Tuesday, February 3, 2015

65 එලීසාගේ අභිරහස් මරණය

ඊයෙ පෙරේදා දවසක ජාලය අස්සෙ කරක් ගහනකොට දැක්ක කුතුහලය දනවන ලිපියක් ලග මගේ ඇස්ගෙඩි දෙක නතර උනා. මේ සිදුවීම පසුපස තියෙන සත්‍ය කරුණු මොනවද...ඇත්තටම එතැන මොකද වෙන්න ඇත්තෙ. මගේ හිත මගෙන් ප්‍රශ්න කලා. ඒ විස්තර බොලා එක්ක බෙදාගන්නයි මගේ මේ වෑයම.

Elisa Lam
ඇගේ නම Elisa Lam 2013 වසරෙ පෙබරවාරියෙ මේ අවාසනාවන්ත සිදුවීම වෙද්දි ඇගේ වයස අවුරුදු 21 ක්. කැනඩාවෙ වැන්කූවර් නගරයෙ ජීවත් වෙච්ච බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් තමයි මේ කියන එලීසා. චීන සම්භවයක් ඇති කැනඩා පුරවැසියෙකු වූ එලීසා තනිවම ලොස් අැන්ජලීස් නුවරට ආවෙ කෙටි නිවාඩුවක් ගත කරලා සාප්පු සවාරියේ යෙදෙන අදහසින්. ඇය එහි පැමිණි දින සිටම තම දෙමාපියන් දිනපතා අමතා තිබෙනවා. එහෙත් හදිසියේ ඇගේ කථා බහ නතර උනා.

ඇමරිකාවෙ ලොස් අැන්ජලීස් නුවර Cecil හෝටලයේ වහලය මත පිහිටා තිබෙන වතුර ටැංකියකින් ඇගේ ප්‍රාණය නිරුද්ධ නිරුවත් සිරුර සොයාගැනීමත් සමගයි මේ කථාව බාහිර සමාජයට අනාවරණය වෙන්නෙ. මළ සිරුර සොයා ගන්නා අවස්ථාව වන විට ඇගේ මරණය සිදුවී සති දෙකක් පමණ ගතවී අවසන්. හෝටලේ නළ ජලයේ පැහැය හදිසියේ වෙනස් වීම, ජල පීඩනය අඩු වීම, රස වෙනස් වීම සහ ජලය දුර්ගන්ධයකින් යුතු බව නවාතැන් කරුවො පැමිණිලි කල නිසයි ජල ටැංකිය පිළිබඳ සොයා බලලා තියෙන්නෙ. ඒ අවස්ථාව වන තුරා හෝටලයේ නවාතැන් ගත් පිරිස් ඇගේ ශරීර කොටස් සහිත නළ ජලය භාවිතා කොට තිබුනා.


ජලයේ පැහැය



එලීසා වැටී සිටි ජල ටැංකියේ ජල සාම්පලයක්
ලොස් ඇන්ජලීස්  ප්‍රාන්ත බලධාරීන් එලීසාගෙ මරණය දියේ ගිලී මිය යාමක් විදියට සැක කරන්න පුලුවන් කියලා වේලාසන කිව්වා. ජලය ගබඩා කරන ටැංකි ස්ථාපනය කොට තිබෙන මේ කලාපයට පහසුවෙන් කෙනෙකුට ලඟා වෙන්න බෑ. හදිසි අනතුරු ඇගවීමේ නලා සහිත අගුළු දැමූ දොරවල් පසුකර ඇය මෙහි පැමිණිය යුතුයි. එහෙම එනවා නම් එය හෝටලේ සේවකයන්ට දැනගන්න ලැබෙනවා.  එවැනි තත්වයක් යටතේ ඇය කොහොමද වතුර ටැංකිය වෙත ලඟා උනේ ඇයව කිසිවෙකු විසින් මරා දැම්මාද ? ඇය වතුර ටැංකියට වැටුනෙ කොහොමද ? හෝටලේ සාමාන්‍ය අමුත්තො යන්නෙ එන්නෙ නැති මේ කලාපයට ඇය ආවෙ ඇයි ? මේ වගේ ගැටලු රාශියකට පරීක්ෂණ පවත්වපු නිළධාරීන් මුහුණ දුන්නා.

මරණ පරීක්ෂණයෙදි සැක සහිත කිසිවක් සොයාගන්නට ලැබුනෙ නෑ. ඇය මත්ද්‍රව්‍ය ලබාගත් බවක් අනාවරණය උනේ නෑ. ඒ වගේම ශරීරයේ බාහිර තුවාල, තැලීම්, කිසිවක් තිබුනේ නෑ. පෙණහැල්ල තුල ජලය නොතිබූ නිසා ඇය ජලයේ ගිලී මිය ගිය කෙනෙකුත් නෙමෙයි. මෙය පැහැදිලිවම මිනී මැරුමක්..ඒත් එය සිදුවුනේ සිරුර ටැංකිය ඇතුලට දැම්මෙ කොහොමද ? කවුද ?




ඇයගේ සිරුර වතුර ටැංකිය තුල තිබූ ආකාරය

එක් ජල ටැංකියක් අඩි 8 ක් පමණ උසින් යුතු වෙයි.
ටැංකිය වෙත ප්‍රවේශ විය යුතු ආකාරය කඩ ඉරි වලින් දැක්වේ.
මේ සියලු පරීක්ෂණ අවසානයේදී උඩු යටිකුරු වෙන්නෙ ඇය මිය යන්නට ආසන්න අවස්ථාවක විදුලි සෝපානයේ ආරක්ෂක (CCTV) කැමරාවක සටහන් වී තිබූ කුතුහලය දනවන දර්ශන පෙළක් නිසයි. විනාඩි 4ක් පුරා දිවෙන මේ වීඩියෝවේ එලීසා පෙන්වන්නෙ අරුම පුදුම හැසිරීමක්. කලබලයෙන් වගේ සෝපානය තුලට එන ඇය එහි බොත්තම් කීපයක් ඔබා දොර වැසෙන තුරු බලා සිටිනවා. නමුත් සෝපානය ක්‍රියාත්මක වෙන්න‍ෙ නෑ. ඇය කිසිවෙකුට බියෙන් හැසිරෙන බවක් පැහැදිලිව පෙනෙනවා. ‍සෝපානය තුල ඇය කිසිවෙකුගෙන් සැඟවෙන්නට උත්සාහ ගන්න බවක් පේනවා. 1.57 විනාඩියෙදි ඇගේ දෑත් චලනය වෙන්නෙ අභිරහස් ආකාරයකට...හරියට ඇය ඉදිරියේ අමනුස්සයෙක් හිටියා වගෙයි. ඇය කථා කරන්නට උත්සාහ ගන්න බවකුත් පේනවා. මේ සිදුවීම් වලින් පස්සෙ ඇය ඉවතට යනවා...සෝපානය යළි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.



ඇගේ මරණය පිළිබද විවිධ පාර්ශව විවිධ නිගමන වලට ආවා. සමහරු කිව්වෙ මේ මරණයට අද්භූත පුද්ගලයෙක් සම්බන්ධයි කියලා. තවත් සමහරු හෝටලයේ සේවයේ නිරතව සිටි කෙනෙකු මේ මරණයට වගකිව යුතු බව කිව්වා. ඒත් වීඩියෝවෙ දැක්වෙන රූප පෙලත් එක්ක මේ සිදුවීම අභිරහස් ස්වරූපයක් ගත්තා.

ඇගේ දෙමාපියන් සමග නැගණිය එලීසාගේ මරණයට හේතු වූ කාරණා පිළිබඳ හොයලා බලන්න ඇමරිකාවට ආවා. වසරකට ලොස් ඇන්ජලීස් නගරය තුලදි පුද්ගල අතුරුදන් වීම් රාශියක් වාර්තා වෙනවා. ඒ වටපිටාව ඇතුලෙ මේ සිදුවීම ජාත්‍යන්තර තලයේ ප්‍රධාන පුවතක් බවට පත්වෙන්නෙ බොහොම කෙටි කාලයකින්.


මව සහ නැගණිය සමග එලීසා මල් පොකුරක් අතැතිව
Cecil ‍හෝටලය අඳුරු ඉතිහාසයක් සහිත එකක්. 1920 දී ආරම්භ වී ඇති කාමර 700 ක් සහිත මේ හෝටලය නගරයට පැමිණෙන ව්‍යාපාරිකයන්ට ආහාර සහ නවාතැන් සැපයීමේ ප්‍රමුඛතැනට පත් වී තිබෙන්නේ බොහෝ කෙටි කලකින්. නගරයේ අලංකාර හෝටලයක් ලෙසත් අතීතයේදී යම් කීර්ති නාමයක් එයට අත්ව තිබුන බවයි කියන්නේ.


අද්භූත හෝටලය
හෝටලයේ ඇතුලත දර්ශනයක්

දීර්ඝකාලීනව ඉතා අඩු මුදලට හෝටල් කාමර ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ උනාට පස්සෙ හෝටලයට තිබුන හොඳ නම නැති උනා. සියදිවි නසාගැනීම්, මිනී මැරුම් සඳහා හෝටලය ප්‍රසිද්ධ උනා වගේම Richard RamirezJack Unterweger වැනි ප්‍රසිද්ධ සමූහ මිනීමරුවන් නිතර නවාගැන් ගත් ස්ථානයක් ලෙසත් මේ හෝටලය කරළියට ආවා. 50-60 දශකය තුල මෙහි නවාතැන් ගත් කීප දෙනෙකුම ජනෙල් වලින් පිටතට පැන දිවි නසාගෙන තිබෙනවා.

Helen Gurnee නැමති 50 හැවිරිදි කත 7 වන මහලේ ජනේලයකින් පිටතට පැන දිවි නසාගත්තෙ 1954 දි. Julia Moore 8 වන මහලෙ කවුළුවකින් බිමට පැන්නෙ 1954 දි. සැමියා සමග සිදුවෙච්ච ආරවුලකින් පස්සෙ Pauline Otton 9 වන මහලෙ ජනේලයකින් බිමට පැන්නෙ 1962 දි.
2005 වර්ෂයේදී තිරගත වූ Dark Water නම් ත්‍රාසජනක චිත්‍රපටයේ කථා තේමාව Elisa Lam සිදුවීමට යම් සමානකමක් දක්වනවා. Dahlia නැමති ප්‍රධාන චරිතයක් වටා දිවෙන මේ චිත්‍රපටයට පාදක වී ඇත්තේ 1947 දී අභිරහස් අන්දමින් ලොජ් අැන්ජලීස් නගරයේදී ඝාතනය වූ එළිසබෙත් නැමති කාන්තාවකගේ කථාවක්. මේ ඝාතනය තවමත් අභිරහසක් වන අතර ඇය ඝාතනය වීමට පෙර Cecil හෝටලයේ සිටි බව සමහර ඇසින් දුටු සාක්කි වලින් කියැවුනා. ‍චිත්‍රපටයට අනුව ඔවුන් නවාතැන් ගන්නේ මහල් නිවාස සංකීර්ණයක.

Dark Water චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක්
Dark Water චිත්‍රපටයේත් වතුර ටැංකියක ගිලී මියයන තරුණියකගේ චරිතයක්, නානකාමරයේ සීලිමෙන් කාන්දු වන කලු පැහැති දියබිඳු, හදිසියේ ක්‍රියාවිරහිත වන මහල් නිවාස සංකීර්ණයේ සෝපානය ඒ අවට ගැවසෙන භූතාත්මයක් වැනි සිදුවීම් වලින් යුක්ත උනා.

2013 ජූනි මසදී ලොස් ඇන්ජලීස් බලධාරීන් එලීසාගෙ මරණයට හේතුව හදිසි අනතුරක් ලෙස නිළ වශයෙන් දක්වමින් තම තීන්දුව ප්‍රකාශයට පත් කලා. ඒ තීරණය හමුවේ පිළිතුරු ලැබුනේ නැති කාරණා කීපයක් තිබුනා.


ලොස් ඇන්ජලීස් නුවර සිදුවන වෙනස් ආකාරයේ මරණ පිළිබඳ පරීක්ෂණ කටයුතු එහි බලධාරින් විනිවිදභාවයක් ඇතිව සිදු නොකරන බවට චෝදනා බොහොමයි. ඒ නිසාම එලීසාගේ සිදුවීම පිළිබද විවිධ පරස්පර අදහස් සමාජයේ පැතිරිලා.  නමුත් බලධාරීන් මේ කරුණු සාවද්‍ය යැයි ඉදිරියේදී හෝ කරුණු ඔප්පු කර පෙන්වන බවක් පෙනෙන්නට නෑ. 

හෙළිදරව් නොවූ කරුණු කීපයක් ලෝකයා හමුවේ තබා අවසානයේ එලීසා ජීවිතයෙන් සමුගත්තා.

1 එලීසා මියගියේ කොහොමද ? මරණ පරීක්ෂණයෙන් කිසිවක් අනාවරණය කරගන්න බැරි උනා.

2 ඇය හෝටලයේ වහළය මතට කාටත් හොරෙන් ලඟා වූයේ කොහොමද ?

3 ඇය ටැංකිය මතට ගියේ, එහි පියන විවෘත කලේ සහ නැවත වසා දැමූයේ කෙසේද? බරින් වැඩි නිසා ටැංකියේ පියන තනි පුද්ගලයෙකුට විවර කල නොහැකි අතර පුද්ගලයන් කීප දෙනෙකුගේ සහායෙන් එය විවෘත කල යුතුය. ටැංකියට පසෙකින් ඇති ඉනිමගේ කිසිම ඇඟිලි සළකුණක් සොයාගැනීමට හැකිවී නැත.

4 ඇය හැඳ සිටි ඇඳුම් කොතැනද ? හෝටලය තුලින් ඇගේ ඇඳුම් සොයාගැනීමට නොහැකි විය.

5 සෝපානය තුලදී සැබවින්ම සිදුවූයේ කුමක්ද ?


සමහර අභිරහස් කිසිදා විසඳිය නොහැක.....එය Dark Water චිත්‍රපටයේ තේමා පාඨයයි. එය එලීසා සම්බන්ධ සිදුවීමටද හොඳින්ම ගැලපෙයි.


අද ලිපියට මූලාශ්‍ර

පළමු ලිපිය
දෙවැනි ලිපිය

මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

එලීසාගේ මිනීමරුවා සොයන්නට සිදුකල මත විමසුමක් මෙතැනින්

65 comments:

  1. බය හිතෙන ෆිල්ම් ඒකක් බැලුවා වගේ වුණා සිරා............. අැත්තට ම අැය යම් ගැටලුවක හිටි බව ඒයින් පැහැදිලි ව පේනවා.. මේක විකෘති කරපු රූපරාමු පෙළක් වෙන්න බැරිද??? මං කියන්නේ ඒ තුළ තිබුණ රූපය ඉවත් කිරීමක් වැනි දෙයක්///

    ReplyDelete
    Replies
    1. //මං කියන්නේ ඒ තුළ තිබුණ රූපය ඉවත් කිරීමක් වැනි දෙයක්//

      මටත් ඕකම හිතුනනෙ.

      Delete
    2. රැප ඉවත්කරානං මචං එතැන frame එකක් කපල එකේ ඉදල අනිත් frame එකට Joint කරණ තැනදි video එක කැඩෙනවා මෙකේ එහෙම කිසිම දෙයක් පේන්න නැ

      Delete
    3. එහෙම රූප රාමු ඉවත් කලා නම් ඇමරිකාවෙ ඉන්න තාක්ෂණ විශේෂඥයන්ට අහු වෙන්නෙ නැත්තෙ නෑනෙ...මෙතන එහෙම කිසිම වංචාවක් වෙන්න ඉඩක් නෑ...

      Delete
  2. මේ වගේ දේවල් ඉඳහිට ගැලපෙනවා. ඕස්ට්‍රේලියාවේ මේ වගේ සිදු වූ අභිරහස් මරණයක් ගැන මම ටික කාලෙකට කලින් ලිව්වා මතක ඇති.

    ReplyDelete
    Replies
    1. මට ඒ ලිපිය මග ඇරිලා වගේ..මතකයක් නෑ එහෙම යමක් කියෙව්ව බවට...මම ඒ පැත්තෙ කැරකිලා බලන්නම් ලොකු අයියා...

      Delete
  3. හරියට Paranormal activities වගේ
    මොනව නැතත් අර වතුර බිපු එවුන්ගේන් බාගේට බාගේකුත් හෙට අනිද්ද මැරෙයි
    අර Black Dillage case එක මම දන්නවා එකේ ෆොටෝසුත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ලෙවියාතන් ගොයියව කාමරේට සාදරයෙන් පිළිගන්නවා...

      වතුර බීපු අය කියලා තියෙනවා මේ සිදුවීම ගැන දැනගත්තට පස්සෙ ආමාෂය ඇතුලෙන් අමුතුම වේදනාවක් වගේ දෙයක් දැනුනා කියලා...මොන තරම් අප්පිරියාවක් හිතෙන්න ඇතිද...

      Delete
  4. මා දන්නා තරමින් ලෝකය පුරාම මෙවැනි නොවිසඳුණු අබිරහස් සිදුවීම් තිබෙනවා. මේවාට අර්ථකතන දීමත් හරි අමාරුයි. මේ තරුණිය සංඥා භාෂාවකින් කාට හෝ යමක් කියන බවක් පෙනෙනවා. ඇය විදුලි සෝපානයේ බොත්තම් වලින් යම්කිසි කෝඩ් එකක් ගහනවා කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇගේ හැසිරීම ඉතාම අසාමාන්‍යයි..විචාරක තුමා කියන කාරණයත් වෙන්න පුලුවන් සමහර විට....මම හිතන්නෙ මේ ලෝකය ගැන අප දන්නා ප්‍රමාණයට වඩා අප නොදන්නා ප්‍රමාණය වැඩියි කියලයි..

      Delete
  5. ඇය කාගේ හෝ නියෝගයකට ක්‍රියාත්මක වෙනවා වගේ.. බලන්න එළියට යද්දී එහෙම යන්නේ ඇය පියවර මනිමින්...

    ReplyDelete
    Replies
    1. ඔය කෙල්ල මැරුණා කාලෙම නේද අර නාඩියා කියන ලංකාවේ එකා ඇමරිකාවේ හිටියෙත් ???

      Delete
    2. නාඩියා මේ කියන කාලෙදි නෙමෙයි නේද අැමරිකාව පැත්තෙ ගියෙ...ඇගේ හැසිරීම හරිම අසාමාන්‍යයි.

      Delete
  6. පිස්සු හැදෙනවා. අර උඩම වීඩියෝ එකේ අත් දෙකේ වෙනස් හැසිරීම දැක්කම Paranormal activities මටත් මතක් උනා. ඔය වගේ නොවිසඳුන අත්භූත සිද්දි කොච්චර තියෙන්න පුලුවන්ද. කොහොම හරි සිරා අයියෙ හොඳ ලිපියක්. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්..ඇගේ අසාමාන්‍ය හැසිරීම තමයි මෙතැන තියෙන විශාලම ගැටලුව..ඇය සෝපානයෙන් පිටතදි කා සමගද අදහස් හුවමාරු කරගත්තෙ කියන කාරණයයි පරීක්ෂණ කණ්ඩායමේ අවධානය වැඩියෙන් දිනාගන්න ඇත්තෙ.

      Delete
  7. තනිකරම X-Files කේස් එකක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම...උහතෝකෝටිකයක්...

      Delete
  8. Mama hitanne Elisa ta Bi-polar disorder thiyenna ethi. Mata kiyawanna labuna deyak me pahala thiyenne. "Elisa, it seems, struggled with depression for many years. In one entry, she writes: “I had a relapse at the start of the term and had to drop 2 of the 3 courses I was taking. Now I am down to one course and I have missed 3 weeks of classes since my sleeping pattern is completely reversed.”

    Relapse of what? One can only guess the very bi-polar disorder that apparently led to her demise."
    Pahala link eken balanna thawa wisthara,
    http://theghostdiaries.com/new-bizarre-twists-in-the-macabre-case-of-elisa-lam/

    Auntie K

    ReplyDelete
    Replies
    1. වෙලාවක කියන්නකො කේ කියන අකුරෙ තේරුමත්...මම හිතන්නෙ කාන්ති කියා විය යුතුයි. නැන්දගෙ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි...ඉඩ පාඩුවක් ලැබුන ගමන් ඔබ එව්ව ලින්කුවට එබිකම් කරලා බලන්නම්...

      Delete
  9. පිස්සු හැදෙන කේස් එකක්නේ.. වීඩියෝ එක බලද්දී නම් මොකක් හරි අමුතු දෙයක් තියෙනවා කියලා තේරෙනවා.. ඒත් ඉතින් ඒවයේ ඇත්ත නැත්ත ගැන හිතා ගන්න හරි අමාරුයි..

    ReplyDelete
    Replies
    1. මමත් ඔය වීඩියෝව දැක්ක මුල්ම අවස්ථාවෙ හරිම කුතුහලයක් දැනුනා ඇගේ හැසිරීම දැකලා...ඇගේ මරණය වෙන්න ඇත්තෙ කොහොමද..ඒක හරිම සංකීරණයි නේද..

      Delete
  10. ඊව්....බලනකොටත් බය හිතෙනවා. ෆිල්ම් එක බලලා තියෙනවා වගේ මතකෙකුත් තියෙනවා. ඔය වගේ හෝටලේක ගිහින් නතර වෙන්ට තියෙන්නේ කට්ටියකට. හැබැයි මට නම් බෑලු.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ හෝටලයක නතර වෙන්න යනවා නම් ඔය මැලේ රාලලා , මෙන්ඩිස් ලා, එක්ක ඛණ්ඩයට අණ දෙන්න විචාරක තුමාවත් අරගෙන යන්න ඕනෙ...ගල් කේස් එකකුත් දාගන්න වෙයි ලංකාවෙන් පිටත් වෙද්දි..

      Delete
    2. මාත් එනෝ.... හම්මේ ගල්....

      Delete
  11. ඔව්ව මොනවද සිරා,. අර අපේ රටේ පත්තරවලට ලියපු මනුස්සයෝ වාෂ්ප වෙලා ගිය හැටියට..

    ReplyDelete
    Replies
    1. ඒ වාෂ්ප වෙලා ගිය අය ප්‍රංශයෙදි දැක්කා කියලත් එතනෝල් බුවෙක් කියනවනෙ...

      Delete
    2. ඒ එතනෝල් බුවා තමයි වසරේ හොඳම බොරුවට හිමි සම්මානේ ගන්නෙත්.

      Delete
  12. බලධාරිට පහසුවට තිරන දිම ගොඩාක් තැන්වල වෙනව. හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඕකට හොද කථාවක් මම කියන්නම්...අපේ ගම මැදින් ගලන අත්තනගළු ඔයේ පාවෙලා ආව මිනියක් එක සැරයක් කොල්ලො එකතුවෙලා සෑහෙන පරිශ්‍රමයක් දරලා ගොඩ දැම්මා. පොලෝසියෙන් ආව ගමන් ගොඩ දාපු උන්ටයි බැන්නෙ..ඇයි අයිසෙ මේක මෙතනින් ගොඩ දැම්මෙ...තව මීටර් 100 ක් එහාට ගියා නම් අහවල් පොලිස් බල ප්‍රදේශයටනෙ මේ කේස් එක භාර වෙන්නෙ...තමුසෙලා වැඩ නැතුවට කරන වැඩ අයිසෙ....ඔන්න ඕකයි උනේ...

      Delete
  13. මේක ඇත්තටම හොල්මං කතාවක් බැලුවා වගේ , වතුර ටැංකියේ පිහිටීම අනුව ඇයව මරා දමා ඉන පසු මෙතනට ගෙනිච්චා වෙන්නට බැහැ. එතනට රැගෙන ගොස මරාදමා ඇති බවක් හිතන්ට පුළුවන්, එත් රහස් පරීක්ෂකයෝන්ගෙන් හිඟයක් නැති ඇමරිකාවේ මවක හොයාගන්න් බැරි මොකද ?

    ReplyDelete
    Replies
    1. ඔය කෙළිව මරපු එකා කෙලින්ම මැදමුලනේ පොරක්................. ඒ නිසා රජා තමයි නියෝග කරලා තියෙන්නේ රහස් පරීක්ෂකයන්ට මේක යට ගහන්න කියලා ............... ඕකවත් තේරෙන්නේ නැත්ද බන්

      Delete
    2. වතුර ටැංකි තියෙන ඉසව්ව ආරක්ෂිත කලාපයක් එකේ කොහොමද වතුර ටැංකියක් ඇතුලටම දාන්නෙ..අන්න එයයි මෙතන තියෙන අභිරහස..මරණ පරීක්ෂණයෙන් කිසිවක් සොයාගන්නත් බෑ කියනවනෙ...මේක හරි පුදුම වැඩක්...

      Delete
  14. හොල්මන් කියලා දෙයක් තියෙනවද බන්....? අහ්...!!!! ඔව් නේ.... අපේ මෙන්ඩියාව මතක් උනේ දැන් නේ...

    ReplyDelete
    Replies
    1. බොලා දැකලා නෑ නේද..මට නම් වතාවක් මුලිච්චි උනා නෙව....මෙන්ඩයියා..

      Delete
    2. නලුවොත් හොල්මන් වෙලා ඉපදෙනවානේ බං..මෙන්ඩාත් නිකන් නලුවෙක් වගේ හොල්මනක්.
      (ප්‍රෙඩි සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, බන්දු, ටෙනි නලුවන් බව කරැනාවෙන් සලකන්න)

      Delete
    3. දැන් බලන්න ආටක නාටක එකේ බොනී අයියා...ඒ වගේද අපේ එලද බ්‍රා මෙන්ඩයියා..පුරේටම එකයි..

      Delete
  15. අර ටැංකියේ වතුර බීපු අයට මොනවා හිතෙන්න ඇත්ද?

    පසුගියදා ලිෆ්ට් එකේ ගොස් ඉහල මහලකින් වැටුණු ලංකාවේ පොඩි එකීගේ මරණයත් තවම අභිරහසක්.

    ReplyDelete
    Replies
    1. වතුර බීපු උන් කියලා තියෙනවා උන්ට මේක දැනගත්තට පස්සෙ කරන්ට් එක වැදුනා වගේ..මළා නම් සැපයි කියලා හිතුනා කියලා...

      Delete
  16. හරිම ප්‍රහේලිකාවක් නේද.. ඒත් කොතනකම හරි හෝඩුවාවක් ඇති කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා පරීක්ෂණ කරපු උන් පොටක් පාදගෙන ඒක සමාජයට පෙන්වන්නෙ නැතුව වසා දැම්මද කියලා..මොකද ඇමරිකාවෙ නමටනෙ හොද නැත්තෙ...

      Delete
  17. කලින් දිගටම තිබුන මාගල් වගේ ලිපි එක්ක ගත්තම මේ ලිපිය ලියලා තියෙන විදිය ශෝක්........ ඔපිසියේදීම කියවන්න පුළුවන් සොට් ආණ්ඩ ස්වීට්..........

    ReplyDelete
    Replies
    1. කොල්ලට ආයෙ කාම පැය ලැබිලා වගේ බොග් කියවන්න එන්නෙ...නරකද කථාවක් දෙකක් ලිව්වොත්

      Delete
  18. Odd one වගේ ගොන් කතාවක් කියන්නයි හදන්නේ. ඒත් ඒක මගේ අදහස නිසා මට ඒ ගැන ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ...

    අර වීඩියෝවේ 'මාර' අමුත්තක් නම් මට පෙනෙන්නේ නැහැ. අපිත් සමහර වෙලාවට ලිෆ්ට් වල බොත්තම් හැටහුටමාරක් තිබ්බම බොත්තම් ඔබන්න කලින් ඔහොම බලනවා. ඒ වගේම වැරදිලා දෙක තුනත් ඔබන අවස්ථා තියෙනවා. එහෙම පිස්සු කෙලියම ගොඩක් වෙලාවට ඔහොම ලිෆ්ට් එක දොර වැහෙන්නේ නැතුව තියෙනවා. එහි අමුත්තක් මට නම් පේන්නේ නැහැ. ඒ වගේම ඇය එළියේ බලන්නේ දොර වැහෙන්නේ නැත්තේ එළියේ කෙනෙක් බොත්තම නැවත නැවත ඔබනවාද කියල චෙක් කරනවා කියලයි මට හිතෙන්නේ. කෙනෙක් විහිළුවක් කරනවා යයි සිති කොනක හැන්ගෙනවා කියලා ආයෙත් හිතෙන්නේ. ලිෆ්ට් එකේ දොර වැහෙන්නේ නැති නිසා ඇය එලියට ඇවිත් බලනවා දොරේ සෙන්සර් එකක් තියෙනවද කියල ( අතපය වනමින්) බොරු කියන්නේ මොකටද, මමත් ඔහොම කරලා තියෙනවා.

    අවසානයේ ලිෆ්ට් එකේ යන්න බයේ ඇය යන්න යනවා.

    ඉතින් සරලයි, සාමාන්‍යයි නේද?

    නමුත් ඇය මරාදාපු එක ගැන කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තූතියි..නමුත් මට මේ වීඩියෝවෙදි ඇගෙන් දිස්වෙන්නෙ ඉතාම අසාමාන්‍ය හැසිරීමක්...ඇය පැහැදිලිවම තැති ගෙන ඉන්න ස්වරූපයක් පේනවා...බොත්තම් කීපයක් එබීමත් අසාමාන්‍යයි. එය හිතාමතා කරන දෙයක්...ඒ වගේම ඇය සෝපානය තුල හැංගෙන්නට වෙර දරන ආකාරයත් ඒ වෙලාවෙ ඇගේ මුහුණේ තියෙන ඉරියව් දිහාත් බැලුවාම එය විහිළුවක් නොවන බව පේනවා...සෝපානයෙන් ඉවතට යන ආකාරයත්..ඉන් පසු දෑත් චලනය වන විදියත් හරි වෙනස්...ඒ කාරණා වල තේරුම සොයාගන්නට පුලුවන් නම්..මිනීමැරුමෙ සුලමුල හොයාගන්න පහසු වෙයි නිසැකවම.

      Delete
  19. හොල්මන්ද පොල්කොළ කිව්වලු සිරෝ,
    ඉතින් බං අර වතුරේ පාට ඔච්චර නරක් වෙනකම් ඔය ගැන හොයන්න බැරි වුනේ කොහොමද ?අඩු වශයෙන් අර ලිෆ්ට් එකේ වීඩියෝ එක ගැනවත් ඒ වෙනකම් අවධානයක් තිබිලා නැතිද?
    සමහර විට අර උඩින් සරතයියා කියලා තියෙනවා වගේ පහුගිය කාලේ ලංකවේ වෙච්චි අතුරුදහන් විමුත් ඔය වගේ අභිරහස් කේස්ද දන්නේ නැහැ නෙහ්.

    ReplyDelete
    Replies
    1. ටැංකි හතරක් තිබුනනෙ ගොයියො..ඉතිං ඒ හතරෙන් වෙන වෙනමද දන්නෙ නෑනෙ ජලය නිකුත් උනේ..මේ සිද්ධිය මුල සිට අගටම අභිරහසක්...මේ හෝටලය පිහිොලා තියෙන පෙදෙසත් එච්චර හොඳ වටපිටාවක් නැති කුඩ්ඩො මැරයො නිතරම කැරකෙන පළාතක් කියලයි කියන්නෙ...ළඟපාත ගෙවල් දොරවල් එහෙම නෑලු.

      Delete
  20. මදෑ!
    Thank u for giving nightmares for the month ahead!!
    කොහෙන් හොයාගන්න කතාද මන්දා! බයයි යකූ >_<
    කමක් නෑ මං ආසයි බයවෙන්න ඔය කිව්වට. තව මේවගේ කතා ලැබුනොත් දාන්න ඈ....

    මේ අභිරහස හොයාගත්තාය කියල දැනගත්තොත් ඒකත් දානවද? සැනසීමෙන් නිදාගතෑකි එතකොට.

    ReplyDelete
    Replies
    1. බස්සි හොදටම බය වෙලා වගේ...

      Delete
    2. බොලාට කියවන්න ඉතිං මම මොන අහු මුල්ලෙන් හරි මොකක් හරි සෙද්දක් උස්සගෙන එනවා ඉතිං මාසෙ මුලම..බස්සි...ඊලග ලියවිල්ල විදියට පාලු හෝටලයක්..නුරාව උතුරන තරුණ යුවලක්..එක භූතාත්මයක් වගේ චරිත ටිකක් එකතු කරලා ලිව්වොත් කොහොමද ?

      අභිරහස හොයාගත්තොත් ඒක දාන්නම්....බලාන ඉමු...

      Delete
    3. ඊයෙ පාන්දර තුනහමාර වෙනකං ඇහැරලා මේ එලීසෙක් හින්දා. මගුල. අද ගෙදර ගියාම කෙලවරේ කාමරේ තනියම නිදාගන්ඩ වෙන්නෙත්. මරු.

      මාත් ලැජ්ජා නැතුව දෙවෙනි පාරටත් ආවනෙ කියවන්ඩ. මට නිකම් හිතුන දෙතුන් පාරක් කියෙව්වොත් බය අඩුවෙයි කියලා.

      Delete
  21. ඇත්තටම සිරා ...මටත් හිතුන දවසක් මේකේ නෑවතිලා බලන්න...

    ReplyDelete
    Replies
    1. ඔය මෙන්ඩයියවත් අල්ලගෙන යමු බූට් ඇනෝත් එන්නෙ නැතෑ...

      Delete
    2. ගල් කේස් එකක් රෙඩිනම් මම එනවා ඕන තුත්තුකුඩියක යන්න...

      Delete
  22. මම කියන්නෙ මේ සිද්දියට බුට් ඇනෝ සින්දු ඇනෝ වගේ අයගෙන් ප්‍රශ්න කරන්න ශ්‍රි ලංකා පොලිසියට බාර දිය යුතුයි..
    උන් දෙන්නා ලාච්චුවට දාලා අනිත් අවයව එලියෙන් තියලා උන් දෙන්නටම ලාච්චුව වහගන්න කියලා කිව්වානම් වෙච්ච සිද්දිය ලස්සනට කියයි.

    ReplyDelete
    Replies
    1. මොන අවයවේ ගැනද දැන් මේ මෙන්ඩයියා කියන්නේ...? පිස්සු කෙලින්න හදන්න එපා මෙන්න මෙහෙ වරෙන් ගල් බෝතලයක් ගහලා ආතල් එකක් දාන්න...

      Delete
    2. අවයවය අහුවෙන්න ලාච්චු වහන්නෙ 4 වැනි තට්ටුවෙ නේද..හරි සෝයි ඇති නේද ඒ වෙලාවට දැනෙන සැප...

      Delete
  23. පික්ෂු හැදෙනවනේ මචං...

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම පික්සු හැදෙනවා තමයි...

      Delete
  24. මට හිතෙන විදිය....

    1. මටනම් හිතෙන්නෙ ඈය යම්කිසි මානසික ගෑටලුවකින් පෙලුනු කෙනෙක් වෙන්න ලොකු ඉඩක් තියෙනව කියල. එහෙම හේතුවක් නිසා සියදිවි නසාගත්ත වෙන්න ඉඩ තියෙනව.
    2.අනෙක් අතට ඔය ආවේශවීම් කියන මානසික රෝගවලදි ඒ අයට අසාමාන්ය ශාරීරික ශක්තියක් ලෑබෙනහෑටි අපි අහල දෑකල තියෙනවනෙ තොවිල්වගේ අවස්තාවලදි. ඉතින් එහෙම අවසිහියකින් ගිහින් මෑරුනද දන්නෙ නෑ.(ඒව අමනුශ්ය බලපෑම්ද නෑත්තම් මානසික රෝගද කියන එකගෑන නොයෙක් මත තියෙනව )..

    3. හෑන්ගෙන්න උත්සාහ කරන එකත් මානසික වියවුලක ලක්ශනයක් වෙන්න පුලුවන්.

    4.ලිෆ්ට් එක වෑඩ නොකරන්නෙ එකපාර බට්න් ගොඩක් ඔබන නිසා වෙන්නත් පුලුවන්..

    5. අනෙක් අතට ඈය ඈත්තටම ඔබන්නෙ ලිෆ්ට් එකේ ෆ්ලෝ එක සිලෙක්ට් කරන බට්න්මද? ඒව තියෙන්නෙ එච්චර පහලද ? මේ චීන මිනිස්සු එච්චර උස අය නෙමේ. එහෙම කෙනෙකුටත් දෙකට නෑමිල බට්න් ප්‍රෙස් කරන්න වෙනවනම් උපතින්ම උස ඈමරිකන් සුද්දන්ට ඕව ඔබන්න වෙන්නෙ බිම දනගහගෙන නෙමේද ? මටනම් හිතෙන්නෙ ඈය ඔබන්නෙ ලිෆ්ට් එකේ මොනවහරි කන්ට්‍රෝලින් බට්න් ! ලිෆ්ට් එක වෑහෙන්නෙ නෑත්තෙ ඒකයි...මොකද හිතන්නෙ ?

    6. මටනම් මේ ලමයගෙ මරනෙටත් වඩා තියෙන පුදුමාකාර අබිරහස තමන්ගෙ ගෙස්ට් කෙනෙක් මෑරිල කුනුවෙනකල්ම හෝටලේ මිනිස්සු දන්නෙ නෑද්ද ? අඩුගානෙ බිල අයකරගන්නෙවත් ඒ මනුස්සයව හෙව්වෙ නෑද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔබේ විස්තරාත්මක අදහසට ස්තූතියි මිත්‍රයා..
      1. වෙන්න පුලුවන්..ඇය මානසික ආබාධය කෙසේ වෙතත් මානසික ආතතියෙන් පෙළුනා වෙන්නත් පුලුවන්...අධ්‍යාපනය ලබන සිසුවියක් නිසා.
      2 එහෙම ශක්තියක් ලැබුනත් වතුර ටැංකියෙ පියන තනියෙන් ඔසවන්න එය ප්‍රමාණවත් නෑ
      3 ඇය කිසිවකට බිය වූ බවක් තමයි එතැනදි පේන්න තියෙන්නෙ
      4 එකපාර බට්න් ගොඩාක් එබුවත් ටිකක් වෙලා ගිහින් වැඩ කරන්න ගන්නවා...අපි ඉස්සර එහෙම කරලා තියෙනවා පත්තර කාර්යාලයේ වැඩ කරද්දි
      5 සමහර ලිෆ්ට් වල පහලින්ම තියෙනවා බිම් මහලෙ අංක...ඒ අංක තිබුනට සමහර වෙලාවට වැඩ කරන්නෙ නෑ...බිම්මහලට වෙනම සෝපාන තියෙනවා ලොබි එකේ ඉඳන්
      6 මම හිතන්නෙ ඒ අය දිගින් දිගටම හොයන්න ඇති..නමුත් වතුර ටැංකිය ඇතුලෙ ඇති කියලා කීයටවත් ‍හිතන්න නැතුව අැති

      Delete
  25. අන්න හොයාගන්නවනම් දේවල්.. කතාව මරු.. සිරා කොලුවො ෂර්ලොක් අයිය වත් නැද්ද මේක හොයා ගන්න..

    ReplyDelete
    Replies
    1. ෂර්ලොක් අයියා සුදුවා ටිකක් ගේන්න රිචාගෙ පොට් එකට ගියා...එනකං ඉන්න වෙයි...මේ කථාවෙ කුතුහලය හොඳින් දැනෙන නිසා තමයි මම මෙතනට උස්සගෙන ආවෙ.

      Delete
  26. කමෙන්ට් එකක් දමන්නත් ටිකක් පරක්කු කලේ...මේ ගැන යම් දල අදහසක් ගන්න හිතං..ම්හ්.
    රටේ යම්කිසි මතවාදයක් වෙනස් කරන්න නොමග යවන්න හිතාමතා ඇමරිකානු රජය ඕයවගේ ගේම් ගහනව කියල අහල තියෙනව.

    ReplyDelete
    Replies
    1. හරියට scooby doo වගේ :D

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...