Wednesday, February 11, 2015

112 කෙල්ලො චපලද ?

සිරා කොලුවගෙ කාමර කබල හදිසියේ දැනුන විරහා දුකෙන් පාලුවට ගිහිල්ලා තියෙන වෙලාවක හිත තදකරගෙන මම සුකුමාර්ගෙ කදුළු කථාව අකුරු කොලාට පස්සෙ කීප දෙනෙක්ම කිව්වා මේ පෙබරවාරිය බූට් මාසයක් කොරමු කියාලා. ඉති සිරා කොලුවා වන මටත් මේ ගෙවෙන පෙබරවාරිය කිසිදාක මතකයෙන් ඈත් නොවෙන දුක්බර එකක් වෙච්ච හින්දම මමත් හිතුවා ආදරයේ විරහව හඳුනන හැමෝම ආදරයෙන් වට කරගෙන අාදරයේ වියෝ දුක ගැන වැඩිපුර ලියලා මේ පෙබරවාරිය අමතක නොවෙන එකක් කොරන්න.

සමහරු දැනටම මගේ ආරාධනයකින් තොරවම තම තමන්ගෙ කදුළු කථා මගේ ඊ ලිපිනයට විදලා...අන්න එ් වර්ගයේ කථාවක් තමයි මේකත්..ලියපු කෙනාට නමක් ගමක් නැති නිසා මේ කථාව යටින් කාමරේ දොර අරින එකා විදියට මගේ නම පල වෙනවා. හැබැයි මම කලේ කථාව මට සිළුටු කොරලා  බණ්ඩි පෝර පාරක් ගහලා දැම්ම එක විතරයි ආයුබොවන්ඩ. අපි එහෙනං මෙන්න මේ විදියට කථාවට බහිමු.


අපේ අයියා කාලයක් ආදරය කරලා කසාදයක් බැන්දා. මට ඉතින් උපතින් අක්කා කෙනෙක් නැති උනාට දැන් අක්කෙක් ඉන්නවා. ඒ අක්කා හරිම කරුණාවන්තයි. හැම කොල්ලෙක්ටම අක්කෙක් ඉන්නවා නම් ජීවිතය මොන තරම් සුන්දරද කියලා මට හිතුනෙ මේ අක්කා ගෙදරට ආවට පස්සෙයි. ඉස්සර අක්කලා හිටිය මගේ යාලුවො නම් අක්කලා එක්ක මොකුත් කරන්න බෑ..හැමදේම හොයනවා කියලා නාහෙන් ඇඩුවට...අක්කා කියන්න‍ෙ අම්මා වගේම අපිට ආදරය කරන චරිතයක් කියලා උන්ගෙ අක්කලා දැකපු බොහෝ වර මට හිතිලා තිබුනා. මට දෙයියො අක්කෙක් දීපු නැති එක ගැන මම පසුතැවුනා. දැන් ඉතිං මොකට වද වෙනවද බොලං..ඔන්න දැන් මටත් අක්කෙක් ඉන්නවා.

අක්කගෙ තාත්තට දෙයියනේ කියලා අඩුපාඩුවක් තිබුනෙ නෑ...ඵලදාව බොහොම සරුසාරයි....කෙල්ලොම තුන්දෙනෙක්. අපේ අයියා එක්ක පිටගං ආවට පස්සෙ අක්කගෙ සහෝදරියො දෙන්නත් මා එක්ක පයුරු පාසානම් පවත්වන්න පටන් ගත්තා. අපි ඉතිං එක එක විකාර වැඩ කලා..ඔට්ටු දිව්වා. සරුංගල් හැදුවා. තව අල්ලන සෙල්ලනුත් කලා.

මෙහෙම ටික කාලයක් ගත වෙද්දි බාල නංගිගෙ විශේෂත්වයක් මට දැනුනා. අපි මොන දේ කලත්..කොහෙ ගියත් එයා මා ලගින් හෙල්ලුනේ නෑ. කවුරුවත් ලග නැත්තං මගේ අත අල්ලගෙන ඉන්නවා. මට ආදරණීය බැලුම් හෙලනවා. ඒ වගේ කථා කරනවා. නමුත් මම වගකීමෙන් මේක කියවන උඹලට කියන්නෙ මගේ හිතේ එහෙම කිසි දෙයක් තිබුනෙ නෑ කියලයි. මොකද අපේ අයියට එයාගෙ නෝනට මගෙ හිතේ ලොකු ගෞරවයක් තිබුනා. පටලැවිල්ලක් හදාගෙන මොනවා හරි ගැටලුවක් ඇතිවෙයි කියලා භයක් මගේ හිතේ හැම වෙලේම තිබුනෙ.

පොඩි නංගි මගේ ඇඟට එන්න එන්න මම ටික ටික ඈත් උනා, කථාව ටික ටික අඩු කලා,  එයා එක්ක බැරි වෙලාවත් තනි උනොත් මම ඉක්මනින් එතනින් මාරු උනා. වැඩි කාලයක් ගියේ නෑ. නගාට මගේ හදිසි වෙනස්වීම දැනුනා. අනේ අයියා මට වෙනසක් කරන්න එපා. එයා එහෙම කිව්වා. දවසක් හිටි අඩියෙ මේ කෙල්ල හැමෝම ඉන්න තැන මහා හයියෙන් අඬන්න ගත්තා. අපේ වැඩිහිටියො ඒකිගෙ ඔලුව අතගාලා ඇයි අඬන්නෙ කියලා ඇහුවාම හේතු විදියට කිව්වෙ මම කථා බහ කරන්නෙ නෑ....එයාව ගනන් ගන්නෙ නෑ කියලා. ඉතිං මගේ ඥාති සමූහයා මට කිව්වා පව්නෙ කොල්ලො එහෙම කරන්න එපා උඹේ පොඩි නංගිනෙ කියලා. මම ඉතිං කටේ පිට්ටු හිර උන එකා වගේ උන්නා...කටක් අැරලා කියන්නෙ කොහොමද ඇත්ත කථාව.

චූටි නංගියව මට ආයෙමත් මුණ ගැහුන දවසක මම ඇහුවා අඬන්න හේතුව...කෙල්ල බිම බලාගෙන කියනවා අයියෙ මම ඔයාට ආදරෙයි...මට ඔයා නැතුව බෑ කියලා. සත්තයි බොලව්..මට කිසි සතුටක් දැනුන‍ෙ නෑ ඒ වචන ටික අහලා...මර භයක් තමයි දැනුනෙ. මම ඉතින් කෙල්ලට පැහැදිලි කලා මට මේකට කැමති වෙන්න බැරි හේතුව...ඒත් ඉතිං කෙල්ල කියන දේ ඇහුවෙම නෑ. හැමදාම මාව දැක්කම කදු‍ළු පුරෝගෙන ඉන්න ඒ ලස්සන මූණ මාව පිස්සෙක් කරන්න වැඩි කාලයක් ගියේ නෑ...මමත් ඉතින් පපුව ගැහෙන එකෙක්නෙ...නැද්ද මං අහන්නෙ. ‍චූටි නංගි හරිම හොඳ කෙල්ලෙක් කියලා මට කෙටි කාලයකින්ම හිතුනා. ගොඩාක් ආදරණීය කෙනෙක්..පවුලෙ හැමෝමත් කෙල්ලට මේ තරම් ආදරේ ඒ නිසා වෙන්න ඇති. මගේ හිත එහෙම කිව්වා. තවත් කල් යද්දි අපි දෙන්නට දෙන්නා නැතුව බැරි උනා...මම මගේ මුළු හදවතින්ම නංගිට ආදරය කලා.

දවසට පැය 24 ක් තිබුනට අපි දෙන්නා කථා කරන්න ගත්තම අපිට දවසට තියෙන පැය ගාන මදි උනා. SMS, Skype , Facebook , Gmail  මේ හැම විදියකටම අපි දෙන්නා අදහස් හුවමාරු කරගත්තා. දිනපතාම වගේ. මෙහෙම ඉන්න අතර තුර දවසක තමයි මම කලින් අයඳුම් කරලා තිබුන විදේශ රැකියාවකට කැඳවීම් ලැබුනෙ. අපේ සම්බන්ධයට වයස අවුරුදු 4 ක් ඒ වෙද්දි. මට කෙල්ලව දාලා යන්න හිත දුන්නෙම නෑ. ඒත් මේ සම්බන්ධය පවුලෙ අයට රහසක් නිසා කාටවත් කියන්න විදියකුත් නෑ.

ඔයා ඔය රස්සාවට යන්න අයියෙ....ගිහින් සල්ලි ටිකක් හම්බ කරලා ලොකු මහත්තයෙක් වෙන්න. එතකොට අපිට ගෙවල් වල කැමැත්තත් ලේසියෙන් ගන්න පුලුවන්. ඔයා එනකං මම බලාන ඉන්නම්...චූටි නංගි එහෙම කිව්වා. ඉතිං මම හිත හදාගෙන ගමන පිටත් උනා. රට ආවට පස්සෙත් අපි වෙනදා අදහස් හුවමාරු කරගත්ත මාධ්‍ය වලින් දිගටම අදහස් හුවමාරු කරගත්තා. මට කිසිම වෙනසක් දැනුනෙ නෑ. ඒත් මාස දෙකක් විතර ගත උනාට පස්සෙ කෙල්ල ජාලයට සම්බන්ධ වීම ටිකෙන් ටික අඩු උනා. ඒ ගැන ඇහුවම කිව්වෙ පන්ති වල වැඩ තියෙනවා. ඒ නිසා වෙනදා තරම් කථා බහ කරන්න ඉසිඹුවක් නෑ කියලා. ඒත් මට වෙනසක් දැනුනා. ආදරය කරන හිතකට තමන්ගෙ ආදරය වෙනස් වෙද්දි හරි ඉක්මනින් දැනෙනවා. මම මගේ හොඳම යාලුවට කිව්වා කෙල්ල ගැන පොඩියක් හොයලා බලන්න කියලා.

දවසක්දා මගේ යාලුවා මට දුරබණුවෙන් අමතලා පණිවිඩයක් දුන්නා. ඒක ඇහුව වෙලේ මට දැනුන කම්පනය පුදුමාකාර එකක්. අන්න උඹේ කෑල්ල වෙන එකෙක් එක්ක ඩබල් දාලා යනවා මම දවස් ගානක් දැක්කා....යාලුවා එහෙම කිව්වා. හරියටම මේක සැක හැර දැනගන්න ඕන‍ෙ නිසයි මේ කෝල් එක ගන්න ටික කාලයක් ගත්තෙ. කෙල්ලට අලුත් කොල්ලෙක් සැට් වෙලා බං...උඹ හිතහදාගනින් කියලා මගේ මිත්‍රයා ඇමතුම විසන්ධි කොලා.

මගේ හිත දස අතේ දුවනවා..අපි ආදරය කරපු අවුරුදු 4 ඇතුලෙ වෙච්ච ගොඩාක් දේවල්...කරපු කථා බහ චිත්‍රපටියක රූප රාමු වගේ මගේ ඇස් ඉස්සරහා මැවුනා. ඇස් දෙකේ කදු‍ළු පොදි කෑවෙ හරියට වාන් දාන්න ලං වෙච්ච වැවක් වගේ. කථා බහ කරන්න හිතවතෙක් නැති පරිසරයක ජීවත් වෙන මට මේ ආරංචිය පුදුමාකාර කටුක එකක් උනා. මට නින්ද නැතුව ගියා...කෑමක් බීමක් කන්න පිරියක් නැතුව ගියා...හැම වෙලේම මැරි මැරි ඉපදුනා.....මේ දුක නංගි දන්නවා නම් කවදාවත් මට මෙහෙම කරන්නෙ නෑ කියලා හිතුනා.සත්තයි ඇත්තමයි ඒක පුදුම දුකක්.

නංගිගෙ වෙනසක් තියෙන බව මට දැන් හොඳටම පැහැදිලියි. ඉස්සර මට පණ දෙන්න හිටිය කෙල්ල, මාව කවදාවත් දාලා යන්නෙ නෑ කිව්ව කෙල්ල...ඔයා මගෙ පණ..ඔයා මගෙ දෙයියා කිව්ව කෙල්ලට මම උන්නද මලාද කියලා වගේ වගක් නෑ දැන්. තවත් ඉවසන්න බැරි තැන මම නංගිට කෙටි පණිවිඩයක් යැව්වා. වෙනසට හේතුව අහලා.

මා එක්ක තරහා වෙන්න එපා අයියෙ...මට දැන් වෙන කෙනෙක් ඉන්නවා. අපේ ගෙවල් වලින් අපි දෙන්නගෙ ආදරයට කැමති වෙන එකක් නෑ කියලා මට හිතුනා. ඇරත් අයියා දැන් ලංකාවෙත් නෑනෙ. අපි එකට හිටිය කාලෙ වෙච්ච දේවල් කාටවත් කියන්න එපා...ඒ හැමදේම ඔයා අමතක කරලා දාන්න...ඔයාට මට වඩා ගොඩාක් හොඳ කෙනෙක් ලැබේවි.

ඔන්න ඔය විදියට මගේ පරම පිවිතුරු ආදරේ මට උත්තරයක් එවලා තිබුනා. මට එවලෙ දැනුන කම්පනය උඹලට කියන්න මට වචන නෑ. කෙල්ලෙක්ට කවදාවත් තදින් ආදරය කරන්න එපා කියලා මට කෑ ගහලා ලෝකයට කියන්න හිතුනා.  ඒ වගේ වෙලාවට අපට රිදෙන තරම කෙල්ලො දන්නවා නම්...

මම අමාරුවෙන් අමාරුවෙන් ඔළුව උස්සන්න පටන් ගත්තා. වැඩේ ලේසි නෑ...අඩියක් උඩට එනකොට අඩි දෙකක් පහළට වැටෙනවා. මම එයාව පෙනුන හැම තැනින්ම අයින් කරලා දැම්මා...අපෙ පරණ කථා බහ මකලා දැම්මා.

ආදරේ පටන් ගන්න කලින් ඒ ගැන මම දක්වපු විරෝධය එයා තේරුම් ගත්තෙ නෑ. අන්තිමට එයාට හොඳ ජීවිතයක් ලබාදෙන්න ගිහින් මට මගේ ජීවිතය නැති උනා. අවුරුදු 4 ක ආදරයක් මාස දෙකකට අමතක කරන්න පුලුවන් උනා..කෙල්ලො මේ තරම් චපලද ? මම තනියෙම හිතුවා.

මම දැන් රට පැටවිලා සෑහෙන කාලයක් ගත උනා. තවම මම ලංකාවට ගියේම නෑ. මට තවමත් මගේ හිත හදාගන්න බෑ. එක වතාවක් හරි එයාව දැක්කොත් මට අපේ පරණ මතකය ගොඩාක් වද දේවි කියන බය හිතේ තියෙනවා. ලංකාවට ගියාම මට කෙල්ලගෙ ගෙදර යන්නම වෙනවා...ඒ ගෙදර අනිත් අය මුණ ගැහිලා එන්න.

අන්තිමට මම තීරණයක් ගත්තා. මට බඳින්න කෙනෙක් හොයන්න කියලා ගෙදරට කිව්වා. මට තව කෙනෙක්ට ආදරය කරන්න තවමත් හිත හදාගන්න බෑ. ඒ නිසා අම්මලට හොඳයි කියලා හිතෙන කෙනෙක් බඳින්නයි මගේ කල්පනාව. මේ කථාව කියවන උඹලා මට කියයි පල් මෝඩයෙක් කියලා. ඒත් මම විඳින දුක ගැන දන්න‍ෙ මම විතරයි.

පහුගිය ලිපියෙ සිරා කියලා තිබුනා ආදරයක් හොඳින් ගලා යද්දි දැනෙන සතුටත්..ආදරයක් ගිලිහී ගියාම දැනෙන වේදනාවත්...ඒ දෙකම මම ගොඩාක් තදින් විඳලා තියෙනවා. පූර්ව ආත්මෙක කරපු අකුසල් නිසා වෙන්න ඇති මෙහෙම වෙන්නෙ. හුදෙකලාව ජීවත් වෙන පරිසරයක..ආදරයේ විරහව විඳින්න ලැබෙනවා කියන්නෙ පුදුමාකාර දුකක්. කොච්චර රිදෙනවද කියලා දන්නෙ ඒ කරුම අත්දැකීම විඳපු එකෙක්ම තමයි. කිසිම කෙනෙකුට ඒ දුක ලැබෙන්න එපා කියලයි මම පතන්නෙ.

බුදුදහම අදහන කෙනෙක් විදියට මගේ වේදනාව සමනය කරගන්න මම ගොඩාක් ධර්මය පිළිබඳ පොත් පත් කියෙව්වා...ජීවිතයේ අනිත්‍ය ගැන මෙනෙහි කලා. ඒවායින් ලොකු සහනයක් ලැබුනා. නමුත් තවමත් වේදනාව නැත්තටම නැති වෙලා නෑ.

ආදරයකට කෙනෙකුගේ ජීවිතය මල් මාවතක් කරන්නත් අපායක් කරන්නත් පුලුවන්. හිතට සතුට අරගෙන එන්න පුලුවන්. මේ සංසාරය පුරා අපි සැරිසරන තුරාවට අපේ ජීවිත සතුට දුක අතර දෝලනය වෙනවා. ආදරයේ සතුට සහ විරහවේ වේදනාව විඳිනවා. ඒ කොහොම උනත් ආදරය කරන්න දෙන්නෙක් එකතු වෙද්දි තමන්ගෙ අනාගතය ගැන තමන්ගෙ ප්‍රේමවන්තයා / ප්‍රේමවන්තිය තමන්ට ගැලපෙනවද කියන කාරණා පිළිබඳ ගැඹුරෙන් සළකා බලනවා නම් පස්සෙ කාලෙක මට වගේ අපා දුකක් විඳින්න නොලැබේවි. සිරාගෙ කාමර කෑල්ලට ගොඩවැදුන හැමටම ආදරය පිරුණු ලස්සන ජීවිතයක් උරුම වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කොරනවා.

සුසුමක උණුසුම නොමවිඳි හදකට
සුසුමක් උනේ ඹබයි
කඳුලක සිසිලස නොනැගුනු නෙතකට
කඳුලක් උනේ ඔබයි

මිහිමත සැඟවුනු විසිතුරු ලොවකට
පියවර ලකුණ ඔබයි
විසිතුරු මිහිමත සැඟවුනු රුදු ලොව 
හෙලිකල දෙනෙත ඔබයි

හදවත පිරිමැද සිතිවිලි පොබ කල
පැතුමක අරුණ ඔබයි
වදනට නොනැගෙන සිත තුල ගොළුවන
නොපිපෙන පැතුම ඔබයි


ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි / විශාරද මාලනී බුලත්සිංහල



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මේ කථාව සිරාගෙ කාමරය වෙත එවූ සහෘදයාට මගේ ආරාධනය පාඨක අදහස් සමග ඔබේ ප්‍රතිචාර බෙදාගන්නා ලෙසයි.

112 comments:

  1. අනේ මට මගේ කතාව කියලා ගැනීගෙන් ගුටි කන්න බෑ.. නැත්තං මයේ කතාවත් ඉස්තරම් සිරි,

    ReplyDelete
    Replies
    1. නම ගමන් නැතුව එවපන්.... සිරා දෙයි රම්පෙට පොරි හැලෙන්න...

      Delete
    2. ගෑනි බ්ලොග් බලනවා බං. ඒ ජාතියෙන් චාටර් කන්නේ මමම විතරක් නිසා දැකපු ගමන් දැන ගන්නවා.

      Delete
    3. අඩෝ දැන්නම් ඕක අහනකම් ඉවසිල්ලක් නෑ. මොකෙක හරි දාහන්කො

      Delete
    4. මට කථාව ලියලා එවහං ගොයියො...මම බණ්ඩි පෝර පාරක් ගහලා වනලා දාන්නම්...

      Delete
    5. ආදරය මල පසු මලගමක් නැත.....මිනිය පමණක් නිවසේ ඉතුරු වේ....කියල කියනවනෙ..

      Delete
  2. බූට් එකක් කන්නම ඕනෙ මනුස්සයෙක් වෙන්න නම්.. බූට් සාහිත්‍යයට ජයවේවා. ඒ රසයට කියන්නෙ බූට් රසය..

    ReplyDelete
    Replies
    1. සිරා කතාව.... ජීවිතේට අත්දැකීම් එකතු කර ගන්න නම් මේ වින්නැහිය වෙන්නම ඕනේ...

      Delete
    2. ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
      හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
      විමසා නැතිද කිසිදා ඔබත්
      කඳුලින් තුරන් වූ ප්‍රේමයක්

      සතුටේ උපත කඳුලයි සදා
      හද වේදනා දෝතින් ගෙනා
      පවනේ සිසිල සුසුමයි සිතේ
      පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා

      ඇසුවේද කවුරුන් හෝ …

      පිපි මල් මතින් පියමං කලෝ
      දිනුවේද කවදා ප්‍රේමයෙන්
      විඳි වේදනා සතුටින් දරා
      පැරදී ගියේ කවුදෝ එයින්

      ඇසුවේද කවුරුන් හෝ …

      ගායනය - සුනිල් එදිරිසිංහ
      සංගීතය: රෝහණ වීරසිංහ
      පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී

      Delete
    3. නොමල ගෙයකින් අබ මිටක්
      සෙව් කිසා ගෝතමියක්...
      ප්‍රථම ප්‍රේමෙන් දිනුවත් ලොව
      සොයා යයි ගමනක්...

      දොරින් දොර පෙම්වතුන් වතියන්,
      අසා වගතුග ලියන්නේ..
      තුන් සිතම මගෙ විසාලාවක්,
      කලේ මේ අබ සිගන්නී ....

      මගේ දොර ළඟ නතර වී ඇය,
      දොඩා අබ මිට යදින්නේ...
      මිටට දෙමිටක් දෙන්න සිත මට,
      ඇසේ අබ පුපුරවන්නී ...

      නොමල ගෙයකින් අබ මිටක්
      සෙව් කිසා ගෝතමියක්...
      ප්‍රථම ප්‍රේමෙන් දිනුවත් ලොව
      සොයා යයි ගමනක්...

      ගායනය : ගුණදාස කපුගේ
      සංගීතය : ගුණදාස කපුගේ
      පද රචනය : උබේනන්ද දිසානායක

      Delete
    4. මේ මාසෙම බූට් රසය තමයි කාමරෙන් කියවන අයට බෙදන්නෙ....

      Delete
  3. //පෙබරවාරිය බූට් මාසයක් කොරමු කියාලා. //

    තරයේ විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. මමත් විරුද්දයි , දින අඩු මාසෙකට මේ වගේ වැදගත් මාතෘකාවක් දෙන්න හොද නෑ.

      Delete
    2. //මමත් විරුද්දයි , දින අඩු මාසෙකට මේ වගේ වැදගත් මාතෘකාවක් දෙන්න හොද නෑ.//

      ඒකනේ බං වැඩිපුර දවස් ටිකක් බොන්න පුලුවන් මාසයක් දාමු.

      Delete
    3. මමත් විරුද්දයි.... රෑට ගල්... උදේට ඔලුව කෙලින් කර ගන්න රේඩ්බුල්... ආපහු රෑට ගල්.... මොකෝ කියන්නේ මෙන්ඩා...?

      Delete
    4. රෑට ගල්
      උදේට ඔලුව කෙලින් කර ගන්න ගල්
      ආපහු රෑට ගල්
      ඔලුව කෙලින් කර ගන්න රේඩ්බුල්...සමග ගල්

      Delete
    5. ඔහොම බීලා මිනිස්සු ඉතිරි වෙනවද බොලං...

      Delete
  4. අනිත් උන්ට ආදර්ශයක් වෙන්න මේව අනිවා දාන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... උඹේ අත්දැකීම් තියෙනවනම් එකතුකරපන් ගොයියෝ...

      Delete
  5. කෙල්ලන් ගැන නං කතා කරල වැඩක් නෑ සිරා අය්ය පහුගිය දවස් ටිකේ මම පුල් මාන්දමික වෙලා හිටියෙ... කතා කරල වැඩක් නෑ ඒ ගැන නං...

    කොහේ හෝ නුඹ නතර වී
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇතී
    මගේ නොවුනට කම් නැතී නුඹ
    මගේ නොවුනට කම්නැතී....

    තරහ ගත්ත කියල වැඩක් නෑ නෙව බූට් සිංදුවක් අහන් පාඩුවෙ කල දවස ගෙවනව...

    ReplyDelete
    Replies
    1. නිදුකින් ඉනු මැන මට වඩා කල්
      මගෙ පණත් අරගෙන ඔයා
      සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
      ජීවිතේ පවතින තුරා
      මම විදින දුක
      වෙන කෙනෙකු වෙත
      යළිත් කිසිදා දෙන්නෙපා
      සසරෙ කොතැනක මට ලැබුණු දුක
      ඔබට ලැබෙනු එපා
      දිනෙක ආයෙත් ළංවෙලා නාවත් මා සොයා
      හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා

      Delete
    2. එපා බන්... එහෙම සිංදු අහනකොට මතකය අමතක කරන්න බැරි වෙනවා.... මම දෙකක් දා ගත්තම වක්කඩ කැඩුවා වගේ බුට් සිංදු වැක්කෙරෙනවා.. නමට හරියන්න වැඩත් තියෙන්න එපැයි... කුජිත වෙන්න වැදුනම ශ්‍රුතිය ගන්න දෙයක් නෑ.. නැත්තම් පංකාදු පහට ගේම ගහනවා...

      Delete
    3. මට මතක තියෙන අතීතයත් ඔබට මතක නෑ
      මේ හිතක තියෙන සෙනේහයත් ඔබට උරුම නෑ
      මට මතක තියෙන අතීතයත් ඔබට මතක නෑ...

      පිබිදෙන්නෙ නෑ මගේ දිවි පර වෙන්නෙ ඔබ නිසා
      වැලපෙන්න කාරණා නැත විමසා සොයා අසා
      විමසා සොයා අසා...

      ඔබ දුන්න දේ ම ආපසු අරගන්නෙ ඇයි මෙසේ
      සනසන්න කිසි කෙනෙක් නෑ සැනසෙම්ද මා කෙසේ
      සැනසෙම් ද මා කෙසේ...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : මොහමඩ් සාලි
      ගායනය : මොහිදීන් බෙග්

      Delete
    4. මහේෂ් මලයා...මම බොට එක උපදෙසක් දෙන්නම්...බොලාට ඔය කියන දැරිවිව අමතක කරන්න ඕනෙ නම් එයාගෙ මතක සටහන් අයින් කරලා දානවා වගේම ඔය බූට් සින්දු ඇහිල්ලත් නතර කලා නම් හොදා....ඔය වැඩෙන් වෙන්නෙ උඹේ මානසික තත්වය පහලට යන එක විතරයි...බූට් එකක් කාලා ජීවිතය ජය ගන්න හැටි ගැන අපි මාසෙ අන්තිමට කියනවා....

      Delete
  6. //පෙබරවාරිය බූට් මාසයක් කොරමු කියාලා. //
    තරයේ එකගයි..

    @ සහෘදයා..
    සැහෙන වෙනස් නමක්..ඒ වුනාට ලස්සන නමක්..ඉස්සරවෙලාම උඔ ලංකාවට වරෙන් ගුවන්තොටුපලෙන් බැහැපු ගමන් මට දුරකතන ඇමතුමක් දිපන් මගේ ඔපිස්එක තියෙන්නෙ ඉස්සරහම මම එනවා උඔ බලන්න අපි ගහමු සිගරට් එකක් පහුවෙනිදා හවස වරෙන් අපේ ගෙදර රෑට කැම ටිකක් කලා යන්න එතකොට උඔට දැනෙයි මිට පස්සෙ මෙන්ඩා, සදු, පොඩි මෙන්ඩා උඔත් එක්ක ඉන්නවා කියලා..නිවාඩු දවසක අපේ ගල්බලකාය එකතුකරමු බෝතලයක් ගහමු අඩමු හොටු හුරමු සිංදු කියමු කෑ ගහමු නටමු එතකොට උඔට දැනෙයි උඔ තනිවෙලා නෑ කියලා..
    මගේ පැක්ට්‍රි පාටියකට වරෙන්, බස් එකේ පලයන්, රාංඡගනේ වැවට යන්න වරෙන්, කලාවැවේ හෙලුවෙන් නාන්න යමන්, හවසක සුදු සරමක් ඇදලා මල් වට්ටියක් අරගෙන ඡය ශ්‍රි මහාබෝධියට රැවන්වැලි සෑයට යමන් මලුවේ ඉදගෙන රෑ වෙනකන් සෑය දිහා බලාගෙන ඉමු, හෝර්ටන් තැන්නෙ ගිහින් ෂර්ට් ගලවලා පාර දිගේ දුවමු, කලාඔයේ පුල්ලේයාර් දේවාලේට ගිහින් මුං කිරිබත් උයලා බාර වෙමු, කුඩාගම අහිංකුන්ටක කට්ටිය ඉන්න ගමට ගිහින් එයාලා එක්ක කසිප්පු බොමු, මැදගම ගිහින් පාවට්ට කොලේ ඔතලා ගංඡ ගහමු..
    ඒ වෙනකොට උඔට එහම කෙල්ලෙක් හිටියද කියලා මතක නැතිවෙයි.
    අපි ඔය යන තැනකදි උඔට කෙල්ලෙක් මුන ගැහැයි එතකොට හැබැයි උඔගේ ඔලුවේ ගාමන්ට් කෙල්ලෝ, කුලය, ඡාතිය, ආගම, දුප්පත්, කොටට අදිනවා, කලිසං අදිනවා, හැම කොල්ලා එක්කම හිනාවෙනවා, වගේ අදහස් ඔලුව නැතිවෙන්න ඔනේ.

    මගේ මිතුරැ ගල් බලකා බේබදු යාලුවනේ..
    ඔන්න තව යාලුවෙක් ඉන්නවා අපිට.

    සිරා මචං
    තව මේ වගේ යාලුවෝ ටිකක් හොයලා දියන්

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා මූත් මම වගේම එකෙක් බන්... ගල් බලකායට තවත් එකෙක්... (බෝතලයක් වැඩියෙන් ගන්න වෙයි...)

      Delete
    2. දුකට නෙමෙයි බන්ස්ල , ජීවිතේ මැදදි දාල යන්න හිටිය කෙනෙක්, දරු පැටවූ අනාත කරන්න හිටපු කෙනෙක් ,කලින්ම ජීවිතෙන් ගැලවුණා කියල හිතල සතුටට බොමු
      ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. @ කම්මලේ මචෝ ++++++++++++++++++++++++

      Delete
    4. එක අරක්කු බින්දුවකට
      පුලුවන්නම්
      අමතක කරන්න
      ඔයාව
      මට....
      එකම එක
      මොහොතකට
      සත්තමයි
      මට බොන්න පුලුවන්
      අරක්කු ගඟක්
      උනත්
      මට මාවත් අමතක
      වෙනකන්ම.........
      ඒත්...ඒත්...
      සමහර වෙලාවට
      එනවා එක
      පුන්චි හිතුවක්කාර
      හැඟීමක්
      දුක අමතක කරනවට
      වඩා
      ඒක විදවන එකේ
      සියුම් රසයක්
      තියනව කියලා.....

      මෙහෙම කිව්වේ අන්තිම පේලිය

      Delete
    5. බූට් ඇනෝගෙ මිත්‍රයා මේ ලිපිය කියවලා දක්වපු ප්‍රතිචාරය ගැන ඇත්තටම මටත් දුකයි..මම බූට් ඇනෝට කිව්වෙ අපි ලංකාවට එන වෙලාවක ඒකාවත් එක්කගෙන එන්න...කෙල්ලගෙ ගෙදර ගිහින් කථා කරලා හරි මේක බේරුමක් කරලා ඌට උදව්වක් කරමු කියලා හිත හදාගන්න.

      Delete
  7. පිරිමි විතරක් අහිමි ආදරයෙන් දුක් ව්දිනවා කියලා දක්වන්නෙ ගැහැණුන් තම අහිමි ආදරය ලෝකයාට පවසන්න ඉදිරිපත් නොවෙන නිසාම වෙන්න ඇති...
    නමුත් පෙම්වතුන් හැර දමා ගිය පෙම්වතියන් ගැන ලියද්දි පෙම්වතියන් හැර දමා ගිය පෙම්වතුන් ඇති බවත් කියමු නේද

    ReplyDelete
    Replies
    1. අපිට කතාව දැන ගන්න එක්ක සිරාට ඊයක් විදින්න... ඕනෑම කෙනෙකුට ඉඩ දෙන ඉස්තරම් හදවතක් තියෙන පොරක් තමයි සිරා කියන්නේ... ( මම ජීවිතේට දැකලා නම් නෑ... එත් මගේ උන්ඩුකපුච්චේට එක සැරටම දැනෙනවා)

      Delete
    2. ප්‍රියන් එවන්න වදන් සිරාට.. දෙයි නිකන් වචන රචන.
      එකගයි ඔයාගේ කමෙන්ටුව එක්ක..මමත් ඔය පව්කාර වැඩේ කරලා තියනවා..දවසක් මනෝ මගේ අතේ එල්ලිලා එහම කරන්න එපා එයාව දාලා යන්න එපා කියලා ඇඩුවා..
      පව් ඒ කෙල්ල

      Delete
    3. අනේ සත්තලනේ...මම නම් එහෙම කියන්නෙ නෑ....නොසංඩාල කොල්ලො ඉන්නවා මල් වගේ දැරිවියන්ට බූට් එක තිබ්බ....ඒ ඇත්තියොත් පිටවානෙන් හැලෙනවා වගේ කදුළු හලලා දිවිනසාගන්න අවස්ථා එහෙම අපි අහලා දැකලා තියෙනවා නොවැ. නමුත් නගෝ කොල්ලන්ට වඩා කෙල්ලො තමයි බූට් එක තියන්නෙ..මම දැකලා තියෙන බොහෝ තැන් වල එහෙමයි වෙලා තිබුනෙ...ඔබටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා නම් ලියලා එවන්න...එතකොට අපේ බූට් මාසෙ වඩා පරිපූර්ණ එකක් වෙනවා...ආදරක් නැවතුනාම එය පිරිමියාට දැනෙන විදිය වගේම කාන්තා පාර්ශවයට දැනෙන විදියත් දැනගන්න පුලුවන් කාමරේට එන යන අයට...

      Delete
  8. සිරා... කියන්න වදන් නෑ මචං...... උබේ ලියවිල්ලනම් සුපිරියි... කොච්චර සුපිරිද කියනවනම් මෙන්න මේ කතාවේ අයිතිකාරයා අඩනවා යකෝ මේක කියෝලා... පොර අද ඔෆිස් ගිහිල්ලත් නෑ.... අනිකත් ලියපන් මේ ගැම්මටම...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උබද මේ ශෝකප්‍රලාපේ අයිති කාරයා ????

      Delete
    2. එහෙනම් මේක උබට ............
      ඔබට වරම් නැති මටද වරම් නැති
      සෙනෙහස කොතැනද සැඟව ගියේ
      ඉවත ගලා ගිය කඳුළක දියවී
      ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

      ඔහුට පුදන්නට පූජාසනයේ
      නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
      පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
      සුවඳ කොහේ කොතැනද රැඳුනේ

      ආ මඟ වරදී ඔබද ඔහුද මා
      දෛවයෙ තුංමංසල හමුවේ
      බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
      කඳුලක් නෑ දෙනයන පිපුනේ

      ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

      Delete
    3. මහා මෙරක් ලෙස
      ඔබ ගැන හිතුවෙමි
      වැලි කැටයක් ලෙස
      ඔබ මා ගැන හිතුවේ...

      මහා සයුර ලෙස
      මා හිතුවේ
      පෙණ බුබුලක් සේ
      ඔබ දුටු දේ
      විසල් දෙරණ ලෙස
      මා දුටු දේ
      පිනි කඳුළක් මෙනි
      ඔබ හිතුවේ...
      වැලි කැටයක් ලෙස
      ඔබ මා ගැන සිතුවේ...

      සඳ මඬලක් සේ
      මා දුටු දේ
      ගිනි පුපුරක් මෙනි
      ඔබ දුටුවේ
      ජීවිතය ම ලෙස
      මා පැතු දේ
      එක් මොහොතක් විය
      ඔබ හමුවේ...
      වැලි කැටයක් ලෙස
      ඔබ මා ගැන සිතුවේ...


      ගීත සංකල්පනාව : දයා ද අල්විස්
      තනුව සහ සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක
      ගායනය :නිර්මලා රණතුංග

      Delete
    4. මම නෙමෙයි බොල... මගේ අති ජාතක මිත්තරයෙක්...

      Delete
    5. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
      රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්...

      සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
      අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ...

      මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
      සෝ ගීයකි දුක්‌බර වූ සැනසුම කොහි වේ දෝ....

      ගායනය - වික්ටර් රත්නායක
      පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
      සංගීතය - රෝහණ වීරසිංහ

      Delete
    6. ලොවම නිදන රාත්‍රියේ... (නාමල් උඩුගම) සිංදු ඇනෝ මේකත් දාපන්කෝ...

      Delete
    7. ලොවම නිදන රාත්‍රියේ...
      මා නොනිදන මේ රෑයේ...
      සිහින ගෙනාවේ....
      ඔබ මා හමු වී එදා...
      වෙන් නොවනා ලෙස කියා...
      අප හදවත් එකට බැදී...
      එලෙස ඉමු කියා...
      මා අදුරේ සගවලා...
      ඔබ ඔහු සමගින් ගියා...
      නැතිවද කුමරියේ ඔබට...
      මා මතක්‌ වෙලා...

      ගායනය - නාමල් උඩුගම

      Delete
    8. තැන්කු මචෝ...

      Delete
    9. පව් බං...ඌ ගැන මටත් හරිම දුකයි...මම ඉතිං මාස තුනක් ලව් කරපු එකා නොවැ...මම නම් දැන් තනි කෙලින්...කිසි දුකක් නෑ හිතේ...ඒකටත් උත්සාහයක් ගත්තා නම් මේ වෙද්දි අමතක කරන්න තිබුනා කියලයි මට හිතෙන්නෙ.

      Delete
  9. හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ
    මගේ පාලු පැලට එන්න කවුරුත් නෑ යාලුවේ

    පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේ මා
    නිති ගෙහිඋයන වැද රඟ දුන් පැණි සමනල සේනා
    සපැමින ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ

    සවු සිරි සැප මා අත හැර අද වෙනතක ඇදීලා
    පින්මද තනිකම තනියට මගෙ පැල තුල රැඳිලා
    බිතු සිතුවම් රූ වැනී ඔබ කොතනද මිතුරනී


    ගායනය :- සෝමතිලක ජයමහ

    ReplyDelete
    Replies
    1. පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
      පෙම් ලොකයේ මතක ටික කාලයයී
      ආදරය එහෙනම් සැනසිම දේ නම්
      ඇයි මෙහෙම සෝකේ සදා...

      ආලයට අතදුන්න ආදරිය කෝ දැන්
      වෙන් වෙන්න සිතූවාද මුලදී මගෙන්
      හදවත පලලා උණු ලේ දහරින්
      කඳුළෙන් සුසුමෙන් මා මිය යන්නම්

      පෙම්ලොව හමුවේ ආලය කෙරුවේ
      ඇයි මෙහෙම සෝකේ සදා...

      ස්තිර ආලයට මරණේත් සැපක් නම්
      මා ජිවේ සැපතක් ලැබ ඉන් ගන්නම්
      නොසිතතුව දේවෙවී වල කන්න බැනේ
      කඳුළින් සුසුමින් මා මිය යන්නම්

      පෙම්ලොව හමුවේ ආලය කෙරුවේ
      ඇයි මෙහෙම සෝකේ සදා...

      ගායනය :- එච්. ආර්. ජෝතිපාල

      Delete
    2. ගීතයෙන් ගීතය....
      (සාඩම්බර අනුග්‍රහය - සංස්ථා ගල්... රස හඳුනන්නෝ... ගල්ම ගහන්නෝ...)

      Delete
    3. සාදර අනුග්‍රහය
      ඒත් ගල්

      Delete
    4. ම‍ැලේ රාළත් සින්දු දන්නවනෙ යකඩෝ....

      Delete
  10. කෙල්ලගේ පැත්තෙන් කතාව මේකද දන්නේ නෑනේ

    සෙනෙහස බිඳුනයි ඉකිබිඳ හඬන්නෙපා
    කිසිදින මා ගැන අහිතක් හිතන්නෙපා
    ගැහැනුන් චපලයි කියලා කියන්නෙපා
    මින්පසු ආයේ මා මුණ ගැහෙන්නෙපා

    පෙතුම් පැතුවෙමි අහස උසට මම
    ඔබ මා සෙනෙහෙන් බැඳුණු දිනේ
    එක වහලක් යට සදා රැඳෙන්නට
    යලි කිසි දින වෙන් නොවන ලෙසේ

    ආශාවන්ගෙන් වසඟ වෙලා ඔබ
    වියරු ලෙසින් හැසිරුණු මොහොතේ
    ඔබගැන නිසිලෙස හඳුනා ගත්තෙමි
    ඔබ වන බඹරෙකි බඹර කුලේ

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ.... මටනම් හිතෙන්නේ ලව් කරන්න ළඟ ඉන්නම ඕනේ (99%) ළඟ නැති උන ගමන් හිත හිලෑ නෑ.... හරිම මුරන්ඩුයි... තැන තැන ඇවිදිනවා.... හිතෙන හිතෙන තැන නවතිනවා.... ඕ යේස්...

      Delete
    2. රට යන්න කලින් දෙන්නා මේක නේද කියන්න ඇත්තේ මචෝ ....

      සමුගෙන යන්නෙමි - මම ඔබ තනිකොට
      අපේ මතු දියුණ සොයා
      හිතකින් නොව මා නැව් නැග යන්නේ
      සිත ඔබේ තුරුලේ තියා

      ගතින් මෙතැන මම-හිතින් ඔබගේ ලඟ
      කිසිදින වෙනස් නොවේ
      ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි
      මිණි කිරුළක් මෙලොවේ

      සුදු මුදු රැල්ලේ මීදුම් තුරුල්ලේ
      නැව ඇදිලා යනවා
      මද පවනැල්ලේ සිත කැළඹිල්ලේ
      ඔබ ගැන සිහිවෙනවා

      ප්‍රිය සුහදාණෙනි මා සිරවූයේ
      දුක්බර බිම් ගෙයකයි
      ඔබ රුව නෙපෙනී කටහඬ නොඇසී
      ගත සිත අවිවේකයි

      වෙරළක දිළිසෙන විදුලිය රේඛා
      අතරින් එබෙනු දැනේ
      අඳුර කපාගෙන පහන් ටැඹක් ලෙස
      ඔබ මට දුරට පෙනේ

      මටම ලැබෙන තෙක් සක්වල පාලන
      දෙවියන් රැක දේවා
      සසර සරන තුරු ඔබ මට නොනිමෙන
      රන් පහනක් වේවා


      ගායනය - වර්නන් පෙරේරා, ඉන්ද්‍රාණි පෙරේරා
      සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
      ගී පද - කරුණාරත්න අබේසේකර

      Delete
    3. නෑ මන් හිතන්නේ... එදා රෑ.... ගුවන් තොටුපලේදී මා.....

      Delete
    4. මේ ගීත දෙකටම මම ගොඩාක් කැමතියි...ස්වර්ණලතා කවිෂ්වර ගායනා කරන පළවෙනි ගීතයෙ තියෙන්නෙ අමුතුම මිහිරක්...මට මේ දැනුත් අහන්න හිතිලා ඔන්න මම මේක කොටලා යනවා ඒක අහන්න....

      Delete
  11. බූට් එකක් කෑවේ නැත්තම් ජීවිතේ වැඩක් නෑ , ඒකෙන් තමයි ගැම්මක් එන්නෙ .
    පිරිමියෙකුට හා , හා පුරා කියල දුකක් දෙන්න තමයි දෙවියන් වහන්සේ ගැහැනියක්ව මැවුවෙ ( ඔවූ ඔවු මට ටොක්කක් ඇනලම තමයි ඕක කිවුවෙ ). ඊට පස්සෙ වරින් වර දුක දෙන්න තමයි කසාද බැන්දුවේ ( ඔවු යකෝ පයින් ගහලම තමයි ඕක කිවුවෙ ).
    අපි දිවුවා .......

    ReplyDelete
    Replies
    1. හරියට හරි... ගුටි කාලා ටොකු කාලා හරි උඹ දැනත්ත එක වටිනවා...

      Delete
    2. පෙම් ලොව දොරකඩ හැපෙමින් හඬා වැටෙන්නේ
      කියන්න ඔබ මන්ද හඬන්නේ
      බිඳුණු පෙමට දැවුණු හදින් හඬා වැටෙන්නේ
      හඬන්නවත් කඳුළු නො එන්නේ...

      නොදන්නී ද බොළඳියෙ නුඹ පෙම් ලොව රුදුරු
      නෑසුවේ ද පෙම් ලොව ගැන තොරතුරු කුරිරු
      ඇසුවෙමි පෙර කව් නළු වල පෙම් ලොව රුසිරු
      එවන් රුසිරු සොයා ආමි බිඳ හැර පවුරු...

      කඳුළින් තොර පෙම් පුවතක් ඇසුවෙද මියුරු
      නොපෑරුණු සිතින් උන්නේ පෙම් ලොව කවුරු
      දනිමි හැඳින්නෙමි පෙම් ලොව මා ප්‍රිය මිතුරු
      පවසට කඳුළැලි බොන්නම් යදියක අයුරු...

      පද රචනය - සුනිල් ආරියරත්න
      සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
      සහාය ගායනය - නිර්මලා රණතුංග

      Delete
    3. බූට් එකක් කෑවත් එතැනින් පරාද වෙලා ජීවිතය විනාශ කරගන්නෙ නැතුව තමන්ගෙ ගමන යන විදිය ගැන අපි මාසය අවසන් වෙද්දි කථා කරමු.

      Delete
  12. නාරිලතා පුෂ්පේ කී ස්ත්‍රී නාරිලාතා පුෂ්පේ //
    ධ්‍යාන වඩවනා යෝගි වඩවනා
    නාරිලතා පුෂ්පේ නාරිලතා පුෂ්පේ කී ස්ත්‍රී
    නාරිලාතා පුෂ්පේ ස්ත්‍රී නාරිලාත පුෂ්පේ

    විෂ ඝෝර නාග විෂ කලතා
    සූකිරි ද පැණී එහි දවටා//
    කලතලා සැටක් සිව් මායමේ
    බඹා මැව්වේ ස්ත්‍රී
    බඹා මැව්වේ ස්ත්‍රී ලෝකෙටා
    බඹා මැව්වේ ස්ත්‍රී ලෝකෙටා

    නාරි ලතා පුෂ්පේ . . .

    ඝන මේඝ වලාකුළු නැගලා
    හද ආලවියෝ දුක වැදිලා//
    හඩලා හද පුපුරා ලා ගියත් මදි
    අැයි ද කලේ අාලේ//
    ස්ත්‍රී ස්ත්‍රී නාරිලාත පුෂ්පේ

    ස්ත්‍රී නාරිලාත පුෂ්පේ ස්ත්‍රී....

    ගායනය -මොහිදීන් බෙග්

    ReplyDelete
    Replies
    1. මචෝ උඹ සිංදුවෙන් දෙන සප් එකනම් කියලා වැඩක් නෑ බන්.... පොස්ට් එකට අතුරුපස උඹ ගානේ....

      Delete
    2. බූට් ඇනෝ , යාළුවට කමෙන්ට් කරන්ඩ කියපන්කො.

      Delete
    3. ඌව නියෝජනය වෙන්න තමයි මම කමෙන්ට් කරන්නේ.... මන් සිරාට සිද්දිය කිව්වා.... මෙතන විස්තර සහිතව කියන එක හරි නැති නිසා මන් මුකුත් දැම්මේ නැත්තේ...

      Delete
    4. අවාසනාවට රෝස මලක් පරවී (නාමල් උඩුගම) මේකත් ඕනේ...

      Delete

    5. අවාසනාවට
      රෝස මලක් පරවේ
      කඩා වැටෙන්නට
      උනු කඳුලක් වැලපේ
      දරාගන්න බැරි
      තරමට ආදරේයි.....
      ඔයා රත්තරන් වරදක් කළා නොවේයි.......
      ලියා හසුන්පත්
      තැන තැන හංගාපු
      ගලා බොඳවයයි
      මේ ඇස් දෙකෙන් තෙමූ....
      වළාකුළට රෑ සඳ නෑවිත් ඉඳපු
      එකම දවස අද විතරද මගෙ දෙව්දු.....
      පතා නොසිටියත්
      සැප සම්පත් ඉසුරු
      මහා යදම් බැඳ
      සිතුවිලි සිරකරපු
      මගේ නැගනියක් ලෙසින් සිතා මතු
      අවසර දෙන්නම් අපි හිත හදාගමු....

      ගායනය - නාමල් උඩුගම

      Delete
    6. අපේ බූට් සාහිත්‍යයට සින්දු ඇනෝගෙන ලැබෙන ගින්දර සප් එක මම අක්මාවෙන්ම අගය කරමි...මේ ලියවිලි වඩාත් තීව්ර වන්නේ මේ ගීත පෙළ නිසා බැව් මම වගකීමෙන් ප්‍රකාශ කරමි.

      Delete
  13. බලවත් මෙව්වා එක... ඒ කියන්නේ විරෝධය.... කෙල්ලොන් බූට් දෙන එක ගැන ලියන එකට එරෙහිව නැගී සිටිමි!! කෙල්ලෝ බුට් නෙවෙයි දෙන්නේ... බෝම්බ සහ රෝසමල්...! නැද්ද?

    දුරස් උනහම ආදරයක් දුරස් වෙන එක තමයි සාමාන්‍ය තියරිය. ඕනෑම දෙයක් වැඩිපුරම වෙන්නේ සාමාන්‍ය තියරියෙන්. නමුත් ඒකෙන් කොහොමද හැමවෙලේම එහෙම වෙනවා කියල කියන්නේ? දුරස්ථ ආදර කතා වැඩිපුරම අසාර්ථකයි. නමුත් හිතල බලන්න විවාහයකින් පස්සේ ස්වාමියා පිටරට ගියා කියල බිරිඳ වෙනස් වෙන්නේ කොතරම් අඩුවෙන්ද? සාපේක්ෂයි.

    බූට් කතා ලිවිම වහාම අත්හිටවනු! බූට් කෙල්ලන්ගේ මානසික තත්වය නංවනු!! ඔවුන්ගේ මානව හිමිකම් සුරකිනු!!!

    ReplyDelete
    Replies
    1. අඩුවෙන්ද...? අපොයි බැන්දා කියලා නෑ... මිනිහා රට ගිය ගෑණු ඕන තරම් ඉන්නවා පිට මිනිස්සු එක්ක යන... එක අතටකට බැලුවම එ මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න මිනිහා ළඟ නැත්තම් වෙන කෙනෙක්ට හරි කියලා කර ගන්න එපැයි.... කෙල්ලෙකුත් ලිව්වනම් තමයි හොඳ කොල්ලෙක් දුන්න බූට් එකක් ගැන...

      Delete
    2. හරි මේක උපේක්ෂා වෙනුවෙන්

      පෙම් ලොවදී දුටු ඔහුමද මේ
      ඔහුටද මා අන්ධ උනේ
      යෞවනයේ දුටු ඔහුමද මේ
      ඔහුටද මා අන්ධ උනේ..
      මිදි යුෂ යැයි රැවටී හලා හල
      විෂ බිව්වේ ඇයි මා
      පෙම් දැල මැද පටලී සුසුම්ලා
      මුලා උනේ ඇයි මා..
      පෙම් ලොවදී දුටු...
      මිරිඟුව දැක හිනැහී පිපාසෙට
      දිය සෙව්වේ ඇයි මා
      නෙතුසර පහර වැදී විකල් වී
      දිවි පිදුවේ ඇයි මා..
      පෙම් ලොවදී දුටු....

      Delete
    3. //බෝම්බ සහ රෝසමල්...! නැද්ද?// බෝම්බ සහ බැලුම් බෝල තමයි එයාල දෙන්නෙ, උපේක්ෂා, අපි අත හරියි ගේම ... හුග්.....

      Delete
    4. මාත් එකගයි උපේක්ෂා එක්ක..

      බූට් කතා ලිවිම වහාම අත්හිටවනු! බූට් කෙල්ලන්ගේ මානසික තත්වය නංවනු!! ඔවුන්ගේ මානව හිමිකම් සුරකිනු!!!

      Delete
    5. //බූට් කෙල්ලන්ගේ මානසික තත්වය නංවනු!! //

      එක වරක් ඔබට මා එපා නම්...
      සිය දහස් වාරයක් එපා මට ඔබ එපා...

      මම මගේ පාඩුවේ හඬ හඬා සිටින්නම්...
      ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුල පළඳින්න...//

      එක වරක් ඔබට මා එපා නම්...
      සිය දහස් වාරයක් එපා මට ඔබ එපා...

      ඔබේ හද පහුරුගා වේදනා නොදෙන්නම්..
      ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩ දෙන්න..//

      එක වරක් ඔබට මා එපා නම්...
      සිය දහස් වාරයක් එපා මට ඔබ එපා...//

      ගායනය-විජය කුමාරතුංග

      Delete
    6. කෙල්ලනේ උපහාර පුදන්නම් මාසේ අන්තිම සතියට

      Delete
    7. පෙබරවාරි 29 වෙනිදාට..
      කෙල්ලනේ අපි ඔබගේ විරහව වෙනුවෙන් තව ගල් බෝතලයක් ගහන්නම්.

      Delete
    8. කාන්තා පාර්ශවයෙන් මේ බූට් මාසයට ලිපියක් එකතු වෙනවා නම් අපේ වෑයම සාර්ථකයි...දෙපාර්ශයම ආදරයේ විරහව විදින දකින හැටි කාමරේට එන යන අයට කියවන්න ලැබෙනවා...උපේක්ෂා....මෙහෙම අත්දැකීමක් විඳලා නැද්ද බොලං...

      Delete
  14. නිකන්ද කියන්නේ බූට් සාහිත්‍යධරයන් බිහිකරයි කියල

    ReplyDelete
    Replies
    1. පෙබරවාරිය ඉවරවෙද්දි බූට් සාහිත්‍යයක් බිහිවෙලා තියේවි....

      Delete
  15. ඔන්න බලපන් පිවිතුරු ප්‍රේමේ... පිස්සු හැදෙනවා නේ...

    ReplyDelete
    Replies
    1. නාඩි කොලුවො...බොට කවුරුවත් බූට් එකක් තියලා නැද්ද බං...

      Delete
  16. දුක වැඩි නෙතේ කඳුලැලී පිරේ
    ඔබ නැති මොහොතේ
    සැනසුම මගේ ඔබ ගෙන ගියේ
    ඇයි හොර රහසේ
    කවදාවත් නෑ අපි හමුවන්නේ
    මට යන්නට බෑ
    මතකෙන් ඔබගේ...

    අලුත් තාලේ බූට් හැබැයි අලුත් පරණ කියලා නෑ බූට් එකේ රිදුම එකමයි :)

    ReplyDelete
    Replies
    1. කථාව ඇත්තයි...තාලය අලුත් උනත් පරණ උනත් වේදනාව නම් හැමදාම එකයි...විරහවෙන් දැනෙන වේදනාව හරිම රුදුරුයි...විඳලම බලන්න ඕනෙ....

      Delete
  17. මට කියන්න තියෙන්නෙ

    ඉඹුල් ගහක් ලගට ගිහින් අඩන්න් එපා මල් ඉල්ලා
    මරු කතරක් ලගට ගිහින් අඩන් එපා දිය ඉල්ල්ලා//

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය හදුනන්නෙ නැති කෙනෙක් ලග වැලපිලා පලක් නෑ....ඒක නේද බොලා කියන්නෙ...

      Delete
  18. වැලන්ටයින් ගොයිය හිටියනං මේක දැකල ඊතලෙන් ඇනගෙන මැරෙයි බොල.

    ReplyDelete
    Replies
    1. වැලන්ටයින් ගොයියා කොහොමත් මැරුවා නොවැ...කසාදය තහනම් කරලා තිබ්බ කාලෙක රහසින් ජෝඩු බැන්දුවා කියලා....

      Delete
  19. කෙල්ලෝ චපලයි කියන එකට මමත් එකඟ නෑ. කෙල්ලෝ නිසා විතරක් නෙවෙයි කොල්ලෝ නිසාත් කොයිතරම් කෙල්ලෝ දුක් විඳිනවද. ඒ නිසා එක පැත්තකට විතරක් වරද පටවන එක වැරදියි.

    ආදරයකට ජීවිතයක් ලස්සන කරන්න වගේ අඳුරු කරන්නත් පුළුවන් බවට මේ කතාව තවත් හොඳ උදාහරණයක්

    ReplyDelete
    Replies
    1. තනි අතින් අත්පුඩි ගහන්න බෑනෙ...කෙල්ලො වගේම චපල කොල්ලොත් ඉන්නවා...වඩා වැදගත් වෙන්නෙ ආදර සබඳතාවයක පැටලිලා ඉද්දි දෙපාර්ශවයම බොහොම වීවෘතව කථා බහ කිරීම වගේම තමන්ට තමන් අවංක වීම.

      Delete
  20. හරිම අප්සට් කතාවක්. මේවා කියවද්දී අමතක කරපු සිද්දිත් ටික ටික මතක් වෙන එක තමා අවුල. "බූට් මාසයක්" කන්සෙප්ට් එක නැගල යනව හැබැයි. සිරා අයියට ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩාක් අප්සට් කථාවක්...හොඳට හිටිය කොල්ලෙකුගෙ ජීවිතේට බලෙන්ම වගේ ඇවිදින්...ඒ ජීවිතේ නැති කරලා මේ විදියට ආපසු ගිය එක ගැන මට නම් හරිම තරහයි..කෙල්ලො හිතන්නෙ නෑ...අනිත් පාර්ශවයට දැනෙන වේදනාව ගැන. බොටත් ජය !

      Delete
  21. සිරා මගෙ කථාවත් දාපන්කෝ......පොඩි බන්ඩි පෝර පාරක් දාල..ගත්තම මරුවට තියේවි... මම ඔක්කොම ලියල ඊයක් විදින්නම්......බෑ කියන්න නම් එපා හොඳයි...අපි ඉතින් ඔය කථා වෙන කට කියල කියන්නේයි....සිරා ඈරෙන්න.... !!

    ReplyDelete
    Replies
    1. නිසැකවම දාන්නම් මිත්‍රයා...හැකි ඉක්මනින් අකුරු කර මවෙත ලැබෙන්න සලස්වන්න..

      Delete
  22. ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා...//

    දුක්බරම කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා...//
    අරුත පසිදින්නට කියා
    අවසානයට පෙර ඈගියා...

    ඇරඹුමම කදුලක් වෙලා...//

    ශෝකාන්තය එන තුරා
    එහි ‍රැදෙන්නට සිත් ඇති නියා...//
    අනන්තය ලඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා...

    ඇරඹුමම කදුලක් වෙලා...//

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ව‍ැඩේම තමයි උනේ බං...දුක අතරින් මමත් සිහහා වෙනවා...

      Delete
  23. මොනව උනත් මම නම් දෑන් මෙන්න මේ සින්දුව කියාගෙන මගේ පාඩුවේ ඉන්නව....අපි මොකටෙයි කාටවත් කරදර කරන්නේ ......

    අවන්හලක ඉපදි මා මිය යනවානම්
    මේ සසරේ පින් කර ඈති එකම කෙනා මO..
    මොහොතක් වත් නෑ මට කිසි අඩුපාඩුවකින්..
    මිය යනතුරු සිටින්නේය අවන්හලේ මO ....

    ඉන්නට සුළුකලට විනෝදෙන්
    මතු දෙවියෙක් වෙයි රඟන එවේලෙ...
    මළ පසු මට හිමි සොහොන් කොතේ..
    මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ..

    අමතක කර ආදර ලෝකේ..
    සෑමදා බොමි මේ ජයපානේ..
    ජීවත්වන මේ සුළු කාලේ..
    මගෙ මිතුරා වෙයි මදු පානේ.....!!!!

    ReplyDelete
    Replies
    1. ආදරයක් නොලැබුනා කියලා බීලා මැරෙන එක අනුමත කරන්න බෑ ගොයියො...අපි ඉස්සෙල්ලාම අපිට ආදරය කලොත් විතරයි...තවත් කෙනෙක්ට හොඳින් ආදරය කරන්න ලැබෙන්නෙ. මේ වගේ ගැටළු වලට බීලා විසඳුම් හොයන්න බෑ...ඔය සින්දුව ගායනා කරන ගායකයා නම් හොඳට ගහලා තමයි සංගීත වලට සින්දු කියන්න නම් එන්නෙ...හැක් හැක්..

      Delete
  24. සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා
    සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා

    ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී
    දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
    කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී

    සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා

    දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
    මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
    ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී

    ReplyDelete
    Replies
    1. විරහවෙන් පෙළෙන හදවතකට ගොඩාක් දැනෙන පද පෙළක්....ගොඩාක් දැනෙන ගීතයක්...මේ වෙලාවෙ මටත් ගොඩාක් දැනෙනවා ආදරයේ විරහව හරිම කටුකයි කියලා..

      Delete
  25. ජීවිතයක් පදම් වෙන්න නම් ඔය කොයි කොයි ආකාරයේත් අද්දැකීම් එකතුවෙන්න ඕනෙ. ඒවා තමන්ගේම අත්දැකීම්, තමන්ගේ සහෘදයන්ගේ අත්දැකීම්, තමන්ගේ නිරීක්ෂණ, ආදී වශයෙන් අහපු දැකපු දේවල් වෙන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ ඔය ඔක්කොම අත්විඳලා, තමන්ට හරියටම හරියන අත්දැකීම ලබන්න සුදුසු කෙනා තෝරා ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි...අත්දැකීම් වලින් ලබාගන්න පන්නරය..තමන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යන්න අප ඉවහල් කරගත යුතුයි...

      Delete
  26. මමත් බුට් එකක රස මුලින්ම බැලුවේ මේ වගේ පෙබරවාරියක තමයි.

    ReplyDelete
    Replies
    1. පෙබරවාරිය මහ ජරා මාසයක් බං...ඒක තමයි ඒකෙ දිනත් අඩු කරලා තියෙන්නෙ...

      Delete
  27. සිරා, ගෑණු ළමයි හරියට හෙවනැල්ල වගේ, පස්සෙන් යනකොට පළා යනව, පළා යනකොට පස්සෙන් එනව. මේ කොලුවට උනෙත් එහෙම එකක්නෙ!

    අනික තමයි නොතේරෙන වයසෙදි දකින පළමු පිරිමිය වීරය වෙනව, පස්සෙ කාරන කාරනා තේරෙනකොට ඒක වෙනස් වෙනව.

    ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී

    ReplyDelete
    Replies
    1. හෙවනැල්ල උනත් තමන් ලග ඉන්නෙ ආලෝකය තිබෙන තාක් පමණයි කියලත් කථාවක් තියෙනවා නොවැ ලොකු අයියෙ...අන්න ඒ වගේ සමහර කෙල්ලො අපි ලග ඉන්නෙ අපිට වඩා හොඳ කෙනෙක් එයාලට මුණ ගැහෙන තුරු පමණයි. මටත් උනේ එහෙම වැඩක්ද කියලා මම මේ කල්පනා කරන්නෙ.

      Delete
  28. කතාව කියවගෙන යනකොට නොදැනීම හිත ඈතට දුවගෙන යනව..පහුගිය දේවල් මතක් වෙලා ඇස් දෙකට කදුළු උනනවා වගේ දැනුන..ඒත් අපේ ගල් බලකායේ කොමෙන්ට් ටික දැක්කම හිනා වෙලා හක්කත් රිදෙනවා..කාන්තා පරාල නියෝජනය අඩු උනාට ඉන්න කට්ටිය හෙන ගේමක් දෙනව තමන්ව බේරගන්න..නමුත් ඇත්ත මේකයි.ලව් එක නැතිවෙච්ච කොල්ලෝ පලවෙනි දවසේ වීරයො වගේ ඉන්නව..ඊට මාසෙකට විතර පස්සේ ඉදන් ජීවිතේ බොහෝ කාලයක් ඒ විරහ වේදනාව විදිනව...ඒත් බොහොමයක් ගෑනු ළමයි පළමු කිහිප දවසෙ දුක් විදල ඉතා ඉක්මනින් අතීතය අමතක කරනව..ඔහොම යන් ....

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියා ඉතිං මගේ ආදර කථාව දන්නවා නොවැ...එයාට මම කොච්චර ආදරය කලාද..එයාගෙ ලෙඩකදි දුකකදි මම කොච්චර කණගාටු උනාද කියලත් දන්නවා නොවැ...මට පණ දෙන්නම් කිව්ව එයා දැන් බලන්න මාව අමතක කරලා ඉන්න අපූරුව..මගෙන් ඈත් උනාට කමක් නෑ...නමුත් ඒ විදියට සාහසික විදියට අෑත් වීමයි මගෙ හිතට කණගාටුවක් ගෙනාවෙ...මම ගොඩාක් කණගාටු වෙනවා...පසු තැවෙනවා..ආදරය හඳුනන්නෙ නැති හදවතකට මාස තුනක් හරි ආදරය කරනන් සිදුවීම ගැන.

      Delete
    2. බිදුණු කලක අමතක කල නොහැකි නම් සිතින්..
      බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්....

      මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්...//
      කදුළේ......
      රිදුමෙන්....
      සොයමි රස හැගුම්....කුමට සුබ පැතුම්...

      බිදුණු කලට...

      වැටහෙන්නේ නෑ වින්ද දුක රුදුරු....
      නිමාවී.....නැතී......//
      ගිලිහී.....ගියදෙන්......
      පෙමට දුන් රිදුම්.....බිදුණු පෙම් පැතුම්....

      බිදුණු කලක අමතක කල නොහැකි නම් සිතින්....//

      පුන්සිරි සොයිසා කියන්නෙ ඔන්න ඔහොම..

      Delete
  29. Incomplete story
    මුහුදේ ඝෝශාව මගේ සවන් අතර නොනවතී රව්දේ. පනස්පස් වසරක් සපෑමුනද ඈයගෙ රුව බින්දකිනුදු අඩුනොවී ඈත. වසර තිස්පහකට පෙර මගේ සිත බෑන්දගත් සුන්දරත්වය එලෙසම මා නෙත් අභියසය.

    මගේ සිත දුර ඈත අතීතයකට පියාසර කරයි. එදවස මගේ සහ මගේ මිතුරු කෑලගෙ බද්ර යවුවනයයි. උසස් පෙල හදරා පෙරලා ගම් රට බල ආ අපි අලුත් ජීවිතයකට හඩ ගෑහෙමින් සිටියෙමු. මා ඈය පලමු වරට දුටුවේ මගේ මිතුරෙකුගෙ නිවසේදිය. ඔහුගෙ වෑඩිමල් සොහොයුරියකගේ කිචිබිචි ගානා මිතුරු කෑල මෑද සිටි ඈය වෙතටම මගේ නෙතද සිතද එක්වර ඈදි ගියේ ඈයිදෑයි මම නොදනිමි. ඈයගෙ සෑමවිට සිනහසෙන, දිදුලන, කතාකරන කලතුරකින් කල්පනාකාරීවන දෑස ඊට හෙතුවුවායයි සමහරවිට මට සිතේ.

    දෑන් ඒ දෑස මා ඉදිරියේය. කාලය ගලා ගොසිනි. මතක සටහන් විටින්විට මට අමතනු ඈසේ. එදවස දගකල දෑසේ දෑන් සිහින් වේදනාවක් සටහන් වී ඈත. මගේ සිත තුලද ඊට නොදෙවෙනි වේදනාවකි. එදවස අප ප්රියකල වික්ටර්, මිල්ටන්, ටී එම්, ආදීන්ගේ ගීත වල සදහන් වු විරහව මගේ සිත තෙරපයි. “සෝක සෙනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා, ඈගෙ නිලුපුල් දෑසෙ කන්දුලෑල් ජීවිතේ මතු වසනා.”

    මම ඈයගේ සිහින් අතෑන්ගිලි පිරිමදිමි. ඈයගේ දෙනෙත තවමත් බිමට බරවී ඈත. දුරක සිට පාවී ආ ගිටාරයක හඩ නෑවත මා අතීතයට ගෙනයයි.

    ReplyDelete
    Replies
    1. අසම්පූර්ණ කථාවේ සංශිප්තය යම් තරමකට මට හිතාගන්න පුලුවන්...ලස්සන කථාවක් කියනවට වඩා සංවේදී කථාවක් කිව්වත් වරදක් නෑ...වසර තිස් පහක් කියන්නෙ මොන තරම් කාලයක්ද ? ඒ කාල පරාසය තුල මොන තරම් දේ සිදුවෙන්නට ඇතිද....නමුත් ප්‍රේමයේ මුල් අකුරු කියවූ හදවතකට මේ කාල සමය බාධාවක් නෑ...ප්‍රේමය වයසට යන්නේ නෑ...

      Delete
  30. මේවා කියෙවුවම ඉතින් අපිට තව තවත් කතා ලියන්නම හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. විවිධ වර්ණ තවරලා ඒ කථා අපට කියවන්න ලැබේවි කියලා හිතෙනවා මලයා...

      Delete
  31. hmmmm.... boot masema mage story ekath danna sira aiyeee

    ReplyDelete
  32. ඔබමයි ආවේ - ඔබමයි යන්නේ.. මා එතනම එහෙමයි !!
    නිදුකින් ඉනු මැන - ඔබ සතුටින් නම්.. මගේ සතුට ද එයමයි !

    ReplyDelete
  33. වළාවළාකුළට රෑ සඳ නෑවිත් හිටපු..
    එකම දවස අද විතරද මගෙ දෙවුදූ ..

    මතක විදිහට නාමල් උදු
    උඩුගමගෙ ගීතයක් මේ ගීතයේ මුල් වචන හෝ youtube ලින්ක් එකක් ලබාදෙන්න..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...