Tuesday, July 15, 2014

106 ටිකට් කෙරුවාවේ ආරම්භය

පළමු කොටස

කම්මැලි ගමනින් අප ඉදිරියට පැමිණ මද වේලාවක් කලූ සහ අප කණ්ඩායම අතර සිදුවන පන්දු ක්‍රීඩාව දෙස සැහැල්ලුවෙන් බලා සිටි සනා තම දුරකථනයට ලැබුනු ඇමතුමක් නිසා අපෙන් ඈතට ගියේය. මදින් මද රෑ බෝ වී දැන් වේලාව රාත්‍රී 9 ට පමණ ආසන්නය. ක්‍රීඩකයන් නැවත ඔවුන් ලැගුම් ගෙන සිටින හෝටලයට පිටත් වීමට තම බඩු බාහිරාදිය එකතු කරන විට හෙට තරගය සුභ වෙන්නට යැයි කලූ වෙත අපේ සුභාශිංසන එකතු කොට අප නැවතත් අපේ නවාතැන වූ තිලක් අයියාගේ නිවෙසට වැටේ වූ කපොල්ලෙන් රිංගා එන විට රාත්‍රී භෝජනය සූදානම්ව තිබුනේය.

සිරා කොලුවාට පසුදිනට නියමිතව ඇත්තේ ජීවිතයේ පළමු වරට සිදුකරන රාජකාරියක නිරත වෙන්නටයි. මුදල් සමග සිදුකෙරෙන මේ ගණුදෙනුව හිතන තරම් ලෙහෙසි පහසු එකක් නොවේය. නිකුත් කරන ටිකට් පත් මෙන්ම මුදල් එකතු කිරීමද අප සතුව පවතින වගකීමක් හෙයින් ඒ පිළිබද යම් පැහැදිලි කිරීමක් අප භාරව සිටි නිළදරුවා වූ පෙරේරා මහතා විසින් රාත්‍රී භෝජනය අහවර වූ තැන අප වෙත ඉදිරිපත් කලේය. ඉන් අනතුරුව ඔහු අපගේ සහයෝගයද ගෙන හෙට දිනයට නියමිත තරගයට අදාළ ප්‍රවේශ පත්‍ර වෙන් කර කාඩ්බෝඩ් පෙට්ටි වලට දැමුවේය.

පසුදා උදෑසන 7 ට පමණ දඹුලු වතුරෙන් සැනසී රාජකාරිය උදෙසා පිටත් වන්නට පිරිස දැන් සැරසෙයි. නිවස තුල වූ නානකාමර සංඛ්‍යාව එහි නතර වී සිටි අප කණ්ඩායමට මෙන්ම ඉන්දියානු මාධ්‍ය වේදීන් වෙතද ප්‍රමාණවත් නොවූ හෙයින් තිලක් අයියා විසින් නිවෙසින් පිටත ජල ස්නානය උදෙසා සකස් කල තවත් තැනක් විය. එහි වූ ජල ටැංකියකට නිරන්තරව ජලය එකතු වූ අතර තාප්ප වලින් වටවී නැති මේ බිමේ ස්වභාව සෞන්දර්යය හොදින් විදිමින් ඉබ්බන්කටුව වැව දෙසින් හමාඑන සුළගේ සිසිලස අත්දකිමින්,විවිධ භව භෝග වවා තිබෙන හේන් ඉඩම් දෙස නෙත් යවමින් ජලය ස්නානය කරන්නට අපට හැකි විය.

ජල ස්නානය එලෙස සිදුවන විට අපේ උන් අතර කසු කුසුවකි.

අඩේ මාර සීන් එක බං...බොක සිග්නල් වදින්නෙ නෑනෙ.

රවියාට උදේ පාන්දරම කැතම කැත ප්‍රශ්නයකි. සමහර විටෙක දේශගුණික කලාපය වෙනස් වූ නිසා වන්නට පුලුවන.

අැයි බං උඹ තිලක් අයියා දුන්න ටී එක බිව්වෙ නැද්ද ? රවියා සමග එකල මරදානෙ ටෙක්නිකල් කොලීජියේ එකටම අධ්‍යාපනය ලැබූ උගේ මිතුරෙකු වූ ෆන්ක් එක රවීගෙන් විමසයි.

ෆන්ක් එක කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ මේ ගමන තුලදී මට මුලින්ම හමුවූ ලෙංගතු මිතුරෙකි. ඔහුගේ ශබ්ද කෝෂය තුල නිතර කියෙන වදනක් වූ ෆන්ක් එක යන්න උදෘත කොට ඔහුගේ නම වෘත්තීය පුහුණු ආයතනය තුල රෙජිස්ටර් වී තිබී ඇති අතර ඒ නාමය අප කරා ගෙන ආ වාහකයා වූයේ රවී කොලුවාය.

එකට දෙකක් බිව්වා බං...තාම වෙනසක් නෑනෙ...ටිකට් වැඩේ පටන් ගත්තට පස්සෙ හෙල්ලෙන්නවත් විදියක් නැති හින්දයි අවුල බං....මම හිතන්නෙ අපි ටිකට් දෙන හරියෙ බොක පොට් නැතුව ඇති.

අවුලක් ගන්න එපා රවී මල්ලි....මටත් ඔහොමම තමයි. අපි බැරිම උනොත් ඉලුක් ගාලක් අස්සට හරි රිංගමු.

කොහේදෝ සිට හදිසියේ පැමිණි මිහිර අයියාගේ එවදන් උදෑසනම කාගෙ කාගෙත් ලේ පිරිසිදු කර දෙන්නට සමත් විය. ශරීර ප්‍රමාණයෙන් කුඩා, කාලවර්ණ, විනෝදශීලී පුද්ගලයෙකු වූ මිහිර අයියාගේ සමාගමය සියල්ලෝම ප්‍රිය කලෝය.

මේ ජල ටැංකිය අසලදී අපට පළමු වරට ඉන්දියානු මාධ්‍ය වේදීන් සමග කථා බහ කරන්නට අවස්ථාවක් උදා විය. තුන්කොන් තරගාවලියට අදාළව අද පැවැත්වෙන්නට නියමිතව ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයකි.

අපි අද දිනනවා. ඔවුන් එක හෙලාම කීහ.

Factor is The Wall....He is in good rhythm these days

පවුර යන වදනින් හැදින්වූ රාහුල් ද්‍රාවිඩ් මෙන්ම අවශේෂ පිතිකරුවන් බොහොමයක් හොද රිද්මයකට පැමිණ තිබීම ඔවුන්ගේ කණ්ඩායමට වාසියක් බවත්, ඒ නිසාම තරගයේ වාසි තමන් සතු බවත් ඔව්හු පුන පුනා කීවෝය.

මෙවන් විටෙක අපගේ පාර්ශවයෙන් මේ වාදයට එකතු වන්නේ රවී මලයායි. මේකාට ඇත්තේ පුදුමාකාර ක්‍රිකට් උණකි. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව යමෙකු කථා කරන්නේ නම් රවියා සැනෙන් කුපිත වෙයි.

අපට කලින් සිය කැමරා ආම්පන්න ආදිය සමග ක්‍රීඩා පිටිය කරා යන්නට ඔව්හු පිටත් වූහ. ඒ අපට අතට අත දී සුභ පැතීමෙනි. හැන්දෑවට හමුවෙමු. මේ මාධ්‍යවේදී කණ්ඩායමේ සිටි අය අතරින් අප සමග ඉතාම හිතවත් වූ අජිත් සිං එලෙස කීවේය.

ක්‍රිකට් ආයතනය විසින් අපගේ පරිහරණය උදෙසා නිකුත් කර තිබූ පානීය ජල බෝතල් සහිත කාඩ්බෝඩ් පෙට්ටි මෙන්ම ප්‍රවේශ පත්‍ර බහා තිබූ  පෙට්ටිද අපේ උන්ගේ කර මතින් දැන් ටිකට් පත් නිකුත් කිරීම සදහා සකස් කර ඇති ස්ථානය වෙත ප්‍රවාහනය වෙයි.

පෝලීම් ලෙස සැකසී ටිකට් කවුන්ටරය වෙත එන්නට හැකි සේ එතැන යකඩ අත්වැට ඉදිකර තිබූ අතර අපේ ආගමනයෙන් මද වේලාවකට පසු තරගයේ රාජකාරී වල නිරත වන පොලිස් නිලදරුවෝද පැමිණියහ.

දැන් වේලාව උදෑසන 9 පසු වූවා පමණකි. දිවා රාත්‍රී තරගයක් ලෙස අද තරගය ආරම්භ වන්නට නියමිතව ඇත්තේ සවස 2.30 ට හෙයින් ක්‍රීඩා ලෝලීන් කිසිවෙකු තවමත් දකින්නට නැත. ඒ නිසාම මම ටිකට් පත් නිකුත් කිරීමට පරිභාහිර කථාවක් ඔබට කියන්නට රිසි වෙමි.

වර්ෂ 2000 වන විට අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීමට ලංකාව සතුව ක්‍රීඩාංගන තිබුනේ ගාල්ල, මහනුවර සහ කොළඹ යන ප්‍රදේශ වල පමණි. මේ ප්‍රදේශයන් වෙත වසර පුරාම අධික වැසි ලැබෙන හෙයින් ඇතැම් අන්තර්ජාතික තරග වැස්සට සේදී දියවී යන අන්දම බලා සිටිනවා විනා කල හැකි කිසිවක් ඒ කාලයේ උන් ක්‍රීඩා බලධාරීන්ට නොවුනේය. මගේ මතකය අනුව මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ වරක් ආරම්භ වූ ටෙස්ට් තරගයක ක්‍රීඩා කල හැකි වූයේ පළමු දින පැය දෙක තුනක් පමණි. ඉතිරි සියලුම දින එහි පතිත වූ ධාරාණිපාත වර්ෂාවට හසුව සේදී ගියේය. මෙය සමහර විට ලෝකයේ කෙටිම වේලාවක් පැවති ටෙස්ට් තරගය වන්නටද බැරි නැත.

ස්වභාවික තත්වයන් වෙනස් කරන්නට අප අපොහොසත් නමුත් ඒ සදහා පිළියමක් යෙදිය හැකි බැව් කල්පනා කල එවකට ක්‍රිකට් සභාපති දූරය දැරූ තිලංග සුමතිපාල මහතාගේ යෝජනාවකට අනුව වසරේ වැඩි කාලයක් හොදින් හිරු එළිය පතිත වන වියළි කලාපයේ දඹුල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට අවස්ථාව උදා විය. මේ යෝජනාව බොහෝ පාර්ශව වෙතින් නිර්දය ලෙස විවේචනය වුවද සුමතිපාල මහතා තම අරමුණේ දැඩිව එල්බ සිටිමින් මේ ක්‍රීඩාංගනය දැයට දායාද කිරීම ප්‍රශංසා සහගතය. ඒ අනුව 2000 වර්ෂයේදී වැඩ අවසන් වී 2001 වර්ෂයේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයකින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ලෙස කරළියට එන්නට දඹුල්ල ක්‍රීඩාංගනයට හැකි විය. මේ ක්‍රීඩාංගනය තුල පවතින සම්පත් සැළකීමේදී එකල පැවති කිසිදු ක්‍රීඩාංගනයක නොවූ තරමේ අති විශාල වාහන නැවතුම් අංගනය ඉන් ප්‍රධාන විය.

මෙවැනි අන්තර්ජාතික ක්‍රීඩාංගනයක්, දැඩි හිරු රශ්මිය මධ්‍යයේ මහ පොළව සමග ජීවන සටන ගෙනයන්නට සටන් කරන දඹුලු ජනතාවට මහානර්ඝ සම්පතක් වන බවට හදුනාගත් රංගිරි දඹුල්ල විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල නායක හිමිපානෝ 99 අවුරුදු බදු ගිවිසුමක් යටතේ මේ භූමිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැවරූ බව මා හට අසන්නට ලැබී තිබේ. ඒ විවිධ කොන්දේසි වලට දෙපාර්ශවයම එකග වීමෙනි. ඉන් එක් කොන්දේසියකට අනුව ක්‍රීඩාංගනය තුල මත්පැන් විකිණීම හෝ ක්‍රීඩාංගනයට නරඹන්නන් ලෙස මත්පැන් ගෙනයාම සහමුලින්ම තහනම්ය. මේ කාරණය සමග නරඹන්නන් ගැටුන හැටි ඉදිරියේදී ලියමි.

ඒ අනුව ක්‍රීඩාංගනයට අවැසි වූ ඉඩම ලැබුනේ රංගිරි දඹුල්ල රජමහා විහාරය සතුව තිබූ භූමියකිනි. ඒ අවස්ථාව වන විට පවුල් දෙකක් මේ භූමියේ පදිංචිව සිට ඇත. ඔවුන් වෙත පන්සලේ වියදමෙන් වෙනත් ස්ථානයක නිවාස ඉදිකර දීමට ශ්‍රී සුමංගල හිමිපානෝ කටයුතු කර තිබේ.

කෙසේ හෝ දඹුල්ල වැනි දුරබැහැර පළාතක අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන්ට හොද තත්වයේ ක්‍රීඩාංගනයක් ලැබීමත්, අන්තර්ජාතික තරග පැවැත්වෙන අවස්ථා වලදී දඹුළු ප්‍රදේශවාසීන්ට වක්‍ර ආදායම් මාර්ග ආදිය උදාවීමත්, කොළඹට දරුණු වැසි වැටෙන විටෙක එහි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරග දඹුල්ලට හරවා යවන්නට හැකි වීමත් සලකා බැලූ විට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය සතු වැදගත්කම හෙළි වෙයි.

අනුන් සතු ඉඩමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු විශාල මුදලක් වියදම් කරමින් මේ ක්‍රීඩාංගනය ඉදිකිරීම යන කාරණය මත විවිධ මත ගැටුම් පසුකාලීනව පැමිණි පාලක මණ්ඩල වල නිලධාරීන්ට අැති වීම සහ වෙනත් නීතිමය ගැටලු මත මා මේ ලිපිය තුල කථා කරන කාලයට පසුව දඹුල්ල ක්‍රීඩාංගනය වල් වැදී තිබුනි. නමුත් පසුගිය නවසීලන්ත ශ්‍රී ලංකා සංචාරයේදී මේ ක්‍රීඩා පිටියේදී තරගයක් පැවැත්වූ බව මට මතක තිබේ.

දැන් නැවතත් අප ටිකට් කවුන්ටරය වෙත යොමු වෙමු.  පෙරේරා මහතාගේ උපදෙස් අනුව එක් කවුන්ටරයක දෙදෙනා බැගින් සේවය කල  යුතුය. එක් අයෙකු ටිකට් පත් නිකුත් කරද්දී අනෙකා මුදල් ගණුදෙනුව සිදු කල යුතුය.

මෙලෙස අපේ උන් ජෝඩු කරද්දී මට ලැබුනේ වැඩි දැගලිල්ලක් නැති අහිංසක මංජුවාය. රවියාට තිබූ සම්බන්ධතාවක් මත ඔහු එහි පැමිණි බව හොදින් මතකය.

උඹට කොයි වැඩේද කරන්න පුලුවන් මල්ලි....ටිකට් දෙනවද සල්ලි ගන්නවද ? 

මම ටිකට් දෙන්නම් අයියෙ....ඒකාගේ තේරීම අනුව මම මුදල් අයකැමි වගකීම භාර ගතිමි.

පෙරවරු 11 පමණ පසුවද්දී කොළඹින් වාහන මගින් පැමිණෙන ක්‍රිකට් ලෝලීන් මෙන්ම දඹුළු පුරවරයේ ක්‍රීඩා ලෝලීන්ද ක්‍රීඩාංගනයට කෙමෙන් කෙමෙන් පිවිසෙන්නට පටන් ගත්හ.

ඡායාරූපය උපුටා ගත්තෙ මෙතැනින්.


අගනුවර සිට පැමිණෙන උන් එහිදී මිළදී ගත් ප්‍රවේශ පත්‍ර සහිතව පැමිණෙන නිසා අපෙන් මිළදී ගැනීමක් නැත. තම වාහනය ක්‍රීඩාංගනය තුල නවතා තැබීමට අවශ්‍ය අවසර පත්‍රයද එකල කොළඹින්ම ගත යුතු විය. මෙය නොදැන වාහන මගින් තරගය බලන්නට ආ බොහෝ අයට වාහන ක්‍රීඩාංගනය තුලට ඇතුලු කිරීමට නොහැකි විය. ඔවුනට පිහිට වූයේ දඹුල්ලේ වැසියෝය. ඔව්හු පුද්ගලික වාහන ගාල් කිරීමට ස්ථාන කීපයක් සකසා තිබුනි. එය ඔවුනට වක්‍ර ආදායම් මාර්ගයකි.

පෙරවරු 12 පමණ වන විට අප මුහුණ දුන්නේ පුදුමාකාර කාර්යබහුල තත්වයකටය. දැන් පෝලිම් නැත. ගෙට්ටු වල යකඩ කූරු වල එල්ලී උන් මහා හඩින් ප්‍රවේශ පත්‍ර ඉල්ලා සිටිති. මමත් මගේ සගයාත් විකුණමින් උන්නේ රු 750/- වටිනා ටිකට් පතකි. ඒ ටිකට් පතට අදාළව අසුන් තිබෙන්නේ කොතැනද ? හිසට වහළයක් තිබෙනවාද , රූපවාහිනී පුනරූපන නැරඹිය හැකිද ? මෙවැනි ගැටලු රාශියක් අපට ඉදිරිපත් වෙයි. ඒ අස්සේ ඇතමෙකු ඉල්ලන්නේ ටිකට් පත් එකක් දෙකක් නොවේ...ටිකට් පත් 25 දෙන්න...32 දෙන්න මෙවැනි විටෙක තිබෙන තදබදය අස්සේ ඉතා ඉක්මනින් මනෝමයෙන් මේ ගැටලු විසදා ගත යුතුව තිබේ.

මධ්‍යහ්න 1 - 2  වන විට අපට අප අමතකය. අප හදවත ගැහෙන රොබෝ පිරිසකි. අපේ අත් පා යන්ත්‍ර මෙන් ක්‍රියාත්මක වෙයි. ප්‍රේක්ෂක ජනතාව ප්‍රවේශ පත්‍ර අළෙවි කවුළු වටලා ඇති සෙයකි. මේ මහා ජනකාය හසුරුවන්නට පොලීසියේ ඇත්තන්ද හරි හරියට ඔට්ටු වෙති.

දඹුල්ල ක්‍රීඩාංගනයට ප්‍රවේශ පත්‍ර කවුළු හරහා මුලින්ම පිවිසෙන කෙනෙකුට සිතෙනුයේ කොළඹ ක්‍රිකට් ක්‍රීඩාංගන වලදී මෙන් ක්‍රීඩා පිටිය ඉතා ලග පිහිටා ඇති බවකි. එහෙත් ඔවුන්ගේ අදහස වෙනස් වෙන්නේ එතැන් සිට ක්‍රීඩාංගනයට ඇති කිලෝමීටර් කාලක පමණ දුර දැකීමෙනි.

මේ පුරවරයට ගිණි මද්දහනේ වැටෙන උෂ්ණාධික හිරු එළිය යට එවන් දුරක් පා ගමනින් යනවා කියන්නේ ක්‍රිකට් එපා වෙන කාරියකි. එවන් විටෙක කෝපය ඉහවහා යන ක්‍රීඩා ප්‍රේමියෙකු,

මේ ටිකට් එකත් එක්ක මෙතන ත්‍රී වීල් පාර්ක් එකකුත් දාන්න කියපල්ලා...අපිට පිට්ටනියට ලේසියෙන් යන්න යනුවෙන් පැවසූ බව මට මතකය.

දඹුල්ල ක්‍රීඩාංගනය ඉදි කිරීමේදී දෙපාර්ශවය අතර ඇතිවූ එකගතාවන් අතර මත්පැන් තහනම් කිරීම සම්බන්ධයෙන්ද එකගතාවක් තිබූ බව මම වේලාසනින්ම කීවෙමි. ඒ එකගතාව නිසා ඇති වූ ගැටලු වලට මැදි වූවෝ පොලිස් නිළ දරුවෝ සහ ක්‍රීඩා පිටියේ ආරක්ෂාව භාරව සිටි පුද්ගලික ආරක්ෂක අංශයේ සමාජිකයෝ වූහ.

ඒ ඇත්තන් මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කල නිසා මත ගැටුම් ඇති වූ අවස්ථාද විය. ක්‍රීඩාංගනයට ඇතුල් වන කුමන තරාතිරමේ වාහනයක් වුවද පරීක්ෂාවට ලක් වෙයි. එහිදී මත්පැන් බෝතල් හමුවුවහොත් ඒවා ඇතුලට ගෙන යාම තහනම් වෙයි.

වරක් කොළඹ සිට පැමිණි සුපිරි ජිප් රථයකි. මේ පරීක්ෂා කිරීම් නිසා එහි හිමිකරුවා දැඩි සේ කෝප වී සිටියේය.

යකෝ...අපි කොළඹ ඉදන් මෙහෙට එන්නෙ මැච් එකක් බලලා ෆන් එකක් අරන් යන්න. උඹලා වාහන වල හැම අහුමුල්ලක්ම බලන්නෙ බෝම්බ තියෙනවද කියලද....ඉදපං...මම හැම එකක්ම උඹලට පෙන්නන්නං...

අනේ ඒයි කෑ නොගහා ඉන්න...ඔහුගේ බිරිද මොර දෙයි.

පුද්ගලික ආරක්ෂක අංශයේ සිටි අයගෙන් අති මහත් බහුතරය ත්‍රිවිධ හමුදාවේ තනතුරු දැරූ අය නිසාම මෙවන් වහසි බස් හමුවේ අඩිය පස්සට ගත් අය නොවීය.

මහත්තයට තරහා ගියාට කරන්න දෙයක් නෑ. අපිට ලැබිලා තියෙන උපදෙස් අනුවයි අපි කටයුතු කරන්නෙ.

රථයේ හිමිකරු ආයුධ පෙට්ටියක් ගෙන බිම තබා එය විවර කරයි.

ඔයා මොනවද අනේ ඔය කරන්න හදන්නෙ...ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව අපි යමුකෝ...

කෑ නොගහා පැත්තකට වෙනවා...මම ඇන්ජිමත් ගලවලා ඒක ඇතුලත් පෙන්නන්නං ...උඹලා බලහල්ලා ඒක ඇතුලෙත් අරක්කු තියෙනවද කියලා...

හෙතෙම කියූ ලෙසම එන්ජිම ගලවන්නට මෙන් එහි විවිධ තැන් වලට යතුරු තබා කරකවන්නට උත්සාහ කලද එහි පැමිණි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු මේ ආරවුල සංසිදුවා රථය පිටත් කර හරින්නට සමත් වූවේය.

දඹුල්ල අවට ප්‍රදේශවාසී තරුණයන් පිටියට මත්පැන් ගෙන එන්නට යොදාගත්තේ අහිංසක ක්‍රමවේදයකි. නමුත් එය ඒ වන විට ඉතාම පැරණි අදහසක් බව ඔවුන් නොදැන ඉන්නට ඇත.

අතීතයේදී මත්පැන් උදෙසා මේ තරම් විරෝධයක් ක්‍රිකට් තරග වල සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගෙන් එල්ල නොවුනද මත්පැන් පානය කල නරඹන්නන් අතර ප්‍රශ්න ඇති කල අය නිසාම කෙටි කලකින් මේ සදහා වැට බදින ලදී.

ඉන් පසුව කොකාකෝලා, ස්ප්‍රයිට් ආදී පානයන් තුල බහා මේවා පිටියට රැගෙන ආවේය. පොලීසිය මේ අලුත් උපක්‍රමය ගැන කාලයක් නොදැන සිටි මුත්..පසුව ඒ පිළිබද  දැනුවත් වී ප්ලාස්ටික් බෝතල් වල බහා ක්‍රීඩාංගනයට රැගෙන එන පාන වර්ග පිළිබදවද සැළකිලිමත් වූහ.

එවැනි වටපිටාවක දැන් අපි දඹුල්ලේ ප්‍රවේශ පත්‍ර පිවිසුමේ සිට මේ කාරිය දෙස නෙත් යොමා බලා සිටිමු. ඈත සිට පා ගමනින් ඇතුලුවීමේ දොරටුව වෙත පැමිණෙන ඇතැම් තරුණයෙකු අතේ කොකා කෝලා බෝතලයකි.

මෙවන් විටෙක ඔවුන් තම සමීපයට පැමිණෙන තුරු පොලිස් නිලධාරීන් සිනාමුසුව බලා හිදිති.

මල්ලිලා කොහෙද ?

අපි ගලේවෙල අයියෙ...

ඕගොල්ලො කොකාකෝලා විතරයි බොන්න කැමති නේද...වෙන බීම ජාති වලට කැමතිම නැද්ද ?

එවන් විටෙක තරුණයන් විළි භියෙන් මෙන් ඇඹරෙති.

කෝ දෙන්න බලන්න ඔය කොකාකෝලා බෝතලේ....පොලීසියේ ඇත්තන් මුලින්ම බලන්නේ මූඩියේ ආරක්ෂිත ආවරණය බිදී තිබේද යන්නයි. එය බිදී තිබේනම් මූඩිය ගලවා එහි සුවද බැලීම සිදු කරයි.

මල්ලි මේකෙ කොකා කෝලා නෙමෙයිනෙ තියෙන්නෙ. මේක නම් ගෙනියන්න දෙන්න බෑ. මෙතනින් තියලා ගිහින් එද්දි ගන්න තමයි වෙන්නෙ.

එහෙම කරන්න එපා අයියෙ කොල්ලො සල්ලි එකතු කරලා අමාරුවෙන් ගත්ත ගල් බෝතලේ....අපි මෙතනින් තියලා ඇතුලට ගිහින් එද්දි ඔයාලා හිටියෙ නැත්තං  අපිට හුළංනෙ.

මොකද බං ඉතිං කරන්නෙ. මේක කොහොමවත් ගෙනියන්න දෙන්න බෑ.

අයියෙ ඇතුලට එළියෙන් බීලා ගියාට අවුලක් නෑ නේද ?

නෑ නෑ එහෙම ගැටලුවක් නෑ.

ඉන් පසුව තරුණ කැළ කුඩා රවුමක් මෙන් සිට ගනිති. සිලි සිලි බෑග් වල සැගවී තිබෙන හිල වඩේ, මුරුක්කු ආදිය එළි බහියි. කොකාකෝලා බෝතලය වට දෙකක් තුනක් මේ රවුම වටා ගිය පසු එහි ඇතුලත ද්‍රාවණය අමාශ ගතවී අහවර වෙයි.

එහෙත් ඇතමෙකු ක්‍රීඩා පිටිය තුලදී බයිට් එකට යමක් ගන්නට සිතා බෝතලය පමණක් කොකා කෝලා සමග මුසුකර පැමිණෙයි.

පොලිසියට හසුවූ පසු ඔවුන් එකිනෙකාගෙන් අසන්නේ..

දැන් මොකද බං කරන්නෙ....

මොනවා කරන්නද බයිට් නැතුවම කෙලිමු...

පෙර පරිදිම පුංචි රවුමක් අටවාගෙන හපන්නට දෙයක් නැතුවම රහමෙර බඩ ගෙඩිය තුලට බස්සා ඔව්හු වටේම කෙළ ගසමින් පිට්ටනියට ඇදෙයි. 

ඇතැම් විටෙක පුංචි තිරයේ ජනප්‍රිය චරිතද අපිට මුණ ගැසෙයි. වතාවක් මට එවැනි ජනප්‍රිය විකට නළුවෙකු ජනප්‍රිය ටෙලි නාටක අධ්‍යක්ෂ වරයෙකු සමග මුණ ගැසුනි. කාලයක සිට හදුනන අයෙකු මෙන් හෙතෙම මා සමග දොඩමළු වෙයි.

මල්ලියා ඉතිං....

අයියලා මේ දවස් වල මේ පැත්තෙ වැඩක්ද ?

ඔව් මල්ලියා....අපි මේ දවස් වල මේ පැත්තෙ, ටෙලියක ෂූටිං.. ඒ ගමන් මැච් එක බලන්න ආවෙ.

වට පිට බලා.......මල්ලි පොඩ්ඩක් කන ලං කරන්නකො

ඇයි අයියා.....

මල්ලි අපි ලග බෝතලයක් තියෙනවා...ඇතුලට ගෙනියන්න බැරි වෙයිද....

බෝතල් නම් කොහොමවත් ගෙනියන්න බෑ....එළියෙ බීලා ඇතුලට යන්න නං පුලුවන්....

එහෙනං අපි එහෙමවත් කරලා බඩු වැඩ කරන්න කලින් ඇතුලට ගිහින් ඉද ගමු. ඔහු අධ්‍යක්ෂකට කියයි.

මෙවැනි අත්දැකීම් දඹුල්ලේදී ඕනෑතරම් වින්දෙමි.

ක්‍රිකට් තරගය පටන් ගත් පසු පැයක් පමණ යනතුරාවට පමාවූ ක්‍රීඩා ලෝලීන් පැමිණෙයි. ඉන් අනතුරුව අපිට ඉසිඹුවක් ලැබේ. ඒ අවසරයෙන් තිලක් අයියා නිවසේ සකසාගෙන පෙට්ටියක දමාගෙන අප සිටිනා තැනට ගෙන එන බත් පැකට්ටුව අපට සම්මුඛ වෙයි.

කථාව අදට අහවරයි...

මතු සබැදි....


මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අතරතුර අප මුහුණ දුන් ඇබැද්දි සහ නිමල් අයියාගේ සමාගමය ගැන ඊලග ලිපියෙන් කියමි.

ඡායාරූපය රංගිරි දඹුල්ල ක්‍රීඩාපිටියට අදාළ එකක් නොවේ.

106 comments:

  1. බලමුකෝ එහෙනම් ඇබැද්දිත් :-)

    ReplyDelete
  2. Replies
    1. හි හි උබ දෙක යකෝ

      Delete
    2. කිරි පුතේ....උඹ අද දෙක මයෙ අම්මා......ඊලග වතාවෙ වත් එක වෙන්න ට්‍රයි එකක් දීපන්.

      Delete
  3. හරිම රසවත් කතාව සිරා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපයියා...මොනවද බං බීම ගැන කිසිත් නොකියා ඔහොම ලෙස්සලා යන්නෙ....

      Delete
  4. ඔන්න දැන් තමා කතාව පටන්ගන්නේ. බොන්නේ නැතුව මැච් බලන්න බැරිද? නොබී බලන මැච් එකක තියන ජොලිය මොකක්ද යකෝ? අනේ මන්දා බලමු ඔය පාර්ශව දෙකට අයිති අය අදහස් දක්වයිද කියලා.

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ මැච් බැළුවත් නොබැළුවත් බොන්න ඕන...

      Delete
    2. කිරිබත් නැතුව අවුරුදු කන්න පුලුවන් උනාට එකේ කිසි ගතියක් නෑ වගේ තමයි, දබුල්ල වගේ වියලි පැත්තක බියර් එකක් එහෙම ගහගෙන තමා මැච් එක බලන්න ඕනේ

      Delete
    3. ආං හරි විදානෙයො.. බැලුවත් නොබැලුවත් බොන්න ඕනැ.. ම්ම එක පයිං !! ඕ යේස්.

      Delete
    4. මගේ මනාපයත් ඔය ගොඞට එකතු කරහං

      Delete
    5. බීල බලන එකට මාත් මනාපයි. බොන ගමන් බැලිල්ලට ඊටත් වඩා මනාපයි.

      Delete
    6. ඔය බේබද්දෝ අපිවගේ අහිංසකව මැච් ඒක බලන එවුන්ගේ ආතල් එක කනවා නසරානියෝ ......

      Delete
    7. යකෝ, එකෙක්වත් දන්නේ නැද්ද අර ලේ දන්දෙනකොට ලේ එකතුකරන බෑග් වගේ ඝන පොලිතීන් වලින් බෑග් එකක් හදාගෙන ඒකට සෝඩා/අරක්කු මිශ්‍රණය පුරවලා, ජොකාට යටින් තියාගෙන යන්න. අනේ උඹලට අපිම කියලා දෙන්න ඕනේ ඉතිං................

      Delete
    8. හොඳට තියෙයි හදිසියෙවත් බෑග් එක හිල් වුනොත් ජුන්ඩා ඩෝප්

      Delete
    9. විදානෙ මාත් එකෙන්ම උබ එක්ක

      Delete
    10. අනේ මන්දා මොනවා කියන්නද කියලා...ජොකා අස්සෙ අරක්කු ගෙනිච්චොත් ඉතින් එකාට එක ගානෙ බෑග් ගෙනියන්න වෙයි....වෙන එකෙකුගේ අස්සෙ තිබුන අරක්කු බොන්න තව එකෙක් කැමති වෙයිද ? ඔයා ඉවාන් කියලා තියෙන කාරණයටත් පිළිතුරක් දෙන්න විචාරක තුමා....

      විදානෙට මගේ මනාපයත් පල කරනවා ගොයියො...හැබැයි දැන් නම් සිරා කලාතුරකින් තමයි පොඩ්ඩක් නමා ගන්නෙ....

      Delete
    11. hikzzz... yako jokata yatin thiyagena gihin apita kalin dope wenne api malliyata... hak hak hak...

      Delete
    12. මේක ප්‍රායෝගිකව අත්හදා බලලා සාර්ථක වුන වැඩක්. දන්නවනේ ආමිකාරයා කොහොම හරි අරමුණ ඉෂ්ඨ කරගන්නවා. කවරේ පැලෙන්නේ නැහැ. පොත් සාප්පුවල තියනවා සිතියම් ආවරණය කරන්න ගන්න විශේෂ ඝන පොලිතීන් වර්ගයක්. කෑම මේස වලටත් ඒවා එලනවා. උණුවතුර හැලුනත් මොකුත් වෙන්නේ නැහැ. ගාණට කපලා සුපර් ග්ලූ වලින් අලවලා ගත්තම මල් හතයි.

      Delete
    13. සිරා,
      //ජොකා අස්සෙ අරක්කු ගෙනිච්චොත් ඉතින් එකාට එක ගානෙ බෑග් ගෙනියන්න වෙයි....වෙන එකෙකුගේ අස්සෙ තිබුන අරක්කු බොන්න තව එකෙක් කැමති වෙයිද ?//
      දන්නවද හිරගෙදරට බීඩි/ජොයින්ට් ගේන විදිහ? මට කිව්වෙ ඇතුලෙ ඉඳල ආපු එකෙක්මයි. අහවල් අක්ක කියල අක්ක කෙනෙක් ඉන්නවලු ඇතුලෙ. එයාගෙ අහවල් එක අස්සෙ ගහල ගේන බඩු ඇතුලෙ විකුණන්නෙ " ගන්න ගන්න ....අක්කගෙ ....මේ දැං ඇදල ගත්ත බඩු" කියල

      Delete
    14. විචාරක තුමා එහෙනං පෙර අත්දැකීම් සමගයි සැට් එකට ජොකා අස්සෙ අරක්කු ගේන්න උගන්වලා තියෙන්නෙ...ඔබ කියන ඝනකම් පොලිතීනය මම දන්නවා...

      රාජ්

      අක්කගෙ අරක අස්සෙ එන හින්දා පොඩි ලිංගික තෘප්තියක් වගේ එකකුත් ඒවා කටේ තියලා අදින උන්ට දැනෙනවා ඇති... ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැරි උනා කියලමයි මට හිතෙන්නෙ.

      Delete
  5. ඔය දඹුල්ලේ පුටු ගලවන් ගිහින් සුරියවැව හයිකෙරුවා කියලා කතාවකුත් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කථාවක් ඇත්තටම වෙලා තිබුනා...ඒ ගෙනිච්ච පුටු නැවත ගෙනාවද කියලා නම් දන්නෙ නෑ....

      Delete
  6. "තම වාහනය ක්‍රීඩාංගනය තුල නවතා තැබීමට අවශ්‍ය අවසර පත්‍රයද එකල කොළඹින්ම ගත යුතු විය. "
    මේකෙන්ම පේනවා අපේ පරිපාලනයේ මෝඩකම. ඇයි ටිකට් එතනින් විකුනන්න බැරි. අනිත් එක මේ වගේ ඉඩතියන පැත්තක ක්‍රීඩාන්ගනය හදන කොට අඩුගානේ ආසන ගානෙන් 25%ක් වත් පාර්කින් තියෙන්න හදන්න ඕනේ.

    අනිත් එක මෙතන ධර්ම ශාලාවක් නොවන නිසා, මත්පැන් බොන්න පුලුවන් වෙන තැනකින් ඉඩමක් හොයා ගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ඒ ගැටලුව පරිපාලනයේ ලොකුම දුර්වලතාවක්...කොළඹින් ප්‍රවේශ පත්‍ර ගන්නකොට වාහනය පාර්ක් කරන්න අවශ්‍ය බලපත්‍රය නොමිලේ දෙන්නෙ. නමුත් ඒ ගැන නොදැන ටිකට් පත පමණක් රැගෙන ආව අයට වාහන නැවතුම් අංගනයෙ ඇති තරම් ඉඩ තිබුනත් වාහනය නවත්වන්න අවසර නැති උනා.

      පන්සලට අයත් ඉඩමක් නිසා වෙන්න ඇති හාමුදුරුවො එහෙම නීතියක් පනවන්න ඇත්තෙ...මොකද පාරම්පරික ඉඩම්නෙ....හාමුදුරුවන්ගෙ පුද්ගලික දෙයක් නෙමෙයිනෙ...

      Delete
  7. මට දුක අර කොල්ලො ටික ගැන. චැහ් !!!!

    ReplyDelete
    Replies
    1. කොයි කොල්ලො ටික ගැනද බං...බයිට් නැතුව බඩට හලා ගත්ත උන් ගැනද ?

      Delete
  8. ශා මරු මතකයක්නේ අයියා මේ ගමන අවුස්සන්නේ.. ඊලග එක දානකන් බලාගෙන හිදිමි..

    ReplyDelete
    Replies
    1. මේ මතකයන් සියල්ලම එක් වරම මෙහි පලවෙන්නෙ එක්තරා හේතුවක් නිසයි. ඒ බවත් ඊලග ලිපියෙන් ඔබට දැනගන්න ලැබේවි.

      Delete
  9. ඇස්කොට්July 16, 2014 at 4:34 AM

    උඹේ ලියවිල්ල නම් හැමදාම වගේ සුපිරියි පුතේ. ව්‍යාකරණෙත් ඩිංගක් තව ඇදකුද ඇරගත්ත නං අගේ කියලා නිම කරන්ඩ බෑ.

    "අපි අද දිනනවා. ඔවුන් එක හෙලාම කීවේය." වගේ ඒවා "අපි අද දිනනවා. ඔවුහු එක හෙලාම කීවෝය./ කීහ. " කියලා ලියමු නේද?

    ReplyDelete
    Replies
    1. ane budu machan... meka wiyakarana paadamak nemei ne mu kiyana eka apita therenawanam a madai ban... onna waliyak ada ganna nemei man mehema kiwwe...

      mama AJITH

      Delete
    2. ඇස්කොට් ඔබට බොහොම තුති...මගේ වරදක් පෙන්වා දුන්නාට....ඇත්ත වශයෙන්ම සිරා කොලුවා යමක් ලියද්දි ව්‍යාකරණ ගැන බොහොම තදින් හිතනවා...නිතරම නිරවද්‍ය තාව පවත්වාගෙන යන්න තමයි වෑයම් කරන්නෙ....නමුත් ඔබ පෙන්වා දුන්න තැන මේ ලිපිය තුල මට මග හැරී තිබෙනවා.....දැන් මම වරද නිවැරදි කර තිබෙන්නේ...

      අජිත්....ඇස්කොට්ට එහෙම කියන්න එපා....බස නොමරා ලියන්නයි අපි වෑයම් කල යුත්තෙ...හැමෝම නීතියක් රීතියක් නැතුව තමන්ට හිතෙන විදියට ලියන්න ගත්තොත් තව අවුරුදු 50 යද්දි විකාර සිංහලයක් ඉතිරි වේවි.

      Delete
    3. තාමත් "ඔවුන් (අනුක්ත කර්තෘ) ... කීහ" කියල යි තියෙන්නෙ නං. "ඔවුහු (උක්ත කර්තෘ) ... කීහ (අවසාන ක්‍රියාව)" කරමු.

      Delete
    4. ඇත්ත වශයෙන්ම ඇනෝ මිත්‍රයා පාසල් සමයෙදි ඔබ කියන දෑ පිළිබද හොද අවබෝධයකින් යුතුව කටයුතු කලත් දැන් බොහෝ ව්‍යාකරණ රීති අමතක වෙලා තියෙන පසුබිමක තමයි ලියාගෙන යන්නෙ. ඔබේ සහයෝගය ඉතාම අගය කරනවා...ඉදිරියටත් හැකි විදියට ව්‍යාකරණ දෝෂ පෙන්වනවා නම් හොදයි.

      Delete
    5. ඔබේ නිහතමානීකම ඉහළින් අගයමි. වැරැද්දක් පෙන්නා දුන් විට පුප්පන, තමාගේ නිවැරදිබව ම ඔප්පු කරන්නට සැරසෙන බ්ලොග්කරුවන් අතර ඔබ මිණිකැටයක් සේ බබළයි. ඔබට සදා ජය !

      Delete
    6. මමත් ගුටි කන තරමක් ගුටි කාල තියෙන්නෙ වියාකරණ වරද්දල..දැනටත් පුළුවන් තරමක් ට්‍රයි කොරනවා නොවරද්දා ලියන්න..ඒත් වරදිනව මලය..ඉක්මනට ඊ ලග කොටහත් දැම්ම නම්..ජය..

      Delete
    7. ස්තූතියි ඇනෝ මිත්‍රයා...මින් ඉදිරියට සිරාගේ කාමරය තුල ඔබ දකින ව්‍යාකරණ වැරදි නිරන්තරව පෙන්වා දෙන්නට ඔබට ඇරයුම් කරමි.

      පාසල් යන කාලයේ ව්‍යාකරණ පිළිබද දැනුම අදට වඩා වැඩියි නොවැ. එයින් පසු එළැඹුන කාල සමයෙදි ලිඛිතව අපි සිංහල භාෂාව සමග කරන ගණුදෙනුව අඩුයි. ඒ නිසාම සමහර ව්‍යාකරණ රීති දැන් අමතක වෙලා.

      Delete
  10. ඇයි දන්නේ නෑ මේ පිරිමි අය හැම තැනදිම බොන්නේ? :)

    ReplyDelete
    Replies
    1. ඇයි ද දන්නේ නෑ මෙි ගැනු අය කිසි තැනකදි නොබොන්නේ? :)

      Delete
    2. සුරාවේ අගයත්,
      එහි ඇති මනා ගුණයත්,
      බොන උතුමෝ මිසක්,
      නොබොන දුදනෝ නොදනිත්..

      Delete
    3. මටත් හිතුණේ ඕකමනේ පොඩ්ඩි :D

      Delete
    4. ගෑණු ප්‍රශ්න නිසා වෙන්ට ඇති

      Delete
    5. විදානේ,
      නොබොන අනුවණ දනෝ නොදනිත්.

      Delete
    6. සජීව මෙන්ඩිස්ට මගේ මනාප තුනම දෙනවා.

      Delete
    7. ගෑණු හුටපට තමයි පොඩ්ඩියෙ...මේ අයට මැච් එකක් දිහා බලාන හිටියත් ගෙදර කිරිපිටි ඉවර වීම...පරිප්පු නැති වීම, බිරිදට අරන් යන්න තියෙන බඩු ලැයිස්තුව මතක් වෙද්දි බඩ පපුව දනවා ඇති. ඒ හින්දයි මැච් එකට සිත එකග කරගන්න පොඩි ෂොට් එකක් නමාගන්නවා ඇත්තෙ.

      Delete
  11. හැබෑට බං මොන එහෙකටද ඔය තරං බොන්න ට්‍රයි කරන්නේ..

    ReplyDelete
    Replies
    1. අඞෝ අරක්කු වලට බනින්න එපා තද වෙනවා ඈ

      Delete
    2. කන්නෙලියෙ ගිහිල්ලා බොක්සර් කොටයකුත් ගහගෙන පදුරු තැලුවෙ වෙන කවුරුවත්ද දේශකයො....

      Delete
  12. මචං කියන්න දෙයක් නෑ ටෙලියක් බලාගෙන ඉන්නවා වගේ උඔ ඒච්චර සුපිරියට ියලා තියනවා.
    එල ද බ්‍රා.
    අර රාලහාමිලා එලියේ ඉදලා හරි බිලා යන්න දුන්න එක වටිනවා. උඔට ෂුවර්ද ඒ ශ්‍රි ලංකා පොලිසිය කියලා?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙන්ඩිස් අයියා....එදා එතන හිටපු රාළහාමිලා ඒ විදියට තමයි කොල්ලන්ට කථා කලේ...ඒ අයත් ඒ ප්‍රදේශ වලම අය නිසා...දවල් වරුවෙ අව්වෙ පිච්චිලා කොල්ලො කීයක් හරි හොයාගෙන මැච් එක බලන්න එන්නෙ අමාරුවෙන් කියන කාරනය දන්නවා.

      Delete
  13. දඹුල්ලෙ දැං මැච් නෑ නේද...
    අනේ මංද මට ඒ වගේද මංද මතක

    රසබර සිදුවීම් පෙළක්

    ReplyDelete
    Replies
    1. ලගදි ලංකාව සහ නව සීලන්තය අතර තරගයක් පැවැත්වුන බවට මතකයක් තියෙනවා....

      Delete
  14. ලස්සන ලියවිල්ල...

    ReplyDelete
  15. බොන්න යන ගමන් මැච් එක බලනවද ,නැත්තම් මැච් එක බලන්න යන ගමන් බොනවද?

    ReplyDelete
    Replies
    1. බොනගමන් වෙලාව තිබ්බොත් මැච් එක බලනවා...

      Delete
    2. විදානෙ කියපු දේ තමයි කරන්න ඕනෙ....

      Delete
  16. නියමයි. මම නං දන්නව ඕවට ක්‍රම සහ විධි

    ReplyDelete
    Replies
    1. හුදී ජන පහන් සංවේගය උදෙසා...ක්‍රමයක් දෙකක් කිව්වා නම් නරකට හිටී.

      Delete
  17. ආරක්ෂක අංශ නරඹන්නො පාලනය කර ගත්ත විදිහ නම් අපූරුයි. "අරක්කු ගේන්න බෑ **ගෙ පුතෝ, ගෙනාවනම් හලලා පල, පර බල්ලො." කියලා නොකියා අර විදිහට සහයෝගයෙන් වැඩ කරපු එක නම් වටිනවා.

    බලමුකො සිරා අයියලට උන අකරතැබ්බත්.

    ReplyDelete
    Replies
    1. එදා රාජකාරියෙ හිටිය පොලිස් ඇත්තො ඒ පරිසරයෙම ජීවත් වෙන ඇත්තො...තරුණයො මැච් බලන්න ටිකට් එකත් අරගෙන...බෝතලයක් අරගෙන එන්නෙ විනෝද වෙන්න මිස සල්ලි යහමින් තිබිලා නෙමෙයි කියන දේ ඒ ඇත්තො දන්නවා...දඹුල්ල වගේ කාෂ්ඨක පළාතක මුදල් හොයන්න පුදුම වෙහෙසක් ඒ අය විදින්නෙ ගිණි අව්වට පිච්චි පිච්චි.....ඒ නිසියි ඒ වගේ ඉතාම සුහදව කථා කරන්න ඇත්තෙ.

      Delete
  18. හරියටම මාට්ටු නොවී බඩු ටික ඇතුලට ගෙනියන ක්‍රමය සිරාගේ ඊළඟ පොස්ටුවේ මාගේ කොමෙන්ටුවෙන් බලාපොරොත්තු වන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අපේ ජනතාවට කියා දෙන්න ඕනෙ එහෙනම් බඩු මාට්ටු නොවී අරන් යන ක්‍රමේ....මේවට කියන්නෙ මැරකකා සිස්ටම් කියලා...

      Delete
  19. දඹුල්ලේ මැච් තියනවද දැන්? අපෝ ඕකට කරන්න ඕනේ අලුත්ම සුදෝ සුදු විනිවිද පේන වතුර බෝතලේකට වයිට් එකක් දාගන යන එක. මොකෙක්වත් කියනවද ඔය තියෙන්නේ අරක්කු කියල.. ස්ප්‍රයිට් එකක් නං ඉතිං සීල් පිට ගෙනියනවා. කවුද අහන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. දඹුල්ලෙ හුග කාලෙකට පස්සෙ තරගයක් පැවැත්වුන බවට මට මතකයක් තියෙනවා මේ වසරෙදි. සුදුවා රතුවා කියලා භේදයක් නෑ...පොලිසියෙ ඉන්නෙත් බොන්නෙ නැති මහත්තුරු නෙමෙයි නොවැ...ඒ අය දන්නවා අරක්කු බෝතල් අරං එන උන් ගේට්ටුවෙන් ඇතුලට එද්දිම ඒ අරක්කුද....වෙන දෙයක්ද කියලා...

      Delete
  20. mamath giya premadase match ekak balanna... ape posh kello set ekak awith (kello 20k 25k withara) beer genalla ban pora bag ekak purola... mun gahala gahala anthimata dhonita baninawa dhoni po**aya kiyala kiya... mokada eda dhoniya neluwa apita atti halenna... kello tika beela maru wikaren dangalankota bokku hooo gaala eliye... ithin ban match eka issaraha yaddi api passa harila bokku tika baluwa.... hammeeeee mathak wenakotath danena saneepe... hmmmmmmmmm

    mama AJITH

    ReplyDelete
    Replies
    1. උඹට එහෙනං එදා ගෙදර ගිහින් සෑහෙන්න වැඩ තියෙන්න ඇති සෑහෙන දවසක් යනකං...මැච් එකට මොකද උනේ කියන්නවත් දන්නෙ නැතුව ඇති මැච් එක ඉවර වෙනකං...මොකද බෝක්කු සිහියෙන්නෙ ඉදලා තියෙන්නෙ...හැක් හැක්...

      Delete
    2. sirawata siro... gedara gihin mama dawas gaanak bokku mathak kara kara 6 ewai 4 ewai gahuwa hathara athata... lol

      Delete
    3. මල්ලි සෑහෙන්න දුක් විදලා තියෙන පාටයි....පව් අසරණයා....

      Delete
  21. අර එන්ජින් එක ගලවලා පෙන්නන ගිය එකා නම් මරු....අනිත් කොටසත් ඉක්මටන දාන්න

    ReplyDelete
    Replies
    1. එදා ඒ මනුස්සයට යකා ආවේශ වෙලා හිටියෙ...මොකද වාහනේ සුපිරි උනාම ඒවයෙ යන උන් රජ සැලකිලි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ආරක්ෂක අංශ වලින්.

      Delete
    2. අපේ වාහන වලට කොහෙන්ද රජ සැලකිලි..ඒවත් ඉතින් අපිම සලකගන්න එපැයි.

      Delete
  22. සිරාත් බැලුවම නොකල දෙයක් නෑනෙ !!

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ඉතින් අතට කීයක් හරි ලැබෙනවා නම් ගොඩාක් දේ කලා...අපේ ගෙදර අහේනියක් තිබිලා නෙමෙයි...මට දැනුම් තේරුම් ඇති කාලෙ ඉදලම ස්වාධීන වෙන්න ලොකු උවමනාවක් තිබුනා.

      Delete
  23. අපිනම් දනී ගෙනියන ක්‍රමේ. අරක්කු ටික්කක් නොබී මොන මැච් බැලිල්ලක්ද ?

    ReplyDelete
    Replies
    1. ඉතින් රත්තරනේ.....දන්න ක්‍රම හංගගෙන ඉන්නෙ ඒවා ප්‍රසිද්ධ කලාම ඒ ක්‍රම වල වලංගු තාව නැති වෙයි කියලද ?

      Delete
  24. නියම ලිවිල්ල ඈ, අපිත් එතන හිටිය වගේ :D :D

    ReplyDelete
  25. අරක්කු ඇතුලට ගෙනියන හැටිනම් අහන්න තිබුනෙ සිරාගෙන්මයි.මිනිහට එවගැන හොද දැනුමක් තියෙනව.ඔ යෙස්.වැස්සගැන කියනවනම් සිරා ගාලෙ ගහන්න දාපු මුල්ම වන්ඩෙ මැච් තුනේ එක බොලයක්වත් යවන්න බැරිවුනා.එවගෙම අවට අයට ලැබෙන වාසි කියන්නෙ ගල්ලෙ මැච් තියෙන කාලෙට ( මෙ දවස්වල වගෙ )හවස්වෙනකොට කඩෙක රොල් එකක් බනිසක් වත් හොයාගන්න නැ.එන්ග්ලන්ඩ් මැච් දවසටනම් සුද්දො පාර පුර බීල ආතල් ගන්නව.

    ReplyDelete
    Replies
    1. ගාලෙ නෙමෙයි ගාල්ලෙ

      Delete
    2. සිරා කෝමද බොල දන්නෙ...ඔය රාජ්...කම්මල වගේ ලොකු මාමලා කියලා තියෙන්නෙ ගෙනියන ක්‍රමේ දන්නවා...ඒ උනාට කියන්නෙ නෑ කියලා...ගාල්ලෙ මැච් තුනම වැස්සට හේදිලා ගියාද...මැච් වලින් දඹුල්ල ජනතාව ලබපු ප්‍රතිලාභත් ඉදිරි ලිපියක කියන්නම්.

      Delete
    3. බොට අමතක වුනාට මට මතකයි බොලා පෙරාදෙනිය මල් වත්ත ඇතුලට අරක්කු ගෙනියපු හැටි

      Delete
    4. මට මේ කථාව ලිව්වට පස්සෙ මේක සිද්ධිය මතක් වුනේ...ඔය දඹුළු මැච් එක අස්සෙම වයසක සීයා කෙනෙක් පෙරපාසල් වයසෙ ළමයෙක් එක්ක මැච් එක බලන්න ආවා. පොඩි එකාගෙ කරේ පොඩි බෑග් එකක්...පොලිස් කාන්තාවක් නිකමට වගේ ඒ බෑග් එක ඇරලා බැලුවා....සංස්ථා ගල් කාලක් හරි අපූරුවට ඒක ඇතුලෙ තිබුනා....පොලිස් නිලධාරීන්ට බනින්න ලැබුනෙ නෑ...පොලිස් කාන්තාවො සීයගෙ සරම ඔලුවෙන් ගැලෙව්වා වගේ බැන්නා ලොක්කට මැච් එපා වෙන්නම.

      Delete
  26. අරක්කු ඩිංගක් නැතුව මැච් එක බලලා වැඩක් තියෙනවෑ බං. අමුවට මැච් බැලුවාම ...අනේ මන්දා.

    දැන් කොහොමද දන්නෙ නෑ තත්වේ.

    මමත් ඕක ලඟින් දහ දොළොස් වතාවක් ගිහින් තියෙනවා නමුත් ඇතුලට ගිහින් නෑබං.

    ReplyDelete
    Replies
    1. අරක්කු නැති මැච් එකක් කියන්නේ
      හාල්-චිස්
      බෝල්ට් ඇන-කඞල
      ගූ-තත්කාලි
      එකකට එකක් ගැලපෙන්නේ නෑ.
      අරක්කු නැතිව මැච් බලනකොට ඉන්න වෙන්නේ
      නයා මැරිච්ච අහිකුංටකයා
      අශ්වයා මැරිච්ච කව්බොයි වගේ.

      Delete
    2. බොලේ මම හිතුවෙ නෑනෙ...මේ තරම් අරක්කු සහ ක්‍රිකට් අතර සබදතාවක් ඇති කියලා...ක්‍රිකට් මැච් එකක් තියෙන දවසට හොද විමසිල්ලෙන් බාර් එකක් දිහා බැලුවා නම් මේ කථා වල ඇත්ත නැත්ත බලා ගන්න හැකි වෙයි.

      මෙන්ඩිස් අයියා බොලා එක්ක වෙලාවක මැච් එකක් බලන්න සෙට් වෙන්න හිතෙනවා අප්පා....හැබැයි එදාට මෙන්ඩිස් නම් ගහන්න බෑ.

      Delete
    3. පත්තර මල්ලි සමග ගල් බොතලයකුත් තිබුනානම් මැච් එක දිනනවා මෙන්න කැට

      Delete
    4. ඒ කියන්නෙ ගල් බෝතලේ කඩන්න පත්තරයවත් ඕනෙමයි. මගේ ලග තියෙනවා මාස 4 කට කලින් මට ලැබුනු ගල් බෝතලයක්....තවම මූඩිය කැරකෙව්වෙ නෑ.

      Delete
    5. උඔ පිස්සෙක් අදම කරකපිය මුඞිය නැත්නම් කල්ඉකුත් වෙයි.

      Delete
    6. බොක්කක් දෙකක් ලග නැතුව තනියෙන් බීලා කවර සොමියක්ද අයියා...

      Delete
  27. කට්ටියගේ වැඩ මැවිලා පෙනුනා .. බලමුකො ඊලඟ කොටසත් ... :)

    ReplyDelete
    Replies
    1. කට්ටිය කිව්වෙ මැච් බලන්න ආව අයද....මෙතන කමෙන්ට් කරලා තියෙන බ්ලොග් ලියන අයද...

      Delete
    2. මම කිව්වේ මැච් බලන්න ආව අය ගැන ...

      Delete
  28. බලනකොට සෙට් එකම ස්ටෙලා මැච් බලල තියෙන පාටයි.යන්තම් පාර පෙන්නුවානම් ඇති වගේ..ඔක්කොගෙම තාක්ෂණික ශිල්පීය ක්‍රම මතක් වෙනව...ඔහොම යන් ..ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. සැට් එක තාක්ෂණික ඥානය මදින් මද තමයි දෙන්නෙ...බීලා මැච් බලන්න මෙච්චර ප්‍රිය තරගෙ ප්‍රතිඵලය කුමක් වුවත් දුක /සතුට දෙකටම ගැලපෙන පානය ඒක නිසා වෙන්න ඇති.

      Delete
  29. මට තියෙන්නෙ එක ප්‍රශ්නෙයි... යිකට් විකුණන කොල්ලොයි, පොලිසියෙ උන්නැහැලයි කොහොමද බිව්වෙ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම කියනවා නම්...අපි පොඩියට එකක් නමාගත්තෙ තරග තිබුනෙ නැති විවේකී දවස් වල...අපි නවාතැන් ගෙන සිටි තැනමයි. ඒ ගැන තොරතුරු ඉදිරියට...

      Delete
  30. ගෑල්ලමයින්වත් බැලුවද බං..?..))) අරක්කු ගෙනියනවද කියල.
    ටිකක් ගානට දාල සෙට් එකක් එක්ක මැච් බලන එක මාර ෆන් බං..!!

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයි බෑග් එල්ලගෙන ආවා නම් ඒවා පරීක්ෂා කලා පොලිස් ළදුන්. මොකද ඒ කාලෙ ත්‍රස්තවාදී තර්ජනත් තිබුන නිසා..බෝල දෙකේ ඉදන් අතගාලා තමයි පිට්ටනියට නරඹන්නෙක් ඇතුල් කලේ.

      Delete
  31. හාපෝ..මැච් එක ගැන නැතත් අරක්කු ගැන නොවැ විස්තරේ..!!

    ReplyDelete
    Replies
    1. බලන්න අනේ....පොඩ්ඩක් දාගෙන මැච් බලන්න අපේ අයගෙ තියෙන මනාපෙක තරම...

      Delete
  32. Bothale nethi kala,Cricket kawara kala.(Ranjan)

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද....කට්ටිය සෙට් වෙලා මැච් එක බලනවා නම් ඉතිං බෝතලේ අනිවාර්යයි වගේ...

      Delete
  33. කමෙන්ට් වාරණය කරලද ?

    ReplyDelete
    Replies
    1. මම කලින් දාපු කමෙන්ට් එකට යකා ගහලා. මමත් ගියා දඹුල්ලේ මැච් එකක් ගහන්න. තව පාරක් බලන්න. ඒ අත්දැකීම් ටික හෙමිහිට කොටන්නම්. මේ දවස් වල කිසිම විවේකයක් නෑ.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...