Wednesday, June 10, 2015

85 තුනෙන් හතරට

අදින් හරියටම වසර 3 කට පෙර මම මගේ සිහිනයක් සැබෑ කරගත්තෙමි. එය වූ කලි ඕපපාතිකව රෝපණය වී කාලයක් යද්දි අතු ඉතිලා මහා වෘක්ෂයක් බවට පත්ව තිබූ සිහිනයකි. වරෙක සිහිනය සැබෑ කරගන්නට බොහොම තද උවමනාවක් ඇති වෙයි. තවත් වරෙක එය නැතිව යයි. මේ අන්ත දෙකේ දෝලනය වූ මගේ සිහිනය අවසානයේ සිරාගේ කාමරය නමින් ඔබ හමුවට පැමිණියේය.

සිරා කොලුවා බ්ලොග් කියවන්නෙක්ව පමණක් සිටි කාලයේ මටත් මෙවැන්නක් ලියන්නට අැත්නම් යනුවෙන් ඇතිවුන පුංචි සිතුවිල්ල සාක්ෂාත් කරගෙන වසර 3 ක් පුරා එය නඩත්තු කරන්නට හැකි වේ යැයි මම එකල නොසිතුවෙමි. විවේකී වේලාව ඵලදායී යමකට යෙදවීමේ අවශ්‍යතාව පමණක් මම එදා දුටිමි. නමුත් ආ මග දෙස අද ආපසු හැරී බලන විට මට දැනෙන්නේ ඉමහත් තෘප්තියකි.


දුකා / දුමී / සඳරු  යනු මම කාමරේ අරින්නට කලියෙන් කියවූ...බොගක් පටන්ගන්නට මා හට උත්තේජක වූ බොග් කරුවන් බව අද වැනි දිනක කෘතඤ පූර්වකව යලිත් වතාවක් මතක් කල යුතුය. මේ චරිත තුන අතරින් මට තවමත් මුලිච්චි වී ඇත්තේ සදරුවා පමණි. බොගක් ඇරඹිය යුතුමයි යන අදහස මා හට ජනිත කරන්නට ඒකාගේ ලියවිලි සමත් වූ බැව් මා සඳරුවාගේ මූණටම කියා තිබේ.

බ්ලොග් කෙරුවාව ආරම්භ කරන ආකාරය, මුලික සැකසුම් පිළිබඳ මෙලෝ සංසාරයක් නොදැන සිටි සමයේ..ඒ පිළිබඳ තාක්ෂණික කාරණා පිළිබඳ මා දැනුවත් කොට මේ කාරිය කරන්නට මා හට ධෛර්යය නැමති එන්නත විද්දේ ඒ කාලයේ මා සේවය කල දැන්වීම් ප්‍රචාරක ආයතනයේම සිටි මගේ කණිෂ්ඨ සගයෙකි. ඒකාද මා මෙන්ම ඩිසයිනරයෙකි. ජංගම ග්‍රැෆික් දොස්තර ලෙස අප එදා ඔහු හැඳින්වීමු. මගේ අඩවියේ පළමු කමෙන්ටුවද උගේය. වර්තමානය වන විට ලංකාවේ අංක එකේ ග්‍රැෆික් කරුවෙකු ලෙස වැජඹෙන මේ චරිතයටද මම සහෝදරත්වයේ මල් මිටක් මෙසේ පිරි නමමි. ඒ වගේම කාමරයේ ඉහළින් එල්ලන්නට මගේ ඉල්ලීමක් අනුව සිරා කොලුවාව සිතුවම් කර දුන් අපේ ඉංග්‍රීසි සෑර් හෙන්රි මහතාටද මම බොහෝ සේ ස්තූතිවන්ත වෙමි.

සිරාගෙ කාමරයේ පළමු කමෙන්ටුව,
කමෙන්ටුව මගේ මිත්‍රයාගේ බවක් මම පිළිතුරු දෙන විට නොදැන සිටියෙමි.


ඇරඹීම පහසු වුවත් පවත්වාගෙන යාම පහසු නැත යන්න බ්ලොග්කරණයේදී නිතර හමුවෙන සුලභ කියමනකි. එය සත්‍යයක් බැව් මමද පිළිගනිමි. එදිනෙදා යෙදෙන වැඩරාජකාරි අතරේ ඇතැම් විටෙක බොගක් දැමීමට වෙලා නැත. ඒ කුමක් වුවත් විදේශ ගත වූ මුල් කාලයේ මාස කීපයක් හැර අනෙක් සෑම මාසයකදීම මාසයකට ලිපි 7 බැගින් අඛණ්ඩව පල කරන්නට සිරා කොලුවා සමත් වී තිබේ. එකම අගයකින් හැම මාසයකම ලිපි ලියනා බොග් කරුවන් බ්ලොග් අවකාශයේ නැති තරම්ය.  එය ඉතාම අපහසු කාරියකි.

සිරාගේ කාමරය තුලින් මම මනුෂ්‍යත්වයේ සුවඳ වින්දෙමි. නින්දා, ප්‍රශංසා, අපහාස, උපහාස ලැබුවෙමි. සමාජ සත්කාර කීපයකටම දායක වූයෙමි. ඉදිරියටත් එවැනි දෑ කරන්නට මේ දිනවල සැලසුම් කරමින් සිටිමි. ඒ අතර තුර අලුත් මිතුරන් එකා දෙන්නා බැගින් හමුවන්නටද වරම් ලැබුනි. අද වන විට මා ඉතාමත් සමීපව එදිනෙදා ආශ්‍රය කරනා බහුතර මිතුරන් සිරාගේ කාමරය තුලදී මට හමු වූ අය මිස මගේ පාසල් මිතුරන් නොවේය. ඉතින් මම මගේ කෙරුවාව පිළිබඳ බොහෝ සේ තෘප්තිමත් වී සිටින්නෙමි.

වෙනදා පලවන ලිපි මෙන්ම මේ ලිපියද කියවන පාඨක ඔබ සැමද සිරාගේ කාමරය වසර 3 ක් පුරා ආ ගමනේ කොටස් කරුවන්ය. ඔබ නැති නම් මේ ගමන මෙතරම් දිගු එකක් වන්නේ නැත. අපි අතර ඇතිවූ අනෝන්‍ය බැඳීමත්..වචනයකින් හෝ දෙකකින් ඔබ පල කල සුහදත්වයත් නිදි නැති මගේ වෙහෙසකර ව්‍යායාමය සඵල කරගන්නට හේතු වූ බව කිව යුතුමය.

2013 මාර්තු මස සිට විදේශයක වෙසෙන සිරා කොලුවා මේ වන විට තව දුරටත් පෙර පරිදි බොග දමන්නට නොහැකි තරමට කාර්ය බහුල වී තිබේ. එහෙත් මෙතුවක් කල් කෙසේ හෝ මගේ නින්දෙන් අති මහත් කොටස කැපකොට කාමරයේ ලෑලි දොර ඔබ වෙනුවෙන් විවෘත කළෙමි. තව දුරටත් ඒ කාරිය කොරන්නට මා අපොහොසත් නිසා කාමරයේ ලෑලි දොර වසා දමන්නට කීප වතාවක්ම තීරණය කළෙමි. එහෙත් මා වටා සිටිනා මිත්‍ර සම්පත්තිය ඒ තීරණය ක්‍රියාත්මක කරන්නට ඉඩ නොදුන් හෙයින්ම තවමත් මේ  කාමරය ඔබ වෙනුවෙන් විවෘතව පවතී. 

සිරාගේ කාමරය දැන් මගේ නොව ඔබේය. එය ජනතාසන්තක වී තිබේ. මගේ ලිපියක් වෙනත් අඩවියක් හොරා කා පල කල සැනින් එසැනින් මගේ මිතුරන් මා හට ඔත්තුව දෙන්නට තරම් මේ කාමරය සමග, සිරා කොලුවා සමග සුහඳ වී තිබේ. හැර ගිය පෙම්වතිය නිසා රිදුන සිත සුවපත් කරගන්නට ඒ දුක මා හට ලියා එවන තරමට කාමරයේ පාඨකයන් හෘදයාංගම වී තිබේ

සිරා කොලුවා වසර 3 ක් බ්ලොග්කරණයේ නියැලුනත් තවමත් ලියන්නට දෑ හිග නැත. මම තවමත් මා දැන් සිටින දේශය පිළිබඳ බොහෝ දේ අකුරු කර නැත. ඉදිරි දිනයක හැකි අයුරින් මේ රට පිළිබඳ ලිවිය යුතු දෑ ලියන්නට අධිෂ්ඨාන කර සිටිමි. 

මගේ කාර්යබහුල වෘත්තීය ජීවිතය තුල තව දුරටත් මසකට ලිපි 7 ක් ලියන්නට මම අපොහොසත් වී සිටිමි. කාමරය වසා දමනවාට වඩා මාසයකට ලිවිය හැකි ප්‍රමාණයක ලිපි පලකරමින් පවත්වාගෙන යාම වඩාත් යෝග්‍ය බව කාමරයට එන යන මගේ මිතුරන් මා හට සැළ කලෙන් සිරා කොලුවා වන මම මෙතැන් පටන් එලෙස වෙනස් වීමට තීරණය කළෙමි. ඒ අනුව අදින් පසු හතේ හත වදින්නේ නැත. සතියකට එක බැගින් මසකට ලිපි 4 ක් ලියාගන්නට මට තවමත් කාලය තිබේ. 

සිරාගේ කාමරයේ 4 වෙනි වසර තුලත් ඔබ මා නිතර හමුවනු අැත. හැකිතරම් කාලයක් මේ කාමරය ඔබ වෙනුවෙන් විවෘතව තබන්නට මම දැන් සිතා සිටිමි. සිරාගේ කාමරය නිසාවෙන් මා උපයාගත් බොහෝ වටිනා දෑ තිබේ. ඒවා අතරින් සහෝදරයන් තරමට සමීපව සිටින මිත්‍රයන් වඩාත්ම වටිනා ඉපයීම බැව් මම සිතමි. ඒ අනෝන්‍ය සුහදත්වය පසුගිය පෙබරවාරියේ බූට් මාසය තුල මොනවට ප්‍රකට වූ බව රහසක් නොවේ.

ලිපියක් ලියා පල කරනවාට වඩා දෙයක් සිරාගේ කාමරය තුලින් කල හැකි බව අතීතයේ දී ප්‍රත්‍යක්ෂ කොට තිබේ. අනාගත දිනයකදී එය නැවත නැවතත් සාක්ෂාත් වනු ඇත. වසර තුනක් පුරාවට මා සමග සිටි බ්ලොග් ලියන / කියවන ඔබ සැමට මගේ ආචාරය මෙලෙස පුද කරමි !  සැමට ජය !



මම කාමරේ අරින සිරා කොලුවා.

85 comments:

  1. සිරා...උඹට ජයෙන් ජයම වේවා.....!!!

    ඔන්න හතර වෙනි අවුරුද්දෙ පළවෙනි කොමෙන්ට් එක මගෙන්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමීර...උඹත් දැන් මගෙ බොක්කෙ යාලුවෙක් තමයි...

      Delete
  2. සිරා ඇත්තම කියනව නම් උඹ මේක පටන් ගත්ත බව ඇත්ත..ඒ උඹේ තනි තීරණයට...ඒත් සිරා අද උඹට බෑ උඹේ තනි තීරනයට මේක වහන්න...

    උඹ අහල ඇති නේ ෂර්ලෙක් හොම්ස් කතාව නැවැත්තුවම සර් ආතල් කොනන්ඩොයිල් ට උන දේ.....

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න ඔන ආතල් වැඩි කමට නමත් වැරදුනා....

      ආතර් ...ආතර්....හැක් හැක්....

      Delete
    2. හරි බං අවුලක් නෑ කොනන්ඩොයිල් ආතල් බුවා තමයි...

      Delete
    3. ඒක තමයි කිව්වෙ දැන් මේක ජනතාකරණය වෙලා කියලා...

      Delete
  3. Jaya wewa!!!
    Auntie K

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැන්දෙ...හැමදාමත් දුරු රටක ඉඳන් කාමරයට එබිලා යන්න එනවට...

      Delete
    2. Oya daruwath duru rataka indan liyana ewa nobala inna puluwanda?
      Auntie K

      Delete
  4. සුබ පැතුම් සිරා අයියේ..

    වෙලාවක් නෑ කියලා බ්ලොග් අත ඇරලම දාන්න එපා.. පුළුවන් වෙලාවක ලියන්න.. ඒක වටිනවා.. පස් වෙනි උපන්දිනෙත් සමරන්න හිතා ගමු.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අත ඇරලා දාන එක ලේසියෙන් ගන්න පුලුවන් තීරණයක් නෙමෙයි...බ්ලොග් අඩවිය හරහා මම උපයාගත් දේ බැලුවාම...දිගටම කරගෙන යන්නයි අදහස...ජය !

      Delete
  5. සුබ පැතුම් සිරා ! බ්ලොග් කෙරුවාව බොහොම කැපවීමෙන් කරපු එකම බ්ලොග් කරුවා උඹ බවත් කියන්නම ඕනා... මාසෙට හතක් ලියන එක ලේසි පහසු සෙල්ලමක් නෙමේ.. ඒත් උඹ අවුරුදු තුනක් ඒක නොකඩවා පවත්වාගෙන ඒමෙන්ම උඹේ කැපවීමේ තරම පෙනෙනවා. හතරක් නොවුනත් කමක් නෑ පුළුවන් හැම වෙලේම ලියපන්... අනික ඔහොම ඉලක්කම් බලාගෙන ලියන්න ගියාම සමහර ලිපිවල තත්ත්වය බාල වෙන්නත් පුළුවන්.. නුඹේ පහුගිය සමහර ලිපි තුලින් මම ඒක දැක්කා...

    එක දෙයක් තේරුම් ගැනීමට අපහසුයි. මේ තරම් කැපවීමේන් කරණ මේ සද්කාර්යයට, "බොග", "බොග දමනවා" වැනි අවර වචන භාවිතා කරමින් නින්දා කිරීම සුදුසුද ? බ්ලොග් අවකාශයේ සමහර එවුන් තම්න්ගේ බ්ලොග් කෙරුවාව එලෙස හදුන්වනා දැකලා ඇත්තෙමි. උන් ලියන දේවල් එක්ක බලපුවාම ඒ වචන උන්ට ගැලපුනාට සිරාට හා සිරාගේ කාමරයට ඒවා ගැලපේද ? කොහෙත්ම නැත. මෙය අසූචි වලක් නොවේ. ඕනෑම විටක හරවත් යමක් උකහා ගත හැකි ‍තෝතැන්නකි. ඉතින් හතරවෙනි වසරේ ඉඳන්වත් ඒ ගැනත් හිතපන්..

    ජය !!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අඩවිය ආරම්භ කරපු මුල්ම කාලෙ ඉදන් සෑහෙන සහයෝගයක් දීපු බ්ලොග් කරුවෙක් සෙන්නා. එදා වගේම අදත් මෙතනට එන යන එක ගැන මම බොහොම සතුටට පත් වෙනවා. ඔබේ අදහස තුල තියෙන ලිපි වල තත්වය බාල වෙන කථාව මම පිලිගන්නවා. අංකයක් නඩත්තු කරන්න ඕනෙ නිසා සමහර වෙලාවට බොහොම හදිසියේ ලියන්නත් උනා.

      මම බ්ලොග් යන අරුතම තමයි බොග යන වචනයෙනුත් අදහස් කලේ..මම අතීතයේ පල කල සමහර ලිපි තුලත් ඒ වචනය එලෙසින්ම යොදා තිබෙනවා. අහවල් කැත වැඩේට මම යොදන්නේ බොක යනුවෙන්...ඒ නිසා මේ බොග මිස බොක නොවෙයි. හතර වන වසරට වෙනස්කම් කීපයක් කරන්න අදහස තියෙනවා. බලමුකො. බොහොම ස්තූතියි සෙන්නා හදවතින්ම පල කල අදහස් වලට... ජය !

      Delete
    2. Api Campus yana kale Boga kiwwe #2 walata. E dawas wala Blogs thibune ne. Itin matath Boga kiyala dekkama tikak hari ne wage. Eunata den kale lamayin ge wachanayak kiyala hitha hada gaththa.
      Auntie K

      Delete
  6. මමත් මේ වසර අවසානයට හතරවැනි පියවර තබනවා. සිරාගේ ලිපිවල 'සිරා යමක්' තිබෙන බව කවුරුත් දන්නවා. කාල කළමනාකරණය කියන්නේ බොහොම අමාරු දෙයක්. නමුත් අධෛර්යයට පත් නොවී, දිගටම ලියන්න. ඔබට සුබ අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා වැනි ගරුකටයුතු චරිත මට මුලිච්චි වෙන්නෙත් මේ කාමරය හරහා...ඒ නිසයි මට මේ කාමරය බොහොම වටින්නෙ. ස්තූතියි විචාරක තුමා..

      Delete
  7. එල ද බ්‍රා
    උඔ සංවිධානය කරපු ගම්පහ ගෙට්ටුව තවම මතකයි...

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා ගෙට්ටුව නෙහ්.
      මෙන්ඩ එදා උඹ ඉස්සල්ලම ඇවිත් කතා කලේ මගෙත් එක්ක. හැබැයි මගෙන් ඇහුවෙ සදරු කෝ කියල. එදා දැනගෙන හිටියෙ නෑ මාම බොන්නෙ ගල් කියල, ඒක හින්ද මම අර ඕනෙ වෙලාවක මැන්ටල් බුවත් එක්ක ගල් බොතලයක් අනුමත උනා.
      ස්තූතියි
      බ්‍රෑන්ඩ් එක ගල්.

      Delete
    2. චැහැ...ගල් බෝතලයක් බිලා කම්මලයා බදාගෙන අඩන්න තිබුන චැනස් එක නැතුව ගිය...
      මේ පාර නාග දුපතේ ගෙට්ටුවේදි ගහමු බෝතලයක්
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතයි -

      Delete
    3. ගම්පහ ගෙට්ටුව මම තනිව සංවිධානය ක‍ලේ නෑ....සෑම් ළමයත් තවත් කීප දෙනෙකුත් සෑහෙන උදව් කලා. මට මතකයි බොටයි නෝනටයි බත් පාර්සල් දෙකක් දෙන්න හදනකොට එකක් ඇති කියලා බොලා යන්න ගිය ආකාරය. නමුත් අපි දෙකක්ම දුන්නා...මතකයි නේද...එදයින් පස්සෙ අපි හමුවෙලාම නෑ...ලංකාවට බැස්ස ගමන් හමුවෙමු. මම නම් පොල් වලටත් මනාපයි...හැක්

      Delete
  8. දිග කමෙන්ටුවක් දාන්න එන්නම්..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා උඹ එනකොට ගල් බොතලයක් ඇන්න වරෙන්...

      මම අනිත් ඒව ඇන්න එන්නම්...

      Delete
    2. දුමක් දාලද එන්නං කිව්වෙ...

      Delete
  9. අවුරුදු තුනක බ්ලොග් කෙරුවාවට සුභ පැතුම් මලයෝ !!!!!
    එකම පැත්තක හිටියත් දැන අදුනා ගන්න ලැබුනෙත් බ්ලොග් එක නිසානෙ. ගනන් බලන්නෙ නැතිව පුළුවන් වෙලාවට පෝස්ට් දාන්න.
    හතර වෙනි සංවත්සරේ කෙලි පැටික්කියෙක් එක්කම හවුලෙ බ්ලොගේ පෝස්ට් දාන්න වාසනා වේවා !!!! :-o

    ReplyDelete
    Replies
    1. ඇත්තටම..කාමරේ නැත්තං එක නගරෙ හිටියත් අපි දෙන්නා අදටත් දන්නෙ නෑ. ඔබ වැනි සහෝදරයන් බදු චරිත මට මුනගැහුනෙ මේ කාමරය තුල නිසා තමයි මම මෙච්චර කාලයක් අඩුවෙන් නිදාගෙන හරි මේ දේ කලේ. හතර වෙනි වසරෙදිවත් බලමුකො වළලු දාපු අතකට කාමරේ අයිතියෙන් කොටසක් පවරන්න හැකි වෙයිද කියලා. ජය !

      Delete
  10. ජය වේවා පුතා.. උඹ දක්ෂයෙක් ඒ ගැන පුරස්නයක් නෑ.. කෙල්ලෙක් හොයාගනිං.. හැක්.. හතේ හත නෙමෙයි බ්ලොගේට හෙනම වදින්න. අන්න සෑමාව ගනිං ආදරුසෙට. හැක්..

    සුභ පැතුම් සිරා... අපේ කොන්ක්‍රිට් බාසත් හතර සමරනවා අනිද්දට.. හැක්

    ReplyDelete
    Replies
    1. /කෙල්ලෙක් හොයාගනිං/
      මාත් ඕක කිවුව, වැලේ වැල් නැති මැලේ කෙල්ලෙක් හරි හොයාගං කියල. කොහෙද මූ ලංකාවෙන් පිවිතුරු ප්‍රේමයක් හොයනව. එහෙම කෙල්ලො මෙහෙන් වදවෙලා කියල කිවුවට අහන එකෙක් නෙමේනෙ.

      Delete
    2. අනේ ඔව් මචං..එහම අවංක කෙල්ලෙක් ඉන්නවානම් අපිටත් කියපන්...අපිත් දැන් බදින වයසනේ

      Delete
    3. //අපේ කොන්ක්‍රිට් බාසත් හතර සමරනවා අනිද්දට.. හැක්//
      ආයෙ මොනවද ඔය සිරා වගේ ඒකෙ ලිපි සීමා වෙන්නෙ නෑ කවදාවත්. :P

      Delete
    4. ///පිත් දැන් බදින වයසනේ///
      ඈ බං මෙන්ඩෝ, ගහේ බඳින වයසක් ගැන වෙන්න ඇති මේ කියන්නේ... :p

      Delete
    5. මෙන්ඩව අඹන්න ගස් බදින්න ඕනෙ නැත්තම් දුවනව.
      අඹනව කියන එක දන්නව ඇතිනෙ, නැත්තං හැලපෙ වගේ දැනමුත්තෙක්ගෙන් දැනගනිල්ල

      Delete
    6. ස්තූතියි දේශක මිත්‍රයා. බොලා ඉතින් බොහෝ කාලයක ඉඳන් සිරා කොලුවට වචනයකින් හරි ධෛර්යය දුන්න මිනිහා නොවැ හැක්...කොන්ක්‍රීට් බාස් තිබ්බ රැකෝඩ් එක තවම බිඳිලා නෑ නේද....පෝස්ටුවට වචන 5 යි කමෙන්ට් 200 ට උඩින්...ඒක නෙමෙයි..අර බාත්රූම් එකේ කෙල්ල ලග හිටිය පොළඟා මැරුවද ?

      මෙන්ඩිස් කොල්ලා බදින්න ඕනෙ කියන්නෙ මොකක්ද...‍කොල්ලට පදින්න ඔන්චිල්ලාවක්ද....

      Delete
  11. සිරාට ජයවේවා...!

    උඹේ බ්ලොග මං දැකපු outstanding එකක්. උඹේ ප්‍රමිතිය උඹ දිගටම තියාගත්තා. පෝස්ටු වල මික්ස් එක: රසවින්දනය, හැඟීම් බර බව, ‍තොරතුරු, දැනුම හැම එකකින්ම පොහොසත්. අනික, බ්ලොගක් ඇති නැති ඕනෙම කෙනෙකුට මාසෙ අන්තිම ලිපිය ලියන්න දෙන එක‍ෙන් උඹේ බ්ලොග තවත් පෝසත් වුනා.

    උඹේ මේ හොඳ ව‍ැඩේ දිගටම කරගෙන පළයන් පුළුවන් විදිහට... ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී...හැකි සෑම වෙලාවකම මේ පැත්තට ඔලුව දාලා තල්ලුවක් දාලා යනවට..4 වෙනි වසරට අලුත් යමක් එකතු කරන්න තමයි වෑයම...ජය !

      Delete
  12. සුභපැතුම් සිරා! උඹ බ්ලොග් අවකාශයේ ඉන්න බොහොම සැලකිල්ලෙන් බ්ලොග් ලියන කිහිප දෙනාගෙන් කෙනෙක් බව පේනව. ඒ වගේම අත්දැකීම් කතන්දර ලියන බ්ලොග්කරුවන්ගෙන් පමුඛයා බවත් පේනව.(පහුගිය කාලෙ මේ ජාතියෙ කතන්දර අඩුවුනා). බූට් කතා ලව් කතා බේබදු කතා ආදිය වැඩිපුර ලියන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.
    දේශකය කිව්ව දේත් සලකල බලපං :-)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්...හිතෙන දේ බොහොම නිර්භයව සෘජුව කියන බ්ල‍ොග් කරුවෙක් විදියටයි මම ඔබව හඳුනාගෙන තිබෙන්නෙ. පහුගිය කාලෙ ඉතාම කාර්යබහුල උනත් දිගටම ලිව්වා. තවත් ඒ කාරිය කරන්න බැරි තැනට ඇවිල්ලා ඉන්න නිසයි 4 ට බහින්න යන්නෙ.

      දේශකයා කිව්ව දේ ගැන සලකා බලාගෙන යනවා...බලමුකො මමත් බොලා වගේ අමාරුවෙ වැටෙයිද කියලා ඉක්මනින්... ස්තූතියි අදහසට...

      Delete
  13. සුබපැතුම් ! අපිනම් හොඳටම අළුත්; අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා, ගොඩක් දේ ඉගෙන ගනිමින්. ඔබගේ අවලෝකනය ඒ විදියට ගත්තම අපිටත් ආලෝකයක් ! http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා..ඔබ ඔබේම ගමනක් යන්න...බ්ලොග් කරුවෙක් විදියට මම හිතනවා ඒ ක්‍රමය සාර්ථක එකක් කියලා

      Delete
  14. ජය වේවා සිරෝ..... මගේ බොගට මුල් උනේ උබේ මේ කාමරේ තමයි. කාමරේට ඇවිල්ලම මටත් හිතුන බොග බටන් ගන්න. ඉතින් මෙන්න මගෙන් මල් මිටක් සහෝදරයා..... දිගින් දිගටම කාමරේ ඇරලා තියන්නම ශක්තිය ධයිර්යය ලැබේවා.. සියලු බොග් පැතුම් ඉටු වේවා.. ඉක්මනින් කෙල්ලෙක් ලැබේවා. දරුවො පස් දෙනෙක් හදත්වා.. පන්දාහ ලබා ගනිත්වා කියල ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. මල්කොබා ඉතිං මගෙ පන්ති සගයා නොවැ. මම හිතන්න‍ෙ උඹ අසල්වැසි රටේ ඉන්න කාලෙ තමයි කාමරේ පැත්තෙ නිතරම ආවෙ...එහෙම නේද...මමත් ගොඩාක් සතුටු වෙනවා..උඹත් බොගක් දාන්නට පටන් ගැනීම ගැන. ඒත් එකේ දැන් අකලට පොල් හැලෙනවා වගේ ලිපි යන්නෙ. ඒක විධිමත් කරලා ගනින්...ක්‍රිකට් ටීම් එකක්ම හදන්නයි මගේ වෑයම...එතකොට 5000 ඩබල් වෙලා...වීරා මාතා වගේ සම්මානයක් මගේ නෝනට ලැබෙයි. ජය !

      Delete
  15. බොක්කේ ගැඹුරුම තැනින් බුර බුරා නැගෙන උණුසුම් සුභපැතුම් පිළි ගනිං පාට්නර්.

    උඹ තමනුත් ගොඩ ගිහින් අනිත් උන්වත් ගොඩ දාන්න උත්සාහ කරන බ්ලොග් රචකයෙක් හැටියට මම දකිනවා. ඒ කියන්නේ උඹ උඹේ ලිපි වලට අමතරව සිරාගේ කාමරය අමුත්තන්ටත් ලිපි පළකරගන්න වේදිකාවක් කර දෙනවා මම දැකලා තියෙනව.

    අනික උඹ අවසර ඇතුව අනුන්ගේ ඡායාරූප පළ කරනන් ගත්ත උත්සාහයත් මම ඉතාම අගය කරනවා.

    සිරාගේ කාමරයට ජය.

    ReplyDelete
    Replies
    1. මගේ ව්‍යාපාරික සහකරු හෙන්රි සෑර් දැකීම සතුටක්...කාමරේ උඩින් එල්ලලා තියෙන මගේ සිත්තම දකින හැම වාරයකදීම මට සෑර්ව මතක් වෙනවා. මම තරයේ විශ්වාස කරන දේ තමයි බ්ලොග් කරුවාට සමාජ වගකීමක් තියෙනවා කියන කාරණේ..අපිට මේ ලියවිලි තුලින් සමාජයට යම් වැඩදායී දෙයක් කරන්න පුලුවන්. ඔබටත් ජය !

      Delete
  16. වසර තුනක බ්ලොග්කරණයට සුබ පැතුම්!මා බ්ලොග් ලියන්නට පටන්ගත් මුල් අවදියේ විවිධ උපදෙස් දෙමින් ලියන්නට දිරිමත් කරමින් මා පසුපස ඔබ උන්නා තාමත් මතකයි.බොහෝ කැපවීමෙන් හරවත් ලිපි ලියන්නට උත්සාහ ගන්නා ඔබ නවක බ්ලොග් කරුවන්ට ආදර්ශයක්.තවදුරටත් එසේම ලියන්නට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. හැලපයියා...බොහොම නිහතමානී මනුස්සයා කියලා මම දැනගත්ත‍ෙ බ්ලොග් ලියන්නට කලියෙන් කමෙන්ට් පමණක් දාපු කා‍ලෙ ඉදලමයි. බොගක් දාන්න කරපු ආරාධනය පිළිගෙන අද බ්ලොග් අතර නම රන්දාගෙන ඉන්නා අන්දම දැක්කම මටත් සතුටුයි. ජය !

      Delete
  17. වසර තුනක් තිස්සෙ කළ මෙහෙවර සුලුපටු නෙමෙයිනෙ බලනකොට.ලොකු කැපවීමක් කරල තියනවා.
    නිතර කමෙන්ට් නොකළත් ඔබගේ බොහෝ ලිපි මම කියවලා තියනවා. දැනුම ,ත්‍රාසය ,කුතුහලය,විරහව හොදින්ම වින්දා ඔබෙ ලිපි වලින්. ඔබ නිසා අපට අත්දැකිම් ඇති තවත් හිතවතුන්ගේ රසවත් තොරතුරු දැන ගැනීමට හැකි උනා.මෙය විරළ දෙයක් .අගය කරනවා ඔබව.
    කාලය ලැබෙන විදියට දිගටම ලියන්න .සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම විශාල කැපකිරීමක්..වැඩියෙන්ම කැප කරන්න උනේ නින්ද...අදත් එහෙම දවසක්...ලිපි ලිවීම වගේම අදහස් වලට පිළිතුරු සැපයීමත් කාර්ය බහුල වටපිටාවක කොතරම් අපහසු උනත් මම ඒ දේ කොහොම හරි මෙතුවක් කාලයක් කලා. සිරාගෙ කාමරය තුල රස කීපයක්ම මවන්නයි මම බොහොම කාලයක් ඉදන් කල්පනා කලේ. ඔබේ අදහස් වලට ස්තූතියි ගිම්...

      Delete
  18. හප්පේ ඉඳල ඉඳල ආවේ සිරාගේ උපන් දිනේ දවසේ. වාසනාවන් බන් කොහොමහරි දිගටම කරගෙන යමු. මම නම් දැන් නවත්තලම දාල තියෙන්නේ. ලියන්නත් හිතෙනවා ඉඳල හිටලා එත් ලියන්න තරම් දෙයක් මතක් වෙන්නෙත් නෑ.

    ජයෙන් ජය පතමි.

    ReplyDelete
    Replies
    1. ඇපල් කොලූ ව දැක්ක කල්...දැන් විභාග අරවා මේවා ඉවරද...බොටත් ජයම වෙන්න පතනවා.

      Delete
  19. සිරාගේ කාමරේ වගේ "කොලිටි" බ්ලොග් එකක් පටන් ගන්න මගේ බ්ලොග් එකත් උත්තේජනයක් උනා කියන එක ගැන මමත් නිහතමානීව සතුටු වෙනවා....!

    හැමෝටම බ්ලොග් ලියන්න පුළුවන් උනත් පාඨකයන් ඇඳ බැඳ තබාගෙන බ්ලොග් එකක් දිගටම පවත්වාගෙන යනවා කියන එක කරන්න හැමෝටම බෑ.... සිරා කොළුවා ඒ අතින් ඒ අභියෝගය උපරිමයෙන් ජයගෙන තියෙනවා...!

    අවුරුදු 3 බ්ලොග් කරණයට මගේ හදපිරි සුභාශිංසනය පිළිගන්වන අතරම 3 ට 30ක් අයුබෝ වේවා කියලා පතන්නම්.....!

    ReplyDelete
    Replies
    1. මට අහම්බෙන් කියවන්න ලැබුන දුකා අයියගෙ බ්ල‍ොග් අඩවියත්...ඒ හරහා කියවන්න ලැබුන ඔබේ අඩවියත් තමයි සිංහල බ්ලොග් කියලා මම හාපුරා කියෙව්වෙ. ඒ වගේ දෙයක් මටත් කරන්න ඇත්නම් කියලා සිතුවිල්ලක් ඇති උනාට ඒක පස්සෙ පස්සෙ යට ගියා. ඒත් සඳරුවගෙ ලියවිලි කියෙව්වට පස්සෙ ආයෙමත් ඒ සිතුවිල්ල අලුත් වෙලා..මෙදා පාර මේ කාරිය කොහොම හරි කරනවා කියන අධිෂ්ඨානය ඇති උනා. එහි ප්‍රතිඵලය තමයි සිරාගෙ කාමරේ.

      ස්තූතියි දුමී අයියා...අලුත් පරණ බේදයක් නැතුව ඔබත් දුකා අයියත් දක්වන සහයෝගයට...

      Delete
  20. සුබ පැතුම් සිරා අයියේ..

    ලියපු හැම ලිපියක්ම හුඟක් මහන්සි වෙලා, විස්තර හොයලා, රසවත් විදිහට ලියලා තිබුන එකට මෙතනට ආපු හැම කෙනෙක්ම සාක්ෂි දරයි. පොස්ටු සංඛ්‍යාව වැඩිකර ගන්නවට වඩා හැමදාම හරවත් දෙයක් දෙන්න උත්සාහ කල කෙනෙක් ඔයා.

    ඉදිරියේදීත් තව තවත් සාර්ථක ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. දැනුමට යමක් එකතු කිරීම තමයි මම ගොඩාක් වෙලාවට අරමුණු කරන්නෙ. ලිපියකින් කාට හරි ගන්න දෙයක් තියෙනවා නම් එය තමයි මගේ සතුට...ස්තූතියි ඔබට නගෝ...

      Delete
  21. සිරාගේ කාමරයට සුබ පැතුම්

    ReplyDelete
  22. සුබ පැතුම් සිරා. මේ විදියට පුළුවන් තරම් කල් ලියන්න. ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්...හැකි තරම් කාලයක් ලියන්නයි දැන් මගේ වෑයම...

      Delete
  23. සුබ පැතුම් සිරා.
    හැම පැත්තක්ම ආවරණය වෙන විදියට මේ වගේ එකක් ලියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ අතින් බොලා සැබෑ දක්ෂයෙක් කියන්න පුලුවන්. ජාලයෙන් පෙරලූ කතා වගේ පැහැදිලි විස්තරයක් තියෙන ඒව සෑහෙන්න ප්‍රයෝජනවත්.

    දිගටම ලියන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියා...දැකලා නැති උනත් බොහොම සමීප කමක් දැනෙන චරිතයක් ඔබ. ලංකාවට ආව දවසක අපි හමුවෙමු....කොන්ක්‍රීට් බොගට උපන් දිනය දවසෙවත් මොනවා හරි ලියමුද...

      Delete
  24. සුබ පැතුම් සිරා,උඹට මේ බ්ලොග් එක පටන් ගන්න දුකා, දුමී,සඳරු උත්තේජනයක් වුනේ කෙසේද ඒ වගේම තමයි මටත් ඔය වල්පල් මොනවා හරි කුරුටු ගාන්න බ්ලොග් එකක් පටන් උඹේ මේ කාමරේ හේතු වුනා කියලා මම කලිනුත් කියලා තියෙනවානේ.මේක තමයි මම මුලින්ම කියවපු බ්ලොග් එක.

    දිග ගමනක් යන්න සිරාට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්...ඔබේ බ්ලොග් අඩවියට සිරාගෙ කාමරය හේතු උනා කිව්වම සතුටකු දැනුනා. ජය !

      Delete
  25. හදවතින්ම සුබ පැතුම් සිරා... හැමදාම එන සිරා‍ බ්ලොග් එකක් මේක. කාල කළමනාකරණයේ අමාරුව මාත් නොදන්නවා නෙවෙයි. ඒත් ලිපි ලියන එක අඩු කරපං කියල උඹට කියන්න හිත හදාගන්න බෑ.
    දිගටම ලියන්න. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිල්ෂාන්...සිරා කොලුවට දෙන දහිරියට...ලිපි ගාන අඩුකරලා පහසුවෙන් බ්ලොග් කරණයේ ඉස්සරහට නිරත වෙන්නයි මගේ අදහස.

      Delete
  26. ජය වේවා...
    ගණන් බලන්නේ නැතුව දිගටම ලියපන්.

    මටනම් මගේ බ්ලොග් එකේ උපන් දිනේ මතකත් නැහැ බං. දැන් ගිහින් ශේප් එකේ බලාගෙන එන්න ඕනේ... හෙහ් හෙහ්...
    ලියන්න පටන් ගත්තට අතරමගදී ටික කාලයක් ලියන එක අත්හිටියා රාජකාරි බහුල වීම සහ හිතේ එකලාසයක් නැති කම නිසා...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං බලාගන්න තියෙන්නෙ පොඩි ගානක් නොවැ...සතියකට එකයි...ඒක ඉතිං ලියාගන්න බැරිවෙන එකක් නෑ. ස්තූතියි ලොකු පුතා ඔබ පල කල හෘදයාංගම බවට.

      Delete
  27. මගෙනුත් සුබපැතුම් සිරා !

    උඹේ බ්ලොග් එක දැකපු පළවෙනි දවසෙ උඹ මෙච්චර දුරක් ඒවි කියල, සිංහල බ්ලොග්කරුවන් අතර චරිතයක් වේවි කියල මට නිකමටවත් හිතුනෙ නෑ සිරා. මොකද ඒ දවස්වල හුඟක් අය බ්ලොග් ලියන්න පටන්ගත්තට ටික කාලෙකින් අතෑරල දාන නිසා. උඹේ පළමු ලිපියට ඒ වෙනකොට කමෙන්ට් කරපු කීප දෙනා අතරින් කකාත් කියල තිබුනෙ පටන්ගන්න ලේසි උනාට කරන් යන්න අමාරුයි කියල. අනික පහුගිය කාලෙ හුඟක් බ්ලොග් යාළුවො ලිවීම අඩුකරල තිබුනත් උඹ සුපුරුදු විදියටම කඩුළු හතම පැන්නා. කොච්චර අවිවේකෙන් හිටියත් උඹ ඒ කැපවීම, අධිෂ්ඨානය අවුරුදු තුනක් තිස්සෙ එකම විදියට පවත්වගෙන ආවා. ඒකනේ ඉතිං අපි ‘සිරා‘ කියන්නෙ, නැත්ද මචං? කවදාවත් හමුවෙලා නැති උනත් බ්ලොග්කරුවන් අතරින් මට සහෝදර හැඟීමක් ඇති වුනු කිහිප දෙනා අතරින් උඹත් එකෙක්. ඉදිරියටත් මේ කටයුත්ත තවත් හොඳින් කරගෙන යන්න උඹට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. සිරාගෙ කාමරේ පළමු ලිපියෙ ඉදලම බොලා දුන්න සහයෝගය මට අමතක වෙන්නෙ නෑ මේ ගෙවී ගිය කාල සීමාවෙදි මටත් උඹව බෙහොම සමීපව දැනුනා. උඩින් පල්ලෙන් ලිපි කියවන්නෙ නැතු සියල්ල කියවා අදහස් දක්වන කෙනෙක් විදියට තමයි මම ඔබව හඳුනාගෙන තිබෙනනේ. ජය !

      Delete
  28. සිරා අයියට මගෙනුත් හදපිරි සුභ පැතුම්. තවත් දිගු කාලයක් පුරාවට මේ බ්ලොග් එක මේ විදිහටම ලියන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...ලගදි සෙට් වෙච්ච බ්ලොග් කරුවන් අතර ඔබත් මගේ සමීපතමයෙක්

      Delete
  29. හරිම සන්තෝසයි මල්ලි.මම මුලින්ම අහම්බෙන් ගොඩ වැදිච්ච බ්ලොග් එක තමයි "ජීවිතය සුන්දරයි".ඒකෙ තිබුන දිගුවක් ඔස්සේ තමයි මම උබෙයි සදරු ගෙයි බ්ලොග් කියවන්න ආවෙ.ඉදල හිටලා තවත් බ්ලොග් කියෙව්වේ මට කාල වෙලාව ඉතාම අඩු හින්ද.ඒත් උබේ ලිපියක් කියවන්න අඩු ගානේ සතියකට වතාවක් වත් මම මේ පැත්තට ගොඩ උනා.උබේ බ්ලොග් එකේ පළමු ලිපි කියවද්දියි මට තේරුනේ මේ අපේ අහල පහල එකෙක් කියල, ඒ නිසා නැවත නැවත පැමිණීමේ ආසාව වැඩි උනා කිව්වොත් නිවැරදියි.පසු කාලීනව මම උබේ හොද සහෝදරයෙක්,මිතුරෙක් දැක්ක.ඒක ඊටත් වඩා සතුටක්.පුවත් පතකට හැර අන්තර් ජාල සගරාවකට හෝ බ්ලොග් අඩවියකට ලිපියක් ලිවීමට මට අවස්තාවක් ලැබුනා නම් ඒ උබේ බ්ලොග් එකේ.ඒ අවස්තාව තුන් වතාවක් මට දුන්නට හුගක් ස්තුතියි.නැවත කියමි..ඉලක්කමකට කොටු නොවී දිගටම ලියහන්..ලෝකේ වටේ කොහේ ගියත් අපේ රටේ කෙල්ලක් බැද ගනින්.තාම අපේ කම අපේ සිරිත් විරිත් ආගම දහම රකින දරුවො මේ රටේ ඉන්නව.ඉතා ඉක්මනට අපේ කම රකින උබට වගේම කට පුරා සහෝදර කමට නංගියෙ කියල කතා කරන්න පුළුවන්,ඔය මෙන්ඩල එහෙම ආහම අනුමැත වෙන්න බයිටක් එහෙම හදල දෙන්න පුළුවන් රත්තරන් වගේ හැඩත ලස්සන ගැහැණු දරුවෙක් උබටත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් උබේ ගමන් මගේ තුන් වෙනි සැතපුම පසු කරන මොහොතෙ මගේ සුබාශින්ෂණ මෙසේ එක් කරමි. සැමදා මෙන් අදත් හෙටත් ජය....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කෙරුවාව නිසා මට ලැබුන සහෝදරයෙක් වගේ කෙනෙක් තමයි ඔයා. මම ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා. මම දැන් ඔබ ආශ්‍රය කරන විදිය ගැන මම මෙතන කියන්න අවශ්‍ය නෑනෙ අයියා. මගේ පුද්ගලික ගැටලු වලදිත් ඔබ ලබාදෙන උපදෙස් සහ සහයෝගය ගැන මම ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. අපේ මේ හමුවීමට පාර කැපුවෙ සිරාගෙ කාමරය නිසා මේ ඉසව්වට ඔබ විශේෂ කෙනෙක්.

      අපේ ‍රටේ කෙල්ලෙක් තමයි අනිවාර්යෙන්ම බදින්නෙ. මැලේසියන් කෙල්ලෙක් බදින්න ගොඩාක් අවස්ථා තිබුනා. සමහරු යෝජනා කරන්නදත් ඇහුවා. ඒ අය බැන්දා නම් සල්ලි කන්දක් උඩ පිනුම් ගහන්න තිබුනා. ඒත් මුදල් වලින් සතුට ගන්න බෑ. ඒ නිසා මම හොයන සතුට සැනසීම මට දෙන්න පුලුවන් හදවතක් මුන ගැහුන දවසක මමත් බොලා වගේම විවාහ වේවි. ඔයා කියන විදියට කට පුරා නංගියෙ කියන්න පුලුවන් කෙනෙක් තමයි නිසැකවම ඒ දැරිවි. ජය !

      Delete
  30. මෙතෙක් ආපු ගමනට සුබ පැතුම්... මෑත කාලෙදි බ්ලොග් කියවන්න පටන් ගත්තත් මේකෙ තිබුණු හැම පෝස්ට් එකක්ම ආසාවෙන් කියෙව්වා. තවත් කාලයක් මේ විදිහට ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්.... ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා. දිගටම මේ පැත්තෙ එන්න අපිව බලලා යන්න.

      Delete
  31. සුබ සැතුම් සිරා........ වචන හැඩ කරල, අරුත වැඩිකරල සිරා ලිපි ලියන රටාවට හා පුංචා හරිම මනාපයි...
    ඉරි තැලුණු ආදර කතා ලියල ඒවගේම 7 වෙනි ලිපියෙන් අනික් ගජයන්ගෙත් ඒ වගේම ලිපි පල කරල සිරා කලේ ලොකු පිනක් කියල හිතෙනව. ඒ මොකද හබක් වෙච්චි ප්‍රේම පුරාවෘත්තයන් නිසා මනෝ ගහල ඉන්න කාටත් හිතට දිරි අරන් නැගිටින්න ඒව ලොකු උත්තේජනයක්......... සිරාට ජයම වේවා......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හා පුංචො. බලොග් කෙරුවාව තුලින් අපි නොහිතන දේ කරන්න පුලුවන් කියලා මම හඳුනාගෙන ගොඩාක් කල් දැන්. ඒ නිසයි ඔබ කියූ ආකාරයේ වෙනස් කම් වලට ගියේ. ලියන්න පුලුවන් කෙනෙක්ට සහයෝගයක් දෙන්න මම කවදාවත් පසුබට වෙලා නෑ. බොටත් ජයම වේවා !

      Delete
  32. 4 වෙනි උපන් දිනේ සිරියාවතිත් එක්කම සමරමු...... හැබැයි එතකොට නිදි මරාගෙන කරන්න තව වැඩ තියෙයි...හැක්.......හැක්.............

    ReplyDelete
    Replies
    1. හෙ හෙ...බොලා කියන කථා...මට ලැජ්ජත් හිතෙනවා.

      Delete
  33. ඊයේ ඉඳන් කීප රයක් මෙතනට මම ආවා ගියත් කොමෙන්ටුවක් නොදන්මේ මුළු පොස්ට් එකම හා කොමෙන්ටු ඔක්කොම ටික කියවලා ඉන්න තිබ්බ ඕන කම නිසා ......... රචකයෙක් විදියට සිරෝ අවුරුදු තුනක් ඇතුලත උබට ලැබෙන්න ඕනා හොඳම සම්මානය පාඨකයන් ගෙන් උපරිමයෙන්ම ලැබිලා තියෙන බව මේ කොමෙන්ටු ටික දිහා බැලුවම පේනවා .......

    අවුරුදු තුනට මගෙත් බොක්කෙම සුබපැතුම් ....... මාසෙට හතක් ලියනවා කියන එක මටනම් හීනයක් වගේ ඒ මදිවට කිලෝමීටරයක් විතර දිගට .......................

    කවුරුනැතත් මට සන්තෝෂයි ඉස්සරහට හතර ගානේ එන එකට අඩු ගානේ එකක්වත් මිස් නොකර කියවගන්න

    ආ තව දෙයක් මගේ දෙක ලබන සතියේ ..... මම බ්ලොග් ලියන්න පටන්ගන්න එක හේතුවක් තමයි සිරාගේ කාමරේ පාඨකයෙක් වීමත්.... මුල් කාලේ කියවපු බ්ලොග් අතර අර ඇඟිල්ල කටේ ගහ ගත්ත කොල්ලගේ බ්ලෝග මට හොඳට මතක තිබ්බා ඒ කාලෙත් මම මැලේසියාවේ....... මම හැබැහින් උබව මෙහෙ දැක්කම ආවේ හරි සතුටක් මෙන්න සිරා කියාලා........

    ReplyDelete
    Replies
    1. බොලා ඉතින් මට සෑහෙන උදව් පදව් කොරාපු මගෙ සීයා වගේ ඉන්න වයසක උන්දැ නොවැ. බොහොම සතුටුයි මේ අවකාශය හරහා ඔබ වගේ දැන උගත් වැඩිහිටියෙක් අාශ්‍රය කරන්න ලැබීම. බොලාගෙ දෙවර්ෂ පූර්ණයටත් මගේ අක්මාවෙන්ම සුභ පැතුම්..ස්තූතියි ලොකු මාමෙ දුන්න හැමදේටම...

      Delete
  34. උණුසුම් සුභ පැතුම් සිරෝ ...මමත් මුල ඉඳලම කියවපු බෝගක් තමයි සිරාගේ කාමරේ .
    ඉදිරියටම යා ...කියලා තමයි කියන්නේ .

    හිතට නොගෙන යන ගමනට
    තුන් ලෝකෙන් එන තහංචි
    පුංචි පුතා ලොකු වෙනකොට
    ලොකු කම් කළ යුතුයි පුංචි...

    හඳට ගිහින් හඳ පාගා
    ආපහු එන යුගයකි මේ
    තවමත් අපි මහ පොළවේ
    ඉන්නා එක නොවැ පුදුමේ...

    කළොත් පුහුණු තමන්ගෙ හිත
    හඳ ගෙන එන්නත් බැරි නැත
    සැලසෙන කාගෙත් යහපත
    වැඩක නිතර යොදවමු අත...

    අයන්න මෙන් මුල් තැන ගෙන
    හැම තැන පෙරමුණ ම ලබා
    බාධක කටු පඳුරු මුලින්
    ගලවා වෙන අතක තබා...

    ගඟ බැසගන යන්නා සේ
    තද ආත්ම විශ්වාසේ
    දිනුවොත් ලොව දිනුවා සේ
    ඔබමයි දෙවියා දේසේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. අදමයි බං මේ සිංදුව ඇහැව්වෙත්
      එල ද බ්‍රා

      Delete
    2. සිරාගෙ කාමරයට බොලාගෙ ගීත පද රචනා තුලින් ලැබුන එළිය බෙහොමයි. ඒ කාරියට මම හිස නමා බොට ආචාර කරනවා. ඉදිරියට යන්න තමයි මමත් හිතාන ඉන්නෙ. බලමුකො ඉතින් ඔහොම යමු...

      Delete
  35. සුබ පැතුම් මලයා . අපි ඉතින් නිතර කමෙන්ට් නොකලට පරණ හිතවත්කම් අඩු වෙන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම අක්කා. ඔබ වියට්නාමයේ ඉන්න කාලෙ මම හිතාන හිටියෙ එහෙදි හමුවෙයි කියලා. දැන් ඉතින් අත ලගටම ඇවිත් නොවැ තියෙන්නෙ. දවසක නිසැකවම මුණ ගැහේවි.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...