙන් දිවුල්ගනේගෙ සේපාලිකා සින්දුව නිතරම ගහනවා හරිම රසවත්ව... නාවික හමුදා ඩෝරා යාත්‍රාවකට එල්ල වූ ප්‍ර‍හාරයකදී පේදුරු තුඩුවෙදි තමයි කපිතාන් සමීර පසු කාලෙකදි අපෙන් සමුගත්තෙ... ඔහුගේ අවසන් කටයුතු සදහා අපේ බෑන්ඩ් එකත් එදා සහභාගි වුනා...

      පැතුමට ස්තූතියි...

      Delete
  49. මුලින් කියවද්දී හිතුවේ නෑ අන්තිමට මේ වගේ කතාවක් තියෙන්නේ කියලා.

    ඒ සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. අන්තිම හරිය ලියද්දි මමත් සංවේදී වෙලා හිටියෙ... මගෙ ඇස් දෙකටත් කදුළු ආවා අතීතය මතක් කරද්දි...

      ඔබටත් ගොඩාක් පින්... යහපත් ප්‍රාර්ථනාවක් කලාට...

      Delete
  50. සිරා.... මම මේක කියවගෙන යනකොට මට දැනිච්ච අමුතුම හැඟීම නිසා මම තව තව ලින්කු හොයාගෙන ගිහින් උඹේ ඉස්කෝලෙ හොයාගන්න බැලුවා... මම හරි.. උඹත් එහෙනම් බණ්ඩාරනායකේ....

    බැන්ඩ් එකේ ඉතිහාසය, සහ පසුකලීනව ලබාගත් තත්වය ගැන උඹගේ හිතේ තියන සතුට ආඩම්බරය ගැන මට හොඳට හිතාගන්න පුලුවන්.... තමන් ගැන වර්ණනා කරගන්නවා වගේ උනත්... ඒ සතුට, අභිමානය නම් අමතක කරන්නම බැහැ... මොකද ඒක ලැබෙන්නේ ගොඩාක් දුෂ්කර ක්‍රියාවලින් පස්සේ නිසා. ඉතින් ඕන මගුලක් කියලා මගේ ආඩම්බර කතාවත් කියනව කියලා හිතුවා...

    මම ඉස්කෝලේ මුල්ම බටහිර තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකයෙක්... ඒ කාලේ මම 8, 9 වසර වල හිටියේ.... අපරදිග කණ්ඩායමෙන් ඉවත් වෙලා ආපු ලසන්ත අයියා තමයි පළවෙනි වෙස්ටන් බෑන්ඩ් කැප්ටන්... ඒ නිසාම බෑන්ඩ් එකට තිබ්බේ මාර කෙනෙහිලිකම්, ඉස්කෝලේ ඇතුලෙන්ම.... අපි පොඩි එවුන් ඒ කාලේ ප්ලේ කලේ මෙලෝඩිකා... අපිට හිනාවුනා මෙලෝඩිකා ගහන්නේ කෙල්ලන්ගේ බෑන්ඩ් වල විතරයි කියලා... යුනිෆොර්ම් නෑ... ගුරුවරයෙක් නෑ... විටින් විට පිටින් ගෙන්නගත්ත ගුරුවරු තමයි අපිට සින්දු ඉගැන්නුවේ... කැඩෙට් බෑන්ඩ් එකක් නොවුනට, ඊස්ටන් බෑන්ඩ් එකෙන් ආපු ලසන්ත අයියට ඒ අත්දැකීම් පලපුරුද්ද තිබ්බ නිසා අපි පුහුණු වුනේ කැඩෙට් බෑන්ඩ් එකක් විදිහට... ඉඳහිට අපි යක්කලට දුවලා ගිහින්, එතනින් මිරිස්වත්තට දුවලා හෝලික්‍රොස් එක ලඟින් ආයේ එනවා ග්‍රවුන්ඩ් එකට...

    ඉස්කෝල කීපයකම හිටිය නිසා ඒ කාලේ හිටිය කට්ටියගේ නම් මතක් කරගන්න හරිම අමාරුයි, හැබැයි මූණු නම් තාම මතකයි. ස්ලෝ මාර්ච් එකට අපි ටීඑම් ගේ වලා තීරයෙන් සින්දුව ගැහුවා... සුනිල් එදිරිසිංහගේ නිම් තෙරක් ගැහුවා... තව ඉංගිරිස් ඒවත් ගැහුවා.......... 92 හදිසියේ ඉස්කෝලෙන් අස්වෙලා යනකම්ම මම බෑන්ඩ් ගැහුවා... පස්සේ බෑන්ඩ් එකේ සාර්ථකත්වය, ජයග්‍රහණ පත්තර වලින් කියවද්දි දැනුනේ පුදුම සතුටක්... ඒ වගේම තමයි.. උඹේ පෝස්ට් එක කියවනකොට, අපේ කාලෙට පස්සේ බෑන්ඩ් එක මේ තත්වෙට ආවෙ කොහොමද කියන එක ගැන, ඒ වෙනුවෙන් කාර්යභාරයක් ඉටුකරපු එකෙක්ගෙම වචන වලින් කියවද්දි දැනෙන්නේ ලොකු සතුටක්....

    ඒ වගේම කියන්න ඕනේ... ඒ වෙනුවෙන් මගපෙන්වපු ගම්හේවා ගුරුතුමා ගැන උඹ තියලා තියෙන්නෙත් අතිශය සංවේදී සටහනක්... අරමුණක් නැති අයාලේ යන්න තිබ්බ ජීවිත වෙනස් වෙන්නේ මෙන්න මේ වගේ මිනිස්සු හින්දා... එදා සර් අර වචන ටික උඹට නොකිව්වා නම් සමහර විට, අද මේ අත්දැකීම මෙහෙම ලියන්න අවස්ථාවක් නොලැබෙන්න තිබ්බා කියලා හිතෙන්නේ නැද්ද උඹට...

    ReplyDelete
    Replies
    1. ඈ තිසර... අර පාළුවට ඇරලා තියෙන බ්ලොග් එකේ මේවා ලිව්වා නං උඹට නරකක් වෙයිද...... ?? අනේ උඹ නං...

      හි හි....

      Delete
    2. මගේ පාසලේ වැඩිහිටි සහෝදරයෙක් හදුනාගන්නට ලැබීම ගැන ඉතාමත්ම සතුටුයි... ඔබ කියලා තියෙන දේවල් එක්ක මම සම්පූර්ණයෙන්ම එකගයි...මම බෑන්ඩ් එක ගැන ලියූ කාරණා තහවුරු කල කොමෙන්ටුවක් තමයි මෙය...

      93 දි තමයි මම පාසලට ඇතුලත් වුනේ.. ඒ කියන්නෙ ඔබ සහ මම තවම හමුවෙලා නෑ... ලසන්ත/සමීර/නීලක ඔය වගේ පැරණිම සාමාජිකයන් බහුතරයක් මට හමුවෙලා තියෙනවා...

      ගම්හේවා සර් තමා මට බෑන්ඩ් ජීවිතය තුල ඉලක්කයක් පෙන්නුවේ...ඊට පස්සෙ මම වේගයෙන් ඒ ඉලක්කය කරා ගියා...ඒ නිසාම බෑන්ඩ් ජීවිතය වඩාත් අර්ථාන්විත වුනා කියලයි මට හිතෙන්නෙ...

      Delete
    3. Easeetern ekata isara karapuwa dan dita dama wedini padisan dila teyene

      Delete
  51. මමත් කැඩෙට් කෙනෙක්. බෑන්ඩ් නෙමෙයි. සිරාට ගොඩාක් ස්තුතියි ඒ සුන්දර අතිතය මතක්කරගන්න අවස්ථාවක් ලබා දීම ගැන. කවදත් පාසල් ශිෂ්‍ය බට කන්ඩායමට පාසලෙන් ලැබුනේ කුඩම්මාගේ සැලකිලි. ගුරුවරුන්ගේ කෙනෙහිලි කම් මැද බොහොම අමාරුවෙන් තමයි අපි පුහුණුවීම් කරගෙන ගියේ. අපේ පාසලේත් ඔවැනි ගුරුවරයෙක් සිටියා නම් කියලා සිතුනා. කොච්චර කෙනෙහිලි කම් මැද උනත් පාසලේ විශේෂ අවස්තාවකට කැඩෙට් කන්ඩායමේ සහය නැතුවම බෑ. අපේ පාසලේ නම් කැඩෙට් කන්ඩායමට තිබූ බලය ශිෂ්‍ය නායකයන්ටවත් සමහර ගුරුවරුන්ටවත් නෑ. කෙටි පණිවිඩයකින් ඕනෑම දේකට ඔට්ටු ළමයි 25ක් හෝ 30ක් කැදවාගැනීම කැඩෙට් සැරයන්ට සුලු දෙයක්.
    මම 2005 වසරේ 3වෙනි බලඇණියේ රෙ.උපා.සැ.මේ (RQ) ලෙස කටයුතු කලා. කවුරු කොහොම කිව්වත් තැනට සුදුසු විදිහට වැඩ කරන්නත්, වගකීමක් ඇතිව වැඩ කරන්නත්, ස්වයං විනයකින් ජීවත් වෙන්නත් ශිෂ්‍ය භටයෙකුට අනිත් අයට වඩා පහසුයි. මොකද හරියට කැඩෙට් කරපු එකෙක්ගේ ඇගට ඒවා පත්තියං වෙනවා. මැරෙනකම්ම ඒ පුහුණව අමතක වෙන්නේ නැ.

    ජය

    ReplyDelete
    Replies
    1. සතුටුයි බණ්ඩගෙ කැරැට්ටුව දැන ගන්න ලැබීම ගැන... කැඩෙට් ලා කියන්නෙ අවුරුද්දෙන් වැඩි කාලයක් අව්වෙ පිච්චෙමින්/මඩ කිට් එකක් ගහගෙන පාසලේ අභිමානය වෙනුවෙන් අසීමිතව මහන්සි වෙන පිරිසක්... සමහර ගුරුවරු මෙහෙම අය වැඩිය ගනන් ගන්නෙ නෑ... ඉගෙනගන්නෙ නැතුව කාළකණ්නි වෙන්න හදනවා... ඔය විදියට මට මූණටම කියපු අයත් ඉන්නවා... නමුත් කුඩ්ඩෙක් / හොරෙක්/ මංකොල්ල කාරයෙක් වෙච්ච එකම කැඩෙට් කොල්ලෙක්වත් මට තාම හමුවෙලා නෑ... ඒ පුහුණුවීම් වලින් ලැබෙන ශික්ෂණය පසුකාලීනව අපේ ජීවිත නිසි මාර්ගයේ ඉදිරියට ගෙන යාමට මහත් රුකුලක් උනා...

      Delete
  52. පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් කියලා තියෙනවනේ. ඇත්තටම අර ට්‍රම්පට් ගහන ගමන් සින්දු කියන තැන ඔහු ඉතා සැහැල්ලුවෙන් ඉන්න බව පෙනෙනවා. මුලින්ම ඔබේ පියාට ඉක්මන් සුව පතනවා. ගුරු පියාට දීර්ඝායු පතනවා. ඇත්තද සිරා ට්‍රම්පට් ගහන ඇයගේ අරව ලොකු වෙනවා කියන්නේ. මට දැනුයි තේරුනේ සිරාට නිතර මුත්‍ර අඩස්සි හැදෙන්නේ ඇයිද කියල.D. මෙන්න මේ පින්තුර පේලියේ අන්තිම පින්තුරේ ඇතුලට පිටිපස්සේ ඉන්නේ සිරාද කියල මට හිතෙනවා.

    http://www.gossiplankanews.lk/2012/05/2010.html

    ReplyDelete
    Replies
    1. තාත්තා ගෙදර ගෙනාවා... බොහොම ස්තූතියි සුදීක අයියා ඔබේ මානුෂීය ප්‍රාර්ථනාවන්ට...

      ට්‍ර‍ම්පට් පමණක් නොවෙයි තදින් පිඹීමෙන් වාදනය කල යුතු වාදන භාණ්ඩ වාදනය කරන සියලුම අයට අපේ බෑන්ඩ් එකේ පටි ජොකා අනිවාර්යයි.. සැරයන් ඒ පිළිබදව පුද්ගලිකව සොයා බලනවා... පටි ජොකා ඉන්නවා නම් ආයුදේ සහ අමතර උපාංග ගැන වද වෙන්න ඕනෙ නෑ... ලොකු වෙනවා කියන කථාව මිත්‍යාවක්... මට එහෙම වෙලා නැත.

      ලින්කුවට ස්තූතියි...ඒ ඉන්නෙ මගෙ නිවුන් සහෝදරයා...

      Delete
  53. මමත් ආසම සද්දයක් තමා trumpet සද්දේ. ශිහ් maxxa නියමට ලියල තියනවා. මම අයෙත් ඉස්කෝලේ ගියා. ගොඩක් පින් .

    ReplyDelete
    Replies
    1. ට්‍ර‍ම්පට් සද්දෙ ටිකක් කඨෝරයි... සෞම්‍ය නෑ... ඒ උනාට සෞම්‍ය වෙන පරිදි වාදනය කරන්නත් පුලුවන්... ඉහළ ස්වර වාදනයේදී ශිල්පීය නිපුණතාව ඉතාමත්ම වැදගත්... ට්‍ර‍ම්පටයේ හඩ සාමාන්‍යයෙන් නිසල රැයක කිලෝමීටර් 2 -3 අතර ශ්‍ර‍වණය වෙනවා....

      Delete
  54. කොහොමහරි දඟලලා පහලටම කියෙව්වා. කොහොම උනත් අවසානය දක්වා දිගටම කියවන්න පුළුවන් ලිපියක්....
    බෑන්ඩ් ගැහුවේ නැති උනාට අපේ පංතියේ හිටිය බෑන්ඩ් ගහපු සෙට් එකේ වැඩත් මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඉතිං ඇයි ඒ මතක් වෙන දේකින් වත් ඔබේ හැලප කඩේ අරින්නෙ නැත්තෙ... අපි මේ හැලපයක් කාලා ප්ලේන්ටියක් අදින්න බලාගෙන ඉන්නෙ...

      Delete
  55. මුලින්ම කියන්න ඔනා මේ ලිපිය මාව හොද්ටම සන්වෙදී කල කියලා අය්යා;

    දවස 2006 සැප්ත්ම්බ්ර් 15 වගේ මටක,

    රන්ටැබේ යන්න කලින් දාන අන්තිම ඩිස්ප්ලේ සෙශ්න් එක.හවස වතුර තිබහෙ බඩගිනෙ ප්‍රැක්ටිස් කරනවා.ස්ර් අවා හිස් අතින් නෙමේ මෙගා බොතල් එක .' කොල්ලෝ ටික අනිවර්යෙන් මේ පාර ප්ලේස් කරනන ඔනා'

    ඒ අවුරුදේ අපි 4 ...ඇත්ටම කට පුරා ස්ර් කියන්න පුලුවන් මනුසයෙක්.වෙස්ටෙර්න් එක අද තැනක තියෙනවන්ම් ඔය ස්ර් නිසා තම්යි...

    ස්ර්ට දිගාසිරි

    මම ඊස්ටර්න් එකේ..

    ReplyDelete
    Replies
    1. සතුටුයි මල්ලි අපේ තවත් එකෙක් හදුනාගන්නට ලැබීම ගැන... බඩගින්න/දුක/වේදනාව ඇති තැන එදා ඉදන්ම මාස්ටර් ඇති...

      Delete
  56. හිතට ගොඩක් දැනුණු පොස්ට් එකක් සිරා අයියේ.... මේ වගේ ගුරුවරුවත්, ගෝලයෝවත් අද කාලේ හොයා ගන්න බැරි තරම්. ඒ අතින් ඔය ගොල්ලේ හරි ආදර්ශමත් හැමෝටම. ඒ සර්ත් හෙන කැපවීමක්නෙ කරලා තියෙන්නේ ඔයාල වෙනුවෙන්.... ඔය වගේ ගුරුවරු ගැන අහන්නත් සතුටුයි. සමහර වෙලාවට තමන්ගේ අයවත් අද කාලේ ඔහොම කරන නැ. ඔයාගේ ගුරුතුමාට දීර්ගායුශ පාර්ථනා කරනවා....!

    ReplyDelete
  57. සිරා සිරා අයියේ.. පෝස්ටුව නම් කිවෙව්වා. තව පෝස්ටුත් කිවෙව්ව. ඒත් සිරා අයිය කෙනෙක්ද ඔබා මාමාගෙ වයසෙද කියල තේරුම් ගන්න බෑනේ.. ෆොටෝ ටික නම් හද්ද පරණයි වගේ. ඇඳුම් ඉට්ටයිල් එකත් ඒ වගේ.
    අදමයි ආවෙ මේ පැත්තෙ. ඒකයි තේරෙන්නෙ නැත්තෙ :D
    Thoughts Of Yasith|යසිත්ගේ සිතුවිලි

    ReplyDelete
    Replies
    1. @යසිත්,

      සිරාගෙ වයස තේරුම් ගන්න බෑ ????

      //ඔය සියලුම දේවල් අහවර වෙලා 2003 වසර වෙද්දි කණ්ඩායම බොහොම සාර්ථක මට්ටමට පැමිණිලා තිබුනා... එහි කූටප්‍රාප්තිය තමයි Vibration 2003 ප්‍ර‍සංගය//

      ඊඊඊ තෝ !!!

      Delete
    2. කාමරයට සාදරයෙන් පිළිගන්නවා යසිත්...

      උඹේ ඇස් පේනවා දුර්වල ද බන්... සිරා ඔබා මාමා වගේ කියන්නෙ... හික් හික්...
      තාම 30 ලැබුවා විතරයි... සිරා කොලුවට...

      Delete
  58. සිරා අයියගේ තවත් සිරා පෝස්ටුවක්. පෙරදිග තුර්ය වාදන කණ්ඩායම විතරක් නෙමේ ඉස්කෝලේ කොල්ලොත් සර්ට ආදරෙයි. සර් වේදිකාවට නැග්ගම කොල්ලන්ගේ අත්පොලසන් නාදය ඒ බව ඔප්පු කරාවි. සර් තාමත් කොල්ලා වගේනේ. ඊයේ වර්ණ ප්‍රධානෝත්සවයට සර් ජැන්ඩියට ඇඳ පැලඳගෙන ඇවිත් හිටියා.
    සර්ට දීර්ගායුෂ !!!

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලෙ තවත් එකෙක් හදුනා ගැනීමට ලැබීම පිළිබද සතුටුයි... සර් කොහෙ ගියත් ඇදුම ඉතිං ෆුල් සූට්... අපෙත් පැතුම දීර්ගායුෂ තමයි...මලේ..

      Delete
  59. ආසයි බන් ඉස්කෝලෙ ගැන කියනකොට.... මැයි ගහ තවම තියනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. අපරදිග තූර්ය වාදක කණ්ඩායමේ ආරම්භය මටත් මතකයි... ඇත්තටම ඒ කාලෙ අපේ වීරයො වුනේ අපරදිග කන්ඩායම...නිදහස් දවස, ස්පෝර්ට් මීට් එක දවසට් බැන්ඩ් එක එලියට එනකොට ලැබෙන කන් බිහිරි වෙන අත්පොලසන් නාදය තවම මතකයි... ( ඒ දවස් කොලපාට ටයි දාපුඉස්කෝලෙට හූ කියන එක වෙනම වැඩක්.) කොහොම වුනත් එක් අන්තයක් බැහැල යනකොට තව අන්තයක් ඉහලට අරගන පාසලේ නම තියන්න විශාල මෙහෙවරක් කරපු සර් ඇතුලු උඹල වගේ කොල්ලො කරපු මෙහෙවර නම් අති විශිෂ්ඨයි..

      Delete
    2. අප්පට ලකී අයියත් අපේ එකේද... කොච්චර සතුටක්ද හැබෑටම දැන ගන්නට ලැබීම... ඉස්සර බෑන්ඩ් එක තමන්ගෙ කොටස කරන්න ස්පෝර්ට් මීට් එක දවසට කොල්ලන්ගෙ චියර් එක... රතිඤ්ඤා සද්ද මැද පිට්ටනියට එනකොට දැනෙන මොරාල් එක නම් කියලා වැඩක් නෑ... විදලාම බලන්න ඕනෙ ඒ හැගීම...

      කොළපාට ටයි පටියෙ නිවාසාන්තර ක්‍රීඩා උළෙලක අපි හූ කියලා කෙල්ලො ඇඩුවා අයියෝ...

      Delete
    3. ඇත්තටම ඒ කාලෙ අපේ වීරයො වුනේ අපරදිග කණ්ඩායම. //

      සොරි බන්... මට කියන්න ඕන වුනේ පෙරදිග කණ්ඩායම ගැන... වෙස්ටන් එක නැගලා එනකොට අපි අවුට් වෙලා..

      Delete
    4. මට හිතුනා ඔබ කියන්නෙ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම ගැන කියලා...මොකද අපේ උන්ට ඒ කාලෙ ඉස්කෝලෙ කොල්ලොමයි හූ කිව්වෙ...

      Delete
  60. උ.පෙ දෙවන වර කරන කාලේ මම නැවතිලා හිටියේ බැණ්ඩිය මුල්ලේ බෝඩිමක. මාත් එක්ක තව තුන් දෙනෙක් හිටියා. දෙන්නෙක් මගේ පොඩි කාලේ ඉදලා යාළුවෝ.. අනෙකා කුරුණෑගල මල්ලි කෙනෙක් (පොර කොළඹ ඉස්කෝලෙකට ගියේ)

    දවසක් හවස බෝඩිමේ ඉන්නකොට පට්ට ට්‍රම්පට් පාරක් වදිනවා ඇහුනා.. කවදත් කොහේ හිටියත් ට්‍රම්පට් සද්දේ මගේ ඇඟ හිරිවට්ටනව... (1997 ඉඳලා 2002 වෙනකං රංටැඹේ ගියපු මට ඒක අරුමයක් නෙමේ)

    පස්සේ කුරුණෑගල මලයගෙන් ඇහුවාම කිව්වා බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරනවා කියලා.. ඊට පස්සේ මම බැලෙන්ම වගේ අනිත් එවුනුත් ඇදගෙන උඹලගේ ග්‍රවුන්ඩ් එකට ආවා..

    මචන් සිරා, සිරාවටම කියන්නේ එදා හවස් වෙනවා අපිට තේරුනේ නෑ... උඹලා ප්‍රැක්ටිස් කරනවා දිහා අපි පඩි පේලියකට වෙලා වාඩි වෙලා බලාගෙන හිටියා.. මතක විදියට හවුස් මීට් එකට තමා ප්‍රැක්ටිස් කරේ... අන්තිමට හවුස් මීට් එක දවසේ ක්ලාසුත් කට් කරලා උඹලගේ බෑන්ඩ් එක ප්ලේ කරනවා බලන්ඩ දුවගෙන ආපු හැටි මට තාම මතකයි..

    සිරා පොස්ට් එකක් ... කැඩෙට් බෑන්ඩ් එකක හිටපු කොල්ලෙක්ට මේ වගේ පොස්ට් එකක් කියවන එක මොන තරම් හැඟීම්බරද කියලා ‍තේරෙන්නේ ඒ අති සුන්දර අත්දැකීම් විඳපු එවුන්ටම විතරයි...

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි තවත් කැඩෙට් කරුවෙක් හදුනාගැනීමට ලැබීම ගැන... අපේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල බලන්න බොහෝ බාහිර අය පැමිණෙන්නෙ බෑන්ඩ් කණ්ඩායම් වල දක්ශතා දැකගන්න කියලා අපිත් දන්නවා...

      Delete
  61. ඇත්තටම පෝස්ට් එකත් කියවලා වීඩියෝ එක බලද්දි සෑහෙන්න දුක හිතුනා සිරා..... ඇස් වලට කඳුලු ආවා කියලා නොකිවුවොත් ඒක බොරුවක්. කොල්ලෙක් උනට ඇත්තටම ඇඬුනා.
    සිරාම ගුරුවරයෙක් ගැන සිරා විදියටම කියනවා නම් බොක්කටම වදින්න ලියලා තියනවා.. මේක අනිවාර්යෙන් ඒ සර් ට පෙන්නන සිරා..

    ReplyDelete
    Replies
    1. සර් ට අපේ ආයුෂත් අරන් සැපෙන් සුවෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරන්වා සිරා.......
      මතක ඇතුව මේක සර් ට පෙන්නන්න. ඒ වගෙම පෙන්නල විස්තර අපිටථ් දැනගන්න කියන්න..

      Delete
    2. කොල්ලෙක් උනත් හැගීම්බර වෙන්න තහනමක් නෑනෙ ජිනේ... මමත් අන්න ඒ වගේ හැගීම් බර මිනිහෙක්... මට එදා දැනුන වේදනාව අඩු කරගන්න තමයි මෙහෙම යමක් ලිව්වෙ... ඔඹේ ප්‍රාර්ථනාවන්ගේ බලයෙන්ම එතුමාගේ ආයුෂ දිගු වේවි.... ස්තූතියි...

      Delete
  62. මමත් අඳුරනව සර් ව ටිකක් විතර... ඒත් ඔය තරම් සමීප නෑ...

    අපි දන්නෙ, "ටක් ටක් ඩුං" කියල...
    ඒත් හරි හොඳයි...
    පාසල් කාලෙ මතක් උනා...
    මගෙ මතක වස්තුවෙත් ඔය ඉස්කෝලෙ සම්බන්ධ යම් යම් දේවල් තියේ.. ;)

    මට නම් පිං බිමක් - මතක සරණියක්...
    යෙහෙන් බෙලෙන් වැජඹේවා බණ්ඩාරනායක විදු මවුන්...

    ReplyDelete
    Replies
    1. ඔබත් අකුරු කලේ මම හිටපු භූමියේම නම් එතුමා ආගන්තුකයෙක් වෙන්න බෑ... අදටත් ඒ විදුබිමේ ශිල්පය බෙදාදෙනවා එතුමා...

      විදුමවුන් ගැන කියන්න වදන් නෑ... සිරා මනුස්සයෙක් වුනේ ඇය නිසා බව ශීර්ෂ ප්‍ර‍ණාමයෙන් කියන්න ඕනෙ...

      Delete
  63. දිග ලියවිල්ලක් උනත් එක දිගට එක හුස්මට කියෙවුවා සිරා. කතාව ඒ තරම් රසවත් විදියට දීලා තියෙනවා

    ගම්හේවා මස්ටර් වගේ ගුරුවරු ඇත්තටම සම්පත්. ඒ සම්පත් වලින් අපේ රට හරි ප්‍රයෝජනයක් ගන්නවද කියන එකයි ප්‍රශ්ණෙ. අර කට්ටියගෙ පෙනුම බලලම සංගීත භණ්ඩෙ තීරණේ කරපු එකෙන්ම පේනවා එතුමන්ගෙ දක්ශතාවය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා...අපේ ජීවිතේ එක් සුන්දර පරිඡේදයක මාස්ටර් විරාජමානව ඉන්නවා....දශකයකට වඩා කාලයක් ගත වූ තැන නැවත් ආපසු හැරී ඒ මග දිහා බැලුවාම ඔහුගේ ගුණ කද එදාටත් වඩා අද අපේ හිත් වලට දැනෙනවා....ඒ වියපත් ඇස්...වියපත් දෑත් එදා තරම් කඩිසර නැතත්...අපේ මතකය ඒ දුර්වලතා ඉවත් කර මාස්ටර් යෝධයෙක් බැව් අපේ සිත් වලට සන් කරනවා.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...