Sunday, January 4, 2015

71 අවතාර නැති හොල්මන් නගරය

හොල්මන් කිව්ව ගමන් ඉතිං ඒ වචනය ඇතුලෙම අපිට දැනෙන්නෙ පුදුමාකාර කුතුහලයක්. සමහරු කියනවා හොල්මන් කියලා දෙයක් නෑ කියලා. සමහරු කියනවා එහෙම දෙයක් තියෙනවා කියලා. තවත් සමහරු හොල්මන් කියන්නෙ සෙලවෙන මනස කියලා විග්‍රහ කරනවා...එහෙමත් නැත්තං මානසික විකෘතියක් කියලත් අර්ථ දක්වනවා. බුදු දහමේත් අපට නොපෙනෙන ලෝක ගැන සඳහන් කොට තිබෙන නිසා හොල්මන් කියන්නෙ බොරුවක් නොවන බව තමයි මගේ හැගීම. වැල්ලට යටවුනු හොල්මන් නගරයක් ගැන මේ වසරේ පළමු ජාලෙන් පෙරලූ ලිපියෙන් ඔබට කියවන්නට දෙන්නයි මගේ මේ සූජානම. බොලාලා එහෙනං ඉඩ පාඩු තියෙන තැනක් බලලා ඉඳගනිල්ලා.

නගරයේ නම ජර්මන් භාෂාවෙන්
Kolmanskop කියන්නෙ දකුණු නැමීබියාවෙ නැමීබ් කියන කාන්තාරය ආසන්නයේ තියෙන පුංචි නගරයක්. Lüderitz කියන නගරයෙන් කිලෝමීටර් කීපයක් රට ඇතුලට වෙන්න තමයි මේ කියන හොල්මන් නගරය පිහිටා තියෙන්නෙ. මේ ස්ථානයන්හි නම් හැදිලා තියෙන්නෙ ජර්මන් භාෂාවෙන්. ඒකට හේතුව තමයි නැමීබියාව කියන අප්‍රිකානු රට පළමුවෙනි ලෝක යුද්ධය අවසන් වන තුරු ජර්මනියේ කොලනියක් විදියට පැවතීම.

Johnny Coleman කියන කරත්ත කරුගෙ නමෙන් කෑල්ලකුත් ඈඳලා තමයි මේ නගරයට ඔය කිව්ව නම ලැබිලා තියෙන්නෙ. දවසක්දා මහා වැලි කුණාටුවක් අස්සෙ අතරමං වෙච්ච ජොනී ගොයියා අන්තිමේදි Kolmanskop නගරය නිර්මාණය වෙච්ච ස්ථානයට ඇවිත් තමයි නතරවෙලා තිබුනෙ. දියමන්ති කර්මාන්තයත් එක්ක බොහොම සමෘද්ධිමත් වටපිටාවක් අතීතයෙ තිබුන මේ නගරය වර්තමානයේ නම් සංචාරක ආකර්ශනය බොහොම ඉහළින් දිනාගත්ත ස්ථානයක්.

1908 දි මේ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක් ඉඳිකරමින් උන්නු කණ්ඩායමේ සාමාජිකයෙකු වූ Zacharias Lewala කියන දකුණු අප්‍රිකානු කම්කරුවට හදිස්සියෙම වැලි පොළවෙන් දියමන්තියක් හොයාගන්න අවස්ථාව ලැබුනා. කාලෙකට ඉස්සර දියමන්ති පතලක වැඩ කරලා තිබුන නිසාම දියමන්තියක් දැක්ක ගමන් හඳුනාගන්න එයාට හැකියාව තිබුනා. මිනිහා ඉතිං අවංකයෙක් වෙච්ච හින්දා දියමන්තිය සාක්කුවෙ දාගෙන හොරෙන් ගෙදර ගෙනියන්නෙ නැතිව තමන්ගෙ වැඩ පරීක්ෂකයා වෙච්ච ජර්මන් ජාතික August Stauch ට පෙන්නුවා.

August Stauch  කියන්නෙ ජර්මනියෙ දුම්රිය මාර්ග සැකසීමේ කම්කරු පවුලකින් පැවත ආ කෙනෙක්. පොඩි කාලෙ ඉදලම ඇදුම රෝගයෙන් පීඩා විඳපු නිසා වෛද්‍යවරු ඔහුට කියා තිබුනා බොහොම වියළි කාලගුණයක් තියෙන කාන්තාර පෙදෙසක ජීවත් වීම රෝගය පාලනය කරගන්න ඉතාම හොදයි කියලා. අන්න ඒ නිසා වැඩ අධීක්ෂකයෙක් විදියට  Lüderitzbucht ඉඳන් Aus කියන නැමීබියාවෙ නගර දෙක අතර ඉඳිකිරීම් ආරම්භ කර තිබුන දුම්රිය මාර්ගයේ සේවයට එකතු උනා. කාන්තාරයේ වැලි යට දියමන්ති තියෙන්න පුලුවන් කියලා ඔහු ඒ වෙද්දි අහලා තිබුනා. ඒ හින්දම තමන් යටතේ සේවය කල අයට ඔහු කියා තිබුනේ දිළිිසෙන පාෂාණයක් එහෙම දැක්කොත් තමන් වෙත ගෙන එන්න කියලා. ඒ විදියට තමයි පළවෙනි දියමන්තිය Lewala හොයාගෙන ආවෙ.

පළමු දියමන්තිය හමුඋනාට පස්සෙ වැඩ පරීක්ෂක තැන තමන්ගෙ පිරිස යොදාගෙන ඒ භූමියේ කරපු සෝදිසි කිරීමකින් පස්සෙ තවත් දියමන්ති කීපයක්ම හොයාගන්න ඔවුන්ට හැකියාව ලැබුනා. ජර්මන් ජාතික කැනීම් ඉංජිනේරුවෙක් හරහා මේ දිලිසෙන පාෂාණ දියමන්ති බව සැකහැර දැනගන්න මේ පිරිසට අවසානයේදී හැකියාව ලැබුනා.

මෙම දියමන්ති Orange නදිය ඔස්සේ අවුරුදු මිලියන ගනනාවකට පෙර සාගරය දෙසට ගලා ආ ඒවායි. සුළගේ දිශාව සහ රළ පහර මගින් ඒවා මෙහි තැන්පත් කර තිබුනා. මේ කලාපයෙන් සොයාගත් දියමන්ති ප්‍රමාණයෙන් වඩාත්  විශාල නොවුනත් ජලය මෙන් ඉතා පැහැදිලි ඒවා වූ නිසාම වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තිබුනා.

දියමන්ති හමු වූ ප්‍රදේශය ධන නිධානයක් බව හඳුනාගත් පසුව ජර්මන් ජාතික කැනීම් කරුවන් ඒ ප්‍රදේශයේ ජනාවාස ගත උනා. නොබෝ දිනකින්ම ජර්මන් රජය විසින් විශාල ප්‍රදේශයක් දියමන්ති කැනීම සඳහා නිළ වශයෙන් සළකුනු කොට විවෘත කලා. එම සමස්ත ප්‍රදේශය Sperrgebiet යන නමින් හැඳින්වූවා. 

නැමීබියා භූමියෙන් සූරාගත් විශාල ධනස්කන්දයට පින් සිදුවන්නට Kolmanskop නගරයේ ජනාවාස පිහිටවූ පළමු ජර්මන් කැනීම් කණ්ඩායම ජර්මන් ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව ගොඩනැගිලි ඉඳිකලා වගේම එකල ජර්මනියේ පැවති නගරයක තිබූ පහසුකම් සහ සේවා ස්ථාන පවා මේ නගරයට එකතු කලා. රෝහලක්, බෝල්රූම් නර්තන ශාලාවක්, බලශක්ති මධ්‍යස්ථානයක්, පාසලක්, පටු මං මාවත්, සිනමා ශාලාවක්, ක්‍රීඩා ශාලාවක්, කැසිනෝ, අයිස් කර්මාන්ත ශාලාවක්, එක්ස් රේ මධ්‍යස්ථානයක් වගේම අප්‍රිකානු කලාපයේ පළමුවැනි ට්‍රෑම් ප්‍රවාහන සේවයද ඒ අතර තිබුනා. මේ ට්‍රෑම් සේවය ජර්මානුවන් විසින් දියමන්ති සොයාගැනීමට පෙර සාදමින් තිබූ දුම්රිය මාර්ගයට සම්බන්ධ කොට තිබුනා.

පළමු ලෝක යුද්ධයට පෙර ඇරඹුන Kolmanskop නගරයේ ජීව කාලය රඳා පැවතුනේ වසර 40 ක් පමණයි. යුද්ධයෙන් පසු දියමන්ති මිළ පහළ යාම නිසා, දියමන්ති කර්මාන්තයේ ක්‍රමිකව සිදු වූ අඩපණ වීමේ අවසානය සනිටුහන් කරමින්  1954 දී අභාවයට පත්වෙනවා. නගරයේ එදා තිබූ සෞභාග්‍ය අද දකින්නට නැතත් ඒ ගොඩනැගිලි බොහොමයක් තවමත් සංචාරකයන්ට දැකගන්නට හැකියි.


වැල්ලේ හුදෙකලා වූ නිවාස


කැණීම් කළමණාකරුගේ නිවස මෑතකදී අළුත් වැඩියා කිරීමෙන් පසු



ජර්මන් රජය එදා දියමන්ති කැනීම උදෙසා වෙන්කොට සලකුණු කල Sperrgebiet  පෙදෙස අද නැමීබියානු රජය විසින් තහනම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා. නමුත් සංචාරකයන්ට විශේෂ අවසරයක් ලබාගෙන දණිස්ස පමණ වනතෙක් වැල්ලේ එරෙමින් මේ නිවාස තුල ඔබ මොබ යන්නට හැකියි. වර්තමානය වන විට ඡායාරූප ශිල්පීන් අතර මේ ස්ථානය වඩාත් ප්‍රචලිතව තිබේ.




දශක ගණනාවකට ඉහතදී දුෂ්කර කාලගුණ තත්වයන් යටතේ තමන්ගේ වාසනාව උරගා බැලූ සිය ගණනක් ජර්මන් පවුල් වෙත නිවහන වූ මේ නගරය දැන් කාලයේ වැලිතලාවට යට වෙලා. 1920 වන විට මේ නගරයේ ජර්මන් ජාතික වැඩිහිටියන් 300, දරුවන් 40 ක් සහ ස්වදේශිකයන් 800 ක් පමණ වාසය කල බවට සංඛ්‍යලේඛණ තිබෙනවා.  De Beers නැමති කැනීම් සමාගම 1980 දී Kolmanskop  නගරයේ ඇතැම් ගොඩනැගිලි සංරක්ෂණය කරමින් කෞතුකාගාරයක් ඇති කලා. 

නැමීබියානු සංචාරක මණ්ඩලය මේ නගරය ජර්මානු සංස්කෘතික ගති ලක්ෂණ ඇතුලත් සංචාරක පුරවරයක් ලෙස වැඩිදියුණු කිරීමට බලාපොරොත්තුවෙන් දැන් ඉන්නෙ. හොල්මන් නගරයේ පසුතල බොහෝ දකුණු අප්‍රිකානු රූපවාහිනී මෙන්ම සිනමා නිර්මාණ සඳහාද යොදාගෙන තිබෙනවා. අත්හරින ලද නගරයක් නිසාම හොල්මන් නගරය (Ghost Town) කියලා හැඳින්වූවාට මෙතැන ඇත්තටම හොල්මන් ඉන්න බවක් නම් දැනගන්න නෑ.

හොල්මන් නගරය ගැන තවත් තොරතුරු දැනගන්න මෙන්න මේ වීඩියෝවත් නරඹන්න



අද ලිපියට මූලාශ්‍ර / ඡායාරූප



මම කාමරේ අරින සිරා කොලුවා.

71 comments:

  1. නියමයි. හොල්මන් වලින්ම අවුරුද්ද පටන් ගත්ත එහෙනම් නේ :D.ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මුළු අවුරුද්දම දැන් හොල්මන්ද වැලිකැට තමයි...

      Delete
    2. හොල්මන් වගේද මනා ඡන්ද උණුසුම...මිනිස්සුන්ට බඩු මිළ අරවා මේවා කිසි දෙයක් මතක නෑ මේ දවස් වල...

      Delete
  2. මේ වගේම අතහැර දාපු නගරයක් ගැන සැහැල්ලුව ලියන අපේ ඉන්දික බොසාත් ලීව්වා .. මේං ඒකත් !!

    40 විය සපුරන තහනම් වූ පාරාදීසය - Forbidden city in cyprus

    ReplyDelete
    Replies
    1. අඩේ තැන්කිව් උඹට මේ කල උදව්වට

      Delete
    2. මම ඒ ලිපිය කියෙව්වා සුදා...

      Delete
  3. තහනම් කලපයක් කරලා තියෙන නිසා ගොඩනැගිලි ටික පරිස්සම් වෙලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙ කුඩ්ඩෝ එහෙම නැතුව ඇති... එකයි මයෙහිතේ ඔය බේරිලා තියෙන්නේ..

      Delete
    2. අවුරුදු 50 කට කිට්ටුව ගත වෙලත් ගොඩනැගිලි ඔය තත්වයෙන් තිබ්බා කිව්වම ලොකු දෙයක්...වෙලාවට කාන්තාරෙ ඡන්ද තිබුනෙ නැත්තෙ...නැත්තං පෝස්ටර් වලට යට උනාට පස්සෙ එතැන ගොඩනැගිල්ලක් වගේ එකක් කලින් තිබුනා කියලා තමයි කියන්න වෙන්නෙ.

      Delete
  4. ඇත්තටම මේවා 'හොල්මන් නගරවලට' වඩා 'මළගිය නගරවල්' නේ. බලන්ට ආසා හිතුණා විස්තරේ දැක්කාම.

    ReplyDelete
    Replies
    1. ඊලග සංචාරය විදියට නැමීබියාව ඔබේ පොතේ ලියාගන්න පොඩ්ඩි....

      Delete
  5. දේශපාලනයෙන් හොල්මන් වෙලා ඉන්න මේ වෙලාවේ , හොල්මන් නගරය තුලින් විවේකයක් ලැබුවා .

    ReplyDelete
    Replies
    1. මම නම් මේ වගේ දේවල් කියවන්න බොහොම මනාපයි...ඒ හින්දමනෙ කාමරේ ඇතුලට උස්සගෙන ආවෙ මේ හෝල්මන් නගරය.

      Delete
  6. හොඳ විස්තරයක්. වැදගත් තොරතුරු සමුදායක්. මට මේ ලිපිය කියවද්දී හිතුනේ සාරය උරාබීමෙන් පසු හපයක් වූ නැමීබියාව අදටත් නොයෙක් වියවුල් සහිත කලාපයක් ලෙස පවතින එක ගැනයි.

    ReplyDelete
    Replies
    1. අධිරාජ්‍ය වාදයට යටත් වෙලා හොදට ඉතුරු වුණ රටවල්කියක් ලෝකෙ ඇති කියල විචා හිතනවද

      Delete
    2. ගන්න තියෙන අන්තිම දියමන්තියත් අරගෙන තමයි ජර්මනිය යන්න ඇත්තෙ....අවුරුදු 40 ක් තිස්සෙ දියමන්ති හෙව්වා නම් නිකමට එකක් ඉතිරි වෙලා නැතුව ඇති...

      Delete
  7. අපේ රටේ වගේම අවංක මිනිස්සු, එකනේ දියමන්තිය හම්බවුනු ගමන් වැඩ පරීක්ෂකයට ගිහින් දීලා තියෙන්නේ, ඒ මහත්තයත් අපේ මහත්තුරු වගේම අවංක මනුස්සයා, එකනේ එක හොරෙන්ම සාක්කුවේ දාගෙන ,අහුලා ගත්ත එකාටත් පොඩි ගානක් දීලා මාරු වෙන්නේ නැතුව , මෙහෙම කරලා තියෙන්නේ ....

    සිරා ..පට්ට සිරා සිරා

    ReplyDelete
    Replies
    1. අම්මප ඉවාන් අය්යෙ
      මං හිතං හිටියෙ අපේ රටේ විතරයි හොද අවංක මනුස්සයො ඉන්නෙ කියල
      හිහි

      Delete
    2. අපේ රටේ ඉතින් පාලකයො කොච්චර අාදර්ශමත්ද...දැන් බලන්න ඉවාන් ගොයියො..ඡන්දයට අවුරුදු දෙකක් ගෙඩි පිටින් තියෙද්දි ජනතාව ඉල්ලන්නෙත් නැතුවම මේ ඡන්දයක් දීලා තියෙන්නෙ...ඒ සොමිය නිසාම මිනිස්සු දැන් පුදුම ආතල් එකේ ජීවත් වෙනවා...බඩු මිළ / විදේශීය කුමන්ත්‍රණ ගැන කාටවත් වගේ වගක් නෑ දැන්...

      Delete
  8. ස්තූතියි සිරා අය්යෙ තොරතුරු වලට වගේම වීඩියෝ එකටත්
    පිංතූර හොදා පැහැදිලී ෆුල් ස්ක්‍රීන් දාපුවාම වීඩියෝවත් පට්ට
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. වීඩියෝයෙන් තවත් බොහෝ කාරණා කියවෙනවා...අවුරුදු 40 කට පස්සෙත් අර සංගීතාගාරයේ තිබෙන පියානෝව වාදනය කරන්න හැකි මට්ටමේ තිබීමම බොහොම අපූරුයි...

      Delete
  9. නියමයි එල ද බ්‍රා..
    උඔ නියෙමෙට මේ ලිපිය ලියලා..

    ReplyDelete
    Replies
    1. ෆැක්ට්‍රි පාටියෙන් පස්සෙ කොල්ලා කඩියා වගේ ආ....එලද බ්‍රා....

      Delete
  10. මල් 7යි. අපූරු විස්තරයක්.

    ReplyDelete
  11. හොඳ විස්තරයක්.
    කාන්තාරෙ හින්දම ඔය ගොඩනැගිලි ඉතුරු වෙලා තියෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. ඕං බලහං අයියෙ සිරා කොහෙං ලීවත් අන්තිමට අර මැක්ක වාගෙ නතරවෙන්නෙ කාන්තාරෙකිං … :D චැහ්

      එක්කො ගිය ආතමෙ මූ ඔටුවෙක් .. නැත්තං කාන්තාරෙ පතොක් ගස් වල මල් පිපිල . නැද්ද මං අහන්නෙ ??? ඈ …

      this comment has been removed by blog administrator sira
      හැක් :D :D

      Delete
    2. හික් හික් . . ඒකනම් ඇත්ත...

      Delete
    3. සිරාට වැලි බිස්නස් එකක් කරන්නවත් හිතිලද දන්නෑනෙ.

      Delete
    4. වැල්ලෙ මාලිගාවක් හදන්න වෙන්නැති, පත්තරේ සිරා හදන්නෙ ..

      Delete
    5. කතරේ වැලි මාලිගාවෙ
      සක්විති පදවිය ලබන්න :D

      Delete
    6. පැන්න පැන්නා අල්ලපිය බලලාව ඔන්න පැන්න සිරාගේ මල්ලෙන්

      Delete
    7. මම පොදු අපේක්ෂකයද කියලා හිතෙනවා අප්පා මේවා කියවනකොට...කතන්දර නම් කීයක්ද හැබෑට...

      Delete
  12. හොල්මන් නැති හොල්මන් නගරයක් කියන්නේ පරිප්පු නැති හෝටලයක් වගේ නෙව. ඒ උනාට විස්තරේ අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඉතිං බං තහනම් කලාපයක් නම් කොහොමෙයි හොල්මන් උනත් එතනට යන්නෙ...අන්න ඒකයි කාරණේ...

      Delete
  13. මෙන්ඩෝ... පත්තරයෝ... කම්මලේ... මොකෝ උබලා කියන්නේ.... සිරාවත් කුදලගෙන ගල් කේස් එකකුත් දාගෙන යමුද සෙට් එකම වැල්ලේ ගූ පාගන්න... අහ් නෑ නෑ වැල්ලේ දියමන්ති හොයන්න...

    ReplyDelete
    Replies
    1. ගල් තියනවා නම් ආය දියමන්ති මොකටෙයි?

      Delete
    2. ගල් කේස් එහෙකට අපි දිමන්ති ගෝනියක් හරි මාරුකොරන්ඩ ලෑස්ති … ඔ යේස් මෙන්ඩා

      Delete
    3. චැක් මොන දියමන්තිද. ඕක බයිට් එකටවත් ගන්න පුලුවංයැ. නැද්ද?

      Delete
    4. අම්මප ඇත්ත . ඕං දියමන්ති නැතුව මංඥොක්ක අලයක් වාගෙ අහු උනානං පොළව යට තිබිල තම්බල පොල් එක්ක බයිට් එකට ගත්තෑකි. ඔය ගල් කෑලි අහවල් එකක් කරන්ඩැයි මං අහන්නෙ ??

      Delete
    5. උබල දියමන්ති හොයන් වරෙල්ලා , මම ගල් කේස් එකේ පරිස්සමට එතන ඉන්නම්,

      Delete
    6. යකෝ...!!! මුන්ට ගල් කේස් එකක් කිව්වම මෙන්න දියමන්තිත් එපාලු....

      Delete
    7. කම්මලයා හොල්මන් වලට බයයි මමත් ඉන්නම් ඌත් එක්ක තනියට..
      උඔලා ගිහින් බලලා වරෙල්ලා දියමන්ති තියනවද කියලා..
      ..සින්දුවෝ තෝ මොකද මෙතන ඇඔරේනෙ තෝත් පල ගිහින් බලන් වරෙන් දියමන්ති තියනවද කියලා..මමයි කම්මලයයි ඉන්නවනේ

      Delete
    8. මේ අදහස් සියල්ල සීදුවේ සංස්ථා ගල් අනුග්‍රහයෙන් පල කල ඒවා බව කරුණාවෙන් සළකන්න...ජාතියේ බේබද්දන්ගේ මන දොළ පුරවන සංස්ථා ගල්....ගන්න ගහන්න...වෙනස වටහාගෙන ඔන්දස්පොට් වෙන්න....

      Delete
  14. පහැදිලි විස්තරයක්. ස්තූතියි. බලන්නත් ආසා හිතෙනව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිඳු....උත්සාහ කලොත් දවසක යන්න බැරි වෙන එකක් නෑ....

      Delete
  15. හරිම ලස්සන හොල්මන් සිටි එකක්නෙ. . . කොහොමත් පරණ ගොඩනැගිලි අත්හරියාම නිකන්ම හොල්මන් ගනේට තමයි වැටෙන්නෙ. .

    සිරා කොලුවො හොල්මන් කතාව හරියට ලිව්වා නේද නැත්නම් කාමරේටත් රැට රැට හොල්මන් එයි. . . .

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි මූ නිර්වස්තරෙන් ඉන්න ෆොටෝ එකක් උඩිංම දාල තියෙන්නෙ. :D

      Delete
    2. ලංකාවේ ඉන්නකොට ලග ගෙදරක නංගිලාගේ හොල්මන් බය නැති කරන්න ගිහින් ඒ ගෙදර අංකල් මුට සරමක් ඇන්දුවා..(කනට දෙකක් ගැහැව්ව කතාව බොරැ)

      Delete
    3. මේවා මේ ගල් ගහලා වෙරි මරගාතෙ කියන කථා මල්කොබා....උඹ නරක් වෙන්න එපා .....මේවා අහලා...

      Delete
  16. සිරා කාන්තාර වලට ඔච්චරම මානාප වෙච්චි මේං මගෙ ගානෙ කාන්තාර ගැන සිංදුවක් :D :D … හැක්

    "කතරක"තනිවී ඔබ යන අයුරු තෙමි තෙමී 
    හිමසෙල මුදුනත සිටියද මහද ගිනි ගනී 
    ගිම්හානය පැමිණී එක්‌ තැනම නොම රැඳී 
    පැමිණෙන දුක්‌ පැණිරස බව නොදිටුවෙද දනී 

    සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී 
    ඔබ නොදනින නමුදු ඔබට හෙවණ මම වෙමි 
    තෙමිච්ච හද ගඟ උතුරා ගලනු දැනි දැනී 
    තව වෙන තැන් තිබුනට නිහඩවම හිනැහෙමි 

    විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු 
    දසන් දෙසිත කුමටද නැතිවිට මුව මුකුළු 
    ගඟක්‌ ලෙස ගලාවිත් නැවි නැවී දඟ වැදී 
    මගෙත් දෙපා පිසගනු මැන සිහිල ……

    ReplyDelete
    Replies
    1. වළාකුලක් ගෙන මුවා කරමු හිරු
      ගිනිගෙන වියරුව නලියන වැලි කතරේ
      රත්වුනු වැලි කැට පුපුරණ මැද පෙරදිග මරු කතරේ.....

      වතුර මලෙන් නා දොල අමතක කර
      දූලි හුලං විඳ වෙල අමතක කර
      විදුලි පහන් මැද සඳ අමතක කර
      දෙපා අභියසට ගමු අපි සුරපුර..........

      නගර දනව් මැද සුවිසල් මන්දිර
      අතර උපන් රට නොරටුන් ලංකර
      පඳූරු පතොක් කටු අතගා උල්කර
      විනෝද වෙමු අපි ලේ මස් දියකර.......

      Delete
    2. මම දාන්න හිතාගෙන හිටිය සින්දුව තමයි ඉන්දික අයියා මෙතැනට අත ඇරලා තියෙන්නෙ...ඒ හින්දා මම අමුතුම එකක් දාන්නම්...

      අබුඩාබියේදීය, දයාබර ස්වාමිනී....
      කිලිටි වූ ගැහැණියක ලෙස ඔබට ලියන්නෙමි...
      නොකිලිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක
      මගේ පවු සමාකර මේ ලිපිය කියවන්න

      අරාබියෙ මොලේ නැති කාලකන්නින් සමග
      වැතිර හිඳ වෛරයේ ගිණි ගොඩේ පැහෙන්නෙමි
      මා සිරුර මගේ නොව අනුන්ගේ යැයි සිතා
      දිරාමය දිරාමය ගණන් කර බලන්නෙමි

      මේ අපා දුකට මා පත් කලේ මගේ රටයි
      මගෙ රටේ මහ එකාලයි උන්ගෙ පන්තියයි
      එන්ට හැකි නම් උන්ට කරන දේ දන්නවා
      ගමන් බල කරදාසි අරාබියෙ උන් ලගයි

      අනුන් හට අත නොපා දිවිගෙවූ ජාතියක්
      කාණු හෝදන්න නොරටට යැවූ අය කවුද
      උන්ට හෙන හත වැදී නැසේවා....නැසේවා....
      මම ඔබේ ප්‍රියාදර....පියවතී ස්වාමීනි....

      ගායනය - විශාරද නන්දා මාලනී..
      පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

      Delete
  17. කැණීම් කළමණාකරුගේ නිවස, ෂඃ හවසට පත්තරයක් බලන්න කියාපු තැන.

    ReplyDelete
    Replies
    1. ලග ටි පෝ එකක.
      ගල් බොතලයක්, දුම් දමන වල් ඌරැ මස් දිසියක්, ගොල් ලිෆ් පැකට් එකක් තිබිය යුතුයි..
      (පත්තරය 2011 මැයි මස එකක් වුනත් කමක් නෑ)

      Delete
    2. රොකට් එකක් තිබුණනං කෙලින්ම හඳේ නවතින්න තිබුණ.

      Delete
    3. මං ගානෙ පත්තරේ කියල ලියාගනිං !!

      Delete
    4. උඹ පත්තරයො පත්තර කොලේ ඔතලා මොකුත් අරගෙන එන්නෙ නැද්ද....

      Delete
  18. නම නැමීබියාව උනාට හෙන කෙලින්නෙ බං මේ රට තීන්නෙ! වටින තොරතුරක්, පුදුමෙ ඇයි මුන් දැන් මේකෙ දියමන්ති හොයන්නෙ නැත්තෙ කියල!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඉස්සර නැමිලා තියෙන්න ඇති...ජර්මන් කාරයො දියමන්ති හොයන්න මේක කෙලින් කරන්න ඇති...අවුරුදු 40 ක් තිස්සෙ දියමන්ති හොයලා...දැන් ඉතින් කුකුල් බෙට්ටක් වත් නැතුව ඇති හොයාගන්න රටේ මිනිහෙක්ට....

      Delete
    2. පටන් ගන්නවා ලගදිම දැක්කෙ නැද්ද බුට් ඇනෝගෙ යොඡනාව..ඔයත් එනවා නම් දැන්ම නම දෙන්න.

      Delete
  19. ඔය ඉතින්! අමාරුවෙන් බය මූඩ් එකක් හදාගෙන වාඩිවුනේ හොල්මන් කතාව අහන්න. කෝ හොල්මන් නෑනෙ! හොල්මන් කතාවකුත් ඕනෙ වගේ ඊගාව පෝස්ට් එකෙන් හරි.

    ReplyDelete
    Replies
    1. හොල්මන් ටිකක් උඩ කමෙන්ට් කරලා තියෙනවා දැක්කෙ නැද්ද...පත්තරයා කියලා එකෙක් එහෙම එතන හිටියා...

      Delete
  20. Replies
    1. අපරාදෙ කිව්වෙ බිල්ඩින් ටිකද...නැත්තං මෙහෙ පැටෙව්වා නම් ගානක් කපන්න පුලුවන් නිසා වැලි ලෝඩ් එකද ?

      Delete
  21. පුල් හොල්මන් වෙලා ගියා දැකලා!

    ReplyDelete
    Replies
    1. දැක්කා කිව්වෙ දියමන්තියක්වත්ද ?

      Delete
  22. කොහෙන්ද බං උඹ මෙව්ව හොයාගන්නෙ? මාරයි නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බොලං ඔය හිංහලෙන් කියලා තියෙන්නෙ හොයාගත්තෙ ජාලෙන් කියලා...

      Delete
  23. බොහොම ස්තුතියි සිරා සටහනට. සිංහලෙන් තියන සම්පුර්ණ සටහනක් විදියට මම හිතන්නේ ඇත්තේ ඔබේ බ්ලොග් සටහන විතරයි. මම මේ ගැන ටිකක් හොයල බලපු තැනක්. ජායාරුප ගන්න වුනත් මෙතනට අවසරයකින් තොරව යන්න දෙන්නේ නෑ කියලයි මටත් දැනගන්න ලැබුනේ. මේ වගේ හොල්මන් නගර තවත් තියනවා නේද ලෝකේ පුරාවටම?

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...