Monday, August 31, 2015

77 සිරා කොලුවාගේ ගායක සිහිනේ...

සිරා කොලුවා පුංචිම සන්ධියේ සිටම ගායනයට මනාපය. ඒ බැව් මගේ ළමා කාලය පිළිබඳ මෙනෙහි කරනා විටෙක නිරායාසයෙන්ම සිහියට නැගෙයි. මතකයේ අග රැඳුන කවියක් සී පදයක් ටින් බෙලෙක්කයකට මහ හඬින් පහර දෙමින් අඳුර වැටෙන විට නිවසේ ඉස්තෝප්පුවට වී උස් හඬින් ගායනා කිරීම සිරා කොලුවාගේ ඒ කාලයේ සිරිතයි.

මම ඉතා කුඩා එකෙකු සන්ධියේ අපේ ගමටම විදුලිය තිබුනේ නැත. ඒ නිසා අඳුර වැටෙන විට අම්මාගේ සුරතින් දැල්වෙන කුප්පි ලාම්පුවකින් නිවස තුල අඳුර මැකෙන විට මගේ ගායනයන් දිනපතාම වාගේ ආරම්භ වෙයි. මේ ගායනා ඇසීමට වඩාත්ම ප්‍රිය කලේ අපේ අසල්වැසි නිවසේ වාසය කල ජෑස් කොල්ලා බව මම සංවේගයෙන් යුතුව සිහිපත් කරන්නේ ඔහු අපෙන් සමුගෙන බොහෝ කලක් ගත වී ඇති හෙයිනි.

ගායනය උස්ව නැගෙන විට ජෑස් කොල්ලා අපේ නිවසටම පැමිණ මගේ මිත්තනිය ආසන්නයේ හිඳගෙන නිහඬව මගේ ගායනය දෙස බලා සිටි ආකාරය මට ඉතා හොඳින් තවමත් මතක තිබේ. මයෙ මලයා බහ තෝරන වියට පැමිණි විට මගේ ගායනයට ඔහුගේ සහායද ලැබුනි. ටින් බෙලෙක්කයක් වාදන භාණ්ඩයක් කරගනිමින් කරගෙන ගිය අපේ මේ ගායනා අඳුරේ ගිලුන අපේ ගමේ පාලුව නසන්නට ඇත.

එක තැනක ඉන්නට බැරි මහා කඩි ගායක් කුඩා කල මා හට වැළඳී තිබුන නිසාම ඒ කාලයේ සිරා කොලුවාගේ ඥාති සමූහයා මගෙන් ගායනා බලාපොරොත්තු වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් මගෙන් බලාපොරොත්තු වූයේ නැටුම් අංගය. විශේෂයෙන් විවාහ මංගල උත්සව වලදී අපට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පොඩි එකෙකු හෝ මහ එකෙකු නර්තනයෙන් සභා තොමෝ කුල්මත් කරනා විටෙක බන්දුල බාප්පා මා සභාවට යවා අපේ පාර්ශවයටද ලකුණක් දෙකක් රැස් කළේය.

අපේ ගමට විදුලිය සම්ප්‍රාප්ත වන විට තාත්තා නොරටක තනි වී සිටියේය. ඔහු එහි සිටි වසර 3 පුරාවටම එකම වරක් හෝ දුරකථනයෙන් අපේ කටහඬ අසන්නට ඔහුට අවස්ථාව ලැබුනේ නැත. ඒ දිනවල අන්තර්ජාලය කියා දෙයක් නොතිබීමත් පිටරටට ගන්නා ඇමතුමක  එක් විනාඩියක් රු 200 කටත් වඩා මිළ වීමත් මේ සඳහා හේතු භූත විය.

තාත්තා වරෙක නිවසට එවන ලද ලියමනක සඳහන් කලේ තාත්තා සිටි රටේ සිට ලංකාවට නිවාඩු පැමිණි හිතවතෙකු අතේ මටත් මලයාටත් ගීත ගායනා කර කැසට් පටයක පටිගත කොට එවන ලෙසයි. නිවසේ වූ කුඩා කැසට් යන්ත්‍රයෙන් මේ කාරිය අපූරුවට සිදු කොට එහි ලේබලය පවා අපේ චිත්‍ර වලින් හැඩ කොට තාත්තා අතට පත් කල අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගේ මතකයේ ගැඹුරුම තැනක සටහන් වී තිබේ. තාත්තා එදා අපේ ගායනයන් තම හිතවතුන් ඉදිරියේ වාදනය කලේ මහත් සතුටකින් බව තාත්තාගේ හිතවතෙකු වූ රොහාන් අයියා පසු කලෙක අප සමග කීවේය.

සිරා කොලුවාගේ ගායන කෞෂල්‍ය මුලින්ම කරළියට ආවේ මම 3 වසර පන්තියේ සිටිනා විටයි. ඒ වන විට විවිධ පන්ති වලින් තෝරා ගත් පිරිසක් දිනපතා යම් අරමුණක් වෙනුවෙන් අපේ කුඩා පාසලේ විශේෂ ස්ථානයක ගායනා පුහුණුවක් සිදු කරන බව මා හට නිරීක්ෂණය විය. එහෙත් මම මේ කණ්ඩායමට අයත් නැත. එහෙත් ගායනට ළබැඳි මගේ චිත්ත සන්තානය මට නිතර පැවසූවේ මේ කණ්ඩායම සමග මමද එකතු විය යුතු බවකි. කිසිවෙකුගේ ආරාධනාවකින් තොරවම මමද පුහුණූවීම් වලට එකතු වූ අයුරක් මට මතක තිබේ. මගේ හැකියාව පිළිබඳ සෑහීමකට පත් වූ ගුරු භවතුන් මගේ සහභාගිත්වය තහවුරු කළෝය.

අප එදා මෙලෙස පුහුණුවන ගීතය කුමක් සඳහාදැයි පුහුණු වන අවස්ථාවේ දැන සිටියේ නැත. සතියක් දෙකක් ගිය තැන සංගීතයද සමග සමස්ත පාසල් කාලයම විවිධ රංගනයන් සහිතව මේ පුහුණුවීම සිදු කරන තැනට පුහුණුව වර්ධනය විය. මේ කුඩා පාසලේ පහසුකම් මඳ හෙයින් ගබඩා කාමරයක් සංගීතය පුහුණුවීමේ කාමරයක් බවට පත්කොට තිබුනි. 

තවත් මඳ කාලයක් ගත වූ පසු අප වෙනුවෙන් නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් ආදිය අපේ නෙත ගැටුනි. නළලේ බඳින ලද තැඹිලි පැහැ රෙදි කඩකින් සහ විවිධ හැඩතල වලින් අලංකාර කරන ලද සරමකින් මෙය සමන්විත වූවේය.

අපේ ගීතය වේදිකාගත වන්නට කාලය ඉතාම ආසන්න බව අපට ඒත්තු ගියේ පාසලේ අනෙක් සිසුන්ගේ සහ දෙමාපියන්ගේ නිබඳ අවධානය මේ පුහුණුවීම් වලට එල්ල වූ පසුවයි. කෙමෙන් කෙමෙන් කාලය ගත වී දින සති  ගනනින් ගෙවා අපේ ගායනය වේදිකාගත වන දිනය එළැඹී තිබේ.

එවකට ලංකාවේ ප්‍රධාන පුරවැසියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරියේ ගීතය ගායනා කරන්නට නියමිතව තිබුනි. ඒ ඔහු ජනාධිපති ධූරයට පත් වී වර්ෂ 5 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ගම්පහ ශ්‍රී බෝධි පිටියේ පැවති මහා සැමරුම් උත්සවයකට සමගාමීවය. මේ ගායනයෙන් ලද සහතික පත්‍රය ඉතාමත් සුරැකිව මගේ සහතික පත්‍ර ගොනුවේ අදටත් තිබේ. ශ්‍රී බෝධි පිටියේ පැවති මේ අලංකාර උත්සවය පිළිබඳ ගම්පහ වාසියෙකු ලෙස කම්මල අයියාට මතක ඇතුවාට සැක නැත.

ඇඳුම් ආයිත්තම් වලින් අප සරසා අපේ දෙමාපියෝ සහ ගුරු භවතුන් අපේ අංගයට අවස්ථාව එන තුරු එහි වූ ප්‍රධාන පීඨිකාව අද්දර බලා සිටි අන්දම මා හට යන්තමින් මතක තිබේ. විවිධ පාසල් වලින් ඉදිරිපත් කල ප්‍රාසාංගික අංග කීපයකට පසුව අපේ අවස්ථාව ලැබුනි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආසන්නයේම සිට මේ ගායනය ඉදිරිපත් කරන්නට අපට එදා අවස්ථාව හිමි විය. එතුමා ඉතාම උවමනාවෙන් මේ ගීතය සාවධානව අසා සිටි අන්දමත් ගායනය අවසානයේ අත්පොලොසන් දෙමින් පුංචි අප දෙස බලා ඉතාම හොඳයි යනුවෙන් සිනාමුසුව පැවසූ අන්දමත් ශත පහේ හැඩයේ එතුමාගේ මුහුණත් සිරා කොලුවාගේ ළමා කාලය හා බැදුන වටිනා මතකයන් සමූහයකි.

සිස්සත්තය සමත් වී ගමේ කුඩා පාසලෙන් නගරයේ ප්‍රධාන පාසලට ගිය වි‍ට සෞන්දර්ය නම් විෂයක් අපට අලුතින් මුණ ගැසුනි. සංගීතය / චිත්‍ර / නැටුම් මේ යටතට අයත් වී තිබුනි. සිරා කොලුවාගේ එකම තේරීම සංගීතය විය. බොහෝ සිසුන් සෞන්දර්යය විෂය ලෙස සංගීතය සහ චිත්‍ර තෝරාගෙන සිටි හෙයින් නැටුම් විෂයට සිසුන් අවම වී තිබුනි. එ් හේතුව නිසාම සෑම සිසුවෙකුගේම සංගීත හැකියාව පිළිබඳව තනි තනිව විමසා සංගීත හැකියාව නැති උන් මේ විෂයෙන් කිරීමට සංගීත අංශය භාරව සිටි ජේෂ්ඨ ගුරුතුමිය වූ ශ්‍රීමතී මිය කටයුතු යෙදුවාය.

එදා සියලුම සිසුන් තනි තනිව අනෙකුත් සිසුන් ඉදිරියේ ගායනයක් ඉදිරිපත් කල යුතු විය. එමගින් සංගීත හැකියාව පිළිබඳ නිගමනයකට ආ ගුරු භවතුන් සංගීතය විෂයට ඔහු තෝරගන්නවාද නැද්ද යන්න තීරණය කළෝය. සිරාගේ ගායනය පිළිබඳ ශ්‍රීමතී ගුරු මාතාව ඉතාම සෑහීමකට පත් වූ බව මට මතකය. ඒ සෑහීම කෙතරම්ද යත් අපේ වසරේ සහ අපට ඉහළ වසර වල හොඳම ගායකයන්ගෙන් සැදුම් ලත් විද්‍යාලයීය ගායන කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන්නට මා හට අවකාශ ලැබුනි. එළිමහන් රැස්වීම් වලදී සහ පාසලේ විශේෂ උත්සව වලදී පාසල් ගීතය සහ ජාතික ගීය ගායනයට අමතරව විවිධ තරග සඳහා සහභාගි වන්නට අපට අවස්ථාව ලැබුනි.

ශ්‍රීමතී මහත්මියගේ සහ සංගීත අංශයේ සිටි අනෙක් ගුරුවරියන් දෙදෙනාගේද සහයෝගය ඇතුව 1994 වසරේදී ජන ගී අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබාගන්නට මේ ගායනා කණ්ඩායමට හැකියාව ලැබුනි. සිරා කොලුවාද මේ ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වූ නිසාම ලැබුන සහතික පත්‍රය අදටත් මගේ සහතික ගොනුවේ වටිනා ස්ථානයකට හිමිකම් කියයි.

ජන ගී තරඟය කොට්ඨාශ පළාත් ආදී ලෙස පැවැත්වී ජාතික තලයට පැමිණෙත්ම අපට පන්ති කාමරයේ අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් නොවීය. මමත් මගේ පන්තියේ අධ්‍යාපනය ලැබූ රවීන්ද්‍ර කුමාරපේලිත් මේ හේතුවෙන් සතියක දෙකක කාලයක් නම ලකුණු කරන්නට හෝ පන්තියේ සිටින්නේ නැත. අවශේෂ මිතුරන් එවකට අපේ පන්තිය භාරව සිටි ජයසේකර සෑර් වෙත අප සංගීත පුහුණුවට ගොස් ඇති බව සැළ කරති.

නිතර දෙවේලේ සිදුවන මේ පුහුණුව පිළිබඳ එතුමා පැහැදීමකින් සිටියේ නැත. ඒ නිසාම ඉඳ හිට හෝ දවසක ඔහුගේ විද්‍යාව පාඩම උගන්වන වේලාවට අප දෙදෙනා පන්තියේ සිටින බවක් දුටුවහොත්...

තමුසෙලා දෙන්නා අද සංගීත කාමරයෙන් එලෙව්වාදැයි අසන්නේ පන්තියේ අනෙක් උන්ට සිනහාවෙන්නට අවස්ථාව උදා කරමිනි. එහෙත් අප ජයග්‍රහණය ලැබූවායින් පසුව ඔහුගේ මේ ප්‍රතිචාරය නැත්තටම නැති වී ගියේය.

සිරා කොලුවාට සාමාන්‍ය පෙළ විභාගයේදී සංගීත විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලැබුනේ එකල අප හට සංගීතය මැනවින් පසක් කල මේ ගුරු භවතුන් නිසා බැව් ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. සාමාන්‍ය පෙළ සංගීතය ප්‍රායෝගික පරීක්ෂණයේදී මා විනිශ්චයට ලක් කල ගුරුවරියගේද විශේෂ අැගයීමක් මවෙත ලැබුනි.

සංගීතය සමග සිරා කොලුවාට තිබුන ජන්මාන්තර සබඳතාව නිසාදෝ ගායනා කණ්ඩායමෙන් සමුගත් පසු විද්‍යාලයේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය සමග එකතු වී කල කී දේ බොහෝ අවස්ථා වල මම මෙහි අකුරු කොට තිබේ. එහෙත් පාසල් කාලයෙන් පසුව වෘත්තීය සංගීත කරුවෙකු ලෙස ගමනක් යන්නට මා හට සිත් නොවූයේ අපේ ගමේ නම් දරා සිටි සංගීත කරුවෙකු වූ නෙවිල් අයියා සංගීතය නිසාම හිඟන්නෙකු වීමත්...සංගීත කාරයෝ හිඟන්නෝ ලෙස නිතරම ආඩපාලි කියූ තාත්තාගේ ප්‍රකාශයන් නිසාත් බව කිව යුතුය.

සංගීතයෙන් හොඳ ආර්ථික තත්වයක් ලඟා කර ගැනීමට හැකියාවට අමතරව වාසනා ගුණයක්ද තිබිය යුතුය. එහෙත් කාලයේ ඇවෑමෙන් හැකියාවක් නැති උන්ද ගායකයන් වී කෝටිපතියන් වූ අන්දම වර්තමානයේදී අපට දැක ගත හැකිය. ඒ වාසනාව අපේ ගමේ නෙවිල් අයියලාට තිබුනේ නැත.

මේ නිසාම පාසලින් සමුගත් පසු සංගීතය සමග තිබූ මගේ බැඳියාව කෙමෙන් කෙමෙන් ඈත් වී ගියේය. එහෙත් මංගල අවස්ථාවක මගේ මිතුරෙකු හෝ ඥාතියෙකු එතැන සිටියේ නම් ගීතයක් ගායනා කරන්නට අාරාධනාවක් ලැබෙන්නේමය. එය අදටත් වලංගුය.

එදා මෙන්ම අදත් සිරා කොලුවාගේ සිතේ විවිධ සිහින පැළපදියම් වී තිබේ. ඒ අතරින් එක් ප්‍රමුඛ සිහිනයක් වන්නේ ශබ්දාගාරයකදී මගේම කියා ගීතයක් පටිගත කිරීමයි. මේ ලියමන තුල මෙතෙක් වේලා පොට පෑදුයේ මේ ගැන බොලාට කියන්නටය. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකට චරිත කීපයක් සමගම සිරා කොලුවාට සබඳතා තිබුනත් වර්තමානය වන විටත් මම මේ සිහිනය සාක්ෂාත් කරගෙන නැත. 

මෙවැනි වටපිටාවකදී සිරා කොලුවාගේ නෙතට මුහුණු TV නැමති ආයතනයක් විසින් අන්තර්ජාලය හරහා සංවිධානය කල #‎MuhunuTv‬ ‪#‎CoverSong Challenge‬ නැමති ගායනා තරඟයක් නෙත ගැටුනි. තමාට කැමති ගීතයක් ගායනය කරන අන්දම ජංගම දුරකථනයක් ආධාරයෙන් වීඩියෝවක් ලෙස පටිගත කොට එවීමෙන් මේ තරඟයට ඇතුලත් විය හැකි බව එහි වූවේය. මගේ ජංගම දුරබණුව බොහොම අමාරුවෙන් විවිධ ආධාරක මත රදවාගෙන පටිගත කල ගීතයක් මම ඔවුන් වෙත යැවූවෙමි. මුහුණු TV යනු ගීත සඳහා රූප රචනා තැනීමේ ලංකාවේ සම්මානනීය ප්‍රමුඛතම අායතනයක් වන තාල රූප  හි  අනුබද්ධ සමාගමකි. 

දැන් තරඟය ආරම්භ වී තිබේ. තරඟ බිමේ සිරා කොලුවා ඇතුලුව තරඟකරුවන් 23 කි. දෙවැනි වටයට යන්නේ තරඟ කරුවන් දස දෙනෙකි. මේ තරඟයේ ජයග්‍රාහකයාට දහසින් බැඳි පියලි ලැබෙන්නේ නැත. ලැබෙන්නේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය සංගීත කරුවන්ගේ දායකත්වයෙන් නිමවෙන ස්වතන්ත්‍ර නිර්මාණ පෙළකි. පළමු දසදෙනාටම මේ වරම ලැබෙන අතර පළමුවැනියාට තාල රූප ආයතනයෙන් නොමිලයේම ලැබෙන රූප රචනාවක් අමතරව හිමි වෙයි.

ජයග්‍රාහකයන් තෝරන්නේ ශ්‍රාවකයන් විසිනි. එය කල හැකි ආකාරය ඉතාම සරළය. SMS වැනි කරදරකාර ක්‍රමවේද නැත. එ පිළිබඳ සංශිප්ත සටහනක් පහළින් ලියමි. 

සිරා කොලුවාගේ ලගම හිතවතෙකු දෙන්නෙකු හැර මෙතුවක් කාලයකට බ්ලොග් අවකාශයේ හිතවතුන්ගෙන් මගේ ගායනයක් දැක ඇත්තේ පොත් බෙදන්නට අම්පාරට ගිය ඇත්තන් සහ ගම්පහ ගෙට්ටුවට පැමිණි අයවලුන් පමණය.

සිරා කොලුවාගේ කාමරයට නිතරම එන යන ඔබ මා සමග ගොඩනගාගෙන ඇති හිතවත්කම සිරා කොලුවාගේ වටිනාම වත්කමයි. ඒ වත්කමට මේ තරගයේ මගේ විනිශ්චය බාර කරමි. මේ වෑයම හුදෙක් මාගේ ආත්ම තෘප්තිය උදෙසා මිසක අනෙක් සැඟවුන අරමුණක් වෙනුවෙන් නොවේ.  

මුහුණු TV ආයතනය මවෙත දන්වා ඇති පරිදි ‪#‎MuhunuTv‬ ‪#‎CoverSongChallenge‬ තරඟයේ නීති රීති පහත පරිදිය. මගේ ගායනය ගැන සෑහීමකට පත් වෙන්නට ඔබට හැකි නම් ඔබට පහසු අයුරකින් සහයෝගයක් ලබා දෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

YOUYUBE - http://bit.ly/1PEdlpN
තරඟකරුට අදාල යූ ටියුබ් වීඩියෝව නරඹා එම වීඩියෝව ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5
තරගකරුට අදාල වීඩියෝව ෂෙයාර් කිරීම මගින් වීඩියෝවට විවුස් ලබාදෙන්න / විවුස් 1 = ලකුණු 2

FACEBOOK - http://on.fb.me/1WYHJk0
මෙම ඇල්බමයේ ඇති තරගකරුට අදාල පින්තුරය ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5

තරගකරුට අදාල මුහුණු ටි වී වීඩියෝව ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5
තරගකරුට අදාල වීඩියෝව ෂෙයාර් කිරීම මගින් වීඩියෝවට විවුස් ලබාදෙන්න / විවුස් 1 = ලකුණු 2




එහෙනං කථාව අහවරයි. බලමුකො සිරා කොලුවට දෙවැනි වටයට යන්න හැකි වෙයිද කියලා. අවසාන වශයෙන් මෙහෙම කියන්නම්, බොලාටයි මටයි දොගොල්ලන්ටම ජය වේවා !


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරා කොලුවාට ස‍හයෝගයක් දිය හැකි අන්දම ගැන තව දුරටත් අපහැදිලිකමක් තියෙනවා නම් මෙන්න මෙතනින් කියවා බැලුවොත් ඒ අපහැදිලි තැන් පැහැදිලි වේවි.

77 comments:

  1. ඔන්න මගේ ලකුනු ටිකත් එකතු කරා. ජය වේ සිරා කොලුවෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා....

      Delete
    2. Poor effort.Flat voice. Sings with a big difficulty. Don't know why others say that the performance was good. I think they are doing this to please you. But I want to tell you the truth without flattery. I felt tired by listening to this. Sorry. Please do daily voice training.

      Delete
  2. කොරන්න තියන ඔක්කොම කොරන්නම්. ඔව්වා කලත් නොකලත් මෙච්චරකල් උඹේ හැම දෙයක්ම කියවලා තියන නිසා උඹ ගායකයෙක් වුනත් නැතත් හොඳ මිනිහෙක් කියලා අවබෝධ වෙලා තියනවා. මටනම් ඒ ටික ඇති සිරෝ.

    ReplyDelete
    Replies
    1. හෘදයාංගම දැක්වූ වචන වලට ස්තූතියි විචාරක තුමා...

      Delete
  3. ඔන්න කියල තියෙන ඔක්කොම කෙරුවා.

    ReplyDelete
  4. ඔන්න අයියේ අපිත් ලකුණු දැම්මෝ..

    ReplyDelete
  5. සුබ පැතුම් සිරෝ.....දෙඅනි වටයට යන්න හැකිවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් ගොයියො....

      Delete
  6. ඔන්න සහයෝගය දැක්කුවා... :P

    ReplyDelete
  7. සූටික්කාSeptember 1, 2015 at 8:32 AM

    මම මේ blog ගොඩක් කියෙව්වට comment කලේ නෑ ..... ඔන්න අද කරනවා.......

    ඔය කියන උත්සවේ තිබ්බේ 1994-95 වගේ නේද ? කම්මලාට කොහෙද ප්‍රේමදාස මහත්තයාගේ කාලේ මතක තියෙන්නේ ..... ඕකට රෑ 8.30-9.00 වෙච්ච ඒවා පහුවදා උදේට මතක නැති කොට....... හික් .....

    ඔන්න මමත් like දාල පුළුවන් ඔක්කොම කළා ඈ ......

    ReplyDelete
    Replies
    1. 94 - 95 ට කලියෙන් මට මතක විදියට 90 - 91 වගේ කාලයෙ තමයි ඒ උත්සවය තිබුනෙ. මගේ ජීවිතේ පළවෙනි වතාවට කානිවල් එකක් දැක්කෙ එදා තමයි...ගම්පහ ජනතාව විශාල වශයෙන් දින ගණනක් පුරා පැවැත්වුන මේ උත්සවයට පැමිණ තිබුනා. ඒ අයට විවිධ දෑ මිළදී ගැනීමට පහසුකම් යොදා තිබූ බවකුත් මතකයි.

      කම්මල ගොයියා තවම මේ ඉසව්වට ඇවිත් නෑ...අාවම බලමුකො... ස්තූතියි බොටත්...

      Delete
    2. සූටික්ක මල්ලි , සුදු පුතා උඹ හරි. ආයත් උඹට කානිවල් එකක් බලන්න වාසනාව ලැබේවා !!!!
      ප.ලි - සූටික්කා හෙක්...හෙක් හිනා ඕයි. .. ඒ කාලෙ බිවුවෙ EGB

      Delete
    3. සිරෝ, මේ සූටික්ක ගල් බලකායෙ සාමාජිකත්වයට සුදුසු පොරක්. මොනා තිබ්බත් බොන්නෙ ගල් විතරයි. වෙල්කම් කිවුව සූටික්ක.

      Delete
    4. එකගයි..ගල්බලකායේ නිල ඉල්ලුම් පත්‍රයක් යවපන්

      Delete
    5. ගල් බලකායෙ සභාපති මේ ඇවිත් තියෙන්නෙ ඉල්ලුම් පත්තරේ දෙන්න...‍මේ කානිවල් එක තියෙන කාලෙ මම හිතන්නෙ කම්මල අයියා අර අහවල් දැරිවි එක්ක ප්‍රේමයෙන් වෙලිලා ඉන්න ඇත්තෙ...

      Delete
  8. උඹ වෙනුවෙන් අපි නොකරන දෙයක් තියේද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියාට මගේ ප්‍රණාමය...

      Delete
  9. සිරා ගායනා කරන්නෙ මම ගොඩක් කැමති ගීතයක්.ලස්සනට ගායනා කරනවා.සුභ පැතුම් !! සහයෝගය දුන්නා ඔන්න.

    ReplyDelete
  10. මමත් ලයික් කරන්නම්
    බෝතලයක් ගහලා ඩොල්කි පාරක් ගහලා සිංදුවක් කියමු දවසක

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...බෝතලයක් ගැහුවොත් සින්දු එකක් නෙමෙයි සින්දු වැලක්ම කියවෙනවා.

      Delete
  11. මගේ ලකුණු ටිකත් එකතු කළා.සුබ පැතුම් සහෝ උබට ජය

    ReplyDelete
  12. ඕං අපිත් දැම්මයි කියමුකෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොලං....ලබාදෙන සහයෝගයට...

      Delete
  13. ජයෙන් ජය වේවා.... ඒ කාලේ ඉදන්ම උබේ හැකියාව දැක්ක මම .ඒ ලෙවල් පන්තියේදී ෂිප් එකත් ඇරගෙන මිල්ටන් ගේ මේ මැයි ගහ යට සින්දුව , ප්‍රියාගේ වෙඩිමෙදි සමනල සමනලියන් මැද්දේ සින්දුව කිව්ව අද වගේ මතකයි. හැකියාව දියුණු කරගන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. මල්කොබා මගෙ නම තියලා තියෙන්නෙ අගේට....උඹ කියන දවසෙ ෂිප් එක ඇරගෙන නෙමෙයි බං හිටියෙ. ඒ කලිසමේ ෂිප් එක වහන්න බැරුව උන්නෙ. ටී ෂර්ට් එක උඩින් දාගෙන කෙල්ලො රංචුවක් හිටිය තැනක...ඇරත් මම ඉගෙනගත්තෙ නැති උඹලගෙ පන්තියෙ උඹලගෙ ඉල්ලීමට ඉන්ටවල් එකේ හොරෙන් රිංගලා සින්දුවක් කියපු එකම මදිද බොල ළමයි 2000 කට විතර කිට්ටුව හිටපු තැනක. මටත් හීනෙන් වගේ මතකයි වේදිකාව උඩට නැග්ගම මගේ දිහා බලාන උන්න කෙලියො රොත්ත.

      ප්‍රියාගෙ තාත්තා දොස්තර අංකල් ගැන මම ලිව්ව ලිපිය දැක්කද බොලා...එතුමා මාව බොහෝ වෙලාවට ධෛර්යමත් කලා ප්‍රියාලගෙ නිවසට ගිය හැම වෙලාවකම වගේ..

      මගෙ බොක්කෙ මිත්තරයෙක් විදියට උඹේ වදන් මට මහත් සවියක් බං...ඒ අතීතය ඇත්තටම මතක සාගරයක්....රස ගංඟාවක්.

      Delete
  14. මම නම් ඉතින් ඔයාගෙ යාළුවෙක් නෙවි මල්ලී. ඒත් ඔයාගේ මෙතෙක් පලවුණ බ්ලොග් කියවන රසිකාවියක්. ඇත්තටම ඔයාගේ සුන්දර ළමා වියේ මතකයන් එක්ක මමත් මගේ සුන්දර ළමා වියට යනවා. ඉතින්. ඔයාගේ සිංදුව ලස්සනයි. කරන්න තිබ්බ ඔක්කෝම කලා. ලකුණු ලැබෙන්න ඔයාට. " සිහිනේ මල් පිපේවා!!!" කියා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා!!!
    (දෙණියායේ ඇනෝවි)

    ReplyDelete
    Replies
    1. දෙණියායෙ ඇනොවි තව දුරටත් ඇනෝවියක් නෙමෙයි එහෙනං නේද...බොහොම ස්තූතියි මේ කාරණය උදෙසා දක්වපු සහයෝගයට...ඇත්තටම මගේ ළමා කාලය ඉතාම සුන්දර එකක්...ඒ නිසාම තවත් බොහෝ දේ ඉදිරියේදී ඔබට කියවන්නට ලැබේවි. ජය !

      Delete
  15. කාලෙකට පස්සෙ නිවාඩුවක් හම්බ වෙලා ආවයි කියමුකෝ...ඔය තියෙන්නේ මල් හතට..සුබ ගමන් මල්ලි.මම ඉතින් එදාම සහයෝගය දක්කල...මගේ මුහුණු පොතෙන් උබට සාය දෙන්න කියල යාලුවන්ගෙනුත් ඉල්ලුව..(වචනේ හරිද මන්ද..)

    ReplyDelete
    Replies
    1. සාය නෙමෙයි ගවුමක් වගේ දෙන්න බැරිද දන්නෙ නෑ‍ නේද...බොලා ඉතින් මගේම සහෝදරයා වගේ නොවැ ආස්සරය කොරන්නෙ. මම දැක්කා ඒ වීඩියෝව මම දකින්නත් කලින් බොලා ෂොයාර් කොරලා සාය උන්න ආකාරය. අක්මාවෙන්ම ස්තූතියි...

      Delete
  16. මම නං ලකුණු දෙන්නෑ.. අන්ඩර් වල්ඩ් ගේම් එකක්..

    ReplyDelete
    Replies
    1. හිටිංකො මම දේශිකා නැන්දට කියලා ගුටි ඉල්ලලා දෙනකං...

      Delete
    2. හැක් හැක්.. උඹ දේශිකා නැන්දට නිතරම අනං මනං කියන එක තමා හේතුව..

      ජය වේවා සිරෝ...

      Delete
  17. එල යැ! දැන් ඉන්නෙ ෆෝන් කට්ටෙන්. ලයික් ශෙයාර් සේරම කරන්නම්කො මායි බස්සයි දෙන්නම! ජයවේවා ඈ!!

    ReplyDelete
    Replies
    1. බස්සි නගාට මගේ භක්තිය...බස්සවත් මතක් කොලා කිව්වා නං....බොලාටත් ජය !

      Delete
  18. ඔන්න දුන්නා අපේ මනාපේ....

    ReplyDelete
    Replies
    1. නාඩි මලයටත් අක්මාවෙන් නැගෙනා අවංක ආදර නිකලැල් ස්තූතිය.

      Delete
  19. සිරාගේ සිරා ගායනයට සුභපැතුම්.. ඔන්න චන්දෙ ප්‍රකාසකොලා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිස නමා ආචාර කොරමි. බොටත් ජයම වේවා !

      Delete
  20. youtube එක ලයික් කරන ලදී. එෆ්බී ලින්කුව වැඩ නැත. නැවත පරීක්ෂා කරන්න.
    බයිද වේ.. ජයෙන් ජය වේවා සහෝදරයා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා සහයෝගයට. මම නැවත පරීක්ෂා කර බැලුවා. ෆේස් බුක් ලින්කුව වැඩ කරනවා.

      Delete
  21. අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඉම්පෲව් කරන්න කියලා සර්විස් ප්‍රවයිඩර් කණුව වෙනස් කරලා කෙල වෙලා තියෙන්නේ. දැන් ඩෙඩ් ස්ලෝව්. මම උඹේ වැඩේට උදේ පැය කීපයක් තිස්සේ දැඟලුවා නමුත් ඒ ඔක්කොම කරන්න බැරි වුනා. මම ආයෙම වෙන තැනකට ගිහින් හරි ට්‍රයි ඒක්දෙන්නම්. අර මුහුණු ටීවී කියන එක තමයි මෙහෙ ලෙඩ දෙන තරමක් දෙන්නේ. ඒවයෙ share like
    button මතුවෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. සහයෝගය දුන්නා වගේ තමයි හෙන්රි අයියා....බොලා මගෙ බොක්ක කියලා මම දැනගත්ත‍ෙ හුජ්ජ බෑග් බිස්නස් එකට බය නැතුව අත ගහපු දවසෙ ඉඳලා...

      Delete
  22. ඕන් මමත් සහයෝගය දැක්කුවා. ගායනය මරු.

    ReplyDelete
  23. ෆට්‍‍ට ‍සින්‍‍දු‍ව......
    ‍කි‍ය‍පු‍ව ‍ඒ ‍වි‍දි‍ය‍ට‍ම ‍ක‍රා ‍ඈ !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා...

      Delete
  24. සිරා හොද ගායකයෙක් , ඔන්න කරන්න කියපු දේවල් ටික පුළුවන් විදිහට කලා.
    90 - 91 කාලෙ තිබ්බ කානිවල් එක ජීවිතේට අමතක වෙන්නෙ නෑ. සන්ෆලවර්ස් හිට් වෙච්චි කාලෙ අහල පහල හැම ෂෝ එකටම රිංගපු කාලෙ.
    සූටික්කගෙ කමෙන්ට් එකට සිරා දාල තිබ්බ කමෙන්ට් එක හරි. රතු ටයි පටි නෝන එක්ක හුටපටේ තිබ්බ කාලෙ. තොරොම්බල් කඩේකින් මොනවද අරං දුන්න.

    ReplyDelete
    Replies
    1. මම නිකමට ගනන් හදලා බැලුවා මගේ ගණනයේ හැටියට ඒ කාලෙ රතු ටයි පටිය එක්ක තමයි ඇයි හොඳයිය තියෙන්න ඕනෙ...තොරොම්බල් විතරද...රටකජු අරගෙන දුන්නෙ නැතෙයි...

      Delete
  25. සිංදුව ලස්සනට කියනවා, ෆෝන් එකේ මුහුණ හා සම මට්ටමේ තියාගෙන ඉදිරිය බලාගෙන වීඩියෝ එක කළානම් වඩා සුදුසු බවයි මට දැනෙන්නේ.
    එහෙම කලානම් හරියට ඕඩියන්ස් එකක් දිහා බලාගෙන සිංදුව කියනවා වගේ ගතියක් දැනෙන්න ඉඩ තියෙනවා.

    කෙසේ නමුත් උඹ කියපු දේවල් ටික කලා...
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ගෙදර මිනිස්සු නැති වෙලාවක යන්තං මේ ටික හරි පටිගත කොර ගත්තෙ. දුරබණුව මේසය උඩ තියලා වැටෙනවට ලී වලින් ආධාරකයක් හදලා සෑහෙන මහන්සි වෙලා මේ ගානට ගොඩ දාගත්තෙ...වතාවක් වීඩියෝව රැකෝඩ් වෙනකොටම කොරියාවෙ ඉඳන් මල් ජංගියා වයිබරෙන් කථා කලා...කම්පනය වෙච්ච දුරබණුව මේසයෙන් බිමටම පත බෑ උනා...අන්තිමට මල් වයි ෆයි සෙද්ද වහලා දාලා රැකෝඩින් කලේ...

      බොලාගෙ කථාව ඇත්ත...නමුත් සීමිත සම්පත් වලින් ඔය ගානට ගොඩ දාගත්ත එකත් ඇති....බොටත් ජය !

      Delete
  26. බොට දෙඤ්ඤං බකප් එක බොක්කෙම්ම. වෙන ආයි කාට දෙන්ඩද?

    /සංගීත කාරයෝ හිඟන්නෝ ලෙස නිතරම ආඩපාලි කියූ තාත්තාගේ ප්‍රකාශයන් නිසාත් බව කිව යුතුය./

    ඒකට අපේ තාත්තා. එයත් සංගීත කාරයා. මං ඉස්කෝලෙදි කළේ චිත්‍ර. එයා කිව්වෙ “චිත්‍ර කාරයො හිඟන්නො“ කියලයි.

    තාත්තා ගලහිටියාවෙ සෙන්ට්‍රල් එකට යන කාලෙ, (උදේට ආප්ප දෙකක් කාලා සෙරෙප්පු දෙක අතට අරං පයිම්ම යනවලු කිලෝ මීටර් 8 ක් විතර) සංගීත මාස්ටර් කෙනෙක් කිව්වලු තාත්තට තබ්ලා කියා දෙන්නං කියලා ඉස්කෝලෙං පස්සෙ පැය දෙකක්. තාත්තා දවස් දෙකක් විතර ගියාලු. වැඩේ තියෙන්නෙ බඩගින්න. දවල් දෙකට ඉස්කෝල ඇරිලා හතර වෙනකලුත් දවල්ට කෑමක් නෑ. අන්තිමේ කණගාටුවෙන් උනත් වැඩේ අතඅරින්න සිද්ධ වුනා කිව්වා.

    තාත්තා මට දවසක් කිව්වා, “හොඳ ගායකයෙක් හරි වාදකයෙක් හරි වෙන්න බැරි නම්, හොඳ රසවිඳින්නෙක් වෙන්න කියලා“

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකියො. තබ්ලාව කිව්වම මටත් මතක් උනේ අපේ පැත්තෙත් හිටියා සංගීත මාස්ටර් කෙනෙක් ගෑණු පදින බියිසිකලයක් පැදගෙන ඉස්සරහා කූඩෙ තබ්ලා ගෙඩි දෙක තියාන ගෙවල් වලට සංගීතය කියා දෙන්න ගිය.

      වර්තමානයේ නම් කලාකරුවො හිඟන්නො කියන වචනය ගැලපෙන්නෙ නෑ නේද...ඒත් කලාවට ආදරේ කලාව විකුණන්නෙ නැති පිරිස නම් තවමත් විශාල ආර්ථික ප්‍රතිලාභ ලබන්නෙ නෑ.

      Delete
  27. ඔන්න අපිත් සහයෝගයක් දුන්නා සිරා අයියේ, ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩෙ කොලුවො...

      Delete
  28. ජය වේවා සිරා.....!!!

    ReplyDelete
  29. Poor effort.Flat voice. Sings with a big difficulty. Don't know why others say that the performance was good. I think they are doing this to please you. But I want to tell you the truth without flattery. I felt tired by listening to this. Sorry. Please do daily voice training.

    ReplyDelete
  30. Vote කරා... මගෙන් උනුසුම් සුභ පැතුම් සිරා අයියේ....!

    ReplyDelete
  31. Sira.....wede kola ooon (Heeniyata)

    ReplyDelete
    Replies
    1. හීනියට හරි වැඩේ කොරාපු එක ගැන මගේ භක්තිය...

      Delete
  32. Kuwait eken puluwan tharam ewannam....denatamath dennek kola umbata....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමල්...ඔබ දක්වන සහයෝගයට...

      Delete
  33. සිරාට නම් මම සිරාවට කැමතියි. ඒ වුනාට සිරෝ මේ ගායනය නම් මට මදි. අර කිව්වා වගේ සිරාට ඉස්සර සින්දු කියන්න පුලුවන් ඇති.දැන් ඒ වගේ නිතරම නොකියන හින්දාද මන්දා හරි නැහැ.බොරුවට වෝට් කරන්නත් බැහැ.ඒ නිසා මම වෙන කාටවත් වෝට් නොකිරීම තුලින් වත් සහයෝගයක් දෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...ඔබේ හිතට දැනුන අවංක අදහස මෙතන අකුරු කලාට...තරහක් අහිතක් නෑ...අගය කරනවා ඔබේ අදහස්...

      Delete
  34. Siro sinduwa kiyanne marenna pana adinawa wage patta pal

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...