Monday, July 7, 2014

108 අපි නොදන්න මැලේසියාව 2 කොටස

1 කොටස

මැලේසියාව පිළිබද මෙයට පෙර පලවූ ලිපියෙන් මැලේසියාවේ භූ පිහිටීම, නිදහස ලබාගන්නට පෙර පරිසරය හා පසු පරිසරය, මැලේ භාෂාව, ජන වර්ග, ආගම් ආදිය පිළිබද යම් දැනුමක් ඔබට ලබා ගන්නට හැකි වුනා. අද ලිපියෙන් ඔබට අපි නොදන්නා මැලේසියාව ගැන තවත් තොරතුරු රාශියක් දැනගන්නට ලැබේවි.

මැලේසියාවෙ ජාතික ගීය හදුන්වන්නෙ නෙගරාකු කියන නමින්...එහි අර්ථය මගේ රට යන්නයි. මේ රටේ ජාතික කොඩියෙ තියෙන සංඛේත ගැන ඊළගට සලකා බලමු. එක සමාන පළලකින් යුතු රතු සහ සුදු ඉරි 14 නියෝජනය කරන්නෙ රටේ ප්‍රාන්ත 13 සහ රජය. කොන් 14 තියෙන තරුවෙන් අදහස් කරන්නෙ ප්‍රාන්ත සහ රජය අතර තියෙන සංහිදියාව. රාජ්‍ය ආගම විදියට ඉස්ලාම් ආගම අඩසදෙන් නියෝජනය වෙනවා. නිල් පැහැය මැලේසියානු ජනතාව අතර පවතින සමගිය සංඛේතවත් කරනවා. කහ පැහැය මැලේ රට පාලනය කරන රාජකීයන්ගේ වර්ණය ලෙස සැළකෙනවා.


මැලේසියාවෙ ජාතික පුෂ්පය විදියට සැලකෙන්නෙ වද මල, 1957 නිදහසෙන් පස්සෙ පළවෙනි මැලේසියානු අගමැති විදියට ටුන්කු අබ්දුල් රහමන් මහතා විසින් මේ මල ජාතික පුෂ්පය විදියට 1960 දි තෝරගත්ත වගක් තමයි විකිපීඩියාව කියන්නෙ. වද මල මැලේ භාෂාවෙන් හදුන්වන්නෙ බුන්ගා රයා (bunga raya) යනුවෙන්. මැලේසියාවේ ඕනෑම තැනක මේ මල දැකිය හැකි වීමත්, මලේ පෙති 5 මගින් ජාතියේ මූලිකාංග 5 සංකේතවත් කල හැකි වීමත්, වද ශාකයේ ඇති ඖෂධීය වටිනාකමත් මේ තේරීම සාධාරණීයකරණය කරන්න ඇති.




මැලේසියාව තමන්ගෙ ජාතික සත්වයා විදියට යොදාගන්නෙ කොටියගෙ රුව, රාජ්‍ය ලාංඡනය තුලත්, පොලිසිය වැනි රාජ්‍ය ආයතන වල ලාංඡන තුලත් කොටියා අනිවාර්යෙන්ම ඉන්නවා. මැලේසියානු බෝනියෝ වනාන්තර තුල මේ සත්වයා සැබැවින්ම ජීවත් වන නිසා වෙන්න ඇති කොටියා මේ සදහා තෝරා ගන්න ඇත්තෙ.



මේ කාරණා වලින් පස්සෙ රසවත් මැලේසියානු ආහාර පිළිබද මුලින්ම විමසා බලමු. මේ රට මා කලින් කියූ පරිදි ජන වර්ග කීපයක එකතුවක් නිසාම ඒ ඒ ජනවර්ගයන්ට ආවේණික වූ ආහාර වර්ග වගේම මේවා මිශ්‍ර වීමෙන් තැනුනු අලුත් ආහාර වර්ග වලිනුත් සම්මිශ්‍රනය වී තිබෙන අයුරක් ආහාර ගැන කථා කරන විටෙක ප්‍රධානවම දකින්න පුලුවන්.

මැලේ, චීන සහ ඉන්දියන් ඉවුම් පිහුම් කලාවේ රස මුසු තැන් මැලේසියාවේ සංචාරය කරන අයෙකුට ඉතා හොදින් දැක බලාගන්න වගේම රස විදින්නත් හැකියි. මේ සියලුම ඉවුම් පිහුම් ක්‍රම තුල බත් සහ නූඩ්ල්ස් ප්‍රධාන තැනක් ගන්නවා. ඒවා විවිධ නම් වලින් විවිධ ආකාරයන්ට සකසා අළෙවිය පිණිස තබා ඇති අන්දම මැලේසියාවේ ඉතාම සුලභ දසුනක්.

නිවර්තන කලාපීය පළතුරු වර්ග විශාල ප්‍රමාණයක් මැලේසියාවේ වැවෙන නිසා පළතුරු වලිනුත් අඩුවක් නෑ. එහෙත් දේශීය වශයෙන් ඉතාම ජනප්‍රිය පළතුර දූරියන්. ඇතැම් අය මේ පළතුරෙන් හමන අධික සුගන්ධය දුර්ගන්ධයක් ලෙස සලකා ආහාරයට ගැනීමෙන් වැළකී සිටියත් දූරියන් යනු පළතුරු ලොවේ රජු ලෙස සැලකෙන පළතුර බව ඔබ දන්නවාද ? දූරියන් පළතුරේ නිජබිම මැලේසියානු අර්ධද්වීපය නිසාම වර්ග කීපයක දූරියන් මෙහිදී ආහාරයට ගන්න පුලුවන්. මාර්ග අසබඩ පළතුරු වෙළදාම් කරන ස්ථාන ආශ්‍රිතව මේස සහ පුටු තබා දූරියන් ආහාරයට ගැනීම සදහාම ඉදිකල වෙළදසැල් ඉතාම සුලභ දසුනක්. බොහෝ සංචාරකයන් වගේම දේශීය අයත් මේ තැන් වලට නිරතුරුව දූරියන් වල රස බලන්න පැමිණෙනවා.



ශරීරයට වැඩි ශක්තියක් ලබාදෙන දූරියන් පළතුරේ ඇට කුඩා පෙති වලට කපා, වතුර වීදුරුවක බහා, රැයක් පහන් වන තෙක් තබා, උදෑසනම හිස් බඩ ඇට ඉවත් කර වීදුරුවේ ඇති දියරය පානය කිරීමෙන් මුත්‍රා රෝග සමනය වන බව අපේ දේශීය වෙදකමෙත් සදහන් වෙනවා. මැලේසියාවේදී හොදින් වැඩුනු දූරියන් ගෙඩියක් ශ්‍රී ලංකා රුපියල් 400-600 අතර මිළකට ගන්න පුලුවන්.

ආහාර ගැන කථාකරද්දි මස් සහ මාළු පිළිබදව යමක් නොකියාම බෑ. මැලේසියානුවන් බහුතරයක් හුරු වී සිටින්නේ නිවසින් බැහැරව අවන්හල් වෙතින් ආහාර භුක්ති විදින ජන ජීවිතයකටයි. මැලේසියානුවන්ගේ ආදායමට සාපේක්ෂව ආහාර වල මිළ ගනන් අවම වීම තුල එහි වැරැද්දකුත් නෑ. විශේෂයෙන් රාත්‍රී ආහාර වේල නගරයේ අවහන්හලකින් සපුරා ගන්න අති මහත් බහුතරයක් මනාපයි. අඩියෙන් අඩියට ඇති ආහාර අළෙවි සැල් මේ වගට හොද උදාහරණ. භූමි පුත්‍ර ඇත්තන් හරක් මස් වලට වැඩි මනාපයක් දක්වද්දි ඒ ආහාරය දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. ඌරු මස් වලට චීන ජනතාව වැඩි මනාපයක් දක්වද්දි ඒ ආහාර මැලේසියානු මුස්ලිම් ජනතාව ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව මැලේසියානුවන් චීන අවන් හල් වලින් ආහාර ගන්නෙ ඒ ස්ථානයේ ඌරු මස් විකුණන්න නැති බව සැක හැර දැනගත් පසුව පමණයි.

චීන අවන්හල් මගින් බොහෝ විට ඉතාම නැවුම් මස් වර්ග පිළිගන්වන්න කටයුතු යොදන නිසාම ඔවුන්ගේ මිළ ගනන් තරමක් වැඩියි. ඔබ ඉස්සන් සහිත ටොම් යම් වැනි ආහාරයක් ඇනවුම් කලා නම් ඔබ ඇනවුම භාර දෙන අවස්ථාව වන විටත් ඉස්සන් ජලයේ පිහිනමින් සිටින්නේ. කෝකියා අවශ්‍ය කළමනා එකතු කර අවශ්‍ය වෙලාවට ඉස්සන් සිටින ටැංකියේ පියන ඉවත් කොට පණ පිටින්ම ඉස්සන් කීප දෙනෙකු තමන් සකසමින් සිටින ආහාරයට දැමීමයි සිදු වෙන්නෙ. චීන ක්‍රමයට ආහාර සපයන ඇතැම් තැනක ඉස්සන් පිසින විට ඔවුන්ගේ ඔලු ඉවත් කිරීම සිදුවෙන්නෙ නෑ. ඒ නිසාම ඉස්සාගේ අහවල් ඒවාද සමග රස ආහාරයක් භුක්ති විදින්න ඔබට හැකියි. මේ පරිද්දෙන්ම ගෙම්බන්, කකුළුවන් සහ මාලු වර්ග සැකසීමත් ඔවුන් අතින් සිදු වෙනවා. ඔබ ගෙම්බන් සහිත ව්‍යාංජනයකට කැමති නම් අවන්හලේ තබා ඇති ටැංකියේ සිටින ගෙම්බන්ගෙන් තමන් කැමති එකා තෝරා දෙන්නට පුලුවන්. මේ ආකාරයේ චීන අවන්හල් රාශියක් මෙරට ප්‍රමුඛ සංචාරක පුරවරයක් වන බුකිට් බිංතාන් (Bukit Bintang) හි දක්නට පුලුවන්. මේ ආහාර රස විදින්නම ඒ කලාපයට යන්නට මැලේසියාවට පැමිණෙන සංචාරකයන් බොහොමයක් අමතක කරන්නෙ නෑ.

අවසානය උදාවන තෙක් ටැංකියක රදවා ඇති ගෙම්බන්


ටොම් යම් නැමති සුප් විශේෂය


මැලේසියාවේ ආහාර රටාව තුල ප්‍රමුඛතම ස්ථානයක් බත් වලට හිමිවෙන බව මම කලිනුත් සදහන් කලා. නාසි යන නමින් තමයි බත් යන වචනය මැලේ භාෂාවෙන් හදුන්වන්නෙ. මැලේසියාවේ ජාතික ආහාරය ලෙස සලකන්නේ නාසි ලෙමක් (Nasi Lemak)  යනුවෙන් හදුන්වන බත්, බැදපු රටකජු සහ හාල්මැස්සන්, පිපිඥ්ඥා පෙත්තක්, දෙකක්, ලූණු යොදා සකසන ලුණු මිරිසක් සහ තැම්බූ බිත්තර පලුවක් සහිතව පිළිගන්වන ආහාරයකට. මේ ආහාරය ආහාර අළෙවි සැල් වලට අමතරව කාර්යාල ආසන්නයේ මහමග උදෑසනට ක්‍රියාත්මක වන ආහාර සහිත මේස මතත් අනිවාර්යෙන් දකින්නට හැකි ආහාරයක්. සිරා කොලුවත් නිතරම නාසි ලෙමක් වලින් උදෑසන ආහාරය සපුරාගන්නවා. මැලේසියාවෙ ඇත්තොත් තමන්ගෙ ආහාර වලට කුළු බඩු යහමින් යොදා ගන්නා නිසා ලංකාවේ අපිට මේ රස එතරම් ආගන්තුක නෑ.




නාසි ලෙමක් විකිණීම සදහා කෙසෙල් කොළ වල ඔතා ඇසුරුම් කරන ආකාරය
මැලේ ක්‍රමයට සකසන ෆ්‍රයිඩ් රයිස් තවත් ජනප්‍රිය ආහාරයක්. එය මැලේ භාෂාවෙන් හදුන්වන්නේ නාසි ගොරේන්ග් (Nasi Goreng) යනුවෙන්. මේ ආහාරය ලංකාව තුලත් බොහෝ තැන් වල අළෙවි කරනවා ඒ නාසි ගුරාන් යන නමින්. නමුත් නිවැරදි වචනය නාසි ගොරේන්ග්. ගොරේන්ග් යන්නෙහි අරුත බදින ලද (Fried) යන්නයි.

ඊළගට මම ඉදිආප්ප ගැන කථා කරන්නම්. දෙමළ ජනතාව මගින් මැලේසියාවට දායාද වූ ආහාරයක් තමයි මේ. ලංකාවේ අපි දකින ඉදිආප්පයක සහ මේ ඉදිආප්පයක ප්‍රමාණය බොහොම වෙනස්. සිරා කොලුවා වන මට රාත්‍රී ආහාරයට මැලේසියානු ඉදිආප්ප 3 හොදටම ප්‍රමාණවත්. එයින්ම හිතාගන්නකො ඉදි ආප්පෙ ප්‍රමාණය ගැන. දෙමළෙන් ඉදිආප්ප වලට කියන්නෙ Putu Mayam කියලා. ඒ නම සදහන් යකඩ පෙට්ටියක් පසුපසට වෙන්නට සවි කල යතුරු පැදි කරුවන් මංමාවත් අද්දර සිට ජනතාවට ඉදි ආප්ප විකිණීම සුලභ දසුනක්. ඒ අය බහුතරයක් දමිළ ජාතිකයන්. මැලේසියානුවන් ඉදිආප්ප ආහාරයට ගන්නේ පොල් සහ සීනි සමග බව ඇහුවොත් ඔබ පුදුම වේවි. ඉදිආප්ප අළෙවි කරුවා ගාන ලද පොල් සහ සීනි වෙන වෙනම පැකට් කර ඉදිආප්ප සමග ගැණුම් කරුට ලබා දෙනවා. ලංකාවෙදි ඉදිආප්ප 20 ක් හෝ 30 ගනින්න බොහෝ විට වෙළෙන්දට සිදු උනාට මැලේසියාවෙදි අතේ ඇගිලි ගානට තමයි ඉදිආප්ප තනි පුද්ගලයෙකු මිළට ගන්නෙ.

ඉදි ආප්ප අළෙවි කරුවෙක්



ඉදිආප්ප වලට පස්සෙ මැලේසියාවේ කර්මාන්ත පිළිබදව යම් අදහසක් ඔබට ලබා දෙන්නට මම කැමතියි. ලෝක මට්ටමේ වෙළදාම් කටයුතු සමග මැලේසියාව ඈත අතීතයේ සිට සම්බන්ධයි. ඒ ටයර් නිෂ්පාදනයට අවශ්‍ය ස්වභාවික රබර් සහ ටින් කෑම වර්ග අසුරණ නිපදවන්න අවශ්‍ය ටින් නැමති ලෝහය අපනයන කිරීමෙන්. මේ කටයුතු වලට 70 දශකයට පස්සෙ රජය විසින් අපනයන කටයුතු දිරි ගන්වපු පාම් ඔයිල් (Palm Oil)  නැමති නිෂ්පාදනයත් එකතු වුනා. වර්තමානය වන විට ලෝකයේ විශාලතම ෆාම් තෙල් නිපදවන රට විදියට මැලේසියාව වැජඹෙනවා. ඊට අමතරව ලෝකයේ තෙවැනි විශාලතම රබර් නිපදවන රට හැටියට තවමත් මැලේසියාව ඉදිරියෙන් සිටිනවා.

මැලේසියාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදකයා Proton


ඉහතින් සදහන් කල නිෂ්පාදන වලට අමතරව මෝටර් රථ, රෙදිපිළි, වායු සමීකරණ, රූපවාහිනී, තැටි ධාවන යන්ත්‍ර, නිපදවන්නත් මැලේසියාව ප්‍රසිද්ධයි. වර්තමාන මැලේසියානු ආර්ථික දියුණුවේ වැඩි ප්‍රතිශතයක් විදේශ රටවලින් විවිධ කාර්මික අමුද්‍රව්‍ය ආනයනය කොට ඒවා එකලස් කල භාණ්ඩ ලෙස ප්‍රති අපනයනය කිරීමෙන් ලබාගන්නට මේ රටට හැකියාව ලැබී තිබෙනවා.

රටේ ශ්‍රම බලකාය අතීතයේ සිටම කටයුතු කොට ඇති ආකාරය විවිධයි. මැලේසියානු භූමි පුත්‍ර ජනතාව - කෘෂි කර්මාන්තය, ඉන්දියානු සම්භවය සහිත පිරිස විවිධ වෘත්තීමය සේවා සහ වතු ආශ්‍රිත රැකියා, චීන සම්භවය සහිත ජනතාව - පතල් කැණීම සහ වෙළදාම. මේ සම්මිශ්‍රනය වර්තමානය වන විටත් ඇතැම් විටෙක දකින්න පුලුවන්. නගරාශ්‍රිතව ජිවත් වන උගත් ජනතාව කාර්යාල කටයුතු වල නිරත වන අතරේ උගත් කමින් අඩු ඈත පළාත් වල ජීවත් වන ජනතාව කෘෂිකර්මාන්තය, විවිධ වෙළද කටයුතු සහ සුළු පරිමාණ නිෂ්පාදන හෝ එවැනි නිෂ්පාදන කටයුතු සිදු කරන කර්මාන්ත ශාලා වල සේවයේ නියැලෙනවා. රටේ ශ්‍රම බලකායෙන් 20% පමණ නියෝජනය වෙන්නෙ විදේශීය ශ්‍රමිකයන් මගින්. ඒ අතරිනුත් වැඩි ප්‍රතිශතයක් ඉන්දුනීසියානුවන් සහ පිලිපීන ජාතිකයන්.

මැලේසියාවේ විවාහ චාරිත්‍ර පිළිබද සලකා බලද්දි විශාල වෙනස්කම් දකින්න පුලුවන්. මුස්ලිම් නොවන අයෙකුට මුස්ලිම් නොවන වෙනත් ඕනෑම ආගමක කෙනෙකු සමග බාධාවකින් තොරව විවාහ වීමට හැකි උනාට මුස්ලිම් අයෙකු මුස්ලිම් නොවන අයෙකු සමග විවාහ වන විට තත්වය වෙනස්. මුස්ලිම් නොවන තැනැත්තා හෝ තැනැත්තිය මුස්ලිම් ආගම වැළදගන්නේ නම් ගැටලුවක් නෑ. නමුත් එය එසේ නොවන විටක මැලේසියානු රජයේ විශේෂ අවසරයක් මත එවැනි විවාහ සිදුකිරීමට සිදුවෙයි. මෙලෙස අවසර නොගෙන එවැනි ආකාරයේ විවාහයන් සිදු වූ අවස්ථා වල හදිසියේම උත්සව භූමියට රජයේ නිලධාරීන් හා මුස්ලිම් ආගමික නායකයින් කඩා පනින ලද අවස්ථාවන් ගැන මෙරට පුවත් පත් මගින් මා කියවා තිබේ.


මැලේසියානු මුස්ලිම් විවාහයක්




චීන මනාල යුවලක්
ජ්‍යොතිෂ්‍ය අනුව සුභ වේලාවක් බලා විවාහය සිදුකරන දිනය තීරණය කිරීම චීන සහ දෙමළ ජනතාවගේ පුරුද්දයි. නමුත් මුස්ලිම් භක්තිකයන් එවැන්නක් සිදු නොකර විවාහයට සම්බන්ධ වන පවුල් දෙකේ වැඩිහිටියන් මුණ ගැසී තෑගි භෝග හුවමාරු කරගැනීමෙන් පසු ඒ සදහා සුදුසු දිනයක් යොදා ගැනීම සිරිතයි. බොහෝ මුස්ලිම් විවාහයන් නිවසේදී පැවැත්වුනාට දෙමළ හා චීන විවාහයන් ඥාති හිතමිත්‍රාදීන් පිරිවරා උත්සව ශාලාවක පවත්වන්නේලු.

අද ලිපියට මූළාශ්‍රය / Wikipedia වෙතිනි.

මවිසින් ලබාගත් දූරියන් ඡායාරූප දෙකක් හැරෙන්නට ඉතිරි සියල්ල අන්තර්ඡාලයෙනි.

මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරාගේ කාමරයේ මෙයට කලින් පලවූ සෞදි අරාබිය පිළිබද ලිපියෙන් පසු මාතලන් විසින් මා වෙත එල්ල කල චෝදනා වලට පිළිතුරු ඒ පෝස්ටුව තුල කමෙන්ටුවක් ලෙස එකතු කරන්නට කටයුතු කලෙමි. මා වෙත චෝදනා කරන අයෙකු වේ නම් මම ඔහුට අභියෝග කරන්නේ ඒ චෝදනා හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසයි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් අරභයා චෝදනා කල හැක. ඔප්පු කල නොහැකි නම් ඒ චෝදනා වල ගත යුත්තක් නැත.

108 comments:

  1. විස්තරේ නියමයි..
    දූරියං නං මාත් ආස කෑමක්..හැබැයි ගාණ තමයි වැඩි..
    ලංකාවෙ මේ දවස්වල පාර අයිනෙ තියං එහෙම දූරියං විකුණනවා..

    ReplyDelete
    Replies
    1. මම නම් ඉතාම මනාපයි. මැලේසියාවෙ දූරියන් වල රස කියන්න වදන් නෑ බොලං...ඉස්සර අපි රාත්‍රී වෙළද පොල පැත්තෙ ගියාම දූරියන් ගෙඩි දෙකකටවත් වග කියලා තමයි එන්නෙ. කන්න කන්න ආසා හිතෙනවා. නමුත් සිංගප්පූරුවෙ වගේම මැලේසියාවෙත් දූරියන් ගෙඩි පොදු ප්‍රවාහන මාධ්‍ය වල ප්‍රවාහනය තහනම්. නමුත් මදුලු ගලවා අසුරණ ලද දූරියන් ගෙනියන්න හැකියි.

      Delete
    2. සුවඳ වැඩි හින්ද වෙන්නැති.. :D

      Delete
  2. ඊයා යකු දූරියන්...

    ReplyDelete
    Replies
    1. මමත් කන්නේ නැහැ සෑමෝ.

      Delete
    2. බෝලාලා ඊයා කියනවා (මම කන්නෙත් නැ බොලව්) මෙහෙ ඔය ටෙම්පරි දුරියන් කඩවලට ඇවිත් නවත්තලා තියෙන වාහන නිසා සමහර වෙලාවට පාරත් බ්ලොක් වෙනවා...... චීන්නු පුදුම දුරියන් කෑමක්නේ කන්නේ.... ඒමදිවට අට ටික වතුරේ දාලා තියලා උදේට බොනවා එහෙම කරාම ඇතිවෙන වෙනස ටික දවසකින් නෝනලට තමයිලු තේරෙන්නේ

      Delete
    3. mr. rale...,

      kaage atada ban... :/

      Delete
    4. අයියෝ මොනද සෑමා...උඹ දූරියන් කන්නම ඕනෙ කාලෙ තමයි නොකා ඉන්නෙ....දූරියන් කෑමේ විපුල ඵල ගැන ඔය හැලපයියා වගේ වැඩිහිටියෙකුගෙන් අහලා දැන ගනින්...ඊට පස්සෙ නම් උඹ නොකා ඉන්නෙ නෑ කියලා මට ෂුවර්. මැලේ රාළ ගොයියත් ඔය යන්තමට ඉගිය දීලා තියෙන්නෙ.

      Delete
    5. ඔය දූරියන් ගැන අපේ ගම් පළාතේ කතාවක් තියෙනවා "තම්බි දූරියන් කාපු දවසට ගෑනි ඇද යට බුදියනව වගේ " කියල.සිරාමලය නම් දන්නව වගේ...

      Delete
    6. හරි හරි, දූරියන් කාපු දවසට තම්බි මහත් වෙලා, ඇඳේ ඉඩ මදිවෙනවා. එහෙම නේද?

      Delete
    7. හැක් හැක්.....ඔය කිව්වේ විචාරක උත්තමය හරියටම...

      Delete
    8. තම්බිගෙ මල්ලි චණ්ඩි වෙනවලු....එදාට...

      Delete
  3. අපේ කොඩියෙ සිංහයෙක් හිටියට සිංහයෝ ඉන්නෙ දෙහිවල හිර කූඩුවල විතරයි.. තිරිසන්නු කොඩියට දාගෙන වඳින මිනිස්සු අපි..

    ReplyDelete
    Replies
    1. අපේ කොඩියෙ ඉන්නෙ පිරිමි සිංහයා නොවැ. ඒකා වස කම්මැලියා කියලනෙ සත්ව විද්‍යඥයො කියන්නෙ. දවස පුරාම දපාගෙන ඉදලා තමන්ගෙ නෝනා දඩයම් කරන ගොදුරෙන් කුස පුරව ගන්නලු පිරිමි සිංහයො වැඩිපුර කැමති. ඇරත් ලංකාවෙ කවදාවත් ජීවත් වුන බවට කිසිදු සාක්ෂියක් නැති සතෙක් ජාතික කොඩියට දාන්න ඇත්තෙ නිර්භීත බව කියන සාධකය ගැන සිතීමෙන් පමණයි.

      දෙහිවල ඉන්න සිංහයොත් කන්න නැතුව මැරෙනවා...පවු උන්...

      Delete
    2. ඇයි අර රජතුමා පස්සෙන් යන චන්න -උපුලි රංගායතනයෙ ඉන්නෙ ...අම්මෝ බයත් හිතෙනව වේදිකාව පුරා උඩපනින හැටි දැක්කම.:)))

      Delete
    3. භය හිතෙනවා කිව්වෙ වීයො වේදිකාවක් කඩං වැටිලා ඒ නගාලට හානියක් වෙයි කියලද...

      Delete
  4. සිරෝ කොමන්ට් දැම්මේ නැහැ කියලා අඬන්නේ නැහැනේ බන්. මං හිතුවා උෟරෙක් කෑ ගහපු කෑ ගැහිල්ලට සොරි , තැප්පිප්ලුවාහම උඔ බ්ලොග් ලියවිල්ල නවත්තයි කියලා.

    ReplyDelete
    Replies
    1. sudu ano wethatai,

      lip[iyata adala comments daanawanam anawashya guspi walin berila inna puluwan nisa lipiyata adala monawa hari comment karapan machan. ubatath jaya wewa...

      mama Ajith

      Delete
    2. සිරා කොලුවා එහෙම සැලෙන එකෙක් නෙමෙයි ඇනෝ...බොලාලා මා එක්ක මෙච්චර කල් සුහදව මේ කාමරේ ඇතුලෙ ගණුදෙනු කලා නොවැ. ඉදිරියටත් ඒ සහයෝගය පවත්වාගෙන යමු.

      Delete
  5. බොහොම හොඳ විස්තරයක්. මැලේසියාව අද හුඟක් දියුණුවෙලා තියෙන්නේ කර්මාන්ත පැත්තෙන් බවයි පෙනෙන්නේ.

    සිරෝ, සංඛේතය කියල වචනේ සංකේතය ලෙසත්, ෆාම් ඔයිල් කියන එක පාම් ඔයිල් Palm Oil ලෙසත් වෙනස් කරමුද?

    ReplyDelete
    Replies
    1. නැහැ විචාරක මහත්තයෝ මැලේසියාව කෘෂිකර්මාන්තයෙන් දියුනුවෙච්ච රටක් නමුත් 1980 දශකයේදී එයාලා ලෝකප්‍රකට කාර්මාන්ත කරුවන්ට සියලු යටිතල පහසුකම් ලබා දුන්නා තම රටේ ඒ ප්‍රකට නිෂ්පාදන වල නෂ්පාදනාගාර අරබන්න එකම කොන්දේසිය සේවය සඳහා මැලේ ජාතිකයින් සෑම තනතුරක් සඳහාම 50% ක දායකත්වයක් සැපයිය යුතුයි යන්න.... ඒ මගින් 1990 වනවිට බලාපොරොත්තු උනා මෙරට ඉදිරි වර්ෂ 30ක් (2020දී) ඇතුලතදී සංවර්ධිත රටක් බවට පත් කරන්න.... අදටත් මේ රජය හැකි උපරිම උත්සාහය දරනවා එම ඉලක්කය සපුරා ගන්න.... එත් ලොව හොඳම කෘෂිකාර්මික පර්යේෂණාගාරය සතුව තිබෙන්නේත් මැලේසියාවට තමයි.... ප්‍රතිශතයක් හැටියට ලොව අංක එකට වැඩිම පලතුරු ප්‍රමාණයක් අපනයනය කරන රටත් මලෙසියාවයි තවමත්....

      Delete
    2. බොහොම ස්තුතියි මැලේ කෙටියෙන් වුනත් මේ කියපු විස්තරේට. මමත් හිතාගෙන හිටියේ මැලේසියාවේ අතීත කෘෂිකාර්මික පදනම බිඳවැටිලා දැන් කර්මාන්ත විතරයි තියෙන්නේ. කියලා. මම කැමතියි සිරාත් මේ ගැන තව ලිපියකින් සවිස්තරව කියනවානම්.

      Delete
    3. බොහොම ස්තූතියි විචාරක තුමා, අඩුපාඩුවක් දුටු තැන පෙන්වනවාට මම ඉතාමත් මනාපයි. ඔබ කියූ වෙනස් කම් ලිපියට ආදේශ කලා. මැලේ රාළ මහතා මට වඩා බොහෝ කාලයක් මැලේසියාවේ ජීවත් වූ කෙනෙකු ලෙස ඔය සම්බන්ධව හොද අත්දැකීම් ඇති. මට තියෙන අත්දැකීම් තමයි මෙරට වෙළදපල තුල බාධාවකින් තොරව එළවළු පළතුරු අඩු මුදලකට මිළදී ගන්න පුරවැසියන්ට අවස්ථාව හිමිවෙලා තියෙනවා. ඒ බොහොමයක් එළවළු පළතුරු ප්‍රවාහනයෙදි සිදුවන හානි අවම කරගන්නට මේ ඇත්තන් කටයුතු කරන නිසාම තැලී පොඩිඋන නිෂ්පාදන දකින්න නැති තරම්. තමන්ගෙ ගෙවත්තෙ සුලුවට වවන දේ උනත් පවුලේ යැපීමට අතිරික්තව තියෙනවා නම් ඒවා වෙළදපොල වෙත ගෙනඑන්න ගම්වාසී ජනතාව කටයුතු කරනවා. කොස්, අඹ, මයියොක්කා වගේ දේවල් තමන්ගෙ වාහන වලම තියාගෙනයි මැලේසියානු ජනතාව අන් අයට විකුණන්නෙ. ඒ වගේම තෙල් බෙහෙත් ගහලා නැති පතෝල, මෑ කරල්, බණ්ඩක්කා වැනි ලංකාවෙ පහතරට එළවළු අති මහත් බහුතරයක් මෙහෙ තියෙනවා. හැබැයි මාළු මිරිස් නම් ඉතාම කලාතුරකින් තමයි දකින්නට තියෙන්නෙ. ඒ උනාට බෙල් පෙපර්ස් නම් කුණු කොල්ලෙට විකුණන්න තියෙනවා.

      Delete
    4. මැලේ රාළ ගේ කතාව ඇත්ත 2020 වෙද්දී සංවර්ධිත රටක් කියන තත්වෙට එන්න තමයි මෙයාලගේ ප්ලෑන් එක. අපේ ආයතනයේ මොටෝ එක Building Tech Giants 2020.

      අපි දැන් වැඩ කරන්නෙත් මේයාලගේ ඒ ප්ලෑන් එකට... ලංකාව ගැන දුක හිතෙන්නේ මේ වෙලාවට.. :(

      Delete
    5. මට හිතෙනවා මේ මැලේසියන් ජාතික ධජයේ ඇමරිකානු ආභාෂයක් තියනවා වගේ. සිරා පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න.

      Delete
    6. මම ඒ පිළිබද සොයා බැලුවා. මැලේසියාවෙ කොඩියට ඇමරිකාවෙ කොඩියෙ කිසිම සම්බන්ධයක් නෑ....ඇමරිකානු ජාතික කොඩියේ අතීතය 1777 දක්වා දිව යනවා...මැලේසියාවෙ ජාතික කොඩිය රට නිදහස ලබා ගත් පසුව 1963 දී ජාතික කොඩිය උදෙසා පවත්වපු නිර්මාණ තරගයකින් තෝරා ගත්ත එකක්...කොඩියේ සැගවුන අරුත් මම පෝසටුව තුල පැහැදිලි කලා නොවැ...රතු සහ නිල් පැහැයින් මේ කොඩියට ඇවිත් තියෙන්නෙ ලන්දේසීන් විසින් පවත්වාගෙන ගිය පෙරදිග ඉන්දිය වෙළද සමාගමෙන් කියලයි කියන්නෙ.

      Delete
    7. බොහොම ස්තුතියි ඒ කරුණු පැහැදිලි කිරීමට.

      Delete
  6. අයි ලෙව් ඩුරියන්...
    අම්මේ....
    නාසි ගුරාන්.... කාල නෑ... හැබැයි නාසි ගුරේන් පිචෑර් එකක් නං තියේ...
    හැක්...
    මං හෙන ආසාවෙන් කියෙව්ව...
    ස්තූතියි සිරා...
    ම8ං එක පාරක් දැක්ක වීඩියෝ එක්ක මාළුවෙක් කෑමට සූදානං කරල මේසෙට යවල ඒත් ඌට පණ තියෙ... ඒක කන එකා අර මාළූවාට ඇන ඇන කෑලි කඩං කනව අම්මේ ඇග හිරි වැටුණ...
    ඉස්සෝ කන එක ඔළු සුද්ධ නොකර හැක්...
    මට නං හිතෙන්නෙ කන අයගෙ වගේම හදන අයගෙත් ඔළූවෙ ඇත්තෙ ඉස්සගෙ ඔළුව උඩ තියෙන ඒව වෙන්බ ඇති කියල

    ReplyDelete
    Replies
    1. අන්න මම වගේම තවත් දූරියන් රසවතෙක්...නොකන අයට ඉතිං කොහොම කියලා දෙන්නද දූරියන් වල රස...නේද මහේෂ්. ඔබ ඔය කියන මාලු කතන්දරේ මමත් වතාවක් රූපවාහිනියෙන් දැක්කා. මෙහෙ මාළු වෙළදපලේ පණ පිටින් ජල ටැංකි වල දාලා ලූලා වගේ මිරිදිය මාලුවෙක් විකුණනවා. ඉල්ලුමට සැපයුම දෙන්න මේසෙ උඩට මාලුවව ටැංකියෙන් අරගෙන දාලා ඔලුව පොඩි වෙන්න පිහිපාරක් දෙනවා.

      ඔය ටොම් යම් මමත් කාලා තියෙනවා. වතාවක් මම ඉස්සගෙ ඔලුව ගැලෙව්වම එතනින් අහවල් ඒවා හොදි වගේ එළියට ආවා. කොහොමද සොමිය.

      Delete
  7. හොද ලිපියක්. ස්තුතියි මචං.

    ReplyDelete
    Replies
    1. සංජීව අයියා දැකීම සතුටක්..

      Delete
    2. පලයන්ඞෝ යන්න උඔගේ එක ලිපියක්වත් මම මගඅරින්නේ නෑ.

      Delete
  8. මම පොස්ට් තුනකට හතරකට වෙන මහන්සිය සිරා එක පොස්ට් එකක් වෙනුවෙන් මහන්සි වෙනවා... ගෙනෙන විස්තරයේ උපරිමය පාඨක අපිට ලබා දෙනවා බොහොමත්ම හොඳ ලිපියක් සිරෝ.....

    "මුස්ලිම් විවාහයන් නිවසේදී පැවැත්වුනාට දෙමළ හා චීන විවාහයන් ඥාති හිතමිත්‍රාදීන් පිරිවරා උත්සව ශාලාවක පවත්වන්නේලු."

    දැන් මේ තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා සිරෝදැන් රෙසේප්ෂන් එකක් ගන්නවා හොඳ හෝටලයක දාන්නා කියන හැමෝටම එන්න කියලා.... මම අන්තිමට සහබාගි උන මුස්ලිම් මගුල් ගෙදර ආරාධිතයෝ විතරක් අටසීයක් .... උදේ දහයේ ඉඳන් රෑ දහය වෙනකම් පාටිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මැලේ ගොයියො මේ ලිපිය අගය කලාට. මම ඉතින් එදා ඉදලම ලියන දේ බොහොම සවිස්තරව ලියන්න තමයි මනාප. කියවන කෙනෙක්ට යම් දැනුමක් ගන්න පුලුවන් එතකොටනෙ.

      මම දන්නෙ නෑනෙ බොලං අපේ රාළෙට මුස්ලිම් යාලුවොත් ඉන්නවා කියලා. වෙඩිමෙ මනමාලි ලස්සනද ? ලංකාවෙ මුස්ලිම් වෙඩිම වලට මම ගිහින් තිබුනට උන් අපිට මනමාලිව පෙන්නන එකක් කියලයැ.

      Delete
    2. අයියෝ මෙහෙ ඒ මුකුත් නෑ කෙල්ල ෂෝයි එකට මුහුණ ඇරගෙන එන අයට අතට අත දීලා කතා කරනවා .... යනකොට තැන්කුයි කියලත් කිව්වා

      Delete
  9. ටොම් යම් සුප් අලි චෝයි!

    ReplyDelete
    Replies
    1. රස වෑහෙනවා ගොයියො...

      Delete
  10. නියම ලිපියක් අය්යේ ..දන්නේ ඇති සේවල් ගොඩක් දැනගත්තා..demak කියල දැන් මෙහෙ විකුණන බයික් හදන්නෙත් මැලේසියාවේ නේද

    ReplyDelete
    Replies
    1. බොලාට ඉතිං බයික්ම තමයි ජීවිතේ...ඔය කියන බයික් එක මම ලංකාවෙදි දැකලා තියෙනවා, නමුත් එය මැලේසියාවේ එතරම් ජනප්‍රිය වෙළද නාමයක් නෙමෙයි. එයට අමතරව මැලේසියාවෙ යතුරු පැදි නිෂ්පාදකයො විදියට කටයුතු කරන දේශීය සමාගම් කීපයක්ම තියෙනවා. මැලේසියාවෙ මහාමාර්ග වල ඉන්දියානු යතුරු පැදියකට කියලා දුවන්නෙ බොලා ගත්ත ජාතියෙ පරණ ස්කූටරයක් දෙකක් විතරයි. ඉන්දියානු වාහන වලට කියලා තියෙන්නෙත් ටාටා ලොරියක් දෙකක් විතරයි. මේ රට තමන්ගෙම කියලා හදන වාහන ඉන්දියන් ඒවට වඩා තත්වයෙන් උසස් නිසා ඒවා ගෙන ඒමේ අවශ්‍යතාවක් නැතුව ඇති.

      Delete
  11. විස්තර ටික නම් හරිම වටිනවා.. හුඟක් මහන්සි වෙලා ලියපු ලිපියක්..

    දූරියන් නම් මමත් ආස නැති පලතුරක්...

    ReplyDelete
    Replies
    1. ඒකට මම නම් ආසම පළතුරක්...දූරියන් වල රස ගැන කවර කථාද නගෝ...වෙලාවක කාලා බලන්න ඔයා හැමදාම කයි.

      Delete
  12. ඊයාආආආආආආ දූරියන්...:D

    ReplyDelete
    Replies
    1. ඔයා නුවර වෙලත් දූරියන් කන්නේ නැහැ.. පුදුමයි.

      Delete
    2. මෙයා මාතලේ!

      Delete
    3. ඇයි මෙයා කොච්චර රසද .....මෙහෙ දූරියන් වලින් විවිධ දේ නිපදවා තියෙනවා. දූරියන් කේක්, දූරියන් අයිස් ක්‍රීම්...ඔයා ඉන්න ඉසව්වෙ සුපිරි වෙළද සැල් වල දූරියන් විකුණන්න නැද්ද ?

      Delete
  13. නියමයි සිරා කෙලුවෝ. තවත් විස්තර ටිකක් දාපං. මචං අර කටු පොල් ගැන ටිකක් ලියපංකො. මම මැලේ රාලටත් කිව්ව දවසක් නෑ.

    ReplyDelete
    Replies
    1. කටු පොල් කිව්වෙ ෂී ෂෙල්ස් රාජ්‍යයේ තියෙන වර්ගයද ? ඒ වර්ගය නම් ඒ රටේ පමණයි තියෙනවා කියන්නෙ. රාළගෙ ඉහ නිකට පැහුනෙ මැලේසියාවෙදි නිසා ඔය ගැන හොද විස්තරයක් ඔහුට ඉදිරිපත් කරන්නට හැකි වේවි.

      Delete
    2. රාජ් මෙහෙ කටු පොල් කියන්නේ පාම් ගෙඩි වලට මොනවද උබට ඒවා ගැන දෑන ගන්න ඕනා

      Delete
    3. මැලේ,
      උඹ ඔය ප්‍රශ්නෙම එදත් ඇහැව්ව. යමක් ගැන අහන්නෙ ඒ ගැන නොදන්න නිසා නෙව.
      කටු පොල් ගස්, ගෙඩි, ගෙඩි කඩන හැටි, ගෙඩි පලන හැටි,...... ඔයව‍ගේ රචනයක් දාපියකො! අර පොඩි කාලෙ පොල්ගහ ගැන ලියනව වගේ. :-)

      Delete
    4. අපි බලා ඉම්මු...රාළ මොනවා හරි ලියන්නෙ නැතෑ....කටුපොල් බැරිනම් පොල් ගහපු එකක් ගැන හරි....

      Delete
  14. දුරියං කියන්නේ පට්ට කෑමක් නේව

    ReplyDelete
    Replies
    1. අන්න හරි ලොකු අයියා...මම වගේම දූරියන් රසිකයෙක් හමුවීම සතුටක්

      Delete
  15. දූරියන්, මෙහෙ තියන නැට්ට කඩල ඉදවන ඒව වගේමද දන්නෑ. රඹුටන් එහෙම නැතෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ..පළතුරු, එළවළු හොද තත්වයෙන් තමයි වැඩිපුරම විකුණන්න තියෙන්නෙ මාවත් අද්දර වෙළදපොල තුල. නමුත් ඇතැම් සුපිරි වෙළදසැල් වල නම් යල්පැන ගිය පළතුරු මම දැකලා තියෙනවා. රඹුටන් වල ලංකාවෙ නැති වර්ගයකුත් තියෙනවා මම තවම එය රස බලා නෑ. ඒ වගේම ඉතාම පොඩි අඹ විශේෂයකුත් තියෙනවා පොකුරු පොකුරු කහ පාටට වෙළද සැල් වල එල්ලා ඇති ආකාරය හරිම ලස්සනයි ඒ අඹ හැදෙන කාලෙට.

      අපේ ඔපීසියෙ ඇත්තියක් එයාගෙ ගෙදර ගහේ රඹුටන් කන්න කෙනෙක් නෑ කියලා වතාවක් අපිට ලොකු උරයක් පුරවලා ගෙනත් දුන්නා....මස් ගැලවෙන හොද පැණි රඹුටන්, එදා නම් හිතේ හැටියට රඹුටන් කෑවා මදි නොකියන්න.

      Delete
  16. හප්පේ දූරියන් ....කියනකොටත් වමනේ වගේ

    ReplyDelete
    Replies
    1. ඇයි බොලං...එච්චරම අප්පිරියද...මම හිතුවෙ ගෑණු දරුවො විතරයි දූරියන් කන්න මනාප නැත්තෙ කියලා....වෙලාවක අමාරුවෙන් හරි එකක් කෑවා නම් ඉවාන් කොලුවා දිගටම කනවා ෂුවර්.

      Delete
    2. මොන පිස්සුද මම දවසක් පොර වගේ දුරියන් කන හැටි මම පෙන්නන්ම් කියල ජිවිතේ පලවෙනි දුරියන් කෑල්ල කෑව... වමනේ නොගිහින් බේරුනේ අනුනමයෙන්.. හෙහ් හෙහ්

      Delete
  17. දුරියන් කලා නැහැ සිරෝ,මගුලට ආගමික නායකයෝ කඩා පනිනවා කීවාම මතක් වුනේ මෙහේ බෝබසේ..:D ඉඳි ආප්ප සිනි එක්ක කන්නේ කොහොමද බං ?

    ReplyDelete
    Replies
    1. මේ ලගදි මුස්ලිම් කාන්තාවක් දෙමළ පුරුෂයෙකු සමග විවාහ වෙලා දෙමළ චාරිත්‍ර අනුව. ඇය රජයේ අවසරය අරගෙන නෑ කියලා මංගල යුවලගෙ උත්සවය කොට උඩ ගිහිල්ලා අන්තිමට පොලිසියෙදි තමයි ප්‍රශ්නය විසදගන්න වෙලා තිබුනෙ. මැලේ අය සමහර මස් වර්ග උයන්නෙත් පැණි රසට...අපිට මෙහෙම ඒවා සෙට් වෙන්නෙ නෑ...මොකද විකුණන්න කෑම හදන අය එහෙම කරන්නෙ නැති නිසා. නමුත් මැලේ ගෙවල් වල ආහාර පිසිද්දි කුකුල් මස් වලටත් සීනි දානවා.

      Delete
    2. සිරා....අපි ඔය ඩෙවල් කියලා ජාතියක් හදන්නේ. ඒක හදන්නේ අපි විතරද මන්දා ඔය ඩෙවල් කියන නමින්. ඒකට තාච්චිය ලිපෙන් බාන්න ඉස්සෙල්ලා සීනි පොඩි හැන්දක් දැම්මාට වරදක් නැහැ. ඒක හොඳට බයින්ඩ් වෙනවා සහ අර පච්ච විකෘති රස බැලන්ස් කරන්න පුළුවන්. සීනි කියන්නේ රස බැලන්ස් කරන දෙයක්. ඒක උයන එකාගේ අතේ තියෙන්නේ.

      Delete
    3. සිනී දාපු මස් හොදි වගේ නම් කන්න ටිකක් අමාරුයි ... හෙහ් හෙහ් මුල් දවස් වල හොඳට සැර පාටට තියෙන නිසා බෙදා ගත්තට අන්තිමට පැණිරස දැනෙන කොට කන්න අමාරුයි . ගොඩක් වෙලාවට කන්නේ නිකන්ම තෙලෙන් බැඳපු මස් තමයි .. නාසි ලේමක් එක නම් සිරා .. එකේ තියෙන ලුණු මිරිසට සිනි දාපුවාම එන ගතිය මට අල්ලලා යනවා ..

      Delete
    4. මම වතාවක් අන්නාසි, සීනි, සමග හදපු ඉස්සො ව්‍යාංජනයක් ආහාරයට ගත්තා....මාව මත්වුනා ඒක කාලා....හරියට රස කැවිල්ලක් කෑවා වගේ...

      Delete
  18. sira koluwo, ube blog eken witharai ban apita yamak kamak igena ganna thiyenne... sirama lipiyak.. digatama liyapan... ubata jaya wewa..

    ReplyDelete
    Replies
    1. දිගටම එමු...බොලා වගේ වචනයකින් හරි දිරියක් දෙන අය නිසා තමයි සිරා කොලුවා මේ කාමරේ දොර අමාරුවෙන් හරි අරින්නෙ. බොටත් ජයම වේවා !

      Delete
  19. මම නම් ආසම කෑමක් දූරියන්.

    දූරියන් කියත්දි උනපු කෙළ ටික අර ගෙම්ඹො ටික දැකපු ගමන් හිදුනා.

    ReplyDelete
    Replies
    1. සැක්! එච්චර පෙරේතද? උඹත් අපේ තාත්තටම හරියනවා.

      Delete
    2. අන්න හරි ප්‍රියා...මමත් දූරියන් කන්න බොහොම පෙරේත එකෙක්...එක දූරියන් කඩයක් ඇතුලෙ වර්ග කීපයක්ම විකුණන්න තියෙනවා. සමහර ඒවායෙ මදය ලා කහ පාටයි...සමහර ඒවයෙ තද කහ පාටයි...ඇතැම් ඒවා උපරිම රසයි....කියලා වැඩක් නෑ බං...එක ගෙඩියක් කාලා නැගිටින්න හිතෙන්නෙ නැති එක තමයි වැඩේ.

      Delete
    3. >>එක ගෙඩියක් කාලා නැගිටින්න හිතෙන්නෙ නැති එක තමයි වැඩේ.<<

      මූව කන්ඩෙපෑ යකෝ. මම ජීවිතේට දුරියන් ගෙඩියක් තනියෙන් කාලා නෑ. පවුලේ ඔක්කොම එක්ක තමයි කෑවේ.

      Delete
    4. කවුද රත්තරනේ මම තනියම කෑවා කියලා කිව්වෙ....මම මාත් එක්ක ගෙදර නවාතැන් ගෙන ඉන්න අනිත් උන් දෙන්නවත් දක්කගෙන ගිහිල්ලා තමයි කන තරමක් දූරියන් කෑවෙ. කොටින්ම මට තිබ්බ දොළදුක උන් දෙන්නට බෝ කලා කිව්වත් වරදක් නෑ.

      Delete
    5. මගෙත් ප්‍රියතම කෑමක් මලය.ලංකාවේ ඉන්නැද්දි ඇති වෙන්න කෑවා.මගේ කෑගල්ලේ යාලුවෙක් දූරියන් වාරෙට හොද ලොකු වරක දූරියන් ගෙඩි 2-3 ගෙදරටම ගෙනත් දෙනව.මමයි අපේ කොලු පැටියයි ඇතිවෙන්න කනවා.අපේ උන්දැ ගේ හරියේ තියන්න දෙන්නෙ නෑ නොවැ.පුතයි මමයි වත්තට වෙලා ඇති වෙනකන් කාල එනව.

      Delete
    6. මමත් එහෙමයි අයියා....මට ඉතින් ඔය වගේ දූරියන් කවුරුවත් කවදාවත් ප්‍රදානය කරලා නෑ....ඉදලා හිටලා ටවුමෙන් ගත්තොත් තමයි.

      Delete
  20. සිරා....මගේ හිත්ගත්ම කොටස තමයි කෑමබීම ගැන. මම 1985 විතර රමාඩා රෙනේයිසොන්ස් හෝටලයේ ඉබන් බටූටා කියන අවන්හලේ වැඩ කරා. මේ බොහොමයක් දේවල් එතන හැදුවා. ආසියානු රටවල් අටක කෑම හැදුවා. ටොම් යම් සුප් වර්ග රාශියක් තියෙනවා. හැබැයි මේ ටොම් යම් සුප් එක තායි සුප් එකක්. එහේ තමයි උපත. දැන් වෙනත් රටවලත් ඇති.
    සොටෝ, මීසියම් වගේ බොහෝ පාරම්පරික මැලේසියන් කෑම රාශියක් තිබුනා. අයිස් කජන් වගේ මැලේසියන් අතුරුපස තිබුනා. ස්ටීම්බෝට් වගේ මේසේ උඩම හදාගන්න සුප්ස් තිබුනා. ඒක රසවත් කාලයක්.

    අගනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අගය කිරීමට සහ විස්තරයට අරූ අයියා...ඔබෙ අතීතාලෝකනය ලියන අතරෙදි මේ වගේ මතකයන් ගැනත් පැත්තකින් ලියාගෙන යන්නකො...අපේ ආයතනයත් රමාඩා හෝටලය සමග ගිවිසුම් ගතව සිටින්නෙ. මම ඉතින් ඉන්දියන් කඩ වලින් වැඩිපුර කන එකෙක් නිසා ගොඩාක්ම මැලේසියානු ආහාර වර්ග ගැන දන්නෙ නෑ. ඉදලා හිටලා ඔපීසියෙ කෙල්ලො ගෙදර හැදුවා කියලා ගෙනන් දෙන දෙයක් තමා ඉතිං....

      Delete
  21. දූරියන්...හ්ම්... කැමතියි අකමැතියි...

    ReplyDelete
    Replies
    1. කැමති වෙයං බං....මැලේ රාළ යන්තමින් ඉගි කල දේ ගැනවත් හිතුවනං...

      Delete
  22. දුරියන් කන්න ආස වුනාට කන්න බැ බන්.කැම ටිකට නම් බඩගිනි වුනා

    ReplyDelete
    Replies
    1. සමහර අයට දූරියන් කන්න තියා ඒ පුසුඹ එද්දිත් ඔක්කාරෙට එනවා කියලා මම දන්නවා. ඒ අතින් අපේ ගෙදර හතර දෙනාම දූරියන් රසවතුන්...මැලේසියාවට ඇවිල්ලා කාපු තරමක් දූරියන් ලංකාවෙදි වසර 30 කට මම කාලා නෑ.

      Delete
  23. ඔය තියෙන්නේ මම කලින් පෝස්ට් එකකදිත් අහපු ප්‍රොටෝන් කාර් ෆැක්ටරිය.

    දුරියන් සම්බන්ධව කතා කලොත්, මිනිසුන් වර්ග තුනයි ඉන්නේ මම දැනුවත්වම. දූරියන් වලට පණ ඇරගෙන ආදරය කරන මිනිස්සු සහ දූරියන් පේන්න බැරි, දූරියන් වලට කැමති මිනිස්සුන්වත් පේන්න බැරි මිනිස්සු. අනිත් මිනිස්සු දූරියන් ගැන නොදන්න මිනිස්සු.

    මම දූරියන් ලවර්! ස්ල්ර්ර්ර්ර්ර්ප්!

    යකෝ ලංකාවෙත් දූරුයන් සුපියල් 400 - 500 වගේ තමයි නේද?

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. 300 සිට ඉහලට.

      Delete
    2. ඔය ප්‍රෝටෝන් කාර් කියන්නෙත් මැලේසියාවෙ එක විදියක ජාතික සංකේතයක්. 1982 වසරෙදි මැලේසියාවෙ කාර් රථය ලෙස Proton Saga කියන මාදිලිය නම් කරලා 1985 වෙද්දි ඒ මාදිලිය නිපදවලා වෙළදපලට එවන්න ඒ ඇත්තෙ සමත් වෙලා තියෙනවා. අදටත් මේ මාදිලියෙ වාහන බොහොමයක් මේ රටේ ධාවනය වෙනවා.

      දූරියන් සුවද ගදක් ලෙස දැනිලා දගලන අය මම කොතෙක් දැකලා ඇති. ලංකාවෙ ගානම උනාට ඉතිං මැලේසියානු රිංගිට් එකකට ලංකාව රුපියල් 40 ගෙවනවා නොවැ. එතනදි මෙහෙ ගාන මැලේසියානුවන්ට ලාභයි. මොකද උන්ගෙ ආදායම ලංකාවෙ කෙනෙක්ට වඩා වැඩි නිසා. මෙහෙදි නම් අපිට බාගෙට ඉදුනු...නැත්තං බලෙන් ඉදවපු දූරියන් හමුවෙලාම නෑ...ලංකාවෙ ඒ වගේ වංචා කරපු දූරියනුත් තියෙනවා.

      Delete
  24. මම නං කන්නෙ නෑ බං දූරියං. අමුතු හම් එකක් එනවා නිකං … … නෑ එක්කො හම් එකක් එනවා කීවම ඇති !!!

    ReplyDelete
    Replies
    1. මොනවද බං පත්තර මල්ලි....ඔය ඇගට තව ටිකක් මස් ලියලන්න, පොත්ත රතු වෙන්න කියලා කාහංකො දූරියන් ගෙඩියක් දෙකක්...කාලා මැලේ රාළගෙන් අහපං ඇයි වෙනස නෝනට දැනෙන්නෙ කියලා.

      Delete
  25. අඩේ අප්පා දුරියන් කන්න මැලේසියාවේ එන්න හිතෙන්නේ ලංකාවේ චුස් පුස් දුරියන් දැක්කම.. ගියපාර නිවාඩුවට ඇවිත් දුරියන් ගෙඩියක් ගෙනිච්චා නෙදකින් ඒක.. පුස්..

    ඇත්තටම එන්න හිටියේ එත් මැලේ රාල ගෙන්ටින් හයිට්ස් වහල කියල කිව්වම මට බෑ හිතුනා. මං ඒ පින්තුරු ටිකට වශී වෙලා උන්නේ. කොහොමත් ඔබට ස්තුතියි මේ වගේ විස්තර ගෙනාවට.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ගොඩාක් වෙලාවට පැහෙන්න කලින් කඩපු ගෙඩි විකුණනවා...ඒවා රහ නෑ.මමත් වතාවක් කඩුගන්නාවෙන් ගත්තා ලොකු ගෙඩියක්....රුපියල් 400 විතර ගෙවලා...ගෙඩිය පැලුවාම දුක හිතුනා....අමු ගැටයක්....

      ගැන්තින් හයිලන්ඩ් වල Out door theme park එක මේ දවස් වල සම්පූර්ණයෙන්ම ඉවත් කර අලුතෙන් ගොඩනගමින් තිබෙන්නේ....නමුත් Indoor Theme Park එක වගේම කේබල් කාර් පද්ධතියත් ක්‍රියාත්මකයි...මමත් ගිය මාසෙ ඔය පැත්තට ගිහින් ආවෙ.

      Delete
  26. බොහොමත්ම ස්තූතියි සිරා මල්ලි. අනේ මේක දැක්කාම නම් ආයෙ යන්න හිතෙනවා. කොහොමත් මම නම් ආසම එහෙ කෑම වලට තමා. එක එක ජාතියෙ එක එක විදිහට උයාපු කෑම හරිම රසයි තමා. හපොයි , මං දූරියන් විතරයි කන්නෙ නැත්තෙ. ලඟකදී යන්න හිතයි.

    ReplyDelete
    Replies
    1. වතාවක් මෙහෙ ඇවිල්ලා ගියාද ඕගොල්ලො....ආයෙ වෙලාවක එන්න එහෙනං....2014 වසර මැලේසියාව සංචාරක වසර ලෙස නම්කරලා තියෙන්නෙ. ඒ නිසා මේ වසරෙදි මේ රටට පැමිණෙන සංචාරකයන්ට ලැබෙන ප්‍රතිලාභ වැඩියි. වෙලාවක දූරියන් ගෙඩියක් කාලා බලන්න....

      Delete
  27. දුරියන් මගෙත් මහ පලවෙනි කෑමක් බං.අපේ රාජලයි වත්තෙ තිබ්බ දුරියන් ගහේ හදුනා ගෙඩි වගේ රස දුරියන් මම කොහෙදිවත් කාල නෑ කවදාවත් දුරියන් රස බලල තිබුනේ නැති අපේ නෝනත් දුරියන් ලෝලියක් වුනේ ඒ ගහේ දුරියන් කාල.හැබැයි මෙහෙනං කන්න තියා ඇහැට දකින්නවත් දුරියන් ගෙඩියක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම දූරියන් ගහක් ඉස්සෙල්ලාම දැක්කෙ මැලේසියාවෙදි...අපේ ගෙවල් තියෙන ඉසව්වෙ අහල ගම් හතක දූරියන් ගහක් නෑ...මැලේසියාවට ආවට පස්සෙ තමයි හොදම දූරියන් රස මම ඇති වෙන්න විදගත්තෙ...මේ කඩ වල විකුණන්න තියෙන දූරියන් තත්වයෙන් සහ රසයෙන් ඉතාම උසස්.

      Delete
  28. මැලේශියාව ගැන ලියල තියෙන ලස්සන විස්තරයක්. හරියට ඒ රටට ගියා වාගේ දැනුන.කෑම ගැන කථා කලොත් සින්ගප්පුර්වෙන් එහාට කෑම වල පැණි රහ ගතියක් තියෙනවා තමයි. ඒක අපේ දිවට හුරු නැහැ. දුරියන් මාත් (අපේ ගෙදර ඔක්කොම අයත්) හරිම ප්‍රිය මනාප පළතුරක් තමයි. ඒකෙ ලෙල්ලෙන් තමයි අපුල සුවඳක් එන්නෙ.
    හැබැයි ඔබ සිංහල ලාංචනය ගැන ලියල තියෙන විස්තරය නම් වැරදියි.සිංහයා අපේ කොඩියට ආවේ ඒක ශාක්‍යන්ගේ සලකුණ නිසා.ඔවුන් ගල් ගෙවල් වල වාසය කල කාලයේ තෝරාගෙන තිබුනේ සිංහ ලාංචනයයි.ඒක දිග කතාවක්.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි....සිංහයා පිළිබද කථාව දැනගන්න බොහොම මනාපයි...හැකිනම් 7 වෙනි ලිපියට එකතුකරන්න ලියා එව්වත් කමක් නෑ.

      Delete
  29. දූරියන් කාලම නෑ බං( ඒ උනාට උඩ හැමෝටම කියල තියෙන ඒව කියන්න නම් ඕට්‍ටු නෑ ඕං)
    සුවඳට අප්‍රියයිනෙව.
    කෙටියෙන්ම..........ඔහොම යං..!

    ReplyDelete
    Replies
    1. අයියෝ බං....මොකටද ඔය තරුණ ජීවිතේ....දූරියන් ගෙඩියක් වෙලාවක ඇදබාලා බලන්න....මගේ නම් රස නහර පිනා යනවා...

      Delete
  30. වැදගත් විස්තරයක් අයියේ.. හෆ්ෆේ බලාගෙන යද්දී මැලේසියන් කාරයෝ දුරියන් කන්න වැඩියෙන් ආසයි වගේනේ.. ලංකාවේ අර කන්නේ නැතුව අහක දාන ඒවා රට පැටෙවුවනම් හරි එක අතකට..

    ReplyDelete
    Replies
    1. මැලේසියානු කලාපය තමයි දූරියන් වල උපත...මෙහෙ දූරියන් වලින් තවත් නිෂ්පාදන කරනවා...කේක් සහ අයිස් ක්‍රීම් ඉන් ප්‍රදානයි. මැලේසියාවෙ දූරියන් වල රස ගැන නම් කියලා වැඩක් නෑ...ඒක විදලම බලන්න ඕනෙ දෙයක්.

      Delete
  31. I am a fan of your blog post. In fact it was only about a month ago I started reading Sinhala Blogs and it's a shame to admit that I was not aware of Sinhala Blog till that time. So from that day onwards, I am following yours as well as many others blog updates regularly. For some older posts of yours and many others, I too have some comments to add but, reluctant to do so as I do not know whether those are relevant now or you will got and chance to view it
    Any way, this post regarding the facts of Malaysia is quite interesting. One thing is your attractive presentation ability and the other is your dedication to search the information and present it with the images. Nowadays there are many non traditional products exported to Malaysia from Sri Lanka. One is Porcelain Table ware (Malaysia too produces Porcelain yet there is a good demand for Sri Lankan Porcelain due to its finish and quality) and the other one is Coconut fiber (Coir) and Coco Peat (Kohu Bath). The prospectus are positive for these products and this is some thing that we can be proud of as we are mainly dependent on imported products
    Well I typed these while watching the 2nd Foot Ball semifinal and my eyes are no longer at my control. Thus, I wish you all the success and hope to see more of your posts on regular basis
    Prasanna

    ReplyDelete
    Replies
    1. Thanks a lot for your valuable comment prasanna, this kind of comments giving some energy me to write the blog any further. I do concern the value of my posts at all, sometimes iam unable to decide a topic at once, but finally i can manage something which is giving some knowledge to readers.

      Sri Lanka porcelain is very popular from ancient time, it has exported to several countries even hundred years a go....

      Delete
  32. ගොඩක් හොඳ ලිපියක්.....

    අප්පේ....දුරියන්.....කටට කෙල උන්නෝ අප්පා ... :(

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය තුලදි දූරියන් කන්න අාසයි කියලා අදහස් දක්වපු එකම ගෑණු ළමයා ඔයා තමයි...දූරියන් රස ඉතින් නොකන අයට කෙසේ වටහා දෙන්නද...නේද නංගි...

      Delete
    2. නහය වහගන රහ කොහොමද කියලා දනගන්ඩ කෑව රහක් දැනෙන්නෙ නෑ නේ මට

      Delete
    3. නහය සහ දිවේ රස අංකුර අතර සබදතාවක් ඇති නේද.....හෙම්බිරිස්සාව හැදුන දවස් වලටත් සමහර වෙලාවට කෑම රස දැනෙන්නෙ අඩුවෙන් කියලා අත්දැකීමක් නැද්ද නදී....

      Delete
  33. මට නම් දූරියන් වල සුවද ඉවසන්න බෑ .පව් අර ගෙම්බො :(

    ReplyDelete
    Replies
    1. ගෙම්බො විතරක් නෙමෙයි / මාළු / කකුළුවො වගේ අයත් ඔය විදියට ටැංකි වල තියාගෙන ඉදලා ගණුදෙනුකරුගෙ ඉල්ලීම මත එවලේම අවසන් ගමන් යවලා ව්‍යාංජනයට සකසනවා...මම නම් කිසිම දිනක එවැනි දේ ඇනවුම් කරලා නෑ.

      Delete
  34. සිරාගේ තවත් සිරා ලිපියක්. දූරියන් කාලා නෑ බං ජීවිතේටම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හරී...උඹලා මාරයිනෙ බං....මම හිතුවෙ නෑ දූරියන් කන්න මෙච්චර පිරිසක් අකමැතිව ඇති කියලා....

      Delete
  35. සාමාන්‍යයෙන් නොදන්න නොදකින පැති එක්ක ලියැවුනු අපූරු ලිපියක්..
    එක ලිපියක තියන අනු මාතෘකා අඩු කරලා කරුණු වැඩි කරනවා නම් හොඳයි කියලා හිතුනා..

    ReplyDelete
  36. සිරා අයියේ මං උබේ හැම ලිපියක් වගේම කියවනවා කොමෙන්ට් නොකෙරුවට.ලිපියට රස වැඩි කරනවා දූරියං නිසා.හරිම ආසාවෙන් කියවන්න පුලුවන්.උම්බ වටින සම්පතක් අයියේ.මං සුභ පතන ගමං පුලුව්න්නම් ටොන්ගෝ රාජ්‍ය,මාලදිවයින වගේ ගැන ලියන්න උත්සාහයක් දරන්න කියනවා.මොකද සෑහෙන රසවත් තොරතුරු තියෙන රටවල් නොවැ සංස්කෘතිකයෙන් පවා.ඕන් සුභත් පැතුවා.ආ මාත් ජනවාරිවල මැලේසියාවෙ එනවා ආපුවාම හම්බවෙමුකො ආ.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...