අවසන් ජාලෙන් පෙරලපු ලිපියෙන් අපි විස්තර දැනගත්තෙ අයිෆල් කුළුණ ගැන..ඒ සඳහා ලැබුන ප්‍රතිචාරය ඉතාම ඉහළයි. බොහෝ පිරිසක් ලිපියේ අන්තර්ගතය ගැන ප්‍රශංසාත්මකව කථා කලා. සමහරු අදහස් දක්වලා ඊයක් දෙකක් විද්දා. ඒ නිසාම මෙදා වාරෙ සිරා කොලුවා කල්පනා කලා මම නොදුටු දෙයක් වෙනුවට මට දිනපතාම සේවයට යද්දි එද්දි දකින්න ලැබෙන ඉඳිකිරීමක් ගැන විස්තර බොලාට කියන්න.
ඒ තමයි මැලේසියාවෙ අගනුවර වන ක්වාලාලම්පූර් නුවර බොහෝ තැන් වලට පැහැදිලිව පෙනෙන මැලේසියාවේ අභිමානය ලෙස සැළකෙන පෙට්‍රොනාස් නිවුන් කුළුණු. 1998 සිට 2004 දක්වා කාලය තුල ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුන මේ දැවැන්ත නිර්මාණය වර්තමානයේත් ලොව නිවුන් ගොඩනැගිලි අතර අංක එකට වැජඹෙනවා. මැලේසියාවේදී වඩාත්ම ඡායාරූපයට නැගුන සංචාරක ස්ථානය වගේම ක්වාලාලම්පූර් නුවර 21 වන සියවසේ සංධිස්ථානයක් සළකුණු කල පෙට්‍රොනාස් ද්විත්ව ගොඩනැගිල්ල උසින් මීටර 452 ක්. ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ල ලෙස කාලයක් වැජඹුන කොළඹ කොටුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උස මීටර් 152 යි. ලංකාවේ ගොඩනැගිල්ල දැක ඇති ඔබට පෙට්‍රොනාස් ගොඩනැගිල්ලෙ උස ගැන දළ අවබෝධයක් ගන්නට හැකි වේවි.
ක්වාලාලම්පූර් නගර මධ්‍යයේ අභීතව නැගී සිටින පෙට්‍රොනාස් |
රාත්‍රියට පෙනෙන අන්දම |
මහතීර් මොහමඩ් අගමැති තුමා |
ආනන්ද ක්‍රිෂ්ණන් මහතා |
නගර මධ්‍යයේ තමා සතු තුරඟ තරග පවත්වන භූමිය මේ සඳහා ලබාදිය හැකි බව ක්‍රිෂ්ණන් මහතා පැවසූ විට අගමැති වරයා එය මේ ව්‍යාපෘතිය වෙනුවෙන් විකුණන ලෙස යෝජනා කලද ආනන්ද ක්‍රිෂ්ණන් මහතා පවසා ඇත්තේ ඉඩම ලබාදෙන්නේ මේ ගොඩනැගිල්ල ඉඳිකිරීම තමා හට බාර කලොත් පමණක් බවයි. ඒ අවසරය ඔහුට පැවරුන පසු මේ ඉඳිකිරීම සඳහා දායක කරගත් ප්‍රධාන සැලසුම් කරුවා මෙන්ම ජපාන සහ කොරියානු සමාගම්ද ආනන්ද ක්‍රිෂ්නන් මහතා විසින් සොයාගත් ඒවාය. ඒ අනුව මේ ගොඩනැගිල්ල පිටුපස සිටින යෝධ චරිතයක් ලෙස ඔහු හැඳින්වීම සාවද්‍ය නොවේ. ලංකාවේ අපටද ඔහු කෙරේ නෑදෑකමක් ඇති නිසා එය ලාංකිකයන් ලෙස අපට මහත් ආඩම්බරයකි.
ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් වියදම් කොට ගොඩනැගිල්ල ඉඳිකර අවසන් වූ පසු එක් කුළුණක් අගමැති වරයා හටත්...අනෙක් කුළුණ ආනන්ද ක්‍රිෂ්ණන් මහතා හටත් අයත්ව තිබූ බව කියවුනත් මැලේ සමාජයේ පිළිගැනීම එය සම්පූර්ණයෙන්ම ක්‍රිෂ්ණන් මහතාට අයත්ව තිබූ බවකි. ජාතිවාදී අදහස් හා නොයෙක් දෙසින් එල්ලවූ විවිධ පීඩනය නිසා 2000 වසරේදී මේ ගොඩනැගිල්ල මැලේසියානු රජයට විකුණා දමන්නට ක්‍රිෂ්නන් මහතා කටයුතු කලා.
ඉතාම කළාතුරකින් ප්‍රසිද්ධියේ පෙනී සිටින, පුණ්‍ය කටයුතු හා පරිත්‍යග වෙනුවෙන් නිතරම කෝටි ගනනින් මුදල් ලබාදෙන, මැලේසියාවේ සන්නිවේදන චන්ද්‍රිකා සියල්ලේ මෙන්ම අංක එකේ ජංගම දුරකථන ජාලයද ඇතුලු ජංගම දුරකථන ජාල දෙකක, අංක එකේ කේබල් රූපවාහිනී සේවයේ මෙන්ම, ඛණිජ තෙල් සහ ගෑස් ඇතුළු බොහෝ ව්‍යාපාර වල හිමිකරුවා වන ආනන්ද ක්‍රිෂ්නන් මහතා ලංකාවේ ටෙලිකොම් ආයතනයේද කොටස් මිළදී ගෙන ඇති බව අසන්නට ලැබේ. මෙතුමාට පුතුන් දෙදෙනෙකු හා එක් දියණියක සිටිති. එක් පුත්‍රයෙකු පෙට්‍රොනාස් සමාගමේ ඉහළ තනතුරක සිටින අතර අනෙක් පුත්‍රයා මේ වන විට තායිලන්තයේ බෞද්ධ භික්ෂුවක් ලෙස මහන දම් පුරයි. ක්‍රිෂ්නන් මහතාද බුදුන් සරණ ගොස් ඇති බවට රාවයක් මැලේ ජනසමාජය තුල පවතී. බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ මහා විහාරය ආසන්නයේ ක්‍රිෂ්නන් මහතා උපන් නිවස අදටත් දක්නට හැකියි.
වර්තමානය වන විට කුළුණු දෙකෙන් එක කුළුණක් පෙට්‍රොනාස් ආයතනයට සහ ඔවුන්ගේ අනුබද්ධ සමාගම් වල කාර්යාල පවත්වාගෙන යාම සඳහා වෙන් වී තිබෙනවා. අනෙක් කුළුණේ ලොව ප්‍රකට සමාගම් වන Huawei Technologies, AVEVA, Al Jazeera English, Carigali Hess, Bloomberg, Boeing, IBM, Khazanah Nasional Berhad, McKinsey & Co, WIPRO Limited, TCS, HCL Technologies, Krawler, Microsoft, The Agency සහ Reuters තම කාර්යාල පවත්වාගෙන යනවා.
පෙට්‍රොනාස් සන්නාමය |
මේ විශ්වකර්ම ගොඩනැගිලි ද්විත්වය සැලසුම් කලේ ආජන්ටිනා සම්භවය සහිත ඇමරිකානුවෙකු වන César Pelli විසින්. ගෘහ නිර්මාණ ක්‍රම රාශියක සංකලනයක් විදියටත්, 21 වන ශත වර්ෂයට ගැලපෙන විදියටත්, මේ නිර්මාණය සැලසුම් කිරීම තමයි එතුමාගෙ අභිප්‍රාය වෙලා තියෙන්නෙ. 1992 ජනවාරි 1 වැනිදා මේ දැවැන්ත ගොඩනැගිලි ද්විත්වය සැලසුම් කිරීම නමෝ විත්තියෙන් ආරම්භ උනා. ගොඩනැගිල්ලෙ සැලසුම විදියටම ඉඳිකල අනුරූ මත සුළඟ සහ විවිධ බර යොදා කරපු සංකීර්ණ පරීක්ෂණ රාශියක් අවසානයේ 1993 මාර්තු 1 වැනිදා පෙට්‍රොනාස් නිවුන් කුළුණු ඉඳිකරන්න පටන් ගත්තා. මුලින්ම කරන්න තිබ්බෙ පොළොව හාරන කටයුත්ත. සෑම රාත්‍රියකම ලොරි රථ 500 ක් පුරවලා කණින ලද පස් ඉවතට අරගෙන ගියා. එක රැයකට මීටර් 30 ක් පොළව යටට හාරන්න ඉංජිනේරුවන්ට හැකි උනා. සමස්තයක් විදියට මේ ගොඩනැගිල්ල තනා නිමකරන්න වසර 7ක් ගත වෙලා තියෙනවා.
César Pelli |
ගොඩනැගිල්ලේ සැකිල්ල 1994 අප්‍රියෙල් 1 වනදා ඉඳිකිරීම අාරම්භ කලා. 1996 ජනවාරි 1 වන විට ගොඩනැගිල්ලේ ඇතුලත නිමැවුම් කටයුතු ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමද ඇතුලත්ව නිමකලා. පෙට්‍රොනාස් කුළුණු මුදුනේ ඇති කොත 1996 මාර්තු 1 වැනිදා තනා නිම උනා. පෙට්‍රොනාස් සමාගමේ සේවකයන් ගොඩනැගිල්ලට ගෙවදුනේ 1997 ජනවාරි 1 වැනිදා. නිල වශයෙන් මේ ගොඩනැගිලි ද්විත්වය මැලේසියාවේ හිටපු අගමැති ආචාර්ය මහතීර් මොහමඩ් මහතා අතින් විවෘත උනේ 1999 සැප්තැම්බර් මස 1 වැනිදා. හරියටම මැලේසියාවෙ ජාතික දිනය යෙදෙන දවසට පහුවෙනිදා.
ඉඳිකිරීම් කටයුතු කරන්නට කලියෙන් එහි පොළව පිළිබඳ කල පරික්ෂණ වලින් භූමියේ එක කොටසක් හුණු ගල් වලින් යුතු බවත් අනෙක් කොටස මෘදු පාශාණ වලින් යුතු බවත් සොයාගත්තා. අවසානයේ යෝජිත භූමිය මීටර් 61 ක් පසෙකට තල්ලු කරමින් ගොඩනැගිලි ද්විත්වයම මෘදු පාශාන සහිත පොළවක් මත ඉඳිකිරීමට හැකි ලෙස වෙනස් කලා. පොළවට යටින් පිහිටා තිබූ ප්‍රධාන පාෂාණ තට්ටුව නිසා ඇති විය හැකි අවහිරතාවයන් අවම කිරීම මේ වෙනස ඇති කිරීමේ අරමුණ උනා.
ගොඩනැගිල්ලක් වෙනුවෙන් ඒ කාලයේ ඉඳිවුන ගැඹුරුම අත්තිවාරම මත තමයි පෙට්‍රොනාස් නිවුන් කුළුණු උපන්නේ. පොළව යට මීටර් 60 සිට 114 දක්වා ගැඹුරේ ස්ථානගත කොට තිබෙන කොන්ක්‍රීට් තට්ටු 104 කින් එය සමන්විතයි. අත්තිවාරම මීටර් 120 ක් පොළව යටට දිව ගියා. සමස්ත කොන්ක්‍රීට් පාදම කියුබික් මීටර් 13200 ක් විශාලයි. එක් කුළුණක අත්තිවාරම නිමකිරීම වෙනුවෙන් පැය 54 ක් නොකඩවා කොන්ක්‍රීට් පොම්ප කරන්නට සිදු උනා. එහි බර ආසන්න වශයෙන් ටොන් 35800 ක්. ලොව විශාලතම පාදමට හිමි වාර්තාව වර්ෂ 2007 දක්වා රැකගන්නට පෙට්‍රොනාස් ගොඩනැගිල්ලට හැකියාව ලැබුනා. අත්තිවාරම නිම කරන්නට Bachy Soletanche නැමති එංගලන්ත සමාගමට මාස 12 ක් ගතවී තිබෙනවා. ගොඩනැගිල්ලේ සැකිල්ල Fazlur Rahman Khan විසින් සොයාගත් Tube in Tube ක්‍රමයට නිම උනා. ඒ සඳහා දායකත්වය දැක්වූයේ හයිටි ජාතික ඉංජිනේරුවන් තිදෙනෙකු වූ Domo Obiasse, Colleagues Aris Battista සහ Princess D Battista යන අයයි.
දිගු ගමනක ඇරඹුම |
තට්ටු 88ක් උසැති මේ නිවුනු කුළුණු දෙකේ ඉඳිකිරීම් වලින් වැඩි කොටසක් සවිගැන්වූ කොන්ක්‍රීට් මගින් නිම කර තිබෙනවා. ගොඩනැගිල්ලේ ඉදිරිපස වානේ සහ වීදුරු භාවිතයෙන් ඉස්ලාම් කලාශිල්ප වල අාභාෂය ලබමින් කල නිර්මාණය මගින් මැලේසියාවේ රාජ්‍ය ආගම වන මුස්ලිම් ආගම පිළිඹිබු වෙන බවක් කියවෙන්නෙ. මෙයට අමතරව ඉස්ලාම් කලා ශිල්ප වල ආභාෂය ගොඩනැගිල්ලේ තවත් තැන් වල දකින්නට හැකියි. ගොඩනැගිල්ලේ මැද කොටසේදී Rub el Hizb නැමති ඉස්ලාම් කලා ශිල්ප වල එන හැඩය සහිතව ගොඩනැගිල්ල ඉහළට එසැවී තිබෙනවා
ඇත්ත වශයෙන්ම පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ මූලික සැලසුම ඇඳ තිබෙන්නේ මීටර් 427 ක් උස වන පරිද්දෙන්. එහෙත් තවත් මීටර් 15 ක් ඉහළට මේ ගොඩනැගිල්ල එසවූවා නම් එය ලෝකයේ උසම ගොඩනැගිල්ල බවට පත්වන බව එවකට මැලේසියානු අගමැති ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා ට වැටහී තිබෙනවා. ඔහු සැලසුම් ශිල්පියාට උපදෙස් දුන්නේ තවත් මීටර් 15 ක් උස වැඩිකර ලොව උසම ගොඩනැගිල්ල බවට මේ ඉඳිකිරීම පත් කරන ලෙසයි. අවසානයේ අලුතින් තවත් තට්ටු එකතු කරනවා වෙනුවට ගොඩනැගිල්ල ඉහළින් ඉඳිකල ඔටුන්න වැනි කොටස මගින් මීටර් 452 ක් දක්වා උස වැඩිකරන්න සමත් උනා.
මැලේසියානු රජයේ බලාපොරොත්තුව උනේ මේ ගොඩනැගිල්ල වසර 6 කින් සාදා නිමකරන්නටයි. ඒ අනුව එම ඉලක්කය සපුරා ගන්නට එක් එක් කුළුණු ඉඳිකිරීම වෙන වෙනම සමාගම් දෙකක් වෙත පවරා තිබෙනවා. පළමු කුළුණ හෙවත් බටහිර කුළුණ Hazama Corporation නැමති ජපාන සමාගම ප්‍රමුඛ තවත් සමාගම් කීපයක් මගින් ඉඳිකලා. දෙවන කුළුණ හෙවත් නැගෙනහිර කුළුණ Samsung C&T Corporation නැමති දකුණු කොරියානු සමාගම ප්‍රමුඛ තවත් සමාගම් කීපයක් මඟින් ඉඳිකලා. අවසානයේ මුලින්ම කුළුණ ඉඳිකරන්නේ කවුද? යන ගැටළුව කාටත් ඇති උනා.
දහස් සංඛ්‍යාත දේශීය/විදේශීය සේවකයින් මේ සමාගම් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වලට දායක උනා. නැත්නම් මේ ඉඳිකිරීම බහුජාතික වෑයමක් උනා. ගොඩනැගිල්ලේ මූලික සැකිල්ලේ වැඩ කටයුතු අධීක්ෂණය කලේ ඇමරිකානු ඉංජිනේරුවන්. කුළුණු ද්විත්වය ජපානයේ සහ දකුණු කොරියානු දැනුමෙන් ගොඩනැගුවා. අධිවේගී විදුලි සෝපාන සහ එක්ස්කැලේටර් කැනඩාවෙන් ලැබුනා.
පෙට්‍රොනාස් ගොඩනැගිල්ල ඉඳිකිරීම ජපානය සහ දකුණු කොරියාව අතර තරඟයක් බවට කෙමෙන් කෙමෙන් පත් උනා. අවසානයේ තම ප්‍රතිවාදියාට සතියකට කලින් ඉලක්කයට ලඟා වෙන්නට දකුණු කොරියානු කණ්ඩායමට හැකි වෙලා. දෙවන කුළුණ මුලින්ම ඉහලට නැගී එතෙක් ලොව උසම ගොඩනැගිල්ල ලෙස නම් දරා සිටි මීටර් 442.1 උස ඇමරිකාවේ Willis Tower නැමති ගොඩනැගිල්ල පසුකර නව ලොව උසම ගොඩනැගිල්ල ලෙස ලෝක වාර්තාවට හිමිකම් කිව්වා.
ගොඩනැගිල්ල මුදුනේ සවිකල කොත වැනි කොටස මේ ජයග්‍රහණය අත්කර ගැනීමට බොහෝ සේ දායක වී තිබෙනවා. එය මීටර් 73.5 ක් උසින් යුතුයි. ගොඩනැගිල්ලේ නිමාව සටහන් කරමින් කල ඉඳිකිරීමකට වැඩි දෙයක් ඒ තුල අන්තර්ගත වෙයි. සති 19 කට වැඩි කාලයක් මේවා නිපදවන්නට සහ එකලස් කරන්නට වැය වී තිබෙනවා. කොරියානුවන් නිපදවූ කුළුණේ කොත කොරියාවෙත්, ජපාන සමාගම විසින් ඉඳිකල කුළුණේ කොත ජපානයේදිත් නිපදවා තිබේ. ඒවා විවිධ කොටස් 50 කින් පමණ සමන්විතය. මේ කොටස් දෙක ටොන් 176 ක් පමණ බරින් යුතු වෙයි. කුළුණු ද්විත්වයේ පෙනුම මේවා මගින් තීව්ර කර ඇති අතර ගුවන් යානා වෙත අනතුරු අඟවන විදුලි බුබුළුද ඒ මතම සවිකොට තිබේ.
ගොඩනැගිල්ලේ ඉඳිකිරීම් අතරතුරදී භාවිතා කල කොන්ක්‍රීට් කාණ්ඩයක තත්වය පිළිබඳ ගැටළුවක් ඇති වීම නිසා අලුතෙන් ඉඳිකිරීම සම්පූර්ණයෙන් නවතා දමා එතෙක් ඉඳිකර තිබූ සියළුම මහල් පිළිබඳ තත්ව පරීක්ෂණයක් කරන්නට සිදුඋනා. අවසානයේ එක් මහලකට පමණක් තත්වයෙන් බාල කොන්ක්‍රීට් යොදා තිබූ බව අනාවරණය වූ නිසා එම මහල සම්පූර්ණයෙන් කඩා ඉවත් කොට නැවතත් ඉඳිකොට තිබෙනවා. ඉඳිකිරීම් නැවතීම නිසා එක් දිනයකට වැය ඇමරිකානු ඩොලර් ලක්ෂ 7ක් බවට ගණනය කර තිබුනා. මේ හේතුව නිසා කොන්ක්‍රීට් සැපයුම් ස්ථාන (Plant) 3 ක් වෙන වෙනම අලුතින් ස්ථාපනය කල අතර එක් ස්ථානයක නිෂ්පාදනය වන කොන්ක්‍රීට් තත්වයෙන් බාල වුවහොත් අනිත් ද්විත්වය භාවිතා කිරීම එහි අරමුණයි.
පෙට්‍රොනාස් ගොඩනැගිල්ල 72 වෙනි මහලට ලගා වූ පසු ඉංජිනේරුවරුන් විසින් එය මිලිමීටර් 25 ක ඇලයක් සහිතව ගමන් කරන බව සොයාගත්තා. ඒ නිසා එයින් මතු ඉඳිවූ මහල් මිලිමීටර් 20 ක් සිරස් අතට ඇතුලට ගෙන තිබෙන අතර ඉඳිකිරීම් අවසන් වන තුරු මේ කාරණය පිළිබඳ විශේෂඥයන් දිනකට දෙවරක් බැගින් පරීක්ෂා කොට තිබෙනවා.
පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ ඇති සුවිශේෂීම අංගය නම් එහි ඇති තට්ටු දෙකේ අහස් පාලමයි. එක් කුළුණක 41 වන මහලත් අනෙක් ගොඩනැගිල්ලේ 42 වෙනි මහලත් මෙමගින් සම්බන්ධ කොට තිබෙනවා. ලෝකයේ ගොඩනැගිලි දෙකක් එකට සම්බන්ධ කරන පොළවට වඩාත් ඉහළින් පිහිටි පාලම ලෙසයි මෙය සැලකෙන්නේ. එය පොළවේ සිට මීටර් 170 ක් උසින් ස්ථානගතවී තිබෙනවා. මෙය ගොඩනැගිල්ලේ ප්‍රධාන සැකිල්ලට සම්බන්ධ කොට නෑ. විශාල සුළගකදී පාලමට සිදුවිය හැකි හානි අවම කිරීමේ අරමුණින් එය සකස් කොට තිබෙන්නේ අංශක කීපයක් දෙපසට පැද්දෙන ලෙසයි. පැයට කිලෝමීටර් 105 ක වේගයෙන් හමනා සුළගකදී උනත් පාලම මෙන්ම ගොඩනැගිල්ලත් ආරක්ෂිතයි. ඒ බව දෙවරක්ම පරීක්ෂණ මගින් ඉංජිනේරුවන් සනාථ කොට තිබෙනවා. මේ පාලම නිසා කුළුණු ද්විත්වයට හදිසි අවස්ථාවකදී අමතර සහායක් ලැබෙනවා. අහස් පාලමේ දිග මීටර් 58 ක්. පාලමේ බර ටොන් 750 ක්. මේ පාලමේ ඉඳිකිරීම් කටයුතු නිම කලේ Kukdong Engineering & Construction නැමති දකුණු කොරියානු සමාගමයි.
මවිසින් ගන්නා ලද ඡායාරූපයක් |
අහස් පාලම මතදී මවිසින් ගන්නා ලද ඡායාරූපයක් |
අහස් පාලම ආරක්ෂාකාරී උපාංගයක් ලෙසත් භාවිතා කරන්න පුලුවන්. හදිසි ගින්නකදී හෝ වෙනත් ආපදාවකදී එක් කුළුණක ඇති කාර්යාල වල සිටින සේවක සේවිකාවන්ට අනෙක් පස කුළුණට ගමන් කරන්නට මෙමගින් අවස්ථාව ලැබී තිබෙනවා. පාලමේ බර දරාගෙන සිටින්නේ මීටර් 51 ක් දිගැති ආරුක්කු දෙකක් විසින්. 29 වෙනි මහලේදී ඒවා ගොඩනැගිල්ලට සවි වී තිිබේ. භූමියේදී එකලස් කොට ඉහළට එසවූ අහස් පාලම නිසි ලෙස සවිකරන්නට 1995 ජූලි මාසයේදී දින 3 ක් ගත උනාලු. මේ පාලම විසින් සම්මන්ත්‍රණ ශාලාවක්, විධායක ශ්‍රේණියේ අවහන්හලක් සහ යාච්ඤා කිරීම උදෙසා වෙන් වූ ස්ථානයක් සම්බන්ධ කරනවා.
මේ ගොඩනැගිල්ල සතුව අධිවේගී විදුලි සෝපාන 29 ක් තිබේ. පොළව යට තනා ඇති වාහන නැවතීමේ අංගන වල වාහන 5400 කට පමණ ඉඩ තිබේ. ගොඩනැගිල්ල තනන්නට සුදු යකඩ වර්ග මීටර් 83500ක්, වීදුරු වර්ග මීටර් 77000 ක්, යකඩ ටොන් 36000 ක් පමණ වැය උනාලු. සමස්ත පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ බර මෙට්‍රික් ටොන් 600,000 ක් ලෙස ගනන් බලා තිබේ. ඒ අනුව එක් කුළුණක බර මෙට්‍රික් ටොන් 300,000 කි.
ලොව උසම ගොඩනැගිල්ල ලෙස පෙට්‍රොනාස් කුළුණු ද්විත්වය 1999 සිට 2004 වසර වන නෙත් වැජබුනා. තායිවානයේ තායිපේ නුවර ඉඳිවුන 101 ගොඩනැගිල්ල මීටර් 508 ක උසක් සටහන් කරමින් පළමු ස්ථානය මැලේසියාවෙන් උදුර ගත්තද 2010 දී මීටර් 828 ක් උස බර්ජ් කලීෆා ගොඩනැගිල්ල විවෘත කරමින් නූතන ලෝකයේ උසම ගොඩනැගිල්ලට හිමිකම් කියන්නට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පුරවරය සමත් උනා. ලොව උසම ගොඩනැගිල්ල තමා සන්තක කර ගැනීම ලොව දියුණු රටවල් අතර තරඟයක් බවට වර්තමානය වන විට පත්ව තියෙනවා.
මෙතෙක් මා ඔබට කිව්වේ පෙට්‍රොනාස් ගොඩනැගිල්ල හා සම්බන්ධ තාක්ෂණික හා වෙනත් කාරණායි. මේ ගොඩනැගිල්ලේ ඉහළට ගිය කෙනෙකු ලෙස මගේ අත්දැකීම් සහ අවශේෂ පරිසරය ගැනද මා යමක් කිව යුතුය.
පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ බිම්මහලේ පසෙක සූරියා KLCC නැමති සුපිරි වෙළඳ සංකීර්ණයක් වෙයි. වර්ග මීටර් 140,000 පමණ විශාල වන එහි ලොව ප්‍රමුණ පෙලේ සන්නාමයන්ගේ නිෂ්පාදන අළෙවි කිරීමට තිබේ. මේවාට අමතරව මින්මැදුරක්, චිත්‍රපට ශාලාවක් සහ විද්‍යා මධ්‍යස්ථානයක් ද එහි වෙයි. මේ මහල හරහා ගොඩනැගිල්ල නරඹන්නට යා යුතු මඟ වැටී තිබේ.
පෙට්‍රොනාස් ගොඩනැගිල්ල නැරඹීමට 2010 වසර දක්වා නොමිලේ අවස්ථාව ලබා දි තිබුනත් වර්තමානයේ මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු වෙයි. විදේශික වැඩිහිටියෙකු සඳහා ලංකා රුපියල් 3000 කට වැඩි මුදලක් සහ දරුවෙකුට ලංකා රුපියල් 1200 කට වැඩි මුදලක් අය කරයි. සෑම සඳුදා දිනකම බාහිර පුද්ගලයන් සඳහා ගොඩනැගිල්ල විවෘත වන්නේ නැත. සතියේ අනෙකුත් දින වල උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා එය විවෘතව පවතී. පැමිණෙන පිළිවෙලට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අතර අධික ඉල්ලුම නිසා වේලාසන ටිකට් පත් මිළදීගෙන එහි මුද්‍රණය කොට තිබෙන වෙලාවට එහි යා යුතුය. එසේ නොමැතිව ප්‍රවේශ පත්‍රය නිකුත් කරන අවස්ථාවේම එය නරඹන්නට යන්නට අවස්ථාවක් නැත.
ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ ආරක්ෂාව වඩාත් තරකර තිබේ. ප්‍රවේශපත්‍රය අතැතිව තමන්ට නියමිත වේලාවේ එතැනට ගිය විට ගොඩනැගිල්ලේ ආරක්ෂක අංශ විසින් කරන දැඩි පරීක්ෂාවකින් පසු හැඳුනුම්පතක් ලබාදෙනු ලැබේ. එය අප පැළඳගත යුතුය. ඉන් අනතුරුව හදිසි අවස්ථාවක් උදාවුවහොත් ගතයුතු පියවර සහ ගොඩනැගිල්ල තුල පිළිපැදිය යුතු වෙනත් නීති රීති පිළිබඳ විශේෂ තාක්ෂණික ප්‍රයෝගයක් මගින් හිස් අවකාශයේ මැවෙන කාන්තා රුවකින් උපදෙස් ලැබෙයි. ඒ ක්‍රමවේදය මම දැක ඇත්තේ මෙතැනදී පමණි.
ස්කෑනර් යන්ත්‍ර මගින් සියලුම පුද්ගලයන් මෙන්ම බඩු බාහිරාදියද පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉහළට නැගෙන්නට අවසර ලැබේ. කාර්යමණ්ඩලයේ නිලධාරියෙකුද අප සමග පැමිණෙයි. පළමු නැවතුම 41 වන මහලේදී සිදුවෙයි. එතන ඇති අහස් පාලම මතට වී ක්වාලාලම්පූර් නගරයේ අසිරිය විදින්නට අවස්ථාව සැලසෙයි. පාලම සුළඟ හමනා විටෙක සෙළවෙන අයුරු අපට දැනෙයි.
පාලමේ සිට දකින දසුන |
එයින් අනතුරුව නරඹන්නෙකුට 85 මහල දක්වා යා හැකිය. 80 වන මහල දක්වා ගමන් ගන්නා විදුලි සෝපානයෙන් පසු ඉතිරි මහල් 5 තරණය කරන්නට වෙනම සෝපානයකට ඇතුලු විය යුතුය. මහල් 88 ක් තිබුනද 85 වන මහලෙන් ගමන සීමා කර තිබේ. මෙහි ඇති විදුලි සෝපාන ඉතාම වේගවත්ය. ඒවා සැනෙන් ඉහළට ගොස් නතර වෙයි. අතර මගකදී වායුගෝලීය පීඩනය වෙනස් වන ආකාරය කඳිමට දැනෙයි. අප දැන් තට්ටු 85 ක් ඉහළිනි. එහි සිට හාත්පස බලන විට අහසේ සිටින්නාක් මෙන් දැනෙයි. පහළ බැලූ කල රථ වාහන පෙනෙන්නේ බිංකුඩ්ඩන් පරිද්දෙනි. ක්වාලාලම්පූර් නුවර මාර්ග පද්ධතිය පීත්ත පටි මෙන් අපූරුවට පෙනෙයි. 85 වන මහලේ ගොඩනැගිල්ලේ තරමක් විශාල ආකෘතියක්, ඡායාරූප මෙන්ම දුර බලන කණ්නාඩිද සවිකොට තිබේ.
ගොඩනැගිල්ලේ ආකෘතිය |
85 වන මහලේ සිට හාත්පස පෙනෙන ආකාරය |
ගොඩනැගිල්ලේ අනෙක් පස කුළුණට සැඳෑ හිරු එළිය වැටුන පසු මැවෙන දසුනද ඉතා සුන්දර එකකි. මා එහි ගියේ සන්ධ්‍යාවක නිසා ඈත ක්ෂිතිජයේ ලා රතු පැහැති අහස් කුස මැනවින් පෙනෙයි. ක්වාලාලම්පූර් නගරයෙන් වැඩි කොටසක් එකතැනක සිට නරඹන්නට ලැබීම අමුතුම අත්දැකීමකි.
මවිසින් ගන්නා ලද ඡායාරූපයක් |
මේ ගොඩනැගිල්ලට පිටුපසින් අලංකාර පොකුණු, අැවිදින මං තීරු, ළමා ක්‍රීඩාංගන සහිත අක්කර 17 ක විශාලත්වයකින් යුතු KLCC (Kuala Lumpur City Center) උද්‍යානය වෙයි. පෙට්‍රොනාස් ගොඩනැගිල්ල නරඹා එහි මඳ වෙලාවක් රැදෙන්නට බොහෝ අය කැමතිය.
මැලේසියාවේ සංචාරය කරන්නට ඔබට අවස්ථාවක් ලැබුනහොත් නොවරදවාම මෙහි පිවිසෙන්න. ඒ අත්දැකීම ඔබේ මතකයෙන් සදාකල් රැදෙනු ඇත. එය එතරම් සුවිශේෂී ගමනකි.
අද ලිපියට මූලාශ්‍ර
සිරා...මාරයි නෙ බන්...ඔන්න ඉතින් අද තමයි දැන ගත්තෙ මේ විස්තර ටික....බොට ගොඩක් ස්තුතියි....!!!
ReplyDeleteබොලා ඉන්න රටේ ඉතින් උස ගොඩනැගිලි රාශියයි නේද...අර ත්‍රස්තප්‍රහාරයෙන් වැනසුන ලෝක වෙළඳ මධ්‍යස්ථානය අලුතින් හදන්නෙ නැද්ද ?
Deleteමැලේසියාවට ගිහිං ආවේ 2007. ඔච්චර උඩට නගින්න ලැබුනේ නෑ ඒ සැරේ. පහල floor එකට විතරයි ගියේ මට මතක හැටියට. ආයේ දවසක ගියොත් අනිවා උඩට නගින්න ඕනේ. වටින කියන විස්තරයක්
ReplyDeleteඒ කාලෙ නොමිලේ පෙන්නුවෙ...අද නොමිලේ නෑ පුතේ...ප්‍රවේශපත්‍ර ගන්නත් සෑහෙන ජනතාව...
Deleteමචන් සිරා, මම ඉන්නෙ ඩුබායි ව්ල, බර්ජ් ඩුබායි තමා දෑනට තියන උසම ටවර් එක. මගෙ ගෙදරට කෙලින්ම තියන්නෙ, එකේ ඈතුලත හදන්න මමත් දායක උනා..... එක දෑක්කම හිතට දෑනෙන සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
ReplyDeleteඒ උස ටවර් එක 2019 දි දෙවැනි තැනට පත් වෙනවා..ප්‍රථම ස්ථානය සෞදි අරාබියට හිමිවෙන්න යන්නෙ..ඔබේ දායකත්වයත් බර්ජ් කලීෆා හදන්න ලැබුන බව අසන්නට ලැබීම සතුටක්...
Deleteඅපිත් වසර කීපයකට පෙර ඕක උඩට නැග්ගනේ. සෙනග වැඩි දවස්වලට කලින් ටිකට් බුක් කරන්න ඕන. ක්වාලාලම්පුර් කිව්වම හිතේ මැවෙන්නේ ඔය කුළුණු දෙක, ඒ අතින් අයිකන් එකක් විදිහට හරිම සාර්ථකයි. ස්තුතියි සිරාගේ විස්තර වලට. ලඟදි බැලුවා ටවර් කියල කොරියන් ෆිල්ම් එකක්. ඔය වගේ කුළුණක ගින්නක් ගැන. මට මතක් වුණේ පෙට්‍රොනාස්. කොරියන් ජාතිකයෝ ඉදිකිරීම් අතින් හරිම ඉදිරියෙන්.
ReplyDeleteසෙනග වැඩි දවස් කියලා නෑ අක්කා දැන්..හැමදාම සෙනග වැඩියි තමයි...වේලාසන ප්‍රවේශ පත්‍ර අරගෙන ටිකට් පතේ තියෙන දවසට ඒ වෙලාවට තමයි නරඹන්න අවස්ථාව ලැබෙන්නෙ. කිසිවෙකුට ටිකට් පත ගත්ත ගමන් ගොඩනැගිල්ල බලන්න යන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. කොරියානු ජාතිකයන් පාලම් හැදීමට ගොඩාක් දක්ෂයිලු...ඒ නිසාමලු මේ ගොඩ නැගිලි දෙක යා කරන පාලම හදන්න එයාලට දුන්නෙ.
Deleteසිරා.. නියම විස්තරයක්.. ගොඩක් දේවල් දැනගත්තා.. ඇත්තටම විකිපීඩියා වලින් ඔව්ව බැලුවට කිසි ගතියක් එන්නේ නෑ. කියවන්න හිතෙන්නෙත් නෑ.. මෙහෙම එව්ව වාරෙන් වාරෙට දාමු. අපි බලනවා.. ජයවේවා...
ReplyDeleteජාලෙන් පෙරලෙන ලේබලය ගැහුවෙත් බොහෝ අය නොදන්නා දේ ගැන සිංහලෙන් ලියන්න තමයි. ඒ වෑයම යම් තරමකට සාර්ථකයි කියලා මට හිතෙනවා. බොටත් ජය !
Deleteබොහොම රසවත් විස්තරයක් සිරා. මා හිතනවා සංචාරයේ යෙදෙන අයටත්, පාසල් දරුවන්ටත් මෙයින් විශේෂ ප්‍රයෝජන අත්වෙයි කියලා. බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට.
ReplyDeleteස්තූතියි විචාරක තුමා ඔබේ අගය කිරීම ගැන...හැකිතරම් වැඳගත් යමක් අකුරු කරන්නයි මගේ කැමැත්ත...
Deleteඋඔ මේ වගේ රටතොට ගැන ලියන විස්තර එල ද බ්‍රා.
ReplyDeleteපහුගිය ඉරිදා ලංකාදිපේ උඔ අර ලියපු දුපත ගැන විස්තරයක් තිබුනා ඒත් උඔගේ ලිපිය ඊට වඩා රසවත් විස්තරාත්මකයි.
අනිවර්යෙන් ඒ ලියුම දැක්ක ගමන් මට මතක් වුනේ සිරාව.
Deleteමමත් ඒ කියන ලිපිය ඔන්ලයින් දැක්කා...ලංකාදීපෙ ඒ වගේ අන්තර්ජාලයෙන් කරුණු අරගෙන ලිපි ලියන සුරංගා සමරනායක සහෝදරිය මා හදුනනවා. ටයිම්ස් පුවත්පතේ සේවය කල කාලයේ ඇය අගේ ලිපි ගැන මා සමග කථා කොට තිබෙනවා.
Deleteමැලේසියාවේ නූතන දියුණුවේ නියමුවා ලෙස සැලකෙන හිටපු අගමැති ආචාර්ය මහතීර් මොහමඩ් මහතා කියන්නේ සත්‍යය සොයනා මහා උතුම් මුණිවරයෙක්. මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙක්. එතුමාට අපි බුදුබව පාර්ථනා කරමු.
ReplyDeleteඒ වගේ උතුම් මුණිවරයෙක් විවෘත කරපු කුළුණක් ලගින් උදේ හවා සේවයට යන එන සිරා මහතාට අරහත් ඵලය ලැබේවා කියලා පාර්ථනා කරපු.
සාදු සාදු සාදු..
ඇත්ත. මැලේසියාවේ අධ්‍යාත්මික නායක මහතීර් මොහොමඩ් මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්න නායකයෙක්. එතුමා මට මේ ගේ ලබා දුන්නා. එතුමාට අපි සදා ණයගැතියි.
Deleteඇනෝ ගොයියා මොනවා කියනවද මට නම් තේරෙන්නෙ නෑ...බුදු බව ඔය වගේ සරළ සිල්ලර විදියට යොදාගන්න එපා මිත්‍රයා.. සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලබාගත යුතු තත්වයක් ගොඩනැගිල්ලක් හැදුවා...රටක් පාලනය කලා කියලා ලැබෙනවා නම්...ඊට වඩා තවත් විහිළුවක් නෑ
Deleteහොඳ විස්තරයක් සිරා. ගොඩක් දෙනෙකුට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි.
ReplyDeleteමම ටෙලිකොම් ෂෙයාර්ස් අරන් තියෙන කාලෙ තමයි NTT එකේ කොටස් ටික ඔය මැලේසියන් කොම්පැනියකින් ගත්තෙ.
බර්ජ් එකටනං ලේසියෙන් ගේමක් දෙන්න කාටවත් බැරිවෙයි.
බර්ජ් කලීෆා දෙවැනි තැනත පත් වෙනවා 2019 දි. සෞදි අරාබිය දැනටම වැඩ පටන් අරගෙන තියෙනවා කිලෝමීටරයක් උස ගොඩනැගිල්ලක් හදන්න. මෙන්න මෙතනින් විස්තර දැන ගන්න. http://en.wikipedia.org/wiki/List_of_future_tallest_buildings_in_the_world
Deleteසුපුරුදු පරිදි සිරා විස්තරයක්.. පෙට්‍රොනාස් බැලුව වගේ තමයි.
ReplyDeleteමචං පොඩි පොඩි අවුල් තැන් දෙක තුනක් තියෙනවා.. පළවෙනිම එක ලංකාවේ උසම ගොඩනැගිල්ල කියනෙක දැන් වෙනස් වෙලා.. ඒක මුලින්ම වෙනස් කරේ මං දැන් වැඩකරන මේ ග්‍රෑන්ඩ් හයට් කලම්බු කියන ගොඩනැගිල්ල. අපි දැන් ඉන්නේ ගාලු පාරේ ඉඳන් මීටර් 206ක් උඩින්. නමුත් මේ වෙනකොට නෙළුම් කුළුන අපිව අභිබවා ගිහින් තියෙනවා. ඒක මීටර් 282ක් වගේ උසට හැදෙනවා.
අනිත් කාරනයනම් මේක හදන්න ගතවුනා කියන කාල වකවානු පට්ට අවුල් මට.
//1993 මාර්තු 1 වැනිදා ..පටන් ගත්තා.// සමස්තයක් විදියට .. වසර 7ක් ගත වෙලා// සැකිල්ල 1994 අප්‍රියෙල් 1 වනදා ..අාරම්භ කලා. 1996 ජනවාරි 1 වන විට .. ඇතුලත නිමැවුම් කටයුතු ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමද ඇතුලත්ව නිමකලා//
අවුරුද්දයි මාස අටකින් ස්ට්‍රක්චර් එක, මෙශනරි වර්ක්, ෆසාඩ්, MEP, ලිෆ්ට්/ එස්කැලේටර්, ඉන්ටීරියර් මේ ඔක්කොම කරා? කාන්ට් බිලීව්. O.o
//සමස්ත පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ බර මෙට්‍රික් ටොන් 300,000 ක් ලෙස ගනන් බලා තිබේ// මේකත් හරිද බලපන් සිමෙන්ති කොට්ට ලක්ශ 60ක බර. මට හිතෙන්නෙ ඕකට කම්භිම යන්න ඇති ඔයිට වැඩිය කියල. ඒ ටික බලල වැරැද්දක් තියෙනවනම් නිවැරදි කරපන්. ජය ශ්‍රී!
//ෆසාඩ්, MEP,//
Deleteමෙව්වා තේරෙන්නේ නැහැ. කියලා දුන්නොත් හොඳයි.
බෙහොම ස්තූතියි කමි ලිපියට යමක් එකතු කරන්න ගත්ත උත්සාහය ගැන. සිරා කොලුවා දැන් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ රටින් බැහැරව ඉන්න නිසා අලුත්ම තත්වය ගැන දැනුවත් වී නැහැ. විකිපීඩියාව අදටත් ලංකාවෙ උසම ගොඩනැගිල්ල කියලා පෙන්වන්නෙ කොටුවෙ ලෝක වෙළඳ මධ්‍යස්ථානය. නෙළුම් කුළුණ ව්‍යාපෘතියෙ මගේ මිත්තරයෙකුත් ඉංජිනේරුවකු ලෙස සේවය කරනවා.
Deleteවිකිපීඩියා අඩවියේ තිබුන තොරතුරු සිංහලට පෙරලලයි මේ ලිපිය පලකලේ. විකිපීඩියාවෙ ඔය තොරතුරු තියෙන්නෙ මේ විදියටයි //The construction of the superstructure commenced on 1 April 1994. Interiors with furniture were completed on 1 January 1996, the spires of Tower 1 and Tower 2 were completed on 1 March 1996, and the first batch of Petronas personnel moved into the building on 1 January 1997. The building was officially opened by the Prime Minister of Malaysia's Tun Dr. Mahathir bin Mohamad on 1 August 1999.//
විශාල සේවක ප්‍රමාණයක් හා ඉංජිනේරු ආයතන රාශියක් තිබුන නිසා..ඒ කාර්යය කරන්න හැකිවෙන්න ඇති දිවා රෑ නොබලා එක දිගට ගොඩනැගිල්ල ඉඳිකල නිසා.
කුළුණේ බර ගැන තිබුන තොරතුර මම ලිපිය තුල නිවැරදි කලා...එක් කුළුණක් තමයි මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් බර...කුළුණු දෙකම මෙට්‍රික් ටොන් ලක්ෂ 6 ක් බරයි. මේ කරුණු නිවැරදි කරන්න දායක වීම ගැන නැවතත් මගේ ස්තූතිය.
කියවන්න අාස විදිහට ඔබ ඒ විස්තරය ලියලා තියෙනවා.... අපි කවදානම් ඔ්වා හදාවිද කියලත් හිතන්න යමක් ඒ තුළ තියෙනවා......
ReplyDeleteස්තුතියි අගය කිරීම පිළිබඳව...මම හිතන විදියට රටක නිවැරද දේශපාලන නායකත්වයකුත් අවශ්‍යයි මෙවැනි මහාපරිමාණ ඉඳිකිරීමක් කරන්න. අපේ රටේ ඉතින් ගොඩනැගිල්ල ඉඳිකරන්නටත් කලියෙන්ම කොමිස් කුට්ටිය ගහන්නනෙ බලන්නෙ.
Deleteඅපේ මහින්ද මාමත් කාටවත් දෙවැනි වෙන්න කැමති නැහැ.එයා දකුණේ කොල්ලෙක්නේ හිටං.ඒ නිසා තමයි මිටර් 350 උස නෙලුම් කුළුනක් හදන්න ගියේ.කොහේද මේ අපේ දේශද්‍රෝහීන් එකටත් කෙළියානේ.
ReplyDeleteනියම විස්තරයක් සිරා.වැදගත්ම දේ වෙන්නේ ඔය සඳහා ආයෝජනය කරන ලද අති විශාල මුදල මැලේසියාවේ ජනයා කෙරේ අමතර බරක් වෙන්න ඉඩ නොතැබිමයි.
මගේ පුද්ගලික අදහස අනුව ලංකාවට නෙළුම් කුළුණක් නෙමෙයි උවමනා වෙලා තිබුනෙ. ඒ ඉඳිකිරීම වෙනුවෙන් යට කරන කෝටි ගානක මුදලා යොදලා නිවාස නැති මිනිස්සු වෙනුවෙන් නිවාස ව්‍යෘපෘතියක් කලා නම් කොච්චර වටිනවද.
Deleteපෙට්‍රොනාස් ගොඩනැගිල්ල ඉඳිකරන්නට වැය කලේ ආනන්ද ක්‍රිෂ්නන් මහතාගේ මුදල් කියලයි කියන්නෙ. එය සමහර විට පෙට්‍රොනාස් ආයතනයේ මුදල් වෙන්නත් පුලුවන්.
පෙට්‍රොනාස් ගැන කියවපු ලිපිවලින් සවිස්තරාත්මකම හා රසවත්ම ලිපිය . අනාගතයේ දවසක යන්න ආසාවෙන් ඉන්න තැනක් . වසරේ ඕනෑම කාලයක මෙය නරඹන්නට හැකියාව තියනව නේද ?
ReplyDeleteස්තූතිය අගය කලාට මගේ වෑයම. අනාගතයේ දවසක ඔබට නිසැකවම මෙය නරඹන්නට හැකි වේවි. මම ප්‍රාර්ථනා කරනවා එය එසේ වෙන්න කියලා. සඳුද හැර අනිත් දිනයන්හිදී මෙය නැරඹිය හැකියි. ප්‍රවේශපත්‍ර වලට තියෙන අධික ඉල්ලුම නිසා වේලාසනින් ඒවා වෙන්කරගත යුතුයි.
Deleteලෝකෙ උසම ගොඩනැගිල්ලේ අභිමානවත් හිමිකරුවන් වන්නට හිටියේ ශ්‍රී ලාංකිකයන් වන අපියි.නමුත් පහුගිය ජනවාරි 8 වෙනිදා අපේ ඒ සුන්දර සිහිනය මියැදුනා.ඒ නිසා බර්ජ් කලීෆා සහ පෙට්‍රොනාස් බලා සැනසෙමු.
ReplyDeleteලෝකෙ උසම ගොඩනැගිල්ල මැදමුලනෙද හදන්න ගියෙ හැලපයියෙ...මොනවා කරන්නද අපේ දේශමාමක ජනතාව අප්පච්චිව ගෙදර යැව්වා නොවැ...දැනුත් ඒ ගොඩනැගිල්ල හදන්නම තමයි උත්සාහය දරන්නෙ...
Deleteගොඩක් වටිනා විස්තරයක්. බොහොම ස්තුති ලියුවට
ReplyDeleteස්තූතියි ඔබෙ අදහසට...
Deleteඔබේ කලින් ලිපිය (අයිපල්)වගේම,වටිනා ලිපියක්, පෙට්‍රොනාස් කොච්චර ප්‍රභල තෙල් සමාගමක්ද කියන්න, ෆෝමියුලා 1 මොටර් දාවන තරඟ වලදී මසිඩීස්-බෙන්ස් කන්ඩායමේ ප්‍රදාන අනුග්‍රහකයා වීමෙන්ම හිතගතෑකිනෙ.දාවන තරඟ වලදි එම කන්ඩායම භාවිතා කරන්නෙ.පෙට්‍රොනාස් පෙට්‍රල් සහ ඔයිල්.ඊලඟ ලිපියත් ඉක්මන් කරන්න.(රන්ජන්)
ReplyDeleteඔබේ කාරණය නිවැරදියි මිත්‍රයා. මම ඒ පිළිබඳ ලියන්න උත්සාහ කලේ නෑ ලිපියේ දිග වැඩිවෙන නිසා. සූරියා KLCC වෙළඳ සංකීර්ණයේ සිට පෙට්‍රොනාස් වෙත අැතුල් වෙන විට ඉහළින් සවි කල මර්සිඩීස් බෙන්ස් ෆෝමියුලා 1 රථයක් දැකගන්නට හැකියි. බෙන්ස් කණ්ඩායමේ අංක එකේ ධාවකයා ඉංග්‍රීසි ජාතික ලුවිස් හැමිල්ටන්.
Deleteහොද විස්තරයක් සිරෝ..ඇත්තටම අපිත් ගියා වගේ.හැබැයි ඔය ඩුබායි කුලුනේ උසම කුළුණ කියන ඔටුන්න 2020 දි ඔවුන්ට අහිමි වෙනව.මේ වෙනකොට ලෝකේ උසම කුළුන නිර්මාණය කිරීමේ කටයුතු ආරම්බ වෙලා තියෙන්නෙ.ඒ සය්දී අරාබියේ ජෙද්දා කියන නගරයෙ.වැඩි විස්තර තාම හරියට දන්නේ නැහැ.නමුත් 2020 වෙනකොට විවුර්ත කරන බවක් තමයි මෙහෙ පුවත් පත් වාර්තා කරන්නෙ.වෙනද වගේම සුපිරියි.ජය...
ReplyDeleteතව දෙයක් කියන්න බැරි උනා.ඒකෙ උස මීටර් 1000 ක් ලියල තමයි කියන්නේ.ඩුබායි වල තියෙන එක 827 මීටර් නේ නේද?
Delete'ඒකෙ උස මීටර් 1000 ක් ලියල තමයි කියන්නේ'
Deleteඉන්දික උපසාන්ත කොඩිතුවක්කුගේ අදහස වැරදියි. පෘතුවියේ ගුරුත්වජ ත්වරණය 9.8 යි. එ කියන්නේ පෘතුවිය මට කෘතිමව ඉදිකරන්න පුළුවන් ගොඩනැගිල්ලක උපරිම උස මීටර් 980 යි. ඉඩ වඩා මේ උස මීටරයක් හරි වැඩි උනොත් පෘතුවි ගුරුත්වය නිසා මේක පොලොව දෙසට කඩාගෙන වැටෙනවා.
10 ය පන්තියේ උගන්වන සමනය විද්‍යාව දන්න ළමයිත් මේවා ගැන දන්නවා. උපසේන මේකවත් දන්නේ නැද්ද? මීටර් 1000 ක් උස ඉදිකිරීමක් කොහොමත් කරන්න බැහැ මේ පෘතුවිය මත.
ගුරුත්වය වෙනස් වෙනස් ග්‍රහලෝකෙක නං මේක කරන්න පුළුවන්.
ඒකනම් මමත් දන්නවා ඇනෝ.මම ලිව්වෙ මේ කිංග්ඩම් ටවර් නිර්මාණය පිළිබද මේ රටේ පුවත් පත් සහ CNN පුවත් සේවයෙ වාර්තා කරලා තියෙන ආකාරය.මේ තියෙන්නෙ ගිහින් බැලුවනම් http://edition.cnn.com/2014/04/17/world/meast/saudi-arabia-to-build-tallest-building-ever/
Deleteමේකේ උස අඩි 3280 යි එතකොට උස මීටර් 984යි .අපි බලාගෙන ඉම්මු හදපුවාම කඩා වැටෙනකන්.
Deleteමමත් අහලා තියෙන්නේ ඕක කිලෝ මීටරයක් උස ටවර් එකක් කියලා..
Deleteඉන්දික අයියට ස්තූතියි ඊලගට ලොව අංක 1ට පැමිණෙන ගොඩනැගිල්ල පිළිබඳ කරුණු ඉදිරිපත් කලාට. විකිපීඩියාව අනුව එය විවෘත වෙන්නෙ 2019 දි. මෙන්න මෙහෙමයි විස්තරේ.
Deletehis list of future tallest buildings in the world ranks the tallest buildings in the world which are currently under construction, plus, for comparison, others that have been topped out or are complete. The 1,000 metres (3,281 ft) Kingdom Tower in Jeddah, Saudi Arabia, will become the world's tallest building when completed in 2019; it will be 172 metres (564 ft) higher than the current tallest building in the world, the Burj Khalifa in Dubai, United Arab Emirates (which rises 828 metres (2,717 ft) and was completed in 2010).
ඇනෝ මිත්‍රයා ඉන්දිකලා දෙන්නව පටලගෙන ඉන්නෙ. මේ සැහැල්ලුව ලියන ඉන්දික උපශාන්ත නොවේ. මේ සෞදි අරාබියේ ඉන්දික. සෞදිය ඇමරිකාව එක්ක බොහෝ ලගින් ගණුදෙනු කරන නිසා මේ ගොඩනැගිල්ල පිටුපස අැමරිකානු චරිත රාශියක් ඇති. අපි බලා ඉමු ලෝකයේ පළමු කිලෝමීටරයක් උස ගොඩනැගිල්ලෙ වැඩ අවසන් වනතෙක්... වැඩි විස්තර මෙතැනින් කියවන්න.
http://en.wikipedia.org/wiki/List_of_future_tallest_buildings_in_the_world
සිහින ලොවකට මාව ගෙනගියා මේ විස්තරය. හැබැයි පුතෝ කීයක් දුන්නත් මම නම් ඔය පාලමේ යන්නෙ නැති බව මට ඉතා නිර්භීතව කිව හැකියි.
ReplyDeleteමේ පාලමේ යන්න බය වෙන්න දෙයක් නෑ මිත්‍රයා..මෙය සංගිලි පාලමක් වගේ හෙල්ලෙන්නෙ නෑ. තදින් හුළ හමන වෙලාවට මඳක් සෙලවෙන ගතියක් දැනෙනවා එපමණයි.
Deleteඅච්චර සල්ලි කාරයෙක් වෙලත් ආනන්ද් ක්‍රිශ්ණන් කොච්චර සරළ මනුස්සයෙක්ද කියලා හිතුනා ෆොටෝ එක දකිද්දී..
ReplyDeleteඅදත් සෑහෙන්න වටින විස්තරයක් අයියේ.. මේ මහන්සියට අපි ස්තූති කරන්න ඕන.. අයිෆල් කුළුණේ වගේ ඉදිකිරීම් අවස්ථා වල ෆොටෝ ටිකකුත් තිබුනනම් තවත් මරු..
මේක බලන්න
Deleteආනන්ද ක්‍රිෂ්ණන් සතුව අශ්වයෝ පුහුණු කරන මධ්‍යස්ථාන අරවා මේවා ඔස්ට්‍රේලියාව සහ තවත් යුරෝපා රටවල ව්‍යාපාර තියෙනවා. ඔහු ඔස්ට්‍රේලියානු සරසවියකින් උපාධියක් ගත් කෙනෙක්.
Deleteඉඳිකිරීම් අවස්ථාවෙ ඡායාරූප එතරම් තිබුනෙ නෑ ජාලෙ. ඒ නිසයි එකක් දෙකක් පමණක් මේ ලිපියට එකතු උනේ.
ප්‍රසන්න අයියා දක්වා තිබෙන වීඩියෝව මම කලින් දැකලා නෑ....ස්තූතියි එයට...
"ඉන් අනතුරුව හදිසි අවස්ථාවක් උදාවුවහොත් ගතයුතු පියවර සහ ගොඩනැගිල්ල තුල පිළිපැදිය යුතු වෙනත් නීති රීති පිළිබඳ විශේෂ තාක්ෂණික ප්‍රයෝගයක් මගින් හිස් අවකාශයේ මැවෙන කාන්තා රුවකින් උපදෙස් ලැබෙයි. ඒ ක්‍රමවේදය මම දැක ඇත්තේ මෙතැනදී පමණි."
ReplyDeleteසිරා මල්ලී මේ කියන්නේ Holography තාක්ෂණය ගැන ද? පහුගිය ජනාධිපතිවරණෙදි මහින්ද මහත්තයාත් මේක ගෙන්නුවා කියන්නෙ. හැබැහින් නං දැක්කෙ නෑ.
http://bit.ly/1IWVR79
නැත. මම කියන්නෙ මේ තාක්ෂණය නොවෙයි. පෙට්‍රොනාස් කුළුනේදි වෙන්නෙ ඇසට යන්තමින් පෙනෙන දුමාරයක් පිට වෙනවා යන්ත්‍රයක් ආධාරයෙන්..ඒ දුමාරයට තමයි අර පින්තූරය එකතු කරන්නෙ. දුමාරය ඒ මේ අත වැනෙනකොට පින්තූරයත් වැනෙනවා. දුමාරය මාධ්‍ය කරගෙන හිස් අවකාශයේ රුව මැවුනම ඒ හරහා විනිවිද පේනවා...එය හරිම අපූරු අත්දැකීමක් උනා.
Deleteඑහෙනම් මේ FogScreen තාක්ෂණයයි. ඉතා සිහින් මීදුමක් මත වීඩියෝවක් ප්‍රක්ෂේපණය කිරීමයි. ඇමරිකා එක්සත් ජනපදයේ බහුල ව දැකගත හැකියි.
Deletehttp://en.wikipedia.org/wiki/Fog_display
බොහොම සරල ලාබදායී තාක්ෂණයක්. වීිඩියෝ ප්‍රක්ෂේපණය සඳහා භෞතික තිරයක් වෙනුවට දුමාරයක් හෝ මීදුමක් යොදාගැනීමයි. ලංකාවටත් ගැලපෙන එකක්.
Deleteස්තූතියි තාක්ෂණික කාරණා වලට...
Deleteවිවිධ මාධ්‍ය මගින් දැකල තිබ්බත් විස්තර මුකුත් දැන් හිටියේ නෑ. ගොඩක් වටිනවා. සිරා අයිය ලබපු අත්දැකීමක් අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි.
ReplyDeleteජය වේවා!!!
මේ පැත්තෙ ඇවිත් අදහසක් එකතු කලාට ස්තුතියි මලයා.
Deleteඅංග සම්පූර්ණ විස්තරයක් සිරා.. බොහොම ස්තූතියි... ඔය ටවර් එක සම්බන්ද කරගෙන ගහපු ෆිල්ම් එකක් බැලුවා වගේ මතකයි...
ReplyDeleteඅර සමාගම් දෙක අතර තරඟයක් ඇති කරපු එකනම් අනුමත කරන්න බෑ.. ඉක්මනින් කරන්න යන කොයි වැඩෙත් තත්ත්වය බාලවෙන එක සාමාන්‍ය දෙයක්... කවදා හරි අහිංසක මිනිස්සු දහස් ගානකට ඕකේ වන්දිය ගෙවන්න වෙයිද !! එහෙම නොවේවා කියලා පතමු !
සවුදියෙන් හදන්න යනවලු කිලෝමීටරයක් උස ටවර් එකක්.. ලෝකයේ උසම එක වෙන්න..ඕවා භූමිකම්පාවලට කොච්චර ඔරොත්තු දෙයිද කියන එකයි ප්‍රශ්නේ...
උඹ බය නාෙවී ඉඳින්. ඒ්වා භූමිකම්පාවලට ඔරාෙත්තු දෙන විදිහට උන්නැහැලා හදාවි. ඉංජිෙන්රු මහත්තුරු ඉන්නෙ ඒ්වට තමා.
Deleteප්ලේන් දෙකක් ඇවිල්ල වැදුනම කඩන් වැටුන බිල්ඩිනුත් අපි දැක්කනෙ ඇනෝ.. භූමිකම්පා ගැන මොන කතාද ? ඉන්ජිනේරු මහත්තුරු කොච්චර දක්ශයො උනත් ඔතනදි අසරණයි කියලයි මට හිතෙන්නෙ..
Deleteසෑහෙන කාලෙකින් සෙන්නව කාමරය තුල දැක්කෙ. ගොඩාක් මහන්සි වෙලා ලියපු ලිපියක් මේක ඒක ඇත්ත. සමාගම් දෙක අතර කවුරුවත් තරගයක් ඇති කලේ නෑ. ඒ තරගය ඔවුන් විසින්මයි ඇතිකරගත්තෙ. තරගය ඇති උනත් හැම අධියරකම තත්ව පරීක්ෂණයන් සිදුවුන නිසා අඩුපාඩුවක් වෙන්න ඉඩක් නෑ. මෙවැනි ගොඩනැගිල්ලක් තනන්න ලෝක මට්ටමෙන් ගත්තම අඩු කාල සීමාවක් තමයි මේ ආයතන වලට මැලේසියානු රජයෙන් ලැබුනෙ. ඒ නිසා ඒ අයට දිවා රාත්‍රී වැඩ කරන්න උනා සිහිනය යථාර්තයක් කරන්න.
Deleteසෞදියෙ ගොඩනැගිල්ල ගැන ඉහත කමෙන්ටුවක තොරතුරු දැක්වූවා...
ආනන්ද කිෂ්ණන් මහත්තයාගේ වටිනාම නිපයුම තමයි. ඔහුගේ පුතා වන තයිලන්තයේ ආචාන් චා ස්වාමීන් වහන්සේගේ ආරණ්නයේ පැවිදි ජිවතයක් ගත කරන ආජාන් සිරිපන්නෝ ස්වාමින් වහන්සේ. විශාල ධනයක් හිමි ඹහු සියලු දේ අතහැර වන වාසී ජිවතයක් ගතකරන්වා. පුද්ගලික ජෙට් යානාවකින් ගමන් යන එකම ස්වාමීන් වහන්සේ ඔහු පමණයි. ඔහුට අවශ්‍ය විට ජෙට් යනාවක් ගමන් පහසුව සලසන එකම පියාත් ඔහු පමණයි. වැඩි විස්තර මේ ලින්ක් එකෙන් බලන්න.
ReplyDeletehttp://steadyaku-steadyaku-husseinhamid.blogspot.com/2014/01/cakap-cakapananda-krishnan-only-son.html
සියලු දේ අතහැර - හැබැයි ජෙට්යානාව හැර
DeleteROFL ROFL
නැහැ . එය තාත්තාට අවශ්‍ය නිසා මිසක් උන්වහන්සේ ට අවශ්‍ය නිසා නොවේ.
Delete"අනුන්ට උවමනා විදිහට සැපසම්පත් පරිහරනය කරන ආදර්ශමත් ස්වාමින් වහන්සේ නමක්."... ROFL එහෙනං අපේ සමන්තබඩ්ඩ වගේ වෙන්ඩ ඇති. පොරත් කියන්නෙ එහෙමනේ ROFL ROFL
Deletehttp://www.buddhistchannel.tv/index.php?id=6,10556,0,0,1,0#.VVBfzvmqqko
ReplyDeleteසම්පූර්ණ, රසවත් විස්තරයක්... ස්තූතියි මේ වටින තොරතුරු වලට...
ReplyDeleteබලන්න යන්න ආසාවෙන් ඉන්න තැනක්..