Saturday, May 30, 2015

63 ඇමරිකාවේ මගේ පාට් ටයිම් එක

ඇමරිකාවට පය තියද්දි තමන්ගෙම කියලා මිත්‍රයෙක් නැදෑයෙක් ලඟපාත හිටියෙ නැත්තං අතේ තියෙන සල්ලි ටික ඉවර වෙන්න කලියෙන් කල යුතුම දේ තමයි ඉක්මනින් රැකියාවකට එකතු වෙන එක. ඇමරිකාව වගේ විශාල රටක තමන්ගෙ සුදුසුකම් වලට රැකියාවක් ලබාගන්න තියෙන තරගය ගැන කියන්න දෙයක් නෑනෙ. ඉතින් ජීවන වියදමවත් දරාගන්න පුලුවන් රැකියාවකට හරි හා පුරා කියලා සම්බන්ධ වෙන්න තමයි ලංකාවෙ අය වගේම අනිත් රටවලින් මෙහාට එන අයත් උත්සාහ කරන්නෙ.

ග්‍රීන් කාඩ් ලොතරැයියෙ ජයග්‍රාහකයෙක් විදියට මෙහෙට පය තියලා මගේ සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් ලැබෙනකං ලේසියෙන් පහසුවෙන් හොයාගන්න පුලුවන් සුපිරි වෙළඳ සැලක රැකියාවකට මමත් එකතු උනා. පස්සෙ කාලෙක වෘත්තීය සුදුසුකම් අනුව රස්සාවක් ලැබුනත් මම අදටත් සෙනසුරාදා රාත්‍රිය මේ සුපිරි වෙළඳසැල් ජාලයේ ශාඛාවක තට්ට තනියම සේවය කරන්නෙ අපි ඇමරිකාවට ආවෙ හැකි තරමක් සල්ලි එකතු කරගෙන ආයෙත් ලංකාවට එන්න බව තවමත් මට අමතක නැති හින්දයි.
මගේ සේවා ස්ථානය

සෙවන් ඉලෙවන් කියන්නෙ ලෝකයේ බොහෝ රටවල තියෙන සුපිරි වෙළඳසැල් ජාලයක්. මේ වෙද්දි ලෝකය පුරා ශාඛා 53000 කට කිට්ටුව තියෙනවා කියලයි කියන්නෙ. මේ ව්‍යාපාරයේ ආරම්භය 1927 දක්වා දුරකට විහිදෙනවලු. ඇමරිකාවෙ ටෙක්සාස් වල තියෙන මව් සමාගමේ අනුමත ශාඛාවන් ෆ්‍රැන්චයිස් ක්‍රමයට ලෝකය පුරාම ක්‍රියාත්මක වෙනවා. මේ යටතෙ ගොඩාක් වෙලාවට ඉන්දියානු ජාතිකයන් මේ ශාඛා පවත්වාගෙන යනවා. මම සේවය කරන තැනත් ප්‍රධානියා ඉන්දියානුවෙක්. ඉන්දියානුවන්ට වගේම ලංකාවෙ අයටත් මේ අය රැකියාවන් ලබාදෙනකොට ප්‍රමුඛතාවය දෙන්න‍ෙ ඇමරිකාවෙ ඉන්න අපේ රටේ අය වැඩට කම්මැලි නෑ කියලා නමක් හැදිලා තියෙන නිසයි.

සෙවන් ඉලෙවන් සුපිරි වෙළඳසැල් ජාලයෙ 1946 වෙනකං තිබිලා තියෙන්නෙ වෙන නමක්. 46 දි විවෘතව පවතින වෙලාව උදේ 7 ඉඳන් රාත්‍රී 11 දක්වා වෙනස් කරපු නිසා අලුතින් තමන්ගෙ ලාංජනය හදලා ඒ කථාව එතනට සම්බන්ධ කරලා. වර්තමානයේ මේ වෙළඳසැල් පැය 24 ම විවෘතව තිබුනත් තවමත් පරණ ලාංජනයම තමයි යොදාගන්නෙ.

මේ වෙළඳසැල් ජාලයේ ශාඛාවකට සේවකයෙක් විදියට එකතු උනාම මුලින්ම ලැබෙන අභියෝගය තමයි මුදල් රෙජිස්ටරය හරියට හසුරවන විදිය ඉගෙන ගන්න එක. මෙලෝ සංසාරයක් නොදන්නා කෙනෙකුට උනත් දවස් 3ක් ඇතුලත එය පුරුදු වෙන්න පුලුවන්.




සාමාන්‍යයෙන් සේවා මුරයක් පැය 8 යි. දවසකට පැය අට බැගින් සතියකට පැය හතලිහක සේවා කාලයක් එක සේවකයෙකුට ලැබෙනවා. මේ පැය 40 ඇතුලෙ ඉටු කල යුතු වගකීම් බොහොමයක් තියෙනවා. ඒ අතරින් පිරිසිදු කිරීම් වලට ඉහළ ස්ථානයක් හිමි වෙනවා. අඩුම වශයෙන් දිනකට තුන් වරක් වත් පොළව හෝදන්න ඕනෙ. මේ වැඩේ තමයි මට නම් අපහසුම වැඩකට තියෙන්නෙ.


ගොඩාක් තැන් වල දවල් කාලයට සේවකයො දෙන්නෙක් ඉන්නවා. ගණුදෙනුකාරයො විශාල ප්‍රමාණයක් ගැවසෙන කොට දෙන්නම භාණ්ඩ විකුණනවා. එහෙම නැත්තං එක්කෙනෙක් භාණ්ඩ විකුණනකොට අනිත් කෙනා පිරිසිදු කරන වැඩ ටික කරනවා. අපිට කරන්න තියෙන තවත් අපහසුම කාර්යයක් තමයි  අධිශීතකරණ තුල භාණ්ඩ ගබඩා කිරීම. පළපුරුද්ද තියෙන කොට මේ වැඩේ හරිම ලේසියි. විවිධ වෙළඳ නාම යටතේ අති විශාල කෑම බීම වර්ග ප්‍රමාණයක් ගබඩා කරන එක සෙල්ලං නෑ. ඒ ඒ වෙළඳ නාමයට හිමි ස්ථානයේ ඒවා තිතට නූලට ගබඩා කරන්න ඕනෙ. විශාල කාමර වගේ තියෙන අධිශීතාගාර ඇතුලෙ තියෙන සීතල දරාගනිමින් මේ වැඩේ කරන එක මුල් කාලෙ නම් වහ කනවා වගේ වැඩක්.


සෙවන් ඉලෙවන් වෙළඳ සැල් අැතුල‍ෙ විවිධාකාරයේ බීර වර්ග හා වයින් වර්ග විකිණීමට තියෙනවා. මම ජීවත් වෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිය අනුව මධ්‍යසාර මිළදී ගැනීමට වයස 21 සම්පූර්ණ කල යුතුයි. දුම්වැටි සඳහා වයස 18 සම්පූර්ණ කල යුතුයි. හැම වෙලාවෙම තරුණ තරුණියන්ට මධ්‍යාසාර හෝ දුම්වැටි අළෙවි කරද්දි හැඳුනුම්පත පරීක්ෂා කරලා වයස තහවුරු කරගන්න අවශ්‍යයි.


මේ කාර්යයන්ට අමතරව සෑම පැය 2-3 කට වරක් කෝපි හදන්න ඕනෙ. සෙවන් ඉලෙවන් ඇතුලෙ කෝපි වර්ග 10 -15 අතර ප්‍රමාණයක් තියෙනවා. සිල්ලර බඩු විකුණනවට අමතරව පැත්තකින් ලොතරැයි විකිණීමකුත් තියෙනවා. මේක හොඳ සිහි කල්පනාවෙන් කරන්න ඕන‍ෙ වැඩක්. ලොතරැයි අළෙවි කරනවා වගේම ජයග්‍රාහකයන්ට එවලේම මුදල් ලබාදීමත් කරන්න ඕනෙ. ඩොලර් 500 ට අඩු ජයග්‍රහණ වලට විතරයි එවලේම සල්ලි දෙන්නෙ.


ඇමරිකාවට ආව අයගෙ ජීවිත රෝසමල් යහනාවක් කියලා ලංකාවෙ ගොඩාක් දෙනා හිතනවා ඇති. නමුත් ඒක එහෙමම නෙමෙයි. මේ ජීවිත ඇතුලෙ  සතුට වගේම දුකත් ඇති පදම් තියෙනවා. ඇමරිකාව ජීවන වියදම ඉහළ රටක් නිසා සමහර වෙලාවට එක රැකියාවක් විතරක් කරලා ලැබෙන ආදායමෙන් වියදම් ටික අඩු කලාම ඉතිරියක් කරන්න වෙන්නෙ අඩුවෙන්. ඒ නිසා ගොඩාක් දෙනා දහවලේ කරන රැකියාවට පස්සෙ රාත්‍රී කාලයේ සුපිරි වෙළඳසැලක සේවය කරන්නේ අමතරව කීයක් හරි හොයාගන්න චේතනාවෙන්. රාත්‍රියට සේවය කරනකොට අතිකාලත් ගෙවන නිසා එවැනි අයට මේක ඉතාමත් වටිනා රැකියාවක්.

ලංකාවෙන් අපි එද්දි හිත් වල පුරවගෙන ආව හීන ලේසියට පහසුවට සැබෑ වෙන්නෙ නෑ. ඒ සඳහා ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ. ඇමරිකාව කැනඩාව වගේ රටවලට පැමිණෙන බොහෝ දෙනෙක් ස්ථිරවම මේ රටවල පදිංචි වෙනවා. තවත් පිරිසක් ආයෙමත් ලංකාවට යනවා. මම ඉන්න‍ෙ මේ අයගෙන් කොයි ගොඩේද...මට තවමත් හිතාගන්න බෑ

සෙවන් ඉලෙවන් ජාලයට විවිධ භාණ්ඩ අරගෙන දිනපතා සැපයුම් කරුවන් රාශියක් පැමිණෙනවා. ඔවුන් රැගෙන එන භාණ්ඩ සේවකයන් විසින් හොදින් පරීක්ෂා කරලයි බාර ගන්න ඕනෙ. පරිගණක ගත කරන ලද ක්‍රමවේදයක් තියෙන නිසා මේ කටයුත්ත එතරම් අපහසු නෑ. ඒ වැඩසටහනට පින් සිද්ධ වෙන්න සංඛ්‍යාත්මක තොරතුරු වරදින්න තියෙන ඉඩකඩ අවමයි.



මම මුලින්ම කිව්වා වගේ රස්සාවක් හොයාගෙන අැමරිකාවට එන බොහෝ දෙනෙක් තමන්ගෙ ගමන හා පුරා කියලා පටන් ගන්නෙ සුපිරි වෙළඳසැලක සේවය කිරීමෙන්. අඩියෙන් අඩිය ඉහළට ආවට පස්සෙ ඒ අය තමන් අතීතයේ දවසක නිරත වෙච්ච රැකියාවේ වර්තමානයේ නිරත වන්නන් දෙස බලන්නේ වපර ඇහැකින්. මම මේ කාරණේ අත්විඳලා තියෙනවා. ලාංකිකයන් අතර මේ තත්වය ඉතා සුළභයි.

සමහර කෙනෙක්ට ඇමරිකාවෙ තමන්ග‍ෙ මුල්ම රැකියාව අවසාන රැකියාව බවට පත්වෙන වෙලාවලුත් තියෙනවා. තවත් කෙනෙක් අධ්‍යාපනය අවසන් කරන තුරු දැරිය යුතු වියදම් පියවා ගන්න මේ රැකියාව කරනවා. අනෙක් කොටස තමාට සරිලන රැකියාවක් ලැබෙන තුරු ජීවන වියදම දරාගැනීම පිණිස මෙවැනි රැකියාවක නිරත වෙනවා. කුමන අරමුණකින් රැකියාව කලත් මේ හැමෝම දකින්නෙ එකම හීනයක්. ඒ තමන් මව් රටින් මෙහෙට එද්දි ගෙනාව හීන සැබෑ කරගන්න එක.

සුපිරි වෙළඳ සැල් වල මේ රැකියාව දීර්ඝ කාලීනව කරන්න අමාරුයි. අනෙකුත් රැකියා වලට සාපේක්ෂව ඇමරිකාවේදී මේ රැකියාවට ලැබෙන්නේ පුංචි වැටුපක්. ඒ වැටුප ලබාගැනීමටත් බොහෝ සේ මහන්සි වෙන්න ඕනෙ. ඇමරිකානු ජන සමාජය ගැන අවබෝධයක් ගන්න මේ රැකියාව ඉතාම ගැලපෙනවා. මාස කීපයක් වැඩ කලාම ඇමරිකානු ක්‍රමය ගැන වගේම මේ මිනිස්සු හිතන පතන විදිය ගැනත් පොඩි අවබෝධයක් ලැබෙනවා.

සෙනසුරාදා දවසෙ රාත්‍රී සේවා මුරයෙ මට වැඩිපුරම විකුනන්න ලැබෙන්නෙ කොණ්ඩම්. කොණ්ඩම් ගන්න ජෝඩුවම මෙතනට ආවත් කොල්ලො ගොඩාක් වෙලාවට ලැජ්ජා කාරයො. කෙල්ලො තමයි භය නැතුව ඒවා තියෙන තැන් වලින් තෝරලා ගන්නෙ. 

මේ දෙකෙන් කොයි එකද  හොඳ...සමහර වෙලාවට සුදු නංගිලා‍ කොණ්ඩම් දෙකක් පෙන්වලා මගෙන් අහනවා...හත් දෙයියනේ තනිකඩ මම කොණ්ඩම් වලින් බැලුම් පුම්බන්නද...එහෙම වෙලාවට මට හිතෙන එකක් හොදයි කියලා තෝරලා දෙනවා. සති අන්තය එළඹෙන නිසා වෙන්න ඇති සෙනසුරාදා රෑට කොණ්ඩම් වලට මේ තරම් ඉල්ලුමක්...

සුදු අක්කලා නංගිලාගෙ හිතවතා ඉන්නෙ මේ විදියට

මේ වෙළඳ සැල් වලට යන එන උදවිය අතර විවිධ ජාතීන් ඉන්නවා. ඔවුන් ගෙන් ඇතමෙක් රාත්‍රියට බීමතින් තමයි එන්නෙ. බීමතින් එන අය නිසා සමහර වෙලාවට නොසිතූ කරදරත් සිද්ධ වෙනවා. ඒ අස්සෙ හොරුන්ගෙන් වංචාකාරයන්ගෙන් අඩුවකුත් නෑ. රාත්‍රියට සේවය කරන සේවකයන්ට තමයි මේ දේවල් වලට බහුලව මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.

තනියම සුපිරි වෙළඳ සැලක් බලාගෙන මහ රෑ ඉන්නවා කියන්නෙ අවධානම් සහගත වැඩක්. කථා කරන්නත් කෙනෙක් නැති නිසා කට්ට පාලුයි. පරණ සිංහල සින්දුවක් අහගෙන ඉද්දි ලංකාවෙ මගේ අතීතය මතක් වෙනවා. සමහර වෙලාවට සින්දු අහන ගමන්ම නින්ද යනවා. උදේ 6 ට ආයතනයෙ කළමණාකාර වරයා එනකං මම විතරයි. එයා ආවම මුදල් ටික ගැනලා බාර දීලා මම ගෙදර යනවා. ඔන්න ඔහොමයි මගේ රාජකාරියෙ ස්වභාවය. මම මේ අවධානම් සහගත වැඩේ දැන් සෑහෙන කාලයක ඉඳන් කරන්නෙ අනාගත බලාපොරොත්තු ගැන කල්පනා කරලා හිත තද කරගෙන. කොහොමත් මට දැන් භයක් දැනෙන්නෙ නෑ. මොකද මගේ පවුලෙ අයට මම උපයන හැම ඩොලර් එකම වැදගත් හින්දා. ඒ ගැන හිතුවාම ඕනෙ රෙද්දක් කියලයි මට හිතෙන්නෙ.





සිරාගෙ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන්
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට ලියා එව්වේ ප්‍රසාද් සමීර.






ප.ලි

පින්තූර කෑලි ටික ඉතින් සෙනසුරාදා දවසක මම වැඩ කරද්දි ගත්ත එ්වා.

63 comments:

  1. නිශ්චිත ‍රැකියාවක් නැතිව කොයි රටට ගියත් ඔය සේතේ තමා වෙන්නේ නේද ? උත්සහය අතාරින්න එපා. දවසක දිනාවි. ජය !

    සිරා, හත්වෙනි ලිපිය කිව්වට දිනය තියෙන්නේ ජුනි 1 කියලනේ.. ලිපිය වැටිලා තියෙන්නේත් ජුනි මාසෙට.. මට පේන්නේ සිරා ටිකක් පරක්කු වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. ජය වේවා....ජය වේවා...!!!

      Delete
    2. ඇත්ත. විනාඩි ගනනක පමාවක් උනා සෙන්නා...මම ඉතින් පොඩි ජිල්මාට් එකක් දැම්මා...

      Delete
  2. ලංකාවත් මේ විදිහට පාට් ටයිම් වලට බහින්න කාලෙ හරි කියලයි මට හිතෙන්නෙ.අපි ඉතින් මෙහෙ ඉන්නකොට හෙන ගණකම.රටකට ගියාම තමයි තේරෙන්නෙ... මෙහෙ වගේ මචං උඹ කාලා නෑ නේද කියල අහන අය නෑ කියලා.(මේක මට කෙනෙක් කියපු කතාවක්.)
    ජයවේවා..!! සිහින සැබෑ වේවා..!!

    ReplyDelete
    Replies
    1. මචO උඹට කවුරු උනත් කියල තියෙන්නෙ සහතික ඇත්ත බO....

      Delete
    2. බොලාටත් ඉක්මනටම පාට් ටයිම් සෙට් වේවා.....!!

      Delete
  3. මුලින්ම ඔයා මෙහෙන් යනකොට පතපු සිහින සැබැ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව !!!

    මෙහෙන් මුලින්ම එන කෙනෙකුට සුපර් මර්කට් එකක වගේ ජොබ් එකක් ලේසියෙන් හොයාගන්න පුලුවම් විදිය ගැනත් පොඩ්ඩක් මේ ලිපියෙම අප්ඩේට් කරන්නකෝ. මොකද ජල්තර කාරයො ලංකාවේ වගේම ඔහෙත් ඉන්නවනේ. එහෙම කෙනෙක්ට අහුවෙලා අනාත වෙන්න කලින්.

    ඔයා ග්‍රීන් කාඩ්ද ගියේ? ඒකට මුල ඉඳන් apply කරපු වෙලේ ඉඳන් ඔයා කරපු වැඩ, කොහොමද හරිගියේ ඒවා ගැනත් පෝස්ට් එකක් දන්නකෝ

    ReplyDelete
    Replies
    1. අනිවා දේන්නම් වෙන පොස්ට් එකකින් "අ" ඉඳලම......

      Delete
  4. අපි ඇමරිකාවට ආවෙ හැකි තරමක් සල්ලි එකතු කරගෙන ආයෙත් ලංකාවට එන්න බව තවමත් මට අමතක නැති හින්දයි

    ඇමරිකාව කැනඩාව වගේ රටවලට පැමිණෙන බොහෝ දෙනෙක් ස්ථිරවම මේ රටවල පදිංචි වෙනවා. තවත් පිරිසක් ආයෙමත් ලංකාවට යනවා. මම ඉන්න‍ෙ මේ අයගෙන් කොයි ගොඩේද...මට තවමත් හිතාගන්න බෑ

    ReplyDelete
    Replies
    1. ලොකු පුතේ ඔය ප්‍රශ්නේ ගොඩක් මිනිස්සුන්ට තියනව....මමත් ඇතුලුව...ඒකට බලපාන හේතුත් ගොඩක් තියනව....සීයට අනූනමයක් ම මේහේ හිටියට හදවතින් ඉන්නෙ ලOකාවේ.....

      Delete
  5. කොයි රටෙත් දැන් නම් ගිය ගමන් රස්සාවක් හොයා ගන්න එක කොහොමත් අමාරුයි.. ටිකක් කටා කන්නම වෙනවා.. දන්න කියන කෙනෙක් නැත්නම් ඉතින් තවත් ප්‍රශ්ණ ගොඩයි..

    ReplyDelete
    Replies
    1. ඔව් බO දැන් ඉස්සර වගේ කිසිම රටක ජොබ් එකක් සොයා ගන්න ලේසි නැ...හැමතැනින්ම ගොඩක් දේවල් බලනව...අපට කොච්චර හැකියාවක් තිබුනත් වැඩක් නැ හරියට වීසා එකක් නැත්නම්......කොලයක් හදා ගන්න පුදුම දුකක් විඳින්න ඕන....

      Delete
  6. ඇමරිකන් උත්තමයෝ හඳේත් ඇවිදලා තියෙනවනේ. ඒ වගේ මහා උතුම් පිරිසක් ජිවත් වෙන රටකට, අපේ වගේ කැත, කොට අනාථයෝ ඉන්න රටක කුකුල්ලු වැද්ද ගන්න එකෙන්ම පෙන්වා මේ උත්තමයන්ගේ මහා ගුණාංග.සම්බෝලයි බතුයි කන අපේ අනාත සිංහල කුකුල්ලුන්ට ඇමරිකාවට යන්න ලැබෙන එකත් කොයිතරම් පිනක්ද. මේ පොස්ට් එක ලියපු කෙනා නම් හරිම වාසනාවන්තයෙක්. ලංකාවේ/ ලෝකේ වෙන රටවල ඉන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද ඇමරිකාව කියන මහා උත්තම දේශයට යන්න බලාගෙන. ඒත් කීයෙන් කී දෙනාටද ඒ අවස්ථාව ලබන්නේ.

    ReplyDelete
    Replies
    1. බොටත් සම්බොලයි බතුයි කන එක නවත්තලා ඒ උත්තම රටට ගිහින් කඹුරන්න ලැබේවායි ඉති සිතින් ප්‍රාර්ථනා කරමි.....හික්ස්.....

      Delete
    2. ඇනො...මම බොට කෙටි උත්තරයක් දෙන්නම්...

      මම ගඟේ පැන්නෙ පෙරළ වතුර බොන්න නෙමෙයි....හික්ස්....

      Delete
  7. //සිරාගෙ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන්// :O

    මේ ඔයාගේ කාමරේ හත්වෙනි ලිපියද සිරෝ...

    සමීරගේ සිහින සැබෑවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ජය වේවා.....ජය වේවා....අත හිත සිරා ගෙන්....

      Delete
  8. "දිල්ව‍ාලේ දුල්හානියා ලේජායෙංගේ" මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. බොට වෙන මුකුත් මතක් උනේ නැතෙයි.....හික් හික්....

      Delete
    2. ඒකෙ අම්රිශ් පුරි ඔයවගේ (හැබැයි පොඩි) සුපර් මාකට් එකක් කරනවා. ඒක වහන වෙලාවෙ ශාරුක් ඛාන් එනවා බියර් ගන්න. මතකෙයි?

      Delete
  9. වට්ටියේ කෙසෙල්...

    අඩියේම ඇති එව්වා නොසෑහෙන්ට තැලෙයි...

    ReplyDelete
    Replies
    1. කෙසෙල් මෙහෙම තියනකොට කිසි ගතියක් නෑ නේද?....
      අපේ හOදියේ කඩේ වගේ කැන් පිටින් එල්ල තිබුන නම් පට්ට නේ .....කො ඉතින් මුන්ට කිව්වට අහන එකක් යැ.....හික්ස් ....

      Delete
    2. ඒක හරි... :-)
      මට හිතුනේ අපිත් ඒ කෙසෙල් වගේ තමා කියල...
      උඩම තට්ටුවට අහුවෙනකල් තැලෙනව...

      Delete
  10. විටමින් "C"කොන්ඩමුත් තියෙනවා..:D

    ඕනෑම තැනකට මුලින්ම අනුගත වෙන්න ටික කාලයක් යනවා,ඇමරිකාව වගේ රටකදී එක ගොඩක් දැනෙනවා ඇති.අවධානම් සහගත වැඩක් වුනත් නොකර බැහැනේ.
    දුක ළඟ සැප තියෙනවා.කට්ටක් කෑවට වැඩේ අත්හරින්න එපා බං.අල්ලාගෙන පලයන්.දවසක ඔක්කොම හරි යයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බO දැන් ඉතින් ආපසු හැරීමක් නැ....

      Delete
    2. තව ජාති ගොඩක් තියනව පුතේ....ඔන නම් කියපන්....හික්ස්...

      Delete
  11. ඇමරිකාවෙත් ජීවන වියදම එක එක ප්‍රාන්ත වලට අනුව වෙනස් වෙනවා. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි. ඒත් මම දන්න විදිහට සිංගප්පූරුව, ජපානේ වගේ රටවල් එක්ක බලද්දි ඇමරිකාවේ ජිවන වියදම බාගයක් විතර අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එක එක ප්‍රාන්ත වල වෙනස් වෙනව...ගොඩක් නෙමයි සුලු වශයෙන්....

      Delete
  12. තනියෙන් ඉන්න එකනං අවධානම් වැඩක් තමයි. ඒත් හුරු උනාම ඒක ගානක් නැතුව ඇති නේද?
    මොනව උනත් ඉතිං වෙන රටක තියා තමංගෙ රටේ හිටියත් සල්ලි හම්බ කරන්නනං කට්ට කන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ලොකු අය්යේ...අපි ඉන්නව ඉතින්....

      තනිවයි උපන්නේ....තනිවයි මැරෙන්නෙ කියල......!!

      Delete
  13. රසවත් විස්තරයක්.මුලින් කියල තියනව වගේ සහයෝගයක් දෙන්න කෙනෙක් නැතිව ඔවැනි රටකට යන එක ගැනනම් කියල වැඩක් නෑ.
    ලිපියේ වටිනාකම වැඩි උනේ අවසානයට යනකොට.මේ හැම දුකක්ම කැපකිරීමක්ම කරන්නෙ තමන්ගේ පවුල වෙනුවෙන්නේ නේද.සමීරගෙ සිහින සැබෑ වෙන්න කියල පතන්නම්.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවෙත් දෙහිඅත්තකන්ඩියක් ඇත......හිකස්

      Delete
    2. කරලත් නොකරත් බැනේ ...
      මේකෙනෙ ඉන්නට වෙන්නෙ..
      මාසේ අන්තිම ගාස්තු විතරයි...
      සැප නෑ මෙහේ.....!!!

      Delete
  14. සුපුරුදු ලෙස මේ ලිපියත් සොරාගෙන එළකිරි ඩොට් ‍කොම් අඩවියේ පළකර තිබේ. උපු‍ටාගත් ‍බ්ලොගය පිළිබද සදහනක්වත් නැත. ඒක කොපි පේස්ට් කරපු එකා උගේ අත්දැකීමක් වගේ කමෙන්ට්ස් වලටත් ප්‍රතිචාර දක්වා ඇත. මෙන්න ලින්ක් එක
    http://elakiri.com/forum/showthread.php?t=1679439

    ReplyDelete
    Replies
    1. එළකිරි ඩොට් කොම් ඇඩ්මින් රංග තේනුවර කියන මිනිහාටත් ලැජ්ජාවක් නෑ. තමුන්ගේ සයිට් එක ප්‍රසිද්ධ වෙනවා නං ඕනි ජරාවක් එකේ දාන්න දෙනවා. ලංකාවේ ගැනුන්ගේ හෙළුවැලි පින්තුර ඉදලා ඕනි දෙයක් දාන්න පුළුවන්.

      එකේ දාන්න දෙන්නේ නැති එකම දේ වෙනත් සයිට් වල ලින්ක් විතරයි. මොකද ඌ ඕනි තරං අනුන්ගේ ලිපි උස්සලා උගේ සයිට් එකේ දාන්න ඉඩ දෙනවා. හැබැයි කවුරු අරි වෙන ලිපියක් උපුටලා අරං එකේ මුල් ලිපිය තිබුණු සයිට් එකට ලින්ක් එක දැම්මොත් ඔන්න රංග තේනුවරට සහ ඌට සත පනහට දෙක පුන පොන්සි ටින්ටින් කියන මොඩ්ට ඇහේ කටු අනිනවා වගේ. ඉක්මනට අර ලින්ක් එක අයින් කරනවා ස්පෑම් කරනවා කියලා.

      Delete
    2. යකො ඇත්ත නේන්නම්...මු කොපි කරපු එක නෙමයි නෙ වැඩේ...යකො මු කොමෙන්ට් වලට උත්තරත් දීල...අයියෝ සල්ලි....

      Delete
    3. කොපි කල හැක ......සම කල නොහැක.... කියල ඔය පොත් වල තියෙන්නෙ බන්...

      Delete
    4. තමන්ටම කියල දරුවෙක් ජාතක කරන්න බැරි උන් වෙන එකෙක් ලව්වා හදෝගෙන හරි වෙන එකෙක් හදපු එකෙක් හරි අරගෙන උප්පැන්නෙට තමන්ගේ නම දානවා පියා හැටියට.කමක් නෑ මල්ලි.ඔය ජාතියෙ හැටි.ඕකට පිරිමිත් නැති ගෑනුත් නැති ජාතියක් කියලයි කියන්නේ.ඇනෝ ඔරිජිනල්ම නම දීලම තියෙන්නෙ.සැලෙන්න එපා.ඉස්සරහට තියන අඩිය පස්සට ගන්න එපා.ඔහොම්මම යන්.අත්තිවාරම ශක්තිමත් නම් තට්ටු ගහන එක වැඩක් නෙමෙයි.ජය.

      Delete
    5. මේ පළවෙනි වතාව නෙමෙයි දිල්ෂාන්...මම ඒ ගැන කවදාවත් තරහා අරගෙන නෑ. මම සතුටු වෙනවා මම ලියපු ලිපියක් අවසරයක් ඇතත් නැතත් වෙන තැනක යනවා නම්...ඒ ලිපියෙ ගත යුත්තක් තියෙන නිසානෙ කොපි කරන්නෙ කියලා අදහසේ ඉදන්. ඒත් ලිපියක් ලියන්න වෙන මහන්සිය...නිදි මරන පැය ගනන සලකලා බැලුවාම...කොහෙවත් යන එකෙක් ලිපියෙ අයිතිකාරයා වගේ පෙනී ඉන්න අවස්ථා දැක්කම හිතට දුකයි. සමීරටත් සතුටු වෙන්න පුලුවන් අවස්ථාවක්. ඔබේ ලිපියෙ ගත යුත්තක් ඇති නිසා තමයි එතනට අරගෙන තියෙන්නෙ.

      ඔය කියන තැන ඉන්න සම හරක් තමන්ටම කියලා පේලි 10 ක් ගොනු කරගන්න බැරි අය. ඉතින් ගෙඩි පිටින් වෙන තැනක තියෙන ලිපියක් උස්සලා එදා වේල පිරිමහ ගන්නවා.

      Delete
    6. ගත්ත එක නෙවෙයි සිරා අවුල... මාත් මගේ බ්ලොග් එකේ පින්තුර, විස්තර ඕන කෙනෙක් ගත්තට කමක් නෑ කියලයි දාලා තියෙන්නෙ.
      අවුල තියෙන්නෙ මේක දාපු එකා උගේ අත්දැකීමක් වගේ කමෙන්ට්ස් වලට පවා රිප්ලයි කරල තියෙන එක. මම ඒ සයිට් එකේ මේ ලිපියෙ ලින්ක් එක ෂෙයා කරලත් පස්සෙ කල්පනා කලා ප්‍රසාද්මද දන්නෑ ඒ ලිපිය ඒකට දැම්මෙ කියලා. ඌ ඒ තරම් තාත්විකව රිප්ලයි කරලා... :D

      Delete
    7. සිරා,

      එළකිරි එකේ ඇඩ්මින් රංග තේනුවරට ඊමේල් එකක් දාන්න මේ කොපි පේස්ට් සිදුවීම ගැන කියලා. එළකිරි ඇඩ්මින් එකේ ඉන්නේ GTRZ කියන නමින්. පොර හොර වැඩ කරන නිසා කවදාවත් උගේ ඇත්ත නමින් පෙනී ඉන්නේ නෑ. gtrz@elakiri.com
      කියන ඊමේල් ඇඩ්රස් එක උගේ. ඒකට ඊමේල් එකක් දාන්න. අනුන්ගේ ලිපි උස්සලා දාන්න එපයි කියන්න.

      Delete
  15. අනෙක් අයටත් වටිනා, හොඳ අත්දැකීම් ගොඩක්!

    ReplyDelete
  16. ස්තුතියි ප්‍රසාද් සමීර. අර ඉහල කමෙන්ට් එකකින් පොරොන්දු වුනා වගේ තව විස්තර ලියමු.

    ReplyDelete
    Replies
    1. අනිවා... දෙන්නම් .....ඉස්සරහට අයදුම්පත් දාන්න පුලුවන්...ඒ කාලෙට දාන්නම්....

      පසුව ලියමි...

      අත හිත සිරාගෙන්....

      Delete
    2. මම හිතාගෙන හිටියේ ග්‍රින්කාඩ් කියන්නෙ බොරැවක් කියලා.

      Delete
    3. ගොඩක් බොරු කාරයො ඉන්නව බන්...හරි එකෙක් සෙට් උනොත් වැඩේ කර ගන්න පුලුවන්......

      Delete
  17. උපන් රට තරම් වෙන කිසිම තැනක් හිතට අල්ලන්නේ නෑ කියන්නේ ඒකනේ.. ඇමරිකාව රෝස මල් යහනාවක් නෙවෙයි කියන එකනං හිය අවුරුද්දේ ශිෂ්‍යත්වෙකට ආපු වෙලේ හිතුනා. මේ ජූලි වල ආයේ ඇවිත් යන්න එනවා.. බලමු :)

    ReplyDelete
    Replies
    1. නාඩියා උඹ එන කොට පොලොස් ඇඹුලක් හදන් වරෙන්......හික්ස්.....

      Delete
  18. නාඩියා එන්න කලින් කියපන්...සැට් වෙලා අඩියක් ගහමු....

    පුතෝ....බ්‍රැන්ඩ් එක ගල්....හික්ස් හික්ස්....

    ReplyDelete
    Replies
    1. මෙන්න කොල්ලෝ හදට ගියත් බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  19. උඔ බොරැ පඩ ෂෝ නැති එල කොල්ලෙක්...ඇමරිකාවෙදිත් පපුවට ගහලා ආඩම්බරෙන් කියපන් මම ශ්‍රි ලංකිකයෙක් කියලා...

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා...මම මේ උඹ එක කන් හිටියෙ බන්...අඩියක් ගහන්න...ඇයි බන් පරක්කු උනේ.....වෙනදට උඹ නේ බන් කලින්ම එන්නේ....

      Delete
    2. මම නැතිවුනා නම් උඔලාගේ සුපර්මාකට් වලට කෙල්ලෝ එන්නෙ හෙලුවෙන්...උන්ට බ්‍රා ටික යවලා මේ ආවේ.

      Delete
    3. අනිත් දවසෙ යවන එකක් කලින් යවල ඉක්මනට වරෙන්.....

      එක්කො බන් ඔව යවන එක නවත්තලාම දාපන්....හොක් හොක්....

      Delete
  20. හොඳ විස්තරයක්. ඇත්තටම ප්‍රසාද්, ඇමරිකාවෙ ගිහින් ඔබේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් වෙන මහන්සිය අපිත් සමග බෙදාගැනීම සම්බන්ධව සතුටුයි. වෙන කට්ටිය ලොකු ලොකු පම්පෝරි ගහල ලොකු කම් කියද්දී ඔබ මුලින්ම කරන ලද සහ දැනටත් අර්ධ වශයෙන් කරන රැකියාවේ ස්වභාවය ගැන තොරතුරු අව්‍යාජව ප්‍රකාශ කිරීම අගය කරනවා. ඔබේ සියළුම බලාපොරොත්තු ඉටු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. ඒ වගේම සිරා අයියටත් ස්තුතියි මේ වගේ ලිපි පල කිරීම සම්බන්ධව. දෙදෙනාටම ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මුලුන්ම කියන්න ඕන සිරා නැත්නම් ඉතින් මේවා නැත....අත හිත සිරා ගෙන්....හරියට ලOකා බැOකුව වගේ...හික්ස්....

      අපි ඉතින් බන් ගමේන් බැහැපු උන් නේ බන්....ඔන එකක් දිරවනව.....හික්ස්...

      Delete
  21. සිරා...
    සමියාට අවස්ථාවක් දිපන් ග්‍රින් කාඩ් ගැන විස්තරයක් ලියන්න..
    සමියා
    ඒක එක කොටසකින් ඉවර කරන්න එපා A to Z ලියපන්

    ReplyDelete
  22. පේන විදියට නම් 13700 ඔක්ස්නා(ර්)ඩ් ස්ට්‍රීට් වගේ..ලගදි ද ආවේ ?

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ලොකු අයියේ....එතන තමයි තැන.....හික්ස්...මොකද කියන්නේ... වෙලාවක සැට් වෙමුද?

      මම ජොනියත් එක්ක එන්නම්.......

      Delete
    2. මම දැන් ඔහේ නෑ.. ඔතන අපේ සෑහෙන්න අය වැඩ කලා නේ ..

      Delete
  23. තනියම ඉන්න තියෙන එක තමය ිෙක්ස් එක..මෙහෙ නම් සුපිරි වෙලද සැලක ඉන්නව නෙව බර තොගයක්..සිනි කිරන්න එක්කෙනයි..එලෝලු කිරන්න එක්කෙනයි..අතුගාන්න තව කෙනෙක්..ඔහෙ වෙලද සැල් ටිකක් පොඩි වගේ පේන්නෙ..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...