සිස්සත්තෙ සමත් වෙලා ටවුමෙ ලොකු ඉස්කෝලෙට ඇතුලු උන දවසෙ ඉදලම අපේ අම්මගෙ හිතේ තිබුනෙ කොහොමද මේකව සාමාන්‍ය පෙලින් එගොඩ කරන්නෙ කියන කාරණේ. ඒ හින්දම දන්න කියන ඇත්තන්ගෙන් කරුණු කාරණා හොයලා 6 වසරෙදිම සිරා කොලුවව දැම්මා නොවැ විද්‍යාව සහ ගණිතය අතිරේක පන්ති දෙකකට. සති අන්තයේ තමයි මේ පන්ති තිබ්බෙ. ඒ කාලෙ ගම්පහ නගරයේ මේ විෂයන් දෙකටම නම් දරාපු ගුරුවරු දෙන්නෙක් තමයි මේ පන්ති වල ඉගැන්වූයෙ.
පන්ති ආරම්භයෙදි එතරම් පිරිසක් හිටියෙ නැති උනාට වසරින් වසර ළමයි එකතු වෙලා සා/පෙ ලියන කාලෙ වෙද්දි සෑහෙන පිරිසක් මෙතන පොදි කකා උන්නා. විවිධ පාසල් වල විවිධ කොල්ලො කෙල්ලො හමුවෙද්දි ප්‍රේම කථා එහෙමත් කාටත් රහසෙ ලියලන්න ගත්තා. සිරා කොලුවා කාලෙකට කලින් ලිව්ව මගේ අප්‍රකාශිත පළමු පෙම රතු කොණ්ඩෙත් මේ පන්ති වලටම තමයි ආවෙ ගියෙ.
අපේ විද්‍යාව සෑර්ගෙ නම තමයි චානක. බොහොම පැහැපත් මුහුනත් තහඩුවක් එක්ක බලල් ඇස් දෙකක් තිබ්බ නිසාම චානක සෑර් හරි ප්‍රියමනාප මනුස්සයා. නිතරම විහිළුවෙන් තහළුවෙන් තමයි උන්නෙ. විද්‍යාව කියන්නෙ අපිට ඒ කාලෙ ඒ තරං පත්තියන් උන විෂයක් නොවුනත් ඔහු ඉතාම ලස්සනට සීරුවට මාරුවට මේ විෂය අපිට ටිකෙන් ටික කාන්දු කොලා.
ඉරිදා දවසෙ උදේම විද්‍යා පන්තිය ඊට පස්සෙ ගණිතය පන්තිය. ගණිතය විෂය උගන්වපු ගුරුවරයා බොහොම සැරපරුෂ උනත් විෂය දැනුම අතින් බොහොම පොහොසත්. මේ කථාව මම අයිය බඩා කථාවෙදිත් බොලාට කිව්වා. ඒ කථා වල ජීවමාන වෙච්ච බොහොමයක් චරිත ආව ගිය, මුණ ගැහුන අපි එකිනෙකා අඳුනගත්ත තැන තමයි ගම්පහ රෝහල කිට්ටුව තිබුන මේ අතිරේක පන්තිය. ලංකාවෙ පාසල් සිසුන් බහුතරයකට ගණිතය බැරි ගණිතය ගුරුවරුන්ගෙ තියෙන මේ සැර පරුෂ බව කියලා මගේ අක්මාවට දැනෙනවා බොලව්. අහිංසක ගණිතය ගුරුවරු අපේ පාසලේ හිටියෙත් නෑ. හැමෝම බොහොම ප්‍රචණ්ඩයි. දෙන්නං ජම්බු වගේ බැල්මන්ට් එකක් තමයි හැම වෙලේම ඒ ඇත්තො ලග තිබුනෙ.
අපේ පාසල ඉතිං බාලක පාසලක් නොවැ. ඒ කාලයේ ඉතිං දැරිවියො කියන්නෙ අපිට බොහොම අාගන්තුක ජීවීන් විශේෂයක්. මිශ්‍ර පාසල් වලින් පන්ති ආපු කොල්ලො උන්ගෙ පාසල් වල කෙල්ලො මැද්දට වෙලා වීරයො වගේ කියව කියව ඉද්දි අපි උන් දිහා ඊර්ෂ්‍යාවෙන් වගේ බලාන උන්නා. ඒත් ගම්පහ නගරයෙදි අපේ පාසලට තියෙන කීර්තිනාමය නිසාම සමහර දැරිවියො අපිත් එක්ක බලෙන්ම වගේ කයියට සැට් උනා. විද්‍යාව ගණිතය අතිරේක පන්ති දෙකේම උන්න ලස්සනම කෙල්ල මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත කොමනි. කියන්න වදන් නෑ...ඒකි පුදුම විදියට ලස්සනයි ඒ කාලෙ. මේ සිදුවීම් අවසන් වෙලා දශක දෙකකට ආසන්න කාලයක් ගත උනත් කොමනිගෙ රූබර අඟ පසඟ මට තවමත් මතක් කරගන්න අපහසු නෑ. ඒ ගැන කියද්දිත් නිකං කිචි වගේ මට.
කොමනි එක්කම එකම පාසලේ ඉගෙන ගත්ත කුවේණිත් ඒ කාලෙ අපේ හොද මිතුරියක්. මුන් දෙන්නම ඉගෙන ගත්ත පාසලේ විදුහල්පති තුමාගෙ අවමඟුලට අපි බෑන්ඩ් ගහපු හැටි අතීතයේ දවසක මම ලියලා තියෙනවා. කොමනි රූපයෙන් අග තැන්පත් වෙද්දි ඒකෙ අනිත් කොනේ තමයි කුවේණි උන්නෙ. මේ ලස්සන කෙල්ලගෙ ආදරය දිනාගන්න බලන බලන අත කොල්ලො පොර කෑවට මට හිත ගියේම ගම්පහ නිල් ඉරි පාසලේ රතු කොණ්ඩෙට විතරමයි.
අපි 11 වසර පන්තියට සමත් උනාට පස්සෙ පන්තියෙ තිබුන අධික තද බදය අවම කරන්න විද්‍යාව ගණිතය පන්ති දෙකම කණ්ඩායම් දෙකක් බවට පත් කලා. තමන්ට කැමති පන්තියකට සහභාගි වෙන්න හැකියාව තිබුන නිසා සති අග පන්තිය වෙනුවට අපේ කාන්තා පරාණ සහභාගි උන සතියේ දවසක පන්තියකට තමයි ඔන්න එතැන් පටන් අපි සහභාගි උනේ.
චානක සෑර් ඒ කාලෙ පන්තියට ආවෙ බොහොම නිදහස් මිනිහෙක් විදියට. කොල්ලන්ට නොපෙනෙන්න ලග පාත කඩයක් අස්සට වෙලා සිගරැට්ටුවක් උරලා ඒ ගඳ යන්න ටොපියක් හප හපා පන්තියට එන එක තමයි ඔහුගේ සාමාන්‍ය පුරුද්ද උනේ. නිතරම සිනා මුසු මුහුනෙන් හිටියත් සමහර වෙලාවට නහුතෙට තරහා යනවා. ඒත් කවදාවත් කාටවත් පාරක් ගැහුවා කියලා නම් මගේ මතක පොතේ සටහන් වෙලා නෑ
මේ ගුරුවරු දෙන්නම ඒ කාලෙ භද්‍ර යෞවනයෙ හිටිය අය. ඒ ඇත්තන්ට පන්ති එන්න වාහන තිබුනෙ නෑ. දෙන්නා ලගම තිබුනෙ යතුරු පැදි. සමහර වැසි කාල වලට තදින් වහිනවා නම් සෑර්ගෙ පන්ති ආගමනය ප්‍රමාද වෙනවා. ඒ වෙලාවට ඉතින් වැස්ස පායනකං අපි කොමනිව ලං කරගෙන එක එක දේවල් කියව කියව ඉන්නවා. මම ඒකිට ආදරය නොකලට..මගේ සැට් එකේ බොහෝ උන්ගෙ සිහින කුමරිය උනේ කොමනි. ඒකෙ දෙකක් නෑ.
ඒ කාලෙ අපි පන්ති යන අස්සෙ බඩට මොකුත් දාගත්තෙ පන්තිය ලගම තිබුන බන්දුල අයියගෙ කඩෙන්. මේ කියන අවධියේ හොඳ තරුණ වයසෙ හිටිය බන්දුල අයියා කොල්ලන්ට සෑහෙන හිතවත් වෙලා හිටියා. සමහරු කඩේ ඇතුලෙ හැංගිලා ඉදලා ඊට යාබද පාරෙන් පන්තියට ආගිය කෙල්ලන්ට ඇහැ දැම්මා. නැත්තං හීනියට වතුර ගැහුවා.
වතාවක් අපි තඩි බට්ටෙක් ගෙනත් ඒකෙ වෙඩි නූලෙ තිබුන වෙඩි බෙහෙත් අන්තිම අඩියට හූරලා හඳුන්කූරක් එක්ක අමුණලා පන්තියෙ කෙල්ලො ඉන්න පැත්තෙ බිත්තියට එහායින් තියලා සද්ද නැතුව හොඳ ළමයි වගේ ඉගෙන ගත්තා. එක පාරටම පලාතම කම්පනය කරමින් බට්ටා පුපුරනකොට සමහර කෙල්ලො හූ කියාගෙන පන්තියෙන් එළියට දුවන්න හැදුවෙ. බට්ටා ඇටෙව්වෙ අපි බව දැනගත්තා නම් අපිට ගණිතය ගුරු තුමාගෙන් අම්බානක කන්න ලැබෙන බව දන්න නිසා...අපි හිනාව ආයාසයෙන් හරි අතින් තදකරගත්තා.
මේ අවධියෙ මවුන්ටන් බයිසිකලයක් කියන්නෙ කොල්ලො අතර බොහොම සුඛෝපභෝගී භාණ්ඩයක්. අපේ කොල්ලො සැට් එක අතර එහෙම දෙයක් තිබුනෙ ජපන් චමියට විතරයි. සමහර දවසකට ජපන් චමියා බයිසිකලයෙන් පන්ති එද්දි අතර මගක පයින් එන චානක සෑර්ව සැට් වෙනවා. ඉතින් එදාට සෑර් පන්ති ආවෙ චමියගෙ පාගල් එකේ.
11 වසර විද්‍යා පෙළ පොත් වල තිබුන පාඩම් අතරින් අපි ඉතාම කැමති වෙච්ච පාඩමක් තිබුනා. ඒ තමයි ප්‍රජනනය. මේ පාඩම කරන දවස දිහා තමයි අපි බොහොම ආශාවෙන් බලා උන්නෙ. මේ ආශාව ගැන සෑර් දැනුවත් වෙලා හිටිය නිසාම ඒ පාඩම විභාගයට කලින් පවත්වන අන්තිම පන්තිය දක්වාම ඉතිරි කරගන්න සෑර් නුවනක්කාර උනා. ප්‍රජනනය පාඩම කරපු දවසෙ කොමනි ඇතුලු දැරිවියන් විලියෙන් ඇඹරුනේ පාඩම කරන අස්සෙ කොල්ලො ලං වෙලා කියපු කුපාඩි කථා හින්දා මිසක සෑර් මොකුත් කියලා එහෙම නෙමෙයි.
ගණිතය විද්‍යාව අතිරේක පන්ති ආගිය උන් අතර විවිධාකාර චරිත හිටියා. ඒ බොහෝ දෙනෙක් ගැන තවමත් මට අමතක නෑ. අපේ පාසලේම කුරුප්පුවා එහෙම කෙනෙක්. වැඩිය ඇගපත නැති හුරතල් පෙනුමක් තිබ්බ ඒකාට තිබුනෙ මහ වාචාල අසික්කිත කටක්. තාත්තා පොලිසියෙ ඉහළ තනතුරක සිටීමත් උගෙ තිබුන පොර මානසිකත්වයට හේතුවක් වෙන්න ඇති. පන්තියෙ හිටිය කිසිම දැරිවියෙකුට හිතින්වත් ආදරය නොකරපු කුරුප්පුවා ලස්සන කෙල්ලන්ට කට කැඩිච්ච කථාවක් කියන්න හරි රුසියා. සමහර වෙලාවට අපේ අස්සෙ ඉදන් එහෙම කිව්වම ඒ කෙල්ලො අපි එක්කත් අමනාප උනා. ඒ නිසා අපි හැකි තරම් උගෙන් ඈතට වෙලා අපේ නම්බුව බේරගන්නයි මාන බැලුවෙ.
වතාවක් අපේ හොඳ හිතවතියක් වෙච්ච දැරිවියක් ඉරිදා දවසක පන්තියට යද්දි අපේ ඉදිරියටම ආවා. ඇය ඈත ඉදන්ම හිනා වේගෙන ආවට කුරුප්පුවගෙ ඇහැ ගියේ ඇගේ ඇගට ඇලිලා තිබුන හැට්ටය උස්සගෙන වගේ ඉදිරියට නෙරාගෙන ඇවිත් තිබුන ඇගේ ළැම පෙදෙස දෙසට. මේ කෙල්ල ලං වෙද්දි ඇගේ මුහුණටම කුරුප්පුවා මෙහෙම ඇහුවා..
ඒක නෙමෙයි අනේ...මොකද ඔයාගෙ ඉස්සරහා මේ තරම් උල්....
අපි දෙන්නා දිහාම කන්න වගේ බැලුව කෙල්ල ගස්සගෙන යන්න ගියා. ඔය වගේ හේතු නිසා දැරිවියෙක්ට ඇහැ දෙන කවුරුවත් කුරුප්පුවා එක්ක වැඩි පයුරු පාසානෙට ගියේ නෑ. ගියොත් විනාශයි.
අපි දෙන්නා දිහාම කන්න වගේ බැලුව කෙල්ල ගස්සගෙන යන්න ගියා. ඔය වගේ හේතු නිසා දැරිවියෙක්ට ඇහැ දෙන කවුරුවත් කුරුප්පුවා එක්ක වැඩි පයුරු පාසානෙට ගියේ නෑ. ගියොත් විනාශයි.
කොට්ටෝරුවා ගහෙන් ගහට කොටලා දවසක කෙසෙල් ගහට කෙටුවාම හොට පැටලෙනවා කිව්වා වගේ කුරුප්පුවට දවසක් වැඩේ වැරදුනා. අපේ ජීවන්තයලගෙ ගෙවල් පැත්තෙ උන්න සුන්දර දැරිවියකට කට කැඩිච්ච කථාවක් කියලා කෙලී මේ බව තමන්ගෙ වලියට බර වැඩිමල් සහෝදරයගෙ කනේ තියලා.
ඉරිදා දවසක විද්‍යාව පන්තිය අහවර වෙලා ගණිතය පන්තිය ආරම්භ වෙන තුරු තැන තැන කල්ලි ගැහිලා ඉන්න වෙලාවක තමයි වේගයෙන් ආව වෑන් එකක් එතන නතර උනේ. ඒකෙන් බැහැලා ආව උන්ගෙ තිබුනෙ මරුමුස් පෙනුමක්.
කවුද කුරුප්පු කියන්නෙ. එකෙක් එහෙම ඇහුවා.
තමන්ගෙ පැත්තෙ මදාවියො ටිකක් බව ඉක්මනින් අඳුනගත්ත ජීවන්තයා උන් මැද්දට පැනලා වෙන්න යන විනාශය නවත්තගන්න බැලුවා.
ජීවන්ත මල්ලි උඹ පැත්තකට වෙයං. මේක අපේ ගේමක්.. කෙල්ලගෙ අයියා එහෙම කිව්වා.
තමන්ගෙ පැත්තෙ මදාවියො ටිකක් බව ඉක්මනින් අඳුනගත්ත ජීවන්තයා උන් මැද්දට පැනලා වෙන්න යන විනාශය නවත්තගන්න බැලුවා.
ජීවන්ත මල්ලි උඹ පැත්තකට වෙයං. මේක අපේ ගේමක්.. කෙල්ලගෙ අයියා එහෙම කිව්වා.
අපිට යාබදව හිටිය කුරුප්පුවා මම කියනවා විතරයි අපිට ඇහුනෙ. පන්තියෙ දැරිවියො ඉස්සරහම ආපු ඇත්තො උගෙ හතර හන්දි වල සවි ශක්තිය පරීක්ෂා කරන්න වගේ අම්බානක නෙලුවෙ අපිට ඊට මැදිහත් වෙන්න ඉඩක් තියන්නෙ නැතුවයි.කොහොමින් කොහොම හොද ගානට බඩ පුරා කාපු කුරුප්පුවා යන්තං කඳ කෙලින් කර ගනිද්දි.. ගුටිබැට හුවමාරුව අස්සෙ මාරු වෙලා ගිය උගෙ ඒ අවධියෙ අතිජාත මිත්තරයා වනිගයා අපි ඉස්සරහට ආවා.
මේකට නෙලනකං උඹ මෙච්චර වෙලා කොහෙද බොල මක බෑවුනේ ?
මම ඉක්මනට බන්දුල අයියගෙ කඩේට දිව්වා බං කඩුවක් තියේද බලන්න එහෙ...ආපහු එද්දි වලිය ඉවරනෙ...
වනිගයා කියන්නෙ ලෝක කපටියෙක් කියලා එදා ඉඳන් හැමෝම දැනගත්තා.
කොහොමින් කොහොම අවුරුදු 7 ක්ම මේ ගුරුවරු දෙපලගෙන් ඉගෙන ගෙන සාමාන්‍ය පෙල කඩඉම පනින්න අපි හැමෝටම වගේ අන්තිමේදි හැකියාව ලැබුනා. එතනින් පස්සෙ උසස් පෙළට විවිධ විෂය ධාරාවන් යටතෙ අපි විසිරුනා. හිටි ගමන් මේ පරිසරයෙදි අපි අඳුනගත්ත පැරණි මිතුරන්, මිතුරියන් අතර මගදි හමුවුනා. එදා වගේම සෙනෙහසින් තදියමේ වචනයක් දෙකක් කථා කරලා සමුගෙන ගියා. කාලයේ තාලය අවසානයේ පන්ති පවත්වපු ස්ථානය වගේම බන්දුල අයියගෙ කඩයත් නිහඬ උනා. එතැන වෙන කෙනෙක් කඩයක් දැම්මා. හැමදේම කාලයේ වැලිතලාවට යට උනා. අපි පන්ති ගිය භූමියෙ අපේ පා සටහන් අයාලෙ වැවුන තණකොළ වලින් වැහුනා.
දැරිවියො එකා දෙන්නා වේලාසනම කසාද බැදලා තම තමන්ගෙ කූඩු හදාගෙන දරු සුරතල් බැලුවා. මම හිතින් ආදරය කල රතු කොණ්ඩෙ අන්තිමට හමුවෙන කොට අවුරුදු තුන හමාරක පුංචි පුතෙකුගේ මවක්. ඒ ඇත්තියො ඒ විදියට වගකීම් සහගත වෙද්දි අපි වගේ තනිකඩයො බහුතරයක් රටට සමු දීලා නොරටක තනි උනා. වැඩ රාජකාරි අස්සෙ අතීතයේ දවසක හිත නතර උනාම ඒ සුන්දර මතකයේ වරින් වර ජීවත් උනා.
උඹට ආරංචි උනාද ?
ඊයෙ පෙරේදා දවසක ජීවන්තයා මූණු පොතෙන් එහෙම ඇහුවා.
මොකක්ද ?
ඊයෙ චානක සෑර් නැති වෙලා. පපුවෙ අමාරුවක්.....එදා රෑ කාලකුත් ගැහුවලු. මැරෙන වයසක් නෙමෙයි බං වයස 46 ලු. සෑර් අන්තිම වෙද්දි පන්ති කර කර හිටිය තැනට මෙහායින් මගෙ යාලුවෙක් ඉන්නවා. අද පන්තියට පණිවිඩේ ඇවිල්ලා තියෙන්නෙ. සෑර්ට ළමයි දෙන්නයිලු.
ජීවන්තයගෙ ශෝකාබරිත යුනිකෝඩ් වියමන යටින් මම ආයෙමත් ඇස් පියාගෙන චානක සෑර්ගෙ විද්‍යා පන්තියට ගිය ඒ අතීතයට නික්මුනා. අපි එනකං මග බලාගෙන හිටිය ඒ බලල් ඇස් දෙක තවමත් ජීවමානයි වගේ දැනුනා.
ජීවන්තයගෙ ශෝකාබරිත යුනිකෝඩ් වියමන යටින් මම ආයෙමත් ඇස් පියාගෙන චානක සෑර්ගෙ විද්‍යා පන්තියට ගිය ඒ අතීතයට නික්මුනා. අපි එනකං මග බලාගෙන හිටිය ඒ බලල් ඇස් දෙක තවමත් ජීවමානයි වගේ දැනුනා.
චානක සර්ට නිවන් සුව , අතීත මතක ඇතුලේ ඉන්න මේ වගේ මිනිස්සු කීදෙනෙක් අපි නොදැනුවත්වම මේ රඟ මඩලෙන් සමු ගන්නවා ඇතිද?
ReplyDeleteඇත්ත වශයෙන්ම ඉවාන්...අපේ ගමනට වචනයකින් හරි උදව් උන මිනිස්සු කී දාහක් අපිටත් නොකියාම සමුගෙන යනවා ඇද්ද. සමහර මරණ ගැන අපි මියෙන තුරාවටම දන්නෙත් නෑ. හරිම පුදුමයි නේද මේ ජීවිතේ.
DeleteOkkoma hondai ban anthima tika full duk scene ekak. Sir ta niwan suwa..
ReplyDeleteකාමරයට සාදරයෙන් පිලිගන්නවා. මගේ කථා වල දුක සතුට දෙකම තියෙනවා. ජීවිතය කියන්නෙ මේ දෙකේම සම්මිශ්‍රනයක්.
Deleteපැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
ReplyDeleteපෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අද වගේ බොහොම සිල්ලර තැනකට ටියුෂන් කලාව ඒ කාලයේ වැටිලා තිබුනෙ නෑ. මේ ගුරුවරු තමන් අයකරන මුදලට වඩා සේවයක් අපට සැලසූ බව තමයි මට මතක. විභාගය ලං වෙද්දි කිසිම අමතර අයකිරීමකින් තොරව අතිරේක පන්ති යොදලා අපේ දැනුම මට්ටම වැඩි කරන්න ගත්ත උත්සාහයන් තවමත් මතකයි.
DeleteDumi aiya mokada oyage blog eka nihada wela.. man hari asawen kiyawapu blog ekak..
Deleteහ්ම්ම්... සැමට නියත අනියත දහම
ReplyDeleteවසර 2600 කටත් ඈත දවසක බුදුන් වහන්සේ අපට පසක් කල සේක.
Deleteඇත්තටම බන් චානක සර් කියන්න අපේ නෑදෑ වෙන අයිය කෙනෙක්. ඩොක්ටර් කිව්වලු මැරෙනවා එයාවත් දන්නේ නැතුව ඇති කියල. හාර්ට් ඇටැක් එකක් තමයි ඇවිල්ල තියෙන්නෙ. ඉස්සෙල්ලම ආපු එකලු.
ReplyDeleteඅඩේ එහෙමද..කවුද දන්නෙ. මට අවුරුදු ගානකින් හමුවෙලා නෑ. අපේ ප්‍රියාගෙ තාත්තගෙ වගේම මරණයක්ද එතකොට...අවාසනාවන්තයි නේද..පළවෙනි එකෙන්ම මෙහෙම උනේ.
Deleteකණගාටුයි. ඔබට නිවන්සුව ගුරුතුමනි..
ReplyDeleteඅපෙත් ප්‍රාර්ථනය එසේමැයි...
Deleteඅන්තිමට දුක්බර සිදුවීමක්. ඔබේ ගුරුතුමාට නිවන් සුව පතනව.
ReplyDeleteමොනව උනත් ඒ කාලෙ ටියුෂන් ගුරුවරු කියන්නෙ ළමයින්ට කිට්ටුවෙන්ම හිටිය ජීවියො පිරිසක් තමයි.
වනිගයට කඩේ අස්සෙ තිබිල කරුමෙටවත් කඩුවක් අහුඋනානං තමයි වැඩේ බලාගන්න තිබ්බෙ. :D
වනිගයා මේ ලගදි වෛද්‍යවරියක් සමග විවාහ උනා. ඌ දැන් හොද තනතුරක ඉන්නවා..ඒකා එදා ඉදලම ඔහොම තමයි...වලි යද්දි කඩු හොයන්න දුවනවා. වලිය ඉවර වෙද්දි එනවා...
Deleteචානක සරිගේ මතකය කියන්නේ තව ගොඩක් අය එක්ක බැඳුනු මතකයක් නේද.....
ReplyDeletehttp://syberheartblog.blogspot.com/
ඔව්...ඒ කාලෙ අපි හරියට වින්දා මේ පරිසරයෙ සිදුවෙච්ච බොහෝ දේ...අදකාලෙ වගේ මුදලට කෙරුනු ගනුදෙනුවක් නෙමෙයි අපේ ටියුෂන් අධ්‍යාපනය. එතැන ඊට වඩා දෙයක් තිබුනා කියලයි මගේ අදහස.
Deleteඔයා අපේ පලාතෙමයි කියලා දැනගෙන ටිකක් කල්. ඔයා අපිට වඩා වැඩිමල් කියලත් දන්නවා. ඔයත් අපි ගියේ විද්‍යා මධයස්තනයටම කියලා දැනගත්ත එක සතුටක්.
ReplyDeleteපොස්ට් එක දැක්ක ගමන්ම හිතුනා ඔයා ලියල ඇත්තෙ චානක සර් ගැන කියලා. මමත් මළගෙදර ගියා. ඒක අදහන්න බැරි මරණයක් අයියෙ...............
ඔබේ නමත් සටහන් කලා නම් වටිනවා සහෝදරයා. සහෝදරියක්ද දන්නෙත් නෑ.. මොනවා උනත් මේ කියන වකවානුව මගේ ජීවිතයෙන් කවදාවත් අමතක නොවන තරම් සුන්දර එකක්. මතක් කලත් දැනෙන්නෙ අමුතුම සුවයක්. මමත් පුදුම උනා මරණය ගැන අැහුවාම. මැරෙන වයසක්ද ඉතිං..
Deleteඅතීත මතකයන් සමහර වෙලාවට හරිම සුන්දරයි. ඒ උනාට ඒ අතරේ දුක්බර සිදුවීමුත් තියෙනවා. ජීවිතේ හැටි ඔහොම තමයි සිරා.
ReplyDeleteමමත් පොඩි කාලේ ගණිතයට දුර්වල හින්ද අමතර පන්තියකට ගියා. ඒ සර් හින්ද අදටත් ගණිතයට මම ආසයි. විද්‍යාවට පන්ති යන්න පටන් ගත්ත 10 වසරේදී. ඒ සර් හින්ද අදටත් මගේ හැම දෙයක්ම පිළිවෙලයි. පිළිවෙලකට වැඩක් කරන්න ඉගෙන ගත්තේ ඒ සර් ගෙන් තමයි.
ගුරුවරයෙක් කියන්නෙ ශිෂ්‍යයෙකුගේ අනාගතය තීරණය කරන තීරකයෙක්. ඔහුගේ කැපවීම මත සිසුවාගේ ගමන තීරණය වෙනවා. ශිෂ්‍යයෙකුට යහපත වගේම අයහපත ගේන්නත් ගුරුවරයෙක්ට පුලුවන්. වාසනාවකට අපිට මුණ ගැහුන හැම ගුරුවරයෙක්ම වගේ තම වගකීම නිසි ලෙස ඉටුකරපු අය.
Deleteසුභ ගමන් චානක සර්..
ReplyDeleteමමත් එහෙමයි පතන්නෙ. උපන්නොත් මැරෙන බව දැන දැනම කම්පා වීමෙන් පලක් නෑ නොවැ.
Deleteකණගාටුයි වෙච්ච දේ ගැන. සර්ට නිවන් සුව පතනවා !
ReplyDeleteඔහුගේ වයස / පවුලෙ අයට ඉටුවිය යුතු වගකීම් මේ දේවල් එක්කයි අපිට දුක වැඩියෙන් දැනෙන්නෙ.
Deleteසුන්දර කතාවක දුක්බර අවසානය. එතුමාට නිවන් සුව පතනවා...!
ReplyDeleteමගෙත් හිතගිය කෙල්ලෝ විසි තිස් දෙනෙක් මතක් උනා උඹේ පෝස්ට් එක බලද්දී... ;)
මම ආදරය කරන සහ කැමති ගුරුවරු ගොඩක් අඩුයි. කල්පනා කළත් එක පාරට ඔළුවට එන්නේ ඉතිහාස ගුරුතුමීවයි මගේ හොඳම යාළුවෙක්ගේ අම්ම වෙච්චි අපේ සිංහල ගුරුතුමිවයි තමයි...
මගේ අප්‍රකාශිත ප්‍රේමය ඉතාම සුන්දර යුවතියක්. ඇය මවක් වෙලා මගේ ඉදිරියට ආව දවසත් මට තවම හොදට මතකයි. ඒ අතීත සුන්දරත්වය බිදක්වත් අඩුවෙලා තිබුනෙ නෑ. ඒ කියන කාලෙ මම ලොකු සබකෝලයකින් හිටිය එකෙක්. බෑන්ඩ් ගැහිල්ලෙන් තමයි සබකෝලය නැති උනේ. අද වගේ තත්වයක එදා හිටියා නම් මම රතු කොණ්ඩෙව බැදලා දැන් ළමයි ඉස්කෝලෙ යනවා එහෙනං...මගෙන් උපරිම පුදසත්කාර ලබන ගුරුවරු ඉන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.
Deleteචානක ගුරුතුමාට නිවන් සුව.මාත් ඉගෙන ගත්තේ ඔහුගෙන්.මට විද්්‍යාවට එ සාමාර්ථයක් ලැබිලත් ඔහුට කියන්න යන්න බැරිඋනා.ඒක දැන් මතක්උනාම හිතට දුකක් දැනුනා.....
ReplyDeleteප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙයි කියලා කියමනක් තියෙන්නෙ. මට ඔබේ කථාව දැක්කම ඒ කියමන මතක් උනේ.
Deleteහ්ම්,අපි ඉංග්‍රීසි පන්ති ගිය ලයනල් සර් මතක් වුනා.ක්‍රේල් කොණ්ඩේ.මුහුණ පුරා වැවුණු රැවුළ,ලොකු කණ්ණාඩි දෙක දාගත්තු සර් පස්සේ කාලෙක සියදිවි නාසගෙන තිබ්බා.ඒ බව ආරංචි වුනෙත් අපිත් එක්කම පන්ති ගිය කොල්ලෙක් ගෙන්.
ReplyDeleteසිරා මතකය මගෙත් පරණ මතක ඇවිස්සුවා.
බොලාගෙ මතකයක් බොහොම දුක්බර මතකයක් නේද...සියදිවි නසාගත්තා කිව්වාම මට පුදුමත් හිතුනා. සමහර දරාගන්න බැරි දුකක් ඉස්සරහා ගුරුවරයත් පොඩි දරුවෙක් ගානට වැටෙනවා ඇති.
Deleteදුකකටත් වඩා මානසික අබාධයක් නිසා එහෙම වෙච්චි තමයි ආරංචි වුනේ.සර්ගේ ගෙදරට පැනපු හොරෙක් සර්ගේ ඔලුවට ගහපු පොලු පාරක් නිසා තමයි කියනවා එහෙම සිද්ධ වුනේ.රත්මලානේ හරි ප්‍රසිද්ධ ගුරුවරයෙක්.
Deleteසිරාගේ රසවත් පාසල් ජීවිතේ තවත් රසවත් පරිච්ඡෙදයක්. මේ විදිහට මේවා සටහන් කර තැබීම හරිම වැදගත්. මොකද යම් යම් ප්‍රදේශ, පාසල්, ආශ්‍රිත පැරණි සිදුවීම් මෙයින් ඉබේම වාර්තාගතවන නිසා.
ReplyDeleteමමත් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ බාලක පාසලක. උසස් පෙළ කරන්න මධ්‍ය මහා විද්‍යාලයකට ගියා විතරයි, 'හිච් එකක්' ඇමිණුනා. :D
ස්තූතියි විචාරක තුමා. මේ දවස් වල මට ඔයාලා ලියන දේවල් කියවන්න තරම් ඉසිඹුවක් නෑ. විවේකයක් ලැබුන ගමන් ඒ පැත්තට එනවා.
Deleteඔය ඇමිනුන හිච් එකද දැන් අර දුවලා දෙන්නෙක් ඉන්න වීර මාතාව.
පිස්සුද යකෝ. එව්වා ඒ කාලේ මෙව්වා මේ කාලේ. හැක්
Deleteකනට කරලා හෙමින් කියන්න එපායැ...කවුද දන්නෙ.
Deleteඒ කාලෙ ටියුෂන් ගුරුවරු නිසා තමන්ගේ පාසලේ ගුරුවරුන්ට එරෙහිව යන්නට තරම් ආවේග ශීලී වෙච්ච සිසු පරපුරක් හිටිය.අත්දැකීමෙන් මම දන්නවා අපේ සමහර ගුරුවරු නියම ආකාරයෙන් ඉගැන්වීම් කලේ නැහැ.ඒ නිසා සල්ලි දීල ඉගෙන ගත්තත් පුද්ගලික පන්ති ගුරුවරු ඔවුන්ගේ ජනප්‍රියතාවය සලකා හෝ ළමයින්ව ඇදගෙන ඉස්සරහට ගියා.මමත් කාලයක් ඔය රස්සාව කල කෙනෙක් හින්ද ඒ අත්දැකීම මටත් තියෙනව.ඒ වගේම මමත් අමතර ඉගෙනුම ලැබුවෙ ඔය කියන රෝහල ලගම තිබ්බ ආයතනයක.රසායන විද්‍යාවට හොද ප්‍රසිද්දියක් තියාගෙන හිටපු ගුරුවරයෙක් ලග.ඔහු දැඩි නීති රීති ගොඩක් එක්ක ළමයි සමග ගනුදෙනු කලේ.නමුත් ඉතා හොදින් කියා දුන්න.
ReplyDeleteකෙසේ වෙතත් පුද්ගලික හෝ රජයේ හෝ ගුරුවරුන් නිසයි අපි අද මෙතැන ඉන්නෙ.ඒ සියලු ගුරුවරුන්ට මාගේ ප්‍රණාමය.
එසේම ඔබගේ ගුරුතුමාට මේ සසර කෙලවර ගෞතම බුදු සසුනේදීම නිවන් අවබෝද වේවායි ප්‍රාර්ථනා කරමි.
ජය.
රසායන විද්‍යාව ගුරුවරයිත් ඔබ කියන අායතනයත් ගැන මම දන්නවා. මම හිතන්නෙ වර්තමානයේ මුදල මතම යැපෙන අතිරේක පන්ති ගුරුවරු බිහිවී ඉන්නවා කියලයි. ඒ කාලයේ අතිරේක පන්ති ගුරුවරු තමන්ගෙ වගකීමට හොඳ සාධාරණයක් ඉටු කලා.
Deleteහිත ආපස්සට ඇදල ඇරං පොලෝ ගහන අපූරු සංවේදී සටහනක්... ඒ වගේ කාලවල කරපු මරිසි වැඩ ගොබ්බ වැඩ අමන වැඩ ඔක්කම මතක් වෙනව...
ReplyDeleteමොනා කරන්නද ඒ මතක මතකයක් විතරක් වෙද්දි සමහරු ඇත්තටම මතකයක් විතරයි සමහරු එහෙමත් නෑ හේදිලම ගිහින්
සිරාගෙ චානක සර්ට නිවන් සුව අත්වේවා
මම හිතන්නෙ මේ ලිපියෙන් මම කියන වකවානුව ඕනෑම කෙනෙක්ට අමතක කරන්න බැරි සුන්දර මතක සටහන් රාශියක් සහිත එකක්. අපි මුලින්ම ආදරයේ රහ බලන්න පටන් ගන්නෙත් සා/පෙ පන්තිය කිට්ටුවට එද්දි.
Deleteප්‍රචණ්ඩ සමාජ, ප්‍රණ්ඩ සංස්කෘති, ප්‍රචන්ණ්ඩ ආගම් ගැන ගැන කතාකලාව ප්‍රචණ්ඩ විෂයයන් තියෙන බව කල්පනා වුනේ සිරාගෙ ලිපියෙන්. උඹ කියන කතාවෙ සෑහෙන ඇත්තක් තියෙනවා තමයි.
ReplyDeleteසිරාගෙ ගුරුතුමාට නිවන් සුව.
ගණිතය සිසුන්ට මීට වඩා ගෝචර වෙනවා ගුරුවරු බොහොම සුහදව ඒ විෂය ඉගැන්වූවා නම්...මගේ පාසල් අත්දැකීම් වලින් කියන්නෙ. බොහොම සුහද ගණිත ගුරුවරු හිටියෙම නෑ අපේ පාසලේ.
Deleteපව්! කතාව අන්තිමට ගොඩක් දුක හිතුනා.
ReplyDeleteඑතුමාට නිවන් සුව!!
උපදින හැම දේම දිනක නැසී යයි. ඒක තමයි පරම සත්‍ය...
Deleteමුල ඉඳන් කතාව කියවගෙන එද්දී මේ වගේ අවසානයක් ඇතිවේවි කියල හිතුවෙ නෑ බං.හරිම සංවේදී කතාවක්.
ReplyDeleteඋඹේ ගුරුතුමාට නිවන් සුව පතමි.
මේ ආරංචිය අහපු ගමන් හිත අතීතයට දිව්වා. ඒ අතීතයේ හිත නතර වචේච තැන්වලින් සමහර දේ ගැනයි මේ ලිපිය.
Deleteචානක සර්ගේ අවසන් කටයුතු වලට සහභාගී වීමට නොහැකි වීම නිසා ඔබට ලොකු දුකක් ඇති වෙන්නට ඇති කියා සිතනවා.ඔබ මව්බිමේ සිටියානම් ඔහු වෙනුවෙන් සෑහෙන දෙයක් කරයි කියල සිතුනා .
ReplyDeleteමෙ වගේ අනපේක්ශිත සමු ගැනීම් ලොකු වේදනාවක්.
චානක සර්ට නිවන් සුව ලැබේවා !!
අපිට යහපත් දේ දුන්න කෙනෙක් අකාලයේ මියැදුනා කිව්වම වේදනාවක් ඇති වෙනවා කියන කාරණය සාධාරණයි. ඒ වේදනාව මටත් දැනුනා. ඔහු නිසයි විද්‍යව විෂයට හොඳ සාමාර්ථයක් ලැබුවෙ. ඉතින් මියදෙන්න තව වයස තියෙද්දි මේ හදිසි වෙන්වීම මා තුල යම් කම්පනයක් ජනිත කලා.
Deleteසමාධියෙ උගන්නපු අපෙත් සර් කෙනෙක් හිටියා ඒලෙවල් වලට. එකපාරටම මතක් උනේ එයාව. අපි ක්ලාස් කීයකට ගියත්, එයාට අපි කිව්වෙ “අපේ සර්“ කියලා. අපිට සිලබස් එක තුන් පාරක් කවර් කළා. කොටලා පෙව්වා සබ්ජෙක්ට් එක. එයාගෙ නම ගහපු පෑන් දෙක ගානෙ දුන්නා, එකකින් විභාගෙ ලියන්න, අනිත් පෑන ජීවිතේ වැදගත් හැම අවස්ථාවකම අත්සන් කරන්න, කියලා.
ReplyDeleteසර්ගෙ නම - ධම්මික සුභසිංහ
මම උඔට හැමදාම දෙන බොරැ පොරොන්දුව..කතාවක් ලියන්නම් කියලා...මගේ පංතියේ මටත් හිටියා කොමනි කෙනෙක්. දවසක ඒ කතාව උඔගේ කාමරේ ලියනවා මචං..
ReplyDeleteමෙන්ඩා උඹේ කතාව වැඩිහිටියන්ට පමණයි වේවිද දන්නේ නෑ නේද.?
Deleteහැක් හැක්
නෑ..සමියා උඔලා හිතනවට වඩා වෙනස් කතාවක්..මම එදාට ඇත්තම ලියනවා කිසි දෙයක් හංගන්නෙ නෑ..ස්වයං පාපොච්චරනයක්.
Deleteචානක සර්ට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteපාසැල් කාලෙ හිටිය යාළුවො දැන් හමුවෙද්දී මාර සතුටක් තියෙන්නෙ. හරියට ආයෙත් ඉස්කෝලෙදී හම්බවුනා වගේ දැනෙනවා. ඒ කාලෙ උන සිද්දි කවදාවත් අමතක වෙන්නෙ නෑ.
බෞද්ධ මධ්‍යස්තානෙත් හිටිය ෆට්ට සර්ලා සෙට් එකක් . විද්‍යාව උගන්නනන්න හිටපු පොර ති හැට්ට අදිං කෙල්ලන්ගේ අතේ චෝක් පාරවල් අදිනවා. කුණුහරුප කතා කියනවා නියමෙට උගන්න්නනවා. ගණිතය ගුරත් උඹල වගේම ගහල පන්නනවා.
ReplyDeleteසිරාම කාලයක් මචං පචවෙන කිචවෙන පොරවෙන ගහන ගුටිකන පැනිහලන මල්කදන ..ල්කපන ඒ කාලෙට ආයෙත් යන්න තියනම් ෂාහ්