Monday, March 17, 2014

84 ඩග්ලස් කැම්බල් සහ 70 දශකයේ සිරි ලංකාව

සිරාගේ කාමරයෙන් පසුගිය මාසයේ අවසාන ලිපිය ලෙස පල වූ ශ්‍රී ලංකාවේ 70 දශකයට අයත් ඡායාරූප පෙළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. එම ලිපිය කියවූ බවට ගූගල් රාජයා මවෙත දැන්වූ පාඨකයන්ගේ සංඛ්‍යාවද ඉහළ එකකි. ඒ අනුව අපේ මව්බිමේ අප නොදුටු ඉතිහාසයකට අයත් ඡායාරූප දැකීමේ ආශාව ඇත්තේ මා හට පමණක් නොවන බැව් දැන් මම ඉදුරාම දනිමි.

නමුත් ඒ ලිපිය පලවී දින දෙකකට පමණ පසු සහෘද බ්ලොග් කරු චන්දන මවෙත එවූ ලින්කු කීපයකම ඒ කියන ඡායාරූප පල වී තිබුනි. ඒ මගේ ලිපිය පලවන්නටත් කලියෙනි. නමුත් ඒ කිසිම තැනක මේ වටිනා ඡායාරූප කාගේදැයි සටහනක් තිබුනේ නැත.

යමක් හොයන්නට සිතුනොත් එය මොන දිල්ලියෙන් හරි සොයාගැනීම මගේ ක්‍රමයයි. මගේ මෙන්ම මේ ඡායාරූප කෙරේ පෙම්බදින ඔබෙත් වාසනාව නිසාදෝ මේ කියන 70 දශකයේ ඡායාරූප වල සැබෑ හිමිකරුවා කවරෙක්දැයි සොයා ගැනීමට මම අධිටන් කළෙමි. අද ඔබ මේ කියවන්නට යන්නේ මා සොයාගත් ඒ අපූරු මිනිසා ගැනයි.

මගේ ලිපියේදී මා අනුමාන කල ලෙසම ඡායාරූප කීපයකම සිටි සුදු ජාතික කාන්තාවගේ සැමියා තමයි මේ වටිනා කියන ඡායාරූප සියල්ලේම හිමිකරුවා. ස්කොට්ලන්ත ජාතික ඩග්ලස් කැම්බල්  මහත්තයා තමයි ඒ. වෘත්තියෙන් ඉංජිනේරුවෙක් විදියට කටයුතු කලත් එතුමාගෙ විනෝදාංශය වෙලා තියෙන්නෙ ඡායාරූප කලාව. 1930 ගනන් වලදි පවුලේ විනෝද චාරිකා ආදිය ඡායාරූපයට නගලා පටන් ගත්ත මේ ක්‍රියාවලිය පස්සෙ පස්සෙ බොහොම විධිමත් ආකාරයෙන් කරන්න ඔහුට හැකි වුනා. මුල් කාලයේ කළුසුදු ඡායාරූප පමණක් ගන්න උනේ එකල තිබුන මෙවලම් වල ඒ වර්ණ දෙක පමණක් මතු කරන්නට හැකියාව තිබුන නිසයි.

අපේ කථා නායකයා වයස අවුරුදු 59 දී ස්කොට්ලන්තයේ සාම්ප්‍රදායික ඇදුමෙන් සැරසී.

නමුත් 1955 දි දකුණු අප්‍රිකාවට ගිය ව්‍යාපාරික චාරිකාවකදි කළු සුදු වලින් වර්ණ ඡායාරූප වලට මාරු වෙන්න එතුමාට හැකි වුනා. අපි කලින් ඡායාරූප එකතුවෙදි දැක්ක සුදු නෝනා තමයි ඩග්ලස් මහත්තයගෙ බිරිද. එයාගෙ නම කැත්ලින්. මේ ජෝඩුව බොහොම දැඩි ආදරයකින් යුතුව ජීවත් වෙච්ච යුවලක් බවයි දැනගන්න ලැබුනෙ.

ඩග්ලස්, කැත්ලින් යුවල

ඉතින් මේ දෙන්නා කොහේ හරි විනෝද චාරිකාවක යනවා නම් ඩග්ලස් මහත්තයා අතේ කැමරාව වැරදුනේම නෑ. ස්වභාව ධර්මයාට, සතා සීපාවට බොහොම ආදරය කරපු මනුස්සයෙක් විදියට හැම වෙලේම තමා දකින පරිසරයේ සුන්දරත්වය, මිනිස් ක්‍රියාකාරකම් කැමරාවට නගන්නත්, ඒ ඡායාරූප මුද්‍රණය කරලා එයට පාදක වෙච්ච ඉසව්ව, පුද්ගලයන් පසු කාලෙක නැවත මතකයට නගා ගත හැකි පරිදි ලොග් සටහනක් තබලා ඡායාරූපය සමගම සුරක්ෂිතව අමුණන්නත් මෙතුමා කටයුතු කර තිබෙනවා. ඒ නිසයි ලංකාවෙ පැරණි ඡායාරූප ගත්තෙ මේ මේ තැන් වල කියලා හරියටම අපිට දැනගන්න ලැබුනෙ.

1950 වගේ දුර ඈත කාලෙදි අද වගේ පහසුවෙන් ඡායාරූප කරණයේ යෙදෙන්න හැකියාවක් තිබිලා නෑ. ස්වයංක්‍රීය අති නවීන කැමරා ඒ කාලයේ තිබුනෙ නැති නිසා අද ස්වයංක්‍රීයව කැමරාව මගින් ඉටුවන කාර්යයන් තමා විසින්ම කර ගනිමින් ඉතා හොද තත්වයේ ඡායාරූපයක් ගැනීම හැම විටම අභියෝගයක්. අතේ ගෙන යා හැකි Exposure මීටරයක්, Range ෆයින්ඩරයක්, කැමරාවට වෙනම සවි කල යුතු ප්ලෑෂ් ගන් එකක් සමග මුලින්ම භාවිතා කරලා තියෙන්නෙ Voigtlander Vito B කියන වර්ගයේ කැමරාවක්. මේ ලිව්ව තාක්ෂණික වචන කීපය පිළිබද ඒ ක්ෂේත්‍රයේ නිරතවෙන අය හොදින්ම දන්නවා.



මේ කැමරාවෙන් පස්සෙ ඩග්ලස් මහත්තයගෙ ආයුදේ වෙලා තියෙන්නෙ  Zeiss Ikon Contaflex නම් කැමරාවක්. සෑහෙන කාලයක් යන තුරාවටම මේ කැමරාව ඔහු භාවිතා කර තිබෙනවා. ඒ අනුව අපි දුටු ලංකාවෙ ඡායාරූපත් ඔහු කාචයට හසුකරලා තියෙන්නෙ මේ කැමරාවෙන්. කැමරාවටම සවි වුන Exposure මීටරයත්, ලෙන්සය හරහා කදිමෙට නාභි (Zoom) ගත කරන්න හැකිවීමත්..ලෙන්සය ගලවා ඉවත් කර වෙනත් ලෙන්ස සවි කිරීමට හැකි වීමත් මේ කැමරාව සමග ඔහුට ලැබුන ප්‍රතිලාභ. පසු කාලීනව Wide Angle සහ  Telephoto ලෙන්ස දෙකකුත් ඔහු මෙයටම අමුණනවා. මේ සියලුම දේ දාගෙන යන්න කදිම හම් බෑගයකුත් කැමරාව සමගම ලැබිලා.

70 දශකයේ ලංකාවෙ ඡායාරූප ගත්ත කැමරාව


70 දශකයේ අග භාගයෙදි ඔහු තමන්ගෙ කැමරාව විදියට භාවිතා කරලා තියෙන්නෙ Minolta XD -7 කියන මාදිලියේ කැමරාවක්. කලින් තමා විසින්ම කල ඇතැම් සැකසුම් මෙම කැමරාව මගින් ස්වයංක්‍රීයවම ඉටුකර දීම ඔහුට පහසුවක් වන්නට ඇති. මේ සන්නාමයෙන්ම පසු කාලෙක පැමිණි  Minolta XD -700 කැමරාව තමයි කැම්බල් මහත්තයගෙ අන්තිම කැමරාව. මේ කැමරා දෙකේම Auto Zoom පහසුකම තිබිලා නෑ.



























මුල් කාලයේ මේ කැමරා සදහා භාවිතා කල දළ සේයා පට වල  සටහන් කල හැකි වූයේ අඩු ෂටර වේගයක්. ඒ නිසාම කැමරාව පොඩ්ඩක්වත් නොසෙල්වා තබාගෙන ඡායාරූප ගැනීම කලයුතුව තිබුනා. ඔහු භාවිතා කර තිබුනෙ  Kodakchrome  වර්ගයේ දළ සේයාපට. වරකට ඡායාරූප 36 ක් ගන්න පහසුකම් එහි තිබුනා. දළ සේයා පටයක් මිළදී ගැනීමේදී ලැබෙන මුදල් ගෙවූ ලියුම් කවරය සමග ඡායාරූප ශුද්ධ කරන තැනට භාර දුන්නම  තැපෑලෙන් තමයි නිවසට ඡායාරූප ලැබිලා තියෙන්නෙ. ඒ සදහා ගතවන දින කීපය ඩග්ලස් මහත්තයට සෑහෙන්න විඩාබර වෙන්න ඇති.

මේ කියන අදියර නිම වෙලා නිවසට දළ සේයාපටයක් ලැබුනම ඔහුගේ ඊළග පියවර මෙන්න මෙහෙමයි. තමන්ගෙ ඤාතීන්ට තමන් ගිය ගමන් බිමන් පිළිබද ඔහු විස්තර කර තිබෙන්නෙ (Slide Show) ස්ලයිඩ් ෂෝ ආකාරයට. එහෙමත් නැත්නම් විශාල තිරයක ඡායාරූපය විශාලනය කර පෙන්වීමෙන්.  එතැනදි ඡායාරූපයෙන් ඉදිරිපත් වන දෙය හොදින් විස්තර කරලා ඒ ස්ථානයේ තමන්ගෙ අත්දැකීම් එහෙමත් ඉතා රසවත්ව තම ඤාති සමූහයා වෙත එතුමා විසින් ඉදිරිපත් කල බව තමයි දැනගන්න තියෙන්නෙ. පළමුව බලන්නෙ සෑහීමකට පත්වෙන්න පුලුවන් තරමේ ගුණත්වයක් ඒ ඒ ඡායාරූපයේ තියෙනවද කියලයි. එහෙම නැත්තං ඒවා වැටෙන්නෙ කුණු බක්කියට. ඊට පස්සෙ තමන්ගෙ අතින්ම ඡායාරූපය සවි කරන කාඩ්බෝඩ් තීරුවෙ ඡායාරූපය පිළිබද විස්තර ලියනවා. වර්ෂය, දිනය, ස්ථානය ආදී වශයෙන්. මෙලෙස සූදානම් කල 35000 කට අධික ඡායාරූප තොගයක් ඔහුගේ ජීවිත කාලය තුල සැකසුනා. ඒ සදහා වසර 50 කටත් වඩා ගතවෙලා තියෙනවා.

70 දශකයේ ලංකාවේ ඡායාරූප තම අත් අකුරින් ලියූ විස්තර සහිතව සකසා ඇති අන්දම

කැම්බල් මහත්තයා වගේම එයාගෙ ප්‍රිය බිරිද කැත්ලින් මහත්මියත් අද ජීවතුන් අතර නෑ. ඇය මියගොස් තිබෙන්නෙ 1983 වසරෙදි. අපේ ඡායාරූප ශිල්පියා අවුරුදු 94 ආයු වළදලා 2007 වර්ෂයෙදි තමයි අභාවප්‍රාප්ත වෙලා තියෙන්නෙ. ඒ වයසෙදිත් ඔහුගේ අතින් කැමරාව ගිලිහී ගොස් තිබිලා නෑ. දිවි මගෙන් සමුගන්න අවස්ථාව වන විට එතුමා රටවල් 20 ක සංචාරය කර තිබෙනවා. කුඩා පොතක් සමග පෑනක් ලග තබා ගනිමින් නිරතුරුව තමා ගන්නා ඡායාරූප පිළිබද විස්තර ඒ අවස්ථාවේම ලියමින් එතුමා මේ ඡායාරූප නරඹන්නට හිතැති දහස් ගණනාවක් ජනතාව වෙනුවෙන් මහා ධනයක් රැස්කරලයි ජීවිතයෙන් සමුගන්නෙ.

දිවිමගේ  අවසන් කාලයේ 2007 දි.


අද එදා වගේ නෙමෙයි. ඡායාරූප කරණය වගේම ඒවා ඉන්පසු ඒවා වැඩිදියුණු කරන ආකාරයත් පුදුමාකාර දියුණුවකට ලක් වෙලා. කැම්බල් මහත්තයගෙ පුතා ඩන්කන් කැම්බල් (Duncan Campbell) තමන්ගෙ පියාගෙ ඡායාරූප එකතුවෙ තිබුන ඡායාරූප වලින්  30000 ක පමණ අතිවිශාල ප්‍රමාණයක් ඩිජිටල් කරණය කරන්න කටයුතු කලේ තාත්තා ජීවතුන් අතර සිටියදීමයි. තමන් සහ පවුලේ උදවිය සමග පමණක් මේ ඡායාරූප බෙදා ගැනීමෙන් පලක් නෑ කියලා හිතුව ඔහු සමස්ත ලෝකයම සමග ඒවා බෙදාගන්නට කටයුතු කල නිසයි ඔබට මෙන්ම මටද අතීත ලංකාවෙ හැඩතල අර විදියට බලන්න හැකි වුනේ.

මේ කාර්යය අවසන් වෙද්දි පියා ජීවතුන් අතර සිටියේ නැති වුවත් ඔහුගේ ආශිර්වාදය ඒ සදහා නිසැකවම ලැබෙන්නට ඇති. මේ අතිවිශාල ඡායාරූප එකතුව වර්තමානයේ ඒ පවුලෙ උරුමයක්. මියගිය පියාට දියහැකි හොදම ගෞරවය ලෙසයි මේ ඡායාරූප අන්තර්ජාලයට එකතු කොට ඇත්තෙ. 70 දශකයේ ලංකාවෙ ඡායාරූප පිළිබද අද ජීවතුන් අතර ඉන්නා භාරකරුවා ඩන්කන් නිසා මම ඔහුට පණිවිඩයක් යැව්වා මගේ ලියමන් සදහා ඒවා භාවිතා කරන්න අවසර දෙන්න කියලා. ඒ සදහා ඔහු මට එව්වෙ හරිම නිර්ව්‍යාජ පිළිතුරක්.


ඒ පිළිතුරෙන් මා සතුටට පත් වුනා වගේම 70 දශකයේ ශ්‍රී ලංකාවෙ ඡායාරූප මහා රාශියක් ඉදිරියේදී වරින් වර කාමරයෙන් බලාගන්න අවස්ථාවත් ඔබට ලැබෙනවා.

මේ ඡායාරූප මතු යහපත උදෙසා අරගෙන ඒවා සුරක්ෂිත කරලා තිබ්බ දිවංගත ඩග්ලස් කැම්බල් මහතාටත්, ඒවා සුරක්ෂිත කරන්න දායක වූ කැත්ලීන් මහත්මියටත් වර්තමාන පරපුර සමග ඒවා බෙදා හදාගන්න තීරණය කරපු ඩන්කන් කැම්බල් මහතාටත් අපි නොසෑහෙන්න ස්තූතිවන්ත විය යුතුයි. මෙවැනි සොදුරු මිනිසුන් නිසාම ලෝකයේ රුදුරු බව පරයා  සොදුරු බවම මොනවට පසක් වෙයි.


මෙම ලිපිය සදහා මුලාශ්‍රය



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මැලේසියාවේ මාස 6 කට වරක් පැවැත්වෙන MATTA ( Malaysian Association of Travel and Tour Agents) සංචාරක අංශයේ දැවැන්තම ප්‍රදර්ශනය නිසා පසුගිය සතිය අතිශයින් කාර්යය බහුල එකක් විය. ඒ හේතුවෙන් බොහෝ බොග් මට මග හැරින. සුපුරුදු ලීලාවෙන් මේ සතියේ සිට නැවතත් සිරා කොලුවා බොලාගේ බොග් කියවන්නට එන බව කියනු රිසි වෙමි.

අතුරුදහන් වූ ගුවන් යානාව පිළිබද නවතම තොරතුර වනුයේ ගුවන් නියමුවන් දෙදෙනා යානාවේ සියලුම සන්නිවේදන මාර්ග ක්‍රියා විරහිත කරඇති බව, ගුවන් මගියෙකු ලෙස වෙස්වලාගත් ගුවන් යානා තාක්ෂණය පිළිබද ඉංජිනේරුවෙකු යානය තුල සිටි බවට සැක කරන බව, රේඩාර් සංඥා මග හැරීමට යානය අඩි 1500 ක පමණ පහතින් යාත්‍රා කර ඇති බව වැනි කාරණාය. මේ මොහොත වන විට ගුවන් යානය ගොඩබාන්නට ඇතැයි සැක කරන රටවල් 11 කි. ගුවන් යානය සෙවීමට එකතු වී ඇති රටවල් ගණන 25 කි. සන්නිවේදන චන්ද්‍රිකා 10 කි. මැලේසියාවේ බොහෝ  ප්‍රසිද්ධ ස්ථානයන්හි ගුවන් යානයේ අංකය සදහන් කර ඔවුන් වෙනුවෙන් දෙවියන් නමදින ලෙස විවිධ වැකි සටහන් කොට තිබේ.

පසුව ලියමි

මේ සටහන පිළිබද ලින්කුවක් මම ඩන්කන් කැම්බල් මහතා වෙත යැවීමි. ඒ පිළිබද මහත් සතුටට පත්ව මේ ලිපිය කියවන්නට බැරි වුවත් තම ඥාතීන්ගේ අවධානයටත් මෙය යොමු කරන බව එතුමා මට දන්වා එවා තිබුනි.















84 comments:

  1. ඉතාම හොඳ ලිපියක්. ඒ පින්තූර පිළිබඳව බොහෝ දෙනෙක් නොදැන සිටි අතීතය හෙලිකලාට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක තුමා. යමක් නියම හිමිකරුවාගෙන් ඉල්ලාගත්තම ඒ එක්කම තවත් දේ නොමිලේම ලැබෙනවා. අපේ යුතුකම තමයි සුදුස්සාට සුදුසු තැන ලබා දීම. එතුමාගෙ ඡායාරූප එකතුවේ ඉතාම ලස්සන ඡායාරූප තිබෙනවා. ඉදිරියට ඒවා නරඹමු. බලන්න දැන් මේ ලිපිය ස්කොට්ලන්තයේ කීප දෙනෙකුත් බලනවා නොවැ...

      Delete
  2. සිරා සෑහෙන වෙහෙසක් අරන් නෙ. ඒ වෙහෙස පල දැරුවාට සන්තෝෂයි. එහෙනම් අපට ඉදිරියේදි තවත් දුලබ පින්තූර බලන්න හැකි වෙයි. අර ඩන්කන් සහ ඔහුගෙ පියා ගේ මේ පින්තූර සුරක්ෂිත කිරීමේ කාර්‍යය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි.. ඒ වගේම ඔවුන් ඒවා ගැන දක්වන නිර්ලෝභිත්වයත් ඇගයිය යුතු කරුණක්.

    ස්තුතියි සිරාට ත්.

    ReplyDelete
    Replies
    1. බොලාට බොහොම ස්තූතියි. බොලා එවපු ලින්කු ඔස්සේ ගිහිල්ලා තමයි මෙතුමාව සම්බන්ධ කරගන්න ලැබුනෙ. අද කාලෙ මේ වගේ වටිනා දේවල් නොමිලේම ලබාදෙන සිරිසගබෝලා අපේ රටෙත් හරිම අඩුයි.

      Delete
  3. ලිපිය හිමින් සැරේ කියවන්නම් සිරා.
    ඔය අතුරුදහන් වුන යානය ගැන දවසින්දවස කියන්නේ ඒක ඒක කතානේ බන්.
    මාත් දැක්කා කැප්ටන් විරුද්ද පාක්ෂික දේශපාලන මත දරන්නෙක්,පොර ගෙදර හදන් තිබුන ආකෘතියේ ෆලයිට් ඒක පහළින් ගෙනියන්න ප්‍රක්ටිස් වේලා ලැපකුට් අරගෙන නියමු කුටියට ගිය කතාවක්.සහය බුවා අන්තිමට කියපු ගුඩ්නයිට් ඒක ඇතුලේ සියදිවි නහා ගන්න තේරුම තියෙනවැයි අරකයි මේකයි.
    මේව්වා ඒකකත් පැහැදීලි ශක්තිමත් සාධක නේමේයි නේද?

    ReplyDelete
    Replies
    1. කලින් ලිපියත් එක්කම කියවන්න. එතකොට කථාව හොදට වැටහේවි.

      ගුවන් යානය ගැන විටින් විට විවිධ කථා කරලියට එනවා. මෙච්චර විශාල පිරිසකට මෙච්චර කාලයක් කන්න බොන්න දෙන එකත් ගැටලුවක් නොවැ. අනේ මන්දා දැන් නම් හිතාගන්න බෑ මොනවා වෙන්න ඇතිද කියලා.....

      Delete
  4. වටින වැඩක්... ගොඩක් කාලෙකින් ද මන්දා ලිපියක් දැක්කේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...වැඩි කාලයක් නෑ...කලින් ලිපියට දින 4 කට පසු තමයි මේ ලිපිය පල කලේ.

      Delete
  5. නියමයි.. ලියලා අවසර ගත්තු එක බොහොම හොඳ මහත්මා ගුණයක්...

    හැබයි මට පොඩි පුරස්නයක් ආවා මිනිහා වවුලෙක්ද කියලා. ඔක්කොම ෆොටෝ ඔලුවෙන් හිටෝලා තියෙන්නේ මොකද ඒ. ?

    ReplyDelete
    Replies
    1. සෙන්නට පේන ජාති...:D

      Delete
    2. සෙන්නා ඒ තියෙන්නේ ප්‍රොජෙක්ටරයකට ඇතුල් කරන ස්ලයිඩ්ස්. ඒ කාලයේ බහුලව භාවිතා කෙරුණු ප්‍රොජෙක්ටර් වල රූපය නිවැරදිව තිරය මත දර්ශනය කරවන්න නම් ඇතුල් කරන ස්ලයිඩ් එකේ එය තිබිය යුත්තේ උඩයට මාරු කරලා... මෙතන විස්තර තියනවා...

      Delete
    3. බොහොම ස්තූතියි තිසර. මම දැන් ලැජ්ජා වෙනවා නොදැනුවත්කම මත ඔහුට අපහාස කරමින් කරපු ගොන් ප්‍රකාශය පිළිබඳව. සමාවන්න.

      Delete
    4. ගොං ප්‍රශ්ණේ ඇහුවට උඹට ස්තුතියි සෙන්නා. තව පොඩ්ඩෙන් මමයි ඒක අහන්නේ. අපි වෙනුවෙන් නෑම ගැන නැවත තුති. :D

      Delete
    5. නාලා තියෙන්නේ රෙක්සෝනා ගාලමලු... :D

      Delete
    6. මටත් ෆොටෝ එක බලනකොට ඒ ප්‍රශ්නෙ ආව. සෙන්න අහල තියෙන එකෙනුත්, තිසරගෙ පිළිතුරෙනුත් ගොඩක් දෙනෙක්ගෙ තිබ්බ කුතුහලය දුරුකරගන්න පුලුවං වෙලා වගෙයි.

      Delete
    7. @ සෙන්යියා ,
      ඩුඩ්යියා කිවා වගේ අපි උදෙසා ඉදිරිපත්ව බෙල්ල දීම ගැන මයෙත් බලවත් තුතිය..:D

      Delete
    8. මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ සෙන්නා...

      Delete
    9. අපේ ප්‍රශ්ණය ඇසීම ගැන සෙන්නාට ස්තූතියි වගේම පිළිතුර දුන්නට තිසර අයියටත් ස්තූතියි.

      Delete
    10. නාන්න වතුරත් නැති එකේ අපි වෙනුවෙන් නෑම පිලිබඳව මගෙත් ප්‍රනාමය සෙන්නාට...!!!

      Delete
  6. මගෙ හිතට ආවේ ඇයි අපි අතීතයට මෙච්චර කැමති කියන එක. වටිනා ලිපියක් සිරා.

    ReplyDelete
    Replies
    1. අතීතයේ දේවල් දකිද්දි අපි ඒවා කලින් දැකලා නැති නිසා ඇතිවෙන කුතුහලය තමයි මට හිතෙන හැටියට අපිව මේ ඡායාරූප වෙත තව තවත් ලං කරන්නෙ.

      Delete
  7. පුලුවන් විදියකට අනිත් ෆොටෝ ටිකත් දාන්න,ලන්කවේ එව වගෙම පිටරට එවත් දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි..එවගේ විස්තර ඇතුව එහෙම...
    අර පොටොව උඩ යට මරු කරලා මොකො??

    ReplyDelete
    Replies
    1. ඒ ඡායාරූප සියල්ලම වරින් වර කාමරේට ගේනවා. ඒ සදහා අවසරයත් ලැබිලා තියෙන එකේ තව මොනවට කල් මරන්නද....ෆොටෝව උඩ යට මාරු වෙන්න හේතුව ඔය තිසර කියලා තියෙන්නෙ.

      Delete
  8. ඒ ඡායාරූප ටික වගේම ඒවයෙ හිමිකරු පිලිබදවත් දැන ගන්නට ලැබීම වටිනවා.

    ඇත්තටම මේ වගේ සොදුරු මිනිසුන් බහුලව මෙලොව සිටියා නම්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙවැනි මිනිසුන් පමණක් මේ ලොව සිටියා නම් නරක යන වචනය ගැන මිසක එහි අභ්‍යන්තරය ගැන අපි නොදැන ඉන්න ඉඩ තිබුනා.

      Delete
  9. සිරා සිරාවටම සිරා සිරා .......

    //"වෘත්තියෙන් ඉංජිනේරුවෙක් විදියට කටයුතු කලත් එතුමාගෙ විනෝදාංශය වෙලා තියෙන්නෙ ඡායාරූප කලාව."// හෙහ් වෘත්තියෙන් ඉංජිනේරුවෙක් විදියට කටයුතු කලත් විනෝදාංශයට ප්ලේන් උස්සන එකෙකුත් ඉන්නවා මැලේ රාළ කියලා :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොලං...මැලේ රාළ ගොයියට මම පයින්ඩෙ යැව්වා...මෙන්න බොලේ මේ යෝධයා කියනවා ප්ලේන් වැඩෙන් හිතුව තරං ලාභයක් නෑ..ඊලග වතාවෙ උස්සන්නෙ සබ්මැරීනයක් කියලා...

      Delete
    2. අඩේ මාව මැරුවත් කමක් නෑ .... මම පොඩිකාලේ ඉදන් අමාරුවෙන් හදාවඩා ගත්ත මගේ චරිතේ ගාතනය කරන්න එපා බොලව්

      Delete
    3. ඝාතනය කියලා මෙන්න මෙහෙම ලියන්න සුදෝ ඊලග වතාවෙ...මොනවා උනත් මැලේ රාළ අමාරුවෙන් රැකගෙන ඉන්න චරිතය මේ යකඩ ගොඩක් නිසා මෙහෙම කුජීත වෙනවා දැක්කම මගේ හිතටත් වාවන්නෙ නෑ...

      මගේ චරිතය ඝාතනය නොකර මාව ඝාතනය කරන්න කියපු නිසාද කොහෙද එහෙම කියපු උත්තමයට මැයි පෙළපාලියෙදි බාබු බෝම්බයකුත් බැදගෙන ලං වුනේ.

      Delete
  10. බොහොම හොඳ උත්සාහයක් සිරා... යම් යම් දේවල් අරභයා දිගින් දිගටම තොරතුරු හොයා යන්න කැමති උඹ වගේ අය නිසා අපිට කොච්චර රසවත් කතන්දර දැනගන්න ලැබෙනවද...

    ඒක නෙමෙයි, ඩන්කන්ගෙ ඉල්ලීම පරිදි Flickr සයිට් එකට ලින්ක් එක පෝස්ට් එකේම දැම්මොත් නරකද? මෙන්න ලින්ක් එක...
    http://www.flickr.com/photos/thedouglascampbellshow/

    ReplyDelete
    Replies
    1. මට යම් දෙයක් ගැන රසයක් ඇති උනොත් එහි උපතේ සිට විපත දක්වාම සොයන්නට දැඩි අවශ්‍යතාවක් මතුවෙනවා. අන්න ඒ පුරුද්දම තමයි මෙතැනදිත් ඉස්මතු උනේ.

      ඔය ලින්කුව මම පලකරන්න හිටියෙ ඡායාරූප සියල්ලම පල කලාට පස්සෙ. නැත්තං එතැනින් ඡායාරූප නරඹලා මෙතැන ඒවා පලවෙද්දි අපට අහිමිවෙන්නෙ ඒ කාලෙ ජීවත් වෙච්ච අය අත්දැකීම් සමග නොමසුරුව කොටන කමෙන්ටු. ලින්කුව පසුව පලකරන්න මම ඩන්කන් මහතා සමග එකගතාවකට පැමිණ සිටියේ.

      Delete
  11. උඹ නං හැබෑටම මරු බුවෙක් සිරා.. කියල වැඩක් නෑ.. ජය වේවා උම්මා..

    ReplyDelete
    Replies
    1. අනේ දේශකයට මට ගැලපෙන වයසේ දුවෙක් හිටියා නම් කියලයි හිතුනෙ...අපිට ජය වේවා !

      Delete
  12. මේ රට ළෝකයට ගෙන ගියේ සුදු මහත්තුරු. මමත් දවසක් ලයන්ල් වෙන්ඩ්ට් ගැන ළිපියක් ලිව්වම තමයි අපේ උන් එහෙම කෙනෙක් ගැන දැන ගත්තේ. උඹේ මේ ළිපිය මම හිතන හැටියට උඹ ලියපු හොඳම ළිපිය. වටිනාකම අතින් බැලුවාම.. මේ වගේම ගවේශනශීලී තවත් බ්ලොග් කරුවෙක් තමයි බොර දියක ඉඳුවර ලියන එකා. ඌ වගේම, ළිපියක් ලියන්න බොහෝ වෙහෙස මහන්සි වෙන එකෙක් තමයි උඹ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහාචාර්ය මා තලන් තුමෝ. ඇත්තටම මම ලියන ලිපිය ගැන මටම සෑහීමකට පත්වෙන්න අමාරු නම් එය පලකරන්නෙ නෑ. ඒ වගේම ලිපියක් ලියන්න ගත්තම වෙලාව කීය උනත් ඒ කාරිය අහවර වෙනකං ලියනවා. මාසෙකට ලිපි 7 රිද්මය පවත්වාගන්න යාමෙන් මට බොහෝ වෙලාවට අහිමිවෙන්නෙ නින්ද.

      Delete
    2. මාතලං ....අපේ උන් දකින්නෙ සුද්දොන්ගෙ වැරදිම විතරමයිනෙ බං..!

      Delete
  13. සිරා විතරයි සිරාවට උනන්දුවෙන් බ්ලොග කරන්නේ.

    ReplyDelete
    Replies
    1. උවමනාවෙන් ලියන තවත් අය ඉන්නවා මිත්‍රයා...අපි යම් දෙයකට කැමති නම්...ඒ දේට අවංකව කැපවෙන එක තමයි ඉතාම හොද..මම එහෙම එකෙක්.

      Delete
  14. සිරා ඔබ බොහොම උනන්දු වෙලා අතීතය ගැන විස්තර හොයාගෙන සහ වර්තමාන උරුමක්කරුවන්ගෙන් අවසර ලබාගෙන මේ කරපු කාර්යය ඇත්තටම ප්‍රශංසනීයයි.තව තවත් පරණ පින්තුර අපිට දකින්නට ලැබෙයි කියල හිතනවා.
    ඔය ෆ්ලිකර් එකේ මගෙත් එකවුන්ට් එකක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. අවසරය ගත්ත නිසා නොවැ කාමරෙන් පෙන්වන්න මහා රාශියක් පරණ පින්තූර ලැබුනෙ. ඊළග ලිපියෙන්ම අපි ඒ කාරිය අරඹමු. ෆ්ලිකර් එකේ මම හදපු වොක්ස්වැගන් පරණ කාර් ගෘෘප් එකකුත් තියෙනවා..2008 ඒක හැදුවෙ මේ වෙද්දි ඡායාරූප 6000 කටත් වැඩිය තියෙනවා. ඕනෙද බලන්න ?

      Delete
  15. අර ලංකාවේ හරකෙක් කියල තියෙන්නේ තව දවස් 14ක් වත් යනවා කියල ප්ලේන් ඒක හොයන්න. ඒක හින්ද ඔය දවස් ටික නිකං ඉන්න තියෙන්නේ. අපරාදෙනේ මහන්සිය. මුන් ලංකාවේ නමත් එක්ක කනවා. කාලකන්නි

    ReplyDelete
    Replies
    1. ඒකා මී හරකෙක් කියලා දන්නෝ දනිති. ප්ලේන් එක හම්බවෙන්න අවුරුදු ගානක් ගියත් දවස් 14 කට පසුව නොවැ. මිනිහා දීලා තියෙන්නෙ කපටි උත්තරයක්...කපටි පෙනුමක් මිනිහට තියෙන්නෙත්.

      Delete
  16. මේ පින්තූර පරිස්සං කරල තියාගත්ත ඩග්ලස් මහත්තයටයි, ඒව තවත් කාලයක් පවතින්න සකස්කරල නිර්ව්‍යාජව බෙදා දෙන ඩන්කන් මහත්තයටයි ස්තුති‍ වෙන්න ඕන.
    ඒ වගේම මේ ලිපියත් සෑහෙන්න හොඳ කරුණු දැක්වීමක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ප්‍රසන්න අයියා...ඒ පින්තූර පෙළ පල උනාම තමයි මේ අයගෙ වටිනාකම හොදට දැනෙන්නෙ...

      Delete
  17. හැමදාමත් වගේ හරිම වටින ලිපියක්...ස්තූතියි තොරතුරු වලට ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගෝ...පරණ පින්තූර ටික බලන්න එන්න එහෙනම්....

      Delete
  18. සිරා වැඩක් සිරා,මම නම් බලලා රස විදිනවා මිසක් ඕවායේ අල ගිය මුල ගිය තැන් හොයනවා බොහොම අඩුයි.එක මයේ දුර්වල කමක් වෙන්න ඇති.උඹේ මහන්සියට අපේ ස්තුතිය.සුදු මහතැන්ගේ කට්ටියටත් තැන්කු කිවා කියන්න.

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම ඉන්න බෑ බං...කුතුහලය හොදටම දැනුනාම කොහෙන් හරි හොයාගන්නවා මහන්සි වෙලා...මම දැනටම සුදු මහත්තයට පයින්ඩයක් යවලා තියෙන්නෙ...මේ ලිපියත් බැලුවා කියලා මටත් දැන්වූවා.

      Delete
  19. එල ලිපියක් අයියේ :)

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයේම ඉන්න උඹට වෙලාව පිළිබද ගැටලුවක් නෑනෙ බන්...කොටහංකො ටිකක් දිගට....

      Delete
  20. පරණ තොරතුරු පරණ පිංතූර වැනි මතකයන්ට මං ගොඩක් කැමතී කැමැත්තට වඩා ඒක කෑදර කමක් කීවොත් නිවැරදී... මං ඔබගේ පෙර සටහනත් කියෙව්ව... ඒ් කමෙන්ටුවත් මෙතනම
    අගේ ඇති පංතූර ටික.......... අර යාපනේට එතකොට අ.පුරේට යන්න දුර දාල තියෙන බේඩ් එක එදා නං ලස්සනට තිබිල තියේ... ඒත් දැං ඒක නංනත්තාර වෙලා... එ් කෙ තියෙන්නෙ මොකද්ද කියන්නවත් අමාරුයි..

    රුවන්වැලීසෑය අරෙහෙම තිබ්බද කියල හිතෙනව...
    අපේ අම්මට සිරිපාදෙ පොටෝ දැකල අන්ද මංද වුණා... ඒ ඇත්තටම සිරිපාදෙද කියලත් ඇහැව්ව කියන්නකො

    ReplyDelete
    Replies
    1. මමත් ඔබ වැනිම තමයි. අප නොදුටුව පරණ දේ ඉතාම ආශාවෙන් නරඹන කෙනෙක්. පරණ යමක් දැක්කම මට හරිම සමීප ගතියක් දැනෙනවා. සමහර විට ඒ කාල වල පෙරආත්මයක හරි ජීවත් වෙච්ච මතකයන් නිසා වෙන්න ඇති. මම සිරීපාදෙ තවම ගිහිල්ලා නෑ කියහංකො....

      Delete
    2. සිරා මල්ලි..ඕකට ඉස්සර අත්තම්මල කියනව අපේ....එක වතාවක්වත් සිරීපාදෙ නොගිය එකත් මෝඩයා ,,,එක වතාවකට වඩා සිරීපාදෙ ගිය එකත් මෝඩය කියල...කොහොම උනත් කාලෙකට පස්සෙ ඇවිත් ඉතා හොද ලිපි දෙකක්ම කියෙව්ව...බොහොම පින් මේ විස්තර අපිත් එක්ක බෙදා ගත්තට..

      Delete
    3. ඒ කථාව මම අහලා තියෙනවා ඉන්දික අයියා...කීප වතාවක් කෙසේ වෙතත් එකවතාවක් හරි යන්න එපායැ...

      Delete
  21. දවල් දාපු කමෙන්ට් එක වාෂ්ප වෙලා. ඔෆිස් එකේ බ්‍රව්සරේ ලෙඩක්. එහෙනං ඉස්සරහට අපිට හොඳ පොටෝ සීරීස් එකක් බලන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. අයියෝ...ඒ කමෙන්ටුව ආයෙ හෙටවත් කොටලා දාන්න...ආසයි මොනවද කිව්වෙ කියලා දැන ගන්න. ඉස්සරහට ඔය ගොල්ලො පොඩි කාලෙ දැකපු දර්ශන ආයෙත් කාමරයෙන් ජීවමාන වෙයි.

      Delete
  22. වටින ලිපියක් අයියේ. ඔබේ මහන්සියට ප්‍රණාමය!!

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවන්න එකතු උනාට බස්සි නගාට මගේ ප්‍රණාමය...බස්සියක්ම තමයි..වෙලාව පාන්දර 1.23 කමෙන්ට් කරද්දි

      Delete
  23. පින්තූර ලිපියට වඩා නියමයි සිරා මේ ලිපිය. ඒ මිනිස්සුන්ටත් සෑහෙන්න සතුටු ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඩන්කන් මහත්තයා මට දන්වා එවා තිබෙනවා මේ ලිපියෙ ලින්කුව එයාගෙ පවුලෙ හිතවතුන් අතරත් බෙදන්නම් කියලා.

      Delete
  24. සෑහෙන්න මහන්සි වෙලයි ලිපිය ලිවුවේ කියලා දන්නේ.. ඇත්තටම සතුටුයි අයියේ.. ඒ වගේ කෙනෙක් එක්ක කතා කරලම ලිපිය ලියන්න ලැබුන එකත් එක විදිහක සතුටක් කියලයි මට නම් හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉදිරියට පලවෙන මීට කලින් කවදාවත් දැකපු නැති ලංකාවෙ ඡායාරූප දකිනකොට ඔය සතුට තවත් වැඩි වෙයි.

      Delete
  25. සිරා මේකනම් ලොවෙත් සිරා මචන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිංදුවා...ඡායාරූප ටික බලන්න එන්න මේ පැත්තෙ දවසකින් දෙකකින්...

      Delete
  26. උබෙ කැපවිම සහ වගකිම් සහිත බව සැහෙන්න අගයකලයුත්තක් සිරා.මටනම් ලැජ්ජත් එක්ක බොල ලියන එවයෙ වටිනාකමයි මමම් ලියන පල් හැලියි බැලුවම.ජයවෙවා

    ReplyDelete
    Replies
    1. කියවන අයට යම් දැනුමක් හෝ ප්‍රයෝජනවත් දෙයක් ලියන්නයි මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ. ඒ සදහා ඉතිං සමහර වෙලාවට බොහෝ වගකීමෙන් නින්ද කැපකරගෙන කරුණු එකතු කරනවා...හැම වෙලාවෙම ඉතා නිවැරදි කරුණු ඉදිරිපත් කරන්නයි මගේ වෑයම.

      Delete
  27. සිරාවටම සිරා අයියේ ගවේෂණාත්මක වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝරලේ මලයො...ඉදිරියට බලමුකො පින්තූර සැට් එක...

      Delete
  28. සිරා මල්, ගෙඩි , වගේම ගහේ මුලත් පෙන්නල තියෙන්නෙ , :)

    ReplyDelete
    Replies
    1. ඒවා යුතුකම් නේද...ඒ මිනිස්සු මෙච්චර මහන්සි වෙලා නිර්ලෝභීව මේවා බෙදලා දීලා තියෙන එකට අපි ගරු කල යුතුයි.

      Delete
  29. උඹේ මේ පිලිවෙලකට වැඩ කිරීම පිලිබඳව මගේ හදපිරි ප්‍රනාමය ...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ බොක්ක...අපි ගම්පහ කොල්ලො නොවැ...

      Delete
  30. ඉතාම හොද වැඩක් කරලා තියෙන්නෙ මුල් අයිති කරුවන්ට දැන්වීම

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනා නොකරනම දෙයක් තමයි...ඒත් මම නම් හැම විටම නියම හිමිකරුවට නිසි ගෞරවය ලබා දෙනවා.

      Delete
  31. හරියට අග මුල එක මේ කතාව කිව්ව එක වටිනවා අයියේ, විශේෂයෙන්ම මේ ෆොටෝ ගන්න මහන්සු වුණු මිනිස්සුන්ට වටිනාකම දෙන එක තමන්ගේ හිතටත් සතුටක් වගේම ඒ ගැන දැනගත්තාම ඒ මිනිස්සුන්ටත් \ඇතිවෙන්නේ සතුටක්. ඒ නිසා ඒ විදිහට සතුටක් දෙපිරිසට ඇති කරපු එක වටිනවා. කොටින්ම ඉතින් බලන අපිටත් සතුටුයිනේ :)

    ReplyDelete
    Replies
    1. තමන් මහන්සි වෙලා කරපු නිර්මාණයක්, ඡායාරූපයක්..තමන්ගෙ කරගෙන අනුන් එක එක තැන් වල දාලා තියෙනවා දැක්කම නියම නිර්මාණකරුවාට සියුම් දුකක් ඇති වෙනවා. මට අවශ්‍ය වුනේ ලංකාවෙ පැරණි ජායාරූප අන්තර්ජාලයට එකතු කරලා අපි නොදැක්ක ඉතිහාසයක් අපිට දකින්න සලස්වපු කෙනාට අපේ ජනතාව ඉදිරියේම නිසි ගෞරවය ලබා දෙන්න.

      Delete
  32. අපිට පේන්නෙම සුද්දො මේරට හූරා කාපු හැටි. ඒවගේම ලංකාවෙ දේශපාලනේ කියවෙන්නෙම මේරට අධිරාජ්‍යවාධිකුමන්ත්‍රණ කරුවන්ගෙ පාරාදිසයක් කියල.

    ඩග්ලස් කැම්ප්බෙල් සහ ඩන්කන් කැම්ප්බෙල් තාත්තයි පුතයි ලංකාව ලෝකයේ බබලවන්න කර ඇති දේ ප්‍රසංශනියයි.

    ඒ දෙන්නාටම උත්තමාචරය..

    මට අර මුල්ලිපිය මග හැරුනා ඒ පිංතූර ටික නම් කදිමයි

    ReplyDelete
    Replies
    1. සුද්දා ලංකාවට ආපු එකේ වාසි සහ අවාසි දෙකම තියෙනවා...නිකමට හිතන්න උඩරට දුම්රිය මාර්ගය...ඔය මහා කදු, කපොලු හරහා අපේ අය මෙහෙම ඉදිකිරීමක් කරන්නෙ නැති බව මට නම් හොදටම විශ්වාසයි...අවුරුදු ගානක ඉදන් හදාගෙන යන දෙමටගොඩ රාගම තෙවැනි දුම්රිය මාර්ගයත්....කතරගම පැත්තෙ හදන දුම්රිය මාර්ගයත් මේ කථාවට උදාහරණ...ඒ අයත් අපේ භාෂාව නොහැකි වුනාට දැන් මේ ලිපි බලනවා..

      Delete
  33. සිරා උඹනම් සිරා කොල්ලෙක්. මම උඹට මගේ ගෞරවය පුද කරනවා. මෙහෙම දේවල් කරන අය හරිම අඩුයි. අපි මෙහෙම සතුටු වෙනවානම් කැම්බල් මහත්මයාගේ පුතා ඇතුළු අය කොපමන සතුටු වෙනවා ඇතිද? මට ඇත්තටම උඹ ගැන හරිම සතුටුයි. මම නැවතත් සිරාට ස්තූතිවන්ත වෙනවා මෙවැනි අනර්ඝ ක්‍රියාවන්ට පෙළඹීම ගැන.

    මම ස්කොට්ලන්තයේ කිහිප වතාවක් ගිහිල්ලා තියෙනවා. අධික සීතල වුනත් ඉතාම මනරම් ප්‍රදේශයක්. බ්‍රිතාන්‍යයේ උසම කඳු වැටිය වන බෙන් නෙවිස් මම නැග්ගා. එය හරිම අමාරු වැඩක්. අඩි 4500ක් පමන උසයි. මෙහි වාර්ෂිකව මැරතන් එකක් තියෙනවා. කොහොම ඔය කන්දේ දුවනවාද මන්ද. දිනපතා උඩට පල්ලෙහාට දුවන ගෑණු පිරිමි අය දකින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි ඔබතුමා ඒ පැතිවල ඇවිදලා තියෙන බව ඇහුවාම..ආයෙ ස්කොට්ලන්තය පැත්තෙ යනවා නම් මේ කියන පවුලත් හමුවෙලාම එන්න. ඒ අයට අප වෙනුවෙන් ස්තූති කරන්න.

      ඔහෙ තියෙන අධික ශීතල ගැන මට කියන්නෙ පොඩි කාලෙ ඉදලම මා එක්කම හැදුනු මගේ ඥාති සහෝදරියක්...ඇය ජීවත් වෙන්නෙ ලන්ඩන් නුවර.

      Delete
  34. වටිනා කියන ලිපියක්..මේ දේවල් මෙහෙම විස්තර කරන එක ගොඩක් වටිනව සිරා අයියෙ.අද තමා දන්නෙ මෙහෙම දේවල් තියෙනව මෙහෙම දේවල් වෙලා තියෙනව කියල ඔන්න..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මලයා...උඩින් පේන ඇත්ත නෙමෙයි සැබෑම ඇත්ත...එක් අඩවියක මේ පින්තූර ටිකත් පළවෙලා...ඒවා දුන්නෙ මෙයා කියලා සිංහල නමකුත් දාලා...විමසීම් කියලා එයාගෙ ඊ ලිපිනයත් දාලා තිබුනා. නමුත් නියම හිමිකරුවා ගැන සදහනක් තිබුනෙ නෑ...ඒ අඩුපාඩුව තමයි මේ ලිපියෙන් මම නැති කලේ.

      Delete
  35. Didn't you see the Facebook page called "Old Ceylon"? Almost all pictures you have published here are there since long time.

    ReplyDelete
    Replies
    1. I have seen dude...but this person was the photographer. Nobody knows until i was finding him.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...