Saturday, September 28, 2013

69 පාසල් සේවය

සිරා කොලුවා 5 සිස්සත්තෙ සමත් වුනාට පස්සෙ නගරෙ තිබුන එකම බාලක පාසලට ඇතුලත් කරන්න මගේ මැණියන් තීරණය කලා. ඒ වෙද්දි තාත්තා විදේශගතව හිටපු හින්දා මේ තීරණය ගැනීමේ පූර්ණ බලතල ඇයට තමයි පැවරී තිබුනේ. අන්න එතැනදි තමයි පුංචි පහේ පුරස්නයක් පැන නැග්ගෙ.

මේ පොඩි කොලුවා බස් එකේ තනියම යවන්න පුලුවනෑ...එවකට ජීවතුන් අතර සිටිය අපේ තාත්තගෙ අම්මා හෙවත් අපේ ආච්චි එහෙම කිව්වා. බස් එකේ බෙල් එක ගහන්නවත් උස නැති පොඩි එකාව (ඒ උනාට මම ඒ දවස් වල හිතාගෙන හිටියෙ මම හරි ලොකුයි කියලා) බස් රථයෙන් පාසල් යවන්නෙ නැතුව පාසල් සේවා වෑන් රථයක යවන්න මගේ මව්තුමිය තීරණයකට බැස්සෙ මේ කරුණු කාරණා සලකා බැලීමෙන් අනතුරුව.

1993 වගේ කාල සීමාවකදිත් අපේ පලාතෙ ඉදන් ගම්පහ විද්‍යාල වලට වගේම කොළඹ පාසල් වලටත් සේවා පවත්වපු පාසල් සේවා වෑන් රථ විශාල ප්‍රමාණයක් තිබුනා. ඒ අතරින් මට ගැලපෙන එකක් තෝරා දුන්නෙ ගමේ අම්මා නම් වූ ඥාතීත්වයෙන් මට මිත්තනියක වූ තවත් කෙනෙක්. මේ අය අද ජීවතුන් අතර නෑ.

ඔන්න සිරා එක්කම පොඩි ඉස්කෝලෙන් එකම ලකුණු අරගෙන සිස්සත්තෙ සමත් වෙලා නගරෙ පාසලට යන්න සුදුසුකම් ලබපු මාලනී නැන්දගෙ පුතා උදිතයත් මේ වෑන් රථයටම ඔබන්න ඒ අයත් කම්පනා කොර තිබුන නිසා මට භය වෙන්න දෙයක් තිබුනෙත් නෑ. මොකද මේ අවදියෙදි සිරා හරිම ලැජ්ජාකාරයා.

පුතේ හෙට ඉදන් වෑන් එකේ යන්න පුලුවන්...ගමේ අම්මා අපේ අම්මට පණිවිඩේ දුන්නා. ඒ දවස්වල මම උදේට නැගිටින්න අදිමදි කරනකොට අම්මා අහන්නෙ...

අර අලුත් සපත්තු දෙක දාගෙන ඉස්කෝලෙ යන්න ආශා නැද්ද කියලයි... ඒ වගේ වචනයක් ඇහුනම සිරා බල්ටියකුත් ගහගෙන ඇදෙන් බිමට පැන්න බව මට තවමත් මතකයි. මම ඉස් ඉස්සෙල්ලාම පාසල් වෑන් රථයට ගොඩවෙච්ච දවසෙ වෑන් රථයට භාර දෙන්න අපේ අම්ම එක්ක ගමේ අම්මත් ආවා.

Toyota LH 30


ඒ වෙද්දිත් මට කලින් හන්දියකින් වෑන් රථයට ගොඩ වෙන උදිතයා ඒක ඇතුලෙ. මාත් එක්ක වෙනත් විද්‍යාලයක කෙනෙක් අපේ හන්දියෙන්ම පාසල් සේවයට ගොඩ වුනා. අපරාදෙ කියන්න බෑ..ඇති පදම් ඉඩ...ඉදගෙන නෙමෙයි නිදියගෙන උනත් යන්න පුලුවන්...වෑන් රථය එළවන වයසක ඩැයිවර් මාම පවු...මේ විදියට කට්ටිය අඩුවෙන් අරගෙන ගිහිං එයාට පාඩුත් ඇති...මගේ සූටි මොළේට එහෙමත් හිතුනා.

පාසල ඉවර උනාට පස්සෙ වෑන් රථය නවත්වන තැන...එතැන කීය වෙනතුරු ඉන්නවද වගේ දේවල් ඩැයිවර් මාමා බොහොම කාරුණිකව කියලා දුන්නා. මම පස්සෙ දැනගත්ත විදියට ඒ වෑන් රථය ඩැයිවර් මාමගෙම එකක්.

කොහොමද වෑන් එක....ගෙදර ආවම අම්මා ඇහුවා...

හොදට ඉඩ තියෙනවා නියමයි....මමත් ඉතිං බත් කන්න අත හෝදන ගමන් එහෙම කිව්වා.

ඔන්න ඉතිං අති සාර්ථක දෙවැනි දවසටත් පාසල් වෑන් රථයට ගොඩ වුනා...නැග්ග ගමන් පිටිපස්සෙ සීට් එකකට යන්න හදද්දිම කෙල්ලෙක්ගෙ කකුල පෑගුනා...ඌයි... කොහෙ යනවද මන්දා...ඒකි බෙරිහන් දුන්නා...

කව්ද නංගි අලුත් කෙනෙක්ද ? තවත් එකියක් එහෙම ඇහුවා. එතකොට තමයි මට තරු පෙනුනෙ...කලින් දවසෙ හිටිය නැති කාන්තා පරාණ රාශියක් වෑන් එකේ පිටිපස්සෙ සැමන් ටින් එකක වගේ අඩුක් කර තියෙන රමණීය දර්ශනය.

පිටිපස්සෙ ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ...කෝ බොලේ උදිතයා...මම වහාම පිටිපස්ස බැලුවා. Toyota LH30 වෑන් රථයෙ රියදුරාට පිටිපස්සෙ ඇන්ජින් ආවරණය උඩ සකසා තිබුන කෙට්ටු සීට් එකක වෑන් රථයේ පුරුෂ පක්ෂය ඉන්දවලා තිබුනා. මමත් ඉතිං ලැජ්ජාවෙන් රතු වෙච්ච මූණ හංගගෙන එතනින් වාඩි උනා...ඇන්ජිමේ රස්නෙත් පස්සා පැත්තට යන්තමට දැනෙන්න සලස්වලා වෑන් රථය හැමදාමත් පාසලට ලගා වුනා. මේ සීට් එකේ ඉදගත්තම පිටිපස්සෙන් ඉන්න කෙල්ලන්ගෙ මූණු ටික හොදට පේනවා. කකුල් තියාගන්නත් ඉඩක් නැති උනාට ඩැයිවර් මාමා අපෙනුත් අනිත් අයගෙන් අය කරන මුදලම අය කොලා.

ටික දවසක් යද්දි මගේ අක්මාවට වැටහුනා...අපේ පාසල් වෑන් රථයෙ තියෙන්නෙ තනිකරම කාන්තා පාලනයක් බව...වෑන් රථයටම හිටියෙ කොල්ලො 5 දෙනයි. ඒ අතරින් වැඩිමල් එකා ඩැයිවර් මාමා එක්ක ඉස්සරහම සීට් එකේ. අනිත් හතර දෙනා ඉතිං මම කලින් කිව්ව හීනි සීට් කබලෙ පේලියට දිගේලි උනා. අපේ පුකට කුෂන් සීට් අරහං හින්දද මන්දා වෑන් එකේ ගිය පළවෙනිම දවසින් පස්සෙ එහෙම චෑන්ස් එකක් ආයෙ කවදාවත් වෑන් රථයෙන් ඉවත් වන තුරාවටම වැදුනෙම නෑ.

අපේ පාසල් වෑන් රථය මම කලින් කිව්ව මාදිලියෙ සුදු පැහැති එකක්. ඒක වටේටම නිල් පාට ඉරි ගහලා තිබුන නිසා අනිත් වෑන් රථ අතරින් පහසුවෙන් හදුනාගැනීමේ හැකියාව පුංචි අපට ලැබුනා. වෑන් රථය ඇතුලෙ හිටිය කාන්තා පරාණ සියල්ලම එකම පාසලක. ඒ තමයි අපේ පාසල ලගම පිහිටි රතු ටයි පටියක් හිමි ඉස්කෝලෙ.

වෑන් රථය ඇතුලෙ මේ දැරිවියො කල්ලි දෙකක් විදියට පිල් බෙදිලා හිටියෙ. පොඩිම එකීගෙ ඉදන් ලොකුම එකී දක්වා හැම වයස් පරාසයකම අය මේ කල්ලි දෙකට අයත් වුනා. මුන් දෙගොල්ල වෑන් රථය ඇතුලෙ හැමදාම මරා ගත්තා. ඒ පිටිපස්සෙ සීට් එක ලබා ගන්න.

උදේට බැරි උනොත් හැන්දෑවට හරි පිටිපස්සෙ සීට් එක අල්ලගන්නවා කියන අධිෂ්ඨානයෙන් තමයි කෙල්ලො ගවුම් කරේ තියාගෙන වෑන් එකට දුවගෙන එන්නෙ. ඉස්සෙල්ලාම ආවෙ පොඩි කෙල්ලෙක් නම් තමන්ගෙ පිලේ ලොකු අක්කලා වෙනුවෙන් පිටිපස්සෙ සීට් එක වෙන් කරගන්න ඒකෙ වාඩි වෙනවා. ඊළගට එන්නෙ අනිත් පිලේ වැඩිමල් කෙල්ලෙක් නම් අර චූටි කෙල්ලගෙ කොණ්ඩ කරලෙන් අල්ලලා තල්ලු කරලා එතන ඉද ගන්නවා...ඊට පස්සෙ එකා දෙන්නා ගානෙ ඇවිල්ලා වෑන් එකේ පැක් උනාට පස්සෙ තමයි ජල්ලිය අල්ලන්නෙ.

පිරිමි අපි මේ දෙපාර්ශවයටම සහයෝගයක් නැති මධ්‍යස්ථව සිටි පිරිසක්. මුන් දෙගොල්ල වෑන් එක ඇතුලෙ මරාගන්න ඒ පරම පවිත්‍ර පිවිතුරු දර්ශනය අපි හැමදාමත් දැකලා සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.

තමුසෙ මොකද අපේ චූටි නංගිගෙ කොණ්ඩෙන් ඇද්දෙ...

ඇයි තමුසෙ ඒකිගෙ අක්කද ? අනිත් එකිත් මරියකඩේ කට සැර වෙළෙන්දියෙක් වගේ උත්තරේ දෙනවා.

ආයෙ එහෙම වෙලා තියෙන්න බෑ හරිද.

මෙන්න මේ විදියට සමහර දවස් වල වලිය වැඩිදුර නොගොස් නතර වෙනවා.

සමහර දවස් වලට නැගලම යනවා...එදාට නම් කියලා වැඩක් නෑ.....ජොලිය වැඩි වෙලා අපිට පාසල් වෑන් රථය ආතල් පුරයක් වගේ දැනෙන්න ගන්නවා.

අත අරිනවා මගේ කොණ්ඩේ...එකියක් මොර දෙනවා...

අනේ අක්කෙ මගේ ගවුම ඉරුවා...

ඌයි...මගේ කකුල පාගන්නෙ...ගන්නවා අහකට...

මෙන්න මේ වගේ වලිය නැගලම යන වෙලාවට ඩැයිවර් මාමා වාහනේ නවත්තලා පිටිපස්සට ඔලුව කරකෝලා, බලලා.

අනේ දුවේ ගහ මරා ගන්නෙ නැතුව සාමකාමීව යන්නකෝ....කියලා බොහොම බැගෑපත්ව ඉල්ලා හිටිනවා...අන්න ඒ වෙලාවට තමයි සද්දෙ පොඩ්ඩක් හරි අඩු වෙන්නෙ.

පාසල් නිවාඩු දෙන දවසට තත්වෙ මීට වඩා බොහෝ සෙයින් වෙනස්...එදාට මේ කිව්ව සැට් එක ඉස්කෝලෙ ඇතුලෙ වතුර වලින් ගහගෙන ගවුම් ඉරාගෙන තමයි වෑන් රථයට ගොඩ වෙන්නෙ.

බලන්නකො අක්කෙ අරකි ටැප් එක ලගදි මාව අල්ලගෙන ගවුම ඉරුවනෙ...ඒ කිව්වෙ ගවුම ඉරපු කෙනත් වෑන් රථයෙ යන කෙනෙක්...ඇතුලෙ ප්‍රශ්න සමහර වෙලාවට උන් පාසල ඇතුලෙත් විසදගන්නවා...හරිම සීදේවි කෙල්ලො. අද උන්ව බැදගෙන ඉන්න උන්ට දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි.

මේ කියන පාසල් සේවයේ කැසට් පට කීපයක්ම තිබුනත් මාස 6ක විතර කාලයක් එක දිගට උදේ හවස වාදනය කලේ එකම කැසට් පටයක්. ඒ තමයි නාමල් උඩුගමගෙ වේදනා. මේකෙ තිබුන සින්දු වලට වෑන් එකේ හිටිය කෙල්ලො රෑන වශී වෙලා හිටියෙ. කෙටියෙන්ම කියනවා නම් උන් නාමල් ගොයියට වහ වැටිලා හිටියෙ. හැමදාම එකම සින්දුව අහලා මට ඒ දවස් වල ඒ කැසට් පටියෙ ගීතාවලිය කටපාඩම් වෙලා තිබුනෙ. වෑන් රථයෙ පුරුෂාධිපත්‍යයක් තිබුනෙ නැති නිසා උන්ට කැමති දෙයක් කරගන්න දීලා කොල්ලො ටික ඇන්ජිම උඩ පුක රත්වෙන සීට් එකේ වෙනදා වගේම ගියා ආවා.

නාමල්ට පස්සෙ උන් වහ වැටුනෙ සමුදුර පත්තරෙත් එක්ක ඒ දවස් වල නොමිලයේ ලබා දුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ පෝස්ටර් එකතු කරන්න. ඒ අතරින් අරවින්දට සහ රොෂාන් මහානාමට තමයි කෙල්ලන්ගෙ වැඩි කැමැත්ත ලැබුනෙ.

මෙන්න මේ අතරෙ දවසක තමයි බොලව් මටයි උදිතයටයි අමතක නොවන වැඩක් වුනේ. පන්ති දෙකක හිටිය අපි දෙන්නා පාසල අවසන් උනාට පස්සෙ එකම තැනකදි මුණ ගැහිලා එකටම තමයි වෑන් රථයට ගොඩ වෙන්න යන්නෙ. අර මම කලිනුත් කිව්ව නිල් පාට ඉරි සැට් එක හින්දා වගේම හැමදාම නවත්වන්නෙ එකම තැන නිසා මේ රථය හදුනාගන්න එතරම් අපහසු නෑ. ඒත් මේ කියන දවසෙ ඇහේ කලු බබාට සෑහෙන්න මහන්සිය දැනෙන තුරු වෑන් රථය හෙව්වත් ඒක එතන තිබුනෙ නෑ. ඒ කිව්වෙ අන්තරස්දාන වෙලා.

වැඩක් නෑ බං තවත් හොයලා වෑන් එක අපි දෙන්නවා දාලා ගිහිල්ලා.

උදිතයා පරාජිත හැගීමෙන් එහෙම කිව්වා.

දැන් ඉතිං මක්ක කරන්නද...ගෙදර යන්නත් එපායැ. මගේ කලිසම් සාක්කුවෙ කඩචෝරු කාලා ඉතුරු වෙච්ච රුපියල් 3ක් තිබුනෙ පෙර පිනකට වගේ. උදිතයා ලග ශත 5ක් අතේ නෑ. ඒ දවස් වල ගම්පහ ඉදන් අපේ හන්දියට ගාන රුපියල් 1.50. දැන් දෙන්නටම බස් එකේ ගෙදර යන්න මුදල් ඇති. උදිතයත් මට පින් දෙන ගමන් එදා මාත් එක්ක අලුත් පාසලට ආවට පස්සෙ පළමු වරට බස් රථයක නැගලා ගෙදර ගියා. මට මතක විදියට එතකොට අපි හිටියෙ 6 පන්තියෙ.

ගෙදර යද්දි වෙනදට වඩා ප්‍රමාද වෙලා තිබුන හින්දා අපේ අම්මා කාරණේ විමසුවා. එතකොට තමයි බට කැළෑවට ගිණි ගත්තා වගේ ගින්න පැතිරුනේ. මේ පොඩි උන්ව බස් වල යවන්න බැරි හින්දා නේද අපි වැඩි ගානක් දීලා වෑන් එකකට දැම්මෙ. මාලනී නැන්දත් මේ කථාබහට එකතු වුනා. මම හෙට ඉදන් අපේ එකාව ඔය වෑන් එකෙන් අයින් කරනවා, නැන්දට නප්පියට නැගලා.

පහුවදා උදේම මාලනී නැන්දා අපේ ඩැයිවර් අංකල්ට මදි නොකියන්න දොස් කියලා..ඒ මාසෙ ආගිය ඒවට ගණන් බේරලා උදිතයව බස් එකකට නග්ගලා. අපේ අම්මත් මාත් එක්ක හන්දියට ඇවිල්ලා ඩැයිවර් මාමාගෙන් ඇහුවා ඇයි එහෙම කලේ කියලා...

කවුද ඇතුලෙ හිටිය කුපාඩියෙක් කියලා අපි දෙන්නා අද හවස පාසලෙන් පස්සෙ පුහුණූවීමකට ඉන්නවා කිව්වා කියලා. ඉතිං ඩැයිවර් මාමා අපිව හලලා ගිහිල්ලා.

මගේ මව ඒ කාරණය ඒ විදියට විසදගෙන මාව නැවතත් ඒ රථයටම බාර දුන්නා. එතැනින් පස්සෙ උදිතයා නැතුව ටික කාලයක් මම තව දුරටත් පාසල් වෑන් රථයෙ පාසල් ගියා.

මේ අවු අස්සෙ අපේ පාසලේ 75 වෙන සැමරුමට දැවැන්ත අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සංවිධානය කලා. හැම සිසුවෙකුටම ඒ පිළිබද විස්තර ඇතුලත් මුද්‍රිත පෝස්ටර් 3 බැගින් ලබා දුන්නෙ තම තමන්ගෙ නිවාස ඇති ඉසව්වෙ ප්‍රසිද්ධ ස්ථාන වල ඒවා අලවන පොරොන්දුව ඇතිව.

අනේ මගේ පෝස්ටර් 3 මට ගෙදර ගෙනල්ලා දිග ඇරලා බලන්නවත් බැරි උනා.

ඒ කිව්වෙ වෑන් රථයේ කාන්තා ආධිපත්‍යයට මාව හසුවුනා. මගේ පෝස්ටර් උන් අලවන්නම් කියලා ඉතාමත් සාහසික ලෙස පැහැර ගත්තා. මක්ක කරන්නද ඉතිං මම සුපුරුදු සීට් එකට බර දීලා අපේ හන්දියෙන් බිමට පැන්නා.

පාසල් වෑන් රථයට අපේ හන්දියට පස්සෙ ගොඩවුනේ එකම කොල්ලෙක් විතරයි. ඒකාට උපතින්ම කථා කරන්න බැරි නිසා ගම්පහ වෙනත් පාසලක විශේෂ ළමයි අධ්‍යාපනය ලබන පන්තියක ඉගෙන ගත්තෙ. මේ ළමයව එතනින් බස්සන්න යන්න තිබුනෙ බොහොම කෙට්ටු මාර්ගයක. වාහන දෙකකට මාරු වෙන්න බෑ. ඒ නිසා සමහර දවසට හරි ජංජාල තමයි වුනේ. වැඩි හරියක්ම අපිට උනේ පාසල් සේවයක නිරත වූ බර කරත්තයක් පිටිපස්සෙන් යන්න. කරත්තෙ යන වේගෙන් තමයි එතකොට ඩැයිවර් මාමට යන්න වුනේ. සමහර දවස් වලට මාමගෙ ඉවසීම පනිනවා අනිත් ළමයින්ට පාසල් යන්න පරක්කු වෙන ස්වභාවයක් තිබුනොත්...අන්න එදාට...

ඕයි...හරක් දෙන්නා පන්නලා ඕකට ඇන්ජිමක් හයි කරගන්නවකො කියලා කෑ ගහනවා.

සිරා කොලුවා දවසක් සුපුරුදු ලෙස හන්දියට ගියේ පාසල් වෑන් රථයට ගොඩ වෙන්න. ඒත් එදා සෑහෙන වෙලා බලාගෙන හිටියත් වෑන් එක ආවෙ නෑ. රතු ටයි අක්කලගෙන් කෙනෙක් බස් රථයක ඉදන් ඔලුව දාලා කෑ ගැහුවෙ මල්ලි අද වෑන් එක නෑ...බස් එකක යන්න කියලා.

එදා මම පාසල් යන්නෙ නැතුව ආයෙත් ගෙදර ගිය බවයි මතකයේ තියෙන්නෙ. පහුවදා ඉදන් පරණ වෑන් එක වෙනුවට වෙනත් රථයක් තමයි පැමිණියේ....අලුත් ඩැයිවර් මාමා කියපු කථාවෙන් පස්සෙ සමහර කෙල්ලො වෑන් එක ඇතුලෙ ඇඩුවා.

එයා කිව්ව විදියට අපේ ඩැයිවර් මාමා අන්තිමට අපිව පාසලෙන් අරන් ආපු දවසෙ සියල්ලන්ම නිවෙස් වලට ඇරලලා මළ ගෙදරක කුලී ගමනක් ගිහිං...ඒ ඇත්තන්වත් බස්සලා ආපහු තමන්ගෙ නිවසට එද්දි හදිසියේ ඇති වෙච්ච හෘදයාබාදයක් නිසා වෑන් රථය තුලම මිය ගිහිල්ලා. රථය නිවෙසක තාප්පයක් කඩාගෙන ගිහිල්ලා නතර වෙලා. ඇන්ජිම පණගැන්වී තිබූ රථයේ සුක්කානම උඩ හිස තියාගෙන ඉදලා තියෙන ඩැයිවර් මාමා ගැන ඊට ටික වෙලාවකට පස්සෙ පාරෙ ගිය කෙනෙක් විපරම් කරන තුරු කිසිවෙක් බලලා නෑ. ගෙදර ඇත්තන්ට සද්දෙ ඇහිලත් බලලා නෑ...එහෙම වේලාසනින් බැලුවා නම් සමහර විට ඩැයිවර් මාමා ආයෙත් අපිව ඉස්කෝලෙ එක්කගෙන යන්න ජීවතුන් අතරට එන්න ඉඩ තිබුනා කියලත් ඒ දවස් වල මට හිතුනා.

මේ සිදුවීම අපිට ආරංචි වෙලා සතියකට පස්සෙ පරණ වෑන් රථය නැවතත් පාසල් සේවයට ආවෙ ඩැයිවර් මාමගෙ තරුණ පුතා රියදුරු අසුනෙ ඉන්දවමින්. ඒ වෙද්දිත් වෑන් රථයෙ ඉදිරිපස පොඩි උන තැන් එහෙමම තිබුනා. අර රණ්ඩු වෙන කෙල්ලො දෙපාර්ශවය එදායින් පස්සෙ කවදාවත් රණ්ඩු උනෙත් නෑ. ඒ අතර හිටිය සමන්ති, ගගුලි, සොනාලි, කියන දැරිවියන්ගෙ නම් කීපයත් එක්ක Toyota LH 30 වෑන් රථයක් වර්තමානයේත් මහමග ඉද හිට දකින හැම වෙලාවෙම මට මතක් වෙන්නෙ සූටි එකා කාලෙ සිරා පාසල් ගිය පාසල් සේවය.

මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.

69 comments:

  1. අනේ මෙහෙම වැන් එකක් අපරාදෙ කලින් ආවෙ.

    නිකන් සා/පෙ හරි උ/පෙ කරන කාලෙ හරි ආවානම් "සිරා" ගෙ ජීවිතෙත් මල්

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම කිව්වාම තමයි බං මමත් ඒ ගැන හිතුවෙ...මීට කලියෙන් කවදාවත් එහෙම හිතිලා නෑ...ඒත් බස් එකේ යද්දි සිලෙක්ෂන් එක වැඩියි නේද බන්..වෑන් එකේ ලොන්තපෝල් සැට් එකක් නම් ඉන්නෙ වියදම විතරයි.

      Delete
    2. ලොකු කොල්ලෝ වෑන් වල යනකොට මහා ලපටි පාටයි.

      Delete
    3. ඒක ඇත්ත අක්කෙ...බොහොම අතලොස්සයි එහෙම වෑන් වල ලොකු වෙනකම්ම ගියේ...

      Delete
  2. බලාපන්කෝ ඉතිං එතන කාන්තා පාලනය සියතට ගන්න උඹලා ක්‍රියා නොකරපු හැටි! හරිම කුජීතයි!!!

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල පුරුෂ ධෛර්යය වැඩෙමින් තිබුන කාලෙ බොලං...අද වගේ උනා නම් කාන්තා පාලනය අපේ ගෙවල් වලටම එක්කගෙන යනවා...

      Delete
  3. පව් වෑන් මාමා ... ඔය නාමල් උඩුගමට කෙල්ලෝ වහ වැටිච්ච සීන් එකනං මල පනින කෙස් එකක්. ඒ නිසාම අපේ එවුන් නාමල්ගේ මියුසිකල් ෂෝ බලන්න ගියේම නාමලයට හූ කියන්න. එත් මම නම් කලේ කොහොම හරි නාමල් වගේ කොන්ඩේ හදාගන්න ට්‍රයි කරපු එක. අමාරුවෙන් කොන්ඩේ හදාගෙන පීරගෙන ප්‍රිෆෙක්ට්ලාගෙන් බේරිලා කෙල්ලොන්ට පෙන්න ඔලුව කෙලින් කරගෙන් ගියා (උන් පඩේකටවත් ගණන් ගත්තේ නෑනා කියලා දැන් තමයි තේරෙන්නේ )
    අහුවුනා විනය පාලකගේ අතටම "මොකක්ද බෝල මේ වලස් තොප්පිය " කියලා එවෙලේම පාරෙන් එහා පැත්තේ බාබර් සාප්පුවට එක්කන් ගිහින් කැපුවා කැපිල්ලක් තව ටිකක් කැපුවානම් පන්සලේ හාමුදුරුවන්ගේ කොන්ඩේටත් වඩා කොට වෙනවා. හැබැයි ඒ කට එක ගැහුවට පස්සේ නම් කෙල්ලෝ (කින්ඩියට හිනා වෙවී ) හැමතිස්සෙම බැලුවා

    ReplyDelete
    Replies
    1. අපරාදෙ බොල...ලස්සන මතකයක් මෙතන සිල්ලර කෙටුවෙ...ඕකට තව බන්ඩි පෝර පාරක් ගහලා බොලාගෙ බොගේ ලස්සන පෝස්ටුවක් කොරපන් වහාම....ඔය නාමල් ගොයියා පළවෙනි කැසට් එක කරපු කාලෙ වෙච්ච සිදුවීම් එයාගෙ ඒ කාලෙ ලගම යාලුවෙක් මට කියලා තියෙනවා. ඒවා බ්ලොග් වල ලියලා මට අපහාස නඩුවක් වැටෙයි කියලයි නොලිව්වෙ...

      Delete
    2. ane liyapanko sira goiyo... uba liyana ewa maru ban.... ane kiyapanko honda eka wage...

      Delete
    3. අඩෝ ඉවාන් ..! පට්ට කේෂ් එකක්නෙ...ඇත්තම කියල..
      බඩ කටට එන්න හිනා උනා..!

      Delete
    4. මට නඩු කියන්න සල්ලි නෑ බොලං...

      Delete
  4. අපිනම් ඉතින් බස් එකෙයි,පස්සේ කාලේ පුටාර් එකෙයි ඉස්කෝලේ ඇද්ද උන් නොවැ.බස් එකේ ආතල්නම් තිබේ.පස්සේ දවසක ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. බස් ආතල් අපිටත් තිබේ...ඒවද බොලා මෙන් පස්සෙ දවසක ලියන්නෙමි.

      Delete
  5. හැබෑට බං ඔය එච්සීසී කෙල්ලො නං මාර බෝම්බ තමා. උන්ට අහුවුනොත් කටු පිටිං කනවා.

    ඔය කිව්ව ප්‍රදර්ශනේ එක්ක කානිවල් එකක් තිබ්බා මතකයි. 1998 විතර නේ? අපිත් ආවා බලන්න, කොල්ලො සැට්එක. පැත්තෙං තියෙන ගේට්ටුවෙන් හොරෙං පැන්නෙ.

    අන්තිම ටික කියවද්දි තාත්තා මතක් උනා බං. මහ ඩ්‍රැක්‍යුලා නැති උනේ තුන්වෙනි හැට් ඇටෑක් එකෙන්. හොස්පිට්ල් ගෙනියද්දි ඩ්‍රැකියගෙ අතේමයි පණ ගියෙ. මට හිටිය හොඳම යාළුවා තමයි තාත්තා.

    ReplyDelete
    Replies
    1. හැට් ඇටෑක්, හාට් ඇටෑක් ලෙස නිවැරදි විය යුතු බැවින් කරුණාවෙන් අලකන්න.

      Delete
    2. රතු ටයි පටි එහෙම උනාට...උන් ෆීට් උනොත් ආයෙ හැමදාම ෆිට්..මගේ හොදම බොක්කවල් ඔක්කොම ඒකෙ උන්...මේ කිව්ව ප්‍රදර්ශනේ 93 තිබ්බෙ..X Ban කිව්වම හැමෝම දන්නවා..වසර 5කට වරක් තමයි පැවැත්වෙන්නෙ...මේ ඔක්තොම්බරයෙ ඔන්න ආයෙත් වාරයක් පැවැත්වෙනවා...

      තාත්තගෙ කථාවටම මට ගොඩාක් දුක හිතුනා බං...මමත් තාත්තට බොහොම ආදරය කරන කොල්ලෙක්.

      Delete
    3. මගෙත් කණගාටුව ප්‍රකාශ කරනවා මචන් තාත්තා වෙනුවෙන්.. එක අතකින් තමන්ගේ දරුවෙක්ගේ හෙවණේ හුස්ම ටික යන්න ලැබීම මිනිහෙකුගේ ජීවිතේ ලබන්න තියෙන සැනසීම් වලින් එකක් බන්...

      මන් දැකලා තියෙනවා තමන්ගේ දරුවෙක් එනකම් දවස් ගණන් නොකා නොබී මැරුණු කෙනෙක් draki.. පුදුම දුකක් ඒ කෙනා වින්දා දරුවා දැන් එයි දැන් එයි කිය කියා ...

      දුක් වෙන්න එපා මචන්.. ඉන්න තැනක් හොඳින් ඇති තාත්තා...

      Delete
    4. X Ban 98 ට තමා එහෙනං අපි හොරෙන් පැන්නෙ.

      සිරා, සහන්...
      තාත්ත ගැන කිව්ව ඒ දේවල් උඹලට ගොඩක් සංවේදී බව මම දන්නවා. තෑන්ක්ස්...

      Delete
    5. X Ban කුමක් හෝ හේතුවක් මත 98 පැවැත්වූවේ නෑ...ඒ වෙනුවට 99 පැවැත්වූවෙ...ඒකෙ ප්‍රධාන පිවිසුමේ රාජකාරියට මමත් සහභාගි වුනා...රාත්තිරියෙ පැවැත්වුන සංගීත ප්‍රසංගයට පැමිණෙන කලාකරුවන්ට නිසි මග පෙන්වන එක තමයි වැඩි හරියක්ම කොරන්න ලැබුනෙ...මේ මතකයන් හරිම සුන්දරයි අද මතක් කරනකොට...

      Delete
  6. නාමල් උඩුගමත් කාලේක් නැගලම ගියා.. ඔය ඉස්කූල් වෑන් සර්විස් එක ගැන නම් රසකතා බොහෝමයි.. මම වෙලාවක ලියන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. වෙලාවක ලියමුකෝ එහෙනම්...තමන්ගෙ ස්වයං උත්සාහයෙන් මේ ජනප්‍රියතාව උරුම කරගත්ත නිසා නාමල් කියන්නෙ අද ඉන්න උන්ට වඩා සුපිරිම තරුවක් ඒ කාලෙ...

      Delete
  7. කතාව කියවගෙන යද්දී අවසානයේ ශෝචනීය පුවතක් අහන්න වෙයි කියල හිතුනෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද කෙන්ජයියෙ.මේ ජීවිතේ අපි හිතන පතන දේවල්ම වෙන්නෙ නෑ නොවැ...

      Delete
  8. පට්ට පෝස්ට් එක පාර්ට්නර්. අන්න මගේ රසය. අර අන්තිම සිද්ධිය නෙවෙයිනම් හරිම ආතල් පෝස්ට් එකක්.
    මමත් කොළඹ සුලෝහිතේට ගියේ ස්කූල් වෑන් එකක. ඒකේ රසකතා ලියන්න ඕනෙ.

    උඹලා ඔය කියන කාලේ ඕකෙ ෂෙල් මොඩල්, ඩොල්‍ෆින් හෙමත් ඇවිත් තිබ්බා නේද?.ඒත් සමහර ස්කූල් වෑන් වලට ගත්තේ ඔයවගේ පරණම ඒවා තමයි.

    ඔය හෝලි කොරොස් අහවල් එකේ ගෑල්ලමයින්ට සෙවල පෙරපු එක්කෙනෙක් තමයි ඩූඩත්. මම ගම්පහ ඉස්කෝලෙකට ගියෙ නැතුවත්. අර මයි ෆස්ට් ලව්ස් කියන මගේ පෝස්ට් එකේ මම තරහ වෙලා ගිහින් අලි හොඬවැලෙන් බෝඩ් එක පිහිනවා කියන්නේ ඔය ඉස්කෝලෙ සැට් එකකට. හෝහ් හෝහ්!

    ReplyDelete
    Replies
    1. අගය කිරීම සම්බන්ධයෙන් මාගේ බලවත් ස්තූතිය. ෂෙල් මොඩල්, ඩොල්පින් වගේම මිට්සුබිසි අලුත් ඩෙලිකා එකත් තිබුනා... ඒත් වැඩිහරියක් තිබුනෙ මේ වගේ ඒවා

      අඩේ ඩූඩා එල කොල්ලෙක්නෙ බොලේ... අද නෙමෙයි ඒ කාලෙ...හක හක මොකද අද ඉතිං වයසක මනුස්සයා නොවැ...මම ඔය කිව්ව පෝස්ට් එක කියවලා නෑ...මේ කථාවෙන් පස්සෙ ඔන්න කියවන්නම හිතුනා...

      Delete
  9. අපිට ඉතිං වෑන්වල ඉස්කෝලෙ යන්න උවමනාවක් තිබ්බෙ නෑනෙ.
    අපි ඒ ලෙවල් වලට ක්ලාස් යන බස් එකේ තමයි ඔය නාමල් කාරය උදේට බෙරිහං දෙන්න පටංගත්තෙ හැමදාම. ඊට කලින්නං ප්‍රින්ස් ගොයිය සාන්ත දාන්ත විදියට සිංදුවක් කියාගෙන හිටිය.

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ස් ගොයියට කලියෙන් නොවැ නාමල් විකසිත වුනේ..දැන්නම් උන්නද මලාද නෑ...කාලෙකින් අලුත් සින්දුවක් ආවෙත් නෑ...

      Delete
  10. ලස්සනට ලියල සිරා ..ලිපි ටිකක් මග ඇරුනා . හිමිට කියවන්න ඕන .

    අපි පොඩි කාලේ වැඩිය ඔය වෑන් තිබ්බේ නැහැ . හයෙන් පස්සේ ගිය ඉස්කෝලේ ළමයි නම් ආව වෑන් වල . ස්කුල් බස් තමයි අපිට ඉතින් . පොඩි වෑන් එකක හිරවෙලා යන එකට වඩා ජොලි ස්කුල් බස් එක ..සමහර විට ඔය වෑන් වල එන ළමයි බස් එකේ එන අයට වඩා පරක්කුයි. අපේ ලොක්කි ගියා වෑන් එකක කාලයක්.ළමය බාගෙට පන ගිහින් ගෙදර එන්නේ

    ReplyDelete
    Replies
    1. මම හිතුවා ඔබ දරුවන්ගෙ රාජකාරි එක්ක කාර්යබහුල වෙලා ඇති කියලා. වෑන් එකක යද්දි කිසි ජොලියක් නෑ..හැමදාම එකම මූණු ටිකනෙ ඉතිං පේන්නෙ...ඔන්න පෙම්වතී වෑන් එකේ හිටියා නම් වැඩේ අවුලක් නෑ...මම ඉතිං මේ වෑන් කෙරුවාවෙන් පස්සෙ සීසන් ටිකට් එක අරං බස් එකට ගොඩ උනා...එතන කථා ගොඩායි...ඒවා ඉදිරි දවසක...

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies

    1. ( සිරෝ කොටස් කීපයක් අයින් කරා ..මගේ ප්‍රතිරූපයට හානිකරයි වගේ දැනුණා. )

      අන්තිම සිද්දිය නොවේ නම් රසබර කතාවක් සිරෝ..---------------------------------------------------------------------

      නාමල් , ග්‍රේෂන් ජයමහ , රෝයි , ජයන්ත දිසානායක ලා තමයි ඒ කාලේ රන් කලේම.. ඉස්සර එකතු කරපු පීස් තාමත් ඇති බන් මා ළඟ.. පිස්සු හැදෙන අතීතයන් මචන්..

      නාමල්ගේ පෙම් සිහිනේ ඇයි බිඳුනේ තමයි මගේ ෆේවරිට්ම එක.. ඉංග්ලිෂ් වේවා සිංහල වේවා අදටත් මම නයින්ටීස් ෆෑන් කෙනෙක් ...

      Delete
    2. මමත් ඔය කියන කාලෙ සින්දු වලට මනාපයි..අද වගේ මෘදුකාංග හරහා ජනිත කරගත් කෘතිම සංගීතයක් නෙමෙයිනෙ ඒ කාලෙ තිබුනෙ...

      ඇත්තම සිද්ධියක් නිසයි රසබර කථාවක් අස්සෙන් දුක්බර එකකුත් එකතු වුනේ...

      Delete
  12. // .හරිම සීදේවි කෙල්ලො. අද උන්ව බැදගෙන ඉන්න උන්ට දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි.//
    දෙයියන්ටවත් පිහිට වෙන්ඩ බෑ සිරා මලේ .
    නාමල් උඩුගම තමයි වැඩිම වී වර්ග ගානක් ගැන සින්දු කිවුවෙ.

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඔය වී වර්ග කීපයක් ගැනම...තනි වී, වෙන් වී,හමු වී...තවත් ඒවා තියෙනවද?

      Delete
  13. සිරාගේ කතාවත් එක්ක මටත් ඔය ස්කුල් වැන් වල ගිය අතීතය මතක් වුනා බං.

    ReplyDelete
    Replies
    1. උඹත් මම වගේ කාන්තා පාලනයක් තිබුන එකකද ගියේ ?

      Delete
  14. එතකොට 1993 තමයි සිස්සත්තේ පාස් වුනේ. හ්ම්....................ඒ කාලේ මම වවුනියාවේ මාර යුද්දයක පැටලිලා හිටියා. මම හිතන්නේ මගේ චූටි දුවත් සිස්සත්තේ පාස්වුනේ ඔය කාලෙදීමද කොහෙද.

    අපි ඉස්කෝලේ යනකාලේ දෙපයින් තමා ගියේ. උසස්පෙළ කරන කාලේ බස් එකේ ගියා. තට්ටු දෙකේ බස් එකේ. කොල්ලෝ උඩ කෙල්ලෝ යට. (මේ කතාව මීට කලින් කියලා තියනවා) කොල්ලෝ පාර අයිනේ තියන අඹගස්, රමුටන් ගස් හිඳිනවා. (සමහර බස් හෝල්ට් වලදී ගස්වල අතු උඩ තට්ටුවේ ඉඳලා අතින් අල්ලන්න පුලුවන්) අයිතිකාරයන්ගේ පැමිණිලි නිසා උඩ යට මාරු කළා. දැන් කෙල්ලෝ උඩ කොල්ලෝ යට. මේ වනචර කොල්ලෝ (ඔන්න මම එහෙම නෙවෙයි) කෙල්ලෝ උඩට යනකොට බලනවා. කන්නාඩි කෑලි වලින් බලලා යටට ඇඳලා ඉන්න එව්වගේ පාට කියනවා කියලා පැමිණිලි ඉස්කෝලෙට ආවා. අනේ ..........වෙච්ච අපරාදේ.........වහාම කෙල්ලන්ට කොල්ලන්ට බස් දෙකක් දැම්මා.

    සිරාගේ පාසල් මතකය හරිම සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. සිස්සත්තෙ පාස් වුනේ 1992...අලුත් පාසලේ 6 වසරට ඇතුලත් වුනේ 93 පෙබරවාරි...මට මතකයි ඔය කියන කාලෙ...හැමදාම උදේට ජාතික ගුවන් විදුලියෙන් දේශාභීමානී ගීත ගොන්නක් එක්ක රට බාරයි නුඹට පුතේ කියන අමරදේවයන්ගෙ ගීතයත් හැමදාම වගේ ප්‍රචාරය වුනා...

      විචාරක තුමාගෙ කමෙන්ටුව පෝස්ටුවක් තරමටම රසවත්...ඒ කාලෙත් කොල්ලො සෙල්ලං නෑ නොවැ...මම නම් ඉස් ඉස්සෙල්ලාම තට්ටු 2 බස් එකක ගියේ සිංගප්පූරුවෙදි...ඒක පැදවූවෙ ලස්සන සුදු අක්කා කෙනෙක්,

      අර කොල්ලො කෙල්ලන්ගෙ ඒවා මේවා ගැන කියපු පාට හරියටම හරි වගේ...විචාරක තුමා ඕවට යන්න නැතුව ඇති..අහිංසකයා නොවැ....හක හක...

      Delete
  15. මේ පොස්ටුවෙන් සිරා අයියාගේ මනමාලකම ප්‍රදර්ශනය වෙන පොස්ටුවකි (කුකුල් කම) නැත්නම් යකෝ හා හා පුරා කියල වාහනේට නැග්ග ගමන්ම කෙල්ලෙක්ගෙ කකුල පෑගුවේ කොහොමද.... විලිලජ්ජාවක් නැතිව???

    ReplyDelete
    Replies
    1. 6 වසරෙදි මොන මනමාලකම්ද බන්...කකුල පෑගුවා නෙමෙයි බන් පෑගුනා...

      Delete
  16. හරිම සුන්දර මතකයක් සිරා...ඔය නාමල් උඩුගම වී පර්යේෂනායතනයට කොන්ත්‍රාත් එකක් කලා නේද ඒ දවස්වල

    ReplyDelete
    Replies
    1. ඔය කම්මල අයියත් ඒ ගැන කියලා තියෙන්නෙ...එවගෙ අස්වැන්න මදි හින්දද කොහෙද දැන් වැඩි භාවිතයක් නැත්තෙ...

      Delete
  17. හෙහ් මටත් ඕක කියෙව්වම මතක් උනේ... මාත් ඉස්කෝලේ ගියේ වෑන් එකේනේ,, නමය වසරට විතරයි. ඊට පස්සේ ශ්‍රී ලං ගම... කොහොම හරි වෑන් එකේ ආතල් අපිටත් තිබ්බා. ලොකුම ආතල් එක වෑන් එක හැප්පිච්ච දවස.. උදේ පාන්දර පහ හමාරට විතර අපි නිදිමරගාතේ ගියේ. එක පාරටම පිටිපස්සේ සීට් වල හිටපු අක්කල උඩින් පාවෙලා ගියා වගේ මතකයි. හැමෝටම තුවාල උනා. කාටවත් ඊට එහා කරදරයක් නෑ.. මගෙත් හොක්ක ඉවරයි... :D

    ReplyDelete
    Replies
    1. ඒකත් බොහොම භියකරු මතකයක් වගේ...මට ඔය වගේ අත්දැකීමක් තවම නෑ...අර අක්කලා උඩින් යදිද් එකෙක්වත් උඹට අල්ලගන්න පුලුවන් උනා නම් හොක්ක බේරාගන්න තිබුනා.

      Delete
    2. ඒකනේ මාත් කල්පනා කරන්නේ ඉන්න ගමන්......... :(

      Delete
  18. හිත අතීතයට යනවා කියවද්දි. ඒ කාලෙ කට්ට කෑවට අද මතක් කරනකොට ඕවා සුන්දර අත්දැකීම් නේද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ වගේම අදත් කට්ට තමයි කන්නෙ...කට්ට කාපුවා කොහොමත් අතීතයට එකතු උනාට පස්සෙ සුන්දර මතකයන්...

      Delete
  19. මටත් තියනවා ඔහොම කකුල පෑගිච්ච සිදුවීමක්..එතකොට මාත් 6 වසරෙ විතර ඇති..මම ගමේ ඉස්කෝලෙට ගියේ අපේ ලොකු තාත්තලාගේ ගෙදර ඉඳන් මේ කියන දවස්වල..ලොකු තාත්තලගේ ගෙදර ඉඳන් 2 KM විතර දුරකින් දකුණු පැත්තට ඇඟලුම් කර්මාන්තයක් තියනවා..වම් පැත්තට ඒ තරම්ම දුරින් ඉස්කෝලේ...,අර ෆැක්ට්‍රියේ වැඩ කරන ළමයි අදින ලොරියක් තිබුනා...දෙපැත්තෙන් සීට් ගහපු.ඒක උදේම ළමයි අදින්න යනකොට අපි අහල පහල අය ඔක්කොම ඉස්කෝලෙට යන්නේ ඒ ලොරියේ..යනකොට ඒකේ කවුරුත් නෑ..සල්ලි ගන්නෙත් නෑ...

    ඉතින් ඕකේ යද්දි දවසක් මම කලබලේට නගිද්දී පිරිමි ළමයෙක්ගේ කකුල පෑගුනා.ඒ වෙලාවේ ඒ ළමයා මුකුත් කිවුවේ නෑ...පස්සේ ඉස්කෝලේදී ඒ ළමයාගේ යාලුවෙක් ඒ ළමයත් එක්ක මගේ ලඟින් යන ගමන් කියනවා "සාමාන්‍යෙන් බං කොල්ලොනේ කෙල්ලන්ගේ කකුල් පාගන්නේ....මේ කෙල්ල මාර කෙල්ලෙක්නේ " කියලා...

    ඒ කියන්නේ ඒ ළමයා සද්ද නැතුව ඉඳලා පස්සේ ඔක්කොටම නිව්ස් එක දීලා

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක්ටත් ඔහොම වැඩක් වුනා...කෙල්ලෙක් උගෙ කකුල පෑගුවා..මේකා බස් එකටම ඇහෙන්න කෑ ගහලා කිව්වා...තමුසෙට මම පස්සෙ වෙලාවක ඇඩ්‍රස් එක දෙන්නම් කියලා...

      Delete
  20. බඩ කොරවීම..බඩ යාමදෝ පාචනේ
    මට රිදවන්නෙපා ආයෙ පනු හාමිනේ..!
    ඉස්සර අපිත් නාමල් එක්ක කොච්චර තරහක් තිබුනාද කියල ඕය වගේ මඩ සිංදු කීමෙන් වැටහෙනව නොවැ.

    අපිට නම් ස්කූල් වෑන් , බස් උරුම නෑ..ඉස්කෝලෙට හූ දෙකේදුර නිසා.

    දැන්නම් ඕය ස්කූල් වෑන් කිව්වම බඩ ඳගලනව බං..කෙල්ලො විතරක් නොවේ කොල්ලන්වත් ඕවයෙ ඉන්න වලත්ත ඩ්‍රයිවර්ලගෙන් බේර ගන්න බෑ නොවැ.වයසකපොරවල් තමා ශුවර්ම නැත්තෙ. සමහර කෙල්ලො ඉස්කෝලෙ යනකාලෙම පැනල ගිය එව්ව බොහොමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නාමල් ගොයියා අංක 1ට හිට් වෙලා හිටපු කාලයක් තමයි ඔය මම කිව්ව වකවානුව. ඔය පාසල් සේවය කියන්නෙත් උප සංස්කෘතියක් තරමටම ජන ජීවිතයට බද්ධ වෙච්ච දෙයක් වර්තමානයේ...දෙමාපියන්ගේ කාර්යබහුලත්වය එක්ක දරුවා වෑන් රථයකට භාර දීලා ඇග බේරාගන්නවා...වෑන් රථ තුලදි සිදුවෙච්ච අපචාර ක්‍රියා බොහොමයක් ගැන මමත් පත්තර වලින් කියවලා තියෙනවා...

      Delete
  21. නියම ස්ටෝරිය සිරා.
    කියවන්න ආසහිතෙනව ස්තූතියි බන් උබේ පුංචිකාලෙ සිදුවීම් අපි එක්ක බෙදාගන්නවට .
    ජය !

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ඇවිල්ලා නිකංම යන්නෙ නැතුව වචනයක් දෙකක් කොටලා ගියාට මගෙත් ස්තූතිය...

      Delete
  22. කොළ පාට පින්තුරේ දැක්කම මතක් වුනේ 1984-85 කාලේ. ඒ දවස වල මම හිටියේ මරදානේ බෝඩිමක. කකාට අයිති පරිප්පු ඉස්කෝලෙට යන කාලේ. ඒ කාලේ හැමදාම ඉස්කෝලේ ඇරිලා ඇවිත් කෑම කන්නෙත් නැතුව ගේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා ඔය වගේම කොලපාට HiAce එකක් එනකම්. ඒ වෑන් එකේ අන්තිම පේලියේ වම් පැත්තේ එන ගෑනු ළමයෙක් හැමදාම හිනාවෙලා යනවා. අශෝක කනිශ්ටේ ඉස්කෝලේ ලඟින් තව ළමයි ගන්නයි මේක එන්නේ. වෑන් එක දුර එනවා පේනකොටත් heart rate එක එහෙම වැඩිවෙලා බලාගෙන ඉන්නවා. තප්පර දෙක තැනකින් පුංචි හිනාවකින් ගේ පහුකරගෙන යනවා. වෑන් එ‍ක අශෝක එක ළඟ නැවත්තුවම ලඟට ගිහින් තුන්ඩුවක් දාන්නවත් ගටක්‌ තිබුනෙත් නෑ.
    What is the odd that that girl will read this comment? If that happened, I will spend all the money in accounts on lottery.
    ඒත් ඒ මතකය හරිම සුන්දරයි. තවත් එක් වැරදුන ප්‍රේමයක්! එල් ඕ එල්!!

    ReplyDelete
    Replies
    1. බොහොම සුන්දර මතකයක්...අපි කොච්චර වීරයෝ වගේ ආදරයට මුල පිරුවත් ප්‍රේමිය ලං වෙද්දි ඔය කියන හාට් බීට් එක වැඩිවීමේ අත්දැකීම මමත් විදලා තියෙනවා...සිනාවෙන්ම වැඩේ කෙලවර වුනාද?

      Delete
  23. අඩේ මමත් ගියේ ඔය වගේ කොල පාට එකකම තමා, ගොඩ වෙද්දි වහලේ ඔලුව වදින එක බේරගත්තේ බොහොම අමාරුවෙන්....

    ReplyDelete
    Replies
    1. ඒකෙ මේ වගේ මාර දූවරු ඉන්න නැතුව ඇති මගෙ හිතේ...

      Delete
  24. අපිට කොයින්ද පුසෝ මළු...... අපි යනවයි මුදු ..... කිව්වලු අපි ඉතින් දන්නා දා ඉදන්ම ඉස්කොලන් ගියේ බස් කොච්චි වලින් තමා...... වැන් වල යන එවුන්ට වෙන දේවල දැනගත්තේ මේවගේම ඒ ගිය එවුන්ගෙන් තමා........ සිරා උබ ලස්සනට ලියල තියෙනවා බොලන් .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාළෙ...අනිත් අයටත් මේක කියවලා පරණ සිදුවීමක් දෙකක් මතක් වුනොත් පාසල් සේවයට අදාළ තව කථාවක් දෙකක් බ්ලොග් අවකාශයේ ලියැවේවි.

      Delete
  25. හෙහ් මමත් 6 වසරේ ඉදන් 10 වසර විතර වෙනකම් ඔය වගේම රතු ටයි කෙල්ලන්ගේ ආදිපත්‍ය තිබ්බ වෑ න් එකක ගියා .. හරි ජොලි ... දැන් නම් මතකත් නෑ .. ලස්සන අක්ක කෙනෙක් හිටියා .. තව පොඩි පොඩි කෙල්ලෝ ටිකක් හිටියා ... අපිත් එක්ක හැමදාම වලිය තිබ්බේ පිටිපස්සේ සීට් එකට .. ගොඩක් දවස් වල හැබැයි උන් ටික තම පිටි පස්සේ ගියේ .. ඉඳල හිටලා අපි පිටි පස්ස අල්ල ගත්ත දවස් වල උන්ට වතුර ගහනවා ... වලි කෝටියයි ... හරිම ජොලි කාලයක් ..

    ReplyDelete
    Replies
    1. ලස්සන අක්කා අපේ ඉස්කෝලෙ එකෙක්ට නෙමෙයිද බහ දුන්නෙ...රතු පාසලේ මගේ හොදම මිතුරිය එක්ක අපේ පාසලේ දොස්තර අයියා කෙනෙක් පුස්තකාලෙදි තමා සැටල් වුනේ...

      Delete
  26. මමත් අවුරුදු 2ක් විතර වැන් එකක ගියා.වොක්ස්වැගන් එකක්.දැන් නම් එව පාරෙ දකින්න නැ.එ වුනාට බස් එකෙ තමයි හොදම මතක තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බස් එකේ වෙච්ච සිදුවීම් බොහොමයක් තියෙනවා...ඒ ගැන මතකය ඉදිරි දිනයක බෙදා ගන්නම්...

      Delete
  27. ශාහ්....මම අන්තිම වෙනකම් කට ඇරගෙන බලාගෙන හිටියේ උඹ කෙල්ලෝ ටිකට ගේමක් දෙයි කියලා. අන්තිමේට දුක හිතෙන සීන් එකක්නේ තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. සිරා අහිංසකයි බොලං එදා වගේම අදත්...කෙල්ලො අපිට ගේම් දුන්නා මිසක අපිට බැරි වුනා නොවැ කෙල්ලන්ට ගේමක් දෙන්න...

      Delete
  28. සිරෝ......නාමල්ගේ අයියා ඉන්නේ මේ පලාතේ....නාමල්ට වී අලෙවි මණ්ඩලයේ සභාපති තනතුර දෙන්න හිටියේ වීවලටකරපුසේවයට....තනිවී....වෙන්වී...ලංවී...හමුවී......කොච්චර වී ජාතිද?

    හැබැයි පද රචකයෝ ලෙඩේ ඇද්දා...ඒක ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාදයක් කියලා...

    ReplyDelete
    Replies
    1. නාමල්, අයියගෙ සින්දු ටික අයියගෙන් හොරකම් කරගෙන පළවෙනි කැසට් එක කලා කියලත් සමහරු කියනවා...අයියා මිනිහට වඩා දක්ෂයා කියලත් කියනවා..මම නම් ඉතිං ඕවයෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ ඉතිං...වී මණ්ඩලේ මිනිහා අද හිටියා නම් ලංකාව ආයෙත් පෙරදිග ධාන්‍යාගාරය වෙන්ට තිබුනා නේද බොලං...

      Delete
  29. මමනම් 6 පන්තියේ ඉඳලාම ඉස්කෝලෙ ගියෙ බස් එකේ, ඒ කාලේ ස්කූල් වෑන් කියලා ජාතියක් නෑ. තිබුන වෑන් "ප්‍රයිවෙට් බස්" වුනා.
    මට බස් දෙකක යන්න තිබුණා, ඒත් සීසන් එකට 5.70 යි. දැන්නම් පුදුමත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. පාසල් සේවය කියලා ක්‍රමයක් ආරම්භ වෙන්න ඇත්තෙ එහෙනම් 77 ආර්ථිකේ විවෘත කලාට පස්සෙ වෙන්ට ඇති..

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...