නිශාන්ත සුදු ලස්සන පොඩි කොල්ලෙක්. 9 වසරෙදි තාක්ෂණ විෂයන් අනුව පන්ති බෙදාගෙන යනකොට තමයි සිරා කොලුවයි නිෂාන්තයි පාසලේ එක පන්තියකට වැටුනෙ. වැඩිය උස මහත නැති සාමාන්‍ය තරමේ ශරීර කූඩුවක් තිබුන මේ හාදයා හරිම අහිංසකයි. තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන පන්තියෙ දගලන්නෙ නැති ගොඩේ ළමයි එක්ක තමයි මුල් කාලය ගත කලේ. අධ්‍යාපනයට කියලා කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට නොකලට ගුරුවරුන්ගෙන් බැනුම් ඇහුවෙ නෑ මිනිහා.
ටිකෙන් ටික තමයි අලුත් පන්තියෙදි මේ චරිතය අනෙක් සහෝදර සිසුන් එක්ක ඇයි හොඳයියට ආවෙ. අන්තිම වෙද්දි පන්තියෙ හැමෝම වගේ නිෂාන්ත එක්ක සුහද වෙලා හිටියා. ඒ අහිංසක කමට කවුරු කවුරුත් ප්‍රිය කලා. අපි 10 F පන්තියෙ හිටිය අවුරුද්දට කලින් අවුරුද්දෙ තමයි ක්‍රිකට් ලෝක කුසලානය ලංකාව දිනාගත්තෙ. ඒ හින්දම පාසල පුරාම තිබුනෙ පුදුමාකාර ක්‍රිකට් උණක්. අපේ පන්තියෙ දක්ෂයො එකතු කරගෙන හදපු කණ්ඩායමක් තිබුනා. මේ කණ්ඩායමට අනෙක් සහෝදර පන්ති වල කණ්ඩායම් සමග ක්‍රිකට් තරග ලෑස්ති කලේ අපේ පන්තියෙ සොබ්බයා. මට මතක විදියට නිශාන්ත හිටියෙත් සොබ්බයගෙ ඩෙස්ක් පේලියෙමයි.
පන්තියෙ උන්ට ටිකෙන් ටික ලං වෙච්ච නිශාන්ත අන්තිමේදි තමන්ගෙ ජීවිතේ පුද්ගලික තොරතුරු පවා බොහොම නිදහසේ අපි එක්ක කියලා දැම්මා. අම්මත් තාත්තත් පවුලෙ අඬදබර නිසා වෙන් වෙන්ව ජීවත් වෙන බවත් නිශාන්තලාගෙ අනාගතය ලස්සන කරන්න අම්මා ගෘහ සේවිකාවක් විදියට විදේශගත වෙලා සිටින වගත්, අක්කයි නිශාන්තයි ආච්චි ලග හැදී වැඩෙන වගත් නිශාන්ත අපිට හෙළි කලා.
දෙකට ගනින්න බෑ වගේ හිටියට නිශාන්තයා 10 ට එහා ගනින වග අපි දැනගත්තෙ ඒකා අක්කත් එක්ක කුංෆු පන්ති යන බව කිව්වට පස්සෙ. පොඩි පොඩි වැඩ කෑලි කොල්ලො ඉස්සරහා පන්තියෙදි දාලා පෙන්නපු නිසාම නිශාන්ත ටික දවසකින් පන්තියෙ ඉදිරිම පෙලේ කකුලක් බවට පත් උනා. දවසක්දා රුපියල් 10 ක ඔට්ටුවක් දාලා අපේ පන්තියෙ යහතුගොඩයා නිශාන්තට අභියෝග කලේ හැකි නම් කලුලෑල්ලට ඉහළින් කකුල තබා පෙන්වන ලෙසයි. නිශාන්ත කිසිම අපහසුතාවකින් තොරව තමන්ගෙ දකුණු කකුල ඒ කියපු තැන තබා පෙන්නුව දවසෙ මමත් ඔහුගේ හැකියාව පිළිබඳ පුදුම උනා.
දෙමාපියන්ගෙ ආරවුල් නිසා ජීවිතයේ සතුට යම් තරමකට පලා ගිහින් තිබුනත් අක්කත් ආච්චිත් එක්ක සතුටින් ජීවිතේ ගත කරන බවක් තමයි අපිට අපේ මිත්‍රයාගෙන් පේන්න තිබුනෙ. කොහොමින් කොහොම අපි අපොස සා/පෙ පන්තියටත් ආවා. අපේ 11 F පන්තිය භාරව උන්නෙ ඉංග්‍රීසි විෂය උගන්වපු ශ්‍රියානි ටීචර්. එතුමිය හැම දරුවෙකුගෙම පුද්ගලික තොරතුරු යම් තරමකට දැන උන්නා. නිශාන්තගෙ මානසික තත්වය ශක්තිමත් කරන්න ඇය නිතරම කැප උනා. අදටත් මෙතුමියට අපේ නම් එදා පන්ති නාම ලේඛනයෙ තිබුන පිළිවෙලටම මතකයෙන් කියන්නට හැකියි. ඉතින් අප අතර තිබුන සබඳතාව ගැන ඔබට හිතාගන්නට හැකියි නේද ?
සාමාන්‍ය පෙළ පන්තියෙ මුල් අවදියේ මාසයක, සතියක විතර කාලයක් නිශාන්ත පාසල් ආවෙ නෑ. ඒකා නැවත පාසල් පැමිණි දවසක මේ ගැන විමසුවාම කිව්වෙ තමන්ගෙ අක්කා කුංෆු මාස්ටර් සමග පැන ගොස් ඇති බවක්. නිශාන්තගෙ අහිංසක හිතට මේ සිදුවීමෙන් දැනුන දුක නිසාමදෝ මිනිහා ඊට ටික කාලෙකට පස්සෙ ආදර සම්බන්ධයක පැටලුනා. විභාගයට මාස ගනනක් ඉතිරිව තිබුනත් ඉගෙනීමට කියලා විශාල කැපවීමක් තිබුනෙ නෑ. සමහර වෙලාවට දවස් දෙක තුන පාසල් නෑවිදින් හිටියා.
තවත් මාස කීපයකට පස්සෙ නිශාන්තගෙ ජීවිතයට ආයෙමත් නරක කාලයක් උදා උනා. අම්මා තාත්තා අක්කා හැමෝම ඈත් උනාට පස්සෙ නිශාන්තට තමන්ගෙ කියලා ඉතිරි උනේ ආච්චි විතරයි. අන්තිමේදි ඇයත් ජීවිතයෙන් සමුගත්තා. මේ වෙන්වීම නිශාන්තට දරාගන්න ඉතාමත් අපහසු වෙච්ච බව අපට දැනුනා. ඇගේ අවමංගල උත්සවයෙ කටයුතු අවසන් උනාට පස්සෙ නිශාන්ත පාසල් ආවෙ ගියෙ කිසිම උවමනාවකින් නෙමෙයි. ශ්‍රියාණි ටීචර් අම්මා කෙනෙක් වගේ නිශාන්ත පස්සෙන්ම හිටියා. ඒ වෙද්දි ඔහු තමන්ගෙ මාමා කෙනෙකුගේ නිවසේ ජීවත් උනා.
කලින් අවුරුද්දෙ අපි දැක්ක..අපි එක්ක විහිළු තහළු කරපු නිශාන්ත වෙනුවට අලුත් කෙනෙක් බොහොම සුළු කාලයක් තුල නිර්මාණය වෙලා තිබුනා. වෙනදා වගේ විහිළු තහළු කරමින් කොල්ලො අතරට වෙලා කල් ගත කරපු බවක් නිශාන්තට ඒ වෙද්දි අමතක වෙලා තියෙන්න ඇති. තමන්ගෙ ජීවිතේ තමන්ට ලගින්ම උන්න චරිත සියල්ලක්ම වගේ වෙන් වෙලා ගියාට පස්සෙ තවත් එකම එක චරිතයක් පමණක් ඔහුට ඉතිරිව හිටියා. ඒ නිශාන්තගෙ පෙම්වතිය.
එත් මේ අසරණ පෙම්වතාගේ පවුල් පසුබිම ගැන ඇතිවුන වාද විවාද වලින් පස්සෙ ඇයත් නිශාන්තගෙන් වෙන්වෙලා ගියා. ඒ බව ඒකා පන්තියෙ ලගම සඟයන්ට කියලා තිබුනෙ හැඩූ කඳුලෙන්. මම නිශාන්තගෙ ලගම මිත්තරයෙක් නොවුන නිසා මම ඔහු ගැන දන්නෙ ඔහුගෙ ලගම මිතුරන් අපි එක්ක කියපු දේ වලින් විතරයි.
තමන්ගෙ වටේ පිටේ හිටිය හැමෝම වරින් වර තමා හැර ගියාට පස්සෙ ඉතිරි උන තමන්ගෙ පෙම්වතියත් තමන්ව හැර යාම නිශාන්තට මොන තරම් වේදනාවක් වෙන්න ඇතිද. ඒ වේදනාව ගැන කියලා හිත හදා ගන්නවත් ඔහුට කෙනෙක් ඉන්න නැතුව ඇති.
ඒ නිසාමයි දවසක් දා උදේ පාසල් ගියාම ඊයෙ රෑ නිශාන්තයා රත්තරං බඩු ඔප දමන්න ගන්න ජාතියක් බීලා මැරිලා කියන කාලකන්නි ආරංචිය අපිට අහන්න ලැබුනෙ. පන්තියෙ කොල්ලො කථාවක් බහක් නැතුව බලාගත්ත අත බලාන ඉද්දි අපේ අම්මා වගේ අපිට උන්න ශ්‍රියානි ටීචර් තමන්ගෙ කදුලු අපෙන් වහං කරන්න උත්සාහ කලේ නෑ.
පාසලේ ඉදන් පයින් යන්න පුලුවන් දුරක තියෙන ගම්පහ ඉස්පිරිතාලෙ මෝචරියෙ නිශාන්තයගෙ මිනිය තියන බව අපට ආරංචි උනාට පස්සෙ කොල්ලො කාණ්ඩ ගැහිලා පාසල් වෙලාව තුලම මෝචරියට ගියේ කිසිම ළමයෙක් ඉගෙන ගන්න පුලුවන් මානසික තත්වයක හිටියෙ නැති නිසා ගුරුවරු එදා අපට විවේකයෙන් ඉන්න අවස්ථාව දුන්න හින්දයි.
මම ගිය කණ්ඩායමේ හිටියෙ නාහෙට අහන්නෙ නැති බොහොම විනෝදකාමියො පිරිසක්. නමුත් උන් මේ වෙලාවෙ බොහොම නිහඬයි. ඉස්පිරිතාලෙ ඇතුලෙන් අපි මෝචරිය කිට්ටුවටම ගියා. කිසිවෙක් පේන්න නෑ. අපි එතනින් මෝචරිය තුලට පිවිසුනා.
මෝචරියෙ ඇතුලෙ සිරුරු 10 ක් පමණ පිගන් ගඩොල් අල්ලන ලද මේස මත සැතපිලා තිබුනා.ජීවිතයේ එතෙක් පොදි බඳින ලද ආශාවන් පසෙක ලා ඒ හැමෝම දැන් නිහඩයි. හැම සිරුරකම මුහුණ රෙද කඩකින් ආවරණය කරලා තිබුන නිසා හඳුනගන්න බෑ. පාද දෙක නම් නිදහසේ පේන්න තිබුනා. අපි සමග ගිය කාණ්ඩෙ හිටිය පුබුදුවා බොහොම දාංගලයක් තියෙන එකෙක්. ඒකා හැම සිරුරකම මුහුණත වසාගෙන හිටිය රෙදි කඩ අදින්න ගත්තා. එක්වරම අපේ පන්තියෙ උන්න ඒ අහිංසක නෙත් යුග අපට සම්මුඛ උනා.
මේ සිදුවීම වෙලා අද වන විට වසර 17 ක් ගත වෙලා තිබුනත් මට තවමත් මතකයි එදා මෝචරියෙ නිෂාන්තයා සැතපිලා උන්න විදිය. පුබුදුවගෙ අතින් පසෙකට උන රෙදිකඩෙන් මතුඋනේ ඒ අහිංසක දෑස. ඒකා යන්තමට පියවුන දෑසින් අපි දිහා බලාන උන්නා. සුදු පාට මේස් බැනියමකට නිල්පාට කොට කලිසමක් ඇගේ දැවටිලා තිබුනා. කටේ එක කොනකින් සුදු පාටට ගලා ගිය දියරයක සලකුණු සටහන් වෙලා. සහෝදර ප්‍රේමයෙන් ඔද වැඩී එළියට පනින්න වෙර දරන පපු කැනැත්ත ආයාසයෙන් දරාගෙන එදා අපි මෝචරියෙන් පිට උනේ ඒ වත කමල දෙස බොහෝ වෙලාවක් බලා සිටීමෙන් අනතුරුවයි.
තමන්ගෙ ජීවිතය තොර කරගන්න නිෂාන්තයා උත්සාහ කරන බවක් අපි කිසිම විටෙක දැන උන්නෙ නෑ. එ‍් බවක් යන්තමින් හරි දැනගත්තා නම් ඒ උත්සාහය වලක්වන්න බොහෝ දේ අපිට කරන්න තිබුනා. තමන්ගෙ ජීවිතය තොර කරගන්න උවමනා රත්‍රන් භාණ්ඩ ඔප දමන දියරය ලබාගන්නට ඔහු මහා රාත්‍රියේ ස්වර්ණාභරණ අළෙවි සැලක් බිඳ දමලා. එයින් ලබාගත් දියරයෙන් ඔහු තමන්ගෙ ජීවන ගමන එතෙකින් නිමකලා.
නිශාන්තගෙ මළ ගෙදරට පන්තියෙ අපි හැමෝම වගේ සහභාගි උනා. එතෙක් කල් මේ අහිංසක චරිතය සමග දිවි ගෙවන්න බැරි උන ඔහුගේ පවුලේ සීසීකඩ විසිර ගොස් සිටි චරිත සියල්ලක්ම එදා එතැන කිඹුල් කදුළු හෙළුවා.
ඇත්තමයි ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ජීවිතය ලස්සන කරන්නත් විනාශ කරන්නත් එකම සිතුවිල්ලකට හැකි බව නිශාන්ත බොහෝ කාලයකට පෙර අපට පසක් කලා. එක වහලක් යට එක පන්තියක වසර 3 ක් පුරාවට අකුරු කල සෙනෙහස මළගෙදර දෝරෙ ගලා යද්දි තමන්ගෙ සහෝදරයන්ගෙ කර පිටින් මූසල අඳුරක් මුසුවුන හැන්දෑවක නිශාන්ත කනත්ත බලා නොඑන ගමන් ගියා.
කෙමෙන් කෙමෙන් අඩපණ වන හිරු කිරණ යට අපි මහත් ආයාසයෙන් අපේ හැගීම් දරාගෙන පස් වලින් වැසීයන ඔහුගේ මිනී වල දෙස බලා හිටියා. ලොවේ ඇතිවන සියලු දේ දිනක නැසීයන බව බුදුන් වහන්සේ විසින් දේශනා කලත් නැසෙන්නට තවත් කාලයක් තිබියදී නිරපරාදේ නැසුන නිශාන්ත පිළිබඳ අප බොහෝ සේ කම්පා උනා.
අපේ මිත්‍රයගෙ අභාවයත් සමග මම ඉගෙන ගත්ත දෙයින් මේ ලිිපිය කියවන ඔබට යමක් කියන්නට මම මනාපයි. මියයන්නට පෙර අවසන් සතියේ නිශාන්ත දිහා බොහෝ උවමනාවෙන් බලා හිටියා නම් ඔහුගේ මේ උත්සාහය අඳුනගෙන ව්‍යාර්ථ කරන්න තිබුනා කියලා මට අදටත් හිතෙනවා. ඔබේ ඇසුරේ ඉන්න ඔබේ හිතවතෙක් හිටි අඩියේම නිහඩ වෙලා හුදෙකලා වන්නට උත්සාහ කරනවා නම් ඒ පිළිබඳ විමසිලිමත් වෙන්න. එවිට එය තවත් ඛේදවාචකයක් නොවේවි. දුකක් ඇති අයෙකු සමග නිතරම දොඩමළු වෙන්න. ඒ දුක තුනී කරගන්නට උදව් වෙන්න.
1. විරහා අත්දැකීමක් නිසා අදටත් අවිවාහකව සිටින අපගේ ශ්‍රියාණි ගුරුතුමියගේ ප්‍රියතම ගායකයා වූ, ශ්‍රී ලාංකීය විරහා ගීතයේ සදා නොමැකෙන කටහඬ හිමි මිල්ටන් මල්ලවාරච්චිගේ අභාවය සිදු වීම. එදා ශ්‍රියාණි ගුරුතුමිය ඉගැන්වීමෙන් ඈත් වී කදුළු බර දෙනෙතින් සිටි අන්දම මට තවමත් මතකය.
2. මැයි 1 වැනිදා අතිරේක පන්තියකට සහභාගි වීම පිණිස ධාවනය වන බස් රථයකට නගින්නට යාමේදී බිම අැඳ වැටී බසයට යට නොවී 99 න් බේරෙන්නට සිරා කොලුවා සමත් වීම. මේ සිදුවීම මම අතීතයේ දිනයක ලියා තිබේ. තවමත් මගේ දෑතේ ඒ සිදුවීමේ සළකුනු තිබේ.
3. නිශාන්තගේ අකල් මරණය, එක පන්තියක අකුරු කල නිසාවෙන් මේ මරණය එදා මා කෙරේ ඇතිකලේ විශාල කම්පනයකි.
මෝචරියෙ ඇතුලෙ සිරුරු 10 ක් පමණ පිගන් ගඩොල් අල්ලන ලද මේස මත සැතපිලා තිබුනා.ජීවිතයේ එතෙක් පොදි බඳින ලද ආශාවන් පසෙක ලා ඒ හැමෝම දැන් නිහඩයි. හැම සිරුරකම මුහුණ රෙද කඩකින් ආවරණය කරලා තිබුන නිසා හඳුනගන්න බෑ. පාද දෙක නම් නිදහසේ පේන්න තිබුනා. අපි සමග ගිය කාණ්ඩෙ හිටිය පුබුදුවා බොහොම දාංගලයක් තියෙන එකෙක්. ඒකා හැම සිරුරකම මුහුණත වසාගෙන හිටිය රෙදි කඩ අදින්න ගත්තා. එක්වරම අපේ පන්තියෙ උන්න ඒ අහිංසක නෙත් යුග අපට සම්මුඛ උනා.
මේ සිදුවීම වෙලා අද වන විට වසර 17 ක් ගත වෙලා තිබුනත් මට තවමත් මතකයි එදා මෝචරියෙ නිෂාන්තයා සැතපිලා උන්න විදිය. පුබුදුවගෙ අතින් පසෙකට උන රෙදිකඩෙන් මතුඋනේ ඒ අහිංසක දෑස. ඒකා යන්තමට පියවුන දෑසින් අපි දිහා බලාන උන්නා. සුදු පාට මේස් බැනියමකට නිල්පාට කොට කලිසමක් ඇගේ දැවටිලා තිබුනා. කටේ එක කොනකින් සුදු පාටට ගලා ගිය දියරයක සලකුණු සටහන් වෙලා. සහෝදර ප්‍රේමයෙන් ඔද වැඩී එළියට පනින්න වෙර දරන පපු කැනැත්ත ආයාසයෙන් දරාගෙන එදා අපි මෝචරියෙන් පිට උනේ ඒ වත කමල දෙස බොහෝ වෙලාවක් බලා සිටීමෙන් අනතුරුවයි.
තමන්ගෙ ජීවිතය තොර කරගන්න නිෂාන්තයා උත්සාහ කරන බවක් අපි කිසිම විටෙක දැන උන්නෙ නෑ. එ‍් බවක් යන්තමින් හරි දැනගත්තා නම් ඒ උත්සාහය වලක්වන්න බොහෝ දේ අපිට කරන්න තිබුනා. තමන්ගෙ ජීවිතය තොර කරගන්න උවමනා රත්‍රන් භාණ්ඩ ඔප දමන දියරය ලබාගන්නට ඔහු මහා රාත්‍රියේ ස්වර්ණාභරණ අළෙවි සැලක් බිඳ දමලා. එයින් ලබාගත් දියරයෙන් ඔහු තමන්ගෙ ජීවන ගමන එතෙකින් නිමකලා.
නිශාන්තගෙ මළ ගෙදරට පන්තියෙ අපි හැමෝම වගේ සහභාගි උනා. එතෙක් කල් මේ අහිංසක චරිතය සමග දිවි ගෙවන්න බැරි උන ඔහුගේ පවුලේ සීසීකඩ විසිර ගොස් සිටි චරිත සියල්ලක්ම එදා එතැන කිඹුල් කදුළු හෙළුවා.
ඇත්තමයි ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ජීවිතය ලස්සන කරන්නත් විනාශ කරන්නත් එකම සිතුවිල්ලකට හැකි බව නිශාන්ත බොහෝ කාලයකට පෙර අපට පසක් කලා. එක වහලක් යට එක පන්තියක වසර 3 ක් පුරාවට අකුරු කල සෙනෙහස මළගෙදර දෝරෙ ගලා යද්දි තමන්ගෙ සහෝදරයන්ගෙ කර පිටින් මූසල අඳුරක් මුසුවුන හැන්දෑවක නිශාන්ත කනත්ත බලා නොඑන ගමන් ගියා.
කෙමෙන් කෙමෙන් අඩපණ වන හිරු කිරණ යට අපි මහත් ආයාසයෙන් අපේ හැගීම් දරාගෙන පස් වලින් වැසීයන ඔහුගේ මිනී වල දෙස බලා හිටියා. ලොවේ ඇතිවන සියලු දේ දිනක නැසීයන බව බුදුන් වහන්සේ විසින් දේශනා කලත් නැසෙන්නට තවත් කාලයක් තිබියදී නිරපරාදේ නැසුන නිශාන්ත පිළිබඳ අප බොහෝ සේ කම්පා උනා.
අපේ මිත්‍රයගෙ අභාවයත් සමග මම ඉගෙන ගත්ත දෙයින් මේ ලිිපිය කියවන ඔබට යමක් කියන්නට මම මනාපයි. මියයන්නට පෙර අවසන් සතියේ නිශාන්ත දිහා බොහෝ උවමනාවෙන් බලා හිටියා නම් ඔහුගේ මේ උත්සාහය අඳුනගෙන ව්‍යාර්ථ කරන්න තිබුනා කියලා මට අදටත් හිතෙනවා. ඔබේ ඇසුරේ ඉන්න ඔබේ හිතවතෙක් හිටි අඩියේම නිහඩ වෙලා හුදෙකලා වන්නට උත්සාහ කරනවා නම් ඒ පිළිබඳ විමසිලිමත් වෙන්න. එවිට එය තවත් ඛේදවාචකයක් නොවේවි. දුකක් ඇති අයෙකු සමග නිතරම දොඩමළු වෙන්න. ඒ දුක තුනී කරගන්නට උදව් වෙන්න.
මම කාමරේ අරින සිරා කොලුවා
ප.ලි
නිශාන්තගේ සිරුර මෝචරියේදී දැක ඇතිවුන කම්පනය නිසා එදා රාත්‍රිය මට නිදි වර්ජිත එකක් විය. වරින් වර මැවුන ඔහුගේ නිසල රුව මගේ නින්ද බොහෝ දුරට රැගෙන ගියේය.
අප අ.පො.ස සා/පෙ විභාගය සඳහා පෙනී සිටි 1998 වසර මට හේතු තුනක් නිසා කිසි දිනක අමතක නොවෙයි.
2. මැයි 1 වැනිදා අතිරේක පන්තියකට සහභාගි වීම පිණිස ධාවනය වන බස් රථයකට නගින්නට යාමේදී බිම අැඳ වැටී බසයට යට නොවී 99 න් බේරෙන්නට සිරා කොලුවා සමත් වීම. මේ සිදුවීම මම අතීතයේ දිනයක ලියා තිබේ. තවමත් මගේ දෑතේ ඒ සිදුවීමේ සළකුනු තිබේ.
3. නිශාන්තගේ අකල් මරණය, එක පන්තියක අකුරු කල නිසාවෙන් මේ මරණය එදා මා කෙරේ ඇතිකලේ විශාල කම්පනයකි.
දුක හිතෙන කතාවක් සිරා.
ReplyDeleteඇත්තටම අන්තිම කාලෙදි නිශාන්තගෙ හිතේ තිබිච්ච දේවල් තේරුං ගන්න පුලුවන් යාලුවො හිටියනං උගේ ජීවිතේ බේරගන්න තිබුණ.
ඇත්ත වශයෙන්ම...මට දැන් හිතෙනවා එදා ගුරුවරුත් ඊට වඩා සැළකිලිමත් උනා නම් මේ ජීවිතේ රැක ගන්න තිබුනා කියලා. නිශාන්තයා මුල් කාලෙ අධ්‍යාපන වැඩ හොදට කරපු බවක් මට මතකයි.
Deleteඔය වගේම අත්දැකීම් මටත් තියෙනවා. ඉස්කෝලෙදි පටන් ගත්ත සංගීත කණ්ඩායමේ සිටිය ඉතාමත් මිහිරිව ගීත ගායනා කල මගේ සඟයෙක්, (ඔහු ඔහුගේ හැකියාව නිසා ඒ කාලේ තිබුනු 'ස්ටාර් සර්ච්' තරඟ වලදිද ජයග්‍රහණය කරලා තිබුනා ), තමන්ගේ සොයුරිය 'සිංහල' කොල්ලෙක් එක්ක යාළු උනා කියලා බෙල්ලේ වැලදාගෙන මැරුනා. (ඔහු මැලේ ජාතිකයෙක් ). ඒ මරණය අපිව කම්පණය කල තරම හිතා ගන්නවත් බෑ. අද ඔහු සිටියා නම් ලංකවේ ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් වෙනවා සිකුරුයි....!
ReplyDeleteදුමී අයියගෙ අත් දැකීමත් බොහොම දුක්බර එකක්..මැලේ ජන වර්ගයට අයත් මා දන්නා ලංකාවෙ හිටිය ජනප්‍රියම ගායකයා තමයි මෑතකදි නැසී ගිය හරූන් ලන්ත්‍රා මහතා. ඔයාලා එක්ක එකට වැඩ කරපු මිනිහා අක්කා සිංහල කොල්ලෙක් එක්ක යාළු උනා කියලා ඔය තරම් කිපුනෙ ඇයි කියලා මට වැටහෙන්නෙ නෑ. තේරුමක් නැති දේකට ජීවිතය කැප කරලා.
Deleteඅපරාදේ වටින ජීවිත.ඇහැට කඳුලක් ගෙනාවා....
ReplyDeleteඇත්තටම ඒ පවුලෙ එකම පිරිමි දරුවා...නිරපරාදෙ විනාශ උනේ දෙමාපියන්ගෙ වැරදි නිසයි.
Deleteබලාගන හිටියනම් සමහරවිට හොයාගන්න තිබ්බා.සමහරවිට හොයා නොගන්නත් තිබ්බා එහෙම වෙන්න පුළුවනි නේද සිරෝ.
ReplyDeleteඇත්තටම හැලපයියෙ උත්තරය ඔව්. අපිට ඉතින් ඒ වයසට අද හිතන තරමු දුර පේන්නෙ නෑනෙ. අද ඉන්න තැන හිටියා නම් මේකා ගැන බලන්න තිබුනා ගොඩාක් ලං වෙලා.
Deleteනෙතට කදුලක් උනන කතාවක්.ජිවිතයේ සියලුම බලාපොරොත්තු හිදුනට පස්සෙ තමන් ගන්න තීන්දු තීරණ හොදද නරකද කියල කියන්න බැරි මොහොතක් එනවා.සමහරු තර්ක කරයි ජිවිතේ නහගන්නේ මොන මෝඩයද කියල.ඒත් එතනට වැටිච්ච කෙනෙක් දකින එකම විකල්පය ඒක වෙන්න ඇති.අඩුම ගානේ ඔහුට ඔහුගෙ වේදනාව බෙදා හදා ගන්න එක්කෙනෙක් වත් උන්න නම් ඔච්චර දරුණු නොවෙන්න තිබ්බ.විය යුතු විදිහ ඒ නම් ..එසේ වෙන්නට ඇති.කෙසේ උනත් ඔහුට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.
ReplyDeleteඇත්ත. ඒ වේදනාව විදින කෙනාට මැරෙන එක සැපක් නම් පිට ඉන්න අය ඒ වේදනාව නොවිද කොහොමද විවේචනය කරන්නෙ. නමුත් සිය දිවිනසාගැනීම අනුමත කරනන් බෑ.
Deleteජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක් සිරා. දෛවය පුදුම විදියට පස්සෙන් එළවා එළවා අකාරුණිකකම් කරපු අසරණ ජීවිතයක්. ඔය වයසට ඔය තරම් අහිමිවීම් දරා ගන්න පුළුවන්ද, ඒක සියදිවි නසාගැනීමක් නෙවි, ඝාතනයක් - ඔහුගෙ පවුලෙ වැඩිහිටියො ඒ මරණෙට වගකියන්න ඕන කියලයි මට හිතෙන්නෙ. මොන ප්‍රශ්න තිබුනත් මෙහෙම තමන්ගෙ දරුවන්ව අතරමන් කරන්න පුළුවන්ද. ඔය තත්ත්වය හුඟක්ම දරුණු වෙන්න ඇත්තෙ ඔහුගෙ අහංසක ස්වභාවය නිසාම තමයි. රළුපරළු දඩබ්බර ගති පැවතුම් තිබුන නම් එයා ඒ දේවල්වලට අසීරුවෙන් උනත් මුහුණදෙන්න තිබුනා සමහර විට.
ReplyDeleteඅවුරුදු පාළොහක් දාසයක් කියන්නෙ මොන වයසක්ද, ඒ වයසෙදි තමන්ගෙ පන්තියෙ ළමයෙක් ජීවිතයෙන් සමුගන්නව කියන්නෙ හිතට තදින් වැදෙන සිද්ධියක්. මම ඕලෙවල් කලේ 99 අවුරුද්දෙ. අපේ පන්තියෙත් ගෑනු ළමයෙක් පිළිකාවක් නිසා නැති උනා. අපේ පන්තියෙ ළමයි හැමෝටම ඒ සිදුවීම ලොකු කම්පනයක් ඇති කළා. ඒත් සිරා උඹලට මුහුණදෙන්න සිද්ධවෙලා තියෙන්නෙ ඊටත් වඩා ක්‍ෂණික දරුණු කම්පනයකට.
සමහර ජීවිත වලට එලව එලවා පහර දෙනවා. මම හිතන්නෙ පෙර ආත්මයන්හිදී කරපු අකුසල කර්ම නිසා. තමන්ගෙ දුක කියන්න තමන්ගෙම කියලා කෙනෙක් නැති අඩුව නිශාන්තට තිබුනෙ. හිතේ තියෙන පීඩනය පිටකරගන්න විදියක් නෑනෙ. අන්තිමට ජීවිතයට ලං වෙච්ච ආදරයත් මිනිහව දාලා ඈතට යද්දි ඒ වේදනාව හැමකටම වඩා තදින් දැනෙන්න ඇති.
Deleteඅනිත් අයගේ මුවගට හිනාවක් ගේන්න පුළුවන් නම් ඒක හරිම වටින වැඩක් අයියේ
ReplyDeleteඒ වගේම මෙහෙම චරිතයකට ඇහුම් කන් දීලා ඒ අය ඉන්න තැනින් උඩට ගේන්න පුලුවන් නම් ඒකත් පිනක්.
Deleteඋඹ දැනගෙන හිටියත් එහෙම උගේ හිත වෙනස් කරන්න පුලුවන් නොවෙන්නත් ඉඩ තිබුනා. කෙනෙකුට ඔය වගේ සියදිවි තොර කර ගැනීමේ චේතනාවක් පහල වුනාම එහෙම කරගන්න තියෙන අවස්තා ඕනෙ තරම් තියෙනවා දවසේ පැය විසි හතර තුල. අපි කතා කරලා හිත හැදුවත් සමහරවිට අපිට හැම මොහොතකම රැකවරන යොදාගෙන ඉන්න බැහැනේ.
ReplyDeleteඇත්තෙන්ම ඔය සුමිත්‍රයෝ වගේ ආයතනත් තියෙනවා නේද ඔය කවුන්සලින් වැඩේට,
සමහර විට වෙනස් කරන්න ඉඩ තියේවි. නමුත් ඔහු ජිවත් වන පරිසරය වෙනස් කරලා ඔහුගේ සිතට එමගින් ඇතිවිය හැකි වේදනාව අවම කරන්නට අවශ්‍ය වේවි. තමන්ට හුරු පුරුදු පරිසරයෙදි හිත රිදවන මතක සටහන් තියෙනවා නොවැ.
Deleteසුමිත්‍රයෝ කරනනෙත් එහෙම දෙයක් තමයි. මේ වගේ තවත් තැන් තියෙනවා. ඒ වගේම රජයේ රෝහල් වල මේ උදෙසාම විශේෂ වෘත්තිකයො ඉන්නවා පීඩාවට පත් වෙච්ච කෙනෙකුට උපකාර කරන්න.
කථාව කියවල පසු ලිපි තුනත් කියෙව්වා...
ReplyDeleteපසු ලිපි තුනම එක මිටට ආවා....
"ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ.."
ඔය ගීතය ආචාර්ය අජන්තා රණසිංහයන් ඇත්තටම වින්ද විරහවක මතකයෙන් ලියපු එකක්...ඒකයි ඔච්චර රහ...
Deleteපව් මචං...
ReplyDeleteඅපිට මෙච්චර දැනුනානම් එදා උඔලට?
අපි මළගෙදර ගිහින් හිටියෙ දෙලොවක් අතර බං...ඒක පුදුම දවසක්...
Deleteසිද්ධිය මටත් මතකයි.. රුව අමතකයි.. ජීවිතය හැටි ඔහොම තමයි..
ReplyDeleteබොලා හිටියෙත් ඉතින් අපට යාබද පන්තියක නොවැ...අපේ කාලෙ ගොඩාක් අපේ උන් මලේ දියේ ගිලිලනෙ...මේ මරණය විශේෂ එකක් නිසා බොහෝ අයට අදටත් මතක ඇති.
Deleteපන්තියේ සමීප යාළුවො හිටියනම් මේ දේ වෙන්නෙ නෑ. මේ වගේ දෙමාපියන් වෙන්උන ආච්චි ගාව හිටපු ළමයෙක් අපි 7 පන්තියේ ඉද්දි ආච්චිත් මිය ගියා අපි පොඩි උනත් යාළුව මානසිකව වැටිල හිටිය තරම තේරුම් ගියා පස්සෙ පන්තියේ ඔක්කොම කතාවෙලා මේ යාළුවව ගෙදර තියා ගන්න පුළුවන් කෙනෙක් හොයා ගත්ත. ටික කාලයක් යද්දි තමයි නවාතැන දුන්න යාළුවගෙ අම්මට කියල තියෙන්නෙ " මම හිටියෙ කෝච්චියට පනින්න " කියල.
ReplyDeleteපන්ති සගයෙක් අකාලෙ මැරෙනව කියන්නෙ දරාගන්න අමාරු දෙයක්.
එදා ඔයාලා කරපු වැඩෙන් ඒ ජීවිතය රැකුනා. 1998 දි අපටත් ඒ දේ කරන්න හැකි උනා නම් නිශාන්තයා තවමත් ජීවතුන් අතර...දැනුවත් භාවය කියන්නෙ පන්ති කාමර අධ්‍යාපනය විතරක්ම නෙමෙයි.
Deleteයාළුවන්ට ඒ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් කමක් තිබුන කියල සරලව කිව්වත් ඒ දේවල් සිද්ධ වන්නේ වියයුතු ආකාරයට කියල මම විස්වාස කරනවා.
ReplyDeleteපුළුවන් කමක් තියෙනවනම් පරණ ෆිල්ම් එකක් තියෙනවා Time Machine කියල හොයාගෙන බලපන්
කතාව තියෙන්නේ විද්‍යා පුනරුද සමයේ, ඒ කාලේ ඉන්න තරුණ විද්‍යාඥයෙක් තමන්ට හඳුන්වල දීපු පෙම්වතියක් බලන්න යන මුල් හමුවෙම මංකොල්ල කාරයෙක්ගේ වෙඩි පහරකින් මැරෙනවා
ඔහු කාල යන්ත්‍රයක් තනා ඇයව බේරගන්න උත්සාහ කරනවා.
කුමන විදිහට උත්සාහ කලත් ඇය වෙන වෙන ආකාර වලින් අදාළ වෙලාවේදී මිය යනවා.
පසුව ඔහු අනාගතයට ගොස් එයට හේතුව සොයා ගන්නවා.
එය පැහැදිලි කරන්නේ අදින් වසර ලක්ෂ ගානකට පසු ලොවේ වසන පොළව යට සිටින අපරූපිකයන් පිරිසකගේ නායකයා විසින්...
ඔහු එය පහදනවා බුදු දහමත් මදක් කලවම් කරගෙන
හරිම අපුරුයි...
ඔත්තුවට ස්තූතියි ලොකු පුතා. කර්ම ශක්තියත් මෙතනට ඉවහල් වෙනවා ඇති. ඒක ඉතින් හරිම සංකීර්ණ මාතෘකාවක් නොවැ...
Deleteහපොයි මම හොල්මන් හොයාගෙන එනකොට එකත් ගිහිල්ලා ..... නිශාන්ත ගැන දුක හිතුනා......
ReplyDeleteඅපි ගැනත් දුක හිතුනා අර 2 වෙනි කාරණය 100%ක් නොවීම නිසා :D
මොනවද රාළෙ හැමදාම බෝට්ටුව ගියාට පස්සෙ මෙහෙ එන්නෙ...මිරිස් පාත්තියෙ වල් ගැලෙව්වද මේ වෙනකං එන්න පරක්කු උනේ...
Deleteදෙවැනි කාරණය...මම බොට....
ඉතාම කණගාටුදායකයි.
ReplyDeleteදුක සතුට අතර මැද අපේ ජීවිත දෝලනය වෙනවා. සතුටට වඩා දුකද මන්දා වැඩියෙන් තියෙන්නෙ.
Deleteඅඩො සිරා..පුදුම දුක හිතෙන කතාවක් බන්...මිනිස්සුන්ට තියන ප්‍රශ්න බැලුවම අපිට තියන ප්‍රශ්න මොනවද කියල හිතෙනව බන්...
ReplyDeleteඇත්ත බං...මමත් මානසිකව වැටෙන තැන් වලදි නිතරම හිතනවා..මට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා නේද කියලා...ප්‍රශ්න නැති කවුරුවත් නෑ බං...හැමෝටම කුමක් හෝ ප්‍රශ්නයක්.
Deletehttp://nelumyaya.com/?p=2679
ReplyDeleteස්තූතියි කමි. මම හිතන්නෙ එතන පලවෙන පළවෙනි වතාව...
Deleteහ්ම්,ජිවිතේ කියන්නේ පැරදිලා මෙහෙම දාලා යන්න ඕනේ දෙයක් නෙමේ බං.ඌට කරදර එක පිට එක ඇවිත් තියෙන හැඩයි.දුක බෙදා ගන්න හොඳ ෆිට් එකක් ලගින් හිටියා නම් මෙහෙම නොවෙන්නත් තිබ්බා.
ReplyDeleteජීවිතේ ජීවත් කරවීම තමයි නියම වීරකම...ඒත් ගොඩාක්ම අසරණ උන කෙනෙක්ට ඒ වීරකම කරන්න ශක්තියක් ඉතිරි වෙන්නෙ නෑ. නිශාන්තටත් ඒ දේ තමයි උනේ.
Deleteමටත් මේ ජිවිතේ දාල යන්න හිතුන අවස්ථා අනන්තවත් ඇති වෙලා තියෙනවා. ඒත් ඒ හැම අවස්ථාවකම මගේ හිත හැදුවේ මගේ යාලුවෝ ..හිතට දරාගන්න බැරි තරමේ ප්‍රශ්නයක් ආපු වෙලාවට හොදම යාලුවෙක්ගෙන් අපිට ලැබෙන සහනය කියල නිමකරන්න බෑ.
ReplyDeleteඑත් පස්සේ දවසක ඒ දේවල් දිහා හැරිලා බලපුවම අපිටම අපි කරන්න හදපු දේවල් ගැන ලජ්ජා හිතෙනවා.
නිශාන්තයටත් තමන් කරපු දේ ගැන ආපස්සට හිතලා බලන්න වෙලාවක් ආවනම් , ජිවිතේ අතැරලා යන එක වෙනුවට කරන්න තව හුගක් දේවල් තියෙන බව තේරෙන්න තිබුනා.. එත් ......
යාලුවන්ට ගොඩාක් දේ කරන්න පුලුවන් මිත්‍රයෙක් වෙනුවෙන්. මමත් එවැනි මිතුරන් අත්දැකලා තියෙනවා කීප අවස්ථාවකම.
Deleteහරිම කණගාටුදායක සිද්දියක්. ඇත්ත, එකපාරට නිහඬව ඉන්න අය ගැන අවධානයෙන් බලන්න ඕනෙ. මෙවන් අකල් විපත් නැවත අසන්නට දකින්නට සිද්ද නොවෙනවානම් කොච්චර හොඳද.
ReplyDeleteමෙවැනි මරණ එතෙකින් අවසන් වෙන්නෙ නෑ. තවත් වෙයි අදත් හෙටත්...වැදගත්ම දේ එවැනි ඉරණමකට යන කෙනෙක්ව ඉන් මුදවා ගැනීමයි.
Deleteයාළුවො දෙන්නෙක් මතක් උනා සිරා මලයො .. හිතට හරි අමාරුයි..
ReplyDeleteඔව්...මේක සංවේදී කථාවක් බව මමත් පිළිගන්නවා.
Deleteඅයියෝ... බං..!
ReplyDeleteඅපේ පන්තියෙ හිටපු දක්ෂම කෙල්ල ඕලෙවල් වලට කලින් මිය ගියා,ලියුකේමියාව හැදිලා. එකපාරටම මතක් උනේ ඒක.
කින්න දෙයක් හිතාගන්න අමාරුයි...
මම මේ විස්තර කරන හැගීම එහෙනං ඩ්‍රැකියත් විඳලා තියෙනවා...
Delete1)හතේ අටේ වගේ ඉන්නකොට පිළිකාවක් නිසා අපේ පංතියේ කෙනෙක් යන්න ගියා.. "මිහිර".මට අදටත් මතකයි මූණ.ඒත් ඒ එක්කම මැවෙන්නෙ දේහයට ආචාර කරන්න අපි පෝලිමට යනකොට ඔහුගේ පියා අපි දිහා බලන් උන්නු හැටි.
ReplyDelete2)ගස්ලබ්බා ඒලෙවල් කරලා කෝස් එකක් කරන කාලෙ ඩෙංගු තදටම පැතිරුනා.එක ගෑණු ළමයෙකුගෙ ගෙදර හැමෝටම හැදිලා මෙයයි අම්මයි තමා ඉස්පිරිතාලෙ යන එන දේවල් කරලා මහන්සි වෙලා අරගොල්ලන්ගෙ බර ඇද්දෙ.එක පාරටම එයා නැති උනා.එයාට බර පතල විදිහට ඩෙංගු හැදිලා.කවුරුත් ගනන් ඇරන් නෑ.. ඉසිපිරිතාලෙ ලෙඩ්ඩු දිහයි බලන් හිටියෙ.ලස්සන කෙල්ල ආච්චි කෙනෙක් වගේ අඳුරන්නත් අමාරුයි.
3)හොඳට හිටපු කොල්ලෙක් හිටිගමන් දෙවියන් වහන්සෙ පෙනෙන්න අරන් මහ විජ්ජුම්බරයක් කලා.උගෙත් ගෙදර ලොකුවටම අවුල්.මැරෙන්නම හැදුවා.ඒත් අපි දොස්තරලට කතා කරලා උපදෙස් අරන් මිනිහව බෝඩිම් වල තියාගෙන බෙහෙත් කලා.හොඳ උනා කියල ගෙදර ගියාට ආයෙ වැඩි වෙලා අංගොඩ යැව්වා.එතනින් හොඳවෙලා ඇවිත් දැං යහතින් ඉන්නවා... උට මතකයි සමහර සීන්.බොන වෙලාවට ඌම ඒව කියල හිනා උනත් අපිට තාම ඒවට හිනා යන්නෙ නෑ..
සංවේදී ලියවිල්ලක්.
ජයවේවා..!!