ඇයත් අම්මා කෙනෙකි
ආවත් පැවත බෝසත් පරපුරක | මත |
සැම අම්මටම ඒ හොද ගති ගුණය | නැත |
නුපන් බිලිදු මරු තුරුලට යවන | හිත |
අම්මල අතර බෝසත් මව් වරුද | ඇත |
දරු සෙනෙහසට ලේ කිරි කර දොවා | දෙයි |
කැතකුනු අත ගගා සතුටින් සිනා | සෙයි |
අම්මා කෙනෙක් ගැන කීමට වෙලා | වෙයි |
මේ අම්මා ඉන්නේ මාතලේ දිසා | වෙයි |
ඉපදී වසරකින් අසනීපව | වැටුන |
වැඩිමල් පුතා උකුලට අරගෙන | සිටින |
28 වසක් තිස්සේ ඔහු මත | හැපෙන |
දෑතම එක් කරමි මම බුදුනට | වදින |
එක ලග දරු දෙදෙන එක ලෙසටම | එක්කා |
විදි දුක බලනු බැරි ඉඩ කඩමුත් | වික්කා |
බැහැ ඉවසන්න මම දැන් කරමිද | මක්කා |
පියතුම සමග පොඩි පුතු ගියෙ මරු | එක්කා |
දරුවන් 5 දෙනෙකු බිහිකර කවා | පොවා |
දෙපුතුන් රැකි නිසා සැමදින උදේ | හවා |
සැමියා සමග පොඩි පුතු ගිය නිසා | දවා |
ලොකු පුතු රකින්නට වද වෙමි උදේ | හවා |
දින සති මාස ගණනින් කල | ගෙවෙනවය |
දින දින මාරයා මට අත | වනනවය |
මා දෙස බල බලා අම්මා | හඩනවය |
මල්ලිත් නොමැති බව මට දැන් | දැනෙනවය |
මට නැහැ උවමනාවක් මේ රට | අල්ලන්න |
ඕනෑ එක දිනක් වත් මා පුතු රැක | ගන්න |
එනිසයි කිව්වේ පින්වතුනේ | දැනගන්න |
මගේ පුතු රකින්නට මට පිහිටක් | වෙන්න |
හැකිනම් හිතන්නට මේ විස්තරය | මත |
මම මහා පිනක් කල බව මට හැගෙනු | ඇත |
ඔබටත් තිබේ නම් පින් දම් කරන | සිත |
ලක්බිම පත්තරේ මේ විස්තරය | ඇත |
සතහට සුවය සම්පත ගෙන දුන | මෝදු |
මහා කරුණාව පා ලෝ සතටම | වීදූ |
වඳිනා ලෙසට බුදු හිමි සස මග | පෑදු |
නමදිමි මව් තුමනි ඔබ පා යුග | සාදු |
බන්ඩේගේ කිරි හිනාව
සීතල දුරුත්තක එක ගම් | තුලානක |
මහා කලබලෙකි අදුරින් පිරි | වෙලාවක |
වැඩිහිටියන්ගේ සතුටින් වත | පුරානෙක |
පැලයක් හිටෙව්වා ගම මහ | වලව්වක |
දින සති ගනන් තුන් වසරකි ගත | වන්නේ |
නැහැ එම ගසේ මල් කුමුදක් හට | ගන්නේ |
නෑයින් පැමිණ කසුකුසුවෙනි | විමසන්නේ |
කොහොමද හිතක් මේ ගින්දර | ඉවසන්නේ |
ඊයේ කොන්ද අද දන හිස | රිදෙනවය |
අද නම් නොහැක මගේ තුනටිය | අමාරුය |
හම්මේ මහන්සියි වැඩ වැඩ | දිවාරැය |
පලයක් තියා මලකුත් නැති | කලාවය |
දැන් ඇති ඉවසුවා ආපහු යන්න | යමි |
තුන් වසරකට වැඩි කාලය | ඉවසුවෙමි |
තව ටික කලක් වස්තුව ඔබ සමග | ඉමි |
දෙවියන් දුන්නොතින් දරුවෙකු ගෙනත් | දෙමි |
බොහෝ දුක් බරව දිවි ගෙවනා | වෙලාවේ |
මහ වරුසාවකිය සද්දෙන් | ගෙනාවේ |
සෙවනැලි පවා නොපෙනෙන ගම් | තුලාවේ |
බන්ඩේ එනවා මේ මහ වැසි | වෙලාවේ |
බන්ඩේ එන්න ගෙට මොකටද | තෙමෙන්නේ |
නැහැ මැණිකේ මොටද කරදර | කරන්නේ |
නිවසට ගොසින් රෙදි කබලක් | ගෙනෙන්නේ |
මැණිකේමයි ඔහුගෙ තෙත හිස | පිහින්නේ |
අකුණක් පිපිරුණා නගමින් දරුණු | හඩ |
මැණිකේ නැවතුනේ බන්ඩෙගෙ පපුව | උඩ |
ගත උනි වෙලාවක් කෙදිරිලි සුසුම | මැඩ |
මල් පෙති සිදුරු කර බැස යති අනග | තුඩ |
කදුලැල්ලක් වැටිණි සුන්දර දෙනෙත | මත |
යා නොම උනත් දෙහදක එක් වීම | ඇත |
ඇසුනා හඩක් ඇද පොලුවල කිරිය | මත |
චායාවක් වැටිනි විසිරුණු අදුර | මත |
කන කොක් හඩ ඇසිනි මුළු රැය | පුරාවන |
පසුදින පහන් විය අරුනලු හිනා | උන |
වැලපෙන හඩ අසින මුළු ගම හබා | එන |
අත පය කැඩුණු බන්ඩේ දිවි | නසාගෙන |
කාලය ඉගිල්ලෙති දින සති මස | තිස්සේ |
දවසින් දවස කුස තව ඉහලට | ඉස්සේ |
දසකඩ මස පිරුණු දවසක මහ | වැස්සේ |
සුන්දර කුමරියෙකි සුර පුරයට | බැස්සේ |
මහ බලගතුයි මේ නැකතයි | වෙලාවයි |
අම්මට හොදයි පියනට මරු | කලාවයි |
සුරතල් කුමරි ගමටම | වාසනාවයි |
මවගේ මුහුණ බන්ඩෙගෙ කිරි | හිනාවයි |
මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
සෞදි අරාබියේ රියාද් නුවර සිට ඉන්දික.
ප.ලි
ජෛව වෛද්‍ය ඉංජිනේරුවෙකු ලෙස සෞදි අරාබියේ රියාද් නුවර රෝහලක සේවය කරන ඉන්දික අයියා කාලයක සිට සිරාගේ කාමරයට එන යන හිතවතෙකි. මෙයට පෙර ඔහු විසින් සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය උදෙසා ලියූ සෞදි අරාබියේ උණු කදුළු නම් ලිපිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඉංජිනේරුවකුගේ කවි සිත පිළිබද කදිම වැටහීමක් මෙහි යන එන පාඨක ඔබට මේ කවි පන්ති වලින් ගත හැකි වනු ඇතැයි මම උදක්ම සිතමි. හිතාදර ඉන්දික අයියා වෙත රැකියාව අතර තුර තව තවත් කවි ලියවෙන වසන්තයකට ආසිරි පතමි. දෙවන වතාවටත් 7 වෙනි ලිපිය සැරසූවාට සිරා කොලුවාගේ නොවක් ස්තූතිය මෙයින් පිරිනැමෙයි
කවි පද කෙලින් කිරීමේ සාදර අනුග්‍රහය අළුත් මල්ලි වෙතිනි
කවි බෑ...ඉන්දික...:(
ReplyDeleteකාලෙක ඉදන් මගේ විනෝදාංසෙ උනේ ඕක තමයි..නමුත් කාලයක් ම මග ඇරුන..
Deleteමටත් ඕවා බෑ... කමෙන්ට් එක කෙටුවේ ඇවිත් ගියා කියලා කියන්න...
ReplyDeleteගල් බොන්න පුලවන්ද?
Deleteආයේ අහලා... ගහමුද බෝතලයක්....
Deleteඔය තියෙන්නෙ පුළුවන් ඒවා....
Deleteඕකෙ දෙවෙනි කවි එඉකට නම් පාදක උනේ අපේ ගම් පළාතේ තියෙන කෑරගල වලව්ව කියන එකේ වෙච්ච ඇත්තම සිද්දියක්.අපේ අත්තල තමයි කියන්නෙ ඔහොම උනාය කියල.
Deleteහත්වෙනි කාමරේ කොල්ලා සිරා......... වට
ReplyDeleteඅත්තටු ලබා දී ඇත ඔබෙ කවි........ දෙකට
නෙත් දෙක පුරා රස වින්දත් දෙවෙනි පොට
හිත් ඇවිලීය 'මව්' ගැන කී කඳුළු......... කැට
ඉන්දික සවුදියේ සවුදිය....... නොපුරාලූ
වින්දිත තැවුල් 'පොඩි' හිත් ලඟ කවි වීලූ
වන්දිත මව් ගුණෙන් තව දුර යනු... බෑලූ
පන්හිඳ ඔබේ ඔවුනට සරණක්...... වේලූ
අනේ සිරෝ කවි ලියුවත් මම....... තවම
වනේ වගේ කෙලින් කොරන්නයි බැරිම
පනේ මගේ කියලා දෙනවද.. කොහොම
'කණේ මයිල්' ගාවල ගත්තේ... මෙහෙම
ඇත්තට හොද වැඩකි, පත් ඉරු අතර තියා.
Deleteහත්වෙනි ලිපිය එවපන් ලොකු අයියෙ කියා.
ගැත්තට සමාවෙනු ඇති මෙහි කවිය ලියා.
ඇත්තට කියෙව්වද අන්තිම කවිය ඔයා.
දරා සිටි මතය පන්හිද පතුල ඇනී.
අරා ගෙන තිබෙන පත්තිරු වලට පනී.
තරා නොම රැගෙන ඉල්ලුම් කරනු දනී.
සිරා මලයටත් ඉස්තුති කරන මෙනී.
පද ටිකනම් පට්ට බං...!
ReplyDeleteඔය කෙලින් කොරන එකත් මහ අමාරුවැඩක් නේ බං..!
බොහොම ස්තුතියි වීයා...මම නම් හරියට දන්නෙ නෑ සිරා මලයට තමයි ඒ අවුල තියෙන්නෙ..
Deleteලිවීමේ හැකියාවත්, අදහසත් මාර වටිනවා.
ReplyDeleteමම මේව ගැන ඉගෙන ගෙන නෑ සුදීක..එක පාරටම ඔලුවට එන අදහස් ටික එක හුස්මට ලියල දානව..බොහොම ස්තුතියි මචං අදහසට..
Deleteස්තුතියි ඉන්දික..
ReplyDeleteහැකියාව එල ද බ්‍රා
බොහොම ස්තුතියි..මෙන්ඩා.
Deleteආ........... ආයෙත් සිරාගේ කාමරේ ඉන්දික අයියා ............ මේකටත් කොහොම හරි ගේම ඉල්ලමු
ReplyDeleteඅනේ බන් මම වයසක අහිංසක නිහතමානී දරු පවුල් කාරයෙක්..වෙන එකෙක්ගේ ගෙයක් ඉල්ලගනින්කෝ බං..
Deleteහැඩ වැඩ දමා ලස්සන අදහස් දුන්න
ReplyDeleteඉන්දික ඔබට ජයපැන් ෙදමි මම ෙබාන්න
නැත කිසි බයක් අම්මට අැති දුක් ෙවන්න
දූ කුමරියට හැකි ෙවයි ෙලාව ජය ගන්න
ලස්සන කවි ටික , ඉන්දික නියම කවි කාරයෙක්නෙ. ස්තුතියි ඉන්දික
ReplyDeleteතැන්කූ කිව්ව කම්මලේ..
Deleteකවියට තියෙනවා ඇල්මක් හැමදාම
ReplyDeleteකවි පද වලට හිත බැඳෙනවා බෝම
පද ගැට ගසා අගයන්නට ඔබව මම
හිතුවා සුබ පැතුම් සමගින් මෙහෙම
නියමයි. ඉන්දික සහෝදරය ලස්සනට ලියල තියෙනව. පළවෙනි කවි පංතිය හරිම හැඟීම්බරයි. ජය වේවා!!!
ReplyDelete