Saturday, December 8, 2012

103 අයියෝ සල්ලි....

හුග කාලෙකින් සිරා කයිවාරුවක් ඇද බා නැත... පහුගිය දොහේ ගණිකාවන් නීතිගත කිරීම, Dudesira හුජ්ජ බෑග්  බෙදා හැරීම ආදී සමාජය හිතැති, භාර දූර්ය, ඉතාමත් වටිනා කාර්යයන් බොහොමයක යෙදී සිටීම නිසාම සිරාට කයිවාරු අමතක වී ගියේය. එනමුදු කාමරේ ලෑලි දොර අභියස සිට තට්ටුව දමා ඇතුලට ඒමට අවසර පතන සුපින්වත් සහෘද කැළ මතක් වෙද්දි මගේ අක්මාව ගැහෙයි, හෘදය සංකෝචනය වී ප්‍ර‍සාරණය වේ...  දියං ඩෝ අපිට අළුත් පෝස්ටුවක් යැයි උනුන් මා හට බැට දෙන්නට කලියෙන් යමක්  ලිවීම සෞඛ්‍යයට හිතකරය...

ඔය පෙර කිව්ව පිවිතුරු නිමල අදහසත් සිත්හි දරා සිරා අතිජාත ස්කූටරයට නැගුනේ  තට්ටයාගෙ ස්පොට් එකෙන් ප්‍රින්ට් අවුට් කීපයක් ගන්න හිතාගෙනය... එතැන තට්ටයාට අමතරව දැද්දා ද සිටී...මුන් ඩබලම අපේ බෑන්ඩ් එකේ පැරණි එල කකුල් දෙකකි.  විනාඩි 10 ක පමණ කාල පමාවකින් ස්කූටර් යන්ත්‍ර‍ය සිරා කොලුවා අදාළ තැනට ගෙන ගියේය... මා යන විට සිය පෙම්වතියට තුරුලු උන අහිංසක පෙම්රාජයකු සේ තට්ටයා ඩුප්ලෝ යන්ත්‍ර‍යක් බදාගෙන  ඩුප්ලෝ පිටපත් දිගට හරහට නෙලාගෙන නෙලාගෙන යයි. දැද්දා කොලුවා දිගට හරහට කී බෝඩයෙන් අකුරු කොටාගෙන කොටාගෙන යයි... අකුරු වැරදුනත් උගෙ වේගය නම් සුපිරිය...

මොකෝ බොලව් උඹලා දෙන්නා  පුක කැඩිච්ච කඩි දෙන්නෙක් වගේ ගිණි කසේට වැඩ...

අප්පට... මේ අපේ සිරා අයියා නොවැ.... දන්නෙ නැද්ද හැබෑටම... අද පොඩි සංගිත සාජ්ජයක් තියෙනවා...ටිකට් වලට පෙන්වන...අපි මේ ඒක බලන්න යන්න උදේ ඉදන් ට්‍ර‍යි එක දෙන්නෙ... තට්ටයා ශ්‍රී මුඛය විවර කළෙහිය.

ඒමද... හොදා හොදා... ඉදලා හිටලා ඒම දේකුත් තියෙන්න එපායැ...

දුම්වැටියක් අතින් ගත්  මා නොහදුනන මුත් කලින් දැක පුරුදු තට්ටයාගෙ මිතුරෙක් ස්පොට් එකට ඇන්ටර් වූයේ ඔය අතරය...

අයියා... ඔහු මටද ගරුසරු දක්වා  මේස කොටේකට පශ්චාත් භාගය තද කළේය.

කැවුත්ත එළියට එන තරමේ වේගයකින්  ඉහළට අදිනා සිගැරට්ටුවේ රතු ගිණි දැල්ල සූස් හඩින්  ඉදිරියට ඇදේ....
සුදු පාට  මීදුම් ගලාලා අර පේන කන්දේ හැපීලා  ගීතය සිහිපත් කරමින්... සිගරට් දුම ස්පොට් එකේ ඔබ මොබ පාවෙයි.

ගෝතයො... ඔය මගුල එළියට වෙලා බීලා ඇතුලට වර... ගන්දස්කාරෙ බෑ...  පවු යකෝ උඹලා බදින ගෑණු..බැන්දට පස්සෙ කියහන් ඉන්න තැන... අපිත් ළගපාත ගෙයක් හරි කුලියට අරන් නවතින්නං...

තට්ටයාගෙ තර්ජනයෙන් පසුබා ගියා ගෝතයා එළියට ගොස් සිගැරැට්ටුව උගුරට දෙකට හමාර කොට ඇතුලට ආවේය.

මට එක්වරම සිහිවූයේ අපේ පොල් සෝමේය. හැඩ රුව වෙනස් වුවද මේකාද ඒ ඝණයේම බැව් මගේ අක්මාව මට සන් කල නිසාම... මම මේ අලුත් හාදයා හෙවත් ගෝතයා සමග කයියකට සැට් වුනෙමි. අන්න ඒ කයියට පින් සිදු වෙන්න සිරා අද පෝස්ටුවක් තලා ගන්නෙහිය.

මල්ලි මේ පළාතෙද ?

අනේ නෑ අයියා මම කළුතර පැත්තෙ... දැන් ගම්පහ තමා රාජකාරි කොරන්නෙ...

රාජකාරි කිව්වෙ ?

.......... සර්ගෙ ටියුෂන් පන්තියෙ ටියුට් බෙදන්නෙ... ළමයින්ගෙ කාඩ් චැක් කොරන්නෙ.... සර්ට කඩේ යන්නෙ... ඔක්කොම මම තමා ඉතිං....

හොදා හොදා... හොද අනාගතයක් තියේවි...

අපිටද.... අනේ නෑ අයියා සර්ගෙ අනාගතේ නම් පට්ටෙට ෂුවර්...  පන්තියෙ ඩෙස් පේළි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න...පාවිච්චි කරන වාහනේ වටිනාකමත් වැඩිවෙනවා... ඒ උනාට අපේ පඩිය නම් එකතැන.... ඒක නිකමටවත් ඉස්සෙන්නෙ නෑනෙ ...

හරි හරි ඕවා ගැන හිතන්න එපා... ළගදි දවසක පඩිය ඉස්සෙයි....තමන්ගෙ රාජකාරිය හරියට කොරන එක තමා හොදම දේ...

අන්න හරි අයියා...ඒම තමා මේ මමත්...වෙලාවක් කලාවක්, කෑමක් බීමක්... නෑ... උදේ සිට හැන්දෑ වෙන තුරාවට රාජකාරිය...

මේ දැනුත් ආවෙ අපේ ටියුට් එකක් ඩුප්ලෝ කරලා ඉවරද බලන්න....

තව පැය භාගයක් ඉදපන්... සුටුස් ගාලා ඉවරයක් කරලා දෙන්නම්... තට්ටයා මොර දෙයි...

ඉතිං මල්ලි ළගදි ගමේ ගියෙ නැද්ද...

මතක් කරන්නෙපා අයියා... ළගදි දවසක මම අම්බානට කුජීත වෙලා , සාටර් වෙලා මේ ඇවිත් ඉන්නෙ...

අප්පට ඒ මොකෝ හැබෑටම...

මට වාවන්නෙ නෑ අයියා... මට කියාගන්න බෑ... අයියෝ මගෙ රුපියල් 6000/-

හරි හරි මල්ලි අඩන්න එපා මටත් වාවන්නෙ නෑ.... මේකාගෙ කිඹුල් කදුළු දැක මටද තනි ඇහැට ඇඩෙන්නට ලගය...

මම ගිය මාසෙ දවස් 3 ක් සර්ගෙන් නිවාඩු අරන් ගමේ ගියා යාලුවො සැට් එකත් එක්ක පොඩි ජොලියක් දාලා එන්න...

ඉතිං ඉතිං... සිරාගෙ කුතුහලය වැඩි වෙන සෙයකි....

ඉතිං උදේ වරුවෙ ගෙදර ගිහිල්ලා ... නාලා කාලා ඇලට් එකක් දාගෙන හැන්දෑවට ගැන්සිය එක්ක සැට් වුනා... බන්ට් එක ළග පද්මා අක්කගෙ රෑ කඩෙන්  ඌරුමස් බයිට් එකක් දාගෙන කඩේ පිටිපස්සෙ  ළිං පඩියෙ තියාගෙන ගල් බෝතල් 2 ක් ගහලා මලකුත් ඇදලා එළියට එද්දි වෙලාව 11 ට විතර ඇති... ඔක්කොම අපි පස් දෙනයි...

තුන්දෙනෙක් මගදි සලාම් කියාගෙන උන්ගෙ ගෙවල් වලට මාරු උනා අරිද.... දැන් ඉන්නෙ කියද... දෙන්නයි... හික්....

ඒ එක්කම වැටෙන්න ගත් ඉක්කාවාගෙන් ගෝතයා බේරා ගැනීමට මට වතුර වීදුරුවක් වැය විය...

ඉතිං අපි දෙන්න මලේ  පවර් එක ඇගට අරන් පයින්ම කිලෝ මීටර් එක හමාරක් විතර ඇවිල්ලා පන්සල  ලග බස් හෝල්ට් එකේ හිට ගත්තා...

ඉතිං ඒ වෙලාවට බස් තියෙනවද...

බස් නෑ ඒ උනාට වැඩ ඉවර කරලා  ගෙදර යන බස් එකක් හරි ටෝක් කර ගන්න පුලුවන්...

අපි එද්දි බස් හෝල්ට් එකේ හිටියා තව තුන් හතර දෙනෙක්.... උන් ටික පන්සලේ හාමුදුරුවන්ට තිත්ත කුණුහබ්බෙන් බැන බැනා පන්සලට ගල් ගැහුවා.... අපි ඉතිං අයියා ඉදලා හිටලා මේ වගේ ෆන්ක් එකක් ගත්තට උපතින් බෞද්ධයො නොවැ... අනේ අපි අපේ පාඩුවෙ තමා පැත්තකට වෙලා හිටියෙ...

ඇයි බන් ඉතිං නිරපරාදෙ හාමුදුරුවන්ට බැන්නෙ....

හාමුදුරුවො ධර්මෙට වඩා බිස්නස් වැඩ කරන කෙනෙක්ලු... චරිතෙ අප්සැට් ලු....


විනාඩි 10 ක් ගියෙ නෑ... වේගෙන් ආපු පොලිස් ජිප් එකක් පත බ්රේක් පාරක් ගහලා නැවැත්තුවට වඩා වේගෙන් ඒකෙ ඇතුලෙ හිටිය රාළහාමිලා ටික එළියට පැන්නා....මට ඉතිං ඉවෙන් වගේ තේරුනා... මරාලයක් තමයි කියලා... ගල් ගහපු සැට් එක දුවද්දි අපි එතනම හිටියා...


http://www.sundaytimes.lk/120812/uploads/Police.jpg







අනේ රාළහාමිලා දෙන්නෙක් බලෙන්ම  අපිට පුකට දෙකක් දිලා ජිප් එකට නගින්න කිව්වා..

එහෙම පුලුවන්ද බන් වැරැද්දක් නැති මිනිස්සු ජිප් වලට පටවන්න...

වෙච්ච අසාධාරණය නිසා තරහා ගියා සිරා කොලුවා විමසුවේය.

එහෙම දාන්න බැරි උනාට අපි දෙන්නා ඒ වෙලාවෙ කෙලින් ඉන්න බැරි ගානට ඔන්දස්පොට් වෙලානෙ හිටියෙ අයියා... ඒක තමා පරහට හිටියෙ...

උඹලා නේද ගල් ගැහුවෙ පන්සලට.... පොලිස් ලොක්කා ඇහුවා...

ගල් ගැහුවට පන්සලට ගැහුවෙ නෑ මහත්තයෝ... අපි මේ ෆන් එකක් දාලා ගෙදර යන ගමන්....

ගංජා ගදක් එන්නෙ ගංජා ගැහුවද....

අනේ නෑ සර්... අපි මේ අති විශේෂ ටිකක් විතරයි බිව්වෙ...

හරි හරි  උඹලා ඔය බස් හෝල්ට් එකේ හිටියට දැන් බස් එන්නෙත් නෑනෙ... නැගපල්ලා...ගෙවල් ලගින්ම බස්සන්නම් කියලා සෑර් පොරොන්දු වෙච්ච හින්දම  මා එක්ක හිටිය අනිත් එකත් එක්කම මමත් ජිප් එකට නැග්ගා...

අනේ ඒ රාළහාමිලා අපි දෙන්නව දාගෙන පැය ගාණක් එහෙ මෙහෙ කැළෑ පාරවල් වල කරක් ගහලා ... තව කීපදෙනෙක්ම ජිප් එකට නැග්ගුවා... දැන් ජිප් එක ඇතුලෙ ඉඩත් නෑ... හරියට සාඩින් පැක් කලා වගේ...

කථාව කියන අතරතුර ගෝතයාගේ අංග චලනයන් කථාවට එක් කරන ජීවය ගැන කියන්න වදන් නැත..

තව ටික දුරක් ගිහිල්ලා කසිප්පු වික්ක ඇග මහත ගෑණු දෙන්නෙකුත් ජිප් එකට පැටෙව්වා... දැන් නම් හුස්ම ගන්න ඉඩත් නෑ... ජිප් එක අදින්නෙත් අමාරුවෙන්....

මේ මොන මගුලක්ද යකෝ... ගෑණියෙක්ට පාඩුවෙ යන්න දීපල්ලකො...

අර ගෑණුන්ගෙන් එකියක් මොර දුන්නනෙ හදිස්සියෙම...

ඒ මොකෝ බන්... සිරා හූ මිට්ටක් තිබ්බා...

අපි නම් නෙමෙයි... වෙන කවුද මදාවියෙක් ඒකිගෙ පපුව මිරිකලා....කරුවලේම....

ඒ එක්කම පැන නැගුන හිනාව නිසාම  තව පොඩ්ඩෙන් දැද්දා කැරකෙන පුටුවෙන් පත  බෑවෙන්නට  ඉඩ තිබුනි....

ගෑණි කට ඇරියා විතරයි  ජිප් එක නවත්තලා ලොකු මහත්තයා හංසයො මිරිකපු එකාව එළියට අරගෙන දුන්නා දෙන එක ආයෙ මදි නොකියන්න....

අපි ඉතිං පැයක් දෙකක් කරක් ගහලා සෑහෙන දුරක් ගිහිල්ලා ඉවර වුනාට පස්සෙ....

අර පන්සල ළගින් නැගපු උන් දෙන්නා බැහැපල්ලා.... කියලා ලොකු මහත්තයා කිව්වා... අයියට කියන්න ඒ වෙද්දි අපි කිලෝමීටර් 10 කට වඩා ගෙදරට දුරයි. ඔය දුර මේ මහ රාත්තිරියෙ පයින් යන්න බැරි කමටම මම  ඇහුනෙ නෑ වගේ හිටියා...

උඹලට ඇහෙන්නෙ නැද්ද.... බැහැලා ගෙදර යනවද නැද්ද....

මා එක්ක හිටපු  අනිත් එකා නම් පූස් පැටියා වගේ ජිප් එකෙන් බිමට බැස්සා... ඒ උනාට  මම බැස්සෙ නෑ...

අනේ සර් තව කොච්චර දුර පයින් යන්නද... ජිප් එකට දා ගත්තා නම් ගේ ළගින්ම බස්සන්නකො... කියලා මම කිව්වා....

උඹට ගේ ළගින්ම බහින්න ඕනෙ නේද... හරි හරි ළගින්ම බස්සන්නම් කියලා ජිප් එක පොලිසියට ගියා... මාව කූඩුවට දැම්මා අනිත් රොත්තත් එක්කම... අපි එද්දි  ඒක ඇතුලෙ එකෙක් බීඩි බොනවා... මෙලෝ යකෙක්ට ඉන්න බෑ... අපිත් එක්ක ගිය උන් දෙකක් දුන්නම උගෙ බීඩි කොටේ හැලුනා...

ඉතිං ඉතිං... යන්තරයෙන් එළියට එන පිටපත් එකතු කරමින් තට්ටයා තව තවත් ගෝතයා කථාවට පොළඹවයි...

උඹට කියන්න තට්ටෙ, මට අර බහින්න කියපු තැනින් බැස්සා නම් හොදයි කියලා හිතුනා බන්... අවේලාවෙ වීදි සංචාරය කියලා මාව පහුවදාම උසාවියට දැම්මා කියහන්කො... අදුනන යාලුවෙක්ට විස්තරේ කියලා ලෝයරයෙක් අල්ලලා ගෙදර උන්ට හොරෙන් උසාවි කූඩුවට නැග්ගා...

යුෂ්මතා වැරදි කරුද නිවැරදි කරුද කියලා ඇහුවාම වැරදි කරු කියන්න කියලා මෑන් මට කිව්ව නිසා එහෙම කිව්වා... ඒකෙන් නඩුව ඉවරයි... දඩේ පන්දාහයි...

ලෝයර්ට දාහයි..... අයියෝ සල්ලි 6000/- ඉවරයි..... හොද වෙලාවට අදටත් ගෙදර කවුරුවත් මේ ගැන දන්නෙ නෑ...

ඒකා හයදාහ මතක් කරමින් විස්සෝප වෙද්දී... තට්ටයා උගෙ වැඩේ අවසන් කර හමාරය...

ඉතිං ඊට පස්සෙ පද්මා අක්කගෙ කඩේ පිටිපස්සෙ සැට් උනේ නැද්ද.... සිරා ප්‍ර‍ශ්නයක් නැගුවා...

ගිය සතියෙ ඔය වගේම රෑ වෙලා මම කට්ටියට සැට් වෙන්න එන්න කියලා පණිවිඩේ යවලා යාලුවෙකුගෙ ගෙදර ඉදන් පාරට බැහැලා බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා... වෙලාව රෑ 9 ට විතර ඇති...

එදත් පොලිස් ජීප් එකක් නවත්තලා හෝල්ට් එකේ හිටිය අයගෙන්  කොහෙටද යන්නෙ අහලා නග්ගගත්තා... මගෙනුත් ඇහුවා කොහෙටද යන්නෙ කියලා... මට භයටම කියවුනා ගෙදර යන්න ඉන්නෙ කියලා... අපේ පැත්තෙ කැළෑ පාරවල් වල බස් අඩු හින්දා... මේ වගේ ඉදලා හිටලා පොලෝසියේ මහත්තුරු මිනිස්සුන්ව ජීප් එකේ දාගෙන යනවා...

අනේ ඒ පොලිස් මහත්තුරු එදා නම් ගේ ළගින්ම මාව දාගෙන ගියා... බැස්සට පස්සෙ තමා අරුන් සැට් එක මම එනකන් බලන් ඉන්නවා කියලා මීටර් උනේ....එදා නම් කලින් අහලා තිබුනෙ නැති කූණුහබ්බත් උන්ගෙන් අහගත්තා...

දැන් අපි අපේ ගෙදර පිටිපස්සෙ සැට් වෙන්නෙ අයියා.... රෑට පාරෙ බීලා අහුවුනොත් අපේ පැත්තෙ සොරිම තමා... ඊට පස්සෙ ගත්ත ආතොල් එකත් කුඩු...

තට්ටයා ලබා දුන් බිලත් රැගෙන ගෝතයා..... අයියා එහෙනම් අපි කැපුනා... වෙලාවක සැට් වෙමු  කියමින් මගේ දෑස් මානයෙන් මිදුනේය......

ඕකා ගැන කියලා වැඩක් නෑ අයියේ... පන්තියේ කෙල්ලො තුන් හතර දෙනෙක් ගෙන්ම යාලුවෙන්න අහැව්වා කියලා උන්ගෙ සර් ඌව ළගදි දවසක එලවන්නත් හැදුවා... කියමින් තට්ටයා ඩුප්ලෝ යන්ත්‍ර‍යේ විදුලි සැපයුම විසන්ධි කළේය.

ෆන් දැමීමෙන් පසු අවේලාවේ වීදි සංචාරය... ඉතා අහිතකරය... අයියෝ සල්ලි යනුවෙන් කීමට වැඩ සිදුවිය හැක.



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා...


ප.ලි

ගෝතයා තෙපලූ බසින්ම අකුරු කරන ලදී.

මෙම කථාවෙන් පාඨක ඔබට ගත හැකි ආදර්ශය නම්... 
ෆන් දැමීමෙන් පසු බස් හෝල්ට් අසල සිටගෙන සිටීම ඉතා භයානකය....
















103 comments:

  1. හැක්.. හපෝ.. ටියුෂන් ටික්කන්ගේ වැඩ නම් ඔයිට අන්තයි අප්පා සමහර වෙලාවට..... සර්ලට වැඩිය ගනං උන්ගේ.....

    ෆන් දැම්මට පස්සේ ගෙදර යන්නත් බෑ ගෑණ් එළියට දාලා දොර වහනවා.. පාරේ හිටියොත් පොලිසියෙන් ලිෆ්ට් දෙනවා.... මොන කෙහෙල්මලකට ෆන් ගන්නවද මන්දා..... හි හි...

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයා ෆන් අරන් ආපුවම බොලා කරන්නෙත් ඒමද.... ටියුෂන් ටික්කො ගැන යමක් ලිව්වොත් නරකද...

      ඔය කියන ෆන් එකේ රසේ මෙතැකැයි කියන්න බෑ නොවැ... මොන බාධකේ ආවත් සැට් එක ෆන් එක ගන්නම පොර කන්නෙ ඒ නිසයි....

      Delete
    2. එයා ෆන් අරන් එන්නේ නෑ නේ සිරා... හි හි....

      ටියුෂන් ටික්කන්ගේ මනමාලකම් තමයි ඉතිං ලියන්න වෙන්නේ.. හැබැයි අනිත් උන්ට වෙච්ච දේවල්... මට පැණි හලන්න නම් එකෙක්වත් ආවේ නෑ.... හි හි....

      Delete
    3. බොලාගෙ හිනාව තමයි හිනාව... හි හි....

      Delete
  2. siro ela ban upan basawemma kament eka damma...
    niyametama niyamai...

    ReplyDelete
  3. අඩෝ මමයි තව එකෙකුයි ඔය වගේම නට්ටි කැඩෙන්න බීලා පයින්ම සිගරට් ගේන්න කඩුවෙල යනකොට පොලිසියට අහු උනා.උන් අපිව ජීප් එකට දාගන්නමයි හැදුවේ.ඉතින් අපි බිව්වත් සුපිරි කොල්ලෝ නේ.පොලිස් අයියලට ටෝක් කරලා (කිව්වා බොරු වලට ගජබින්නේ පරාදයි) ජීප් එකේම කඩුවෙල ගිහින් ජීප් එකේම ආපහු බෝඩිමට ආවා.ඉස්සරහ හිටිය SI නම් කිව්වේ පොරගේ රාජකාරි ජීවිතේට පාරේ අහු උන බීපු දෙන්නෙකුට කඩේ ගියාමයි කියලා.
    විශ්වාස කරන්න බැරුව ඇති හැබැයි ඔය වගේ පුදුම දේවල් ජීවිතේට එක පාරක් වෙනවා.(හැබැයි සිගරට් 3 ක් වියදම් උනා :/)

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්නත් අමාරුයි නේන්නම් බොලං... මේ වගේ පිංවන්ත ඇස් අයි මහත්තුරු අනේ වාසනාවන්...

      අපේ එකෙක් මේ ළගදි බඩු මදි වෙලා ගේන්න ගිහින් මාට්ටු වුනා... පොලෝසියෙන් ලැබුන අවවාදෙ තමයි...

      හැමදාම අහුවෙන්නෙ බඩු මදි වෙලා ගේන්න බාර් එකට යන ගොයියා... ඒ හින්දා බඩු මදි නොවෙන්නම අරන් සැට් වෙයල්ලා සැට් වෙනකොට කියලා...

      Delete
  4. ගෙදර ගියොත් ඌ නසී, මග සිටියත් ඌ නසී..

    ඕකනෙ අපේ රජ්ජුරුවො මතට තිත තිබ්බෙ..

    ReplyDelete
    Replies
    1. මතට තිත කෙසේ වෙතත් සෙන්නා දැන් තිතට මත නම් තියෙනවා...

      Delete
  5. වැඩේ කියන්නෙ ෆන් අරං අවේලාවෙ වීදි සංචාරය කරන එකත් මාර ෆන්... වටේ පිටේ ගෙවල් වල එවුන් එක්ක තියන පොඩි පොඩි ප්‍රස්න සුහදව කතා කරලා බේරගන්න.... අපිට බෑ කියපු නංගිල හම්බවෙලා 'නගේ මගේ ඉතේ තරහ නැතේ' කියල සිංදු පාරක් දාන්න... ආඩම්බරකාර උඩිච්චියන්ගේ රුවගුණ වර්ණනා කරන්න වගේ දේවල් වලට කියාපු වෙලාව...

    ReplyDelete
    Replies
    1. ෆන් අරන් එන වෙලාවකට භයක් කියලා නාමයක් නෑ... හොල්මන් වලට භය උන් පවා අරිෂ්ටෙ ගත්තට පස්සෙ ඕනෑම පාළු පාරක යයි කිසි භයක් නැතුව... අන්න ඒකයි අතිවිශේෂ කියන්නෙ...

      මම අදුරන එකෙක් කෙල්ලගෙන් අහන්න ගට නැති නිසා බීලා ඇහුවා....

      Delete
  6. මමයි අපේ සෙට් එකේ තුන් හතර දෙනෙකුයි යාලුවෙක්ගේ පිරිත් ගෙදරකට ගිහින් ටිකක් ඉදලා කම්මැලි කමට සෙට් එකත් එක්කම ඒ ළගම තිබ්බ බස් හෝල්ට් එකට සෙට් උනා. රෑ 10ට ඇති. පොලෝසියෙන් ඇවිත් පටෝගෙන ගියා නෙව.. පිරිත් අහන්නයි ආවේ කිව්වම බස් හෝල්ට් එකේ මොන පිරිත්ද ඇහුවා. බීල හිටියෙත් නෑ. සිගරටි එකක් වත් අතේ තිබ්බෙත් නෑ. පැය දෙකක් විතර බංකුවට වෙලා හිටියා.. අන්තිමට පිරිත් ගෙදරින්ම තමයි ඇවිත් අපිව අරන් ගියේ.

    ගෝතයා ගැන නම් දුක සිතුනි. බරක් පතලක් වගකීමක් නැති පාවෙන ජීවිතයකි. අර ගුරාටවත් තිබුනනේ ඒ කොලුවට ටිකක් කියලා දෙන්න..

    ජය

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බන් මම අදුනන කොල්ලෙක් රෑ හුජ්ජ කරන්න උන්ගෙ ගේ ඉස්සරහා බෝක්කුව ලගට ගිය වෙලේ ජිප් එකට පටවන් ගිහිල්ලා තිබුනා.... උන්ගෙ අම්මගෙ හැකර කටෙන් එදා නම් පොලෝසියෙ ලොක්කා අහගත්තා ලුණු ඇඹුල් ඇතිව..

      අපේ කොල්ලෙක්ට හුජ්ජ කරන්නවත් එළියට යන්න බැරිද යකෝ කියලයි ගෑණි මොර දුන්නෙ...

      Delete
    2. හෆොයි පොලිස් ! ඌව දාගෙන ආපු උන්ට වහකන්න හිතෙන්නැති.

      Delete
  7. සිරා මේකනම් සිරාම කතාව.මටත් ඔය වගේ වැඩක් වුණා බොහොම කාලෙකට කලින්. අපි සා පෙළ ලියල අහවර වෙලා සුමානෙකට පස්සේ අපේ සෙට් එතේ 7 දෙනෙක් මීගමු ගියා ආතල් ගන්න. එහේ රා පොට් එකකට ගිහින් රා කට්ටක් ගහල වැනි වැනි අපි හත් දෙනා වෙරළ හොයාගෙන එනකොට පාර යමින් හිටි අයිය කෙනෙක් කිව්වා මේ වැටෙන් පැනල එහා පාරට ගිහින් එතැනින් දිගටම යන්න වෙරලට ගිය හැකියි කියලා. අනේ එහෙම යනකොටම ආව ජීප් එක නැගපියව් සේරම කියල දා ගත්තේ නැතෑ ඇතුළට.ඔන්න එදාට කලින් දවසේ තමා කටුණායක ගුවන් හමුදා කඳවුරට ජෙප්පො පහරදිල තියෙන්නේ. ඔය අටමගලක් අපි දැනන් හිටියේ නෑ.දැන් අපි එහි සැක කරුවන්. අපි සේරම දැන් කූඩුවේ. ඔන්න එකපාරටම අපි දැක්කා අපි පාර අහපු අයියා පොලිසිය ඇතුළේ ඉන්නවා යුනිපෝමයකුත් ගහගෙන.අනේ අයියේ ඔයා කියපු තැනින් රිංගන්න ගිහින් අපට වෙචිච දෙයක් කියලා අදෝනා දෙමින් අපි කැ ගහන්න ගත්තා. ඔන්න ඊට පස්සේ ඒ අයියගේ කරුණාව හින්ද පැය දෙකක් විතර ඇතුළේ තැපල අපි එළියට ආවේ.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. අඩන්නාට දොර ඇරේ..හැක්

      Delete
    2. පාර අහපු අයියා ජෙප්පො සැට් එකක් කියලා හිතලා හීන් නූලෙන් ගුලිය අඹරලා තියෙන්නෙ කැරළි කරුවන් අත්අඩංගුවට ගැනීමේ ගෞරවය දිනා ගන්න... අපිත් කීප වතාවක් රා බීලා තියෙනවා... වදිනවා හොරයි වතුර කලවං කරලාද මන්දා...

      Delete
  8. කෑවනං බිව්වනං කෙලින්ම ගෙදර.. කොටින්ම ප්‍රධාන මාවත්..පොදු ස්ථානවල ගැවසීම හා දන්නා හඳුනන අය හා කතාවට යෑම.. නොදන්න අය හා ආස්සරයට යෑම අති භයංකරය.. බිව්වට කෑවට බිව්වට පස්සේ නිදහස් තැනකනං යාළු‍වොත් එක්ක සිංදුවක් කියලා.. කයියක් ගහලා ගෙදර මාරු වෙනවා ඇර වෙන දේට යාම කෙලවීමට හේතුවකි...

    මෙතනදී ගෝතයාට වෙලා තියෙන්නේ ඌ සෙට් වෙන්න බස් එකේ යන තරං දුරක් ගිය එකයි... සෙට් වෙන්න ඕන ගමේ අහල පහල තැනක් බලලා එහෙම උන් ටිකක් එක්කනේ... මේ බස්වල ආපහු එන තරං දුර ගිහිං සෙට් වෙලා ආයේ එන්න පිස්සුයෑ.. ඒක‍්කෝ අර බයිට් දුන්න අක්කගේ කඩ කෑල්ලෙම වැටිලා හරි දොයිය ගන්න ඕන... අඩුම ගානේ බයිට් අක්කා රෑ වෙද්දී කෑම ටිකක් හරි දෙන්නේ නැතෑ කාලා දොයිය ගන්න...

    ReplyDelete
    Replies
    1. මාරෙ හරියටම හරි... අපිනම් බයිසිකල් කට්ටක්වත් අරන් තමා දුර යනවා නම් යන්නෙ... වතාවක් රෑ දෙගොඩ හරියෙ ගැරේජ් එකක් අස්සෙ අපි බෝතලයක් හිස් කරමින් ඉන්න වෙලාවෙ මුර සංචාරක ජිප් එකක් එතනට කඩා පාත් වුනා... පොලිස් ලොක්කා හැමෝගෙන්ම විස්තර එහෙම අහලා...

      මහත්තයලා ඉක්මනට ඔය ටිකත් ඉවරයක් කරලා ගෙදර යන්න පරිස්සමට කියලා ගියා... අපි පාරට ආවාම එතන චැක් පොයින්ට් එකක්.. ඒ උනාට අපි කාවවත් නවත්තගත්තෙ නෑ... එහෙම චෑන්ස් වදින්නෙ ඉතිං ඉදලා හිටලා...

      පද්මා අක්කගෙ කඩේ දොයියන්න ගිහින් අක්කගෙ මිනිහගෙන් කෑවා නම් පොලෝසියට අහු වෙන එක සැපයි කියලා හිතෙයි ගෝතයට...

      Delete
  9. //දියං ඩෝ අපිට අළුත් පෝස්ටුවක්// මං මේ එහෙම එන්න සෙට් වෙනකොටම සිරා පොස්ටුවක් දාල නෙව :)
    ගෝතයා නම් පව් කියලත් හිතෙනවා. උගේ සිගරට් බීම ගැන කියද්දී මට මතක් උනේ අපිත් එක්ක හිටිය බුවෙක්. ඌත් සිගරට් එක ෆුල් වෙර දාල හකු ඇකිලෙන්න අදින්නේ. තුන් හතර පාරෙන් ඒක ඉවරයි. අහලක ඉන්න බෑ ගඳට.
    රාත්‍රී කාලයේ අඳුරු ස්ථාන වල සිටීමත් කුණු බැනුම් ඇසීමට සිදුවන කරුණකි. ඉන්නවා නම් හොඳින් පෙනෙන තැනක සිටිය යුතුය කියල එකක් තියනවා මෙහෙ නම්..

    ReplyDelete
    Replies
    1. සිගරට් බොන උන්ට මමත් කැමති නෑ බන්... සිගරට් ගදට ඔලුව කැක්කුම හැදෙනවා... පාලු අදුරු තැනක හිටියොත් කොහොමත් සැකේ වැඩියි..

      Delete
  10. අම්මප කාපු බීපු වෙලාවට තමා හොද සිහිය වැඩියෙන් තියාගන්න ඕන නැත්නං අමර ප්‍රස්න.. නියමෙට තියෙනවා සිරෝ. ඔය ගෝතයා ආයේ අල්ලගෙන විස්තර අහපන්. තව හොද කතා ඇති.. මං මේ බැලුවේ බං මේකා වෙනියගේ යාළුවෙක්වත් ද කියලා...??? (අකුරක් නෑර කියවන ලදි)

    ReplyDelete
    Replies
    1. ගෝතයා කියන්නෙ කථා ලෝකයක් කියලා ඌ එක්ක කථා කරද්දි දැනෙනවා... වෙනියා කිව්වෙ අපේ වෙනී මාමද...

      Delete
    2. ඔව් බං ඇයි උඹ කියෙව්වේ නැත්ද මතේ ආදිනව.. අර වෙනියා කලිසම ඔළුවෙ දාං ගියා කියන්නේ චූ කරන්න තියෙන පහසුවට..

      Delete
    3. අප්පට ඒ කථාව මම කියෙව්වා... ඒ කථාවෙ අර අන්තිම චිත්‍ර‍ය පෙන්නුවෙ වෙනී අයියා වෙන්ට ඕනෙ එහෙනම්...

      Delete
  11. "kapu bipu welawata pare sinduwak kiwata ralahamila wage aya ganan gana ai sulu daya"
    maywa "Kaiwaru" nemi "supiri" lepi.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලවත් ඉතිං පොඩි ෆන්ක් එකක් ගන්න එපායැ හැබෑටම... එහෙම කියලා තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි තරමට බීලා වාහන පදින එක නම් අනුමත කරන්න බෑ...

      Delete
  12. කාපු බීපු තැන්වල ඉන්න හොඳ නෑ කියන්නේ ඕක තමයි !හික් ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි... ඔයාට වැටහිලා...

      Delete
  13. කෑවනම් බිව්වනම් ගෙවල්වලට යන්නෙ නැතුව අතන මෙතන තැක් ගැහෙනවට හොඳම වැඩේ...හි හි හී....

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ තරමට බොන්න නොවැ බොහෝ අයට අමාරුම කාරිය....ලිමිට් පැන්නම තමා අතන මෙතන තැක් ගැහෙන්නෙ...

      Delete
  14. ගුරෙක් ගාව හිටියත්‍ ගෝතයා තාම ගුරාගෙන් කිසිම දෙයක් අරන් නැති ගානයි.. අපිට වෙලා තියෙන්නේම ඕකනේ.. අතේ තියෙන ‍දේ කටට දාගන්න දන්නේ නෑ..
    -රස්තියාදුකාරයාගේ දි‍න‍පොත-

    ReplyDelete
    Replies
    1. ලොව්තුරා බුදුන් අභියස ඉදලත් නිරයට ගියා නොවැ දෙව්දත් තෙර... අන්න ඒ වගේ තමයි... පිනක් තියෙන්නත් ඕනෙ යමක් ලබාගන්න...

      Delete
  15. ඔය කාඩ් මාක් කරන ටික්කගෙ මාසෙක පඩියත් මං හිතන්නෙ 6000/- යි. උගේ මාසෙකම මහන්සිය එක රැයකින් ඉවරයි.
    ///මහත්තයා හංසයො මිරිකපු එකාව එළියට අරගෙන දුන්නා දෙන එක ආයෙ මදි නොකියන්න///
    සිරාද ? :D

    ReplyDelete
    Replies
    1. සිරා තමයි බං... ගෝතයා කිව්ව විදියටම අකුරු කලා කියලා ලිව්වෙ ඒක නොවැ...

      Delete
  16. සිරාගෙ කතාව සිරා
    මැද හරියක් කියෝගෙන යද්දි මේක සිරාගෙම කතාව වෙනව. හූ මිට්ට හින්ද ආයෙ ගෝතයගෙ කතාව වෙනව. හී හී :D

    ReplyDelete
    Replies
    1. සිරාගෙ කතා එහෙම තමයි... පටන් ගද්දි හිතෙන දේ නෙමෙයි අන්තිමට වෙන්නෙ...

      Delete
    2. ට්‍රම්පට් ගහන කොටත් එහෙමද යකෝ. බීරෝද මන්ද උඹලට අංක එක දුන්නේ.. හැක්...

      Delete
    3. ට්‍ර‍ම්පට් ගැහිල්ලක් මේකට ගෑවුනේ කොහෙන්ද.... පයිත්තියන්ද බොට...

      Delete
  17. යකෝ සිරා අයියේ බොට හොඳ ලස්සන පොස්ට් නැද්ද බන් දාන්න. උසාවි පොලිසි ඇරුණු කොට?

    ReplyDelete
    Replies
    1. ඇයි බොලං මීට කලියෙන් කවදද සිරා උසාවි පොලිසි ගැන ලිව්වෙ හැබෑටම... ඉදලා හිටලා ෆන්ක් එකක් ගන්න ඇත්තො නොවැ කාමරයට වැඩිපුර එන්නෙ... මට ඉතිං මාරයට වගේ පටවන්න නයියෙක් මුලිච්චි නොවිච්චි හින්දා අද මේක පැටෙව්වා...

      Delete
    2. මාරයා අයියා දැන් පැටවීම ගැන සෑහෙන්න ප්‍රසිද්ධයි වගේ හිකිස්............

      Delete
  18. 1988 - 89 කාලේ ඔය වැඩේ අනික් පැත්ත මම කළා. මගේ හමුදා යාළුවො වගයක් එක්ක අපේ ගෙදර පොඩි සාදයක් දැම්මා. හිතුවේ නැති විදිහට බඩු ඉවර වුනා. (පෙරේතයෝ) රෑ 2 යි වෙලාව. මුන් අඬනවා තව ඉල්ලලා. පොලීසියේ ඕ අයි සී මගේ යාලුවෙක්. මහා රෑ මිනිහව හොයාගෙන ගියා. මොන වදයක්ද බං, මේ රෑ ලිකර්ෂොප් බලහත්කාරයෙන් අරවන්න බෑ. මම පොලීසියට කෝල් එකක් දෙන්නම්. අල්ලාගෙන ආව බඩු වගයක් ඇති රෙස්ටෝරන්ට් එකකින්. ඒක අර පලයන් කිවා. අනේ උන්දෑට පින් සිද්ධවෙන්න පාටිය පාන්දර 4 විතර වෙනකල් ගියා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒ පින අපිට නෑ නොවැ... නිලඇදුමට තියෙන බෝනස් අහිංසක ජනමනයාට නැති බව සංවේගයෙන් සටහන් කරමි...

      Delete
  19. එල කතාව.රාත්තිරියේ කල බීලා එනකොට තරහ කාරයන්ගේ ගේට්ටු කණු හෝදන එකත් එල අතල් වැඩක් තමයි.පොලොසියට චාටර් වෙන්න වෙන්නේ ගොඩාක් අය ගෙදර ඉඳන් ගොඩාක් දුර යනවනේ අතල් ගන්න.අතල් අරගෙන ඉවර වෙනකොට ගෙදර යන්න බස් නැ.

    ReplyDelete
    Replies
    1. වාහනේක ගිහිල්ලා මාට්ටු උනොත් දඩේ සෑහෙන ගනන් නොවැ... ඒ නිසා තමන් ඉන්න තැනකම මදි නොවෙන්න බඩු එක සැරේ රෙඩි කොරන් සැට් වෙන එක තමා හොදම...

      Delete
  20. හොඳ වෙලාවට තවම පොලීසියේ කෙනෙක් බ්ලොග් නොලියන්නේ. එහම වුනා නම් රාජකාරි අත්දැකීම් වලින් මේක පිරෙයි. දැන් ඉතිං පොලීසියේ දන්නා අඳුනන අයට ඇනයක් වෙන්න එපා කතා ඉල්ල්ලලා.

    ReplyDelete
    Replies
    1. අදුනන පොලෝසියේ කෙනෙක්ට ඔත්තුවක් දෙන්න බැරිද බ්ලොගක් ලියන්න කියලා...

      Delete
  21. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් අරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තට වෙලාවක ඔලුව දාන්නම්...

      Delete
  22. "පන්තියෙ ඩෙස් පේළි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න...පාවිච්චි කරන වාහනේ වටිනාකමත් වැඩිවෙනවා..."

    ඒක ඇත්ත. ඒත් ක්ලාස් වල තත්වයනම් ඒ විදිහටම තමා.කිසිම වෙනසක් වෙන්නේ නෑ.

    අපි නම් ඔය හෝල්ට් ගානේ ඉන්නේ නෑනේ හවස්වරු වල. :) ටක් ගාලා මාරු හවස් වෙද්දීම.අහක යන තොප්පි නේ වැටෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ටියුෂන් කියන්නෙ ඉතිං බොහෝම ලාභදායී ව්‍යාපාරයක් නොවැ... හැමෝටම බෑ ඒකටත් හැකියාවක් තියෙන්න ඕනෙ...

      සැට් වෙලා බස්වල යන්න හිටියොත් ඉතිං වැඩේ සෑහෙන්න අමාරුයි...

      Delete
  23. එලම ටෝක්ස් එක සිරා අයියා.... :P

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා....

      දිගටම එන්න ...

      Delete
  24. පොලෝසියෙ ඈයොන්ට පච වෙනකං බොන්න ඇහැකි...අනික් උන් බිව්වොත්...ගස්..!
    හැබැයි සමහර උන් බීල පාරෙ චාටර් වෙන හැටි දැක්කම....ඔහොම කරන්න ඕනි.!

    ReplyDelete
    Replies
    1. බීමේ භයානකම පැත්ත තමයි රිය අනතුරු...ඒ නිසාම සිරා ඉදලා හිටලා ෆන්ක් එකක් දාන කෙනෙක් වුවත් මගේ අදහස බීමත් රියදුරන් ගැන නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුමයි.

      Delete
  25. ගතහැකි ආදර්ශය:- බීමතින් බස් හෝල්ට් තුල නොසිටීම.

    දිය හැකි අවවාදය:- බොන්න යාමේදී නොබොන යාලුවෙක් සමග වාහනයකින් යාම හෝ ටැක්සියක යාම.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ නියම අවවාදයක් දීලා... ඊට නරකද පද්මා අක්කගෙන් රෑට එහෙ නවතින්න බැරිද කියලා ඇහුවා නම්...

      Delete
  26. මම බැටං පොල්ලක් උස්සලා කෑවා පොලිසීයෙන් ජීවීතේටම මතක හිටින්න. ඔය වගේ කේස් නම් වෙලා නෑ. නමුත් ඉතින් කොල්ලො උනාම ඕක අනිවාර්ය දෙයක්....

    ReplyDelete
    Replies
    1. ඉතිං ලොකු අයියෙ බැටං පොල්ල ඉස්සුව කථාව පෝස්ටුවක් කලොත් නරකද... ආසයි කියවන්න...

      Delete
    2. අම්මප ඇත්ත. මේකාට දැං බැටං පොල්ලක් අහුවෙලා වගේ වෙරි බිසී වෙන්ට..

      Delete
  27. ලෝයර් ලා ඔහොම්මමයි බං! අඩේ පව් බං ඒ කොලුවා....තිබහට වෙන්න ඇතිනේ ටිකක් බොන්න ඇත්තේ....

    ReplyDelete
  28. හොද වෙලාවට මං තුමා සුරා සූදුවෙං තොර එළ කොල්ලෙකි...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ තරුණ ජීවිතයක් නිකං නාස්ති වෙනවා.... හික් හික්..

      Delete
    2. අහෝ දුකකි.. තරියා වැඩක් නැති එකෙකි.. නැත්ද සිරා..

      Delete
  29. අම්මෝ.... ටික්කො නම් හරිම පණ්ඩිතයෝ තමයි... හෙන ඔළුව... අපේ පංතියක කාඩ් මාක් කරපු ටික්කා, දවසක් එයාගෙ නෝනයි බබාලයි එක්ක කොහෙද මන්ද යද්දි කොල්ලො හූ කියල "අන්න ටික්කයි ටික්කියි ටිකි පැටවුනුයි යනවා" කියල... පස්සෙ සතියෙ ටික්කා ආවෙ නෑ..

    ReplyDelete
    Replies
    1. එව්වා මහ ජරා වැඩ

      Delete
    2. ඒවා ඔට්ටු නෑ... එහෙම වැඩ නාකයි...

      Delete
  30. පරන කතාවක් මතක් උනා පස්සේ දවසක කෙටලා දාන්නං

    ReplyDelete
    Replies
    1. ලියමුකෝ බලන්න එහෙනං ඒ කථාවත්....

      Delete
    2. හැක් අටමෝ.. ඒක කෙටල කතාවක්ද???

      Delete
  31. පොලිස් වෑන් එක ඇතුලෙත් පපුව ඇල්ලුවේ ආදරේට නොවැ....
    ඕකට රිඹ යන්න ගහන්න ඔනයෑ...

    ගෝතයට බුද්ධාගම පොතෙන් නොමිලේම ඉගෙනගන්න තිබුන පාඩම,
    සර්ට කඩේ ගිහිල්ල අමාරුවෙන් හොයාගත්ත තුට්ටු දෙක අයියෝ පනම් අට,

    ගෝතය තෙපලු වදන් නම් නියම urban

    ReplyDelete
    Replies
    1. ගෝතයා යනු අමුතුම එකෙකි... උගේ භාෂාව මෙන්ම අංග චලනයන්ද... අන් අයගේ සිත් පැහැර ගනී... නමුත් කෙල්ලකගේ සිත පැහැර ගැනීමට එය හේතු නොවේ...

      Delete
  32. හොද වැඩේ උඹලට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වල් රජෝ... පෝස්ට් එක කියවලා කමෙන්ට් කරපන්... හොදට කියවලා බලපන් මේක අපිට වෙච්ච වැඩක් ද කියලා....

      වෙලාවකට මමත් ඔහොම තමා පෝස්ට් එක නොකියාම කොමෙන්ට් කරනවා...

      Delete
    2. හෙහ්. වල් රජාට පයිත්තියන් නෙව දැං පේන්නේ... උඩ ඉදං බලන කොට. දැන් තොට හොදද???

      Delete
  33. ආපෝ..... ටික්කො හිතන් ඉන්නේ උන් හෙන බුවාලා කියලා , උන් කොල්ලො කෙල්ලොන්ගේ ඉස්සරහ රගන හැටි තමයි බලන්න ඕනේ , එකෙක් අද දැන් එන සපත්තු කූට්ටම හෙට අනිත් එකා දැන් එනෝ ,සමහර එවුන් සර් ල ගේ බයික් / කාර් අරන් ටව්න් එක වටේ කෙල්ලොන්ට හෙඩ් ලයිට් ගගහ යන හැටි තමයි බලන්න ඕනේ , උන්ට තේරෙන්නේ නෑ කව්රුවත් උන්ව ගණන් ගන්නේ නෑ කියලා

    ReplyDelete
    Replies
    1. පවු බන්... අසරණයො... දාහක් දෙදාහක් කෙල්ලො ගැවසෙන තැනක එකෙක් උන්ට සැට් වෙන් නැතිකොට උන්ටත් අප්සැට් නැතුවැයි....

      Delete
  34. පට්ට ආතල්..අවේලාවේ වීදි සැරුවට හොඳ පරිප්පුව..අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක් හොදට බීලා බීලා බයිසිමොටෝව රෙස්ටුරන්ට් එකෙන් එළියට දැම්මා විතරයි... පොලෝසියෙන් ඒ කිට්ටුව රැකගෙන ඉදලා පස්සෙන් එලවලා අල්ලලා දැම්මා උසාවි... දඩය රු 8000/- දැන් ඒකා බොන්න යන්නෙම පයින්... අයියෝ සල්ලි...

      Delete
  35. නියම අත්දැකීම්. ජිවිතේ මේ වගේ අත්දැකීම් ඒ ඒ වෙලාවට මාර කට්ටක් වුනත් දැන් බලද්දී හිනා යනවා නේ .

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ ඔය කට්ට ටික කාලෙකින් අමතක වෙනවා නොවැ... ආයෙ බීලා මාට්ටු උනාම තමයි ඒක මතක් වෙන්නෙ...

      Delete
  36. හොද වැඩේ බිලා ඉවර වෙලා රස්තියාදු ගහනවට.....

    //ෆන් දැමීමෙන් පසු බස් හෝල්ට් අසල සිටගෙන සිටීම ඉතා භයානකය....//

    මේක පාඨකයන්ට ගත හැකි ආදර්ෂය නෙමෙයි බේබද්දන්ට ගත හැකි ආදර්ෂය විය යුතුයි.... හික්....

    ReplyDelete
    Replies
    1. හයියෝ නගෝ එහෙම දරුණු වෙන්න එපා...බේබද්දො කියන්නෙ දිනපතා බොන උන්ට... ඒත් අහිංසක කොල්ලො මාසෙකට සැරයයි නැත්නම් දෙසැරයයි ෆන් එකක් දාන්නෙ... මහින්ද මාමා අරක්කු මිළ බජට් එකෙන් අඩු කරන නිසා තමයි එහෙම වෙන්නෙ...

      Delete
  37. පට්ට කතාව බං , මට වෙච්ච එකේ අනික , මේවගේ දේවල් උනාම ඉදලා හිටලා පොඩි ආතල් එකක් ගන්න එකත් එපා වෙනවා බං.. මමත් දැන් දුර බැහැර ගමන් එක්ක අරවා මෙව්වා ගන්න එක නවත්තලා තියෙන්නේ (මැච් එක දවසේ සිද්දියේ මම දාපු පොස්ට් එක මතක ඇති නෙවැ) දැන් මහා පාරේ යන්න නැති පුංචි ස්පෝර්ට් එකක් සෙට් කරගෙන ඉන්නේ..හික්

    //ෆන් දැමීමෙන් පසු අවේලාවේ වීදි සංචාරය... ඉතා අහිතකරය... අයියෝ සල්ලි යනුවෙන් කීමට වැඩ සිදුවිය හැක.//
    හිකිස් කතාව ඇත්ත මමත් 10000 ක් දීලා අය්යෝ සල්ලි කියලා ආව නෙවැ :D

    ReplyDelete
    Replies
    1. උඹේ කථාව මට මතකයි...එතැනදිත් උනේ බඩු මදි වෙලා අඩු ගේන්න ගියාම මාට්ටු වෙච්ච එක නොවැ... ඒ නිසා මගේ උපදේශය තමා සැට් වෙන කොට මදි නොවෙන්න බඩු අරන් සැට් වීම නුවනට හුරුයි...

      Delete
  38. හිසික් අත්දැකීම විස්තර කිරීම පට්ටයි....

    ReplyDelete
    Replies
    1. තරුවා උඹ බොනවද නැත්නම් පෙවෙනවද...

      Delete
  39. මේ පොලිස් කතාන ඇහුවම මම අහපු කතාවක් මතක් වුනා.

    මාතරට කිට්ටු වෙනත් නගරෙක පොලිසියකට දැන් අවුරුදු කීපෙකට කලින් අළුතෙන් ඕ. අයි. සී. කෙනෙක් ඇවිත් තිබුණ. ඒ ඒරියා එකට අහුවෙන ධීවර කර්මාන්තෙ යෙදෙන කට්ටිය ඉන්න සුප්‍රසිද්ධ වලි ගම්මාන කීපයක්ම තියෙනව, සෙල්ලම් නෑ කුඩුවෙන්න ගහල කපල කොටල යන්නෙ උන් වලිවලට බැස්සම. කොහොම හරි අපිට ඔය විස්තරේ කියපු අපේ තාත්තගෙ යාළුවෙකුත් ඔය හරියෙ ඉන්නව, එයා කියපු හැටියට ඒ පැතිවල ගෙවල්වල කොල්ලො මිනිස්සු මහ රෑ වෙනකන් ඔය හන්දිවල රස්තියාදු වෙන එකයි එකේක වැඩළු. අර ඕ. අයි. සී. ආව විතරයි අවේලාවෙ වීදි සංචාරය කරන රස්ත අයියල ඔක්කොටම හිතේ හැටියට සැලකුවළු. ඊට පස්සෙ ඇඳිරි වැටෙන කොට කවුරුත් ගෙවල්වලට යනවලු, ඒ පැතිවල ගෑනු නම් ලොක්කට එකෙන්ම පින් දෙනව කියල තමයි අර අන්කල් කිව්වෙ. තව ඉස්කෝලෙ වෙලාවෙ යුනිෆෝම් පිටින් ෂර්ට් උඩ දාගෙන ටවුන් එකේ රස්තියාදු ගහන එවුන්, කඩ පිටිපස්සෙ ඉඳන් සිගරට් උරන පොඩි එවුන් ළඟට පොලිස් යුනිෆෝම් නැතුව සාමාන්‍ය කෙනෙක් වගේ ළඟට ගිහින් කතාකරල ටවුන් එක මැදදිම නෙලනවලු.

    ඒ පැත්තෙ කෙනෙක් ඉන්නව නම් කවුද කියල දන්නව ඇති, මම නම කිව්වෙ නැති වුනාට, මම හිතන්නෙ වැඩි දවසක් ඒ මනුස්සය හිටියෙ නැත්ද කොහෙද, කොහාට හරි මාරුකරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. O.I.C එහෙම ආතොල් කඩන්න හොද නෑ... කොල්ලො අනුන්ට කරදරයක් නොවී ආතොල් ගන්නවා නම් එහි වරදක් මම දකින්නෙ නෑ... ඔය කියන පොලිස් ලොක්කා උනත් කොල්ලා කාලෙ හොදට බොන්න ඇති...

      බීමේ ආදිනව කියා දී බීමෙන් මුදවා ගන්නවා මිස... චණ්ඩි පාට් මගින් බීම නැවැත්වීම කල නොහැකි දෙයකි...

      Delete
    2. නෑ සිරා, මමත් මේ අහපු කතාවක් කිව්වෙ, ඒ පැතිවල ටිකක් අමුතු ලයින් එකක් තියෙන්නෙ. අර පොලිස් මෑන් වැඩ කරන්න ඇත්තෙ කෑව නම් බිව්ව නම් පවු නොදී ගෙවල්වලට පලයල්ල කියන සිස්ටම් එකට, මොකද අනවශ්‍ය ප්‍රශ්න හුඟක් පාලනය කරන්න පුළුවන් ඒකෙන්. අනෙක් පළාත්වලට එහෙම ප්‍රශ්නයක් නෑ, තමන්ට තියෙන නිදහස වැදගත් විදියට පාවිච්චි කරන්න දන්නැති උන්ට එහෙම උනාට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.

      // පොලිස් ලොක්කා උනත් කොල්ලා කාලෙ //

      අහපු හැටියට නම් මෑන් එතකොටත් කොල්ලා තමා.

      Delete
  40. පව් වැඩේ හරුට පයින් ගියානම් 6000 කොච්චර ෆන් ගන්න තිබ්බද?.. පොලිසියත් ඒ වගේ උන්ට තමා බලු වැඩ කරන්නේ, කොච්චර දුක් සිද්දියක් උනාත් හිනාවෙන්න ලියල තියෙනවා

    එල මචං..

    ReplyDelete
    Replies
    1. පොඩි මිහිහට තමා බන් නීතියත් කියලා එකක් තියෙන්නෙ... තෝරු මෝරු උඩ පැන පැන කෝටි ගනන් හොරා කනකොට කෙහෙල් කැන කපන අහිංසකයට නිතිය ක්‍රියාත්මක වෙනවා...

      උස් තැන් දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ කියන සින්දුව තමයි මට මතක් වෙන්නෙ...

      Delete
  41. අන්න ඒකනෙ....අප කියන්නෙ..උසාවි කියන්නෙ ව්‍යවස්ථාපිත මංකොල්ල ආයතන කියලා,....
    අර අහිංසකයගෙ 6000 ට කෙළියෙ නැද්ද -ත්තරීතර අධිකරණයයි කළුකෝට් කාරයයි පොලීසියයි.

    ReplyDelete
    Replies
    1. මේ යන විදියට නීතිය ගැන තියෙන විශ්වාසයත් නැති වීගෙන තමයි යන්නෙ... එය රටක පැවැත්මට ඉතාමත් අහිතකරයි....කළුකෝට් කාරයො බහුතරයක් ඉතිං මස් රාත්තලම ඉල්ලන ඇත්තො නොවැ...

      Delete
  42. කතාවනම් සුපිරිය.... සිද්ධිය මැවිලා පේනවා...
    මෙවන් පෝස්ට් දැමීම සඳහා සිරා අයියාට තව තවත් අත්දැකීම් ලැබේවා....!

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගනිමි...

      //මෙවන් පෝස්ට් දැමීම සඳහා සිරා අයියාට තව තවත් අත්දැකීම් ලැබේවා//

      ඒ කිව්වෙ සිරාටත් මේ වගේ ජිප් සවාරියක් ලැබේවා කියලද බන්...

      Delete
  43. නොකල්හි වීදි සංචාරය හොඳ නෑ කියනවනෙ.
    තව කීයක් දේවල් එහෙම හොඳ නෑ කියලා කියනවද!
    සිංහලෙන්ම කිව්වොත් Being at the wrong place at the wrong time.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අමු හිංහලෙන්ම කිව්ව ටික නම් වැටහුනා කියලා මගෙ අක්මාවට දැනුනා....

      Delete
  44. මම නම් ඉතින් බීල පාරේ ගිහින් විතරක් නෙවෙයි කොටුවේ ස්ටේෂන් එකේ ක්‍රිකටුත් ගැහුවා නේ.. :) ඒවා ඉතින් වෙලාව සහ පෙනුම.

    ReplyDelete
    Replies
    1. කොටුව ස්ටේෂන් එකේ ක්‍රිකට්...එහෙනම් ෂුවර් එකටම දුම්රිය වර්ජනයක් තිබ්බ දවසක වෙන්ට ඕනෙ...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...