Friday, July 31, 2015

53 නගාගේ පොල්ල නැති බයිසිකලේ අතවරයට ලක් වූ දා....



සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙක් ලෙස කලක් බොක්කට බඩවැල සේ ආශ්‍රය කල නගා කොලුවා ගැන සිරාගේ කාමරයට එන යන බොලා දැන් හොඳින් දනියි. ඒ කාලයේ එ්කාට සිදු වූ සාටර් ක්‍රියා බොහොමයක් මවිසින් මෙහි අකුරු කොට තිබේ. මගේ වාසනාවක‍ටදෝ නගා කොලුවා සිරාගේ කාමරය ගැන හාංකවිසියක් වත් දන්නේ නැත. ඒ නිසාම තවමත් අතුරු උපද්‍රවයකින් තොරව නගා‍ කොලූගේ ඇඳිවතේ ඉතිරියත් ගලවා දමන්නට මා හට හැකියාව තිබේ.

සිරා කොලුවාගේ පාඩම් නඩයේ එකතුව 4 කි. වනිගයා, පුෂ්පයා සහ නගා එ් කණ්ඩායමේ සිටි බව පන්සලේ පාඩම් කල ඉතිහාසය ගැන ලියූ අවදියේද මම සඳහන් කර ඇත්තෙමි. අපි අතිරේක පන්ති, පාසලේ ක්‍රියාකාරකම් වලින් පසුව පාඩම් කරන්නට හැන්දෑ කොරේ පන්සල් ගියේ පා පැදි හෙවත් පුටාරා වලිනි. අපි සියලු දෙනාගේම පා පැදි වල හරස් පොල්ල සාමාන්‍ය අන්දමට තිබුනත් නගා පැද්දේ කාන්තාවන් පදින ආකාරයේ හරස් පොල්ල නැති වර්ගයේ පා පැදියකි. නගාගේ කෝල කොමල  අංග චලන සහ කථා බහත් සමග ඒ පා පැදිය ඒකාට කදිමෙට ගැලපුන බව ඒ කාලයේ අප කාගේත් අදහස විය.

ඇතැම් දිනයක පන්සලේ බණ මඩුවේ පැත්තක ගොඩ ගසා ඇති ඩෙස්ක් බංකු බාධක ලෙස සකසා අපි සියල්ලෝ ඒ අතර පැපැදි පැද්දෙමු. එසේ කරන්නේ අනිවාර්යෙන්ම නායක හිමියන් බැහැරක වැඩිය දවසකය. එවන් විටෙක නගාගේ පොල්ල නැති බයිසිකලය නිසාවෙන් ඒකා විඳි නවනිංගිරාව මෙතෙකැයි කියා නිම කල නොහැක. සියලුම අවඥාවන් සිනහවකින් දරාගෙන කෝප නොවී ඉන්නට නගා සුරුවිරුකම් පෑවේය.

පොල්ල නැති උනත් අපේ නගා තමාගේ බයිසිකලයට ආදරේය. ඒකාගේ නිවසේ සිට බස් මාර්ගයට සෑහෙන දුරකි. මේ දුර පයින් එනවා නම් කලින් දවසේ පාන්දරම උදෑසනට බුදින්නට බත් එකක් කාරිය ඔතාගෙන පැමිණිය යුතුය. මේ නිසාම බස් මාර්ගයට ආසන්නව නිවාස පිහිටි සිරා කොලුවාගේ හෝ පුෂ්පයාගේ නිවෙස් වල තම පා පැදිය තනිකොට දමා අතිරේක පන්ති වලට සහභාගි වීම නගා කොලුවගේ සිරිත වූවේය.

නගාගේ පියා අමුතුම කෙනෙකි. රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ඔහු ඇඟට පතට නොදැනී පොලියට මුදල් දෙන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. නගාගේ අයියා එකල සේවය කලේ ගම්පහ පොලිසියේය. අක්කාද රජයේ සේවිකාවකි. මේ කරුණු කාරණා හේතුවෙන් උපන් යම්කිසි අාත්ම අභිමානයක් තරමට වැඩි වූ නිසාදෝ වටේ පිටාවේ කිසිවෙක් නගාලා සමග එතරම් ඇයි හොදයියක් තිබුනේ නැත. ගමේ එකාලා සමග වැඩි පයුරු පාසානයක් තිබුනේ නැති නිසාම නගා උගේ අතිජාතයෝ ලෙස අප සමගම දිවි ගෙවූයේ අපෙන් ලද කුණු කථා කනකට වත් නොගෙනය.

මේ කියන දිනයත් සුපුරුදු ලෙස අතිරේක පන්තියකට සහභාගි වී නිවසට පැමිණි දිනයකි. එදා නගාගේ පොල්ල නැති පුටාරාව අපේ නිවසේ මිදුලේ ගසකට හේත්තු කොට ඒකා පන්ති ගොස් තිබූ නිසා අාපසු පැමිණියේ සිරා කොලුවා සමගිනි. ඊට කලින් දිනයක පන්තියට සහභාගි නොවීම නිසා අතපසු වූ සටහන් ලියා ගැනීමට මා හට නගාගේ අභ්‍යාස පොතක් අවශ්‍යව තිබුනි. මා පැමිණෙන ලෙස රැදී සිටින ලෙස පැවසුවත්...නගාගේ බඩේ ගින්දර ඉහ වහා ගොස් තිබූ නිසා ඒකා මා දමා තනිවම පොල්ල නැති බයිසිකලයට පණ දුන්නේය.

කකුල් දෙකටම කලිසම් ඇද සිටි මම ඒවායින් මිදී කොට ෂෝටකින් විළිවසාගෙන එකල මගේ ප්‍රියම්භිකාව වූ මගේ පුටාරාව මතට නැගී නගාගේ ඉසව්ව බලා පිම්මේ පෑගුවේ කෙසේ හෝ නගා පසු කර යන ඒකායන පැතුමක් මගේ චිත්ත සන්තානයේ ඉපදී තිබූ නිසාවෙනි.

අපේ නගා කොලුවාගේ නිවෙසට ගම මැදින් යන ප්‍රධාන මාර්ගයේ ගොස් කන්දක් සමග හමුවෙන හතර මං හන්දියකින් වමට හැරී යා යුතුය. මේ කන්ද දෙන්නා ඩබල් දමා යන විටක නම් පෑගීම උගහටය. ඒ නිසාම එතනින් බොහෝ බබල් කරුවන් තම දෙපා මතින් කන්ද තරණය කළෝය.

සිරා කොලුවා හැති දමමින් දැන් කන්දට ලං වෙමින් තිබේ. සාමාන්‍යයෙන් එතරම් ජනකායක් ගැවසෙන්නේ නැති මේ හන්දියේ ඈත සිටම විශාල ජනතාවක් රැඳී සිටින අන්දම මගේ යුගදෙනෙතට සම්මුඛ වූ හෙයින් කුමක් හෝ යමක් එතැන සිදුවන වග මගේ අක්මාවට දැනෙයි.

ගම්වැසියෝ කවයක් ආකාරයෙන් වටවී ඔවුන්ට ඉදිරියෙන් ඇති කැන්ටර් වර්ගයේ ටිපර් රථයක් දෙස බලා සිටියි. හන්දියේ සියලු මාර්ග අවහිර වන ලෙස කැන්ටරය නවතා ඒ ඉදිරියේ චණ්ඩියෙකුට රගපාමින් එකෙක් සිටියි. ඒ පුද්ගලයා මම කලින් දැක නොමැති නිසා ජාතකේ දන්නේ නැතිය. එහෙත් කැන්ටරයට යට වී පොඩි පට්ටම් වී තිබූ අපේ නගාගේ අසරණ පොල්ල නැති බයිසිකලය දුටු විගස මගේ ආවේගයන් මා තුල බුර බුරා නැගෙන බව යන්තමින් මෙන් දැනුනේය. මිත්‍ර සම්පත්තියේ නාමයෙන් මිට මොළවාගත් දකුණත සහිතව චණ්ඩියාගේ හකු පන්නන්නට සිරා කොලුවා වෑයමක් දරනු දුටු නගා නිසා හඳුනාගත් උන්ගෙ ගමේ රොෂාන් කොලුවා එසේ නොකරන ලෙස මා හට හස්ත සංඥා මගින් ඈත සිට දැනුම් දුන්නේය. ඒ පෙරළා මවෙත එල්ලවිය හැකි ප්‍රති ප්‍රහාරයන් නිසා විය යුතුය.

පොල්ල නැති බයිසිකලයේ පැමිණි නගාට කුමක් වීද ? නගාගේ බයිසිකලය මෙසේ දූෂණය කර මරා දැමුවේ ඇයි ? මෙවැනි ගැටලු මගේ චිත්ත සන්තානය වෙලාගෙන අවසානය. මේ ක්‍රියාව හමුවේ නගාගේ ගමේ ගම්වැසියන් විරෝධතාවක් නොදක්වා මුණිවත රකින අන්දම මා හට විශ්මයකි. අපේ ගම්මානයේ මෙවැනි යමක් වූවා නම් කැන්ටර් කරුවා අවසන් හුස්ම හෙළන්නේ ගමේ උන්ගෙන් බඩකට පුරා සැලකුම් ලැබීම නිසාවෙන් බව මට විශ්වාසය. නගාගේ පවුල සමග වට පිටාවේ උන්ගේ හිත් වල තිබූ විරසකය නිසාම මේ සිදුවීම දෙස ඔව්හු මහත් අභිරුචියෙන් බලාගෙන සිටිති.

නිතර දෙවේලේ නගාගේ ගෙදර බඩගෑම නිසාම මා හදුනන නගාගේ අසල්වැසි කාන්තාවක් මගේ කනට ඇගේ මුව ලං කර...

පුතේ ........තාත්තට කියන්න යනුවෙන් මා හට කීවාය.

ඒ සැනින් මම පුටාරාව රැගෙන නගාගේ නිවසට ගියෙමි. මා එහි යන විටත් හන්දියේ සිදුවන කලබලය පිළිබඳ මෙලෝ සංසාරයක් නොදන්නා නගා කොලුවාගේ පියා ඉරිදා ලංකාදීපය තම මුහුණ වැසෙන සේ අල්ලාගෙන කියවමින් සිටියේය.

මාමෙ...කෝ .........

ඇයි තවම පන්ති ඇරිලා ආවෙ නෑනෙ.

ඉන් ඉක්බිති හන්දියේ මා දුටු සිදුවීම් පෙළ නගාගේ පියාට කියන්නට පටන් ගත් විගසම පිය සෙනෙහස මේ යැයි කියමින් ඒ මහළු මිනිසා උඩුකයට ඇදුමක් හෝ නොමැතිව සරම් කොටය පිටින්ම හන්දියට දිව්වේ මිදුලේ තිබූ උදළු කෙටියද රැගෙන විලාප නගමිනි. එ් පසුපසින් සිරා කොලුවාද දැන් පිම්මේ දුවයි. පියාගේ විලාපය නිසා සභා තොමෝ ඒ මේ අත විසිර ගොස් එහි තරමක හිස් තැනක් නිර්මාණය වූයේ ක්ෂණයකිනි. 

කෝ යකෝ මගෙ කොල්ලා....තෝ ඒකාට මොකද කලේ.. නගාගේ පියාගේ උදළු පහරකින් කැන්ටරයේ පැමිණි බීමත් චණ්ඩියා යටියන්තොට යන්නට ආසන්නය. මම වහා ඉදිරියට පැන උදලු මිටෙන් අල්ලාගෙන නගාගේ පියතුමා මිනී මැරුමකින් නිදහස් කරගත්තෙමි.

මට මගෙ කොල්ලා දීපන් යකෝ...මම තෝව තියන්නෙ නෑ. ඇගපතින් කුඩා වුවත් පුත්‍ර ස්නේහය නිසාම ඇතිවූ ධෛර්යයකින් නගාගේ පියා කෑ කෝ ගසයි.

ඇඟපතේ හොඳින් මස් පිඩු වැඩී තිබූ චණ්ඩියා අඩියක් ඉදිරියට පැමිණ,

තොට කොල්ලා නේද ඕනෙ...හිටහං කොල්ලව දෙන්න...

එසේ කියා ඔහු කැන්ටර් රථයේ රියදුරු අසුන පැත්තේ දොර විවර කලේ විදුලි වේගයකිනි. මා ඇත්තටම සිතුවේ නගා කොලුවා අවසන් ගමන් ගොස් කැන්ටරයේ ඉදිරියේ සතපා ඇති බවකි. ඒ නිසාම මගේ හදවතද වේගයෙන් ගැහෙයි.

සිතාගත නොහැකි වේගයකින් රථය පණ ගන්වා ඉදිරියට පැදවූ ඔහු නගාගේ අසරණ පියා එයට යට කරන්නට ගත් සාහසික උත්සාහය මවිසින් වැලකුවේ වහා ඒ මහළු මිනිසා මාර්ගයේ පසෙකට තල්ලු කර දැමීමෙනි. ඒ පිම්ම නැවත රථය හරවාගත් චණ්ඩියා වේගයෙන් රථය පදවා නොපෙනී ගියේය.

එතෙක් වේලා කැන්ටරයට යට වී විලාප දුන් නගාගේ පොල්ල නැති බයිසිකලයේ දසුන හද කම්පා කරන එකකි. මේ බයිසිකලයට නගාගේ ඇති ආදරයත්...ගන්න අලයක් නොමැතිව දරණ ගසාගත් නයකු බඳුව ඒ මේ අත ඇඹරී ගොස් නැවත කිසිම දිනෙක භාවිතයට ගත නොහැකි පරිද්දෙන් බිම වැතිරී සිටි අන්දමත් දුටු විගස මගේ හදවතට මහා දුකක් දැනින. 

සිද්ධිය සමනය වී මඳ වේලාවක් ගත වූ පසු ඒ ආසන්නයේ නිවෙසකින් නගා කොලුවා නිරුපද්‍රිතව අප ඉදිරියට පැමිණීම මහත් සොම්නසට කරුණක් විය. තම ජීවිතය බේරා ගැනීම පිළිබඳ මා හට අනේක ස්තූති කල නගාගේ පියතුමා ඒ සැනින් පොලිස් පොතට මේ පිළිබඳ පැමිණිල්ල එකතු කරන්නට පොලිසිය බලා ගියේය.

නගාගෙන් පසුව දැනගත් පරිදි එදා පන්තිය නිමවී නැවත නිවෙස් බලා යන විටෙක මාර්ගය අසල සිටි කැන්ටර් චණ්ඩියා පොඩියක් කථා කරන්නට අවැසි බව කියමින් නගා නවතාගෙන තිබේ. ඒ ඇසිල්ලේ ඒකා නගා වෙත එල්ල කල පහරක් නිසා නගා පුටාරාව අත හැර අසල නිවෙසකට දිව්වේ නැවත පැමිණ පොල්ල නැති බයිසිකලය රැගෙන නිවසට යන අටියෙන් වුවත් බීමතින් සිටි මෝඩ චණ්ඩියා හන්දිය මධ්‍යයට එය රැගෙන විත් තම රථයෙන් සාහසික ලෙස තලා දමා ඇත්තේ ඉන් පසුවයි.

මගේ මිත්තරයාගේ ගමේ නීති විරෝධී කසිප්පු ජාවාරම් කරුවෙකු වන මේ පුද්ගලයා ඊට සති කීපයකට ඉහතදී පොලෝසිය මගින් හදිසියේ කුදලාගෙන යන්නට ඔත්තුව දුන්නේ පොලිසියේ සේවය කරන නගාගේ අයියා බවට සැක කර තිබේ. මහ මහ තනි පංගලමේ අයියා අල්ලාගන්නට මාන බැලූවද ඒ කාරිය කොරගන්නට බැරි වූ තැන අයියාගේ මල්ලී වූ නගා කොලුවා නිරපරාදේ දංගෙඩියට බෙල්ල තැබුවේය.

පොල්ල නැති නගාගේ බයිසිකලය පොඩි කිරීම, මිනී මරන්නට තැත් කිරීම  ආදී එකී නොකී චෝදනා රැසකට කැන්ටර් කරුවා පොලිසියේ අත්අඩංගුවට පත් වූවේය. මේ චණ්ඩියාගේ වැඩිමල් සහෝදරයා ඉහළ උගත් කමක් ඇති සාධාරණයට හිස නමන කෙනෙකි. උසාවියේදී මේ කාරණය ගොඩින් බේරාගන්නට දෙපාර්ශවයම කැමත්ත පල කලේ එහෙයින් විය යුතුය. නගාගේ පිය තුමාගේ දෙපා වැද උසාවියේදී සමාව ගැනීමටත්...විනාශ කල බයිසිකලය වෙනුවට නව බයිසිකලයක් ලබා දීමටත් විත්තිය පොරොන්දු වී තිබුනි.

පේනවනෙ උඹලා මට කෝචොක් කලාට...අපි ඩෝ...ඕනෙ ගේමකට රෙඩි පොරවල්...මට ගහන්න ආව වෙලේ මම දිව්වා උනාට...මගෙ බයිසිකලය චොප්ප උනාට...බලහං අන්තිමේදි කවුද බල්ලෙක් වගේ වැඳලා සමාව ගත්තෙ...ඌට ගමේ උනුත් දැන් කින්ඩියට කථා කරන්නෙ.

නඩුහබ අවසන් වී සතියක් ගිය තැන විත්තියෙන් ලැබුන අලුත්ම බයිසිකලයත් රැගෙන නගා අප හමුවන්නට පැමිණ කට කයිවාරු දොඩමින් සිටියි. විනාශ වූ පොල්ල නැති බයිසිකලය වෙනුවට මෙදා ඒකාට පොල්ල සහිත බයිසිකලයක් ලැබී තිබේ.

උඹට තිබුනෙ පොල්ල නැති එකක්නෙ බං...මේක පොල්ල තියෙන එකක්නෙ...මිනිහා පොරොන්දු උනේ ඒ වගේම එකක් අරන් දෙන්න නේද...

ඒක නං එහෙම තමයි...ඒත් බයිසිකලය දෙද්දි ඒකා කිව්වෙ ඒ බයිසිකල් මොඩ්ල් එකේ පොල්ල නැති බයිසිකල් කොහෙවත් දැන් ගන්න නෑ ඒ නිසා පොල්ල තියෙන එක ගෙනාවා කියලා. මටත් හොදයිනෙ බං ඉතිං...දැන්වත් තොපේ කුණු කටවල් වැහෙන්නෙ නැතෑ...අනිත් එක කලින් බයිසිකලේ ඉස්සරහා බ්‍රේක් වැඩ කලේම නෑ කොච්චර හැදුවත් හරියකට...ඒකට මේකෙ...නියමෙට වැඩ...

ඒ කියන්නෙ තොගෙ බයිසිකලේ පොඩි උන එකෙන් උඹට උනේ වාසියක්ද...මමත් වනිගයාත් පුෂ්පෙ කොලුවාත් එක්වරම මෙන් නගාගෙන් විමසුවෙමු.

නැත්තං යකෝ....දැන් අවුලක් නැතුව කෙල්ලෙක් කාරිය දාගෙන පාගන්න බැරියැ හන්දියෙ ඉදන් ගෙදර එන වෙලාවට...නංගිලා යමුද කියලා අහන පරක්කුව විතරයි. මේක යකෝ ලොතරැයියක් ඇදුනා වගේ වැඩක්.

අසික්කිත නගා එසේ කීවේය.




මම කාමරේ අරින සිරා කොලුවා.

53 comments:

  1. පොල්ල නැති බයිසිකලෙත් කෙල්ලෙක් දාගෙන පැද්දලු. අනේ ඔන්න අපිනම් දන්නේ නෑ කොහොමද පැද්දේ කියලා.

    මේ වගේ බලු චණ්ඩි අදත් ඉන්නවා. අම්මපා සිරෝ සිරා අර නගාගෙ තාත්තගේ ජීවිතේ බේරපු එකනම් ආත්ම ගණනක් ප්‍රතිඵල දෙන පිනක්.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් වැඩ රාජකාරි බොහොම නිසා ඉඳලා හිටලා තමයි අකුරක් දෙකක් කොටන්න වෙන්නෙ විචාරක තුමා...මේ කථාවෙ කිසිම තැනක අතේ රෝල් නෑ. ඇත්තටම එදා මම ලග හිටියෙ නැත්තං නගාගෙ පියා අනිවාර්යෙන්ම අද ජීවතුන් අතර නෑ. මොකද ඔහුට ඉක්මනින් එතනින් ඉවත්වෙන්න හැකියාවක් තිබුනෙ නැති නිසා. මේ සිදුවීමෙන් පස්සෙ නගාගෙ පවුලෙ හැමෝම වගේ පෙර තිබුනෙ නැති සැලකිල්ලක් ගෞරවයක්...සිරා කොලුවා වන මට දැක්වූවා.

      පොල්ල නැති බයිසිකලේ විචාරක තුමා කියන විදියට කෙල්ල බොහොම දක්ෂ විදියට පැදලා තියෙන හැඩයි....:D

      Delete
  2. ඔය උඹලෑ නගරේ ක්ලාස් ගිය අපේ එකෙක් දවසක් අර ස්ටේෂන් පාරෙ යනකොට සීට් එක හයිකරලා නැති නමුත් සීට් එක හයි කරන බම්බු කෑල්ල විතරක් හයි කරපු බයිසිකල් වගයක් විකුණන්න තියෙනවලු සාප්පුවක.
    'ඒයි හෙහ් හෙහ් අර බලහංකෝ. අර බයික් එක දිහා. කොහොමද බං ඕක පදින්නේ?" එකෙක් ඇහුවලු.
    "යකෝ ඕවා ලේඩීස් බයික්," අපේ එකා ඇඟට පතට නොදැනි කිව්වලු.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව...

      Delete
    2. ගම්පහ ස්ටේසුම කිට්ටුවම තියෙනවා බයිසිකල් කඩයක්...ඔය කියන ලේඩීස් බයික් යාලුවා දකින්න ඇත්තෙ එතැනදි....හැක්...

      Delete
  3. පොල්ල නැති බයිසිකල් මොනවා උනත් පදින්න ලේසියි! බබා වගේ... :D

    ReplyDelete
    Replies
    1. එහෙනං නාඩියත් පොල්ල නැති ඒවා පැදලා තියෙනවා වගේ...

      Delete
  4. ඔන්න ඔහොම තමා යුක්තිය පසිදලෙන්න ඕනා. නගා කරලා තියෙන්නෙ උපක්‍රමශීලීව පසුබැසීමක්.

    තාත්තව බේරගත්තු එකට සිරාට අපේ ප්‍රණාමය !

    ReplyDelete
    Replies
    1. නගාගෙ පවුලෙ අයගෙ වැරදි තියෙනවා. උන් ජීවත් වෙන්නෙ කවදාවත් මැරෙන්නෙ නෑ කියලා හිතාගෙන...පාරවල් වලට නඩු හබ...ඔය නිසාම අහල පහල උන් තරහයි.... ස්තූතියි සෙන්නා ඔබේ අදහසට...

      Delete
  5. යකෝ අන්තිමට උට ස්වීප් එකක් අදිලානේ , හැබැයි පියතුමාව බේරගත්ත එකනම් වටිනා ක්‍රියාවක් සිරෝ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒකට තිබුන පා පැදියට වඩා හොද එකක් තමයි ලැබුනෙ. අපි සමහර හිතන්නෙ නැති අවස්ථා වලදි වාසි අත්වෙන්නත් පුලුවන්...එහෙම නේද...

      Delete
  6. පෝස්ට් එක ඊයේ කියෙව්වට සිංහල ෆොන්ට් නැති නිසා කමෙන්ට් කලේ නැහැ.
    උඹල මේ නගාව ප්‍රසිද්ධියේ දුෂණය කරනවනේ, ඔක්කොටම කලින් ඌව හොයාගෙන ගිහින් උඹේ බ්ලොග් එක පෙන්නන්න ඕනේ.
    මොනා උනත් පට්ට කතාව මචං. අර මෝඩ චණ්ඩියා එතනින් පස්සේ නගාට අරියාදු කරන්න ආවේ නැද්ද.

    ඇත්තටම ඌ මහ මෝඩ චණ්ඩියෙක්ම තමයි, ලොකුවට ගේම ඉල්ලුවානම් ලැජ්ජාවක් නැද්ද දන්නේ නැහැ වැඳලා සමාව අරගෙන, ඒ මදිවට බයිසිකලයකුත් අරගෙන දෙන්න... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ ල‍ොකු පුතා...මේ මෝඩ චණ්ඩියා අඩියක් ගැහුවාම සිංහ වෙස් ගන්න එකෙක්...අනිත් වෙලාවට බල්ලා වගේ...ඒකගෙ අයියට ගමේ මිනිස්සු ගරු කරනවා...උගත් මනුස්සයෙක් නිසා. අයියා නොහිටින්න මලයව යටියන්තොට යවලා ඌ කරලා තියෙන නොසන්ඩාලකම් වලට...

      නගා තවම දන්න‍ෙ නෑ මම මෙහෙම යමක් කොරනවා කියලා...කවදාහරි දවසක නගාට පෙන්වන්න ඕනෙ නගාගෙ රෙදි මම ගලවලා තියෙන විදිය.

      Delete
  7. අන්න ඒකට තමයි ස්ථානෝචිත අහවල් එක කියන්නේ.අන්තිමට දිනුවේ කවුද?නගානේ

    ReplyDelete
    Replies
    1. ස්ථානෝචිත අහවල් එකටත් වඩා...නගා පණ භයේ තමයි දුවලා ගිහින් හැංගිලා තිබුනෙ.

      Delete
  8. හැක්.. අර කාඩ්බෝඩ් නොන්ඩියගෙ වැඩේ හින්ද නගාට පොල්ල එක්කම බයිසිකලයක් හම්බ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පොල්ල තියෙන එකක් ලැබීම ගැන නගාට සතුටුයි...මොකද උන්ගෙ පැත්තට යන කාන්තා පරාණයක් උනත් පටවගෙන යන්න පුලුවන්නෙ දැන්...

      Delete
  9. මහ චාටර් බයිසිකල් වගයක් බං ඕව..හරි සැහැල්ලුයි...අනික හදිසියකට ටිකක් හය්යෙන් යන්න උනොත් අනාතයි..!
    කොහොමත් චන්ඩි ඔහොම තමයි..

    ReplyDelete
    Replies
    1. මමත් පැදලා තියෙනවා...බරින් අඩු නිසා වේගයෙන් යන්න අමාරුයි තමයි. සමහරු චණ්ඩි වෙන්න‍ෙ අඩියක් ගැහුවම විතරයි...අනිත් වෙලාවට පූස් පැටව්...

      Delete
  10. ඔය බයිසිකලේ පොඩි වාසියකට තියෙන්නෙ හදිසි අවස්තාවක බ්‍රේක් කලාම පොල්ල උඩ පොල්ල වැදීමෙන් අැතිවන අනතුරු සිදු නොවීමයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම...ඒ වෙලාවට අපිට කියන්න පුලුවන් මේ බයිසිකල් මල්ලිගේ දෙයියා කියලත්...

      Delete
  11. ඔක්කෝමත් හරි, නගා අන්තිමේට කිවුව කතාව තමා ලොවෙත් පට්ට!

    ReplyDelete
    Replies
    1. නගා ඉතින් කෝල උනාට...ගෑණු ළමයෙක් දැක්කම පැණි පෙරන්න ආසයි.

      Delete
  12. නගාට මේ වගේ බ්ලොග් එකක් තියෙනවා කියලා කියන්න එකෙක් නැද්ද ඇත්තට... :D

    ReplyDelete
    Replies
    1. කියන්න එකෙක් නැති නිසානෙ බොලං තවමත් නගාගෙ රෙදි ඉඳහිට මෙතැනදි ගැලවෙන්නෙ...

      Delete
    2. අම්මප මේ සැරේ නම් කියනවා නගාට ....

      Delete
    3. බොට දත් නැතුව බත් කන්න ආසද කොබෝ....

      Delete
  13. අපේ අල්ලපු ගමෙත් ඔහෙම මෝඩ චණ්ඩියෙක් හිටියා. කසිප්පු ගහන පොරක්. උෟ කොච්චර හෝටල් වලින් කෑවත් උගෙ ගතිය අරින්න බ‍ැරි උනානෙ. මහ හාල්පාරුවෙක්...

    ReplyDelete
    Replies
    1. ඔය ගුටිකාලා කාලා ඇඟ පදම් උනාම කබරයට ගහනවා වගේ තමයි...උන්ට ගානක් වත් නෑ...බලාන ඉන්න අපටයි රිදෙන්නෙ.

      Delete
  14. සිරා පදින්නෙත් පොල්ල නැති ස්කුටරයක් නේද ?

    ReplyDelete
    Replies
    1. මම පදින්නෙ යකඩ අස්පයෙක් බොල....අස්සයගෙ පොල්ල පෙන්වන්නද බොට...

      Delete
  15. වෙන්න ගිය විපැත්තිය වලක්වපු එක නම් වටිනවා... ඒ වගේම අනිතිමේදී නගාට හරි ගිය එකත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. නගා කුණු ලෝභයා...සල්ලියක් මලාට වියදම් කරන්නෙ නෑ...දවල් 1 න් පස්සෙ නාන්නෙත් නෑ මේ හාදයා...

      Delete
  16. නගාටත් කියන්න ඕනෙ බ්ලොගක් ලියන්න කියල, එතකොට දැනගන්න පුළුවන් නසියර් ගෙ කතා ටිකක්.
    මල් කොබා කිවුව වගේ සිරාගෙ බයික් එකේ පොල්ල නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය මල්කොබත් මගේ පන්තියෙම හිටි එකෙක් තමයි...මට වඩා නගා උගෙ යාලුවා...නගා දැන් අධ්‍යාපන අමාත්‍යංශයෙ වැඩ කරන්නෙ.

      Delete
  17. Replies
    1. මිස් උනාට ඔය ඇවිත් තියෙන්නෙ...

      Delete
  18. නගා මේ බ්ලොග් එක දැක්ක දවසට ඔන්න බලපන් උඹටත් වෙන්නේ අර බොරු චන්ඩියා වගේ නගා ඉස්සරා සමාව ගන්ට.

    ReplyDelete
    Replies
    1. නගා එච්චර දරුණු නෑ බං...වැරැද්ද කරපු අපිම තමයි නගාට ගැහුවොත් ගහන්නෙ....

      Delete
  19. මම මේ බ්ලොග් එක ආසාවෙන් කියවනවා. ඇත්තටම රසවත්. අත්දැකීම් පෙල ගැස්ම ඉතාම හොඳයි.අපේ ජීවිතවලත් අඩුවැඩි වශයෙන් මේ වටා ඉන්න අයගේ අත්දැකීම් හා සමාන අත්දැකීම් විඳවීම් තිබෙනවා. මම දෙණියායේ. අපරාදේ සිරා මල්ලි කලකට ඉහත මේ පැත්තෙ ඇවිත් ගිහින්. ආයෙ එනවනම් සටහනක් තියන්න. ඇනෝවෙක් විදිහට ඔත්තු සපයන්නම්. ජය වේවා... සරු වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...ලංකාවට ආවම යකඩ අස්පයින්ගෙ පිටේ නැගලා ඔය පැත්තට එන්න හිතාන ඉන්නෙ...ඒ කාලෙක හමුවෙමු...නිසැකවම එනවා...

      Delete
  20. නගා 'ආතල් සැපයීමටම උපන්නෙමි' ජාතියෙ ඩයල් එකක් වගේ උට උන සීන් කන්දරාව දිහා බලනකොට පෙනෙන්නෙ.ඒවා නියම රහට ලියල සිරාගෙ යාලුවොත් දැන් අපි දන්න චරිත වෙලා... බොහොම අගෙයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නගාගෙ තව ආතල් කථා තියෙනවා බොලං...මට මතක් වෙන පිළිවෙලට මම අකුරු කොරන්නං..

      Delete
  21. මම බ්ලොග් බලන්නේ නැ කිව්වට උබ දන්නේ නැතුව ඇති ඔය ඔක්කොම මන් ගැන ලියපුවා කියවල තියෙන්නෙ. මට කලින්ම ආරංචි උනා මන් ගැන ලියනවා කියල.උබ ලංකාවට එනකන් ඉන්නෙ . එදාට බලාගම්මු නගා කියන්නේ කව්ද කියල. .

    මම
    නගා නොහොත් xනx .

    ReplyDelete
    Replies
    1. හෙ හෙ නගාගෙ මොනවා අමුතුවෙන් බලන්නද...අනේ මම නොදන්න නගා....

      Delete
  22. පොල්ල නැති සයිකලේ කෙල්ලෙකුත් තියාගෙන ගිය එකාගෙ කතාව උඹ අහල නැද්ද.නගාත් ඒ වගේ දාගෙන යන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අඩේ මම අහලා නෑනෙ ඒ කථාව....කෙල්ලව තියාන පැදපු එකාට ගොඩාක් අමාරු වෙන්න ඇති නේද...

      Delete
  23. //පොල්ල නැති උනත් අපේ නගා තමාගේ බයිසිකලයට ආදරේය// නියම අතීතාවර්ජනයක් සිරා.. අපිටත් අපේ පුටාර් එක රටක් වටිනා කාලටක් තිබ්බ නොවැ...

    ReplyDelete
    Replies
    1. මට සිස්සත්තෙන් පස්සෙ සා/පෙ සමත් උනාම මවුන්ටන් වර්ගයේ පුටාරා එකක් ලැබුනා. මේ බයිසිකලේට මම ආදරය කල තරමක් හැබෑට...අදටත ඒ මතකය සුන්දරයි....

      Delete
  24. සැහ්හ් මගෙ පුටාරෙ කුඩු පට්ටන් කරන්න එකෙක් උන්නේ නැති හැටි :D

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ අස්සෙම කුඩු කරගත්තොත් නරකද...ගොඩාක් වාසි ගන්න පුලුවන් ....

      Delete
  25. මේ දවස් වල හිනා වෙන්නවත් වෙලාවක් නෑ බන්..පොල්ල නැති බයිසිකල් නම් ...කතා කරන්න එපා.අනික මට හිතෙනවා නගා ලගදීම බ්ලොග් එකක් ලියයි වගේ..වෙනද වගේම ජය..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...