ඉන්දියානු ජනප්‍රවාද අනුව අලියා යනු ශක්තියේ මෙන්ම නොසැලෙන බවේ සංඛේතයකි... කිරි මුහුදෙන් ඉගිලිනු සුදු ඇතුන් ගැන මෙන්ම වර්ෂාව ඇති කිරීමට සුදු ඇතුන්ට හැකි බවද ඔවුන් අදහයි. වාසනාවේ මෙන්ම සෞභාග්‍යයේ සංඛේතයක් ලෙසද අලි ඇතුන් ඉන්දියානු සමාජයේදී පිළිගැනේ.... මෙවැනි සතකු හිමිව නොසිටි කිසිදු රජෙකු අපට අතීත කථා වලදී හමුනොවන්නේ ඒ නිසාය. හින්දු ආගමේදී ඥාණයට අධිපති දෙවියා ලෙස සළකන ඝණ දෙවියන්ටද ඇත්තේ ඇතකුගේ ස්වරූපයකි.
ශ්‍රීලංකා වාසී බොදුනුවන් අන්කවර ජාතියකටත් වඩා අලිඇතුන් කෙරේ සෙනෙහෙ දක්වන්නන්ය. උතුම් දළදා වහන්සේ සහිත කරඩුව සිය පිටමත තබාගෙන පාවඩ මත සිට ගෞරව බහුමානයෙන් යුක්තව ගමන්කරන්නට වාසනාව උදාකරගත්තෝද මේ පරපුරේම අයය. නැසී ගිය රාජා හස්තියා මෙන්ම පනාමුරේ හස්තියාද ලක්වාසී ජනතාවගේ නෙතින් කදුලක් හෙලන්නට තරම් ලාංකීය ජනජීවිතයට සමීප වූ සද්දන්ත කුලයේ අය වූහ.
මා මෙතෙක් වේලා වටින් ගොඩින් පොට පාදා ගත්තේ මෙවැනි සාඩම්බර පරපුරක නුතන නියෝජනයක් වන හස්තියකු පිළිබද අනුවේදනිය කථා පුවතක් ඔබ වෙත ගෙන හැර දැක්වීමටය. ඇත්තටම ඇය ගැහැණු සතෙක් හෙවත් කෙණෙරක්. නම මාලි.....
බලන්න ඇගේ ඇස් දිහා..... ඇය කෙතරම් නම් අසරණද ? |
විශාල ශරීරයක් හිමි මෙවැනි සතෙකුගේ ජීවන චර්යාව විමසීමේදී මෙය ඉතාමත් අනුවේදනීය තත්වයක්... වනගත අලියෙක් සිය ආහාර සොයාගනිමින් දිණකට කිලෝමීටර් 20 - 25 ත් අතර දුරක් ගමන් කරනවා... ඒ ව්‍යයාමය ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයටත් ඉතා වැදගත්.... කිලෝමීටර් ගණනත් තබා අඩි 50 ක් වත් ඇවිදින්නට ඉඩක් නොමැති මාලි වසර 35 ක් පුරා කෙතරම් පීඩාවට පත්වී ඇතිදැයි ඔබට සිතාගත හැකිද ?
ඇය කකුල් තබාගෙන සිටින ස්වරූපය බලන්න |
අලි ඇතුන් පිළිබද වසර 40 ක අත්දැකීම් සහිත විශේෂඥයකු මෙන්ම ලොව පුරා සත්වෝද්‍යාන / අභය භූමි වල සහ සර්කස් කණ්ඩායම් සතු සද්ධන්තයන් 100 කට වැඩි ප්‍රමාණයක් පිළිබද වාර්තා ඉදිරිපත් කර ඇති දොස්තර හෙන්රි රිචඩ්සන් ( Dr. Henry Richardson) පසුගිය ජූනි මස සිදුකල බාහිර පරීක්ෂා කිරීම් වලින් මාලි ශාරීරිකව ඉතාමත් දුර්වල තැනක සිටින බවට වාර්තාවක් ඉදිරිපත් කලා. ඊට අමතරව ඇගේ පාදයන්ද නිසි ව්‍යායාම නොමැති කම හෙයින් අවධානමට ලක් වී තිබෙනවා...දීර්ඝ කාලයක් තනිව වාසය කිරීම නිසා ඇගේ මානසික මට්ටමද ඉතාමත් නරක ලෙස පිරිහී ඇති බවද සොයා ගත්තා. ඇගේ වාසස්ථානය ආශ්‍රිතව රාත්‍රී කාලයේ පවා ඔහු නිරීක්ෂණ සිදු කර තිබෙනවා. මෙයට විසදුම ලෙස එතුමා යෝජනා කරන්නේ සත්ව උද්‍යානයෙන් ඉවත් කර ඇය අභය භූමියක් වෙත නිදහස් කල යුතු බවයි. මිනිසා හා සමාන ආයුෂ ඇති සත්ව කොට්ඨාශයක් නිසා එසේ වුවහොත් මාලිගේ ඉතිරි කාලය යහපත් පරිසරයක සිට ගත කරන්න ඇයට හැකි වේවි.
දොස්තර මහතාගේ අත්දැකීම් අනුව අලින්ගේ ගැහැණු සතුන් කිසිම දිණෙක සිය රැළ හැර නොයන අතර මියයන තුරුම සිය නෑදෑයන් සමග ජීවත් වීමට ප්‍රිය කරයි. මෙම හේතුවම මාලි ගේ මානසික තත්වය අයහපත් කිරීමට හේතු විය හැක.
රිචඩ්සන් මහතාට අනුව අලින්ගේ දෛනික ක්‍රියාකාර කම් වන ඇවිදීම, කදු නැගීම, පාදයෙන් බිම හෑරීම, මඩ නෑම, පිහිනීම ආදී කිසිදු ක්‍රියාකාරකමක් වසර 35 ක කාලයක් තුල ඇය විසින් සිදු කර නෑ... ඇගේ කුඩා කූඩුව අක්කරයෙන් 0.001 පංගුවක් වත් විශාල නෑ.
මේ කරුණු හෙළිදරව් වීමෙන් පසු සත්ව අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන PETA ( the People for the Ethical Treatment of Animals ) ජාත්‍යන්තර සංවිධානය මාලි වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගත් අතර, මේ කථාව ලොව පුරා ප්‍රචාරය කිරීමටත් ඔවුන් දායක වුනා. ඒ එක්කම ඉංග්‍රීසි ජාතික ගායක Morrissey පිලිපීන ජනාධිපති Benigno Aquino වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ අසනීප තත්වයෙන් සිටින නිසා මාලි නිදහස් කරන ලෙසයි.
ඇගේ පාද සමබර ලෙස පොළොව මත තැබීමට ඇයට දැන් හැකියාවක් නෑ...බැක්ටීරියා ආසාධන නිසා ඒ තත්වය ඇති වී ඇති බවයි සිතන්නෙ... එය ඇයට දැඩි වේදනාවක් බවයි පරීක්ෂකයන් විශ්වාස කරන්නෙ. මේ පිළිබද ඉතා නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇගේ පාද 4 වෙන වෙනම විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් පරීක්ෂා කල යුතු අතර ලේ සාම්පල පරීක්ෂාවද අවශ්‍යයි. එහෙත් තවමත් එවැනි යමක් සිදුවී නෑ. මෙම ආසාධන තත්වය වැඩි වීම නිසා ඇගේ මරණය පවා සිදුවිය හැකියි. PETA සංවිධානයේ ආසියානු කටයුතු පිළිබද අධ්‍යක්ෂ Rochelle Regodon පවසන පරිදි මැනිලා සත්තුවත්තෙන් මාලි වෙත ලැබෙන දුර්වල වෛද්‍ය පහසුකම් හා අවධානය නිසා ඇය ඉතා ඉක්මනින් අභය භූමියකට නිදහස් කල යුතුයි.
මේ අතර ලෝකයේ ඉදිරියෙන්ම ඇති ඇමරිකාවේ සහ එංගලන්තයේ සත්වෝද්‍යාන වලින් දැන් දැන් අලි ඇතුන් සහිත ප්‍රදර්ශන කුටි ඉවත් කෙරෙමින් පවතිනවා... ඒ අලින් සදහා අවශ්‍ය සියලුම අවශ්‍යතා සත්ව කූඩුවක සපුරාදීම තාක්ෂණයෙන් දියුණු එවැනි රටවල් වලට පවා අපහසු නිසා. ඉන්දියානු රජයද සිය සියළුම සත්වෝද්‍යාන වලට නිර්දේශ කර ඇත්තේ සත්ව උද්‍යාන වලින් අලි ඇතුන් ඉවත් කර රජයේ පාලනය යටතේ පවතින අභය භූමි වෙත නිදහස් කරන ලෙසයි.
මාලි අභය භූමියක් වෙතට යැවිය යුතු බව දොස්තර රිචඩ්සන් පවසන්නේ ඔහු සතු අත්දැකීම් නිසයි... සත්ව උද්‍යාන තුල වසර 20 කට වඩා කල් ගත කර නැවතත් අභය භූමි වෙත නිදහස් කල අලින් කිසිම විටෙක වනගත අලින් වෙතින් ප්‍රතික්ෂේප වී නැති බවයි එතුමාගෙ නිරීක්ෂණ ඇසුරෙන් පවසන්නෙ.
වසර 30කට වඩා කල් ඇලස්කා (Alaska ) සත්වෝද්‍යානයක කල් ගත කර මෙලෙසම රෝගී වූ මැගී (Maggie) නම් කෙණෙරකද කැලිෆෝනියාවේ අලින් සදහා වූ අභය භූමියක් වෙත නිදහස් කිරීමෙන් පසු ඒ රෝග තත්වයන්ගෙන් මිදී යහපත් මානසික තත්වයක් උදාකරගෙන තිබෙනවා...
උතුරු තායිලන්තයේ තවත් අලි 14 දෙනෙකු වෙසෙන අභය භූමියකට මාලි යැවීමට අවශ්‍ය සියලු වියදම් දැරීමට PETA සංවිධානය තීරණය කර තිබෙනවා... මාලිගේ සෞඛ්‍ය තත්වය විමසා රක්ෂිතයකට මුදා හරින ලෙස පිලිපීන ජනාධිපති කාර්යාලය නියම කර ඇතත් ඒ පිළිබද වගකිව යුතු පිලිපීන නිලධාරීන් මාලි නිදහස් කිරීම පිළිබද නිවේදනයක් නිකුත් කර නෑ... ඔවුන් පවසන්නේ මාලි හොද තත්වයෙන් සිටින බවත් දොස්තර Henry Richardson ගේ වාර්තාවක් ඔවුනට ලැබී නැති බවත්...ඒ වගේම ඔවුන් PETA සංවිධානයේ ක්‍රියාකාරකම් වලටත් බාධා කරමින් සිටිනවා.
මෙයට පිළියමක් ලෙස මාලි නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් PETA සංවිධානය විසින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කලා....ඔවුන්ගේ ඉලක්කය අත්සන් 50000 ක්.
මෙය ලියන අවස්ථාව වන විට එයට ලොවවටා 35068 දෙනෙකු අත්සන් කර තිබූ අතර තවත් අත්සන් 14932 ක් අවශ්‍යව පැවතුනා...
දයාබර සොයුරු සොයුරියනි...
මෙවැනි ඉරණමකට ලක්ව සිටින මාලි වෙත දයාබරත්වයේ හස්තය දිගු කරන්නට ඔබත් කැමති නම් / හදවතේ තෙතමනයක් තිබේ නම්, දැන්මම මේ පෙත්සමට අත්සන් කර මාලි මුදාගැනීමේ මෙහෙයුමේ සක්‍රීය දායකයෙක් වන්න.... ඔබ ඩොන්ගලයක් භාවිතා කරන්නෙක් නම් මෙගා බයිට්ටු කීපයක් මෙවන් උතුම් සත්කාර්යයක් වෙනුවෙන් පුද කරන්නට දෙවරක් සිතන්න එපා .........
වසර 35ක් පුරාවට මාලිගේ ඒකාකාරී දින චරියාව මේ වීඩියෝවෙන් නරඹන්න...... එය කෙතරම් නම් කටුකද ?
පෙත්සමට අත්සන් කරන්න මෙතැනින්
මේ කාර්යය පිළිබද ඔබේ හිතවතුන් දැනුවත් කිරීමට තරම් කාරුණික වන්න.
මාලි පිළිබද තවත් සිංහල වාර්තාවක් මෙතැනින්
Face book හි මාලි වෙනුවෙන් වෙන්වූ පිටුව මෙතැනින්
මාලි නිදහස් වේවා !
මාලිගේ නිදහස තවත් අත්සන් 14000 ක් දුරින්....
මම සයිබරයේ අලුත් මිතුරා සිරා..
ප.ලි
තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලාංකික සත්වවේදීන් කීප දෙනෙකුට පුද්ගලිකවම ඇමතුවෙමි.
මාලි ට පසු තවත් කුඩා අලි පැටවෙකු මෙම සත්වෝද්‍යානයට පරිත්‍යාග කිරීමට ශ්‍රීලාංකික බලධාරීන් කටයුතු කලද සත්වවේදීන්ගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එය වැළැකී ඇත.
ඡායාරූප ලබා ගැනීමට පරිශීලනය කල වෙබ් අඩවි...
http://www.gmanetwork.com/news/story/262422/news/metromanila/elephant-expert-says-manila-zoo-s-mali-is-suffering
http://newsinfo.inquirer.net/221061/profound-loneliness-foot-ailments-might-kill-manila-zoo%E2%80%99s-lone-elephant%E2%80%93expert
මගේ යුතුකම මම ඉටු කලෙමි.
මමනම් මූණු පොතේ දැකල ගොහින් අත්සනක් දැම්ම
ReplyDeleteස්තූතියි ඔබේ හදවතත් ඇය නමින් තෙත් වුනාට....
Deleteමූණු පොතේ දැක්කට වැඩි උනන්දුවකින් කියවන්න බැරි උනා. සිරාගෙ ලිපිය කියවගෙන යනකොට මටත් පොඩි සංවේගයක් ඇති උනා. දාල තිබුන ලින්කුවෙන් ගිහින් අත්සනක් දැම්ම. මේ සත්කාර්ය වෙනුවෙන් සිරාටත් පිං.
ReplyDeleteස්තූතියි මධුරංග... මේ සත්කාර්යයට දායක වුනාට ඔබටත් පිං....
Deleteස්තූතියි යාළුවා....මමත් ෆෙස් බුක් එකේ දැකලා අත්සනක් දැම්මා, තව ඔය වෙබ් ලින්ක් එකත් ෆෙස් බුක් එකේ යාළුවන් අතර පුලුවන් තරම් ෂෙයා කලා
ReplyDeleteස්තූතියි කුෂි.... පුලුවන් තරම් යාලුවන්ට මේ ගැන කියන්න...
Deleteමාත් චන්දයක් දැම්මා වැදගත් වාර්ථාවකි...
ReplyDeleteඔබේ මිතුරන් වත් දැනුවත් කරන්න...
DeleteMamath adhama chandhayak dhamannam..sanweadhee satahanak..
ReplyDeleteඅමතක කරන්න එපා... ඔබේ අත්සනත් එකතු කරලා යහලුවන්ටත් පණිවිඩේ දෙන්න...
Delete14,841 NEEDED
ReplyDeleteවුනා මමත් අත්සනක් දැම්මා. ගොඩක් ස්තූතියි. මාලි නිදහස් වේවා!
ඒ පැතුම තමයි මට තියෙන්නෙත්...මේ කථාව අහපු ගමන් මටත් හරියට දුක හිතුනා...
Deleteකොමෙන්ටුව කෙටීමට පෙර ගොස් අත්සනක් දමා ආවෙමි..
ReplyDeleteස්තූතියි බණ්ඩා... ගොඩාක් පිං...
Deleteමේ වගේ දේකදි අත්සනකින් කරන්න පුළුවන් මොන වගේ දෙයක්ද කියලා දන්නේ නෑ...
ReplyDeleteනමුත් කරන්න පුළුවන් එච්චර නම් ඒක කරන්න සූදානම්....
කමෙන්ට් කරන්න කලින් ගිහින් අත්සනක් දාලා ආවා.
14,827 තව ඕනේ කිව්වා...
මේ අත්සන් එකතු කිරීම හැමෝම පිළිගන්න ප්‍රමිතියකින් කරනවා කියන මතය තමයි මට තියෙන්නෙ... එමගින් PETA සංවිධානයට පිළිපීන බලධාරීන්ට බලපෑම් කල හැකි වේවි..සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින තවත් ජාත්‍යන්තර සංවිධාන සමග එක්වී... ඔබේ වෑයමට මගේ ප්‍රණාමය !
Deleteඅත්සන් කරා
ReplyDeleteතව කරන්න පුළුවන් දේවල් මම කරන්න බලන්නම්.
ස්තූතියි නිශාන්... අන්තර් ඡාලය භාවිතා කරන ඔබේ මිතුරන් පුලුවන් තරම් දැනුවත් කරන්න...
Deleteමමත් අත්සනක් දැම්මා
ReplyDeleteසිරා සිරාම වැඩක් කර තියේ
බුකියෙත් පල කිරීමට සිතමි
බුකියෙත් පල කර ඇගේ නිදහස් වීම උදෙසා සහයෝගය ලබා දෙන්න....
Deleteමාත් දැම්මා..!දායක කරගන්න තොරතුරු දුන්නාට ස්තුතියි.
ReplyDeleteඅපේ රටේ අඳබාලයන්ට මේ තිරිසන් සත්තු ගැන පුදුම *කේ අමාරුවක් තියෙන්නෙ.හැම මගුලටම අලි පැටව් දන් දෙන්නමයි හදන්නෙ.
අලි පැටව් දෙන ක්‍රම සහ විධි පිළිබදව සත්වවේදීන් මා දැනුවත් කර තිබෙනවා... එම කටයුතු සදහා සමාජයේ ප්‍රභූ යැයි සම්මත බොහෝ අය සම්බන්ධයි... විශේෂයෙන් දේශපාලන බලවතුන්...
Deleteමේ සත්තුන්ටත් තමන්ගෙ අමාරුකම් කියන්න පුලුවන් කම තිබ්බා නම් ඒ කථා අහලා සංවේදී මිනිස්සුන්ගෙ හදවත පැලෙන්න තිබ්බා....
This comment has been removed by the author.
ReplyDeleteමම හිතුවේ මෙයා ලඉන්නේ ලංකාවේ කියල.
Deleteඇත්තටම රටවල් අතර සත්තු සුහදතාවට හරි මොකකට හරි හුවමාරු කරගන්න එකනම් මහ තිරිසන් වැඩක්.
විශාල ශරීරයකට උරුමකම් කියන මේ අයගෙ අවශ්‍යතා සපුරන්න නොහැකි නිසා සියලුම සත්වෝද්‍යාන වලින් අලි ඇතුන් ඉවත් කරනවා නම් හොදයි....මේ වගේම දුක් විදින තවත් සත්ව කොට්ඨාශ දෙහිවල සත්තු වත්තෙදි මමත් දැකලා තියෙනවා....
Deleteඇත්තටම මේ වගේ සතුන් විදේශ වලට පරිත්‍යාග කරනවා නම් මීට වඩා සොයා බලලා කරන්න ඕනි. අලි කියන්නේ ලංකාවෙත් ඉතාම අඩුවෙන් ඉන්න සතුන් විශේෂයක් නේ දැන්. මේ වගේ සතුන් නොදී ඉන්නයි තියන්නේ.
ReplyDeleteමමත් අත්සනක් දැම්ම. දන්නා අයට ලින්ක් එක ශෙයා කරන්නම්. ස්තුතියි සිරා දැනුම් දුන්නට මේක ගැන.
ස්තූතියි චන්දන ඔබේ දායකත්වයට... පිලිපීනයේ මැනිලා නුවර ඔය කියන සත්වෝද්‍යානය සතුන්ට නිසි පහසුකම් සලසන්නේ නැති එකක් ලෙස කුප්‍රකට එකක්.... කරුණු එසේ වුවත් තවත් සතෙක් ලංකාවෙන් යවන්න හදපු එක තමා පුදුමෙ....
Deleteඉතාමත් කාලොචිත, වටිනා පොස්ටුවක්. මෙවනි කාර්‍යකට ඔබගේ බ්ලොගිය වෙන්කිරීම ම ලොකු පිනක්. මමත් අත්සන් කරා.. ඒ වගේම ඔබේ පොස්ටුවේ සැබෑ වටිනාකම වටහාගත් නිසා අතේ ඇගිලි ගණනට ටිකක් වැඩියෙන් මිතුරන් සිටින මගේ බ්ලොගියෙන් මේ ලිපියට සබැදියාවක් දෙන්නටත් කල්පනා කළා. හෙට දිනයේ මාලි නිල්ල පිරුනු වනගොමුවක ඇවිද යන විට ඒ සතුටේ පංගුකාරයන් වීමට හැකිවේනම් කොපමන සතුටක්ද?
ReplyDeleteස්තූතියි ඔබට.... ඔබ මම වැනි අනන්ත අප්‍රමාණ සයිබර් සත්වලෝලීන්ගේ කරුණාව නිසාම මාලි නිදහස් වන දිනය වැඩි ඈතක නොවේවි... එදාට මේ වෑයම ගැන අපිටත් සතුටු වෙන්න පුලුවන්...
Deleteනිසි රැකවරණය පෝෂණය ලබා දෙන්න, ඔවුන් වෙනුවෙන් අවධානය යොමු කරන්න බැරි නම් මොන මඟුලකට මේ සත්වෝද්‍යාන පවත්වගෙන යනවද මන්ද.මිනිස්සුන්ගෙ සතුටට, ජොලියට බලන්න ඒ සත්තු එයාලගෙ නිජභූමිවලින් වෙන්කරල ගෙනත් කූඩු කරන එකම මහ කෘෘර කමක්. අලි ඇතුන්ට විතරක් නෙවෙයි අනෙක් හැම සතෙක්ටම මේක අදාලයි කියල මම හිතනව, ඔවුන් ලෝකෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දෙමින් ඉන්න නිසා ඔවුන් වෙනුවෙන් අවධානය යොමු වෙනව වැඩි ඇති. නිකමට හිතල බලන්න මිනිසාත් තව එක සතෙක් විතරක් උනානම් තවත් මොක්කුන්ගෙ හරි ප්‍රදර්ශනේට අපිත් කූඩු කරල තිබ්බනම් කොහොමද? මම නම් මොනම විදියෙ සතෙක්වත් කූඩු කරල හදනවට විරුද්ධයි. ඇත්තෙන්ම අපේ රටේ බලධාරීන් තමන්ගෙ බූදලේට අයිති ඒව වගේ මෙහෙම රටේ සත්තු දන් දුන්නට පස්සෙ උන් ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇති. මේ වගේ අපකීර්තිමත් ඉතිහාසයක් තියෙන එවුන්ට ආයෙත් අලියෙක් දෙන්න උත්සාහ කරන තරමට මුන් ගොන් අලිද? අපේ රට ඇතුලෙම උනත් ඉන්න බූරු නිලමෙලගෙ දොලදුක සන්සිඳුවන්න ඒ අහිංසකයො දැනටමත් ඕනවට වඩා විඳවල තියෙනව. සමහරුන්ට ඇත් පැටවෙක් පේන කොටත් කට දෙපැත්තෙන් කෙළ බේරෙනව, මුන් මළාට පස්සෙ කොහේ යයිද මන්ද?
ReplyDeleteමේ කෘෘර ඉරණමෙන් ඉක්මනින්ම ගැලවීයන්න ඇයට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරනව.
ස්තූතියි DDT ඔබේ මූණු පොඩ්ඩත් ඔන්න අද දැක ගත්තා...
Deleteමට නම් සත්තුවත්තකට ගිහින් ඔවුන් නරඹලා කවදාවත් සතුටක් දැනිලා නෑ... කුඩා කූඩු වල හිරවෙලා දෙහිවල සත්වෝද්‍යානෙ ඉන්න බැබුන්ලා, ඔරංඔටන්ලා, චිම්පන්සි දකිද්දි මට පුදුමාකාර වේදනාවක් ඇති වුනා... ප්‍රතිකාර ලැබිය යුතු යැයි මට හැගුනු සතුන් පිළිබදවත් මම ඉන් පිටවීමට පෙර බලධාරීන්ට දැනුම් දුන්නා.... සත්තුවත්තේ දිගටම සිදුවෙන සත්ව මරණ වලින් පේනවා නොවැ අපේ අයගෙත් සැළකිල්ලෙ තරම....
උඹ එල කොල්ලෙක්
ReplyDeleteඅටම් අත්සන ගැහුවද ?
Deleteඅනිවා සිරා මාත් එකෙන්ම සප් එක දෙන්නම්
ReplyDeleteදන්න එවුන්ටත් කියන්නම්.
ස්තූතියි පුබුදු... ඔබ වැනි හදේ තෙතමනයක් ඇති උන් අභියස 14000 ක් යනු මහ ලොකු බාධකයක් නොවේවි....
Deleteස්තුති සහෝ..
ReplyDeleteෂෙයාර් කලෙමි.. අත්සන් කලෙමි..
ජය !
ස්තූතියි සෑමා... මේ පිංකමට දායක වුනාට.... ජයම වේවා !
Deleteමමත් අත්සන් කළා බං..දන්න හැමෝටම කියන්නම්..සිරාවට මහා පවු වැඩක් බං......
ReplyDeleteස්තූතියි නාඩියා.... තවත් අය දැනුවත් කොලා නම් හොදා...
Deleteඔන්න අපිත් අපේ යාළුවව බේරා ගන්න අත්සනක් ගැහුවා සිරාට පිං මේක කිව්වට
ReplyDeleteස්තූතියි....නිපුන් ඔබේ දායකත්වයට...
Deleteමෙහෙම දෙයක් කියන්න පෝස්ට් එකක් ලියවෙන එකත් වටිනවා..ඔන්න මමත් අත්සනක් දැම්ම සහෝ..
ReplyDeleteස්තූතියි හිරු... මේ සත්කාර්යයට දායක වුනාට...
Deleteඅත්සනක් වහාම දාන්නම්...
ReplyDeleteසිරාට ස්තූතියි.
ස්තූතියි මේ කෙරෙහි අවධානය යොමු කලාට.... ඔබේ මිතුරන් වෙතත් මේ පණිවිඩය ලබා දෙන්න..
Deleteඔන්න මමත් යුතුකම ඉටුකලා මේකට තව හොඳ ඩොකියුමෙන්ට්‍රියක් කලොත් නරකද ලංකාව පැත්තෙන් මමත් ඔන සපොර්ට් එකක් දෙනවා ලොකෙටම පනිවිඩයක් යවන්න පුලුවන් විදිහේ වැඩක්
ReplyDeleteස්තූතියි රාජ්.... ඩොකියුමෙන්ට්‍රියක් කියලා අදහස් කලේ කුමක්ද ? වීඩියෝ මාධ්‍යයෙන් වාර්තා වැඩසටහනක්ද ?
Deleteඅන්න හරි වීඩියෝ මාධ්‍යයෙන් වාර්තා වැඩසටහනක්
DeleteDone
ReplyDeleteස්තූතියි අභීත....
Deleteකළෙමි.
ReplyDeleteස්තූතියි ඔබටත්...
Deleteසඳකිඳුරත් ඕන් නිදහසේ සත්මෙහෙවරට දායක වුනා :)
ReplyDeleteමේ සත්කාර්යයට දායක වුනාට ගොඩාක් පින්...
Deletethawath sirama wadak watinawa saho kala samaja sathkaraya....post eke watinakama kiyanna wachana na.mamath dayaka una...
ReplyDeleteස්තූතියි සිත්තමී... නැවතත් බ්ලොගිය ලියන්න පටන් ගන්න....
Deleteඔන්න මමත් දායක උනා.....
ReplyDeleteස්තූතියි කාව්‍යා... ඔබටත් පිං රැස් වේවි...
Deleteමමත් අත්සන් කළා.පින් සිද්දවෙන වැඩක්.
ReplyDeleteස්තූතියි.... අනෙක් අයවත් දැනුවත් කරන්න...
Deleteඅපොයි මාත් අත්සන් කළා . අනේ මන්ද සත්තු කුඩු කිරීම ගැන නම් මගෙත් මනාපයක් නැහැ කොහෙත්ම . ස්තුතියි සිරා .
ReplyDeleteමගෙත් කිසිම සතුටක් නෑ... අපේ ගෙදර ඉස්සර බල්ලො හිටියෙත් කූඩු නොකර නිදහසේ... ස්තූතියි අත්සන දැම්මට...
Deleteඅත්සන් කලා කලින්ම
ReplyDeleteගොඩාක් සතුටුයි... මේ සත් ක්‍රියාවට දායක වීම සම්බන්ධව...
Deleteඅස්සන් කලෙමි !
ReplyDeleteඉල්ලීම පිළිගත්තාට ස්තූතියි....
Deleteඅත්සනකුත් දැම්මා... මෙතනට ලින්ක් එකකුත් දැම්මා...
ReplyDeleteබොහොම පිං ආයුබොවන් ඔබේ දායකත්වයට....
Deleteඅද දවසේ බ්ලොග් කියවන්න ඇවිත් මුලින්ම කියවපු සහ අවසානයටම comment කරපු පොස්ට් ඒක මේක. කියන්න ගොඩක් දේවල් තියෙනවා.
ReplyDeleteමම මුලින්ම මේ ඇතින්න ගැන දැන ගත්තේ ලක්බිම පත්තරෙන්. ඒ හරියට ඇතින්නගේ තනියට තවත් පිරිමි සතෙක් යවන්න හදලා සත්වවේදීන්ගේ විරෝධතාව පාපු නිසා ඉස්මතු වුන සිද්ධියක් විදියට. අනේ මන්ද..? දැන් නම් සත්තු වතු සංකල්පේ බැහැර කරන්න ඕනේ.. මම දැක්ක මේ දිගටම දෙහිවල සත්තු වත්තෙත් සත්තු මැරෙනවා දිගට හරහට කියලා දාල තිබුණා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. සත්තු කැලේදිට වඩා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන නිසා උපරිම ආයු කාලයක් සත්තු වතු වලදී දකින්න ඕනනේ.. හැබැයි වෙන්නේ ඕකේ අනික් පැත්ත. ඒ සත්තු ඊටත් වඩා ඉක්මනට මැරිලා යන ඒක.
මිනිස්සු සල්ලි ගැන hithuwata සතාගේ පාරිසරික තත්ත්ව ගැන හිතන්නේ නෑනේ.
ඕක මිනිස්සු ගැන හිතුවොත් හිතන්න අධික ස්ථුල කකුල් සිහින් මනුස්සයෙක්ට දිගටම කන්න බොන්න දිදී හිර කරගෙන පොඩි කාමරයක තියනවා. ඒ මිනිහාට වෙන්නෙත් ඔය සතාට වෙන දේවල්මනේ..
මම දැකපු විදියට නම් ඇතින්නට අතාරයිස්ටික් තත්වයක් වගේ.. තව මාසයක් ඔහොම හිටියොත් ඒ සතාගේ දණ හිස් දෙකට සරිරයේ බර දරා ගන්න බැරුව ඇද වැටේවි.
සත්ව විද්‍යාව ගැන පතල දැනුම් තියෙන මිනිස්සු ඉන්න සත්තු වතු වල මිනිස්සුන්ට ඕක නොතේරෙද්දී අපි වගේ පොඩි මිනිස්සුන්ට ඕක දැනෙන එකනේ වැඩේ.. මාත් අත්සන් කරන්න යනවෝ.. තව අයට කියලා අත්සන් කරවන්නත් ඕනේ.
ප්‍රධානම ගැටලුව තියෙන්නෙ සත්තුන්ට උන්ගෙ හැගීම් ප්‍රකාශ කල නොහැකි වීම... එහෙම වුනා නම් මාලි මොන තරම් දේ කියාවිද.... වඩාත් වැදගත් කාරණය තමයි... සතුන්ට භාෂාවක් භාවිතයෙන් මිනිසුන් සමග අදහස් හුවමාරු කල නොහැකි වුවත්... සතුන් කෙරේ මිනිසුන් වඩාත් සංවේදී වුවොත් ඔවුන්ගේ හැගිම් දැනගත හැකියි... ස්තූතියි මලේ...
Deleteඔය යක්කුන්ට දෙන්න ඕනා අලි නෙමේ අලි බෙටි...
ReplyDeleteකාලකන්නි..
තරියා යාලුවන්ටත් පණිවිඩේ කියන්න...
Deleteඅත්සන් කොලා
ReplyDeleteස්තූතියි මාතලන් අයියා.... ජයම වේවා !
Deleteමමත් අත්සන් කළා සිරා.... මේ වගේ දෙයක් ගැන දැනුවත් කලාට ගොඩාක් පින්
ReplyDeleteතවත් අය මේ සත්කාර්යයට දායක කරවන්න... බොහොම පිං...
Deleteමේ වැඩේ මම පෝස්ට් එක කියවපු ගමන්ම කරලා, ඒ කියන්නෙ අත්සන් කරලා, ඊට පස්සෙ සෑහෙන පිරිසකට ඊමේල් කරලා තියෙන්නෙ සිරා හරි?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ගොඩාක් ස්තූතියි හෙන්රි අයියා... ජය !
Deleteසිරාම වැඩකට සම්බන්ධ වුවා යයි හැඟීමක් දැනේ!
ReplyDeleteහොඳ වැඩට කවදත් අපෙන් අත හිත!
ජය!
හොද මිනිසුන් තවමත් ඕනෑ තරමි සිටින බව දැනේ... ජය !
Deleteසොඬින් නෙලුම් මල ගෙනියන - බතික් රන් පතින් දිදුලන ඇතින්නියේ
ReplyDeleteයදම් අමතකද පා බැඳී විලංගුවේ
ගීතය මතක වුනා. ඔන්න මමත් මේ සත්කාර්යට දායක වුණා.
තවත් අය මේ සදහා යොමු කරන්න... සැබෑ පිංකමක්...
DeleteI signed and shared this link.
ReplyDeleteHats off for your great attempt
Thanks a lot for your great cooperation here....pls feel free to send this msg among all of your friends.....
Deleteඔන්න මමත් යුතුකම ඉටු කලා.
ReplyDeleteහරිම සතුටුයි...ඔබේ කාරුණික දායකත්වයට.... ජය !
Deleteගොඩ ඉතා ලොකු සතා!
ReplyDeleteඅලි ඇති ගැන කතා!
සිරා අයියගේ වැඩේනම් බොහොම වටින දෙයක්! ඔන්න පෙත්සමට මාත් අතන් කොලා!
අලේ හලිම හොද වැඩක් නොවැ අපේ ඩයස් මලයා කොරලා තියෙන්නෙ....
Deleteපිං සිදුවේවා !
කවුරු හරි බුකියේ සිරාගේ බ්ලොගේ ලින්ක් එක දල තිබ්බ. මමත් ඉතින් ගිහින් අත්සන් කළා.
ReplyDeleteස්තූතියි පැතුම්.... අනෙක් අයටත් පණිවිඩේ දෙන්න....
Deleteමම මචන් ඕකට මුලින්ම අත්සන් කළා .. ඊට පස්සේ බුකියේ ෂෙයාර් පාරකුත් දැම්මා.
ReplyDeleteඋඹේ පොස්ටුවත් මම ෂෙයාර් කරන්නම්.
එල වැඩක් ..:D
ස්තූතියි ෂානක... පිංඅතේ වැඩක්...
Deletedone !
ReplyDeleteThanks a lot...
Deleteස්තූතියි සිරා මේ ගැන කිව්වට.. අත්සන් කලා.. තව e-mail වලිනුත් බෙදලා දැම්මා.. ඇය ඉක්මනින්ම නිදහස් වේයැයි අපි බලාපොරොත්තු තබා ගනිමු, පතමු !
ReplyDeleteස්තූතියි සෙන්නා.... ඇගේ නිදහස තමයි මගේ බලාපොරොත්තුවත්...
Deleteඔන්න පළමු වතාවට ඇවිල්ල පෙත්සමට අත්සනක් දාගෙනම ගොඩවැදුනා.. පෙත්සම් වලට අත්සන් කිරිම ජනප්‍රිය වැඩක්නේ. මොනව වුණත් මාලිව නිදහස්වේවා..
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා...
Deleteමේ සත්කාර්යයට දායක වුනාට පිං.... දිගටම එන්න...
onna mamath athsan kalaa :( dukayi godak mali gena.. :(..
ReplyDeleteස්තූතියි රෙහානි... මම දැක්කා ඔයාගෙ පෝස්ටුවකත් මේ ලිපියට සබැදියක් දීලා තිබෙනවා... මේ සියලුම අයගේ ආශිර්වාදයෙන් මාලිට ඉක්මනින් නිදහස ලැබේවි...
Deleteහරි!
ReplyDeleteතව 13,698 ඕනි කියනව...
ස්තූතියි...මේ වන විට තත්වය 13624
Deleteඅපූරු වැඩක් සිරා. කතා කරන්න බැරි උන්ගේ දුක වේදනාව වෙනුවෙන් අකුරක් හරි ලියන එක හරිම පින් ඇති වැඩක්. උඹට බොහොම පින්.
ReplyDeleteස්තූතියි යාලුවා... හඩක් නගන්න බැරි ඒ අසරණ සතුන් වෙනුවෙන් යමක් කරන්න පුලුවන් නම් එය සැබෑවටම සතුටට කාරණයක්...
Deleteගොඩක් ලොකු දෙයක් සිරා ඔබේ උත්සාහය. මඩිස්සලේ නිශාන් ගේ ගූගල් + සටහනෙන් මම ගිහින් අත්සන් කළා. එත් තවත් මේ ගැන ප්‍රචාරයන් අවශ්‍ය මොහොතක් මේ.
ReplyDeleteස්තූතියි ක්සැන්ඩර්... මම මේ සම්බන්ධයෙන් පුවත් පතක ලිපියක් හරි පල කරවා ගන්න උත්සාහ කරනවා... නියමාකාර ප්‍රචාරයක් තිබුනා නම් මේ කාර්යය මේ වෙද්දිත් අවසන් වෙන්නට ඉඩ තිබුනා... ජය !
Deletephollo kiyanne jaraama jaathiyak. mama inna rateth phillo innawa.. ahuwena one sathek ekko maralaa kanawa, nethnam kuudu wala daala ethi karanawa.. ballanta puusanta withay wenna ethi wada denne neththe.. ee minissu karana dewal wala hetiyata oya kiyana zoo eke saththunta salakana heti hitha ganna puluwan.. unta kawadaawath" saththuntath ridenawa, saththu paw" kiyalaa hithen nee..
ReplyDeleteපිල්ලො ගැන දැන් මටත් අවබෝධයක් තියෙනවා...මුන් ටිකක් ආඩම්බර ජාතියක්...ඒ උනාට උන්ට ආඩම්බර වෙන්න දෙයකුත් නෑ...
Delete