පිරිමි පාසලක හිටිය මම පහේ පන්තියේ සිස්සත්තෙන් පාස් වෙලා , හහේ පන්තියට මිශ්‍ර පාසලකට යන්න උනත් මේ ම්ශ්‍ර බවේ ඇඳුමක වෙනස මිසක් වෙනත් දෙයක් තිබුනෙ නෑ . සපත්තු ,ඇදුම් ගුරු පාරක බෝල ගහපු සුදුපාට ටෙනිස් බෝලවගේ පාටවෙලා ඒ වෙනසත් මකල දැම්මා. බැනගන්න, ගහගන්න ,සෙල්ලම් කරන්න යාළු වෙන්න ,තරහ වෙන්න මේ මිශ්‍ර බව බාධාවක් උනේ නෑ . මේ නොවෙනස් බව අවුරුදු හතර හමාරක්ම එකම විදිහට ගෙවිල ගියා.
මේ කියන දවසත් වෙනසක් නැතුව වෙනදා විදියටම උදා උනා, කටක් දෙකක් කාල , අන්තිම තප්පරේට කෝච්චියට දුවන ගමන් බෙලිගහ යට වැටිල තියන බෙලි ගෙඩියක් වගේම වෙරළු ගහ යට වැටෙන වෙරළු ගෙඩිටිකත් අහුලගෙන යන්තම් කෝච්චියේ අන්තිම පෙට්ටියේ එල්ලිලා කමිසෙ බොත්තම් ටිකත් දාගෙන ඉස්සරහ පෙට්ටිවල ඉන්න යාළුවො අතරට වැදිල ඉස්කෝලෙට ගියා. මේ නිවාසාන්තර ක්‍රීඩා තරග සදහා පුහුණුවන කාලය ඉතින් වෙනදටත් කලින්ම දුබුරු පාට ටෙනිස් බෝලයක් වෙන්න අවස්ථාව තිබුනා. පුරුදු විදිහටම ගෙදරින් දුන්න බත් ගෙඩියට වගේම අහල පහල බත් ගෙඩි වලටත් සවල් පාරවල් දෙක තුනකින් සම්මාදම් වෙලා අත් හෝද ගැනීමේ තියුණු තරගයට එකතු උනා. කැලේ නීතිය ක්‍රියාත්මක උන වතුර කරාමයට යන්තම් අත දාලා ගෑවෙන වතුර ටිකකින් අත හෝදගෙන ගසපු වතුර බිංදු , තරගයට කිසිම සුදානමක් නැති ගුරු පාට උන සපත්තු දෙකක පුංචි රටාවක් දැම්ම. කවුද මේකේ අයිති කාරය, තවත් දුබුරු පාට ටෙනිස් බෝලයක් නොවුන බෝලයක්. බඩේ ඉදන් පපුවට මොකක්දෝ එකක් ආවා. පපුවෙන් ඔලුවට ආව ඒ කියන්නෙ නොදන්නා දේ හැමදේම උඩු යටිකුරු කලා.
පහුවදා ඉදන් මගෙ ලෝකය අමුතු එකක් උනා , මම හිතන්නෙ එදා ඉදන් තමයි අපේ ඉස්කෝලේ වෙනස් උනේ. වෙනද නොතිබ්බ මල් , ගස් මාත් එක්ක හිනා උනාද , මට හිනා උනාද මම දන්නෙ නෑ( හැලපේ අයියල හිටෝපු ගස් හින්ද මට හිනාවෙන්න ඇති ) හැමදේම වෙනස් විදිහට මට පෙනුනා. දුඹුරු පාට මම සුදු පාටට මාරු උනා. වේලිච්ච ඉපනැල්ලක් වගේ තිබුන කොණ්ඩේ ජෙල් තට්ටුවකින් තෙත් කලාපීය වනාන්තරයක් උනා. කොටින්ම කිව්වොත් කන කොකා කිරි කොකා ට හැරුනා . මම හීන ලෝකෙ සක්විති රජ උනා.
මගෙ හීන ලෝකෙ රැජින ඇත්තටම මගේම කරගන්න හීන ලෝකෙන් ප්‍රේම ලෝකෙට බැස්සා .මාස දෙකතුනක පාමුර සංචාර , ඇම්බුෂ් වලින් පස්සෙ දවසක් මම මගෙ ඒක පාර්ශවීය ප්‍රේමය ඇයට ප්‍රකාශ කලා
" ඔයාට ඉන්න කෙල්ල මදි වෙලාද මට යාලුවෙන්න කියන්නෙ "
" ........මොකක් .....ද ? කවුද , මොනවද ....."
" අර ඔයාගෙ පංතියේ ඉන්න ක්‍රිෂාන්ති අක්කා, හොස්ටල් එකේ ඉන්නෙ එයා. එයාගෙන්ම අහගන්න මගේ යාළුවට එයාම තමයි කියලා තියෙන්නෙ."
" එහෙම එකක් නෑ ....මම එයාගෙන් අහන්නම් "
පසුදා .
" පොකුටී ....මොනාද යකෝ උඹ හොස්ටල් එකේ ගිහින් කිවුවෙ , මම එක්ක යාළුයි කිව්වද ."
" නෑ ... මගෙන් උඹ ගැන ඇහුවා, හරි හොද කෙනෙක් කියලා , උඹ මගෙ හොඳම යාළු කොල්ලා කියලත් මම කිව්වා "
" නෙදකින් ..... අනේ පොඩ්ඩක් ගිහින් පැහැදිලි කරලා වරෙන්, මට කැමතිදත් කියල අහගෙන වරෙන් ඔය ගමන්ම "
එදාම හවස එකඟතා ගොඩාක් එක්ක සමන්මලී නංගිගෙන් ... " මම කැමතියි, හැබැයි මාව රිදවන්න එපා " කියලා උත්තරයක් හම්බවුනා . එදා ඉදන් අපේ ලෝකය හරිම සුන්දර උනා කිවුවොත් හරි. කොටින්ම එයා මගේ ලෝකය සුන්දර කලා කිවුවොත් නිවැරදියි . ටිකින් ටික අපි ඉහළ පංති වලට ආවා. මම වාණිජ අංශයටත් , ඊට පස්සෙ අවුරුද්දෙ එයා විද්‍යා අංශයටත් එකතු උනා . A /L කාලෙ අපේ බැදීම ගොඩක් වැඩි උනා. අපි දෙන්නා ඉස්කෝලෙ ඇතුලෙ සාලිය අශෝක මාලා වගේ ප්‍රසිද්ධ ජෝඩුවක් කියලා මම දැනගත්තෙ, ප්‍රින්සිපල් මේ ගැන අපේ පන්ති බාර ගුරුතුමියගෙන් ඇහුවට පස්සෙ.
පහුවදා ඉදන් මගෙ ලෝකය අමුතු එකක් උනා , මම හිතන්නෙ එදා ඉදන් තමයි අපේ ඉස්කෝලේ වෙනස් උනේ. වෙනද නොතිබ්බ මල් , ගස් මාත් එක්ක හිනා උනාද , මට හිනා උනාද මම දන්නෙ නෑ( හැලපේ අයියල හිටෝපු ගස් හින්ද මට හිනාවෙන්න ඇති ) හැමදේම වෙනස් විදිහට මට පෙනුනා. දුඹුරු පාට මම සුදු පාටට මාරු උනා. වේලිච්ච ඉපනැල්ලක් වගේ තිබුන කොණ්ඩේ ජෙල් තට්ටුවකින් තෙත් කලාපීය වනාන්තරයක් උනා. කොටින්ම කිව්වොත් කන කොකා කිරි කොකා ට හැරුනා . මම හීන ලෝකෙ සක්විති රජ උනා.
මගෙ හීන ලෝකෙ රැජින ඇත්තටම මගේම කරගන්න හීන ලෝකෙන් ප්‍රේම ලෝකෙට බැස්සා .මාස දෙකතුනක පාමුර සංචාර , ඇම්බුෂ් වලින් පස්සෙ දවසක් මම මගෙ ඒක පාර්ශවීය ප්‍රේමය ඇයට ප්‍රකාශ කලා
" ඔයාට ඉන්න කෙල්ල මදි වෙලාද මට යාලුවෙන්න කියන්නෙ "
" ........මොකක් .....ද ? කවුද , මොනවද ....."
" අර ඔයාගෙ පංතියේ ඉන්න ක්‍රිෂාන්ති අක්කා, හොස්ටල් එකේ ඉන්නෙ එයා. එයාගෙන්ම අහගන්න මගේ යාළුවට එයාම තමයි කියලා තියෙන්නෙ."
" එහෙම එකක් නෑ ....මම එයාගෙන් අහන්නම් "
පසුදා .
" පොකුටී ....මොනාද යකෝ උඹ හොස්ටල් එකේ ගිහින් කිවුවෙ , මම එක්ක යාළුයි කිව්වද ."
" නෑ ... මගෙන් උඹ ගැන ඇහුවා, හරි හොද කෙනෙක් කියලා , උඹ මගෙ හොඳම යාළු කොල්ලා කියලත් මම කිව්වා "
" නෙදකින් ..... අනේ පොඩ්ඩක් ගිහින් පැහැදිලි කරලා වරෙන්, මට කැමතිදත් කියල අහගෙන වරෙන් ඔය ගමන්ම "
එදාම හවස එකඟතා ගොඩාක් එක්ක සමන්මලී නංගිගෙන් ... " මම කැමතියි, හැබැයි මාව රිදවන්න එපා " කියලා උත්තරයක් හම්බවුනා . එදා ඉදන් අපේ ලෝකය හරිම සුන්දර උනා කිවුවොත් හරි. කොටින්ම එයා මගේ ලෝකය සුන්දර කලා කිවුවොත් නිවැරදියි . ටිකින් ටික අපි ඉහළ පංති වලට ආවා. මම වාණිජ අංශයටත් , ඊට පස්සෙ අවුරුද්දෙ එයා විද්‍යා අංශයටත් එකතු උනා . A /L කාලෙ අපේ බැදීම ගොඩක් වැඩි උනා. අපි දෙන්නා ඉස්කෝලෙ ඇතුලෙ සාලිය අශෝක මාලා වගේ ප්‍රසිද්ධ ජෝඩුවක් කියලා මම දැනගත්තෙ, ප්‍රින්සිපල් මේ ගැන අපේ පන්ති බාර ගුරුතුමියගෙන් ඇහුවට පස්සෙ.
ටික කාලයක් යද්දි බ්‍රේක් නැති කටවල් තිබ්බ අපේ මිත්‍රයො නිසා අපේ අම්මා, තාත්තා වෙන්ඩ ඉන්න ලේලි ගැන දැනගත්තා. සාධාරණය ගැන උපරිමෙන් හිතපු අපේ තාත්තා මේ පෙම් පුවත සමන්මලීගෙ තාත්තට කිවුව. දෙමාපියන් දැනගත්තා අපි මේ සම්බන්ධය නවත්තන්නේ නෑ කියලා. හැම ආදර කථාවකම වගේ මල්වතු , දුම්රියපොල, පන්සල් , පල්ලි , විනෝද චාරිකා ආදිය එක්ක අපේ ආදර කථාවත් මිහිරි ලෙස ගලගියා .
සමන්මලී මෙඩිකල් කොලේජ් යන්න තේරුන දවසෙත් සතුටු වෙනවට වඩා දුක් උනේ මගෙන් ඈත් වෙලා ඉන්න වෙන හින්දා කියලා එයා ක්‍රියා කරණ විදිහෙන්ම මම දැනගෙන හිටියා . තවත් අවුරුද්දක් විතර මගේ පුංචි දොස්තර නෝනට මම සෙවනැල්ලක් වෙලා හිටියා. මේ කාලෙදි ටික, ටික මාත් එක්ක මත ගැටුම් ආවා..ඒත් බොහොම සුළු දේවල් ....තවත් මාස තුනක් ගිය දවසක, ගහෙන් ගෙඩි එනවා වගේ එක පාරටම,
" අපි අපේ සම්බන්ධය නවත්තමු .....ඔයා කවදාවත් හැදෙන කෙනෙක් නෙමෙයි, " කියලා එයා මේ සම්බන්ධය බොහොම නපුරු විදිහට නතර කලා. මගේ ආදර රජදහන, සිහින මාළිගා බිමට සමතලා කරලා දැම්මා. එයාගෙ දෙමාපියන් නංගිල කොච්චර කිවුවත් එයාගෙ තීරණය වෙනසක් උනේම නෑ.
මම ජීවිතේට විරහව කියන වචනයෙ තේරුම අත් වින්දෙ එදා . මගෙ දෙමාපියො , සහෝදරයො , මිත්තරයො හැමෝම මාව සනසන්න ගොඩක් උත්සාහ කලා. මම රැවුල කොන්ඩේ වවාගත්ත පිස්සෙක් වගේ මාසයක් විතර හිටියා . දවසක් හවසක මගෙ ආදරණිය ලොකු තාත්තා ගෙදර ආවා .
ඒකාධිපති තීරණ ගන්න ලොකු තාත්තත් එක්ක මම රූකඩයක් වගේ කොළඹ ආවා. සැලුන් එකකින් කොන්ඩේ රැවුල කප්පවල ඇදුම් ටිකක් අරන් දීලා එයාලගෙ ගෙදර ගියා. මට වෙන්ඩ යනදේ මම දැනගත්තෙ ලොකු තාත්තගේ දුවගෙන්.
" මල්ලි ඔයා තේ වත්තකට යනවා නේද ....අනේ ෂෝක් අපි එන්නම් ඔයාව බලන්න "
මට වැටහුනා, මම ආදරය කරපු තවත් දෙයක් ගැන අපේ දෙමවුපියො දැනගෙන ඉඳපු බව , මට එදා මගේ පවුලෙ අය ගැන තිබුන ආදරය තවත් වැඩි උනා . නිදහසේ මනෝ පාරක් ගහගෙන ඉන්න පුළුවන් නිසා මමත් කැමැත්තෙන්ම පහුවෙනිදා සම්මුඛ පරීක්ෂණයක් වගේ එකකට ගියා , මෙතන නම් වශයෙන් කියන්න පුළුවන් උනානම් හොඳයි. ඒ උත්තම චරිත කීපය ගැන, ඔයින් මෙයින් උඩුපුස්වැල්ලාව තේ වත්තක පුහුණු වන නිලධාරියෙක් විදිහට කවදාවත් හැදෙන්නෙ නැති මම හැදෙන්න තීරණය කලා. සම්මුඛ පරීක්ෂණයෙන් පස්සෙ සේවයට බදවාගෙන සීඝ්‍රගාමී විදිහට එදාම මට සේවය කරන්න තියෙන වත්තට පිටත් කලා .
මම තනියෙන් ඉන්න පුළුවන් කියල හිිතේ මවාගෙන ගිය නවාතැන වෙනුවට වත්තෙ කළමනාකරුගෙ වතු බංගලාවේ නවතින්න මට සිද්ධ උනා. කදු මුදුනක තිබ්බ ඒ මනරම් පරිසරය මිත්‍රයෙක් වගේ මගෙ හිත සන්සුන් කලා . කිසිම දෙයක් කල්පනා කරන්න වෙලාවක් නැති ඒකාකාරී ජීවිතය තේ පදුරු , ෆැක්ටරිය එක්ක ගෙවිලා ගියා . ඉතාමත් කරුණාවන්ත වගේම ආදරණිය කළමනාකාර තුමා මෙන්ම ඔහුගේ බිරිඳත් මගේ සිත් බිදීම ගැන දැනුවත් වෙලා තිබුනා. ජිවිතේ නැවත පටන් ගන්න ශක්තිය දෙන වචන පෙළ මේ දෙවෙනි දෙමාපිය යුවලයි දවසක්දා මට දුන්නෙ.
" ඔයා කරන්නෙ නෑ කියල සමන්මලී කියපු දේ කරලා පෙන්වන්න . රස්සාවෙ ඉහළට යන්න , ගෙයක් හදන්න , වාහනයක් ගන්න , තවත් ඉගෙන ගන්න , හොද ලස්සන කෙනෙක් බඳින්න.
මේ වචන පෙල සද්ද නැතුව අහගෙන හිටිය මම, අන්තිමට දේට ඇරෙන්න අනිත් හැමදේටම එකඟ උනා .
" ඔයාගෙ කොහෙද තියෙන්නෙ , ඔයා බදින්නේ සමන්මලීම කියල " "ඒක දෙවියන්ගේ කැමැත්ත" " නැත්නම් ඔයාගෙ ලැබීම "
දෙවියන්ගෙ කැමැත්ත මගේ කැමැත්ත නොවුනත් ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.
පුහුණුව අවසානයේ නැවතත් ප්‍රධාන කාර්යාලයේ රස්සාවට කොළඹ එන්න සිදුවුනා . දවසක්දා අතර මගකදී කොටුව ස්ටේෂන් එකේදී මමයි එයයි මුහුණට මුහුණ හමු උනේ දෛවයේ සරදමකට වගෙයි. හිත කීරි ගැහෙන දුකක් ඒ රුව දුටු විගස දැනුනත් සුළු මොහොතකින් නැති වෙලා ගියා . කෙටි කථා බහකින් පස්සෙ අපි පුරුදු විදියට වෙන්වෙලා ගියා.
මගේ ජීවිතේ දෙවෙනි පරිඡේදය ආරම්භ කරන්න අධිෂ්ඨාන කලා. හැදෙන්න ඕනෙ / හැදිල පෙන්නන්ඩ ඕනෙ .
වතු කළමණාකාර තුමා එදා කිව්ව විදිහටම හැම අතින්ම මම හැදුනා. කාලයක් යද්දි මගෙත් එක්ක දුම්රියේ යද්දී හමුවුන යෙහෙලියක් මගෙ පෙම්වතිය උනා ( පෙම්වතිය කලා ) කිවුවොත් නිවැරදියි. ජීවිතයට නොසිතූ ලෙස ලැබුන සුන්දර බිරිඳ පිළිබද කියන්න ගියොත් මෙතන වෙනම ලිපියක් ලියන්න වෙනවා. ඒ නිසා මම ඒ ගැන ලියන්න මේ අවස්ථාව යොදා ගන්නෙ නෑ.
සමන්මලී මෙඩිකල් කොලේජ් යන්න තේරුන දවසෙත් සතුටු වෙනවට වඩා දුක් උනේ මගෙන් ඈත් වෙලා ඉන්න වෙන හින්දා කියලා එයා ක්‍රියා කරණ විදිහෙන්ම මම දැනගෙන හිටියා . තවත් අවුරුද්දක් විතර මගේ පුංචි දොස්තර නෝනට මම සෙවනැල්ලක් වෙලා හිටියා. මේ කාලෙදි ටික, ටික මාත් එක්ක මත ගැටුම් ආවා..ඒත් බොහොම සුළු දේවල් ....තවත් මාස තුනක් ගිය දවසක, ගහෙන් ගෙඩි එනවා වගේ එක පාරටම,
" අපි අපේ සම්බන්ධය නවත්තමු .....ඔයා කවදාවත් හැදෙන කෙනෙක් නෙමෙයි, " කියලා එයා මේ සම්බන්ධය බොහොම නපුරු විදිහට නතර කලා. මගේ ආදර රජදහන, සිහින මාළිගා බිමට සමතලා කරලා දැම්මා. එයාගෙ දෙමාපියන් නංගිල කොච්චර කිවුවත් එයාගෙ තීරණය වෙනසක් උනේම නෑ.
මම ජීවිතේට විරහව කියන වචනයෙ තේරුම අත් වින්දෙ එදා . මගෙ දෙමාපියො , සහෝදරයො , මිත්තරයො හැමෝම මාව සනසන්න ගොඩක් උත්සාහ කලා. මම රැවුල කොන්ඩේ වවාගත්ත පිස්සෙක් වගේ මාසයක් විතර හිටියා . දවසක් හවසක මගෙ ආදරණිය ලොකු තාත්තා ගෙදර ආවා .
ඒකාධිපති තීරණ ගන්න ලොකු තාත්තත් එක්ක මම රූකඩයක් වගේ කොළඹ ආවා. සැලුන් එකකින් කොන්ඩේ රැවුල කප්පවල ඇදුම් ටිකක් අරන් දීලා එයාලගෙ ගෙදර ගියා. මට වෙන්ඩ යනදේ මම දැනගත්තෙ ලොකු තාත්තගේ දුවගෙන්.
" මල්ලි ඔයා තේ වත්තකට යනවා නේද ....අනේ ෂෝක් අපි එන්නම් ඔයාව බලන්න "
මට වැටහුනා, මම ආදරය කරපු තවත් දෙයක් ගැන අපේ දෙමවුපියො දැනගෙන ඉඳපු බව , මට එදා මගේ පවුලෙ අය ගැන තිබුන ආදරය තවත් වැඩි උනා . නිදහසේ මනෝ පාරක් ගහගෙන ඉන්න පුළුවන් නිසා මමත් කැමැත්තෙන්ම පහුවෙනිදා සම්මුඛ පරීක්ෂණයක් වගේ එකකට ගියා , මෙතන නම් වශයෙන් කියන්න පුළුවන් උනානම් හොඳයි. ඒ උත්තම චරිත කීපය ගැන, ඔයින් මෙයින් උඩුපුස්වැල්ලාව තේ වත්තක පුහුණු වන නිලධාරියෙක් විදිහට කවදාවත් හැදෙන්නෙ නැති මම හැදෙන්න තීරණය කලා. සම්මුඛ පරීක්ෂණයෙන් පස්සෙ සේවයට බදවාගෙන සීඝ්‍රගාමී විදිහට එදාම මට සේවය කරන්න තියෙන වත්තට පිටත් කලා .
මම තනියෙන් ඉන්න පුළුවන් කියල හිිතේ මවාගෙන ගිය නවාතැන වෙනුවට වත්තෙ කළමනාකරුගෙ වතු බංගලාවේ නවතින්න මට සිද්ධ උනා. කදු මුදුනක තිබ්බ ඒ මනරම් පරිසරය මිත්‍රයෙක් වගේ මගෙ හිත සන්සුන් කලා . කිසිම දෙයක් කල්පනා කරන්න වෙලාවක් නැති ඒකාකාරී ජීවිතය තේ පදුරු , ෆැක්ටරිය එක්ක ගෙවිලා ගියා . ඉතාමත් කරුණාවන්ත වගේම ආදරණිය කළමනාකාර තුමා මෙන්ම ඔහුගේ බිරිඳත් මගේ සිත් බිදීම ගැන දැනුවත් වෙලා තිබුනා. ජිවිතේ නැවත පටන් ගන්න ශක්තිය දෙන වචන පෙළ මේ දෙවෙනි දෙමාපිය යුවලයි දවසක්දා මට දුන්නෙ.
" ඔයා කරන්නෙ නෑ කියල සමන්මලී කියපු දේ කරලා පෙන්වන්න . රස්සාවෙ ඉහළට යන්න , ගෙයක් හදන්න , වාහනයක් ගන්න , තවත් ඉගෙන ගන්න , හොද ලස්සන කෙනෙක් බඳින්න.
මේ වචන පෙල සද්ද නැතුව අහගෙන හිටිය මම, අන්තිමට දේට ඇරෙන්න අනිත් හැමදේටම එකඟ උනා .
" ඔයාගෙ කොහෙද තියෙන්නෙ , ඔයා බදින්නේ සමන්මලීම කියල " "ඒක දෙවියන්ගේ කැමැත්ත" " නැත්නම් ඔයාගෙ ලැබීම "
දෙවියන්ගෙ කැමැත්ත මගේ කැමැත්ත නොවුනත් ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.
පුහුණුව අවසානයේ නැවතත් ප්‍රධාන කාර්යාලයේ රස්සාවට කොළඹ එන්න සිදුවුනා . දවසක්දා අතර මගකදී කොටුව ස්ටේෂන් එකේදී මමයි එයයි මුහුණට මුහුණ හමු උනේ දෛවයේ සරදමකට වගෙයි. හිත කීරි ගැහෙන දුකක් ඒ රුව දුටු විගස දැනුනත් සුළු මොහොතකින් නැති වෙලා ගියා . කෙටි කථා බහකින් පස්සෙ අපි පුරුදු විදියට වෙන්වෙලා ගියා.
මගේ ජීවිතේ දෙවෙනි පරිඡේදය ආරම්භ කරන්න අධිෂ්ඨාන කලා. හැදෙන්න ඕනෙ / හැදිල පෙන්නන්ඩ ඕනෙ .
වතු කළමණාකාර තුමා එදා කිව්ව විදිහටම හැම අතින්ම මම හැදුනා. කාලයක් යද්දි මගෙත් එක්ක දුම්රියේ යද්දී හමුවුන යෙහෙලියක් මගෙ පෙම්වතිය උනා ( පෙම්වතිය කලා ) කිවුවොත් නිවැරදියි. ජීවිතයට නොසිතූ ලෙස ලැබුන සුන්දර බිරිඳ පිළිබද කියන්න ගියොත් මෙතන වෙනම ලිපියක් ලියන්න වෙනවා. ඒ නිසා මම ඒ ගැන ලියන්න මේ අවස්ථාව යොදා ගන්නෙ නෑ.
" මම කැමතියි, හැබැයි මාව රිදවන්න එපා " අපේ ආදර කථාවෙ ආරම්භයෙදිම ඇය කල ඉල්ලීම ඒ විදියටම ඉටුඋනා. මම කවදාවත් ඇයව රිදෙව්වෙ නෑ.
කාලය ගත උනා. මම වගේම ඇයත් විවාහ උනා. දෙමාපියො උනා. ඇය අද මගේ මිත්තරයෙකුගෙ බිරිඳ වගේම දැනටත් අපේ පවුලේ ලගම හිතවතියක්. ඉස්සරහදි එන්න පුලුවන් ලෙඩ දුක් ගැන හිතලා අරක්කු තහනම් කරන කරදරකාර දොස්තර නෝනෙක්.
ගොඩාක් වචන පාවිච්චි කරලා දිගට ලියන්න පුලුවන් මගේ කථාව සාරාංශයක් විදියට ඒ විදියයි. බූට් කාපු කොල්ලන්ට මගේ අත්දැකීමෙන් මම කියන්නෙ උඹලා වින්ද ඒ වේදනාවම යහපත් හෙට දවසකට යන්න පාලම කරගන්න. දුක මතින් අධිෂ්ඨානයක්, අනාගත සැලසුමක් හදාගන්න. එහෙම කලොත් මම අද විඳින සතුට ඔබටත් නිසැකවම විඳින්න ලැබේවි.
සිරාගෙ කාමරයේ බූට් මාසයේ 7 වෙනි ලිපිය වෙනුවෙන්
ලංකාවේ ගම්පහ පුරවරයේ සිට ලියා එව්වේ කම්මල.
මගෙ ජීවිතේ හැම අවස්ථාවකදීම අවුරුදු 18ක් තිස්සේ නොවැටී සිටීමට දිරිදුන් චරිතයක් වූ අප සමාගමේ සභාපති තුමාට , පහේ පංතියෙන් පසුව ලියු මගේ දිගම ලිපිය ( බූට් ලිපිය ) උපහාරයක් වේවා !!!!
තව ටිකක් පහලින් සිරා කොලුවා වන මවිසින් මේ සුට්ට ලියමි.
පුරා මාසයක් පුරාවට ආදරයේ විරහව පමණක් කාමරයට ගෙනෙන්නට මා පෙළඹවූයේ ත්‍රෛයිමාසික නමුත් හද පතුලෙන් කල ආදරයක වියෝව හමුවේ සිරා කොලුවා වන මට දැනුන චිත්ත පීඩාව සහ වේදනාවයි. ආදරය හමුවේ අවංක වන සෑම කෙනෙකුටම ආදරයේ වියෝව ඇති කරන්නේ මහත් කණස්සල්ලකි. දුරු කතරක හිතේ දුක කියන්නට ලගම කියා මිතුරන් නැති පරිසරයක සිට මම මගේ දුක යම් පමණකට මගේ දුප්පත් කාමරයේ ලෑලි දොර ඇර අකුරු කළෙමි. ලොවට රහසේ මා වැනිම චිත්ත පීඩා විඳි තවත් පිරිසක් ඒ වටා එකතු වීමත්, මාසයේ අවසාන දිනය උදා වන විට කාගෙ කාගෙත් දුක තුරන් වීමත්, කිසිදිනෙක හැබැහින් මුණ ගැසී නැති මේ මිතුරු කැළ අතර මිත්‍රත්වය දළුලා තිබීමත් බූට් මාසය අවසානයේ වැර වෑයමෙන් ඉපයූ වත්කම් වන්නේය. මෙයින් මතු දිනයක හෝ ආදරයේ විරහවෙන් සිත කඩා වැටුනු මානවකයෙකු / මානවිකාවක මේ ලියවිලි කියවන්නේ නම් ඔවුනට දුක තුනී කර තමන්ගේ ගමන යන්නට යම්කිසි රුකුලක් ඒවායින් ලැබෙනු ඇතැයි මම උදක්ම සිතමි.
විරහා දුක නිට්ටාවටම සුව කරන්නේ කාලයයි. නමුත් ඒ අතර කාල පරාසය ගත කිරීම ඇතමෙකුට සැබැවින්ම අභියෝගයකි. හැකි තරම් කාර්ය බහුල වීම හෝ අලුත් විෂයක් අධ්‍යයනයේ නිරත වීම / විරහා ගීත ශ්‍රවණයෙන් හැකි තරම් ඈත් වීම / පැරණි පෙම්වතා හෝ පෙම්වතිය දුන් තෑගි බෝග, මතක සටහන් , උපන් දින සුභ පැතුම්, ඡායාරූප ආදිය පෙනෙන මානයෙන් ඉවත් කිරීම, හිත පෙළෙන දුක ළඟම හිතවතෙකු සමග සාකච්ඡා කිරීම ආදිය ප්‍රේමයේ විප්‍රයෝගයේ වේදනාව යම් තරමකින් අඩු කර නිට්ටාවට සුව කරගන්නට ඉවහල් වන කාරණා බව මම අත්දැකීමෙන් දනිමි.
ඉඳින් සබඳ, බූට් මාසයෙන් සමුගෙන යන්නට අවසර, යළිදු කිසිම කිසි දිනයක බූට් මාසයක් සිරාගෙ කාමරයට ආයෙත් උදා වෙන එකක් නෑ කියලයි මගේ අක්මාවට දැනෙන්නෙ. මේ මාසය පුරාම තමන්ගෙ ප්‍රේම අත්දැකීම් වලින් කාමරයේ ලිපි පෝෂණය කල, ඒවාට අදහස් දැක්වූ සහ ගීත වලින් මේ ලියවිලි රසවත් කල සියලුම සහෘදයන්ට මාගේ නොවක් ස්තූතිය.
බුදු දහමට අනුව විරහා දුක මඬින ක්‍රමය කියා දෙන කදිම ලිපියක් මෙතැනින් කියවන්න.
විරහව යහපත් අන්දමින් දකින්නට රුකුලක් වන අපූරු ගීතයක්. අසාගෙන අපි නික්ම යමු.
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක්
සතුටේ උපත කඳුළයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක්
සතුටේ උපත කඳුළයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්
පදරචනය -කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
අනේ මන්ද මොනව කියන්නද කියල..? හැමෝටම බූට්...!
ReplyDeleteඉස්සර කොල්ලො අතරෙ කතාවක් තිබ්බ...කෙල්ලො ෂුවර් නෑ ඒ නිසා යාලුවෙලා කොහෙට හරි උස්සපන් කියල එතකොට අතාරින්නෑ කියල..(මට බැනුම් අහන්න වෙයිද මන්දා..ඕං මම නෙවී කිව්වෙ)
ඊට පස්සෙ වටේ ගියත් මොනව කරන්නද? මොන වේ* කම කරල අහු උනත් කර ගහන්න වෙන කේස් එකක්.. ඕනෙම නං ඔන්න ගලේවෙල.. තංගල්ලෙන් නැවතෙන එක ඇඟට ගුණයි මම හිතන්නෙ.
Delete//කෙල්ලො ෂුවර් නෑ ඒ නිසා යාලුවෙලා කොහෙට හරි උස්සපන් කියල එතකොට අතාරින්නෑ කියල..//
Deleteඑහෙම කෙල්ලෝ තියාගෙන වැඩක් නෑ බන්.... (මේ මම හිතන විදිහ)
kagewath deyak balen gathata wadak na vage,,,kagewath adarayak balen gathath vadak na...adare kiyanne kenekge hithe ebema athivenna ona deyak...dala yai kiyala thiyaganna hadhuwath..uruma nathi dhe kawadawath pawathinne na...koitharam katta kala auruduganak duk vidala anthimata aithi karagathath...lamai 4 k 5k hitiyath samahara un wena un ekka yana kale...nathi wena dhe nathiwenawa..ahemath akek 2nek thamai pana digena inne..kollo unath kello unath akama theory aka...
Deleteපලවෙනියෙන්ම මේ ලිපිය පලකල සිරාට මාගේ ප්‍රනාමය.
Deleteවීයා. ඔය කතව බොරු බන්. මොකටද බලෙන් තියාගන්නෙ. ආදරෙයි නම් එයාව රැකගන්න ඕනෙ. දැන්නම් ඉතින් ඔය තියරිය තමයි. උබල අපි ඕක ක්‍රියත්මක නොකලට.
ලබ්බ, හෙක් .., හෙක් ලබ්බට අත තිබ්බට පුහුලට පස්සෙ නේද ?
ඇනෝ. එකගයි මචෝ.
වීය , එහෙමනම් මේ සිංදුව කියන්න තිබුන .
Deleteඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ
ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුනිද ලඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැදුනේ
ආ මඟ වැරදී ඔහුද ඔබද මා
දෛවයේ තුන්මංසල හමුවී
බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
කඳුලක් නැ දෙනුවන පිපුනේ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
තනුව : නාලක අංජන කුමාර
ගී පද : රංජිත් රූපසිංහ
ලිපිය ලියලා තමන්ගෙ පුද්ගලික කාරාණාවක් ලොවට හෙළිකලාට කම්මල අයියට මගේ අක්මාවෙන්ම ස්තූතියි...
Delete"කම්මල" බොහොම වාසනාවන්ත මනුස්සයෙක්
Deleteහිතවතුන් හැමෝම ඔහුව දිරියෙන් තියන්න උදව් වෙලා
එහෙම වාසනාව තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?
තුවාලේ හොඳවෙලා කබොල්ලත් ගැලවිලා අලුත් හමත් ඇවිල්ලා
ඒත් සමහරුන්ට කපල දාන තරමට ඔඩුදුවනවා
"තනිකළේ... කෙලෙසද මා ඔබෙන් වෙන් කළේ
සැඟවුණේ.... කොතැනද ඒ නුවන් සැඟවුණේ
මසිත හොවා රුදුරු පාළුවේ.... දුරක මැකී ගියද ඔබ මෙසේ
සිතින් ඔබේ ළඟයි මා සදා... ජීවිතේ"
ආදරේ සුන්දරයි කියල කිව්වට ඒ සුන්දර ආදරේ කෙනෙක්ගෙ ජීවිතේ අපායක් කරන්න තත්පරයක්වත් යන්නෙ නෑ,,,,ජීවිතේ සමහර දේවල් හිතාගන්නවත් බැරිවෙලාවට ජිවිතේට ඇවිත් සුන්දර හීන ගොඩක් ඉතුරු කරලා නැති වෙලා යනවා...අපි දුක් වුනත් ඇඩුවත් අපිට ඒ අය ආදරේ නෑ කියලා,අකමැතේන් හරි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා,,අපිත් ඒ අයට හරි කාට හරි පෙර ආත්මෙක ඒවාගෙම දුකක් දෙන්න ඇති...නැත්තම් දෙමව්පියන් හරි වෙලා අපේ දරුවන්ට හරි විරුද්ද වෙන්න ඇති,,,,මම මේ බන කියනවා කියලා කවුරුහරි හිතයි ඒත් යාලුවනේ ඇත්ත ඒකයි,, අපිත් හරියට වෙස්සන්තරලා වගේ තමයි,අපිට අයිති වුන දේවල් අයිති වෙලා තිබුන දේවල් වෙන උන්ට දන් දීල බලන් ඉන්නවා,,,මොනව කරන්නද,,,,ආදරෙ කියන්නෙ විශ්වාසය, අවබොදය, කැප කිරීම,සතුට කිව්වට,,,, දුක,වේදනාවත් හැන්ගිලා කොහේහරි තියනව,,,
ReplyDeleteවෙස්සන්තර උනාට බුධු උනාම හොදයිනෙ බං. හොද දෙයක් ලැබෙන්න ගොඩක් කැපකිරීම් කරන්ඩ වෙනව.
Deleteස්තූතියි බ්‍රෑන්ඩ් එක ගල්
superrrrrrrrr..........
Deleteකවියක් වගේ ජීවිතේ මතකේ ලියා තියා...
ReplyDeleteසැගවී ගිහින් හොරෙන් වගේ සිත අප ලගින් තියා...
මතකයේ ජීවිතේ හදවතේ පවතී සදා අපේ ආදරේ..... :,(
මේකට උත්තර දෙන්න බයයි වගේ. එහෙයි...එහෙයි.
Delete
Deleteකොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා
ගත සීතල පහස ලබා
ළැම රන්වන් සුවඳ සොබා
නිමවෙයි රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා
නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබද හැදූ
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා
ආදරයෙන් ඔබ හින්දා
මා මනසින් දුක් වින්දා
පාළුව ළඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා
ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ධර්මසිරි ගමගේ
අසා සිටිය ඔබ සැමට ස්තුතියි
බ්‍රෑන්ඩ් එක ගල් ....
මම ආසම සින්දුවක් සින්දුවා...මේක චලක චමුපති කියන්නෙත් පට්ට මූඩ් එකකට සෙට් වෙලා...
DeleteThank you SA - Let’s also remember this was in the film Sikuruliya by H D Premaratne.
DeleteDear Sira Malaya – There is a saying that “it is better to have loved and lost than never to have loved” You brought out some poignant memories of a bunch of people, spread around the world but joined by a common thread. It was an enjoyable, yet sometimes painful journey. The tender memories, other’s as well as our own, will never leave us. We all thank you for this experience. Perhaps in another year’s time you can host another of these (any sooner than that will be a danger to life and limb!)
අතීතය සිහිනයක් පමණයි
ReplyDeleteසැබෑ සුවඳක් නෑ...
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
මෙදා වියොවක් නෑ...//
තැනූ මන්දිර බිඳී වැටුණත්
නෙතේ කඳුළක් නෑ...//
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නෑ...
අතීතය සිහිනයක්.....
දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ...//
ලොවේ පැරදුම මතක කිසිදා
ලැබූ දිනුමක් නෑ...
අතීතය සිහිනයක්.....
Singer : Karunarathna Divulgane
Lyrics : Pallegama Hemarathana Thero
Music : Nalaka Anjana Kumara
ඇය යන්න ගියා මැකිලා
Deleteවන සිරසට තුරු සෙවනැලි අතරේ ..
ගී ගයමින් ඉද මා තුරුලේ ...
ඇය යන්න ගියා මැකිලා ...//
ඇය යන්න ගියා මැකිලා
Deleteවන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්
ජීවිතයේ සදාතනික සත්‍ය බුදු දහමට අනුව දුටු පාතේගම හිමියන්
Deleteඇය යන්න ගියා මැකිලා....මේ ගීතයෙ තනුව යොදලා අවසන් උනාම ඒ නිර්මාණකරුවන්ට හරිම ආගන්තුක අමුතු හැගීමක් ඇති උනාලු...ටික වෙලාවකින් ඇමරිකාවෙදි මාලනී මියගිය පුවත අාරංචි උනාලු. මාලනී බුලත්සිංහල මහත්මියගෙ සැමියා තමයි තනුව හදපු එච් එම් ජයවර්ධන
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ReplyDeleteඅදුරුතුමියයි යව්වනේ
ප්‍රේමයේ ආනන්දයේ
කඳුළු සයුරේ උල්පතයි
මට මතක් වුනේ වික්ටර්ගේ ඒ සින්දුව.
බින්දි , ඒකනම් ගැලපෙනම සින්දුව - ස්තුතියි -
Deleteදෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමුවුණේ
Deleteදෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ
දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි
දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ
නඳුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ
නඳුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පතයි
දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ
ගායනය :- වික්ටර් රත්නායක
පද :- සුනිල් ආරියරත්න
සංගීතය :- වික්ටර් රත්නායක
අන්තිම එකට ඔන්න මගෙන් ..
ReplyDeleteප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....
සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .
විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි.........
ගායනය - චන්දන ලියනාරච්චි
එකවරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් එපා මට ඔබ එපා......!!!!
Deleteපියඹා යනවා මා ආකාශයේ
Deleteඅවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොව්ලෝ
මිදුනා මා ආදරෙන්...
පෙම් බැන්ද දා ඉදන් උපන් හඳේ
සිත වේදන ඉතින් රිදුම් නොදේ
ජිවිතේ පවන් සැලේ
මල් මල් යොවුන් වියේ ජිවිතේ...
රෑ නින්ද යා නොදී හිතේ උපන්
නෑ පෙම්වති කියා රුවක් ඉතින්
පෙම් යදම් සිදී බිදී ගිහින්
මල් මල් යොවුන් වියේ ජිවිතේ...
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
මා නිසා ඔබ නොපිරූ පෙරුම්
Deleteමා නිසා ඔබ නොපැතූ පැතුම්..
ඒ සිනා මැද ඉටු වේවි නම් ..
ආයේ නාවත් කම්නෑ ඉතින් ......
මා නිසා ඔබ නොපිරූ පෙරුම්
Deleteමා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිං //
කෝ එදා ඔබ අත පැලැන්දුව
මුදුව කෝ කොයිදෝ
නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන
කීවාදෝ නැතිදෝ
මා නිසා ඔබ නොපිරූ පෙරුම්...
මාළිගාවක රජ කෙනෙක් වත්
යනවදෝ කැදවා
වාසනාවන් ඒ සැඳෑවට
මා ඇවිත් යනවා
මා නිසා ඔබ නොපිරූ පෙරුම්...
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සින්දුවා දක්වන සහයෝගය අගය කරමි. ලංකාවෙදි හමු වී අශෝක ගහ යට පොට් එකේ සෙට් වෙලාම කථා කරමු.
Deleteමෙම මාසය පළමු හා අවසාන බූට් මාසය වේවා....!!!!
ReplyDeleteඅදත් ,හෙටත් බූට් තියෙයි , ජීවිතේ නාස්ති නොකරගෙන ඉදිරියට යන්න ඕනෙ ... ජය වේවා !!!
Deleteසමියා කම්මලේ මැරෙනකන් අපේ ඡිවිතේට විවිධ අවස්ථාවල බුට් එනවා.
Deleteබූට් එකෙන් හිත හදාගත්තට පස්සෙ පොඩි ලල් එකක් නැත්තෙම නෑ අප්පා අතීතය මතක් කරද්දි...
Deleteතවත් අනුවේදනීය පෙම් කතාවක් කම්මලේ,බූට් මාසය අවසන් වන මේ දිනයේ නැවත බූට් කතා අහන්නට නොලැබේවායි පතමු.
ReplyDeleteඒ වගේම ඔබේ කතාවත් එක්ක මම ආපහු ඉස්කෝලෙ කාලෙට ගියා.පිට්ටනිය ටැප් එක ස්ටේෂන් එක. උඹ දන්නවද මම ඉස්කෝලෙට ඇතුල් වෙද්දි ඔය ස්ටේෂම තිබ්බෙ නෑ.ළමයි ටවුමෙ ඉඳල පෝලිමට ඉස්කෝලෙට පයින් ආවා.ඉස්කෝලෙ ළඟින් හරවපු බස් එක දැම්මෙ ඊට පස්සෙ.ඔය ඔක්කොම මට මැවිලා පෙනුනා.පොඩි පංතිවලදී කොල්ලො කෙල්ලො එකට දැම්මෙ නෑ.ගර්ල්ස් සෙක්ෂන් එක වෙනමයි.ඒ ලෙවෙල් වෙද්දි පන්තිවල කට්ටිය අඩුවෙද්දී දෙගොල්ලො එකට ඉගෙනගත්තා.ඉස්කෝලෙ ඉන්ටවල් දෙකයි කෙල්ලන්ට ඉස්සෙල්ල එකක් දෙනවා ඊට පස්සෙ කොල්ලොන්ට.දැන් නං කොහොමද දන්නෙ නෑ.මම ගෙදර ගියාම තවත් ඔය ඉස්කෝලෙ ළඟින් යනවා.එතකොටත් මම අතීතෙට යනවා.
//බූට් මාසය අවසන් වන මේ දිනයේ නැවත බූට් කතා අහන්නට නොලැබේවායි පතමු.// එහෙනං මම බාගෙට ලියල තීන කතාව දාන්නැතුවම ඉන්නද බං?
Deleteහැලපෙ අයියෙ, ස්ටේශන් එක හැදුවෙ කොල්ලො කෝච්චිය ඔතන දම්වැල් ඇදල නතර කරන හින්දලු නේද ? ඕක හැඩුවත් අපි කඩේ ගාව නතර කටගන්නව දම්වැල් ඇදල. ඔයාල හිටවපු රෙබරෝසියා ගස් ටික මල් දුන්නෙ අපිට. අපේ කාලෙ කෙල්ලො කොල්ලො හිටියෙ එකට. කෑවෙ බිවුවෙ ට්‍රිප් ගියේ එකට තාමත් එහෙමයි .තාමත් අවුරුද්දකට සැරයක් අපි හමු වෙනව.
Deleteඉන්දික. පිස්සුද බන් දාපන්, අතීතෙ මතක් කරන්න කවුද අකමැති. මමත් මේක දැම්මෙ අපේ කොල්ලො කෙල්ලො හින්ද හැමදේම නැති කරගන්න හින්ද.
Deleteඉන්දික අයියන්ඩි දාන්ඩෝං ප්‍රේම පුරානේ..ගහමු වේලාවක බෝතලයක්..
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
ලියන්ට ලියන්ට කථාව ලියන්න...ඒවා නවත්තන්න එපා...ලොකු අයියා...
Deleteමුල හරිය කියවන් එද්දී දන්නේ නෑ වෙන කෙනෙක්ගේ කියලා ..මගකදී දැනිච්ච නිසා පහලට ඇවිත් බලලා ආයෙම කියවුවේ.. බූට් තියන අය නොහිටියනම් අපිට ආසාවෙන් අහන්න ලස්සන සින්දු එහෙම නැතිවෙයි .. ඒ හින්දා බූට් තියන එක හොදයි,, ඒ වගේම මේ කෙනාගේ ජීවිතේට ආශීර්වාදයක් වුණෙත් ඒ බූට් එක... ජිවිතේ හරි පුදුමයි අපි ප්ලෑන් කරන හීන මවන දේ නෙමේ ජිවිතේ අපිට එදිනෙදා හම්බෙන මුණ දෙන්න වෙන දේ..
ReplyDeleteකාලෙකින් ආවේ මේ පැත්තේ,, කාමරේ අයිතිකාරයත් සුවෙන් ඇති කියලා හිතනවා
අපුර්වී , ඇත්තටම ජීවිතේට ආශීර්වාදයක් උනේ මේ නොලැබීම තමයි , අපේ කොල්ලො බූට් කෑවහම ජිවිතේ ආපස්සට යනව . මට ඕනෙ උනේ කෙල්ලො ,කොල්ලන්ට මගෙ ජිවිත පාඩමෙන් හොද දෙයක් දෙන්න.
Deleteකාලෙකට පස්සෙ කාමරේ පැත්තෙ ආවට ස්තූතියි ඔමායා. කාමරේ අයිතිකාරයා හොඳ සුවයෙන් ඉන්නවා. ඔබට කොහොමද ?
Deleteකම්මලේ සහෝ, දැනට අවුරුදු 5ක අත්දැකීම් වලට අනුව වෛද්‍ය විද්‍යාල වලට එන පෙම්වතුන්ට සුලභවම වෙන දෙයක්. ගොඩක්ම පිට ලවි එකක් කරන ගෑණු ළමයින්ගෙන් මෙම වැරද්ද සිදු වන අතර, කොල්ලන්ගෙන් සිදුවනවා අඩුයි. ගොඩක්ම කෙල්ලො පිට එක හලල ඇතුලෙ එකක් සෙට් කර ගන්නෙ ගොඩක්ම ලාබ ප්‍රයෝජන සඳහාමයි. මොකද ෆැකල්ටි එකේ බොකන්න, ක්ලිනිකල් යනකොට කැෂුවල්ටි තියෙන දවස් වලට රෑ බෝඩිමට හරි හොස්ටල් එකට හරි ඇරලව ගන්න, ආයේ ෆයිනල් කාලෙට මහ රෑ හොස්පිටල් ගමන් බිමන් සේරටම වගේ උදව් කර ගන්න පුලුවන් නිසා. තව දෙයක්, මේ ෆැකල්ටි එක ඇතුලේ කිරියි පැනියි වගේ ඉන්න සමහරක් කපල් වල ලව් එකත් මේකෙන් පිට වුනාම ඉවරයි. හැබැයි හැමෝම මෙහෙම නැ. කම්මලේ සහෝට හා සිරා සහෝට ජය
ReplyDeleteහිම යෙටිය , ඒක ඇත්ත වෙන්න ඇති , ඒත් එයා පසුව කිවුවෙ සමාජ තත්වය ගැන එයා අධි මානෙක හිටියෙ කියල.
Deleteඇත්තටම වෙච්ච් දේ හොදයි කියල හිතන්නෙ මම කැමති ගෙදර ඉන්න , ගෙවල් ලස්සනට තියාගන්න ,මම ගෙදර එන වෙලාවට ගෙදර ඉන්න බිරිදකට. අනික අම්ම දරුවො එක්ක නිතරම ඉන්න ඕනෙ. ජයවේවා !!! හිම යෙටියො
ඔය අදිමානේ තමයි බන් ගොඩක් අයට විනාසෙට මුල.මොනවා කරන්නද වෙච්ච දේවල් වලට..
Deleteහිම
Deleteහොද කමෙන්ටුවක් එල ද බ්‍රා
බ්‍රෑන්ඩ් එක ගල්ද?
අවසාන බූට් එක වේවා..!! ෆීනික්ස් පක්ෂියා වගේ වැඩක් නෙව කම්මලේ කරලා තියෙන්නෙ.. එල එල.. බූට් එකක වේදනාව රහක් බවට පත්කර ගත්තම ටික කාලෙකින් වැඩේ ශේප්..
ReplyDeleteජය..!!!
ෆීනික්ස් පක්ෂියා කරවන්න අපේ කම්පනියේ සබාපති තුමා දරපු උත්සාහයට මම තවමත් එතුමාට ණයගැතියි .
Deleteමෙන්න බූට් එකක් නිසා ජිවිතේ ගොඩ දා ගත්ත තවත් සහෝදරයෙක්.... ජය වේවා....!!!
ReplyDeleteඔයාලව කසාද බන්දන්න දිරි ගැන්වීමට තමයි මේක ලිවුවෙ ... ජය වේවා !!!!
Deleteගල් බලකායේ යාවඡිව සාමාඡික
Deleteඑහෙනං කම්මල ත් බූට් එක නිසා ලෙඩ නොවී ගොඩ ගියා. ජය වේවා !!
ReplyDeleteපෙබරවාරි මාසය බූට් මාසයක් කළ සිරාටත් ජය. ඉක්මනින්ම පිළිවෙලක් වෙන්න හැකියාව ලැබේවා !
බූට් එකට කකුල් දෙකම දාගෙන පැන ,පැන ගොඩ ගියා.
Deleteසිරාව පිළිවෙලක් කරන්න මෙන්ඩියට බාර කරල තියෙන්නෙ
ඔි යෙස් මු ආපු ගමන් ස්වයංවර මංගල්‍යලයක් පවත්වනවා..
Deleteඑයාර්පෝට් එක ලග කිව්වනෙ ගේ තියෙන්නෙ...බැස්ස ගමන් පළවෙනි ඇමතුම එලද බ්‍රා ට.
Deleteඅනේමන්දා මේ බූට් කෑම නම්..අපිටත් ඇයි බැරි උන් වගේම ජොලියෙ ඉන්න ? අපිට දෙන්න තියෙන හැම දුකක්ම දීලා ...අන්තිමට අපිව මතකත් නෑ සමහර උන්ට,,ඇත්තටම අපි වැරදියි,මොකද අපි උන්ට වැඩිය දුර්වලයි..ඒකනෙ කිසීම හිතක් පපුවක් නැතිව, අපිව දාලා යන්නේ...ඔන්න අපි පාවිච්චි කරලා අතරල දැම්මනම් ,එයි පොලිම් පිටින් කාන්තා සන්විදාන පිටින්,,,හිරෙත් ලගින්න වෙයි..ඒත් කොල්ලො අපිට දුක තමයි,අපේ වේදනව ඉතින් මේ වගේ හරි තුනී කරගන්නව,,උන්ගෙ දෙමෞපියන්ගෙන් අම්භානට ගුටි කාලා,,,සුද්ද සින්හලෙන් අහගෙන,,අපි පාඩුවෙ ඉන්නවා,,ඇත්තටම ආදරෙන් පැරදුන හැම ඒකෙක්ම හිත හයිය කරන් මේවගේ ජිවිතේ ඉස්සරහට ගෙනියනවනම් මේ කෙහෙල්මල් බූට් කැම නතර කරගන්න පුලුවන්...අපි ලග උන්ගෙ සතුට නැත්තම් උන්ගෙ ලග අපිට සතුටක් තියෙයි ද?
ReplyDeleteහැම කළු වලකුලකම රිදී රේකාවක් තියනවලු නෙ. කොල්ලො ගැන අපි ලිවුව වගේම බූට් කාපු කෙල්ලන්ගෙ පැත්තෙනුත් කියන්ඩ දේවල් ඇති .
Deleteආදරෙයි කියා ආදරය නොකරන මිනිසුන් සේම ආදරෙයි නොකියා ආදරය කරන මිනිසුන් ද සිටින ලොව සැබෑ ආදරය හදුනාගත හැක්කේ වාසනාවන්තයන්ටම පමණි.....
ReplyDeleteසහතික ඇත්ත ....
Deleteයන්තං ඇති. මල්පත්තර බූට් කතා ඉවරද? ආයෙත් සිරාගෙ කාමරේ සිරා පෝස්ටු දකින්න ලැබේවා.
ReplyDeleteඉවරයි ලු. බූට් එකක් කාල නැතෙයි ... ඒකත් ජීවිතේට තියෙන්න ඕනෙ.
Delete//ආයෙත් සිරාගෙ කාමරේ සිරා පෝස්ටු දකින්න ලැබේවා. x 2
මේ කථාත් මේ ලෝකෙම තියෙන ඒවා තමයි සත්තලනේ...අපිට යථාර්තය මේ යැයි දැක දැක සුරංගනා ලෝකෙක ජීවත් වෙන්න අමාරුයි නොවැ...
Deleteආතල් ඇ
ReplyDelete:D
Deleteඅඩියක් වත් ගැහුවද බං...ඔය හැටි ආතල්...
Deleteමෙම බ්ලොගය ෆලෝ කිරීමේ හැකියාවක් නොමැති බව කරුණාවෙන් සලකන්න. හැමදාම දහඅට වංගුව පාරෙන් එන්නට බැරිය.
ReplyDeleteසිරා , මේ ඔබේ අවදානය පිණිසයි.
Deleteකම්මලේ, එහෙනං උඹට තේරෙව්වෙත් බූට් එකක්ම තමා ඈ!
ReplyDeleteහෙක් ..හෙක් , අනිවා ඕක හින්දම තමයි තේ විකුණන්ඩ සිද්ද උනේ. පලවෙනි දවස් වල Cup 400 විතර බලල රිපෝර්ට් කරන්න දීල තේරෙව්ව.
Deleteබූට් මාසේ ඉවර වුනත් බූට් කතා වලින් නම් අඩුවක් වෙන එකක් නෑ කවදාවත්..
ReplyDeleteසදාකාලිවම පවතින දෙයක්, නොවැටී සිටීම තමයි වැදගත්.
Deleteබිලා අඩන්න හරි තියෙන්නෙ එචචරයි
Deleteඒක තමයි ඔය ඉස්පිරිතාලේ ගැන කියන හැමදාම කම්මලේ ගොයියට චූන් උනේ...මොකක් කොරන්නද බන්..යන්න දගලන වැස්සියෝ කඹ 2-3 ක් දාල බැන්දත් යන්තං ගැටේ ලෙහිච්ච ගමන් පැදුරටත් නොකිය යන්නෙ.ඒත් සමහර උන් ඉන්නව අගේට කනුපොලේ ඉන්නව ලනුවක් තියා නුලක්වත් ගැට ගහන්නේ නැතුව. කොහොම උනත් පසු කාලීනව පවුල් දෙකම සහයෝගෙන් ඉන්න එකනම්...අවන්කවම මට ඕක උනානම් මට නම් හෙන මානසික වදයක් වෙයි බන්..
ReplyDeleteඋබට මතකයි වැඩේ ...යන එවුන් බැදල රැක ගන්න ඕනෙ නෑ , යන්නම දෙන්න ඕනෙ
Deleteපවුල් දෙක විතරක් නෙමේ පවුල් පහක් විතර තමයි එකට පාටි /ට්‍රිප් වලට සෙට් වෙන්නෙ. සමහර වෙලාවට බොන වෙලාවට ඔරවන එක , කන බොන දේවල් හොයල බලන එක, වදයක් තමයි.
මානසික වදයක් වෙන්නෙ නෑ පරණ කෙල්ලට වඩා ෆිට් සහ ආදරේ කරන්න පුලුවන් බිරිඳක් ලග ඉන්නවා නම්...
Deleteකම්මලගේ කතාව ලස්සණයි. කෙල්ලන්ව තෙරිරුම් ගන්ට හරි අමාරුයි කම්මලේ. අපි හිතන් ඉන්නේ ඔයාලට අඬන්ට බෑ. කඳුලු එන්නේ නෑ. හිතවල් හරි තදයි කියලා. :P
ReplyDeleteමුල් ආදරවන්තිය තාමත් ලඟින් ඇසුරු කරන්ට පුලුවන්වීම ගැන සතුටුයි. ඒකෙන් තේරෙන්නේ ඔයාගේ වයිෆ් ඇත්තටම හරි හොඳ, ඔයා වෙනුවෙන්ම මැවිච්ච කෙනා කියලයි.
මෙතනට එනකොට පහුගිය දවස්වල දැනුණේ අපිත් බූට් කාලා වගෙයි ඒ හන්දා පෙබරවාරි මාසය ගෙවීයෑම ගැන මගේ බලවත් ප්‍රීතිය. :D
"තේරුම් ගන්ට" කියන එක අන්න වැරදිලා ටයිප් වෙලා. කලබලේට වැඩ කරනකොට එහෙමලු. හරියට මුකුත් කරගන්ට බෑ. :D
Delete// අපි හිතන් ඉන්නේ ඔයාලට අඬන්ට බෑ. කඳුලු එන්නේ නෑ. හිතවල් හරි තදයි කියලා. :P//
Deleteඑයත් හිතාගෙන ඉදල තියෙන්නෙ එහෙම තමයි පොඩ්ඩි. ඒක දැනගත්ත දවසෙ තමයි මමත් දන්නෙ කෙල්ලන්ටත් හොදට අඩන්න පුළුවන් කියල.
වයිෆ් ඉස්සර මගෙ හොද යෙහෙලියක් ඉතින් අපි දෙන්නට තේරුම් ගන්න හරි පහසුයි. ඇගයීමට ස්තුතියි
මම ආවේ අන්තිම ආටිකල් එක කියවන්න. හප්පට සිරි මේ කම්මලා නේ! ලිපියේ අන්තිමට එනකල් ඒක දැනගෙන හිටියේ නෑ. කම්මලයා මට හැබෑජීවිතේදි මුණ ගැහුණු බ්ලොග් සගයන් කීප දෙනාගෙන එකෙක්. කාගෙ කාගෙත් ජීවිත වල සැඟවුණු කඳුලු කැට තියෙනබව මම දැනගෙන හිටියා. දැන් ඒ ඩොකී මොකද කියන්නේ උඹට දීපු ගින්න සම්බන්ධයෙන්?
ReplyDeleteඅනිත් මගහැරුණු ලිපිත් කියවන්න කාලෙ හරි වගේ.
අර ඩෙනිමත් ගසාදාල අවුවට දැම්මොත් නරකද?
Deleteඩුඩ්, අපිට මේ වතාවෙ හමු වෙන්න බැරි උනානේ.
Deleteඩොකී එක දවසයි පාපොච්චාරණය කලේ. දොස්තර උන ඔලුවට ගැහුවලු. දැන් කියන්නෙ සැපට ගෙදර ඉන්ඩ තිබ්බ චාන්ස් එකලු.
අපි ඉතිං මුණ නොගැහුනාට හුජ්ජ බෑග් එක හදලා ගොඩා ගියා නොවැ...
Deleteබූට් මාසෙ සීන් එකනම් පට්ටයි. බූට් මාසය සමරපු හැමෝටම ආයෙ බූට් නොලැබෙන්න සුභපතනවා!
ReplyDeleteමේ කතාවත් ඉතින් සුපිරි. කම්මල් අයියා කතාව මුලින් පටන් අරන් තියෙන හැටි, උපමා උපමේය පාවිච්චි කරපු හැටි එහෙම මාරයි!!
තැන්කු බස්සි, මුලින් ටික ලියල තිබ්බේ. අන්තිම හරිය පැය බාගෙට ලියල සිරාට මේල් කලා.
Deleteඅන්න බලපං කම්මලේ බල්ලාට හෙණ ගැහුවාට ගාණක් නැහැ කියනවානේ.උඹටත් ඒ වගේ තමයි.කාපු බුට් එකෙන් නොවැටී නැගිට්ටා.එළ එළ ඈ.
ReplyDeleteදැන්නම් හෙන හතක් ගැහුවත් ගානක් නෑ ... වැටි වැටි නැගිට්ටා .
Deleteකම්මලේ... උඹ නම් මාර කකුලක් බO... ජය වේවා...!!!
Deleteබ්‍රෑන්ඩ් එක ගල්....හීක්...හීක්..
වෙනස් වීම යනු සොබා දහමයි. එහෙත් එම
ReplyDeleteයථාර්ථය අපට අමතක වන්නේ අප ආදරය
කළ ආදරණීය පුද්ගලයන් වෙනස් වූ විටදීය....
ආදරය කරන සියලුම දේට පොදු සත්‍යය.
Deleteමේ අයුරින් අපි සංසාරේ
ReplyDeleteආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති
සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති
අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති
සාගර ජලයත් මදි හැඬුවා මදි
ඔබ හින්දා ඔබ දන්නෙ නැති
ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති
ගායනය : ටී එම් ජයරත්න
තනුව : ප්‍රේමසිරි කේමදාස
ගී පද : අජන්තා රණසිංහ
අපොයි...බූට් කාලෙ ඉවරයිද ? මගෙත් ට්‍රයි බූට් ගොඩක් තියෙනවා. කෝ ඉතින් ලිව්වට වැඩක් නෑනෙ ..කල් ඉකුත් වෙලා.
ReplyDeleteට්‍රයි බූට් නෙමේ සරත් අය්යෙ ඔර්ජිනල්ම බූට් කථාවක් ලියන්න. බූට් කල් ඉකුත් වෙන්නෙ නෑ. වයින් වගේ තමයි.
Deleteබුට් කෑවත් බුට් තිබ්බත් දෙකම දුකයි...
ReplyDeleteකොච්චර කාලයක් ගියත් හිත කොණක හරි තිබිල මතුවෙලා හිත පොඩ්ඩක් පහුරු ගාල යනවා...
කොයිකත් කම්මලේ බල්ලා වගේ විඳදරාගෙන ඉන්න නිසා ලොකු අවුලක් නැතුව ජිවිතේ ගලාගෙනත් යනවා... හෙහ් හෙහ්
niyama kathawak loku putha gal bothalayak nemei...ube kate gal molak danna watinne.....haha :D
Delete//බුට් කෑවත් බුට් තිබ්බත් දෙකම දුකයි...//
Deleteකෑවහමනම් දුකයි තමයි. ලොකූ කාටද බූට් තිබ්බෙ. කොහොම හරි උබ මාව බල්ලට දැම්ම නේ :D
අනේ මන්ද බං...
Deleteලව් එකක් “හරියන්නේ නැහැ, දැන් ඇති” කියල හිතුනම, ඒ ලව් එක නවත්වන්න කතා කරන කෙනාට ඒක බුට් එකක් කියල හිතෙන්නේ නැහැ කියල මම හිතනවා.
ඒකට හේතුව එහෙම යෝජනා කරන කෙනා එහෙම කරන්න හේතුව තමන් තුළම ඒ වෙද්දී සාධාරණීකරණය කරගෙන හමාර වීම නිසා වෙන්න පුළුවන්.
මගෙත් ලව් ස්ටෝරි කීපයක්ම තිබ්බා මචං. සමහර ඒවා ඉබේ නතර උනා. සමහර ඒවා කතා වෙලා නතර කලා. හැම දේම නොයෙකුත් විදිහට කෙළවර උනා. ඒවා ගැන කියන්න ගියොත් කෙළින්ම මේක පෝස්ට් එකක් වෙනවා.
කොහොම නමුත් අද ඒවා ගැන හිතද්දී පොඩි “ගිල්ටි” වගේ ගතියක් දැනෙනවා...
/// කොහොම හරි උබ මාව බල්ලට දැම්ම නේ :D ///
කම්මලයි බල්ලයි කියන්නේ හරියට අඹුඩෙයි පුකයි වගේ සීන් එකක්, වෙන් කරන්න දෙයක් නැහැ බං.. හෙහ් හෙහ්...
// ඒවා ගැන කියන්න ගියොත් කෙළින්ම මේක පෝස්ට් එකක් වෙනවා.// ලියල දාහන් බං ඔක්කොම එක පොස්ට් එකකට .
Deleteඔය ගිල්ටි ගතිය දැනෙනව ඇති කියල මටත් හිතෙනව දැන් උවමනාවට වඩා මගෙ ලෙඩ ගැන බලන එකෙන්.
එය ඉතාමත් අර්තවත් ඒ වගේම ගැහැනු , පිරිමි දෙපාර්ශවයටම ජිවිතයට ආදර්ශයක් ගත හැකි අයුරින් සමන්විත වෙනවානම් යහපති.......
ReplyDeleteකාන්තා පිරිමි භේදයක් නෑ...විරහවේදී දෙපාර්ශවයටම දැනෙන්නෙ එකම වේදනාවක්. අවංකව ආදරය කරන සෑම හදවතකටම දැනෙන දුක එකයි.
Deleteජීවිතයට දුක වගේම සතුටත් ලැබෙන කාලයක් තියෙනව කියන එකට මේ කතාව හොඳ උදාහරණයක්.
ReplyDeleteකම්මලේ අයියා මේ හැම දේටම මුහුණදීලා අද වෙනකොට ජීවිතේ සාර්ථක කරගෙන තියෙන එක ආදරයේ වේදනාව විඳින හැම කෙනෙක්ටම ආදර්ශයක් වේවි.
මගෙ වටේ හිටිය පිරිස ගොඩක් උදවු උනා කිවුවොත් හරි . ප;ලි යෙන් ස්තුති කලේ උතුම් මනුෂ්‍යයෙකුට. මට කිසිම දෙයක් හිතන්න නිදහසක් නැති තරමට වැඩ වලට යොමු කලා, වත්තකට යවල පැය 24ම වැඩ කරන්ඩ යොමු කලේ හිත හදන්න කියල, පසු කාලෙක කිවුව. ඒ ක්‍රමේ නම් සාර්ථකයි.
Deleteඅපි ජිවිතේ කියන්නේ මොකක්ද ජිවිතේ තේරුම හරියටම තේරුම් ගන්න පුලුවන් මානසිකත්වයක් ඇති කරගන්න පුලුවන්නම් ,මේ ලොකෙට ඉපදුනෙත් දුක , සතුට උරුම කරගෙනමයි කියන දේ තෙරුම් ගන්න පුලුවන්නම්, ජිවිතේට මුනදෙන්න වෙන හැම මොහොතක්ම තමන් පෙර කරපු පින් , අකුසල් වල ප්‍රතිපලයක් කියන දේ තෙරුම්ගන්න පුලුවන් මානසිකත්වයක් ඇති කරගන්න පුලුවන් දවසට කිසිම කෙනෙක්ට කොයිතරම් බූට් කැවත් දුක් විදින්න ජිවිතේ ඒ නිස විනාශ කරගන්න වෙන්නේ නැ! අපිට සමහර අය ජිවිතේට පෙර සන්සාරේ කරපු පින නිසා මුනගැහෙනවා,සමහර අය කරපු පව් නිසා මුනගැහෙනවා...ඒත් සමහර අය කොයිතරම් පින් කරලා තිබුනත් මේ අත්මේ පව් කරන නිසා පිනට ලබුන දේත් නැතිකරගන්නවා...සමහර අය තමන් පින් කරපු නිසා ලබෙන කෙනා නිසා කොඉතරම් පව් මේ අත්මේකරත් ඒ හැමදේකින්ම ඇත් වෙලා ජිවිතේ හුගාක් ලස්සන කරගන්නවා....ආදරේ කියන්නේ ජිවිතේට එබෙම ලැබෙන දෙයක්,,,හොයාගෙන ගියොත් අමාරුවෙ වැටෙනවා,,,අපි ආදරේ කරන්න ඕනේ ,අපිට ආදරේ කෙනෙක්ට,,, අපි කෙල්ලෙක් කොල්ලෙක් අපිට ආදරේ නැ කියල දුක් වේනවා,,,කෙනෙක්ගෙ ජීවිතේට ලැබෙම්න උතුම්ම ආදරේ ලැබෙන්නේ තමන්ගෙ දෙමව්පියන්ගෙන් ,,,ඒ ආදරෙත් අහිමි උන ලමයි කොයිතරම් මේ ලොකේ ඉන්නවද?අපිට දැනේන දුක මොකක්ද?ඒත් එක්ක බලපුවම ,,,ආදරෙන් කෙනෙක්ගේ ජිවිතේ ලස්සන කරන්නේ නැත්තම්,කොඉතරම් සල්ලි ...වතුපිටි...සැප සම්පත් තිබූනත් වැඩක් නැ...ලගින් හිටියත් හිතේ සැනසීම දෙන්න පුලුවන් කෙනෙක්ව ලැබෙන්න ඕනේ ඒ කෙනගෙ රූපය ,,,වත්පොසත්කම වැඩක් නැ...තමන්ව තේරුම්ගන්න පුලුවන් කෙනෙක්ට ආදරේ කරන්න,,,එහෙම අය නැහැ කියලා කෙනෙක් හිතයි...නැහැ එහෙම අය ඉන්නවා,,,අපිත් නොදැනිම අපිවත් තව කෙනේක්ගේ සැනසීම වේන්න පුලුවන්,,,ඒක කොඉවෙලේ කොයි විදියට ජීවිතේට ලැබෙනවද කියලා තිරනය කරන්නෙ ඒ කෙනාගෙ දෛවය,,,පෙර පින් ,පව්,,,,ඒ නිසා කාටහරි නෙමේයි,,,තමන්ට ජීවිතේ විදපු දුක් වලට සැනසීම දෙන්න පුලුවන් කෙනෙක්ට ආදරේ කරන්න එදාට බූට් කතා ලියන එකක් නැ කවුරුත්....බූට් කන්න වෙන්නෙත් නෑ...කෑවත් ජීවිතේ වට්ටගන්නෙත් නෑ....!!!!!!!!
ReplyDeleteබූට් මාසය පුරාවටම ඇහැ ගැටුන අදහස් අතරින් හොඳම එක මෙය බව ඉඳුරාම කියන්න පුලුවන්. බොහොම ස්තූතියි ඇනෝ මිත්‍රයා. අඩු වැඩි වශයෙන් මේ හැම වේදනාවකම. සතුටකම පිටුපස්සෙ තියෙන්නෙ කුසල් සහ අකුසල් බව බුදුදහම අදහන කෙනෙකු ලෙස මමත් විශ්වාස කරනවා.
Deleteඈයි බන් මේ වගේ ලස්සන අදහස් දමද්දි "ඇනෝ" වෙලා දාන්නෙ...අපිත් කෑමති උඹලව අඳුර ගන්න..
Deleteපසු කාලයකදී බූට් වල තියෙන්නෙ මිහිරි රසයක් .
Delete//" ඔයාගෙ කොහෙද තියෙන්නෙ , ඔයා බදින්නේ සමන්මලීම කියල " "ඒක දෙවියන්ගේ කැමැත්ත" " නැත්නම් ඔයාගෙ ලැබීම "//
කතෝලික අයටයි බුද්දාගමේ අයටයි මේක පැහැදිලි කරන්න තමයි මේ ටික දැම්මේ .
ස්තුත්යි ඇනෝ මිත්‍රයා .
කම්මලේ... අපි ඔක්කොම ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි.. නෑද්ද බO... ඉතින් මේ ටික කාලේ අපිට විවිදාකාරයේ අය අපේ ජීවිත වලට මුණ ගැහෙනව. ඒ අතරේ ඉන්න අයට අපි අපටත් වඩා අදරය කරනව..එයාලත් අපිට ආදරය වගේ පෙන්නනව. ඒත් ඒ අයට ඕන වෙලාවට අපිව මඟහරිනව.. ඕක තමයි කෙටියෙන්ම කියනව නම් කතාව..හෑබයි ඔය යන හෑමෝම ජීවිතේ දවසක තමන් කරපු දේවල් වලට දුක් වෙනව. පසු තැවෙනව...
ReplyDeleteප. ලි.
දොවපු ගමන් කිරි මිදෙන්නෙ නෑත...
කරපු ගමන් පවු පළදෙන්නෙත් නෑත....
බ්‍රෑන්ඩ් එක ගල්....
ප්‍රසාද් , මම අවංකවම ඇයගේ තීරණයට ගරු කරනවා . තාමත් මගෙ හිතේ කහටක් නෑ තමන්ට නොගැලපෙනවානම් අයින් වීමේ අයිතියක් තියෙන්ඩ ඕනෙ.
Deleteවෙන්වීමෙන් පසුව අපිට ඇතිවෙන්නෙ කෙනෙක් මට වංචාවක් කලා / මගෙ දෙයක් වෙන කෙනෙකුට අයිති වෙන්න යන්නෙ / මට ලැජ්ජ කලා වගේ සිතුවිලි .
යන අය පසු තැවෙන්නේ දාල ගියකෙනා ඊට පස්සෙ හොදින්ම ඉන්නව දැක්කම. එයාට වඩා ලස්සන කෙනෙක් බැදලා හරි යාළුවෙලා හරි ඉන්නකොට , ඒ වගේම බිරිදට සලකන විදිහ කතා කරන විදිහ දැක්කම කරපු වරද ගැන දුක් වෙනව .
මේවා ඉතින් අපිම කියල දුන්නට දීපල්ලා මට ......
අරක්කු බෝතලයක් -ස්තුතියි - බ්‍රෑන්ඩ් එක ගල් -
කම්මලේ... මම උඹ කියන එක පිළිගන්නව... ඒ කතාව ඇත්ත..නමුත් බන් ඔය නොගැලපීම් ඇයි බන් උන්ට එක පාරටම මතක් වෙන්නෙ. උන්ට බO යන්න ඕන උන ගමන් මෙතන ඔක්කොම කතා කියල ෂේප් එකේ මාරු වෙනව... අපි ගල් බාල්දි වෙලා යන්ව. ... ඔකනේ බO ඈත්ත කතාව.. හරි හරි බO ඔන්න ඔය මගුල් ඔක්කොම අමතක කරල දාමු බO..
Deleteදෙන්නම් දෙන්නම් අරක්කු කේස් පිටින්...හීක් හීක්...
බ්‍රෑන්ඩ් එක ගල්....!!!
සමියා දැන් ෆිට් එකේ වැඩ රාජකාරි කරගෙන ඉන්න ආකාරය දැක්කම මටත් සතුටුයි බං...ඔහොමම ඉඳපන්...අපි එකට ගොඩයමු...
Deleteකම්මලේ බූට්... බූට් කම්මල. උඹට බූට් එකක් උනාට කොල්ලෝ මේ කතාව පට්ට රහයි.. මගෙත් හිතට වැදිච්චිම කොටස තමයි දැන් අර පවුල් අතර තියෙන සහයෝගිතාව.. ඒ කියන්නේ උඹ ඇත්තටම ඩොකී ට ලව් කරල තියෙනවා.. හිතේ කහටක් නැතුව ආශ්‍රය කරන්න පුළුවං ඒකයි. මේ ඔය මැඩිකල් ෆැකල්ටි වලට ගිය ගමං උන්ගේ මොළ හෝදනව මං හිතන්නේ ආයේ උඹල වගේ උන් නෑ කියල.. තව ඔහොම සෙට් එකක් මං දැකල තියෙනව ආකි උන් අතර.. අපේ චෙෆාකි වගේ ආකියෝ හරි අඩුයි.. උන්ට හොඳනම් අපිට මොකෝ බං කියල වෙනතක් බලා ගන්න එක තමයි හොඳම වැඩේ.. උඹ කරා වගේ..
ReplyDeleteපවුල් අතර තියන සමගියට ක්‍රෙඩිට් දෙන්න ඕනෙ මගෙ වයිෆ් ටයි, අරයගෙ හබියටයි.උන් දෙන්නගෙ ඉවසීම නැත්නම් මේ මෝඩි කරන ඒවට දික්කසාද කරනව.
Deleteමොල හෝදන වැඩේ ගොඩක් ශේෂ්ත්‍ර වල කරනව , අපිටත් ප්ලාන්ටින් කරද්දී ඔය වැඩේ කලා. කොච්චර මොලේ හෙදුවත් හොද උන් වෙනස් වෙන්නෙ නෑ . චෙෆා හොදම උදාහරණයක් තමයි
අර අශෝක ගහ යට පොට් එකේ ගල් බලකාය රැස් කරවමු නේද ගොයියො...
Deleteමම ආවා..පොඩ්ඩක් පරක්කු වුනා සොරි වෙන්න ඔනේ..
ReplyDeleteඅැග කිලිපොලා යන සිංදු..ආදරය පිරැනු සටන් ඡවනිකා..අති බහිසුනු පේ්‍රම ඡවනිකා සමග කම්මලේගේ ප්‍රේම වෘතාන්තය...
උඔ එල ද බ්‍රා වගේ ලියලා ඇඩෙන්න..
හරි..හරි මේවා මෙහෙම කථා කරන්න බෑ බෝතලයක් ගහලා කතා කරමු..
බ්‍රෑන්ඩ් එක ගල්
සමියා, කමියා, බුට්, සිංදු, ඉන්දික ඩබල,ප්‍රසා, ගස් ලබ්බා...තව ඉන්න බුට් අයියලා එකතු වෙන්න..
ඒක තමයි බO කොහෙද උඹ ගියේ...ඔන්න කට්ටිය සෙට් වෙලා ගහමු කණ පැලෙන්න .....අපි මේ සමාජ අසාධාරණය නැවැත්වීමට කටයුතු කරමු....හික්ස් හික්ස්....අපි මේ සOවිධානය තව දුරටත් පුළුල් කරමු...!!!
Deleteමේ දවස්වල එලද බ්‍රා ඕඩර්ස් වැඩියි වගේ. අනිවා මේවා අමුවෙන් කතාකරන්න බෑ , උඹ තැන ලැහැත්ති කරපන් අපි බඩු අරන් එන්නම් .
Delete-ස්තුතියි -
බ්‍රෑන්ඩ් එක ගල්
බඩු ගේනකං ලයිටරේ දියං බං ගෝලීප් එකක් පත්තුකරන්න..
Deleteඅද වෙනකම් දුම දාලා නැතත් ගල් ගහනවානම් කොල්ලා එතන....
Deleteඇඟ කිලිපොලා යන ප්‍රේම ජවනිකා... සිත මන්මත් කරවන සටන්.. ඕන් ඔහොම තමයි ඒ කාලේ අපේ ලව් ඉලවුත් ගලා ගියේ.. මටනම් දරුණුවට වැදිච්චි බූට් එකක් නෑ.. ඒකට සීන් එක දරුණුවට ගිය ලව් එකක් තිබ්බෙත් නෑනේ.. හැක් හැක්.. මොන ලව් එකක්වත් ඒ කාලේ බෝතලේ මලේ ඇලේ දොලේ (සහ ගලේ) සීමාවෙන් එහාට ගියේ නෑ.. මොනව උනත් කට්ටිය සෙට් වෙලා අඩියක් ගහන්න නම් කාලේ හරි. හැබැයි ගල් බල බල විස්කි විතරයි.. ජය ශ්‍රී!
Deleteසැමගේ එකගතාවය මත දවසක ගහමු...බ්‍රෑන්ඩ් එක ගල් (බල බල) විස්කි..
Delete"ගල් රස දන්නෝ ගල් හඳුනන්නෝ....
Deleteජින් රස දන්නෝ ජින් හඳුනන්නෝ....
රම් රස දන්නෝ රම් හඳුනන්නෝ....
මේවා නො බොන්නෝ කුමට උපන්නෝ..."
ස්තුතියි
බ්‍රෑන්ඩ් එක ගල් නිල කවි පිටුව
රටින් පිට ඉන්න අපි සිරිලක එන්න කලියෙන් තොපිලා ගල් ගැහුවොත් අපි නරක මිනිස්සු කියන්න එපා අරිද..මෙහෙම හිටියට හරි වසයි අපි....(අපි කිව්වෙ බූට්/සමී/සිරා)
Deleteගලක් වූනේ ඇයී ඔබ මට....ජීවිතයට සිසිල සලන....එනමුදූ... ගල් බොන්නට තහනම්.....අනේ....අනිච්චන්....මේ ගෑනුත් එක්ක බෑනේ.... :(
ReplyDeleteඇනෝ ..+++
Delete"සඟවන්න එපා බෝතල්....
මට ගන්න දෙන්න ආතල්...
බීම කෙරේ ගත...
බැඳුනු දිනේ සිට.....
ජොලිය දැනේ මට නම්....."
ස්තුතියි , බ්‍රෑන්ඩ් එක ගල් නිල කවි පිටුවෙන්
පියඹා.... යනවා මා ආකාසයේ....
Deleteඅවසානයි ගල් බෝතලේ...
මෙන්ඩියෝ... සින්දුවෝ...
කොල්ලට බඩු වැඩි වගේ....
kabi kushi kabi gal.....
ReplyDeleteකෙල්ලෙක් කොල්ලෙක් යාලු වෙන්න අහන මුල් වතාවේ යාලු නොවී දෙපැත්තට වෙන එකද යාලු වෙලා පස්සේ දෙපැත්තට වෙන එකද හොඳ කියන එක නැවත නැවතත් සිතිය යුතු ප්‍රශ්නයක්. ආදරේ කරපු කෙනෙක් හොඳම මිතුරිය විදිහට ඇසුරු කරන්න කොහොම හදවතක් තියෙන්න ඕනෙද.. ආදරේ කරපු කෙනාව හොඳම මිතුරා විදිහට ඇසුරු කරන්න කොහොම හදවතක් තියෙන්න ඕනෙද.. මේ මිතුරුකම දෙපසින් ඉන්න ඒ දෙන්නගේ සැමියන් බිරින්දෑ වරුන් කොහොම හදවත් තියෙන්න ඕන මිනිස්සුද..
ReplyDelete