සිරා කොලුවගෙ බෑන්ඩ් ජීවිතයෙන් යමක් ඇඳබාන්නයි මේ සූජානම. ළඟකදි ඒ ගැන යමක් ලියවුනෙත් නැති නිසා අද ඉතිං ඒ අතීතය ගැන යමක් ලිව්වොත් හොඳා කියලයි මගේ අක්මාව මට කිව්වෙ. බෑන්ඩ් එකේ හිටිය කාලෙ එකට දුක සැප විඳපු මිත්තරයො එකා දෙන්නා යුග දිවියට යද්දි, ඒ සතුටුදායක මොහොත උන් එක්ක විඳ ගන්න ලංකාවෙ නැති මගේ හිතට දැනෙන හීන් දුකත් එක්ක අතීතයේ දවසක මමයි, මගේ හිතයි නතර වෙනවා.
සිරා කොලුවා කණ්ඩායම නියෝජනය කරපු කාලය වෙද්දි රන්ටැඹේ කඳවුරු භූමියෙ පැවැත්වෙන වාර්ෂික ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩ ඇගයීමේ තරඟාවලියට සහභාගි උනේ නැති නිසා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගි වීම සහ ගම්පහ පුරවයේ රාජ්‍ය නිදහස් දින සැමරුමට දායකත්වය දෙන එක තමයි අපිට තිබුන ප්‍රධාන වගකීම්. අවට පාසල් වල මල් වගේ දැරිවියො රාශියක් හමුවන තැනක් නිසා නිදහස් දිනය දවසට නම් අපේ උන් උන්නෙ හරිම සතුටෙන්. ඒ ඇත්තියො උත්සවයේ කටයුතු අහවර උනාම අපේ ලගට ඇවිත් සුහද පිළිසඳරේ යෙදෙනකොට අපේ මල් වගේ හිත් බිමට බර උනේ කෙහෙල් ගහ මැද්දට මාලු මන්නෙන් කෙටුවාම කෙහෙල් කැන පාත් වෙනවා වාගෙයි.
නොවැම්බර් මාසෙ මැද පිට්ටනියට බැස්සම ජනවාරි මාසෙ අවසන් වන තුරාවට අපි ඉතිං ගිණි අව්වට පිච්චෙනවා. පන්ති කාමරයක් අපිට තිබුනද කියලත් අමතක වෙනවා. මේ කාර්යය බොහොම වෙහෙසකර එකක් උනත් එක පවුලක වගේ හැගීමක් අපිට තිබුන නිසා අපහසුතාව දරාගන්න හැම එකාටම ශක්තිය තිබුනා.
කණ්ඩායමේ හැම දෙනාම පහුණුවීමට අවශ්‍යයි. එකෙකුගේ හෝ අඩුවක් තිබුනොත් එය පුහුණුවීම් වලට බාධා වෙන අවස්ථා තිබුනා. සමහරුන්ට නිවෙස් වලින් පුහුණුවීම් වලට යන්න බාධා තිබුනත් උන් මොන දහං ගැටය හරි ගහලා පිට්ටනියට ආවෙ බෑන්ඩ් උණ කියන රෝගය ඒ වෙද්දිත් වැළඳිලා තිබුන නිසයි. සමහරු එහෙම එන්නෙ බඩට කිසිවක් දාගන්නෙ නැතුව වගේම අතේ සතේ නැතුව. තත්වය එහෙම උනත් කවුරුවත් තනි තනියෙන් තම තමන්ගෙ බත්ගෙඩි දිග ඇරියෙ නෑ. කන්න නැති එකාවත් ලගට අරගෙනයි අපි බත් කෑවෙ.
මම මේ කියන කාලෙ අපේ පාසලේ කොල්ලො අතර අපට ලොකු පිළිගැනීමක් තිබුනෙ නෑ. පෙරදිග තූර්ය වාදක ඛණ්ඩයේ ඉතිහාසය බොහොම ඈතකට දිව යාමත් ඔවුන් ඒ වෙද්දි වාර්තාකර තිබුන සමස්ත ලංකා ජයග්‍රහණ ආදියත් නිසා ඒ අය තමයි අංක එකට වැජඹුනේ. බටහිර තූර්ය වාදක ඛණ්ඩය වෙච්ච අපිට ලැබුනෙ කුඩම්මගෙ සැළකිලි. පෙරදිග පිරිස පාසල් ක්‍රීඩා පිටියෙ පුහුණුවීම් කරද්දි අපට එහි ඉඩක් නැතුව ගියා. අපි නරඹන්නො වෙලා බලා උන්නා. අපි පුහුණුවීම් කරද්දි අපිට හූ කිව්වා. නින්දා කලා...මේ කිසිවකින් අපේ කණ්ඩායම සැලුනෙ නැති නිසාම පස්සෙ දවසක පිට පිට ජාතික ශූරතාවයට වග කියන්න අපෙන් පස්සෙ කණ්ඩායමට ආව උන්ට හැකි උනා.
අපිට ඉතිං පාසලේ පිට්ටනියෙ පුහුණුවීම් කරන්න අවස්ථාව නැති උනාම ගත්ත පියවර තමයි විකල්ප ස්ථාන හොයපු එක. එතනදි ඉතින් වැඩිය සෙනග ගැවසෙන්නෙ නැති පාසල අවට අතුරු මාර්ග, පාසලට යාබද කනත්ත වගේ තැන් අත්හදා බැලුවට කිසි ලකයක් නැති නිසා අන්තිමේදි කාන්තාරයකු වගේ තිබ්බ ගම්පහ ශ්‍රී බෝධි පිට්ටනියට ගොඩ බැස්සා. උදේට සංගීත බඩු ටිකයි, බත් ගෙඩි ටිකයි කර පින්නාගෙන එතනට යන්න තමයි ලොකු අයියා උදේ 8 වෙද්දි වරෙව් කියලා ඔය මොර දෙන්නෙ.
කල්‍යාණි පාරෙන් හැරිලා සිසිර මාවතේ හරි , සමරක්කොඩි මාවතේ හරි පුහුණුවීම් කරපු කාලෙ ජම්බුගස් නගින්න පොඩි උන් නැති ගෙදරක ගහ පාමුල ජම්බු ගෙඩි කුණු වෙලා යනවා දැක්කම නිවසේ හිමිකරුවගෙ අවසරය අරගෙන ජම්බු ගහ හිස් කරන වගකීම අපි බාර ගන්නවා. ඒ වෙනුවෙන්ම සැදී පැහැදී උන්න පයිලට් ලා කණ්ඩායමක් අපිට උන්නා. මේ මාර්ග වල හැම නිවසක්ම විශාල ගේට්ටු සහ තාප්ප වලින් වටවෙලා තිබුනෙ.
ඒත් හිසට සෙවනක් නැති ගුරුපාට පොළවක් තිබුන කාෂ්ඨක පරිසරයක් වෙච්ච ශ්‍රී බෝධි පිට්ටනිය අපි දැක්කෙ සහරා කාන්තාරය වගේ. අව්වට කලු වෙලා ඇස‍්ගෙඩි යට ගිලුනට කණ්ඩායමේ එකමුතුකම ගිලිහුනේ නැති නිසාම අපි හැමදාමත් පුහුණුවීම් කලා. බෙදා හදාගෙන බඩට යමක් දාගත්තත් අධික මහන්සිය නිසාම ඒවා ඉක්මනින් පිච්චෙනවා..ඉතිං ආයෙමත් කුස ගින්න නැගෙනවා. ඔන්න ඔය නිසාම සිරා කොලුවා පුහුණුවීම් වලට යද්දි මා එක්ක හිටිය උන් එක්ක බෙදා හදාගෙන කන්න ගල් බනිස් අරගෙන ගියා ගම්පහ නගරයෙන්. ගලක් බඩට දාගත්තම වතුරෙන් පොඟව පොඟව දෙයියනේ කියලා සෑහෙන වෙලාවක් ගත කරන්න පුලුවන්.
ලොකු අයියට හැමදේම තිතට ඕනෙ..පැයක් ගිණි අව්වෙ පිච්චුනාම විනාඩි 5 ක විතර විවේකයක් ලැබෙනවා වතුර ටිකක් බොන්න. යාබද නිවසක කම්බි වැට අස්සෙන් රිංගලා තමයි ඒ කාරිය කලේ. දිව ගිලෙන්න යන තිබහක් තියෙන මේ වෙලාවට වටේ පිටේ ගස් වල තැඹිලි වලු දකිනකොට නම් අපි ඉවසාන උන්නෙ හරිම අමාරුවෙන්.
හැම එකාම එකයි. ඕක තමයි වචනයෙන් නොලිව්වට අපේ තේමාව. ඒ නිසා එකෙක් වැරැද්දක් කලත් පොදුවේ හැමටම පෝරියල් එක ලැබෙනවා. අන්තිමට වැරැද්ද කරපු එකාට ඇතුලෙ ඉන්න උන්ගෙන් කන පිරෙන්න බැනුම්, සමහර වෙලාවට ගුටිත් ලැබෙනවා.
ගිණි අව්වේ පිච්චිලා පිච්චිලා හොඳපණ ගියාම පිටිපස්සෙම ඉන්න අපි ඉස්සරහම ඉන්න ලොකු අයියට පලු යන්න බනිනවා. සමහරු බනින්නෙ ලොකු අයියගෙ ගෙදර ඉන්න අම්මවත් මතක් කරලා. ඒකා ලේසියකට සෑහීමකට පත් වෙන්නෙ නැති එක ගැන තමයි හැමෝටම තරහා. කොච්චර අමාරු උනත් දිගටම පුහුණුව.
දවල්ට කන්න ලැබෙන විවේකය ඉතින් හැමෝටම සෑහෙන සහනයක්. තියෙන දෙයක් කාලා සමහරු හෙවනක පොඩි නින්දක් දානවා. තවත් සමහරු අහල පහල ලඳු කැලෑවකින් ගඩා ගෙඩියක් දෙකක් කඩනවා. හැබැයි කඩාගත්ත දේවල් හැමෝ එක්කම බෙදා හදාගෙන තමයි කෑවෙ.
ඉස්සර ඉතින් බෑන්ඩ් එක ඇතුලෙ එක එක වැඩ වලට දක්ෂයො බිහි උනා. සමහරු සංගීතයට අති දක්ෂ වෙද්දි තවත් සමහරු ස්වර ප්‍රස්ථාර ගත කරන්නත් ඒවා පිටපත් කරන්නත් දක්ෂ උනා. ඔය අතරින් ජපන් චමියා වඩාත් දක්ෂ උනේ බෑන්ඩ් කාමරේට උවමනා දේ සම්පාදනය කරදෙන්න. ඒ කියන්නෙ අපිට නැති දේවල් තියෙන තැනකින් උස්සගෙන එන්න.
බෑන්ඩ් කාමරයේ ටියුබ් පොල්ලක් ක්‍රියා විරහිත උනාම එකක් තියෙන තැනකින් ගලවගෙන වරෙන් කියලා ලොකු අයියා කොන්ත්‍රාත්තුව දෙන්නෙ චමියට. බෑන්ඩ් එකේ උන්ට කන්න බොන්න පිඟන් කෝප්ප මදි උනාම ඒවා කැන්ටිමෙන් උස්සගෙන එන්න කියන්නෙත් චමියටම තමයි. සමහර වෙලාවට ඒකාට යර්ස් කොලුවගෙ සහාය ලැබුනා. එහෙම දවසට ටිකක් අඳුර වැටුනට පස්සෙ උන් දෙන්නා දඩයමේ යනවා තමන්ට උවමනා දේ හොයාගෙන. දවසක් අයිය බඩයි ජපන් චමියයි දෙන්නා මඳ අඳුරෙ හොරකමේ ගිහින්.
හදිසි පයින්ඩයක් දැනුම් දෙන්න පාසල පුරාම හොයලා හොයලා අන්තිමේදි 6 වසරේ පන්ති කාමරයක මුන් දෙන්නා ඉන්නවා මම දැක්කා. එක ටියුබ් පොල්ලක් ගේන්න කිව්වම අනාගතය ගැනත් හිතලා පොලු තුන හතරක් ගේන්නයි දෙන්නගෙ වෑයම.
හැන්දෑවෙ 6 න් පස්සෙ විද්‍යාලයේ ආරක්ෂක අංශයට අමතරව සිරිපාල කියලා තවත් හාදයෙක් උන්නා ජංගම මුරසංචාරයේ යෙදෙන. මම පන්ති කාමරයට එපිටින් ඉදගෙන අයිය බඩාලා දිහා බලාන ඉද්දි සිරිපාලත් අනිත් පැත්තෙ ජනේලයකින් මේ දෙන්නා දිහා බලාන ඉන්නවා.
චමියො....මේ ටියුබ් පොලු දෙකම ගලවමු...අපි ගැලෙව්වා කියලා කවුරුවත් දන්නෙ නෑනෙ බං...අයිය බඩා එහෙම කියද්දි
ජපන් චමියා වහලෙ බාල්කයක් බදාගෙන වැඩේ දෙනවා හිටු කියලා...
ඒ අස්සෙ පන්ති කාමරේ තිබුන අල්මාරියකින් හඳුන්කූරු පැකට් දෙකකුත් අයිය බඩාට ලැබිලා...ඒකත් ගෙනියන ගොඩට දාගත්තා.
සිරිපාලයා බලා ඉන්න බව මට කියාගන්න ඕනෙ...ඒත් කියාගන්න විදියක් නෑ...යන්තමට සද්දයක් දැම්මත් සැරටම හොරකම යන නිසා මුන්ට ඇහෙන්නෙ නෑ. අන්තිමේදි යන්තම් අයිය බඩාගෙ අවධානය අරගෙන සිරිපාලයව පෙන්වන්න මට හැකි උනා. අයිය බඩා චමියගෙ කනට කරලා රහසක් කිව්වා.
මල්ලි ඉගෙන ගන්නෙ මේ පන්තියෙ කියලා ෂුවර්ද...බං..
ඔව් ඔව් ඉතිං මම හැමදාම ඉන්ටර්වල් එකට එනවනෙ...
එතකොට කොයි ලයිට් එකද වැඩ කරන්නෙ නෑ කිව්වෙ...
මේ දෙකෙන් එකක් තමයි....අද හදලා දීලා යමු.
සිරිපාලගෙ කනට ඇහෙන්න දෙබස නැගලා යනවා...ඒ අස්සෙ අයිය බඩා හදිසියෙම සිරිපාලව දැක්කා වගේ ඒ පැත්තට හැරුනා.
ආ..සිරිපාල අයියා....කොහොමද ඉතින්...
මල්ලිලා මොකද මේ පොඩි පන්තියක උඩ නැගගෙන....
මේ අපි ලයිට් එකක් හදනවා....
ආ එහෙමද..ලයිට් ගලවනවා එහෙම නෙමෙයිනෙ...හරි මල්ලි එහෙනං කරගෙන යන්නකො...එහෙම කියලා සිරිපාල වාෂ්ප උනා. මිනිහා පස්සෙ ටික දුරක් ගිහින් ඒකා ඈතටම ගියාම ටියුබ් පොලු දෙකකුයි හඳුන්කූරු පැකට් එකකුයි අරගෙන අපි තුන්දෙනා පල්ලං බැස්සා.
කැන්ටිමෙන් පිගන් කෝප්ප උස්සපු දවසට නම් වහලයෙන් තමයි ආවෙ ගියේ. දවසක්දා හදිසි අවශ්‍යතාවකට අපේ කණ්ඩායම රාත්‍රියේ පාසලේ නතර උනා. විදුහල්පතිතුමාගෙ අවසරය ගත්තම ඒ කාරිය කරන්න පුලුවන්. අපි ඉතින් මධ්‍යම රාත්‍රිය උදාවෙනකං පුහුණුවීම් වල නිරත වෙලා නින්දට ගියා කියමුකො.
පහුවදා උදේ පිට්ටනිය පුරාම හිස් කිරි පැකට් සීයකට වඩා විසිරිලා. පාසලේ ජංගම මුර සංචාරකයා සිරිපාල මේ කාරියට අපිව සැක බව කැන්ටිමේ ටෙන්ඩරය අරගෙන හිටිය අශෝක අයියගෙ කනේ තියලා මිනිහා ප්‍රින්සිපල් උතුමා එක්කම උදේ පාන්දර අපිව මුලිච්චි වෙන්න ඇවිත්,
මෙයාලා තමයි කැන්‍ටිම කඩන්න අැත්තෙ සෑර්.
තමුං මේ වැඩේ කලාද...විදුහල්පති තුමාගෙ හඬ බොහොම සැරයි.
අනේ නෑ සෑර්...අපි දන්නෙත් නෑ...උදේ තමයි අපිත් දැක්කෙ.
එතකොට ඊයෙ රෑ තව කවුරු හරි ඉස්කෝලෙ නතර උනාද...
ඒක දන්නෙත් නෑ සෑර්....
හොඳයි අශෝක...මම මේ ගැන හොයලා බලලා සාධාරණයක් කරන්නං...
එහෙම කියලා විදුහල්පති තුමා අපෙන් සමුගත්තට අපිට ඒ පිළිබඳ වද වෙන්න උවමනා නොවුනෙ කිරි පැකට් උස්සපු උන් ටික පස්සෙ දවසක මාට්ටු වෙච්ච නිසයි. ඒ විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරමක නිරත වෙන තවත් කණ්ඩායමක්. උනුත් රෑ පාසලේ නැවතුන දවසක තමයි අපේ නම යන්න වැඩේ දීලා තිබුනෙ.
ඒ උනාට මල් වගේ අහිංසක අපිව සැක කරපු කැන්ටිමේ අශෝක අයියා කොල්ලන්ට ඇට නැති පරිප්පු හොඳි බෙදලා දුන්න ප්ලාස්ටික් පිඟන් වගේම උණු වතුර රහට තේ දුන්න ප්ලාස්ටික් කෝප්පත් වරින් වර එළැඹුන රාත්‍රියන් වලදි අන්තරස්දාන කලේ නම් මිනිහට පාඩමක් උගන්වන්න අපේ ජපන් චමියම තමයි.
එහෙනං අදට අහවරයි.
ලොකු අයියට හැමදේම තිතට ඕනෙ..පැයක් ගිණි අව්වෙ පිච්චුනාම විනාඩි 5 ක විතර විවේකයක් ලැබෙනවා වතුර ටිකක් බොන්න. යාබද නිවසක කම්බි වැට අස්සෙන් රිංගලා තමයි ඒ කාරිය කලේ. දිව ගිලෙන්න යන තිබහක් තියෙන මේ වෙලාවට වටේ පිටේ ගස් වල තැඹිලි වලු දකිනකොට නම් අපි ඉවසාන උන්නෙ හරිම අමාරුවෙන්.
හැම එකාම එකයි. ඕක තමයි වචනයෙන් නොලිව්වට අපේ තේමාව. ඒ නිසා එකෙක් වැරැද්දක් කලත් පොදුවේ හැමටම පෝරියල් එක ලැබෙනවා. අන්තිමට වැරැද්ද කරපු එකාට ඇතුලෙ ඉන්න උන්ගෙන් කන පිරෙන්න බැනුම්, සමහර වෙලාවට ගුටිත් ලැබෙනවා.
ගිණි අව්වේ පිච්චිලා පිච්චිලා හොඳපණ ගියාම පිටිපස්සෙම ඉන්න අපි ඉස්සරහම ඉන්න ලොකු අයියට පලු යන්න බනිනවා. සමහරු බනින්නෙ ලොකු අයියගෙ ගෙදර ඉන්න අම්මවත් මතක් කරලා. ඒකා ලේසියකට සෑහීමකට පත් වෙන්නෙ නැති එක ගැන තමයි හැමෝටම තරහා. කොච්චර අමාරු උනත් දිගටම පුහුණුව.
දවල්ට කන්න ලැබෙන විවේකය ඉතින් හැමෝටම සෑහෙන සහනයක්. තියෙන දෙයක් කාලා සමහරු හෙවනක පොඩි නින්දක් දානවා. තවත් සමහරු අහල පහල ලඳු කැලෑවකින් ගඩා ගෙඩියක් දෙකක් කඩනවා. හැබැයි කඩාගත්ත දේවල් හැමෝ එක්කම බෙදා හදාගෙන තමයි කෑවෙ.
ඉස්සර ඉතින් බෑන්ඩ් එක ඇතුලෙ එක එක වැඩ වලට දක්ෂයො බිහි උනා. සමහරු සංගීතයට අති දක්ෂ වෙද්දි තවත් සමහරු ස්වර ප්‍රස්ථාර ගත කරන්නත් ඒවා පිටපත් කරන්නත් දක්ෂ උනා. ඔය අතරින් ජපන් චමියා වඩාත් දක්ෂ උනේ බෑන්ඩ් කාමරේට උවමනා දේ සම්පාදනය කරදෙන්න. ඒ කියන්නෙ අපිට නැති දේවල් තියෙන තැනකින් උස්සගෙන එන්න.
බෑන්ඩ් කාමරයේ ටියුබ් පොල්ලක් ක්‍රියා විරහිත උනාම එකක් තියෙන තැනකින් ගලවගෙන වරෙන් කියලා ලොකු අයියා කොන්ත්‍රාත්තුව දෙන්නෙ චමියට. බෑන්ඩ් එකේ උන්ට කන්න බොන්න පිඟන් කෝප්ප මදි උනාම ඒවා කැන්ටිමෙන් උස්සගෙන එන්න කියන්නෙත් චමියටම තමයි. සමහර වෙලාවට ඒකාට යර්ස් කොලුවගෙ සහාය ලැබුනා. එහෙම දවසට ටිකක් අඳුර වැටුනට පස්සෙ උන් දෙන්නා දඩයමේ යනවා තමන්ට උවමනා දේ හොයාගෙන. දවසක් අයිය බඩයි ජපන් චමියයි දෙන්නා මඳ අඳුරෙ හොරකමේ ගිහින්.
හදිසි පයින්ඩයක් දැනුම් දෙන්න පාසල පුරාම හොයලා හොයලා අන්තිමේදි 6 වසරේ පන්ති කාමරයක මුන් දෙන්නා ඉන්නවා මම දැක්කා. එක ටියුබ් පොල්ලක් ගේන්න කිව්වම අනාගතය ගැනත් හිතලා පොලු තුන හතරක් ගේන්නයි දෙන්නගෙ වෑයම.
හැන්දෑවෙ 6 න් පස්සෙ විද්‍යාලයේ ආරක්ෂක අංශයට අමතරව සිරිපාල කියලා තවත් හාදයෙක් උන්නා ජංගම මුරසංචාරයේ යෙදෙන. මම පන්ති කාමරයට එපිටින් ඉදගෙන අයිය බඩාලා දිහා බලාන ඉද්දි සිරිපාලත් අනිත් පැත්තෙ ජනේලයකින් මේ දෙන්නා දිහා බලාන ඉන්නවා.
චමියො....මේ ටියුබ් පොලු දෙකම ගලවමු...අපි ගැලෙව්වා කියලා කවුරුවත් දන්නෙ නෑනෙ බං...අයිය බඩා එහෙම කියද්දි
ජපන් චමියා වහලෙ බාල්කයක් බදාගෙන වැඩේ දෙනවා හිටු කියලා...
ඒ අස්සෙ පන්ති කාමරේ තිබුන අල්මාරියකින් හඳුන්කූරු පැකට් දෙකකුත් අයිය බඩාට ලැබිලා...ඒකත් ගෙනියන ගොඩට දාගත්තා.
සිරිපාලයා බලා ඉන්න බව මට කියාගන්න ඕනෙ...ඒත් කියාගන්න විදියක් නෑ...යන්තමට සද්දයක් දැම්මත් සැරටම හොරකම යන නිසා මුන්ට ඇහෙන්නෙ නෑ. අන්තිමේදි යන්තම් අයිය බඩාගෙ අවධානය අරගෙන සිරිපාලයව පෙන්වන්න මට හැකි උනා. අයිය බඩා චමියගෙ කනට කරලා රහසක් කිව්වා.
මල්ලි ඉගෙන ගන්නෙ මේ පන්තියෙ කියලා ෂුවර්ද...බං..
ඔව් ඔව් ඉතිං මම හැමදාම ඉන්ටර්වල් එකට එනවනෙ...
එතකොට කොයි ලයිට් එකද වැඩ කරන්නෙ නෑ කිව්වෙ...
මේ දෙකෙන් එකක් තමයි....අද හදලා දීලා යමු.
සිරිපාලගෙ කනට ඇහෙන්න දෙබස නැගලා යනවා...ඒ අස්සෙ අයිය බඩා හදිසියෙම සිරිපාලව දැක්කා වගේ ඒ පැත්තට හැරුනා.
ආ..සිරිපාල අයියා....කොහොමද ඉතින්...
මල්ලිලා මොකද මේ පොඩි පන්තියක උඩ නැගගෙන....
මේ අපි ලයිට් එකක් හදනවා....
ආ එහෙමද..ලයිට් ගලවනවා එහෙම නෙමෙයිනෙ...හරි මල්ලි එහෙනං කරගෙන යන්නකො...එහෙම කියලා සිරිපාල වාෂ්ප උනා. මිනිහා පස්සෙ ටික දුරක් ගිහින් ඒකා ඈතටම ගියාම ටියුබ් පොලු දෙකකුයි හඳුන්කූරු පැකට් එකකුයි අරගෙන අපි තුන්දෙනා පල්ලං බැස්සා.
කැන්ටිමෙන් පිගන් කෝප්ප උස්සපු දවසට නම් වහලයෙන් තමයි ආවෙ ගියේ. දවසක්දා හදිසි අවශ්‍යතාවකට අපේ කණ්ඩායම රාත්‍රියේ පාසලේ නතර උනා. විදුහල්පතිතුමාගෙ අවසරය ගත්තම ඒ කාරිය කරන්න පුලුවන්. අපි ඉතින් මධ්‍යම රාත්‍රිය උදාවෙනකං පුහුණුවීම් වල නිරත වෙලා නින්දට ගියා කියමුකො.
පහුවදා උදේ පිට්ටනිය පුරාම හිස් කිරි පැකට් සීයකට වඩා විසිරිලා. පාසලේ ජංගම මුර සංචාරකයා සිරිපාල මේ කාරියට අපිව සැක බව කැන්ටිමේ ටෙන්ඩරය අරගෙන හිටිය අශෝක අයියගෙ කනේ තියලා මිනිහා ප්‍රින්සිපල් උතුමා එක්කම උදේ පාන්දර අපිව මුලිච්චි වෙන්න ඇවිත්,
මෙයාලා තමයි කැන්‍ටිම කඩන්න අැත්තෙ සෑර්.
තමුං මේ වැඩේ කලාද...විදුහල්පති තුමාගෙ හඬ බොහොම සැරයි.
අනේ නෑ සෑර්...අපි දන්නෙත් නෑ...උදේ තමයි අපිත් දැක්කෙ.
එතකොට ඊයෙ රෑ තව කවුරු හරි ඉස්කෝලෙ නතර උනාද...
ඒක දන්නෙත් නෑ සෑර්....
හොඳයි අශෝක...මම මේ ගැන හොයලා බලලා සාධාරණයක් කරන්නං...
එහෙම කියලා විදුහල්පති තුමා අපෙන් සමුගත්තට අපිට ඒ පිළිබඳ වද වෙන්න උවමනා නොවුනෙ කිරි පැකට් උස්සපු උන් ටික පස්සෙ දවසක මාට්ටු වෙච්ච නිසයි. ඒ විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරමක නිරත වෙන තවත් කණ්ඩායමක්. උනුත් රෑ පාසලේ නැවතුන දවසක තමයි අපේ නම යන්න වැඩේ දීලා තිබුනෙ.
ඒ උනාට මල් වගේ අහිංසක අපිව සැක කරපු කැන්ටිමේ අශෝක අයියා කොල්ලන්ට ඇට නැති පරිප්පු හොඳි බෙදලා දුන්න ප්ලාස්ටික් පිඟන් වගේම උණු වතුර රහට තේ දුන්න ප්ලාස්ටික් කෝප්පත් වරින් වර එළැඹුන රාත්‍රියන් වලදි අන්තරස්දාන කලේ නම් මිනිහට පාඩමක් උගන්වන්න අපේ ජපන් චමියම තමයි.
එහෙනං අදට අහවරයි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
එවකට කාන්තාරයක් බඳු ශ්‍රී බෝධි ක්‍රීඩාංගනය සිරා කොලුවා රට පැටවෙන්නට කලින් අවසන් වරට දකිද්දී තණකොළ වවන ලද මනරම් ක්‍රීඩා සංකීර්ණයකි. පිහිනුම් තටාකයක්, කාය වර්ධන උපරකණද ඇතුලත්ව ගම්පහට ඇති එකම මීටර් 400 ධාවන පථය වර්තමානයේ මෙහි ඉඳිකොට තිබේ. මම එහි අවසානයට ගියේ අදින් වසර ගනනාවකට ඉහත දවසකය. ඒ සන්ධ්‍යාවේ වැසි වැටෙමින් තිබුනි. එවකට පිහිනුම් තටාකය බාරව සිටි අප විදුහලේම වැඩිහිටි සගයෙක් වු ශ්‍රීනාත් අයියා වැසි මැද පිහිනුම් තටාකයට පැන සිටි ගෙම්බන් අල්ලමින් උන් ආකාරය දැනුදු මැවී පෙනේ.
අපි ශිෂ්‍ය භටයන් කාලේ පාසල් බෑන්ඩ් තිබුනට ශිෂ්‍යභට බෑන්ඩ් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා යුද හමුදා බෑන්ඩ් ඒක තමයි මොනවහරි අවශ්‍යතාවක් වුනොත් ගෙනාවේ දියතලාවේ කඳවුරට. (අපි ගියේ දියතලාවේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ කඳවුරට. ඒ ගැන ලඟදි කෙටි සටහනක් කරන්නම්)
ReplyDeleteඅපි ඉල්කොලේ ටියුබ් ලයිට් කපු කාලේ, (පොන්ගවපු බනිස් වලින් දමා ගැසීමේ ප්‍රතිඵලයක් වශයෙන) ඔය ලයිට් පොල්ලක මිල 1.50 යි. යකෝ 1.50ක් හොයන්න බැහැ පන්තියේම එවුන්ව සුද්ද කරලා බැලුවත්.
නියම විස්තරයක් ඈ.
වර්තමාන තත්වය මම දන්නෙ නෑ විචාරක තුමා. අපේ කණ්ඩායම කඳවුරු ගතවෙන්න පටන් ගත්ත කාලෙ ගම්පහ දිස්ත්‍රික්කයටම තිබුන එකම ශිෂ්‍යභට බටහිර බාලක කණ්ඩායම අපේ එක. ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක පිරිමි කණ්ඩායම් ලංකාවටම තිබුනෙ විසි ගානක් ඒ කාලෙ.
Deleteජපන් චමියා නිසාම අපේ බෑන්ඩ් කාමරේට කවදාවත් අදුර වැටුනෙ නෑ. ටියුබ් පොලු අතිරික්තව ගබඩා කරලා තිබුනා.
මම ප්ලැටූන්...
ReplyDeleteඅපි නම් පෝලිම් උනේ 6ට. පරක්කු වෙන උන්ට අබ සරණයි..
කැඩෙට් කණ්ඩායමට කුඩම්මාගේ සැලකිල්ල නම් ඉතින් හැමදාම තිබුනා.. මම දන්න විදිහට තාමත් තියෙනවා
බණ්ඩා සෑහෙන කාලෙකින් දැක්කෙ...අපේ උන් ඉතින් වැඩ පෙන්නලා ඉහළට ආවට පස්සෙ ලැබෙන්න ඕනෙ ඉහළම පිළිගැනීම ලැබුනා. ජයග්‍රාහකයාට පියවරු ගොඩයි කියන කියමන තමයි මට ඉතිං ඒ දවස් වල සිහිඋනේ. අපේ එච්චර උදේ දාන්න බෑ..ගොඩාක් දුර ඉඳන් පුහුණුවීම් වලට ආව කොල්ලො හිටියා.
Deleteඇත්ත..අපේ තනි කැපවිමට කරනවා මිසක් පාසලේන් කිසිම සහයෝගයක් නැත.
Deleteමෙන්ඩගෙ කටේ ගල් බාගයක් දාන්න ඕනෙ..සහතික අැත්ත..අපේ පාසලේ අද ගත්තත් ආදි ශිෂ්‍යයො ටික නැත්තං කපෝති තමයි...මේ ඒකක නඩත්තුවට යන වියදම අධික නිසා තමයි හැම පාසලටම හොඳ තත්වයට එන්න අමාරු...
Deleteඅපේ කැන්ටිම කරපු චන්දරේ අයිය දැන් මුතියන්ගණ පංසල ඉස්සරහ පොඩි ග්‍රොසරියක් කරනව.. මං ඒ හරියෙන් ගියොත් පොඩ්ඩක් ගොඩවෙලා කතා කරලමයි යන්නේ.. මිනිහට මාර හැපී. ඉස්සර ඉතින් ඔය වගේ කරපු රුපියලේ දෙකේ පාඩු ගැනත් ඉඳල හිටල කියල හිනා වෙනවා.. අපූරු මතකයන් ගොඩක්..
ReplyDeleteඅශෝක අයියා කියන්නෙ සෑහෙන කාලයක්...මගේ පාසල් ජීවිතයෙන් තුන් කාලක් විතරම කැන්ටිම කරපු මනුස්සයා. පරිප්පු එකේ ඇට නැති උනාට ප්ලේන්ටියෙ කහට නැති උනාට මිනිහා ලග මනුස්ස කම තිබුනා අපි අමනුස්ස වැඩ මිනිහට කලාට. සිකුරාදා 3 වෙනකං රෝල්ස් එහෙම නියම මිලට විකුනනවා. 3 න් පස්සෙ අන්තිම අඩු ගානකට ඉතිරි ලට්ට ලොට්ට හැමදේම දීලා දානවා නිවාඩු දවස් දෙකේ කරන්න දෙයක් නැති නිසා. අපි ඉතින් 3 වෙනකං ඉන්නවා සිකුරාදට..ඊට කලින් නම් මලාට කෑම ගන්න යන්නෙ නෑ.
Delete//අපි ඉතින් මධ්‍යම රාත්‍රිය උදාවෙනකං පුහුණුවීම් වල නිරත වෙලා// යකෝ ඔය අහල පහල ගෙවල් නැද්ද. නැත්තං ඒවයෙ ඉන්නෙ බීරො ද?
ReplyDeleteඅපිටනං ටියුබ් ලයිට් උස්සන අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. ඉස්සුවෙ ඒ ලෙවල් එවුවංගෙ ඩෙස් පුටු තමයි.
අහල පහල මොකද ගෙවල් නැත්තෙ. අපේ පාසල තමයි ගම්පහ පුරවරයටම තියෙන එකම පිරිමි පාසල. පිට්ටනිය අවසන් වෙන්නෙ කනත්තකින්. ඒ වටේ පිටේට ගෙවල් තියෙනවා. කනත්තට එහා රතු ටයිපටි දැරිවියන්ගෙ පාසල...මේවා මතක් වෙද්දි මගේ හිත අතීතයට දුව යනවා බොලං..කොච්චර සුන්දරද ඒ කාලෙ හැබෑට...
Deleteවටේ පිටේ හිටිය අයගෙන් ගොඩාක් දෙනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයො...එහෙමත් නැත්තං තවමත් පාසලට දරුවො එවන දෙමාපියො...ඒ නිසා එයාලට අකමැත්තෙන් උනත් ඉවසන්න සිදු උනා. නමුත් පොලෝසියට පැමිණිලි කරපු අවස්ථාත් තිබුනා. ඒත් කවදාවත් ඒවා විභාගයට ගත්තෙ නෑ. අපේ පාසලේ අදටත් තියෙන්නෙ කැඩේට් සංස්කෘතියක්. සමහර පාසල් එක එක ක්‍රීඩාවලට / විෂය බාහිර ක්‍රියාකාරකම් වලට ප්‍රසිද්ධයි...වලල රත්නායක විදුහල මලල ක්‍රීඩා / රත්නපුර සීවලී බොක්සින්...අන්න ඒ වගේ අපි එදා ඉදලම ප්‍රසිද්ධ කැඩෙට් වලට....කැඩෙට් වලින් ඉන්න ඕනෙ හැම කණ්ඩායමක්ම ඉන්න බ්‍රිගේඩ් එකක් සහිත පාසලක් දැන්...
ඇත්ත.. ගම්පහ.......කැඩෙට් බෑන්ඩ් එක කැම්ප් ආවා කිව්වාම අපිත් කොර
Deleteඅපූරු විස්තරයක්... වටේ පිටේ විස්තර ගැන කියවෙනකොට සිරාගෙ ඉස්කෝලෙ ගැන අපි දන්නෙම නෑ ඔන්න. අපේ ඉස්කෝලෙ බටහිර තූර්යවාදක කණ්ඩායමට ඉහළ පිළිගැනීමක් තිබ්බ. ඒකෙ සාමාජිකයෙක් නොවුනත් මට මතකයි ඒ දවස් වල පුදුම ආසාවකින් කණ්ඩායමේ ප්‍රැක්ටිස් සෙෂන් බලාගෙන ඉන්නවා. මගෙ හොඳම ගජයත් ඒ කාලේ ඒ කණ්ඩායමේ හිටිය. පොඩිම කාලේ ඌ ගැහුවෙ සිම්බල්. පස්සෙ සයිඩ් ඩ්‍රම් ගහල අන්තිම කාලේ වෙනකොට සැක්සෆෝන් ගැහුවෙ. ඔය බෑන්ඩ් ආසාව නිසාවට පස්සෙ කාලෙක මාත් තාත්තගෙ යාලුවෙක්ට කියල ගෙන්නගත්ත ට්‍රම්පට් එකක්. පාවිච්චි කරපු යමහා එකක්. මගේ පරණ බෑන්ඩ් ගජය තමා මගේ ගුරා උනේ. ස්වර ටික ගහගන්න යන්තම් පුරුදු උනා විතරයි ( අම්ම බනිනවා මල කරදරේ කියල) තව යාලුවෙක් ඒක ඉල්ලගෙන ගිහිං නැති කරලා. ඔන්න මට වෙන වැඩ.
ReplyDeleteමට මතකයි බෑන්ඩ් ප්‍රැක්ටිස් යන කාලෙට අරූ අඟුරු පාට වෙනවා. පස්සෙ ආයෙත් හමගිහින්ද මන්ද සුදූ වෙනවා. අපේ පංතියේ මිස් කෙනෙක් ඒක නෝට් කරලා දවසක් උගෙන් ඇහුව මතකයි සුදු වෙන්න ගාන ක්‍රීම් එක මොකද්ද කියල.
ටියුබ් ලයිට් ගැන කිව්වම මතක් උනේ. ඉස්සර පන්ති වල තිබ්බ ටියුබ් ලයිට් වල ස්ටාටර් එකක් වත් නෑ. හොස්ටල් එකේ එවුං ගලෝල. ඒවා තිබ්බේ උන් ගාව. හවසට ,රෑට පාඩම් කරන්න ඕන උනාම උන් ඒ පන්ති වල ලයිට් ටික උන්ගේ සාක්කු වල තිබ්බ ස්ටාටර් වලින් පත්තු කරගෙන පාඩම් කරලා නිවල යනවා. පස්සෙ වැඩේ මාටු උනා.
ඉතුරු ටිකත් ලියල දාමු. අපි කියෝනව..
මගේ වාදන භාණ්ඩය තමයි ට්‍රම්පට් එක. මම ඒක ගැහුවෙ තොල් පැත්තට තියලා..ඒ නිසා මම සුවිශේෂී මිනිහෙක් හැටියට මගේ බෑන්ඩ් මාස්ටර් සැලකුවා. මම වාදනය කරපු කාලෙ කණ්ඩායමේ හිටිය හොදම ට්‍රම්පට් වාදකයා මම...එතැනට එන්න සෑහෙන්න කැප කිරීමක් කරන්න උනා. ශිල්පය දෙන්න ගුරුවරයෙකු නැති මුල්කාලය හරිම කටුක එකක් ..ඊට පස්සෙ අපේ බෑන්ඩ් මාස්ටර් අපි එක්ක වැඩ කරනන් ආවායින් තමයි ඔහොම හරි ගොඩ ගියේ. එදා මෙදාතුර අපේ කණ්ඩායමේ හොදම ට්‍රම්පට් වාදකයා නම් මම නෙමෙයි. මට පස්සෙ මා විසින්ම අයන්න ආයන්න කියා දුන්න එකෙක් උපරිම හොදට වාදනය කලා. මිනිහා දැන් ඇමරිකාවෙ ඉන්නෙ. මම මේ පිළිතුර ටයිප් කරන ගමන් කල්පනා කරද්දි මතක් උනේ..ට්‍රම්පට් කාරයො බාගෙට බාගයක් දැන් ලංකාවෙ නෑ. කොහෙ හිටියත් අපි අදටත් අපේ කණ්ඩායම දිහා ඇහැ ගහගෙන බලා ඉන්නෙ. අයිය බඩා තමයි දැන් කණ්ඩායමේ පුහුණුකරු..මිනිහා කාලයක් නාවික හමුදා තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කරපු සුපිරි වැඩ කාරයෙක්.
Deleteඉස්සර අපි නිදහස් දිනය දවසෙ බෑන්ඩ් ගහලා ඊලග දවසෙ ඉදන් පන්තියට ඉගෙන ගන්න යද්දි හැම විෂයක්ම මාස එක හමාරක් උගන්වලා ඉවරයි. සටහන් පොත් වල සටහන් ලියා ගන්න අපි කරන්නෙ පිටු ගාන ගනින එක...මට හොදට මතකයි..එක වතාවක් ඉංග්‍රීසි පොතේ පිටු 32 ක් ලියන්න තිබුනා... අපිත් අම්බානක කලුයි ඒ කාලෙ. අද වගේ රූපය ගැන තැකීමක් තිබුනෙත් නෑනෙ..ඒ නිසා දුකක් තිබුනෙත් නෑ. ටී ෂර්ට් එකට වැහුන ටික නම් ටිකක් සුදුයි..බෙල්ලට පහලින් V අකුරක් අපූරුවට සටහන් වෙලා තිබුනා හැමදාමත්... දිරිමත් කිරීම ගැන ස්තූතියි බොට...
ඔන්න සිරා කොලුවා මෙගෙ වීරයෙක් එහෙනං ... ඔව්වා ගැහිල්ල කොච්චර අමාරුද... එෆෝනියම්, ට්‍රොම්බෝන්, ෆ්‍රෙන්ච් හෝන්, ට්‍රම්පට් වල මවුත් පීස් මතක්වෙද්දි මට නන් දෙයියො සිහි වෙනවා...
Deleteමට මතකයි සිර කොලුවා එක සැරයක් උදේ රැස්වීමේදී ඕක ප්ලේ කරන්න ගිහින් වාතයක් ගියා වගේ ප්......ප් සද්දයක් දැම්ම වැරදිලා.. . හක හක
Deleteකට කට....උඹෙ පැටිකිරියත් මම දිග අරින්නද මල්කොබෝ....හැක්...
Deleteමා එක්ක එදා ට්‍රම්පට් ගහපු රොබා අද මාලදිවයිනේ සේවය කරන්නෙ වරලත් ගණකාධිකාරී වරයෙක් විදියට...
උබේ මෙමරි චිප් එක බයිට් කියක විතර එකක්ද බන් ???? මේ ඔක්කොම ඇතුලේ දාගෙන ඉන්න
ReplyDeleteමට සමහර සිදුවීම් එතන උන දෙබස් පවා ගලේ කෙටූ අකුරු වගේ මතකයි..කථාවක් ලියන්න මතක් කරගත්තම සිදුවීම් ටික චිත්‍රපටියක රූප රාමු වගේ මැවෙනවා. ඉතින් කථාව ලියවෙනවා. මැලේ රාළ ඉතින් දැන් වයසක මිනිහා නිසා ඊයෙ වෙච්ච දේ අද අමතක ඇති...
Delete//උබේ මෙමරි චිප් එක//
Deleteමඟුලක් කතාකරනව ! මේකගෙ බඩගෙඩියෙ හැටියට ඒක පත හාඩ් ඩ්‍රයිව් එකක් වෙන්න ඕන. කොහොමටත් මේකගෙ ඔය ඔක්කොට දැනෙන්නෙ අක්මාවටනේ.
මෙමරි චිප් කොහෙද රාළෙ ඒ කාලෙ...ඉපදෙන වෙලාවෙ ලැබුන තඩි හාඩ් ඩිස්ක් එක තමයි තියෙන්නෙ. අනේ අනේ DDT යො...බොට මගේ බඩම තමයි පේන්නෙ...බලහංකො ලබන අාත්මෙ උඹට මේ පිනෙන් තඩි බඩක් ලැබෙන්නෙ නැද්ද කියලා...ඒ වෙද්දි මේවා අමතක වෙලා තියේවි නේද බං...
Delete//බලහංකො ලබන අාත්මෙ උඹට මේ පිනෙන් තඩි බඩක් ලැබෙන්නෙ නැද්ද කියලා//
Deleteහැක් ... ඇයි උඹේ හිතේ මට මේ ආත්මෙ ලැබිල තියෙන්නෙ සුට්ටන් සූටිම සූටි බඩක් කියලද. හෆොයි මේ තියෙන තරමිනුත් විඳින දුකේ හැටියට උඹ කොහොමද බං ඕක උස්සන් මීටර් දහයක් ඇවිදින්නෙ. මට නම් කැස්බා වගේ හති. බිම වාඩි උනාම හුස්ම හිරවෙල මැරෙන්න තරම් අමාරුයි. තව කී කාලයක් ජීවත් වෙයිද මන්ද බං. අර හෙන්රි අයියට එහෙම ඇහෙන්න කියන්න එපා, පොර මට හවසට හවසට ව්‍යායාමෙට ඇවිදින්න උපදෙස් දුන්නා ඒ දවස්වල. කොහෙද, එක මාසයයි කරේ, මම තීරණය කරා කොච්චර අමාරු උනත් බඩ සංවර්ධනය කරන ඒක ඊට හොඳයි කියල. :)
කොච්චර වයසට ගියත් මොන තරම් තත්ත්වයක සැපවත් ජීවිතයක් ගතකළත් තමන්ගෙ ළමා කාලය - පාසල් කාලය තරම් සුන්දර කාලයක් කිසිම කෙනෙක්ට නැතුව ඇති. පාසල් යන කාලෙදි සතුටු වුණු, දුක් වුණු, ලැජ්ජ වුණු, ගුටිකාපු ඕනම අවස්ථාවක් ජීවිතේ පස්සෙ කාලෙක සිහිපත් කරන්න පුළුවන් සුන්දර මතකයන්. ඒ අතින් උඹ ගජ පොහොසතෙක් සිරා. උඹ ඉතින් කොහොමත් සිරා කොල්ලෙක්නේ. වැඩකට බැස්සොත් මොන කට්ටක් කාලා හරි ඒක ගොඩදාන බව අපි දන්නවනේ.
ReplyDelete//මිත්තරයො එකා දෙන්නා යුග දිවියට යද්දි, ඒ සතුටුදායක මොහොත උන් එක්ක විඳ ගන්න ලංකාවෙ නැති මගේ හිතට දැනෙන හීන් දුකත් එක්ක අතීතයේ දවසක මමයි, මගේ හිතයි නතර වෙනවා.//
දැන් එතකොට උඹ මෙහේ ඇවිල්ල මල්ලිලගෙ, ඥාතිපුත්තරයොන්ගෙ වෙඩින්වලට එහෙම යන්නද කල්පනාව. මොන වෙඩිමක්ද, ඉක්මනින්ම කව්රුහරි අල්ලන් වෙඩිමක් ගනින්බං. :)
ඔවු නැත්තං මූට මල්ලිලගෙ, ඥාතිපුත්තරයොන්ගෙ ළමයින්ගෙ වෙඩිං වලටත් තනියම යන්න වෙයි. :D
Deleteඑකක් අහුවේගෙන යනවා...අපි බලමුකො ගොඩයයිද කියලා...ගොඩගියොත් සිරා කොලුවා කල් මරන්නෙ නෑ.....බං...ඉක්මනින් අල්ලලා බැඳ ගන්නවා....බැඳලා ඉඹ ගන්නවා...එහෙම හොඳයි නේද..
Deleteඒක හොදයි..නැත්තං මම මගේ කොල්ලව දෙවෙනි මනමාලයට එවල දෝනිව දෙවෙනි මනමාලිට එවන්න හිටියෙ තව ටික කාලයක් ගිහිං.දැම්ම බැන්දොත් මල්කුමාරයටයි කුමාරිටයි ඒවතැකි.ඉක්මනට බැදහන්..නැත්තන් අද කාලේ දැරිවියෝ කැමති නෑ තඩි බඩ මුදලාලිලට.
Deleteවෘතීය හොර කමට බැස්සා නම් උබලගේ කණ්ඩායම සුපිරි හොරු වේවි. උබේ අතීතය රසවත්
ReplyDeleteඑහෙම වෙන්නත් ඉඩ තිබුනා..අපි දුන්න තව ගේම් තියෙනවා..ඒවි ඉදිරියේදි ලියන්නම්. මහා කළු ලාංකිකයා ඉස්සෙල්ලාම නේද මේ පැත්තෙ ගෑටුවෙ...
Deleteමටත් අදටත් ශිෂ්‍යභට පුහුනුවිම් රසවත් මතකයක්..අපි ගියේ රංටැබේ..බටා එක අරගෙන යාලුවෙලා ඉන්න කෙල්ලට චොකලට් එකකුත් අරගෙන ඉස්කොලේ එන්නෙ විරයෝ වගේ.
ReplyDeleteමම හිටපු හැම අවුරැද්දකම 5 වෙනි බලඇනියෙන් හර්මන්ලොස් කදවුර නියෝඡනය කලේ අපි..
අපිට වයිසාගෙන් (බාවා) ගොඩක් කෙනෙහිලි කම් තිබුනා.
අපි තමයි අන්ත දුක් විඳගෙන අපේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය තැනකට ගේන්න පුරෝගාමී වෙච්ච පිරිස. ඉස්කෝලෙ කොල්ලො අපිට හූ කියද්දි අපි ප්‍රැක්ටිස් කලේ , ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩයක් ලෙස ලියාපදිංචිය හරිම අමාරු වැඩක්..නියමිත වාදන භාණ්ඩ ලැයිස්තුවක්, හැකියාව, පුහුණුව මේ හැමදේම අවශ්‍යයි මේ වැඩේ ගොඩ දාගන්න. 1989 පටන් ගත්ත අපේ තූර්ය වාදක කණ්ඩායම 2001 වෙද්දි අවස්ථා දෙකක් උත්සාහ කරලා තිබුනා. නමුත් ඒ අවස්ථා දෙකේම අසාර්ථකයි. එදා මෙදාතුර සුපිරිම බුලට් ටිකක් හිටිය 2001 අවුරුද්දෙදි අපි පරීක්ෂණය ගොඩ දාලා අපෙන් පස්සෙ පරම්පරාවට කඳවුරු ගතවෙන්න අවස්ථාව සලසලා දුන්නා. මම අවසාන වතාවට තූර්ය වාදක ඛණ්ඩායම වෙනුවෙන් සාමාජිකයෙක් ලෙස දායක උනේ මේ කියන පරීක්ෂණය දවසෙ වාදනය කරන්න. අපි රන්ටැඹේ නොගියට අපි දැක්ක හීනෙ අපේ පොඩි උන් සැබෑකලා...එක දිගට අවුරුදු 3 ක් පිට පිටම ඔය හැම පාසලක්ම පරද්දලා අපි අංක 1 උනා ලංකාවෙ. ඊට පස්සෙත් වරින් වර ජයග්‍රහනය කලා. ඒ මදැයි මෙන්ඩයියෙ.
Deleteඇත්ත උඔලාගේ බැන්ඩ් එක ආපු හැම උත්සවයක්ම කැම්ප් එකක්ම කොරකරනවා..
Delete//ඒ ඇත්තියො උත්සවයේ කටයුතු අහවර උනාම අපේ ලගට ඇවිත් සුහද පිළිසඳරේ යෙදෙනකොට අපේ මල් වගේ හිත් බිමට බර උනේ කෙහෙල් ගහ මැද්දට මාලු මන්නෙන් කෙටුවාම කෙහෙල් කැන පාත් වෙනවා වාගෙයි.// මීට වඩා ලස්සන උපමාවක් තිබුනෙ නැද්ද මන්දා සිරාට .
ReplyDeleteඒ උපමාව කොච්චර ගැලපෙනවද කියල කැනක් තියෙන කෙහෙල්ගහක් කපපු කෙනෙක් දන්නව. :D
Deleteදී කිරට බළල්ලුත් සාක්කි. ප්‍රසා ඉතින් හොරෙන් කපන්න ඇතිනෙ..
Deleteකොල්ලන්ගෙ හිත් ගැන මේ කෙල්ලො මොනවද දන්නෙ ප්‍රසා.
Deleteඒ උපමාව ගැන මේ ලොකු මාමලා වටින් ගොඩින් කියලා තියෙන්නෙ නගේ...ඉතින් මට මොකුත් කියන්න හිත නැමෙන්නෙ නෑ ...ඇත්තමයි සත්තයි...
Deleteහෙහ් හෙහ්. එතකොට අර සිරිපාලයට මුලින්ම ගිය දෙබස් හරියට ඇහෙන්න නැතුව ඇති.
ReplyDeleteරඟපෑමේ දක්ෂතාවය අති විශිෂ්ඨයිනේ.
උඹ කොහොමද සිරිපාලයට නොදැනෙන්න බඩාගේ අවධානය ගත්තේ ඇත්තටම?
සිරිපාලයා කියන්නෙ ලෝක කපටියා..ඉස්සර අපි බෑන්ඩ් එකේ වැඩිහිටියො වෙන්න කලින් හිටිය වැඩිහිටි පරම්පරාව රාත්‍රියට රහමෙර සුට්ටක් බොනවා නම් ඔය සිරිපාල ගොයියටත් එන්න කියලා දෙයියන්ට වගේ සැලකුවා. මේ යකා අපෙන් බීලා අපිවම පාවා දුන්න වරිගයේ මෑන්ස් කෙනෙක්. සිරිපාල ලෝක අන්ඩයා..මේ කියපු දේවල් හොඳට ඇහෙන්න ඇති නෑහෙන්න විදියක් නෑ.
Deleteචමියා බාල්කය බදාගෙන ටියුබ් පොලු ගලවනකොට අයිය බඩා බිම තිබුන කබඩ් එකක් ඇද ඇද උන්නෙ...ඒ හින්දා මට පුලුවන් උනා පොඩි සද්දයක් දාලා අවධානය ගන්න. සිරිපාල ගොයියා උඩ බලාන උන්නෙ ඒ වෙලාවෙ.
මේ මතකයන් කවදාවත් වසයට යන්න නෑ බං...මරු..
ReplyDeleteස්තූතියි දේශකයො...අර කෙලී නාලා ආවැයි...
Deleteදිගුකල් විදෙස් ගතවීමෙන් නැතිකරගත් වඩාම වැදගත් දේ...
ReplyDeleteඇත්තෙන්ම අයියා..මා එක්ක පණ දීගෙන උන්න බෑන්ඩ් එකේ කොල්ලො බහුතරයක් බැන්දා මම රට පැටවුනාට පස්සෙ. හෙට අනිද්දටත් වෙඩිමකට ආරාධනා ලැබුනා...මක්ක කොරන්නද ඉතිං හැබෑට..
Deleteඋඹලාගේ ඔය පයිලට්ලා ගැන මේයට කලිනුත් උඹ කියලා තියෙනවා මතකයි.
ReplyDeleteඅපේ කැන්ටිමේ හිටපු තත්ටේ තියෙන අයියා මතකයි,අයියාගේ නම අමතකයි.
පයිලට්ලා ගැන වේලාසන ලිව්වෙ ජෝතියලා තැඹිලි බාපු කථාවෙදි. කැන්ටිමේ අයියගෙ තාමත් තට්ටෙ ඇති නේද...
Deleteබටහිර සහ පෙරදිග තූර්ය වාදක කන්ඩායමට සහ කැඩෙට් ප්ලෑටූන් එකට අලගු තියන්නවත් පුළුවන් පාසැලක් ලංකාවෙ නැතිබව නම් අවිවාදයෙන් පිලිගන්නව. ඒ දවස් වල අපේ පස මිතුරු පාසැලක් වුවත් ( වෙස්ටන් බෑන්ඩ් එක ඒ දවස් වල තිබුනෙ නෑ.) අපිට වඩා විශාල උනන්දුවකින් කැපකිරීමකින් තමයි ඔවුන් ඒ තත්වයට ආවෙ.
ReplyDeleteකැඩෙට් බෑන්ඩ් එක පලවෙනි වතාවට ශූරතාවය ගෙනාපු දැන් ගුවන් හමුදාවෙ ඉහල නිලයක් දරන වජිර අයිය කියන්නෙත්, දෙවෙනියට ශූරතාවය ඉන්පසු අවුරුද්දෙ දිනාගැනීමට නායකත්වය දීපු මගේ පාසැල් ජීවිතයේ පලමු මිතුරා ජානකත් කරපු කැපකිරීම ඒ දවස් වල අපිට හිතාගන්නවත් බෑ.
ප.ලි රතු ටයි, කොල ටයි , නිල් ටයි ඉස්කොලවල ළමයිගෙ සල්ලි වලින් පාට කරන තාප්ප වගේම ගෙවල් වල තාප්පවල ලියන BC Rox බොයිස් ල දැක්කම දැන්නම් ඉස්කෝලෙ ගැන දුකයි.
ඔබේ පාසල සහ අපේ පාසල පසමිතුරු උනේ ඔබේ පාසලේ සුන්දර යුවතියො අපේ පාසලේ කොල්ලො එක්ක සෙට් උන වේදනාව නිසා නේද...මට මතකයි මම පාසල් යන කාලයෙත් ඔබේත් මගේත් පාසල් අතර ද්වන්ද්ව සටන් ඇතිවුන වකවානුවක් තිබුනා...ලව් හුට පට...
Deleteඇත්ත වශයෙන්ම අපේ කණ්ඩායම ගත්තම අපිත් කලේ පුදුමාකාර කැපකිරීමක්. එදා අපි ඒ දේ කලේ නැත්නම් අදටත් අපේ පාසලේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය එක තැන පල් වෙනවා. හැම පාසලකම එ් වගේ පුරෝගාමියො පිරිසක් ඉන්නවා වැඩේ ගොඩ දාලා දෙන්න.
ඔය තාප්ප වල ලියන්නෙ උණ හැදුන උන්...මගේ අත්දැකීමේ හැටියට පුංචි පුංචි පාසල් වල ඉදන් උ/පෙ වලට අපේ පාසලට එන උන්ට තමයි වැඩියෙන්ම උණ හැදුනෙ. උන්ට තියෙන්නෙ මේ පාසලට එන්න ලැබුන එක ගැන අාඩම්බර කමක් මිස පාසලට ආදරයක් නෙමෙයි.
අයියේ එහෙනං ඔක්කොම එකයි! අපිට වැඩියෙන්ම සෙට් වෙන එක තමයි කෑම බිම ප්‍රශ්නේ... විසඳුම ඉස්කෝලේ ගොවිපොළ සහ අවට ගෙවල් වල කෙහෙල් මුව.. බණ්ඩක්කා වගේ දේවල්. කොහොමත් මං ඔය ඩ්‍රිල් වලට දක්ෂයා. ඉතිං සාජන් මුල් දවස් වල ඉඳන්ම මට දෙන්නේ මේ වගේ දිග දුර මෙහෙයුම් හා බුද්ධි මෙහෙයුම් තමා! තව දෙන්නෙක් විතර සෙට් කරගෙන කොහොම හරි 25 ටම කන්න බොන්න හදනවා.
ReplyDeleteකොච්ච්චර දුරට මේ මෙහෙයුම් ඇදිලා ගියාද කිව්වොත් එක සැරයක් ඉස්කෝලේ ඉදන් කිලෝමීටරයක් විතර දුරින් තිබිච්චි රේල් පිලි කැල්ලක් මහා රෑ ඇද්දා ඇශුවල් එක හදා ගන්න!
බොලා ඉතින් කඳවුරු ගත වෙච්ච සැරයන් කෙනෙක් නිසා මොකට කියනවද මේ කථා නේද බං නාඩියො...අපේ පාසලේ උන්ට ඔය වගේ වැඩ කිඩ පුරුදු කරන්න දෙයක් නෑ. ඉබේ පුරුදු වෙන්නෙ. අපේ පාසලේ කිරිහලේ රිංගන්න තැනක් ඇත්තෙම නෑ. කිරි ඇතුලෙ ශීතකරණයේ දාලා අයිතිකාරයා ගෙදර ගියේ..අපේ හිටිය පොඩිම බට්ටා ඇතුලට රිංගනවා වහලය අස්සෙන්...ඊට පස්සෙ අපට කිරි ඉතිරුවා...
Deleteඅපි බාලදක්ශ කෑම්ප් ගියාම රෑ දෙකට විතර මුලු කෑම්ප් එක වටේම රවුමක් ගහනවා.. ඒ නිසා අපේ කඳවුරු භූමිය හරියට සංවර්ධිත රටක් වගේ... අප්පේ ඒ මතකයන් නම්...
ReplyDeleteජයවේවා..!!
සංවර්දිත රටක්......?
Deleteකලුවරේ රහසෙන් අනුන්ගෙන් හොරා කාලා දවල්ට 'පොර' සේ ඉන්නවා.ඒ මදිවට ටෝක් එහෙමත් ඉශූ කරනවා මාට්ටු වෙන්න ගියොත්.
Deleteසංවර්ධිත රටක් වගේ නෙමේද හා..??
සංවර්ධිත රටවල් එහෙම තමයි...ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ කියලා කියන්නෙත් ඔයිට ලගින් යන එකකට වෙන්ට ඕනෙ...
Deleteඒ මොකෝ බං එක පාරට කැන පාත් වෙන හින්දද ඒ උපහැරනෙ ගත්තෙ?.ඇත්තම කියනවනම් අපෙත් ටිකක් පසමිතුරු ටිකක් මිතුරු පාසලක් තමයි සිරාගේ පාසල.අවන්කවම ඉස්සර අපි සිරාලගේ ස්පෝට් මිට් එක බලන්න එනවා ඔය බෑන්ඩ් සංදර්ශනේ බලන්න ඕනෙම හින්ද.ඒ තරම් විශිෂ්ටයි.අර රාත්‍රී මෙහෙයුම් කිව්වම මතක් උනේ එවකට අපිත් 10 වසරෙ ඉන්නැද්දි පාත්ති වගයක් සුද්ද කරන්න කියල කිව්වා.අපිත් ඉතින් දවසම දෙන්නම් බැටේ කියල සුද්ද කරලා 1 ට විතර අපේ නේවාසික කාන්තා රත්නයන්ට වෙන් කරලා තිබ්බ ලිදට පැනල නෑව කියමුකො.දියට අදින්න ඇදුම් තියෙන එකක්යැ.පොඩි සද්දයක් ඇහිල ළිං පඩිය දිහා බලද්දි ගරු විදුහල්පති තුමා සිටින සේක අපේ ඇදුම් ටිකත් එක්කහු කොරාන...හා එනවල පෝලිමට ඔෆිස් එකට.මුන් හදන්න බෑ නැත්තන් කියපි.හත්තිලව්වේ කොහොම යන්නද?ලැජ්ජාව එලියෙ.අන්තිමට වැදලා වැදලා කලිසම් ටික ඉල්ලා ගත්ත.ඒක විතරක් ඇදගෙන 15 දෙනෙක් ඔය යන්නේ උඩට මොකුත් නැතුව පෝලිමට.එදා කාපු කෑම ඇති විශිෂ්ටයි.පහුවදා ඉදල ඉන්න නෑ ඉස්කෝලෙ.අන්තිමට පන්තිබාර ගුරුතුමාගෙනුත් කන්න උනා පහුවදා.
ReplyDeleteවෙනදා වගේම කතාව සුපිරි.ජය.
බොලාලා ඉතින් මිශ්‍ර පාසල් වල උදවිය නොවැ. උඹලට කරගන්න බැරි ලස්සන එකියක් අපේ එකෙක් කරගත්තොත් ඉතින් ඉරිසියාවෙ පැලෙනවා..ඉතිං වලි..ඒ පැති වලට එන අපේ උන්ට වීරයො වගේ ගහනවා...ඊට පස්සෙ අයියලා අතිරේක පන්ති වලට ගම්පහ ටවුමට එන්න බැරුව ඇඹරෙනවා. එක සැරයක් ඔය වගේ මැසනඩ් එකෙක්ට ගහන්න අපේ උන් 150 ක් විතර රැස් වෙලා හිටියා ගම්පහ ඉස්ටේසුමේ..වලියට සම්බන්ධ අපේ එකාට ගහන්න ලැබුනෙම නෑ. වටේ පිටේ උන් ගහලා අර අසරණයගෙ දත් දෙකක් හලලා තිබුනා. ඒවා නම් හරි නාක වැඩ නේද...
Deleteඅපි ඉස්සර බෑන්ඩ් එකෙන් පාරෙ දුවනවනෙ...ඒ දවස් වල රතු ටයි පාසල පිටිපස්සෙන් දුවද්දි කෙල්ලන්ගෙ කිචි බිචිය ඇහෙනවා නේවාසිකාගාරෙ පැත්තෙන්. තාප්පෙ යටින් සබන් වතුර එනවා පේනවා..කෙල්ලො නානවා එළියෙ ලිදෙන්...ගල් දෙක තුනක් ගහපු ගමන් ආසන්නයෙන් යන්න කෙල්ලො නිහඩයි...වතුර පමණක් ගලයි
/බොලාලා ඉතින් මිශ්‍ර පාසල් වල උදවිය නොවැ. උඹලට කරගන්න බැරි ලස්සන එකියක් අපේ එකෙක් කරගත්තොත් ඉතින් ඉරිසියාවෙ පැලෙනවා.//
Deleteඕක නෙවෙයි වලිවලට ඇත්තම හේතුව. ගම්පහ බන්ඩල හිතන් ඉන්නෙ රතු ටයි මුන් එක්ක යාළු විය යුතුමයි කියල. උන් ඒ උනාට යාළු වෙන්නෙ වෙන උන් එක්ක. ඉතින් වටේම ඉස්කෝල එක්ක වලි . අනික කොල ටයි පටි කාරියන්ගෙ බහ කවදාවත් මෙයාලට හම්බවෙන්නෙ නෑ ඒවත් පිට උන්ට. ඉතින් රැකගෙන ඉන්නව ටියුශන් එන පිට ඉස්කෝල එවුන්ට ගහන්න 94 A/ L කරපු වටේ ඉස්කෝල ටිකේ උන් සෙට් වෙලා ගම්පට පැනල දුන්න මදි නොකියන්න . හැබැයි ඊට පස්සෙ හොද යාළුවො විදිහට තාමත් ආශ්‍රය කරනව.
අන්න හරි කම්මලේ.අපි නොදන්න බන්ඩො කිව්වලු.අපි දන්නේ නැද්ද 94 වෙච්ච සංගෙදි.අපේ එකෙක් රතු ටයි පටියක් එක්ක මනුස්සකමට කතා කලත් මුන්ට මල.අනේ මග රැකලා අර අහිංසකයට නෙලනව.ඔය කයිය ගැහුවට රතු ටයි පටි නංගිලට කෙලින්ම බන්ඩො එක්ක පයුරුපාසානම ඉස්කොලෙන්ම තහනං කොරලයි තියෙන්නෙ.මුන් හිටි ගමන් තාප්පෙන් පැනල රතු ටයි පටි ඉස්කෝලෙට දුවනවනෙ..නැද්ද බං.
Deleteඑක වල්ලෙ පොල්...එකට සෙට් වෙලා...ඔය කියන ඒවා ඒ කාලෙ තියෙන්න ඇති. අපේ කාලෙ නම් එහෙම යමක් මම දැකලා නෑ. අපේ උන් එක්ක රතු ටයි කෙලලො කොහොමත් ෆිට්...නමුත් කොල්ලො ට්‍රයි කරන තරමක් ට්‍රයි කලේ කොල පාටට. මේ පාසල් දෙකේ කෙල්ලෙක් කොළඹ නොවන ගම්පහින් පිට පාසලක කොල්ලෙක් එක්ක සෙට් උනා නම් ඒ බොහොම කලාතුරකින් තමයි....මේ මම කිව්වෙ අපේ කාලෙ මම දැකපු දේ. අතීතයේ මම දන්නෙ නෑ..මම පාසල් ගිය කාලෙ නම් අපේ උන්ට ගැන්සි බැහැලා අත උස්සන්න කාටවත් බැරි උනා...පිටදි සද්ද දාපු උන්ට ටවුමෙදි අම්බානක නෙලුවා
Deleteඋසස් පෙළ කරත්දී අපේ පංතියේ කිහිප දෙනෙක්ම කෙඩෙට්ලා හිටියා. එකෙක් විතරක් කළුතර කඩයක් කරගෙන ඉන්නවා. උන් කොහොමත් උප්පත්ති සල්ලි කාරයෝ. අපේ ඉස්කෝලේ ඒ කාලේ දෙවෙනි වෙලා තිබුණේ ධර්මාශෝකෙට විතරයි. ආර්.එස්.එම්. තමයි අපේ හෙඩ්ප්‍රිෆෙක්ට් හිටිය රුවන් සිල්වා. විපුල මුණසිංහ දැන් නාවික හමුදාවේ ඉහල නිලයක. රුවන් ගුණසේකර පොලිස් ඕ.අයි.සී. කෙනෙක්. උන්ගේ අත්දැකීම් ඒ කාලේ අපිට එනවා. හොඳ මගොඩියෝ සෙට් එක.
ReplyDeleteමේ පොස්ට් එක කියවත්ද්දී හිතෙන එතැන හිටියා වගේ දැනුනා.
අපේ පාසලෙත් කැඩෙට් කරුවො අති මහත් බහුතරයක් ආරක්ෂක අංශ වලට සම්බන්ධයි. අපේ එකෙක් සම්මුඛ පරීක්ෂණයට ගියොත් ඒකට උදව්වක් කරන්න එතන කෙනෙක් ඉන්නවම තමයි. අපේ බලය වැඩි යුධ හමුදාව තුල කියලයි මම අහලා තියෙන්නෙ.
Deleteඅයියලා මෙහෙම පොඩි පන්ති වල වැඩ වලට කරන කැප වීම සිරිපාලට චුට්ටක් වත් හිතා ගන්න බැරි වෙන්න ඇති හි..හි...
ReplyDeleteසුන්දර මතකයක්...
සිරිපාල කලු සරමට කලු කමිසයක් අදින මූණෙ හිනා කදුලක් නැති මැදි වයසෙ මිනිහෙක්. හොල්මනක් වගේ තමයි. හිටි ගමන් බලා ඉන්නවා එක තැන නතර වෙලා. අතේ නිතරම ටෝච් එකක් තිබුනා මතකයි.
Deleteඅදත් සුන්දර මතකයක් අවුස්සලා තියෙන්නේ සිරා අයියා.. අපරාදේ අප්පා අපි ඒ කාලේ කැඩෙට් කලේ නැත්තේ..
ReplyDeleteකැඩෙට් කරපු කාලෙ සමහර වෙලාවට අපිට හිතුනා මේ මොන කරුමයක්ද යකෝ අව්වට පිචිචෙනවා ඉවරයක් නෑනෙ කියලා...නමුත් අද මතක් කරද්දි හරිම සුන්දරයි ඒ කාලෙ...
Delete