කරුණෙ මාමා අඩි 6 කට වඩා මඳක් උස හීන්දෑරි මිනිසෙකි. බැලූ බැල්මට ඔහුගේ මුහුණේ රෞද්‍ර පෙනුමක් තිබීමත්. බොහෝ ගැඹුරු කටහඬක් තිබීමත්, කොයි වේලාවෙත් රිචාගේ කසිප්පු පොට් එකෙන් ලඟ නමා ගැනීමෙන් රතු වන නෙත් සගලත් කුඩා අප කරුණෙ මාමා ඈතින් පැමිණෙන විට මිදුලේ කරමින් උන් සෙල්ලම නවතා නිවෙස තුල සැගවෙන තැනට වැඩකටයුතු සලසා තිබුනි. මයෙ මලයා මේ චරිතයට දැක්වූයේ පුදුමාකාර භියකි. ඒකා බත් කෑම ප්‍රතික්ෂේප කල දවසට මාර්ගයේ ඈතින් යන කරුණෙ මාමා දකින මගේ මැණියන්...මේ ළමයා බත් කන්නෙ නැතෝ යනුවෙන් ශබ්ද නගා පවසයි.
කෝ කොයි ළමයා දැයි අසා...අපේ මිදුලට පැමිණෙන ඒ රූපකාය දැක භියෙන් සළිත වන මයෙ මලයා එතැන් සිට කීකරුව බත් කෑ අයුරු මගේ දෙනෙත් අභියස දැනුදු මැවෙයි.
අපේ ගමේ ජීවත් වූ බොහෝ චරිත එකිනෙකාට උදව් පදව් කරගනිමින් ඉතාම සහයෝගයෙන් ජීවත් වූ පිරිසක් වූයෙන් මඟුල කොතැනද, මළ ගෙදර කොතැනද කියා වෙනසක් නොමැතිව එකාවන්ව උදව් පදව් කලහ.
කරුණෙ මාමාට අදාළ මතු කියවෙන කථාව මගේ පියා විසින් පසු කලෙක අප සමග කියූ එකකි. මේ සිදුවීම් සිදුවන සමයේ අපි සුට්ටං එවුන් වූයෙන් මේ චරිත සමග වැඩි පයුරු පාසානමක් තිබුනේ නැත.
අපේ ගමේ ගහක් ගලක් මෙන් ජීවත් වූ ඇන්. ඒ. සිරිසේන අභාවප්‍රාප්ත වූයේ හිටිවනමය. ගමේ වැඩිහිටියෝ මළ ගෙදර කටයුතු සම්පාදනය කොට, මරණාධාර සමිතියෙන් ලබා දෙන හට් ගසා...පිළිවෙලකට පුටු තබා නිවසේ ඇත්තන්ට සහාය වූහ.
මරණයේ වැඩ කටයුතු අවසන් කරමින් භූමදානයට දිණය ලං වන විට කරුණෙ මාමා ප්‍රමුඛ වැඩිහිටියෝ මිනී වල සකසන්නට කනත්තට පිවිසියෝය. වර්තමානයේ මෙන් නොව මේ කියන අතීතයේ මෙවැනි කාර්යයන් සඳහා ඇති පදම් මිනිස් ශ්‍රමය ලැබුන නිසා දැන් මෙතැන බොහෝ පිරිසකි.
වසර ගණනාවකට පෙර මියගිය සිරිසේනගේ මව සිමෙන්තියෙන් බිත්ති නිමකර කොන්ක්‍රීට් පියනකින් වසාදැමූ මිනීවලක තැන්පත් කර තිබූ හෙයින් ඒ ස්ථානයේම සිරිසේනටත් ඉඩක් සොයාදීම පිරිසගේ අදහස වී තිබේ. කොන්ක්‍රීට් පියන ඔසවා බැලූ කල දිරාගිය මිනීපෙට්ටියත් මස් දියවී ඇට සැකිල්ල පමණක් ඉතිරි වූ මෘත දේහයත් හමු වී තිබේ.
ඒ වන විටත් බොක්කට හලාගත් සුදුවා වල තේජස කරුණෙ මාමාට ඉහින් කනින් දැනෙමින් තිබූ නිසා කනන්තේ නඩේ ගුරා ලෙස ඔහු පළමුව මිනී වලට බැස තිබේ.
උඹේ පුතත් එනවා ඔන්න උඹව හොයාගෙන නැන්දෙ...පොඩියක් නැගිටලා බලහං...එසේ කියා වළතුල තිබූ හිස්කබල අතට ගෙන ඔහු කෝටුවක අමුනා බිත්තියට හේත්තු කොට තිබේ...ඉන් අනතුරුව අවශේෂ සුන්බුන් කූරු ගාන විට දිරා නොගිය අලුත්ම සරමක් නෙත ගැටී ඇත.
මේ සරම එම්බාම් කරපු එකා එම්බාම් කරද්දි මිනිය ඇතුලට ඔබපු එකක් වෙන්න ඇති...පංකාදු සරම බොලව්...මෙන්න මේක හෝදලා අදිනවා...එසේ කියූ ඔහු සරම ගෙන දිගහැර කීප වතාවක් ගසා දමා හිරු රශ්මියෙන් බේරෙන්නට හිසේ බැදගත්තේලු.
රිචාව නිතර දෙවේලේ හමුවීමේ වරදට පසු කලෙක කරුණෙ මාමා කැවුත්ත දියවී අනේක වද වේදනා විඳ තමන්ගේ මිතුරන් විසින් කපා දුන් වලක අවසන් ගමන් ගියේය.
කරුණෙ මාමගෙන් පස්සෙ මට මතක් වෙන්නෙ අපේ අල්ලපු ගමේ වාසය කල සිරිපාල ගොයියව. මේ හාදයා බොහොම මිටියි. ඒ වගේම කෙසඟයි. හැම වෙලේම මූනෙ තිබුනෙ අව්‍යාජ හිනාවක්...හැමෝ එක්කම සුහදයි. ඒ වගේම අහිංසකයි.
සිරිපාල උන්නැහේ මාලු විකිණීමෙන් තමයි ජීවිකාව සරිකරගත්තෙ. අඩි දහයක් ඉදිරියට යද්දි බිමට කඩාපාත් වෙයි කියලා හිතෙන පතුරු ගිය පරණ පා පැදියකින් තමයි එයා තමන්ගෙ රැකියාව කලේ. තරුණ කොල්ලො නම් කවදාවත් සිරිපාල මාමෙ කියලා කිව්වෙම නෑ. ඒ වෙනුවට ඒ අය පාවිච්චි කලේ කුණු මාළු කියන නම. හොඳ මාළු වලට වඩා සිරිපාල කුණු මාළු වලටයි ඇත්ත වශයෙන්ම ප්‍රසිද්ධ වෙලා හිටියෙ.
අනිත් මාළු වෙළෙන්දන්ට වඩා සිරිපාලගෙ මාළු මිළ ගනන් අඩු වීමත්, ගමේ මිනිහා නිසා දවස් දෙක තුනකින් මුදල් පියවීමට හැකියාව තියෙන නිසාත් ගමේ සමහරු සිරිපාලගෙන් මාළු ගන්න සැදී පැහැදී උන්නෙ.
මාලෝ මාලෝ කියලා ඈතින් සිරිපාලගෙ කටහඬ ඇහෙනකොට ඒ කාලෙ තරුණයො කුණුමාළු කියලා මහ හයියෙන් කෑ ගහනවා...ඒ වචන වලට කෝප වෙන්නෙ නැති මේ මාළු වෙළෙන්දා මාලෝ මාලෝ කියන අතරෙ හිටි ගමන් කුණු මාලෝ කියලත් කෑ ගහන්නෙ තමන්ට ඔච්චම් කරන උන්ට කොලොප්පන් කරන්න වගේ.
මාළුවා අලුත් නම් කරමල හොඳ රතු පැහැයට තියෙන්න ඕනෙ...ඒත් කුණුමාළු ගේන මාළුවෙකුගෙ කරමල පරීක්ෂා කලොත් තද දුඹුරු පැහැයක් තමයි නිතරම දකින්න තිබුනෙ. ඒත් අහම්බෙන් දවසක සිරිපාල ගොයියා අලුත්ම මාළුත් අරගෙන එනවා.
අද අළුත් මාළු වැරදිලා පෙට්ටියට දා ගත්තද බං....එහෙම දවසට ගමේ කටකාර එකියක් එහෙම ඇහුවම සිරිපාල ගොයියා ළමිස්සියෙක් වගේ ඇඹරුනා කියලයි මට මතක.
වතාවක් අපේ ගමේ පැවැත්වුන අවුරුදු උත්සවයක ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරඟයට සිරිපාල උන්දැ සහභාගි උනේ රුපියලක මුදලක් සංවිධායක මණ්ඩලයට ගෙවලා. පුංචි මේස කෑල්ලක් අටවගෙන එදා තරගකරුවො කියන සංඛ්‍යා ලියා ගත්තෙ සිරා කොලුවා.
සිරිපාල කියලා නම ලියන්නං නේද.....මම ඇහුවා...
එහෙම කිව්වට වඩා කුණුමාළු කිව්වමනෙ මිනිස්සු දන්නෙ...ඒ හින්දා කුණු මාළු කියලා ලියන්න...සිරිපාල ගොයියා එහෙම කිව්වා. මමත් ඉතිං ඒ කිව්ව විදියටම කුණු මාළු, ලබ්බෙ ඇට මෙච්චරක් තියෙනවා කිව්වා කියලා ඇක්සයිස් පොතේ ලිව්වා.
සිරිපාල ගොයියා ගැන තවත් ලස්සන කථාවක් තියෙනවා බොලාට කියන්න. ඒ චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය ලාංකීය දේශපාලන පිටියට පය තියලා බස්නාහිර මහ ඇමතිනිය වෙන්න ඡන්දයට ඉදිරිපත් වෙච්ච අවධිය. අපේ පළාතෙ ඉතින් අද වගේම ඒ කාලෙත් සිරිලංකා කාරයො වැහිවැහැලා.
එනවා කිව්ව වෙලාව පරක්කු උනාට මහ සෙනගක් හන්දියට එක් රැස් වෙලා උන්නෙ කථා වලට ඇහුම් කන් දෙනවට වඩා එතුමිය දැකබලා ගන්න. මහා රථ පෙරහැරකින් ඇවිල්ලා හන්දියේ සමරු මාමගෙ කඩ පේලියට සම්මුඛ වෙලා එතුමිය කථා කරනවා මමත් බලා උන්නා. ඒ කටහඩේ තියෙන පිරිමි ගතිය තමයි පුංචි එකෙක් වෙච්ච මට මුලින්ම දැනුන වෙනස.
විනාඩි දහ පහලොවකට පස්සෙ ආපු පිරිස ආයෙමත් වාහන වලට නැගලා ඉගිල්ලුනා. රැස්වෙලා උන්නු සෙනග අස්සෙ තිබුන තියුණු ඇස් දෙකකට හසුවෙලා තියෙනවා රැස්වීම අවසානයේ චන්ද්‍රිකා නෝනගෙ අතත් අල්ලගෙන අපේ කුණුමාළු කථා කරපු බවක්.
උඹ මොනවද බං චන්ද්‍රිකා නෝනෙගෙන් ඉල්ලුවෙ...අපිට නාන තොටක් හදලා දෙන්න කියලද ? ගමට ප්‍රජා ශාලාවක් දෙන්න කියලද ? අපේ පාරවල් වලට බල්බ් කෑලි ටිකක් අලුතින් හයි කරලා දෙන්න කියලද...ගමේ වැඩිහිටියො කුණු මාළුගෙන් ඇහුවා.
පිස්සුද මාමෙ....මට මගේ කරුමාන්තෙ කරගන්න මෝටර් සයිකල් පොඩ්ඩක් ඉල්ලුවෙ...මම කිව්වා...නෝනෙ මීගමුවෙ ඉඳන් ගිණි අව්වෙ මෙහෙට්ට බයිසිකල් පාගනකොට හොඳ පණ යනවා ඒ හින්දා මට චැලියක් අරගෙන දෙන්න කියලා මාළු විකුණන්න...එයා ඉතිං හා කිව්වා...
චන්ද්‍රිකා නෝනා එදා හා කිව්වට සිරිපාල උන්දෑ මියයන තුරා චැලියක් පදිනවා මම දුටුවේ නැත.
මේ ලිපිය තුලින් බොලාට කියන්නට යන අනෙක් අපූරු චරිතය තමයි ටෙලිකොම් ජයා. ජයා සාමාන්‍ය තරමෙ ශරීරයක් තිබුන මිනිහෙක්. මට මතක ඇති කාලෙත් මිනිහා ටෙලිකොම් රස්සාවෙන් විශ්‍රාම ගිහිල්ලා හිටියෙ. විවාහකයෙක් උනාට දරුවො හිටියෙත් නෑ...පස්සෙ කාලෙක මේ දුක හින්දමද මන්දා ජයා පුදුමාකාර බීමක් බිව්වෙ. ඒකට සමහරු කිව්වෙ පව්කාර බීමක් කියලා. දවස පුරාම මිනිහා හිටියෙ අසිහියෙන්..වෙරි අඩු වෙන්න වෙන්න අලුතින් රහ මෙර බොක්කට පිරෙව්වා. ටෙලිකොම් රස්සාව නිසා මිනිහට මුදල් වලින් අහේනියක් තිබුනෙත් නෑ. මාසෙ මුලම නිවසෙ කටයුතු වලට අවශ්‍ය මුදල ඇඹේනිය අතට දුන්නට පස්සෙ ජයා සමනලයා වගේ නිදහස් මිනිහෙක්. බොන්න පුලුවන් හැම වෙලාවකම අරක්කු බොන එක තමයි මිනිහගෙ කැමැත්ත.
2004 සුනාමිය ආපු වෙලේ අපේ ගමෙන් කතරගම වන්දනාවෙ ගිය නඩයක් සීනිගම හරියෙදි මේ ඛේදවාචකයට හසුවුනා. 6 දෙනෙකු අතුරුදහන් උනා. ඒ අයගෙ ඥාතීන් මේ අය හොයන්න බොහෝ වෙහෙසුනත් ඒ අයගෙ මෘත ශරීරයක් හෝ දකින්න ලැබුනෙ නෑ.
සුනාමිය ඇවිත් ගිහින් සතියකට පස්සෙ ගමේ වැඩිහිටි ඇත්තො අතුරුදන් වූවන් හොයන්න දකුණු පළාතෙ සංචාරය කරන්න තීරණය කොලා. ඒ වෙද්දිත් තැන තැන තිබ්බ සහන කඳවුරු වල මුන් මොළේ විකාර වෙලා හෝ ඉන්නවද කියලා හොයලා බලන්නයි ගමනේ අදහස උනේ.
සිරා කොලුවත් මේ ගමනට එකතු උනේ ස්වේච්ඡාවෙන්මයි. අපේ ගමම ශෝකාකූල වෙලා තිබුන වටපිටාවක මේ පවුල් වලට හැකි විදියකට උදව් කරන්න ඕනෙ නිසාම වෑන් රථය පිරෙන්න ජනතාව හිටියා. ඒ අතර හිටි කෙනෙක් තමයි ටෙලිකොම් ජයා.
උදේම අපි පිටත් උනා. දකුණු පළාතෙ නොයෙක් තැන් වල තිබුන සහන කඳවුරු වල අපේ උන් හෙව්වත් කිසිවෙකු හමුවුනේ නෑ. ඉර මුදුනට එද්දි හැමෝටම මහන්සියි. වාහනේ හිටිය නම්දරාපු බේබද්දො ටිකට මේ වෙලාවෙ සුට්ටක් ගන්න උවමනා උනා. රථය මුහුදට කිට්ටුව තිබුන බාර් එකක් අසලට කිට්ටු කොලා.
රථයෙන් බැහැලා මිටින් හල කුරුල්ලො වගේ බාර් එකට ඇදෙන ජනතාව අතරෙ මමත් ඒ ස්ථානයට ගියා. හැමෝම තම තමන්ට විතරයි බඩු ගත්තෙ. එතැන පරාර්ථකාමය තිබුනෙම නෑ. ගල් කාලක් එක්ක සෝඩා කෑන් එකක්..කටගැස්මට බැඳපු කඩල අහුරක් හෝ පරිප්පු වඩයක් අරගෙන පිරිස හිසට සෙවනක් තිබුන තැන් වලට එකතු පහදු උනා.
ජයා අවශේෂ කිසිවක් නැතුව ගල් කාල විතරයි ඉල්ලුවෙ. මිනිහා දුන්න 500 කොලේට ඉතිරි මුදල ගැනලා බාර් එකේ කැෂියර් ගොයියා මේසෙ උඩින් තියද්දිත් ජයා හිස් කාලෙ බෝතලේ මේසෙ උඩ තියලා ඉවරයි. ඒක දැකපු මටත් මහ දවාලෙ හොදටම වෙරි උනා. ඒ විතරක් නම් මදැයි...මෙච්චර අරක්කු විකුණන කැෂියර් කොලුවත් භුත වෙලා...ජයා මේක මේ තරම් ඉක්මනට බිව්වෙ කටින්ද කියලා කල්පනා කරනවා වගේ මිනිහා කටත් ඇරගෙනයි ජයා දිහා බලාන උන්නෙ.
ජයාගෙ නෝනා කුසුමා දනට පිනට ලැදි කෙනෙක්. නිතරම වන්දනා ගමන් යන්න තමයි එයාගෙ කැමැත්ත තිබුනෙ. ඒත් ඒ ගමන අවසන් කරලා ගෙදර එද්දි කන්නෙ බොන්නෙත් නැතුව අරක්කුම බීලා ජයා කූරියා ගහලා ඉඳියි කියන භයටම කුසුමා යන යන තැන ජයාවත් එක්කගෙන ගියා. මේ සමහර වන්දනා ගමන් වලට මමත් සහභාගි උනා.
උපතින් බෞද්ධ උනත් ජයාගෙ හිතේ කොහෙවත් ආගම ගැන කැක්කුමක් තිබුනෙ නෑ....නැත්තං අරක්කු සැරට ඒ හැගීම හිතට එන්නෙ නැතුව ඇති. මරන්න හරකෙක් අරගෙන යනවා වගේ තමයි ජයාව වන්දනා ගමනක් එක්කගෙන ගියේ. මිනිහා හැම වෙලාවෙම එහෙම ගමනක් ආවෙ මිනිහට ඇති පදම් බොන්න අවසර දෙනවා කියලා කුසුමා පොරොන්දු උනොත් විතරයි. ඒ හින්දම ජයා ඉල්ලන ඉල්ලන වෙලාවට කාලෙ බෝතලය ගානෙ දෙන්න ඕනෙ...එහෙම නැති උනොත් කුසුමගෙ මැරිච්ච අම්මා තාත්තා ජයාගෙන් බැනුම් අහන්නෙ බොහොම සාහසික විදියට.
මල්ලියෙ ඔය බාර් එක ලග පොඩියක් නවත්තනවද ? එහෙම කියලා තමංම බාර් එකට දුවලා ගල් කාලක් අරගෙන එන එක තමයි කුසුමගෙ සිරිත. පොඩි ළමයි බඩගින්නට නිතර දෙවේලෙ කිරි බොනවා වගේ ජයා තමන්ගෙ හිතේ ඇවිලෙන අපි නොදන්නා ගින්නක් නිවන්න නිතරම හෙව්වෙ සීල් අරක්කු.
වන්දනා බස් රථය සිද්ධස්ථානයක් අසළ නැවැත්තුවට කවදාවත් ජයා බස් එකෙන් බහින්නෙ නෑ...තමුසෙ ගිහින් මටත් එක්ක පිං සිද්ධ කරගෙන එනවකො...එහෙම කියලා කුසුමව ඒ ගමන පිටත් කරලා මිනිහා බස් එකට වෙලා කාලක් කඩා ගන්නවා. මේ හේතුව නිසාම ජයා හොද සිහියෙන් ඉන්නවා කිසිම විිටෙක දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම වන්දනා ගමනක් ගියාට ජයා කිසිම දෙයක් දැකබලා ගන්න යන්නෙත් නෑ...රාත්‍රී නවාතැනට යනකං බස් රථයෙම තමයි ඉන්නෙ.
මේ ගෙවන ජීවිතේ මොකක්ද කියා ජයාව දකින නොයෙක්වර මට හිතිලා තියෙනවා...මේ මිනිහා ජීවත් උනත් මළ මිනියක් නේද කියලයි ඕනෙම කෙනෙකුට පෙනුනෙ...වීරයෙක් වගේ පුලුවන් හැම වෙලාවකම රහමෙර ගිල දැම්ම ජයා දැනට වසර 4 කට විතර කලියෙන් එක පාරටම ලේ වමනෙ දාගෙන නිවසේදී ඇද වැටුනා...ඉස්පිරිතාල බඩගෑවත් වැඩක් උනේ නෑ....දවසක් දෙකක් අපා දුක් විඳලා අන්තිමේදි තීන්දු ගමන් ගියා.
2004 සුනාමිය ආපු වෙලේ අපේ ගමෙන් කතරගම වන්දනාවෙ ගිය නඩයක් සීනිගම හරියෙදි මේ ඛේදවාචකයට හසුවුනා. 6 දෙනෙකු අතුරුදහන් උනා. ඒ අයගෙ ඥාතීන් මේ අය හොයන්න බොහෝ වෙහෙසුනත් ඒ අයගෙ මෘත ශරීරයක් හෝ දකින්න ලැබුනෙ නෑ.
සුනාමිය ඇවිත් ගිහින් සතියකට පස්සෙ ගමේ වැඩිහිටි ඇත්තො අතුරුදන් වූවන් හොයන්න දකුණු පළාතෙ සංචාරය කරන්න තීරණය කොලා. ඒ වෙද්දිත් තැන තැන තිබ්බ සහන කඳවුරු වල මුන් මොළේ විකාර වෙලා හෝ ඉන්නවද කියලා හොයලා බලන්නයි ගමනේ අදහස උනේ.
සිරා කොලුවත් මේ ගමනට එකතු උනේ ස්වේච්ඡාවෙන්මයි. අපේ ගමම ශෝකාකූල වෙලා තිබුන වටපිටාවක මේ පවුල් වලට හැකි විදියකට උදව් කරන්න ඕනෙ නිසාම වෑන් රථය පිරෙන්න ජනතාව හිටියා. ඒ අතර හිටි කෙනෙක් තමයි ටෙලිකොම් ජයා.
උදේම අපි පිටත් උනා. දකුණු පළාතෙ නොයෙක් තැන් වල තිබුන සහන කඳවුරු වල අපේ උන් හෙව්වත් කිසිවෙකු හමුවුනේ නෑ. ඉර මුදුනට එද්දි හැමෝටම මහන්සියි. වාහනේ හිටිය නම්දරාපු බේබද්දො ටිකට මේ වෙලාවෙ සුට්ටක් ගන්න උවමනා උනා. රථය මුහුදට කිට්ටුව තිබුන බාර් එකක් අසලට කිට්ටු කොලා.
රථයෙන් බැහැලා මිටින් හල කුරුල්ලො වගේ බාර් එකට ඇදෙන ජනතාව අතරෙ මමත් ඒ ස්ථානයට ගියා. හැමෝම තම තමන්ට විතරයි බඩු ගත්තෙ. එතැන පරාර්ථකාමය තිබුනෙම නෑ. ගල් කාලක් එක්ක සෝඩා කෑන් එකක්..කටගැස්මට බැඳපු කඩල අහුරක් හෝ පරිප්පු වඩයක් අරගෙන පිරිස හිසට සෙවනක් තිබුන තැන් වලට එකතු පහදු උනා.
ජයා අවශේෂ කිසිවක් නැතුව ගල් කාල විතරයි ඉල්ලුවෙ. මිනිහා දුන්න 500 කොලේට ඉතිරි මුදල ගැනලා බාර් එකේ කැෂියර් ගොයියා මේසෙ උඩින් තියද්දිත් ජයා හිස් කාලෙ බෝතලේ මේසෙ උඩ තියලා ඉවරයි. ඒක දැකපු මටත් මහ දවාලෙ හොදටම වෙරි උනා. ඒ විතරක් නම් මදැයි...මෙච්චර අරක්කු විකුණන කැෂියර් කොලුවත් භුත වෙලා...ජයා මේක මේ තරම් ඉක්මනට බිව්වෙ කටින්ද කියලා කල්පනා කරනවා වගේ මිනිහා කටත් ඇරගෙනයි ජයා දිහා බලාන උන්නෙ.
ජයාගෙ නෝනා කුසුමා දනට පිනට ලැදි කෙනෙක්. නිතරම වන්දනා ගමන් යන්න තමයි එයාගෙ කැමැත්ත තිබුනෙ. ඒත් ඒ ගමන අවසන් කරලා ගෙදර එද්දි කන්නෙ බොන්නෙත් නැතුව අරක්කුම බීලා ජයා කූරියා ගහලා ඉඳියි කියන භයටම කුසුමා යන යන තැන ජයාවත් එක්කගෙන ගියා. මේ සමහර වන්දනා ගමන් වලට මමත් සහභාගි උනා.
උපතින් බෞද්ධ උනත් ජයාගෙ හිතේ කොහෙවත් ආගම ගැන කැක්කුමක් තිබුනෙ නෑ....නැත්තං අරක්කු සැරට ඒ හැගීම හිතට එන්නෙ නැතුව ඇති. මරන්න හරකෙක් අරගෙන යනවා වගේ තමයි ජයාව වන්දනා ගමනක් එක්කගෙන ගියේ. මිනිහා හැම වෙලාවෙම එහෙම ගමනක් ආවෙ මිනිහට ඇති පදම් බොන්න අවසර දෙනවා කියලා කුසුමා පොරොන්දු උනොත් විතරයි. ඒ හින්දම ජයා ඉල්ලන ඉල්ලන වෙලාවට කාලෙ බෝතලය ගානෙ දෙන්න ඕනෙ...එහෙම නැති උනොත් කුසුමගෙ මැරිච්ච අම්මා තාත්තා ජයාගෙන් බැනුම් අහන්නෙ බොහොම සාහසික විදියට.
මල්ලියෙ ඔය බාර් එක ලග පොඩියක් නවත්තනවද ? එහෙම කියලා තමංම බාර් එකට දුවලා ගල් කාලක් අරගෙන එන එක තමයි කුසුමගෙ සිරිත. පොඩි ළමයි බඩගින්නට නිතර දෙවේලෙ කිරි බොනවා වගේ ජයා තමන්ගෙ හිතේ ඇවිලෙන අපි නොදන්නා ගින්නක් නිවන්න නිතරම හෙව්වෙ සීල් අරක්කු.
වන්දනා බස් රථය සිද්ධස්ථානයක් අසළ නැවැත්තුවට කවදාවත් ජයා බස් එකෙන් බහින්නෙ නෑ...තමුසෙ ගිහින් මටත් එක්ක පිං සිද්ධ කරගෙන එනවකො...එහෙම කියලා කුසුමව ඒ ගමන පිටත් කරලා මිනිහා බස් එකට වෙලා කාලක් කඩා ගන්නවා. මේ හේතුව නිසාම ජයා හොද සිහියෙන් ඉන්නවා කිසිම විිටෙක දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම වන්දනා ගමනක් ගියාට ජයා කිසිම දෙයක් දැකබලා ගන්න යන්නෙත් නෑ...රාත්‍රී නවාතැනට යනකං බස් රථයෙම තමයි ඉන්නෙ.
මේ ගෙවන ජීවිතේ මොකක්ද කියා ජයාව දකින නොයෙක්වර මට හිතිලා තියෙනවා...මේ මිනිහා ජීවත් උනත් මළ මිනියක් නේද කියලයි ඕනෙම කෙනෙකුට පෙනුනෙ...වීරයෙක් වගේ පුලුවන් හැම වෙලාවකම රහමෙර ගිල දැම්ම ජයා දැනට වසර 4 කට විතර කලියෙන් එක පාරටම ලේ වමනෙ දාගෙන නිවසේදී ඇද වැටුනා...ඉස්පිරිතාල බඩගෑවත් වැඩක් උනේ නෑ....දවසක් දෙකක් අපා දුක් විඳලා අන්තිමේදි තීන්දු ගමන් ගියා.
"20004 සුනාමිය" Sira puthe, me wenna thiyana Tsunami ekak da?
ReplyDeleteAuntie K
ස්තූතියි K නැන්දෙ...වරද නිවැරදි කලා.
Deleteසිරා ලස්සනට ලියලා. දුක හිතුනා කුණු මාළු ගැන.
ReplyDeleteඇත්තටම කුණු මාළු හරිම අහිංසක මිනිහෙක්..ඔහු මාළු වෙළෙන්දෙක් ලෙස මිනිස්සුන්ට යම් සේවයක් සැලසුවාට කවදාවත් ඇගයීමක් ලැබුවෙ නෑ..මේ වගේ වෘත්තීන් වල නිරත වෙන බහුතරයගෙ ඉරණම එහෙම තමයි. හැමදාම ගල් මුල් තමයි වැඩියෙන් ලැබුවෙ...
Deleteඅටපට්ටං මිනිස්සු කියලා පොතක් කියවලා තියනවා ඒ පොතත් අපේ සමාඡයේ ඡිවත් වෙන චරිත වල ගති ලක්ෂන තමයි තියෙන්නෙ..
ReplyDeleteඑල ද බ්‍රා
මලයා නම් අපිට කිව්වේ කරැණෙ මාමාට බයේ උඔ බත් ටික කෑවා කියලා.
අටපට්ටම් පොත හොයාගෙන මට කියවන්න හිතුනා ගොයියො...බොලා පුරේදි දකින්න ඇති මීට වඩා චරිත...මම හිතුවෙ මෙතන දෙක තුනක් අත අරියි කියලා...මල්ලි ඉතිං මට පස්සෙ ආව එකානෙ බං...කොහොමෙයි ඉතිං මට බත් කවපුවා ගැන කියන්නෙ...හැක් හැක්
Deleteමරු මිනිස්සු ටිකක්. කුසුම අක්ක බාර් එකෙන් බඩුත් ගන්නව එහෙනං.
ReplyDeleteකුසුමා බඩු දෙන්න පරක්කු උනාම වන්දනා බස් එකේ යන ගමන් ගෝරනාඩු කලා ජයේ...මේ මළකරදරෙන් කුසුමා අක්කා කෙසේ වෙතත් අනිත් මිනිස්සු හරි මුදවා ගන්නා උදාර සිතුවිල්ලෙන් තමයි..එයා බාර් එකට රිංගලා ගල් කාලක් ගත්තෙ...කාලෙ ඒවා තමයි හැම වෙලේම ගන්නෙ..භාගයක් බෝතලයක් ගන්නවා මම දැකලා නෑ...සමහර විට භාගයක් ලං කලා නම් ජයා භාගයම එක හුස්මට ගහලා ඇදගෙන වැටෙයි කියලා හිතන්න ඇති.
Deleteඅර කුණුමාළු බිව්වෙ නැද්ද බං. එහෙමනං මේක තනිකරම බේබදු කතාවක් වෙනව.
ReplyDeleteමොනව උනත් නියම චරිත ටිකක් තමයි. ඔය කාල ලඟ නමන උංනං මම ඕනතරං දැකල තියෙනව.
කුණු මාළුත් කරටි ඇඹරෙන්න ගහපු පොරක්...මාළු විකිණිල්ල ඉතිං හවස 3 - 4 වෙද්දි ඉවර වෙනවනෙ...එතනින් පස්සෙ ඉතිං කුණු මාළුගෙ කරටිය වැඩිපුර බිමට පාත්වෙලා තමයි තිබුනෙ. ඉදලා හිටලා බයිසිකලයෙන් බල්ටි ගහපු අවස්ථාත් තිබුනා. හරිම අහිංසක මිනිහෙක්. කොහොමත් ඒ කාලෙ අපේ ගමේ වැඩිහිටි පරම්පරාව කරට පාත් වෙන්න ඩේලි ගහපු සැට් එක...හොර පොට් ගම වටේම තිබුන නිසා සැපයීම වේගවත් නොවැ...අද නම් තරුණ පරපුර මේකෙ අනිත් පැත්ත...හොර පොට් එකක් බේතකට හොයාගන්න නෑ.
Deleteනියම බඩු ටිකක්. අඩු වැඩි නැතිව බොහෝ තැන් වල ඉන්නවා.. කෝම උනත් පුතේ උඹේ ලිවිල්ල නං පංකාදු පහට හැන්ඩි වෙලා කම්ප්‍රෙස් වෙලා දැං..
ReplyDeleteදේශක මාමට මගේ ස්තූතිය...සිරා කොලුවව යම් තරමකට අගය කලාට...ඇත්තටම දැන් ලිපියක් ලියාගන්න ගොඩාක් මහන්සි වෙන්නෙ නෑ මම..ලිපියට අදාළ මාතෘකාව ගැන පොඩියක් හිතුවාම සිතුවිලි ගලාගෙන ගලාගෙන එනවා පැයට හැතැම්ම බර ගාණක වේගයෙන්.. බඩු ටික ගැන කියනවා නම් මෙහෙම බඩු අපේ ගමේ අද නෑ..කාටහරි කරදරයක් උනා නම් උන්ගෙ පවුල් වල නෑදෑ හිත මිත්තරාදින්ට කලින් මේ මිනිස්සු තමයි අදාළ තැනට ඉක්මනින් එන්නෙ...ඒ වගේ බොක්ක හොද පිරිසක්...
Deleteජීවිතේ අපිට හම්බවෙන තවත් වෙනස් චරිත ටිකක්..
ReplyDeleteමාළු කපන පින්තූරේ දැක්කහම නම් මතක් වුනේ ඉස්සර අපේ පැත්තට මාළු මාමා ආවහම බල්ලෝ පූසෝ වට වෙලා මාළු කපන දිහා බලාගෙන ඉන්න විදිහ.
ඇත්ත වශයෙන්ම නගෝ...මේ වගේ චරිතත් මේ සමාජයේ ඉන්න ඕනෙ...එතකොටයි අපිට එදිනෙදා ජීවිතයට රහක් එකතු වෙන්නෙ...මේ අය කිසිවෙක් නීති විරෝධී වැඩ හරි..ජන සමාජයට හානිකර දේ හෝ කරපු අය නෙමෙයි. අපේ ගෙදරට නම් අයියා කියන්න පුලුවන් හාදයෙක් තවම මාළු ගේනවා...එයාගෙ කටහඩට අපේ ගෙදර ඉන්න බළල් තඩියො දෙන්නා හුරුවෙලා...වෙන අය මාලෝ මාලෝ කියලා කෑ ගැහුවට උන්ට උනන්දුවක් නෑ....මේ කියන මාළු අයියගෙ කටහඬ ඇහුන ගමන් උන් දෙන්නා එළියට පනින්නෙ ගෙදර අයටත් කලින්.
Deleteතව නැද්ද බන් මෙහෙම ඩෑල්....??? අපරාදේ කියන්න බෑ ඔහොම ඈයෝ හැම ගමකටම පොදුයි මම හිතන්නේ... අපෙත් හිටිය පැන්ටා පේමා කියල.... බැලුවොත් වෙල් පැන්ටා (කචල් පැන්ටා කියලත් කියනවා) ගහලා වැනි වැනි හිටියේ....
ReplyDeleteඅයියෝ...තව දෙක්නං මෙහෙම ඩෑල් බාර ගානක්..මම ඉස්සරහා දවසක මතක් වෙන විදියට තවත් ඩෑල් කීපයක් ගැන ලියන්නම්.. අපේ ගමේ වෙල් පැන්ටා ව්‍යාපාරය මේ කියන ඩෑල් වල අභාවයත් සමගම වල පල්ලට ගියා.
Deleteඇත්තටම මේ වගේ චරිත ගැන මෙහෙම සටහනක් තැබීම වැදගත්. මේ චරිත අදත් අපේ සමාජයේ ඉන්නවා. නම් විතරයි වෙනස්. ඒ වගේමයි අපිට කවදාවත් බැහැ ඔවුන්ගේ චර්යා රටාව වෙනස් කරන්න.
ReplyDeleteමගෙත් ගුරුවරයෙක් හිටියා ඇහිපිල්ලන් ගහන සැනින් කාලක් ගහන. අපි කියන්නේ පෙතියා කියලා. ඒ කියන්නේ වතුරට වැටෙන දෙයක් පටස් ගාලා ගිලදාන පෙතියා නමැති මාළුවා වගේ තමයි. උන්නැහේ නම් තවම ඉන්නවා.
ඇත්ත වශයෙන්ම විචාරක තුමා..මේ වගේ චරිත දෙක තුනක් ගමේ හිටිය නිසා තමයි ඒ අතීතය සුන්දරව මතක් කරන්න අද හැකිවෙලා තියෙන්නෙ. ඔය කියන පෙතියා සෑර් කාල ගහලද එතකොට පන්තියෙ ඉගැන්නුවෙ.
Deleteඅඩේ අර මාලු කපන රූපේ දැක්කා ම මතක් වුනේ අපේ ගෙදර පැත්තෙත් හවසට දැකගත හැකි දර්ශනයක්..... පූසංගේ සෙල්ලං නම් නියමයි ඒ වෙලාවට.. මාලු කපන කල් ඒවා බලං ඉදත අැහැකි...
ReplyDeleteහැක් හැක් ....
Deleteඋඹටත් ඉතින් "පුසංගේ සෙල්ලම්" බලන්න තියනවානම් මාළුත් ඕන නෑ නේද ?
හුරතලේට ගෙදර හිටිය පූසා
Deleteඋකුළු මුකුළු දාපු කැකුළු පූසා
මාත් එක්ක තරහද මගේ පූසා
පූස ගියොත් මට පාළුයි පූසා
කළු උක් පැණි බේරි බේරි
රස දී කිරි හීරි හිරි
බිව්වෙ කවුද පූස නේද පූසා
මෙලොවට දැලි ගාපු ගාපු
ලිප ලඟ දැලි නාපු නාපු
පූස මගේ කොහෙද යන්නෙ පූසා
සීනි බනිස් කාපු කාපු
තනියට මගේ ආපු ආපු
සේද කැටිය පූස නේද පූසා
පද - ධර්මසිරි ගමගේ
ස්වර - ප්‍රේමසිරි කේමදාස
හඬ - එම්. එස්. ප්‍රනාන්දු
චිත්‍රපටය - සාරා (1978)
චැක් බලහන්, මම මේ සින්දුව අනෙකත් එක්ක පෝස්ට් එහෙක දාන්න උන්නෙ. උඹ කෑවනෙ වැඩේ.
Deleteඉතින් දාමුකෝ ඉන්දික අය්යේ .මේ සින්දු වල පසුබිම දැනගන්න අපිත් කැමතියිනේ ..
Deleteපූසො කිව්වම ඉතිං වර්ග දෙකක් ඉන්නවා නොවැ..කකුල් හතරෙ උන්ගෙ සෙල්ලං නම් මමත් හොද හැටි දැකලා තියෙනවා...එදා ඉදන් අපේ ගෙදර පූසො ඉන්නවා..වර්තමානයෙත් දෙන්නෙක්ම ඉන්නවා...
Deleteඅනිත් වර්ගය ගැන ඉතිං මම නම් දන්නෙ නෑ...ඔය ඉන්දික අයියලගෙන් තමයි ඒ ගැන අහන්න වෙන්නෙ.
අපි රාග වයනවා අපි බයිල නටනවා
ReplyDeleteහිතුනොත් පෝයදාට සිලුත් ගන්නවා
දණුත් බෙදන්වා මස් මාළුත් කනවා
බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා.......
මිනිස්සුනේ අපි මිනිස්සුනේ
දෙව් විමන්වලින් බැහැලා
සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැහැනේ..........
අපි සන්ඩු කරනවා සාමය සොයා දුවනවා
වරදක් තේරුනාම හිසත් නමනවා
අපි දුකත් විදිනවා සමහරු සැපත් විදිනවා
ඊරිසියාව ක්‍රෝධය දෙක අපි හදුනනවා
මිනිස්සුනේ අපි මිනිස්සුනේ.......
අපි ප්‍රේම කරනවා අතරේ ව්‍රෛර කරනවා
අදුරේ වැටුනු වලේ දවල් වැටෙනවා
කණුත් තියනවා හිතුනම ලණුත් අදිනවා
බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා
මිනිස්සුනේ අපි මිනිස්සුනේ
ඉරයි හඳයි පායන්නේ
අපේ ලෝකෙ පවතින්නේ
මෙවන් මිනිස් හැඟුම් නිසානේ........
ගායනය - ක්ලැරන්ස් විජේවර්දන
+++++++++++
Deleteමේ කථාවට හොදට ගැලපෙනවා මේ ගීතය සින්දු ඇනෝ...ගොයියො..බොට මගේ අවංක ආදර ස්තූතිය..
Deleteඅපේ ගමෙත් හිටියා ටෙලිකොම් බුවෙක්. අපි කියන්නෙ "එළකිරි!" කියලා. පොරගෙ කටේ නිතරම රැව් දුන්න වචනෙ. අපිව දැක්කහම අපිට කතා කරන්නෙ "බේටා.." කියලා හිංදියෙන්. පොරගෙත් මේ වගේම වැඩ තමා තිබ්බෙ.
ReplyDeleteටෙලිකොම් බුවාලා ඉතිං සමාජයේ අනිත් රැකියා කරන අයට වඩා වැටුපක් ලැබුව අය නිසා..මධුවිතට සොමියට බර වැඩිදෝ කියලත් මට හිතෙනවා...අපේ පැත්තෙ තව ටෙලිකොම් බුවෙක් හිටියා...කියලා වැඩක් නැති චරිතයක්..ඒ අය ගැනත් ලියන්නම් දවසක
Deleteඅපේ ගමේ හිටපු බෙබාගේ මුනේන් බේරෙනවා කසිප්පු. උදෙපන්දරම එන්නේ බි ගෙන. හවස් වෙද්දී කොහේ හරි වැටිලා ඉන්නවා. ඔන්න ඔහොම දවසක් හවසක පාර අයිනේ වැටිලා ඉදල. කව්රුත් ගණන් අරන් නැ. මොකද ඒක සාමාන්‍ය දෙයක් හින්ද උදේ තමයි දන්නේ මිනිහ මැරිලා කියල. ඔන්න බොන ජිවිත. . . සිර කොලුවනම් බොන්නෙ නැනේ. මුඩියක් පැගුනොත් මිසක..
ReplyDeleteඅපේ ගම වටේටම සුදුවා පොට් තිබුන අතීතයේ බේබද්දන්ගෙන් නම් අඩුවක් තිබුනෙ නෑ...ඇති පදම් බේබද්දො හිටියට කවදාවත් ගෑණු පරාණයකට හෝ ගමේ කිසිම කෙනෙකුට කරදරයක් තිබුනෙ නෑ...වළි අරවා මේවා මොකුත් තිබුනෙ නෑ...
Deleteසිරා කොලුවා දැන් හොදටම නිවිලා බං...ඇල්වතුරත් දෙපාරක් විතර නිවලා දැන් බොන්නෙ..උඹ නිකං පද හදන්න එන්න එපා...
මරු චරිත ටික බං...
ReplyDeleteඑක එක ජාතියේ විවිධ මිනිස්සුන්ව මතක් වෙනවා උඹේ මේ චරිත තුන කියෙව්වට පස්සේ.
තවත් චරිත කීපයක් ගැන ඉදිරි දවසක කියන්නම්...මීට නොදෙවෙනි චරිත තමයි ඒවත්...බොලා නිකමට හිතලා බලහංකො...අපේ ගම ඒ කාලෙ කොහොම සුන්දර තැනක්ද කියලා...ඒ කථා ටිකත් කියෙව්ව දවසක...
Deleteමෙහෙම මිනිස්සු බොහෝ තැන් වල ඉන්නවා නේද කියලා හිතුනා..
ReplyDeleteමම මේ ලිව්ව මිනිස්සුන්ගෙ බොක්ක හොදයි..හොරකම / මැරකම / වංචාව / වගේ දේ තිබුනෙ නෑ....එත් වර්තමානයේ හමුවෙන මෙවන් චරිත බලන්නෙම අපෙන් කීයක් හරි කඩාවඩාගන්න.. අන්න ඒකයි වෙනස.
Deleteමටත් මතක් වුනා අපේ ගෙවල් පැත්තේ පොඩි උන් බය කරන මනුස්සයෙක් ගැන. කඩයක් තිබුන නිසා නානාප්‍රකාර මිනිස්සු දැකලා තියනවා අමුතු අමුතු ගති තියන. මතක් වෙද්දි හිනා යනවා.
ReplyDeleteඉතිං ඒ මනුස්සයට නගා භය උනේ නැතෙයි...කඩයට ආවා කිව්ව චරිතයක් දෙකක් ගැනත් අපිට කිව්වා නම් තමයි හොද..
Deleteඋඹලා ගේ ගමේ සිරා ඩයල් ටිකක් ඉඳලා තියෙනවානේ,යකෝ වළේ තිබ්බ සරම ඌ ඇදගෙන තියෙන්නේ නිකන් වැලෙන් ගත්තා වගේනේ.
ReplyDeleteහෙ හෙ ඒක තමයි කියන්නෙ සුදුවා පවර් එක කියලා... මොන තරම් විෂබීජ තියෙන්න ඇතිද ඒ සරමෙ..මට නම් අප්පිරියයි බොල..
Deleteමේ මම දකින සමාජයේ පොදු කුලකය.. මේ මිනිස්සුන්ගේ බැලුවාම එහෙම නරකකුත් නෑ ඉතිං හතර පෝයටම සිල් අරගෙන පන්සල ගෙදර කරගෙන ඉන්න උපාසක-සක මහත්තුරු කොරන කෙලි එක්ක බැලුවාම.
ReplyDeleteමේ අය කරපු දේ වලින් හානිය උනේ ඒ අයටමයි...නැතිනම් ඒ අයගෙ ශරීර සෞඛ්‍යයට...ඒ මිසක ගමේ අනිත් කාටවත් කිසිම ගැටලුවක් ඇති උනේ නෑ...තියෙන විදියකට කාලා බීලා..සොමියක් දාගෙන හිටිය මිනිස්සු..
Deleteමම හිතුවේ වලේ තිබුන සරම කිව්වම ඩෝප් මරගාතේ උගේම එක වැටිලා උ දන්නේ නැතුව අරගෙන කියලා
ReplyDeleteනෑ නෑ...ඔය මිනී එම්බාම් කරද්දි ඒවා මේවා ඔබනවලුනෙ සමහර වෙලාවට මිනිහ හදන්න..අන්න ඒ වගේ මිනිය ඇතුලට දාපු එකක් වෙන්න ඇති කියලයි තාත්තා කිව්වෙ...නැත්තං කොහෙද මිනී වලක සරම්...
Delete
ReplyDelete//කුණු මාළු, ලබ්බෙ ඇට මෙච්චරක් තියෙනවා කිව්වා කියලා ඇක්සයිස් පොතේ ලිව්වා.//..... චීයා.!
ගම්වල සදා අමරණීය චරිත නේ බං දැන් එහෙම චරිත බිහිවෙනවද මන්දා,...?
අද නම් මේ වගේ පරාර්ථකාමී චරිත අපේ ගමේ හරිම අඩුයි...ඒ අතින් මේ මිනිස්සු රත්තරං...
Deleteකරන කලට පව් මිහිරිය මී සේ... කියලා කියනවනේ...
ReplyDeleteඅපේ ගමේ අපි සූටි එවුන් කාලෙ සුදුවා උවදුර තදට තිබුනා...ඒ නිසාම ගමේ වැඩිහිටි පරම්පරාවෙ බොහෝ දෙනෙක් කැවුත්ත දියවෙලා තමයි මලේ..අද සුදුවා නෑ...තරුණ පරපුර දිනපතා බොන්නෙත් නෑ.
Deleteඅපේ ගමෙත් හිටිය හැන්දෑවට කසිය ගහන්න අල්ලපු ගමට යන සෙට් එකක් , නාල ,තෙල් ගාල සුදු සරම ගහල වැඩිහිටි සමිතියට යනව වගේ යන්නෙ. එද්දි සද්දයක් නොකර කට්ටියම ෂේප් එකේ එනව , මොකද අපේ සෙට් එක බීල සිංදු කියල, කුණුහරප පාරෙ ගියොත් වතුර සංග්‍රහයකට ඕනෙ වෙලාවක රෙඩි වෙලා හිටිය.
ReplyDeleteඅපේ පැත්තෙ අවසාන කාලෙ හිටිය සැට් එකත් ඒ වගේ තමයි...සුදු සරං තමයි කස්ටිය නිතර ඇන්දෙ...
Deleteලැප් එක දවස් දෙකකට නිද්‍රාගත වෙලා හිටියා. ඊට කලින් නතර කරපු තැනේ ඉඳන් මේ පහලට ආවේ. මාළු විකුණන චරිත වගේ තව කිහිප පලක් තමයි ගමේ තොරතුරු එහෙ මෙහෙ හෙනිච්චේ. අපේ පැත්තේ මාළු කරුණා කියලා පොරක් හිටියා. දුව හරිම ලස්සනයි. ඒ වුණාට කවුරුත් වචනයක් කියන්නේ නෑ. අරෙහෙම භාර ඔප්පු කරන්න බොන චරිතත් ගමක ඉන්නවම තමයි.
ReplyDeleteමාලු මන්නෙන් කන්න වෙයි කියලා හිතලා වෙන්න ඇති දුවට ඇල්ම බැල්ම දාන්න කවුරුවත් යන්න නැත්තෙ...
Deleteඒ වගේ බොනවට තමයි පව්කාර බීමක් කියලා කියන්නෙ.
කරුණෙ මාම ගැන කතාව නම් පට්ට. කුණුමාලු වගේ ඩයල් දැකල තියෙනවා මමත් :D. ජයා ගැන නම් කියන්න දෙයක් නෑ. ඒක පව්කාරකම වෙන්න ඇති. හැමදාම වගේ සුපිරියට ලියල සිරා අයියෙ. ජය වේවා!!!
ReplyDelete