Thursday, October 31, 2013

130 ලංගමෙන් ගහපු බල්ටිය

1998 කියන්නෙ සිරා කොලුවා අ.පො.ස  සා/පෙට  පෙනී හිටිය අවුරුද්ද...දෙමාපියන්ගෙ වගේම ඥාති හිත මිත්තරාදීන් රැසකගේ අවධානය මා කෙරේ යොමු වී තිබුන නිසාම තරමක පීඩනයකුත් දැනුන වසරක්. වසර උදාවෙද්දිම හිතට දැනුනෙ වසර අගට වෙන්න තියෙන විභාගෙ බර. ඒ බරින් කොටසක් හෑල්ලු කර ගන්න තමයි ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ විෂයන්ට අතිරේක පන්ති ගෑටුවෙ.

ඒ කාලෙ ගම්පහ නගරයේ තිබුන හොදම යයි සම්මත ගණිතය උපකාරක පන්තියට තමයි සිරා කොලුවා ගියේ. මේ පන්තියෙදිම තමයි සිරාගෙ අභිමංගල ප්‍රේමය වෙච්ච රතු කොණ්ඩෙ මුලිච්චි උනෙත්... ඒ විතරක් නම් මදැයි, අයිය බඩාගෙ ප්‍රේම කථාවටත් පාර කිව්වෙ මේ පන්තියම තමයි. ඔය කිව්ව විෂයන් තුන අතරින් ගණිතය උගන්වපු ගුරුතුමා බොහොම දර දඩු නීතියට වැඩ කරපු කෙනෙක්...ඒ නිසාම ගණිතයට උනන්දු නැති උන්ට බලෙන්ම හරි උනන්දුව ඇති කරගත යුතු තත්වයක් තමයි පන්තිය තුල තිබුනෙ.

6 වසරෙ සිටම මේ පන්තියට ආව ගිය උන් හැටියට ඒ වෙද්දි ගුරුතුමා ගැන හොද විශ්වාසයක් වගේම අවබෝධයකුත් අපේ හිත්වල ඇතිවෙලයි තිබුනෙ. උගන්වන හැම තත්පරයක්ම ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවෙලා ඒ කටයුතු වල නිරත වෙන ඔහුගේ නීති රීති වලට අනුව වැඩ කරන්න අමාරු උනත් ප්‍රතිඵල එන දවසට නම් ඒ වෑයම පිළිබද අනේකවාරයක් සතුටු වෙන්න පුලුවන්.

වසර මුලදිම අවුරුද්ද පුරා පන්ති පැවැත්වෙන ආකාරය පිළිබද දැනුවත් කිරීම එතුමාගෙ සිරිතක්. ඊට අමතරව ප්‍රසිද්ධ නිවාඩු දවස් වලත් අවශ්‍යතාව අනුව අතිරේක පන්ති පැවැත්වුනා. මේ කිව්ව 1998 මැයි 1 වෙනිදාත් එහෙම දවසක්.

කාටද මැයි පළවෙනිදා නිවාඩු ඕනෙ....එහෙම අය අත උස්සන්න බලන්න...සෑර් හඩ වැඩි කරලා කියනකොට අවශ්‍යතාව තියෙන එකාටත් ඒක අමතක වෙනවා... මේ මැයි පළවෙනිදට අතිරේක පන්තියක් තියෙනවා...විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ගන්න කැමති අය අනිවාර්යෙන්ම එන්න ඕනෙ...මැයි පෙළපාලි වල යන අයට දිගටම අනිත් උන්ට හුරේ දදා පෙළපාලියෙම යන්න පුලුවන්...

මෙහෙම ඉතිං ගහෙං ගෙඩි එනවා වගේ එකපාරටම අතිරේක පන්තියක් දැම්මම අපේ ආතල් කැඩෙනවා උනාට..නොගියොත් ඊළග දවසෙ පන්ති ගිහිල්ලා හමාරයි. පැය 6 ක් උගන්වන දේවල් සුලුපටුද හැබෑටම...මේ පැය 6 ම ගණිතය විතරයි...ගණිතය විෂයට ඒ දවස්වල තිබුන අකමැත්ත අන්තිම ඉහළ වුනත් විභාගෙ ගොඩ දාගන්න ඕනෙ නිසා හැමෝම අමාරුවෙන් හරි පන්ති ආවා.

ඒත් ගොයියො මැයි 1 වෙනිදා පන්ති යන එක සෙල්ලං නෑනෙ කියලා අවබෝධ වෙන්නෙ පන්ති යන්න පාරට ආවට පස්සෙ. පුද්ගලික අංශයෙ බස් එදාට සෙනග අඩු නිසා නිවාඩු... රාජ්‍ය අංශයෙ බස් මැයි පෙළපාලි වලට යන ජාති මාමක ජනතාව ප්‍රවාහනය කරන්න ගිහිල්ලා.....බත් මුලක්, අරක්කු බෝතලයක් නොමිලේ දෙනවා කිව්වම මේ ජනතාව වැඩ කරන ජනතාවට පණ උනත් දෙන්න පෙරට එයි. හැබැයි ඒ සියල්ල මැයි 1 වෙනිදා නිමා වෙද්දිම නිමා වෙනවා.

මේ කිව්ව දවසෙත් වෙච්ච සංසිද්ධිය එමම තමයි. පන්තිය පටන් ගන්නෙ 8 කණිසමට...සිරා පාරට ආවෙ 7 ට. දැන් පැයක්ම බස් එකක් එනතුරු බලා ඉදලා ඉදලා නිකරුනේ ගෙවිලා..පරක්කු වෙලා පන්තියට එනවට අපේ සෑර් කැමතිත් නෑ...මොකක් හරි ඇනුම් පදයක් කියනවා...ඒකට කෙල්ලො සැට් එක හිචි හිචි ගානවා...ඒ හින්දා ප්‍රමාද වෙලා පන්ති යන එක මහ එපා කරපු වැඩක්....

මේ වකවානුවේ අපේ නගා කොල්ලා ගමේ පාසලට ගියේ...ඒ උනාට මේ අතිරේක පන්තියෙදි අදුනගත්ත නිසා මා සමග තරමක ඇයි හොදයියක් තිබුනා...පැයක්ම බස් නැතුව හිටියට පස්සෙ තමයි උගෙ ලද බොළද කටහඩ දෝරෙ ගැලුවෙ.

ඇයි බන් මේ නිවාඩු දවසක අපිට ගෙදරට වෙලා ඉන්න දෙන්නෙ නැතුව අතිරේක පන්තිදාලා පාරෙ රස්තියාදු කොරවන්නෙ...දැන් බලහං පැයක්ම පාරෙ හිටගෙන හිටියා..එක බස් එකක් නෑනෙ බන්....

සෑර් දැනගන්න ඕනෙ නේද මැයි පළවෙනිදට පාරෙ බස් නෑ කියලා... තව එකෙක් හීනියට හූමිට්ටක් තියනවා...

ඔන්න ඔය අතරෙදි තමයි DIMO යනුවෙන් මූණතේ නම ගහලා තියෙන කහපාට ලංගම බස් එකක් ප්‍රධාන මාර්ගයේ ඈත කොණෙන් මතු වුනේ...බස් එකේ දොර දෙකේම සැට් එක කට කපලා...පා පුවරුවෙ කකුල් තියාගෙන එල්ලෙන්න තියෙන හැම තැනම මගියො එල්ලිලා හිටියෙ හරියට බල්ලන්ගෙ ඇගේ මැක්කො එල්ලිලා ඉන්නවා වගෙයි. ඒත් පන්ති යන්න තියෙන උවමනාව නිසාම අපේ හන්දියෙ හිටිය නඩේ පාරට පැනලා අත දැම්මෙ බස් එක නවත්තගන්න.. බස් එකේ තවත් නගින්න ඉඩක් තිබුනෙ නැති හින්දම රියදුරා ඒක නොනවත්වාම ධාවනය කලා. මෙන්න මේ අතරෙදි බස් රථය තුල හිටිය අපේ මිත්තරයෙක් අපිටත් රථයට නගින්න අවස්ථාවක් ලබා දෙන්න රථයෙ සීනුව නාද කොලා.

මෙන්න මේ වගේ එකකින් තමා බල්ටිය ගැහුවෙ
‍ඒ හඩට සැර බාලවෙච්ච බස් රථය අපේ හන්දිය පහුකරගෙන මීටර් 100 විතර ගිහිං ඕන්න නතර වුනා..පන්ති යන්න බලාගෙන හිටිය මම, නගා ඇතුලු නඩේ රථය ලුහු බැන්දා...බහින එකා බහින තුරු බලාගෙන හිටිය රියදුරු තැන තවත් බලාගෙන හිදීමෙන් පලක් නැති බව වැටහුනාට පස්සෙ නැවතත් ඇන්ජිමට සැර දැම්මා ඉදිරියට ධාවනය වෙන්න...අන්න ඒ අවසරයෙන් රථයට කිට්ටු කරලා ඉදිරි පා පුවරුවෙ යකඩ පොල්ල අල්ලගන්න මට හැකි වුනා...ඒ වෙද්දිත් එතන එල්ලිලා හිටිය මම අදුරන ගොයියෙක් එක කකුලක් යන්තමට තියා ගන්න පුලුවන් තරමට මට ඉඩක් හදලා දුන්නත් බස් රථයෙ වේගය වැඩි නිසා මට හරියටම එතනට කකුල සැන්ටර් කොර ගන්න බැරි උනා. කකුල තිබ්බෙ බිමට...නමුත් මගේ අත තවමත් පා පුවරුවෙ පොල්ලෙ...ටික දුරක් බස් රථය සමග ඉදිරියට ඇදිල ගිය අසරණ සිරාට එක්වරම සිහි උනා පොල්ල අතඇරිය යුතු බව... පොල්ල අත ඇරිය සැනින් එකතැන කැරකිලා වගේ මගේ කකුල් දෙකම බස් රථය අස්සට ගිය බව මට දැනුනා...පිටි පස්සෙ රෝද ද්විත්වය දැන් දැන් කකුල් දෙක උඩින් යයි කියලා හිතුනත් අන්තිම මොහොතෙ කුමක් හෝ යමක වැදිලා මාව එළියටම විසි උනා.

ක්‍රිකට් තරගයක හතරෙ සීමාවෙදි පන්දුව නවත්තන්න තණ නිල්ල දිගේ ක්‍රීඩකයො ලිස්සලා යන විදියට තාර පාර දිගේ ටික දුරක් ගිහිල්ලා සිරා කොලුවා නැවතුනා...අපේ උන් ඉක්මනට ඇවිල්ලා මට නැගිටින්නට අත දුන්නා...මම ඉස්සෙල්ලාම බැලුවෙ ඔලුව තියෙනවද කියලා...ඒක අතට අහුවුන නිසා කුකුල් දෙක තියෙනවද බැලුවා...ඒකත් හරි...ඊට පස්සෙ තමයි වෙච්ච හානි දිහා බැලුවෙ...

අලුත්ම ටී ෂර්ට් එක ක්ලේමෝ ප්‍රහාරයකට ලක් වෙලා වගේ හැම තැනම ඉරිලා...කිරි ගොට්ටෙ වගේ හිල්...නිල්පාට ඩෙනිමෙ දණහිස ලග කොටස ගෙවිලා ගිහිල්ලා ලස්සන රවුම් දෙකක් කකුල් දෙකේම මතු වෙලා...එදා ඩෙනිම වෙනුවට වෙනත් මෘදු රෙද්දකින් නිම වෙච්ච කලිසමක් ඇදගෙන හිටියා නම් සිරාට දණිස් පොල්කටු දෙකක් කඩෙන් ගන්න වෙනවා...

වම් අතේ වගේම දකුණු අතෙත් ඇගිලි මුල තුවාල වෙලා පුංචි පුංචි රවුම් ආකාරයෙන්...ඒවායින් ලේ ගලනවා...සිරාට බරටම හානි...ඒ උනාට පන්ති යන්නෙ නැතුව ඉන්න මට හිත දෙන්නෙ නෑ...පාරෙ ගියපු වාහනයක් නවත්තගත්ත අපේ උන් මාවත් ඒකට පටවගෙන පන්තිය තියන ඉසව්වට ආවා...

මචං ඔය විදියට පන්තියට යන්න බෑනෙ...අපි බේත් දාගෙන යමු...

නෑ බොලව්..උඹලගෙ වෙලාව අපරාදෙ....මේ වෙලාවෙ ඉස්පිරිතාලෙ සෙනග වැඩි නම් සෑහෙන වෙලාවක් ඉන්න වේවි...ඒ හින්දා අපි කෙලින්ම පන්තියට යමු..

උඹට කලන්තෙ වගේ එහෙම නෑ නේද ? ඔලුව බිම වැදුනද ? නගා බොහොම ලෙංගතුකොමෙන් මගෙන් අහනවා..

ඔයින් මෙයින් අපි පන්තියටත් ආවා කියමුකො...ගණිතය සෑර් මගේ දෙමාපියන්ගෙ හිතවතෙක් වෙච්ච හින්දම මම හැමදාම පළවෙනි නැත්නම් දෙවැනි පේළියෙ තමයි වාඩි උනේ...එහෙම නැති උනා නම් අපේ නිවසට සෑර්ගෙන් පැමිණිලි එනවා. ඉදිරි පෙල වටේටම ඉන්න උන් මගේ යාලුවො වෙච්චි කොට කවදාවත් මගේ තැනට වෙන එකෙක් ආවෙ නෑ...එදත් මට නියමිත ස්ථානය ඉතිරිව තිබුනා...

මම අත් දෙකේම ලේ පෙරාගෙන පන්තියෙන් වාඩි උනා...මගේ දිහා ඉස්සෙල්ලාම බැලුවෙ දැරිවියන්ගෙ පැත්තෙ පළමු පේළියෙ අගට වෙන්න හැමදාම ඉන්න මංජුලා... ඒකි මා දිහා බැලුවා විතරයි අත් දෙකෙන් මූණ වහගෙන අල්ලපු දැරිවියගෙ උරහිසට හේත්තු උනා...මංජුලාට ලේ දැකලා කලන්තෙ දාලා...මම දන්නවද ඒකිට ලේ බලන්න බෑ කියලා...එහෙම උනා නම් නොපෙන්වා ඉන්න තිබුනා.

ඒ අස්සෙ සෑර් කලබලා වෙලා...මම වෙච්ච සන්තෑසිය ඔක්කොම කිව්වට පස්සෙ...ලේ ටික හෝදගෙන පන්තියට එන්න කියලා මට නියම කොලා...ඒ දවස්වල ඉතිං නව යොවුන් උන්මාදය තිබුන කාලෙ නොවැ...කොච්චර හානි උනත් කෙල්ලෙක් බලනකොට මාර කික්...ඒ හින්දම මට ලොකු වේදනාවක් දැනුනෙ නෑ...

තුවාල වල ලේ පැල්ලම් ජලයෙන් සෝදලා තවත් පැය දෙකකට පමණ පස්සෙ පන්තියට ලැබුනු විවේක කාලයෙදි ලග පාත තිබුන ගම්පහ රජයේ රෝහලට යන්න මම පිටත් වුනා...එතකොටම මගේ ලගට ආවෙ අපේ ගණිතය සෑර්...

මම කට කැඩෙනකං කිව්වා නේද  මේ පන්තියෙ කොල්ලන්ට, ජීවන්ත කකුල කඩා ගත්තට පස්සෙ බස් වල යද්දි පරිස්සමෙන් යන්න කියලා. ඔය අහලා තියෙන්නෙ අපූරුවට...

ජීවන්ත කියන්නෙත් මගේ පාසලේ මගේ ලගම මිත්තරයෙක්...මේ කියන දවස් වලට මාස දෙකකට විතර ඉස්සෙල්ලා දවසක මිනිහගෙ කකුල බස් රථයක පාපුවරුව සහ පාරෙ තිබුන කොන්ක්‍රීට් ගැට්ටක් අතරට අහුවෙලා සෑහෙන්න හානි උනා...මාස ගානක් කොළඹ මහ ඉස්පිරිතාලෙ නැවතිලා, කැඩුනු අස්ථි වෙනුවට කම්බි දාලා, සැත්කම් කීපයක් කරලා , කිහිළි කරුවෙන් තමයි අන්තිම කාලෙ පන්තියට ආවෙ...දැන් නම් ලොකු කැළලක් කකුලේ තිබුනා උනත් මිනිහා කිසිම අපහසුතාවකින් තොරව දෙයියනේ කියලා ඇවිදිනවා.

මම ඉතිං හිස පහත් කරලා සෑර්ගෙ ඔවදන් පිළි අරන් ඉස්පිරිතාලෙ බඩගෑවා...වෛද්‍යවරියක් මගේ නම ගම වයස වගේ දේවල් එක්ක පාසලේ නමත් ඇහුවා...මම ඉතිං උත්තරේ දුන්නම...

ආ ඒ ඉස්කෝලෙ කෙනෙක්ද ? ඒකෙ අයට තියෙන්නෙ පුදුම දැගලිල්ලක්නෙ...මේ කරගෙන තියෙන්නෙ...

අසරණ සිරා ලෙඩා බිම බලාගෙන හිටියා....ඊළගට බෙහෙත් දාපු සුදු නර්ස් නෝනා...

කොහෙද ඉස්කෝලෙ...

මගෙන් සුපුරුදු පිළිතුර...

ආ එහෙ එක්කෙනෙක්ද ? මෙයාලට පුදුම ගායක්නෙ තියෙන්නෙ...පාරවල් වල වෙන මිනිස්සු යනවා කියලා හිතන්නෙත් නෑ එච්චරට දැගලිල්ල... නර්ස් නෝනා අපේ පාසලේ වරුණාව වයසක ඇටෙන්ඩොන්ට් උන්දෙක්ට කියනවා...එයත් ලෝඹු කට ඇරලා හිනා වෙන ගමන් මගේ දිහාට ඇහැ කරකවලා හීනියට බලනවා.

යකෝ....මේක හරි කෙළියක්නෙ...ඉස්කෝලෙ නම කිව්වාමත් බනිනවා...මක්ක කරන්නද...එතැනදීත් සිරා ලෙඩ කපුටා වගේ ඔලුව පාත් කරගෙන ඉදලා බේත් ටික දාගත්තා...

එදා රෑ නින්දට යද්දි මගේ තුවාල සෑහෙන්න රිදුම් දෙන්න ගත්තා...දවස් ගාණක් හැන්දකින් බත් කෑවෙ. මේ සිද්ධියෙන් පස්සෙ කාලයක් යනතුරු මම කල්පනා කලේ බස් රථයෙ ඉදිරි පා පුවරුවෙන් බිමට වැටිලා බස් රථය අස්සට ගිය මගේ දෙපා බේරුනේ කොහොමද කියලා. මළගිය ඥාතියෙකුවත් පිහිට උනාද මන්දා....

බ්ලොගේ අද මොන කථාවද ලියන්නෙ කියලා හිතාගෙන යතුරු පුවරුවේ ඇගිලි තියාගෙන ඉද්දි...ඒවායෙ තියෙන පරණ ලප කැළැල් දැක්කම තමයි මගේ යටගියාවෙ මේ සිදුවීම මතක් උනේ ඔන්න....


අඩේ මේ DIMO බස් එක හොයන්න ගිහිල්ලා පට්ට බොගක් සැට් උනා....ලංගම බස් වල ජාතකේම එතන තියනවා...මේ ෆොටෝව ඉස්සුවෙත් එතැනින්...ඒ තැන තමයි මේ.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

පාසල් යන වයසෙ දාංගලේ තියෙන කොලු කුරුට්ටො හරි, හැමදාම දුම්රියේ පා පුවරුවෙ එල්ලිලා වැඩට යන හිතවතෙක් හරි මේ සටහන කියවනවා නම්.....

අනේ වදින්නම් රත්තරනේ ටිකක් පරක්කු උනාට කමක් නෑ ඊළග එකේ ඇවිල්ලා තමන්ගෙ ජීවිතය වගේම කකුල් දෙකත් බේරා ගන්න. මම පත්තරේ වැඩ කොරපු සමයෙ වේයන්ගොඩදි දුම්රියට අහුවෙලා ඉනට පහලින් ශරීරය වෙන්වුනු තරුණයගෙ සංස්කරණය කරපු නැති ඔරිජිනල් ඡායාරූප පෙළ දැක්කා...ඒවා දැක්කම මට හිතුනෙ මේවා දකින්න අපිත් පවු කලා නේද කියලා....එය එතරම් වේදනාකාරියි....ශරීරය දෙකඩ වෙලා තියෙද්දිත් ඔහු පියවි සිහියෙන් මිතුරන් සමග කථාබහේ යෙදුනා...පසුව රෝහලේදි මිය ගියා... 



















130 comments:

  1. ඔය වේයන්ගොඩ කොල්ල එළුවපිටියේද කොහෙද නේද,ගිය අවුරුද්දෙනෙ කෝච්චියෙ පුට්බෝඩ් එක කඩාගෙන වැටිල ඉන ලඟින් දෙකට කපල ගියෙ.ඉස්පිරිතාලෙට ගෙනිච්චහමත් කතා කලාලු නේද.

    උඹ පත්තරේකත් වැඩ කලාද බං,බලාගෙන ගියාම උඹත් නොකරපු මගුලක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බොලං මගේ පැරණි ලිපි වල මගේ පත්තර රස්සාව ගැන ලියවිලා තියෙනවනෙ...අපරාදෙ කියන්න බෑ....විශ්ව කෝෂ වගේ දැනුම් සම්භාරයක් ඇති වයසින් වැඩිමහලු මහත්වරුන් රැසක් ආශ්‍රය කරන්නත් ඔවුන්ගේ දැනුමෙන් බිදක් ලබාගන්නත් ඒ සමයෙදි මට හැකි වුනා...

      පත්තරේට ආවා ඒ වීඩියෝ එකත්...මම ඒකත් බැලුවා...ඒ ළමයව උස්සලා ගිලන් මැස්සෙ තියන්න කලියෙන් කවුද ගොනෙක් වෙන්වුන කකුල් දෙක තමයි ඉස්සෙල්ලා තිබ්බෙ...ඒක ඒ අසරණය අත් දෙකෙන් ඉස්සිලා බලපු හැටි මම මැරෙන තුරාවට අමතක වෙන එකක් නැ...ඒක බලාන ඉන්න බෑ බං...පපුවටම අනිනවා වගේ...එච්චරට වේදනාකාරී....

      ලංකාවෙ අංක 1 පත්තර නාමයන් හිමි ආයතනයේ නිදහස් පරිගණක රූපක පිරිමැවුම් කරුවෙකු ලෙස තමයි වැඩ කලේ...ඔන්න රැකියාවෙ වග තුග ශුද්ධ හිංහලෙන්ම...

      Delete
    2. අපිත් අන්තර්ජාලෙ තිබ්බ වීඩියෝ එකක් බැලුවා... පැය හතරක්ද කොහෙද ජීවත් උණා කියලා තිබ්බා ඒ ලමයා. තව ළමයෙක් මේ ළමයා වැටිලා ඉන්න වෙලාවෙ ලඟට ඇවිත් අතින් අල්ලගෙන කතාකරකර ඉන්නව දැක්කා. ඒ පැය හතර ඇතුලත මේ ළමයට මොන මොනවා හිතෙන්න ඇද්ද කියලා මම සෑහෙන කල්පනා කලා...

      Delete
    3. ////නිදහස් පරිගණක රූපක පිරිමැවුම් කරුවෙකු////

      මොකක්..! කියන දෙයක් සින්හලෙන් කියපන්කො..!

      රස්සාවේ නම ඔහොම නම් කරන්න තිබ්බ වැඩ කොහොමට තියෙන්න ඇතිද?

      Delete
    4. @ තිසර

      වැඩක් නෑ අයියා...ඒ කොල්ලා මියගිය එකම තමයි හොද...එයාගෙ ජුන්ඩා හිටියෙත් නෑ මට මතක විදියට...හරිම පවු වැඩක් උනේ...කොරියා යන්න විභාගෙත් පාස් වෙලා ඉදලා තියෙන්නෙ...


      @ D.R. Alban

      බොලා හොදට අහලා තියෙනවා මේ රැකියා නාමය...ඒකෙ සිංහල නම තමයි අහලා නැත්තෙ...පරිගණක රූපක පිරිමැවුම් කරු කියන්නෙ Graphic Designer කියන එකට..නිදහස් කියලා කෑල්ලක් ආවෙ මම Freelance වැඩ කොරපු නිසා.

      Delete
  2. බස් කතා බස් ...මටත් තියෙනවා බස් ගැන වේදනාකාරී සිදුවීම්.හැබැයි ගතට වුනු තුවාල නෙවේ....හිතට වුනු තුවාල ...

    ReplyDelete
    Replies
    1. හිතට වෙච්ච තුවාල අපිටත් තියෙනවා බොලං....ඒ වේදනාව අඩු වෙන්නත් එක්ක ලිව්වොත් නරකද බොගේ බස් කථාවක්...

      Delete
  3. උඹ මාර බේරිල්ලක් ආ බේරිලා තියෙන්නෙ.. ඔය ඩිමෝ බස් දැන් දකින්නත් නෑනෙ බන්.. මොකද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. ඩිමෝ බස් රථය ඉතාම හොඳ ප්‍රිය මනාප බස් එකක් ඒවගේම ඉඩ කඩ තියෙනවා. පොඩි රෝසා බස් එකක යන සෙනග ටික ඩිමෝ බස් එකේ දොර දෙකේ විතරක් යන්න පුළුවන්. හැබැයි බසයේ බොඩිය බරින් වැඩී. චැසියට දරන්න අමාරු නිසා චැසිය ඇද වෙනවලු. අනික යකඩ බොඩියක් නිසා ඉක්මනින් දිරා යාමටත් ලක් වෙනවා ලු. කොහොම උනත් ශ්‍රී ලංගමය යටතේ තවම බස් ටිකක් ධාවනයේ තියෙනවා. 1210 චැසියට ආපු බස් එක නම් අඩුයි. 1313 එකට ආපු එක නම් ටිකක් තියෙනවා.

      වැඩිදුර විස්තර මෙතනින් ගන්න. : sltbbus.blogspot.com/dimo

      Delete
    2. ස්තූතියි උත්පල විස්තරයට ? මේවා ටාටා බස්ද ?

      Delete
    3. ඩිමෝ කියන්නෙ ලංකාවෙ ටාටා ඒජන්ත හින්ද ඕව ටාටා බස් වෙන්න ඇති.
      ඕවයෙ මුලිං අපු දොර පළල වැඩි උනත් ඒකෙන් මිනිස්සුන්ට අනාරක්ෂිත තත්වයක් ඇතිවෙනවය කියල (හදිස්සියකදි එලියට විසිවෙන්න ගියත් අල්ලගන්න හැකියාව ලැබෙන්නෙ නැති නිසා) පස්සෙ දොරවල් දෙකේ පළල අඩු කළා නේද.

      Delete
    4. ඔව්! ඩිමෝ සමාගම තමයි තවමත් ටාටා වල ලංකා නියෝජිතයා. මේ ඩිමෝ බස්ම කීපයක් බෙන්ස් චැසියටත් හදල තියෙනවා.

      Delete
    5. කාමරයට සාදරයෙන් පිළිගන්නවා උත්පල

      ඇත්තටම මට තාමත් පුදුමයි මගේ කකුල් එදා බේරුනේ කොහොමද කියලා...අර බස් එකේ දෙපැත්තෙන් බල්ලො රිංගන එක වලක්වන්න තියෙන බාර් එකේද මන්දා කකුල පැටලිලා එළියට විසිවුනේ...

      මේ බස් ආපු මුල්ම කාලෙ කොල්ලො සෑහෙන්න කැමති උනා...උත්පල කියනවා වගේ දොර දෙකේ කිසිම අවුලක් නැතුව 30 කට විතර යන්න පුලුවන්කම තිබ්බ නිසා...

      Delete
  4. අම්මේ.. හිත කීරි ගැහෙන කතාවක්නේ! ආයෙනම් යන්නේ නෑ ෆුට් බෝඩ් එකේ....

    ReplyDelete
    Replies
    1. විහිලු නෙමෙයි නාඩියා...ඉදිරි පා පුවරුවෙන් ධාවනය වන බස් එකකට නගින්න තැත් කිරීම හරිම භයානකයි...මගේ මලයා වරක් දරුණු අනතුරකට මුහුණ දුන්නා බස් රථයකදි...ඒ ගැනත් ඉදිරියට කියන්නම්...

      Delete
  5. මාත් බස් එකෙන් වැටිලා උඹ වගේ රෝල් වෙලා ගිහින් හම ගැහිලා තියෙනවා. හොඳ වෙලාවට බස් එක හන්දියෙන් දකුණට හරවමින් හිටිය නිසාම මම බස් එකට යට වුනේ නෑ.

    උඹලගේ ඉස්කෝලෙ උන්ටත් පුදුම දාංගලයක්නේ තියෙන්නේ. ඉන්නෙපෑ මේ අපි වගේ. අපි ඉස්සර පාරවල්වල යනකොට ගෑණු නිබ්බුත පද කියනවා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් අපේ පාසලට එහෙම බනින කවුරුවත් නෑ...දැන් ඉන්නෙ ඔක්කොම හොද ළමයි...ඉස්සර වගේ හොරෙන් තැඹිලි කඩපු...බස් වල කොන්දොස්තර මාමලා එක්ක වලි දාගත්ත වර්ගයේ උන් දැන් නෑ...කම්පියුටර් වලම හිරවුන අමුතුම වර්ගයක් තමයි දැන් වැඩිපුර ඉන්නෙ.

      බස් එකකින් වැටුනම තුවාල වලට වඩා අමාරු වටේ ඉන්න උන් බලාගෙන ඉන්න දර්ශනේ නේද ?

      Delete
    2. බලා ඉඳලා නිකං ඉන්නේ නෑනේ පාට්නර්. බණිනවනේ පළු යන්න.

      Delete
    3. ඩූඩ්...මක්කැයි අයියෙ ඔය නිබ්බුත පද..බොලාට විතරක් කියන..:)))

      Delete
  6. 1998? අපිනම් ඉතිං ඒ කාලේ යුද්ද බූමියේ හටං කොරනවා.

    බස් කතානම් එකසිය ගානට තියනවා නොවැ කාටත්. මමත් ඉස්කෝලේ යන කාලේදී ඔය විදිහටම දුවන බස් එකේ එල්ලෙන්න ගිහින් දෙපාරක් වැටිලා ඒ දෙපාරම සුළු තුවාල වලින් බේරුනා. හැබැයි ඒ දෙපාරම පැන්නේ පස්ස දොරේ එල්ලෙන්න නිසා වෙන්න ඇති බේරුනේ. සිරාටනම් පූරුවේ පිනක් පලදීලා තමයි බේරිලා තියෙන්නේ. ඔය ඩිමෝ බස්වලද අර ටීචර් කෙනෙක් එලියට විසිවුනේ, දොර පළල වැඩි හින්දා? කොහොම හරි නඩුවක් දාලා, වන්දි ගෙවන්නත්, දොරේ පළල අඩු කරන්නත්, උසාවිය නියෝග කළා.

    දැන්නම් ඉතිං 'බස් කොල්ලන්ට' දීලා :D

    ReplyDelete
    Replies
    1. ඔය සටන් කෙරුවා කිව්ව කාලෙ මට හොදට මතකයි...ඒ දවස් වල ශ්‍රීලංකා ගුවන් විදුලියෙ උදෑසනට හැමදාමත් දේශාභිමානී ගීත පෙළක් තමයි වාදනය උනේ...ඒ අතර අනිවාර්යෙන්ම තිබ්බ ගීතයක් තමයි අමරදේවයන්ගෙ //රට භාරයි නුඹට පුතේ // ගීතය.

      ඔය ඉහළින් උත්පල කියලා තියෙන්නෙ පස්සෙ කාලෙක දොරේ පලල අඩු කලාය කියලා...ඇත්තටම පූරුවෙ කරපු පිනකට තමයි එදා බේරුනේ...නැත්නම් කකුල් දෙකේ සෑහෙන කොටසක් බස් රථය ඇතුලට ගිය බව මට හොදට දැනුනා...

      Delete
  7. අඩේ මේ DIMO බස් එක හොයන්න ගිහිල්ලා පට්ට බොගක් සැට් උනා......බොග...බොග..බොග

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගට මූ බෝග කිව්වා නේ! :D ;)

      Delete
    2. අනේ බොලං ඇනෝ...උඹට බොක සහ බොග අතර වෙනස තාම දැනිලා නෑ නොවැ...

      Delete
  8. මාත් වැටුනනේ බං බස් එකෙන් ඕලෙවල් විභාගේ දවසේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් එකයි මේ රටට ලැබෙන්න හිටි හොද දොස්තර මහත්තයෙක් නොලැබී ගියේ..

      Delete
    2. ඒක නිසාද සුදෝ ඔයාගෙ අනාගත කඩඉම් සියල්ල වෙනස් උනේ...උඹ හිතාමතාම වැටුනද කියලත් මට සැකයි...විභාගෙ මග අරින්න...

      Delete
  9. බස්වල යනකොට වෙන්න තියන දරුනුම දෙයක් තමා ඕක.පෙර පිනකට බේරිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි...ඉදිරි දොරටුවෙන් යන බස් එකකට නගින්න පොර කන එක හරිම ගොන් කමක් තමයි...

      Delete
    2. ඔන්න මේ කොමෙන්ටුව කියවලා මට බනිනවා හෙම නොවෙයි...... මේ අපි a/l කරන්න ගත්ත පලවෙනි අව්රුද්දෙ අපේ පොරක් ලගපාත ඉස්කෝලෙක ගැල්ළමයෙක්ගේ පස්සෙන් යන කාලේ. පාසැල වෙනුවෙන්ම තියෙන school බස් එකේ නොගිහින් අර ගෑනු ළමයත් යන බස් එකේම අපි කට්ටිය යනවා අපේ කොල්ලට හෙලුප් එකට..... එක දවසක් මු කියනවා මෙච්චර දවසක් ගිය කෙල්ල බලන්නේ වත් නෑ මේකට මොකද කරන්නේ කියාපල්ලකෝ කියලා.... ඔන්න අපිත් එක්ක හිටපු මහාදැනමුත්තෙක් උපදෙස් දුන්නා කෙල්ලෝ ටික පිටිපස්සෙම සිට එකේ වාඩිවෙලා එනනිසා අපි එන පාරේ තියෙනවා පටු පාලමක් ඕකට බස් එක දන්නා කලින් අනිවාර්යෙන් ස්ලෝ වෙනවා ඔතනින් දුවගෙන ඇවිත් නගපිය පුඩ් බෝර්ඩ් එකට කියලා (එතකොට කොන්ද අනිවා කගනවා එහෙම නගින එවුන්ට) ඊට පස්සේ ඉදන් ඔක්කොගෙම පුල් අටෙන්සන්නේ කියලා... කොල්ලත් කියපු විදියටම කරන්න ගියා අපි ඊට කලින්ම බස් එකට නැගලා බලන් ඉන්නවා අප්පට සිරි අපේ එකාට පොල්ල අහු උනාට නගාගන්න බැරි උනා .... දැන් මු දුවනවා රිලේ එකට වගේ .... කොන්දා මර ලතොනියයි දන්නා සත්තු ඔක්කොගෙම නම් කියලා සිද්දිය මලල අපිට ඇතුලේ එකම සැණකෙලියයි වැඩේ කියන්නේ අන්තිමට අපේ එකා වැටුනා අපි හිතුවා මු ඊලග බස් එකේ එයි කියලා ඒ නිසා ඉස්කෝලේ ගිහිල්ලත් වැඩේ ඈට් කොර කොර පෙන්නුවා අනික් එවුන්ට හවස තමයි දන්නේ මුට බරපතල තුවාල කියලා මාස 3ක් හිටියා ඉස්පිරිතාලේ

      Delete
    3. බොලාලත් මාර යාලුවො නොවැ...කොල්ලගෙ හිත දෙගිඩියාවෙන් ගැහිච්ච නිසා වෙන්න ඇති නැග ගන්න බැරුව ගියේ...අර මාස 3 ඉස්පිරිතාලෙ ලැගලා එනකොට ෂුවර් එකටම කෙල්ල වෙන එකෙක්ට සැට් වෙලා ඉන්න ඇති...

      Delete
  10. උඹේ පෝස්ටුවත් හරි... අන්තීම අවවාදෙත් හරි..

    ලංකාවේ මිනිස්සූ හරි සුහඳශීලී කාරයශීලී උන් කියන්නේ පට්ට බොරු.. බස් එකක් කෝච්චියක් නවත්තන්න ඉස්සෙල්ලා ගාල කඩා ගත්ත හරක් වගේ එල්ලෙන්නේ.. සීට් එකක් අරගෙන නිදාගෙන යන්න.. පිටරටවලදි වාහනයක් නිදාගෙන යන උන් හොයන්න නෑ.. එක්කෝ පොතක් පත්තරයක් කියවනවා.. නැත්නම් තමන්ගේ පාඩුවේ යනවා.. ජැක් ගහන්නෙත් නෑ.. අනික ෆුට් බෝඩ් යන එක..කෝච්චියේ ඇතුලේ ඉඩ තිබුනත්.. ෆිට්බෝඩ් එකෙයි අරහෙයොමෙහෙයි එල්ලිලා යන්නේ වවුලෝ වගේ..

    උන් වීරයෝ වගේ ගියාට, මට නම් පේන්නේ ගොන් හරකෙක් එල්ලිලා යනවා වගේ.. අපෙත් ඔහොම වයසක් තිබුනා.. ෆිට් බෝඩ් එකේ ගියත්.. එල්ලිලා ගියේ නෑ..

    දවසක් අපේ ස්කූල් බස් එකට කළිතෙලුයි, ගූයි මික්ස් කරලා ඇදලා ඇරියා ගුරුකුලේ කොල්ලෝ සෙට් එකක්.. මම අනික් උන්ට කවර් වෙලා බේරුනා.. අනික් උන් ගාව නම් සති ගනන් ජීවන සුවඳ තිබුනා...

    ReplyDelete
    Replies
    1. මම දන්න විදිහට ඩුබායි මෙට්‍රො එකේ නිදාගෙන යන්න තහනම්. අහුවුනොත් දඩ ගහනවා. කෝරාළේ, එහෙම නේද ? අනිත් රටවලත් ඔය වගේ නීති ඇති සමහර විට.

      Delete
    2. මම නම් අහල තියෙන්නෙ උසාවියක් ඇතුලෙ වාඩිවී නිදාගත්තොත් තමයි දඩ...
      ප්‍රවාහන සේවා වල ගමන් ගන්න අය නැප් එකක් දා ගෙන දඩ ගහනවා නම් අල්ලගෙ මෑණියන්ට හෙන ගහන්න ඕන බං....

      Delete
    3. බොලේ ගුරුකුලේ එහෙමත් ගැන්සි තිබ්බද ? ඉතිං බොලාලා රිටර්න් එකක් එහෙම දුනනෙ නැතැයි...

      සමහර කොල්ලො ඇතුලෙ ඉඩ තියාගෙන ඉල්ලිලා යන්නෙ ඇත්තටම වීර කම පෙන්නන්න කෙල්ලන්ට..මේකට සමාන අනිත් එක තමයි කෙල්ලෙක් දැක්කම ගගේ /මූදෙ/ වැවේ නාන කොල්ලො වැඩ පෙන්නන්න ගොස් විහින් නැසීම.

      විදේශ රටවල් වල වගේ අපේ රටෙත් දුම්රිය / බස් රථ වල ස්වයංක්‍රීය දොරටු දැම්මා නම් මේ කාරණය අහෝසියි...එහෙම කරන්න නම් විධිමත් හා ප්‍රමාණවත් ප්‍රවාහන සේවයක් ජනතාවට සපයලා දෙන්න වෙනවා. මොකද පා පුවරුවෙ කීයක් කියලා යනවද...

      Delete
    4. //////බොලේ ගුරුකුලේ එහෙමත් ගැන්සි තිබ්බද ? ඉතිං බොලාලා රිටර්න් එකක් එහෙම දුනනෙ නැතැයි...///////////

      පිස්සුද සිරා රොයල් එකේ එවුන් මාතරදී වගේ උන් උන් ගහගන්නවා වගේ රිටන් දෙනවා වගේ කැත වැඩ කරන්නේ නැහැ.

      Delete
  11. ඔය බස් එක පට්ට උසයි නේද බං. ඔය ජාතියෙ කහ පාට බස් තියෙන කාලෙ අපෙ පැත්තෙ මිනිහෙක් ඩ්‍රැයිවර්. පොරට කිව්වෙ කහ කුරුල්ලා කියල. ඔකෙන් වැටිල බේරුනාද උඹ. කොට නිසා තවත් අමාරු වෙන්න ඇති :ඩී

    ReplyDelete
    Replies
    1. // ඔකෙන් වැටිල බේරුනාද උඹ. කොට නිසා තවත් අමාරු වෙන්න ඇති//

      ඇයි උඹ මට වඩා උස ගිහින්ද දැන්...කියන්න බෑ හැබෑටම...කසාදෙත් ලග නිසා මේකා පේර අත්තකවත් එල්ලිලා උස ගියාද කියලා...

      Delete
  12. අපොයි මම නම් වාහන වලට පුදුම බයක් තිබ්බෙ පොඩි කාලෙ ඉඳලම..ඒ නිසා පරිස්සම් උනා උපරිමයෙන්..තාමත් වාහන ඇක්සිඩන්ට් වෙලා නෑ...

    ReplyDelete
    Replies
    1. මටත් පා පැදි අනතුරු මිස වෙන අනතුරකට තියෙන්නෙ මේක විතරයි...අපි ඉතිං කොච්චර හොදට ගියත් එහා පැත්තෙන් එක මී හරකෙක් ආවොත් අනතුරක් තමයි...

      Delete
  13. එක පාරක් මාත් මහරගම ටවුම මැදම හොද බල්ටියක් ගැහුව.වෙලාවට පිටිපස්සේ දොරෙන්,එකත් එල්ලෙන්න ගිහින් තමා...හැබැයි එහෙම උනා කියලා එල්ලෙන එක නතර කරන්න පුලුවනැ......

    ReplyDelete
    Replies
    1. එල්ලෙන එක නතර කරන්න බැරිම නම් ගොයියො පිටිපස්සෙ දොරෙන්ම එල්ලෙන්න ට්‍රයි කොරන එක තමයි හොදම වැඩේ....

      Delete
  14. eay kale foot-board eke ellila yanawa kiyane loku vira kamak. uba parana pinakata barila tiyanne.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ඉතිං පාපුවරුවෙ නොගිය කොල්ලෙක් හිටියා නම් ඒ ගෙදර වාහන වල විතරක් ගමන් බිමන් ගියපු එකෙක්..පෙර පිනකට තමයි බේරුනේ...ඒක ඇත්ත...

      Delete
  15. මම නම් බස් එකේ යනකොට කැමතිම ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන්ඩ.. ඒත් මේක දැක්කහම බයත් හිතෙනවා ෆුට් බෝඩ් වල එල්ලිලා යන්ඩ..

    ReplyDelete
    Replies
    1. එල්ලිලා ගියාට අවුලක් නෑ අත් දෙකේ හයිය එක්ක හිතේ හයියත් හොදට තියෙනවා නම්...ඉදිරියට එන බාධක ගැන අවධානයත් හොදට තියෙන්න ඕනෙ...නැත්නම් බස් එක යයි...කොල්ලා බිම ඉදියි...

      Delete
  16. අයි බන් මතකද අර කෙල්ලෙක් කෝච්චියේ හැප්පිලා කිසිම අආරුවක් නැතුව නැගිටලා අපූරුවට ගිය සීන් එකකුත් තිබුනේ . මමත් එකපාරක් ලන්ගමෙන් ගැහුවා බල්ටියක් රාජගිරියේ පාර මැද්දේ . කට්ටිය බනිනවා වටේ හිටපු එවුන් ඔසේට ,

    ReplyDelete
    Replies
    1. කෝච්චියට හැප්පිච්ච සිද්දිය මමත් දැකලා තියෙනවා...යකඩ ගෑණියෙක්..නැත්නම් විනාඩි 5 යද්දි ආයෙමත් නැගිටීවිද.....උඹට සැට් එක බනින වෙලේ මොකද හිතුනෙ...බස් එකට යට උනා නම් මීට වඩා සැපයි කියලා හිතුනද ?

      Delete
  17. අම්මෝ කකුල් දෙක බේරුන එක ගැන මටත් හිතාගන්න බෑ....හිත කීරි ගැහිලා ගියා...මදැයි ඔයින් ගියා ,

    අපේ සර් ඔය වගේම තමයි...පන්තියට පරක්කු වෙලා කෙල්ලො එනකොට කොල්ලන්ට කියනවා " ඔන්න කොල්ලනේ සූ ගාපල්ලා ඇතිවෙන්න,ඕනනම් අර වන යන පස්ස දිහාත් බලපල්ලා කියලා" කොහොමද ළමයි පිරිවර මැද්දේ යකඩ කටින් එහෙම කියද්දි තියන සනීපේ..." කෙල්ලෝ නෙවෙයි ඉතිං ආයේ පරක්කු වෙලා එන්නේ...

    කොල්ලන්ට උනත් එහෙම තමයි පරක්කු වෙලා ආවොත් හොඳ නෝන්ඩියක් දෙනවා..

    අර කෝච්චි පඩිය කැඩිලා වැටුන තරුණයා ගැන ඒ දවස්වල මාත් කියෙව්වා...වීඩියෝ නම් නරඹන්න බෑ මට....ලේ දැක්කම අප්සට්...අර මංජුලාට වගේ

    ReplyDelete
    Replies
    1. ඕගොල්ලන්ගෙ සෑර් හරි කථානෙ කියලා තියෙන්නෙ...පස්ස දිහාත් බලන්න කිව්වද ? එතකොට කෙල්ලො හොදට පස්ස නලවලා යන්න ඇති නේද ?

      කොහොම හරි මංජුලා පස්සෙ කාලෙක මගේ හිතවතෙක් වෙන දොස්තර මහත්තයෙක් තමයි බැදගත්තෙ...දැන් නම් ලෙඩේ හොදවෙලාද දන්නෙ නෑ...

      Delete
  18. අඩේ මමත් ඔහොමම වැටිල තියෙනව..... අම්බෝ... හිතට එන මෙවුව එක ඒ වෙලාවෙ....

    ReplyDelete
    Replies
    1. වැටිලා තත්පර කිපයක් ගියාට පස්සෙ තමයි මොකද උනේ කියලා හරියට වැටහෙන්නෙ...එහෙම නේද කොලුවො...

      Delete
  19. සිරා පුදුම බේරිල්ලක් බේරිලා තියෙන්නේ... සිරා මම ඉස්කෝලෙ යන කාලේ තිබ්බා GM34 බස් එක. ඕකේ ඩ්‍රයිවර් සහ කොන්දා ඉස්කෝලෙ ළමයි එක්ක මාර මල... ගොඩක් වෙලාවට ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට ඉස්කෝලෙ ලඟ නවත්තන්නේ නෑ. ට්‍රැෆික් එකට අහුවෙලා ස්ලෝ උනොත් අපි ගිහින් එල්ලෙනවා. මාත් ඕකේ එල්ලෙන්න ගිහින් වැටිලා තියනවා. අනික බස් එක නවත්තන්න කලින් ෆුට්බෝඩ් එකෙන් පනින්නත් අමාරුවක් තිබ්බනේ ඒ දවස්වල. හැබැයි පුතෝ මම නම් කවදාවත් ඉස්සරහා ෆුට්බෝඩ් එකෙන් නම් ඕවා ට්‍රයි කරන්නෙ නෑ... පස්සෙ එකෙන් වැටුනත් ඉතින් ලොකූ අවුලක් නැහැ..

    අපේ පන්තිවල ලමයෙකුත් ෆුට්බෝඩ් එකේ යනකොට, බස් එක ට්‍රැක්ටරයක් ඉස්සර කරන්න ගිහින් අර ළමයා ට්‍රැක්ටරේ වැදිලා වැටිලා ට්‍රැක්ටරේට යටවෙලා දරුණු විදිහට කකුල තුවාල උණා.

    මම ඊට පස්සෙ ගිය ඉස්කෝලෙදි (නාරම්මල සෙන්ට්‍රල්) මගේ හොඳ යාලුවෙක් ෆුට්බෝඩ් එකේ ගිහින් බස් එක පෙරලිලා ඒකට යටවෙල මැරුණා.

    ReplyDelete
    Replies
    1. බස් ගැන කථා මෙතනින් ඉවර නෑ..ඔබ කිව්වා වගේ අතීතයක් මටත් තියෙනවා...ඒ කාලෙ ඒ කිවේවෙ කොන්දොස්තරලා වගේම ඩ්‍රයිවර්ලා එක්කත් වලි දාගත්ත අතීතය ගැන විස්තර ඉදිරියට ලියන්නම්...අර බස් එක පෙරළිලා මැරුණු යාළුවා නම් හරිම පවු කියලා හිතුනා...

      Delete
  20. සිරා මාර බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ. හොඳම දේ ඔය වගේ එල්ලෙනවනං පස්සෙ එකේ එල්ලෙන එක. එතකොට බස් එකට යටවෙන්න තියෙන හැකියාව අඩුයි.
    මාත් එකපාරක් ඔහොම කට කපල තිබ්බ ජර්නි බස් එකක දොරේ තියෙන චූටි පොලු කෑල්ලෙ ඉල්ලිලා ආව. බස් එක වංගු ගන්නකොට අල්ලගෙන ඉන්න මාර අමාරුවක් තිබුණෙ. කොහොම හරි එදා බෙල්ල කඩාගන්නැතුව බේරුනා.

    අපේ ඉස්කෝලෙ කොල්ලෙක් ඔහොම බස් එකෙන් එළියට විසිවෙලා සති තුනක් විතර සිහි නැතුව කොළඹ ඉඳල යංතං ජීවිතේ බේරගත්ත.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා ඉස්සර දුම්රියෙන් කොළඹ වැඩට යද්දි...එක්ස්ප්‍රස් කෝච්චි වල එල්ලුනාම ඉතිං අත අත අරින්නයැ....කාගෙන යන්න වෙනවා ආයෙ නවත්තන තැනක් එනකං...මම ඉස්සර ගියෙම නුවර ඉදන් එන සීඝ්‍රගාමි දූම්රියේ...ඒක උදේට ගම්පහ නැවැත්තුවට පස්සෙ ආයෙ නවත්තන්නෙ මරදානෙ...සිග්නල් ටිකත් ලස්සනට වැඩ කලොත් අමාරුවෙන් එල්ලිලා ගිය එකෙක්ට දෙවියන්ගෙ පිහිටයි....

      Delete
  21. අඩේයප්පා!!!1

    එදා අයියණ්ඩියා වලකජ්ජ ගහලා තිබ්බා නම් එහෙම,

    අද සිරා අයියගේ යාලුවෙක්ගේ බ්ලොග් එකකින් මේ සීන් එක කියවන්න තිබුණා!

    // බස් රථය සමග ඉදිරියට ඇදිල ගිය අසරණ සිරාට එක්වරම සිහි උනා පොල්ල අතඇරිය යුතු බව... පොල්ල අත ඇරිය සැනින් එකතැන කැරකිලා වගේ මගේ කකුල් දෙකම බස් රථය අස්සට ගිය බව මට දැනුනා...පිටි පස්සෙ රෝද ද්විත්වය දැන් දැන් කකුල් දෙක උඩින් යයි කියලා හිතුනත් අන්තිම මොහොතෙ කුමක් හෝ යමක වැදිලා මාව එළියටම විසි උනා.//


    හොඳටම ෂුවර් ද එදා අතට අහුවුනේ පාපුරුවේ පොල්ල බව.....?

    පාපුරුවේ කවුරුත් හිටියෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. උඹ කුඩු ගහලද බොල පෝස්ටුව කියෙව්වෙ...ඒකෙ සිංහලෙන් ලියලා තියෙන්නෙ බලු මැක්කො වගෙයි සැට් එක එල්ලිලා හිටියෙ කියලා...

      Delete
    2. @ සිරා බයියා!

      හික්z!!

      එහෙනම් කතා දෙකක් නෑ අයියණ්ඩි! එදා අතට අහුවෙලා තියෙන්නේ පාපුරුවේ පොල්ල නෙමෙයි..!

      Delete
  22. ඇගම හිරිවැටිලා ගියා නොවැ.
    ඉතිං ඉතිං අර මුලින්ම ඔලුව අතගාලා බලපු වෙලේ ඔලුව එතනම තිබුනැයි?
    ;-)

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ ඔලුව එතනම තිබුනා නොවැ...කකුල් දෙකත් ඒ විදියටම තිබුනා...

      Delete
  23. බුදු අම්මෝ 99 න් බේරුනා නේද....

    ReplyDelete
    Replies
    1. 99 යි දශම ගානක් කිව්වත් වැරදි නෑ...එදා එහෙම නොවුනා නම් අද ඇවිදගන්න බැරි අබ්බගාතයෙක් වෙන්න ඉඩ තිබුනා.

      Delete
  24. බස් කියන්නෙ ඉතින් ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක් නොවැ :)

    ReplyDelete
    Replies
    1. අනේ බස් නැතුව නම් බෑ...එහෙම උනොත් කොහොමද ලව් මුල්ලෙ ජෝඩු ලව් කරන්නෙ...අර කථාවක් තියෙන්නෙ ඉන්ටර්සිටියක ලව් මුල්ලෙ ගියොත් ජීවිතයේ සුන්දරත්වයද , රියදුරු ලගම අසුනක ගියොත් ජීවිතයේ අනියත බවද දැන ගන්න පුලුවන් කියලා....

      Delete
  25. වැඩක් නෑ කියල. මම ආසම බස් එකක්. ඉස්සර අපේ බල්ලා අපිත් එක්ක බස් හෝල්ට් එකට ඇවිත් අපි බස් එකට නැග්ගම තමා ගෙදර යන්නේ. දවසක් බස් එකේ වැඩිය සෙනග නැති දවසක ඔය ඩිමෝ බස් එකකට ඌත් නැග්ගා. අන්තිමේ මමයි ඌයි දෙන්නම බැස්ස අතරේ බස් එක ගියා.

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකටම ඩැයිවර් මාමට කොල්ලයි බල්ලයි දෙන්නා පැටලෙන්න ඇති...උඹට තිබ්බෙ ඌව වඩාගෙන බස් එකට නගින්න රෙද්දකින් ඔතාගෙන...එතකොට කවුරු හරි සීට් එක දෙන්නත් ඉඩ තිබ්බා..

      Delete
  26. සිරා..ඔබ නම් වාසනාවන්තයෙක්....

    මම ඉස්කෝලේ යන කාලෙ ඔය විදිහටම යන බස් එකෙ එල්ලෙන්න ගිහිල්ලා ෆුට් බෝර්ඩ් එකෙන් වැටුනා.

    කකුල් දෙකම ගියා අස්සට..කොහොම හරි එක කකුලක් ඇදලා ගන්න තරම් ෆිට් එකක් තිබ්බා. ඒත් අනිත් කකුල (දකුණ ) යට උනා පස්සේ රෝදෙට.

    දනිස්සයි, ඉනයි අතර කකුලෙ ඇටෙ කුඩු උනා. කැඩුනා නෙමෙයි.... කුඩු උනා.

    අවුරුදු තුනක් විතර දුක් විදලා...සැත්කම් හතරක් කරලා තමයි ගොඩ ගියෙ..

    තාමත් ඒ හරියෙ ඇට වලට වඩා තියෙන්නෙ තහඩු සහ ඇණ.

    ඒ අත්දැකීම් ගැන නම් මතක් වෙනකොටත් නිකන් කැරකිල්ල වගේ.

    හිතන්න, බලාගෙන ඉද්දි බස් එකක් තමන්ගෙ කකුල උඩින් යද්දි.

    බස් ස්ටෑන්ඩ් එකේ හිටපු ටීචර් කෙනෙකුත් ක්ලාන්තෙ දාලා වැටුනා සිද්දිය දැකලා.

    අන්තිමට දෙන්නම එකම වාහනේ තමයි ඉස්පිරිතාලෙට ගෙනිච්චේ.

    ජීවිතේ පටන් ගන්න කොටම වෙච්ච මේ ප්‍රශ්නෙ නිසා උ/පෙ හරියට කරගන්න බැරි උනත් එතනින් එහාට ජීවිතේ ගොඩනගාගන්න ලැබීම ගැන ස0තෝසවෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඇල්බන් උඹේ කතාව අහලා මාත් හිරි වැටිලා ගියා, බං. බස් එකෙන් වැ‍ටුනාම වෙන්න තියෙන නරකම දේ තමයි ඒ බස් එකටම යටවෙන එක. ඒකයි පස්ස ෆුඩ්බෝඩ් එකෙන් පැනපල්ලා කියන්නේ පනින්නම ඕනේ නම්. එතකොට අහුවෙන්නේ පස්සෙන් එන වාහනේටනේ. :)

      කකුල පොඩ්ඩක් කොටවුනේ හෙම නැද්ද?

      Delete
    2. ඒක තනි දොරේ බස් එකක් හෙන් රි.

      කකුල කොට වෙයි කියල හිතලා ඩොක්ටර් නිර්දේශ කරලා තිබ්බා යකඩ වලින් හදපු ෆ්‍රේම් එකකට කකල දාලා තියන්න. මාස 2 ක්. ඒකෙදි කකුල ඇදලා තියෙන්නෙ. දවස් 7න් 7ට පොඩ්ඩ..පොඩ්ඩ ඇදල තියෙන ගැටෙ තද කරනව. මේක දැම්මම හෙල්ලෙන්නවත් අමාරුයි. හිතන්න දඩුකදේ ගහලා මාස 2 ක් තිබ්බොත්. මාර දුකක් වින්දේ.

      දැන්නම් කකුල කොට නැහැ. ඒත් දනිස්ස ලගින් නවන්න පුලුවන් අ0ශක 90 ක් විතරයි.

      එකේ රග තේරෙන්නෙ වළ කක්කුස්සි විතරක් තියෙන තැනකට ගියාම. ඇයි බාගෙට හිටගෙන රෙ_ _ පුලුවන් කාටද?

      Delete
    3. මං දන්නා කෙනෙක්ටත් ඔහොම සිද්දියක් වුණා.හැබැයි දනිස්සෙන් පල්ලෙහා කොටසට.
      තමුන්ගේ දුව යුනි සිලෙක්ට් වෙච්ච සතුටට පොඩි ෂොට් එකක් දාල යනගමන් ,හිතට ආව කොලුකමට බස් එකෙන් පැනල.ඉස්සරහ දොරෙන් පැන්න.පස්සේ රෝද දෙක කකුල උඩින් ගියා...
      අවුරුදු ගානක් සතුට සැමරුවා ඉතිං.....

      Delete
    4. බොහොම කණගාටු දායක පුවතක් ඇල්බන්...මට බොහොම කණගාටුයි ඔබට සිදු වූ කරදරය පිළිබද...මටත් ඔය අත්දැකීම ලබන්න තිබුනා තව දශමයක් එහා මෙහා උනා නම්...දැන් කකුල පෙර පරිද තියලා ඉදිනෙදා කටයුතු කරගන්න පුලුවන්ද ? දුවන්න එහෙම පුලුවන්ද ? මේ අදහස් හිතට අරන් කොල්ලනේ හැදියව්...පේනවනෙ විදලා තියෙන දුකක්...

      Delete
    5. ඈ බං සිරෝ..ඒ අතින් අපි මාර ලකී නෙ....A/L කාලෙන් පස්සෙ වැඩිය බස් වල යැවුනෙ නෑ......හැබැයි බස් එක්ක රේස් ගියා...ඒ ලෙඩෙත් පස්සෙ හොඳ උනා යාලුවෙක් බලන්න Accident ward ගියාට පස්සෙ....

      Delete
  27. අද තමයි උඹේ කොලු දැගලිලි ලිපියක් කියෙව්වෙ.
    දෙසැරයක් කියවල එක එක කොටස් ගෙන හැර පාන්න තරම් හිතුනත් එහෙම නොකලා.
    අද ඇත්තටම රසයි ලිපිය...මචෝ...සොරි ...මල්ලියා...

    ReplyDelete
    Replies
    1. රස නැති දවසට රස නෑ කියලා කෙලින්ම කියහං කෙන්ජයියෙ...මම ආසයි කෙලින් ලැබෙන කමෙන්ට් වලට...

      මීට කලින් තැඹිලි මෙහෙයුම ගැන ලියපු එකෙත් දැගලිල්ලක් නේද තියෙන්නෙ...

      // මචෝ...සොරි ...මල්ලියා...///
      තරමක් අනුමත වෙලාද හිටියෙ මේක කොටනකොට.....හක හක...

      Delete
  28. ගම්පහට රටකජු ගොට්ටක දුර, බස් එකක් එනකන් පැයක් හිටියද ?
    මම ඉස්කෝලෙ ගියේ කෝච්චියේ දවසක් කොල්ලෙක් සිග්නල් කණුවක වැදෙනවා දැකල එදා ඉදන් පුළුවන් තරම් ෆුට් බෝඩ් එකෙන් ඇතුලට යනව.

    ReplyDelete
    Replies
    1. මට රටකජු ගොට්ටකට වඩා දුර තියෙනවා අයියෙ...කිලෝමීටර් 5 කට විතර කිට්ටුව දුරක්...ඉස්සර දාරළුව සහ ගම්පහ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට ආසන්නව තිබ්බ සිග්නල් කණුවක් අයින් කලා ඒකෙ වැදුනු 17 වෙනියත් මරණයට පත් වුනාට පස්සෙ...17 වෙනියා අපේ පාසලේ කොල්ලෙක්...

      Delete
  29. පාරේ යනකොට නම් හරිම පරිස්සමින් යන්න ඕනේ..බස් වලට නගිද්දි වගේම බහිද්දිත් හරිම කල්පනාවෙන් තමයි කරන්න ඕනේ..

    ලිපියෙන් ඒ අවදානම ගැන ආපහු කට්ටියට මතක් කරල දුන්නට සිරා අයියට ගොඩක් පින්....

    ReplyDelete
    Replies
    1. මේ වගේ වැරදි නගාලා අතින් එච්චර වෙන්නෙ නෑ...මොකද ඉතිං ඕගොල්ලො යන බස් වල එල්ලෙන්න යනවා කියලයෑ...ඒත් පදිකයෙකු ලෙස ඕනෑම තැනක යන විටකදි සැලකිලිමත් වීම තමන්ගෙ ජීවිතය රැකගන්න රුකුලක්...

      Delete
  30. අපොයි සිරා කොලුවට වෙච්ච විත්තිය. බස් කාරයෝ ඔහොමමය් බන්......

    ReplyDelete
    Replies
    1. බස් ඩ්‍රැයිවර් මක්ක කොරන්නද බන් ඇගිල්ලක්වත් ගහන්න ඉඩක් නැති බස් එකක නගින්න අපි පොරකෑවට....ඒ අසුනෙ එදා මම හිටියත් ඒ වැඩේම තමයි කොරන්නෙ...

      Delete
  31. දවසක් ජෙමා ඉස්කෝලෙ ඉස්සරහම ගම්පහ පොලිස් ජීප් එකට යටවෙන්න ගියා...බැන්න අප්ප කුණු හබ්බෙන්..අම්ම මෝ නැතුව...පැටිය කාලෙ හින්ද කියපුව සමහරක් තේරැණෙත් නෑ...සිරෝ..

    ReplyDelete
    Replies
    1. උඹත් යකෝ වෙන වාහන නැතුවද පොලිස් වාහනයකටම පැන්නෙ...පැටිය කාලෙ හින්දා හොදයි..අද වගේ හැප්පුනා නම් ජිප් එක පෙරළෙනවා උඹේ ඇගේ සයිස් එකට...

      Delete
  32. මම වැටිලා තියෙනවා කොච්චියෙදී..ඒ ඇවිල්ල මම හය වරේදී..කෝච්චියෙ යනව කියන්නෙ මර ගති..කොහොමහරි ලොකු සෙට් එක කරනව වගේ නවත්තන්න කලින් මමත් පැන්න..හැබැයි මම පැන්නෙ කෝච්චිය යන පැත්තට නෙවෙයි අනිත් පැත්තට..මොකුත් වුනේනම් නැහැ..හොදට පස්ස පැත්ත වැදුන..තාම මතකයි..මතක් වෙනකොටත් රිදෙනව...

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තට පැන්නොත් පුතේ සොරිම තමයි...අපි වතාවක් නුවර යද්දි දුම්රියෙන් අපේ නගා කොල්ලත් ඔය විදියටම පේරාදෙණිය ඉස්ටේෂමේදි පැනලා වැටිලා...අපි දන්නෙත් නෑ...දුම්රිය නියාමක අපේ ලගටම ඇවිල්ලා අරූට බනිනකොට තමයි අපි සිද්ධිය දැන ගත්තෙ...

      Delete
  33. මේ කතාව කියවනකොට නම් බය හිතුණා. මාර මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ... :(

    ReplyDelete
    Replies
    1. ඔය මෝඩ වැඩක් කියනවා...අරහෙන් පැය 6 ක ගණිත පන්තිය...ඊට අමතරව සීදේවි දැරිවියො ටික...අතක් පයක් ගැලවුනත් පන්ති යන්න තමයි ඒ කාලෙ අපේ කැමැත්ත...

      Delete
  34. ඇග කිලිපොලා යන ත්‍රාසජනක අත්දැකීමක් නෙවැ බං, ඔයින් ගියා මදැයි ..කකුලක් එහෙම යට උනානම් කොමද ...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බන්...එහෙම උනා නම් විදින්න තියෙන දුක්ඛ දෝමනස්සයන් ගැන අර ඇල්බන් ගොයියා උඩින් ලියලා තියෙන්නෙ...හරිම කණගාටුදායකයි නේද බන් ඒ කථාව...

      Delete
  35. ඔය බස් එක ස්ලො වෙද්දීම ඒකෙන් පනින අමාරුව හන්දා මාත් දෙපාරක්ම වැටිලා තියෙනවා.. දැන් නම් ඉතින් බස් ගමනක් නැති හන්දා දෙයියනේ කියලා ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. මම ඒ විදියට නම් වතාවක් දුම්රියෙනුත් පැන්නා ඒක ඒ ඉස්ටේසුමේ නැවැත්තුවෙ නැති හින්දා...එදත් දෙපැත්තට වැනිලා වැනිලා තමයි අන්තිමට ඇග කෙලින් කරගෙන නොවැටි බේරුනේ...

      Delete
  36. අම්මටසිලි මට මතක් උනේ ඔය විදිහටම දුවන බස් එකක එල්ලෙන්න ගිහින් මගෙත් කකුලට වෙච්ච ඇබැද්දියක්. එදානම් දනිස්සෙන් පාත සෑහෙන්න ටිකක් තුවාල උනා :(

    ReplyDelete
    Replies
    1. උඹත් කූරියා ගැහුවද මලේ...හරියටම මම බිම පතබෑ වුනා වගේ...

      Delete
  37. ඔබගේ සටහන ඉමහත් ආශාවෙන් එක හුස්මටම කියැවූයෙමි.හරිම රසවත්.ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...මමත් ඒ පැත්තෙ එන්නම් වෙලාවක...ස්තූතියි අදහසට..

      Delete
  38. උබ මාරකයක් පැනල නේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...දැන් නම් සිරා ඉතිං පිං අතේ වැඩ වලටම දායක වෙන නිසා ලබන ආත්මෙත් එහෙම චෑන්ස් වදීවි....

      Delete
  39. එහෙනම් උඹත් බස් බල්ටියක් ගහලා ඈ...මමත් ඔය වගේම එකක් ගැහැව්වා ආඬිඅම්බලම හන්දියෙදි...මමත් ඔය පොල්ල අල්ලගත්ත ගමන්ම ඩ්‍රයිවර් උන්නැහේ ඊයෙ යන්ට තිබුන ගමනක් දැන් යනව වගේ යනට ගත්තෙ නැතැයි....මගෙ අත නම් හිර උනා...ගැලවුනෙ මීටර් 150 ක් විතර ගිහින්....බෙල්ට් එක ගෙවිලා තිබුනා... සපත්තු වල කෑලි....කලාපෙ වැඩට යන්න හිටපු අක්කල නංගිලා විලාප තියනවා....වාහන කාරයො හෝන් නැති කරනවා...එක විකාරයයි...ඒත් බස් එකේ උන් දන්නෙ නෑ ..උන් ගියා...මම බිම....දනිස්ස සීරිලා තිබුනා...කකුලෙ නියපොතු දෙක තුනක් ගැලවිලා තිබුනා...පාර අයිනෙ තිබුන වැලි වලින් සැහෙන ප්‍රමානයක් අනිත් අතේ අල්ල ඇතුලෙ හිරවෙලා තිබිල ගත්ත ...එච්චරයි...මම කෙලින්ම ගෙදර....අනිත් දවසෙ උදේ තමයි හොඳම ආතල් එක හම්බ උනේ.....

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම හරියට සිත්තර පටියක් වගේ නොවැ...ඔච්චර දුරක් ඔහොම ඇමිනිලා ගිහින් ඔය විදියට බේරුන එකම මදැයි අතක් පයක් කැඩෙන්නෙ නැතුව...ඩැයිවර් මාමට ආදරෙන් කථා කලාද බස් එක නතර කොලාට පස්සෙ....

      Delete
    2. මොන....ඒකා දන්නෙත් නැතිව ඇති....මචං අර මීටර් ගාන 150 නෙමෙ මීටර් 50...මමත් 1 දැක්කෙ පස්සෙ....අච්චර දුර ගියා නම් අත ගැලවෙනවා...මගෙ වෙලාව තමයි බං...

      මම ගම්පහ ක්ලාස් එන කාලෙ මිනුවන්ගොඩ - ගම්පහ දුවපු තනි දොර FUSO බස් එකක් තිබුන, දවසක් ෆුට්බෝඩ් එනකොට එලියෙම හිටිය උන් එල්ලිලා හිටියෙ එකේ තියෙන ලොකු Side mirror glass එකේ..එක තැනකදි ගහපු පාරට ඒක ගැලවිල අපි 5-6ක් ම බිම....යන ගමන් ගැලවුනා නම් සොරි තමා....

      Delete
    3. මමත් ඉස්සර ලේලන්ඩ් බස් වල ඔය දැවැන්ත පැති කන්නාඩිය එක අතකින් අල්ලගෙන අනිත් අත පා පුවරුවෙ පොල්ල අල්ලගෙන වම් පැත්තෙ කකුල බස් රථයෙ බෆර් එකේ තියාගෙන පාසල් ගිය කාලයක් තිබ්බා...ඒ දාංගලේට නෙමෙයි..සීසන් ටිකට් තිබුන අපිට ඒකෙම යාම අත්‍යවශ්‍ය වීමත්...අපේ හන්දියට එන සෑම බස් රථයක්ම උදේට කට කපා පැමිණීමත් යන කාරණා නිසා...

      Delete
  40. හෆොයි මං ඒ ලෙවෙල් කොරන කාලේ මාතර ටව්න් එක මැදදී ඔහොමම සීන් එකක් වුනා, යන්තම් යාලුවෙක් ගේ ගෙදරට ගිහින් බෙහෙත් දාගත්ත , ගෙදරට කිව්වේ බයිසිකලෙකට හැපුන කියල

    ReplyDelete
    Replies
    1. අපරාදෙ....ගෙදර තොරතුරු තිබුනා නම් මේ කමෙන්ටුව ලිපියක හරි කොටලා එවන්න තිබුනා...පුතන්ඩියා කියලා තියෙන බොරු දෙමාපියන්ට පෙන්නන්න...මමත් ඔහොම තමයි බන් ඇතැම් සිදුවීම් වල තාර බර ඇරලා තමයි අම්මට කිව්වෙ...අපේ අම්මා හරිම භයයි අනතුරු ගැන අහන්න...

      Delete
  41. මාත් තංගල්ලේ පන්ති යන දවස් වල ඔය විදිහට ෆුට් බෝර්ඩ් එකේ තනි අතින් අර සුදු යකඩ බාර් එක අල්ලාගත්තා බස් එකත් ෆට්ට ස්පීඩ් යනවා ටික වෙලාවකින් මට දැනෙනවා අත ලිස්සන් පහලට එනවා වගේ මම මට උඩින් හිටපු එකාට කිව්වා මම වැටෙන්න හදන්නේ කියලා මු පුල් ගැම්ම දාලා ඇතුලට තල්ලු උනා ඌ විනාඩියක් හරි පරක්කු උනා නම් මම ඉවරයි එදාම ගියපු ස්පීඩ් එකත් එක්ක කෑලිත් නෑ

    මට උඩින් හිටපු එකාට මම පින් දුන්න ඌ නැතුව වෙන එකෙක් වගේ හිටියනම් මම ඉවරයි.. වැඩි පුරම අත ලිස්සුවේ උදේ ගාපු පොල්තෙලුත් අතේ තිබුනා

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේම අත්දැකීමක් තියෙනවා බං දුම්රියේදි සිද්ධ වේච්ච....උඹට උදව් කලා වගේ සුපින්වතෙක් එදා එතනත් හිටිය නිසා මම 99න් බේරුනා..නැත්නම් සිරා දකින්න ඉදීදත් සැකයි...ඊළග පෝස්ටුවක ඒ ගැන සටහන් වේවි...වැඩි කල් නොයවාම....

      Delete
    2. මටත් බොරලුට සමාන දෙයක් උනනිසා මෙතනකොටන්නම්...
      මගේ අත ලෙස්සාගෙන ඒනකොට ලැජ්ජාව පැත්තකින් තියල එල්ලිල උන්නු අයිය කෙනෙකුටමකිව්ව මාව ලෙස්සනව කියල එයා ඊලඟ හෝල්ට් එකේබස් එක නවත්තනකම්ම මාව එක අතකින් බදාගෙන ගියා බොහොම සුරක්ෂිතව මමත් අපොස..සාපෙ ලියල..උ.පෙ පන්ති යන්න ගත්ත විතරයි.

      Delete
    3. ඒ අයියා ලස්සන කෙල්ලෙක් උනා නම් මක්ක වෙයිද වීයෝ...

      Delete
    4. ඔය..ඉතිං..ලැජ්ජත් හිතෙනව...)))

      Delete
  42. http://kenjij1.blogspot.co.il/ ඔන්න බොගක් අටෝගත්තා මාත් දැන් ඇවිත් කොමෙන්ට් කරලා ෆලෝ කරලා බැනලා යන්න පුළුවන් හිතේ හැටියට

    ReplyDelete
    Replies
    1. මම දැනටම ඕකෙ කමෙන්ට් එකක් දාලා මගේ රෝලට ඇඩ් කරගෙනත් ඉවරයි...ජැපෑන් කෙන්ජි දැන් එහෙ නෙමෙයිද ඉන්නෙ...මේ ලිපිනයෙ අගට වෙන අකරු දෙකක් ආපු නිසා ඇහුවෙ... ජය !

      Delete
  43. ටිකක් පරක්කු වුණා මලේ එන්න. ඒ නිසා පොස්ට් දෙකකට හරි යන්න කමෙන්ට් කියෙව්වා. උඹ වගේ එකෙකුට එහෙම කරදර වෙන්න විදියක් නෑ. මමත් කළුතර බෝධිය ගාව ඉඳන් මැද පාර ගාවට එක්ස්ප්‍රස් බස් එකක් පාසේ දුවන් ගිහින් තිබ්බ කකුල ලිස්සුවා, දෙවෙනි පාර කොන්දා ඇදලා ගත්තා.

    ReplyDelete
    Replies
    1. මම ලංකාවෙන් පිටවෙලා මේ ගතකරන තනිකඩ ජීවිතයට පිවිසුනාට පස්සෙ මම බොහෝම මගේ ආගමට ලැදි වුනා...ඒ නිසාම හොද වැඩ ගොඩාක් කරන්නත්..නරක වැඩ නොකර ඉන්නත් මම හිත හදාගෙන ඉවරයි...පෙර ආත්මෙක කරපු කුසල කර්මයක් නිසා එදා මගේ කකුල් දෙක බේරුනා කියලයි අද මම හිතන්නෙ...ඒ තරමට මගේ කකුල් දෙක බස් එක යටට ගියා.

      Delete
  44. මගෙ අත රිදෙනවා මවුස් එක පදවලා :( මම 98 දී දෙක වසරෙ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ 98 දි 4 වසරෙ මම 99 දි ශිෂ්‍යත්වෙත් කළානෙ.. :D

      Delete
    2. නෙරංජි නගෝ උඹට වෙරිද...නැත්නම් මට වෙරිද ?

      Delete
  45. කඳුළු එනකම් හිනා ගියා පෝස්ට් එකට... අන්තිම ටිකට නම් මීටර් අවුට් ගියා.. අර වීඩියෝ එක මමත් දැක්කා ලාවට.. කකුල් දෙක තියෙනවද මචන් කියලත් අහනවා නේද ඒ ළමයා ...

    ReplyDelete
    Replies
    1. බස් ගැන තවත් කථා ඉදිරියට තියෙනවා...ඔව් ඒ ළමයා එහෙම අහනවා තමයි...හරිම සංවේදී මොහොතක්...

      Delete
  46. අපොයි...බොගේ...අතේ ඇඟිලිවල කැලැල් තියෙනව්ද...අපරාදෙ ...සැට්වේගන ආපු කෙල්ලෙක් හිටියොත් දීගෙ අතහරීවි රූපලාවන්‍ය අප්සෙට් කියල.:(((

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි ඒවා බන්...ඒවා එච්චර පේන්නෙ නෑ දැන්...මගේ රූපලාවන්‍ය බොලා මාව මුණ ගැහුන වෙලේ දැක්කා නොවැ...

      Delete
  47. සමහර කොල්ලෝ බස්වල ෆුට්බා්ඩ් ගිහින අනතුරු කරගන්නේ වයසෙ වැරැද්ද නිසා එහි අවදානම ගැන හිතන්නෙ නෑ. නමුත් ඒක මහා අනතුරක සේයාවක්. ඒ අතින් සිරා කොලුවා පුදුම බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ වයසට මමත් එහෙම කරපු එකෙක් නිසා මට දැන් කියන්න තියෙන්නෙ...ඒ වයසෙදි අවධානම් වැඩ කරලා හරි කාගෙ හරි අවධානය දිනා ගන්න ලොකු කැමැත්තක් කොල්ලන්ගෙ හිතේ තියෙන බව...එතැනදි අවධානම ගැන අවබෝධයක් නෑ.

      Delete
  48. පූරුවේ පිනක් තිබිලා බේරිලා තියෙන්නේ. මමත් එකදවසක් කරනම් ගැහුවා ටාට එකකින්

    ReplyDelete
    Replies
    1. ඔව් බොලං...දැන් නිවී හැනහිල්ලෙ ඒ ගැන හිතනකොට මටත් හිතෙනවා 99න් බේරුනේ කියලා.

      Delete
  49. සිරා,
    ඇත්තටම අපේ ඉස්කෝලේ කොල්ලො කීයක් ජීවිත දන් දුන්නාද නිස්කාරනේ පා පුවරුවෙ එල්ලිලා ගිහින්. කොච්චියේ තමයි වැඩිපුරම​. බෙම්මුල්ල, හුනුපිටිය signal කනු මර්මස්ථාන​.

    මතකද දන්නෙ නෑ උබට මේකලා හෝල් (මතක විදිහට මේකලා කොකොම හරි ජා-ඇල පාරේ හම්බවෙන පලවෙනි හෝල් එක​) එක ලඟ තිබුන ඇල. පා පුවරුවෙ එල්ලිලා ගිහින් ඕකට අපේ දන්න දෙන්නෙක් වැටුනා. (ඇල ගැන දන්නවානේ) . එහා පැත්තේ කාර් සේල් එකට එකගෙන ගිහින් නාවල අලුත් ඇදුනුත් අන්දවල සෙන්ට් බෝතලයකඋත් ගහල ත්‍රිවීල් එකක තමයි ගෙදර යැව්වේ. (හිතා ගනින්කෝ සුවඳ කොහොමද කියල​.. (එදා තරම් හිනාවුන දවසක් අදටත් මතක නෑ) එත් එදා උන් දෙන්න එකේ එරුනානුම් හිනා වෙන්න වෙන්නේ නෑ. අද එක්කෙක් Army SF යුනිට් එකේ කැප්ටන් කෙනෙක් අනික US වල Software Engineer කෙනෙක්..SFට අපි අදටත් කියන්නෙ "උබ එදා මඩ කාපු නිසා අද කැප්ටන් වුනේ කියල" ( තව එවත් කියනවා තියන​. එවා කියන්න බෑ මෙතන​) ඉස්සරනුම් හොඳ එවා අහගන්නවා දැන් කියන්නේ ඒකා " මේකේ කාපු කටු වලට ඒක මොකක්ද බන් කියල​" අනිකා ලගදී බැන්දා. කට්ටිය අදුන්වල දෙන්න මනමාලි එක්ක ලඟට එද්දි අපේ උන් ටික නහය වහගෙන​. මු පුපුර පුපුර ගිහින් ටික වෙලාවකින් ඇවිත්.. ජාතිය අමතලා කට්ටියටම​. හොදම දේ එක video කරලා අපේ එකෙක් මූට පෙන්න්ලා දෙන්න යන්න කලින්..මු ගිහිලත් call කරනවලු අනේ FB එකේ දාන්න එපා කියලා. (හැබැයි මිතුරන් අතරේ ඒක share වුනා)

    රසවත් මතක ගොඩක් එක්ක දුක් හිතේන මතකයන් ගොඩක් තියනවා. මතකද රත්නාවලී නංගී කෙනෙක්ගේ බස් එකෙන් වැටිල බැලුම්මහරදි බස් එක ඔලුව උඩින් ගිහින් තිබුනා. යසෝදරාවේ සහෝදරියක් ගම්පහ station එකට රේල් පාරේ ඇවිදගෙන එනකොට රේල් පීලී 2 අතරේ කකුලක් හිරවෙලා කෝච්චියට අහුවුනා. (කෙල්ලගේ වෙලාවට කකුල විතරයි නැති වුනේ ජීවිතය බේරුනා)

    පුද්ගලික මකක අතරේ 2 පාරක් දැක්කා කෝච්චියට යටවෙනවා (අදටත් මගේ හිත ගැස්සෙන තැනක් තමයි රාගම station එක​)

    අපිත් කියන දෙයක් අහන්න කැමති නෑ ඒ දවස් වල කොලුකම දාංගලය​.. එත් දැන් තමයි තෙරෙන්නේ අම්ම්ල තාත්තල කියපු දේවල්. ඇත්ත උබ කිව්වා වගේම කියන්න තියෙන්නේ
    "පාසල් යන වයසෙ දාංගලේ තියෙන කොලු කුරුට්ටො හරි, හැමදාම දුම්රියේ පා පුවරුවෙ එල්ලිලා වැඩට යන හිතවතෙක් හරි මේ සටහන කියවනවා නම්.....අනේ වදින්නම් රත්තරනේ ටිකක් පරක්කු උනාට කමක් නෑ ඊළග එකේ ඇවිල්ලා තමන්ගෙ ජීවිතය වගේම කකුල් දෙකත් බේරා ගන්න."

    මොකද එක දවසක් පරක්කු වුනා වගේ නෙමෙයි ජීවිතය නැති කරගන්න එක හරි.. අතක් පයක් නැතිව ජීවත් වෙන එක​.

    මම​
    මයික්

    ReplyDelete
    Replies
    1. මයික් කාලෙකට පස්සෙ සිංහලෙන් කොටලා තියෙනවා දැක්කම බොහොම සතුටුයි...උඹේ බරසාර කමෙන්ට් නැතිවුනාම කාමරේට පාලුයි. දිගටම කොටහං...ඔය කියන එස් එෆ් බුවා ගැන මට හිතාගන්න පුලුවන්...ඔය කියන ඇළේ ඉස්සර ඉස්පිරිතාලෙ අපද්‍රව්‍යනෙ බන් ආවෙ...උන්ට කැසිලි එහෙම හැදුනෙ නැද්ද ? යශෝධරාවෙ කේස් එක මම අදමයි ඇහුවෙ බන්...ඒ දවස් වල ආරංචි උනේ නෑ...මේවා කියවලා සූටි කොල්ලො හැදියව්...බස් වල කෝච්චි වල යද්දි පුලුවන් තරම් ඇතුලට වෙලා පලයව්...

      Delete
    2. සිරා,
      අනේ බං මේ සිංහල කොටන්න ගියහම තමයි එපා වෙන්නේ.
      මට මතක විදිහට යශෝධරාවෙ කේස් එක වුනේ අපි 10 විතර ඉන්නකොට. චමියා දන්නවා ඇති.
      අරුන් දෙන්න ගෙදර ගිහින් Dettol බෝතලයක් හලාගෙන නෑවා කියල තමයි කිව්වේ. දන්න විදිහට වෙන මුකුත් ලෙඩක් හැදුනේ නෑ. එත් අපි කිව්වා ඔහොම වැඩක් නෑ Harpic එකක් බොන්න ඔනේ කියල ඒකේ තියන විශබීජ මැරෙන්න​.

      තවත් මතක එමටයි. ඒ දවස්වල කරපු දේවල්වල හැටියට අතපය හතර තියාගෙන තාම ජීවත් වෙන එක ගැන අප්‍රමාණ සන්තෝසයක් දැනෙන්නේ.

      මම​
      මයික්

      Delete
  50. අවුරුදු ගානක් බස් එකේ ගියා ඒත් දෙයියංගෙ පිහිටෙන් තාම වැටිලා නම් නෑ .. මම පාපුවරුවේ යන්ඩ ආසා කලේ එකොලහ වසර මුල් කාලෙදී විතරයි .. ඊට පස්සේදී ඉතින් කොහොම හරි ඇතුලට රිංඟලා සැපට යන්ඩ තමා හිත තිබ්බේ

    උඹට කියන්ඩ සිරා මේ පැත්තේ ඉස්කෝලේ යන එවුනුත් දැන් පාපුවරුවේ යනවා බොහෝම අඩුයි .උන් දැන් ජැක් ගහන්ඩ බස් එක මැදට යනවා .. දැන් ෆුඩ් බෝස් එකේ යන එවුන්ට කිසි ප්ලේස් එකක් නෑ .. හැබැයි ඉතින් ඔය උඹ කලා වාගේ දුවගෙන ගිහින් පැනලා එල්ලෙන සීන් එක නම් එමට තියෙනවා.. මගේ ඉස්සහදිත් කොල්ලෙක් ඇදං වැටිලා බස් එකත් එක්ක ඇදිලා ගියා .. ඌට අත අත අරින්න අමතක වුණා මීටර් සීයක් විතර යනතුරු ඌ ඇදිලා ලෙලි ගහගෙන ගියා .. අන්තිමට සිහියත් නෑ ..

    මට මතකයි එක ගිය අවුරුද්දේ එක වතාවක් කොළඹ අවුදින් ආයෙමත් අම්පාරේ යන්ඩ බස් එක්කට නැගලා යන්ඩ සීට් නැතිව මමත් තව එකෙකුත් අම්පාරට යනතුරුම පාපුවරුවේ ඉඳගෙන ආවා . ඒ මතකය නම් හැමදාමත් තියේවි ..

    ReplyDelete
    Replies
    1. //උඹට කියන්ඩ සිරා මේ පැත්තේ ඉස්කෝලේ යන එවුනුත් දැන් පාපුවරුවේ යනවා බොහෝම අඩුයි .උන් දැන් ජැක් ගහන්ඩ බස් එක මැදට යනවා .. දැන් ෆුඩ් බෝස් එකේ යන එවුන්ට කිසි ප්ලේස් එකක් නෑ//

      ඒ කියන්නෙ අම්පාරෙ සංස්කෘතිය දැන් සෑහෙන්න වෙනස් වෙලා...ජැක් ගහන කොල්ලට තියෙන ප්ලේස් එක එල්ලිලා යන එකාට නෑ...මේවා දැක්කොත් අපේ පැතිවල ඉන්න උනුත් ඔහෙට ඒවිද මන්දා ඉස්කෝලෙ යන්න....

      Delete
  51. සන්තෝසයි කියන්න...
    මට කෝච්චියේ එහෙම ඉදගන්න හම්බුනේ නැත්තන් අනිවා පුට්බෝට්ම තමා....

    බස් එකේ නම් වැඩිය එල්ලිලා යන්නෑ...කොච්චර පරක්කු උනත් ඊළග එකේ හරි ඉදගෙනම තමා යන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කකුල් දෙක බේරා ගනු...කෝච්චියෙ නඩත්තු ඇත්තො ඔය එකක් ගානෙ චැක් කොරලා ඕවයෙ ඇණ තද කොරන්නෙ නෑ....බස් වල නම් ඉතින් සදරුවා කියනවා වගේ උඹලත් ජැකට සෙට් වෙනවා ඇති...එතකොට නම් රාජ සම්පත් ලැබෙනවා ඇති....

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...