Friday, September 20, 2013

69 මළ බෑන්ඩ්

උඹ තාම නිදිද....නැගිටලා ඉක්මනට ලෑස්ති වෙයන් යකෝ...අපිට මළ බෑන්ඩ් ගහන්න වෙලා....සිහින ලෝකෙ සැරිසරමින් සුර කුමරියො සමග මල් නෙලමින් සිටි සිරාගෙ නින්ද කැඩුවෙ නිවසේ දුරබණුවට බෑන්ඩ් එකේ අයිය බඩා ගත්ත ඇමතුම හින්දා.

ඈ....හ් කවුද බොල මළේ...මේ ඉරිදා....තවමත් පියවෙන්නම ට්‍රයි කොරන ඇස් කෙවෙනි දකුණු අතින් හීනියට විවර කරගන්න උදව් වෙමින් සිරා කොලුවා රිසීවරය වම් අතින් කණට තද කොරගෙන ඇහුවා.

අපේ එකෙක් නෙමෙයි බන්...මේ කොහෙවත් යන මරාළයක් අපිට පාත් වෙලා...අද ඉරිදා උඹලා පන්ති ගිහිල්ලා කෙල්ලො ලග පැණි හලන්න ගත්තට පස්සෙ අල්ලනවා බොරු හින්දා තමයි මම මේ උදේ පාන්දරම බොට කථා කලේ...බෑන්ඩ් කණ්ඩායමේ නායකත්වය දරපු අයිය බඩා එහෙම කිව්වා. ඒ කාලෙ කණ්ඩායමේ දෙවෙනියා තමයි මේ කථාව අද ඔබට කියන සිරා කොලුවා.

අනේ එහෙමත් වේදනාවක්...අපේ පන්තියෙ සීදේවි කෙල්ලො කීයක් නම් හිටියද...මේ එකක්වත් සැට් කොරගන්න සිරා ඇහේ පොට යනකං කරකවකවා හිටපු අවධියක එක දවසක් පන්ති යන්න නෑ කියන්නෙ සුලු පටු පාඩුවක්ද හැබෑටම මගේ ව්‍යායාමයට.

මොකද උඹ සද්ද නැත්තෙ...අයිය බඩා යටි ගිරියෙන් ගිගුරුවා..කණේ කලාදුරු කලබවාගෙන ඒ හඩ මගේ කම්බෙරය උත්තේජනය කොලා.

නෑ බං මං මේ කම්පනා කොලේ අද ඉරිදා දවසෙ කොච්චර වැඩ තියෙනවද බොල...පන්ති යන්නත් තියෙනවනෙ...විභාගෙත් ලගයිනෙ....

ඔව් ඔව් ගවුම් කෑලිත් ගොඩාක් පන්තියට එනවනෙ...මට තේරෙනවා උඹට තියෙන ප්‍රශ්නෙ....අයිය බඩා කෝචොක් එකට කැත හිනාවක් දැම්මා.

එහෙම කියලා බෑ බං...මේ මළගෙදර අහවල් ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ....ඒ ඉස්කෝලෙ බෑන්ඩ් කණ්ඩායමක් නෑ කියලයි සෑහෙන වටයක් ගහලා මේ වැඩේ අපිට භාරදීලා තියෙන්නෙ...අර උඹත් එක්ක හිතවත් කොමනි, කුවේණි උන් දෙන්නත් ඒ ඉස්කෝලෙ නේද....

එහෙම කියන්න එපායැ....අසල්වැසි පාසලක් නම් ඉතිං අපි උදව් කරන්න එපායැ බං....නම් දෙක අහලා ආපු කික් එකේ වැඩි කමට මට එහෙම කියවුනා. මොකද කොමනි කියලා කියන්නෙ අතිශයින්ම රූමත් දැරිවියක්...දකින දකින කොල්ලා ඒකිට වහ වැටෙන හින්දා Common කියන වචනෙන් තමයි ඒකිගෙ ආරූඩ නම හැදිලා තිබුනෙ.

එහෙනං දෙයියො...උඹට පුලුවන් හැමෝටම පණිවිඩේ බෙදලා ඉක්මනට ඉස්කෝලෙට වරෙන් මගෙ අම්මා...උඹ නැතුව මේ කාරිය කොරන්න බැරි බව දන්නවනෙ....රතු කොණ්ඩෙට ආදරේ කොරන්න මට උදව් වෙච්ච මගේ අතිජාත මිත්තරයා අයිය බඩා එහෙම කියලා දඩාස් යන අනුකරණයෙන් රිසීවරය තිබ්බා.

මළගෙදරක බෑන්ඩ් ගහන්න අපේ උන්ට ඒ වෙනකං අවස්ථාවක් ලැබිලා තිබුනෙම නෑ...අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්න අපේ පාසලේ ශිෂ්‍යයෙකුගේ අවසන් කටයුතු සදහා පාසලෙන් හැම විටම සහභාගි කෙරෙව්වෙ පාසලේ පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය...අපි ඉතිං අපරදිග බව මීට පෙර මම ලිව්ව බෑන්ඩ් කථා කියවපු අය දන්නවා නොවැ.

සිරා කොලුවා පාසලට යද්දි කණ්ඩායමේ බොහෝ පිරිසක් රැස් වෙලා හිටියෙ තමන්ට තියෙන අතිරේක පන්ති, නිවාඩු දවසෙ අරයත් එක්ක රවුමක් යන්න තියෙන අවස්ථාව වගේම තවත් බොහෝ කටයුතු අත ඇරලා. තවත් මොහොතකින් අපේ බෑන්ඩ් මාස්ටර් පිරිස ඉදිරියේ සම්මුඛ උනා.

මීට ඉස්සර අපි කවදාවත් මළ ගෙදරක බෑන්ඩ් ගහලා නෑ. මේ වගේ අවස්ථාවල වාදනය කරන සංගීත ඛණ්ඩ වෙනම තියෙනවා...ඒ උනාට අපි කවදාවත් ඒවා පුහුණු වෙලා නෑ.....ඒයි අහගෙන ඉදපං....වෙන අවධානයක ඉන්න එකෙක් දෙසට ඇගිල්ල දික් කරලා සෑර් සැර කෙරුවා.

මේ දේවල් අවශ්‍යතාවක් ඇති වුනොත් විතරයි පුහුණු වෙන්නෙ....නිකරුණේ පුහුණු වෙන්න හොද නෑ...හරිම මූසල ගතියක් තමයි මේ හඩේ තියෙන්නෙ....ඒ හින්දා උඹලා ඉගෙනගන්න ඉස්කෝලෙ ඉදන් මේවා පුහුණු වෙන්න හොද නෑ.

මාස්ටර්ගෙ කීම අනුව සැට් එකම තම තමන්ගෙ වාදන භාණ්ඩ අහුරගෙන පාසලට ටිකක් දුරින් පිහිටා තියෙන ශ්‍රී බෝධි ක්‍රීඩාංගනයට පේලියට පිවිසුනා... එදා ගල් බොරළු තිබ්බ රළු භූමියක් වෙච්ච මේ ක්‍රීඩාංගනයෙ අව්වට පිච්චෙමින්...බඩගින්නෙන් පීඩා විදිමින් බෑන්ඩ් ගහන්න තිබ්බ ආශාව හින්දා එක පවුලක උන් වගේ අපේ කණ්ඩායම වෙහෙස මහන්සි වෙච්ච ආකාරය මේ අවස්ථාවෙ මට බොහොම භක්තිමත්ව සිහිපත් වෙනවා. මේ ක්‍රීඩාංගනය අද අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් ලෙස පිහුනම් තටාක සංකීර්ණයකුත් සමගයි නවීකරණය වී ඇත්තෙ.

ක්‍රීඩාංගනයෙ කොණකට වෙන්න නිවෙස් වලින් තොරව හුදෙකලාව පැවති තැනක අපේ පුහුණුව ඇරඹුනා.පළමු වතාවට තමයි මේ වගේ සංගීත ඛණ්ඩයක් පුහුණු වෙන්න යන්නෙ...මුලදි මුලදි හරිම කම්මැලි කමක් දැනුනත් පස්සෙ පස්සෙ හැමෝම බොහොම උනන්දුවෙන් ජාමෙ බේරාගන්න පුලුවන් වෙන තරමට පුහුණු වුනා. අපරාදෙ කියන්න බෑ මාස්ටර් කියපු විදියට හරිම ශෝකාකූල පරාජිත හැගීමක් තමයි ඒ සංගීතය ශ්‍රවණය වෙද්දි හිතට දැනෙන්නෙ.

සංගීතය පුහුණු වෙන්න අපිට වැඩි කාලයක් නෑ...ඇදුම් පැලදුම් ලෑස්ති කරගෙන, සපත්තු ටික පොලිෂ් කරගන්නම සෑහෙන වෙලාවක් යන නිසා...අයිය බඩා නියම නායකත්වයේ ලක්ෂණ විදහා පාමින් මේ කටයුතු නිසිආකාරව මෙහෙව්වා. බෑන්ඩ් මාස්ටර් අධීක්ෂණය කොලා.

සියලු කටයුතු නිමකරගෙන අවසන් වෙන්නත් කලින් පිරිසට ප්‍රවාහන පහසුකම් දෙන්න බස් කබලකුත් පාසල් භූමියට සම්ප්‍රාප්ත උනා...තදින් දැනෙන කුසගින්න අමතක කරලා ඔන්න පිරිස දැන් රථයේ අසුන් අරන්... කණ්ඩායමක් විදියට මේ වගේ හදිසි ගමනක් යන බව ආරංචි වෙන අපේ පරණ සාමාජිකයො දෙන්නෙක් තුන්දෙනෙකුත් කණ්ඩායමේ සහයෝගයට එන්නෙ බෑන්ඩ් උණ ලේසියෙන් ඇරෙන්නෙ නැති රෝගයක් නිසාම වෙන්න ඇති.

රථය නුවර කොළඹ මාර්ගයට පිවිසිලා ටික දුරක් ගියාට පස්සෙ අතුරු පාරකට හැරවුනා...මියගිය තැනැත්තා විදුහල්පති වරයෙක් හින්දමද කොහෙද කට කපලා සෙනග....එතුමගෙ පාසල මිශ්‍ර පාසලක් හින්ද කොල්ලො වගේම කෙල්ලොත් හරි හරියට මළ ගෙදර වැඩට උදව් වෙනවා පාසල් නිළ ඇදුමෙන්ම.

පුතාලා මෙතන ඉන්න...අපේ පිරිසට වෙන් කරපු ස්ථානය අපට දක්වමින් ඒ පාසලේ ගුරු භවතෙක් එහෙම කිව්වා.

තවත් ටිකකින් සීදේවි දැරිවියො පිරිසක් අපිට සංග්‍රයක් කරන්න සූජානමෙන් ඇවිත්...

අයියෙ බිස්කට් බෙදාගෙන පෙට්ටිය දෙන්න...එකියක් කොමළ හිනාවක් පාන ගමන්ම කිව්වා...

මොනවා දෙන්නද නංගි පෙට්ටියත් අපිම බෙදා ගන්නම්...ජපන් චමියද කොහෙද එහෙම අවලං කථාවක් කිව්වා....

අපේ පාසල ඉතිං ගම්පහ පුරවරයෙ තියෙන එකම බාලක පාසල විදියට නම රදවගෙන ඉන්න හින්දද කොහෙද මේ වගේ පාසල් වල දැරිවියො අපේ එකෙක් එක්ක යාලු වෙන්න හරිම මනාපයි. ඒ මනාපයට උන්ගෙ පාසලේ කොල්ලො අමනාපයි. දැරිවියො ටිකත් වට කරගෙන සතුටු සාමීචිය නැගලා යද්දි තමයි මදාවි පෙනුමක් තියෙන කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් අපි ඉදිරියට ආවෙ.

අප්පට හුඩු...බලහංකො බන්...අපේ මැරිච්ච පිනා වැඩ කාරයනෙ බන්... අපි ඉද්දි තිබුනෙ නැති වැස්ටර්න් බෑන්ඩ් එකකුත් දැන් තියෙනවනෙ බොල....අඩෝව් උඹලා පොඩි උන් ඩෝ අපි ඉස්කෝලෙ සෙල්ලං දානකොට....

අපේ පාසලේ අනන්‍යතාව පෙන්වන කිසිම දෙයක් අපේ කණ්ඩායමෙන් පිළිඹිබු වෙන්නෙ නැතිකොට ඒ කථාවෙ වැරැද්දක් නෑ...මළගෙදරක් නිසා වර්ණවත් ඇදුම් අදින්නෙ නැතුව සාමාන්‍ය සුදු ඇදුමෙන් තමයි අපේ පිරිස ඉන්නෙ.. ඒත් තමන්ගෙ වැඩ පාඩු කරගෙන කිසිම අදාළත්වයක් නැති මළ ගෙදරකට බඩගින්නෙම ආවා මදිවට මුන්ගෙ කථා අහන්නත් සිදු වෙච්ච එක ගැන අපේ පරණ ඇත්තන්ට අපිට වඩා කේන්තියි...

මෙහෙ වරෙන්....අපේ පරණ උත්තමයෙක් අර පිරිසෙ එකෙක්ට කථා කලා...උඹ කොහෙ කියලද කිව්වෙ...උඹලගෙ ඉස්කෝලෙට අදටත් බෑන්ඩ් එකක් නෑ ඩෝ...අපි අහවල් ඉස්කෝලෙ...අපේ කොල්ලන්ට පන්ති යන්නත් දෙන්නෙ නැතුව බලෙන්ම මේ රෙද්දට අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ...උඹලා පොරවල් නම් මුන්ට බඩගින්නෙ බෑන්ඩ් ගහන්න තියන්නෙ නැතුව කන්න දෙයක් ගෙනත් දීපල්ලා...

ඒ කථාවට උන් මොකුත් කිව්වෙ නෑ එහෙට මෙහෙට ඇඹරුනා මිසක්...මොකද ගම්පහ නගරෙ පිරිස් බලය අතින් අපේ පාසලේ උන් පරදවන්න කාටවත් බැරි නිසා අතිරේක පන්ති වලට ගම්පහට එන වෙනත් පාසලක එකෙක් දැනුවත්ව අපේ උන් එක්ක පැටලෙන්න යන්නෙ නෑ.

මෙන්න මේ අතරෙදි තමයි පෙර කිව්ව කුවේණී මගේ නෙතට හසු වුනේ....

ආනේ ඔයාලත් ආවද ? ඇය දුටුවනම එහෙම ඇහුවා...

නෑ අපි ආවෙ නෑ...අපිව බලෙන් ගෙන්නුවා...මම එහෙම කිව්වා.

කන්න බොන්න මොකුත් ලැබුනද ? ඇය නැවතත් ඇහුවා.

කන්න නම් ලැබුනා බොන්න තමයි මොකුත් නැත්තෙ....ඒ කථාවෙන් පස්සෙ කුවේණිගෙ මග පෙන්වීමෙන් අපිට බීම බෝතල් කිපයකුත් ලැබුනා.

කනත්තට ගොඩාක් දුරද අයියෙ...ඕනෙම තැනකට ගියාම ඒ අවට ඉන්න පිරිස එක්ක ඉක්මනට හිතවත් වෙන ජපන් චමියා එහෙම ඇහුවා....බෑන්ඩ් එකේ තියෙන වාදන භාණ්ඩ වලින් බරින් වැඩිම භාණ්ඩය බේස් ඩ්‍රම් එකට තලන රාජකාරිය භාරගෙන හිටිය හින්දයි ඒකා එහෙම ඇහුවෙ.

වැඩිය නෑ මල්ලි මීටර් 200 ක් විතර ඇති. පිළිතුරත් ලැබුනා

කාලය ටික් ටික් හඩින් ගලාගියා. ඔන්න දැන් ගුණ කථන, ස්තූති කථා, කරපු සේවය අගය කරන කථා මාලාවකින් පස්සෙ ලතෝනියක් ඇහුනා...මෘත දේහය නිවසින් පිටතට ගන්න සූජානම් වෙන බව තමයි ඉන් වැටහුනේ.

ගනිල්ලා බෑන්ඩ් එක ඉක්මනට පාරට...අපේ පරණ එකෙක් බෙරිහන් දුන්නා...

කෝ අයිය බඩා...ඒකා මේ වෙලාවෙම අතුරුදහන් වෙලා...

පළවෙනියා නැත්නම් දෙවැනියා ගනින් බෑන්ඩ් එක ඉස්සරහට... මළගෙදර තදබදේ අස්සෙ පරණ උන් එක එකා කෑ ගහනවා...

දෙවැනියා විදියට සිරා කොලුවා කණ්ඩායම භාරගන්න හදනකොටම කොහෙද රෝන්දයක් ගහන්න ගිහිල්ලා හිටපු අයිය බඩා සම්ප්‍රාප්ත උනා.

දැන් සැට් එක වැඩේට ෆිට්. ඔන්න ඉතිං දැන් අවසන් කටයුතු සදහා කනත්ත කරා යන සෙමින් ගමන ඇරඹුනා. අපේ පිරිස වාදනය කරන්න පටන් ගන්නකොට උදේ පුහුණු වෙච්ච මෙලෝ සසරක් මතක නෑ...කොළ වල සටහන් කරගන්න වෙලාවක් තිබුනෙත් නැති නිසා සැට් එක හිතෙන හිතෙන ඒවා ගහනවා...හරිම පංකාදුයි... බෑන්ඩ් මාස්ටර්ගෙ මුහුණ විලියෙන් ඇඹරෙනවා.

අපි පුහුණු වෙච්ච සංගීත ඛණ්ඩය ටිකක් විතර අම්මා සදකි - ටී. එම් ජයරත්න මහත්තයගෙ ජනප්‍රිය ගීතයෙ ආරම්භක සංගීත ඛණ්ඩයෙ මුල කොටසට සමානයි. දැන් සමහරු ඒ මතකයට ඒ ගීතය වාදනය කරනවා...වටේ පිටේ උන්ට මේ වැඩේ මාට්ටු නොවෙන්න ජපන් චමිනා බේස් ඩ්‍රමට උපරිමයෙන් තලනවා. සයිඩ් ඩ්‍රම් සැට් එකත් ඒකට උපරිමයෙන් සහයෝගය දෙනවා. ඔයින් මෙයින් ඔන්න සැට් එක අතුරු පාරෙන් නුවර -කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසුනා. ඒත් එක්කම උදේ පුහුණු වෙච්ච දේවල් ටිකෙන් ටික මතක් වෙලා වටේ පිටේ රැස් වෙලා ඉන්න පිරිස ඉදිරියෙ දැන් දැන් කදිමෙට වාදනය කරනවා...අපිට පිටිපස්සෙන් අවමංගල රථය...ඊටත් පිටිපස්සෙන් ශෝකාභරිත මූණත් තහඩු එල්ලගෙන ගමන් කරන පවුලේ උදවිය, පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවො සමග ගමේ ජනතාව.

කෝ බන් මීටර් 200 ට දැන් 400 කටත් වඩා ආවනෙ. අරූගෙ මීටර් රබර් වගේ ඇදෙනවනෙ...බඩගින්නෙම බේස් ඩ්‍රමට තලන ජපන් චමියා වාදනය අතර තුර බෙරිහන් දෙනවා. ඉද්ද ගැහුවා වගේ කෙළින් තියෙන ප්‍රධාන මාර්ගයේ දිගටම සරසලා තියෙන විදියට තවත් කිලෝමීටරයක් විතර යන්න වෙන හැඩක් තමයි තියෙන්නෙ. යටිකය වෙව්ලනවා අප්පා යන්න තියෙන දුර දැක්කම....

යනව යනව ඉවරයක් නැතුව ගියාට පස්සෙ සැට් එක වාදනය නැවැත්තුවා...චමියා විතරක් ඇගට පතට නොදැනෙන ගානට බේස් ඩ්‍රමට පොඩ් තට්ටුවක් දානවා නිහඩ බව බිදින්න...මීටර් 100 ක් විතර මේ විදියට ගිහිල්ලා ආයෙත් සුපුරුදු විදියට වාදනය පටන් ගන්නවා. ආයෙත් නවත්තනවා, ආයෙත් පටන් ගන්නවා, කොහොමින් කොහොම කිලෝමීටරයකටත් වඩා දුර අවමංගල පෙරහැර ප්‍රධාන මාර්ගයේ ගමන් කලාට පස්සෙ අතුරු පාරකට හැරුනා...අපේ උන් දැන් පෙරටත් වඩා ශබ්දෙට වාදනය කරනවා කනත්ත අත ලග ඇති කියලා....


සිරා කොලුවා වන මා සමග උසස් පෙළ කරන අවධියේ එකම පන්තියක සිටි තූර්ය වාදක ඛණ්ඩ ආදි ශිෂ්‍යයකුගේ අවසන් කටයුතු උදෙසා අපෙන් පසු පරපුර මළ බෑන්ඩ් ගැසූ ශෝකජනක අවස්ථාවක්

මොන පිස්සුද...තාමත් කනත්ත පේන තෙක් මානෙක නෑ...ගැරඩියා ගියා වගේ ඒ මේ අතට හැරි හැරී යන පාර එන්න එන්නම කෙට්ටු වෙනවා...බෑන්ඩ් එකේ උන් දැන් එක පොදියට ලං වෙලා... හිතේ හිරවෙලා පොදිකන තරහා කුණු හබ්බ එක දෙක ලෙස එළියට පනිනවා...මොකද සෙමින් ගමන බොහෝ දුර යන්න අමාරුයි...බූට් දාලා තියෙන නිසා තවත් අමාරුයි.

ඔන්න තවත් විනාඩි 10 කට විතර පස්සෙ කනත්ත හමුවුනා. ඒකත් අමුතුම ආකාරයේ කනත්තක්..කනත්තට පිවිසෙන තැන තියෙන්නෙ හපුතලේ නගිනවා වගේ කන්දක්...සෑහෙන්න බර බේස් ඩ්‍රම ආයාසයෙන් දරාගෙන චමිනා කදු නගින හැටි බලන් හිටියාම දුකේ බෑ අයියෝ....කන්දක් නැග්ගට පස්සෙ පල්ලමක් තියෙන බව මට හොදටම තහවුරු වුනේ එදා...ඒකත් පල්ලමක් නෙමෙයි පල්ලම් රාජයෙක්...සෑහෙන බෑවුමක් තියෙන පල්ලම බහින චමිනට බේස් ඩ්‍රම හින්දා ඉදිරිය පෙනෙන්නෙ නෑ...කටු අකුල්, වල ගොඩැලි වල වැටි වැටී...ඒ මේ අතට වැනි වැනී පැද්දි පැද්දි යන උගේ ශ්‍රී මුඛයෙන් වලක වැටෙන වාරයක් පාසා කුණුහබ්බ එළිබහිනනවා. අන්තිමේදි අපි සොහොන කිට්ටුවට ලගා වුනා...මෘත දේහය අපෙන් සමුගෙන දකුණට හැරී ගමන් කලා...ජපන් චමියා හොදටම හෙම්බත්...ඒකගෙ මූණ කෝපයෙන් වෙව්ලනවා...මළගෙදරට අදාළ කිසිවෙක් වටපිටේ නැතිබව සැකහැර දැනගෙන චමියා තමන්ගෙ හිතේ තිබ්බ තරහා පිට කරගත්තා මහ හඩින්...

මේ හු------ට යකෝ බෑන්ඩ් එකක් හදලා මැරෙන්න තිබුනෙ නැද්ද....

පිටිපස්සෙන් ඇහුණු කිංකිණි හඩින් තමයි අපි දැක්කෙ ඒ වෙද්දිත් ඒ විදුහලේ ශිෂ්‍ය නායක කොල්ලො සහ කෙල්ලො සැට් එකක් අපේ පිටිපස්සෙන් පේළියට ඇවිල්ලා කියලා...ඒ අතර හිටිය කුවේණි මගේ දිහා හිනාව අතින් තදකරගෙන බලද්දි...මම හොද දරුවෙක් වගේ බිම බලා ගත්තා.





මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

තූර්ය වාදක ඛණ්ඩය තුල එකට දුක සැප බෙදාගනිමින් කටයුතු කල අපේ පැරණි සහෝදර වරුන් දෙදෙනෙකුගේ අභාවයන් වෙනුවෙන් මෙම ලිපියෙන් කියවෙන සිදුවීමට  පසු මළ බෑන්ඩ් ගැසීමට අපේ ඊළග පරපුරට සිදුවිය. ඒ සිදුවීම් ගැන තොරතුරු ඉදිරි දිනක.

69 comments:

  1. අර පටන් ගනිද්දි සංගීත කෑලි වාදනය කරපු විදිහට මම හිතුව මළ බෑන්ඩ් වෙනුවට මේක නිකන් පපර බෑන්ඩ් වගේ වෙන්නැති කියල. :D

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් එහෙම වෙන්නත් ඉඩ තිබුනා...එහෙම උනා එක කෙළියක් වෙන්නත් ඉඩ තිබුනා එතන...

      Delete
  2. අපේ අහල ගමක ඉන්නවා රටේ ප්‍රසිද්ද බෑන්ඩ් එකක හිටපු සැක්සපෝන් වාදකයෙක්,පොරගේ පටන් ගැන්මත් මළ බෑන්ඩ් එකකින්,මොකද පොරගේ නෑයෝ තමා ඔය බෑන්ඩ් එක කලේ,ඕකුන් සෙට් එක ඉදලා ඉදලා පුහුනූ වෙනවා හිටි ගමන්,,,ඊට පස්සෙ ඉතින් වැලට ගමේ අවට ගම් වල කස්ටියට උඩට යන්න වීසා වදිනවා,ඒ තරම්ම මූසල කමක් තමා ඔය වාදන වල තියෙන්නේ,සිරා කතෝලික පැති වල කොහොමත් ය මළ බෑන්ඩ් ඕනා තරම් තියනවා,මිනිය උස්සනකොට මිනිස්සුන්ව අඩවන්න තරමට වාදනය කරන දක්ශයෝ ඔය පලාත්වල ඉන්නවා,
    මළ බෑන්ඩ් ගැන මතක් උනා මේ පෝස්ට් එකෙන්,අපේ පැත්තේ තියන හොදම මළ බෑන්ඩ් එක තමා කෝකිල බෑන්ඩ්

    ReplyDelete
    Replies
    1. අපිට ආසන්න ගමේ වැඩිපුර ඉන්නෙ ක්‍රිස්තියානි බැතිමතුන්...එහෙ තිබ්බ මළ ගෙදරකට කෝකිල බෑන්ඩ් එක වාදනය කරනවා මම දැකලා තියෙනවා...ආයෙ කියන්න දෙයක් නෑ..වයසින් 40 පැනපු සැට් එකක් තමයි හිටියෙ..ගින්දරට තිබුනා වාදනේ.

      ඔය කියන මූසල කම හින්දා තමයි අපේ සෑර් අපිව පාසලෙන් පිටතට එක්කගෙන ගියේ...

      Delete
  3. //සිහින ලෝකෙ සැරිසරමින් සුර කුමරියො සමග මල් නෙලමින් සිටි සිරාගෙ නින්ද කැඩුවෙ //

    හැම කොල්ලෙක්ම ඉතින් මෙහෙම වෙන්ට ඇතිනේද? :D

    ReplyDelete
    Replies
    1. හැම කොල්ලෙක්ම එහෙම වෙන්ට ඇති...එතකොට කාන්තා පරාණයට මොනවද දන්නෙ නෑ හීනෙන් පේන්නෙ...

      Delete
  4. වෙන්නප්පුව පැත්තෙ කතෝලික මළගෙවල් වල මම දැකල තියෙනව කරටි කැඩෙන්න ගහපු අංකල්ලාත් කෙල පෙරාගෙන වාදන යේ යෙදෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං පුරුද්දට නියමිත ස්වර ඔටෝ වදිනවා...කරටිය කැඩෙන්න ලග හින්දා වාදනයේ තියෙන හැගීම වාදකයගෙ බොක්කටම වදිනවා ඇති...

      Delete
  5. /* මේ හු------ට යකෝ බෑන්ඩ් එකක් හදලා මැරෙන්න තිබුනෙ නැද්ද */

    එහෙම නැත්තං කනත්ත ලඟින් ගෙයක් හදාගෙන මැරෙන්න එපායැ!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ කකා...මේ කථාව නිසා වටේ පිටේ උන් කොල්ලො කෙල්ලො අතින් කට වහගෙන හිනා උනේ...කනත්ත ලගින් ගේ හදාගත්තා නම් වැඩේ ලේසියි තමයි...

      Delete
  6. මට පරණ ටවුම ටෙලියේ සුමින්ද සිරිසේනගේ ට්‍රම්පට් මහත්තයා චරිතේ මතක් උනා එක පාරටම

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කථාව විකාශය වෙච්ච දවස් වල ආශාවෙන් බලාන හිටියා...මොකද මගේ වාදන භාණ්ඩයම තමයි එතුමගෙ අතේ තිබුනෙත්...ඉස්සර මට සුමින්ද සිරිසේන මහත්තයව ගම්පහ ඉස්ටේෂමේදි මුණ ගැහෙනවා...එතුමාත් ගම්පහ...

      Delete
  7. අපේ ගම් පලාත් වල ඔය මළ බෑන්ඩ් සීන් එක තිබුනෙ නෑ.. රතිඤ්ඤා පත්තු කරනවා විතරයි..මෙහෙදි තමයි මුලින්ම මළ බෑන්ඩ් සීන් එක දැක්කෙ..

    ReplyDelete
    Replies
    1. ඔය මළ බෑන්ඩ් ගැහිල්ල වැඩිපුර කරන්නෙ කතෝලික භක්තිකයන්ගෙ අවමගුල් වල..ඒ ආභාෂය වෙන්න ඇති අනිත් අයටත් ඇවිල්ලා තියෙන්නෙ...

      Delete
  8. අපේ පෑත්තෙනම් මලගෙවල්වල හෙවිසි තමා ගහන්නෙ. එකත් ඔහේ ගහනවා.
    ඉවසන්නම බරි දේ තමා මලගෙවල්වල කරන කතා ටික.

    ReplyDelete
    Replies
    1. කවදාවත් පන්සලකට නොගියත් සත්ගුණවත් උපාසක මහත්තයා කියලනෙ පන්සලේ ලොකු හාමුදුරුවොත් කථාව පවත්වන්නෙ...

      Delete
  9. මෙ පාසල ගලහි**** central college එක නේද?..... ;)

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නෙ යස අගේට...

      Delete
    2. හෙහ් හෙහ් එහෙද , සිරා මට වඩා අවුරුදු කීයක් බාලද , දන්නවද ගල්කෙල්ලව

      Delete
    3. මම එහෙ ඉස්කෝලෙ ගියෙ නෑ බන්...මම ගම්පහ තියෙන කොල්ලො විතරක් ඉන්න එකම පාසලේ...මේ මිය ගිය විදුහල්පති තුමා හිටියෙ ඔය කිව්ව පාසලේ...

      Delete
  10. හෙක් හෙක්....මම හිතුවා ජපන් චමී බෝලේ වගේ පල්ලමට පෙරලුනාවත්ද කියලා....

    සිදුවීම හරිම රසවත් සිරා අය්යේ

    ReplyDelete
    Replies
    1. ජපන් චමියා පෙරලුනා නම් සෑහෙන්න අවුලක් වෙන්න තිබුනා..මොකද බේස් ඩ්‍රම් එක සෑහෙන්න බරයි...කවදාවත් දැකලා තියෙනවද බලන්න කෙසග එකෙක් බෑන්ඩ් එකක බේස් ඩ්‍රම් ගහනවා...

      Delete
  11. ඉතින් බන් ප්‍රැක්ටිස් කොරන්න ක්‍රිඩා කරන ග්‍රවුන්ඩ් එකට ගිය වෙලේ. කනත්තකට යන්න තිබුනා නේ. හොල්මන් උනත් පොඩි ආතල් එකක් ගනියි..

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ බොලං..අපේ පාසලට අල්ලපු වැටේ තමයි කනත්ත තියෙන්නෙ..එතනට ගිහින් වාදනය කරනවට වඩා හොදයි පාසලේ ඉදන්ම වැඩේ කරන එක...

      Delete
  12. අම්මප කන්තතේ බැන්ඩ් එකක් හදන්න තියෙන්නේ. කුවේණි පව් නේද???

    ReplyDelete
    Replies
    1. කුවේණිට මම හිතන්නෙ දැන් විජය හමුවෙලා ඒ හමුවීමෙ ප්‍රතිඵල විදියට දරුවො එකෙක් දෙන්නෙකුත් ඇති...ලගදි දැක්කෙම නෑ...පිටගම් ගොහිල්ලා වගෙයි.

      Delete
  13. යකෝ අපේ ඉස්කෝලේ බෑන්ඩ් එක මලගෙවල් වලත් ගහනවද???

    සිරා නම් බෑන්ඩ්... බෑන්ඩ් නම් සිරා... :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලෙ බෑන්ඩ් එක මළ ගෙවල් වල ගැහුවෙ ඉස්කෝලෙ යන අතරෙදි මැරුන කොල්ලෙක්ගෙ මළ ගෙදරක හරි..බෑන්ඩ් ගහපු ආදි ශිෂ්‍යයකුගෙ මළ ගෙදරක පමණයි..අධ්‍යාපන අමාත්‍යංශය හරහා ගත්ත විශේෂ අවසරයකින් තමයි මේ කිව්ව මළගෙදරට අපිව සැට් උනේ. මොකද ජාතික පාසලක බෑන්ඩ් කණ්ඩායමක් පිටත උත්සවයකට ගන්න විශේෂ අවසරයක් අවශ්‍යයි.

      Delete
  14. කේන්තියට කියවෙන කතා වල රඟේ බලන්න තිබ්බා වෙන්ඩ බෑණෙක්ට එහෙම ඇහුනා නම් ... උඹලගේ බෑන්ඩ් එක තලලා එවයි සත විසි පහ වගේ..:)

    ReplyDelete
    Replies
    1. එහෙම කොහෙ තලන්නද සුදෝ...බෑන්ඩ් එකේ 25 දෙනයි..ඒ හැමෝම එක පවුලක උන් වගේ...එකෙක් වැරැද්දක් කලා නම් දඩුවම් කරනවා හැමෝටම..ඒ 25 දෙනාම එකයි කියන හැගීමෙන්...එහෙම තැනක ඔය කිව්ව ආකාරයේ බෑනෙක් අහුඋනානම් මාමණ්ඩිත් එක්කම ඌටත් කනත්තෙ සැතපෙන්න තිබුනා.

      Delete
  15. ඉස්කෝලේ බෑන්ඩ් එකක් මළගෙයක ගැහුවා කියලා ඇහුවමයි මං ඕං!

    ReplyDelete
    Replies
    1. රජාට දීලා තියෙන උත්තරේ බලහං...

      Delete
  16. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක් මාරුනම දැන් මල් වැඩම ගෙනියන්න අපේ පන්තියේ අය අට දෙනෙක් තොර ගත්තා, දැන් අපි අට දෙනා මල වඩම් හතර ගෙනියන්න පාර ත් බෙදාගත්තා, මම පැනලා මුල් සෙට් එකට් එකතු වුනා ,එතකොට අන්තිමේදී ඕවා බාරදෙන්න එකතු කරන්න වගේ චාටර් වෙන වැඩ වලින් මග අරින්න. දැන් ඔන්න පෙරහැර යනවා..
    අනිත් සෙට් එක බයිසිකල්වල නැගලා ඉස්සරහ වංගුවට ඇවිත් බලාගෙන ඉන්නවා, ඔන්න ඊලන්ගට් අදෙවනි වන්ගුවටත් ඇවිත් බලන් ඉඳලා පෙරහැර ලං වෙනකොට ඉස්සරහට ගිහින් ආයේ බලන් ඉන්නව පෙරහැර එතනටත් එනකොට ආයේ යනවා, කොහොම හරි මේ ....පුතාලා ටික කනත්තට යනකම්ම මාරු කරන්නේ නැතුව පෙනී පෙනී ඉඳලා කනත්තටත් එන්නේ නැතුව මාරු වුනා. අපි දිගටම් කිලෝමීටර් දෙකක් විතර වඩම් උස්සගෙන ගියා.... මට එක මතක් වුනා මේක අහලා.

    ReplyDelete
    Replies
    1. අඩේ මරු ආතල් සිද්ධියක්නෙ වෙලා තියෙන්නෙ...අපේ ජපන් චමියට වගේ උඹලටත් කුණු හබ්බ කියවුනේ නැද්ද ?

      Delete
  17. කවුද මචං..සීදේවි කුවේණි..???

    "අපේ පිරිස වාදනය කරන්න පටන් ගන්නකොට උදේ පුහුණු වෙච්ච මෙලෝ සසරක් මතක නෑ...කොළ වල සටහන් කරගන්න වෙලාවක් තිබුනෙත් නැති නිසා සැට් එක හිතෙන හිතෙන ඒවා ගහනවා...හරිම පංකාදුයි... බෑන්ඩ් මාස්ටර්ගෙ මුහුණ විලියෙන් ඇඹරෙනවා." මරු බං මට නම් මැවිල පේන්නෙ. මටත් ඕය වගේ එකක් උනා නාට්ටියක් කොරන්න ගිහිල්ල දහම් පාසලේ..!

    කන්ඩායම් වැඩ වලට මාත් මාර මනාපයි මං...!ඉස්සර ක්‍රිකට්,දහම් පාසල් වේදිකා නාට්ටි, වොලිබෝල්....සිංදු..ඕය වගේ හැම සෙට් එකකම බැහැල වැඩකලාබං...අතීතය මාර රහයි මතක් වෙනකොට.

    ReplyDelete
    Replies
    1. ඒ විදියට දුක් විදලා අමාරුවෙන් බෑන්ඩ් ගහපු ඒවගෙ ප්‍රතිඵල විදියට තමයි බන් හොද පෞර්ෂයක් හදාගෙන ජීවිතේ දැන් එන ගැටලු වලට සැලෙන්නෙ නැතුව මුහුණ දෙන්න පුලුවන් වාතාවරණයක් හදාගත්තෙ...මේ වගේ දේවල් පන්තිකාමරයෙන් ඉගෙන ගන්න බෑ.

      Delete
    2. සත්තකින්ම මචං..!

      කුවේණි ගැනත් කියපං..:))))

      Delete
  18. කාලෙකින් සිරාගේ බෑන්ඩ් කතාවක් ආවේ.
    උඹලා අර බෑන්ඩ් මාස්ටර්ගේ මුණේ දැලි නොගපු එකම මදැයි.



    ReplyDelete
    Replies
    1. සිරාගෙ කාමරේ ලියවෙන බෑන්ඩ් කථා කියවන වෙනම පාඨකයො පිරිසක් ඉන්න බව මට ලැබෙන් ඊ ලිපි මාර්ගයෙන් මම දන්නවා...ඒ අයත් නිතරම කියන්නෙ බෑන්ඩ් එක සම්බන්ධ දේවල් නිතර ලියන්න කියලා...කාලෙකින් තමයි ඇත්තටම ඒ ගැන යමක් ලිව්වෙ.

      Delete
  19. මටත් හිතුනෙ ජපන් චමිය මල පැනල මොකක්හරි වෙන එකක් ගහයි කියල.
    මේ පැත්තෙනං ඔය බෑන්ඩ් නෑ. හේවිසි ගහන්නෙත් එහෙම තැනක තමයි.

    ReplyDelete
    Replies
    1. ඇති හැකි අය තමයි නේද ඔය වගේ පුරසාරම් වැඩ කරන්නෙ...මොනවා කලත් ඉතිං මැරිච්ච මනුස්සයට පේන එකක් යැ..

      Delete
  20. කොමන් කියල කියන්නෙ පරෙයි ජාතියකට නේද බං

    ReplyDelete
    Replies
    1. කොමන්නු කියලා පරෙවි ජාතියකුත් ඉන්නවා තමයි...මේ කෙල්ලට ඒ නම දාලා තිබුනෙ ඒ අර්ථයෙන් නෙමෙයි...

      Delete
  21. මම පාසල් බෑන්ඩ් එකක හිටියේ නැතත් පාසල් බෑන්ඩ් මෙහෙයවලා තියනවා. ඒ වගේමයි බෑන්ඩ් ගෝරිත් සෑහෙන්න දාගෙන තියනවා. මම හමුදා පුහුණුව ලබලා විසිරයාමේ පෙළපාලියට සූදානම් වෙමින් සිටියදී පෙළපාලි පුහුණුව සඳහා පැමිණි හමුදා බෑන්ඩ් කණ්ඩායම ගහන වාදනය වැරදියි කියලා ප්‍රධාන උපදේශක විසින් බෑන්ඩ් කණ්ඩායම දියතලාව හමුදා සරඹ පිටියෙන් එලියට එළවලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. බෑන්ඩ් එක එළෙව්වා කිව්වම තනි ඇහැට ඇඩෙන්නෙ...සාමාන්‍යයෙන් බෑන්ඩ් එකකට අදාළ උත්සවයෙදි වාදනය කල යුතු දෑ පිළිබදව කලින් දැනුම් දෙනවනෙ..මෙතනදි මොකද හැබෑටම උනේ..

      Delete
    2. සිරා කියන එකම තමයි හේතුව. හමුදා බෑන්ඩ් එකකට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ විසිරයාමේ පෙළපාලියකදී ගහන වාදන කිව්වම ඔක්කොම පුළුවන් වෙන්න ඕනේ. එදා මුන්ටික ගහපු වාදන වලට මාච් කරන්න ගියාම අපේ අඩිය වරදිනවා හැම වෙලාවේම. ඒකයි සිද්දිය.

      Delete
  22. කොහොමත් ලංකාවේ මිනිස්සුගෙන් දුර,පාරවල් ගැන විස්තර ඇහැව්වොත් මේ ලග පයින් යන දුර කිව්වත් හැතැක්ම ගානක් බඩගාලා තමා අවශය තැනට යන්න වෙන්නේ... සිරාට සිරා ජය!

    ReplyDelete
    Replies
    1. වතාවක් ඔය වගේම වැඩක් උනා මට ඉගිනිමිටිය ජලාශය බලන්න ගිහිල්ලා...වැඩි දුරක් නෑ මහත්තයා අර පේන වංගුවෙ කියලා කිව්වෙ...අන්තිමට කිලෝමීටර් 5කටත් වඩා ගිහිල්ලා තමයි ජලාශෙ හමුවුනේ...

      Delete
  23. ඔන්න දැනුයි සිරා ආපහු පරණ ට්‍රැක් එකටම වැ‍ටුනේ. නියමයි බං. ඒක නෙවෙයි. උඹලාගේ ඉස්කෝලේ එකම පිරිමි ඉස්කෝලෙයි කියමුකෝ. ඉතිං අවට තියෙන අනිත් ඒවා බාලිකා නේද? හෝලි ක්‍රොස්. රත්නාවලී, යසෝධරා... ගම්පහ නගරේ මිශ්‍ර ඉස්කෝල තියෙනවද? මේක තදාසන්න ප්‍රදේශයක එකක් වෙන්නැති නේ?

    අනික, මොනවද ඔය ශෝකී ස්වර වලට ගන්න සින්දු? ක‍තෝලිකයෝ නම් ගහනවා Amazing Grace කියන සින්දුව මම දන්න විදියට.

    ReplyDelete
    Replies
    1. ගම්පහ නගරෙ මිශ්‍ර පාසල් එකක් තියෙනවා සිද්ධාර්ථ විද්‍යාලය කියලා..පබ්ලික් හෝල් කියන සිනමා ශාලාව කිට්ටුවම..මේ කියන්නෙ ඒ පාසල නෙමෙයි..නගරයට සෑහෙන ඈතින් තියෙන මිශ්‍ර පාසලක් ගැන..උඩ කමෙන්ටුවක අන්න තියෙනවා හරියටම මොකක්ද කියලා..

      බටහිර තූර්ය වාදක ඛණ්ඩයක් බොහෝ දුරට වාදනය කරන්නෙ එංගලන්තෙ බෑන්ඩ් කණ්ඩායම් වාදනය කරන වාදන..ඒ කිව්වෙ මෙවැනි බෑන්ඩ් කණ්ඩායම් වෙනුවෙන්ම ඉංග්‍රීසි ජාතික සංගීතඥයො සංගීත සංයෝජන කරලා තියෙනවා...ඒවට අපි පොදු ව්‍යවහාරයෙ කියන්නෙ Marches කියලා...බෑන්ඩ් කණ්ඩායමක් වේග දෙකකට ගමන් කරනවා.. ඒ කියන්නෙ සාමාන්‍ය වේගයෙන් අඩිය තබා ඇවිදීම සහ සෙමින් යාම...මේ වේගයන් දෙකටම ගැලපෙන පරිදි තමයි මේ සංගීත ඛණ්ඩ අපි යොදාගන්නෙ...

      ඇවිදිනවා කිව්ව එකටත් නියමිත වේගයක් තියෙනවා...එය තත්පරයට පියවර ගනනින් මනින්නෙ...රන්ටැඹේ කදවුරු භූමියේ තරග වදින කොට ඒ නියමිත වේගය පවත්වාගත යුතුයි.

      Delete
  24. ඉතින් ඊටපස්සෙ කුවේණි ??????????????

    ReplyDelete
    Replies
    1. විජය කෙනෙක් හොයලා දීගතලා යන්න ඇති බොලං..ලගකදි හමු වෙලාම නෑ...

      Delete
  25. මචං විජය, කෝ දැන් ඒ කුවේණි??? ;)

    ReplyDelete
    Replies
    1. කුවේණි කපු කටිමින් දරුවන් සමග වාසය කරනවා ඇතැයි මගේ අක්මාවට දැනේ...

      Delete
  26. සිරාවට ඉස්කොලවලිනුත් මල බෑන්ඩ් ගහනවා කියල දන්නේ අද. වැරදිලාවත් ඉන්න තැන අමතක වෙලා කාවඩි පාරක් ගැහුවනම් මල මිනියත් නැගිටිනවා ෂුවර් අපේ සිරා කොලුවල කියන්නේ ඒවගේ සෙට් එකක් නේ. හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. ඉස්කෝල බෑන්ඩ් එක කුලියට මළ බෑන්ඩ් ගහන්න යන්නෙ නෑ බං...මෙතන උනේ ඉහළින් ආපු නියෝගයක් අනුව අපිට මේ වගකීම පැවරුන එක...

      Delete
  27. සංගිතයේ උගන්වනවනේ "ළය" කියල. මධ්‍ය ලය, ධෘත ල්ය සහ විලම්භ ලය, ඔයින් මළ ගෙවල්වලට භාවිතා කරන්නේ විලම්බ ලය යි. සාමාන්‍යයෙන් ඕනැම ගීයක් විලම්බ ලයෙන් වාදනය කලාම ශෝකය එනවා. අපරාදේ ඉතින් කනත්ත දුර වැඩිනම් එකම නැවත නැවත වාදනය කරන්න තිබුණා.. ඇති සිරාට කාවඩි පාරක් දාන්න නොහිතුන එකට

    ReplyDelete
    Replies
    1. නැවත නැවතත් වාදනය කලා...එහෙමත් බැරිම තැන තමයි විරාමය තැබුවෙ...මමත් සාමාන්‍ය පෙළට සංගීතය ඉගෙන ගන්න කාලෙ ඔය දේවල් ඉගෙන ගත්තා...ස්තූතියි අයියා තොරතුරු වලට..

      Delete
  28. සිරා,

    ඕන්න අපිත් මේ පැත්තේ ආවා.. දිගටම ලියපන් ..ලියල තියන ඒවා එකක්වත් කියවන්න කලින් තමයි මේ කොමෙන්ටුව දාන්නෙ..

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. ආපහු දැකීම සතුටක් මයික්...සිංහල කොටන්න ක්‍රමයක් හොයාගෙන වගෙයි...ජය !

      Delete
    2. ඔව් මචං ගූගල් වැඩ කරන්නෙත් නෑ.. මෙන්න මේක තමයි දැන්
      http://www.lexilogos.com/keyboard/sinhala.htm

      Delete
    3. This also better: http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    4. Thanks Machan....

      Delete
  29. අද නේ සිරෝ මේ උබේ අලුත් පොට්ටුව දැක්කේ ..... එල එල මේවා දකින කොටනම් කියල වැඩක් නෑ...... මල් මසුරන් පාසල් ජිවිතේ නේ ......

    ReplyDelete
    Replies
    1. මැලේ රාළගෙ පාසල් ජීවිතයෙ රස මුසු තැන් ගැනත් වෙලාවක ලියන්න...අපි ඉන්නවා නොවැ කියවන්න..

      Delete
  30. සිරා බෑන්ඩ් කතාව... මටත් ඔහොම රැගක් සෙට් උනා එක පාරක්,..බෑන්ඩ් එකක් නෙමේ.හාමුදුරු කෙනෙක්ගේ අපවත් උන එකකට සේසත් උස්සගෙන යන්න/// හොඳ ගණන් ,,,

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේම එකක් සැට් වෙලා තියෙනවා...ඒත් අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකගේ අවසන් කටයුතු වලදි...

      Delete
  31. මටත් ඔය වගේ පූජා වට්ටියක් අල්ලාගෙන ඉන්න වුණා දවසක් අත් දෙක හිරි වැටෙනකම්.

    ReplyDelete
    Replies
    1. කතරගම පැත්තෙදි වෙන්ට ඕනෙ...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...