සර්පයො කියන්නෙ බොහෝ දෙනා අතිශයින් බිය වෙන, දකින්නට පවා කැමති නැති, දෂ්ඨනයකට ලක් උනොත් වේදනාත්මක අත්දැකීමක් ලැබෙන සත්ව කොටසක්. සිරා කොලුවා වන මමත් එහෙමයි. සර්පයින්ට ගොඩාක් භයයි. සර්පයන්ටම වෙන්වුන දුපතක් ලෝකයේ එක තැනක තියෙනවා කියලා ඔබ දන්නවද ? ජාලෙන් පෙරලා අපි ඒ ගැනයි අද දැනගන්න යන්නෙ.
Ilha de Queimada Grande |
දේශීය භාෂාවෙන් Ilha de Queimada Grande යනුවෙන් හඳුන්වන අත්ලන්තික් සාගරයේ පිහිටා තිබෙන මේ දූපත සොභාදම් දිනිතියගේ භයංකාර නිමැවුමක් කියලත් හඳුන්වන්න පුලුවන්. මේ දුපතට කියන අනිත් නම තමයි නාග දුපත. ගොඩාක් විශාල නෑ. වර්ග මීටර් 430000 යි. පිහිටලා තියෙන්නෙ බ්‍රසීලයේ São Paulo වෙරළ තීරයේ ඉඳන් හැතැම්ම 20 ක් ඈතින්. බ්‍රසිල ජාතිකයො බොහොම දෙනෙක් මේ දූපත ගැන දන්නවා. හැබැයි රසවත්ම කාරණාව කියන්නෙ දුපතට පය ගහන්න තරම් හිත හයිය මිනිස්සු ඉන්නෙ බොහොම අතලොස්සයි. අතීතයෙදි එහි ගිය අයගෙනුත් පණ පිටින් ආයෙත් ආවෙ බොහොම ස්වල්පයයි. හේතුව තමයි ලෝකයේ අති භයංකාර සර්පයො දහස් ගනනක් මේ දුපතේ වාසය කිරීම. සමහරු කොපමණ විෂද කියනවා නම් දෂ්ඨ කලාම මිනිස් හම දිය වෙනවලු.
මේ දූපතේ වාසය කරන අයගෙන් භයංකාරම කෙනා තමයි හෙල්ලයක් වගේ හිසක් තියෙන රත්තරං පැහැති Golden Lancehead නැමති පොළඟා. අඟල් 28 සිට අඟල් 46 ක් දක්වා ප්‍රමාණයකට උන් දිගින් වැඩෙනවා. ලෝකයේ ඉන්න විෂ අධිකම පොළඟා මෙයා කියලයි කියන්නෙ. මේ පොළඟට පෙනුමෙන් සමාන මරණීය විෂ සහිත කෙනෙක් බ්‍රසීලයෙ ප්‍රධාන භූමිය තුල ජීවත් උනත් එමෙන් කීප ගුණයක් විෂ සහිත Golden Lancehead ජීවත් වෙන්නෙ මේ දූපතේ පමණයි. මේකා දෂ්ඨ කරලා ඉක්මනින් ප්‍රතිකාර නොලැබුනොත් පැයකටත් අඩු කාලයකින් එලොව දැක සැනසෙන්නයි මනුෂ්‍යයෙකුට සිදු වෙන්නෙ. ඇතැම් විටෙක ප්‍රතිකාර ලබා දුන්නත් රෝගියා මිය යනවා. මේ සතාගෙ දෂ්ඨනයකින් පස්සෙ මොළයේ අභ්‍යන්තර ලේ වහනය වීම, වකුගඩු අක්‍රීය වීම වගේම මිනිස් සම දියවී යන්නට පවා පුලුවන්ලු. ඉතින් මෙයාලා ඉන්න දුපතකට මිනිහෙක් භය නැතුව අඩියක් තියයිද ? දුපතට පැමිණිලා අතුපතර ගිමන් හරින සංචාරක කුරුල්ලො තමයි මේ දූපතේ සර්ප ගහනයට අහාර බවට පත්වෙන්නෙ.
Golden Lancehead |
හොර රහසෙ සතුන් පිටරට පටවන කළුකඩේ වෙළෙන්දො වර්තමානයේදිත් මේ අධික විෂ සහිත පොළෙඟෙක් ඇමරිකානු ඩොලර් 10000 - 30000 අතර මිළ නියම කරලා වෙළඳාම් කරන්නෙ බ්‍රසීල බලධාරීන්ට හොරෙන්. මේ සතුන් ඒ තරම් වටින්නෙ එයාලා සතුව තියෙන සුවිශේෂ විෂ යොදාගෙන මිළ අධික ඖෂධ නිපදවන්න පුලුවන් නිසාලු. මේ අය නීතියේ රැහැනට හසුවුවත් නීතියේ ඇති හිල් වලින් ඉක්මනින් එළියට එන විදිය දන්නවා.
බ්‍රසීලයේ වගා කටයුතු වල නිරත වන ජනතාව විශාල ලෙස සර්ප දෂ්ඨන වලින් මිය යනවා. ඒ මරණ වලින් 90% කට වගකිව යුතු වෙන්නෙ Golden Lancehead වගේ ඉන්න අනිත් පොළඟා. වර්තමාන ලෝකයේ විෂ ඝෝර සර්ප ගහනය වැඩිම ස්ථානය ලෙසයි දැන් Ilha de Queimada Grande හෙවත් නාග දුපත හදුන්වන්නෙ.
බ්‍රසීලයේ වගා කටයුතු වල නිරත වන ජනතාව විශාල ලෙස සර්ප දෂ්ඨන වලින් මිය යනවා. ඒ මරණ වලින් 90% කට වගකිව යුතු වෙන්නෙ Golden Lancehead වගේ ඉන්න අනිත් පොළඟා. වර්තමාන ලෝකයේ විෂ ඝෝර සර්ප ගහනය වැඩිම ස්ථානය ලෙසයි දැන් Ilha de Queimada Grande හෙවත් නාග දුපත හදුන්වන්නෙ.
මේ දූපත ජනාවාශ ඇතිකිරීමට තහනම් ඉසව්වක් ලෙස බ්‍රසීල රජය නම් කර තිබෙනවා. විෂගෝර සර්පයන් සමග මනුෂ්‍යයින්ට සහජීවනයක් නැති වීම තමයි මෙයට හේතුව. 1909 දී ආරම්භ කරන ලද ප්‍රදීපාගාරයක් මෙහි ඇති අතර එහි අළුත්වැඩියාවන් සඳහා වසරකට වරක් එහි යන කාර්මිකයන් මේ දූපතට පය තබන සීමිත මිනිස් ප්‍රජාවට අයත් වෙනවා.
අතීතයේදී මේ ප්‍රදීපාගාරයෙ කටයුතු බාරව මිනිසුන් එහි නතර වී කටයුතු කලා. එහි අවසාන ලෙස රැඳී හුන් පුද්ගලයා තම බිරිඳ සහ අවුරුදු 5 ක් දියණියත් එහිම රඳවාගෙන තිබුනා. ඒ 1920 ගනන් වලදි. ඔවුන් සියලු දෙනා සර්ප දෂ්ඨන වලින් මිය ගියාට පස්සෙ අලුතින් සේවකයෙක් එතැන නතර කරන්නෙ නැතුව ප්‍රදීපාගාරය සම්පූර්ණ ස්වයංක්‍රීය ක්‍රමයකට පරිවර්ථනය කලා.
මේ මරණ වලට අමතරව තම මාලු බෝට්ටුවේ එන්ජිම අබලන් වීම නිසා නාග දුපත් වැල්ලේ නිදා සිටි ධීවරයෙකුද වතාවක් සර්ප දෂ්ඨන හේතුවෙන් මියගොස් තිබෙනවා. බ්‍රසීල නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ මේ දූපත දැන් පවතින්නෙ. ඒ සඳහා විශේෂයෙන් පුහුණ කල නැවියන් ඔවුන්ට සිටිනවා.
වසරකට වරක් එහි යන කාර්මිකයන්ට අමතරව විද්‍යඥයන් කීප දෙනෙකු පමණක් මේ දූපතට බ්‍රසීල රජයේ අවසරය අැතුව පැමිණ තිබෙනවා. ඒ අය දුපත තුල ගත කරන කාලය තුල වෛද්‍යවරයෙකු ඔවුන් අසලම රැදී සිටින්නේ සර්ප දෂ්ඨනයක් සිදු වුවහොත් ඉක්මනින් ශරීර ගත කිරීම පිණිස ප්‍රතිවිෂ එන්නත් පවා සූදානමෙන් තබාගෙනයි.
Sao Paulo නුවර Here සරසවියේ ගවේෂක Marcio Martins විසින් Golden Lancehead සත්වයෙකු නිරීක්ෂණය කරන අන්දම. |
විද්‍යඥයන් සහ වෙනත් ගවේෂකයන් මේ දූපතේ කරක් ගහන්නෙ අති භයංකාර සර්පයෙක් වන Golden Lancehead නැමති පොළඟාගේ විෂ යොදාගනිමින් හදවත් රෝග සහ ලේ කැටි ගැසීම යන රෝග අවස්ථා සඳහා යොදාගත හැකි ඖෂධයක් දියුණුකිරීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහායි. විෂඝෝර සර්පයින් නිසා හුදෙකලා වුවත් පාරිසරික තත්වයන් අතින් ඉතා සුවිශේෂී මේ දූපත විද්‍යාත්මක නව ඔසු තැනීම පිණිස තෝතැන්නක් බවයි මේ පරීක්ෂණ කණ්ඩායම් වල අදහස වෙන්නෙ. බ්‍රසීල ජනතාවගේ සර්ප දෂ්ඨන මරණ වලින් වැඩි ගනනකට වග කියන මේ පොළඟා ගැන පරීක්ෂණ පවත්වන්න ඒ ඇත්තැන්ටත් අවශ්‍යයි.
වසර 11000 කට ඈත අතීතයේ නාග දූපතත් බ්‍රසීලයේ ප්‍රධාන ගොඩබිමත් එකටම පැවතුනත් පසු කාලය තුල සාගර ජල මට්ටම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන භූමියෙන් වෙන් වී හුදෙකලා වන්නට එයට සිදු උනා. ප්‍රධාන භූමියේ සිටින සර්පයින් සියල්ලම පාහේ මේ දූපතේ සිටියත් ඔවුන් පසුගිය වසර දහස් ගනනක කාලය තුල තමන්ගේම මාවතක් තුල පරිණාමය වී තිබෙනවා. ඒ අනුව වෙනත් ගොඩබිමක විෂඝෝර සර්පයන්ට වඩා මේ දූපතේ සර්පයන් සතුව 5 ගුණයක් විෂ තිබෙනවා. 4000 ක පමණ සර්ප ගහනක් වර්තමානයේ මේ දූපත සතුව සිටින බව සත්ව විද්‍යාඥයන්ගේ අදහසයි.
සත්ව විද්‍යාඥයන් බ්‍රසීල රජය සමග එක්ව නාග දුපත සහ එහි සර්පයන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කොට තියෙන්නෙ. සර්පයින් කෙතරම් භයානක වුවත් පරිසරයේ පැවැත්මට, ලෙඩ රෝග පාලනයට ඔවුන්ගෙන් ඉටුවෙන්නෙ විශාල වැඩකොටසක්. නීති විරෝධී සත්ව වෙළඳාම, ලෙඩ රෝග වැනි කාරණා නිසා නාග දූපතේ සර්ප ගහනය ගත වූ වසර 15 ක කාලය තුල 15% ක ප්‍රතිශතයකින් අඩු වී තිබෙනවා. මේ සතුන්ගේ විෂ ඉතාම මිළ අධික බෙහෙත් වර්ග නිපදවීමට යොදාගන්න නිසා නීති විරෝධීව මේ සතුන් වෙළඳාම් කරන්නට වෙළඳුන් උත්සුක වෙලා.
නාග දුපත තුල පමණක් Golden Lancehead Viper වර්ගයේ සතුන් ඇතුලුව අනෙකුත් විෂ සහිත සර්පයන් දහස් ගණනක් ජීවත් වෙනවා. මේ අයගෙන් සමහරෙක් වඳවීමේ තර්ජනයට මුහුණු දී ජාත්‍යන්තර රතු දත්ත පොතේ නම සටහන් වී තිබෙන අයයි. ඉතාම සුන්දර වටපිටාවක් සහිත තැනක තිබෙන මේ දූපත සංචාරක ආකර්ශනය ඇති තැනක් ලෙස සංවර්ධනය කරන්නට අවකාශ තිබෙන මුත් දුපතේ වෙසෙන සර්පයින් එයට හරස් වී තිබෙනවා.
නාග දුපත පිළිබඳ මේ වාර්තා වැඩසටහනත් නරඹන්න.
අද ලිපියට මූලාශ්‍රය
ඔය දූපත ගැන කලින් අහලා තිබුනත් මේ විදිහට ඡායාරූපත් එක්ක විස්තර ඉදිරිපත් කරලා තියෙන එක නම් වටිනවා. ඕකටත් කකුල් දෙකේ සර්පයො රින්ගන්න ගත්තාම තියෙන සුන්දරත්වය වැඩි දවසක් ඉතුරු වෙන එකක් නෑ.
ReplyDeleteමම හිතනවා ඒ සර්පයන්ට එයාලගෙ පාඩුවෙ ඉන්න දීලා මිනිස්සු ඈතින් හිටියා නම් හොදයි කියලා. මොකද මේ ලෝකය මිනිසාට පමණක් අයිති දෙයක් නොවෙයි. නමුත් මිනිස්සු හිතාගෙන ඉන්නෙ ලෝකය තමන්ගෙ කියලා..
Deleteඅනේ අම්මේ උබත් හොයාගන්න දේවල් ........... ඊයේ රජාගේ බර්ත්ඩේ පටියට ආවේ නැත්තේ මොකෝ .......
ReplyDeleteමැලේසියාවෙ රජතුමා කියන්නෙ ඉතිං බොහොම වයසක මනුස්සයා නොවැ...ඒ වගේ පාටි වලට එයා ආරාධනා කරන්නෙ එයාගෙම වයසට කිට්ටුව ඉන්න..මග යන්න පණ නැති ඩයල් වලට කියලයි මට ආරංචි උනේ...ඒකනෙ බොට ආරාධනාවක් ලැබුනෙ.
Deleteමඩුල්දූවත් ඔය වගේ සර්පයෝ ඉන්න එකක්ය කියලලුනෙ කලින් හිතාගෙන ඉඳල තියෙන්නෙ.
ReplyDeleteමොනව උනත් ඒකෙ ඉන්න සර්පයො ටික මරල දාන්නැතුව උං එක්ක සංරක්ෂණය කරන එක ලොකු දෙයක්.
මඩොල් දූවත් ප්‍රසිද්ධ වෙලා තිබුනේ ඒ පැත්තේ මිනිස්සු හේන් වලින්, ගෙවතු වලින් අහු වෙන නයි සහ අනෙකුත් සර්පයන්ව අල්ලාලා ගිහින් දාන දූපතක් විදිහට. ඒත් ඒ නයි සහ සර්පයන් වතුරු පීනගෙන ආපහු මෙගොඩ එන නිසා මඩොල් දූවේ සර්පගහණය වැඩි වෙලා නැහ....
Deleteමඩොල් දූවේ සින්නක්කර අයිතිය තිබුනේ මාටින් වික්‍රමසිංහයන්ට. අද දවසේ මඩොල් දූවේ අයිතිය තියෙන්නේ මාටින් වික්‍රමසිංහගේ මුනුපුරෙක් වෙන "මාලින් වික්‍රමසිංහට" . මාලින් මාත් එක්ක එකට "JKCS" එකේ වැඩ කලා.
මඩොල් දූවෙ සර්ප කථාව මමත් අහලා තියෙනවා. ඊට අමතරව ඉබ්බන් කටුව වැව මැද්දෙ තියෙන සතුටු දූපතත් අතීතයෙදි ගම් වලින් අල්ලගන්න සර්පයො ගිහින් දාන්න පාවිච්චි කලා කියලා ඒ පැත්තෙ සංචාරය කරපු වෙලාවක ගම්මු කියලා තියෙනවා. පස්සෙ එතන විනෝදාත්මක ව්‍යාපාරයකට කටයුතු ආරම්භ කරද්දි හිටිය සර්ප ගහනය වඳ කරන්න මුගටි කීප දෙනෙක් මුදා හැරියලු.. උන් සර්පයො ටික වඳ කරලා දුන්නලු.
Deleteපොඩි පරස්පරයක් තියෙනවා මචන්. එක තැනක කියලා තියෙනවා "Golden Lancehead" ඉන්නේ මේ දූපතේ විතරයි කියලා. ඊට පස්සෙ කියලා තියෙනවා "බ්‍රසීලයේ වගා කටයුතු වල නිරත වන ජනතාව විශාල ලෙස සර්ප දෂ්ඨන වලින් මිය යනවා. ඒ මරණ වලින් 90% කට වගකිව යුතු වෙන්නෙ මේ පොළඟා." කියලා. දූපතේ මිනිස් ජනාවාසයකුත් නැතිනම්, මේ පොළඟා ගොවියන්ට දෂ්ඨ කරන්න විදිහක් නෑ නේද ?
ReplyDeleteහොඳ වෙලාවට බ්‍රසීලේ පැත්තේ චීන්නු නැත්තේ.... එහෙම හිටියානම් ඔය සර්පයෝ අවුරුදු දෙක තුනකින්ම වඳ වෙලා යනවා....!
ඇත්ත එතැන පරස්පරයක් තිබුනා. මම එය නිවැරදි කලා දැන්. මේ දූපතේ අතීතයේ කෙසෙල් වගාවක් තිබිලා තියෙනවා. පස්සෙ කාලෙක මේ සර්ප ප්‍රශ්නය නිසාම ඒ සියල්ල කපා දමා ගිණිතබා විනාශ කොට තිබෙනවා. ඒ අර්ථයෙන් තමයි දූපතට බ්‍රසීල භාෂාවෙන් කපා කොටා ගිණි තැබූ යන අරුත ලැබිලා තියෙන්නෙ.
Deleteමූලාශ්‍ර කොට ගත්ත ලිපි දෙකේ අර පොළඟා ගැන පරස්පරයක් තිබුනා. මම ඊට පස්සෙ පහළින් අමුනලා තියෙන වීඩියෝව නරඹලා ඒ තිබුන සැක සංකා නැති කරගත්තා. මේ දූපතේ වෙසෙන සර්පයො වෙනම මාවතක පරිණාමය වෙච්ච නිසා එයාලගෙ විෂ වෙනත් විෂඝෝර සර්පයෙකුට වඩා පස් ගුණයක් වැඩිලු. ප්‍රධාන දූපතෙත් මෙහි ඉන්න මාරාන්තික පොළඟා වගේම තවත් මාරයෙක් උන්නට එයාටත් වඩා මෙයාගෙ සැර අධික බවයි කියන්නෙ. වගා බිම් වල ඉන්න පොළඟගෙන් සිදුවන දෂ්ඨන වලටත් අවශ්‍ය තත්වයෙන් උසස් ඖෂධ හදන්න මේ දුපතට ඇවිත් විද්‍යාඥයො Golden Lancehead ගැන පර්යේෂණ කරන බවක් තමයි දැනගන්න තියෙන්නෙ. ස්තූතියි දුමී අයියා පරස්පරය ගැන මතක් කලාට.
බොහොම හොඳයි සිරා. මම කවදත් ප්‍රිය කරන, අගය කරන ආකාරයේ ලිපියක්. අපි අවට ලෝකය මොනවගේද කියලා දැනගන්න කවුද අකමැති. තවත් මෙවැනි ලිපි ඉදිරියේදී ඔබෙන් ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteස්තූතියි විචාරක තුමා. සිරාගෙ කාමරේ මාසෙ මුල්ම ලිපිය අපි හැමෝගෙම දැනුමට යමක් එකතු කරන එකක් බවට පත් කරන්නයි මගේ අදහස තිබුනෙ. ඒ අදහස යම් තරමකට සාර්ථක වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.
Deleteමේ සර්ප විශේෂයට බෙහෙවින් සමාන පොළොං විශේෂයක් දූපතින් පිටත ගොඩබිමේ සිටියත් ඔවුන් මෙතරම් විෂ නොවන බවත් මොවුන් මෙතරම් විෂකින් සමන්විත වීම අභිරහසක් බවත් අසා තිබෙනවා.
ReplyDeleteහරිම සුන්දර දූපතක් බව පිංතූරවලින් පෙනෙනවා.
ඔබ මතුකල කාරණය ගැන මම ඉහළින් පිළිතුරක් සටහන් කලා. මේ දූපතේ වෙසෙන සර්පයින් වෙනම මාවතක පරිණාමය වෙච්ච නිසාලු මේ තරම් අධික විෂක් තියෙන්නෙ. උන් අනෙකුත් එම ගනයේම සර්පයන්ට වඩා 5 ගුණයක් විෂ සහිතයිලු. හිතන්නකො දෂ්ඨ කලාම මිනිස් හම දියවෙනවා කියන්නෙ මොන තරම් විෂක්ද ? දූපත බොහොම සුන්දර තැනක් බව වාර්තා වැඩසටහන නැරඹුවාම පේනවා. ස්තූතියි ගිම්...අදහසට...
Deleteසිරා මලයා ඉතාම ස්තූයි මේ වගේ ලිපි වලින් අපි දැනුවත්කරනවාට.(රන්ජන්-ඩුසල්ඩොර්ෆ්)
ReplyDeleteස්තූතියි අයියා...වචනයකින් හරි සිරා කොලුවව ධෛර්යමත් කරනවට....
Deleteමේ දූපත ගැන කෙටි විස්තරයක් මම ලගදි කොතනකදි හරි දැක්කා. හැබැයි ඒකේ මෙ වගේ පින්තූර එහෙම තිබුනේ නෑ. සොබාදහමෙත් සමහර දේවල් වෙලාවකට හරි අමුතුයි.
ReplyDeleteමම නම් විස්තර හොයනකොට තමයි ඉස්සෙල්ලාම දැක්කෙ...කලින් අහලා තිබුනෙ නෑ මේ දූපත ගැන.
Deleteමං එහෙමනං ළඟින්වත් යන්නේ නෑ එහෙනං! එච්චර සර්පයන්ට බයයි මම
ReplyDeleteමමත් බයයි බං...මම කූඩැල්ලන්ටත් පණ බයයි..
Deleteබාගෙට කියවද්දි කකුල් දෙක උඩට ගත්තා.. හැක්.. සර්පයෝ හොඳා..යි.. ඈතින් ඉන්නකං.. ඇයි ඔය ගොයි බිම්වල ඉන්න උන්වත් අල්ලලා ඔය දූපතටම ගිහින් දාන්න අදහසක් කාටවත් එන්නේ නැත්තේ. එහෙම එකක් කරා කියල කොහෙ හරි දකිනකම් අම්මපා වැස්සකටවත් බ්‍රසීලෙට ගොඩ වෙන්නෑ කියල හිතා ගත්ත ඕං.. අපි එහෙමයි. ජය ශ්‍රී!
ReplyDeleteකමියා.. අර යන්න දාගත්ත බ්‍රසීල ටුවර් එක කැන්සල් කරමු බං..
Deleteකියල වැඩක් නෑ කමී...
Deleteමටත් එහෙම්මමයි.. පුදුම අපුලක් ඇත්තේ :-(
'දීඝා වා යෙව අද්දිඨ්ඨා..!!' :-)
මොනව වුණත් විරල සටහනක්
ස්තූතියි සිරාට!
මමත් සර්පයින්ට හරිම බයයි...හරිම පිළිකුල් මටත් දැක්කම. බ්‍රසීලය කෙසේ වෙතත් අපේ පැත්තෙ ගොයම් කපන වෙලාවට පොළෙඟෙක් දෙන්නෙක් හමුවීම අනිවාර්යයි...වතාවක් ගොයම් කපන යන්තරේ තල්ලු කරගෙන ගිය කෙනාගෙ බූට් එක පසාරු වේගෙන යන්න පොළගෙක් කෑවා...මම නම් බයටම ඒ කාලෙට කුඹුරු වලට බහින්නෙ නෑ...ගොයම් පාටටම ඉන්න නිසා හොයාගන්නත් බෑ.
Deleteමේ දූපත ගැන ලගකදි විස්තරක් කියෙවුවා , හැබැයි පිංතූර මෙතරම් තිබුනෙ නෑ.
ReplyDeleteහම දියවෙලා යන් තරම් උග්‍ර විෂ සර්පයො ඉන්නව කිවුවහම මයිල් කෙලින් උනා. අම්මෝ මම සර්පයන්ට පරාණ බයයි.
යකඩෝ..බලාගෙන යද්දි හැමෝම වගේ සර්පයින්ට බයයි නේද...ඒ සර්පයෙ වෙනම ඉන්න නිසා වෙන්න ඇති ඒ තරම් විෂ...
Deleteසර්පයො කියන්නෙ මං කැමතිම සත්තු කොට්ඨාසයක්. හැබැයි ඈතින් ඉදං බලන් ඉන්න. මේ ඊයෙ පෙරේදත් අපේ වත්තට ආපු නයෙක්ව අල්ලලා ගිහිං දැම්මා.
ReplyDeleteආසාවෙන් කියවපු ලිපියක්. ස්තූතියි සිරා
හෙහ් හෙහ්... මමත් පෝය දවසේ එහෙව් පිං කමක් කලා.
Deleteපහල ගෙදර පොඩි රබර් ගහක එතිලා උන්නු පිඹුරු පැටියෙක්ව පොළඟෙක් කියල හිතාගෙන ඌව තුරන් කරන්න ඒ ගෙවල් වල මිනිස්සු ප්‍රතිකර්මයක් හොයද්දි මම එතනට ගියා.
කෝටු දෙකක ආධාරයෙන් ඌව මල්ලකට දාගෙන ගිහින් කැලේට දැම්මා...
මට තාම නයෙක්ව අල්ලන්න චෑන්ස් එකක් ලැබිල නැහැ,
කොහොමටත් පොඩි පහේ චකිතයක් තියෙනවා ඔය විස සත්තු පස් දෙනාව අතින් අල්ලන්න.
අනිත් උන්වනම් කවුරුහරි අල්ලලා අතට දුන්නොත් අවුලක් නැතුව මැනේජ් කරගෙන ඉන්න ඇහැකි...
උඔලා දෙන්නම මට මැඡික් වගේ..
Deleteලොකු කටුස්සෙක් දැක්කත් මගේ කකුල් දෙක මැඩ්ලින් ගහනවා.
@ලොකුපුතා - ගොඩක් එවුන් පොළොංගු කියල හිතාගෙන පිඹුරො මරනවා. උඹ කරල තියෙන්නෙ ලොකු පිංකමක්. මේ ලගදි අම්බලන්ගොඩ ටවුන් එකට ටිකක් කිට්ටුව තැනක වෙරළ අයිනෙ විසිකරල දාපු මාලු දැලක පැටලිල හිටිය පිඹුරු පැටියෙක්. කට්ටිය වටවෙලා උෟට බැස්ටිය දෙන්න ලෑස්ති වෙන කොට යාන්තම් මම මැද්දට පැනලා ඌව බේර ගත්තා. වැඩේ කියන්නෙ මං උෟව මාලු දැලෙන් බේර ගනිද්දි වට වෙලා උන්නු එකෙක්වත් නෑ. වැනිෂ්ඩ්...
Delete@මෙන්ඩා - මාත් සර්පයින්ට පට්ට බයයි යකෝ... ළං වෙන්නෙ බොහොම පරිස්සමට. මම දැනට නයි දෙන්නෙක් අල්ලල තියෙනවා. තව හරියට අදුරගන්න බැරි වෙච්ච සත්තු කීප දෙනෙකුත් අල්ලලා නිදහස් කරල තියෙනවා. බේර ගන්නම බැරි තැනක පොළගෙක් මරලත් තියෙනවා.
ගම්වල සාමාන්‍යයෙන් නයෙක් අහුවුනොත් මරන්නෙ නැතුව බේරලා යවන අවස්ථා තියෙනවා ගොඩාක්...නමුත් පොළෙඟෙක්ට කවදාවත් සමාව දෙන්නෙ නෑ. පොළඟා ඒ තරම් දරුණු සතෙක්..නයෙක් කෑවම එන්නත් කරන ප්‍රතිවිෂට අතුරු ආබාධ අඩු උනාට..පොළෙඟෙක් කෑවම දෙන එන්නතේ අතුරු ආබාධ තියෙනවා. හැන්දෑවෙ 6 වෙද්දි එයාලට ඇස් පේනවා අඩු වෙනවා. මේ වගේ හේතු නිසා පොළඟට යන්න දෙන්නෙ නෑ...අනිත් කාරණේ තමයි පොළඟකු මරද්දි ඔලුවටම ගහන්න කියලා කියන්නෙ. ඇගේ වෙන තැනකට වැදිලා ඌට වේදනාව දැනුනම පැන පැන කන්නෙ කියලා පිස්සු බල්ලෙක් වගේ...
Deleteeeeewww....මට නම් කියවන්ට බෑලු. :(
ReplyDeleteඅපරාදෙ...කකුල උස්සගෙන හරි කියවන්න තිබුනෙ.
Deleteඅපේ රටත් මේ වගේ වෙමින් තිබුණා.
ReplyDeleteඔව්...ඒ කාලෙ උගතුන් බුද්ධිමතුන පරයා..කුඩ්ඩො සහ චන්ඩි මතුවෙමින් ආවා...
Deleteසිරා... පුදුම විසක් නේ බන් තියෙන්නෙ මුන්ගේ....
ReplyDeleteහම දියවෙනවා කිව්වම සෙල්ලංද කොල්ලො....දැක්කත් ඇති...බොක්ක කූල් වෙනවා...
Deleteකස්ටිය එකතු කරගෙන එන්නද ගෙට්ටුවක් දාන්න
ReplyDeleteගල් ගහලා ගියා නම් පොළොන්ගු කෑවට කවුරුවත් ගනන් ගන්න එකක් නැ....
Deleteමේ විස්තරයට ස්තුතියි සිරෝ...
ReplyDeleteමමනම් සර්පයින්ට ටිකක් ඉතර මනාපයි.
මගෙ හිතේ ඉස්සර ලොකු බලාපොරොත්තුවක් තිබුනා සර්ප ෆාම් එකක් දාල විස එකතු කරන්න...
ඒකට තියෙන නීති රෙගුලාසි එක්ක ඒ වැඩේ අත ඇරලා දාල දන්න රස්සාව කරගෙන ඉන්නවා... :)
අදහස අත අරින්න එපා මිත්‍රයා...ඉතාම වටිනා වැඩක්..මම හිතන්නෙ අපේ සෞඛ්‍ය අංශ ප්‍රතිවිෂ ආනයනය කරන්න බොහොම විශාල වියදමක් දරනවා...ඉන්දියාවෙ මේ වැඩේ ජයටම යනවා නේද...
Deleteඔක්කොම සැට් වෙන නාග දුපත ගෙට්ටුව ...කියලා එකක් ලැහැස්ති කරමු බං
ReplyDeleteඊලඟ නෙළුංයාය බ්ලොග් සම්මාන එහෙ තියමුද.. එතකොට මලාට එන්නේ නැති බ්ලොගා ලට නිදහසට කාරණාවක් තියෙනවා.. අනික පත්තර කාක්කොයි දේශපාලුවොන්ගෙනුයි බේරෙන්නත් පුළුවං.. හැක්. (එන එකා නයි පොළොංඟු නෙවෙයි කාලි යස්සනී ඉන්නව කියුවත් එනව ඉතින්.. හැක්.)
Deleteඅපි දේශකයා එක්කරගෙන යමු..ඌ පොලගාගේ යාලුවනේ
Deleteඉස්සලේලා මෙන්ඩව දූපතට දාලා..අපි බෝට්ටුවක ඉමු...පැයක් දෙකක් යනකං පොළඟා කෑවා කියලා කෑ ගැහුවෙ නැත්තං ගල් කේස් එකක් අරගෙන දූපතට බහිමු.
Deleteමම යනකොට ගල් කේස් එකක් අරගෙන යන්නම්...උඔලා පස්සෙ වරෙන්
Deleteඅහලා තිබුනට වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ.. පින්තූර එක්ක විස්තර ගෙනාවට ගොඩක් ස්තූතියි.
ReplyDeleteස්තූතියි නගා කාමරේ පැත්තෙ ඇවිල්ලා ගියාට...
Deleteඊයා,සර්පයෝ නම්.
ReplyDeleteමටත් මතක් වුනේ මඩොල්දුව.ලස්සන දුපත සර්පයෝ නැති දාට එකත් ඉවර වේවි.
මඩොල් දූවේ නම් ආසාවට සර්පයෙක් නෑ.. හැක්..
Deleteමඩොල් දූවෙ සර්පයො පීනගෙන ආයෙත් ගමට එනවා කියනවා නේද...
Deleteදේශකයා යවමු
ReplyDeleteමිනිහා බාත්රූම් එකේ පොළඟා කෑවට පස්සෙ දකින්න නෑ තවම...අර කෙල්ලට රෙදි අන්දනවා ඇති මම හිතන්නෙ...
Deleteඇත්තටම මාත් සර්පයො මරල නෑ.පොල්ලක් අරගෙන දෙකක් අනුමත කරලා අබරලා දැම්ම මිසක.මොනව උනත් පරිස්සම් වෙන එක කාටත් හොදයි.මේ දුපත ගැන විස්තරය කලින් කියවල තිබ්බ සගරාවක තිබ්බ එකක්.ඒකෙත් තිබුනේ මීට වසර ගානකට කලින් මේ දුපතට ගෙනිහින් දාපු සර්පයින් උන්ගේ ජිවන චක්‍රය ගෙනියන්නයි ජීවිතය රැක ගන්නයි ඕනේ නිසා උග්‍ර විෂ සත්ව කොට්ටාශයකට පරිවර්තනය උනා කියල.අර සිරා කියල තියෙනවා වගේ මේ වරිගෙම බ්‍රසීල බුමියෙ ඉන්න උන්ගේ අරුන්ට සාපේක්ෂව විස අඩු වෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති...වෙනද වගේම සුපිරි ..ජය..
ReplyDeleteඅපොයි..අපේ ගෙදර කවුරුවත් සර්පයො මරන්නෙ නෑ..සමහර වෙලාවට පිට මිනිස්සු ඇවිල්ලා සර්පයො මරපු අවස්ථා තියෙනවා අපේ මිදුලෙ...ආච්චිගෙ කෑ ගැහිල්ලට...ඉස්සර...
Deleteපරිණාමයේ වෙනස්කම නිසා තමයි විෂ වැඩිවෙන්න ඇත්තෙ.
මං යනව කවදහරි
ReplyDeleteහරි කියහන් මාත් එනෝ
Deleteගියොත් පොඩි පැටියෙක් අල්ලගෙන වරෙන්...ගෙදර ඇති කරන්න...
Deleteපොඩි මෙන්ඩා එක්ක “How to train your Dragon“ ෆිල්ම් එක බලලා දැන් ඌට පොඩි මකර පැටියෙක් ඉල්ලනවා
Delete