Thursday, March 13, 2014

101 අතුරුදහන්වූ ගුවන් යානය සහ මැලේසියාව

පසුගිය වසරේ දත්තයන් අනුව ලොව 21 වෙනි ස්ථානයේ ඇති කාර්යබහුලම ගුවන් තොටුපල මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපලයි. ක්වාලාලම්පූර් නගරයෙන් පැයකට වඩා වැඩි කාලයක් කුලී රථයකින් යා යුතු දුරක මෙය පිහිටා තිබේ. සිරා කොලුවා සති කීපයක් මේ ගුවන් තොට ආසන්නයේ නවාතැන් ගෙන සිටි නිසාම මේ ගුවන්තොටේ කාර්ය බහුල තාවය මැනවින් අත්දැක ඇත්තෙමි.

දිවා කාලයේ සෑම විනාඩියකටම වරක් ගුවන් යානයක් ඉහළට එසවේ. හරියට කොළඹ නුවර පාරේ වාහන ධාවනය වෙනවා වැනිය. සැන්දෑ කාලයේ ගුවන් යානයක් පොළවට පහත් කරන විට එයට පිටු පසින් තම අවස්ථාව එන තුරු අහසේ ඒ ඒ උස මට්ටම් වල රැදී සිටින ගුවන් යානා 5ක් පමණ අවම වශයෙන් දිස් වෙයි. එයින් දෙක තුනක් ධාවන පථයට පහත් වන විට පේලියේ අගට අලුතින් යානා එකතු වෙයි. අපේ රටේ ගුවන් කලාපය තුල කිසිදා නොදුටු ගුවන් යානා අටෝරාශියක් මෙහිදී දැක ගත හැකිය. ලෝකයේ අති බහුතරයක් ගුවන්තොටුපල කරා මෙහි සිට ගුවන් යානා පිටත් වනවා වන්නට පුලුවන. සෑම දිනකම උදෑසනත් සෑන්දෑ කාලයෙත් ශ්‍රී ලංකාව බලා යන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා ද්විත්වය දුටු විට නම් ඒවා ඉහළ අහසේ නොපෙනී යන තුරාවටම අප ආශාවෙන් බලා සිටියේ පොඩි උන් පරිද්දෙනි.

ලොව හොදම ගුවන් සේවා අතර ඉහළින් වැජඹෙන, ගුවන් යානා 100 කට වැඩි සංඛ්‍යාවක් ඇති තරු 5 ගුවන් සේවයක් වන මැලේසියානු ජාතික ගුවන් සේවය ආරක්ෂාකාරී ගුවන් සේවයක් ලෙස මෑතකදී සම්මානයන්ටද පාත්‍ර වී තිබේ. සිය ලාංඡනය ලෙස සරුංගලයක් ගුවන් යානා වලිගයේ පින්තාරු කොට ඇති එය අාසියාව තුල හා ඉන් පිටත ගුවන් සේවා පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයටද සෑහෙන තරමේ සහයෝගයක් ලබා දෙයි.



ඉකුත් සෙනසුරාදා අලුයම 12.41 ට චීනයේ බීජිං නුවර බලා පෙර කියූ ක්වාලාලම්පූර් ගුවන් තොටෙන් ඉගිලුන මැලේසියානු ගුවන් සේවයේ බෝයිං 777 - 200 වර්ගයේ MH 370 යානය ගුවන් ගතවී පැය එක හමාරකට පමණ පසු රේඩාර් තිරයෙන් සහ සියලුම සන්නිවේදන මාර්ගයන්ගෙන් අතුරුදහන් වීමත් සමගම එය ලෝක මට්ටමේ පුවතක් බවට පත් වූයේ යානයේ කාර්යය මණ්ඩලයේ 12 දෙනා ඇතුලුව මිනිසුන් 239 දෙනෙකුගේ ජීවිත මේ ගුවන් යානය ගුවනට ගෙන ගොස් තිබූ බැවිනි.

පසුදා උදෑසන 6.30 වන විට චීනයේ බීජිං ගුවන්තොටුපලට ලගා වීමට නියමිතව තිබුනත් දළ වශයෙන් ඊට පැය 4 කට පෙර යානය රේඩාර් පද්ධතියෙන් ඉවත් වී තිබුනි. නමුත් ගුවන් යානයට සිදු වූ දෙයක් මේ වන විටත් සොයා ගැනීමට නොහැකි වීම මේ සිදුවීමට අද්භූත ස්වරූපයක් එක් කර තිබේ.

ගුවන් යානය ගමන්ගත් මාර්ගය


සිද්ධිය වූ දින බීජිං ගුවන් තොටුපලේ කාල සටහන.
වම් පස ඉහළින්ම ඇත්තේ අතුරුදහන් වූ ගුවන් යානය පිළිබදවයි.


මේ අවස්ථාව වන විට මැලේසියාවේ හැම දෙනාම පාහේ කථා බහ වෙන ප්‍රධාන මාතෘකාව මේ ගුවන් යානය පිළිබදව වී තිබේ. රූපවාහිනියේ ඇතැම් දෛනික වැඩසටහන් නවත්වා ගුවන් යානය ගැනම වැඩසටහන් විකාශය වෙයි. පවුලේ අය සමග දුක බෙදාගන්නා අගමැතිතුමාගේ සිට ඉහළ නිලධාරීන් දක්වා පෙන්වයි. ඇත්ත වශයෙන්ම රටේ සමස්ත ජනතාවම ගුවන් යානයේ සිටි මගීන් 239 දෙනා පිළිබද ශෝක වන වටපිටාවක සිට මා මෙය ලියනවා කීවත් වරදක් නැත. Yahoo, BBC වැනි ලොව ප්‍රමුඛ පුවත් සේවා අඩහෝරාවකට වරක් MH 370 ගුවන් යානය ගැන කුමන හෝ තොරතුරක් පල කරයි. මැලේසියානු ජනතාව යානයේ සිටි මගීන් වෙනුවෙන් නිරතුරුව ආගමික කටයුතු වල නිරත වෙයි.

සංචාරක ක්ෂේත්‍රයට අදාළවව කටයුතු කරනා ආයතනයක සේවය කරන අයෙකු ලෙස අපට ගුවන් යානා වූ කලී සමීප වස්තූන්ය. අප ආයතනයේ සේවය කරන මැලේසියානු දැරිවියකගේ මිතුරෙක්ද මේ කියන අතුරුදහන් වූ යානයේ කාර්යය මණ්ඩලයට ඇතුලත් වී සිටි හෙයින් ඇය සිටින්නේද පශ්චාත්තාපයෙනි.

මේ සිදුවීමෙන් කම්පනයට පත් පපුවේ තෙතමනයක් ඇති මිනිසුන්ගේ ප්‍රාර්ථනා

චීන මාවතකදී තම අතුරුදහන් ඥාතීන් සිහිපත් කරනා චීන ජාතිකයන් පිරිසක්

මේ සිදුවීම සැලවූ පසු හඩා වැලපෙන චීන යුවතියක්

මැලේසියාවේ පාසල් ළමුන් පිරිසක් එක්සිත්ව අතුරුදහන් වූවන්ට යහපත ප්‍රාර්ථනා කරමින්

ක්වාලාලම්පූර් නුවර අන්තර්ජාතික ගුවන්තොටුපලේ
මේ මොහොතේ මෙරට ජනතාව විසින් තබා ඇති විවිධ වැකි සදහන් පුවරු

මෙහි සිටින මැලේසියානු ජාතික යුවලගේ 24 හැවිරිදි තරුණ දියණිය මේ සිදුවීමෙන් අතුරුදන්ව සිටී.

ගුවන් යානය අතුරුදහන් වූ පසු මැලේසියාවට පැමිණෙන්නට තම අයදුම් පත්
ගුවන් යානා බලධාරීන්ට ලබා දෙන්නට පොර කන චීනයේ සිටිනා ඥාතීන්

අතුරුදහන් වූවෙකුගේ සමීප ඥාතියෙක්


මා සේවය කරන ආයතනය විසින් සංවිධානය කොට තිබෙන විවිධ පිටරට සංචාර සදහා මුදල් ගෙවා තිබෙන මැලේසියානු පාරිභෝගිකයන් සමහරෙක්ද මේ සිදුවීමේ කම්පනය නිසා තම සංචාර අවලංගු කරන්නට වෙර දරයි. ගුවන් යානය අතුරුදහන් වී දින දෙකකට පසු මැලේසියානු ගුවන් සේවයේ කොටස් මිළ 10% කින් පහළ ගොසිනි.

පසුගිය සෙනසුරාදා අළුයම යානය අතුරුදහන් වූ තැන සිටම ඒ පිළිබද සොයැබැලීමේ මෙහෙයුම් ඇරඹිනි. යානය අවසන් වරට තිබුනේ චීනයට දකුණින් වූ මුහුදට ඉහළ අහසේය. නැතිනම් වියට්නාමයට අයත් තෝ චූ දිවයින ආසන්නයේය. එය මැලේසියාවේ කොටබරු වෙරළේ සිට නාවික සැතපුම් 120 ක පමණ දුරක් බව යාහූ අඩවිය සදහන් කරයි. පළමුව ගුවන් යානා 22 ක් හා නාවික යාත්‍රා 40 ක් පමණ මැලේසියානු පාර්ශවයෙන් එක්විය. චීනයද තම පාර්ශවයෙන් විවිධ සම්පත් මේ සදහා එක් කලහ. තොරතුරු සොයනා ගුවන් යානා සංඛ්‍යාව 34 ක් දක්වා ඉහළ දමන්නට මැලේසියානු රජය පසුව ක්‍රියා කලේය. මේ කියන මුහුදු කලාපය අවට රටවල් කීපයක්ම තිබේ. වියට්නාමය ඉන් ප්‍රධානම රටයි.

ඔවුන්ද තමන් සතු යාත්‍රා සහ ගුවන් යානා යොදාගනිමින් පරීක්ෂණ කටයුතු වලට දායක වූ අතර පසුගිය ඉරිදා සවස් යාමයේ අඩ අදුර මැද මුහුදේ පාවෙන හතරැස් වස්තුවක් ඔවුන් ඉහළ අහසේ සිට නිරීක්ෂණය කොට තිබුනත් වැඩිදුර පරීක්ෂණ පසුදිනට කල් තබා තිබුනි. පාවෙමින් තිබුනේ අතුරුදහන් වූ බෝයිං යානයේ දොරක් යැයි සැකයක් තිබුනද පසුදින ඒ කිසිවක් සොයාගැනීමට වියට්නාම බලධාරීන්ට නොහැකි විය.

මෙම ඡායාරූපයේ පෙනෙන සුදු පැහැති වස්තුව ගුවන් යානයේ දොරක් වන්නට ඇතැයි
සිතුවත් පසු දින එය සොයාගැනීමට වියට්නාම බලධාරීන් අපොහොසත් විය.


එයින් පසු මැලේසියාව පාර්ශවයෙන් ඉතා සියුම් ලෙස ගුවන් යානය සෙවීමේ කටයුතු ඇරඹුනු අතර මුලින්ම අවධානය යොමු වූයේ ගුවන් යානයේ ගමන් ගත් මගීන් පිළිබදවයි. ඒ අතර සිටි බහුතරය චීන ජාතිකයන්ය. ඊට අමතරව මැලේසියා,ඉන්දුනීසියා, ඇමරිකා , ඔස්ට්‍රේලියා, ප්‍රංශ, නවසීලන්ත,යුක්‍රේන, කැනඩා, රුසියා,නෙදර්ලන්ත, තායිවාන්, ඉතාලි හා ඔස්ට්‍රියා යන රට වලට අයත් මගීන් එහි විය. නමුත් පසුව අනාවරණය වූයේ ඔස්ට්‍රියා හා ඉතාලි ජාතිකයන් දෙදෙනා ගුවන් යානයේ නොවූ බවකි.

ගමන් බලපත්‍රය හිමි නියම ඉතාලි ජාතිකයා. ගුවන් යානය අතුරුදන් වූ සැනින් ඔහුගේ නම කියවුනද
සැබෑ ලෙසම ඔහුගේ නැති වූ ගමන් බලපත්‍රයෙන් වෙනත් අයකු ගුවන්ගත වී තිබුනි.


ඒ පිළිබද කල පරීක්ෂණ වලින් අනාවරණය වූයේ මේ දෙදෙනාගේම ගමන් බලපත්‍ර තායිලන්තයේ පූකට් දිවයිනේදී 2013 වසරේ නැති වූ බවකි. අනුන්ගේ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන වෙනත් දෙදෙනෙකු යානයට ඇතුලු වී ඇති බව බලධාරීන් සොයාගත් තැන සිට ඔවුන් දෙදෙනා පිළිබද ආරක්ෂක කැමරා දර්ශනද උපයෝගී කරගෙන කල පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙස දෙදෙනාම එක ලග අසුන් වල වාඩි වී සිට ඇති බවත්, ගුවන් ප්‍රවේශ පත්‍ර මිළදී ගෙන ඇත්තේ එකම දිනක එකම තැනකින් බවත්, දෙදෙනාම ඉරාන ජාතිකයන් බවත් හෙළිවිය. මේ දෙදෙනා ත්‍රස්තවාදීන්දැයි එතැන් සිට සොයා බැලූ අතර ජාත්‍යන්තර පොලීසියේ සහයෝගයද එයට ලැබුනි.

මේ ඉන්නෙ හොරට ගිය දෙන්නා


නමුත් දින දෙකකට පසු මෙරට බලධාරීන් සොයාගෙන තිබුනේ මේ දෙදෙනාම සරණාගතයින් ලෙස වෙනත් රටක පිළිසරණ පතා යන (Asylum Seekers) දෙදෙනෙකු මිස ත්‍රස්තවාදීන් නොවන බවකි. නමුත් අනුන්ගේ ගමන් බලපත්‍ර මගින් මේ දෙදෙනා ගුවන් ගත වී ඇත්තේ මුදල් ගෙන වංකව කටයුතු කල නිලධාරියෙකු හෝ දෙදෙනෙකු මගින් බවට ඇති සැකය නිසාම ඒ පිළිබද පරීක්ෂණ කටයුතු තවමත් සිදුවෙයි. මැලේසියාවේදී මුදල් ලබා දී කල නොහැකි දෙයක් නැත.

මේ අතර ඊයේ මෙරට පොලිස්පති තුමා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ගුවන් ගමන සදහා ටිකට් පත් මිළදීගෙන ගුවන්තොටුපලට පැමිණි 5 දෙනෙකු තම ගමන් මළු පවා බාර දි ඇති මුත් යානයට ගොඩ වී නැති බවයි. ඒ සියල්ලන්ගේම ගමන් මළු යානයට පටවා නැවත ඉවත් කර ඇති බවක්ද ඔහු පවසා තිබුනා. ප්‍රවේශ පත්‍ර මිළදීගෙන යානයේ ගමන් නොකල අනිත් කෙනා තරුණ ශිෂ්‍යාවක් බවත්. ඇයට ගුවන් යානයට පිවිසීමට නියමිත වෙලාවට පැමිණීමට නොහැකි වීම එයට හේතුව බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන කලා.

යානයේ සිටි ඇමරිකානුවන් තිදෙනාගෙන් එක් අයෙකු මෙරට (මැලේසියාවේ)  IBM සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකි. ඊට අමතරව මධු සමය සදහා චීනයට ගිය මැලේසියානු යුවලක්ද මෙහි සිට ඇත. චීන ජාතික කාන්තාවක හා විවාහ වී සිට ඇති කැනඩා ජාතික ඉන්දියානුවෙකුගේ මුත්තනුවන්ද ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බවක් ඇතැම් තැනක මම කියවීමි.

මෙහෙයුමට අනුව තෝරාගත් මුහුදු ප්‍රදේශ වල වර්ග කිලෝමීටර් 100 - 120 අතර ප්‍රමාණයක් දිනපතා පරීක්ෂා කිරීම් වලට ලක් වෙයි. මේ සදහා අති නවීන යුධ නෞකා වල පවා සේවය ලබා ගත්තද මේ සිදුවීම සිදු වී සතියකට ආසන්න මේ මොහොත වන විටත් කිසිම හෝඩුවාවක් නැත. පාවෙන් සුන් බුන් බිදක් හෝ නැත. මුහුදේ සටහන් වූ තෙල් පැල්ලම්ද නැත.

නමුත් යානයේ සිටි චීන ජාතිකයන්ගේ චීන ඤාතීන් ඔවුන්ගේ ජංගම දුරකථන වලට යානය අතුරුදහන් වී පැය 24 කට පසුද ඇමතුම් ගෙන තිබේ. දුරකථන නාද වන බවත් ඒවාට පිළිතුරු නොදෙන බවත් ඔවුන් පවසා තිබීම උහතෝකෝටික ගැටලුවක් වී තිබේ. මීට අමතරව ෆේස් බුක් වැනි චීන ජාතිකයන් පමණක් භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවියක් වන QQ හි අතුරුදහන් වූ පුද්ගලයන් අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින බව පෙන්වූ බවත් ඤාතීන් පවසයි. නමුත් ඇමරිකානු විශේෂඥයකු පවසා තිබුනේ මේ කියන සමාජ ජාලයේ ඇති තාක්ෂණික අඩුපාඩුවක් එයට හේතු වන්නට ඇති බවයි.

මා මේ ලිපිය ලියන අවස්ථාව වන විට අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයේ MH 370 යානය සොයා රටවල් ගනනාවක් පරීක්ෂණ කටයුතු වලට එකතු වී තිබේ. දින දෙකකට පෙර ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව එයට එකතු වූ අතර එයට පෙර සිංගප්පූරුව, වියට්නාමය, චීනය, තායිවානය, පිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල් මේ කටයුතු සමග අත්වැල් බැදගෙන සිටියෝය. අසල්වැසි ඉන්දියාවද දැන් එයට එක්වී තිබේ. දිය යට සෙවීම් සදහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය සිංගප්පූරුව විසින් ලබා දී තිබුනි.

මෙහෙයුමේ යෙදී සිටින චීන නාවික හමුදාව

ගුවන් යානය සොයන්නට වෙර දරන පිලිපීන යුධ හමුදාව

ඉදිරි කටයුතු සැලසුම් කරනා වියට්නාම ගුවන් හමුදාව

ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාව එරට නාවික යාත්‍රාවක
ගුවන් යානය සොයන මෙහෙයුම් වලට සම්බන්ධ වෙමින්

සිංගප්පූරු නාවික හමුදාව

සිංගප්පූරු ගුවන් හමුදාව

මුහුදේ පාවෙන දෑ පරීක්ෂා කරන මැලේසියානු සහන සේවකයින්


ඇතැම් ගුවන් යානා විශේෂඥයන් බෝයිං 777 - 200 යානයේ කාර්මික දෝශයක් මත අනතුරක් වන්නට ඇතැයි සිතුවත් ඒ සදහා ඇති සම්භාවිතාව ඉතා අඩු බව ඇතමෙක් කියති. එම යානා සැලසුම් කර ඇත්තේ එන්ජින් දෙකෙන් එකක් හෝ අවසාන අවස්ථාව වන තුරුම නිරුපද්‍රිතව පණ ගැන්වී තිබෙන ලෙසය. ලොව ප්‍රමුඛපෙල ගුවන් යානා සමාගම් බහුතරයක් විශ්වාසයෙන් යුතුව භාවිතා කරන ඇමරිකානු නිෂ්පාදනයක් වන බෝයිං යානා ද්විත්ව එන්ජින් සහිත ලොව විශාලතම ගුවන් යානා වෙයි. අතුරුදහන් වී ඇති MH 370 යානය චීන ගුවන් තොටකදී නවතා තිබූ තවත් ගුවන් යානයක 2012 වසරේදී ගැටී එහි පියාපතක් හානි වූ බවත් එය පසුව අළුත් වැඩියා කර තිබූ බවත් ඇතැම් පුවත් අඩවියක සදහන් වී තිබුනි.

අතුරුදහන් වී ඇති මැලේසියානු ගුවන් සේවයේ MH 370 යානය
2012 වසරේදී චීන ගුවන් තොටපලක නවතා තිබූ යානයක වැදී
දකුණු පස පියාපත හානි වූ විටෙක ගත් ඡායාරූපයක්


කෙසේ හෝ මේ වන විට යානය අතුරුදහන් වී දින කීපයක් ඉක්මවා ගොසිනි. තවත් දිනයකින් පසු එය සතියක් බවට පත්වේ. මැලේසියාවේ දේශපාලන අර්බුදයක් තරමට මේ ගැටලුව මේ වන විට සමාජ ගත වී තිබේ. මගීන්ගේ දුරකථන නාද වීම, තවමත් කිසිදු තොරතුරක් නොමැති වීම, සුන්බුන් කිසිවක් හමු නොවීම යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කල තැනැත්තා වසර 30 කට වැඩි අත්දැකීම් සහිත අයෙක් වීම යන කාරණා මත මේ ගුවන් යානය පිළිබද විවිධ මති මතාන්තර පල වෙයි. ගුවන් යානය පැහැර ගත් බවක් සමහරු කියති, සමහරු කියන්නේ උඩු ගුවනේදී පුපුරා ගොස් හෝ කාර්මික දෝෂයකට ලක්ව කඩා වැටී ඇති බවකි.

2009 වසරේ අත්ලන්තික් සාගරයට ඉහළ අහසේදී මෙලෙසම අතුරුදහන් වූ  බ්‍රසීලයේ සිට ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපලට පැමිණෙමින් තිබූ ප්‍රංශ ගුවන් සේවයට අයත් යානාවක් කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර අභිරහසක්ව සැගව ගියද විශාල මුදලක් වියදම් කරමින් කරන ලද සොයාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙස වසර 2කට පසු සැතපුම් 2 කට වඩා ගැඹුරු මුහුද පතුලෙන් අතුරුදහන් වූ ගුවන් යානාව සොයාගත හැකි විය. එහිදී මගීන් 216 දෙනෙකු සමග කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු ජීවිතයට සමු දී තිබුනි. ප්‍රංශ ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුරද එයයි.

කෙසේ හෝ මැලේසියානු ජාතිකයන් කීප දෙනෙකු සමග අද සන්ධ්‍යා භාගයේ කල කථා බහක් නිසා ඒ අය මේ සිදුවීම ගැන දරණ මතය පිළිබද යම් අවබෝධයක් ලබා ගැනීමට සිරා කොලුවා වන මට හැකි විය. මේ අද්භූත ජනක සිදුවීමත් රජය ඒ පිළිබදව කටයුතු කරන ආකාරයත් ගැන මෙරට බහුතර ජනතාව අතර ප්‍රසාදයක් නැත. ඔවුන් බොහෝ දෙනෙකු දැන් දැන් කියන්නේ මේ යානය පුද්ගලයන් කීප දෙනෙකු එකතු වී පැහැරගෙන ඇති බවකි. එයට ගුවන් නියමුවාද සම්බන්ධ බවත් වියට්නාමය හෝ චීනයේ යානාව තියෙන්නට හැකි බවත් ඇතමෙක් කියති. තවත් සමහරෙක් කියන්නේ යානය රුසියාවේ ඇති බවකි.

අතුරුදහන් ගුවන් යානයේ නියමුවන් දෙදෙනා.
ප්‍රධාන නියමුවා 53 හැවිරිදි සහාරි අහමඩ් ෂා (වම්පස) පළමු නිලධාරී 27 හැවිරිදි ෆාරික් අබ්දුල් හමීඩ්
අහමඩ් ෂා ගුවන් නියමුවකු ලෙස වසර 30 ක අත්දැකීම් ඇති ජේෂ්ඨ ගුවන් නියමුවෙකි.


මැලේසියාවේ හිටපු අගමැතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති ආගමික වැඩසටහනක්.
බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ මහා විහාරයේ අධිපති කිරින්දේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේද
ඡායාරූපයේ සිටී.



මැලේසියානු අගමැති මොහමඩ් නජීබ් රසාක් මහතා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හමු වෙමින්


කෙසේ හෝ මේ සිදුවීම දැඩිව විවේචනය කල මගේ සේවා ස්ථානයේ මැලේසියානු ජාතික රියදුරෙක් කියා සිටියේ මෙය තනිකරම නාට්‍යයක් බවයි. යානය සැලසුම් සහගතව කොහෝ හෝ සගවා ඇති බවත්, එය සොයා ගැනීමට රජයටද හදිස්සියක් නොමැති බවත් හෙතෙම මා සමග පැවසුවේය.

මේ සිදුවීම ඇමරිකාවෙ උනා නම් මෙලහකට ඒ අය සියල්ල හොයාගෙන. අපේ අය ප්ලේන් හොයන්න යන්නෙ අලුත් තාක්ෂණික උපකරණ එක්ක නෙමෙයි. පොල් ගෙඩි දෙකකින්.

ඊයෙ පෙරේදා දිනයක මහාගුරු නම් අධිමානසික තත්වයක් ඇතැයි කියනා තැනැත්තෙකු ලවා ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේදී කරන ලද පූජාවක් බදු වැඩසටහනක් නිසා මැලේසියානු රජය මැජික් යොදාගෙන ගුවන් යානය සොයන්නට වෙර දරනවා යනුවෙන් අලුත් ප්‍රවෘත්තියක්ද මේ සිදුවීම් පෙලට දැන් එකතු වී තිබේ.

මහා ගුරුගේ පොල් මැජික්

මෙවැනි කටකථා වලින් දැන් දැන් මැලේසියානු ජන සමාජය පිරී ඉතිරී යමින් පවතී. අද උදෑසන යාහූ පුවත් සේවය පැවසූවේ චීන චන්ද්‍රිකාවක් මගින් චීන දකුණු මුහුදේ ගත් ඡායාරූපයක මුහුදේ පාවෙන වස්තූන් 3 ක් සටහන් වී ඇති බවයි. ඒවායේ දිග පලල පවා එම චන්ද්‍රිකාව මගින් ගනනය කර තිබුනි.

චීන චන්ද්‍රිකාවේ ඡායාරූපය


ඒ ස්ථානය කරා ගුවන් යානා සහ නාවික යාත්‍රා පිටත් වුවද අද දිනය අවසන් වන විට ඔවුන් පැවසූවේ කිසිවක් සොයාගත නොහැකි වූ බවකි. ඊයේ දිනයේ යාහූ තවත් පුවතක පල වූයේ රේඩාර් තිරයෙන් ඉවත් වුවද යානය තවත් පැය 4ක් පියාසර කර ඇති කථාවකි. ඊටත් පෙර ඔවුන්ගේ අඩවියේ පුවතක සදහන් වූයේ යානය අතුරුදහන් වන අවස්ථාව වන විට චීනයට යන ගමන නවතා නැවතත් මැලේසියාව දෙසට පැමිණෙමින් සිටි විස්තරයකි.

බැලූ බැල්මට සුරංගනා කථා මෙන් වරින් වර විවිධ පුවත් කරළියට එයි. එවන් පසුබිමක ජනතාව අතර දූෂමාන ආරංචි පැතිරී යාම වැළැක්විය නොහැක. අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් අද සවස රජයේ පාර්ශවයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බලධාරීන්ට ජල බෝතල් ප්‍රහාරයක්ද එල්ල කොට තිබේ. ඔවුන් තුලද රජයේ ක්‍රියාමාර්ග පිළිබද විශ්වාසයක් නැති බව එමගින් ගම්‍ය වෙයි.

පැය 24 කට පසුත් මගීන්ගේ ජංගම දුරබණු කම්පනය වූයේ නම් යානය මුහුදට වැටෙන කථා සිදුවිය හැකිද ? හැබෑවටම යානයට සිදු වූයේ කුමක්ද ? මගීන් සියල්ලෝ තවමත් නිරුපද්‍රිතව සිටීද ? ඉදිරි සති කීපය තුල මේ ගැටලු වලට පිළිතුරක් ලැබෙනු ඇත.

කෙසේ හෝ මේ යානය තුල සිටි 239 දෙනාම නිරුපද්‍රිතව හමුවේවායි සිරා කොලුවා පතන්නේ දෑසින් නොදුටුවද අපි සියල්ලෝම මිනිස් පවුලේ සාමාජිකයන් නිසාමය.





මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

හැකිනම් අතුරුදහන් වූ ගුවන් යානය පිළිබද යමක් ලියන ලෙස සදහන් කොට මවෙත ඊයක් විදින ලද මැලේ රාළ මහතාට මගේ නොවක් ස්තූතිය. මේ දින වල කොන්ඩෙ බදින ලද චීනෙකු සමග වගා සංග්‍රාමය නව මාවතකට ගෙන එමින් මිරිස්  ප්‍රභේදයක කරලක දිග වැඩි කල හැකි ක්‍රමවේද සොයමින් සිටිනා නිසා අලුත් යමක් ලියන්න කාලය හිග බැව්ද මවෙත සැල කලේය.

මෙම සටහනේ බහුතර ඡායාරූප Yahoo Malaysia හි පළවී තිබූ ඒවාය.

යානයේ ප්‍රධාන නියමුවා සන්නිවේදනය බිද වැටීමට ප්‍රථම සුභ රාත්‍රියක් කියූ බවක් නවතම ආරංචිය ලෙස මෙම ලිපිය පල කරන අවස්ථාවේ කරළියට පැමිණ තිබුනි.








101 comments:

  1. // පැය 24 කට පසුත් මගීන්ගේ ජංගම දුරබණු කම්පනය වූයේ නම් යානය මුහුදට වැටෙන කථා සිදුවිය හැකිද ? //

    මේ ෆෝන් රිං වුනු කතාව තේරුමක් නැති එකක් කියල දැන් කවුරුත් පිලි අරන් ඉවරයි නේද?



    ReplyDelete
    Replies
    1. /// යානයේ ප්‍රධාන නියමුවා සන්නිවේදනය බිද වැටීමට ප්‍රථම සුභ රාත්‍රියක් කියූ බවක් නවතම ආරංචිය ලෙස මෙම ලිපිය පල කරන අවස්ථාවේ කරළියට පැමිණ තිබුනි. ///

      මේකත් අඩු ගානෙ දවස් එකහමාරක් පරන ප්‍රවෘත්තියක් :)

      http://www.ibtimes.co.uk/missing-malaysia-airlines-flight-mh370-pilots-final-words-were-alright-good-night-1439891

      ඇත්තටම මීට පස්සෙ වෙන ප්ලේන් එකකට MH370 කන්ටෑක්ට් කරන්න පුලුවන් වුනත්, පැහැදිලිව තේරුම් ගන්න බැරි වුනා කියලත් 9 වෙනිදා වාර්තා උනා.

      http://www.nst.com.my/nation/general/font-color-red-missing-mh370-font-pilot-i-established-contact-with-plane-1.503464

      Delete
    2. මගේ උපකල්පනය වැරදි කරමින් ඔබ බොහෝ දෙනෙක්ගේ පැතුම හරි ගිහින් වගේ .... දැන් ටිකකට කලින් මැලේසියාව ඔපිසියලි පිලි අරගෙන තියෙනවා ප්ලේන් එක හයිජක් කරලා කියලා වැඩි විස්තර පහල ලින්කුවලින්
      http://my.news.yahoo.com/malaysian-official-says-missing-plane-hijacked-051507084.html

      Delete
    3. හයිජැක් කළානම් ආච්චිට හාල් ගරනවද බන් සතියක් තිස්සේ, ඕන කරන කෙහෙම්මලක් ඉල්ලන්නැතුව. අනිත් එක සතියක් තිස්සේ 239ක් නඩත්තු කරන්නේ කොහොමද උන් ? මමනම් පිළිගන්නෑ හයිජැක් තියරියනම්. හයිජැක් කළානම් ඒ මේ ලොකේ කවුරුහරිනම් නෙමේ..

      Delete
    4. මෙදා පොටේ සෙල්ලම් වෙන්නෙ නෑ...මෙන්න NASA එකත් ප්ලේන් එක හොයන ගේමට බැස්සලු.
      https://my.news.yahoo.com/nasa-joins-hunt-missing-malaysian-jet-124404665.html

      Delete
    5. ඇමරිකන් කාරයෝ නම් සම්බන්ධ වෙන්නේ නැති තරමට හොඳයි..... නැත්තම් ඇත්තම ඇත්ත දැනගන්න වෙන්නේ අද නෙමෙයි, තවත් අවුරුදු 10 විතර පස්සේ..... එතකොට ඇමරිකන් කාරයන්ගේ ලණුව අපි හැමෝම කාලා ඉවරයි.

      Delete
    6. සෙන්නා මුල ඉඳන්ම මමත් හිටියේ ඔයාගේ මතයේ තමයි එත් දැන් කියාන්නේ මේ රේඩාර් හා අනෙකුත් සිග්නල් ගුවන් යානයෙන් යැවීම නවතා තිබෙන්නේ ඕනෑකමින්ම කියලා සහතික කරලා තියෙනවා ..... එතනයි පස්නේ

      Delete
    7. යානයේ ගුවන් නියමුවන් දෙදෙනා මේ ගුවන් යානය පැහැරගන්න හවුල් වූ බවට නිළ නොවන වශයෙන් මැලේසියානු රජයත් මේ වෙද්දි පිළිඅරන් ඉන්න තත්වයක් තියෙන්නෙ. ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගෙන් මේ වෙද්දි පොලීසිය දීර්ඝව ප්‍රශ්න කරගෙන යනවා. ඊට අමතරව අලුත්ම ආරංචියකට තියෙන්නෙ ගුවන් යානා මගියෙක් වගේ වෙස් වලාගෙන හිටිය ගුවන් යානා ඉංජිනේරුවෙක් මේ සියලුම කාර්යයන් පිටුපස ඉන්නට ඇති කියලා සැකයක් පැණ නැගීම..අඩි 1500 පමණ පහතින් රේඩාර් තිරයෙන් අතුරු දහන් වූවාටත් පසුව යානය තවත් පැය 4ක් ගමන් කොට තිබෙන බව තමයි දැන් කියන්නෙ. මේ කමෙන්ටුව කොටන අවස්ථාව වන විට යානය ගොඩබස්සන්නට ඇතැයි කියලා රටවල් 11 ක් ගැන සැක කරනවා...ඒ වගේම යානය හොයන මෙහෙයුම් වලට රටවල් 25 එකතු වෙලා තිබුනා.

      Delete
  2. සිරාම ලිපිය සිරෝ.. මේ පිළිබඳව පළවුන සවිස්තරාත්මක ලිපිය මේකයි. මගෙත් පැතුම යානය කෙසේ හෝ නැවත නිරුපද්‍රිතව හමුවේවා යන්නයි. ඒත් මට ලොකු සැකයක් තියනවා ඕක මුහුදට නෙමේ කොහේ හෝ ගොඩ බිමකට කඩන් වැටිලා ඇති කියලා.

    ඔය කවුරු මොනා කීවත් බෝයින් යානා ගැන මගේනම් වැඩි විශ්වාසයක් නෑ. හුඟක්ම අනතුරු වලට ලක්වෙලා තියෙන්නේ බෝයින් යානා නේද ?

    ReplyDelete
    Replies
    1. //හුඟක්ම අනතුරු වලට ලක්වෙලා තියෙන්නේ බෝයින් යානා නේද ?//

      ඒ ගමන සෙන්නා උඹත් අධිරාජ්‍ය විරෝධී වෙලාද?

      Delete
    2. කට කට.. ඕවා, මේවයේ අයිතිකාරයො දැනගත්තොත් විනාශයි...

      Delete
    3. ස්තූතියි සෙන්නා. යානය නිරුපද්‍රිත බවයි දැන් දැන් පේන්නෙ...නමුත් තියෙන්නෙ කොහේද කියලා මැලේසියානු රජය රටවල් 11 ක් ගැන සැක කරනවා...තවත් සති කීපයකින් ඇත්තම තත්වය දැනගන්න හැකි වේවි. මේ යානය පැහැරගැනීම අතිශය රහසිගත ලෙස කරපු සැලසුමක්. මේ වැඩේ නිසා මැලේසියානු රජය මෙරට මුදලින් ලක්ෂ ගානක් වැය කරලා තියෙනවා. ගුවන් යානා සමාගමේ මූල්‍ය තත්වයත් අයහපත් වෙලා. කොටස් මිළ බිද වැටිලා. මිනිස්සු ඒ යානා වල යන්න කැමති නෑ. මේ වගේ ගැටළු ගොඩයි.

      Delete
    4. වාණිජ ගුවන් යානයක් විදියට බෝයිං යානා ඉතාම සුරක්ෂිත යානා විශේෂයක් කියලයි පිළිගන්නෙ. ඒ ගැන එක් අඩවියක තිබුනෙ මෙන්න මෙහෙම // The Boeing 777 has one of the best safety records of any commercial aircraft in service. Its only previous fatal crash came on July 6 last year when Asiana Airlines flight 214 struck a seawall with its undercarriage on landing in San Francisco. Three people died in the incident. - March 15, 2014.

      Delete
  3. යානය තව පැය කීපයක් පියාසර කල බවට තිබ්බ ආරංචිය දැන් ආයෙත් ඉස්මතු වෙලා. මේක කලින් ප්‍රතික්ෂේප වුණා. මැලේසියාව මේ වෙනකොට ඔවුන්ම කියපු දේවල් ඔවුන්ම පසුව ප්‍රතික්ෂේප කරන තත්වයක් තියනවා. කියවන්න ලැබුණු දේවල් අනුව මට නම් හිතෙන්නේ, මේ ගැන මීට වඩා යමක් මැලේසියාව දන්න බව තමයි.

    How a math equation could solve the Malaysia Airline mystery

    Officials: Malaysian plane may have flown long after last contact

    ReplyDelete
    Replies
    1. දැන් ඔප්පු වෙලා තියෙනවා යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වෙලා තවත් පැය 4 ක් පියාසර කල බව. බෝයිං යානයේ රෝල්ස් රොයිස් ඇන්ජින් වලින් පිටවෙච්ච සංඥා චන්ද්‍රිකාවක් මගින් ග්‍රහණය කරගෙන තමයි ඒ බව කියා තිබුනේ.

      Delete
  4. පත්තරේවත් මෙච්චර විස්තරයක් තිබුනේ නෑ බං . කොහේ හරි කමක් නෑ අර කිව්වා වගේ මිනිස්සු ටික බේරිලා

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න මහන්සි වෙන්න උනා මෙයා..ගොඩාක් දේ කියෙව්වා ජාලයට වෙලා මේක ලියන්න කලින්..

      Delete
  5. මම අහන්න හිටියේ, මෙහේ වගේ, ඉන්ද්‍රජාලිකයෝ මොනවගේ ගේම්ද දෙන්නේ කියලා.. ඉතින් අර පොල් ගුරා මොකෑ කිව්වේ.. අනිත් සියල්ල මෙහේ නිව්ස් වලත් යනවානේ..

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ යානය කුඩේ කුඩු.. 9/11 වෙලාවේ කඩාගෙන වැටෙන ප්ලේන් වල උන්නු අයත් මෝබයිල් ෆෝන් වලින් පනිවිඩ එව්වා.. මේක අනතුරට පත් උනයි කියන වෙලාවෙන් පස්සේ, කිසිම මගියෙකුගෙන් කිසිම කොමියුනිකේෂන් එකක් නෑ.. ඒ නිසා සියළු දෙනාම මිය යන්න තියෙන ඉඩ වැඩියි..

      Delete
    2. දැන් ඔප්පු වෙලා තියෙනවා...යානය අනතුරට පත් වෙලා නෑ කියලා...මගීන්ට මොකද වුනේ..යානය කුමන ගුවන් තොටුපලකටද ගොඩ බෑවෙ...මේ කාරණා ඉදිරියේදී දැන ගන්න ලැබේවි.

      Delete
  6. ඔය අප්‍රිකාව පැත්තෙ අනාගතේ කියන එක්කෙනෙකුත් මේ වගේ දෙයක් සිදු වෙයි කියලා ඒ අය වෙනුවෙන් යාඥා කරන එකක වීඩියෝ එකකුත් දැක්කා කියල මතකයි...
    මටත් හිතෙන්නෙ මැලේසියාව මොනව හරි දෙයක් හංගනව කියලයි...
    ස්තුතියි සිරා මේ විස්තරේට...
    දැන් මෙහෙම ඒවත් කියනවනෙ...

    Malaysia plane may have had transponder shut down deliberately
    http://au.news.yahoo.com/thewest/world/a/21970784/malaysia-rejects-jet-debris-images-and-4-hour-flight-report/

    Satellites picked up ‘pings’ from missing plane, says source
    http://au.news.yahoo.com/thewest/world/a/21976150/satellites-picked-pings-missing-plane-says-sourc/

    ReplyDelete
    Replies
    1. මැලේසියානු රජය මුල ඉදලම ඉතාම සංයමයෙන් තමයි මේ සිද්ධිය පිළිබද කරුණු මාධ්‍ය හමුවට ගෙනාවෙ..නමුත් ජනතාවගේ පැත්තෙන් එල්ලවෙච්ච පීඩනය නිසාම තව දුරටත් ඒ පියවරේ ඉන්න ඒ අයට බැරි උනා. යානය පැහැරගැනීමකට ලක් වූ බව මෙහෙ රජය නිළ වශයෙන් පිළිගත්තා.

      Delete
  7. ඔය පොල්ගෙඩි කාරයෝ නැති තැනක් නෑ නොවැ... මංජුල පීරිසිය හරි ආධ්‍යාත්ම වේදී පොර හරි එව්වනම් මෙලහකට සොයාගෙන .....මොනවුනත්හමෝම මිනිස්සු නිසා අපි පතමු මේ සියලු දෙනා නිරුපද්‍රිතව සිටීවා කියලා . නමුත් පැතිර යන කතා බොහොමයක් ව්‍යාජ ඒවා බවනම් පැහිදිලියි

    ReplyDelete
    Replies
    1. හොදට බලහං මචෝ...ඔය ආධ්‍යාත්මවේදියො කියන උන් උත්තරයක් දෙන්නෙ දෙපැත්තටම බැලන්ස් වෙන්න. පස්සෙ කාලෙක සිදුවීම කොයි පැත්තට පෙරලුනත් දුන්න උත්තරේ බොරු නොවෙන්න.

      Delete
  8. බොහොම හොඳයි සිරා. ඉහලින්ම අගය කරනවා මේ ලිපිය. සියලුම පාර්ශ්වයන්ගේ තොරතුරු නියෝජනය වන ලෙස ලියා තිබෙනවා.

    මමත් මේ ගැන නිතර චන්ද්‍රිකා රූපවාහිනී ප්‍රවෘත්ති සහ අන්තර්ජාලය මගින් කරුණු හොයාබලනවා. නමුත් තත්වය එන්න එන්නම අවුල්වීමක් තියෙන්නේ.

    මෙච්චර දෙයක් හොයාගන්න බැරි 21 වැනි සියවසේ තාක්ෂණය මොකටද? කවුරුහරි, මොනවාහරි, හංගනවද? එහෙනම් ඒ ඇයි? මේක යට තියෙන්නේ නවීනතම යුද්ධායුධ අත්හදා බැලීමක්ද? ඔන්න ඔයවගේ ප්‍රශ්න ගොඩක් මගේ ඔලුවෙත් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඉතාම මහන්සි වෙලා ලියපු ලිපියක් විචාරක තුමා..ඉතාමත් කාර්ය බහුල වටපිටාවක නින්දෙන් බොහෝ කොටසක් කැප කරලා තමයි මේ වැඩේ කරන්න උනේ. මැලේසියානු රජය මුලින් මුලින් ඇත්ත තත්වය වසන් කලා. නමුත් දැන් නම් යම් තරමකට විවෘතයි.

      Delete
  9. මේ වෙනකං කියවපු සවිස්තරාත්මකම ලිපිය තමා ඔබ ලියල තියෙන මේ ලිපිය... මං හිතන්නෙ ඔබ මලයාසියාවෙ ජීවත්වන නිසා වියයුතුයි...
    කෝම උනත් නිරුපද්‍රිතව යානය නැවත හමුවේ නම් මං හිතන්නෙ 2014 වසරෙ සිදුවන ලොකුම ආශ්චර්ය එය වන බවයි... අපි සැවොගේම පැතුමත් එයයි

    ReplyDelete
    Replies
    1. මැලේසියාවේ ජීවත් වෙන නිසා මේ ජනසමාජය ඇතුලෙන් බොහෝ තොරතුරු අපට දැනගත හැකියි. ඒ වාසියත් අරගෙන ලංකාවෙ ඉදන් මේ සිදුවීම ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන් තමයි මේ ලිපිය ලිව්වෙ. යානය නිරුපද්‍රිතයි. පැහැරගැනීමකට ලක් වූ බව රජයත් පිළිගත්තා.

      Delete
  10. සිරෝ සිරාම ලිපියක්... පට්ට පට පට...

    ReplyDelete
  11. සිරෝ මම මේක ඔයා දානකම් බලන් හිටියේ .......
    මොනවා උනත් සියලු ජන වර්ග වලට අයත් මැලේසියානුවන් ගේ අදහස් සම්පිඩනය කරාට පස්සේ මංතුමාගේ අදහසනම් මෙන්න මේකයි.........
    ඇත්තටම මේ ගුවන් යානයට සිදුවුණා දේ සම්බන්දයෙන් මැලේසියානු රජය මෙලෝ හසරක් දන්නෙත් නෑ ... එකට වගකිවයුතුත් නෑ ..... ඒවගේම තමයි මේ වගේ හදිස්සියේ ඇතිවන ජාතික ප්‍රශ්නයකදී එකට මුහුණ දෙන්නේ කොමද කියලා මෙයාලගේ කිසිම ලැහැස්තියක් නොමැතිවීම. (මම හිතන්නේ අත්දැකීම් නැතිකම වෙන්න ඕනා )
    එක නිසා මාධ්‍ය වෙත අගමැති කාර්යාලයේ කීප දෙනෙක් පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක , mas ගුවන් සමාගමේ විධායකයින් කීප පොලක්, ගුවන් තොටුපල ප්‍රධාන නිලධාරින්, ආගමන හා විගමන නිලධාරින් කීප පොලක්, හමුදා හා ගුවන් හමුදා ප්‍රධානින් යනාදී වශයෙන් විශාල ප්‍රමාණයක් නිල හා නොනිල වශයෙන් අදහස් ප්‍රකාශ කරනවා..... ඔතනදි සමහර අදහස් පරස්පරයි..... ඉතින් මාධ්‍යවේදීන් ගේම ගෙනියනවා
    කොහොම කරත් 95%ක් සම්භාවිතාවක් තියෙන්නේ මේක මුහුදට වැටිලා කියන එක තමයි.... ප්‍රශ්නය ඔය කියන තරම් ඉක්මනටම එක තහවුරු කරගන්න තියෙන අපහසුව ..... ඒ හැරෙන්න වෙනත් දෙයක් උනානම් මම හිතන්නේ මේ කාලය ඇති එවැනි දෙයක සාක්ෂියක් මතුකර ගන්න....

    යකෝ මේ සිරා දැන් මගේ සික්රට් ප්‍රොජෙක්ට් ගැනත් විස්තර හොයා ගන්නවනේ

    ReplyDelete
    Replies
    1. සිකරට් ගැනනම් අපි දන්නෑ. සිරා කියලා තියෙන්නේ බොලා මිරිස් කරලෙ0 දිග වැඩි කරගන්න හදනවා කියලා, චීනෙක් එක්ක එකතු වෙලා. බලාගෙන හොඳේ..... :D

      Delete
    2. අමාරුවෙන් හරි කරල දික් කර ගන්න ක්‍රමයක් හොයා ගත්තොත් කාටද ආඩම්බර

      Delete
    3. මැලේ උඹ අහු වෙන්න එපා ලංකාවට ආව වෙලාවකදිනං.. අර ආනන්දයට දුන්නට වඩා සාත්තුවක් බොට දෙනවා ඕං.. යකෝ මෙහෙම පිස්සු කෙලින රටකටද තෝ අපිට එන්ටය කියලා ලියුං කරදහි ලිව්වේ.. මැලේසියාව නෙවෙයි ඔය අහලකින්වත් යන්ට නාකයි... හුහ්...

      Delete
    4. පිස්සු කෙලින රටක්? ඉතිං මෙහෙයි කියල අනේ වැඩි වෙනසක් තියෙනවයැ මාරයයියෙ.....

      Delete
    5. @ DDT, පිස්සුනං කෙලින්න එපා, අර //මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු// කියන සිංදුව විකාශනය කරන එකත් නැවැත්තුවෙ මෙහේ මිනිස්සු පිස්සු කෙලින එක නැවැත්තුව හින්ද ඒ මිනිස්සුන්ට අපහාසයක් වෙනවයි කියලනෙ.

      Delete
    6. ඒකෙන්ම තේරෙනවනේ ප්‍රසන්න අයියා කෙළින පිස්සුවෙ තරම. හරි නම් ඒක ජාතික ගීය කරගන්න වටිනවා.


      සිංදුවේ තමයි අවුල තිබුනෙ, ඒක නැවැත්තුවම ඔක්කොම හරි. මොකෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ අෆ්ෆා. අඩුතරමෙ එතුමට ප්‍රසිද්ධියෙ ඔහොම කතාවක් නොකියා හිටිය නම් වඩා හොඳ බව කියල දෙන්න එකෙක් හිටියෙ නෑනේ අර හැටහුටාමාරක් ඉන්න උපදේශකයො රොත්ත අතරෙ.

      Delete
    7. අනේ මෙහෙ මිනිස්සු අහිංසකයි බන්.... ඔය කරන තරමක් නසරානි වැඩ මෙහෙ කරන්නේ මේ රටට (චීනය ඇතුළු) පිටරටවලින් ඇවිත් ඉන්න එවුන්
      මේ ප්ලේන් එකටත් ඕකම තමයි මැලේසියන් එවුන් කොරපු දෙයක් නෑ .... පස්නේ තියෙන්නේ දැන් මෙයාල කරන දෙයකුත් නෑ ඔය එක එකාලා බොරු අනේ කියන්නේ අපි මේක පනයනකම් හොයනවා ගගා ඉන්නවා

      Delete
    8. ඇත්තටම අපේ රටේ දේශපාලුවෝ තරම් මෙහේ අය නරක නෑ...ඒ අයත් සම්තින් එකක් හොයාගන්නෙ රටටත් සෑහෙන වැඩක් කරලා. මේ ගැටලුවෙදි උනේ තනි තනි පුද්ගලයා වශයෙන් මාධ්‍ය හමුවේ තම තමන්ට හිතෙන දේ කියන්න ගිය එක. සියල්ලෝම එක පිලක ඉදගෙන එකම අදහසක් කිව්වා නම් එහෙම වෙන්නෙ නෑ. ගුවන් යානයේ අතුරුදන් වීමට රජය කිසිලෙසකත් සම්බන්ධ නෑ. නමුත් මේ සිදුවීම නිසා මැලේසියානු රජය සෑහෙන්න අසරණ උනා. මේ යානයේ හිටපු අයගෙ පවුල් වල සාමාජිකයන් මේ වෙද්දිත් තරු පන්තියේ හෝටල් වල නවතාගෙන කන්න බොන්න දීලා තියාගෙන ඉන්නෙ රජයේ වියදමෙන්.

      අපිට හොරෙන් ඉතින් සීක්‍රට් ප්‍රොජෙක්ට් කරන්න හිතන්න එපා රාළෙ. චන්ද්‍රිකා පණිවිඩ වලින් ඒ නිව්ස් එක සුටුස් ගාලා එනවා..

      Delete
  12. ඇත්තටම මේ අවස්ථාවෙ වත් මුළු ලෝකෙම එකම අරමුණක් වෙනුවෙන්, එකම මෙහෙයුමක් දියත් කිරීමට සියළු රටවල් එකට එකතු වෙනවා නම් කොච්චර දෙයක්ද? ඒත් ඒවා හීන විතරයි.

    මේ හැම රටක්ම මෙහෙයුමට එක් වන්නෙ එකිනෙකා ගැන අවිස්වාශෙන්. ඒකට මූලික වගකිවයුත්තා මැලේසියාවයි. ඔහුන් තොරතුරු ලබා දීමේ කිසි පැහැදිලි බවක් නෑ.

    කෙසේ වුවත් මේ සියළු දෙනාම නිරුපද්‍රිතව නැවත හමු වේවා කියා පතමු..

    ReplyDelete
    Replies
    1. මේ වෙද්දි මේ මෙහෙයුමට රටවල් 25 දායක වෙලා ඉන්නවා. තම තමන්ගේ සම්පත් යොදවලා. ඒ අර්ථයෙන් බැලුවාම ගුවන් යානයක් හොයන්න ඉතිහාසයේ කවදාවත් මෙතරම් ජාතීන් සංඛ්‍යාවක් එකතු වෙලා නැතුව ඇති. තවමත් නිශ්චිත තොරතුරක් නැති එක තමයි ගැටලුව.

      Delete
  13. අද නිව්ස් වලට දැක්ක ඉන්දියන් සාගරයේ සොයනවා කියල. ලංකාවටත් උදව්වක් කරන්න පුළුවන් වෙයි. මගෙත් පැතුම නම් මේක හයි ජැක් කිරීමක් වත් වෙලා මිනිස්සු බේරෙනවා නම් කියලයි.

    ReplyDelete
    Replies
    1. යානයේ එන්ජින් වලින් නිකුත් වෙච්ච සංඤා චන්ද්‍රිකාවක් මගින් ග්‍රහණය කරගත්තට පස්සෙ කරළියට ආවෙ රේඩාර් තිරයෙන් අතුරුදන් වූවට පස්සෙ යානය තවත් පැය 4 ක් ගමන් කර තියෙනවා කියන කාරණය. ඒ ඔස්සේ පරීක්ෂණ කරලා ඇමරිකාව මැලේසියානු රජයට කිව්වා යානය අන්දමන් දූපත් පැත්තට ගිහිල්ලා තියෙන්නෙ කියලා..ඒ නිසයි ඉන්දියාවත් මේ කාරණේට දායක වුනේ.

      Delete
  14. අනතුරු අඩුම යානා වර්ගය කියල මං අහල තියෙන්නේ. වැඩිම ගුවන් වාර තියෙන්නෙත් මේකට.
    මෙච්චට දියුණු තාකෂණයක් සහිත කාලෙක, ඇයි තාමත් මේක හොයාගෙන නැත්තේ කියන එක තමා පුදුමේ.

    ReplyDelete
    Replies
    1. අනතුරු අඩු ගුවන් යානා විශේෂයක් කියන කාරණය නිවැරදයි. මෙහි එන්ජින් දෙක එකම වතාවක නැවතෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අඩු කරලලු නිපදවා තියෙන්නෙ.

      The Boeing 777 has one of the best safety records of any commercial aircraft in service. Its only previous fatal crash came on July 6 last year when Asiana Airlines flight 214 struck a seawall with its undercarriage on landing in San Francisco. Three people died in the incident. - March 15, 2014.

      Delete
  15. වාර්තාකරනය ගවේශනාත්මක උනාට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ දැඩි නොහැකියාවක් ගුවන් යානා සතු බව පැහැදිලි වූ තවත් අවස්ථාවක්.. කොයි තරං දියුණූ උනත් තවමත් ගුවන් යානා කෙරෙහි ඇති සංනිනිවේදන පහසුකම් ගැන වන දියුණුව අඩුයි වගේ.. සාර්ථක ලිපියක් සිරා.. ඔය ඔක්කෝම විස්තර ඇහුවා අර පොල්ගෙඩි දෙකේ සීන් එක ඇර.

    ReplyDelete
    Replies
    1. //තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ දැඩි නොහැකියාවක් ගුවන් යානා සතු බව// ගුවන් යානයට මොළයක් නෑනෙ සුදෝ...මේ සියල්ලම මිනිසා හදපු යන්ත්‍ර සූත්‍ර. මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නෙ මිනිස් හස්තයෙන්...ඒ මිනිසා වංචා කරනවා නම් මක්ක කොරන්නද ගුවන් යානය. පොල්ගෙඩි දෙකේ සීන් එක ඊට පස්සෙත් නැගලම ගියා..මිනිහට සමච්චල් කරපු දේශපාලුවෙක්ට කියලා තිබුනා මන්තර බලයෙන් මොකෙක්ද සතෙක් බවට පත් කරනවා කියලා.

      Delete
  16. මේ ටිකේ දැකපු සියළුම තොරතුරුවල එකතුවක් වගේ... බොහෝම ස්තූතියි සිරා මල්ලි...

    ReplyDelete
    Replies
    1. මාරෙ අයියා කාලෙකට පස්සෙ කාමරේට ඔලුව දැමීම ගැන ස්තූතියි...අදහසටත් බොහොම ස්තූතියි...සෑහෙන්න මහන්සි වෙලා ලියන්න යෙදුන ලිපියක් මේක.

      Delete
  17. හිතා ගන්න බෑ වෙච්ච් දේ ගැන.. අපිත් අලුත්ම තොරතුරු හොයමිනුයි ඉන්නෙ.. කාටවත් කරදරයක් නොවී බේරෙන්න පුළුවන් වේවා කියලයි ප්‍රාර්ථනා කරන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව කොටන ගමන් මම කියවපු අලුත්ම තත්වය අනුව නියමුවන් දෙදෙනා යානයේ සියලුම සන්නිවේදන මාර්ග තමන් විසින්ම අඩපණ කරලා තවත් පැය 5 කට ආසන්න කාලයක් පියාසර කර තිබෙන බව තමයි කියන්නෙ. http://my.news.yahoo.com/mas-aircraft-goes-missing--says-airline-023820132.html

      Delete
  18. හොඳ සවිස්තරාත්මක ලිපියක් සිරෝ,ඇමෙරිකානු ත්‍රස්ත මර්දන ඒකකයේ අලුත්ම වාර්තාව අනුව මේ යානය පැහැරගැනීමකට ලක්වී ඇත.වැඩි විස්තර ලැබෙමින් පවතී.

    ReplyDelete
    Replies
    1. අෑ... හැලපෙ CIA එකේද වැඩකරන්නෙ. :D

      Delete
    2. මේක අදාල ගුවන් සමාගමෙන්ම පැහැරගෙන ඇති බවටලු අලුත්ම වාර්තා වලින් කියවෙන්නේ.. පහුගිය කාලේ ඒ ගුවන් සමාගමේ කට්ටියක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙලා තියනවාලු.. :D

      Delete
    3. ///පහුගිය කාලේ ඒ ගුවන් සමාගමේ කට්ටියක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙලා තියනවාලු../// සෙන්නා මේ කියන්න විහිලුවටද ඇත්තටද? පහුගිය සතියක මැලෙසියාවෙන් ආවා නම් තමා ඒ රටේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් කරන්න අපේ රටේ...

      Delete
    4. හපොයි !!! මම ඉල්ලා අස්වෙනවා... :D

      Delete
    5. Mattala ta awa wadda

      Delete
    6. පැහැරගත් බව මේ අවස්ථාව වෙද්දි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා..යානයේ නියමුවන් දෙදෙනාගේ සහයෝගය නැතුව මේ කාරිය කොරන්න කිසිසේත් බෑ. මුදලට ගිජුවෙලා තමන්ගෙ රැකියාවෙ ගෞරවය කෙළෙසුවා කියලයි දැන් ආරංචි වෙන්නෙ.

      Delete
  19. මිනිසුන් ඔතරම් ප්‍රමාණයක් ලෝකෙටම රහසින් මෙතරම් දවස් ජීවත්ව සිටිනවය කියන එක විශ්වාස කරන්න ටිකක් අමාරු උනත් අපිත් ප්‍රාර්ථනා කරමු ඔවුන්ගෙ ජීවිතවලට අනතුරක් නොවී තිබෙන්න කියල.

    කොහොම උනත් මේ වගේ සිදුවීමක් උනාම පේනව දියුණුයි කියන අද ලෝකෙ කොයිතරම් බංකොලොත්ද කියල. දියුණු තාක්‍ෂණික උපක්‍රම, ආරක්‍ෂක උපක්‍රම කොපමණ භාවිත කළත් ගුවන් ගමන් සම්බන්ධයෙන් තවත් අඩුලුහුඬුකම් කොතෙකුත් තිබෙන බව තහවුරු කරපු බලධාරීන්ට නැවතත් අළුතින් සිතන්නට මඟපෑදූ සිදුවීමක් මට හිතෙන හැටියට.

    ReplyDelete
    Replies
    1. මොන තරම් ආරක්ෂිත උපක්‍රම තිබුනත් ඒවා ක්‍රියාත්මක කරන්නෙ තවත් මිනිසෙක් විසින්. ඒ මිනිසාට අවශ්‍ය නම් ඒවායේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන්න පුුලුවන්. අන්න ඒ තියරිය තමයි මෙතැනදි භාවිතා වෙලා තියෙන්නෙ. යාහූ අලුතින්ම වාර්තා කරලා තියෙන්නෙ යානයේ සියලුම සන්නිවේදන මාර්ග නියමුවන් විසින්ම අඩපණ කර ඇති බවක්.
      http://my.news.yahoo.com/mas-aircraft-goes-missing--says-airline-023820132.html

      Delete
  20. හොඳ විස්තරයක් තියෙන නියම ලිපියක් සිරා මල්ලි.
    ඇත්තටම මේ පොළොවෙ කොහේ හරි තියෙන මීටර් ගානක් විශාල ‍ප්ලේන් එකක් හොයාගන්න බැරි මිනිස්සු ඔය අඟහරුවල, වෙන විශ්ව වල දේවල් හොයාගන්නෙ කොහොමද කියන එක ගැනත් සැකයක් ඇතිවෙනව.
    කොහොම උනත් සැමගෙම පැතුම ප්ලේන් එකේ ගිය මිනිස්සුන්ට කරදරයක් නොවේවා කියන එකනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තාක්ෂණයේ දියුණුව උපරිම තලයට ආවත් ඒවායේ අඩුලුහුඩුකම් නැතුවා නොවෙයි. වසර 30 ක අත්දැකීම් ඇති ගුවන් නියමුවෙක් මේ කියන තැන් හොදින් දැන සිටින බව නියතයි. අන්න එහෙම තැනකින් රිංගලා ගහපු ගේමක් කියලයි මැලේසියාවෙ මිනිස්සු මේ මොහොතෙ මේ ගැන කියන්නෙ.

      Delete
  21. මේ මොහොතේ මේ ලිපියේ වටිනාකම ඉතාමත් ඉහලයි . හැමෝම තොරතුරක් බලා සිටින මොහොතක් .
    …හිතට සැනසුමක් ගෙනෙන පුවතක් ලැබෙයි කියා පතමු .

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම තමයි මගේ නින්දෙන් ලොකු කොටසක් කැප කරලා දින කිපයක ව්‍යායාමක් විදියට මේ ලිපිය ලිව්වෙ. මගේ බ්ලොග් ඉතිහාසයේ ඉතාම මහන්සි වෙලා ලියපු ලිපියක් මේක.

      Delete
  22. අර කිව්වත් වගේ මේ සිදුවිම් එකකට එකක් පරස්පරයි. මැලෙසියන් කාරයෝ මොකට මේ වගේ දෙයක් කරයිද කියලා හිතන්නත් අමාරුයි. දැනටමත් මේක පාඩු ලබමින් තියෙන ගුවන් සේවයක් කියලයි මම දන්නේ.... මේ වෙද්දි 20%කින් ඒක ඉහල ගිහිල්ලු.

    මගේ හිතේ තියෙන සරළම පැහැදිලි කර ගැනීම මේකයි. ඔය ප්ලේන් එක සම්පුර්ණයෙන් හරි කෑලි කැඩිලා හරි මේ පෘතුවියේ කොහේ හරි තියෙනවා. ඒත් ඒක අපට පේන්නේ නෑ. ඒකයි ප්‍රශ්ණය. ලෝකේ තාක්ෂණය අතින් කොච්චර දියුණුයි කිව්වත් මේ වගේ දෙයක් හොයාගන්න බැහැ කිව්වම ඒ ගැන හිතාගන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. යානයේ ගුවන් නියමුවන්ගේ සහයෝගය ඇතුව කල පැහැරගැනීමක් කියන කාරණය විතරයි දැන් කරළියේ තියෙන්නෙ. මැලේසියානු රජයත් නිළ වශයෙන් ඒ කාරණය පිළිඅරන් තියෙනවා. නියමුවන්ගේ ජාතකේ ගැන මේ දවස්වල හොයාගෙන යනවා.

      Delete
  23. පොල් කතාව ඇර අනිත් එවා නම් කලින් ඇහුවා උනත් මේ විදිහට පැහැදිලිව දැක්විම ගැන සිරා කොලුවට ස්තුතිය. කොහොම හරි මිනිස්සු ටික ජිවත් වෙනවා දකින එක තමා හැමොගෙම පැතුම

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ජීවත් වෙනවා ඇති. ඒ කොහෙද කොතැනද කියලයි තවම හිතාගන්න බැරි. දවසකට ඒ වේලක් කන්න දුන්නත් මිනිස්සු මැරෙන්නෙ නෑ නොවැ.

      Delete
  24. හොඳ විස්තරයක් සිරා. දැන් තියන තාක්ෂණයත් එක්ක බලද්දි ඔහොම දෙයක් හොයා ගන්න තවමත් බැරි වුනා කියන්නෙ නම් සැක උපදින කාරණාවක්. කොහොම වුනත්, මිනිස්සුන්ගෙ ජීවිත ගැන සුබදායි තොරතුරක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙමු....

    ReplyDelete
    Replies
    1. මේ අතුරුදන් වීමට නියමුවන්ගේ සහයෝගයත් ලැබිලා තියෙන නිසයි සොයාගන්න මෙතරම් අපහසු. තාක්ෂණයේ අඩුපාඩු සහිත සිදුරකින් තමයි මේ අය රිංගලා තියෙන්නෙ.

      Delete
  25. අපේ රටේ හොද ගුරුකම් දන්න කෙනෙක්ට කිව්වොත් නම් ඉක්මනට ආරංචියක් ගන්ට පුළුවන් වෙයි නේද?
    මගේ පැතුමත් ජිවිත හානියක් නොවේවා කියල තමයි...

    ReplyDelete
    Replies
    1. ගුරුකම් දන්න පොරක් ඔය කට ඇරලා තියෙන්නෙ.
      http://www.gossiplankanews.com/2014/03/malaysian-air-mystary-reveals-by.html

      Delete
  26. ඔය කෙස් එක මුල ඉදලම හෙන මාන්ජමිකයි නේද.මමත් ඔය මිනිස්සුටික කරදරයක් නැතිව නැවත් දකින්න ලැබෙන්න පතනව.
    මෙ එක නෙමෙයි බැරිද මටත් එනකොට ෆොන් එකක් ගේන්න ඔහෙන්.කියක් ගියත් කමක් නැ

    ReplyDelete
    Replies
    1. මුලින් මුලින් විවිධ කාරණා කරළියට ආවා..මොකද නිලධාරීන් තනි තනිව පිළිතුරු දුන්නෙ තම තමන්ට හිතුන හිතුන දේ. පස්සෙ තමයි එක කණ්ඩායම් විදියට ගැටලු වලට උත්තර දුන්නෙ. එනකොට ගේන්න නම් බැරිවෙයි. මොකද එනකොට ගේන්න එහෙම ඕඩර් කීපයක්ම තියෙනවා..දුරකථන සීමා සහිත ප්‍රමාණයක් රැගෙන එන්න අවසර තියෙන්නෙ. මුදල් එව්වොත් ලංකාවට එන එකෙක් අතේ එවන්නම්.

      Delete
    2. මටඔන අර ප්ලෙන් එකෙ ගිය අය ගාව තිබුන ජාතියෙ එකක්.

      Delete
  27. පැහැදිලි විස්තර වලට බොහොම ස්තුතියි සිරා..

    ReplyDelete
  28. මෙතනදි සැටලයිට් ඉන්පොමේසන් සිස්ටම් එකක් මේ යානාවට තියෙනවාය. ඒ ක්‍රමවේදය මේ යානා ඇනවුම ්කරද්දි ඉල්ලලා නැති නිසා දීල නැහැ කියලා ඇමරිකානු බෝයිං සමාගම කියලා තියෙනවා.
    ඒ වගමයි ඇන්ජිමෙන් එන සිග්නල් එකක් එනවා කියනවා නේද? එහෙම එකක් ආවට ඒකෙ නිවැරදිතාවය ගැන හරියටම කියන්න ැහකියාවක් නැතිව ඇති.
    ඇමරිකාව ගොඩක් වෙලාවට මේ වගේ දේකදි වැරැද්ද සම්පූර්ණ මැලේසියාවට දාන්න හදනවා ඇති මොකද යානාවෙ දුබල තාවයක් වුනොත් ඒක බෝයිං කම්පැනියට හොද නැති නිසා..

    ඒ රටේ අපේ වගේ පොදු මාධ්‍ය ප්‍රකාශකවරු නැති නිසා කේස් එක්ක වෙන්න ඇති. හැබැයි මේ වගේ ආපදාවකදි ඔයිට වඩා ප්‍රබල සංවිධාන ශක්තියක් තියෙන්න ඕනි. මොන අවුල තිබුනත් ඔය වගේ ලොකු ඩැමේජ් වලදි අපේ රට නම් සංවිධාන ශක්තියෙන් ඔයිට වඩා ඉදිරියෙන් ඉන්නවා.. ඒ වගේම වගකීමක් රහිත ප්‍රකාශ කිරීම් ආදියත් මෙහෙ අඩුයි.

    ReplyDelete
    Replies
    1. එන්ජිමෙන් නිකුත් වෙච්ච සංඥා වලින් තමයි මුලින්ම කිව්වෙ මේ යානය රේඩාර් තිරයෙන් අතුරුදන් උනාට පස්සෙ තවත් පැය 4ක් පියාසර කර තියෙනවා කියලා. තවත් සතියකින් දෙකකින් ඇත්තටම මොකද උනේ කියලා දැනගැනීමට ලැබේවි.

      Delete
  29. මේ සිද්දිය ගැන මා කියවූ හොඳම, සවිස්තරාත්මකම ලිපිය මෙයයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගා...ලිපිය සදහා ගොඩාක් කරුණු ඇතුලුකරන්න ජාලය පෙරලුවා.

      Delete
  30. අලුත් උණත්, පරණ උණත්, ඔක්කොම කරුණු එකතු කරලා, මහන්සි වෙලා හදපු වටිනා පෝස්ට් එකක්. ස්තූතියි සිරාට.

    මේ වෙලාවෙදි මැලේෂියානු ආණ්ඩුව කරුණු එලියට නොදමන ගතියක් පේනවා. මොනවා හරි දැනගෙන නොකියා ඉන්නවා වත්ද?

    ත්‍රස්තවාදීන් අරගෙන ගියත් කමක් නෑ කියලා හිතනවා, අර ජීවිත ටික බේරෙනවානම්... :(

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවෙදි මැලේෂියානු ආණ්ඩුව කරුණු එලියට නොදමන ගතියක් පේනවා. මොනවා හරි දැනගෙන නොකියා ඉන්නවා වත්ද?//

      මේ ළමයා වලව්ව ඇතුලටම වැදිලා හිටියට මොකද, රටේ ලෝකේ වෙන දේවල් ගැනත් යමක් කමක් දන්නවානේ.... :D

      Delete
    2. යානය පැහැරගැනීමට ලක් වී ඇති බව අවසානයේ හරි මැලේසියානු රජය පිළිගත්තා. මගීන් අතර ගුවන්යානා තාක්ෂණය පිළිබද ඉංජිනේරුවෙකුත් සිටි බවක් දැන් කියන්නෙ. ඊට අමතරව යානයේ නියමුවන් දෙදෙනාත් පැහැරගැනීමට හවුල් ලු.

      Delete
  31. ප්ලේන් එකක් කියන්නෙ පාවෙන හීන ගොඩක් ,,, වෙන්න පුලුවන් සම්භාවිතාව අඩු උනත් මේක හයිජැක් එකක් වෙන්න කියල ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
    Replies
    1. ගුවන් යානයක් ඇතුලෙ යන පිරිස සතුව ඉතින් ඇත්තටම විශාල බලාපොරොත්තු පොදියක් තියෙන්නෙ. තමන්ගෙ ව්‍යාපාරික කටයුතු, පවුලෙ සාමාජිකයන් දැක බලා ගන්න, නොදුටු දේ දකින්න...කොච්චරක් නම් තියෙනවද...ඔබේ ප්‍රාර්ථනාවටම මමත් එකතු වෙන්නම්.

      Delete
  32. පොල් කේස් එකත් හරි යන්නෙත් නැතිනම් සිරෝ අපේ අංජනම් කාරයෙක්ව හරි යවලා බලමුද..?

    //කෙසේ හෝ මේ යානය තුල සිටි 239 දෙනාම නිරුපද්‍රිතව හමුවේවායි සිරා කොලුවා පතන්නේ දෑසින් නොදුටුවද අපි සියල්ලෝම මිනිස් පවුලේ සාමාජිකයන් නිසාමය.//
    සිරෝ මේ පැතුමට උඹත් එක්ක අපි හැමෝම එක්කාහු වෙනවා...

    ReplyDelete
    Replies
    1. අපේ මහා ගුරෙක් යයි කියාගන්නා හොරෙක් ඔය කට ඇරලා තියෙන්නෙ.
      http://www.gossiplankanews.com/2014/03/malaysian-air-mystary-reveals-by.html

      Delete
  33. සිරෝ.......දැන් කියන්නේ හයිජැක් කරලා කියලා නේද?

    උඹ ලියලා තියෙන දේවල් ලංකාවේ පත්තරවල නම් මේ වගේ විස්තරාත්මකව ලියන්නේ නැහැ. ලියන්නේ නැත්තේ ලියන්න තේරුමක් නැතිනිසාද මන්දා.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලයි දැන් කියන්නෙ. යානය අනතුරට පත් වෙන්න ඇති කියලා දැන් නිකමටවත් සැක කරන්නෙ නෑ. ඒ සදහා කරුණු කාරණා රැසක් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ.

      Delete
  34. ගොසිප් සයිට් වල තියනව වගේ නෙමේ සිරා අයිය සිරා විදිහට මේ ගැන විස්තරයක් දීල තියනවා...නියමයි :)

    ReplyDelete
    Replies
    1. පුලුවන් හැම තැනකම කරුණු හොයාලා...මෙහෙ අය එක්කත් කථා කරලා හොයාගත්ත කරුණු ඔක්කොම මේ ලිපියටම එබුවා.

      Delete
  35. මේ පාරත් සුභ පැතුම් සිරා අයියේ මේ පාරත් ඔයාලා කෙඩෙට් වලින් 01. . බෑන්ඩ් එක නම් මරැ ඇ...............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...ගුවන් හමුදා කැඩේට් කණ්ඩායම තමයි ඒ ජයග්‍රහණය ලබාගෙන තිබුනෙ.

      Delete
  36. මේ ගැන කියන්න නම් වැඩි දැනුමක් නැහැ ප්‍රාර්ථනා කරන්නේ නැතිවුණා උදවිය සමග යානය හමුවේවා කියල.

    ReplyDelete
    Replies
    1. යානය ඉතාම සූක්ෂම සැලසුමක් මගින් පැහැරගැනීමකට ලක්වෙලා තියෙන බව තමයි අලුතින්ම තියෙන ආරංචිය. ඒ සදහා යානයේ නියමුවන් පවා හවලු බවක් කියවෙන්නෙ.

      Delete
  37. සිරා ලියපු හොඳම ලිපිය මේක කියලා මට හිතෙන්නේ. මගේ නම් විශ්වාසය මැලේසියානු රජය දැනුවත්වයි වෙලා තියෙන දේ වුණේ. බලන්න මේකේ හිටිය මිනිස්සු ටික වෙන කොහෙන් හරි මතු වෙන්නේ නැද්ද කියලා ?

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලියන්න පුදුමාකාර විදියට මහන්සි වෙන්න උනා. කවදාවත් මීට කලින් මේ තරම් බ්ලොග් ලිපියක් වෙනුවෙන් මහන්සි වෙලා නෑ. මැලේසියානු රජය මේ සිදුවීමට කිසිම සම්බන්ධයක් නෑ. නියමුවන්ගෙ සහ හදුනානොගත් තවත් පිරිසකගේ වැඩක්.

      Delete
  38. අගනා ලිපියක් විස්තර සහිතව. ස්තුත්යි සිරා

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...