ඇය උදෑසන පිබිදෙන විට ඔහු සයනයේ නොසිටියේය. හනි හනිකට ඇඳුමද සකස් කරගත් ඕ නැගිට ඔහු කුස්සියේවත් වෙත්දැයි බලන්නට යන්නට වූවාය. ඇය පිබිදෙන විට ඔහු පහුගිය කාලයේම ඇය අසලම සිටියේය. නමුත් කවර හෝ මොහොතක ඔහු නොසිටීවි යැයි සැකයක් ඇය තුල කලක සිටම විය. එහිද ඔහු නැත්තෙන් නම කියා හඬ ගෑවාය. නමුත් ඔහු ඒ කොහේවත් නොවීය. ගෙයිහි තවත් සොයන්නට තැනක් නොමැත්තෙන් මහත් බීරාන්ත සිතිවිල්ලක්ද රැගෙන ඇය ළිද ළඟටද ගියාය. නමුත් ළිඳ තුළ ඇය දුටුවේ රැලි නැංවෙන ඇගේම රූපයක් පමණි. අඩි දෙක තුනක් තබා වැට අයිනට ගිය ඇය අල්ලපු නිවසේ ගැහැණියට කථා කළාය.
ගෝතමී අක්කේ....ගෝතමී අක්කේ....
යසෝගේ හඬ අසා එළියට පැමිණි ගෝතමී ඇයගේ ස්වරූපය දැක බිය වූවාය. ගෝතමී සිතුවේ විළිරුදාව නිසාවෙන් ඇය මෙසේ කෑ ගෑවා කියාය. නමුත් සිද්ධාර්ථ ඇය ගැබ්බර වූ දා පටන් පෙර මෙන් ගමන් බිමන් නොගියේය. ඇය තනිකොට යන්නේ නම් අනිවාර්යෙන්ම ගෝතමියට ඇයව බාර කර ගියේ කුඩා කල සිටම ගෝතමීය ඔහු කෙරේ දැක්වූ සහෝදර පංති බැඳීම නිසාවෙනි.
අනේ අක්කේ.....
ඇයට කියාගන්නට ලැබුනේ අඩක් පමණකි. උගුරේ සිරව ගිය ඉකියක් ඉතිරි අඩ ගිල දැමුවේය.
මොකද නංගියේ උඹට අමාරුද ?
නමුත් ගෝතමීගේ පැනයට උත්තර දීමට යසෝගේ ඉකිය ඉඩක් නොදන සෙයකි.
අක්කේ.කේ..ඒඒ සිද්ද්ධා නෑ...
මොකක්
එයා නෑහ් හ්....
ගෝතමී හනි හනිකට උඩින් හැඳ සිටි චීත්තය උනා ජනෙල් පඩිය උඩ දමා වැට දිරා ඉනි බිඳී තිබූ කෙටි පාරින් යසෝ වෙත ආවාය.
ඇයි නංගියෙ හොඳට බැලුවද ? ඊයෙ කිව්වෙ නැද්ද කොහේවත් වැඩක් තියෙන වගක්වත් ?
අනේ නෑ අක්කේ දැන් වෙනදා වගේ යන්නෙ නැහැනෙ. ගියත් කියලනෙ යන්නෙ.....
සිද්ධාර්ථගේ අතුරුදහන් වීම ලැව් ගින්නක් සේ පැතිර ගියේය. සිය සහෝදර සගයෙකුගේ ජීවිතය ඔවුනට කඳිම පුවතක් විය. ඉඳින් රූපවාහිනී, පුවත් පත් සියල්ලෝම ජනමාධ්‍ය සදාචාරය අකුරටම ක්‍රියාත්මක කළෝය. පොලිසිය පිළිබඳ ඇමතිතුමා පොලිසිය ගැන හොඳින් දන්නා නිසාවෙන් හා ඒ ඇත්තන්ට කසිප්පු තිප්පලක් වැටලීම හෝ හරකෙකු නැතිවීම පිළිබඳව සෙවීම වැනි කටයුතු රාශියක් ඇති නිසා මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට ඇමතිතුමා රහස් පොලිසිය වෙත පැවරුවේය.
චාරිත්‍රයක් ලෙස ළඟම තිබුනු පොලිස් ස්ථානයෙන් කල පරීක්ෂණ අනුව ලබාගත් කට උත්තරයකින් කියැවුනේ තමන් රෑ දෙකට පමණ සිද්ධාර්ථට පත්තරයේ කරුණක් පිළිබඳව දුරකථනයෙන් කතා කරමින් සිටි බවත් (සිය බිරිඳ ඇහැරෙන බැවින් ඔහු නිවසින් පිටත මහ පාරට පැමිණ ඇත) වේගයෙන් පැමිනි වාහනයක තිරිංග හඬ ද, කලබලයක හඬද එසැණින් යළි වාහනය වේගයෙන් පිටව යන හඬද ඇසුනු වගයි.
ඒ සිද්ධාර්ථ සේවය කල පුවත් පතේ කර්තෘය. නමුත් රහස් පොලිසිය මුල සිටම ක්‍රමානුකූලව පරීක්ෂණ කල බැවින් යට කී කර්තෘ ප්‍රසිද්ධියේම තම අත්දැකීම් හෙළි කරනා තුරු ඔවුනට එය මග හැරී තිබුනි. පසුව මාර්ගය අයිනේ කාණුවක තිබී සිද්ධාර්ථගේ දුරකථනයද සොයා ගැනුනි.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, පෞද්ගලිකව නිවසටම පැමිණ කෙසේ හෝ මේ පිළිබඳව සොයාගන්නා බවට යසෝට සහතික විය. නමුත් ඈ සිටියේ ඒ කිසිවකුත් ඇසිය හැකි තත්වයක නොවේ. ඔවුන් ඇයගේ පපුවට පයින් ගසද්දී තවෙකෙකු බඩට පයින් ගසමින් සිටියේය.
මේ අතර විපක්ෂයේ බරපතල වගකීම් දරන්නෙක්ද යසෝ හමුවට ආවේ මේ පිළිබඳව තමන් ද දැඩි අවධානයෙන් බලා සිටිනා වග මිදුලේදීම අවධාරණය කරමිනි. සෙනග ගැවසීමෙන් මඩ වූ මිදුලෙන් ඔහු සන්සුන්ව අඩි තබා ආවෙ සිය සුදෝ සුදු ජාතික ඇදුමට පැල්ලම් ඉසෙයිදෝයි බියෙන් හා සැකයෙන් යුතුවය.
එදා ඇවිත් තියෙන්නෙ සුදු වෑන් එකක්...නොම්බර තහඩු තිබිලත් නෑ
ඔහු යසෝට රහසින් මෙන් කීවේ ඇය වට කොට සිටි සැමටද ඇසෙන පරිදිය.
යසෝට දරුවා ලැබුණි.. තමා වටකොට නැගි ඝෝෂාව මැද ළදරුවාගේ බෑඟිරි දීමට ඇය සිනාසුනාය. ඒ ඔහුගේ නික්මනෙන් පසු පළමු වතාවටය. ඇය අසල සිටියේ සිද්ධාර්ථගේ පියා හා ගෝතමී පමණි. යසෝගේ සතුටු කදුළු දැක වයසක මිනිසා කොරිඩෝරයේ ලෑලි බංකුවකට හිස ගසාගෙන දුකට හැඩුවේය. වාට්ටුව පුරා ඇති ගෝසාව මැද ඔහුගේ හඬ නෑසී ගියේය. ඔවුන් නිවසට කැඳවාගෙන ආ පසු මහල්ලා ධාතු කරඬුවක් දෝතට ගන්නා ලෙසින් දරුවා වඩාගෙන සිම්බේය.
ඔයා මේ ගැන සෘජුව තීරණයක් ඉල්ලලා ඉස්සරහට එන්න ඕන. අපි අවශ්‍ය හැමදේම බලාගන්නවා. අපි ඔයාගෙ දුක දන්න නිසයි මේ සිද්ධියට මැදිහත් උනේ. ඔයාට දේශපාලන බලයයත් ගොඩනැගිලා තියෙන වෙලාවෙ ඒකෙන් ප්‍රයෝජන ගන්න. සිද්ධාර්ථ වගේ කෙනෙක්ට උන දේ හෙට තව කෙනෙක්ට වේවි.
ඉංග්‍රීසියෙන් වේගයෙන් කතා කරමින් සිටි පිරිස අතර යසෝගේ ඔලුව අතගාමින් ඇය හා දොඩන ගැහැනිය දෙස මහල්ලා හොරැහින් බැලුවේය. ඇයගේ නෙතින් වැටුනු කදුලක් මුහුණේ වත්සුනු සමග මුසුව ඉටි කිරි බින්දුවක ස්වරූපයක් ගෙන දිස්න දෙයි. මහල්ලා යළි යසෝ දෙස හොරැහින් බැලුවේය. නැතිනම් රැව්වේය. ඇයගේ මුහුනේ සියුම් මඳ සිනාවකි. දෑස කාන්තියෙන් දිස්න දෙයි . මහල්ලාද සිනාසුණේය. ඔහු ප්‍රීතියෙන් ධාතු කරඩුව යලි යළිත් සිම්බේය.
සිද්ධාර්ථ ආණ්ඩුවෙ සල්ලිවලට යට උනා. මිනිහා දැන් අලුත් අනන්‍යතාවක් එක්ක යුරෝපෙ සැප විඳිනවා.
සිද්ධාර්ථගේ සගයෙකුව සිටි ප්‍රබුද්ධ මාධ්‍ය හමුවකදී පැවසුවේය. ඔහුගේ තැනින් තැන දිගුව හා කොටට යනසේ තිබූ රැවුලු ගස් දැන් සීරුවට පොන්ටිං කට් එක හිටින සේ කපා ඇත. බොර පැහැ ගත් කමිසයද නියම රතු පැහැය ගෙන දිස්න දෙයි.
මහල්ලා කඩයට ගියේ ඇන්කර් ත්‍රී ප්ලස් ගෙන ඒමටය. බෙදා දී තවත් ඉතුරු වී ඇති ලැක්ටෝජන් දැන් දරුවාට දෙන්නට බැරිය. යන අතරතුරද ඔහු කල්පනා කලේ යසෝ සහ දරුවා ගැනයි. දරුවාට දායාද දෙන්නට හැකි බව කියමින් බොහෝ දෙනා පැමිණියද යසෝ හැම විටම පෙර සේම මඳ සිනා පෑවා පමණි. මහල්ලා වරෙක දුක් විය. නමුත් යසෝ දරුවාට දිනෙක ඔහුට හිමි දායාදය දෙනු ඇත. ඉන් ඔහු සැනහුනේය.
මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
ඉසුරු අබේසේකර
ප.ලි
සිරාගෙ කාමරය තුල 7 වෙනි ලිපිය ලෙස පලවන ඉසුරුගේ සිව්වැනි කෙටි කථාව මෙයයි. මෙයට පෙර ඇඹුල් දොඩම්, දෑස් සහ උපත් පාලනය යන ඉසුරුගේ කෙටි කථා මෙහි පලවී තිබේ.
කාලෙකට පස්සෙ මේ පැත්තට ආවෙ...
ReplyDeleteසත්‍ය සිද්ධියක්, ඓතිහාසික සිදුවීමක සංඛේතත් එක්ක පටලවලා ඉසුරු කරලා තියන නිර්මාණය නම් විශිෂ්ටයි.
බොහොම ස්තුතියි තිසර ඔබේ අදහසට.
Deleteජය!
කියන්න වචන නෑ. මටත් මේ කතාවට පාදක වුණ සිදුවීම මොකද්ද කියල හිතාගන්ට පුලුවන්. ඛේදාන්තයක්වුණත් සමාජය ගැන හෙලපු සියුම් උපහාසාත්මක දෘෂ්ටියකුත් දැක්ක
ReplyDeleteජයවේවා
බොහොම ස්තුතියි ඔබටත්. ඔබටත් ජය!
Deleteඅතීත වර්තමාන සම්මිශ්‍රණයක් වගේ... නිර්මාණශීලී නිර්මාණයක්...
ReplyDeleteබොහොම ස්තුතියි තුෂානි ඔබේ අදහසටත්.
Deleteජය!
This comment has been removed by the author.
Deleteහොඳ නිර්මාණයක්.
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රසන්න.
Deleteජය වේවා!
This comment has been removed by the author.
Deleteහොද නිර්මාණයක්.. ඒක විශ්වාසයි.. පැටලිලි ලිහාගන්න ගියාම හිත වංකගිරියක හිර උනා.. සුභ පැතුම් ඉසුරු..
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබතුමන්ටත්! සමහර විට වුවමනාවට වඩා සංඛේත පාවිච්චි කරන්න ගිය නිසා පැටලිලි සහගත ගතියක් ඇවිත් ඇති. එය පසුව කියවීමේදී මටත් හැඟුණු දෙයක්.
Deleteඔබටත් ජය!
නියමයි. සිද්ධි දෙක ටපලල
ReplyDeleteහොඳටෝම ටපලල රාජ් :)
Deleteස්තුතියි ඔබේ අදහසට!
තව්තිසාවෙ ඉන්නව කිව්වට, ඇත්තටම නිවන් දක්කල. සුද්ධෝධන රම්‍යට, සුරම්‍යට් , සුභා ගැන බැලුව මිසක් ඉතිරි ටික බැලුවෙ නෑනෙ.
ReplyDeleteනියමයි ඉසුරු. ඔයාගෙම බ්ලොග් එකක් පටන් ගමු නේද ?
:) :) ඇත්තටම ඕකනෙ කතාව... :) :)
Deleteසිරාගෙනුත් නිතර ලැබෙන අවවාදයක් තමයි බ්ලොග් එකක් පටන්ගන්න කියන එක. නමුත් බ්ලොග් එකක් ගැන ආසාවක් වගේම බයකුත් තියන එකයි අවුල. පටන් ගත්ත වගේම දිගටම කරගෙන යාදෝ කියන හැඟීම නිසාත්, මේ විදිහට සිරාගෙන් අපි වෙනුවෙන් ඉඩක් වෙන් වෙලා තියන නිසාත් ඒ අදහස ටිකක් පස්සට දැම්ම.
ඔබටත් ජය!
මේ වගේ රචකයෝ මුද්‍රිත මාධ්‍යයෙන් හැංගිලා ඉන්න එක අපරාදයක්.
ReplyDelete:) සමහර විට ඒක හොඳක් වෙන්නත් බැරි නෑ ඩූඩ්. ස්තුතියි ඔබේ අදහසටත්.
Deleteජය!
ඩුඩ් අයියා කියලා කියන්න ඔනේ ටික..
ReplyDeleteඑල ද බ්‍රා..
මම තව පාරක් කියවනවා...
මට මේ හැකියාව නැතත් උඔලා වගේ එවුන් උඔලාගේ නිර්මාන හැකියාවට අත් දෙකම උස්සලා රෙස්පට්.
එල ද බ්‍රා
උඹට හැකියාව නෑ කියලා උඹ චෙක් කරලා බැලුවද මෙන්ඩා?
Deleteමට ලියන හැකියාව නැතුව ඇති කියලා මම හිතනවා අයියන්ඩි..සිරාගේ කාමරයට මගේ පාසල් ප්‍රේමයක අත්දැකිමක් ලියන්න හිතාගෙන ඉන්නෙ..ඒකටත් අත වේව්ලනවා හොද වෙයිද නරක වෙයිද කියලා..
Delete:) බොහෝම ස්තුතියි මෙන්ඩා ඔබටත්. ඒ වචන ටිකම විසාල දිරියක්.
Deleteඒ වගේම පාසල් ප්‍රේම කතන්දරේක රහ විඳින්න තියන ඉඩක් නැති කරන්න එපා කියල ඉල්ලනව අපට.
ජය වේවා!
මෙණ්ඩෝ.. බොට ලියන්න බැහැයි කිව්වෙ සුමනදාස ගොය්යද? නැත්තම් තොටවත්තද? අනේ.. උඹ ලියහං....
Deleteමට තේරුන්නෑ... ඒත් මොකක් හරි හොඳ අරුතක් ඇති කියලා හිතෙනවා කට්ටියගෙ කමෙන්ට් දැක්කම...
ReplyDelete:) බොහෝම ස්තුතියි! ඔබතුමන් ඒක කියවන්න කාලය වැය කිරීමත් සතුටක්. ආයෙ කියවල බලමු.
Deleteජය වේවා!
ධර්ම පිපාසය ඇත්තන්ට මේ ඇසළ පොහෝ දිනයේදී
ReplyDeletehttp://pasanrahula.blogspot.com/
බොහොම සාර්ථක නිර්මාණයක්..
ReplyDeleteගොඩක් ස්තුතියි දිනේෂ්.
Deleteජය වේවා!
නියමයි
ReplyDeleteබොහොම ස්තුතියි ඉවාන් පවුලූෂා ඔබටත්.
Deleteජය!
ඉවානයා අලුත් කතාවක් ලියපන්කා්...
Deleteකතාව ටික දුරක් කියවගෙන යනකොට තමයි පුර්වාපර සංදී ගලපගන්න පුළුවන් උනේ..නියමයි ඉසුරු..කොහොමත් එකෙක්ගේ විපතක් බොහොම දෙනෙක්ගේ සැපතකට හරෝගත්ත ලන්කාවකනේ අපි ඉන්නෙ.
ReplyDeleteඅනිවාර්යෙන්ම. පක්ෂ පාට බේදයක් නැතිවම ඒ දේවල්නම් ලාංකාවට ඇති තරම් තියනව.
Deleteබොහොම ස්තුතියි ඔබේ අදහසටත්.
ජය!
ජයවේවා ඉසුරු...!
ReplyDeleteකෙටියි... වේගවත්... තියුණුයි... පිහියක් වගේ පපුවට ඇනෙන ලියවිල්ලක්
බොහොම ස්තුතියි ඩ්‍රැකී ඔබේ අදහසට. එය ලොකු දිරියක්...
Deleteජය!
අර මනුස්සයා යුරෝපේ ඉඳගෙන පොඩි එකාට කිරි පැකට් එකක් ගන්නවත් සල්ලි ටිකක් එවපු නැති එකේ මුකුත් හැංගිච්ච තේරුමක් එහෙම නැද්ද...
ReplyDeleteඇත්තෙන්ම ඔහු යුරෝපයේද යන්න සැක සහිතයි නේද ලොකු පුතා? ඇන්කර් ත්‍රී ප්ලස් කතාවෙන් ඒ කාලයට එන විට සමාජයට පසුගිය සියල්ල අමතක වී ඇති බවක් හැඟවීමටයි උත්සාහ කළේ.
Deleteකතා දෙකක් එකට එකතු කරපු හැටි නියමයි.
ReplyDeleteඅර වගේ මාධ්‍යවේදියෝ ගැන කියද්දී මතක් වෙන්නේ "එක්නැළිගොඩව"
This comment has been removed by the author.
Deleteඅනිවාර්යයෙන්ම මනෝජ්!
Deleteඔබටත් ජය වේවා!
හොඳයි... ඇත්තටම දුකට පත් කෙනෙක්ගෙ පැත්තෙන් සමාජය දෙස බලපු හැටි බොහොම අගෙයි..
ReplyDeleteජයවේවා..!!