පළමු කොටස කියවන්න ලැබුනෙ නැති ඇත්තො මෙතැනින් කියවන්න.
අපි හුන්නස් ගිරියටම ගිහිල්ලා ඇලර්ට් එකක් දාමු...රථාචාර්ය චතුර ගොයියගෙ අදහසට හැමෝම එකගයි. නුවර - මහියංගනය මාර්ගය ඔස්සේ හුන්නස් ගිරියට අපේ රථය ලගාවෙද්දි අළුයම 4 විතර වෙන්න ඇති. දැඩි සීතලක් හාත්පස දැනුන මේ අළුයම් කාලයේ නගරයේ කිසිම වෙළදසැලක් විවෘතව තිබුනෙත් නෑ... මිනිස් පුලුටක් දකින්න හිටියෙත් නෑ...අවශේෂ වාහන වලට අවහිරයක් නොවන පරිද වාහනය මාර්ගයේ අයිනකට වෙන්න නවත්තලා අපි සියල්ලෝ මොහොතක නිදි සුව සොයා ඇදුනා, වාහනය තුල 6 දෙනෙකු හිටියත් ඒ උණුසුම පිටතින් දැනුන සීතල පහ කරන්න තරම් ප්‍රමාණවත් වුනේ නෑ...පුදුම සීතලක්...වාහනේ වීදුරු වලට හේත්තු වෙන්න බැරි තරමට සීතලයි...නින්දත් නොනින්දත් අතර ස්ථානයක ගත වූ පැයකට විතර පස්සෙ අපි එකා දෙන්නට යන්තමට නින්ද ගියා.
මේ පළාත් වල තියෙන සීතලත් එක්ක මිනිස්සු තම තමන්ගෙ දෛනික කටයුතු ආරම්භ කරන්න ප්‍රමාද වෙනවා ඇති කියලා අපි හිතුවත් ඒ සිතිවිල්ල පුස්සක් බවට පත් කරමින් එහි සහෝදර ජනතාව උදේම තමන්ගේ කටයුතු ආරම්භ කරනවා අපි වාහනය තුල සිට බලාගෙන හිටියා. නගරයේ තිබුන ආපන ශාලාවකින් උණු උණුවෙම කිරි තේ එකක් බීලා , වැසිකිළි අවශ්‍යතාත් ඉටුකරගෙන ඔන්න දැන් ලූල්වත්ත හරහා මී මුරේ පැත්තට යන්නයි අපේ වෑයම.
![]() |
ඒ ඇත්තො උදේම වැඩ පටන් අරගෙන සීතල පැත්තක තියලා |
චතුර අයියේ වාහනේ පැච් එකක්...ඒ වෙද්දිත් සෑහෙන ප්‍රමාණයක් හුළං අඩුවෙච්ච ටයරය දිහා බලාන පිරිස අහස පොළව ගැටලන්න කල්පනා කරනවා...මේක ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙච්ච අපිට මේවා මොනවද බන්...එහෙම කියපු ජීවන්තයා වටේ පිටේ කරපු සෝදිසියකින් පස්සෙ ඒ ළග පාතින්ම ටයරය අළුත් වැඩියා කරන්න පුලුවන් තැනක් හොයාගන්න හැකි වෙච්ච නිසාම විශාල අපහසුතාවක් ඇති වුනේ නෑ.
![]() |
උදේ පාන්දරම පැච් එකක් ගිය එක හොදයි...ලූල්වත්ත පැන්නට පස්සෙ උනා නම් ඇඩෙනවා... |
අළුත්වැඩියාවෙන් පස්සෙ දැන් රථය ලූල්වත්ත පැත්තට ධාවනය වෙනවා...මේ කොටසෙදි තියෙන සුන්දරත්වය කියලා නිම කරන්න බෑ...ලංකාව කොච්චර සුන්දර රටක්ද කියලා හොදට දැනෙන්න නම් අපි හැමදාම චාරිකා යන සම්මත ලැයිස්තුවෙන් පිට ගමනක් යන්න ඕනෙ.

මචං ඉන්න බෑ...පොඩ්ඩක් නවත්තහං... ඒ දවස් වල ඩියුඩ්සිරා හුජ්ජ බෑග් එක හොයාගෙන තිබුනෙත් නැති හින්දම සුළු දිය අවශ්‍යතාවට රථය නතර උනා. සියල්ලන්ම වගේ රථයෙන් බැහැලා තම තමන්ගෙ අවශ්‍යතාවයන් සපුරාගෙන රථයට නැගිලා මද දුරයි ගමන පිටත් වුනේ...
අඩේ, මොකෙක්ද කනවා වගේ බන් පොඩ්ඩක් නවත්තපං චතුර....ජීවන්තයා මොර දෙනවා....වාහනේ නැවතුනා. මේ මාර්ගයේ ධාවනය වන්නෙත් එකම එක වෑන් රථයක් නිසා වාහන තදබදයකුත් නෑ. ජීවන්තයා වාහනෙන් බිමට පැනලා පාර මැද්දෙම කලිසම ගලවලා බැලුවා....
මෙන්න බඩු....
![]() |
මේ මගේ කලිසමේ හිටපු එකෙක්... |
![]() |
මෙන්න මෙයා තමයි නඩේ ගුරා ජීවන්ත...තාමත් සරම ගසනවා කූඩැල්ලො වැටෙයිද බලන්න. ටිකක් ඈතින් පේන වෑන් රථය තමයි හුන්නස් ගිරියෙ ඉදන් ලූල්වත්තට මගීන් ප්‍රවාහනය කරන එකම රථය |
![]() |
මෙයා තමයි චතුර...අන්තිම මොහොතෙ අපිව ගොඩ දැම්ම ඉස්සර නලුවා |
මගේ මිත්තරයගෙ අහවල් එකේ එල්ලිලා හිටිය කූඩැල්ලා ඒ වෙද්දිත් සෑහෙන්න ලේ බීලා පිම්බිලා හිටියෙ...අපේ කලිසම් වලිනුත් කූඩැල්ලො එකා දෙන්නා මතු වෙන්න ගත්තට පස්සෙ තමයි කූඩැල්ලො එක්කත් අපිට බේර ගන්න ගණුදෙනුවක් තියෙන බව වැටහුනේ.
ජීවන්තයා කලිසම ගලවලා සරමට බහින්නත්...සිරා කොලුවා කකුල් දෙකටම ඇදපු කලිසමෙන් බැහැර වෙලා කොට කලිසමකට බහින්නත් තීරණය කොලා. අතර මගක හමුවුන සුන්දර දිය ඇල්ලකින් අපේ මූණත් තහඩු හෝදාගෙන නැවතත් ගමන පිටත් වුනා.
![]() |
ජීවන්තගෙ ගෝලයො දෙන්නගෙන් එක්කෙනෙක්...මහේන් |
ජීවන්තගේ පෙර සැලසුම් අනුව සකසා තිබුන සීනි සම්බෝල සමග අපි හුන්නස්ගිරියෙන් මිළදී ගත් පාන් උදෑසන ආහාරය ලෙස භුක්ති විදින්න රථය නතර උනා. තරමක බෑවුමක් තියෙන අනතුරුදායක තැනක් මේ සදහා තෝරාගත්තෙ අපේ අනිත් නළු මිත්තරයා දිනේෂ්. ට්‍රෝජන් කාන්තාවෝ ඇතුළුව වේදිකා නාට්‍ය රැසක රගපා තිබුන මේ හාදයා කථා කරන හැම වෙලාවකම අංගචලනයෙන් අමුතුම මිහිරක් එකතු කලා. ඔහුගේ හැකියාව ගැන යම් අදහසක් ඔහුගේ රගපෑම් නොදැක්ක කෙනෙක්ට ලබා ගන්නත් ඒ පොඩ්ඩම ඇති.
![]() |
උදෑසන කෑම විරාමය....අනිත් නලුවා දිනේෂ්...ඔය ලගම ඉන්නෙ... |
![]() |
ඔන්න බලන්න උදේට කෑම කන්න තෝරගත්ත තැනක හැටි... |
![]() |
නාය ගොස් තිබුනු තැනක් |
කෑම විරාමයෙන් පස්සෙ කිසිම කෙනෙක් මට ආගන්තුක උනේ නෑ...හැමදෙනාම ඉතා හොදින් සුහදව අපේ චාරිකාවත් එක්ක ඒකාත්මික වෙලා හිටිය නිසා හැමෝම හිටියෙ සතුටින්. කෙමෙන් කෙමෙන් රථය ලූල්වත්ත හන්දියට ලගා වුනා. මේ මාර්ගයේ නිතරම වාහන යන්නෙ නැති නිසා අපි ගිය වාහනයෙන් ඒ වෙලාවෙ මාර්ගයෙ පයින් යමින් සිටි ගම්වැසියන්ට ප්‍රවාහන පහසුකම් සලසා දෙන්නත් අපි අමතක කලේ නෑ. ඒ ඇත්තො හරිම අහිංසක මිනිස්සු...කටපුරා හිනාවෙනකොට කොච්චර අව්‍යාජද කියලයි හැමවෙලේම මට හිතුනෙ.
ලූල්වත්ත හන්දියෙන් පස්සෙ කෙමෙන් කෙමෙන් ජනාවාශ නැතුව යනවා...එතනින් එහාට තියෙන්නෙ හුදෙකලා වෙච්ච මහා වනාන්තරය...මහා මාර්ගයත් බොහොම පටුයි. සමහර තැන් වල විශාල බෑවුම්...ඒ නිසාම රියදුරා හොද අත්දැකීම් සහිත කෙනෙක් වීම ඉතාම වැදගත්...ඒ වගේම ඇතැම් තැන් වල මාර්ගය කැඩිලා විශාල වල ගොඩැලි පිහිටලා තියෙන නිසා කාර් රථයක වගේ මේ ගමන යන්න බෑ. අපිට පිටිපස්සෙන් ආපු කාර් රථයක් අතර මගදි සෑහෙන විදියට අසරණ වෙච්ච අන්දම අපි දැක්කා. පොළව සහ වාහනය අතර උස (ground clearance) වැඩි ජිප් රථයක්, කැබ් රථයක්, වෑන් රථයක් තමයි මී මුරේ ගමනට වඩාත් සුදුසු.
![]() |
මේ තමයි ලූල්වත්තෙන් පස්සෙ මී මුරේට යන්න තියෙන මාර්ගය...පේනවනෙ පළලෙ තරම |
මේ මාර්ගයට නිතරම පෙනුන දෙයක් තමයි කිතුල් ගස්...ඒ නිසාම තමයි මම කිතුල් රා තියෙනවද කියලා ජීවන්තයාගෙන් ඇහුවෙ...
අම්බානට තියෙනවා...අපි හොද කිතුලකින් රා සුට්ටක් බොමු...අපේ රියදුරු තුමා චතුර ගොයියා වාහනේ පදවන ගමන්ම පිළිතුරු දුන්නා. මී මුරේ ඉසව්වෙ අපි යද්දි ජංගම දුරකථන තරංග ක්‍රියාත්මක වුනේ නෑ...ඒ වගේම හදිසියේම වාහනයක පැච් එකක් ගියත් හදාගන්න තැනක් තිබුනෙත් නෑ...ඒ නිසා සංචාරයට ඉස්සෙල්ලා ඒ සියල්ල ගැන කල්පනා කරන එක ඉතාම වටිනවා. චතුර වගේ හොද කාර්මිකයෙකු අපිත් එක්ක ඉද්දි මොනවට භය වෙන්නද...අපි එහෙම හිතලා හිත හදාගත්තා.
ඔයින් මෙයින් අපේ නඩේ මී මුරේ ගමට ලගා වුනා. ගමට කිට්ටු වෙද්දිම මාර්ගය කොන්ක්‍රීට් යොදා පිළිසකර කර තිබුනා සෑහෙන දුරක ඉදන්. විදුලිය පවා නැති අසරණ ගම්මුන් වෙසෙන ගමක් ලෙස මම හිතාගෙන හිටිය මී මුරේ පළවෙනි නිවාස දෙක තුන දකිනකොටම ඒ සිතිවිල්ල වෙනස් වුනා. හොද තත්වයේ නිවාස වගේම විදුලියත් ඒ ඇත්තන්ට ඒ වෙද්දි තිබුනා. ඒ කිව්වෙ 2011 දෙසැම්බර් මාසය වෙද්දි තිබුනා. මේ චාරිකාව ගිය අලුතම මේ සටහන ලිව්වා නම් ගොඩාක් දේ එකතු කරන්න තිබුනා. ඒත් ඒ කාලෙ බ්ලොග් ලිවිල්ල කලේ නැති හින්දා ඇතැම් දේ මතකයෙන් ගිලිහී ගිය වටපිටාවක තමයි දැන් ලියාගෙන යන්නෙ.
දිවා ආහාරය පිළිබද වගේ වගක් නැතුව අපි වාහනෙන් බිමට බැහැලා ගම පුරාම ඇවිද්දා. ඒ කූඩාරම ඉදිකරන්න සුදුසු තැනක් හොයන්න. නොදන්නා පළාතක මේ වගේ රාත්‍රියක් නතර වෙද්දි සතා සීපාවාගෙන් ආරක්ෂා විය හැකි තැනක් තමයි ඉස්සෙල්ලාම තෝරා ගන්න ඕනෙ. ඒ වෙද්දිත් ගමට ඇවිල්ලා හිටිය ස්වදේශික සංචාරකයො කීප දෙනෙක් ගමේ විවිධ නිවාසයන්ගේ ලැගුම් ගෙන තිබුනා. එහෙත් අපේ නවාතැන වෙන්නෙ කැළෑව නිසා ඒ ගැන තැකීමට අවශ්‍යතාවයක් තිබුනෙ නෑ.
මෙතන හදමු....අයියෝ මෙතන හරියන්නෙ නෑ...එකෙක් කැමති වෙද්දි එකෙක් අකමැතියි. මේ විදියට සෑහෙන වෙලාවක් ගියාට පස්සෙ තමයි අපිට වැටහුනේ මේ ගම්මානයට ඉක්මනින් කරුවල සැපත් වෙන බවත් ඊට කලියෙන් අටවන ලබ්බක් අටවාගත යුතු බවත්...ඒ නිසාම කාගෙත් වැඩි ඡන්දයෙන් මී මුරේ ගමෙන් පිටට ගිහිල්ලා කූඩාරම ඉදිකරන්න තීරණයක් ලැබුනා. අපි නැවතත් ගමෙන් ආපස්සට ආවා. කිලෝමීටර් 3 ක් පමණ ආවට පස්සෙ වංගුවක් එක්කම පාලමක් තිබුන තැනක් විමර්ශණයෙන් පස්සෙ සුදුසු තැන විදියට තෝරා ගත්තා. මාර්ගයේ ඉදහිට ඇදෙන රථයක් මිස කිසිදු ජනාවාශයක් ඒ අවට තිබුනෙ නෑ.
![]() |
අවසානයට තෝරාගත්ත තැන...මෙතැනින් පල්ලම් බැහැලා තමයි කූඩාරම් ගැහුවෙ |
රථයෙන් බඩු බාහිරාදිය ඉක්මනින් බාගෙන පල්ලම් බැහැලා මාර්ගයට කුඩාවට පෙනුන දිය පහර තරණය කරන්න සූදානම් උනා. නමුත් අපි දුටුවාට වඩා ඒ දිය පහරෙ සැඩ ගතිය වැඩියි. සුමේධ වගේම මහේන්...ඒ කිව්වෙ ජීවන්තගෙ ගෝලයෝ දෙන්නා නම් කිසිම භයක් සැකක් නැතුව ගලෙන් ගලට පැනලා එහා පැත්තට පිවිසුනත් අවශේෂ අපිට එච්චර ධෛර්යයක් තිබුනෙ නෑ...ඒ නිසාම ඒ දෙදෙනා පොදු ජන යහපතා තකා පාලමක් ඉදිකරන්න කටයුතු කොලා. ඒ සදහා සෑහෙන වෙහෙසක් සහ කාලයක් ගත කරන්න උනේ සැඩපහර සෑහෙන්න දරුණු එකක් වෙච්ච හින්දයි. බැලූ බැලූ අත පෙනෙන නිල් කැටේට බබලන ජල මූලාශ්‍ර තමයි මී මූරේට සෑහෙන එළියක් දෙන්නෙ. ඉතාමත්ම නොඉදුල් පිරිසිදු ජලය නිසාම අප ආසන්නයෙන් ගලා ගිය ජලපහරෙන් තමයි අපේ පානීය අවශ්‍යතා සපුරා ගත්තෙත්. අන්න ඒ පාලමෙන් ගග තරණය කරලා..එහා පැත්තට පිවිසිලා කූඩාරම අටවගන්න බිම සමතලා කරගන්න සෑහෙන වෙහෙසක් ඊළගට ගන්න අපට සිදු වුනා.
![]() |
මී මුරේ අසිරිය වැඩි කරන සුපිරිසිදු ජල සම්පත |
![]() |
ගෝලයො එහා පැත්තෙ...පැනගන්න බැරි වුන අය මෙහා පැත්තෙ |
![]() |
පාලම හදන්න කලියෙන් චතුරයා සැඩ පාරට අහුවෙච්ච හැටි |
එහෙත් එදා නම් ඔහුටත් වැරදුනා...සෑහෙන වාර ගණනක් උත්සාහ කිරීමෙන් පස්සෙ තමයි නිවැරදි ක්‍රමය හොයාගත්තෙ. සිහින් වානෙ කම්බි යොදලා ශක්තිමත් භාවය ඇතිකරගත්තට පස්සෙ අපේ බඩු භාහිරාදිය ඒ තුල තැන්පත් කලා.
![]() |
සෑහෙන්න කට්ට කාලා ගොඩ දාගත්ත අපේ කූඩාරම් රාජයා.... |
ඉන්න බෑ බඩගිනිනයි බොලව් මොනවා හරි කන්න දෙයක් හදමු...ජීවන්තයා මොර දෙනකොට තමයි අපිටත් සෑහෙන බඩ ගින්නක් තියෙන බව මතක් වුනේ. උගෙ ගෝලයෝ දෙන්නා නූඩ්ල්ස් හදන්න ලෑස්ති උනේ ගල් දෙබොක්කාවක හදපු දර ලිපක් එක්ක. නමුත් ගින්දර දල්වාගැනීම අපි හිතන තරම් සාර්ථක වුනේ නෑ. කැළෑවක් උනත් දර ලෙස භාවිතා කල හැකි වියලි ඉපල් කිසිවක් තිබුනෙ නැති නිසා කිතුල් ගස්වල වියලුනු කොල පමණයි භාවිතා කරන්න ලැබුනෙ. අවසානයේ අපට හැකි වුනේ නූඩ්ල්ස් යන්තම් තම්බා ගන්න පමණයි. බඩගින්න දරාගත නොහැකි වූ තැන තැම්බූ නූඩ්ල්ස් සමග ටින් මාලු අමුවෙන්ම දෙසා බාලා බඩගින්න තුරන් කරලා දැම්මා. මේ වගේ ලෝකයෙන් හුදෙකලා වෙලා ඉන්නකොට තමයි අපේ නිවාස වල තියෙන පහසුකම් සහ ගෙදර ඉහුම් පිහුම් කරන අම්මලාගෙ සේවය පිළිබද හොද අවබෝධයක් සහ වටිනාකමක් හිතට දැනෙන්නෙ.
![]() |
සිරාගෙන් ගින්නට හුස්ම පොදක් |
![]() |
පේනවනෙ ගින්දරේ තරම |
ටිකෙන් ටික අඩියෙන් අඩිය අදුර වැටුන මී මුරේ ගම අවසානයේ අදුරේ නෙපෙනීම ගියා. දවසක නිමාව සටහන් කරමින් විවිධ හඩ නගමින් සියොත් කැළ නිවෙස් සොයා ඇදුනා. නොදන්නා නුපුරුදු තැනක අපි 6 දෙනා හුදෙකලා වුනා. හීන් සිරුවේ එකා දෙන්නා දවල් වරුවේ ඉදන් එකතු කරගත්ත දරකොට කීපයක් ලංකර ගෙන ගිණිමැලයක් පත්තු කලා. ඊටත් පස්සෙ ගමන් මහන්සිය නිවා ගන්න සුපිරිසිදු ජලය ස්නානය කරලා හැමෝම වගේ ගිණි මැලය වටේට එකතු පහදු උනා.
හැමදාම චාරිකාවක් යනවා නම් ජීවන්තත් එක්ක නොවරදවාම දකින්න පුලුවන් කොංගෝව එදත් උගෙ උරහිසට සවි උනා. කෙමෙන් කෙමෙන් සද එළිය නොඉදුල් වන පියසට පතිත වෙද්දි ගෙදරදී ගැඹුරු තෙලේ බැදගෙන ආපු හුරුල්ලන් එකා දෙන්නා පිගන් වලට වැටුනා. එතැන් සිට ජා-ඇලින් අපි රාත්තිරියෙම මිළදී ගත්ත කැලිප්සෝ රෙඩ් රම් අපිට තනි රැක්කා.
මතු සම්බන්ධයි.
රස වෑහෙන චාරිකා සටහනක් සිරා. ඒ වගේම තමයි පිංතුර සෙට් එකත්. මා මුලින්ම මීමුරේ යනකොට මේ පාරවල් තිබුණේ නෑ අඩිපාර විතරයි තිබුණේ. ඒ දුෂ්කර චාරිකාව සිහියට ආවා මේක කියවන විට
ReplyDeleteස්තූතියි නලින් අයියා...ඔයා ගිය කාලෙම මටත් යන්න තිබුනා නම් කියලා හිතෙනවා...ඒ කාලෙ නම් නිකලැල් නියම ගම්මානයක් දකින්න තියෙන්න ඇති. නිවාඩුවක් තියෙන වෙලාවක ඒ පරණ මතකයෙන් යමක් ලියන්න...
Deleteවෙලාවක යන්න ඕන තැනක්. දිගු කලක සිට හිතුවත් තවම යන්න බැරි වූ තැනක්.
ReplyDeleteමේ වසරේ චාරිකාව යන්න ඔන්න දැන් තැනක් තියෙනවා....සැට් එකට කියලා බලන්න.
Deleteමට නං මුලු ට්‍රිපේ වටිනම කෑල්ල තමයි
ReplyDeleteජීවන්තගෙ කොංගො එක !!
තව රෙඩ් මෙව්ව එක !!
උඹට කියන්න බං දවසක් නුවර ට්‍රේන් එකේ ට්‍රිපක් යද්දි යාචකයෙක් ගැහුව දෛවයෝගයකින්
නොවේ සිංදුව කොංගො එක ගහල,
පිස්සුම හැදුන බං උගෙ ටැලන්ට් එකට..
අපි සල්ලිත් දීල ශොට් එකකුත් දුන්න පුලුවං හැටියට අපේ බජව්ව නවත්තල.
හැබෑවටම දක්ශයෙක් ඌ !
ගහට පොත්ත වගේ තමයි ජීවන්තයා සහ කොංගෝව අතර බැදීම....පොඩි සොමියක් දාන වෙලාවට ඒකා මතු වෙන්නෙම ඒකත් එක්කයි.
Deleteදෛවයෝගය මමත් ආසම සින්දුවක්...බොක්ස් ගිටාරයෙන් වාදනය කරද්දි තමයි පට්ට සිරා.
ෆොටෝස් ටිකත් මරු. ඇත්තටම අපේ රට කොයි තරම් සුන්දරද කියලා හිතෙන්නෙ මේවා දකිද්දි තමා.
ReplyDeleteඒක නෙමේ ජීවන්ත කූඩෑල්ලාව විතරයි නේද හැලුවෙ අහවල් එකත් හැලුවද?. ;-)
එදා සරම ගසපු ගැසිල්ලට අහවල් එකත් හැලුනද කියලා මට නම් ෂුවර් නෑ...
Deleteela ela .....bt ape ewun ekka nam kawadawath oya wage fun 1k ganna nam hamba wenne ne..........
ReplyDeleteමෙහෙම ගමනක් යද්දි චීත්ත කෑලි / පංගුපේරු කාරයො අරගෙන ගියාම හරිම ගැටලු...චාරිකාව පටන් ගද්දි තියෙන සුහදතාවම අවසන් වෙද්දිත් තිබුනොත් තමයි එය සාර්ථක චාරිකාවක් කියලා කියන්න පුලුවන්.
Delete"මෙන්න මෙයා තමයි නඩේ ගුරා ජීවන්ත...තාමත් සරම ගසනවා කූඩැල්ලා වැටෙයිද බලන්න"
ReplyDelete???????????????????????????????
හි හි
Deleteතව පොඩ්ඩෙන් මහ කූඩැල්ලත් හැලෙනවලු...
Deleteඔන්න බොට උත්තරයක් මම අහසේ දීලා තියනවා :)
Deleteඅපි තුන් දෙනෙක් බතලේගල උඩ රැයක් ගත කළ විත්තිය මතක් උනා මේක කියවද්දි...
ReplyDeleteඉතින් සුදෝ ඒ කථාවත් යුනිකෝඩ් කලොත් අපි බනීවි කියලා හිතුවද ?
Deleteඅපිරිමිත සතුටුයි සිරා..! පින්තූර ටිකත් එලෙසමයි..බොලා අර ලිපට පිඹින එකනම් මරු.මං හිතන්නෙ පොඩි ගෑස් ලිපක්/සිලින්ඩරයක් ඕනමයි ඔය වගේ ගමනකට..!
ReplyDeleteඅපිට යන්න පිනක් තිබුන්නෑනෙ. අපේ පැත්තෙත් ඉස්සර කූඩැල්ලො එමට හිටිය. දැන් එකෙක් නෑ.තේ වතු වලටත් වස ගහනවනෙ. කූඩැල්ලො ලේ ටිකක් හරි බොන එක හොඳා කියනවනෙ.( අහවල් එකේ නැතිව)උන්ගෙ ඛේඨයේ තියෙන එන්සයිම වගයක් අපෙ සරීරයට හොඳාලු. සාමාන්‍ය යෙන් උන් ලේ බිව්වම..සමහරු බයටම අතින් අල්ලල ඇදල දානව.එතකොට ඌ ගේ දලේ කැඩිල තමා සතා ගැලවිලා එන්නෙ.එහෙම උනාම ලේ නව්ත්තන්න ඉතා අමාරුයි.හොඳම ක්‍රමේ ලුනු/හුණු ටිකක් තියන එක ඌ එතකොට හැලෙනව ඉබේම. ඒත් ලේ නවත්තන්න අමාරුයි.සාර්ථකමක්රමේ තමා පත්තර පිටුවක් පුච්චල අලු තියන එක.ඒත් කීප සැරයක් ට්‍රයි කරන්න ඕන. ඒ නැවතුනත්....ටික වෙලාවක් යනකොට එතන හරිම සනීපෙට කහන ගතියක් එනව.අත යන්නෙ ඉබේටම.වැදිලාවත් එක සැරයක් කැහුවත් ඇති ආයිත් ලේ ගලන්න ගන්නව මුලින් වගේම. ඒතරම් ක්‍රියා ශීලියි උගේ කෙලවල තියෙන එන්සයිම. හාට් ඇටෑක් එහෙම හැදෙනවා අඩුයි මම හිතන්නෙ.නිතර උන් දශ්ඨකරන අයට.ලේකැටි දිය වෙනවනෙ.
මේක කියවලා මට කූඩැල්ලො ටිකක් ඇති කරන්න හිතුනා බං.
Deleteලුණු තිබ්බම හැලෙනවා විතරක් නෙමෙයි බීපු ලේ ටිකත් එලියට දානවා
Deleteදේශීය වෙදකමේදී අපිරිසිදු රුධිරය ඉවත් කරන්න කූඩැල්ලන් විශේෂයක් භාවිතා කරනවා. හැම කූඩැල්ලගෙන්ම ඒ වැඩේ කරන්න බෑලු...මොකද මේකා දෂ්ඨ කරනකොට සියුම් විෂක් ශරීර ගත වෙනවා ඇති....සමහරුන්ට තුවාල වේලෙන්නත් සෑහෙන දවසක් යනවා කූඩැල්ලො විද්දම...
Deleteපත්තර පුච්චලා තියෙන කථාවත් මම අහලා තියෙනවා...ලුණු තිබ්බාම නම් කූඩැල්ලා දිය වෙලා යනවා...ඒක පවු වැඩක්...
ඇත්ත සිරා..පව් වැඩක් නම් තමා... ඒත් වෙනක්‍රමයක් නෑ...ඇදල දාන්න තමා තියෙන්නෙ. ඒත් ඌ මැරෙනවා මම දන්න විදියට..අර මී මැස්සගෙ දලේකැඩෙනව වගේ. හැබැයි ඌ ඇතිවෙන්න බෙරය වගේ වෙන්න ලේ බිව්වම ඉබේ හැලෙනව..සමහරුන් ට දැනෙන්නෙත් නෑ...උනේ මොකක්ද කියල දන්නෙත් නෑ ලේ එකයි ඇඳුමෙ.
Deleteඌ ඌට ඕන තරම ලේ බිව්වම හැලිල(ගෑණු සතා වෙන්න ඕන) බිත්තර 1000ක් විතර දානවලු. කොහොමත් ඉඳිකටු විතර කූඩැල්ලො එක සීරාවට ඉන්නව ඕන තරම් දැකල තියෙනව.
වෙද කූඩැල්ලො ඉතා දුර්ලභ,වටිනා උන් විශේෂයක්...තව දිය කූඩැල්ලො කියල විශේෂයක් තමා උන්. උන්ට කියල ලේ(විෂ) උරාබොන්න සලස්සල ඒව වමාරනව නැත්නම් උන් මිය යනවලුනෙ.
බෝතලේ තිබ්බෙ නැත්තං උඹ රෑ බය වෙනවනේ..
ReplyDeleteඒ උනාට උඹ වගේ මම නින්දෙදි ඇද තෙමන්නෙ නෑනෙ සෑමො...
Deleteහරිම රසවත් සිරා මල්ලී. එක හුස්මට කියෙව්වා. කොටස ඉවර වෙන තැනට එනවා දැනුනේ නෑ. අපරාදේ ඉවර උනේ කියලා හිතුනා. ඉක්මනට ඉතුරැ ටිකත් දාපං මලේ. උබ රහට ලියන්න හැබෑ දක්ෂයෙක්. ජය!!!
ReplyDeleteස්තුතියි අයියා ඔබේ අදහසට...ඉතිරියත් ලියා අවසානයි...තව සුට්ට දවසකින් කියවන්න පුලුවන්.
Deleteසෙට් එක එක්ක ට්‍රිපක් යන එක තරම් සතුටක් ඉතින් ලොවෙත් නෑ....
ReplyDeleteහැමෝම නොයන තැන් වල යන අපි, හැමෝම යන තැන් වල ගිහින් නෑ. මීමුරේ අල්ලන්න ඕනේ පසුකාලීනව ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මමත් කීප තැනකම දැක්කා රජා...පුරෝහිත සැට් එකක් එක්ක එහෙ මෙහෙ රවුම් ගහන දර්ශන කීපයක්...
Deleteඉතුරු ලිපියට මග බලා සිටිමි.
ReplyDeleteඔබ මග බලා සිටින නිසාම ඉතිරිය ඉක්මනින් ලබා දෙමි.
Delete
ReplyDeleteඅපිත් මීමුරේ පැත්තේ රවුමක් ගියා..
http://bandarammsl.blogspot.com/2012/11/nitro-cave.html
ඔය වගේ ගමනක තියෙන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ....
ජය වේවා!!!
මම මේ ඊයේ පෙරේදා ගහපු රවුමක් ගැන විස්තරේ කොටන ගමන්...
මම දැක්කා ඔය ලිපිය බණ්ඩො...බලමුකො බොලා මෙදා පොටේ කොහෙද ගිහිල්ලා තියෙන්නෙ කියලා.
Deleteහරිම ශෝක් ගමනක් නේද ... පින්තූට ටිකත් හරි ලස්සනයි..
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න ..
මගේ නැතිවුන ජංගම දුර බණුවෙන් තමයි ඕවා ඔක්කොම ගත්තෙ...දුර බණුව අවුරුදු 3 උපන්දිනය සමරන්න මාස 2 කට කලියෙන් මෙහෙදි ටැක්සියක මට අමතක වුනා. ඉතිරිය ඉක්මනින් ලබා දෙමි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකැබ් එක ටූ වීල් එකක් නේද සිරා ...? මේ ගමන දකිද්දී නම් යන්න ආසයි.. අපේ නැන්දා කෙනෙකුගේ තේ වත්තක් තියෙනවා රත්නපුරේ.. ඉස්සරම මම හැමදාම උදේ 6 ට විතර මාම එක්ක තේ වත්තට යනවා. මීදුම තදින් තියෙනවා ඒ වෙලාවට.. කඳු අතරින් සිරීපාදෙත් පේනවා සමහර තැන් වලදී ..දවල් 2 විතර වෙද්දී දළු ටික වාහන වලට දාලා ළඟ තියෙන දොළ පාරකින් නාලා කූල් එකේ එනවා කඳු පල්ලම් බැහැගෙන. ගෙදර එනකොට හවස 4 විතර වෙනවා..
Deleteදැන් මතක් වෙද්දීත් ආසයි. මේ මන් කිව්වේ මට වයස 14 වගේ කාලේ වෙච්චි දේවල්.. මේ වෙනකොට තේ වත්ත නිකම්ම වල් වැදිලා.. දළු කැඩෙන්නේ නැහැ.. අපි හැමෝම කොළඹ.. වත්ත බලාගන්න කෙනෙක් නැහැ.. මන් ඒවා ගැන හොයන්න යන්නෙත් නැහැ.. අන්තිමට ඥාති කමුත් නැති වෙලයි ඕවා කෙලවර වෙන්නේ...
ඔව්...ටූ වීල් උනාට කදු පල්ලම්, 6 දෙනෙකුත් පටෝගෙන ගානක් නැතුව ඇද්දා...ඒ වගේම තමයි චතුරගෙ රියදුරු හැකියාව...ඉතාම හොදට ඔහු ඒ කාරිය කලා...
Deleteඅපරාදෙ, මමත් හරිම ආසයි තේ වත්තක දවසක් දෙකක් ගත කරන්න...අපිට දෙනවා නම් වත්ත....තංගච්චිලා ටිකක් යොදවලා වත්ත සුද්ධ කරලා ගන්නම්...
ගමන නම් නියමයි. හැබැයි රබර් සෙරෙප්පු දාගෙන යාමත් නිරුවත් දෙපයින් යාමත් මෙවැනි චාරිකාවලට සුබ නැහැ. මම මීටකලින් ලිපියක කියලා තියනවා. නමුත් එව්වා අහන අයනම් අඩුයි. මොනවා කරන්ඩද. අර පාලම හදනකොට ඉනට ලනුවක් දාලා ඒක කොතැනක හරි ගැට ගහලා හෝ තවකෙනෙක් අතට දීටා තිබුනානම් හදිසියකදී ජීවිතාරක්ෂාව තහවුරු වෙනවා.
ReplyDeleteමෙවැනි ගමන් වලදී අනතුරු වෙමට ඇති ඉඩකඩ වැඩි බව අමතක කරන්න එපා.
මේක ඉතින් ක්ෂණික නූඩ්ල්ස් වගේ ගිය ගමනක් නොවැ විචාරක තුමා....අනිත් කාරණේ අපි නැවතුන ඉසව්වෙ කූඩැල්ලො හිටියෙ නෑ...ඔය හුජ්ජ කරන්න අකුලක් අස්සෙ රිංගලා තමයි ටිකත් එල්ලගත්තෙ...ආරක්ෂාව ගැන කියනවා නම් අපි ඉතින් තියරියට වැඩ නෑ...ඒත් කරන හැම වැඩක්ම හොදට හිතලා මතලා තමයි කරන්නෙ...ඒ නිසාම මේ වනතෙක් කාටවත් කිසිම අනතුරක් නෑ...විශේෂයෙන් මත්පැන් පානයෙන් පස්සෙ හැමෝම උපාසකයො වගේ ඉන්න තැන ඉන්නවා මිසක වැඩ පෙන්නන්න යන්නෙ නෑ.
Deleteසිරා අයිය ලංකාවට ආවේ කවදාදෝ..??
ReplyDeleteඅනේ කොයින්ද එහෙම වාසනාවක් නගෝ...මේ 2011 ගිය චාරිකාවක විස්තර....හුග කාලෙකින් දැක්කෙ...කසාදයක් බැදලා පිටගම් ගියාද ?
Deleteඅරුන් දෙන්නගේ කිසිම නලුපාටක් නැනේ බං
ReplyDeleteඋඹ බලපු එක . අනේ මන්දා :-)
Deleteඅර ස්ප්‍රයිට් බෝතලේ දැක්කෙ නැතෙයි ?
@අටම්,
Deleteහී හී...මම නම මුකුත් කීවේ නෑ ඕං...
හෙක් හෙක්...මට බොලාගෙ කමෙන්ට් එක දැකලා හිනා ගිය බොලං...නලුපාට කියලා අදහස් කලේ සුපිරි පෙනුමක් තියෙනවා කියන එක වෙන්ට ඕනෙ...ඒත් නලුවෙක්ට ඒක අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. නියම නලුවා කියන්නෙ තමන්ගෙ අතට ලැබෙන පිටපතේ චරිතය ඒ ලෙසම විද්‍යාමාන කරන්න පුලුවන් අපූරු මිනිසෙක්ට....නිකමට හිතහං ජෝ අබේවික්‍රම / දොන් සේතං / ඩී.ආර් නානායක්කාර මේ අය ලස්සන අයද ? ඒත් නලුවො විදියට කොච්චර නම් හැකියාවක් පෙන්නපු ඇත්තොද ? අද කාලෙ රූපවාහිනී චැනල් වල යන ටෙලිනාටක වල ඉන්න උන්ට නම් රූපය තිබ්බට හැකියාව නෑ...උන්ට අපි කියන්නෙ පියරු බබාලා කියලා.
Deleteදොන් සේතන් නෙමේ....දොන් සිරිසේන.....මෙයාගේ අක්කා අපේ ආච්චිගේ යාළුවෙක් .නුගේගොඩ හිටියෙ.
Deleteසිරා .. ඔච්චර පැහැදිලි කරන්ඩ ඕන නෑ අටමට..
Deleteනලු පෙනුමක් නේ .
හොදට බලාගනිං මා දිහා ..
දැං දැක්කද නලුවංගෙ හැටි. :-)
තොගේ ක
මට අහන්න තියෙන පලවෙනි ප්රශ්නය පින්තූර ගත්තෙ කවුද කියලයි.මොකද පින්තූර ටික ඒ තරමටම ඉහල මට්ටමක තියෙනව.
ReplyDeleteලොකු වුනාම මමත් මීමුරේ යන්න හිතාගෙන ඉන්නවා සිරා ගමන ලෑස්ති කරනවද.
//ලොකු උනාම// කිව්වෙ කවුරු ලොකු උනාමද?
Deleteපළවෙනි ප්‍රශ්නයට පිළිතුර ඡායාරූප සියල්ලම ගත්තෙ මගේ නැතිවුන Samsung වර්ගයේ ජංගම දුරබණුවෙන්...ඒක මම මිළදී ගත්තෙ ඉන්දියාවෙදි...දුකේ බෑ ටැක්සියක අමතක වුනා අවුරුදු 3 උපන්දිනය සමරන්න ඔන්න මෙන්න තියෙද්දි.
Deleteහැලපයියා ලොකු වෙද්දි මමත් ලොකු වෙලා ඉදීවි. අපි එකටම වාගෙ ලංකාවට ගියොත් අනිවා ට්‍රිපක් යමු....මගේ මිත්තරයො කොහොමත් මේ වගේ ගමන් යන ඇත්තො තමයි...ඉදිරි දිනක ඇලි 7 රැයක් ගත කරපු හැටි ලියන්නම්....
කට්ටියක් එක්ක සෙට් වෙලා ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ.. ෆොටෝ ටිකත් එක්ක විස්තරේ නියමයි.. බලමු ඉතුරු ටිකත්..
ReplyDeleteස්තූතියි මලයො....බොලා ඔහෙදි ට්‍රිප් යන්නෙ නැතෙයි ?
Deleteමොකාද අනේ අර තලගොයා මරා දාලා වගේ ගල්තලාවේ වැතිරගෙන ලිපට පිඹින්නේ ,,නළුවද
ReplyDeleteහරිම ලස්සන ෆොටෝ ටික.. මට නම් ඔහොම ට්‍රිප් එකක් කියන්නේ හීනයක් සිරා ,, කවද යන්න ලැබෙයිද මන්ද .. මේ අර කුඩල්ලෝ නම් අප්පිරියයි නේද ..
අනේ බොලං....බොලාගෙ ඇස් දෙක දැන් හරියට පේන්නෙ නැති හැඩයි...ඒ පින්තූරෙ යටින් ගහලා තියෙනවා නේද තලගොයා මුකාද කියලා.....මේක ලියන එකා තමයි ඒ.
Deleteඅපි නම් ඉතින් හැමදාම වගේ ගියේ ඔය වගේ සුන්දර චාරිකා තමයි...තව ඉස්සරහට ලියන්නම් මේ වගේ චාරිකා සටහන් ගොඩාරියක්...කූඩැල්ලො මොන අප්පිරියාවක්ද මෙයා...නිකමට ඔහෙන් එකෙක් හොයාගෙන හුරතලේට ඇති කරලා බලන්නකො...හරිම කීකරුයි.
ඊයා මට නම් කූඩැල්ලෝ පෙන්නන්ට බෑ. මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා.
ReplyDeleteලස්සන පරිසරයක්. අපි ලංකාවට ඇවිත් ගමේ යනකොට ඔය වගේ ලස්සණ පැති ගොඩක් පහුවෙනවා.
මම නම් මේ පොඩි කූඩැල්ලන්ට භය නෑ...අර වතුරෙදි එල්ලෙන මී හරක් කූඩැල්ලන්ට නම් සෑහෙන්න භයයි.
Deleteපොඩ්ඩි කදුකර පළාතක කෙනෙක් එහෙනම්...මම අනුමාන කරන්නෙ නුවර මැණිකෙ කෙනෙක් කියලයි.
අඩේ හැමදාම කියනව යන්න ඕන යන්න ඕන කියල... මොන ලබ්බක්ද... යන්න වෙන්නෙ නෑ බන්...
ReplyDeleteඔහොම ප්ලෑන් කර කර යන්න බෑ බොලං....මේ වගේ පතුත් වෙච්ච ගමන් ගියොත් තමයි ඉතිං යන්න වෙන්නෙ...
Deleteමාරම ෆන් එකක් අරගෙන තියෙන පාටයි..තව ලස්සන ෆොටෝ ටිකක් බලාපොරොත්තු වෙනව..අපිත් හිතාගෙන ඉන්නව ඔහොම ගමනක් යන්න..කෝ ඉතින් අපේ එවුන් සෙට් කොරගන්න අමාරුයිනෙ..
ReplyDeleteඑහෙම තමයි ඉතිං වයසින් මුහුකුරා යද්දි...කසාදයක් කාරයි බදිද්දි...ඉස්සර වගේ තනි ගමන් යන්න හැකියාවක් නෑ නොවැ....මේ මාදිලියෙ ගමන් කීපයක්ම තියෙනවා...ඒවා ගැන ඉදිරි දිනයක හිමින් සීරුවේ ලියන්නම්...
Deleteසබරගමුවේ අපිට නම් කූඩැල්ලෝ ආගන්තුක නෑ නොවැ..
ReplyDeleteමිදුලට බැස්සත් කූඩැල්ලෝ..හැබැයි ඉතිං අප්‍රියජනක සතෙක්..
අර දොළ පාරෙන් එගොඩවෙන්න හදන හැටි දැක්කම ඇඟ හිරි වැටුණා..
චාරිකාව සුන්දර බව පේනවා..අපිත් ඔහොම කූඩාරම් ගහන්න ඉන්නේ හැබැයි තව අවුරුද්දකින් විතර..හැක්...
ඉතිරියත් ලියමු..
හයියෝ සබරගමුවෙ කූඩැල්ලන්ගෙ රගේ අපි හොදට දැනගත්තෙ සිංහරාජ අඩවියෙදි...මෙදා පොටේ ලංකාවට පය තබපු වෙලාවක ඔය ඉසව්වෙන් ගමනක් ගියොත් නගාලගෙ ගෙදරටත් ඇවිල්ලා යන්න එන්ටද ? අපිට වටලප්පන් කාරිය දෙනවද ?
Deleteඑන්ට එන්ට..............හදලා දෙන්නම්කො වටලප්පන් (ගමන යන්ට පුළුවන් වෙයිද කියල හමයි සැක ) :D
Deleteඑහෙනං අනිවා එමි ඔන්න....
Deleteඋඹ ලිපිට පිඹින දර්සනය නම් මරු..... යකෝ උඹටනෙ තිබ්බ රඟපාන්න යන්න, අරුන් දෙන්නට වැඩිය නළු පාට තියෙන්නෙ උඹට...
ReplyDeleteමට මුල්ම කාලෙ මොඩ්ලින් වලට කථා කලා...ඒකට මම ගියේ නෑ...ඊට පස්සෙ කාලෙක නම් ගීත දෙක තුනක රූප රචනයන්ට දායක වුනා.
Deleteදේශාඨනය වගේම මරු ෆෝටෝ ටික. මම ආසම අර පාරේ බිම තියලා ගහපු ෂොට් එකට. ඒ පාරේ රළු ගතිම නිඔයමෙට මතුවෙලා පේනවා.
ReplyDeleteඔය කූඩාරම් අස්සට කූඩැල්ලෝ එනවට මොකද කරන්නේ බං?
මගේ කලා ඇහැ හැම වෙලේම අමුතු කෝණ තමයි හොයන්නෙ...ඔය බිම තියලා ගහපු ෂොට් එක තමයි මේ චාරිකාවෙ මගෙත් කැමතිම ඡායාරූපය වුනේ. ඔය කෝණය මම නිතරම භාවිතා කරන එකක්....ජංගම දුරබණුවෙන් ෆොටෝ ගහන වෙලාවක මේ විදියෙ ෆොටෝවක් අරගන්න මතක තියාගන්න.
Deleteඅපි කූඩාරම් ගහපු ඉසව්වෙ නම් වෙලාවට එක කූඩැල්ලෙක් වත් හිටියෙ නෑ....එහෙම නොවුනා නම් අපේ කූඩැල්ලො බේර ගන්න අමුඩයක් හිරට ගහ ගන්න තමයි අපිට වෙන්නෙ....
// ලංකාව කොච්චර සුන්දර රටක්ද කියලා හොදට දැනෙන්න නම් අපි හැමදාම චාරිකා යන සම්මත ලැයිස්තුවෙන් පිට ගමනක් යන්න ඕනෙ.//
ReplyDeleteහරිම විදියට නම් මිනිස්සු වැඩිය යන්නේ නැති තැනකට යන්න ඕන. ඒ වගේ තැන් විතරයි තාම ලස්සනට තියෙන්නේ. මීමුරේ උනත් තව කොයි කාලයක් ඔය විදියට තියෙයිද කියල කියන්න බෑ.
ඒ කතාව නම් ඇත්ත උකුස්සෝ. ඉස්සරහට නගරය විතරක් නෙමේ මුළු රට ම කොන්ක්‍රීට්වලින් වැහිල යයි.
Deleteහොදම උදාහරනේ හම්බන්තොට කාලානේ අපේ අන්කල් දැන් අපිට දරත් සල්ලි වලට ගෙන්න වෙලා
Deleteඒකට හොදම උදාහරණ තමයි මම දැනට ජීවත් වෙන මැලේසියාවෙ ක්වාලාලම්පූර් නගරය. 1909 වෙද්දිත් තදට පැතිරුනු වනාන්තරයක් වෙච්ච මේ ප්‍රදේශය අද පුදුමාකාර දියුණුවක් ලබලා තියෙන්නෙ...හැම තැනම තියෙන්නෙ අහස උසට ඇදෙන ගොඩනැගිලි....ඒ තැනට අද හෙට නොවුනත් ඉදිරි දිනයක අපේ ලංකාවත් ඒවි...ඒත් මී මුරේ මාර්ග දුෂ්කරතාව නැති වෙනතුරු මෙහෙම දෙයක් ඒ පළාතෙ නම් වෙන එකක් නෑ.
Deleteමේ වෙද්දිත් ලෝකෙ තියෙන උසම නිවුන් ගොඩනැගිල්ල පිහිටලා තියෙන්නෙත් මේ නගරෙමයි. ඒකෙ නම පෙට්‍රොනාස්.
Deleteමචං, කොමෙන්ටුව වැරදියට තේරුම් ගත්තානම් සමාවෙන්න.
Deleteසංවර්දනය විදිහට ගහ කොල කපල දාලා පාරවල් හදන එක,ගොඩනැගිලි හදන එක සංවර්දනය නෙමයි. ඒක තනිකරම විනාසයක්..(මම දකින විදිහ). කාලයක් යද්දි වතුර නැතිව හැමෝම දුක් විදින දවසක ඒක කාටත් තේරුම් යාවි. හොදම උදාහරණය Australia මරේ සහ ඩාර්ලිං යන ගංගා වලට වෙලා තියන දේ. (අනේ Google කරල බලන්න ටයිප් කරන්න බෑ). කොච්චර වතුර තිබුනත් ප්‍රයෝජනයක් ගන්න ගොඩක් දුක් විදින්න ඕනෙද කියල. දැන් මේහේ රජයෙන් මොනවා කරන්න හැදුවත් තිබුන තත්වයට කවදවත් ආයි පත් කරන්න බැරි නිසා. අපේ රටටත් දැන් වේගෙන යන්නේ ඒක තමයි.
මොනවා වුනත් නියම චාරිකාව.
මම
මයික්
මම මේ කිව්වෙ ඇහැට පේන්න තියෙන භෞතික දියුණුව ගැන...වනාන්තරයක තියෙන සිහිලස කොහොමත් කොන්ක්‍රීට් වනාන්තරයක නෑ කියන කාරණය මමත් පිළිගන්නවා.
Delete@ මයික් & සිරා
Deleteඅපි කොයි තරම් ඔහොම කිව්වත් ඔයා කැමතිද , මම කැමතිද , සිරා කැමතිද මීමුරෙන් පෙළවහක් කරගෙන බින්න බහින්න ...? අපි 3 දෙනාම විදේශ ගතව ඉන්න අය නේද ....? ඇයි අපි විදේශ ගත උනේ ? මීමුරෙන් ඉඩමක් අරන් හැමදාම එහෙ පදිංචි නොවුණේ ඇයි ...? අපි 3 දෙනාටම සල්ලි තියෙනවා නේද මීමුරෙන් අක්කරයක් උනත් ගන්න ...? ( අක්කරේම ලක්ෂ 16 ක් වේවි පොඩ්ඩක් ගම් මැද්දට වෙද්දී )
අපි කව්රුත් මීමුරේට කැමති නැහැ. අපි මේ " හනේ පනේ " කියන්නේ බොරුවට ..අපි ආස කොන්ක්‍රීට් ලෝකෙට...
ශාන්,
Deleteමම කිව්වේ සංවර්ධනය කියල ගහ කොල විනාස කරන එක ගැන.ප්‍රතිපතියක්, නියමාකාර දර්ශනයක් නැතිව කරන විනාශය ගැන. මොනතරම් පාරවල් හැදුවත් අහස උසට තට්ටු මාලිගා හැදුවත් කමක් නෑ. ඒව කරන්න විනාස කරන ගහ කොල වලට හරියන්න නැවත වගා කීරීමක් නොකරන එකේ පල විපාක තව කලයක් යද්දි අත් විදින්න වෙන එක ගැන.
ඇත්ත අපි මී-මුරේ පදින්චි වෙන එකක් නෑ.. එත් අපි එහම අකමැතී කියල නිස්කාරනේ එවා විනාස කරන්න උල් පන්ඳම් දෙන එක හොඳද කියල හිතල බලන්න වෙනවා. අපි මෙතන මොනවා කතා කලත් වෙන දේවල් වෙනවා. ඒවා නවත්තන්න මොනවා කලත් වැඩක් වෙන්නේ නෑ. (උදා: සිංහරජ වනාන්තරයේ පැත්තක් කපල හදපු සංචාරක බන්ගලාව. ගහ කොල කොච්චර කැපුවාද.. සීගිරියේ හෝටලයට හොඳ view එකක් නෑ කියල රක්ෂිතයේ පැත්තක් කපා ඉවත් කිරීම)
අපේ විදේශ ගත වීමට විවිද හේතු තියනවා. හිතල බලන්න ඉගනීමට හරියන රැකියාවක්.(අපේ බසාවෙන් කියනවානම් මෙහම කියන්න පොරක් නෙමයි මම) ඒකට හරියන වැටුපක් රටක් වශයෙන් නීතියක් සාමයක් තිබුනානම් අපිත් මෙහෙම එන එකක් නෑ. (මම අවේ ඔය එක හේතුවක් නිසාවත් නෙමෙයි :P ඔබතුමත් එහෙම වෙන්න පුළුවන් :) )
මම
මයික්
අනේ අම්මේ ඕවා කියන්න එපා අදම යන්න හිතෙනවා කතාවනම් ෆට්ට රසයි ෆොටෝත් එක්ක ලියපු නිසා අපිත් ඔතන ඉන්නවා වගේ හිතෙනවා
ReplyDeleteමෙතන ඉන්නවා නම් ඉතිං බොරලුගොඩ උන්නැහේ බැදපු හුරුල්ලෙක් කාරයි පිගානට දා ගත්තා නම් හොදා..
Deleteවිස්තරේ නම් සිරා....සිරා
ReplyDeleteගමන් සිරාද නැත්නම් සිරා සිරාද ?
Deleteකොහෙද ට්‍රිප් යන්න වාසනාවක් කෙල්ලො වෙච්ච අපිට.. ගියත් අම්මලයි තාත්තලයි නංගිලයි මල්ලිලයි ඔක්කොම එක්කගෙන මිසක් යන්න දුන්නෙ නෑ නේ... මේවා දැක්කම යකා තමයි නඟින්නෙ... ගර්ර්ර්ර්ර්ර්ර්.....
ReplyDeleteඒත් මම කසාද බදින එකී ව නම් මම ඔය රාමුවට කොටු කරන්නෙ නෑ...මොකද මගේ යාලුවන්ගෙ බිරින්දෑ වරුනටත් ඒ නිදහස තියෙන නිසා...අපි කසාද බැන්දත් ඉදිරි ජීවිතයත් මේ වගේ නිදහසේ ඉන්නයි වෑයම...උඹ ඉතිං මෙතන ඇඩ් දැම්මා කියලා කියනවා හෙම නෙමෙයි...
DeleteMata mada gahala. Meke sirata una ewa liyala nene. API oya dola para dige pahala idan uda peththata awa. Sira Bada gewa. Pahalanag mare maru. Diya Eli balapu hema peththakama. Thama noidul. API masa ganakata serayak oya wage gaman yanawa. Sirage me kathawa kiyola mamath sehena mathakayak apassata giya. Kithul ra nethuwa horen ra bewa. Ehema gas gane yaddi ra athure aithi karaya muunatama hamba una. API babalane. Sirata mathakada dannene ebul danna dehi nethuwa amu aba Kotala dala hadapu Pol sambole. Oke godak sundara dewal photos wala ne. Mokada phone off una bettary behela. Mathake thiyenne godak de.
ReplyDeleteමෙන්න ජීවන්තයා ඇවිල්ලෝ.....මම ඒකටත් කිව්වා උඹේ සරම ගැසිල්ල දැන් හැමෝම බලනවා කියලා...
Deleteඋඹ ඔය කියන ඒවා ඊළග පෝස්ටුවෙ එනවා...
API Kattiya kohe giyath parisareta hani karanne ne. Cigaret bud ekak wath API danne ne. Oya egoda wenna e dandak hada gathtgeth merunu gas dekak hoyala. Kauru unath yanawanag oya parisare rakinawa ethi kiyala hithanawa. Mama jeewantha koluwa. ( oya sira Mage podi kale idan fit ekek, meke inna genu lamayek wath nedda me papuwa hoda kollage atha ganna) jaya wewaa !!! Sira(Nasiya )
ReplyDeleteඅනිවාර්යෙන්ම...අපි කැලේක නතර වෙනවා නම් වෙනම උරේකට ටොෆී කොළය පවා එකතු කරනවා...සතා සීපාවට සහ ගහ කොළට අපෙන් කිසිම හානියක් නෑ...ඒ නිසාම තමයි අපිටත් කිසිම දවසක් හානියක් නොවුනෙ.
Deleteනියම ෆන් එකක් වගේ උඹල අරන් තියෙන්නෙ. මාත් දැං ටික කාලෙක ඉඳල ආසාවෙ ඉන්නව කොහේ හරි යන්න. බලමු උත්සාහ කරල.
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනට දාන්න.
බලමු බලමු...ඔය ඉසව්වට ආපු වෙලේක අනිවාර්යෙන්ම සැට් වෙමු....එදාට පැදුර එළාගන්න කූඩැල්ලො නැති තැනක් පෙන්නන්න....
Deleteඅපේ රටේ තියෙන සුන්දරම ස්ථානයක්. හැබයි අපේ උන් නොයන තරමට ඔය පලාත් රැකිලා තිබෙයි තව පරම්පරාවකටවත්. මම දැක්කා කාළකන්නි දේශපාලකයෝ මැන්ක් හොයන්න ඒ පැත්තත් වනසනවා කියලා. මම කාලෙකට කලින් කිව්වා ලංකාවේ පුදුම ලස්සන පැත්තක් තියෙනවා. නමුත් කියන්නේ නෑ කියලා. ඒත් ඉතින් උඹ කිව්වනේ..
ReplyDeleteඔය කිව්වට මෙතන යනවා යනවා කියලා කිව්වත්...ඔවයැ යන්න මෙතනින් භාගෙකටම වෙලාවක් සහ කණ්ඩායමක් නෑ...ඇත්තටම ඒ පළාතෙ තියෙන ජල මාර්ග වල අමුතු ලස්සනක්...පිටරට පෙනුමක් තියෙනවා...
Deleteඅර මහේන් ඉන්න ෆොටෝ එකේ ගලක කතිරයක් ගහලා තියෙන්නේ ඡන්ද බුවෙක්ද?
ReplyDeleteඅන්න හරි....ඒ පැත්තෙන් ඡන්දය හිගා කාපු කෙනෙක් තමයි අන්නාසි ගෙඩියක් ඇදලා තියෙන්නෙ...
Deleteෂා ඔයවගෙ ට්‍රිපක් යන්න තියෙනවනම් මරු අප්ප.දැන් අමාරුක් ලමො ලපටි නේ
ReplyDeleteඅන්න ඒකනෙ...සිරා තාමත් තනිකඩව ඉන්නෙ...යන්න තියෙන ගමන් ටික ඔක්කොම යනකං...
Deleteඊයේ රෑ තමයි දවස් 2 කට පස්සේ බොග පැත්තේ ආවේ.පසුව කියවනවා.
ReplyDeleteයකෝ සිරා මල්ල ඔය වගේ ගමන් ගැන පින්තුරත් එක්ක දාපන්.
Deleteඔය ගමන් ගිය එවුන්ගේ මතකයන් අවදිවන්න.
තොපි චු කොල්ලො කාලේ බන් මම ඔය ගමන් ගියේ..
ඔය ලිපිත් හරි රසයි..
ඈ බන් කෙන්ජයියෙ...දෙකක් ලග නමලද පෝස්ටුව බැලුවෙ...මෙච්චර ෆොටෝ දාලා තියෙද්දි පින්තූරත් එක්ක දාන්න කියන්නෙ...හක හක...
Deleteසිරා උබේ කතාව සිරා මචෝ.... මමත් මේවගේ ට්‍රිප් වලට කප් ගහපු පොරක් තමයි .......
ReplyDeleteඉතින් රාළෙ මේ වන් මැලේසියාවෙ ගිය ගමනක් ගැන ලිව්වොත් නරකද ?
Deleteලංකාවෙ තියෙන සුන්දරම තැනක්. අයෙ කියල වැඩක් නෑ. පිංතූරවලින්ම පේනවා. එවැනි සුන්දර දසුන් තියෙන ප්‍රදේශ ඒ විදියටම රැකගන්න හැකිනම් කොයිතරම් අගේද
ReplyDeleteකොහොමත් ඉතිං මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉඩ පහසුකම් නැති වෙද්දි කැලෑ බද පෙදෙස් තමයි එළි වෙන්නෙ...එතෙක් තමයි මේ සුන්දරත්වය මේ විදියට විදින්න ඉඩ ලැබෙන්නෙ...කවදා හෝ මී මුරයත් එතැනට ඒවි...ඒ වෙද්දි අපි කීප වාරයක් මේ ආත්මෙන් පස්සෙ උත්පත්තිය ලබලා තියේවි.
Deleteපින්තූරයක් දෙකක් ඉස්සුවාට කමක් නැද්ද ?
ReplyDeleteමොනවා අහනවද සරත් අයියා...කිසිම අකුරක් වත් ලියන්නෙ නැතුව ෆොටෝ ඔය විදිය දාලා තියෙන්නෙ ගන්න කෙනෙකුට ගන්න තමයි. මොකද අපි මේවා මැරෙනකොට අරන් යන්න කියලයැ....
Deleteනියම අත්දැකීම සිරා අයියේ. මමත් මේ සැරේ ලංකාවට ගියාම අනිවා යනවා මේ මගේ බුකියට දානවද යන තාලේ මාර්ග මොනවද කින්ද මන්ද කියල. වැනට් කටුවකින් යන්න පුළුවන්ද ඔය ගමන?
ReplyDeleteවැනට් එකේ යන්න පුලුවන්...තිරිංග සහ ටයර් වල තත්වය ඉතා හොද තත්වයක තියෙනවා නම්...මාර්ග විස්තරය මහ ලොකු දෙයක් නෑ...ඉස්සෙල්ලා නුවරට යන්න...එතැනින් නුවර මහියංගන මාර්ගයේ හුන්නස්ගිරියට යන්න....හුන්නස් ගිරියෙන් දකුණට හැරිලයි ලූල් වත්ත පැත්තට යන්න තියෙන්නෙ....ටවුමෙන් කාගෙන් හරි අහන්න...පාර පෙන්වාවි...එතැන් සිට එක එල්ලේ මී මුරේ තමයි.....
Deleteකවුද මේ ජීවන්ත??? ඇනකොන්ඩට හිතෙනවා මේ දන්න කෙනෙක් කියලා... හරියටම මතක නෑ. මතක විදිහ හරි නම් මේ ගම්පහ ජාඇල පාරේ මාකෙවිට හරියෙ වගේ කජු වලට සම්බන්ද කෙනෙක් ද?
ReplyDeleteඅන්න හරි...මේකට කජ්ජා කියලත් සමහරු කියනවා....දැන් නම් කජු නෑ...යකඩ එක්ක තමයි කොලුවා හැප්පෙන්නෙ....
DeleteLoku Sir mawa danna kenekda?
Deleteඔව් ඔව් .. දන්න කෙනෙක් නේන්නම්.. නෑකමකුත් තියෙනවා.. මාත් ඔය ළග පාතක තමයි ... කාලෙකින් හම්බ වුණේ නම් නෑ. ජීවන්තගෙ මෑණියන්ව නම් මීට මාස ගාණකට කලින් අවමංගල්‍යකදි හම්බ වුණා.
Deleteමේ පාරත් ටෙන්ට් අත්දැකීම ලබන්න වුණේ වෙනස් විදියටක. ඒ ගැන විස්තරේ දාන්නම් අද හෙටම. අර මතකය ගිලිහෙන එකයි, ඒ කාලේ ඩිගිටල් කැමරා නොතිබුණ එක ගැනයි මාර පසුතැවීමක් තියෙන්නේ.
ReplyDeleteමගේ ලගත් ඡායාරූපයක් ගන්න උපකරණයක් තිබුන නැති කාලෙ බොහොම මතක සටහන් තියෙනවා...ඉන් එකක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයො එක්ක දඹුල්ල ක්‍රීඩාංගනයෙදි ප්‍රැක්ටිස් කරපු දවස...ඔයාගෙ විස්තරෙත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා...
Deleteපට්ටම ගමනක් ,පට්ටම ෆොටෝ ටිකක්. ඔය වගේ යන්න ලැබෙන එකත් වාසනාවක්. මොකද ගොඩක් අයට වෙලාව නෑ "බිසී".
ReplyDeleteතවත් මේ වගේ ගිය ගමන් තියෙනවා...ඡායාරූප නැතිකම හින්දා තමයි නොලියා ඉන්නෙ...ඡායාරූපත් තිබුනොත් තමයි වචනයෙන් කිව නොහැකි බොහෝ දේ කියවන අයට අවධාරනය වෙන්නෙ...
Delete