Wednesday, March 26, 2014

114 සිරිතිලක සහ කුලී රථය 2 කොටස

// මම බදින්න කැමති කෙනා ඔයා කියලා මට කියාගන්න පුලුවන් නම්.......සිරිතිලක සුක්කානමට හිස තබාගෙනම කල්පනා කලේය.//

එතනින් අහවර වූ පළමු කොටස කියවූයේ නැති අය මෙතැනින් ඒ කොටස කියවාගෙන එන්න.

නිදි නැති රැයක් සිරිතිලක වෙත උදාවූයේ කලකට පසුවය. කාර් රථය සමග දවස පුරා ඒ මේ අත ගොස් රෑ බෝ වී නිවසට පැමිණෙන හෙතෙම කා බී අහවර වූ වහාම ඇදට වැටෙන්නේ ඔහුගේ සිරුරට දැනෙනා අධික තෙහෙට්ටුව නිසාමය. එහෙත් අද නම් නින්ද ගව් ගානක් ඈතට ගොසිනි. ඔහුගේ සිත අමුතුම චමත්කාරයකින් පිරී පවතී. වසර 3ක්ම ඇය සමග කිලෝමීටර් 2 කට වඩා දුරක් තනි ගමනකදී නොගිය ඔහුට උදාවන්නට නියමිත අරුමැක්කේ සෑහෙන දුරක් රථය පදවන්නට නියම වී තිබේ.

නින්ද අහලකවත් නැති තැන සිරිතිලක සාලයේ තිබූ රේඩියෝව ක්‍රියාත්මක කලේය. නිවසේ රැදී සිටින කාලය මද හෙයින් ඔහුට ගුවන් විදුලියට සවන් දෙන්නට වේලාවක් නැතිය. මතක ඇති කාලයක තමා මේ යන්තරය ක්‍රියා කරවා නොමැති බව සිරිතිලකට හදිසියේ මෙන් සිහිපත් වූවේය.

පාලු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි

අසාර වූ මහ පොළව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි

කැළෑව මැද කටු පදුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
අදුරු වේදනා කැටිය ඇයයි

අමරදේවයන්ගේ හැගීම්බර කටහඩින් මේ ගැයෙන්නේ මගේ ගීතයදැයි විටෙක සිරිතිලකට සිතුනේය. තවත් ගීත දෙක තුනකට පසු සෙත්පිරිත් සජ්ජායනයටද සවන් දී සිරිතිලක නිදි දෙව්දුව වැළද ගන්නා විට මධ්‍යම රාත්‍රියේ කණිසමද ඔරලෝසුවේ සටහන් වන බවක් සිරිතිලක හට යාන්තමින් ඇසුනේය.
.......................................................................................................

සිරිතිලක තම රථය පදවාගෙන ගම්පහ ඉස්ටේසුම ආසන්නයට යන විටත් ඇය පැමිණ සිටියේ නැත. ඥාතියාගේ නිවසේ සිට දුම්රියෙන් පැමිණ ගම්පහ නගරයට පැමිණිය යුතු හෙයින් ඇයට වේලාවටම පැමිණීමේ අපහසුවක් ඇති බව හෙතෙම දනියි.

එහෙත් මද වේලාවක් ඇවෑමෙන් පැමිණි දුමිරියකින් බැස සුජාතා කඩිමුඩියේ සිරිතිලකගේ රථය වෙත පැමිණියාය.

මම පරක්කුද ? ඇය හිස දෙපසට වනා දගකාර ලෙස ඇසූ විලාශය සිරිතිලකගේ සිත ගත්තේය.

අනේ නෑ...මමත් මේ ආවා විතරයි....

මොකද මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නෙ....ඇය තම අත රැදි  ගමන් බෑගය හිල්මන් රථයේ පිටුපස ආසනයේ තබනා ගමන්ම සිරිතිලකගෙන් නෝක්කාඩුවට මෙන් විමසුවාය.

ඉස්කෝලෙ නෝනා හැමදාම දකින්නෙ ඔසරිය ඇදලා නොවැ...අද මේ ගවුමක් ඇදලා ඉන්න විදිය දැක්කම හරි අමුත්තක් දැනුනා ඒකයි. සිරිතිලක පිටුපස දොර වසා ඉදිරියට ඇදෙමින් පැවසුවේය.

ඉතිං මම ගවුමට ලස්සන නැද්ද ?

ලස්සනයි ලස්සනයි. ඉස්කෝලෙ නෝනා මොන ඇදුම ඇන්දත් ලස්සනයි.

අනේ අනේ..ඔයාට මම කී සැරයක් කිව්වද ඔය ඉස්කෝලෙ නෝනා කථාව කියන්න එපා කියලා. මගේ නම කියලා කථාකරන්නකො.

තමා හට මෙන් ඇයටත් ආදරයක සිතුවිලි පහල වී ඇතිදැයි විටෙක සිරිතිලක හට සිතෙයි. නමුත් කාන්තාව යනු වසර ගණනාවක් එක නිවෙසක ජීවත් වුවත් තේරුම් ගත නොහැකි අද්භූත ජනක සත්වයෙකුයැයි මාටින් අයියා කලකට පෙර කියූ කථාවක් සිරිතිලකට සිහිපත් වූවේය.

සුජාතා ඉදිරි ආසනයේ අසුන් ගත් වහාම රථය පිටත් විය. ඇගේ ආරාධනයෙන් අඹේපුස්ස තානායම් භූමියේ උදෑසන ආහාරය සදහා නැවතුන රථය එතැන් සිට එක පිම්මේ ඇගේ ගම්පියස බලා ඇදුනේය. කදු,හෙල්,බෑවුම් පසුකරමින් පැමිණි රථය කඩුගන්නාවද පසුකර නුවර නගරය තුලට පිවිසුනේය. නිතරම මේ ඉසව්වට නොපැමිණෙන හෙයින් දළදා වහන්සේ වැදපුදා ගන්නට විනාඩි කීපයක් සුජාතාගෙන් ඉල්ලා ගන්නට තරම් සිරිතිලක නිහතමානී වූවේය.

ඔහු හා දළදා වහන්සේ වැද පුදා ගන්නට ඇයද එක් වූවාය. රත් නෙළුම් මල් කීපයක් මිළදී ගත් සිරිතිලක එයින් දෙකක් ඇයට දුන්නාය. දළදා මැදුරේදී බුදුන් වහන්සේ අභියස ඒවා පුජා කරන කල ඔහු ප්‍රාර්ථනා කලේ ඇය තමාගේම වන්නටය.

බුදුන් වැදීමෙන් පසු තවත් මද වේලාවක් රථය තුල හිදිමින් නුවර වැවේ දිය රැළිති නැගෙනා සුන්දර දසුන දෙස බලා සිටි සිරිතිලක රථය පණ ගන්වා කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙන විට සුජාතා නිහඩතාව බින්දාය.

මල් පූජා කරපු වෙලාවෙ මොනවද ඔයා ප්‍රාර්ථනා කලේ ඒ තරම් වෙලාවක් ඇස් පියාගෙන.

ඒක රහසක්..සිහින් සිනහවකින් මුව සරසා ගත් සිරිතිලක වංගුවකදී රථයේ වේගය අඩුකරමින් පැවසුවේය.

මොනවද ඔයා ප්‍රාර්ථනා කලේ...ඔහුද පෙරළා විමසුවේය.

තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා...ඇය එතැන් සිට දැඩි කල්පනාවක නිමග්න වූ නිසාම සිරිතිලක ඇයට බාධා කිරීමෙන් වැළකුනේය. අවශ්‍ය තැනක නිවැරදි මාර්ගය පෙන්වීමට පමණක් සුජාතා වචනයක් දෙකක් දෙඩුවාය.

රථය කිරිමැටියාව මාර්ගය ඔස්සේ පැමිණ මොරගොල්ලට ලගාවන විට හිරු මුදුන් වෙමින් පැවතුනි. සුජාතා පෙන්වූ අතුරු මාර්ගයක් දිගේ මිනිස් ජනාවාසයන්ගෙන් තොර පාළු මාර්ගයක රථය තවත් මද වේලාවක් ධාවනය කිරීමෙන් පසුව ඇගේ නිවසට ලගා වන්නට සිරිතිලකට හැකි වූවේය.

ගෙමිදුලට රථය පැමිණෙන විට ඇගේ මෑණියන් වහ වහා රථය කරා දුව ආවාය. සුජාතාගේ පෙනුමට ඉතා ආසන්න පෙනුමක් ඇගේ මුහුණුවර තුල තිබූ නිසා ඇය කවරෙක්දැයි හදුනාගැනීමට සිරිතිලකට අපහසු වූයේ නැත. සුජාතාගේ අකමැත්ත නොසලකා වුවද ගමන් මල්ල අතට ගත් මෑණියන් එය නිවස තුල තබා නැවතත් රථය කරා අවුත් සිරිතිලක වෙත සිනාමුසු බැල්මක් හෙළුවාය.

ගේ ඇතුලට එන්න ළමයො....මට දුව එවපු ලියුම් කරදහි වල ඔය ළමයා ගැන කියලා තියෙනවා. මෙහෙන් ඉදගන්න, ගමන් මහන්සිය යන්න එක්ක තේ ටිකක් බීලා ඉමු. දුවගෙ අප්පච්චිව වෙද හාමුදුරුවො ලගට එක්කගෙන ගියා මේ දැන්.

ඒ අවසරයෙන් නිවස තුලට ගිය සුජාතා නැවත පිටතට පැමිණියේ දුම් දමනා තේ කෝප්පයක් සහ රස කැවිලි කීපයක්ද සමගිනි.
.......................................................................................................

සුජාතා නිවසට ඇරලවා රථය පදවාගෙන තනිව නිවසට පැමිණෙන විට සිරිතිලකට දැනුනේ පුදුමාකාර තනිකමකි. ඊටත් වඩා ඇයගේ නිවසේදී ඔහුට හමුවූ ඔවුන්ගේ අසල්වැසියෙකු පැවසූ කාරණයෙන් සුජාතා කෙරේ තම සිතේ ඇති ආදරය තව තවත් දැඩි වූ බවක් සිරිතිලකට හැගුනි.

මේ පවුලට මොන වින්නැහියක් උනාද මන්දා. ඉස්කෝලෙ හාමිනේගෙ අප්පච්චි  මුල්ගුරුතුමෙක් විදියට වැඩ කරලා විශ්‍රාම ගිහිල්ලා උන්නෙ. හදිස්සියෙම තමයි ඔය කරුම පිළිකා ලෙඩේ හැදුනෙ. දැන් මේ පවුලෙ මුලු සේසතම ලෙඩේට වියදම් කරලා ඉවරයි මගෙ හිතේ. බේරගන්න අමාරුයි කියලයි ආරංචිය. ඔය ගෑණු ළමයා විතරමයි මේ පවුලට ඉන්නෙ. මේ ගේ දොර ඉඩකඩම් ඔක්කොම එයාට. ඒ දරුවගෙ රූප සොභාවටයි උගත්කමටයි කරකාරෙ බදින්න නම් පිරිමි පෝලිමට ඒවි.

තවත් සති දෙකක් පමණ යනතෙක් ඇගේ තතු දැනගන්නට ක්‍රමයක් නොමැතිව, ඇගේ රුව දකින්නට නොමැතිව සිරිතිලක සිටියේ හිත් වේදනාවෙනි. කුලී ගමන් දිවිල්ල නවතා තකහනියක් ඇගේ නිවෙස බලා යන්නට හෙතෙම තීරණය කලත් මාටින් අයියාගේ බසට අවනතව හෙතෙම ඒ අදහස අත්හැර දැමුවේය. තාත්තා නැති තමාට තාත්තා කෙනෙකු මෙන් සිටිනා මාටින් අයියා සිරිතිලක හට බොහෝ සමීප පුද්ගලයෙකි.

හදිසියේ ජීවිතයට පැමිණෙන ආගන්තුක චරිතයක් අපේ හිත අද්දර නතර වී සිට නික්ම ගිය පසු දැනෙනුයේ මූසල හැගීමකි. ඒ හැගීමෙන් පීඩා විදිමින් හිල්මන් රථය සමග ජීවන සටනට උර දුන් සිරිතිලක වෙත නැවතත් ඇගේ ඒ නිල් දෙනෙත් සම්මුඛ වූයේ තවත් සතියක දෙකක පමාවකිනි.

ඉස්සර දවසක කාන්තියෙන් බැබලුනු ඒ නෙත් දෑල තුල තමා නොදන්නා ලොකු කථාවක් ලියවී ඇති බව ඇය රථයට නැගුන වහාම සිරිතිලක තේරුම් ගත්තේය. මොකද ඉස්කෝලෙ නෝනා මෙච්චර දවසක් දකින්න හිටියෙ නැත්තෙ. එයට පිළිතුරක් දෙනවා වෙනුවට ඇය ඔසරි පොටෙන් මුව වසා හඩා වැළපෙන්නට වූවාය. නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරියක් තමාගේ රථය තුල හඩාවැලපෙනු ඇය හදුනන කිසිවෙකු හෝ දුටුවොත් එය ඇයගේ නමට කැළලක් බව වටහාගත් හෙතෙම රථය අතුරු මාර්ගයක ධාවනය කර හුදෙකලා ඉසව්වක නතර කළේය.

අප්පච්චි නැතිවුනා....අැයට කීමට හැකිවුනේ එපමණකි. ආයාසයෙන් මෙතෙක් වේලා දරාගෙන සිටි හැඩුමට නිදහසේ ගලායන්නට ඉඩ දුන් ඇය සිරිතිලකගේ වමත තම දකුණතින් තරයේ අල්වා ගත්තාය. එදා නුවර ගමනට ගිය වියදම මම මේ මාසෙ පඩි ගත්තාම ගෙවන්නම්. ඇය දෙඇසේ කදුලක් පිටිඅත්ලෙන් පිස දමමින් පැවසුවාය.

මම ආයෙමත් තුන්මාසෙ දානෙ දවසට ගෙදර යන්නයි හිතාගෙන ඉන්නෙ.

ඇත්තද...මම එදා වගේ ගිහින් ඇරලවන්නම්...සිරිතිලක සුක්කානමට බර වෙමින් පැවසුවේය.

අනේ එපා....මට ඔයාට එහෙම ගමනකට ගෙවන්න සල්ලියක් නෑ දැන්...ඔයාට තවත් කරදර කරන එක මගේ හිතටත් හරි නෑ.

කොහොමටත් තව වැඩි කාලයක් මට ඔයා එක්ක මේ කාර් එකේ ඉස්කෝලෙ යන්න එන්න ලැබෙන එකක් නෑ.

ඒ මොකද ඒ ?

විශ්මය නිසාම ඉහළ ගිය ඇස් ගෙඩි දෙක දරාගෙන සිරිතිලක ඇගෙන් විමසුවේය.

අප්පච්චිගෙ මරණෙන් පස්සෙ අම්මා ඉන්නෙ හරිම හිත් අමාරුවෙන්. ඒ දෙන්නා මේච්චර කල් පවුල් කෑවට කිසිම ආරවුලක් වෙලා නෑ. හරිම සමගියෙන් ජීවත් වුනේ. අම්මා තනියෙන් හින්දා මම තීරණය කලා ගෙවල් පැත්තෙ ඉස්කෝලෙකට මාරුවක් හදා ගන්න. එහෙම බැරි උනොත් මම ගුරුකමින් අයින් වෙලා හරි අම්මගෙ තනියට ගෙදර ගිහින් නවතිනවා.

.......................................................................................................

සුජාතා උදෑසන පැවසූ වදන් වලින් පසු තමාට සිදුවූයේ කුමක්දැයි තම කාමරයේ ඇද මත වැතිරී සිටින සිරිතිලකට තවමත් තේරුම් ගත නොහැක. ඇය පාසල අසලින් රථයෙන් බැස ගිය පසු තමා අවට පරිසරයම කැරකෙන බවක් සිරිතිලකට දැනුනත් ඒ දෘෂ්ඨි මායාවක් විය යුතුය යන සිතුවිල්ලෙන් හෙතෙම තම දෙඇස් දෑතේ ඇගිලි වලින් පිරිමැද බැලුවේය. එහෙත් තමා තුල යම් විපර්යාසයක් සිදුවෙන බවක් ඉවෙන් මෙන් දැනුනු සිරිතිලක කුලී රථ ගාල පැත්ත පළාතක නොගොස් කෙලින්ම තම නිවසට ගියේය.

සිරිතිලකගේ නිවෙස ආසන්නයට කුලී ගමනක් පැමිණි මාටින් අයියා ඔහුගේ නොපැමිණීම බලන්නට මෙන් නිවෙසට සැපත් වූයේ මේ අතරයි. තම මිදුලට වාහනයක් පැමිණෙන හඩින් අවදිව නිවසේ ඉදිරිපිටට ඇවිද ගිය සිරිතිලක හට මාටින් අයියාගේ දෙනෙත් සම්මුඛ වූවේය.

මොකද මලයො අද ආවෙ නැත්තෙ....හයර් එකක් අහවර කරලා මම මේ තකහනියක්ම බොලා මුලිච්චි වෙන්න මේ ආවෙ. එසේ පවසා නිවසේ සාලය වෙත තීක්ෂණ බැල්මක් හෙලූ මාටින් අයියා,

කෝ මලයො අම්මා....

උන්දැ මේ දැන් රෙදි ටිකකුත් අරගෙන ඕවිටේ ලිදට ගියා නාගන්න කියලා.

ඉතිං කියහංකො බලන්න උඹට මොකදෑ උනේ ?

හරි වැඩේ මාටින් අයියෙ...එතැන් සිට උදෑසන තමා මුහුණ දුන් සිදුවීම නොවලහා විස්තර කරන්නට සිරිතිලක කටයුතු කලේය. තමාගේ පියා මෙන් ගෞරව සැළකුම් ලබනා මාටින් අයියාට කිව නොහැකි කිසිවක් ඔහුට නැත.

හත්වලාමයි...මලයො උඹේ ඇගේ ප්‍රෙෂර් එකවත් වැඩිඋනාද ? ඔය කථාව අහපු ගමන්, හැබෑටම උඹට ඔහොම උනේ ඇයි...මට ඇත්තම කියපං...උඹ ඉස්කෝලෙ නෝනට පණ ඇරලා ආදරෙයි නේද ?

ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට මුනිවත රැකගෙන සිටි සිරිතිලකගේ මුනිවත බිදී ගියේ මාටින් අයියා එකම ප්‍රශ්නය නැවත වතාවක් ඇසූ නිසාවෙනි.

එවරද පිළිතුරු දෙනු වෙනුවට මාටින් අයියාගේ දෑත් තරයේ අල්ලාගත් සිරිතිලක කථාකරගත නොහැකිව තවත් වේලාවක් කල්මැරුවේය.

කියපං මලයො...කියපන්...මට උඹ මගේම දරුවෙක් වගේ....එහෙව් එකේ උඹට මට කියන්න බැරි දෙයක් නෑනෙ.

කරදඩු උස් මහත් වූ තරුණයෙක් මෙසේ හඩා වැලපේයැයි මාටින් අයියා කිසිවිටෙකත් සිතන්නට නැත. නමුත් මෙතැනදී සිදුවූයේද ඒ නොසිතූ දෙයමය.

මම ඉස්කෝලෙ නෝනා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි මාටින් අයියෙ. මේ ගතවෙච්ච අවුරුදු 3 ට මම මොන තරම් ඉස්කොලෙ නෝනට ආදරේ කරලද කියලා අද තමයි මට හරියටම වැටහුනේ.

එදා නුවර ගිය දවසෙ අයියලා මල්ලිලා නැති එයාට සහෝදරයෙක් වෙන්න මම හිතාගත්තා. තාත්තා නැති වෙච්ච බව ආරංචි උනාට පස්සෙ එයාව කරකාර බැදලා තාත්තගෙන් ලැබිච්ච උණුහුම, ආරක්ෂාව දෙන්න පුලුවන් ස්වාමියෙක් වෙන්න හිතාගත්තා. මට දැන් පිස්සු වගේ මාටින් අයියෙ. මම මේවා කාට කියලා කියන්නද ? ගෑණියෙක් ගැන කවදාවත් හිතපු නැති මට වෙච්ච වින්නැහියක්.

හැබෑට මලයො...මමයි සූටියයි විහිලුවට විහිලුවට ඉස්කෝලෙ නෝනා සම්බන්ධ කොරලා උඹට විහිලුවක් දෙකක් කලාට, මම හීනෙකින්වත් හිතුවෙ නෑ බං...උඹ ඔය තරම් තදට ඒ නෝනට ආදරේ කොරනවා ඇති කියලා.

තවත් සුනංගු වෙන්න කාරි නෑ...උඹ හොද වෙලාවක් බලලා නිවී සැනසිල්ලෙ මේ කාරණේ ගැන එයාට කියපං. වැඩිහිටියෙක් විදියට අවශ්‍ය වුනොත් මමත් මැදිහත් වෙන්නම්.

.......................................................................................................

මව්තුමිය නිවෙසට පැමිණීමෙන් පසු සාදා දුන් තේ කෝප්පයකින්ද සප්පායම් වී මාටින් අයියා සිරිතිලකගෙන් සමුගෙන ගිය පසු සිරිතිලක හට මහත් තනිකමක් මෙන්ම වේදනාවක්ද දැනෙන්නට විය. සුජාතා තමාගේම කරගන්නට හැකි වුවොත් මෙලොව වසනා වාසනාවන්තම පෙම්වතා තමා වේ යැයි ඔහුට සිතුනේය. සුජාතා වැනි රුවෙන් මෙන්ම ගුණයෙන්ද පොහොසත් තරුණියක් මේ ජීවිත කාලයටම තමාට යලි හමුනොවනු ඇති බව සිරිතිලක තරයේ ඇදහුවේය. තාත්තා නැති මට ඒ අඩුවද පුරවා කරදඩු උස්මහත් කල අම්මා සමග සහයෝගයෙන් ජීවත් වීමට සුජාතා තරම් ගැලපෙන තවත් කිසිවෙක් නැතැයි ඔහුගේ සිත දෙස් දෙයි.

රාත්‍රිය උදා වුවද නින්ද අහලකවත් නැත, තමාගේ ඇති අති මහත් කැමැත්ත ගැන දන්නා නිසාම අම්මා විසින් කාගෙන් හෝ මිළදී ගෙන මිරිසට පිසින ලද වෙල් මාළු වෑංජනය සමග බත් කටක් කන්නට කිසිම පිරියක් සිරිතිලකට අද නැත. ආදරය මෙතරම් වේදනාවක් යැයි සිරිතිලක දන්නේ පළමු වතාවටය.


මොකෝ බං කන්නෙ නැත්තෙ....ගල් ගිලලද ? උඹට අසනීපයක්ද ? දැන් කීයද වෙලාව.... අම්මාගේ ආමන්ත්‍රණය නිසා බත්පත අතට ගත්තද සිරිතිලක හට බත් කටකට දෙකකට වඩා කන්නට නොහැක. බත්පත කුස්සියේ තනිකර කාමරයට වැදුනු සිරිතිලක අරමුණකින් තොරව ඇදේ වැතිරුනද හදිසියේ පැන නැගෙනා විවිධ සිතුවිලි නිසා දිගින් දිගටම පීඩාවට පත් වී අවසානයේ නිදිදෙව්දුව වැළද ගන්නා විට තවත් හෝරා කීපයක්ම ගෙවී තිබුනි.
.......................................................................................................

උදෑසන කාලයේ සුජාතා දුටු විට හදවතේ ඇතුල් කොනක ඇතිවෙන සියුම් රිදීම දින දෙක තුනක් ගත වෙද්දී මහා වේදනාවක පෙරනිමිති පල කලෙන් හැකි ඉක්මනින් මේ වේදනාවෙන් මිදෙන්නට සිරිතිලක අධිටන් කලේය. ඇය නැවතත් තම ගම් ප්‍රදේශයට යන බව පවසා ගත වූ සති දෙකකට පමණ පසු එළඹෙන සිකුරාදා දිනයක තමාගේ සිතැගි නොවහලා ඇයට කියන්නට ඔහු තීරණය කලේය.

අතිශයින් රුදුරු වූ රාත්‍රීන් ගණනාවකට පසු මේ කියූ දිනය උදා විය. එදින උදෑසනත් ඇය සුපුරුදු ලෙස පාසල අසලදී රථයෙන් බසින්නට සූදානම් වූවාය.

ඉස්කෝලෙ නෝනා....

මොකක් ? කියලා තියෙනවා නේද මම....තම මුහුණට තරහවක සේයා ආරූඩ කරගත් සුජාතා සිරිතිලක දෙස තියුණු බැල්මක් හෙලුවාය.

සුජාතා... ඔහු පළමු වරට ඇය එසේ ආමන්ත්‍රණය කරන දිනය අදයි.

හ්ම්...... ඇය පිළිවදන් දුන්නාය.

මට අද හවසට ඔයා එක්ක ටිකක් කථා කරන්න පුලුවන්ද ?

අද හවසට මම මගේ යාලුවෙක් එක්ක සාරියක් දෙකක් ගන්න යන්න හිතාගෙන උන්නෙ. කියන දෙයක් දැන් කියන්න බැරිද ?

දැන් වෙලාව නෑ. මට පොඩි වෙලාවක් අවශ්‍යයි. සිරිතිලකගේ පිළිතුරු දැක්වීම හමුවේ ඇය නැවතත් තම මුව විවර කලාය.

කමක් නෑ එහෙනං..සාරි ගන්න වෙන දවසක් දා ගන්නම්. හවසට තියෙන දෙයක් කියන්නකො එහෙනං.... එසේ පවසා ඇය ඔහුගෙන් සමුගෙන ගියද ඇගේ ගාඩිනියා පුයර සුවද සිරිතිලකගේ තනියට රථය තුල නැවතී ගොස් තිබින.

.......................................................................................................

එදින පාසල අහවර වීමෙන් පසුව සුජාතාගේ අවසරය රැගෙන සිරිතිලක තම හිල්මන් රථය ප්‍රධාන මාවතට කිට්ටු අතුරු පාරක නතර කළේය.


මොකද මේ කවදාවත් නැතුව අමුත්තක්.... ඇය සිනාමුසුව සිරිතිලක දෙස බැලුවාය. අහස් නිල් පැහැයට හුරු ඔසරියකින් සැරසී සිටින ඇය කවදාටත් වඩා අද ලස්සන බවක් සිරිතිලකට සිතේ. සිනාසෙන විට කම්මුල වළ ගැහෙන ගෑණුන් වාසනාවන්ත බව කවුදෝ කියූ බවක් සිරිතිලකට මතකය. මේ හමා එන්නේ පාසලෙන් සමුගැනීමට මත්තෙන් ඇය තැවරූ පුයර වල සුවද විය යුුතුය. තවත් මොහොතක් ඒ සුවදින් නාස් පුඩු සන්තර්පණය කරගත්  සිරිතිලක ඉහළට ගත් ලොකු හුස්මක්ද සමගින් ඇය වෙත හැරුනේය.

සුජාතා...........

කිසිම කිසි දිනයක තමාගේ නම මෙතරම් ආත්ම විශ්වාසයකින් යුතුව කියා නොමැති සිරිතිලක දෙස සුජාතා පුදුමයෙන් මෙන් බැලුවාය. දැඩි හිරු රශ්මියෙන් අවට පරිසරය දැවෙද්දී ඇය සිරිතිලකගේ රථය තුල හිද ඔසරි පොටෙන් පවන් සලාගත්තාය.

මම ඔයාට ආදරෙයි....

වට වංගු නෙැමැතිව තමාට කියන්න අවශ්‍ය දේ එක එල්ලේ ප්‍රකාශ කරන්නට හැකි වූ නිසා සිරිතිලකගේ සිතට දින ගණනක් දැනුනු මහා බර සැනෙකින් අහවර වී ඇති සෙයකි.

ඒ වදන අසා සිරිතිලක දෙස එක එල්ලේ බලා සිටි  සුජාතාගේ නිල් නෙතු සැණින් කදුලින් පිරී පිටාර ගලන්නට විය. තවත් මොහොතකින් එය සිහින් ඉකි බිදුමක්ව හිල්මන් රථය තුල වූ නිහඩතාව බිද දැම්මෙහිය.

ඇයි දෙයියනේ ඔයා මං ගැන එහෙම හිතුවෙ. දැන් හොදටම පරක්කුයි...ඇයට කීමට හැකි වූයේ එපමණකි. ඔසරි පොටෙන් වැසී ගිය ඇගේ මුහුණ අභිමුව සිරිතිලක සුක්කානම තදින් අල්ලා ගත්තේය.

කවුද ඒ වාසනාවන්තයා.... සිරිතිලක තමා තුල සැබෑවටම නැති මුත් කොහෙන්දෝ අහුලා ගත් සංයමයක් පෙන්වා ඇගෙන් විමසා සිටියේය.

අපේ ගමේ රොබට් මුදලාලිගෙ පුතා.

ඇය එසේ කීවද සිරිතිලක දන්නා රොබටෙක් නැත.

අප්පච්චි නැතිවෙන්න ඉස්සර මම ගෙදර ගිය අන්තිම නිවාඩුවෙ තමයි මේ මගුල තීන්දු කලේ. ඒ වෙද්දිත් අපේ වතුපිටි, ගෙවල් දොරවල්, ගොඩ මඩ ඉඩම් වලින් වැඩි හරියක් අප්පච්චිගෙ අසනීපෙට බේත් කරන්න මුදලාලිට උකස් කරලා තිබුනෙ. අම්මා අප්පච්චිව බේරගන්න රටේ හැම තැනම වෙද මහත්තුරු ලගට එක්ක ගෙන ගියා. කියපු කියපු හැම දේම කලා. බලි තොයිල් වලටම සෑහෙන ගානක් වියදම් උනා. ඒ අව් අස්සෙ ඒ පැත්තෙන් මේ යෝජනාවත් ආවා. තාත්තා ලෙඩ ඇදේ ඉදගෙනම කැමැත්ත දුන්නා...මගේ කැමැත්ත අකමැත්ත කවුරුවත් ඇහුවෙ නෑ. දැන් මේ මගුලට මම බෑ කිව්වොත් අම්මයි මමයි පාරට වැටෙනවා...ඒ හින්දා මම අනිවාර්යෙන්ම එයාව බදිනවා. මම වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න ඔයාට පුලුවන් නේද ?

සුජාතා හැඩුම තදකරගෙන අවසානයේ අධිෂ්ඨානශීලීව වචන එකතු කලාය.

මම කවදාවත් හිතුවෙ නෑ ඔයා මා ගැන මෙහෙම හිතනවා ඇති කියලා. ඒ නිසයි මේ දේවල් මම වේලාසන කිව්වෙ නැත්තෙ. මම ඔයාට කවදාවත් බලාපොරොත්තුවක් දීලා තියෙනවද ?

ඇය එසේ විමසා සිරිතිලක දෙස එක එල්ලේ බලා සිටියාය. ඒ බැල්මේ තවත් හිරවෙන්නට නොහැකි තැන හෙතෙම වාහනයේ කවුළුවෙන් ඈත පෙනෙන කුරුළු පෙම් යුවලක් දෙස බලා සිටියේය. උන් දෙන්නා කෙතරම් නම් වාසනාවන්තද ? සිරිතිලකට එසේ සිතෙන්නට ඇත.

මගෙ අතින් නොදැනුවත්වම හරි එහෙම දෙයක් උනා නම් මට සමාවෙන්න. ඔයා හරිම හොද කෙනෙක්...ඔයාට කවදාවත් වරදින්නෙ නෑ...මට වඩා බොහොම හොද කෙනෙක් ඔයාට ලැබේවි. මම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ඇය සෙමෙන් සිරිතිලකගේ දෑත අල්වා ගත්තාය.

මට මගේම සහෝදරයෙක් වගේ ඔයාව දැනුනේ. එදා නුවර ගිය ගමනෙදි ඔයා මට උදව් කරපු විදිය මට අමතක නෑ. ඔයා කැමති නම් ඒ විදියට දිගටම මා එක්ක ඉන්න.

මම වේලාසනින් මේ ගැන කථා කලා නම් ඔයා මට කැමති වෙනවද ? සිරිතිලක සිත සනසාගනු වස් අවසන් පැනයද යොමු කලේය.

අනේ ඒ ගැන අහලා මගේ හිත රිදවන්න එපා. සුජාතා තම අත් බෑගයේ කර පටිය එක් අතකින් කරකවමින් සිට නතර කලාය.

මමත් ඔයාට දෙයක් කියන්න හිටියෙ ලබන සතියෙ. ඒත් ඒකත් අදම කියලා දානවා කියලා හිතුනා.

මගේ මාරුව අනුමත වෙලා. ලබන සතියෙ සිකුරාදා තමයි මම මේ ඉස්කෝලෙට එන අත්තිම දවස.

ඇගේ ඒ බස් ඇසූ පසු සිරිතිලකගේ හෘදය වස්තුව ඇතුලතින් තෙරපෙන්නා සේ දැනුන නිසා හෙතෙම ඉක්මනින් රථය පණ ගන්වා සුජාතා හට දුම්රිය ස්ථානය අසලින් බැසගන්නට අවස්ථාව ලබා දුන්නේය. සැනෙකින් රථයෙන් බිමට බට ඇය අඩියට දෙකට දුම්රිය ස්ථානය තුලට යන දසුන සිරිතිලක බොදවූ දෑසින් බලා සිටිනවා ඇය දුටුවේ නැත.

.......................................................................................................

සුජාතා බණ්ඩාර මැණිකේ ගුරු මෙනවිය ගම්පහ නගරය ආශ්‍රිතව ගෙවනා අවසන් සතියද එළඹුනි. නමුත් ඊට පෙර සතියේ සිකුරාදා සිදු වූ සිදුවීමෙන් පසු තවමත් සිරිතිලක රථ ගාලට රාජකාරී සදහා වාර්තා කර තිබුනේ නැත. තමාගේ පවුලේ වැඩකටයුතු කීපයක් නිසාවෙන් මාටින් අයියාටද ඔහු පිළිබද සොයාබලන්නට ඉස්පාසුවක් තිබුනේ නැත. සිරිතිලක නැති හෙයින් සුජාතා සූටියා සමග කුලී රථයෙන් ඉස්කෝල ගමන ගොස් අවසන් දිනය වන සිකුරාදා තමා හමුවන ලෙස මාටින් අයියා මගින් සිරිතිලක වෙත පණිවිඩයක් යැව්වාය. නමුත් එයට ඔහු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. කෙසේ හෝ සිරිතිලකට සමුදීමකින් තොරවම ගම්පහට සමුදුන් සුජාතා බණ්ඩාර මැණිකේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැගෙනා අවසන් අවස්ථාව දෙස මාටින් අයියා සහ සූටියා විස්සෝපව බලා සිටියෝය.



එදින සවස තකහනියක් සිරිතිලක සොයා ගිය මාටින් අයියාට දකින්නට ලැබුනේ කිසිදිනක බලාපොරොත්තු නොවූ සිදුවීමකි. හරහට දැමූ කොට දෙකක් උඩ සතපවා තිබූ සිරිතිලකගේ හිල්මන් රථයේ රෝද සියල්ලම ගලවා ඉවත් කර තිබුනි.

මොකද යකෝ උඹ මේ හම්බකරගෙන කාපු වාහනේට කරන්න යන්නෙ...මම කොච්චර මහන්සි වෙලාද තොට මේක අරගෙන දුන්නෙ. සිරිතිලකගේ අම්මා දහස් වර ගෝරනාඩු කලද සිරිතිලකට වගේ ගණනක් නැත.

මාටින් අයියා....මට සුජාතා දකින්න නැතුව පාක් එකේ කාර් එක දුවන්න බෑ...මෙච්චර කල් දුකට සැපට හිටිය මේ වාහනේ වෙන කෙනෙකුට විකුණන්න හිත හදාගන්නත් බෑ. අදින් පස්සෙ කවදාවත් මම ආයෙමත් හයර් දුවන්නෙ නෑ. අනේ දෙයියන්ගෙ නාමෙන් මේ ටික මේ අම්මට තේරුං කරලා දියන්.




සිරිතිලක කී ලෙසම හිල්මන් රථය නැවතත් කිසිම කිසි දිනක හයර් දිව්වේ නැත. සුජාතා, සිරිතිලක අතීත හමුවීම් වල රස මුසු තැන් මතක් කරමින්, අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් මේ අජීවී වස්තුව තවත් දශක කීපයකට පසු මෙලොව උපදින සියලු දේ අනිත්‍ය යන දහම මේ යැයි කියමින් රෝද නොමැතිවම පොළවට දිරා පස් වන්නට ඇත.


පසු සටහන

සිරා කොලුවා අ.පො.ස සා/පෙ ගණිතය සහ විද්‍යාව විෂයන් සදහා අතිරේක පන්ති ගියේ ගම්පහ රෝහල ආසන්නයේ තිබූ පුද්ගලික ආයතනයක් වෙතය. මෙහි ගණිත පන්තියේ හිදගත් පසු ඊට එහායින් ඇති වත්තක් මැද රෝද නොමැතිව දිරා යමින් තිබූ පැරණි කාර් රථයක් සෑහෙන දවසක් මගේ නෙත ගැටී තිබුනි. කිසිම අංගෝපාංගයක් අඩු නැතුව සර්ව සම්පූර්ණව ඒ වන විටත් පැවති මේ රථය පිළිබද මගේ කුතුහලය නිවා දැමුවේ ඒ ආසන්නයේම පදිංචිව සිටි මගේ පාසලේ මිත්තරයෙකි.

ඒක මාර දුක හිතෙන කථාවක් බං...ඔය වාහනේ අයිතිව හිටිය සීයා ඉස්සර ගම්පහ ඉස්ටේසම ලග හයර් දුවලා. එයාට ඔය හයර් දුවන අස්සෙ ගම්පහ -------------------------ඉස්කෝලෙ උගන්වපු ටීචර් කෙනෙක්ගෙ හයර් එකක් සෙට් වෙලා. දවස ගානෙම ගිය එකක්. කොහොම හරි ටික කාලෙකට පස්සෙ සීයා ටීචර්ට බොහොම තදට ආදරේ කරලා...ඒ උනාට ටීචර් මෙයාට කැමති වෙන්නෙ නැතුව ගම්පහෙන් යන්න ගිහිල්ලා. ඒ ගොල්ලො මුණ ගැහුන අන්තිම දවසෙ ගෙදර ඇවිල්ලා කාර් එකේ රෝද හතරම ගලවලා, මම ආයෙ කවදාවත් හයර් දුවන්නෙ නෑ කියලා දැම්ම පාර තමයි මචෝ ඔය....

මේ සිද්ධිය මා හට විස්තර කල මිත්‍රයා 1998 වසරේ අපොස සා/පෙ විභාගයට හරියටම මාස දෙකකට පෙර නින්දේදී ඇතිවූ හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු අද සිටියා නම් මේ කථාවට තවත් බොහෝ සත්‍ය කරුණු එකතු කරන්නට හැකියාව ලැබෙන්නට ඉඩ තිබුනි.

වර්තමානයේත් මේ කියන රථය එම ස්ථානයේ තිබෙනවාදැයි මම නොදනිමි. ලංකාවට ගිය කලෙක ඒ පිළිබද සොයාබලා එය එතැන තිබුනොත් එහි නියම ඡායාරූපයක් පල කරන්නට පොරොන්දු වෙමි. එහෙත් මා 1998 දී දුටු දිය සෙවල හා විවිධ වැල් වර්ග වලින් යට වී ගිය රෝද 4 රහිත මේ අජීවී වස්තුවත්, ඒ පිටුපස සිටි අහිංසක/මුරණ්ඩු ප්‍රේම වන්තයාත්, ඒ සිදුවීම මා හට සැල කල මිය ගිය මිත්‍රයාත් සිහිවන හැම විටකම ඇතිවෙන්නේ පුදුමාකාර හිස් බවකි. පරාජිත හැගීමකි. ඒ හැගීම ඔබත් සමග බෙදා ගන්නට මගේ හිතේ මැවුනු කථාවක් අකුරු කරන්නට ගත් උත්සාහයක් ලෙස මේ කථාව සලකනු මැනවි. මේ කථාව සම්පූර්ණයෙන්ම මා හිතළුවකි. නමුත් රෝද ගැලවූ කථාව සුරංගනා කථාවක් බදු වුවද මේ අප වෙසෙනා ඉර හද යට සිදු වූ ඇත්තම ඇත්ත සිදුවීමකි.

ප්‍රේමය යනු මේ යැයි කිසිවෙකුට නිශ්චිත අර්ථ කථනයක් දිය නොහැක. එය මිනිසාගේ පැවැත්මටද ඉවහල් වන අතිශය සොදුරු මනෝභාවයකි. නමුත් ප්‍රේමය කරදරයකින් තොරව ජය ගන්නෝ එදා මෙන්ම අදත් විරලය. තමාගේ සිත් ගත් ප්‍රේමයට අවංකව හා පණමෙන් ආදරය කරනා ප්‍රේමවන්තයන් හා ප්‍රේමවන්තියන් සිටිනා තාක් කල් මේ ඉරහද යට මෙවැනි සිදුවීම් විය නොහැකි යයි කාට නම් කිව හැකිද ?



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි


පාලු අදුරු නිල් අහස මමයි - 
පද රචනය - මහගම සේකර
සංගීතය සහ ගායනය - පණ්ඩිත් අමරදේව

































114 comments:

  1. මේ කතාව මෙහෙම අවසන් වුණ එක හොඳයි. නැත්නම් කොහෙන්ද කතාවක්? සිරා කතාවක් මලේ. මෙහෙම අය ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කෙනෙක් තමයි මම කාලෙකට කලියෙන් ලිව්ව මිල්ටන්ගේ මිතුරා බොග් සටහන තුලත් ඉන්නෙ. ආදරය කරද්දි සමහරු අවංක කම නිසාම අනන්තය දක්වාම ආදරය කරනවා. නමුත් එය බිදුනොත් කොහොමද නැවත යථා තත්වයට පත්වෙන්නෙ කියලා ඔවුන් හිතන්නෙ නෑ. අවාසනාවකට එහෙම දෙයක් උනාම සමහරුන්ට එය දරාගන්න බෑ. සිරිතිලකත් එවැනිම පුද්ගලයෙක්.

      Delete
  2. චිත්‍රපටියක් බැලුවා වගේ,,අවසන් හරිය කියවනකොට උබට විතරක් නෙමේ මගෙත් පපුවට මහ හිස් බවක් දැනුනේ,,ලංකාවට ගිහාම කාර් එකේ තත්වේ,කතාවෙ තව විස්තර එහෙම හොයලා බලපන්,,ඒ සීයා තාම ඉන්නවද?සීයා අවිවාහකවම ඉදලද වගේ දේවල්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඒ දේවල් හොයා බලන්නම්. මේ කියන චරිතය ජීවමානව හමුඋනොත් එය නිසැකවම තවත් පෝස්ටුවක ආරම්භය වේවි. ස්තූතියි මචෝ....

      Delete
  3. Hamadama ayyage blog kiyewwa. Eth ada me kathaawa kiyewwama comment ekak noda yanna hithune na. Puduma lassanak tibbe. Anthimata mage as deken kadulu watuna. Etharam lassanata kathawa liyala tiyenawa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ සහෝදරයා / සහෝදරී.. ආදරයේ වේදනාව මමත් හොදට විදලා තියෙනවා..ඒ නිසාම එවැනි අත්දැකීමක් කොහෙන් කියෙව්වත් ලොකු සමීපකමක් දැනෙනවා ඔබටත් එවැනිම ඉතිහාසයක් ඇති කියලයි හිතෙන්නෙ.

      Delete
    2. Sahodariyek ayye :) kawadawathma blog ekaka comment karala na. Hamadama akurak naara ayyage blog eka kiyawanawa :) harima lassanai. Eth mekata comment ekak noda inna hithune na. Echcharata lassanaii. Mama dakala tiyena hodama blog liyana kena ayya :)

      Delete
  4. ඒකාංගික ටෙලි නාට්‍යයකට හොඳ කතාවක්. ප්‍රේමය සහ විරහව අපට බහුලව ලැබෙන අත්දැකීමක් වුනත් මේ වගේ එය අපූර්වත්වයෙන් ඉදිරිපත් කිරීම ඉහලින් අගය කරනවා. මට 'වදරින් හයිට්ස්' මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. අයියෝ අයියෝ...විචාරක තුමා දැන් කමෙන්ට් කරන්න කැම්මැලි වෙලා නොවැ...මම හිතුවෙ මේ කථාව කියවලා...නෝනා මුලිච්චි වෙන්න කලියෙන් මම ලව් කොලේ මෙහෙමයි කොලුවො කියලා පැරණි රසාංගයක් මෙතන අත හරියි කියලා...අයියෝ මගේ පැතුම් සුන් උනා.

      Delete
    2. මගේ පෞද්ගලික අත්දැකීමක් තියනවා. බොහොම වේදනාකාරීයි. එය මතක්වුනත් ලියන්න හිතුණේ නැහැ.

      Delete
  5. ඇත්ත කතාවක්නේ එහෙනම්....
    මොකුත් කියන්න හිතෙන්නේ නැ බොලේ..

    ReplyDelete
    Replies
    1. අවාසනාවට ඇත්ත කථාවක්...පුදුමයි නේද...මෙහෙම මිනිස්සුත් ඉන්නවා....

      Delete
  6. සිරා.. උඹ සාමාන්‍යයෙන් උඹේ අත්දැකීම්, චාරිකා, ඉතිහාසය වගේ දේවල් ලියනවා මිසක් උඹෙන් මෙහෙම ප්‍රබන්ධ කතාවක් දැක්කාමයිද මන්දා.... ඒ වුණත් උඹ මේ කතාව ලිවීමේදී බොහොම මුහුකුරා ගිය දක්ෂතාවයක් පෙන්නනවා... බොහෝම සුළු විස්තර ගැන පවා දක්වා තියන සැලකිල්ල, ඒ වගේම කතාවට අවශ්‍යම විස්තර විතරක් නොගෙන, ඒ සිදුවීම්, අවස්ථා බොහොම ස්වාභාවික ආකාරයෙන් ගොඩනංවා තිබීම ආදියෙන් උඹ, අපේ සාහිත්‍යයේ එතරම් දුලභ නොවූ කතාවක්, නැවුම් බවකින් සහ අනායාසයෙන් කියවන්න සලස්වලා තියනවා. මගේ ඉල්ලීම තමයි, මාසෙකට දෙකකට වරක්වත් මෙහෙම ප්‍රබන්ධයක් ලියපං කියන එක...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ලොකු අයියෙ......මම පුද්ගලික ඉතාමත් ප්‍රිය කරන්නෙ මෙවැනි කථා මහන්සි වෙලා ලියන්න...නමුත් මගේ තියෙන අවාසනාවට මට විවේකය විදියට ලැබෙන්නෙ ඉතාමත් පොඩි වේලාවක් විතරයි. ඉරිදා දවස්වල ගෙදර හිටියට දවසෙන් භාගයක් නිදා ගන්නවා...ගෙදරට බඩු ගේන්න කඩේ යනවා....ඉතිං දවස නොදැනීම ගෙවෙනවා...

      ඉස්සරහට කොහොමත් මාසෙකට අවම වශයෙන් එකක්වත් මෙවැනි ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නෙ...නිර්මාණාත්මක දෙයක් ලියන්න හොද මානසික නිදහසකුත් තියෙන්න ඕනෙ....ස්තූතියි ඔබේ අදහසට...

      Delete
  7. උත්කෘෂ්ඨයි සිරෝ....උඹේ පරිකල්පනය අපූරුයි...

    මොනාද රස කැවිලි ජාතියකුත් ගෙනත් දීලා ඉවරවෙලා " අනේ මෙයා මම ඔයාට බලාපොරොත්තු එහෙම දුන්නද ඈ ?? " කියලා අහපු එකනම් කැතයි හොඳේ ඈ... :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙන්නා....කැවිලි දුන්නෙ ඉතිං ගෙදරට ආපු අමුත්තෙක් නිසා නොවැ...ඇරත් තමාව පරිස්සමෙන් ගෙදරටම එක්කගෙන ආව ඩැයිවර් මහත්තයා නිසා නොවැ...සිරිතිලක මැරීගෙන ලව් කොලාට අපේ ඉස්කෝලෙ නෝනා මක්ක කොරන්නද ?

      Delete
  8. කතාව නම් පට්ටෙත් හොඳම එක. අපූරුවට ලියලා තියෙනවා. ඒත් එක තැනකදි මේක නැවත්තුවනම් හොඳයි. ඒ තැන මොකක්ද කියලා මම කියන්නේ නෑ. නමුත් වින්ද රසය මුලුමනින්ම නැති වෙනවා අවසානයේ ඔක්කෝම කියලා තියෙන නිසා. ඒකෙනෙ වෙන්නේ මේක කෙටි කතාවක් නොවන එක. වාර්ථාකරණයක් පමණයි. උඹට මේ පසුව ලියමි ටික පස්සෙ වෙලාවක ලියන්න තිබුනා. එහෙම නැත්නම් කොමෙන්ට් වලට උත්තර දෙන කොට ලියන්න තිබුනා.. කොහොම හරි කියන්න නම් තියෙන්නේ. ටීචර් එළ කෙල්ලෙක්. අරූ නම් පට්ට මෝඩයෙක්. ඔහොම මෝඩ යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් මටත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. නවත්තන්න ඕනේ තැන මම කියන තැනද කියලා බලාපන් මාතේ

      Delete
    2. ඊට ගොඩාක් කලින්...

      Delete
    3. සුදා ඇයි ඔබේ සිතුවිල්ල බාගෙට ලිව්වෙ...ඔබට මේ කථාව නතර කරන්න සුදුසුම කියලා හිතෙන තැන කියන්න එපායැ...ඒක හිතේ තියාගත්ත එක ගැන මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරමි.

      මේ කථාව ලියන්න මට හිතුනෙම මේ කථාවෙ කථා නායකයගෙ ඔය ක්‍රියාව...කථාව අවසානයේ මේ ලිව්වෙ ඇත්තම කථාවක් ඇසුරින් උකහා ගත්ත දෙයක් කියන එක මට කියන්න ඕනෙ උනා. මෙහෙම මිනිස්සුත් අප ජීවත් වන සමාජයේම ඉන්න බව පෙන්වන්න. මම හිතුවෙ කථාව කියවලා ඉවර උනාට පස්සෙ මේ ඇත්තටම වෙච්ච දෙයක් කියලා දැනගත්තාම පාඨකයට යම් සංවේදී බවක් කථාව කෙරෙහි ඇතිවෙයි කියලයි.

      Delete
    4. ආන්න ඒකමයි වැරැද්ද සුදා. දැන් උඹ දැකලා තියෙනවද කෙටි කතා කියලා පත්තර වල යන ඒවල. අවසානයට මෙහෙම දේවල් ලියලා තියෙනවා. නෑ. එතකොට ඒක කෙටි කතාවක් වෙන්නේ නෑ. ඔය සෑම කෙටි කතාවක්ම බොහෝ විට සත්‍ය කතාවක්. එහෙම නොවන දේට කියන්නේ ප්‍රබන්ධ හරි වෙන මොකක් හරි. මේ කාර් එක තියෙන තත්වෙත් කතාව ඇතුලටම රිංගවන්න තිබුනා. අර එකෙක් කියලා තිබුනා වගේ. ඒත් මට හිතෙනවා ඒකත් ඕන නෑ කියලා. කොහොම හරි මම හිතනවා උඹේ ඊළඟ කතාව මීට වඩා ර්සවත් වෙයි කියලා. මොකෝ උඹේ ලිවිල්ල රහයි. අති සාර්ථකයි.

      Delete
  9. කියෙවුවට පස්සෙ කියන්න ඕන දේ හිතා ගන්න බැරි උනා.මේතරම් කැපකිරීම් කරන පෙම්වතුන්……

    සිරිතිලකට ටිකක් ඉක්මන් වෙන්න තිබුනා… නැතත් සුජාතා අච්චර බලාපොරොත්තු දීලා අන්තිමට දාලා ගිය එක නම් වැරදියි…

    ඇත්තටම නිර්මාණයනම් ඉතාම ඉහලයි. කොහොමත් මගේ පලවෙනි කැමැත්ත තියෙන්නෙ සත්‍ය සිදුවීමක් පාදක කරන් කරන නිර්මාණ වලට නිසා තවත් හිත ගත්තා. ඔයා මේ කතාව ලියලා තියෙන විදිහෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ස්තූතියි අයියෙ.

    නිතරම මේ වගේ නිර්මාණ කරන්න.

    ReplyDelete
    Replies
    1. නිතර මේ වගේ නිර්මාණ කරන්න කාල වේලාව පිළිබද පුරස්නයක් තමයි තියෙන්නෙ.මේ කථාව තුල ඉස්කෝලෙ නෝනාගේ චරිතයට කියවන අය දෝශාරෝපනය කරන ගතිය අඩු කරන්නයි මට උවමනා වුනේ. මොකද ඇය සිරිතිලකට කිසිම දේකට පොරොන්දු දීලා තිබුනෙ නෑ. සිරිතිලක ඒකපාර්ශවීයව ආදරය කලාට ඇය මක්ක කොරන්නද ? ලිපිය ගැන අදහසක් එකතු කලාට ස්තූතියි ප්‍රියා.

      Delete
  10. බොහොම අගෙයි සිරා.. උඹට පොඩි උපදෙසක් දෙන්නද? පෝස්ට් එක ලිව්වට පස්සේ වලිගේ වගේ එල්ලෙන ස්පේස් එක මකල දාහං.. උඹ දිගටම වල්ගේ එල්ලන් තමා ආවේ...

    ReplyDelete
    Replies
    1. කොයි එකද අනේ ඔය වලිගෙ වගේ කියලා කිව්වෙ...පොඩ්ඩක් තෙරුම් ගන්න පුලුවන් විදියට ආයෙමත් කියනවද මූණු පොතේදි හරි...

      Delete
    2. මගෙත් අක්මාවට දේශා කියපු එක පෙනිල තිබ්බෙ...!
      මොකක්ද කියල අහන්නෙ නිමි උනාට පස්සෙ එන්ටර් කී එක අම්බානක එබිල.හැදිච්ච මෙව්ව එක බං..!

      Delete
  11. මෙගා අදහස්
    1. කතාවේ "කෙසේ හෝ සිරිතිලකට සමුදීමකින් තොරවම ගම්පහට සමුදුන් සුජාතා බණ්ඩාර මැණිකේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැගෙනා අවසන් අවස්ථාව දෙස මාටින් අයියා සහ සූටියා විස්සෝපව බලා සිටියේය" කියන තැනින් නතර කලානම් හොඳ බව මගේ අදහසයි

    2. //"හදිසියේ ජීවිතයට පැමිණෙන ආගන්තුක චරිතයක් අපේ හිත අද්දර නතර වී සිට නික්ම ගිය පසු දැනෙනුයේ මූසල හැගීමකි"//මේ කතාව සම්පූර්ණ ඇත්ත . සමහර වෙලාවට සමහර අය අපේ ජීවිත වලට ඇතුළු වෙන්නේ නොසිතු විදිහට , සමහරවිට දකින්නත් පෙර . එත් එහෙම අය නික්මී ගියොත් ඇතිවෙන හිඩැස හරිම සංකීර්ණයි ,මොන විදිහට පුරවා ගන්නද කියලා හිතන්නවත් බෑ.

    3. //"නමුත් කාන්තාව යනු වසර ගණනාවක් එක නිවෙසක ජීවත් වුවත් තේරුම් ගත නොහැකි අද්භූත ජනක සත්වයෙකුයැයි "// ඒ ඉතින් පරම සත්‍යය නොවැ. ඒ බව මේ කතාව තුලදී මතුකරලා තිබෙන සියුම් ආකාර ය චමත්කාරජනකයි .

    4. හැමදාම වගේ මෙහි නොකියන අවසන් පණිවුඩය තමයි "අපායට ගියත් කලින් යන්න කියන එක" නමුත් ඒ සුදුසු අවස්තාව සොයා ගන්නට කුමන නුවනක් තියෙන්නට ඕනෙද කියන එක තමයි ප්‍රශ්නේ . අවසානයේ හිත හදාගන්න් වෙන්නේ ලැබීම නෑ කියන කෙටි උත්තරෙන් තමයි .

    සමස්තයක් ලෙස ඉතාම හැඟුම්බර කතාවක් .. ඔබ කී කාලය සමග මැනවින් සැසදෙනවා. ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. මෙගා අදහස් දෙක :D

      ලස්සන කතාවක් කියෙව්වාම මෙහෙම උනානම්, අරහෙම උනානම් කියලා හිතෙන නරක ලෙඩේ මටත් තියෙන නිසා මේ අදහස්... සිරාගේ කතාවට විවේචනයක් නෙමේ...

      1. කාර් එක කොට උඩ තියෙන එක අන්තිමට එන්නේ නැතුව, කොට උඩ තියෙන කාර් එකෙන් කතාව පටන් අරන් ෆ්ලෑශ් බෑක් එකක් ගියානම් තවත් හොඳවේයැයි මට හිතේ ... ඉවාන් කියන තැනින් අවුලක් නැතුව කතාව නවත්තන්නත් ලේසි එතකොට...

      2. සිරිතිලකට කාර් එක කොට උඩ තියන්න ෂොක් එකක් වගේ වදින ප්‍රබල සිද්ධියක් හිතාගන්න මට බැරිවුනා... ඒ වෙනුවට සුජාතාගේ ඉල්ලීම පිට, රොබට්ගෙත් සුජාතාගේත් මඟුල් හයර් එකත් සිරිතිලකම අරන් ගිහිල්ලා, ඒ හයර් එක තමන්ගේ කාර් එකේ අන්තිම හයර් එක කරන්න සිරිතිලක තීරණය කලානම් මීටත් වැඩිය කතාව තාත්වික වෙන්න හිතුණා කියලා මට හිතෙනවා... මට හිතෙන්නේ සිරා මෙහෙම දෙයක් නොකලේ ගුරුතුමිය ගැන සිරාටත් පොඩි ආදරයක් තියෙන නිසා වෙන්න ඇති... එයාගෙන් ඒ වගේ කුරිරු ඉල්ලීමක් කරවන්න සිරාට හිත හදාගන්න බැරිවෙන්න ඇති... :) ඒත් "මම ඔයාට කවදාවත් බලාපොරොත්තුවක් දීලා තියෙනවද ?" කියලා අහන්න කුරිරු වෙන සුජාතාගෙන් අන්තිම ඉල්ලීම විදියට වෙඩින් හයර් එකටත් සිරිතිලකට ආරාධනා කරන එක වෙන්න බැරි දෙයක් නෙමේ මම හිතන්නේ... "නමුත් කාන්තාව යනු වසර ගණනාවක් එක නිවෙසක ජීවත් වුවත් තේරුම් ගත නොහැකි අද්භූත ජනක සත්වයෙකුයැයි" කියපු කතාවටත් වටිනාකමක් එකතුකරනවා ඒ වැඩේ... :)

      අවසාන වශයෙන් බ්ලොග් කියවීම රසයක්ම කරන මේ වගේ ලිපි උඹගෙන් වැඩි වැඩියෙන් ලියවේවා...

      Delete
    2. බීටලය, ගණු සටන, එනු කඩුවට...!

      //කාර් එක කොට උඩ තියෙන එක අන්තිමට එන්නේ නැතුව, කොට උඩ තියෙන කාර් එකෙන් කතාව පටන් අරන් ෆ්ලෑශ් බෑක් එකක් ගියානම් තවත් හොඳවේයැයි මට හිතේ ... ඉවාන් කියන තැනින් අවුලක් නැතුව කතාව නවත්තන්නත් ලේසි එතකොට..//

      එකඟ නොවේ.. ඒතකොට අවසානෙ දන්න නිසා අර ඩොග් ගාල වැටෙන ගතිය අඩුවෙල රස බිඳෙනව :D


      //සිරිතිලකට කාර් එක කොට උඩ තියන්න ෂොක් එකක් වගේ වදින ප්‍රබල සිද්ධියක් හිතාගන්න මට බැරිවුනා... //

      ඒක නොතේරෙන්නෙ එක්කො උඹට කෙල්ලෙක් බෑ කියල නෑ. එක්කො කවදාවත් උඹ කාටවත් ඈත ඉඳන් හිතෙන් ආදරය කරල නෑ... :P

      Delete
    3. ඉඳපන් කුට්ටමට ගාඩ් එක දාගන්නකල්... හරි මම රෙඩි :D

      //ඒතකොට අවසානෙ දන්න නිසා අර ඩොග් ගාල වැටෙන ගතිය අඩුවෙල රස බිඳෙනව :D//

      අවසානේ දන්නේ උඹ දැන් කතාව කියවපු හින්දා... මම කියන්නේ මේ යට තියෙන කෑල්ල කපලා අරන් උඩින් පේස්ට් කරන්න කියලා නෙමේ... දැන් මේක සිරාට වුන විදිය හිතමු... ඌ ඉස්සෙල්ලා දැක්කෙත් කොට උඩ තියෙන කාර් එක... ඒක එහෙම තියෙන්නේ ඇයි කියන කුතුහලය තමයි ඌට මේ ගැන හොයන්න උනන්දු කලේ... මම කියන්නේ මේ කුතුහලය මාර වටිනවා... ඒක පාඨකයටත් මුලදිම දෙන්න පුළුවන්නම් ඒක කතාව ඉවර වෙනකල් කියවන්න අතිරේක උනන්දුවක් සපයනවා... සුජාතා බෑ කිව්වාට පස්සේ සිරිතිලක කඳුළු බොන, අපිට අනුමාන කරන්න පුළුවන් සාමාන්‍ය සිදුවීම් පෙළෙන් එහාට යන ඩ්‍රාමා එකක් අන්තිමට වෙන්න ඕනෙ කියලා මම කියන්නෙත් මේ අවසානය පාඨකයා දන්නවා කියන හින්දාම තමයි... හරියට වෙඩින් හයර් එකත් සිරිතිලකට යන්න වෙනවා වගේ... (මේක මට කල්පනාවුන එක උදාහරණයක් විතරයි... දක්ශ කතාකරුවෙකුට මීට වඩා සංකීර්ණ ඩ්‍රාමා එකක් මවන්න පුළුවන් ඇති...)එතකොට උඹ කොච්චර කිව්වත්, අවසානය පාඨකයා දන්නවා කියලා හිතුවට, දන්නවා තියා හිතලවත් නෑ... :D

      //ඒක නොතේරෙන්නෙ එක්කො උඹට කෙල්ලෙක් බෑ කියල නෑ. එක්කො කවදාවත් උඹ කාටවත් ඈත ඉඳන් හිතෙන් ආදරය කරල නෑ... :P//

      මමත් බූට් කාලා තියෙනවා.. ඒ ගැන කියන්න මේ වෙලාව නෙමේ... :) කොහොමහරි මම කියන්න හදන්නේ බූට් එකක් කන එකත් එක්ක කාර් එක කොට උඩ තියන එක තනි සිද්ධිය සියුම් වැඩියි කියලා... බූට් වේදනාව නිසා සිරිතිලක හිතාවි මම කවදාවත් කසාද බඳින්නේ නෑ කියලා... එක්කෝ ආයෙත් ඒ පාක් එකේ හයර් දුවන්නෑ කියලා... එක්කෝ කුලී රථ රස්සාවට ආයුබෝවන් කියාවි... ඒත් රෝද ගලවලා කාර් ඒක කොට උඩ තියනවා වගේ ස්පෙසිෆික් තීරණයකට යන්න මේ බූට් එකත් එක්ක කාර් එකේ මීට වඩා දැඩි සම්බන්ධයක් තිබුණානම් හොඳයි කියලයි මම තර්ක කරන්නේ... හැමදාම සුජාතා ඒ කාර් එකේ ගිය එක එක හේතුවක් තමයි... ඒත් ඒ හේතුව මත වැඩිම උනොත් කාර් එක විකුණාවි... එතනින් එහාට ගිහින් ආයෙත් කවදාවත් දුවන්න බැරිවෙන්න කාරෙක කොට උඩ තියනවා වගේ පිස්සු/දරුණු තීරණයකට යන්න නම් බූට් එකත් එක්ක කාරෙක මීට වැඩිය තදින් බද්ධ වුනානම් හොඳයි කියලා මම කියන්නේ... තමන් ඈත ඉඳන් ආදරය කල කෙනාගේ මඟුල් හයර් එක යන්න වීම කාරෙකෙන් පළිගන්න හොඳ හේතුවක් කියලා මම හිතනවා..

      උබ කියන දේත් හරි ඇති.. මම හිතෙන්නේ මම හරි කියලා... අපිට ඉතින් වීක්එන්ඩ් එකම මේ ගැන තර්ක කර කර ඉන්න පුළුවන් :D

      Delete
    4. හෙහ්..හෙහ්...කුට්ටම ආරස්ස කරගන්න කුට්ටුමනීටත් බැරි උනා බන්..:

      මේකයි වැඩේ. දැන් ඔන්න මුලට දානව කොට උඩ තීන කාර් එකක්. කතාවෙ තීන්නෙ හයර් ගිය කාර් එකක ඩ්‍රයිවර් කෙනෙක් ටීචර් කෙනෙක්ට පෙම් බඳින කතාවක්. වැඩිය ඕන්නෑ, දවසගානෙ සිරසෙ හින්දි පිචෑර් බලන ආන්ට් කෙනෙක්ට උනත් ටිකකින් තේරෙනව අර කාර් එක කොට උඩ යන්නෙ ඇයි කියල. ඒ වෙනුවට වෙන, කතාවට සම්භන්ධයි කියල හිතන්න බැරි දෙයක් තිබ්බන්ම්, අඩු ගානෙ මේ වගී..."පිලිවෙලට අතු ගා, තණකොල කපා තිබුනු මිදුල මැද එක් තැනක ඝනට වැඩුනු පඳුරු ගොන්නකි. සොඳුරු යුවතියකගෙ සිනිඳු මුහුණත් පිහිටි අවලස්සන ඉන්නෙකු වන් ඒ පඳුරු පොදිය එලෙස තියෙන්නට ඇරීම පසුපස යම් හේතුවක් විය හැක" වගේ කෑල්ලක් ආලවට්ටම් දාල කාර් එක හංගල තිබ්බනම් ටිකක් ඔන්න තත්වයක් තියේවි. නැත්තන් කාර් එක කොට උඩ තිබ්බ කිව්ව ගමන්...සීන් එක මාට්ටු.. :D

      //මමත් බූට් කාලා තියෙනවා.. ඒ ගැන කියන්න මේ වෙලාව නෙමේ... :) //

      වාසනාවන්ත කෙල්ලො :D :D

      //මම කියන්න හදන්නේ බූට් එකක් කන එකත් එක්ක කාර් එක කොට උඩ තියන එක තනි සිද්ධිය සියුම් වැඩියි කියලා..//

      සිද්ධිය ඇති, තව ටිකක් ඕනනම් ඉමෝෂනල් වෙන්න ලියන්න තිබ්බ. ඒත් ඉතින් සිරි වගේ ඉඳල ඉඳල ආදරයක් ඇතිවෙච්චි එකෙකුට ඔහොම දෙයක් කරන එක අමරු වෙන එකක් නෑ.

      උඹ එක්ක වීක් එන්ඩ් එකේම ඇරගෙන වැඩක් නෑ බන්..ඊට හොඳයි මූණු පොටේ මාරයගෙ ස්ටේටස් එහෙක කොටා ගන්න සෙට් වෙනව :D

      Delete
    5. බීට්ල් ,ඉන්දික ...මගේ මතය නම් ෆ්ලෑෂ් බැක් එකක් විදිහට කෙටිකතාවක් නිර්මාණය කිරීම තරමක් අපහසු කාර්යයක් කියලා .මොකද එහෙම වුනාම අවසානය ගැන සම්පූර්නයෙන්ම් නොවුනත් යම් ඉඟියක් අපි පාඨකයාට ලබාදෙනවා කියන එකයි .

      ඒ වගේම මගුල් හයර් කතාව හොඳ පැහැදිලි කිරීමක් වෙනවා සිරිතිලක ගත්ත තීරණයට , හැබැයි මගේ පෞද්ගලික මතය නම් කතාව සුජාතා සිරිතිලකට බලාපොරොත්තුව අත් හරිනං කියන තැනින් හෝ මම පෙර කියපු තැනින් නැවැත්විය යුතුව තිබුනා කියන එකයි.
      කිසිසේත්ම මෙය විවේචනයක් නොවේ, සොඳුරු නිර්මාණයකට පාඨකයෝ හැටියට දායක වුනාම දැනෙන ආහ්ලාදය වචන වලට පෙරලීමක් පමණයි . කතාව තුල ගලාගෙන යන පාළු උපත බව ඉතාමත් මිහිරියි .හරියට ශෝකී සංගීත රාවයක් ඇහෙද්දී හැන්දෑවක පාලු වැව් ඉවරක ඉන්නවා වගේ හැගීමක් .

      Delete
    6. හැබැයි බීට්ල් කියන ආකාරයට ෆ්ලෑෂ් බෑක් එකක් එක්ක මෙය විශිෂ්ට ඒකාංගික ටෙලියක් හෝ කෙටි චිත්‍රපටියක් බවටනම් පත් කරන්න තිබුනා . මෙය එවැනි නිර්මාණයකට කදිමට ගැලපෙන කතාවක් ...

      Delete
    7. මට මේම සිතිවිල්ලක් ආවා. ඒ සොච්චමත් කොටන්නං මෙතනම.

      //ඒ වදන අසා සිරිතිලක දෙස එක එල්ලේ බලා සිටි සුජාතාගේ නිල් නෙතු සැණින් කදුලින් පිරී පිටාර ගලන්නට විය. තවත් මොහොතකින් එය සිහින් ඉකි බිදුමක්ව හිල්මන් රථය තුල වූ නිහඩතාව බිද දැම්මෙහිය.//
      *******************
      අහසේ මෝදු වෙමින් තිබෙන වළාකුලක්, සෙමෙන් පාවී ඇවිත් එතෙක් අහස් කුස බැබල වූ හිරු ගිල ගත්තේ ය. ආපසු නිවස කරා පැමිණි සිරිතිලක සෑහෙන වේලාවක් නිවස තුලට වී හිඳ, අවසානයේ කාරය ලඟට ගොස් එහි තිබූ ආයුද කට්ටලය එලියට ගත්තේ ය.

      නිමි. !
      කතාව මල් හතයි සිරා මචන්. ඔය හැකියාව අර හතෙන් එහෙකට ගොනු කරහන්. සුබ පැතුං !

      Delete
    8. සිරාගේ ලිපිය අරභයා මෙවැනි වටිනා කථා බහක් මෙහි ඇති කිරීම ගැන සිරාට බොහොම සතුටු බව පළමුවෙන්ම කියමි. බ්ලොග් කෙරුවාව සුන්දර වන්නේ තමා මහන්සි වී කල නිර්මාණයක ඇති සාර්ථක අසාර්ථක භාවය පිළිබද විවේචනයන්ගෙන් බව මම තරයේ අදහන කාරණාවකි. එල..පට්ටයි....වැනි තනි වචනයේ කමෙන්ටුවකට වඩා මගේ දොස දැක එය මෙහි අවංකව පවසා යනවා නම් මම එවැනි කමෙන්ටුවකට වඩා කැමති වෙමි.

      ඉවාන් ගෙ අදහසට මට එකතු කරන්න තියෙන්නෙ මෙහෙම දෙයක්. රෝද හතර ගැලවූ ප්‍රවෘත්තියක් සත්‍ය සිදුවීමක් බව මට පාඨකයාට කියන්න අවශ්‍ය උනා. මේ කථාව සත්‍ය එකක් බව මෙය කියවන අය දැනගත්තාම ඔවුනට යම්කිසි සංවේදී බවක් එයින් ඇති කරාවි යන විශ්වාසය මට තිබුනෙ..ඒ නිසයි මම ඒ ක්‍රියාවලිය සිදුවෙන තැන දක්වාම ලිපිය දීර්ඝ කලේ.

      බීටලය.........අගින් පටන් ගෙන ආරම්භය දක්වා යන කෙටි කථාවකදි අතර මැද හරියෙ කථාවෙ චරිත සියල්ලත්, සිද්ධි දාමයත් එකට එකතු වුනාම කථාවේ ඉදිරිය පාඨකයාට හිතාගන්න පහසුයි. එය කථාව තුල ලොකු කුතුහලයක් පවත්වාගෙන අවසානය කරා යන්න බාධාවක්...නමුත් ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණයකදී මීට වඩා විශාල වපසරියක තාක්ෂණික ක්‍රමවේද භාවිතා වන නිසා එවැනි නිර්මාණයකදී ඔබ කියූ ආකාරයෙන් මේ කථාව ඉදිරිපත් කල හැකි බව තමයි මගේ මතය.

      කාන්තාවන් ගැන කිසිම සැළකිල්ලක් තිබුනෙ නැති කෙනෙකුට කාන්තාවක් සමීප උනාම ඒ සිද්ධිය ඒ අයගෙ ජීවිත වලට මොන තරම් බලපෑමක් කරනවාද කියන කාරණය මම ඉතා හොදින් දැක තිබෙනවා. ඒ අර්ථයෙන් ගත්තම සතියේ දින 5ක්, වසර 3ක් පුරාවට උදේ සවස කාර් රථයක සමීපව ඉදගෙන ගමන් කරපු සිරිතිලක වගේ කෙනෙකුට ඒකපාර්ශවීය ආදරයකින් සිත පිරී ඉතිරී යන්නට ඉතාමත් ප්‍රමාණවත් කාරණයක්. මෙවැනි කාරණයකදී අනාගත සිහින දැකීම බොහෝ දෙනෙකුගේ සිරිතක්...නමුත් ඒවා බිද වැටුනාම සමහරෙකුට යලි නැගිටගන්න තරම් ආත්ම ශක්තියක් නැතුව යනවා..සිරිතිලකත් නිසැකවම එවැනි කෙනෙක්.

      ඉතිං එවැනි කෙනෙක් කොහොමද හිත හදාගෙන තමාගෙ පෙම්වතියගෙ මංගල දිනයෙ මංගල රථයෙ රථාචාර්ය තනතුර දරන්නෙ...හදවත ඇතුලෙන් දැවි දැවී පැය කීපයක් ඔවුන් සමග ගත කරන්න සිරිතිලකට කිසිම හැකියාවක් නෑ...ඒ නිසා එවැනි සිදුවීමක් මේ රචනාවට එකතු කලා නම් එය කෘතිම බවක් එක් කරාවි කියලා මට හිතෙනවා.

      ඉස්කෝලෙ නෝනා සිරිතිලක වෙත පොරොන්දු කිසිවක් වෙලා නෑ. ඔහුට තදබල ලෙස තමාට ආදරය කරන ලෙස උත්තේජනයන් දක්වලත් නෑ...එහෙම වටපිටාවක ඇය වැරදි බව ප්‍රකාශනය තුලින් ඉස්මතු කලාම ඇගේ චරිතය දිහා බලාන ඉන්න පාඨකයගෙ හිතේ ඇය පිළිබද ඇති වී තිබෙන විශ්වාසය බිද වැටෙනවා...මේ කාරණා නිසයි ඔබ කියූ දේ කථාවට එකතු නොකලේ.

      ඉන්දික අයියා මම දරණ මතයට බොහොම සමීපව හිතලා තියෙනවා..දැඩිව ආදරය කරන කෙනෙකුට මෙහෙම තීරණයක් ගන්න මාස තුනකුත් ඇති. තමාගෙ හිත නිරන්තරයෙන් තමාව පීඩාවට පත් කරද්දි...ඊට මූලික වෙච්ච චරිතය තමා ඉදිරියේ ජීවමානව හිදිද්දි...පුදුමාකාර පීඩාවකට ඒකපාර්ශවීය පෙම්වතා ලක්වෙනවා. එය මා අත්දැකීමෙන්ම දන්නවා.

      ඇනෝ මිත්‍රයාගේ අදහසේ තියෙන විදියට කථාව නතර කලා නම් හොදයි කියලා මටත් හිතෙනවා. ඒත් කථාව ආරම්භයේ ඉදලම මට අර රෝද ගලවපු කථාව කියන්නයි ආශාව තිබුනෙ..යතුරු ටිකක් අරන් කාරය ලගට ආව කිව්වට ප්‍රේක්ෂයකයාට හිතා ගන්න බෑ ඒවායෙන් ගැලෙව්වෙ මොනවාද කියලා...

      නැවත වතාවක් තමන්ගේ වටිනා කාලයෙන් යම් කොටසක් මිඩංගු කරලා මෙවැනි වටිනා සංවාදයක් මෙහි ඇති කිරීම ගැන ඔබ සියල්ලන්ටම බොහෝ ස්තූතිවන්ත වෙමි. බොග් කෙරුවාවේ සුන්දරත්වයක් තියෙනවා නම් තියෙන්නේ මෙවැනි ආකාරයේ සංවාදයන් නිසා බැව් මම සක්සුදක් සේ දනිමි. ජය !

      Delete
  12. wowwwww සිරාවටම විරහව දැනෙන්න ලියල තියෙනවා ඔය කතාව කෙනෙකුගේ කටින් ඇහුවට වැඩිය ලස්සනට ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි බං...මේ කථාව ලියලා මම ඉතාම හොද ආත්ම තෘප්තියක් ලැබුවා...කථාව කියවපු සමහරු මට තම තමන්ගේ කථා ඊ වලින් විදිනවා....

      Delete
  13. හයියෝ බං. හිතට මහා බරක් එකතු වුනා ඒකෙන්. නමුත් පෙම්වතා වැටෙන්න වැටෙන්න නැගිටින පොරක් නම් නෙවෙයි. යුද්දේ පටන් ගන්නත් කලින් වෙඩි වැදිලා මැරෙන පොරක්. එක එක චරිතවලට තියෙන දරාගැනීමේ හැකියාව වෙනස්.

    මොනවා වුනත් ඉතාම හොඳට ලියපු ප්‍රභල කතාවක් පාට්නර්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මගේ ව්‍යාපාරික සගයට. සිරිතිලක කවදාවත් පෙම් කරලා තෙම්පරාදු වෙච්ච කෙනෙක් නොවෙයි නොවැ. ඒ නිසාම පෙම් සිතුවිල් පහල වෙච්ච අවස්ථාවේ අන්තයටම ගිහිල්ලයි පෙම් කොරන්නෙ. සමහරු මේ ප්‍රේම සිහින මාළිගා බිද වැටුනාම සතියකින් දෙකකින් කෙලින් වෙනවා...තවත් සමහරු අවුරුද්දකින් දෙකකින් නැගිටිනවා...අනිත් කොටස කවදාවත් ආයෙමත් නැගිටින්නෙ නෑ...කාන්තාවන්ට වෛර කරනවා...සමස්ත කාන්තා පරපුරම තමාගේ පෙම්වතිය වගෙයි කියලා හිතනවා...සිරිතිලකට ඒ ගතිගුණ නැති වුනත් ඔහුගේ ආත්ම ශක්තිය ඉතාම මද බව නම් පැහැදිලියි.

      Delete
  14. මොකද්ද බොල ඒ පුද්ගලික ආයතනේ.... ලොකයේ මෙවන් සැඟව ගිය අතීත කතා කෙතෙක් ඇතිද....!!!

    ReplyDelete
    Replies
    1. සැගව ගිය කථා තමයි අපි දන්න කථා වලට වැඩියෙන් තියෙන්නෙ. මේ කියන තැනට බොලාත් පන්ති ගියාද කියලයි මම මේ කම්පනා කොලේ...අදටත් මේ ආයතනය ක්‍රියාත්මකයි...හැබැයි පරණ තැන නෙමෙයි දැන් තියෙන්නෙ.

      Delete
  15. වත්තක් මැද රෝද නොමැතිව දිරා යමින් තිබූ පැරණි කාර් රථයක් පසුපස මේ වගේ කතාවක් තියෙක් කියලා ඒක දකින හුඟ දෙනෙක් හිතන්න නැතුව ඇති..සැබෑ ආදරය හරි පුදුමාකාරයි..කතාව හරිම ලස්සනට ලියලා තියෙනවා....

    සා/පෙ විභාගයට හරියටම මාස දෙකකට කලින් නින්දේදී ඇතිවූ හෘදයාබාධයකින් යාළුවා මිය ගියා කිව්වහම හරි පව් කියලා හිතුනා ..

    ReplyDelete
    Replies
    1. සැබෑ ආදරය තමයි නංගි ජීවිතයට මොන කරදර බාධක ආවත් ඒවා බිදගෙන ඉස්සරහට යන්න හොද ශක්තියක් එන්නත් කරන්නෙ...ප්‍රශ්න තිබුනත් ජීවිතය සුන්දර බව දනවන්නෙ. ඒ අත්දැකීම් සෑම කෙනෙකුටම පොදුයි.

      නමුත් ආදරය බිද වැටුනාම මතක පොතේ පැරණි පිටුවල සටහන් වෙච්ච ආදරබර මතකයන් එක්ක හදවත ඇතුලෙන් කෙතරම් නම් අඩන ප්‍රේමවන්තයන් / ප්‍රේමවන්තියන් ලෝකයේ ඉන්නවා කියලද...

      යාලුවා ගැන කියනවානම් ඔහු ටිකක් තරබාරුයි...ආර්ථික තත්වය යහපත් නිසා පාන් ගෙඩිය ගේන්න ගියෙත් ගෙදර වාහනයක...ඒ නිසා සිරුරට ව්‍යායාම කිසි ලෙසකින්වත් ලැබුනෙ නෑ.. අන්තිමට මිනිය කපපු කෙනා කියලා තිබුනෙත් පුදුම විදියට ඇග ඇතුලෙ තෙල් කියලයි...මිනිහා පාඩම් කරලා නිදාගෙන තියෙන්නෙ අවසන් නින්ද...

      Delete
  16. සෑහෙන හිතට වදින කතාවක් අයියෙ...මන් හිතුව විදිහටම කතාවට සත්‍ය සිද්ධියක් පාදක වෙලා තිබුන..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයො...අනේ බොලා නම් මේ වගේ ඉස්කෝලෙ නෝනලට පෙම් කොරන්න යනවා නෙමෙයි..

      Delete
  17. සිරා, තිසර සහ ඉවාන් අදහස් දක්වල තිබ්බට පස්සෙ මම වගේ කෙනෙක්ට ලියන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ වගේම මම විචාරයක් කරන එකේ තේරුමකුත් නෑ.
    මෙහෙමයි කතාව සමස්තයක් වශයෙන් ගත්තම හොඳයි,චරිත අවස්ථාවන් සහ සංවාද ස්වභාවිකව ගොඩනංවා තිබෙනවා.70 දශකයෙ ගම්පහ ඉස්ටෙෂන් එකේ ස්පීකර් වලින් එනවුන්ස් කලාද කියල මම මුලදී කල්පනා කළා.මට නං හොදිසියක් නෑ මම කෝච්චියෙ යන්න ගත්තෙ 78 අවුරුද්දෙ වගේ ඉඳල නිසා.
    කතාව මුලදී ඉතා හොඳින් ගලාගියත් අවසාන හරියට එද්දී වාර්තාමය ස්වරුපයක් ගන්නවා,එහෙම වෙන්නෙ කතාකරුවාගේ නොඉවසිලිමත් කම නිසායි.කතාව කොටස් දෙකකින් අවසන් කරන්නට මුල ඉඳන්ම හිතා සිටි නිසා එහෙම වෙලා තිබෙනවා.
    වෙන කියන්න දුර්වලතාවක් නැහැ කතා ලියන එක ගොඩක් ලිවීමෙන් දියුණු කරගන්න පුළුවනි.සුබ පැතුම් සිරා.

    ReplyDelete
    Replies
    1. 50 දශකයේ ඉදලාම යකඩ කටවල් ලංකාවෙ විවිධ තැන් වල පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා ඊට වසර 20 කට පස්සෙ මේවා දුම්රිය ස්ථාන වල භාවිතා කරන්න ඇති කියලයි මගේ විශ්වාසය.
      නොඉවසිලිමත් කම කියන කථාව නම් හරියටම හරි. මොකද රැකියාවෙන් පස්සෙ ලැබෙන කෙටි වේලාවක් භාවිතා කරලයි මගේ ලියවිලි දැන් ලියන්න වෙන්නෙ. මෙවැනි කථාවක් බොහොම සංයමයෙන් ලිවිය යුතුයි. කල්වේලා අරගෙන. නමුත් මම ඉන්න වටපිටාවක කල්වේලා ගන්න ගියොත් බොග ලියන්න වෙන්නෙම නෑ..

      මම රට පැටවෙන්න කලින් මේ කථාව කොටස් 10 කට ආසන්න සංඛ්‍යාවක් ලෙස පල කරන්න අත්පිටපතක් ලිව්වා. නමුත් එය මට රැගෙන එන්න බැරි උනා. ඒ නිසා සංශිප්ත කරලා කොටස් දෙකකින් අවසන් වෙන්න ආයෙමත් ලිව්වා. මොකද බහුතරයක් බ්ලොග් කියවන්නො මාලා නාටක කියවන්න කැමති නෑ.

      Delete
  18. උඹ ලංකාවෙදි දැක්ක ඒ කාර් එක ගැන තොරතුරු හොයාගෙන ඒ මාර්ගයෙන් ප්‍රබන්ධ කරපු මේ කතාව කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට ලියවිලා තියෙනව.
    කලින් ගෑනු මනුස්සයෙක් ගැන කිසිම හැඟීමක් නැතිව උන්න නිසා වෙන්න අැති සිරිතිලකට මේ සම්බන්ධතාවය ඔච්චර දැනෙන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ සිතූ දෙයම තමයි සිරිතිලකට වෙන්න ඇත්තෙ. කවදාවත් නොසිතූ දෙයක ඔහු පැටලුනා. දවසෙන් දවස දෙඩමළු වෙද්දි කාන්තාව කෙතරම් රසවත්ද කියන දේ ඔහුට වැටහුනා. අන්තිමට පැණි හැළියෙ වැටුන ඇඹලයාට වෙච්ච දේ තමයි මේ අහිංසකයටත් උනේ.

      Delete
  19. Dhanushka De AlwisMarch 27, 2014 at 12:47 PM

    ආදරයේ ආශ්වාදයත් විරහවේ වේදනාවත් හිතට තදින්ම දැනුන සිරා.හොදට ලියල තියෙනව​,කියවගෙන යද්දි 70 දශකයේ ගම්පහ නගරය මැවිල පෙනුන​. Film එකක් බැලුව වගේ දැනුන.

    මේ වගේ නිර්මානාත්මක පොස්ට් ඉදිරියටත් ලියන්න ලැබේවා කියල සිරාට සුභ පතනව​

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධනුෂ්ක..පළවෙනි කොටසෙදි වගේම දෙවැනි කොටසෙදිත් ඔබේ අදහස එකතු කරලා සිරාට පොඩි තල්ලුවක් දැම්මට...

      Delete
  20. කතාවක් පුද්ගලික ජීවිතේ අත්දැකීමට කිට්ටු උනාම රසය වැඩියි. වසාන සිහිනෙ, සුළඟ වගේ ඇවිදින් නැගල ගියෙ ඒකයි. උඹේ මේ කතාවෙත් අන්න ඒ වගේ මොකක්ද එකක් තීනව.

    සිරා, මට හිතුන මෙහෙම දෙයක්. මේ කතාවට මුල් උන සිද්ධියෙ තීන සාමාන්‍ය සුලභ ගතිය මැකිල කතාව ලස්සනට ලියවෙන්න මීට සමාන්තර උඹේ පුද්ගලික අත්දැකීමක්, හැඟීමක් එකතුවෙන්න ඇතිය කියල! අනික උඹ මීට වඩා සුව පහසු, තණිකඩ නොවුන ජීවිතයකදි ලිව්වනම් ඒ කතාව මෙච්චර ලස්සන නොවෙන්න තිබ්බ කියල. මොකද මේ කතාවෙ පුරාම යටින් ගලන පොඩි පාළු ගතියක් තියෙනව.

    මොනා උනත් මම කාලෙකින් බ්ලොග් අතරෙ කියවපු සුන්දරම නිර්මාණයක්. එකම අවුල ඉවාන් සහ මාතෙ කිව්ව වගේ නවත්තපු තැන. ඒත් ඒකට හේතුව උඹේ අරමුණ කතාවක් ලියනවට වඩා අත්දැකීමක් බෙදා ගන්න ඕන උන එක කියල හිතෙනව.

    මේ කතාව බ්ලොග් එකේ පැත්තකින් එල්ලල තියහන් පස්සෙ එන උන්ටත් බලන්න.

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියට කථාව හරියටම දැනිලා තියෙනවා...මේ කථාවෙ සමහර තැනක තියෙන්නෙ මගේ පුද්ගලික අතදැකීම්...එය හරියටම හරි.

      මොකද උසස් පෙළ ලියන කාලෙදි පුස්තකාලෙ පාඩම් කරන්න ආව දැරිවියක්ට ඒක පාර්ශවීයව මාස 3 ක් විතර පෙම් කරලා විභාගයට මාසයකට විතර කලියෙන් කෙලින්ම අදහස ප්‍රකාශ කලා. නමුත් එතැනදි ඇය මාව ප්‍රතික්ෂේප කලා ඇයට ඒ වෙද්දි සබදතාවක් තිබුන නිසා. ඒ සිදුවීමෙන් මට සෑහෙන්න රිදුනා...ඒ රිදීමේ මතකයත් මම මේ කථාව මැද්දටම එල්ලුවා.

      වෘත්තීය ජීවිතයේ මම සේවය කරපු තැනකට මම නවකයෙකු විදියට යද්දි එහි සිටිය පරණ සේවිකාවක් මා සමග ටික කාලයකින් ඉතාම හිතවත් උනා. ඇය මට වඩා වයසින් අඩු කෙනෙක්. ඒ වගේම ඉතාම රූමත්...හැම කෙනෙක්ම සිහින මැව්වෙ මේ කෙල්ල තමන්ගෙ කර ගන්න. කොහොම හරි මට එයාව මුලිච්චි වෙනකොටත් ඇය විවාහය ලියාපදිංචි කර තිබුනෙ. මම ඒ ආයතනයෙන් සමුගන්න දවසෙ ඇය කදුළු මැදින් මගේ අත අල්ලාගෙන කිව්වෙ...මට ඔයාව වේලාසන හමුවුනා නම් අනිවාර්යෙන්ම ඔයාව තමයි මම බදින්නෙ කියලා. මෙහෙම කථා අහද්දි සිරාට තනි ඇහැට තමයි ලොකු අයියෙ ඒ කාලෙ ඇඩුනෙ.

      මේ කථාව පිටුපස තියෙන සත්‍ය සිදුවීම ගැන මෙය කියවන අයට හෙළිදරව් කරන්න මට සෑහෙන උවමනාවක් තිබුනා. ඒ නිසයි ඒ ආසන්නය දක්වාම සටහන දීර්ඝ උනේ. කල්පිතයකට වඩා සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කථාව ලියවූ බව දැනගත්තාම පාඨකයට එය සන්නිවේදනය වන මට්ටම වෙනස්... අදහස් වලට ස්තූතියි...

      Delete
  21. පෝස්ටුව එක දිගටම කියවල ඉවර කරා....
    එහෙම වුනේ සිරා මලයා ලස්සනට කතාව පෙල ගස්වල තිබුන නිසා කියලයි මට හිතෙන්නෙ.....
    මගේ සුබ පැතුම්......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොලාට...අදහසක් කොටාගෙනම යන්න කම්පනා කිරීම ගැන.

      Delete
  22. හරිම දුක හිතෙන අවසානයක්. නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා කතාවෙ ඉතුරු ටික කියවන්න. හදවතින්ම ආදරේ කරන ගොඩක් අයට ඔහොම වෙනවා,

    ReplyDelete
    Replies
    1. අවංක මා සැමදා දුකේ කියලා බස් වල ඇතුලෙ අලවලා තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති....

      Delete
  23. හරිම දුක්බර කතාවක්.... ඒ කතාවත් එක්ක දුකම අත්වැල් බැඳගෙන වගේ...... මිත්‍රයා ගැන කතාව වුණත්...

    ලස්සනට ලියල....

    ReplyDelete
    Replies
    1. දුක කියන්නෙත් රසයක්...ඒ රසය එක්ක සෑහෙන කාලයක් ගණුදෙනු කල කෙනෙකුට දුක නැති උනත් දුකේ රසය විදින්න හිතෙනවා...

      Delete
  24. මෙන්න මගේ සතපහ:
    1. සිරා කොලුවගෙ අපූරු කතාවක්. කලින් කතා ලිව්වෙ නෑ නේද?

    2. නවත්තපු තැන අවුලක් නෑ. බීටලේ කිව්ව වගේ අනිත් පැත්තට ගියා නං මාත් කැමතියි. සිංහය කිව්ව විදියට එහෙම උනා කියල අවුලක් වෙන්නෙ නෑ. මොකද දෙන්නගෙ අවසානය කොහොමත් දන්නෙ නැති නිසා.

    3.මේකෙ මම කැමතිම පොයින්ට් එක තමයි අරවගේ කාර් එකක් දැකල ඒකෙ අතීතය ගැන තමුන්ගෙ කතන්දරයක් ලිවීම. ඒක සෑහෙන්න වටින මෙතඩ් එකක්. මොකුත් හිතෙන්නෙ නැති, මොකක් හරි පොඩි දෙයක් දැක්කම ඒක ඇතුලෙ තියන අතීත සිද්ධිය විහිදවල ලිවීම කියන ක්‍රමයට මම හරිම කැමතියි.

    4. කෙටි කතන්දර ටිකක් ලියපං. මම හිතන්නෙ උඹට සාර්ථක වෙන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. 1. කලින් කථාවකට කියලා ලිව්වෙ නයා සහ එම්බාම්....එතැනින් තමයි කථා පටන් ගත්තෙ

      2. බීටල කියන විදියට ලියන්න අමාරුයි කියලයි මට හිතෙන්නෙ...මොකද පරිජේදයෙන් පරිජේදයට කියවන අයට කථාව ග්‍රහණය වෙනවා සීඝ්‍රයෙන්.

      3. මම කොහොමත් බොහොමයක් දෙනා නොසලකා හරින සුළු සිදුවීමක් හෝ...වස්තුවක් හෝ වෙනයම් යමක් ඇතුලෙ ලොකු කථාවක් තියෙන බව නිකමට හරි හිතුනොත් ඒ ගැන දිගින් දිගටම සොයා බලනවා.

      4. මාසෙකට එකක් හරි ලියාගන්න තමයි වෑයම...කාල වේලාව කියන එක හරිම අඩුයි...මේ වගේ යමක් ලියන්න හොද මානසික විවේකයක් අවශ්‍යයි....අදහස් වලට ස්තූතියි...

      Delete
  25. කතාව නම් මාරම ලස්සනයි සිරා. අනෙක් ලිපි අතරට ඉඳ හිට හරි කතාවකුත් ලියහං. එතකොට තවත් ඔප මට්ටම් වෙලා එයි. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන...පුලුවන් පුලුවන් වෙලාවට කථාවක් දෙකක් ලියන්න තමයි දැන් මම හිතාන ඉන්නෙ.

      Delete
  26. // ඔයා හරිම හොද කෙනෙක්...ඔයාට කවදාවත් වරදින්නෙ නෑ...මට වඩා බොහොම හොද කෙනෙක් ඔයාට ලැබේවි. මම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා// හැමතැනම කියවෙන එකම කතාව.
    උඹ ඒ කාර් එකට ආයේ පණ දීලා බං අයියේ! මල් හතයි

    ReplyDelete
    Replies
    1. හැම තැනම එකම කථාව කියවෙන්නෙ ඒ දැරිවියො ලංකාවෙ අනන්‍යතාව ඇතුලෙ හැදිච්ච උන් නිසා වෙන්ට ඇති බන්...අපේ සංස්කෘතිය නිසාම උන් ඔය වචන පෙල කියනවා ඇති..

      උඹේ අදහස කියවලා මගේ නාඩි වේගය ටිකක් වැඩි උනා..ස්තූතියි

      Delete
  27. මාර කතාවක්.... මම එහෙම කරා නම් අපේම එකෙක් රෝද 4ත් දාගෙන අරගෙනත් ගිහිං මේ වෙනකොට

    ReplyDelete
    Replies
    1. අද කාලෙ ඔහොම උනා නම් වෙන්නෙ ඔය ටික තමයි. වසර 40 ක්ම ගෙවිලා නොවැ කාර් එක එතැන නවත්තලා

      Delete
  28. උඹේ කතාව ලස්සනයි සිරා.ආසාවෙන් කියෙව්වා..
    සිරිතිලක කියන්නෙ අවංක මෝඩයෙක් අමුවෙන්ම කීවොත්..එයා පරාදයි !!
    මම වගේ නං හිල්මන් එක දීල ගේනව බෙන්ස් එකක් !!


    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි...මටත් ප්‍රේමයේ නාමයෙන් සෑහෙන්න රිදිලා තියෙනවා...ඒත් කාටවත් වෛර කරන්නෙ නෑ.. හැමෝම සමග තවමත් සුහදයි..ප්‍රේමයේ විරහව කියන්නෙ පුදුම රසයක් බං...ඒ රසය දැනෙන්නෙ හිතේ තුවාල හොද වෙලා ටික කාලයක් ගිහිල්ලා ආපහු හැරිලා බැලුවාම...

      Delete
  29. ඇග හිරි වැටිල ගිය වගේ දෙයක් දැනෙනව..එහෙම දෙයක් දැනෙන්න තරම් සංවේදී විදියට කතාව ලියල තියෙනව..දෙවන දිගහැරුම එනකම් තමයි හිටියෙ පොඩි හරි කොමෙන්ටුවක් කොටන්න..මෙහෙම දේවල් මේ ඉර හද යට වෙන්නේ නැතුව වෙන කොහේ වෙන්නද සිරා අයියේ.අකුරු හතරකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් වෙනකොට.අපි දන්නෙ ඒ මනුස්සය පිටින් පෙන්නන දේ විතරයි.කොච්චරනම් ඇතුලෙ හංගගෙන ඉන්නවා ඇතිද..?

    ReplyDelete
    Replies
    1. බලහං මේ කථාව කී දෙනෙකුට දැනිලද කියලා...ඒකෙන් කියන්නෙ ආදරය කියන සංවේදනීය මතකයන් අඩු වැඩි වශයෙන් අප හැම කෙනෙක් තුලම තියෙනවා කියන එකයි. ආදරයේදි දෙන්නට දෙන්න සංවේදී වෙනවා නම්..අවංක වෙනවා නම්..ඒ ආදරයට දිගු ආයුෂ තියේවි. ආදරය...අකුරු හතරක හිර වුන විශ්වයක් තරමේ සංකීර්ණ මනෝභාවයක්...

      Delete
    2. "ආදරය කියන සංවේදනීය මතකයන් අඩු වැඩි වශයෙන් අප හැම කෙනෙක් තුලම තියෙනවා කියන එකයි. ආදරයේදි දෙන්නට දෙන්න සංවේදී වෙනවා නම්..අවංක වෙනවා නම්..ඒ ආදරයට දිගු ආයුෂ තියේවි. ආදරය...අකුරු හතරක හිර වුන විශ්වයක් තරමේ සංකීර්ණ මනෝභාවයක්..."
      මේක තේරුම් ගන්න බැරැව ආදරය කරන කී දෙනෙක් ඉන්නවද අද ලෝකේ.....

      Delete
  30. ඇත්තටම ලියන්න වදන් නැතුව ගියා ඔබ කතාව ලියලා තියෙන(ප්‍රබන්ධ) විදියට විචාරකයෝ මොනවා කිව්වත් ඔබ දක්ෂයි කොල්ලෝ ...

    ReplyDelete
    Replies
    1. මට මුලිච්චි වෙච්ච දවසක...මේ දක්ෂ කොලුවට එහෙනං කූරු වල දාලා මැලේ අක්කලා බදින සතේ අරන් දෙනවා නේද...ස්තුතියි ලොකු මාමෙ...

      Delete
  31. සිරාම සිරා කතාවක්. ෆිල්ම් එකක් බැලුවා වගේ තාත්විකව අදහස මොලේ මැවෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිංහලයො...බොලාලා ඔහොම කියද්දි..මේ ලියවිල්ල තුල යම් පමණකට මා සාර්ථක ඇති කියන විශ්වාසය හිතට ඇති වෙනවා.

      Delete
  32. සත්‍ය හැමැවිටම ප්‍රබන්ධයට වඩා සුන්දරයි කියන්නෙ මෙකද.නියම කතාවක් සිරා

    ReplyDelete
    Replies
    1. සත්‍ය කථාවක් හැම විටම ප්‍රබන්ධයකට වඩා අපේ සිත් ගන්නෙ හැබෑවටම මේ ඉරහද ඒ අත්දැකීම් විදපු පුද්ගලයන් ජීවත්ව සිටි බව අපේ මනස අපට ඒත්තු ගන්වන නිසා.

      Delete
  33. ඩූඩ් උඩ කියල තියෙනව වගේ පපුවට මහ බරක් උනා කතාව..??
    නමුත් ඌ මහ පිස්සෙක් බං...ඌට තිබ්බෙ සේසතම විකුනල හරි කෙල්ලගෙ නය පියවලා..කෙල්ල ගන්න. මහ පරාජිත ප්‍රේමවන්තයෙක්.

    මේ...උඹ එහෙම ආදුර්ශෙට ගන්නවා නොවේ ඕවා..!

    ReplyDelete
    Replies
    1. වීයා සුදෝ...සිංහල භාෂාවෙ මූර්තජ ණ යන්නෙන් පටන් ගන්න එකම එක වචනයයි තියෙන්නෙ. ඒ තමයි ණය...ඒක ඊලග සැරේවත් හරියට ලියන්න....නැත්තං හලිම නාක පාටයි.

      ඇත්තටම මෙහෙම ආදරය නිසා පාරට වැටුනු අය කීප දෙනෙකුම මට හමුවෙලා තියෙනවා. මිල්ටන්ගේ මිතුරා කියලා මා කාලයකට පෙර ලිව්ව ඉංජිනේරු හිගන්නා උනත් මේ කුලකයටම තමයි දාන්න වෙන්නෙ. අපිට එතැනදි වැටහෙනවා..ඇතැම් විටෙක මේ සංවේදී මනෝභාවයෙන් උගත් පුද්ගලයෙකුට පවා ගැලවෙන්නට ඉඩක් නැති බව.

      සිරා කොලුවා ඉතිං තව අවරුද්දකින් දෙකකින් බොලාලා ගිය මාවතේම යන්න තමයි හිතාන ඉන්නෙ..

      Delete
    2. වටහා ගතිමි...ණය....සැබවින්ම මා එය දනිමි. කමෙන්ට් කොටද්දී එච්චරම හිතුවෙ නැත.කමා කරමි.

      Delete
  34. @සිරා භයියා,
    //"හදිසියේ ජීවිතයට පැමිණෙන ආගන්තුක චරිතයක් අපේ හිත අද්දර නතර වී සිට නික්ම ගිය පසු දැනෙනුයේ මූසල හැගීමකි"//

    මම ජීට අත්දැකීම් ඇත! අයියණ්ඩිටත් එසේම ද?

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මටද එසේමය.කතන්දර මලයා...මටද ඒ සොදුරු වේදනාවේ අත්දැකීම් ඇත. කාලයක් ගත වූ පසු ඒවා ඉතාම සංයමයෙන් මතක් කල ඒ කාලයේ විදි වේදනාවන් ගැන යම් හීන් කිතියක් හිත තුල මවාගත හැක. බොටත් ජයම වේවා...අලුත් එකියක් සැට් වේවා !

      Delete
  35. මච්න් සිරා....මම කීයට වත් හිතුවෙ නෑ මෙක ඈත්ත කථාවක් කියල....මච්න් හෑබෑයි සමහර විට සිරිතිලක තාම ඉන්නව ඈති...නෙද...

    ReplyDelete
    Replies
    1. තාම ඉන්නවා වෙන්න පුලුවන්...ඒත් මම හිතන්නෙ නෑ එතරම් කාලයක් ඔහු ජීවත් වෙන්න ඇති කියලා. මොකද ලොකු දුකක් හිතේ තදකරගෙන ඉන්න මිනිහෙකුගෙ ආයුෂ දිගුවෙන්න ඉඩක් නෑ.

      Delete
  36. Sirage thawath sira kathawak. Pattai kollo..

    ReplyDelete
  37. ලස්සන කතාවක් සිරෝ අවසානයට මහා දුකක් ඉතිරි කරපු,කොහොම වුණත් පසු සටහනේ අන්තිම පරිච්චේදය සුපිරියට වදිනවා හිතට.

    ReplyDelete
    Replies
    1. එතන මම ගොණු කලේ මට දැනෙන පරම සත්‍ය...ආදරයේදි එක පාර්ශවයක් විතරක් සංවේදී වෙලාවත් අවංක වෙලාවත් වැඩක් නෑ...නමුත් දෙපාර්ශවයම එහෙම උනාම ඒ ආදරය බොහොම සුන්දර එකක් වේවි.

      Delete
  38. අපේ ගමේ පාළු ඉඩමක් තියෙනවා. වල් පඳුරු වලින් වැහිච්ච. ඒකෙ පොඩි පැළක් තියෙනවා. ඒ ඉඩම පුරාම ගැඹුරු කාණු කපලා තියෙනවා එහෙට මෙහෙට.

    මගෙ යාළුවෙක් කියන හැටියට ඒ ඉඩමෙ ඉන්නෙත් ඔය වගේ බූට් එකක් වැදුණු මිනිහෙක්. පොර, කෙල්ලගෙ වෙඩින් එක දවසෙ පාර හරහට අගලක් කපලා. කෙල්ලගෙ අයියලා ටික ඌට අල්ලගෙන අම්බානකට නෙලලා. ඔළුවට වැදිච්ච පාරකින් ගෙ සිහිය විකල් වෙලා. දැං ඌට මතක, අගල් කපන එක විතරයි.

    ඒ කතාව කිව්වහම මට මාර විදිහට දැනුණා. ඒ වුනාට සිරා කළා වගේ මට එක සුන්දර අත්දැකීමක් විදිහට ගේන්න බැරි වුණා.

    මේ කතාවෙ සිරිතිලක ගෙ සමහර සියුම් තැන් මං සිරාගෙ චරිතය තුලත් දකිනවා. මාටිං අයියා කතා කරන්නෙ නං අටම වගෙයි.

    ස්තූතියි සිරා. මේ කතාවෙන් ලැබුණු හෘදයංගම ෂොක් එක මැරෙණ තුරුම මගෙ හිතේ තියෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකත් නියම ප්‍රස්තූතයක්...අධෛර්යමත් වෙන්න එපා...තව ආලවට්ටම් ටිකක් එහෙම දාලා කථාවකට ගොණු කරන්න...සංවේදී කමක් ඒ තොරතුරු වලත් තියෙනවා...කොච්චර පවුද...ජීවිතයම මේ වගේ තමන් ආදරය කරපු කෙනෙක් වෙනුවෙන් ප්‍රයෝජනයක් නොමැතිව ගෙවන්න උනොත්...

      ඩ්‍රැකියා නෝනාට බොහොම ආදරය කරනවා නේද...බොලා බොහොම සංවේදී ආදරවන්තයෙක් බව කමෙන්ටුව තුලින් ඉගි කර තිබෙනවා...ජය !

      Delete
  39. මචං සිරා,

    කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ.....!!
    තව​ බස් එකක ලියල තිබුන දෙයක් මතක් වුනා "ආසාවෙන් පැතූ සියල්ල වේදනාවෙන් නිමාවිය​"

    (98 නැතිවුන කෙනා කවුද බං... දැන් මෙමරි ලොස්ට් වේගෙන එන්නෙ මචං)

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. උඹේ අත්දැකීම් ගැන මම පුද්ගලිකව දන්න නිසා..මේ කථාවෙන් උඹේ හිත යම් තරමකට පෑරෙන්න ඇති කියලා මට හිතෙනවා...ඒත් මම දන්න මයික් කවදාවත් පස්සට යන එකෙක් නෙවෙයි නොවැ...එහෙම උනා නම් උඹ අද කොහොමද ඔය ඉන්න තැන ඉන්නෙ...

      මේ නැතිවෙච්ච මිතුරා ගැන මම බොට පයින්ඩයක් එව්වා...ඔහුගේ මවත් අප පාසලේම ගුරු මණ්ඩලයේ සේවය කලා...බ්ලූ මෙරූනියන්ස් බෑන්ඩ් එක හදපු අලුතම එකෙත් හිටියා...මහත පුද්ගලයෙක්...වැනට් වෑන් එකක තමයි හැම තැනම ගියේ..මතකද ?

      Delete
  40. මට මේ කතාව නම් අති සාර්ථක නිර්මාණයක් බවයි කියන්න තියෙන්නේ. ඇත්තටම ඒකාංගික ටෙලියකට මරු..ඒ යුගයත් සමග හොඳ ලොකේෂන් එකක කළු සුදු ටෙලියක් කරනාම් කතාව බැබලෙයි. සිරාට බොක්කෙන් සුබ පැතුම්.
    පාළු අඳුරු නිල් අහස මමයි ...
    පද රචනය - මහගම සේකර
    සංගීතය / ගායනය - ආචාර්ය පණ්ඩිත් අමරදේව

    සිරෝ.......මෙහෙම දැම්මේ වෙන මුකුත් නිසා නෙමේ. මේ වගේ ගීත ගැන බොහෝ ප්‍රසිද්ධ මාධ්‍ය ඒ ගීත ලිව්වේ කවුද,සංගීතවත් කලේ කවුද කියා සටහන් කරන්නේ නැහැ. උඹේ නිර්මාණය තුල ඕවා ලියන්න බැරි නිසා මම මෙහෙම දැම්මා. මට හැම එකක්ම මතක නැහැ. මම ඔය සර්ච් එකක් දාලා හරි හොයාගන්නවා.

    ReplyDelete
    Replies
    1. ටෙලි ක්ෂේත්‍රයේ වැඩ කරන මා හදුනන කීප දෙනෙකු ඉන්නවා...එයින් කෙනෙක්ට මම මේ කථාව යොමු කරන්නම්...ස්තූතියි අරූ අයියා ඔබේ අදහසට.... (අයියා කිව්වාට අමනාපයක් නෑ නේද...මාමෙ කිව්වම එච්චර සමීපත්වයක් දැනෙන්නෙ නෑ)

      මේ ගීතය ගැන ඔබ ලියූ තොරතුරු මා දැන සිටියා...නමුත් මම ඒවා මෙහි නොදැක්වූයේ මෙය හදිසියේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ බවක් කථාවේ කියවෙන නිසාවෙන්...

      ඔය ගීතය ලියපු මහගම සේකරයන් ඔය කියන කාලෙදි මරදාන කිට්ටුව කාමරයක කුලියට ඉදලා තමයි රැකියාවට ගිහිල්ලා තිබුනෙ. මේ කාමරයෙම හිටියලු කෙනෙක් තමාට නොගැලපෙන (රූපයෙන් හෝ වත්කම් වලින්) තරුණියක් හා ආදර සම්බන්ධතාවක් ගොඩ නගාගත්ත. මේ මනුස්සයා හැමදාම කෙල්ල එක්ක පෙම්බස් දොඩලා අහවර වෙලා කාමරේට ආව වෙලාවෙ ඉදන් කියන්නෙ ඒ දෙන්නා අතර තියෙන පරතරය ගැනලු..මේ ආදරය ඉතාම නුදුරේම කැඩෙයි කියලමලු පෙම්වතා කියන්නෙ...ඉතිං එක දවසක දෙන්නා දෙපැත්තට වෙන්න තීරණය අරගෙන රෑ බෝ වෙලා කාමරේට ආපු පෙම්වතා...ඔවුන් දෙදෙනා අතර තිබූ නොගැලපීම් ආදිය මත අකමැත්තෙන් හෝ දෙපැත්තට වෙන්න සිදු වූ පුවත සැළ කර තිබෙනවා...අන්න ඒ අවස්ථාවෙ හැමෝම නින්දට ගිය වටපිටාවක මහගම සේකරයන් පමණක් අවදිව සිට මේ ගීතය ලියූ බවක් තමයි මම අසා තියෙන්නෙ.

      මම අනිවාර්යෙන්ම මෙවැනි යමක් උපුටාගන්නවා නම් එහි නිර්මාණ කරුවන් ගැන සදහනක් තියනවා...මෙහි තමයි ඒ කාරිය අතපසු වෙලා තියෙන්නෙ. ඒ පිළිබද මාගේ අවධානය යොමු කලාට තුති.

      Delete
    2. සිරෝ...ඔය ඕන එකක් කියපං.....මට උඹලා වයසේ එවුන් කතාකරන්නේ "මචං අන්කල්" කියලා. දැන් ඒක මෙහේ රෙජිස්ටර් හිතවතුන් අතර.

      Delete
  41. සිරා මේක සිරාමද

    ReplyDelete
    Replies
    1. මම ලියාපු කථාව ඇත්ත එකක් නෙමෙයි..එය මාගේ සිතුවිලි අනුව ලියවුනු එකක්...නමුත් රෝද ගැලවීමේ සිදුවීම නම් ඇත්තම එකක්...

      Delete
  42. ෆිල්ම් එකක් හදන්න වටිනා කතාවක්නේ . කවුරු හරිද වැරදිද කියන්න අපිට අයිතියක් නැතත් කොල්ලා සහ කෙල්ල දෙන්නම එකිනෙකාට කැමැත්තෙන් ඉඳල බවයි මට හිතෙන්නේ .කොල්ල ඩිංගක් ඉස්සර වුනානම් අර කාරෙක සිරාට දකින්න වෙන්නේ නැහැ . එතකොට මෙතන කතාවකුත් නැහැ . මට නම් සිරා ලියා ඇති විදිහ හොඳයි. කාර් එක ගැන කලින් කිවා නම් අපිට කුතුහලයක් නැති වෙනවා
    ඔය වාගේ ඇලී ගැලී ඉඳල වෙන කෙනෙක් බැඳපු කෙල්ලන් සහ කොල්ලන් හුඟක් මගේ යාළුවන් අතරත් ඉන්නවා
    අපි යාළුවො ඉතින් හුඟක් වෙලාවට කලේ අසරණය ගේ පැත්ත අරන් කුලියට අනික එක්ක තරහ වෙච්ච එක .
    ඔය අතර මම කැඩිච්ච පලහිලව් පාහන්න උත්සාහ කරලත් තියෙනව . ඔයිට වඩා ඛේදවාචකයක් වෙච්ච මගේ යාලුවෙක් ඉන්නව . තාම මට ඒ කතාව ලියන්න බැහැ . සමහර විට අවුරුදු විස්සක් විතර ගියාට පස්සේ පුළුවන් වෙයි.
    සිරාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අක්කගෙ අදහසට මුලින්ම මාගේ ස්තූතිය...

      මේ ලියවුනු කථාව ඇත්ත වශයෙන්ම ඒ අයගේ කථාවද කියලා කියන්න මම දන්නෙ නෑ..ඒ කථාව මට සිතුනු ලෙසයි ලිව්වෙ...නමුත් මෙලෙස කාර් රථයක රෝද ගලවා දමන්නට තරම් රියදුරාගේ සිත බිද වැටුනා නම් ඒ අයගෙ කථාව මේ කථාවෙන් බොහෝ දුරට වෙනස් වෙන එකක් නෑ.

      ඉස්කෝලෙ නෝනටත් සිරිතිලක ගැන කැමැත්තක් තියෙන බව අගවන්න තමයි ඔහු කැමැත්ත විමසන අවස්ථාවෙ ඇගේ නෙතින් කදුලක් පැන්නා කියලා මම ලිව්වෙ.

      මගේ යාලුවෙකුත් සරසවියට ගියාට පස්සෙ සරසවි යන්න බැරිවෙච්ච තමාගේ පෙම්වතිය අමතක කරලා මල් ගොමුවෙන් අලුත් මලක් තෝරාගන්නවා කියලා හිතාන හිටියා. පරණ කෙනා කොච්චර හමුවෙන්න එන්න කිව්වත් මේකා ආවෙ නෑ. අන්තිමට ඒ දැරිවි යෝජනාවකට අනුව විවාහ වෙන්න සූජානම් උනා. අන්න ඒ බව දැනගත්ත දවසෙ තමයි අපේ එකාට රත් වුනේ...එදා ඉදන් බල්ලා වගේ ආයෙමත් අර කෙල්ල පස්සෙ ගියාට ඒ ළමයා සමාවක් දුන්නෙම නෑ. අද එයා එක්දරු.

      Delete
  43. Sira Puthe,
    Harima duka hithena katawak. Harima Lassanata liyala thiyanawa. Nawakatha pothak liyanna adahasak nedda. Liyuwoth kiyanna. Mamath puthage potha gannawa. Putha kiyala amathanne matath oya puthata tikak bala puthek inna nisa. Singhalen liyala thiyana katha balanna asa nisa mama puthage lipi kiyawanna gaththa.
    Aunty K from USA

    ReplyDelete
    Replies
    1. පුතේ කිව්වට තරහා වෙන්නෙ මක්කෙයි. මම ඉතින් ඔය නලුවො වගේ වයස කියන්න අකමැති එකෙකුත් නෙවෙයි නොවැ...අපි හැමෝම වයසට යනවා නම් මොනවා හංගන්නද නැන්දෙ.

      ඉස්සරහා දවසක මේකෙ ලියවෙන කෙටි කථා අතරින් හොද ඒවා ටිකක් තෝරගෙන කෙටි කථා පොතක් හරි අච්චු ගහන්න බැරියැ නවකථාවක් කෙසේ වෙතත්. හැබැයි මට තියෙන එක සිහිනයක් තමයි ලස්සන නවකථාවක් ලියන එක. ඒ වැඩේට නම් හොද නිදහස් වටපිටාවක් අවශ්‍යයි. දිගටම කාමරේ පැත්තෙ එන්න නැන්දෙ...ජය !

      Delete
  44. මාර ස්ටෝරිය බං, :( එහෙම මිනිස්සුත් ඉන්නවනෙ නේද ?
    උඹේ ලියල තියෙන ස්ටයිල් එකත් මරු ,

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං...අපි ජීවත් වෙන විසකරු ලෝකෙ සමනලයො වගේ අහිංසක මිනිස්සු තාම ජීවත් වෙනවා.

      Delete
  45. ලස්සනයි මල්ලී කථාව! ලිවීමේ රටාව පංකාදුයි... උඹට ජයම වේවා!!

    ReplyDelete
  46. හම්මේ අදයි කියවන්න ලැබුනෙ. මල් හතයි ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සියේ...බොලාගෙ පැත්තෙ මම මේ දැන් ගොහින් ආවෙ...

      Delete
  47. ඇත්තටම ඇස් දෙකට කදුලක් එන තරමටම ගොඩක් ලස්සනට සංවේදීව කතාව ලියල තියෙනව අයියේ..
    කතාව කියවද්දි ටෙලි නාට්‍යයක/චිත්‍ර පටියක වගේ රූප රාමුව හිතේ ඇදුන.. ආදරය සුන්දරයි.. ඒ වගේම අහිමි වීම දරා ගන්න බැරි වේදනාවක්...

    තව ඉදිරියටත් මේ වගේම ලස්සනට ලියන්න අයියට සුභ පතනවා!!
    සුදු නංගී (T)

    ReplyDelete
  48. A very poignant story, it tugs at your heart. I guess that the incident happened in the 1950s (as Sira’s friend called Sirithilaka, Seeya) That is why the story ended in the way it did. If this happened in 2000s, the teacher would have died prematurely and Sirithilaka would have gone to gallows for stabbing her! It is only to be expected that people’s perceptions and thinking patterns would change over the years, but the scale of brutality today defies logic. When he lost his first love Sugath sought solace in drink and leaves home for a hotel room so that he won’t bother his brother and sister in law. When he sees the girl he had some feelings for, getting into someone else’s car the main protagonist of Thunmanhandiya (in fact Sekara himself) smiles lightheartedly and walks the other way, holding his head high. Today when a lover, even a school boy, has his advances rejected, the first reaction is to try to knife the poor girl. Why this viciousness and intolerance in a country that has produced the likes of Sekara, Prof Sarathchandra and Amaradeva.

    ReplyDelete
  49. ලස්සන කතාවක්.. හිතට වැදුනා මචන්.. මේක ඇත්ත සිද්ධියක් නේද . මට මේ කාර් එක ගැන හොයලා බගන්න ආසාවකුත් ආවා.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...