Tuesday, June 19, 2012

58 විනය කමිටුව සහ බූරැ පොල

ට්‍රීංට්‍රීංට්‍රීංට්‍රී

මැංගුස් ගහ යට 10 F පන්තියට තවත් කාලජේදයක් අවසන් වුනා කියන නිවුස් එක තමා විදුලි සීනුව ඔය විදියට නාද වෙලා ලබා දුන්නෙ......

සිරා ඇතුලුව ලව් ලෙටර් නඩේ වැඩිදෙනෙක් හිටියෙත් ඔය කියන පන්තියෙම තමා (ලෙටරය ලිව්වෙ   11 F   පංතියෙදි ) .....නසරාණි ආතල් බුවාලා, ඉගෙනුමටම කැප වුනු බ්‍ර‍යිට් කේස්, පතෝල වගේ මෙලෝ රහක් නැති උන් ආදී මෙකී නොකී ජන රාශිය අතරෙ සිරා මධ්‍යම ප්‍ර‍තිපදාවෙන් අතේ වියදමෙන් ජාමෙ බේරගෙන හිටියා....

ඉතිං බොලව් අහපල්ලකො පීරියඩ් එකක් ඉවර උනාම තව එකක් පටන් ගන්නෙ නැද්ද කියලා.... කථාවක් කියනකොට පොඩ්ඩක් හූ මිට්ටක් තියපල්ලා නැත්නම් නින්ද යනවා.......

පටන් ගන්න තියෙන්නෙ සෞන්දර්ය ..... ඒ කිව්වෙ චිත්‍ර‍/නැටුම්/සංගීතය කාලජේදය, ඒ ඒ විෂයන්ට අදාළව වෙන වෙනම පංති කාමර තියෙන හින්දා තමන්ට අයිති කාමරයට යන එක තමා සාමාන්‍ය සම්ප්‍ර‍දාය.....  එකවරකට පන්ති 3 ක් සෞන්දර්යය කාමරයට එනවා...

සිරා ඉතිං ඒ කාලෙත් කලා රසිකයා හින්දා හැකියාව බොක්කෙන්ම පෙන්නන්න තෝරගෙන තිබ්බෙ සංගීතය.....
හැබැයි මේ පාඩම ටිකක් දිගු වෙලාවක් ගත වෙන වැඩක්.... ඒකට හේතුව තමයි එක ලග කාලජේද දෙකක්ම සංගීතය  සදහා කාල සටහනේ සටහන් වී තිබීම...

සිරා දකුණු පැත්තෙන් අයින් වෙලා සංගීත කාමරයට ගියා කියමුකෝ... ඒත් හාවක් හූවක් නෑ... කාමරය වහලා දොරට දඩාර ඉබ්බෙකුත් දාලා..... ඒ කියන්නෙ අද නෝ සංගීතෙ... සෞන්දර්යය ගුරැවරැන් ළමයි අරන් තරග වලට කාරිය ගියාම මේ වගේ පිනා චෑන්ස් ඉදල හිටලා වැඩ කරනවා කියලා සිරාගෙ අක්මාවට අගේට වැටහුනා.....

දැන් ඉතින් විනාඩි 80 ක්ම අල්ලන ජල්ලියක් අල්ලගන්න දෙවියො දීලා.... මේ වෙනකොට ඉස්කෝලෙ අපරදිග තූර්ය වාදක කණ්ඩයේ (Western Cadet Band)  සාමාජිකයෙකු වීමත්..... කකුල් දෙකටම කලිසම අදින්න ගත්ත වසර වීමත් නිසා සිරාගෙ හිත අභිමානයෙන් පිරිලයි තිබ්බෙ..... ආතක් පාතක් නැති අනිත් උන් මේ වගේ වෙලාවට ආයෙත් පංතියට ගිහින් ගජබින්න අත ඇරියට සිරාට තමන්ගෙ වගේ ඉන්න තැනක් ඉස්කෝලෙ තිබ්බා... ඒ තමා බෑන්ඩ් කාමරය.....

පිට්ටනිය වටේ තියෙන රවුම් පඩි පේලිය දිගේ ගිහින් ප්‍රධාන ක්‍රීඩාගාරයේ යට තිබෙන වෙස්ටර්න් බෑන්ඩ් කාමරයට යන්න සිරාට තනියක් තිබ්බෙ නෑ..... අයිය බඩා /  කිඩා  (කලින් කථාවෙත් මුන් දෙන්නා හිටියා මතකයි නේද ?)  සිරාගෙ පන්තියෙ සිටි අනෙක් බෑන්ඩ් සගයෝ වීමත් සිරා විසින් සති දෙකකට පෙර තෙලක් බෙදා බෑන්ඩ් ගැසීමට දක්කගෙන ගිය දිනීර (සැබෑ නම... මේකට කාඩ් එකක් තිබ්බේම නැත) සිය කැමැත්තෙන්ම පැමිණීමත් නිසා  සහපිරිවරින් යන්නට සිරාට හැකි වුනා.....

 මේ කියන බෑන්ඩ් කාමරේ දවසෙ කොයි වෙලාවෙත් දොර වහලයි තියෙන්නෙ.... බෑන්ඩ් ජීවිතයට මෙන්ම පාසලටද සමුදුන්න බෑන්ඩ් ගහපු ලොකු අයියලා නෝ ජොබ් කොම්පැනියෙ සුපවයිසර් කම්, ඒරියා මැනේජර් කම් කරන තුරා ඉදලා හිටලා ඔය කාමරයට එනවා.... ඒ එන්නෙත් හිස් අතින් නෙමෙයි...  දුමක් දාන්න ඕනෙ කරන අමුද්‍ර‍ව්‍ය එක්ක..... කැමති නම් ඕනෙ එකෙක්ට දුමේ පහස ඉල්ලගන්නත් පුලුවන්.... ඒත් අවංකවම සිරා නම් කවදාවත් ඔය වැඩේට සම්බන්ධ වෙලා නෑ....... ඔන්න ඔය නිසයි කාමරේ දොර නිතරම වැහුනෙ.....

ටක් ටක් ටක් දොර ඇරැනා.....


උඹලා දැන්ද එන්නෙ ?
සිරාගෙ නඩේ වේලාසනින් කියලා හිතුවට ඒ වෙද්දිත් අනිත් පන්ති දෙකේ බෑන්ඩ් එකට අදාළ සංගිත කරැවෝ ටික කාමරේ රැස් වෙලා.....
දොර ලොක් කරන්න දොර හරහට ගහලා තියෙන යකඩ පට්ටම නිසා දෙකට නැමිලා තමයි කාමරේට ඇතුල් වෙන්න ඕනෙ... එතකොට තමයි සිද්ධිය දැක්කෙ..... නෝ ජොබ් කොම්පැණියෙ ඉහළ තනතුරක් දරපු ලොකු අයියා කෙනෙක් කාඩ් පැක් එකක් එක්ක බෑන්ඩ් කාමරේ විරාජ මාන වෙලා හිටියා....

ඉදගනිල්ලා ඉදගනිල්ලා..... එතුමා සාදරයෙන් ආදරයෙන් භක්තියෙන් අපි සැම පිළිගත්තා.....

කාඩ් ගහන්න දන්න උන් වරෙල්ලා.... පොඩි මේස කෑල්ලක් අටවන ගමන් එතුමා ආයෙත් හඩ අවදි කලා....

මළගෙදරක ඕමියක් වත් ගහගන්න ඒ කාලෙ සිරාට බැරි නිසා සිරා මේසෙට  ඈතින්  පුටුවක් තියාගෙන ඉද ගත්තා..... එතනට කාමරේ දොර හොදට පේනවා..... වෘත්තිය සූදු කෙලින්නො මේසෙ වටේට රොද බැන්දා......

කාමරේ දොර ආයෙත් වැහිලා...අයිය බඩා සහ කිඩා කාමරේ ඇතුලේ ඉදන් දොරේ පොඩි හිලකින් ඔත්තු බලනවා....

ඒ කාලෙ පාසලේ විනය ආරක්ෂා කරන්න විනය කමිටුවක් තිබුනා.... මරැමුස් පෙනුම තියෙන  දුටු පමණින් බොග සිග්නල්  ඇතිකරන තාලෙ  නියෝජ්‍ය විදුහල්පතිවරැන්, අංශභාර, වසර භාර ආදි නානාප්‍ර‍කාර ගුරැවරැන් ඔය අහවල් කමිටුවෙ හිටියා.... විනය කමිටුවට බයේ තමා අරැන් දෙන්නා  ඔය ඔත්තු බලන්නෙ....

කාඩ් ගේම දැන් සැරටම යනවා...  කොච්චර සැරට යනවද කියනවා නම් අවට පරිසරය ගැන උන්ට කිසිම හැගීමක් නෑ.... දැහැනට සම වැදිලා වගෙයි... එක එකා තම තමන් දන්න සෙල්ලම් පෙන්නනවා... හැබැයි සල්ලි ඔට්ටු නෑ.....

මම මේ ඊලගට කියන්න හදන සිද්ධිය වෙන්න ටිකකට කලියෙන් ඔත්තු බලපු උන් දෙන්නා ඒ කාරියෙන් ඈත් වෙලා රබර් බෝලයක් උඩ දදා හිටිය මට හොදටම මතකයි....

දඩාස් ස් ස් ස් ස්ස්.....................

පා  පහරකින් කාමරේ දොර අගේට විවෘත උනා.....
අසුරැ සැනින් කපිල් දේව් ගේ (ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව් ගෙ පෙනුම තිබූ ගුරැවරයෙකි) හැඩි දැඩි රෑප කාය ඇසේ කණීනිකාව හරහා ආලෝකය ගමන් කර දෘෂ්ටි විතානය මත ඇති කල ප්‍ර‍තිභිම්බයේ පිහිටෙන් සිරා හට දර්ශනය උනා.... අපේ පන්තියට ගණිතය ඉගැන්වූ ගුරැ පියා තමයි මේ. 
මා  ඉබේම ගුරැ භක්තියෙන් ඔද වැඩි නැගී සිටුවිනි....... එතැන් සිට තත්වය නාට්‍යානුසාරයෙන් මෙසේ විය....

අම්මට හුඩු දිසා----  සර් ,  සිරාගේ අසරණ මුවින් ඉබේම පිටවිය

සා පොව්වෙකු වෙත බැල්ම හෙලනා කොටි හපුවෙකු මෙන් කපිල් දේව් සිරා වෙත ලං විය...

තෝ මගෙ පන්තියෙ එකෙක් නේද ? ඔව් ව් සෑර්...... සිරාට කියැවුනේ එපමණකි

දබක් ......... සිරාගේ  සිරැරෙහි සවි ශක්තිය මද බව ඔහුට හැගුනු නිසාදෝ කෙසේ හෝ එය මැන බලමි යන අධිටනින්  මෙන්  එල්ලකල දරැණු අත් පහර කොන්ද හරහා පතිත විය.... අසරණ සිරා දබාස්..... යන අනුකරණයෙන් පුටු දෙක තුනක් පෙරලාගෙන ගොස් බිම පත බෑවිනි......ගණිත ගුරැතුමා පසුපසින් සිටි සේනාව දුටු කල  සිරාගේ කකුල් මැඩ්ලින් වාදනයක යෙදුනු හෙයින් ආයේ නැගිට්ටේ නැත......

ක්‍රීඩාවට සමවැදී උන් කාඩ් කරැවෝ තවමත් මේ කිසිත් නොදත්හ...  යකෝ උඹ ඇටේ අතගානවද ? බෙදපිය ඔය කාඩ් ටික ඉක්මනට .... නෝ ජොබ් කොම්පැණියේ ලොකු අයියා මොර දුන්නේය.... අනෙක් උන් ඊට අවනතව කාඩ් බෙදයි..... කපිල් දේව් පසුපසින් පැමිණ දෙවන කුරැමානම අල්ලයි.... කාඩ් බෙදමින් සිටි කොල්ලාගේ කන් දෙකින් අල්ලා ගත් එතුමෝ  ඌ මේසයටත් වඩා උසකට එසවූහ... බුදු සර් ගහන්නෙපා..... වචන ගුලියක් උගේ කටින් එලියට පැන්නේය... එහෙත්  සිරාට අත්වූ ඛේදනීය ඉරනමම ඌටද අත් විය....

දැන් බෑන්ඩ් කාමරය බලන්න ලස්සනය.... විනය කමිටුවේ සාමාජික මහතුන් කාඩ්කරැවන්ට එළව එළවා පහරදෙති.... තව තවත් වදිනු රිසි උන් වැටෙන්න වැටෙන්න නැගිටිති... එහෙත් බුද්ධිමත් සිරා මලාක් මෙන් තාමත් පුටු ගොඩෙහිම වැද හොත්තේය.......

විනාඩි 5 ක පමණ ඇගකිලිපොලා යන ත්‍රාසය භීතිය එකට කැටිකල දර්ශන පෙලක් අවසානයේ තත්වය සාමකාමී විය.... අපගේ ලොකු අයියා අම්බානක කෑ බව මොනවට සනාථ කරමින් තොල් පැලී ලේ ගලමින් තිබින.

තොපේ වාර්තා පොත් අරන් ඔපිස් එකට වරෙව්...... විනය කමිටු ප්‍ර‍ධානියා ගුගුලේය.....
අහිංසක සිරා ඇතුලු නඩේ පන්ති කාමරයට යන විටත් ආරංචිය  ක්ෂණිකව පැතිර තිබිනි.... කොල්ලෝ අපට අනුකම්පා කලහ.... මචං බය වෙන්න එපා යැයි කියූහ....

බොලව්.............................කථාව දිග වැඩිද ? වැඩියක් නෑ වගේ නේද බන්


 කාඩ් නඩේ ඔෆිස් එකට යද්දි... විනය කමිටුවෙ ඇත්තො බෑන්ඩ් කාමරය පූර්ණ සෝදිසියකට ලක් කරලා සැකකටයුතු ද්‍ර‍ව්‍ය ඔක්කොම  විදුහල්පතිතුමාගේ මේසය උඩ තියලා...

මෙන්න ලිස්ට් එක

සිගරට් 1යි
ගිණිපෙට්ටි 1යි
හදුන්කූරැ පැකට් 1යි
බුදු පිළිම 1යි
රැ 150 ක් විතර මාරැ සල්ලි 10/20 කොල වලින්

බලන්න සර් මේ කාලකන්නි බුදු පිළිමෙකුත් ගහගෙන ,ගද එනවට හදුන්කූරැ පත්තුකරලා, සිගරට් බීලා මදිවට සල්ලි ඔට්ටුවට බූරැවත් ගහලා..... විනය කමිටුවේ සිටි සංඝයා වහන්සේ නමක් අවසන් නිගමනය දුන් සේක...

ප්‍රින්සිපල් උතුමත් දිග වේවැලකින් හැමෝගෙම පුක පැත්තට තවත්  5 බැගින් නිර්ලෝභීව  බෙදා හදා දුන්නා... කිඩාට ගහනකොට උගෙ කට එහෙට මෙහෙට ගිය හැටි සිරාට තාමත් මැවිලා පේනවා....

ඔන්න ඉතිං ඊළග පුරස්නෙ... එකෙක් ලග වත් වාර්තා පොත් නෑ.... ඒවා ගෙවල් වල.... ප්‍ර‍ශ්නය අංශ භාර ගුරැ භවතා වෙත යොමු උනා....එතුමා විද්‍යාව ගුරැවරයෙක් නිසා විද්‍යා පොතේ පිටිපස්සෙ පොල් සයිස් අකුරෙන් මෙහෙම ලිව්වා....

ශිෂ්‍යයා විනය විරෝධී කටයුත්තකට දායක වී ඇත.... මව/පියා හෝ භාරකරැවෙකු සමග ......................... දින උදෑසන 8.00 ට ප්‍ර‍ධාන කාර්යාලයට පැමිණෙන්න....

සිරා ඉතිං තටමලා තටමලා  අම්මට ඇත්තම කථාව කිව්වා.... ඒ වෙද්දි සිරාගෙ තාත්ත විදේශයක හිටියෙ...

ලොකුම ප්‍ර‍ශ්නෙ සිද්ධ උනේ.... දිනීරයට...බස් මුදලාලි කෙනෙක් වෙච්ච උගෙ තාත්තට යකෙක්ට වගේ තරහා යන නිසා මේ සිද්ධිය කියන්නෙ නැතුව තාත්තගේ  බස් එකක් එලවපු ගොයියෙක් තමා අයියා විදියට එක්කගෙන ආවෙ....

විනය කමිටුව රැස් උනා.... හැමෝම එක පයින් වරද පිළිගත්තා.... තවත් එක් වරක් විද්‍යාලයේ නම බැබලවීම පිණිස සමාව දෙන බව විදුහල්පති උතුමා කියනකොට තමා ඉස්කෝලෙන් අස් කරයි කියලා වතුර වෙලා තිබ්බ අපි හැමෝගෙම ලේ යථා තත්වයට පත් වුනේ...


දිනීරයගේ  බස් ඩුයිවර් අයියව වටකර ගෙන විනය කමිටුවේ ඇත්තො කිව්වෙ මේ වගේ මල්ලිලා ගහලා හරි හදාගන්න අයියලා දැන ගන්න ඕනෙ කියලා.. එතකොට මිනිහා යන්න ආපු හිනාව  අමාරැවෙන් ගිලගෙන හිටියෙ... 



අවසානයේ ගුරැ මහත්මියක් ඉදිරියේ ලිඛිතව සිදු කල පාපොච්චාරණයකින් අනතුරැව සිරා ඇතුලු පිරිසට අභය දානය ලැබුනා....


වරදේ ස්භාවය - බූරැ ගැසීම


වරද සිදුකල ස්ථානය - බෑන්ඩ් කාමරය


වෙලාව - ....................... ආදී ලෙසයි එය ලියැවුනේ....



ඒ ගුරැ මහත්මිය  ඒ වෙනකොට, වසර 30කට අධික කාලයක් අපේ පාසලේම සේවය කරපු කෙනෙක් එතුමිය කිව්වෙ 


බොලව් මම මේ ඉස්කෝලෙ අවුරැදු 30කට කිට්ටුයි.... උඹලට වඩා උස මහත දඩු කොල්ලො හිටියා... ඒත් කවදාවත් උඹලා වගේ බූරැ ගහලා අහු වුනේ නෑ.... අපරාදෙ මගෙ A4 කොල ටික කියලා විතරමයි......


පාසලේ සිටින තුරා සිරා ඇතුලු කණ්ඩායම ගුටි කෑ අවසන් අවස්ථාව එය වූ අතර එයින් පසු ද යම් යම් විනය විරෝධී වැට කටයුතු නොකඩවා සිදු වුනි... ඒවා ඉදිරියට.....

කථාව දිග වැඩි වුනි නම් සමාව භජනය කරමි....


මම සයිබරයේ අලුත් මිතුරා සිරා........................


ප.ලි

මා කලේ ඇත්ත ඇති සැටියෙන්ම දැක්වීමකි, එම නිසා මෙම කථාව හේතුවෙන්

කිසිම ගුරැභවතෙකුට අපහාසයක් නොවේවා !

වර්තමානයේ කීර්තිමත් නිලධාරීන් වන
අයිය බඩා (ශ්‍රී ලංකා නාවික හමුදාව) කිඩා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) වෙත අපහාසයක් නොවේවා !


58 comments:

  1. ෂහ් .. මේ ළමයි ඉස්කෝලෙ ගිහින් හරි උනන්දුවෙන් ඉගෙනගෙන නෙව. දැන් පුතා කියන්න බලන්න කාඩ් කුට්ටමේ කොළ කීයක් තියනවද කියල. :)

    ළමයි දැනුම වැඩිදියුණු කරගන්න බාහිර ක්‍රියාකාරකම්වල යෙදුනම ඔහොමත් කරන රටක් තියද මම අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. කාඩ් කුට්ටමේ කොළ 52 සෑර්..... කොළ 52 ට සෙල්ලම් 52 කුත් තියෙනවලු සෑර්......ඔහොම ඇහුවහමයි මට මතක් වුනේ.... එක සැරයක් ගුලියක් කාපු එකෙක් අහු වෙලා.... උගෙන් පාසලේ හාමුදුරැවො කෙනෙක් අහලා ඇගිලි 2 ක් පෙන්නලා ඒ කියද කියලා... ඌ උත්තරේ දීලා 3 කියලා.... ඌටත් බඩුම තමා.....ඊට පස්සෙ

      Delete
  2. උබල අපේ එවුන්ට දෙවෙනි නිහැනේ..

    මතකද මම දාපු ඩුම්මගෙ සූදුව පෝස්ට් එක.. ඔක්කොම කවියෙන් තියෙන්නේ..

    :)

    ජය !

    ReplyDelete
    Replies
    1. පිස්සුද අපි දෙවැනි නෑ පළවෙනි මිස... ජය සහෝ!

      Delete
  3. මට මතක් උනා අපි පන්තියේ කැටගහලා මාට්ටු උන සීන් ඒක ...

    ReplyDelete
  4. ඇත්තමයි බඩ පැලෙන්න හිනා වුණා..සිරා වැටිල හිටපු හැටි මැවිල පේනවා..ඉස්කෝලෙ කාලෙ නාඩාර් වැඩ නොකලනම් වැඩක් නෑ.කෙල්ලෙක් වුණාට මමත් දෙයියනේ කියල අනන්තවත් නාඩාර් වැඩ කරල අහු වෙලා ගුටි කාල තියෙනවා..ඒ වුණාට ඒ ජීවිතේට අදටත් හරි ආසයි අයියේ...

    ReplyDelete
    Replies
    1. අනේ ඔය සුට්ටං බඩ ගෙඩිය හිනා වෙලා පලා ගන්න එපා නගෝ.... දවල්ට බත් සුට්ටක් කන්න තියා ගන්න... ඔයාගෙ සිද්ධි ටික ලියන්නෙ නැතෙයි ?

      Delete
  5. බොලා හොඳ වැඩියි... අපි ඉස්සර හවස බස්කට් බෝල් පැට්‍රිස් ඉන්න කාලේ හෙඩ් බුරුස් දාලා මට්ටු උනා ... කියල තියෙන්නෙ සිකුරුට්ටා... බූරු කෙලියනම් ජාතික ක්‍රීඩාව තරම් ප්‍රසිද්දයි

    ReplyDelete
    Replies
    1. මෙතනින් අපේ හොද වැඩ ඉවර නෑ තව තියෙනවා... ඒවා ඉස්සරහට

      Delete
  6. එල එල .. මචන් සිරා.. අර උදේ රැස්වීමේ නලා පිබලා චාටර් වෙච්ච එකත දාපන්කෝ .... හක හක හක .......

    ReplyDelete
    Replies
    1. ඒවා හිතුනොත් ලියන්නම්...... රැදී සිටින්න මේ සිරාගෙ කාමරේ....

      Delete
  7. සිරා ෆන් එක ඈ
    දිගටම ලියපන් මචෝ ජය වේවා.

    ReplyDelete
    Replies
    1. එල මචන් පැමිණියාට ටෑන්ක් යූ.....

      Delete
  8. අන්න මචන් කොල්ලෝ.....එහෙම තමා ඉන්න ඕනේ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. අපොයි මෙයාලා කරලා තියෙන දේවල්.....

    ReplyDelete
    Replies
    1. ඕගොල්ලො හැබෑට දග වැඩ එකක්වත් කලේ නැද්ද ඒ කාලෙ?

      Delete
  10. අද කාලේ උන් ඔය ආතල් දන්නැහැ සිරා අය්යෙ...උන්ටත් දැනෙන්න ලියන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මීයා දිගටම ලියනවා....

      Delete
  11. ඇත්තටම ඒකාලෙ කොල්ලො ඕවගේ වැඩ කොච්චර කරත් ගුරුවරුන්ට ගෞරව කලා...ඒකයි..ඒ කොල්ලො අද හොඳ තැන්වල ඉන්නෙ....ඒත් දැන් ඉන්න එව්වො.????
    පස්සෙ හරි පලිගන්නව...!ගුරුවරු අපිව යහමඟට ගන්නනෙ මේදේවල් කරන්නෙ කියල උන් අවබෝධ කරගෙන නැහැ.අනික ඒකාලෙ හිටියෙ දෙවිවරු වගේ ගුරුවරු මචං..!!

    ReplyDelete
    Replies
    1. උඹේ කථාව හරියටම හරි.... මේ කියන අංශභාර ගුරැතුමා... අපේ 2001 A/L Get together එකේදි මට වසරක් පාසා හමු වෙනවා.... ප්‍ර‍ථම හමුවේදීම එතුමා මගෙන් සමාව ඉල්ලුවා ඒ කාලෙ අපිට දරැණු විදියට සැළකුවට.... අපි ඔලුවෙ තියාගෙන හිටපු ඉගෙනගන්න දක්ෂ උන් පාරක දැක්කත් අපිව නොදැක්ක වගේ යනවා බන් ඒත් නරකයි කියලා හිතපු උඹලා එහෙම නෑ කියලා කිව්වා බොහෝම හැගීම්බරව... ඔන්න ඕකයි තත්වෙ....

      Delete
    2. ඉස්කෝලෙ ස්පොර්ට්මීට් එකට ගියාම අපේ පරණ ගුරුවරු හම්බිලා සර්, ටීචර් කියල කතා කරද්දි ඒ මිනිස්සුන්ට ඇතිවන හැඟීම හොඳට තේරෙනවා.. අපිට අදටත් ඒ මිනිස්සුන්ට වැඳල ආශිර්වාද ලබාගන්න හිතෙන්නෙ ඒ අය වචනයේ පරිසමාප්තයෙන්ම ගුරු දෙවිවරු වූ නිසයි.

      Delete
  12. ඒ අතින් බලද්දී අපේ ඉස්කෝලේ රත්තරන් වගේ. ශිෂ්‍ය නායක කාමරය, කැඩෙට් කාමර 2 [ එකක් platoon එකට අනික band එකට], සමාජ සේවා සංගමයේ කාමරය කියන ඒවාට ඒවායේ ඉන්න අය හැරෙන්න වෙනත් අය ඇතුළු වෙන්නේ නැහැ.

    ඒ වගේමයි දොරට තට්ටු කරාම ඇතුළු ඉන්න කෙනා එනවා ඇරෙන්න පිට අයට ඇතුලට යාම තහනම්. කොටින්ම ප්‍රින්සිපල්වත් මේ කාමරවලට යන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඔබේ වගේම තමයි අපේ පාසලත්... ඒ ඒ සාමාජිකයන්ට පමණයි කාමරවලට යන්න පුලුවන්.... කිසිම ගුරැවරයෙක් එන්නෙත් නෑ... ඒ උනාට විනය අප්සට් උනොත් මේ වගේ..... ගුරැවරැ පෝලිමේ එන්නෙ....

      Delete
  13. he he yaluu :) :)

    ReplyDelete
    Replies
    1. ඔබ තුමියත් ආදරයෙන් පිළිගන්නවා... නරක ළමයි නේද ?

      Delete
  14. Replies
    1. අනේ නෑ අපි හරිම හොද ළමයි...

      Delete
  15. අඩේ පට්ට නේ සිරෝ ලෙසටම ලියල තියෙනවා..

    ReplyDelete
  16. හා.... හා..... ඉස්සර බැන්ඩ් එකේ ගත්තු අතල් නම් කියලා වැඩක් නැහැ........
    practice කරද්දි නය්ට් ගහද්දි වුන සින්...එහමත් ලියවේය් නෙද?? ඉදිරියට (නසියර් අය්යේ.) ;) ;)

    ReplyDelete
    Replies
    1. බලධාරියා විසින් කපපු නැති ඒවා ටික දාන්නම්....

      Delete
  17. මටත් කැඩෙට් රූම් එකකුයි ස්කවුට් රූම් එකකුයි තිබුන ඕන මගුලක් නටන්න..
    ඒත් එක පාරක් කරපු අලුගුත්තේරු වැඩක් මාට්ටු වෙලා කැඩෙට් රූම් එක වහල සීල් තිබ්බ.. දහ අතේ වැදල තමයි ආපහු රූම් එක ඉල්ල ගත්තෙ..
    ඒ අතීතෙ හරි සුන්දරයි.. බරක් පතලක් නැති නිදහස් ජීවිතයක්..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ බෑන්ඩි හරි කැඩෙට් හරි කිව්වම කොල්ලො මලාට වලි වලට එහෙම එන්නෙ නෑ.... දන්නවනෙ කන්න වෙන කෑම....

      Delete
  18. @ හසිත..
    ප්‍රින්සිපල් නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්‌ නේ. ඒකට අපිට.
    -----------------------------------------------------------

    මෙවන් වූ සුන්දර භීතිය කුතුහලය පිරි ඉතිහාසයක් මටද ඇත. ප්‍රීතියි.. ප්‍රීතියි.. අන්න මගේ බ්ලොගේ ඇති අපි පොඩි පන්ති වලදී ඉස්කෝලෙන් පැන්න කතාවක්.

    ReplyDelete
    Replies
    1. වෙලාවක් මමත් ඇවිත් බලන්නම්..... තව ඒවා තියෙනවා නම් ලියන්න....

      Delete
  19. අපරාදේ A 4 කොළ ටික ..D

    ReplyDelete
    Replies
    1. ලොකු අපරාදයක් නේන්නම්...

      Delete
  20. අප්පේ අපිත් නම් බුරු ගහලා ඕනේ තරම් අහු උනා!අපේ පන්තිභාර මිස්ට බුරු කුට්ටම් එකතු කරලම පණ ගියා!ඒ කතා ළඟදීම ලියන්නම්කො...එල ඈ!

    ReplyDelete
  21. පට්ට කොල්ලෝ සෙට් එකක් නේ..
    ඒ කියන්නේ ඒ කාලේ බූරු ගහපු එවුන් මාට්ටු වෙන්ඩ ගහලා නෑ කියන එකනේ..

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් මාට්ටු උනේ පූරැවෙ පිනකට... එදා එහෙම වෙච්ච නිසාම ඊට පස්සෙ ගොඩාක් ලොකු වැරදි කලේ නෑ... පොඩි පොඩි ඒවා විතරයි.

      Delete
  22. machn math oya kiyana iskoletama giya..
    habai mamanam Eastern eke heteye...
    Ubala papere gahuwa hati ehema leyapan...
    uba mona awrudeda ALs kale...

    ReplyDelete
    Replies
    1. 2001 ස්කෝලෙ නම එහෙම මෙතන කොටන්න එපා... අපි කරපු පජාති වැඩ ගැන ලියද්දි ඒක පාසලට අවනම්බුවක්...ඊස්ටන් එකේ සජ්ජයි මමයි එක වයසෙ...එකම පන්තියෙ..

      Delete
  23. අයියලා ඔහොම බේරුනා අපිට සති 3ක් පන්ති තහනම්

    ReplyDelete
    Replies
    1. අප්පට.. උඹලත් බූරුවා ගහලා මාට්ටුද ?

      Delete
  24. ඉස්කෝලෙදි ගුටි කාල නම් ඇති අනන්තවත්. වී පොකුර කිව්ව වගේ ඒ කාලේ මචන් මොන අවුල තිබ්බත් ගුරුවරුත් එක්ක ඇර ගන්න ගියේ නෑ. ඒක නිසාද මන්ද ගුරුවරු අදටත් දැක්කම "පුතා" කියලා කතා කරනව.
    …අපෙත් සමහර එව්වො හිටියා පාරෙ යන එකෙක් ව තමා කීයක් හරි දීල විස්තරේ කියලා එක්ක එන්නේ භාරකාරයා විදිහට.

    ReplyDelete
    Replies
    1. අපිත් කවදාවත් ගුරුවරු එක්ක වාද විවාද කරන්න ගියේ නෑ... අදටත් ඒ හැමෝම දුටු තැන කථා කරනවා...

      Delete
  25. Machan Sira aiye.. me wagema athdekeemak matath thiyenawa ban.. Mamath School kaale pissek wage band gahapu porak. ee kale apith period ekak cut keraganna deyyane kiyala gaatanne band room ekata thama, Mulinma ape band room eka thibbe Library eka ta allala. ethana apita nethi une api heeniyata daapu aathal ekak bhayanaka lesa sadde wedi unu nisa. Library eke sir eda ape band room ekata eddi mama drums gahanawa, ekek katin bass gahanawa, ekek rithem, ekek key board gahanawa. Song eke uchchathama awasthawe sir aawa.apita ballonta wage benna witharak nemei. Eda apiwa School eke mullaka thibba parana room ekakata elewwa baduth ekkama. Sira aiyage story kiyawaddi nikanma ee atheetheta yanawa, Niyamai... UBATA YODA BALA YODHA WEERIYA LEBENNA OONE SIRA AIYE..

    ReplyDelete
    Replies
    1. මංජු මල්ලි උඹත් බෑන්ඩ් ගහපු එකෙක් බව දැනගත්තාම සෑහෙන සතුටක් දැනුනා...බොහොම ලස්සනයි නේද ඒ අතීතෙ....බොහොම ස්තූතියි කියවලා නිකං යන්නෙ නැතුව යමක් කොටලම ගිය එකට.... ජය !

      Delete
  26. හෙහ් හෙහ් අපිත් කල තරමක් විනය විරෝදී වැඩ කලේ.යන්තම් A/L ගණිත පන්තියට ගිය එකෙන් ජීවිතේ වෙනස් උනා. . .

    ReplyDelete
    Replies
    1. හැබෑට...බෑන්ඩ් එක නිසා තමයි මට නම් මේ වගේ වැඩ වලට දායක වෙන්න මෙව්වා එක ලැබුනෙ.

      Delete
  27. අපිනං A/L අවුරුදු දෙකේදි ඇති තරං පිස්සු කෙලිය ලැබ් එකේ. අර හසිත කියල තියෙනව වගේ ප්‍රින්ස්පල් බැරි වෙලාවත් ලැබ් එක පැත්තට එන්නෙ නෑ. ඒ වගේම ඉස්කෝලෙ කොහේදි හම්බඋනත් ලැබ් එකේ කිවුව හැටිය හිනාවෙලා යනව.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ සෞම්‍ය මිනිස්සු අපේ පාසලේ අඩුවෙන් හිටියෙ....මොකද ඉතිං දඩබ්බරයො ඉන්න පාසලක් විදියට තමයි අපේ එකේ නම ප්‍රසිද්ධ වෙලා තිබුනෙ....

      Delete
  28. උබලට වඩා අටල් එකක් අපිට හම්බ උනා office එක ඉසරහා දනගහගෙන දවසෙම කාර්ඩ් ගහන්න

    ReplyDelete
    Replies
    1. අඩේ...ඒක නම් කැත සිද්ධිිය...බොලා මිශ්‍ර පාසලක උදවිය නම කැතම කැත සිද්ධියක් නේද....

      Delete
  29. හිහ් හිහ් හී .
    මන් ඉතින් ඉස්කෝලේ ගියේ මරෙදනේ පැත්තේ ඉස්කොලේකෙට ආයුබෝවන් ....................
    අපෙත් ඕන්න ඔය වගේ හොදේ කල්කිරියාව හින්ද දෙමව්පියෝ ගෙන්න උනා ඉස්කොලේට.අපේ පන්තියේ උන්නු කටවත් කරෙදෙරෙයක් නැති කොල්ලෙක් උන්න කිරි පුතා කියෙලා.

    දෙමව්පියෝ ගෙනාව ඉස්කොලේට, අංශ බාර සෑර් බනිනවා පලු ඇල වෙන්න.දැන් කොහොමින් කොහොමින් හරි කිරි පුතගේ පියානන්ට බැනුම් අහී මේ වරේ ආවා .අපේ සරුත් අම්බනේට කොල්ලවයි උගේ පියානන්වයි කනවා.....................

    අනේ විනාඩි දෙකක් ගියේ නෑ කිරියගේ තාත්ත මෙහෙම කියන්න ගත්තා .........................
    මොන මගුලක් ද බන් මේ වැඩේ,රුපියල් 200කට‍ මෙහෙම බැනුම් අහනේවට හොදයි ස්ටේශන් එකේ පු.......... දුන්නානම්.තියාගන් තොගේ සල්ලි කියෙල මෑනස් ගියානේ ............................................................

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...