අපි මීමුරේ යනවා උඹ එනවද ?
බස් කථාවෙදි කකුල කඩාගත්තා කිව්ව ජීවන්ත ගොයියා සිරාගේ ජංගම දුරබණුවට දුන්න ඇමතුමකින් එහෙම ඇහුවෙ පුදුම තදියමකින්.
කවදද බන් යන්නෙ...උඹලා මාර මිනිස්සුනෙ...මෙහෙමත් හදිස්සියෙ ට්‍රිප් යන සිරිතක් තියෙනවද ? මම පෙරළා ප්‍රශ්න කොලා.
උඹ ඉතිං දන්නවනෙ මේ ජීවන්තයගෙ හැටි...මේ හිතුවා මේ ගියා...ලොකු සැලසුම් නෑ...උඹ එනවද නැද්ද කියලා විතරක් කියපං...
හරි හරි පොඩ්ඩක් හිටිං...මොකද ඔච්චර හදිස්සි...
මට තව විස්තර ඕනෙ...මොකේද යන්නෙ...කවදද දිනේ....කොහෙද නවතින්නෙ ?
දිනේ දෙසැම්බර් 24 නත්තල උදාවෙන රෑ...පාරෙ බස් එකේ...අපි ජා-ඇලින් කොළඹ ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එකට ගියා...එතනින් නුවරට ගියා...නුවරින් හුන්නස්ගිරියට ගියා...එතනින් ලූල්වත්තට, ලුල්වත්ත කියන්නෙ මචෝ තේ වතු තියෙන පැත්තක්...ඒ වතු මැද්දෙන් යන පොඩි වෑන් එකක් තමයි තියෙන්නෙ සෙනග අරන් යන. ඒක මී මුරේටම යන්නෙ නැ...වෑන් එක යන තරමක් දුරට ගිහින් ඉතිරිය පයින් යනවා...එතකොට නවතින්නෙ මහ කැලේ මැද්දෙ අටවගන්න අපේ කූඩාරමේ...ඒ කිව්වෙ අපි Campsite (කූඩාරම්) ගහන්න යන්නෙ.
අඩේ තනි ඇහැට ඇඩෙන්නෙ...ඇළි හතෙන් පස්සෙ කැලෑවක නැවතුනේම නෑ. එතකොට තව කවුද යන්නෙ...
මගේ ලග වැඩ කරන කොල්ලො දෙන්නෙකුයි. මගේ යාලුවො දෙන්නෙකුයි...උන් දෙන්නව තාම උඹට සැට් වෙලා නෑ...දෙන්නම නළු බට්ටො. උඹත් ඉතිං කලාවට බර නිසා උන් දෙන්න අනිවාර්යෙන්ම උඹට අල්ලලා යයි.
මොකද කියන්නෙ උඹ සෙට්ද ? මම මේ බයිට් එකට හුරුල්ලො ගේන්න යන්න සෙට් වෙන ගමන්.. මට ඉක්මනට උත්තරයක් දීපන්...හෙට හරි කමක් නෑ...මොකද උඹ යන්නෙ නැත්නම් වෙන කාටහරි කථා කරන්න.
හෙට වෙනකං ඉන්න ඕනෙ නෑ බං...මම අනිවාර්යෙන්ම එනවා...මගේ නමත් ලිස්ට් එකට දාහං...
ඔන්න ඔහොමයි අපේ කථා බහ නිමාවට පත් වුනේ.
සෝමරත්න දිසානායක උන්නැහේගෙ සූරිය අරණ චිත්තර පටිය බලපු දවස් වල ඉදලාම ඒ සුන්දර ගැමි පරිසරය දකින්න පුදුමාකාර උවමනාවක් තමයි මට තිබුනෙ. ඒත් ඉතිං මේ වගේ ගමනක් ගෙදර ඇත්තො එක්ක ගිහිල්ලා කිසිම සොමියක් නැති නිසාම ආශාව හිතේ තෙරපගෙන හිටියා නිසි වෙලාව එනකං. ඔන්න බොලේ නිසි වෙලාව ඇවිල්ලා...තවත් මොනවා හිතන්නද මමත් එක පයින් කැමති උනා මී මුරේ බඩගාන්න.
ජීවන්ත කොලුවා කියන්නෙ යමක් කරන්න හිතුවොත් ඒ දේ කරලාම පස්ස බලන වර්ගයේ එකෙක්. මෙයා කවදාවත් අනුන් යටතෙ වැඩ කරලා නෑ...තමන්ගෙ කියලා එක එක බිස්නස් තමයි හැමදාම කලේ. මේ අවුරුද්දෙ කරන ව්‍යාපාරය නෙමෙයි ලබන අවුරුද්දෙ කරන්නෙ...ඒක නෙමෙයි ඊළග අවුරුද්දෙ...අත්තෙන් අත්තට පනින කුරුල්ලා වගේ හැමදාම එක එක දේවල් කලාට මිනිහා ඔන්න දැන් නම් හොදම එක තෝරාගෙන ඒකෙන් ඉදිරියට යනවා...මේ ළගදි රාජ්‍ය සම්මානයකුත් හම්බවුනා කියලත් මට දැන්වූවා. මේකා ගැන වෙනම පෝස්ටුවකට ගොනු කරන්න තරම් කරුණු තියෙන නිසා ඉතිරි විස්තර ඉදිරි දිනයක දෙසන්නම්.
හැමදාමත් වගේ කාලය ටික් ටික් හඩින් ගතවෙලා ගියා...මොන හඩින්ද...ටික් ටික් හඩින්.....ඔය කියන මීමුරේ ගමන පිටත් වෙන්න තියෙන්නෙ නත්තල ලබන්න ඔන්න මෙන්න තියලා රාත්‍රී ජාමෙ. මගේ දෙමාපියන්ගෙන් අවසර වගේම ආශිර්වාදයත් ලබාගෙන බෑග් කඩමල්ලක දවස් දෙකකට ඇති වෙන්න අඩුම කුඩුම ටිකකුත් ඔබාගෙන මම කෙලින්ම ගියේ ජීවන්තගෙ නිවසට...මේ නිවස පාසල් යන කාලයේ සිටම ආගිය තැනක් නිසා මට හොදට හුරු පුරුදු තැනක්...ඒත් හැමදාම එහෙට යන්නෙ පුදුම භයකින්....
ජීවන්තයලගෙ ගෙදර එදා ඉදන් හිටිය බල්ලො කවදාවත් අමුත්තෙක් දැක්කට බුරන්නෙ නෑ...හොදට නැට්ට වනලා පිලිගන්නවා...අයියෝ මේකා හිත හොද බල්ලෙක් කියන අදහසින් අපි ඔලුවත් අතගාලා ඒකව පහුකරගෙන ඉදිරියට යද්දි තමයි පිටිපස්සෙන් ඇවිල්ලා හපන්නෙ...වතාවක් අපේ තවත් මිත්තරයෙක්ට මේ ඇබැද්දියම උනා...බල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා හපපු පාර උගෙ කටට ඩෙනිමෙ පිටිපස්සෙ සාක්කුවට දාගෙන තිබුන මුදල් පසුම්බිය සම්පූර්ණයෙන්ම අහුවුනා...පර්ස් එක බල්ලට දීලා පණබේරාගෙන දිව ගිය මේ මිත්තරයා පස්සෙ කාලෙක කිව්වෙ...මචෝ එදා පර්ස් එක තිබුනෙ නැත්නම් පුකෙන් භාගයක් බල්ලගෙ කටේ කියලයි.
ඉතිං පණ භයේ ගැහෙමින් මම ජීවන්තයට ආමන්ත්‍රණය කරද්දි ඒකා හිනාවක් එක්ක මතු වුනා. භය වෙන්න එපා බන් බල්ලා මලා පාරෙ ගිය වාහනේකට යට වෙලා...දැන් ඉන්නෙ පැටියෙක්...
පැටියා උනත් කොටි හපුවා වගේ අමුතුම පාටක එකෙක් හින්දා හිතට භයක් නැත්තෙ නෑ... මොකක්ද මේකගෙ නම...
මේ ගෑණු ළමයෙක්...මෙයාගෙ නම මල්කි...
මේ වගේ කොල්ලො සැට් වෙලා යන ගමන් බිමන් වලට මගේ මිත්තරයගෙ මව්තුමිය හැමදාමත් බොක්කෙන්ම හැල්ප්....එදත් ඒ විදියට මාලු පාර්සලයක් එහෙම බැදලා කාරිය පාර්සල් කරලා තිබුනා මේසෙ උඩ.
සියලු කළමනා අතට ගත්තට පස්සෙ ජීවන්තයා අම්මගෙ කකුල් දෙක අල්ලලා වැන්දා....ඒකා අම්මට අපිටත් වඩා ආදරෙයි කියලා හිතෙනවා වෙලාවකට...ඒ තරමට සමීපයි.
පරිස්සමින් යන්න පුතේ...තරමකට බොනවා...හොදද ?..එහෙම අවවාදයකුත් දුන්නා. මේ වගේ චාරිකාවකදි ඉතිං බෝතලයක් දෙකක් අමතර කාය ශක්තිය සපයන්න අපට වැය වෙන බව එතුමියත් දැන උන්නා.
කෝ බන් උඹේ ගෝලයො...
ආ උන් දෙන්නා කලින් වාහනේ චතුරයලගෙ ගෙදරට යැව්වා...උන් සැට් එක එහෙන් ජා-ඇලට එයි. අපි දෙන්නා විතරයි මෙහෙන් යන්නෙ...
ඔයින් මෙයින් පිරිස ජා-ඇල නගරයේදි එකිනෙකාට සම්මුඛ උනා. ඒ අතරෙදි ජීවන්තගෙ නලු මිත්තරයො දෙන්නව හදුනාගන්නත් මට හැකි වුනා. ක්‍රිස්තියානි භක්තිකයින් වැඩි ප්‍රමාණයක් වෙසෙන මේ ප්‍රදේශයේ ඇත්තො ඒ වෙද්දිත් උදාවෙන නත්තල පිළිගන්න ඉතාම හොද සූජානමකින් හිටියෙ. සමහරු පල්ලි යනවා...තවත් සමහරු විවිධ දේ මිළදී ගන්න සාප්පු සවාරියේ යෙදෙනවා...අපේ නඩෙත් පණු බෙහෙත් මිළදී ගන්න බාර් කොටේකට ලං වුනා.
එදා මට හිතුනෙ අරක්කු නිකං දෙනවදෝ කියලයි...ඒ තරමට සෙනග පොර කනවා...රාත්තිරී 9 කණිසමට බාර් වැහෙන නිසා ඊට කලින් ඹෟෂධය අරන් ගෙදර යන්න තමයි හැමෝගෙම උවමනාව..හාල්මැස්සො අස්සෙ තෝරු මෝරු වගේ පෝලිමේ තෙරපෙන මහ ජනකාය මැද්දෙ ලයිෂන් චණ්ඩිත් රිංගලා...
අඩෝව් මට ගල් බෝතල් 5 ක් දියන් ඩෝ....නිකං අනම් මනම් ටොක් තියා ගන්න බෑ අරිද ? මෙන්න මේ වගේ තර්ජන ගර්ජන මැද්දෙ අපේ උනුත් තුන් හතර දෙනා විදියට බෙදිලා ගිහිල්ලා බඩු රැස්කොර ගත්තා. රැස්කොර ගත්ත ධනය ගමන් මල්ලක සුරක්ෂිත ආකාරයෙන් සැතපෙව්වට පස්සෙ තමයි අපේ ගමන නැවතත් ආරම්භ වුනේ.
ජීවන්ත අයියෙ අපි රෑට කෑවෙ නෑ නේද ? මොනවා හරි කමුද ?
ඒකාගෙ ගෝලයෙක් ගමන පටන් ගන්නත් කලියෙන් නාහින් අඩනවා. අනේ ඒ පොඩි දරුවට පින් සිද්ධ වෙන්න අපි සියල්ලන්ටම රාත්‍රී ආහාරය තමන්ගෙ වියදමින් ලබා දීලා ජීවන්ත කොලුවා සියල්ලන්ම කොළඹ බලා යන බසයකට නගින්න හැකි බස් නැවතුමට රැගෙන ගියා.
හලාවත / පුත්තලම/ කුරුණෑගල / අනුරාධපුර වගේ දුර පළාත් වල සිට කොළඹ බලා යන කිසිදු බස් රථයක ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ. අපේ පිරිස 6 ක් වුනාට අපේ උරහිස් වල එල්ලිලා ඉන්න විශාල බෑග් එක්ක මේ බස් රථයක කොළඹට යන්න වෙන්නෙ නෑ කියන එක අපිට දැනෙන්න තවත් පැයක් පමණ කාලයක් ගියා.
අඩේ අද අපිට බස් වල යන්න වෙන එකක් නෑ වගේ බන්...බලහල්ලකො සෙනග ඉන්න තරමක්... නඩේ ගුරා ජීවන්ත අප අතර වූ නිහඩතාව බිදිමින් අදහසක් එකතු කොලා.
චතුර අයියෙ....ගෙදර ඔච්චර වාහන තියෙන එකේ එක වාහනයක් ඉල්ලගන්නකො අපිට මේ ගමන යන්න...ජීවන්තයගෙ ගෝලයෙක් අයෙමත් හීනියට නාහින් අඩනවා...
චතුර කිව්වෙ කාලෙකට ඉස්සෙල්ලා ලංකාවෙ චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙත් නමක් දිනාගෙන උන්නු නළුවෙක්..ජීවන්තගෙ යාලුවෙක්...මට ඉස් ඉස්සෙල්ලාම මේ ගමනෙදි හමු වූ නිසාම ඔහුගේ පැටිකිරිය ගැන අවබෝධයක් තිබුනෙ නෑ. පසුව තමයි දැනගත්තෙ ඔහුගෙ පියාට අයත් වාහන අළුත් වැඩියා කරන ආයතනයක් තිබෙන බවත්. නිවසේ ඔවුන්ගේම කියලා වාහන කීපයක්ම තිබෙන බවත්...
වැඩක් නෑ බං...ඒවා ඔක්කොම තාත්තගෙ...උඹලා දන්නවනෙ මම තාත්තත් එක්ක එච්චර හිත හොද නෑ කියලා මේ දවස් ටිකේ.
එහෙම කියන්න එපා අයියෙ...අම්මා එක්ක ෆිට් නෙ...අම්මාගෙන් හරි එකක් ඉල්ලගන්නකො... මදුරුවො තලමින් ජා-ඇල නගරයෙ අදුරු බස් නැවතුමක පාලු කපමින් හිටිය අපේ දෙකකුල් රිදෙන්න ගන්නකොට චතුර තමන්ගෙ මව්තුමියට ඇමතුමක් ගත්තෙ....
අනේ සුදු අම්මෙ...තාත්තට කියලා මට වාහනයක් ඉල්ලලා දෙන්නකො..ට්‍රිප් එක යන්න විදියක් නෑ අම්මෙ...කොළඹ යන බස් වල කොහොමවත් යන්න ඉඩක් නෑ...නිකටම හිතන්න මේ කොල්ලො....පවුනෙ අම්මෙ...උන්ව මදුරුවොත් කනවා...මෙතන සෑහෙන්න මදුරුවොත් ඉන්නවා...මදුරුවො කාලා ලෙඩක්වත් හැදුනොත්......
නෑ නෑ...ආපු විදියටම බස් එකේ යන්න...තාත්තව තරහා කරගත්තෙ මොකටද ? ඉස්සර වගේ හිටියා නම් ඉල්ලන්න කලින් නේද තාත්තා වාහනයක් දෙන්නෙ....චතුරගෙ අම්මා දුරබණුව විසන්දි කලා...
තවත් විනාඩි 10 කට පස්සෙ...
අනේ මොනවද අම්මෙ...පොඩ්ඩක් තාත්තට කියලා එකක් ඉල්ලලා දෙන්නකො....මං ගැන හිතන්න එපා...මේ කොල්ලො ගැන හිතන්නකො...උන් පවු...මදුරුවො තල තලා බෑග් උඩ ඉදගෙන නිදියගෙන ඉන්නෙ...එකෙක් මාලුත් බැදගෙන ඇවිල්ලා කිලෝ ගාණක්....
හෑ....මාලු බැදගෙන අරන් යන්නෙ බොන්නද ? මම කියලා තියෙනවා නේද පිට ගමන් ගියාම බොන්න එපා කියලා...
අනේ නෑ...මේ අපිට බත් කන්න තමයි ඒවා ගෙනැල්ලා තියෙන්නෙ....
වයස අවුරුදු 35 ක් පමණ වුවත් චතුරයා පොඩි එකෙක් වගේ අම්මා ඉදිරියේ වාහනයක් ඉල්ලලා බැගෑපත් වෙන්නෙ අප වෙනුවෙන් කියලා දැනුනම මට ඇත්තටම ඔහු ගැන අනුකම්පාවක් මුසු වුන ශක්තිමත් මිත්‍රශීලී හැගීමක් ඇති වුනා.
මේ විදියට වාර ගණනාවක්ම ඇමතුවත් අම්මාගෙන් සුහදශීලී ප්‍රතිචාරයක් ලැබුනෙම නෑ....ඒත් පැය දෙකකට කිට්ටු වෙන්න ගත්ත ඇමතුම් වලින් අන්තිම ඇමතුමේදි යම් සහනශීලී පිළිතුරක් ලැබුනා.
අන්න තාත්තා කියනවා අර හදන්න ගලවලා තියෙන කැබ් එක පුළුවන් නම් හදාගෙන අරගෙන යන්න කියලා.
මේ වචනෙන් පස්සෙ බිමට බරවෙච්ච බැරෑරුම් මුහුණකින් යුතුව චතුර ජීවන්ත දිහා බැලුවා.
මචං අපේ තාත්තා කියන්නෙ වාහන රෙපෙයාර් වලට හොදම වැඩ්ඩෙක්...ඔය වාහනේ මම දැක්කා දවස් දෙක තුනක් ගලවගෙන ඉන්නවා...එයා ඒක තාම හදලා ඉවර නෑ කියන්නෙ ඒකෙ ලොකු අවුලක් ඇති...මම එච්චර වැඩ්ඩෙක් නෙමෙයි සිරා. ඒත් අපිට දැන් වෙන කරන්න දෙයක් නැති හින්දා කොහොමහරි මේක අටවගන්න ට්‍රයි කොරමු. හැබැයි තව අවුලක් තියෙනවා...ඔය කියන වාහනේ ලයිෂන් ඉන්ෂුවරන්ස් දෙකම කල් පැනලා තියෙන්නෙ...මට ඕක අලුත් කරන්න යන්න වෙලාවක් තිබුනෙ නෑ බං... එක්කො කමක් නෑ බං...පොලෝසියට අහුවෙන එකක් නෑ...ඒක ඒ වෙලාවට බලමුකො...
ඉන් අනතුරුව නඩේ ඉතිරිය ජා-ඇල බස් නැවතුමේ තනිකර මම, ජීවන්ත සහ චතුර චතුරගෙ නිවස කරා ඉගිලුනේ ඒ මාර්ගයේ ගමන් ගන්නා අන්තිම බස් රථයෙ.
අපි නිවසට ලගා වෙද්දි නිවැසියො සියල්ලන්ම නිදි දෙව්දුව වැළදගෙන. ඒත් චතුරගේ මව ඔහු කරා අවුත් වාහනේ යතුර භාර දුන්නා. ඕක හදාගෙන යන්නලු...මට තාත්තා එක්ක තර්ක කරන්න බෑ...උත්සාහ කරලා බලන්න...බැරි වෙන එකක් නෑ....අම්මා එහෙම කියලා නිවස තුලට ගියා.
නිවසේ පසෙකට වෙන්න ඉදිකර තිබූ ඔවුන්ගේ පුද්ගලික රථ ගාලෙ තිබුන වටිනාකමින් අඩුම වාහනය තමයි මේ. ඉතාම සුවපහසුවෙන් යන්න පුලුවන් නවීනතම වාහන එතැන තිබුනත්..ඒවා අපිට හිමි නෑ.
වාහනය තියෙන ඉසව්වට අපි ලගා වෙද්දිත් වාහනේ බොනට්ටුව ඉහළට ඔසවලා තිබුනෙ...එතැන බිම සවිකරන්න ගත්ත මහ විශාල කෑලි බෑලි තොගයක්...
තාත්තා මේක හයිකරන්න හදලා තියෙනවා...එත් මොකක් හරි හින්දා නවත්තලා...මට පුලුවන් වෙයිද දන්නෙ නෑ මචං...තාත්තා ලේසියෙන් වැඩක් අතරමග නතර කරන කෙනෙක් නෙමෙයි....ඔන්න ඔය ලයිට් එක මෙහෙට අල්ලපන් බලන්න...
සිරා කොලුවටත් දැන් කෙලින් කටින් ඉන්න බෑ...එතරම් මහන්සියි...උදෑසන සේවයට ගිහිල්ලා විවේකයක් නොගෙනම තමයි මේ ගමනට එකතු වුනේ....වාහනය තුල ඉදගත්තම මටත් හොරෙන් ඇස් පියවෙන්නම ට්‍රයි කොරනවා.
එහෙත් අධිෂ්ඨානශීලිව පිරිස ගොඩදාන්න වළිකන චතුර එක්ක නඩේ ගුරා ජීවන්ත එකතු වෙලා...වරින් වර රථය පණගන්වන්නට යතුර කරකවමින් වැඩෙහි යෙදෙනවා.
මේකෙ බැටරියෙන් කරන්ට් එක එන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ...මේ බලහං මේ කනෙක්ටර් එකේ හොදටම ඔක්සයිඩ් බැදිලා...දැන් අලුත් ඒවා හොයන්න වෙලා නෑ...තාත්තගෙ පැජරෝ එකේ එක ගලවලා මේකට හයි කරලා බලමු....
එතෙක් වේලා බිම එලූ කාපටයක් මත සැතපී තිබූ වාහනයේ හෝස් පයිප්ප ඇතුලු විවිධ කොටස් චතුරගේ දැතේ පිහිටෙන් වාහනේට සවි වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මම දන්න විදියට ඔක්කොම ෆිට් කලා බලමු...දැන් ස්ටාර්ට් උනේ නැත්නම් මේක මට හදන්න විදියක් නෑ... එහෙම කියලා චතුරයා වාහනේට නැගලා යතුර කැරකුවේ එක පාරයි...වාහනේ ටිකක් විතර කැහලා කැහලා නතර වුනා. ආයෙමත් බිමට බැහැලා කරපු පුංචි වෙනසකින් පස්සෙ වාහනේ පණ ගැන්වුනා. ඒ වෙලාවෙ අපිට දැනුන ප්‍රීතිය කියා නිමක් නෑ. නත්තල උදාවෙන විටම වගේ තමයි වාහනේ යථා තත්වයට පත් වුනේ..හතර අතින් රතිඥ්ඥා පිපිරෙන අහස් ගුන්ඩු ගුවන් ගත වන වේලාවක අපි දෙදෙනාම තමන්ගෙ දෑත් වලින් තරයේ වැළදගෙන චතුර ඒ සතුට වින්දෙ පොඩි එකෙක් වගෙයි.
දූවිලි බැදිලා තිබුන වින්ඩ්ස්ක්‍රීනය පිරිසිදු කරගෙන ඉක්මනට අපි පාරට ආවෙ අපේ ආගමනය බලාපොරොත්තුවෙන් ජා-ඇල රැදී ඉන්න අනිත් අයවත් රථයට නංවාගෙන දැනටමත් ප්‍රමාද වෙලා තියෙන අපේ චාරිකාව ආරම්භ කරන්න. ඒ වෙද්දිත් උන් දරුණු මදුරු ගහණයකට හසුවෙලා පීඩා විදින බව දුරබණුවෙන් කියලයි තිබුනෙ. වාහනේ ගොඩ ගිය බව කිව්වම ඒ සැට් එකත් තමන්ගෙ සතුට පල කලේ මහා සද්දෙන්. මග දිගට ගිණිකෙළි සන්දර්ශන පැවැත්වෙන අතරතුර එක් තැනකදි කුපාඩි කොල්ලෙක් වාහනය යටට විශාල රතිඥ්ඤා වැලක් පත්තු කරලා විසි කලා...රථය ඉදිරියට වෙන්න නවත්තලා චතුර වාහනය යටට රිංගුවෙ ඒක ගිණි ගන්නවද බලන්න...ජීවන්තයා කොල්ලා පස්සෙ පැන්නුවෙ උගෙ කණ රත් වෙන්න දෙකක් දෙන්න.
කණ්ඩායමේ ඉතිරිය ජා-ඇලින් රථයට ගොඩ උනාට පස්සෙ ජා-ඇල ගම්පහ මාර්ගය ඔස්සේ කොළඹ - නුවර මාර්ගයට අවතීර්ණ වෙලා රථය දැන් එක පිම්මෙ නුවර බලා ගමන් කරනවා...වාහනයේ සෑම උපාංගයක්ම තිතට වැඩ කරන බව අවබෝධ කරගත්තට පස්සෙ චතුර ටිකක් වේගයෙන් රථය ධාවනය කලා. නමුත් ඔහු බොහොම සංවර රියදුරෙක් බව තේරුම් ගන්න මට වැඩි වේලාවක් ගියේ නෑ.
බස් රථයක යන්න හිටිය ගමනක් මේ විදියට යන්න අවස්ථාව උදා වීම ගැන හැමෝම හිටියෙ සතුටින්...නුවර පහු කරලා ටිකක් දුර යනකොට තමයි කැබ් රථයෙ පිටුපස බකට් එකට ස්ව කැමැත්තෙන් ගොඩවෙලා හිටිය ජීවන්තයගෙ ගෝලයො දෙන්නා වෙච්ච සුමේධයි, මහේනුයි තවත් ඉන්න බෑ හරිම සීතලයි කියලා මොර දුන්නෙ. ඒ අවසරයෙන් මාර්ගය අද්දර රාත්‍රී කඩයක් ඉදිරිපිට රථය නවත්තලා පොල් රොටී හා ලුණු මිරිස් එක්ක සීතල යන්නත් එක්ක පණු බෙහෙත් ටිකක් බොන්න තීරණය වුනා.
එතනින් පස්සෙ මී මුරේ චාරිකාවට මොකද වුනේ....ඊළග කොටසින් ඒ සන්තෑසිය කියවමු එහෙනං...
මතු සම්බන්ධයි.
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
මේ කථාව හිතුවට වඩා දිගු වෙච්ච නිසාම කොටස් කීපයකට පල වේවි.
මෙහෙම අතරමග නවත්තන එක හරිම මෙව්ව සහගතයි අප්පා. මීමුරේ යන්න හැදුවා විතරයි :(
ReplyDeleteයන්න හදද්දිම අරුන් දෙන්නා සීතලයි කිව්වට මම මක්ක කරන්නද තරුවො...උන් දෙන්නට තමයි බනින්න ඕනෙ...
Deleteමාලු බැදපුව නරක්වෙයි ඉක්මනට නැගහන්.
Deleteඉන්දරේ
අයියෝ පට්ට සීන් එක. ඉතිරි කොටසත් ඉක්මණට දාහං...
ReplyDeleteඉතිරිය ඉක්මනින් දාන්නයි මේ සූජානම...
Deleteමදෑ අපිත් අද මී මුරේ යන්න හැදුවා.
ReplyDeleteඉක්මනටම ඊලග කොටස දාන්න.
අපිට ඊළග දවසෙ ෂුවර් එකටම මී මුරේ යන්න පුලුවන්...ඒකෙ දෙකක් නෑ...
Deleteඑන්නම් දෙවැනි කොටසත් කියවන්න ඔයාගේ ලියන සයිලිය අපේ අත්තම්මගේ වගේ
ReplyDeleteඅපූර්වි කාමරේට සාදරයෙන් පිළිගන්නවා...
Deleteමේ මගේ සැබෑ ජීවිතයේ කථා කරන ශෛලිය නෙමෙයි...වැර වෑයමෙන් මුල ඉදලා බ්ලොග් ලියන්න හදාගත්ත ශෛලිය...ආත්තම්මව ආදරයෙන් මතක් කොලා කියන්න. මගේ නම් ඒ දෙන්නම දිවියලෝකෙ ගිහින්...ලිපි දෙකක් තියෙනවා අන්තිම මිත්තනිය ගැන ලියපු.
දෙන්න එක ක්ලාස් එකේ ඉන්න ඇත්තෙ. එක වයස..
Deleteස්තුති ඔයාට .. ඒ වගේම ඔයාගේ ශෛලියට කැමති දිගටම එන්නම් මං කොමෙන්ට් නොකලට කියෝලා තියෙනවා ඔයාගේ ලිපි , මගේ බ්ලොග් රෝලේ එදා ඉදන් පෙට්ටගම තිබේ .. @සැම් හි හි කියන්න බැහැ නේද
Deleteඅයියෝ පොඩි වැරදීමක් වුනා .අත්තම්මගේ පෙට්ටගමට කොමෙන්ට් එක දැම්ම ගමන් මේකට කොමෙන්ට් එක දැම්මේ අමතක වෙලා පෙට්ටගම ලියවුනේ ,, සිරාගේ කාමරේත් බ්ලොග් රෝලේ එදා සිට තිබේ
Deleteප්‍රශ්නයක් නෑ...ඔය කියන හැම දෙනාම මට පුද්ගලිකව හමු වූ හොද මිත්තරයො...
Deleteසංවර රියදුරෙක්? එහෙම එව්වෝ බොනවද මම අහන්නෙ? මීමුරේ කියන්නෙ නම් පට්ට ප්ලේස් එකක්. වතුර එහෙම කියල වැඩක් නෑ....
ReplyDeleteබොලාට වැරදිලා...පණු බේත් බොන්නෙ පණු අමාරුව තියෙන ළමයිනෙ...මී මුරේ තරම් පිරිසිදු වතුර මම ඊට කලියෙන් දැක්කෙ ඇළි හතේ ගිය ගමනෙදි...වතුර යට ගිලිලා ඇස් ඇරලා බැලුවාම හරිම ලස්සනට සෑහෙන දුරක් පේනවා..
Deleteඔය ඇලි හත කිව්වෙ බලංගොඩ පැත්තේ තියන එකද?
Deleteදැරණියගල වෙන්න ඕනේ.
Deleteදැරණියගල...සුදීක අයියා නිවැරදියි.
Deleteඅනිත් කොටසත් කියවලාම ඉමුකෝ... මේ මලයා මේ පැත්තේ දැන් අභිත සුපිරි හොටලයක් දාල තියනවා
ReplyDeleteඒ කොටස ලබන සතියෙ දවසක එනවා...අඩේ ඒ හෝටලේ ගැන දැනගෙන හිටියා නම් අපිට ඒකෙ ඇතුලෙ කූඩාරමක් ගහගෙන ඉන්න තිබුනා...
Deleteඅප්පෝ මම හිතුවා ගමන ගැන කියල ඇති කියලා. එහෙනම් කියන්නකෝ ඒ විස්තරත් ඊ ළඟට.
ReplyDeleteබලන්න අනේ මේ ළමයි පණු අමාරුවට බෙහෙත් බීපු නිසා එතැනින් නවත්තන්න සිද්ධ වුනානෙ...හරි නරක ළමයි ටිකක්...
Deleteඑලකිරි...හැම ගහක් කොලක් ගැනම ලියාපං..මාත් ආසාවෙන් ඉන්නෙ යන්න..සැට්වෙන සෙට් එකක් හම්බු උනේ නෑ බං..කලාව තියෙන්නත් එපෑ.
ReplyDeleteලංකාවට ඇවිල්ල ඔය යන මගලකට මටත් අඬගහපන්..!
පිංතූරෙ දැක්කම බොක්ක කූල්වෙලා යනව බං..!!!
Deleteවීයා ඉන්නෙත් ඔය වගේ පරිසරයක නේද .......?
Deleteකියන්න දෙයක් නෑ වීයා...මම දැනටම සැලසුම් කරගෙන ඉන්නවා සෑහෙන ප්‍රමාණයක් සංචාරය කරන්න..ඒ අතරින් අම්පාර විශේෂයි...මම කලට වේලාවට දැනුම් දෙන්නම්...
Deleteතෙත් කලාපයේ නම් තමා ශාන්. ඒත් මේ තරම් සුන්දර පලාතක් නම් නෙමේ..ටිකක් එහාට මෙහාට වෙන්න නම් ලස්සන පැති තියෙනවා. නෙලුවට යන්න කෙටි පාරක් තියෙනවා(තරමක්)ලස්සන. මම ඉන්නෙ හයිවේ එක කිට්‍ටුව.
Deleteහැබැයි අපේ ගෙදර තියෙන්නෙ නම් කන්දක් උඩ .වාහනයක් ගෙනියන්නත් බෑ..පඩිපෙලින් යන්නෙ.මට හිතයි පොටෝ ටිකක් වත් දාන්න මකුලුදැල් එහෙම කඩල දාල.
බ්ලොගේ මකුලු දැල් කැඩෙන්නත් එක්ක එහෙම කරමු එහෙනම් වීයො...ඊළග පෝස්ටුවෙ තියෙන ෆොටෝ ටික බලන්නකො...
Deleteබාගෙට අටව ගත්ත වාහනෙකින් මී මුරේ වගේ පැත්තක යන්න පටන් ගැනීම නම් අන්තිම භයානකයි.. ඒත් මට විශ්වාසයි යාළුවගේ තාත්තා වාහනේ කන්ඩිෂන් එක ගැන දැනගෙන ඉන්න ඇති ... නැත්නම් වහනයක් ඉශු කරන්නේ නැහැනේ.. මගේ අය්යා කෙනෙක් වැඩ කරනවා පිදුරුතලාගල කඳු මුදුණේ .. එහෙ යන වාහන වලට පුදුම සැළකිල්ලක් දෙන්නේ..මල් වගේ බලාගන්නේ... මගදී කැඩුනොත් මොනවා කරන්නද ....
ReplyDeleteමේ සීරියස එක ඇදලා ලියන්න සිරා... කොච්චර දිග උනත් කමක් නැහැ.. අකුරක් වත් මග හරින්න එපා..................
වාහනේ වෙනත් කිසිම ලෙඩක් තිබුනෙ නෑ...බැටරිය සම්බන්ධ පොඩි කොටසක ලෙඩේ තිබිලා තියෙන්නෙ..මිත්තරයගෙ තාත්තට ඔයා කියනවා වගේ වාහනේ ගැන විශ්වාසය තියෙන්න ඇති...ඒකෙ වෙනත් කිසිම ලෙඩක් තිබුනෙ නෑ...යනකං එනකං ....නියම වාහනේ...ඡායාරූප ඊළග එකේ එනවා...
Deleteමේ ගමන ගියේ අද ඊයෙ නෙමෙයි...දැනට අවුරුදු දෙකකට කලියෙන්...මතකයේ රැදුන දේ තමයි දැන් ලියාගෙන යන්නෙ...
ශාන් කිව්ව වගේ මතකෙ ඇදල අරන්...චූටි විස්තරයක් පවා ලියහන්..!
Deleteමගේ යාලුවෙකුත් ඉන්නවනෙ ඔය කියන කන්ද මුදුනෙම...රූපවාහිනී සංස්ථාවෙ තාක්ෂණික නිලධාරියෙක්...ලංකාවට ආවම ඒ පැත්තටත් යන්න හිතාගෙන ඉන්නෙ...
Deleteවාහනෙ ලෙඩක් එහෙම දුන්නෙ නැද්ද අතරමගදි? :D
ReplyDeleteපැච් එකක් ගියා...ඒ ඇරෙන්න වෙනත් කිසිම ලෙඩක් දුන්නෙ නෑ...හොදම තත්වයේ තිබුනා...
Delete@සිරා ... වාහනේ කොයි වෙලේ කැඩෙයිදෝ කියලා නරඹන්නන්ගේ හිතේ තිබ්බ දෙගිඩියාව උඹ සුං කලා... සීරීස් එකක් ලියද්දි එහෙම කලින් ආතල් කඩන්න එපා....
Deleteමට ඒක කම්පනාවට ආවෙ නෑ බොලං...බලන්න මේ කොල්ලො ආතල් කැඩෙන ප්‍රශ්නත් අහනවනෙ...
Deleteමටනම් හිතෙන්නේ තව වැඩිකල් නොගිහින් අපේ දෙස්පාලුවෙක් 'මීමුරේ ඉන්' කියලා හෝටලයක් ගහයි. එන්න නියම 'ගැමි කෑම' එක රැයකට මෙච්චරයි කියලා ප්‍රසිද්දියේ බෝඩ් එකකුත් දැයි.
ReplyDeleteදැනටම ඒ වැඩේ කරලා ඇති මම හිතන්නෙ...තඩි බෙන්ස් කාර් එකක පිරිසක් කොළඹ ඉදන් ආවා හෝටලයක් විවෘත කිරීමකට...ඒ වාහනේ ගන්න දෙයක් නෑ...අඩියෙන් අඩිය යට වැදුනා...
Deleteදේශපාලුවෝ නොවේ බ්ලොග් ලියන අපේ හිතවතෙක් ඇඩ්වෙන්චර් හෝටලයක් දාල තියෙන්නේ එහේ මේ වන විටත්. මෙන්න මේ ලිංකුවෙන් ඒ ගැන සවිස්තරව දැක ගත හැකියි විචාරක https://www.facebook.com/meemureadventure
Deleteඅම්මපා සිරා අයියේ උඹ වෙලාවට ඔය අහවල් රටේ ඉන්නේ නැත්නම් මෙලහකට එවලා සුදු වෑන් එකක් කිඩ්නැප් කරන්න මොකද බොල බාගෙට නැවැත්තුවේ. ඉක්මනට අනෙක් කොටසත් දානවා හොඳයි.
ReplyDeleteමට නවත්තන්න හිත දුන්නෙ නෑ...ඒත් පණු බේත් බොන්න ඕනෙ කියලා අරුන් දෙන්නා කෑ ගහපු නිසා තමයි චතුරයා වාහනේ නැවැත්තුවෙ...තාම අපි පණු බේත් බොන ගමන්...
Deleteමී මුරේ ඉතින් අපි ගිහින් නැති හන්දා මෙහෙමවත් යමු..
ReplyDeleteමම එක්කගෙන යන්නම්...ඔය කැබ් එකේ ඉඩ තියෙන තැනක ඉදගත්තා නම්...
Deleteහරිම ලස්සනයි සිරෝ කතාව. එක හුස්මට කියවගෙන ගියා. අර ජීවන්ත කීවේ, 'පියවි' ටෙලිඩ්‍රාමා එකේ ඉන්න නලුවා නෙමේ නේද?
ReplyDeleteමම ආසම කෙනෙක් ඒ. එයා ඔයාගේ යාලුවෙක් නම් මට එයාව හම්බ වෙන්ට ඕනි. :D
පියවි අධයක්ෂක වරයා චාමර ජනරාජ පීරිස් අප සමග එකට සේවය කරන කෙනෙක්.මෙන්න චාමරගේ ලිංකුව https://www.facebook.com/chamarajm?fref=ts
DeleteThanks Nalin. මේ ලින්කුව දුන්නේ එරංග ජීවන්ත ගැන එයාගෙන් අහන්ට කියලද? :D
Delete@Naleen....මේ කියන්නේ ජනදාස පීරිස් මහත්මයාගේ පුතෙක්ද?
Deleteජිවන්ත නෙමෙයි නලුවා...එයාගෙ යාලුවො...මේ අයගෙ ඡායාරූප ඊළග පෝස්ටුවෙ එනවා..එතකං ඉමු...
Deleteමීමුරේ ගිහින් නැහැ බං. හැම එකාම යනව මොන මඟුලක්ද මන්දා..
ReplyDeleteආයෙත් අපි මේ තැනම කූඩාරමක් ගහන්න යාවි...එදාට මම උඹට කියන්නම්...හැබැයි පුතෝ උඹ එතකොට බඩල් දාලා ඉදීවි...
Deleteමාත් මීමුරේ ගිහිල්ල නෑ. දැං ඉතිං කියමුකො බලන්න ඉතුරු ටිකත් ඉක්මනට.
ReplyDeleteපණු බේත් ටික බිව්ව ගමන් ආපහු ගමන පටන් ගන්නවා එතකං ඉමු...
Deletegood , lassana gamanak
ReplyDeleteස්තුතියි ඔබට..
Deleteඅපිත් ට්‍රිප් යන්නේ ඔන්න ඔය විදියට හදිසියෙම ක්ෂණිකව. ඕක අපේ පවුල් වල අයට දිරවන්නේ නෑ.
ReplyDeleteඅපිත් නුවර ඉඳලා හුන්නස්ගිරිය පහුකරලා හසලක යනකොට ඔය ලූල්වත්ත කියලා හැරෙන්න තියෙන සිමෙන්ති බෝඩ් එක අනන්ත දැකලා තියෙනවා, නමුත් කවදාවත් ඔතනින් හැරිලා නෑ. මොකද ඒ හැම වතාවෙම වෙනත් ගමනාන්තයක් බලා ගමන් කරමින් හිටි නිසා.
පිස්සු හැදෙනවනේ බං පිටකොටුවෙත් රස්තියාදුවෙලා ආපහු ඇවිත් වාහනයක් හදාගෙන අරන් යන්න උනාම. මේක නම් නියමම ආරම්භයක්.
ඊළග වතාවෙ අනිවාර්යෙන්ම යන්න හෙන්රි අයියා...හරිම ලස්සන පළාතක්...ඊළග පෝස්ටුවෙ ඡායාරූප එනවා...ඒවායින් බලන්න...කොහොමද සුන්දරත්වය කියලා...
Deleteහදිසියෙන් සූදානම් වෙලා යන ගමන් තමයි සිරෝ හොඳම,පින්තූර ටිකකුත් දානව නේද ඔක්කොම විස්තර ලියන්න.
ReplyDeleteපින්තූර ටික දැනටම අමුණලා තියෙන්නෙ....ඊළග එකේ එනවා...
DeleteJeewantha kiyanne harima ahinsaka babek wage lamayek. Naluwek neme.
ReplyDeleteනෑ නෑ නලුවා ජීවන්ත නෙමෙයි...එයාගෙ යාලුවා...ඊළග පෝස්ටුවෙ තව විස්තර තියෙනවා.
Deleteසිරාගේ කථාව වෙනදා වගේම හරිම රසවත්. ඊළඟ කොටස එනකන් ආසාවෙන් බලං ඉන්නවා...
ReplyDeleteස්තූතියි සහෝදරයා...ඉතිරිය ඉක්මනින් දෙන්නම්...
Deleteඔය කොටස් වසයෙන් කතා දාන එවුන්ව මටත් පෙන්නන්න බෑ .............. හිකිස්...............
ReplyDeleteඑතකොට මැලේ රාළයා ලියන්නෙ කොටස් නැතුවද ? අනේ මගෙ කට...
Deleteකවුද බං එය නලුවා
ReplyDeleteදෙවැනි කොටසෙදි උගේ ෆොටෝවක් තියෙනවා...
Deleteකරදරයක් නැතිව ගිහිල්ලා වරෙන්......ගත්ත බෝතල් තියාගනිං ගිහිල්ලා බොන්න.
ReplyDeleteකරදරයක් නැතුව ගිහිල්ලා ආවා...අද ඊයෙ නෙමෙයි ...2011
Deleteදැනගෙනමයි ලිව්වේ සිරෝ
Deleteසහන් කියන දේ තමයි මගෙත් හිතට ආවේ. මේ වගේ ගමනක් යද්දී මේ වගේ වාහනයකින් යන එකේ අවදානම.
ReplyDeleteඒ වාහනයෙ ගැටලුව තිබ්බෙ බැටරියෙන් විදුලිය සපයන මාර්ගයේ...එසේ නොමැතිව එන්ජිමේ හෝ වෙනත් ප්‍රධාන කොටසක නෙමෙයි...ඒ නිසාම තමයි යාලුවගෙ පියා ඒ වාහනේ අරන් යන්න දුන්නෙ...
Deleteමතු සබැඳි ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න. ඔන්න අපි කියවන්න බලාගෙන ඉන්නේ...
ReplyDeleteඔබ කියවන නිසාම ඉතිරියත් ඉක්මනින් ලියන්නම්...
Deleteවන්ඩියක් නැතිව ඔය ගමන් ගිහිල්ල වැඩකුත් නැහැ හැබැයි ලදරම් නම් අබිලික්.
ReplyDeleteලියහන් මමත් ඉස්සර ඔය ගමන් යන්න පිස්සා.
කොල්ලෝ සෙට් එක එක්ක පනුබේත් බිබී ඉදල හිතුන ගමන් ගිය වෙලාවලුත් තිබ්බ.
පණුබේත් බිබී ඉන්න ගමනුත් ගියා කියන්නෙ...සෑහෙන සැර පණු බේතක් වගේ කෙන්ජයියා එවලෙ බීලා තියෙන්නෙ...
Deleteමීමුරේ ගියාට වඩා ආතල් බං වාහනේ හදපු එක. මම නම් කතාවේ ආසම කොටස ඒක
ReplyDeleteඒ කොටස නැතිනම් ලොකු අඩුවක් මේ කථාවට...ඒ නිසයි ටිකක් බර කරලා ලිව්වෙ...
Deleteමමත් හිතාගෙන ඉන්නවා ඔය ගම් පළාත බලාගන්න යන්න..කොහෙද තාම බර මදිනෙ..බලමු බලමු ඉස්සරහටවත්...සිරා ලොක්ක මීමුරේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න...
ReplyDeleteවැඩි කාලයක් නැ...තව දවස් දෙක තුනකින් ඊළග කොටස එනවා...
Deleteහැක් හැක්.. මගෙත් සිරිපා චාරිකාව එක කොටසකින් ඉවර කරන්න හිටියට අන්තිමට කොටස් හතරක්ම දාන්න උනා බං. ඒක සහතික ඇත්ත.. මේ වගේ සංචාර ගැන විදපු දේ ලියන්න ඉඩ මදි...
ReplyDeleteඅන්න හරි...කෙටියෙන් ලියන්න ගියොත් රසය නැත්තටම නැති වෙනවා...ලියාගෙන යද්දි සිද්ධි මැවෙනවා...ඉතින් කොටස් කීපයක් දුරට කථාව යනවා...
Deleteඉක්මනට දාහන් යකෝ... මී මුරේ ගියා මදැයි
ReplyDeleteපොඩ්ඩක් ඉදපන් ඩෝ....අපි තාම පණු බේත් බොනවා...
Deleteඉතුරු ටිකත් ඉක්මනින්ම ලියමු !
ReplyDeleteඅපරාදේ මැදින් බෙදලා වෙන් කලේ....
මැදින් බෙදලා වෙන් කලේ කිව්වෙ මේකෙ තව තියෙන්නෙ එක කොටසක් නෙමෙයි...ඔක්කොම මෙතන දැම්මා නම් බත් මුලකුත් බැදගෙන තමයි කියවන්න වෙන්නෙ.
Deleteඅපේ පවුලේ ඊළග ට්‍රිප් එක මීමුරෙ යන්න හිතා ගත්තෙ දැනට මාස 6 කට කලින්. මම 1994 මීමුරෙ ගිහිල්ලා තියෙනවා, කලින් හිටපු ඔෆිස් එකේ වැඩ වාගයකට. අවුරුදු 20 ක වෙනස කොහොමද කියලා බලාගත්තහැකි මේ සැරේ ගියහම. ඒ කාලෙ නම් කෙනෙක් වැරදිලාවත් යන්නේ නැහැ ඔය පැත්තෙ. එච්චර දුශ්කරයි ගමන. 4 වීල් පිකප් එකකවත් යන්න බැහැ. ජීප් එකක්ම ඕනෙ.
ReplyDeleteස්තූතියි ලස්සන විස්තරයට සිරා.
1994 වගේ බොහොම දුර ඈත කාලෙක එහෙට යන්න ලැබුනා නම් නියම ලක්ෂණ වලින් යුතු ගමක් දැක ගන්න තියෙන්න ඇති. පොඩ්ඩක් කියන්නකො බලන්න ඒ කාලෙ මී මුරේ ගමේ සුන්දරත්වය වගේම ඒ මිනිස්සුන්ට තිබ්බ පහසුකම් ගැන...
Deleteලබන මාසෙ ගිහිල්ලා ඇවිල්ලම වෙනස කියන්නම්කො...සිරා..!
Deleteස්තූතියි....ආසාවෙන් ඉන්නෙ වෙනස ගැන දැනගන්න...
Deleteමදෑ එක පාරටම මීමුරේ යන්න වාහනේට නැග්ග. ඒකත් අතරමග නතරවෙච්චි..
ReplyDeleteබලන්න සරත් අයියා...මේ කුපාඩි කොල්ලන්ට පණු බේත් බොන්න ඕනෑ උනානෙ ගමන යන්නත් කලියෙන්...
Deleteමී මුරේ යනු ස්භාවිකත්වයෙන් අනූන අති සුන්දර පරිසරයක්...... පිටරට සිට පැමිණෙන ඔබට ගැමි සමාජයේ නැවුම් අසිරිය විදීමට තෝ තැන්නක්.....
ReplyDeleteඑහෙත් ඔබ ඒ අසිරිය විදින අතුරෙහි ඔබගේ දියණිය, බිරිද, මව, මිත්තනිය නැතහොත් පොකැට්ටුව ඩැහැ ගැනීමට කැහැටු වදුරන් මාන බලමින් සිටියි...... මොහොතක් සිතන්න.....
හෙට සුභ වීමට අද මොහොතක් සිතන්න......
ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ.....
අවවාදාත්මක පෝස්ටුවක්...ගත යුත්ත ගන්න..
Deleteමරු සින් ඒක.. උබලා මහා රෑනේ ට්‍රිප් යන්න සෙට් වෙලා තියෙන්නේ.. ඔය චතුර කියන කෙනා ජා ඈල කෙනෙක්ද බං..?
ReplyDeleteඕපාත කිට්‍ටුව....
Deleteමේ වගේ ගමන් යන්න උවමනාව තියනවා එත් තවම සුදුසු කට්ටියක් සෙට් උනේ නෑනෙ.
ReplyDeleteඒකත් එහෙමද...අපි ආයෙ යන වෙලාවක හැකියාවක් තිබුනොත් කියන්නම් මලේ...
Deleteකෝ බං උඹල තාම නුවර පහුකරා විතරනේ...
ReplyDeleteමීමුරේ ඉස්සර නම් ලස්සනලු දැන්නම් මිනිස්සු ගිහින්ම පරිසරය විනාහ වෙලා...
නුවර පහු කරද්දිම මුන්ට තිබහ හැදුනනෙ...බලන්නකො තාම ඉවර නෑනෙ මේ පණුබේත් බොන එක....මීමුරේ අර කලින් තිබ්බ අව්‍යාජ ගැමි ගතිය නම් ටිකෙන් ටික නැති වීගෙන යනවා කියලයි කියන්නෙ...
Deleteසුබාගෙ සුන්දරත්තෙ බලන්නයන්න කියලා වාහනේට නැගල සීට් බෙල්ට් නැති හින්ද කොහුලනුවකින් සීට් එකට තියල මාවම ගැට ගහගෙන හොදට හරි බරි ගැහිල ඉදගත්ත විතරයි මේ අසම්ජ්ජාතියො ටික නැටුන් තෙල් ගහන්න ගත්තනෙ.මුන්ගෙ...........ට.
ReplyDeleteඔය බේබද්දොටික හලල ඉක්මනට නැගහන් මලේ මී මුරේ ඉතුරු ටික යන්න..
උබට සුබ ගමන්..ආසාවෙන් ඉන්නව ඉතුරු ටික කියවන්න..සියලු සිතුම් පැතුම් මගදි ඉටුවේවා..
මම ඉන්දික
බලන්න අයියා...මුන් වගේ අසික්කිත එවුන් ටිකක්...පණුබේත් ගත්ත ගමන් බොන්න ඕනෙ උනානෙ මුන්ට...ඊළග කොටස ඔන්න දැන් වැටිලා තියෙන්නෙ...ඒකත් බලමු එහෙනම්...ඔන්න මම නම් පණු බෙහෙත් කටේවත් තිබ්බෙ නෑ...අපිට ජය වේවා !
Deleteසිරෝ අපේ කැලෑසියෙ හිටපු උන් ටිකක් එක්කම මම නුවරඑළි ගිහිනි් වැවක ලොරි හෙව්ව බං..අම්මප උඹ ගෙදර හිටියෙම නැද්ද බං...
ReplyDeleteවැවක ලොරි හෙව්වා කිව්වෙ...කට්ටිය සැට් වෙලා එද්දි නවත්තලා තිබ්බ ලොරිය වැවේද ?
Deleteමෙක කියවන්න ගත්තම මීමුරේ යන්න හිතේ හංගන් හිටිය ආසාව තව වැඩි උනා. බලමු ඉතිරි ටිකත් කියවලාම.
ReplyDeleteඉතිරියත් කියවලා ෆොටෝ දෙක තුනක් දකිනකොට හෙට අනිද්දම යන්න හිතෙනවා ෂුවර්...
Delete