Friday, July 11, 2014

92 දඹුල්ලේ ටිකට් කැඩුවෙමි

ඒ 2004 වසරයි. සිරා කොලුවා උසස් පෙළ විභාගයෙන් අනතුරුව පරිගණක අධ්‍යාපනය ලබමින් සිටි සමයකි. පාඨමාලාව පැවැත්වෙන්නේ සති අන්තයේ බැවින් සතියේ දින වල ඇති පදමට විවේකය තිබුනේය. ඒ විවේකයෙන් වැඩි හරියක් වැය වුනේ හැන්දෑ කොරේ සිදුකල ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනි. සැහැල්ලු පන්දුවෙන් සිදුකල මේ ක්‍රීඩාව තුල සිරා කොලුවාගේ හැකියාවන් මොනවට ප්‍රදර්ශනය වූ නිසාම අසල්වැසි ගම්මාන වලින්ද ඇතැම් විටක කොලු කුරුට්ටන් මා සොයා පැමිණියේ මුදල් ඔට්ටුවට ක්‍රීඩා කරන තරග වලදී ඔවුන්ගේ කණ්ඩායමට මා ඇතුල් කරවා ගැනීමටයි.

වමතින් පිත්ත හසුරන මගේ භූමිකාව මේ අයට ඉතා වැදගත් වූයේ වමත් පිතිකරුවන් එකල අප ගම්මානය අවට කණ්ඩායම් වල ඉතාම දුලබ වූ හෙයිනි. අප ක්‍රීකට් ක්‍රීඩා කලේ බොහෝ විට පොල් වත්තක් හෝ ඉදිකිරීමක් කර නොතිබූ හිස් ඉඩම් වලය. එම ස්ථාන ආශ්‍රිතව නිතර ක්‍රීඩා කල කණ්ඩායම් වල වමත් පිතිකරුවන් නොමැති නිසා මේ බොහෝ ස්ථාන වල වමතින් පිත්ත හසුරුවන අයගේ පාදය පැත්තේ හතරේ සීමාව බොහෝ මෑතින් පිහිටුවා තිබුනි. එවැනි තැනක තරගයට යන විටෙක වමත් කරුවන් එකෙක් දෙන්නෙක් කණ්ඩායමේ සිටියා නම් හතරේ, හයේ ඒවායින් ලකුණු මල්ලට සෑහෙන වාසිදායක තත්වයක් ගෙන දීමට හැකි වීම වමත් කරුවන් කෙරේ වැඩි වාසියක් එකතු කල කාරණය විය.

මේ ගමන් මග තුල මට හමුවූ හොද මිතුරෙකු ලෙස රවී මලයා හදුන්වා දිය හැක. අපි පන්සලේ පාඩම් කල කාලයටත් පෙර සිටම ඔවුන්ගේ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු තරමට සිරා කොලුවාව පිළිගැනීමට ඒ අය කටයුතු කලෝය. අප පාඩම් කල පන්සල පිහිටා තිබුනේද රවී මලයාගේ ගම් පියස තුලයි.

එක් දිනක් ක්‍රීඩාව නැවතී හාත්පස අදුර වැටී තිබූ වටපිටාවක රවී මලයා මා කරා අවුත් වට පිට බලා සිහින් හඩින් පුවතක් සැල කලේය.

අයියා...ඉන්ටර්නැෂනල් ක්‍රිකට් මැච් වල ටිකට් විකුණන කේස් එකක් තියෙනවා...දඹුල්ලෙ ග්‍රවුන්ඩ් එකේ. අපිට තව දෙන්නයි අඩු, කැමතිද සෙට් වෙන්න....කන්න බොන්න ඔක්කොම දීලා දවස් ගානට පඩියකුත් ගෙවනවා...SSC ක්ලබ් එකේ මැනේජර් කෙනෙක් ඉන්නවා අපේ තාත්තා අදුනන...එයා තමයි අපිව භාරව යන්නෙ.

රවී මලයා මට සැලකලේ මසුරං පුවතකි. එකල ක්‍රිකට් ක්‍රීඩාව හා යාවජීව ලෙසින් කම්පනය වූ හදවතක් තිබූ සිරා කොලුවාට මෙවැනි යෝජනාවක් පිළිබද දෙවරක් හිතන්නට කාලය අවැසි වූයේ නැත.

එකෙන්ම මම එනවා මලයො....මගේ නම දාගනින්...

රවී මලයාගේ පියාණන් ගමේ කොල්ලන් විසින් හැදින්වූයේ කඩේ මාමා ලෙසයි. ඈත අතීතයේ ඔවුන්ගේ නිවෙසට යාබදව සිල්ලර කඩයක් පවත්වාගෙන යාම එයට හේතු භූත විය. කඩේ මාමා මගේ පියාගේද හොද මිතුරෙකු බව මා දැනගත්තේ තවත් කලක් ගත වූ පසුවය. ඉස්සර දිනයක මේ දෙදෙනාම රජයේ සේවයට මහව දුම්රියේ ගමන් කොට ඇති අය වූහ.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියට තාවකාලික පදනම යටතේ සේවකයන් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලියෙන් තරගාවලියට එකල කොන්ත්‍රාත්තුවක් නිකුත් කලේය. එම කොන්ත්‍රාත්තුව ක්‍රිකට් ආයතනයේම ඉහළ නිලධාරියෙකු විසින් ලබාගෙන උප කොන්ත්‍රාත්තුවක් ලෙස SSC ක්‍රීඩා සමාජයේ රවී මලයාගේ පියා හා හිතවත් කළමණාකාර තුමාට ලබා දී තිබේ. ඔහුගේ මානව සම්පත ලෙස දැන් ටිකට්පත් නිකුත්කරන්න යන්නේ රවී, මා ඇතුලු ක්‍රිකට් උණ දරුණු ලෙස වැලදුනු කීප දෙනෙකි. මේ අය අතරින් මිහිර අයියා  සහ රයන් මලයා කැපී පෙනෙයි. මේ කියන චරිත වටා ඇති අවශේෂ කථා මේ සටහනේ අතැම් තැනකින් ඉදිරියේදී මතුවිය හැක.

ප්‍රවේශ පත්‍ර රාජකාරියට පිටත්වන දිනය උදාවෙන තුරු සිරා කොලුවාට දැන් ඉවසුමක් නැත. නිතර රූපවාහිනියෙන් දකින  අපගේ වීරයන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් හැබැහින් දකින්නට ලැබුනු මේ අවස්ථාව ඉතාම වටිනා එකක් ලෙස එකල මට දැනුනේය. මගේ පාසල් මිත්තරයෙකු වන කුලේ එකල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරමින් සිටියේය. ඒ නිසාම මේ ගමනට පුංචි පහේ ලෙංගතුකමක්ද එකතු වී තිබේ.

මම හැමදාමත් කියන්නා සේ කාලය ටික් ටික් හඩින් ගත වීමෙන් අප නඩය දඹුල්ල බලා පිටත්වන දිනය උදා විය. එදින උදෑසනම දෙමාපියන් නැමද, දින ගණනාවකට අවශ්‍ය අැදුම් කැඩුම් බහාලූ ගමන් බෑගයක් උරහිසේ දරාගෙන  අනෙකුත් කොලු කුරුට්ටන් සමග කොළඹ 7 ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට යන විට අපගේ නිලධාරියා ලෙස කටයුතු කරන්නට නියමිතව සිටි පෙරේරා මහතා එහි විය. විශාල කාඩ්බෝඩ් පෙට්ටි කීපයක ඒ ඒ තරග වලට අදාළ ටිකට් පත් වෙන වෙනම අසුරා සීල් තබා තිබූ අතර අවශ්‍ය කටයුතු සියල්ල නිම කල පසු ඒවා රැගෙන වෙනම වාහනයක් තවත් කීප දෙනෙකු සමග දඹුල්ල බලා ඉගිලුනේය. ඒ සමග පෙරේරා මහතාද ඉගිලුනේ.... ඕගොල්ලො එහෙනං බස් එකේ දඹුල්ල පිට්ටනියට එන්න...අද වාහන එකක්වත් දෙන්න විදියක් නෑ....හැම එකම එක එක වැඩ වලට ගිහින්....එහෙදි අපි හමුවෙමු යනුවෙන් පවසමින් හා ගමන් වියදම අප අතට පත් කරමිනි.

එතැන් සිට ගුණසිංහපුර බස් නැවතුම වෙත ගමන් කර එහි සිට අනුරාධපුරය බලා යන ඩී.ඇස් ගුණසේකර බස් රථ සේවයට අයත් රථයක්ම සොයා නැගුනේ අප කණ්ඩායමේ සිටින මිහිර අයියා කාලයක් මේ සමාගමේ රියදුරෙකු ලෙස සේවය කර තිබීමත්, දුර ගමන් යද්දී විදුලි වේගයෙන් ඔවුන්ගේ බස් රථ ධාවනය වන බවට තිබූ කීර්ති නාමයත් නිසාය.

බස් රථයට නැගුන සැනින් කොන්දොස්තර අයියා අපිට බොහෝ සේ කුළුපග වූයේ අප යන්නේ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක රාජකාරී සදහා බව දන්වා සිටීම නිසාය. රියදුරු තැනද වෙනසක් නැත. ඔහු අප කැමති ගීත බස් රථය තුල වාදනය කලේය. බස් රථයේ මැද කොටසේ එක ලග කිට්ටුව ආසන කීපයකට අපේ උන් බර දී තිබේ. බස් රථය පිම්මේ  අනුරාධපුරය බලා ධාවනය වෙයි. රියදුරු තැන එන්ජිමට සැර දමන විට සයිලන්සරය කම්පනය වීමෙන් නැගෙන හඩ උස්ව ඇසෙයි. මේ ගොල්ලො  ෆුල් ටෑන්ක් ඩීසල් ගහද්දි පෙට්‍රල් ලීටර් දෙකක් විතර ගහනවා. අපි නොදන්නා ජාතක මිහිර අයියාගේ ශ්‍රී මුඛයෙන් එළියට පනියි.

එකල අප භද්‍ර යෞවනයෝ වූයෙන් මේ ගමන ඉතාම චමත්කාර ජනක එකක් වූ බව මට මතක තිබේ. නඩයේ සිටින සියල්ලන්ම සැහැල්ලු පන්දුවෙන් ක්‍රීඩා කරන උන්ය. බස් රථය සෑහෙන දුරක් ගෙවූ පසු එක එකාගේ කථා පෙට්ටිවල පියන් විවර වී ඇති සෙයකි. දැන් මෙහි හෙට පැවැත්වෙන දිවා රාත්‍රී තරගයේ ටිකට් පත් නිකුත් කරන්නට යන එකෙක් නැත. සියල්ලෝම යන්නේ ක්‍රීඩකයන් ලෙසය. එක එකා බොරු ගොතා බස් රථයේ සෙසු මගීන්ට ඇසෙන සේ බස් රථය මැදට අත හරියි.

මේ කියන කාලයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවය කල ටිරෝන් නැමති වැඩිමහලු සහෝදරයෙකුද රවී මලයා සහ ඔහුගේ පියා සමග තිබූ හිතවත්කමක් මත මේ නඩයට එකතු වූයේ කොළඹිනි. ක්‍රිකට් ක්‍රීඩාවට තිබූ කැමැත්ත නිසාම රාජකාරී ස්ථානයේ නිවාඩු ලැබ ඔහු මේ යන්නේ විනෝද ගමනකි. ටිරෝන් අයියා බැලූ බැල්මට විදේශිකයෙකු මෙනි. හෙතෙම ඉතාම පැහැපත් සමක් ඇති, දේහදාරී බොහෝ සේ කඩවසම් අයෙකි. චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කථා කල හැකි ඔහුද දැන් කොලු නඩය සමග බස් රථයේ මැද කොටසේ අසුන් ගෙන සිටියි.

රවියා...උඹ හෙල්මට් දෙකම බෑග් එකට දාගත්තද...අද නම් හොදටම පරක්කුයි බං...දැන් ප්‍රැක්ටිස් පටන් අරගෙනත් ඇති...බලහං අන්තිම මොහොතෙ අපිට යන්න තිබුන වාහනේ කැඩුනනෙ.....

මචං අද නම් මූඩිගෙන් කුණු බැනුම් ෂුවර්...පිට්ටනිය වටේට රවුම් කීයක් දුවන්න කියයිද දන්නෙ නෑ. ඩිප්ස් ගහලා බෝල් කරන්න පුලුවන් වෙයිද මන්දා...මගේ බෝල් ගාඩ් එක බෑග් එකට දැම්මද මතකත් නෑ බං...

එකල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූයේ ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩියි.

මෙවැනි දෙබස් තුලින් බස් රථයේ මගීන්ට මේ යන්නේ හෙට තරගයට ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් බව ඒත්තු ගන්වන්නට පිරිසට අවශ්‍ය වී තිබේ. කණ්ඩායම භාරව යන කළමනාකරුවා මෙන් ටිරෝන් අයියා සිටින නිසාත්, ක්‍රිකට් ආම්පන්න රැගෙන යන ගමන් මලු වැනි විශාල ඒවා අපේ උන් සතුව තිබූ හෙයිනුත්, කීප දෙනෙකු හොදින් වැඩුනු ශරීර ඇත්තන් වීමත් නිසාම මගීන් මේ බස් යම් තරමකට විශ්වාස කල බවක් මගේ අක්මාවට වැටහිනි.

ඒ අතර තුර කාලයේ අවට අසුන් වල සිටින ඇතමෙකු සමග අපේ උන් අදහස් හුවමාරු කරගනිමින් සිටියි. ඇන්ටි....මේ තමයි නුවන් කුලසේකර...ලගදි ටීම් එකට ආවෙ...ඔයාට ෂුවර් නැත්තං හෙට ටීවී එකේ මැච් එක බලන්නකො මෙයා අනිවාර්යෙන්ම ඉන්නවා.

මේ කථාව සැබැවින්ම කුලයාට කිව්වා නම් ඔහු හඩ නගා සිනාසෙනවාට වඩා දෙයක් නොකරන බව මම අත්දැකීමෙන් දනිමි. ඔහු එතරම් නිහතමානී තැන්පත් ක්‍රීඩකයෙකි, අපගේ මිතුරෙකි.

ටිරෝන් අයියා...කෝල් එකක් දීලා කියන්න අපි ලගම එනවා කියලා...නැත්තං ප්‍රශ්න ඇති වෙයි. ටිරෝන් අයියාද මේ කෙබර වලට ගැලපෙන සේම සිනහව සගවා පිළිවදන් සපයයි. ඔහු කාටදෝ ජංගම දුරබණුවෙන් ව්‍යක්ත ඉංග්‍රීසියෙන් අමතයි. මගීන් දැන් දැන් අපේ කථා යම් දුරකට විශ්වාස කරන තරමට පැමිණ සිටිති.

පුතේ...මගෙත් හොද ලස්සන දුවලා දෙන්නෙක්ම ඉන්නවා...කුලේ ගැන පැවසූ පසු රථයේ අසුන් ගෙන සිටින එක්  මහත්මියක් අපේ එකෙකු සමග නව සංවාදයකට මුලපුරා තිබේ.

ඒ දෙන්නත් ක්‍රිකට් ගහන අයට හරිම කැමතියි. මම ගෙදර ගියාම කියන්නං....ක්‍රිකට් ගහන පුතාලා ටිකක් යන්න හිටිය වාහනේ කැඩිලා කොළඹ ඉදලා මම ආපු බස් එකේම ආවා කියලා.

ඔයින් මෙයින් පැය කීපයක් තුල දඹුල්ල ප්‍රදේශයට ලගා වන්නට අපට හැකි විය. දඹුල්ල ක්‍රීඩාංගනය ඉදිරිපිට බස් නැවතුමක් නැතත් බස් රථයේ සේවක දෙපල සමග අප ඇතිකරගෙන තිබූ මිත්‍රත්වය නිසාම රථය ක්‍රීඩාංගනයේ ප්‍රධාන පිවිසුම අසල නවතා කොලු රැළ මෙන්ම ගමන් මලුද රථයෙන් ඉවත් වන තුරු ඔව්හු ඉවසීමෙන් බලා සිටියහ.


බස් රථයෙන් බසින අවස්ථාව වන විට සිහින් අදුරක් ක්‍රීඩාංගනය අවට පරිසරය ගිලගනිමින් තිබූ අතර ක්‍රීඩාංගනයේ යෝධ පහන් කණු තම ආලෝකය විහිදුවමින් නැගී සිටි අන්දම ප්‍රධාන මාර්ගයට කදිමෙට දර්ශනය විය.

ක්‍රිකට් ආයතනය විසින් අපගේ නවාතැන් පහසුකම් සියල්ලටම අනුග්‍රහය දක්වා තිබුනි. ඒ අනුව ක්‍රීඩාංගනය අසලම තිබූ නිවෙසක අප වෙනුවෙන් ඒ කටයුතු සූදානම්ය. අතුරු මාර්ගයක මීටර් 200 ක පමණ දුරක් ගමන් ගත් පසු එහි පිවිසීමට අපට හැකි විය. අප එහි යන විටත් ඉන්දියානු පුවත්පතක ක්‍රීඩා මාධ්‍යවේදීන් කීප දෙනෙකුද එම නිවසේම නවාතැන් ගෙන සිටියහ.

මේ නිවසේ හිමිකරුවා වූ තිලක් අයියා සහ ඔහුගේ බිරිද ගම්මානයේ සුවද රැගත් සැබෑම ලෙංගතු අයවලුන් වූහ. ඔවුන් ඉතාම ගෞරවයෙන් අප පිළිගෙන අපගේ අඩුම කුඩුම තැන්පත් කරන්නටද සහයෝගය දුන්හ. ඔවුන්ගේ මිදුලද දහවල් මෙන් එළිය වැටී තිබේ. ක්‍රීඩාංගනය අසලම මේ නිවස පිහිටා ඇති හෙයින් ක්‍රීඩාංගනයේ විදුලි ධාරා මිදුල වෙත යහමින් පතිත වෙයි.

පෙරේරා මහත්තයත් දැන් ටිකක් වෙලා පිට්ටනියට ගිහින්...ඕගොල්ලො ආවම කාමර පෙන්නලා ඇගපත හෝදාගන්න කියලා කියන්න කිව්වා. මල්ලිලා ඇගපත හෝදගන්න එහෙනං...කොළඹ ඉදන් ඇවිල්ලා මහන්සිත් ඇති නොවැ. ඕගොල්ලො ඒ වැඩ ටික අවසාන කරනකොට අපි කෑම ලෑස්ති කරලා තියන්නම්,

ඉබ්බන්කටුව වැවෙන් එන්නේ ඉතාම සිහිල් සුලගකි. අප දැන් නවාතැන් ගෙන සිටින නිවසේ සිට වැව වෙත ඇත්තේද මද දුරකි. එකා පසු පස එකා බැගින් ගමන් වෙහෙස දඹුලු වතුරෙන් නානකාමරයේ වතුර මල අභියසදී අවසන් කොට පිරිස නැවතත් මිදුලේ එකිනෙකාට සම්මුඛ වී සිටිති.

අයියෙ අපි පිට්ටනිය පැත්තෙ ගිහිල්ලා එන්නද ? කොහොමද යන්නෙ...රවි මලයාට විදුලි එළි මධ්‍යයේ සුරපුරක් සේ පෙනෙන දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිවිසෙන තෙක් ඉවසුමක් නැත.

ඔය ඉස්සරහින් පේන කම්බි වැටේ පොඩි කපොල්ලක් හදලා ඇති එතනින් යන්න...පිට්ටනියෙ වැඩ කරන අයට අපි ඇතුලෙ කඩයක් කරනවා. ඒ නිසයි ඒ විදියට කපොල්ලක් තියාගන්න අපිට අවසර දීලා තියෙන්නෙ.

ඉබ්බා දියට දමන්නදෝ ඇසූ කලා ඇන්නෑවේ කිව්වා සේ මිටින් හල කුරුල්ලන් මෙන් අපේ කොලු රංචුව දැන් කම්බිවැටෙන් ක්‍රීඩා පිටියට ප්‍රවිශ්ඨ වෙමින් සිටිති. කම්බි වැට අද්දරටම වෙන්නට කටු මැටි බිත්තියෙන් මෙන්ම පොල්අතු සෙවිලි කරන ලද වහළයකින්ද සමන්විත අහිංසක කඩයක් අප ඉදිරියේ විරාජමානව සිටියි.

ඒ වට විට සිරා කොලුවා ජාත්‍යන්තර ක්‍රිකට් තරග කීපයක් කොළඹ ක්‍රීඩාපිටි වල නරඹා තිබුනු හෙයින් එම ක්‍රීඩාංගන වල ආරක්ෂක විධි විධාන ගැන අවබෝධයක් තිබුනි. ලෙහෙසියෙන් පහසුවෙන් කෙනෙකුට ක්‍රීඩාංගනයට පැමිණෙන්නට නොහැක. නමුත් ගම්මානයක් මැද පිහිටා තිබෙන මේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ එවැනි කිසිවක් නැත. අඩුම තරමේ ආරක්ෂක නිළධාරියෙකු හෝ පෙනෙන්නට නැත. පුදුමයෙනුත් පුදුමයකි.

තවත් මොහොතකින් ක්‍රීඩා පිටිය ආසන්නයටම ගොස් ඒ දසුන දෙස නෙත් නොපියා බලා සිටින්නට අපට හැකිවිය. ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද විශේෂ තණකොළ වර්ගයක් වවා තිබූ මේ ක්‍රීඩාංගනයට විදුලි ආලෝක ධාරා පතිත වූ කල මැවෙන දසුන එතරම්ම රමණීය එකකි. මා ලංකාවේ ඇවිද ගිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන අතරින් අවිවාදයෙන්ම සුන්දරම ක්‍රීඩාංගනය දඹුල්ල ක්‍රීඩාංගනයයි. එකල හම්බන්තොට සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගන ඉදිකර නොතිබුනි.



දඹුල්ල ක්‍රීඩා පිටියේ එක් අන්තයකින් ඉබ්බන් කටුව වැව හරි අපූරුවට පෙනෙයි. දිය රැළිති මද සුළගේ නැගෙන අන්දම විටින් විට දර්ශනය වෙයි. ඒ සුළගේ ඇත්තේ පුදුමාකාර සිසිලකි. ඇතැම් විටෙක එය දරා ගැනීමට අපහසු තරම් චණ්ඩ ස්වරූපයක් ගනියි. මේ ක්‍රීඩාංගනයේ ප්‍රධාන නැරඹුම් අට්ටාලය පස් මහල් එකකි. මගේ මිත්තරයකුගේ සොහොයුරෙක් ඉංජිනේරුවකු ලෙස මේ ව්‍යාපෘතියේ සේවය කල අතර ඉදිකිරීම් අතර තුර උස් ස්ථානයක සිට වාර දෙකකදී දෙදෙනෙකු ඇද වැටුනු බවත්, එක් අයෙකුගේ සිරුර පසාරු කරගෙන යකඩ කූරක් ගොස් තිබූ වටපිටාවක එම කූර සහිතවම රෝහල වෙත රැගෙන ගිය බවත්, මේ දෙදෙනාම ජීවිත බේරාගත් බවත් කලකට පෙර මා අසා තිබුනි. ඒ දැවැන්ත ක්‍රීඩාගාරය පාමුල දැන් මම සිටගෙන සිටිමි.

අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඒ වන විටත් සිය අවසන් පුහුණුවීම් වල නිරත වන අයුරු පෙනෙයි. රූපවාහිනියෙන් අප දකින ක්‍රිකට් විරුවන් දැන් අපේ ඇස් ඉදිරිපිට ජීවමානව සිටිති. එකල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කලේ මාවන් අතපත්තු නම් අග්‍රගණ්‍ය පිතිකරුවායි. ඔහු තම සගයින් කාර්යක්ෂමව විවිධ කාර්යයන් උදෙසා මෙහෙයවයි. ඒ අතරතුර මගේ පාසල් මිත්‍රයා කුලයා සොයා මගේ නෙත දිව යයි. ඔහු තනතිල්ලේ පන්දුවට පහර දෙන අයුරක් දිස් වෙයි. පාසලේ ලණු පැදුරේ අඩු පහසුකම් මැද කුලේ ක්‍රීඩා කරපු අතීතයත්....උසස් පෙළ වාණිජ අංශයේදී මෙන්ම පුද්ගලික පන්ති තුල ඔහු අප සමග කාලය ගත කල වකවානුවත්, පාසල් ජීවිතයෙන් පසු ක්‍රිකට් අඩුම කුඩුම සහිත විශාල මල්ලක් උරහිසේ දරාගෙන ගම්පහ දුම්රියපලෙන් කොළඹ බලා ක්‍රීඩා සමාජ පුහුණුවීම් සදහා ගිය ආකාරයත් මට මෙනෙහි වෙයි.

මල්ලිලා මොකද ඔතන....උස් හඩකින් එක්වරම එලෙස ඇසූයේ කවුදැයි අපි සියල්ලෝ විපිලිසරව බැලුවෙමු. හෙතෙම හදුනාගන්නට අපහසුවක් නැත. ටෝනි ග්‍රේග් නම් අසහාය විස්තර විචාරකයා විසින් ලිට්ල් කලූ යනුවෙන් අලුත් නමක් බෞතීස්ම කල ඔහු පිත්තක් අතැතිව අප ඉදිරිපිට සිටියි.



මල්ලිලා බහිමු පිට්ටනියට...ලෝක පතල නමක් ඇති මුත් රොමේෂ් කළුවිතාරණ යනු කෙතරම් ලෙංගතු නිහතමානී ක්‍රීඩකයෙක්දැයි මම හරියටම දැනගත්තේ එදා කීවොත් එහි වරදක් නැත. ඔහු එතරම්ම ලෙංගතු චරිතයකි. ආඩම්බර කමක් ගෑවිලාවත් නැත.

ඉතින්...කට්ටිය මොකද කරන්නෙ...පිට්ටනියෙ වැඩ කරනවද ඕගොල්ලො....හෙතෙම අපෙන් ප්‍රශ්න කරයි....අප ආ කාරිය පිළිබද අප ඔහු දැනුවත් කලෙමු. ආ එහෙමද....එතැනින් පසු අප කල සුහද කථා බහ අතර තුර මම මගේ මිත්තරයා වන කුලේ ගැනද කීවෙමි.

මගේ ඉස්කෝලෙ යාලුවෙක් නුවන් කියන්නෙ.

කවුද සොයිසද ? එකල නුවන් සොයිසාද කණ්ඩායමේ ක්‍රීඩා කලේය.

නෑ නෑ...අලුතින් ටීම් එකට ආව නුවන්.....

ආ ගම්පහ මල්ලි නේද.... මල්ලිලා හාඩ් බෝල් ද සෙල්ලම් කරන්නෙ සොෆ්ට් බෝල්ද ?

කාලයක සිට අප දැන උන් අයෙකු මෙන්  කලූ අප සමග දොඩමළු වෙයි. ඊට යාබදව සිට වේග පන්දු යවන රුචිර පෙරේරා අප සමග වරින් වර විහිලුවක් තහලුවක් කරයි. ඔහුද ඉතාම නිහතමානී, විනෝදශීලී  චරිතයකි.

දැන් අප සිටින්නේ ක්‍රීඩා පිටිය තුලයි. අප ඉදිරිපිට රොමේෂ් කළුවිතාරණ නැමති අසහාය ක්‍රිකට් ක්‍රීඩකයා සිටියි. සනත් කලූ සුසංයෝගයේ එක් පුරුකක් ලෙස අපේ හදවත් වල විශාල ඉඩක් ඔහු වෙනුවෙන් වෙන් වී තිබේ.

කලු වෙත යෝකර් එල්ලයේ පන්දු දමා ගසමින් සිටියේ ජාතික කණ්ඩායමේ Baggage Boy  ලෙස කටයුතු කරමින් සිටි නිමල් අයියාය. කලූ දර්ශනීය පහර කීපයකින් මේ පන්දු වලට සිත් සේ සලකයි.

එක් වරම බිම වැදී ඉහල නැගුන පන්දුවක් කලූගේ තහනම් කලාපය දෙසට ඇදුනේය. බඩ පිනුමක් වැනි එකක් ගසා එයින් බේරුනු ඔහු පන්දුව එවූ නිමල්ගෙන් සිනා මුසුව විමසූයේ, ඈ බං...නිමල්... උඹ මාව මරන්නද හදන්නේ යනුවෙනි. මා සිතනා ලෙසට කලූ ඉන්නට ඇත්තේ බෝල් ගාඩ් නොමැතිවය.

මා හට මතක තිබෙන පරිදි මේ තරගාවලිය තුන් කොන් එකකි. ඔස්ට්‍රේලියාව සහ කොදෙව්වන් ප්‍රතිවාදී කණ්ඩායම් වූහ. වරක් කලුගේ පිත්තේ ගැටුන පන්දුවක්, කවුරුත් දන්නා ලෙසට කීවොත් ටිප් කැච් එකක් ලෙසට පසුපසට ගලා ගියේය.
ඒ සමගම රවියාගේ කට ඇරිනි.

අයියෙ හෙට මැච් එකේදි එහෙම ඕවා දෙන්න එපා...ඕක කෙලින්ම ගිල්ක්‍රිස්ට්ගෙ අතේ....

ඌට දෙයි මම....බලා ඉදපංකො....කලුට සීතල වැඩි නිසාදෝ පුලුන් කැබලි දෙකකුත් කනේ ගසා ගත්වනමය.

මල්ලිලා රවුමට ඉන්න...හෙතෙම අප සියල්ලෝම රවුමක් මෙන් රදවා ඒ මැදට පැමිණියේය. දැන් බෝලෙ දමලා ගහන්න...ඔහු වෙත යවන පන්දුව ඔහු ක්‍රමානුකූලව පිළිවෙලට එකිනෙකා වෙත එවයි...ඇතැම් විටෙක ඉතාම වේගයෙන් පන්දුව අප වෙත ඇදී එයි.

වතාවක් රවියාගේ අත්ල පැලෙන්නට තරමේ වේගයකින් පන්දුවක් අතේ වැදින. නමුත් මේ ගෙවෙන නිමේෂයේ සුන්දරත්වය නිසාම රවියාට වගේ ගනනක් නැත. අපේ රවුමට පිටතින් කුමාර් සංගක්කාර දැන් නිමල් අයියා සමග පුහුණුවනු පෙනෙයි. ඔහුට එකල දිගු කෙස් වැටියක් තිබූ බව මට මතකය. වැඩි කථාබහක් නැති නිහඩ පුද්ගලයෙකු වූ සංගා අප පන්දුවක් අහුලා දුන් කලෙක Thank you  යනුවෙන් පමණක් කීවේය.

තවත් මොහොතකින් මගේ මිත්‍රයා කුලේ තම පුහුණුවීම් අවසන් කර හතර සීමාව දෙසට එමින් සිටියේය. මා එක්වරම ඔහුගේ නම හඩ නගා කීවෙමි. අඩේ උඹ මෙහෙ..ඔහු පරණ මිත්‍රයාමය...වෙනසක් නැත. ආගිය තොරතුරු විමසන අතරේ රවියාගෙන් කුලයාට ගැටලුවකි.

අප මිත්‍ර කුලේ උසස් පෙළ ලියූ 2001 වසරේදී මිතුරන් සමග පාසලේ බුදු මැදුර අභියස.
හැකිනම් ඔහු හදුනාගන්න. සිරාගේ කාමරෙන් ඔබ කියවූ ඔටුවාද මෙහි වෙයි. 


අයියා ඕගොල්ලො අදින ටී ෂර්ට් එකක් දෙන්නකො....

මට වැඩිපුර එකක්වත් නෑ බං.

එතැන් සිට තවත් විනාඩි කීපයක ඇවෑමෙන් කුලේ අපෙන් සමුගත්තේය.

විස්සයි විස්ස ලෝක කුසලාන ජයෙන් පසු නැවත පාසල් ගිය කුලේ


කුලේගේ මුල්ම පුහුණුකරු, කණිෂ්ක අයියා...(දරුවා අතැතිව)
තිරය පිටුපස මේ චරිත ඔබට පෙන්වීමට මේ ඡායාරූප පසුව එකතු කලෙමි.
මාස්ටර් බ්ලාස්ටර් සනත් අප දෙසට එමින් සිටියේය. තට්ටය දිලිසෙන නිසාම ඔහු හදුනාගැනීම ඉතාම පහසුය. ඒ නැතත් දකුණතේ ඇති පිරිත් නූල් කන්දරාව ඒ සනත් බව අපට සන් කරයි. එකල අපේ ආදරය වැඩියෙන්ම දිනාගත් ක්‍රීඩකයා ඔහු යැයි කීම අතිශෝක්තියක් නොවේය. පුද්ගලිකව මාගේ ප්‍රියතම ක්‍රීඩකයා වූයේද සනාය. කම්මැලි ගමනින් කලූ ආසන්නයට පැමිණි සනා දැන් අපේ ක්‍රීඩාව දෙස බලා හිදියි.


ඊට පස්සෙ මක්ක උනාද ? 

මතු සම්බන්ධයි.


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

එකල අද මෙන් කැමරා සහිත ජංගම දුරකථන හෝ ඩිජිටල් කැමරා තිබූ යුගයක් නොවූ හෙයින් මේ මතක සටහන් වල කිසිදු ඡායාරූපයක් නැත. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සමග දොඩමළු වෙන්නට අපට හැකි වුවද ඒ සියලු මතකයන්, මතකයක් පමණක්ව ඉතිරිව තිබේ.

92 comments:

  1. අමරණීය මතකයක්..!
    මේව කියවන්ට මං හරි මනාපයි බොලං.
    මට මතක් උනේ ගාල්ලෙ ග්‍රවුන්ඩ් එකේ පුහුනුවීම් මැච් එකක් බලන්න ගිහින්...කට්ලි ඇම්බ්‍රෝෂ් ඇවිල්ල කොල්ලෙක් එක්ක කතාකරපු හැටි චිම්පන්සියෙක්ගෙ වගේ දත්ටික විරිත්තලා...අම්මො ඔහුගෙ උස..අත්දෙක හෙන දිගයි දන්හිසටත් පහතට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීයා...මේවා නම් කිසිදා අමතක වෙන්නෙ නැති මතකයන් තමයි...නමුත් මේ කථාව මම මෙතරම් වේලාසන ලියන්න හිතාන උන්නෙ නෑ. එක් හේතුවක් මත තමයි මෙය ලිව්වෙ. දඹුලු කථාව කොටස් කීපයක් පුරා ලියවෙන එකක් වෙයි. ඒ හා සම්බන්ධ බොහෝ දේ තියෙනවා ලියන්න.

      ඇම්බ්‍රෝස්ගෙ තොල් බොහොම මහතයි. හිනාවෙන්නෙත් කලාතුරකින්...නමුත් ඔහු ඉතා හොද පුද්ගලයෙක් කියලා තමයි මම අහලා තියෙන්නෙ.

      Delete
  2. කණ්ඩායම් හැගීම උපරිමයෙන් තියෙන තවමත් නිසි ඇගයීමක් නොළත් දක්ෂයෙක් වගේම හොඳ මිනිසෙක් නුවන් කුලසේකර කියන්නේ. එවන් මිතුරෙක් ලද ඔබත් වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ඔහුගේ නිහතමානී කම තමයි ඔහුට තියෙන ආභරණය. කොතරම් ජනප්‍රිය පුද්ගලයෙක් වුවත් තවමත් අපේ උන්ගෙ මංගල / අවමංගල කටයුතු වලට එන්නෙ, ඒ තැන් වල පැය ගනන් රැදී ඉන්නෙ, පාසලේ අතීතයේ වෙච්ච රස බර දේ තලු මර මරා කියන්නෙ හරියට අපිත් එක්ක හිටිය පරණ යාලුවා වගේම තමයි. ඒ නිසයි කුලයට බොහෝ ක්‍රිකට් ලෝලීන් ආදරය කරන්නෙ. ඔහු කීප වතාවක්ම අප සමග මංගල උත්සව වලට සහභාගි වී තිබෙනවා. එවන් විටෙක ඔහුට අප සමග කථා බහ කරන්න ලැබෙන්නෙ ඉතාම අඩු කාලයක්. ක්‍රීඩා ලෝලීන් ඔහුව වටකරගෙන ඔහු සමග කථා බස් කරනවා වගේම තමන්ගෙ පෙම්වතියන්ට පවා ඇමතුම් අරගෙන ඔහු වෙත දුරකථනය දිගු කරනවා කථා කරන්න කියලා. මේ කිසිවක් ඔහු ප්‍රතික්ෂේප කරන්නෙ නෑ..මම වතාවක් කුලයගෙ මූණටම කිව්වා...අද මම උඹ ඉන්න තැන හිටියා නම් මම උඹ තරම් නිහතමානී වෙන එකක් නෑ කියලා....ඇත්තමයි...ඔහු සුවිශේෂී මිනිසෙක්.

      Delete
  3. බොහොම රසවත් මතකයක්. ඊළඟ කොටසත් ඉක්මනින්ම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඊලග එක කොටසක් නෙමෙයි විචාරක තුමා කොටස් කීපයක්ම තියේ...මතකය ගැඹුරින් හාරලා අවුස්සලා සියලු දේ ලියන්නයි වෑයම.

      Delete
  4. ජිවිතේ කවමදාකවත් අමතක නොවෙන මතක ;)

    ReplyDelete
    Replies
    1. රෙපාව දැක්ක කල්....

      අනිවාර්යෙන්ම...මේ මතකයන් බොහොම සුන්දරයි.

      Delete
  5. //එතැන් සිට ගුණසිංහපුර බස් නැවතුම වෙත ගමන් කර එහි සිට අනුරාධපුරය බලා යන ඩී.ඇස් ජයසිංහ බස් රථ සේවයට //

    සිරෝ පුංචි නිවැරදි කිරීමක්, D S ජයසිංහ නෙමෙයි D S ගුණසේකර . අර යට කෑල්ල දම් පාට බස් නේද...ඒ බස් යනවා නෙමෙයි පිඹිනවා !!
    හේතුව මුල් කාලයේ එහි රියදුරන් ලෙස බඳවාගත්තේ නීත්‍යානුකූලව සේවවෙන් ඉවත් වූ හමූදා රියදුරන්.. ඔවුන් ධාවනයේ අති දක්ෂයින්…

    අනුරාධපුර සිගරට් ඒජන්සියේ සහ ඉන්ධන පිරවුම් හලකත් හිමිකරු ඔහුම තමා..පුතා සජිත්.මොඩිෆයි කරපු විලීස් ජිප් එකක් පැද පැද හිටියේ..

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි බොට බොහොම ස්තූතියි...ඩී ඇස් ගුණසේකර තමයි....නියම නම. මම ඒ වරද ලිපිය තුල නිවැරදි කලා...

      ඔය කියන බස් රථ සේවය හිමිකරුට දරුවන් නැත. ඔහුගේ සහෝදරියට දරුවන් සිටි බවක් තමයි මම අහලා තිබුනෙ...ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වන අය සේවයට ගත්ත බව අමූලික ඇත්ත. ඩී ඇස් බස් වල කොන්දොස්තරලා පවා හොද පෞර්ෂයක් තිබ්බ අය...

      මේ බස් වලට රජයේ ඩිපෝ වගේ බස් රථ ගාල් කරන්න තැනක් තිබ්බා කියලා මිහිර අයියා ඒ කාලෙ කිව්වා. බස් රථය රියදුරා එහි පිවිසුම් ස්ථානයට ධාවනය කරලා නතර කලාට පස්සෙ රථ අංගනය වෙත බස් එක අරන් යන්නෙ එතැන ඉන්න වෙනත් සේවකයෙක්. පහුවදා ධාවනයට යලි එක්වෙන්න කලින් සියලුම අංශ දැඩි පරීක්ෂාවකට ලක් වෙනවාලු. මේ බස් වලට පනින්න වෙනම ටික්කො ටිකක් වගේම අංගනය තුලම ඉන්ධන පිරවුම් හලක් පවා තිබුනා කියලයි ඔහු අතිරේකව කිව්වෙ.

      වතාවක් බස් එකක් කාණුවක දාගෙන සූරගෙන හිමිකරුවා ලගට ආවලු රියදුරා...

      මොකද උනේ....

      මහත්තයා තව බස් එකක් ඇගට ඇල්ලුවා...මම කාණුවට දාගෙන තමයි බේර ගත්තෙ....

      ඔහෙත් අල්ලන්න එපායැ අනිත් පැත්තට උගෙත් පලුවක් යන්න.....අනිත් දවසෙ එහෙම මේ වගේ සුලු සුලු ඩැමේජ් කරගෙන එන්න එපා...පැත්තක් යන්න ඇරියත් මම මොකුත් කියන්නෙ නෑ.

      ඇත්ත නැත්ත දන්නෙ නෑ...එහෙමත් කිව්වලු..

      Delete
    2. ඔහුට අනුරාධපුරේ ප්‍රබල දේශපාලකයෙකුගේ පිටුබලය තිබුණා සිරා.. ඔව් මමත් අහල තියනවා හැප්පුනාට අවුලක් නෑ කියන කතාව.. ඇත්‍ත වෙන්න පුලුවන්..සජිත් සමහර විට සහෝදරියගෙ වෙන්න ඇති..මං හිතන්නෙ බස් සියයකට ආසන්න ගානක් තිබුණා ..

      Delete
    3. තිබ්බා තිබ්බා කියන්නෙ දැන් නැද්ද?

      Delete
    4. මම හිතන්නෙ ඒ දේශපාලන බලවතා මිය ගියා හරී.

      පත්තරය මලයා...මිහිර අයියා කියපු විදියට ඒ අයට බස් රථ 130 කට ආසන්න සංඛ්‍යාවක් තිබුනලු ඒ කාලෙ. ඕනෑම වෙලාවක බස් රථ 10 ක්වත් විකුණන්න තියෙනවලු. එක බස් එකක් පාවිච්චි කරන්නෙ වසර 1 ක් පමණයිලු. ඩීසල් වලට කලවම් කරලා පෙට්‍රල් එහෙමත් ගහන නිසා බස් වල එන්ජින් උපරිමයෙන් ගෙවෙනවාලු ඒ එක වසරට.

      Delete
    5. හරී අයියා, දැන් බංකොලොත් වේගෙන යන්නේ බං..තාම බස් ටිකක් දුවනවා බං.සෑහෙන්න බස් අනතුරු සිද්ධ උනා ..ගොඩක් බස් වික්කා මචෝ.

      ඕ යේස් සිරා. කොච්චර තිබ්බද කියනවනං ඔවුන් තනි දොරේ බස් රථයක් ආමි කෑම්ප් එකටත් දුන්නා !!! ඔව් .බස් ඉක්මනට මාරු කරා තමා. හැමදාම අලූත් බස් ..

      Delete
    6. පත්තරයා උඔට අනුරාධපුරයට තියන සම්භන්දේ මොකක්ද? උඔත් මම වගේ රඡරට කොල්ලේක්ද?

      Delete
    7. මෙන්ඩියෝ.. මගේ අම්මයි තාත්තයි දෙන්නම රජරට බොහෝම කාලයක් සේවය කලා මචෝ.. මගේ ගමට වඩා පුරේට ආදරෙයි,. මං s ජෝෂප් එකේ ආදියෙක් මචෝ..මේලක් දාපිය.උඹේ මේල හොයාගන්න බෑ !!!!

      Delete
    8. ගහට ගහක් මොරටුවේදි මුණ ගැහෙනවා කිව්ව කථාවෙ අලුත් එක තමයි ඔලුවට ඔලුවක් සයිබරයේදි මුණ ගැහෙනවා කියන එක...නැද්ද පත්තරයො....

      Delete
    9. කටාගේ පොට් එක, වෙස්ටන් සැලුන් එක, සෙන්ට්‍රල් පාලමයට, මල්වතු පාලමයට හිටපු ගොලු චුටි, ලතා, රානි අක්කා
      ගුල්ලා,කිරියා,දෙලා,පුංචා,මියා,ඉබ්බා,කිරි පුඞිමා,කදිරා,දෝතේ,බඞ්, අඞියා (මම), හැපි අයියා, චින්තනේ චින්තකයා, ආකෂ්.
      උඔ නොදන්නවා වෙන්න බෑ?

      Delete
  6. අ/පුරෙන් සිරා රෑ දොලහයි ගානට අදිනවා මාතර බස් එකක් මෙයාලගේ. මං ඒකෙ ගිං තියනවා .කට්ට කුලුවරේ මුළු රෑම යනවා .යනවා නෙමෙයි ඉගිලෙනවා.. 90% ඉන්නෙ ෆෝසස් කොල්ලෝ.

    .මුළු බස් එක එකම අතල් ලෝකයක් බං..ටිකකින් පිටිපස්සෙ දොර වහලා ඕං ඉඳගන්නවා ඒකෙ. ආයෙ බාගෙට ඇරගෙන දුමක් අදිනවා...:D ගෑණු අය ඇත්තෙම නැති සයිස්.හිටියත් ඉස්සරහා. ටිකට් කඩල ඉවර උණ ගමං කොන්දට ඉන්ඩ බෑ.. ඕං ඌත් ඊළඟට පිටිපස්සට සෙට් වෙනවා ..එකම විකාරයයි පිටිපස්ස..ඩැයිවරයා යනවා හෝන් එක උඩ ඉඳගෙන :D හැක්.

    ReplyDelete
    Replies
    1. දුර ගමන් යන බස් මගීන් කොටසක් ඉන්නවා ඩී ඇස් ගුණසේකර බස් වල යන්නම පුරුදු වෙච්ච. ගුණසිංහපුරෙන් ඔවුන්ගේ බස් රථයට කලින් පිටත් වුන වෙනත් බස් වලටත් අතරම මග ඉස්සර කරනවා...ගමනට ගතවන කාලය අඩු නිසා තමයි බොහෝ අය කැමති.

      දුර බස් වල තියෙන්නෙ වෙනම අප සංස්කෘතියක් නේද බං....

      දැන් උඹ හිටියෙ බස් එකේ කොයි හරියෙද පත්තරයො ?

      Delete
    2. ඔව් මමත් අනිත් බස් වල යැවුනෙම නෑ.. එකක් යද්දි එකක් ගානටම කාලයක් ඔවුන්ගෙ බස් තිබුණා.. සමහර බස් කාරයො බස් වික්කා කරගන්න බැරුව.. දුර ගමන් බස් වල එහෙම එකක් තියනවා.. මාතර එකේ නම් ෆෝසස් කොල්ලෝ තනිකරම.හරිම හොඳ උන් !!

      පාරෙදි දැන් දැක්කත් අපි ගිය බස් නේද මේ කියලා හිතෙනවා..අපේ කමක් දැනෙනවා.මං ඉතින් ආයෙ මොනව අහනවද :D

      Delete
    3. ෂැහ්..! පත්තර මල්ලිත් අදහන්න වටින බුවෙක්නෙ..!

      Delete
    4. ඈ..පත්තරයො.. ඔහේ අනුරාධපුරේ ඉදලා මාතර යන්නේ අහවල් මගුලකටයි....!

      Delete
    5. වෙන මක්කටයි ඇල්බෝ පත්තර බෙදන්නනේ

      Delete
    6. වී අයියා , ආයෙ මක්කද බං , ට්‍රිපක් ගියාවගේ තමා..එහෙම සැපක් :D

      ඇල්බයියා දැක්ක කල් යකෝ.. අපේ තාත්ත රාජ්ජ සේවකයානෙ බං .,පොර සේවය කලා අ/පුරේ.. අපේ මහගෙවල් මාතරනේ .ආච්චි අම්මව බලන්න තමා මං යන්නේ, එයා හරී හොඳයි බං.

      අඩෝ මැලයා..චැහ් . උඹ මට අපහාස කරනවට මං උඹ ගැනත් බලාගන්නං ..

      Delete
    7. ඉවානයා ඉන්න ලිස්ට් එකටම උඹ රාළවත් දාගනින්....දෙන්නගෙම බෙලි අතේ තියන් උඹට ඇතුලට යන්න බැරියැ දවසක....

      Delete
    8. පත්තරයා උඔ අනුරාධපුර සෙන්ට්‍රල්ද ඉගෙන ගත්තේ?

      Delete
    9. සෙන්ට් ජෝෂප් ගියා කාලයක් මචෝ ..එවපිය මේලක් මට.

      Delete
    10. විදින්නම් හියක්.

      Delete
  7. බොහොම ලස්සන මතකක්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම....ඉදිරි කොටස් කීපයත් කියවලා බලන්නකො...ලේසියෙන් කෙනෙකුට ලැබෙන අත්දැකීම් නෙමෙයි මේවා....

      Delete
  8. කිරිකොට් ගැහුවය කියල පාරම් බෑවට කොල්ලත් ඉස්සෙල්ලම ටිකට් විකුණලයි ඔයතත්වෙට ඇවිත් තියෙන්නෙ.අගේ කොරන්න ඕනෙ එහෙම උන්දලව.ඇත්තටම මල්ලි නුවන් කියන චරිතය මමත් දන්නව.මොකද අපේ ගමේ සෙන්ට්‍රල් එකට තමයි නුවන් ඉස්සෙල්ල ආවෙ.මගේ දෙවෙනි මල්ලිගේ පන්තියේ.මට හොදට මතකයි කට්ටිය මොකක් හරි අව කැපෙන කතාවක් කිව්වම කට අමුතු කරලා හිනාවෙන හැටි.බ.නායකෙට ගියාට පස්සේ අපි මුණ ගැහිලා නැහැ.නමුත් හොද කොල්ලෙක්.ඔය D.S ගුණසේකර බස් ගැන නම් කියල වැඩක් නැහැ.මම අවුරුද්දක් අනුරාදපුරේ කාර්යාලේ වැඩ කලා.හැම සෙනසුරාදකම උදේ 1.10 ට එප්පාවල හරහා එන බස් එකේ එන්නෙ ගෙදර.කොච්චර කල්පනාවක ආවත් යක්කල හන්දියේදී නිදාගෙන ඉන්න මාව ඇහැරවල බස් එකෙන් විසික්ක කොරල යනව.ආයේ වැඩට යන ඉරිද රෑ 9.00 බස් එක කඩවත් පහු වෙනකොට මට කතා කරලා කියනව ඉන්න තැන.කොච්චර හයියෙන් ගියත් හොද කොල්ලෝ ටිකක් ඉන්නව වැඩ කරන්න.ඉතුරු ටිකත් ඉකමනටම දැම්මොත් හොදා මං හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. දුර ගමන් බස් රථ වල මගීන් සහ බස්රථ සේවකයන් අතර බොහෝතැන් වල මේ වගේ සුහදතාවක් දකින්න ලැබෙනවා නේද....මට ඒ පිළිබද අත්දැකීම් නැති මුත් වතාවක් මගේ මිතුරෙක් කිව්වෙ දුර ගමන් බස් රථයක කොන්දොස්තර තැන සමග වළියක පැටලුන අතර මග බහින ඩබලකට බස් මගීන් බඩකට පුරා සලකපු කථාවක්. මේ කථාවෙ ඉතිරිය ක්‍රමානුකූලව පල වේවි.

      Delete
  9. Kla sirayye kla

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා....

      Delete
  10. අප්පේ අපූරු මතකයක් නෙව...
    සිරා විවිධ කාල පරාසයන් වල විවිධ අපූරු මිනිසුන් ආශ්‍රය කරල තියෙන හැඩයි...
    ඒකනෙ අත්දැකීමෙන් පිරිපුන්...

    ReplyDelete
    Replies
    1. ඩී ඇස් ගැන නං කතා අම්බානෙට තියනව...
      ඒත් හොද ඒව නෙවී...
      අනික උංට වැඩියත්ම අපල තිබ්බෙ පොල්ගහවෙලින්...
      මට මතකයි පොල්ගහවෙල නම ඇහුවත් ඒ බස්වල කොන්දල ඩැයියල බයේ වෙව්ලපු කාලයක් තබ්බ.. ඒ වගේ වැඩ උනේ උංගෙම වරදින්...
      ඒ කාලෙම තමා ඩී ඇස් බස් වලට නන්නත්තාර වෙන්න ගැහැව්වෙ... ගහනව කීවෙ එහෙමත් කෑමක් ආයෙ කව්රුවත් කන්න නැතිවඇති...බස් දහයකට වඩා කුඩු පට්ටං වෙන්න ඇති...
      කණගාටුයි තමා ඒත් උං කවදාවත් හොද මිනිස්සු උනේ නෑ...

      කියන්න නං කතා තියේ ඒත් ඒව ගැන නං මතක් කරන්න වත් කැමති නැ

      Delete
    2. සිරාගෙ මේ ජීවිත කාලය තුල විශාල පරාසයක් ඇතුලෙ මිනිස්සු ආශ්‍රය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. සමහර අය මම ජීවිතේ කවදාවත් ඒ විදියට මුණ ගැහේවි කියලා හිතපු නැති අය. වතාවක් අමරසිරි පීරිස් මහත්මයා එක්ක එක මේසෙක ඉදගෙන ප්ලේන්ටියක් බිව්වා පොඩි කයියක් දාගෙන...ඒ වගේ වෙලාවට දැනෙන සතුට බොහොමයි.

      බස් කථා බස් ගැන ඉතිං මගේ ලොකු අත්දැකීම් නෑ ගොයියො...මම ඉතිං දුර ගමන් බස් රථ වල ගියේ දඹුලු වැඩේට පමණයි.

      Delete
    3. දුර ගමනක් යන වාරයක් පාසා කෙල්ලෙක්ව රවට්ටගන්නා කේස් එක තිබ්බෙ මුන්ගෙ බස්වලද?

      Delete
    4. එවැනි දෙයක් ගැන කීමට මා නම් කිසිත් නොදනිමි ඇනෝ මිතුර...

      Delete
  11. ලස්සන මතකයක්.කිවුවත් වගෙ චායාරුප ටිකක් තිබුනනම් අගෙ කියල වැඩක් නැ.කුලෙ කවදාවත් සජිවීව දැකල නැතත් මිනිහ නිහතමානියි කියන එක අපෙ ඇගට දැනිල තියෙනව.හරිම ප්‍රිය මනාප කෙනෙක්.ඉතුරුටික ඉක්මනට දාමු.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔහු ඉතාමත් ප්‍රියජනක නිහතමානී මිත්‍රයෙක්. ඔබට වගේම මටත් බොහෝ වෙලාවට හිතිලා තියෙනවා ඒ කාලෙ මේ කියන ලෝකපූජිත ක්‍රීඩකයො එක්ක ඡායාරූපයක් දෙකක් ගන්න තිබුනා නම් කොච්චර වටිනවද කියලා.

      Delete
  12. සිරාටත් සිරාම අත්දැකීමක්නේ ලැබිලා තියෙන්නේ. ඇත්තෙන්ම උඹ වගේ ක්‍රිකට් වලට සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මැරීගෙන ප්‍රියකරන කෙනෙකුට මේ වගේ අහ්දැකීමක් මල් මසුරන් තමයි. ඔය අවස්තාව මං වගෙ එකෙකුට ලැබුනානම් ඕකෙ වටිනාකමක් නැති නිසා නොයන්නත් ඉඩ තිබුනා. ලැබියයුත්තාට නිසි දේ ලැබිලා තියෙනවා මෙතනදි නම්.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ කැමති ෆුට් බෝල්ද..?

      Delete
    2. ඇත්තටම හෙන්රි අයියා මට ජනප්‍රිය බොහෝ පුද්ගලයන් නොසිතූ විරූ අයුරින් මුණ ගැහිලා තියෙනවා. ඒ අය අතරින් අති මහත් බහුතරයක් එක්ක සුහදව කථා බහ කරන්නත් ලැබිලා තියෙනවා...සිරස අපි නොදන්න ලයිව් සුදු මල්ලි මගේ පාසලේ ආදි ශිෂ්‍යයෙක් කියලා මම දැනගත්තෙ පාසලට ගිය වෙලාවක ඔහු මුණ ගැසීමෙන් එදා ඇතිවුන අපේ හිතවත් කම තවමත් එහෙමයි. මේ වගේ බොහෝ දේ අහම්බයෙන් සිදු වූ දේ.

      හෙන්රි අයියා කැමති අත්පන්දු වලටලු...වීයො

      Delete
  13. අර ෆොටෝ එකේ වම් කෙළවරේ ඉනට අත තියන් ඉන්නෙ කුලේ නේද? :)

    සනා මාත් ඉස්සර ආසම ක්‍රීඩකයා (ක්‍රීඩකයෙක් ලෙස) දැන්නම් මහේල, සංගා, කුලසේකර හරිම අහිංසක පාටයි නේද? හරි අව්‍යාජ හිනාවක් තියෙනවා.

    ඇත්තෙන්ම මෙවන් සොදුරු මතකයක හිමිකරුවො වෙච්ච සිරා අයියලා ඇතුළු ඔක්කොම වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ප්‍රියා...ඔබ හරියටම අදුනගෙන තියෙනවා...

      සනා ක්‍රීඩකයෙක් විදියට අපේ සිත් සතන් සොරාගෙන හිටිය කාලයක් තිබුනා. නමුත් ඔහුගේ පුද්ගලික ජීවිතයේ බිද වැටීම සහ දේශපාලනයට ඒමත් එක්ක ඒ කැමැත්ත අඩු උනා කියලයි මට හිතෙන්නෙ.

      මහේල හරිම නිශ්ශබ්ද පුද්ගලයෙක්...ඔහු කථා බහ කරන්නෙ ඔහු හදුනන අය සමග පමණයි බොහෝ වෙලාවට...ඒ ආඩම්බර කම නෙමෙයි...ඔහුට පුරුදු වෙලා තියෙන විදිය.

      Delete
  14. Replies
    1. ස්තූතියි මලයො...ස්කූටරේ හොදට වැඩද දැන් ?

      Delete
  15. මාර පොර ටෝක්ස් ටිකක්නේ දීලා තියෙන්නේ අපේ පොරවල් ටික. අර ඇන්ටිගේ කොයි දූද එතකොට යාලුවට සෙට් උනේ.

    මගෙත් ආසම ක්‍රිකට් විරුවෝ ටිකක් තමා ඔය කට්ටිය. කලූ, කුලේ ඒ අතරින් විශේෂයි.

    ඉස්සර මෙහෙත් අමාලි කියල බස් ටිකක් දිව්වා බදුල්ල කොළඹ. බදුල්ලෙන් රට වටෙමත් ගියා. ඒකෙ ටිකට් දෙන්නේ කාබන් කොපියේ, ස්කූල් කිට්නම් හාල්ෆ් ටිකට් (නැත්නම් ටිකට් එක ෆ්‍රීද මන්දා), ටික්කොත් පනිනවා. අන්තිමේදී වැඩකරපු අයගේ හොඳකම හින්ද හරි පරිපාලනයේ දුර්වලතා හින්දා හරි නැත්තටම නැතිවෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. ඇන්ටිගෙ එක දුවෙක් වත් සෙට් උනේ නෑ අකමො...අපි ක්‍රීඩාංගනය ලගින් බැස්සනෙ....අනුරාධපුරයටම ගියා නම් සමහර විටෙක දුවෙක් බලන්න ගෙදර යන්න අවස්ථාවක් හදාගන්න තිබුනා....නමුත් මේ කිව්වෙ බොරුවක් කියලා දැනගත්තට පස්සෙ අම්බානක කන්නත් ඉඩ තිබුනා මට හිතෙන විදියට එහෙම ගියා නම්...

      අමාලි කියලා මේ කථාවෙ මම කිව්ව රවියලගෙ ගමේම ලස්සන කෙලි පොඩිත්තක් හිටියා ලංකාවෙ ප්‍රසිද්ධ නැටුම් කණ්ඩායම සාමාජිකාවක් වෙලා...මට එයාව තමයි උඹ ඔය ප්‍රවාහන සේවයේ නම කිව්වම මතක් උනේ.

      Delete
  16. ලස්සනට ලියල තියෙනව.
    මැච් එක වෙලාවෙ ටිකට් කවුන්ටරේට නැගලා හිටියනම්, මැච් එක බලන්න වෙන්නේ නැතුව ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇල්බන් ලොක්කො. අපි මැච් බලපු හැටි සහ තවත් විස්තර ඉදිරි ලියවිලි වලින් බලාපොරොත්තු වන්න.

      Delete
  17. කළුවා කොහොමත් හරි හොඳ එකා ඉස්සර ඉස්කෝල බිග් මැච් වලදීත් කිපින් වගේම බැටිනුත් නියමයි අවරුදු 16 ඉඳන්ම දහනමෙන් පහල කණ්ඩායමට (17න් පහල කණ්ඩායම තියෙද්දිත්) තමයි කළුවා ක්‍රීඩා කරේ ..... අපිට තිබ්බ එකම අව්ල තමයි කළුවා අපේ ඉස්කෝලේ නැතුව සෙබස්තියන් ගිය එක ...

    ReplyDelete
    Replies
    1. මගේ එදා මෙදාතුර ප්‍රියතම ක්‍රීඩකයා මැලෙයෝ.. ඒකනං කවදාවත් වෙනස් වෙන්නෙ නෑ !!

      Delete
    2. අපරාදෙ මැරකාක ටත් ඒ කාලෙ ක්‍රිකට් ගහන්න තිබ්බෙ. කවුද දන්නෙ අද එහෙම උනා නම් සමහර විට ලෝක පූජිත වෙන්නත් ඔහේට ඉඩ තිබුනද කියලා.

      Delete
  18. ලින්ක් එක දුන්නේ නැත්නම් මග හැරෙනවා. මේ ක්‍රීඩාංගනය එක්ක මගෙත් මතක සටහනක් තියෙනවා, ක්‍රීඩා කරන්න ගිහිං. මේකේ මැච් එකක් බැලුවා. මේ වගේ තවත් නිහතමානී පුද්ගලයෙක් මේ දවස් වල මට මුන්ගහෙනවා. ඒ වරයාට ක්‍රීඩා කරන අශාන් ප්‍රියන්ජන්. අපිටත් වඩා නිහතාමානීයි කියන එක තමයි කියන්න පුළුවන්. මගේ මතකයත් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක එව්වෙ ඉතිං සුදීක අයියා ක්‍රිකට් උණ තදට තියෙන පුද්ගලයෙක් වීමත්, තවමත් ක්‍රීඩාවේ නියැලෙන කෙනෙකු වීමත් යන කාරණා මත. මේ ක්‍රීඩකයන් වටා බොහෝ ක්‍රීඩා ලෝලීන් එකතු වෙන්නෙ සමාජයෙ ඒ අය ඔවුන් සමග ගණුදෙනු කරන අන්දම සමග කියලයි මට හිතෙන්නෙ. ලියමුකො බලන්න එහෙනං ඒ ලිපියත්...

      Delete
  19. ඔක්කොමත් හරි. අර කෙන්ජිගේ ෆොටෝ එකක් මැද තියෙන්නේ මොකෝ? :)

    අපි ලංකාවේ ටීම් එක කොළඹදි දැක්කා . අපි උදේ කෑම ගනිද්දි එයාලත් ආවා කෑම ගන්ට. අප්පච්චි ගිහින් මහේලට කීවා 'ඔයා මහේල වගේමයි ' කියලා...:D:D

    ReplyDelete
    Replies
    1. සිරාගෙ කාමරේට කිසිම සම්බන්ධයක් නැති මිනිහෙක්ගෙ නමක්නෙ පොඩ්ඩි කියලා තියෙන්නෙ....

      අප්පච්චි මාර කථාවක්නෙ කියලා තියෙන්නෙ. එතකොට මහේලගෙ ප්‍රතිචාර මොන වගේද....ඔය වගේම වැඩක් වතාවක් නිරෝෂා විරාජිනී ට වෙලා තිබුනා. ඇය මාර්ග බාධකයක නවතා පරීක්ෂා කරපු පොලිස් රාළහාමි කෙනෙක් ඇයට කියලා ඔයා නම් නිරෝෂා විරාජිනී වගේමයි කියලා....මොකද ඇගේ නම හැදුනුම්පතේ තියෙන්නෙ වෙනස් විදියකට නිසා.

      Delete
  20. සිරත් නොකරපු දෙයක් නෑ වගේ :D :D
    අර D.S බස් ව්ල මූණ දැක්කම අනිත් බස් කාණුවට ගන්නව. :P

    ReplyDelete
    Replies
    1. ඔව් බං...ගොඩාක් දේ කරලා තමයි යම් තරමකට වෘත්තීය ස්ථාවරත්වයක් ඇති කරගන්න සිරා කොලුවට හැකි වුනේ. කොච්චර බාධක ආවත් එකම කාරියක දිගු කාලයක් නිරත වෙද්දි එකතු වෙන අත්දැකීම් තමයි අපිව ඒ තැනට අරගෙන යන්නෙ.

      ඩී.ඇස් බස් වල අද තත්වය කොහොමද දන්නෙ නෑ නේද....

      Delete
    2. දැන් බස් වල යැවෙනව අඩුයි බං මමත්, :( ඉස්සරනම් DS එකක් දැක්කම ඔළුවෙ මල් පිපේ , :P

      Delete
    3. බස් අඞු උනාට යම් කිසි දුරකට තවමත් උන්ගේ තත්වය තියාගෙන ඉන්නවා.

      Delete
  21. monawatada.... maawatada ban ????

    ReplyDelete
    Replies
    1. manaawatada***

      Delete
    2. ඔබේ අදහස පැහැදිලි නෑ.

      Delete
  22. ලස්සන අතීත මතකයක් සිරෝ.

    ReplyDelete
  23. මෙනන මේවා ආසාවෙන් කියවන්න පුළුවන් බං.. ඉතිරි කොටසත් දාපිය...

    ReplyDelete
    Replies
    1. මේ දාන ගමන්...පොඩ්ඩක් ඉවසමු..

      Delete
    2. යකෝ ඔහමත් මිනිස්සුන්ට තර්ඡනය කරනවාද?

      Delete
  24. අපූරු මතකයන් එකතුවක් සිරා අයියේ.

    ReplyDelete
  25. පට්ට අද්දැකීම බං ! උඹ දඹුල්ල ගැන කියද්දී මටත් පොඩි අද්දැකීමක් මතක් උනා ඒ ඉන්දියා ශ්‍රිලංකා මැච් එකක් තිබුන දවසක්. හරියටම පොසොන් පොයට කලින් දවසක්, ඔන්න අපිට ග්‍රැන්ස්ටැන්ඩ් එකේ මැච් එක බලන්න ෆ්‍රි ටිකට් තුනක් ලැබුන තවත් ටිකක්ට් තුනක් ලැබුනා ඒව්වා හැබැ B ක්ලාස් එව්වා අපිත් එක්ක යාලුවෝ 5ක් ගියා ඔන්න තරඟේ පටන් අරගත්තා අපිට යාලුවෝ දෙන්නවත් උඩට ගන්න ඔනේ එතෙන්ට මැච් එක පට්ටෙට පෙනවා මාර ආතල් සිකියුරිට් එකත් අම්බානක ඇලට් එකේ ඉන්නේ ඔවර3ක් විතර ගියහම මම නැගිටලා පහලට ආව ඇවිත් පහල හිටපු එකෙක් අරගෙන උඩට ගියා. හැබැ මා ගාව තිබ්බ අනිත් ටිකට් එක පහල යාලුවට දිලා ගියේ, ටිකකින් ඌත් උඩ කොහොම හරි ග්‍රැන්ස්ටැන්ඩ් ටිකට් තුනෙන් 5 දෙනාම ආතල් එකක් ගත්තා පට්ට ෆන් බං..!

    ReplyDelete
    Replies
    1. ඔය ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් නැගපු කථා අරවද මේවද ගොඩාක් විස්තර ඉදිරි ලිපි වල මම ලියන්නම්...මේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරපු අතීතයට අදාළව බොහෝ දේ තියෙනවා ලියන්න.

      Delete
  26. අපූරු විස්තරේ සිරා.
    මට මතක විදියට ඔය තරගාවලියෙ අවසන් තරගෙ කළු ඕස්ට්‍රේලියන් කාරයන්ට අනූ ගනනක් ගැහුවෙ. අර සනා පස්සෙ ඇවිල්ල කළුවට සෙන්චරියට යන්න නොදුන්නෙ?

    ReplyDelete
    Replies
    1. මට ඒ සිදුවීම මතකයි. නමුත් එය සිදුවුනේ මේ තරගාවලියෙමද කියලා මතක නෑ. එදා කලූ ග්ලෙන් මැක්ග්‍රාත්ගෙ පන්දුවකට නිසැකව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුවත් විනිසුරු එය ලබා දුන්නෙ නෑ.

      Delete
  27. මැච් බලන්න ගිය එකම ග්‍රවුන්ඩ් එක ප්‍රේමදාස එක තමයි.
    කළු කියන්නේ මමත් ආසම ක්‍රීඩකයෙක්.සංගා ටීම් එකට ආපු අලුත කළු නිසා කට්ටිය සංගාට බැන්නත් වගේ මතකයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බැන්නා නෙමෙයි පළු ඇරියා.. ඒ දවස්වල සංගාට විකට් එකේ උසෙත් අවුලක් තිබ්බා.. අලුත් පිට ප්‍රෙශර් එකට වෙන්නැති.. මට මතකයි එක පාරක් විකට් එකට උඩිනුත් ස්ටම්ප් කළා..

      Delete
    2. ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එක කාලයක් අපේ ගෙදර වගේ දැනුනා. ඒ තරමට අපි සමීපයි මම මේ කිව්ව ටිකට් රාජකාරිත් එක්ක. පිට්ටනිය වටේට ඉන්න මැච් බලන්න එන අයගෙ දත් ගලවන කාක්කන්ගෙ ඉදන් බොහෝ දෙනෙක් අපි ඒ කාලෙ අදුනගෙන හිටියා.

      සංගක්කාර අද ඉතාම හොද කඩුලු රකින්නෙකු වුවත් ඔහු ආරම්භ කරපු කාලෙ බොහෝ දෙනා කලු සමග තමයි ඔහුව සංසන්දනය කලේ. කලු ඒ වන විට අත්දැකීම් සපිරි අයෙක් නිසා සැකයකින් තොරව සංගට වඩා උඩින් හිටියෙ.

      Delete
  28. සිරා අයියටත් පුදුම අත්දැකීම් ගොඩක්නේ තියෙන්නේ... කොහොම වුනත් අපූරු මතකයක්...

    රොමේෂ් කළුවිතාරණ මමත් ආස කෙනෙක්.. බලමුකෝ ඉතුරු විස්තර ටිකත්...

    ReplyDelete
    Replies
    1. සිරා කොලුවට බොහෝ දෙනෙකුට ලබන්න බැරි අත්දැකීම් සමහර වෙලාවට අහම්බෙන් වගේ විදින්න අවස්ථාව ලැබිලා තියෙනවා. අද ආපහු හැරිලා ඒ කාලෙ දිහා බලද්දි හිතට දැනෙන්නෙ සියුම් සතුටක්.

      Delete
  29. උඔගේ අත්දැකිම් ලියපන්. අපිත් එතන හිටිය වගේ දැනේන්න ලියලා තියනවා.
    එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. මගේ අත්දැකීම් තමයි සිරාගෙ කාමරයෙ ලියවෙන තරමක් ලියවෙන්නෙ. මේ ඇතුලෙ ගල් බොරළු / අතේ රෝල් නැත. ඇත්තම ඇත්ත තමයි ලියවෙන්නෙ.

      මම කිව්වා වගේ මැලේසියාවෙ බ්‍රා කඩයක් දාමුද...මැලේ රාළව දාමු බිල් ලියන්න.

      Delete
  30. ""පුතේ...මගෙත් හොද ලස්සන දුවලා දෙන්නෙක්ම ඉන්නවා...
    ඒ දෙන්නත් ක්‍රිකට් ගහන අයට හරිම කැමතියි. මම ගෙදර ගියාම කියන්නං....ක්‍රිකට් ගහන පුතාලා ටිකක් යන්න හිටිය වාහනේ කැඩිලා කොළඹ ඉදලා මම ආපු බස් එකේම ආවා කියලා""

    යකෝ මෙහෙම මැටි මෝල් අම්මලා ඉන්නවානම් දුවලට අබසරණ තමා

    ReplyDelete
    Replies
    1. ඒ අම්මා එහෙම විශ්වාස කරන්නත් ඇති අපේ නඩේ දීපු ටෝක් වල හැටියට...ඒක සත්‍යම සිදුවීමක්. ඕවා මොනවද ඉවාන් හොදට ඉගෙන ගත්ත මිනිස්සු ඕනෑ තරම් මුදල් තැන්පත් කරන්න ගිහිල්ලා වංචා කාරයන්ට හසුවෙන ලෝකෙ. උගත් / නූගත් භේදයක් නැතුව සමහරු බොරු වලට රැවටෙන්නෙ....ඒක බොරු කියන එකාගෙ හැකියාව

      Delete
  31. ඇත්තටම මට නං අමතක නොවනම අත්දැකීම ටෝනි ග්‍රෙග් මහතා අස්ගිරියේ දී මුණගැසී කතා බහ කරන්න ලැබුණු එක. ඔහුගේ සමරුව සහිත බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ගැයුණු Barmy Army ගී සීඩි තැටිය මගේ ළඟ තවමත් තියනවා. ඔහුට මම කීවා මම ක්‍රිකට් ගැන මෙලෝ හසරක් නොදන්නා කෙනෙක් බව හා ක්‍රිකට් ගැන උනන්දු නොවන්නෙක් බව. ඒත් ඔහු කිව්වේ, ක්‍රිකට් යනු එක දෙයක් පමණක් වන බවත් ඊට වඩා ලෝකය පුළුල් බවත් ය... :D

    ReplyDelete
    Replies
    1. මම එතුමා සමග කථා බහ කර නෑ...බොහොම සමීපව දැකලා තියෙනවා...විශේෂයෙන්ම දඹුල්ල ක්‍රීඩා පිටියෙ විස්තර විචාරක කුටියෙ ඉද්දි.

      මම මේ කල්පනා කලේ ඔහු එදා ඔබට දී තිබෙන පිළිතුර ගැන. එය හොද දාර්ශනික පිළිතුරක් නේද ?

      Delete
    2. ඒ නිසාම වෙන්න ඕනේ මට ඒ කොටස මේ තරම් කාලයක් ගිහිනුත් මතක තියෙන්නේ. ඇත්තටම ඔහු ඉතාම සොඳුරු පුද්ගලයෙක්. ක්‍රිකට් ගැන මගේ උනන්දුවක් නෑ කියා දැනගත් ඔහු මගෙන් ක්‍රිකට් ගැන විමසුවේ ම නැති තරම්.

      Delete
  32. පිනතූරු නැතත් මේවන් අමිල මතක හැමදාටම වටිනවා සිරා..ඒකේ වටිනාකම තවත් වැඩි වෙන්නේ මේ විදිහට බෙදාගත්ත නිසා..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...