Wednesday, May 20, 2015

94 හොල්මන්


හොල්මන් කියන වචනය ඇහුනත් පොඩි කික් එකක් තියෙනවනෙ බොලං..නැද්ද මම අහන්නෙ. හෙලවෙන මනස කියලනෙ දැන උගත් වැඩිහිටියො මේ වචනය අර්ථ දක්වන්නෙ. හැබෑටම සිරා කොලුවත් හොල්මනක් දකින්න හරි ආසාවෙන් කාලයක්ම බලා උන්නා. ඒත් අඩුගානෙ මෝහිණී තියා මෝහිනීගෙ අත දරුවා වත් දකින්න විදියක් නැති උනා. අනේ මල්ලි මේ දරුවා වඩා ගන්න කියලා මෝහිණී මට කිව්වොත් නම් මම කියන්නෙ අක්කා ඔහොම ඉන්න මම රෙද්ද අන්දන්නං කියලා.

ඉස්සර අපි මළගෙදරක ප්ලේන්ටියක් ඇද අැද ඕමියක් බලන වෙලාවට නැගලම යන මාතෘකාව තමයි හොල්මන්. මේවා කියන්න ගන්නෙ මධ්‍යම රාත්‍රියට කිට්ටු වෙලාවක මළ ගෙදරකම ඉඳන් නිසා සමහරු ගෙදර යන්නෙත් නෑ බයට තනියම යන්න  තියෙන නිසා. සමහරු මුත්‍රා අඩස්සියටම එනකං ඉවසගෙන දත කාගෙන ඉන්න‍ෙ ඒ වැඩේ කොරගන්නත් ඈතට යන්න තියෙන බය නිසා. හොල්මන් ඒ තරම් ප්‍රබල මාත්තුරුකාවක් බොලව්.

ඉතින් මේ කථා අහලා තනියෙන් ගෙදර යන්න බය උන් මළගෙදරට මරණාධාර සමිතියෙන් දෙන තහඩු පුටු තුන හතරක් එක දිගට තියලා ඒවා උඩ දපනවා. පහුවදා වැඩ රාජකාරි වලට යන පිරිස ආපහු ගියාට පස්සෙ සල්ලි ඔට්ටුවට බූරුවා ගැහිල්ලකුත් නැත්තං මළගෙදර පාලු සොහොනක් වගේ වෙනවා. ගෙදර උන් තැන තැන වැටිලා නිදාගන්නකොට පුටු උඩ නිදියන කීප දෙනෙක් විතරයි මළගෙදරට ඉතිරි වෙන්නෙ.

අන්න ඒ වෙලාවට මරු වැඩක් අපි කලා. පුංචි ඉටිපන්දමක් අරගෙන නිදාගෙන ඉන්න එකාගෙ පශ්චාත් කලාපය අහුවෙලා තියෙන පුටුව යටින් පුටුවෙ තහඩුව රත්වෙන විදියට අටවලා ඈතට වෙලා බලා ඉන්නවා. මඳින් මඳ රත්වෙන පුටුව නිදාගෙන ඉන්න එකාගෙ හම පුච්චන තරමට රත්වෙන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව උදා උනාම නිදාගෙන ඉන්න එකා පුක අල්ලගෙන මළගෙදර දෙක වෙන්න කෑ ගහලා පුටු පෙරලගෙන බිම ඇදවැටෙන්නෙ හරියට මහසෝනා ගැහුවා වගේ.  ඒ දර්ශනය තරම් රමණීය දර්ශනයක් තවත් නෑ බොලව්...ඒක ඒ තරම් නෙත්කළුයි. හිනාවෙලා පණ යනවා.

හොල්මන් ගැන කියන්න ගත්තම මමත් දවසක් හුස්ම නතර වෙන්නම බය උනා නොවැ. ඒ කථාවත් මේ අස්සෙ හීනියට වනලා දාන්නම්. අපේ අල්ලපු වත්තෙ තියෙනවා රූස්ස සියඹලා ගහක්. මේ වත්තෙ තියෙන නිවසෙ ජීවත් උනේ අම්මෙක් සහ දුවෙක්. දුව කරකාර යන වයස ඉක්මවලා හිටිය තනිකඩ එකියක්. දවසක්දා මම මහා ගන කලුවරේ ඔය පැත්තට ආවා කියමුකො. මෙන්න බොලේ කඳක් නැති දිග ගවුමක් සියඹලා ගහට මෙහායින් පේනවා. අම්මෝ...මගෙ පපුව නතර උනා...පොඩ්ඩක් දුර ගෙවල් පැත්තට දිව්වත්...මගේ හිතට හරි මෙව්වා එකයි මොකක්ද යකඩෝ මම දැක්කෙ කියලා. අතට අහුවුන පොලු කෑල්ලකුත් අරගෙන ආයෙමත් කිට්ටු උනා සියඹලා ගහ පැත්තට. එතන තියෙන වැලේ අල්ලපු ගෙදර අක්කා අත්දිග ගවුමක් වනලා...ඒක හුලගට වැනෙනවා. ගවුම ටික ටික පහලට රූටලා දැන් වැලේ රැදිලා තියෙන්නෙ ඉහළම හරියෙන්. ඒකයි ගවුම දිගට පෙනුනෙ.

අපේ පාසලේ ක්‍රීඩා පිටිය අවසන් වෙන්නෙ මහා කනත්තකින්. පාසල කිට්ටුවට වෙන්න කනත්තෙ විශාල රටදෙල් ගහකුත් තිබුනා. මේ හරිය දවාලටත් හරිම ගුප්ත ස්වරූපයක් ගත්තෙ. ඉස්සර ගම්පහ රෝහල අසල මල් ශාලා වල එකතුවෙන අතුනු බහන් වලලන්න කනත්තට ගෙනාපුවාම වලවල් කපලා ඒවා පස් වලට යට කරනවා පාසලේ තාප්පය අයිනට උනාම අපිට පෙනුනා.

බෑන්ඩ් ගැහිල්ල පටන් අරගෙන පාසලේ රාත්‍රියෙ නතර වෙන්න ගත්ත මුල්ම දවසෙ තමයි බය හිතට දැනෙන්නෙ. ක්‍රීඩාගාරයේ උඩු මහලෙ තියෙන බෑන්ඩ් කාමරයට එක ‍එල්ලෙ පේන්නෙ කනත්ත. පළාතම කට්ට කලුවරයි. ඒ කාලෙ පොඩි රාවයක් තිබුනා දවසක්දා රාත්‍රියක අපි වගේම පාසලේ රාත්‍රිය පහන් කරපු ශිෂ්‍ය නායකයො අතර හිටි කෙනෙක් ඉනෙන් පහල නැති පිරිමි රූපයක් කනත්ත කිට්ටුව පන්ති කාමරයකට මුවා වෙලා ඉන්නවා දැක්කා කියලා. මේ කථා අහලා පොඩි උන් විදියට තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කරපු මුල්ම කාලෙ තනියෙම එහෙ මෙහෙ ගියේ නෑ. නමුත් කිසිම දෙයක් අපි එදා මෙදාතුර දැක්කෙත් නෑ.

හොල්මන් ගැන කියද්දි මේ මාතෘකාව ගැන අපි කථා බහ කල බවට මට මතක් වෙන තවත් තැනක් තමයි ඉස්සර මම පත්තර රස්සාවට ගිහින් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සේවය නිමවෙලා මධ්‍යම රාත්‍රියෙන් පස්සෙ නිවෙසට ගෙනත් දාපු සමාගමේ වෑන් රථවල විවිධ රියදුරන්. මේ වාහන ඇතුලෙ විවිධ දවස් වලට පත්තරේ විවිධ අංශ වලට අයත් විවිධ මිනිස්සු හිටියා. මේ බහුතරය හොල්මන් ගැන කථා කරන්න ප්‍රියයි. මට හිතෙන විදියට මිනිස්සු අද්භුත දේවල් ගැන හොයන්න කථා කරන්න හරි අාසයි.

ඉතින් වෑන් රථයෙ රියදුරු තුමා සමහර වෙලාවට කථාවට ආරම්භය දෙනවා. සමහර දවස් වලට එයාම හොල්මන් ගැන කථාව පටන් ගන්නවා.

මහත්තයා රෑ වාහන එලවද්දි හොද කල්පනාවෙන් යන්න ඕනෙ. පාරෙ වැටිලා ඉන්න හාවෙක් එහෙම දැක්කොත් කවදාවත් නවත්තන්න එපා.

ඒ මොකෝ ඒ...වෑන් රථයෙ ඉන්න ජනතාවගෙන් නිදාගෙන නැති උන් වැටිලා ඉන්න තැනක ඉදන් හූ මිට්ටක් තියනවා.

මේ හාවො ඇත්තම උන් නෙමෙයි. හොල්මන්....මේ ලගදි අපේ තව ඩ්‍රයිවර් කෙනෙක් කට්ටිය බස්සලා තනියම එද්දි පාරෙ ලොකු හාවෙක් වැටිලා ඉන්නවා දැකලා වාහනේ නවත්තලා බැහැලා ගිහින් බලලා. ලගට ගියාම හාවෙක් නෑලු. එයා දන්නෙත් නෑ එයාට පිටිපස්සෙන් තනිකලු බල්ලෙක් ඇවිත් හිටියලු...ඒකගෙ මූණ බලන්න බයංකාරයිලු. ඇස් දෙක රතුම රතු පාටලු...අපේ එකා බය වෙච්ච පාර එක සීරුවට කම්පැණියටම ඇවිත් වාහනේ පාක් කරලා අපිට විස්තරේ කිව්වෙ.

අයියා ඔයාලා ඉතින් හැම තැනම යන එන මිනිස්සුනෙ පත්තරේ කට්ටිය බස්සන්න. ඇත්තටම හොල්මන් ඉන්න තැන් තියෙනවද ? දවසක් මම ගැටලුවක් ඇහුවෙ මේ වගේ කථාවක් ඇදී ගිය වෙලාවක.

මොකද නැත්තෙ මල්ලි. අපේ සමහර රූට් තියෙනවා දන්න එකා යන්නෙ නෑ. අලුත් ඩ්‍රයිවර් කෙනෙක්ට බාර දීලා සද්ද නැතුව ඉන්නවා. එයාලත් පළවෙනි දවස ගිහින් ආවට පස්සෙ ආය‍ෙ යන්නෙ නෑ.

ඉතිං එහෙම තැනක් දෙකක් කියන්නකො. මමත් ඉතිං කුතුහලය උපරිමයටම ඇවිස්සුවා. වෑන් එකේ වයසක ඩයල් කීපය නිදි. තරුණ උදවිය හොල්මන් කථාව එක්ක ඒකාත්මික වෙලා.

යක්කල කිරිඳිවැල පාරෙ කොස්කඳවලට මෙහායින් තියෙනවා පාර අයිනටම වෙන්න ලොකු කුඹුක් ගහක්. ඔය හරිය කට්ටම පාලුයි මහ රෑට. ඔතනින් වමට අතුරු පාරක් තියෙනවා ඒක යන්නෙ කනත්තට. ඔය කුඹුක් ගහ යට තමයි හොල්මන ඉන්නෙ.

මට අම්මෝ කියවුනේ නැති ටික විතරයි. මගේ අතිජාත මිත්තරයා ප්‍රියා ඉන්නෙ කොස්කඳවල. ඒකාගෙ ගෙදර ඉදන් කොච්චර වාර ගානක් මහ කරුවලේ මම ස්කූටරෙන් ඔය ගහ යටින් ගිහින් ඇද්ද ?

මම ඉතිං දේව ගණේ එකානෙ..ඒ නිසා හොල්මන් පේන්නෙ නැතුව ඇති. මම එහෙම හිතලා හිත හදාගත්තා.

ගෑණියෙක්ද පිරිමියෙක්ද ඉන්න‍ෙ එතන? නිදිමරගාතෙම එකෙක් ඩැයිවර් අයියගෙන් ඇහුවා.

ගෑණියෙක් ගෑණියෙක්...ගහ යට ඉදන් එක පාරටම පාරට එනවලු..වාහනේ ලං වෙන්න ලං වෙන්න උස යනවලු අඩි 10 ක් විතර වෙන්න. දැන් මාසෙකට විතර උඩ අපේ අර නිල් පාට ත්‍රී වීල් එක දුවන අයියට මාට්ටු වෙලා තිබුනා. මිනිහා ඇග මැද්දෙන්ම දාලා ඇරියලු..දුමක් වගේලු දැනුනෙ. ඒකා යකාටවත් බය නැති මිනිහා.

ඔය වගේම තැනක් තියෙනවා මල්ලි හෝකන්දර පැත්තෙ කුඹුරු මැද්දෙන් යන පාරක. අපේ එක්කෙනෙක් බහින්න ඉන්නවා ඒ පාරෙ කොනටම ගිහින්. ඒ රූට් එකේ අය බස්සන්න ගියොත් එයා තමයි අන්තිමයට ඉතිරි වෙන්නෙ. මිනිහව බස්සලා ආයෙම එන්න වෙන්නෙ තනියම ඩ්‍රයිවර්ට. කුඹුරු අහුවෙන හරියෙ ගෙවල් නෑ. වෙල මැද්දෙ බෝක්කුවක් උඩ තමයි හොල්මන ඉන්නෙ.

අම්මෝ..මේකා කියන කථා...යකෝ..මම මේ මගුලෙන් බැහැලා ගෙදර යන්න ඕනෙ තට්ට තනියම පාලු පාරක..මම යටි හිතින් ඩැයිවර් අයියට බැන්නෙ මගේ භෞමික අඛන්ඩතාවය ඒ වෙද්දිත් සසල වෙලා තිබුන හින්දමයි.

පත්තරේ වෑන් එක ගම්පහට ලගාවෙද්දි ගල් පාන්දර 2 ට කිට්ටු වෙනවා. හොල්මන් කථා මාලාව අස්ස‍ෙ වෙනදට ප්‍රධාන මාර්ගයෙන් බැහැලා අතුරු පාරවල් දිගේ ගෙදර ගිය මිනිස්සු අද ගෙවල් ලගටම වාහනෙන් ගිහින් බහිනකොට අපි දිහා බලලා ඩැයිවර් අයියා ඇහැක් ගහනවා.

කාලයක් අපේ ගම මැද්දෙන් ගලන අත්තනගළු ඔයේ පාලම උඩදි රාත්තිරියෙ කුලී ගමන් දුවපු තුන්රෝද රථ වලට පෙනුන හොල්මනක් නිසා තුන්රෝද රථ කරුවො හැන්දෑවෙ 6 වෙද්දි නිවෙස් බලා ගියා. හරියටම පාලම උඩදි රාත්‍රී 10 පැන්නට පස්ස‍ෙ විශාල වව්ලෙක් වගේ පැමිණෙන අතක් පේන බව තමයි ඒ ඇත්තො මට ඒ දවස් වල කිව්වෙ. 6 න් පස්ස‍ෙ ප්‍රවාහනය නැති නිසා කාර්යාල සේවයට කොළඹ යන කාන්තා පරාණ ආරක්ෂිතව නිවෙසට රැගෙන යන්න ඒ අයගෙ හිතවතුන් අපේ හන්දියට පැමිණියා.


                                                       අද්භුත ඡායා 


දැන් අපි හොල්මන් අරගෙන මැලේසියාව පැත්තට එමුකො. සිරා කොලුවා සේවය කරන කාර්යාලය තියෙන ගොඩනැගිල්ල නවීන පහසුකම් වලින් යුක්ත තට්ටු 40 ක් උස අලුත්ම වගේ එකක්. අපි ඉන්න‍ෙ 10 වෙනි මහලෙ. අපේ කාර්යාලයට එහා පැත්තෙන් තිබුන හිස් ඉඩ පාවිච්චි කරලා මේ වසරෙ මුල තවත් ආයතනයක් කාර්යාලයක් අලුතින්ම පටන් ගත්තා.

10 වෙනි මහලෙ පිරිමි වැසිකිළි පද්ධතියෙ පිවිසුම තියෙන්නෙ මේ කාර්යාලයට යන පාරෙ. මම දවසක් ඉතින් ඔය පැත්තෙ ගිහින් ආපහු  යන්න ආවා. මැලේ කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි මගෙන් එකපාරටම ඇහුවෙ 10 වෙනි තට්ටුවෙ හොල්මන් තියෙනවද කියලා.

මොකක්ද බොල මේ හරුපෙ. මම පොඩ්ඩක් නැවතිලා කාරණේ විමසා බැලුවා. අපි ඉතිං ලගදිනෙ ඔෆිස් එක දැම්මෙ. අපේ ඔෆිස් එක ඇතුලෙන් එක එක සද්ද ඇහෙනවා හිටි ගමන්. කාන්තා වැසිකිළියෙත් සද්ද බද්ද ඇහෙනවා කියලා මෙයාලා කියනවා කියපු කොල්ලා රෝස මල් දෙකක් වගේ ඉන්න කෙල්ලො දෙන්නා මට දැක්වූවා.

ඇත්තටම ඔයාලට සද්ද ඇහුනද...මම එයාලගෙන් ඇහුවා. 

අපොයි ඔව්..ගිය සතියෙ දවසක් අපි රෑ 9.30 වෙනකං වැඩ කලා. අපේ කෙල්ලෙක් බය වෙලා කෑ ගහගෙන දුවගෙන ආවෙ. ගොඩාක් ලගින් ගොරවනවා වගේ සද්දයක් ඇහෙන්නෙ. ඒක පිරිමි කටහඩක්...අපි දෙන්නටම ඇහිලා තියෙනවා. අපි මුලින් හිතුවෙ කවුරු හරි වැඩ කරන කෙනෙක් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. කෙල්ලො දෙන්නා තවමත් බය වෙලා වගේ.

පිරිමි වැසිකිළියෙ එහෙම අවුලක් නෑනෙ...අපේ ඔෆිස් එකේ කෙල්ලොත් ඔයාලා සද්ද ඇහෙනවා කියන තැනට යන්නෙ කාටවත් ඇහිලා තිබුනෙ නෑනෙ. මම කිව්වා.

අපේ ප්‍රධාන ඔෆිස් එක තියෙන්නෙ මේ බිල්ඩිමේ 5 වෙනි තට්ට‍ුවෙ...ඔයා දන්නවද ඒක හොල්මන් ගුහාවක්..සමහර කම්පැණි ඔෆිස් අයින් කරගත්තා. මොනවා කලත් ඒක නැතුව ගියේ නෑ. අපේ අය රෑට වැඩකරන දවසට හරිම බයෙන් 5 වෙනි තට්ටුවෙ ඉන්නෙ. කොල්ලා මා එක්ක කිව්වා. ඒ නැතත් මේ වසරෙ මුල හෘදයාබාදයකින් 5 වෙනි මහලෙ ආයතනයක කෙනෙක් තමන්ගෙ රාජකාරි පුටුවෙම මියගියා කියලා නම් මම දැන උන්නා.

ඔයින් මෙයින් මම මගේ ආයතනයට ආවා කියමුකො. මම කරපු පළවෙනි වැඩේ තමයි අපේ කාන්තා පරාණ මේ ගැන දැනුවත් කරපු එක. මේ මැලේසියානුවන් හොල්මන් වලට පුදුම විදියට භයයි. අ‍පේ එකීලට කිසිම සද්දයක් ඇහිලා තිබුනෙ නැති උනාට දැන් උන්ටත් බයයි වැසිකිළිය පැත්ත පළාතක යන්න. කථාවෙන් පස්ස‍ෙ සතියක් විතර ගතවෙන තුරු කවුරුවත් තනියම ඒ පැත්ත පළාතක ගියේ නෑ තනියට කෙනෙක් අරගෙනම තමයි උන් මුත්තරා බර හෑල්ලු කොරන්න එතනට බඩ ගෑවෙ.

මම මැලේසියාවට පය තිබ්බ මුල්ම කාලෙ අගනුවරින් ගොඩාක් ඈත පළාතක නිවසක තමයි නැවතිලා හිටියෙ. මැලේ ජාතික ජෝඩුවක්, එයාලගෙ පුංචි දරුවො සහ නිවසේ සේවයට ලංකාවෙ කීප දෙනෙක් තමයි මේ ගෙදර උන්නෙ. මේ නිවස වටා උසට ඉඳිකල තාප්පයක්. තාප්පයේ එක කොනකට වෙන්න රූස්ස ගහක් සහ අඳුරු වටපිටාවක්. එතනින් එහා පැත්තෙ පුද්ගලික රෝහලක වාහන නැවතුම්පලක්.

කලුවර වැටුනට පස්ස‍ෙ එළියෙ ඇවිදින්න යන්න එපා. හොල්මනක් ඉන්නවා අපේ වත්තෙ. දවසක්දා එහෙම කිව්වෙ අපේ ගෘහ මූලිකයගෙ සුන්දර බිරිඳ. මම ඉතින් පෙනුම කොහොමද, හොල්මනේ ස්වරූපය වගේ දේ ඇහුවා. හොල්මන ගෑණු කෙනෙක්ගෙ. එයා ඔලුවෙ ඉදන් පහලටම වහලා තියෙන්නෙ. දවසක් කුස්සියේ මම හිටිය වෙලාවක ලගටම දැක්කා කුස්සියේ වීදුරුවෙන් ටොම්යම් ගහ ලග ඉන්නවා. එයා මේ වටේ ඇවිදිනවා . අපි ඒ වෙලාවට එලියට යන්නෙ නැත්තං කරදරයක් නෑ. ගොඩාක් ඉස්සර මැලේසියාවෙ ගෝත්‍ර බිලිපූජා කරපු තැනක්ලු මෙතන. සමහර වැරදිකාරයන්ගෙ හිස් ගසා දැම්මලු ඒ කාලෙ.  ‍අපේ ස්වාමිදුව ඒ වගේ විස්තරයකුත් කලා.

මමත් ඉතින් හරිම කුතුහලයෙන් හිටියා කියමුකො. රාත්‍රියට නින්දට ගියාම ජනේලයේ වීදුරුවට මෙපිටින් තියෙන තිරය අයින් කරලා හොල්මන පේන්න ඉන්නවද කියලා හැමදාම බැලුවා. නමුත් එක දවසක් අපේ ගෙදර හිටිය ලංකාවෙ එකෙක් වීදුරු දො‍රට පිටින් රාත්‍රී 10 ට විතර සුදුවට කවුද ගියා කියලා මරහඬ දුන්නා. අපි එදා එළියට බැහැලා බලන්න හැදුවත් මැලේසියානු යුවල අපිට එළියට යන්න ඉඩ දුන්නෙ නෑ.

හොල්මන් ගැන කථා කරද්දි මට තවත් මතක් වෙන් ස්ථානයක් තමයි සිංගප්පූරුවෙ දම්පාට දුම්රිය මාර්ගයෙදි හමුවෙන වුඩ්ලන්ඩ්ස් දුම්රිය නැවතුම. පොළව යට තියෙන මේ දුම්රිය නැවතුමේ ඉහළින් තියෙන්නෙ කනත්තක් කියලයි මට අහන්න ලැබුනෙ. වුඩ්ලන්ඩ්ස් වලින් දිවා කාලයටත් දුම්රියට ගොඩවෙන්න බහින්න මිනිස්සු හිටියෙ නෑ. රාත්‍රියට හිටියෙම නැති තරම්. සිරිතක් විදියට දුම්රිය නැවැත්තුවට එතැනදි නගින්න බහින්න මිනිස්සු නෑ. දුම්රිය ස්ථානයේ සේවය කල කාර්ය මණ්ඩලය පමණයි උන්නෙ.

හොල්මනක් කවදාවත් දැකලා නැති උනාට එහෙම දේවල් තියෙන බව මම විශ්වාස කරනවා. මඩවල උපාලි හාමුදුරුවො ලියපු පර්යේෂනාත්මක කෘතියක් වන අපට නොපෙනෙන ල‍ෝකය කෘතියෙත් බටහිර විද්‍යඥයො ලබාගත් සත්‍ය හොල්මන් වල ඡායාරූප තිබුනා. සමහර හොල්මන් වලට විවිධ ස්වරූප වලින් ඉන්නත් පුලුවන් ලු. මේ ‍පොත හොයාගෙන කියෙව්වොත් අපට නොපෙනෙන බලවේග පිළිබඳ සෑහෙන දැනුමක් ගන්න පුලුවන්.

ඇමරිකාවෙ 16 වෙනි ජනාධිපතිතුමා වෙච්ච ඒබ්‍රහම් ලින්කන් මහත්තයා කාලයක් ධවල මන්දිරයෙ හොල්මන් කලා කියන්නෙ. 1869 දි මුල්ම වතාවට දර්ශනය වෙච්ච මේ හොල්මන අවසාන වතාවට දර්ශනය වෙලා තියෙන්නෙ 1980 දි.

ලින්කන් මහත්මිය පිටුපසින් සැමියාගේ අවතාරය ඡායාරූප ගත වී ඇති අයුරු

රට ජාතිය ආගම වෙනස් උනත් හැම තැනකම හොල්මන් කථා තියෙනවා. හැමෝම හොල්මන් වලට බයයි. බොහෝ හොල්මන් කාන්තාවො, ඒ මදිවට සුදු ඇඳුම් ඇදගෙනයි හොල්මන් ඉන්නෙ. සුදු පාට සහ හොල්මන් අතර මේ තරම් කිට්ටු නෑ කමක් ඇයි කියලා වෙලාවකට මට හිතෙනවා. බොලා ලග මේ ගැටලුවට පිළිතුරු තියෙනවා නම් පහළින් දීහල්ලා.



මම කාමරේ අරින සිරා කොලුවා. 


94 comments:

  1. පාන් ර 12.49. ලිපිය හොඳ නිසා කියෙව්ව​. දැන් නිදියන්න බයයි :/

    ReplyDelete
  2. සිරා බලාගෙන ඉඳපන් මොහීනී එනකන් රෙද්ද අන්දන්න....හික්....හික්....!!

    ReplyDelete
    Replies
    1. බලා හිටියට ආවෙ නෑනෙ බං..ඔය මෙන්ඩියා කියන්නෙ මෝහිනීට රෙද්ද අන්දලා කවුද දැන් දරුවො දෙන්නෙක්ම ඉන්නවා කියලා...

      Delete
  3. සිරෝ උඹ බයවුණ විදිහටම මම බයවුණා වැලේ වනලා තිබුණු අපේ ලොකු අක්කගේ ගවුමක් දැකලා. ඒ වගේම පිචර් එකක් බලලා තනියම රෑ එනකොට සොහොන් පිටියක් ලඟදි මී හරකෙකුට බයවුණා හොල්මනක් කියලා.

    බය ඇරුනේ ඒ කාලේ පාසල් ශිෂ්‍ය භටයන් හැටියට දියතලාවේ කෑම්ප් එකේ පුහුණුව ලැබීමෙන්. ඒ කාලේ ඩියුටි කොප්‍රල්ට, ඩියුටි සාජන්ට මහා රෑ තනියම යන්න වෙනවා පණිවිඩ වලට.

    දියතලාව කෑම්ප් එකේ හොල්මන් කතා පිරිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ගරු විචාරක මහතා,

      ඔබතුමා හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ(එවකට මේජර් ජෙනරාල්) අධිසහයකයා ලෙස සේවය කෙරු තැනැත්තා කියන්නේ සත්‍යයද?


      Delete
    2. විචාරක කියන්නේ සිංහ රෙජිමේන්තුවේ සෙබළෙක්. ඔහු සරත් ෆොන්සේකා මහතා ගාව වැඩ කලේ නෑ.

      අනික විචාරක අන්තිම සටනට සහභාගී වූ අයෙක් නෙමෙයි. විචාරක හිතං ඉන්නේ ඔහු තරං හමුදාව ගැන දන්නා අයෙක් නෑ කියලයි. ඒ හින්දා මෙතන ලොකුකම පෙන්නන්න ලොකු ලොකු කතා කියලා, අන්තිමට කියනවා මේ හමුදා තොරතුරු ඉතාම රහසිගතයි, ඒ හින්දා ඒවා ගැන කියන්න බැහැ කියලා.

      හැබැයි ඩීප්වෙබ් එකට ගියා නං මේ හමුදා තොරතුරු සියල්ලම පින්තුරත් එක්ක තියෙනවා.

      මම කැමති නෑ මේ වයසක මනුස්සයාව විහිළුවකට ගන්න. ඒත් සමහරු මෙයාගේ කතාවලට රැවටිලා ඉන්න හින්දයි මේ කොමෙන්ට් එක හරි දැම්මේ.

      Delete
    3. //සෙබළෙක්//??? he is an officer you dumb ass

      Delete
    4. අපේ අයිය බඩා කාලයක් රාජකාරි කලේ පූනෑව නාවික හමුදා කඳවුරේ. ඒ කඳවුර තුලත් අද්භූත ශබ්ද ඇසෙන බව ඒකා වතාවක් මා සමග කිව්වා. මමත් බෑන්ඩ් ගැහිල්ලට ගිය නිසා තමයි සබකෝල ගත නැතුව ගියෙ. නැත්තං ඉස්සර පන්තියෙ ළමයි 40 ඉස්සරහා සින්දුවක් කියාගන්න බැරි මිනිහෙක් මම.

      Delete
    5. //නැත්තං ඉස්සර පන්තියෙ ළමයි 40 ඉස්සරහා සින්දුවක් කියාගන්න බැරි// ඉතින් බං මට අදටත් එක ළමයෙක් ඉස්සරහාවත් සිංදුවක් කියන්න බැනේ.. තනියමනම් පුළුවන් ඕනේ තරම් කියන්න.. හැක්..

      Delete
    6. @ කල්‍යාණ මිත්‍රMay 22, 2015 at 12:26 PM
      අර ඇම්ඩන් කතාවේ වගේ කනට කරලා සිංදුවක් කියන්න බැරිද? :D

      Delete
    7. විචාරක තුමත් එහෙනම් ඇම්ඩන් කථා අහලා තියෙනවා...මේ කථාවලට අපි හිතනවට වඩා ඉතිහාසයක් තියෙන හැඩයි.

      Delete
    8. AnonymousMay 21, 2015 at 1:02 PM

      අයිසේ තමුසේ පයිසෙයක්වත් වටින්නැති ගොන් වස්සෙක්නේ.

      Delete
  4. මම වැඩ කරන්නේ ගුවන්සේවා සමාගමක. ඉතිං රටවල් 30 කට විතර මම ගිහිං තියෙනවා.

    එක එක රටවලදී මමත් මේ වගේ හොල්මන් කතා ගැන අහලා තියෙනවා. ලෝකේ ඕනි රටකට ගියාම අපේ කෘ එකත් ඉස්සෙල්ලම හොයලා බලන්නේ අපි නතර වෙන හෝටලයේ හොල්මන් එහෙම තියෙනවද කියලා.

    උදාහරණයක්‌ විදියට දකුණු කොරියාව ගන්න. මේ රට ඇමරිකන් පන්නයට හැඩ ගැහිලා තියෙන රටක් වගේ ලෝකෙට පෙනුනට මෙහෙත් මිනිස්සු සැහෙන්න සාම්ප්‍රදායිකව හිතන්නේ.

    මේ රටේ ඉන්න මිනිස්සු රාත්‍රී කාලයේදී ජනෙල අසල ඉන්නේ බොහොම අඩුවෙන්. මොකද මේ රටේ අය විශ්වාශ කරනවා, රාත්‍රී කාලයේ නිවාස වල ජනෙල අසලට එන හොල්මනක් ගැන.

    මට පෙනෙන විදියට හොල්මන්,අවතාර ගැන සැහෙන්න අහන්න ලැබෙන රට තමයි එංගලන්තය. මේ රටේ තියෙන සමහර හෝටල් එහෙම වසර සීය ගානක් පරණ ඒවනේ. ඕවයේ විවිද භයංකර කතා හැදිලා තියෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම එංගලන්තය වගේ රටක තියෙන සමහර හෝටල් වල අපි නවාතැන් ගනිද්දී රාත්‍රීයට ඌරු මස් වගේ දේවල් කන්නේ නෑ. කෘ එකේ අය අතරේ තියෙන පොඩි සම්මතයක් වගේ දෙයක් ඒක.

    කතා නං ගොඩක් තියෙනවා විවිද රට වලදී අහලා තියෙන. කාල වෙලාව ඕනි එව්වා ලියලා එවන්න.

    ReplyDelete
    Replies
    1. මම දැන් වසර ගණනාවක් තිස්සේ ඉන්නේ දකුණු කොරියාවේ. ඔය කියලා තියෙනවා වගේ දකුණු කොරියාවේ ජනෙල් අසලට එන හොල්මනක් ගැන සැහෙන්න කතා තියෙනවා. දකුණු කොරියානු ජාතිකයන් සැහෙන්න බයයි මේ ජනේලය ලගට එනවා කියන හොල්මනට.

      ඊළගට ඇමරිකානු ජනාධිපති ලින්කන් මහතාගේ හොල්මන ධවල මන්දිරයේ දිස්වන්නේ ඇමරිකාවට බොහොම තීරණාත්මක කාලයකට මුහුණ දෙන්න තියෙන කොට කියලයි මම කියවලා තියෙන්නේ. ඒ හොල්මන එන්නේ අදාල අවස්ථාවේ ඇමරිකාව පාලනය කරන ජනාධිපතිවරයාට ඉදිරියේ ගන්න වෙන තීරණ ගැන දැනුම්දෙන්න වගේ කියලයි විදේශ මාධ්‍යය වල සදහන්ව තිබුනේ.

      අපි ඉතිං කාලය වැයකරලා, කොච්චර හොදට කොමෙන්ට් එකක් දැම්මත් වැඩක් නෑනේ. ටික වෙලාවක් යද්දී අපේ කොමෙන්ට් අයින් කරලා. ඒ නිසා වැඩිය කොමෙන්ට් නෑ සිරාගේ බ්ලොග් එකේ. ඔය ලියලා තියෙන එකක් බලලා ගියාම ඇති.

      Delete
    2. ගුවන් සේවා සමාගමක වැඩ කරනවා කිව්ව ඇනෝ මිත්‍රයා තමන්ගෙ අත්දැකීම් ලියා එව්වොත් 7 වෙනි ලිපියක් විදියට පල කරන්න හැකියි. අපේ ජපන් චමියත් මට වතාවක් කිව්වා ජපානයෙ මිනිස්සු හොල්මන් වලට සෑහෙන්න බයයි කියලා. මිනිහා හිටිය ලගපාත තැනක හොල්මනක් පාර පනිනවලු. මේක දකින රියදුරෝ වාහන හප්පගන්නවලු. මේ ප්‍රදේශයෙ පාරෙ පයින් යන කිසිවෙක් නැති උනාට වාහන අනතුරු නවත්තගන්න හොල්මනට පාර මාරුවෙන්න ගුවන් පාලමක් හැදුවලු. දැන් අනතුරු නෑලු..හොල්මන ගුවන් පාලමෙන් එහා පැත්තට මාරු වෙනවලු


      //අපි ඉතිං කාලය වැයකරලා, කොච්චර හොදට කොමෙන්ට් එකක් දැම්මත් වැඩක් නෑනේ. ටික වෙලාවක් යද්දී අපේ කොමෙන්ට් අයින් කරලා. // මෙහෙම කවදද බං මම කමෙන්ට් අයින් කලේ. බොලා දාන කමෙන්ට් අයන්න කරන්න ඕනෙ නම් මේකෙ කමෙන්ට් කරන්න ඉඩත් තියන්නෙ නෑනෙ. බාහිර පාර්ශවයකට අපහාස කරන අටියෙන් දාන කමෙන්ට් තමයි අයින් කරන්නෙ. මගේ අඩවියෙ මට අපහාස කරන්න උපරිම නිදහස තියෙනවා. නමුත් බාහිර පාර්ශවයකට අපහාස කරන්න ඉඩක් නෑ.

      මම වැටෙන කමෙන්ට් ගාන ගැන හිතන මිනිහෙක් නෙමෙයි මිත්‍රයා. ලිපියේ සාර්ථකත්වය මනින්න වැටෙන කමෙන්ට් ගාන සාර්ථක මිනුම් දණ්ඩක් නෙමෙයි. මගේ අතීතයේ ලිපි අරන් බලන්න කමෙන්ට් වැටිලා ඇති ඕසෙට.

      Delete
  5. මමත් දෙපාරක් දැකලා තියනවා අද්භුත යමක් ඒත් බය වුනේ නෑ..
    අපේ එකෙකුට මුනගැහිලා මෝහිනිට රෙද්ද ඇනදුවට පස්සෙ දැන් ළමයි දන්නෙක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. උප්පැන්නෙට නම දුන්නෙ මෙන්ඩිස් කියල නෙහ්....
      මම දැක්ක ලමයි දෙන්නෙක් එල්ලගත්ත කෙනෙක් පොල්ලක් අරන් මරුටි 800 පස්සෙ එලවනව.
      එල ද බ්‍රා එක එලියට පැනල තිබුනෙ.

      Delete
    2. ජබුක්.... (මෙන්ඩා ලිඳට පැන්න සද්දේ)

      Delete
    3. ළිඳක් හොයාගන්න අමාරු වෙයි. බ්‍රා එකක් බෙල්ලෙ ඔතාගෙන මැරෙන්න තමයි වෙන්නෙ.

      Delete
    4. මට වහ ටිකක් දිපියව් කන්න..

      Delete
    5. මෙන්ඩයියෙ උඹද බං මෝහිනීගෙ දරුවට සෙල්ලං කරන්න නංගියෙක් ගෙනත් දුන්නෙ. අපි අදනෙ දන්නෙ සිද්දෙ...ග්‍රැමක්සෝන් හොද නම් ගෙනත් දෙන්නං බෝතලයක්...නැත්තං බීලා මලාට පස්සෙ මිනිය කලු වෙන්නෙ නැති බ්‍රෑන්ඩ් එකක් හොයලා අරන් දෙන්නං.

      Delete
  6. පාසැල අතුලෙ නිදාගද්දිනම් ඇතිවෙන ශබ්ද බිත්ති වලට දවල් කාලයේ උරාගන්නා ශබ්ද කියල අහල තියෙන්නෙ. ඩෙස් පුටු අදින ශබ්ද, ළමයි කෑගහන් ශබ්ද මමත් කැඩෙට් කරන කාලෙ පාසැලේ නිදා ගනිද්දිනම් ඇහිල තියනව ඉතාම පැහැදිලිවම.
    හොල්මනක් කියල දැකල තියෙන්නෙ හාලි ඇල වතු බංගලාවකදි. සුදු ජටාවක් බැද ගත්ත,සුදු සරමක් සහ කමිසයක් ඇදගත්ත කෙනෙක් පැහැදිලි නැති දෙයක් ට්‍රේ එකක වගේ තියාගෙන අරන් කොරිඩෝ එකෙන් ගිහින් වහල තිබ්බ දොරගාවින් නොපෙනී යනව. පලවෙනි දවසෙ මම හිතුවෙ අප්පු මොනාහරි ගන්න ඇවිත් කියල , දෙවෙනි දවසෙ මේ සිද්දිය ඒ තැන හිටපු මගෙ යාළුවට කියද්දි මම බයවෙන හින්ද කිවුවෙ නෑ කියල ඒකෙම ඉන්න තවත් හොල්මන් ගැන කිවුව.
    තේ වතු වල තියන පරණ බංගලාවල හොල්මන් කියන්නෙ ගොඩක් වෙලාවට සාමාන්‍ය දේවල් වගේ හැම එකාටම හොල්මන් සමග අත්දැකීම් තියනව.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කථාව මමත් අහලා තියෙනවා. දවල් කාලෙ සද්ද තමයි රෑට ඇහෙන්නෙ කියලා. හිටි ගමන් චෛත්‍ය ලගත් බෙර සද්ද එහෙම ඇහෙනවා කියන්නෙ. වතු බංගලා කියන්නෙ අවුරුදු 100 කට එහා පරණ ගොඩනැගිලි කොවැ. ඒ තැන් වල මිනීමැරුම් පවා වෙලා ඇති මම හිතන්නෙ. ඔයා ඇත්තටම දැක්කද දොර ගාවින් නොපෙනී යනවා. බය උනේ නැද්ද ?

      Delete
    2. බයවෙන්ඩ ඒ හොල්මනක් කියල දැනගෙන උන්නෙ නෑ. මම යාළුවට කිවුවෙ අප්පු රෑට බංගලාවෙ සර්ච් එකක් දෙනව මොනාහරි උස්සනවද දන්නෙ නෑ කියල. එතකොට තමයි මට පෙන්නුවෙ ඇතුලෙන් ලොක් කරපු දොර, එතනින් කාටවත් ඇතුලට එන්න බෑ. අනික අප්පුට හොරකම් කරනවනම් දවල්ට කවුරුත් නැති වෙලාවෙ ඒක කරන්න පුළුවන්නෙ කිවුව.

      Delete
    3. ඉතිං ඊට පස්සෙ දැක්කෙ නැද්ද ඔය කියන රූපය ?

      Delete
    4. මම එතන හිටියෙ දවස් 4ක් විතර. පස්සෙ කොලඹ ඔෆිස් එකට ආව දවසක අපේ ඩිරෙක්ටර් කෙනෙක්ට මේ සිද්දිය කිවුව. එයා වතු පාලකයෙක් විදිහට ඉද්දිත් මේ බංගලාවෙ හොල්මන් තිබුනලු. හාබැයි කරදරයක් නැතිලු.
      අපේ කම්පනිය බදුගත්ත වතු බංගලා තියනව එකක කාමරයක් තියනව මොන ජගතෙකුටවත් නිදියන්න දෙන්නෙ නෑ.

      Delete
    5. මම එතන හිටියෙ දවස් 4ක් විතර. පස්සෙ කොලඹ ඔෆිස් එකට ආව දවසක අපේ ඩිරෙක්ටර් කෙනෙක්ට මේ සිද්දිය කිවුව. එයා වතු පාලකයෙක් විදිහට ඉද්දිත් මේ බංගලාවෙ හොල්මන් තිබුනලු. හාබැයි කරදරයක් නැතිලු.
      අපේ කම්පනිය බදුගත්ත වතු බංගලා තියනව එකක කාමරයක් තියනව මොන ජගතෙකුටවත් නිදියන්න දෙන්නෙ නෑ.

      Delete
    6. ඒ කාමරේ නයිටක් ගහමුද මෙන්ඩවත් අල්ලගෙන...

      Delete
  7. දැකලා නම් නෑ...

    අපට නොපෙනෙන ලෝකය පොත මමත් කියවලා තියෙනවා. හොල්මන් කියලා කොටසක් ඇති කියලා නම් විස්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔයා දැක්කනම් අපිත් විශ්වාස කරනවා මොහිනිට නිවුන් සහෝදරියක් ඉන්නවා කියලා.

      Delete
    2. වහාම කණ්ණාඩියක් ඉසිසරහට ගිහින් බලන්ඩ නංගී............. අපූරුවට දකියි....................

      Delete
    3. අමනුෂ්‍ය කියලා ජීවීන් කොටසක් ඉන්න බව බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවනෙ. ඒ කියන ජීවි කොටස් තමයි හොල්මන් ලෙස අපිට පේන්නෙ. එහෙමයි මම හිතන්නෙ.

      Delete
    4. @ මෙන්ඩා - හාකෝ හාකෝ.. හම්බවෙච වෙලාවක බලන්නකෝ... හි...හි..

      @ හා පුංචා - අහ්... ඔයා එහෙමද හොල්මන් බලන්නේ ? හි..හි..

      Delete
  8. මම නම් තාම හොල්මන් දැකලා තියෙන්නෙ කණ්ණාඩියෙන් විතරයි. ඒ දැකපු හොල්මන මදෑ

    ReplyDelete
    Replies
    1. ඒ හොල්මනගේ මල්ලි දැකලා ඩිලාලාගේ ගමේ කෙල්ලෝ දෙතුන් දෙනෙකුට තොයිල් නැටුවා.

      Delete
    2. ෂ්.. කට කට... අපේ හාමිනෙත් බ්ලොග් බලනවා.... (රහසින්...) තොවිල් නැටුවා තමා. හැබැයි මාත් එක්ක

      Delete
    3. තොයිලෙ නටද්දි පොල් මලෙන් ගැහුවෙ නැද්ද.

      Delete
  9. මාත් හරි ආසාවෙන් ඉන්නව ඔය එකෙක් බලාගන්න. කොහෙද අද වෙනකල් දැකල නෑ.
    ඇත්ත කියහං උඹල නේද අර බාත්රූම් එක ඇතුලෙ ඉඳල හොල්මං කලේ

    ReplyDelete
    Replies
    1. පාන්දරකට සරම ඔලුවේ ඔතාගෙන පාර අයිනේ හිටගනින් එතකොට බලන්න පුලුවන්

      Delete
    2. එතකොට හොල්මං පේන්නෙ පාරෙ යන එවුන්ට...

      Delete
    3. හෙක්... ඩිලා කිව්ව වගේ ගමේ ඉන්න කෙල්ලො හත් අට දෙනෙකුට නූල් බන්දන වැඩක් කරන්න තමයි මෙන්ඩ හදන්නෙ.

      Delete
    4. ආය දෙකක් නෑ ගෙදර දුවලා නැන්දලා පුංචිලා නංගිලා නෑනලා එක්කරගෙන එනවා.

      Delete
    5. බාත්රූම් එක ඇතුලෙ හොල්මන් කලේ කන්නෙලියෙ වීරයා...ඒ හොල්මනට බය වෙලා තමයි දොරවල් කඩාගෙන අර නාන්න ගිය කෙල්ල ඇඳුම් නැතුවම දුවගෙන ආවෙ.

      Delete
  10. හොල්මන් දකින්න ආසයි බන් එත් තවම පෙනිලා නැහැ

    ReplyDelete
    Replies
    1. හොල්මනක් දකින්නත් පින තියෙන්න ඕනෙ. පින තියෙන අය මනුෂ්‍ය ගණයේ උපදිති.

      Delete
  11. ඉතිං සිරෝ හොල්මනක් දකින්න ඔච්චර ආසනම් කණ්නාඩියක් ඉස්සරහට යමන්කෝ..,:D

    මමත් දවසක් හොල්මන් කතාවක් ලියුවා අපේ ගෙවල් ගාව ඉන්න රුක්මණී ආච්චිගෙ හොල්මන ගැන....

    මැලේසියාවෙත් එහෙනම් හොම්මන් ඉන්නවා ඈහ් පරිස්සන් වෙයන්.....

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ සෙන්නටත් හොල්මනක් පෙනිල වගෙයි පබිලිස් දෙපාරක් එබිල තියෙන්නෙ. :D

      Delete
    2. ළඟකදි ඉඳල සෙන්නා කෝකටත් කියල වැඩි පරිස්සමට ද මන්දා දෙපාර දෙපාර දානව.

      Delete
    3. අනේ මංද බන්ස්ලා පෝං එකෙන් දාන කමෙන්ට් දෙපාරක් වදිනවනේ. ඇයිද මංදා, ඕන් දැන් මේකත් වදියි දෙකක්.

      Delete
    4. කන්නාඩිය ඉස්සරහට ගියාම මං වගේම එකෙක් ඉන්නවා...මම ඒත් කල්පනා කලා කවුද යකෝ මේ කියලා. මැලේසියාවෙ ඈත පළාත් වල ඔය හොල්මන් කතන්දර සෑහෙන්න තිබේලු..

      Delete
  12. "හොල්මනක් කවදාවත් දැකලා නැති උනාට එහෙම දේවල් තියෙන බව මම විශ්වාස කරනවා..." - හැක...හැක.....

    මාත් හොල්මං දැකල තියෙනව අම්...මප....ඔ .. හරියටම රාත්තිරි 12.36 ට.... ඔ ..... එබරං ලිංකොනුයි ගොපල්ලයි එකලඟ වාඩිවෙලා හිටිය අපේ වත්තපහල ගොරොක් ගහයට අම්..ම්මප.. ඔ ... මේං කියනකොටත් මයිල් ඉස්මයිල් වෙනව..... අම්...ම්මප....ඔ.......අන්තිම හොල්මන දැක්කෙ අවුරුදු 10 ට ඉස්සෙල්ල. ඊටපස්සෙ හොල්මන් දැක්කෙනෑ.... බලන්න හිතුනත් බැලුවෙ නෑ. අන්තිම එකට බයවෙච්ච පාර තාම බය වෙලා ඉන්නෙ...මයෙ හිතේ මැරෙන තුරා ඒ බය තියේ.... ඔ........

    ReplyDelete
    Replies
    1. හිත බය වෙච්ච ගමන් කරන්ට් එකක් වදිනවා වගේ දැනෙනවා නේද බං...එතකොට කොහොමද දැනෙන සොමිය. අත පය මැඩ්ලින් ගහන්න ගන්නෙ කලින් ප්ලෑන් කරලා තිබුනා වගේ.

      Delete
  13. /පිරිමි වැසිකිළියෙ එහෙම අවුලක් නෑනෙ...අපේ ඔෆිස් එකේ කෙල්ලොත් ඔය යන්නෙ කාටවත් ඇහිලා තිබුනෙ නෑනෙ. මම කිව්වා./ කෙල්ලො යන්නෙත් ඒ වැසිකිළියටමද සිරෝ? එහෙනම් මොකට බය වෙනවද ?

    ReplyDelete
    Replies
    1. සිකේ..විළි ලැජ්ජයි..මේවා ඉතින් යක්කු ගස් නගින වෙලාවෙ දාන එ්වනෙ ගිම්හානි නෝනා. ඉතිං ඔය සුලු සුලු අඩුපාඩු හිටින්න පුලුවන්. ඒක එහෙමයි කියලා පිරිමි වැසිකිලියට ගියාම කාන්තාවන්ගෙ උවමනාව ඉෂ්ඨ කරගන්න බෑ කියලද හිතන්නෙ. මම දවසක් වැරදිලා සාප්පු සංකීර්ණයක කාන්තා වැසිකිලියක් ඇතුලට ගිහින් මැලේ නංගිලගෙන් ගුටි නොකා යන්තම් ආවෙ. මතක් වෙද්දිත් හිනායනවා. ස්තූතියි ඔබට...වරද නිවැරදි කරමි.

      Delete
  14. මාව දැක්කහම හොල්මං බයවෙනව බං......................

    ReplyDelete
    Replies
    1. නෑ බං ඒ අර එහා ගෙදර නංගි බයවෙලා තියෙන්නෙ (ඇදුම් නැතුව නානවා දැකලා)

      Delete
    2. ඒ මොකද බොලං...හොල්මන් බොට වඩා ලස්සනද....

      Delete
  15. හොල්මන් කතා නම් ඕන තරම් අහල තියෙනව බං. ඒවා කොහොමටත් ටිකක් අතිශයෝක්තියෙන් තමා තියෙන්නෙ බොහෝ විට. කියන එවුනුත් කියන්නෙ ඉතින් අතින් පයින් ටිකක් දාලා. කපුටො හත්දෙනෙක් වමනෙ කරපු සයිස් එකට තමා අන්තිමට කතාව එළියට එන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේකනෙ බං....ඇත්තටම හොල්මන දැකපු එකාගෙන් කථාව අහගත්තට පස්ස‍ෙ ඒ ආරංචිය අපිට ලගා වෙද්දි අතර මැදින් බණ්ඩි පෝර පාරක් වදිනවා. ඒකයි හේතුව

      Delete
  16. උඹ මොකෝ ඔය රෑ කාලේ එක එක ගෙවල් අස්සේ රිංගන්න යන්නේ! හොල්මන් නෙවෙයි උඹලට පේන්න තිබ්බේ! වෙන ඒවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියන්න නාඩියො මම මුත්තරා බර වැටට නිදහස් කොරන්න බොල ගියේ ඉහළින් පේන හද දිහා බලාන.

      Delete
  17. හොල්මන් තවම දැකලා නැති නිසා මගේ විශවාසයක් නැහැ හොල්මන් ගැන.අනික අපිට වඩා හොල්මන් කොහේද?

    ReplyDelete
    Replies
    1. හොල්මන් කියලා ජාතියක් ලෝකෙ තියෙනවා මිත්‍රයා. ඒක බටහිර විද්‍යාඤයො පවා තහවුරු කරලා තියෙනවා. බුද්ධාගම අනුව ගත්තත් අපට නොපෙනෙන ලෝක සහ ඒවායෙ ජීවත් වෙන ජීවින් විශේෂ ඉන්නවා.

      Delete
  18. සිරා.. හොල්මං කතන්දරේ කියෝනකොට කොස්කඳවල කුඹුක් ගහ මුළ හොල්මනක් ඉන්නවා??? යකොඩෝ හෙන ගහන්ඩ ඔතන පහු කරගෙන ඒ කාලේ ස්කූටරෙන් රෑ 11ට 12ට දවසගානෙ යන කාලයක් තිබ්බ. මම නං දැක්ක හොල්මනක් නෑ.. ඔය පාරෙන් හැරිල යනකොට සොහොන් දෙකක් තියනවා. කොස්කඳවල සොහොනයි හැවනිවල සොහොනයි. පාළුයි නං තමා ඒරියා එක. ඒත් මොකක් වත් දැකල නෑ. ඔව්ව පේන බුවාලා ඉන්නව මයෙහිතේ.. ඔය කුඹුක් ගහ මුල ගෙදර උදුල් අයිය නං සිරාගේ ඉස්කෝලෙට ගියෙ. උගෙ උස 6'9"ක්. මම දැකපු උස වැඩිම එකෙක්. ඕකා පම්ප් එකක් දාන්න රෑ එලියට ආපු වෙලාවක ඌව දැක්කද දන්නෙ නෑ ඔය කියන එවුං...
    බෝනගල හොල්මං සීන් එක ගැනත් මට අත්දැකීම් තියනවා. හොල්මං දැකල නෙවෙයි මිනිස්සු බයේ ගෙවල් ඇතුලට රින්ගන් හිටියඑක ගැන.

    ReplyDelete
    Replies
    1. බොලා ඒ පැත්තෙද...මමත් සෑහෙන වාර ගානක් ඔතනින් ගිහි්ල්ලා ඇති. හැම එකාටම හොල්මන් පේන්නෙ නෑ කියලත් කියනවනෙ. එහෙම දෙයක් වෙන්න ඇති. ඔය කනතු දෙකෙන් එකකට මම ආවා ප්‍රියාගෙ තාත්තගෙ ආදාහනය දවසෙ. සමහර විට ඔය කියන බුවාද දන්නෙත් නෑ...ඒක පුදුම උසක්නෙ බං.

      Delete
  19. ලිපිය ඔක්කොම කියෙවුවා හැබැයි ඔන්න වීඩ්යෝ එකනම් බැළුවේ නෑලු..

    ලින්කන්ගේ හොල්මන ගැන මාත් අහලා තියෙනවා.. ඒත් හැබැයි අර පින්තූරෙනම් ටිකක් එඩිටින් එකක් වගේ පේන්නේ..

    ReplyDelete
    Replies
    1. එඩිටින් කියලා ඔලුවෙ තියාගෙන බැලුවොත් හැමදේම පේන්නෙ එහෙමයි මලයො...

      Delete
  20. මාත් නම් ලිපිය කියෙව්වා. එකපාර දැක්කේ 'සිරාගේ කාමරේ හොල්මන්' කියලනේ...:P

    හැබැයි විඩියෝ ක්ලිප් බලන්ට නම් ගියේ නෑ. එකපාරක් එකක් දැකලා කාලයක් ලිෆ්ට් එකේ තනියම යන්ට බයේ හිටියේ.

    ReplyDelete
    Replies
    1. සිරාගෙ කාමරේට ඉන්න එකම හොල්මන මමනෙ ඉතිං..අපරාදෙ වීඩියෝව බලන්න තිබුනෙ. එහෙම උනා නම් තනියම කාමරේ ඉන්නෙත් නෑ.

      Delete
  21. සිරා කියන කතාව ඇත්ත. මේ රටේ මිනිස්සු හොල්මන් වලට හරිම බයයි. මං වෙස්ට්පොර්ට් වැඩ කල කාලෙ මට ඔය නිසා බරපතල ප්‍රශ්න තිබ්බා. පර්යන්තයේ පසුපස තිබ්බ පොල් රුප්පාවට කිට්‍ටු පාළු පැත්තට කිසි කෙනෙක් යන්නෙ නෑ. ඒ පැත්තෙ ලමයෙක් වඩාගත්ත ගෑණියෙක් ඉන්නවා කියලා පුදුමයි නේද ? ඔය මෝහිණි අපේ රටේ මිනිස්සුත් විස්වාස කරන දෙයක්නෙ. මම හුඟක් දවස්වලට රෑ මැදියමට පර්යන්තයට යනවා මිනිස්සුන්ගෙ වැඩ කිරීම පරීක්ෂා කරන්න ඒ මොකද එකට දෙකට විතර මිනිස්සු හොරට නිදියනවා වැඩ නොකර. මොකක්ද දන්නවද මට අහු උනේ ? අර පැත්තෙ තමයි හොරට නිදියන අය්යලා වාහන ගාල් කරං කකුල් ස්ටියරිං එක උඩ තියං නිදාගන්නෙ. අර කතාව උන් හදපු එකක් වෙන්න ඕනෙ කියල මං හිතුවා. පස්සෙ මං වැඩ පරීක්ෂකයින්ට කිව්ව ඔය වෙලාවට වාහනයක් අරං ගිහිල්ල ඔතැන ඉන්න කියලා. අනිත් බරපතල ප්‍රශ්නෙ තිබ්බෙ වරායට එන පාරෙ. කිලෝ මීටර් හයක විතර දෙපැත්තෙ තිබ්බෙ ලඳු කැලෑව. පාරෙ විදුලි පහන් නෑ. රෑ දොලහට වැඩ ඉවර කරන මිනිස්සු ඔක්කොම ආපහු යන්නෙ එක පේලියට. ඒ මොකද තනියෙං යන අයට අර ගෑණි කතා කරනවලු. සාමාන්‍යයෙන් මුර මාරු වෙනකොට අළුත් මුරයේ අයට සේවය බාර දෙන්න ටික දෙනෙකුට ඉන්න වෙනවා. ඔය කතාව හදල තිබ්බෙ අරෙහෙම ඉන්න වෙන එක වලක්වාගන්න. මං අනන්ත ඔය කැලේ මද්දෙන් මහ රෑ එක එක වෙලාවට ගිහින් තියෙනවා .. වාහනේ නවත්තලා පාර අයිනෙ ගස් වලට ජල සාත්තුවත් කරල තියෙනවා දැක්ක මල හොල්මනක් නෑ. න්හුඟක් මිනිස්සු කියන අවතාර කතා බොරු එව්ව පස්සෙන් වෙන හොර වැඩ තියෙනවා. හරියට අර මඩොල් දූවෙ අවතාරෙ වගේ

    ReplyDelete
    Replies
    1. මම මතුකරපු කාරණය තහවුරු කරන කමෙන්ටුවක්. වෙලා අරන් මහන්සියෙන් මෙහෙම විස්තරාත්මක අදහසක් එකතු කලාට ස්තුතියි සරත් අයියා. පහුගය කාලෙ වාරණ පැත්තෙත් හැන්දෑවෙ 6 න් පස්සෙ සෙනග පුලුටක් නැති උනා පාරවල් වල. හොල්මන් භීතියක් නිසා. අන්තිමට පාර අයිනටම වෙන්න තිබුන නිධානය ගොඩ දාගත්තට පස්ස‍ෙ හොල්මන් භය නැතුව ගියා. මට ඒ කථාව මතක් උනේ.

      Delete
  22. කුබුක් ගහ මුල හොල්මන් නැ බන්. . ඊයෙත් ගියා රැ වෙලා ඔතනින් .. මාත් දේව ගනේ හින්ද පෙන්නේ නැද්ද දන්නේ නැ. . සජ්ජා කිව්වා වගේ උදුල් අයිය එහෙම ඉන්නේ ඔය යහතින්.පොරව දැකලද දන්නෙත් නැ බැය වෙන්නෙ. උසට උසේ හින්ද මුණ විසිබල් වෙනවා ඇත්තේ කුබුක් ගහේ කරටිය දිහයින් . හක හක

    අපේ පැත්තෙනෙ බන් අර මැරිච්ච අමාලි නංගිගේ හොල්මනක් ආවේ.. ඒ දවස්වල නම් 6න් පස්සේ මිනිස්සු පාරට බහින්නේ නැහැලු.. මන් ඉතින් ඒ කාලේ මෙහෙ හිටියේ නැනේ.
    උබත් අමාලි නංගිව බලන්න යන්න ඕනේ කියා කියා නේද බන් හිටියේ ප්‍රියත් එක්ක.

    ReplyDelete
    Replies
    1. අමාලි නංගිගෙ හොල්මන ඉවර උනේ පාර අයිනෙ නිධානය ගත්තට පස්සෙ නේද. මමත් කුඹුක් ගහ යටින් සෑහෙන වාර ගානක් ඇවිල්ලා ඇති. අ‍පේ ඝණය නිසා හොල්මන් තිබුනත් පේන්නෙ නැතුව ඇති. හැබැයි ඒ වෙලාවට තනියෙන් දැක්කා නම් හොල්මනක් මම ස්කූටරයෙන් ඉගිල්ලෙනවා. ඒක ෂුවර්.

      Delete
    2. උඹල දෙන්නම අමාලි නංගිව දන්නවද. මම විරාජ් කොල්ලයි අමාලි නංගියි දෙන්නම දන්නවා. ඒව මතක් වෙනකොට අදටත් කඳුළු එනව. ඒ කෙල්ලගෙ හොල්මනක් තිබ්බ කියල බොරුවක් කරලා ගමම චාටර් කරගත්ත. ඒකයි උනේ...

      Delete
    3. මේ කෙල්ලගෙ හොල්මන තියනව කියල කිවුවෙ වීරගුල පාරෙනෙ. ජරා කෙල්ලෙක්, හොරෙන් නුවරඑළියෙ ගිහින් තියෙන්නෙ වගේ කට කතාවක් තමයි අපිට අහන්ඩ ලැබුනෙ. ඇත්තටම සජ්ජො මිනිස්සු නොදැන කියන දේවල් වලින් මැරුන එවුන්ට කොච්චර නින්දාවක් වෙනවද .

      Delete
    4. වීරඟුල පාර, බෝනෑගල පාරවල් වල තමයි මාධවඅයියා ඔය සීන් එක තිබ්බ කියල කියවුනේ. විශේෂයෙන් බෝනෑගල පාරෙ. මොකද ඒ පාර ගොඩක් පාළුයි. මේ ගැන විස්තරයක් මෙතනම දැම්මට සිරා කොළුවා තරහ වෙන එකක් නෑ.
      උන් දෙන්න මැරෙන්න කලින් සහ ඒ ට්‍රිප් එක යන්න දවස් දෙකකට කලින් අපේ ගෙදර ආව. අප්‍රේල් මාසෙ දවසක. මං කෙහෙහරි ගිහිං ඇවිත් යක්කල ඉන්නකොට මාව ගෙනත් දාන්න ආවෙ. අපේ ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි "ලබන මාසෙ අපි බඳිනවා , නැන්දයි මාමයි එන්නම ඕන" කියල වැඳලා ගියෙත්. ඔය ට්‍රිප් එක යන්නත් මට කතා කළා. මොකක්හෝ වැඩක් තිබ්බ නිසා මම බෑ කිව්වා. යාළුවො කට්ටිය එක්ක ( කෙල්ලයි කොල්ලයි ගිය අයත් හිටිය ඔය ට්‍රිප් එකේ) නුවරඑළි ගියෙ ගෙවල් වලින් දැනුවත්ව. ඊට පස්සෙ වෙච්ච සිද්ධිය කට්ටියම දන්නව ඇතිනේ.
      මළගෙදර උනාට පස්සෙ ගෙවල් දෙකේ මිනී දෙක තියල අන්තිම දවසෙ විරාජ් කොල්ලගේ ගෙදරට ගෙනැල්ල කිරිකිත්තමුල්ලේ සොහොනේ දෙන්නම එකම තැන වළදැම්මෙ දෙන්න එකට ඉන්න ඕන කියන පරමාර්ථයෙන්. ඕකටත් කතා හදල තිබ්බ කෙල්ලගෙ ගෙදරින් කැමති නැති නිසා එහෙ වැලලුවේ වත් නෑ කියල. දන්න නිසා කියන්නෙ. අපි මාරුවෙන් මාරුවට ගෙවල් දෙකේම නයිට් ගැහුවනිසා. පස්සෙ හරියට දානෙ දුන්නෙත් නෑ කියල තිබ්බ ඔය කතන්දර වල. එහෙම එකක් උනේ නෑ. අමාලි නංගි ලස්සන හුරුබුහුටි කෙල්ල. ඒකිට ට්‍රයි කරලා බැරිවෙච්ච එවුන්ගෙ සක්කිලි කටවල් වලින් ඕව කියවෙන්න ඇති.
      අන්තිමට ඔය හොල්මං සීන් එක නිසා ඔය පාරවල් වල මිනිස්සු නැති උනා. මගේ බිරිඳගේ ගෙදර ඒ දවස් වල යන්නෙ එන්නෙ ඔය පාරෙ. (බෝනගල පාරෙ) . ඔය හොල්මං දවස් වල තමයි අපේ මගුල් ගෙදර වැඩ සංවිධානය කලේ. ගෙවල් වලින් සහ බිරිඳ කොච්චර ඒ පාරෙන් එන්න එපා නිට්ටඹු පැත්තෙන් එන්න කියල කිව්වත් මම "හා" කියල රෑට ආවෙ ගියෙ ඔය පාරෙමයි. (හොල්මන උනත් අමාලි නංගි හිටියොත් මම අඳුනන නිසා) මම ඒ පාරෙන් දවස් 5ක් 6ක් යන්නැති තනියම. බලු බල්ලෙක් නෑ පාරෙ. එකපාරක් හිටිය පොලිසියෙන්.ඒත් දෙන්න දෙන්න එකට හිටියේ. මම නං දැක්ක හොල්මනක් නෑ. කතාව තිබ්බේ මොකා කොහොම ගියත් රෑට පේනව කියල. කොහොමහරි ඔය වැඩේ ඉවර උනාට පස්සෙත් අදත් මම රෑට ඔය පාරෙන් යනවා. දැකපු මොකුත් නෑ. ගම චාටර් වෙච්ච එක විතරයි උනේ. ඔය වෙනුවෙන් සංවිධානය වෙන්න කටක් අරින්න කොන්ද තියන එකෙක් ඒ දවස් වල හිටියේ නැතුව ඇති. ඒ කාලේ ගෙවල් වල ජනෙල් දොරවල් රෑ වෙද්දී වහගෙන මිනිස්සු හිටියෙ. මට එක හොඳට මතකයි. එකෙක් එලිබැහැල හිටියේ නෑ. අද සමහර දවස් වලට ඔය පාරෙ රෑට යනකොට ගමේ කොල්ලො බයික් තියාගෙන පාරෙ රංචුගැහිලා ඉන්නවා. මම වාහනේ යනකොට හෝන් ගහන්න ඕන සමහර වෙලාවට අයින් වෙන්න. ඒ වෙලාවට තමයි ඒ කාලේ මුන් කොහෙද හිටියේ කියල හිතුනම මට පුකෙනුත් හිනා යන්නෙ...

      Delete
    5. ඒ නංගි ගැන කියපු කතාව කිවුවෙ අපි වීරගුල පාරෙ යද්දි අපේ වාහනේට නැගපු පොලිස් රාළහාමි කෙනෙක්. හැබැයි ඇත්ත කතාව අපි දැනගත්ත. මමයි යාළුවෙකුයි ඌරු මස් කකා ජින්බෝතලයක් ගගහ පාරෙ එහා මෙහා ගියා හොල්මනක් දකියිද බලන්න.
      ඔහොම ප්‍රචාරයක් යවල නිධානයක් ගොඩගත්ත කතාවක් නම් තිබ්බ. ඒකට අදාල ෆොටෝ ටිකක් නම් අපේ සිකුයුරිටි කොල්ලෙක් පෙන්නුව ( ඒකෙ සත්‍ය තාව නම් දන්නෙ නෑ ).
      මේ දෙන්න මැරුණ කාමරය මම නුවරඑළියෙදි දැක්ක,

      Delete
    6. මොනවට තරහා වෙන්නද සජ්ජො....මම ඔය දෙන්නව පුද්ගලිකව දන්නෙ නෑ. මමත් ඔය සිදුවීම පත්තරෙන් කියවලා දැනගත්තෙ. හොල්මන් කේස් එක යන කාලෙ මම ලංකාවෙ උන්නා. මට හිතෙනවා උඹ එදා ඔය ට්‍රිප් එක ගියා නම් අඩුම ගානෙ බාබකියු උඳුන උන්ගෙ කාමරේ ඇතුලෙන් තියාගන්න එක හරි වැළකෙන්න ඉඩ තිබුනා කියලා.

      හොල්මන හිට් වෙච්ච දවස් වල නම් නොසෑහෙන්න කථා අහන්න ලැබුනා. තමන්ගෙ දුව හොල්මනක් වෙලා ගම්මු භය කරනවා කිව්වම ඒ දෙමාපියන්ට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද..අන්තිමට හොල්මනට මුවා වෙලා පාර අයිනට වෙන්න තිබ්බ නිධානයක් ගොඩ දැම්මා කියලයි මටත් දැනගන්න ලැබුනෙ...මේවා හෙන සක්කිලි වැඩ.

      Delete
  23. පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියෙව්වම බය වෙන්නද හිනා වෙන්නද හිතා ගන්න බෑ.. ඉස්කෝලේ හයේ පන්තියේ ඉද්දි හොල්මන් වලට එරෙහිව කරපු වීර ක්‍රියාවක් මතක් උනා තව හොල්මන් සීන් දෙක තුනක් එක්ක.. ලියන්නෝනෙ වෙලාවක..

    ReplyDelete
    Replies
    1. උඹව දැක්ක දවසෙ ඉදං හොල්මන් වලට තිබුන බය ගියා.

      Delete
    2. නළුවෝ වගේ ඉන්න ලස්සන හැන්ඩ්සම් හොල්මං දැක්කම එහෙම තමයි.. හැක්..

      Delete
    3. කමි මොකද හිතන්නෙ කම්මල අයියා ගැන. හොල්මන් ඉදියිද එයා ඉන්න තැනක.

      Delete
  24. අනේ මංදා, හොල්මන් නෑ කියන්න නම් බෑ නේද. ඒත් මම නම් මෙච්චර කාලෙකට දැකල නැහැ.

    ReplyDelete
    Replies
    1. හොල්මන් තියෙනවා කොල්ලො...අපි නොදැක්කට දැකපු අය...ඒවා ඡායාරූප ගතකල අය ඉන්නවා. අපි දකිනකං අපි විශ්වාස කරන්නෙ නෑ...ඒකයි කාරණේ.

      Delete
  25. කවද හරි දැක්කොත් බය හිතෙන බව දන්න නිසා ලොකු ටෝක් දෙන්න නරකයි...
    ඉස්සර දැනට වඩා හොල්මන් සීන් කියවෙනවා වැඩියි. දැන් ඉන්න උන්ට හොල්මනක් බලා ගන්නවත් වෙලාවක් නැහැ...

    ReplyDelete
    Replies
    1. ඒක හරි ලොකු පුතා. මම උනත් හොල්මනක් දැක්කොත් ඉතිං...පණ එපා කියලා තමයි දුවන්නෙ මෙතන මේ පොර ටෝක් දුන්නට....හැක් හැක්.

      Delete
  26. අර කොස්කදවල කතාවේ යම් සත්‍යක් තියෙනවා.මොකද මගේ බිරිදගේ සොයුරියකගේ සැමියා ඔතනදි අනතුරකට ලක් උනා පාන්දර 1 ට විතර.ඔහු වැඩ ඇරිලා බයිසිකලේ එන ගමන් තමයි සිද්දිය වෙලා තියෙන්නෙ.ඒ කම්පනය නිසා දින ගණනක් කතා නැතුව උන්න.පසුව මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්නලා තමයි සුවපත් කර ගත්තෙ.එදා ඔහුත් සමග යක්කල හන්දියෙන් රදාවානට එන්න බයිසිකලේට ගොඩ උන අනිකට තොවිල් පවා කළා.දෙන්නම හොදින්ම දැකල තිබ්බ.විශාල කළු බල්ලෙක් පාර අයිනෙ ඉදල බයිසිකලේට පනිනවා.අනික තමයි විඥඥානය ට සුක්ෂම ශරීරයක් පමණක් තියෙන බවයි මම අහල තියෙන්නේ.එහෙම දකින්න පුළුවන් ඒ සම්බන්දව විශේෂ ලක්ෂණ ඇති යට පමණයි.උදා හරණයක් විදිහට ඔය සමහරු ඉන්නේ පනාවෙ දැති ටික පිරිමදිනකොට දත් හිරිවැටෙන.අන්න ඒ අයට අඩු සංබ්‍යාත පරාස සහ වැඩි සංබ්‍යාත පරාස අහන්න දකින්න පුළුවන්.ඒ අයට ඔය කියන හොල්මන් දැකීමේ සහ ඇසීමේ හැකියාව තියෙනවා.ඒකයි හැමෝටම ඒවා අහන්න දකින්න නැත්තෙ.තව දෙයක්..අපේ පුතා පුංචි කාලේ කියන දේ අහන්නෙම නෑ මහා රෑ එලියට දුවනව.පස්සේ එයාගේ සීයා එයාට කියල රෑට හොල්මන් තියෙනවා එලියට යන්න එපා කියල.දවසක් මේක අඩනව හොල්මනක් පෙන්නන්න කියල.මම ඉතින් කොහෙන් පෙන්නන්නද..ඔන්න ඒ කාලෙ සිරාවත් අදුරගෙන උන්නනම් උගේ පොටෝ එකක් පෙන්නනව.

    ReplyDelete
  27. සිරා කොල්ලෝ අපට නොපෙනෙන ලෝකය කියන පොත ලිවුවේ මඩවල උපාලි හාමුදුරුවෝ නෙමෙයි නේද?බලන්ගොඩ ආනන්ද මයිත්‍රිය හාමුදුරුවන්ගෙ පොත් කිහිපයක්ම තියනව ඔය නමින්.ලියල තියෙන්නේ මතුගම මහින්ද විජේතිලක.

    ReplyDelete
  28. සිරා කොල්ලෝ අපට නොපෙනෙන ලෝකය කියන පොත ලිවුවේ මඩවල උපාලි හාමුදුරුවෝ නෙමෙයි නේද?බලන්ගොඩ ආනන්ද මයිත්‍රිය හාමුදුරුවන්ගෙ පොත් කිහිපයක්ම තියනව ඔය නමින්.ලියල තියෙන්නේ මතුගම මහින්ද විජේතිලක.

    ReplyDelete
  29. ඔය ජපානෙ තියනව කියන හොල්මන් වනාන්තරේ මොකක්ද.
    සිය දිවි නසාගන්නන් අතරත් ප්‍රසිද්ධ යි කියල තියෙන්නෙ ඒ වනාන්තරේ ද???
    ඒ වනාන්තරේ ට යන පාර දෙපැත්තේ බෝඩ් පවා ගහලා තියනවලු සියදිවි නසා ගන්න එපා
    ජීවිතේ වටිනාකම ගැන එහෙම.
    කන්දක් සේමා කියන නවකතා පොතෙත් නූපා සං ඔය වනාන්තරේ ට ගොහිං ආපහු ආවානෙ ඒ බෝඩ් ලෑලි දැකලා

    ReplyDelete
  30. හෝකන්දර ඔය කියන කුඹුර මැද්දෙන් මලගෙදරක ගිහින් පාන්දර දෙක්ඨ ඇවිල්ලා තියෙයි මං ස්කූටියේ ..තනියම

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...