Saturday, June 16, 2012

59 රතු කොණ්ඩේ සහ ප්‍ර‍ථම ප්‍රේමය






සතිය පුරාවට වෙහෙසී ගෙවී ගිය හිස්කබලෙන් හා ඉදිරියට නෙරා ආ බඩ ගෙඩියෙන් යුතු සිරා මෙන්න දිව එනවා ඇනිකට් අන්තයේ සිට, 

වම් අතේ පැය 14ක් දැල්වෙන දගරයක් හා දකුණතේ කෑලි හතරේ ටෝච් කෑල්ලක්... වේගය වැඩි කරමින්... සරම් කොටේ බිම වැටෙයිද? වැටෙයිද? වැටෙයිද?  ඔව් මා ප්‍රිය නරඹන හිතවතුනි, හිතවතියනි, අවසන් මොහොතේ ගැජට් එක ආවරණය කරගනිමින් සිරා කාමරයට රිංගන්නට සමත් වෙනවා.....

හැන්දෑවෙ ඇනිකට් එකේ දිය බුං ගහලා  කාමරේට ආපු ඒම තමා ඒ ඔබ ශුවණය කලේ......

දඩාස්....
පයින් එක දෙද්දිම කාමරේ දොර ඇරැණා.... මදුරැ වදේට හොදම විසදුමත් ඔන්න දුන්නා...
එහෙමනම් ඉතිං බොලාලා ඔක්කොම සූජානම් වුනොත් හොදා..... සිරාගෙන් අලුත් කථාවක් අහන්න....
පවුලෙ අය ගැනම ලියන්න එපා මලයො කියලා ඇලකන්දෙ බේබද්දා හෙවත් ජංගම ග්‍රැෆික් දොස්තර  කියපු වෙලේ ඉදලම මම මේ දසඅතේ කම්පනා කොලේ මොකක් ලියනවද කියලා.... අන්තිමට එකක් මීටරේට වැටුනා....

වෙලේගෙදර හඩු ගුණපාල අයියා පල්ලා  එකදාස් නමසිය අනූ අට කියන්නෙ හරි ජරාම අවුරැද්දක්.... සිරාට අපොස සාපෙ තිබ්බෙ ඒ අවුරැද්දෙ නිසා තමා ඒක එච්චරම අසික්කිත වසරක් උනේ... අපොස සාපෙ කියන්නෙ එසේ මෙසේ සාපයක්ද කියලා දන්නෝ දනිති.... නොදන්න උන් කරලාම බලපල්ලා...

දොස්තරයෙක්, ඉංජිනේරැවෙක්,  වෙන්න ඉගෙන ගනින් .......
හත්මුතු පරම්පරාව වගේම මගේ ගෙදර බුදුනුත් හිමිදිරියේ සිට ශාන්ත වූ රාත්‍රිය දක්වාම ඉතා ඉහල සෘතියක පිහිටා මධුර මනෝහර කන්කලු නාදයෙන් මගේ සවන්පත් පුරවන හින්දම මට නම් අපොස සාපෙ අරහං වෙලා හිටියෙ.....

ගණිතය කියන්නෙ පට්ට ලේසි විෂයක් හින්දම සිරා ඇතුලුව සිරාගෙ සහපිරිවර ටවුමෙ තිබ්බ හොදම ගණං කඩේට සැට් උනේ මේ අතරෙ.
ඒ  විභාගෙ ගොඩ දාගැනීමේ පරම පවිත්‍ර අහිංසක චේතනාවෙන්...
එතනින් තමා මම මේ කියනා කථන්දරේ  පටන් ගන්නෙ.....

සිරා කියන්නෙ ඉතිං කාටවත් අතනොපා  ස්වෝත්සාහයෙන් ගොඩ යන්න හදන සත්ගුණවත් කොලුවෙක්...
පන්තියෙ වැඩ ටික පිළිවෙලට කරගෙන යන අතරෙදි තමයි     පටාස්............                                                         මල්සරා කියන අවලමා සිරාගෙ නලල මැද්දට සෙන්ටර් කරලා පොඩ්ඩක් වමට බර වෙන්න මල් හීයකින් විද්දෙ....
දැන් ඉතිං ඉදලා හමාරයි මට මේ ලියනකොටත්  එදා දැනුනු මෙව්ව එක තාම දැනෙනවා  වගේ ..
ෂික් ජරා ලෙඩේ මටත් බෝ උනානෙ...  මොන ලෙඩේද ?

ලව් අමාරැව බොලව් ලව් අමාරැව.....

අනේ සී දේවි දැරිවි... සුදුම සුදුයි.... පන්තියෙ ඉන්න ලස්සනම කෙල්ලො 3 දෙනා තේරැවොත් ඒ අතරට සානුකම්පිත බුද්ධිමත් ප්‍රේක්ෂකයා අනිවාර්යෙන් තෝරනවා එයාවත්......

සිරත් ඉතිං අධෝ මුඛ නැකතෙන් දන්න විදියට ඒ කෙල්ලට පෙරන්න පටන් ගත්තා.... පාඩමෙන් වැඩි හරියක් ඒ සුදු මුණ  තමා දැන් ඉතිං සිරාට පේන්නෙ.... ඒ කෙල්ලත්  නිකං ඉන්නෙ නෑ පොඩි පොඩි සහනශීලී ඒ කියන්නෙ තව පෙරපන් කියනවා වගේ බැල්මවල් සිරාගෙ යුත දෙනෙතට  එල්ල කරනවා.....

සිරා ඉතිං කොල්ලො විතරක් ඉන්න කොලීජියකට ගිය නිසාත්.... කෙල්ලෙක් එක්ක කථා කරන්න ලැජ්ජ භය, කිතිය..., හෘර්දය කැරකෙනවා මෙන් දැනිම හා භෞමික අඛණ්ඩතාව මොට විම ආදී උපන් ගෙයි ලෙඩ රෝග තිබ්බ නිසාත්, ඔය කියන කෙල්ලට කවදාවත් කථා කරන්න ට්‍ර‍යි එකක් දුන්නෙ නෑ....

පන්තියෙ ඉවර වූ සැටියේම චූ බරෙන් මෙන් ඉක්මනට මාරැ වීමත් , ගැන්සියේ අනිත් කෙල්ලන් අති ආඩම්බර කලාව ප්‍ර‍ගුණ කර තිබීමත් නිසා වැඩිදුර තොරතුරැ තියා නමවත් හොයා ගන්න සිරාට බැරි උනා....

කවදාවත් කණ්නාඩියක් දැක්කෙ නැති... පනා කබලක් ගැටුනෙ නැති සිරාගෙ කටුරොද වනේ වගේ කොන්ඩෙට දැන් උපරිම සත් කාර දීලා තමා කොල්ලා ඉතිං පන්ති යන්නෙ....

ටික් ටික් ටික්
කාලය කෙමෙන් ගතවෙනවා..... දහසක් ගැරහුම් අපහාස මැද සිරා පටන් ගත්ත වැඩේ ඒ කියන්නෙ පෙරන එක ලෙසටම කරගෙන යනවා.... කෙල්ලගෙ නමක් ගමක් මොකුත් හොයාගන්න බැරි උන නිසා සිරාගෙ මිතුරැ කැල.... (ජාති ජාතිත් වාසනාවන් ඒ වගේ මිත්‍රයෝම මට  ලබන ආත්මෙදිත් ලැබීයන්... මේ පෝස්ටුව ලියන ගමන් මම එහෙම හිතුවා.....) නමක් යෝජනා කලා.... මොකක්ද ඒ...

රතු කොණ්ඩෙ
පිට මැදට වෙන්න ගොතපු කොණ්ඩ කරල් දෙක රතුපාට පටියකින්
හැමදාම ගැටගහලා තිබුන නිසා ඒ නම එයාට හොදට ගැලපුනා

මේ තමා සිරා, අර රතු කොණ්ඩෙට ටුයි එක දෙන්න මු... අපේ උන් පිට ඉස්කෝල කොල්ලො  ඉදිරියෙදි එහෙම අදුන්වා දුන්නා.....මටත් ඉතිං ඒ වෙලාවල් වලදි පොඩි කික් එක්ක අවෙම නැතුව නෙමෙයි.... පන්තියෙ ඉන්න ලස්සන කෙල්ලෙක්ගෙ නිල නොලත් පෙම්වතා වෙනවා කියන්නෙත් එසේ මෙසේ දෙයක්ද? කොච්චරනම් ආශ්වාද ජනකද...විදපු උන් තමා ඒකෙ සොමිය දන්නෙ....

කොහොමෙන් කොහොම හරි විභාගෙටත් ටිකෙන් ටික දිණ කිට්ටුවේගන එන හින්දා අපේ නඩේ ගුරා තීරණය කලා සිරාව මේ වැඩෙන් ගොඩදාලා දෙන්න... කටින් කෙලින්ම ඩිරෙක්ට් අහන්න අහවල් එක  නැති නිසා ලියුම් කරදහියකින්   තමා වැඩේ කෙරෙන්නෙ....

අපේ ගණං පන්තියට එන්නෙ නැති, මම යන්නෙ නැති ඉංග්‍රීසි පන්තිකට එන එයාගෙම පාසලේ මම දැකලාවත් නැති තවත් ගෑණු දරැවෙක් තමා දැන් මේ සන්දේශය ප්‍ර‍වාහනය කරන්නෙ... ඉංග්‍රීසි පන්තියට මේ ලියමන ප්‍ර‍වාහනය කරන්නෙ මගේ යාලුවො සැට් එකේ මගෙ බොක්කක් වෙලා හිටපු අයිය බඩා (උගෙ මල්ලි ඌට කථා කරන විදිය... ගෙදර ගියපු එකෙක් ඉස්කෝලෙට වාර්තා කලා ඒ ලස්සන නම)

හිරැ රැස් හොදින් පතිත වෙලා තිබ්බ ලස්සන දවසක හැන්දෑවරැවෙ පාසල අවසන් උනාට පස්සෙ ලව් සබ්ජෙක්ට් එකේ කෙල පැමිණි ඔස්තාද් ලා ඇතුලුව බර සෙට් එකක් ලියුම ලියන්න අදහස් දෙන්න අපේ 11 F පන්තියටම ඇවිල්ලා.... සමහර උන් බොක්කෙන්ම උන්ගෙ වැඩක් වගේ වැඩේට බැහැලා...

හැමෝගෙම අදහස් අනුසාරයෙන් ඉතා සාරවත් එමෙන්ම හරවත් ලව් ලෙටරයක් ලියන්න මට හැකි උනා.... ඒකෙ  සාරංශය මෙන්න මේ වගේ

මා දයාබර සොදුරිය ....................... (නම දන්නෙ නැති හින්දා තිත් පෙළක් තිබ්බා හොදට මතකයි)
ඇත්තම කියනවා නම් මට ඔයා ගැන විශේෂ හැගීමක්  ඇතිවෙන්න පටන් අරන් ටික කාලයක්... ඒත් ඒ බව ඔයාට කියාගන්න විදියක් නැතුවයි මෙච්චර කල් හිටියෙ... ඔයාගෙ අධ්‍යාපනයට පාඩු වෙයි කියලා හිතලා මම මේක අතඅරින්නත් කල්පනා කලා.. ඒත් මට ඔයාව අමතක කරන්න බෑ...මම ඒ තරමටම ඔයාට ආදරෙයි.... ඉරිදා ගණන් පන්තියෙ පිරිමි ළමයින්ගෙ පැත්තෙ තුන්වෙනි පේලියෙ රතුපාට ටී ෂර්ට් එකක් ඇදලා ඉන්නෙ මම.......

අන්තිම පේළි වල සින්දු කෑලි ටිකකුත් ලිව්ව මතකයි.... වැඩේ අහවරයි... ඉංග්‍රීසි පන්ති යන අයිය බඩා ලියුමත් අරගෙන අපෙන් සමුගත්තා.... කොල්ලො මට චියර් කරලා සන්තෝෂම් විදියට මගේ හිල් වෙච්ච අසරණ පොකැට්ටුවෙ අස්සක වැරදිලා රැදිලා තිබ්බ සල්ලි වලට හිතක් පපුවක් නැති උන් වගේ  සුද්දෙ දැම්මා කැන්ටිමට උස්සගෙන ගිහින්.... අයියෝ සල්ලි....

වීරයා වගේ ලිව්වට මොකද මට දැන් මාර භයයි.... මේක වැඩ කරයිද? ඒ කෙල්ල අපේ ටියුෂන් කඩේ මුදලාලි ට දෙයිද / (මොකද අපේ මුදලාලි ට ඉස්කෝලෙ යන වයසෙ උන් ලව් කරනවා පෙන්නන්නම බැරි ලෙඩක් තිබුනා... අහුවුනොත් ආයෙ නෝ පන්ති ) ලියුම භාරගත්ත කෙල්ල හැමෝටම පෙන්නයිද.. ඔය වගේ ප්‍ර‍ශ්න වැලයි.....
මම කරගත්ත මෝඩ කමක් කියලමයි ගෙදර ගිය වෙලේ ඉදන් හිතුනෙ... කෙල්ලො ඉස්සරහ පජාති වෙන හැටි මට හීනෙනුත් පෙනුනා... මම ලොකු වැරැද්දක් කලා කියලා මගේ හිත මටම තලන්න ගත්තා.... දැන් ඉතිං මක් කොරන්නද හැම දේම වෙලා ඉවරයි...

පහුවදා උදේ වෙනදා වගේම අයිය බඩා ඉස්කෝලෙ ආවා.... මචන් මාර සීන් එක අර කෙල්ල ඊයෙ ක්ලාස් ආවෙ නෑ.... ඊළග සතියෙ මම අනිවාර්යෙන්ම දෙන්නම්.....

ඉබ්බ දියට දාන්නද අහපුවාම ඇන්නෑවෙ කිව්ව වගේ පුල් අන්දොස් වෙලා හිටපු මට මේක මසුරං වැඩක්...

මගේ පුරැෂ ශක්තිය ඒ වෙනකොට බයටම බින්දුවෙන් එහා සෘණ වලටම ගිහින්... මම තීරණය කලා ලියුම නොදි ප්‍ර‍ථම ආදරය හිතේම දියවෙලා යන්න ඉඩ දෙන්න.... අමාරැවෙන් ලියපු ලියුම කෑලි කෑලි වලට ඉරලා විසි කලා.... අයිය බඩා හැර හැමෝටම කිව්වෙ ලියුම දුන්නා කියලා.... ඒ රහස රැක ගන්න මම ඌට අතේ සතේ නැතිවෙන කන් ඉස්කෝලෙ කැන්ටිමට ජාති ණයක් ගෙව්වා....

දැන් තමා හොදම හරිය ලව් ලෙටරෙ ලියන්න වට වෙච්ච උන් සතියකට විතර පස්සෙ රිසල්ට් එක අහන්න පටන් ගත්තා.... මමත් තාම මොකුත් නෑ බොලව් කියමින් ෂේප් වුනා... මේ වගේ නසරාණි සෙට් එකකට බොරැවක් කියන්නත් ඉගෙන ගෙන එන්න ඕනෙ... තවදුරටත් බේරැමක් නැති සද.... පන්තියේ ලස්සනම අත් අකුරැ තිබ්බ කිඩා (කිඩගම්මුල්ලෙ හිටපු නිසා ඌ කිඩා උනා ) ලව්වා පිළිතුරැ ලිපියක් ලියවන්න තීරණය කලා....

වැඩේ කුජීතයි තමා... ඒත් ජාමෙ බේරගන්න අයියබඩා / සිරා / කිඩා  සුසංයෝගයෙන් කෙල්ල ලියන විදියට පිළිතුරැ ලිපියක් ලිව්වා... ඇරපු අතක් නෑ කිඩාගෙ මුතු කැට වන් අකුරැ කෙල්ලෙක් ගෙ වගේමයි... ඒ ලිපිය මෙන්න මේ වගේ....

දයාබර................... (මගේ නම)


ඔයාගෙ ලිපිය ලැබුනා... ඔයා නිතරම මගෙ දිහා බලනකොට ඔහොම දෙයක් ගැන  මගෙන් අහයි කියලා හිතිලයි තිබ්බෙ...  අපි මේ කාලෙ ඉගෙනගන්න ඕනෙ, අපේ අම්මලා තාත්තලා අපි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ, ඒ නිසා.. ඔයාගෙ ප්‍ර‍ශ්නෙට විභාගෙ පහුවෙලා උත්තරයක් දෙන්නම්... එතකං ඔයා මගෙ හොද යාලුවෙක් උනාට කමක් නෑ....
මේ 
...........................

ලියුම කියවපු කොල්ලන්ටත් වැඩේ සිරා ගියා... තව ටික කාලෙකින් හරියයි මචන්... උඹ සැලෙන්න එපා.... මගෙ එක මට ඔහොමවත් උත්තරයක් දුන්නෙ නෑ... ඔහොම උත්තරයක් දෙනවා කියන්නෙ අනිවා කෙල්ල උඹට සෙට්  ... ලව් ඔස්තාද්ලා එහෙම කිව්වා.... ඒත් ටික දවසකට පස්සෙ කිඩාගෙ  ශ්‍රී මුඛයෙන් නිධාන කථාව එළියට පැනලා අහිංසක සිරාව 11 වසර උන් අතර සාටර් වෙලා කුජීතම වෙලා ගියා....සිරාගෙ පුථම ප්‍රේමය අන්න ඒ අන්දමට තමා ශෝඛී අවසානයකට එළඹුනේ.....මෙවන් දුකක් කුර කූඹියෙකුටවත් නොවේවා !

පින්තූරය කොප්ප ගැහුවෙ මෙතැනින් http://www.trulylovable.com/media/665-the-magic-of-first-love.jpg

මම සයිබරයේ අලුත් මිතුරා සිරා....

ප.ලි


2001 දි සිරා අපොස උ/පෙ කරන්න පන්ති යනකොට මෙන්න මෙයා ඒකටත් ආවා... එතකොට සිරාගෙ සබකෝලය නැත්තටම නැති වෙලා තිබුන නිසා...කථා බහ කරලා අදුන ගත්තා.... නම සජානි
ඒ වෙද්දි ග්‍රහයෙක් සැට් වෙලා තිබුන නිසා සිරාට නෝ චාන්ස්....

2012 සිංහල හින්දු අලුත් අවුරැද්දට ඇදුම් ගන්න සිරා ටවුමෙ සාප්පුවකට ගියා.... අවුරැදු 11කට පස්සෙ පුරැදු මූණක් මගෙ දිහා බලාගෙන ඉදලා ලගට ආවා....ඇතිවුන දෙබස මෙන්න මෙහෙමයි........

(ඇය) අදුනගන්න පුලුවන්ද?
(මම) ම්ම්ම්ම්ම්...........සජානි නේද?
(ඇය) ඔව් ... ඉතිං ඔයා මැරි කලාද?
(මම) අපෝ තවම නෑ.... ඔයා
(ඇය) මගෙ පුතාට දැන් වයස අවුරැදු 3 1/2 ඉක්මනට බදින්න පරක්කු නොවී.... හස්බන්ඩ් ඇතුලේ මම
           යන්නම්.....

 ඇයට මා කලෙක සිතින් ආදරය කල බැව් තවමත් නොදන්නීය.... දැනගතහොත් ඒ මේ පෝස්ටුව දැකීමෙන් පමණක්මය... ප්‍ර‍ථම ආදරය කිසිදා නොමියෙයි..... සිරා එය දන්නේ අත්දැකීමෙන්මය....

59 comments:

  1. ඇත්තමයි මචං මටත් එහෙමයි.මගේ ප්‍රථම ආදරය නැගලා ගියා අවුරැදු දෙකක් වීතර , පස්සේ හෙණ අසාධාරණ විදිහට මාව දාලා ගියා.
    පස්සේ කාලයක කරපු බලු වැඩේ හරියි කියලා ඔප්පු කරන්ඩ පුංචී උත්සාහයකූත් ගත්තා.
    දැන් එයාටත් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා.
    මටත් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා.
    අපේ හාමීනේටත් මම ආදරෙයි

    එත් මට අදටත් ඒකිව දකින කොට බඩයි පපුවයි අතරේ පීච්චෙනවා වගේ දැනෙනවා.
    ඒක හැගීමක්ද වේදණාවක්ද කියලා කියන්ඩ බැ.ඒක විස්ථර කරන්ඩ බෑ.

    සීත කියන එක න තැන තවම හොයාගන නෑනේ, සමහරක් වීට ඒ මගේ හීත තියන තැනීන් ගැලවීලා එයා ලගට යන්ඩ කරන උත්සාහය වෙන්ඩ ඇති.

    ReplyDelete
    Replies
    1. ඔය කියන කාලේ අපේ හිත් වල ජීවිතය ගැන එච්චර ලොකු බරපතල වගකීම් නැති නිසා ආදරය ගොඩාක් සුන්දරව දැනෙනවා..... ලොකු අයියට ඒක තමා මෙච්චර කල් ගිහිල්ලත් තාම ඒ අතීතය මතක.... මට නම් ඒක පාර්ශවීය ආදරයක් තිබුනෙ..ඒත් අවුරැදු 2ක් ලව් කරලා අසාධාරණ විදියට දාලා ගියාම සෑහෙන්න රිදෙන්න ඇති කියලා නම් මට හිතෙනවා.... ඔයාගෙ දුවෙක් සහ එයාගෙ පුතෙක් අතර විවාහක් එහෙම කලොත් පරණ සුන්දරත්වය තවත් වැඩි වෙයි......නේද ?

      Delete
  2. එළ....

    ප්‍රතම ප්‍රේමය අනිවාර්යයෙන්ම හබක් වෙන්න ඕනා. එතකොට තම ජීවිතේට එලියක් හම්බෙන්නෙ. ගතියක් ලැබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි... ප්‍ර‍ථම ආදරය සාර්ථක කර ගත්ත අය ඉන්නෙ බොහොම අතලොස්සයි... එක වැරැද්දකින් තමා ඊලග වැරැද්ද නොකර ඉන්න දැනුම ලැබෙන්නෙ....

      Delete
  3. ඒක පාර්ශ්වීය ප්‍රේමයක්. මට නම් හිතෙන්නෙ ඕන මඟුලක් වෙන්න ලියුම දුන්න නම් ඉවරයි. සමහර විට ඒක වැඩ කරන්නත් තිබුණ. (එහෙම නම් අර අවුරුදු 3 1/2 දරුවගේ තාත්ත උඹ මචං)

    ReplyDelete
    Replies
    1. ඒක තමා මගේ එකම ඒක පාර්ශවීය ප්‍රේමය.... ලියුම දුන්න නම් සමහර විට හරියන්නත් තිබ්බා... (ඒත් ගට තිබ්බෙ නෑ.) මොකද මම ගුරැවරැන්ගෙ ආදරය නොමදව දිනා ගත්ත කීකරැ ශිෂ්‍යයෙක් ඒ කාලෙ........

      Delete
  4. ප්‍රථම ආදරය කිසිදා නොමියෙයි... සපුරා ඇත්ත කථාව....

    අදමයි මේ පැත්තට ආවේ... දිගටම එන්නම් මල්ලි...

    98 මටත් කරුම අවුරුද්දක්.. මට උපෙ

    ReplyDelete
    Replies
    1. ලොකු අයියව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා.... ඔයාලා මෙහෙම එන නිසා තමා වැඩ පැත්තකට දාලා අලුත් පෝස්ටුවක් ලියන්න මේව්වා එක එන්නෙ....

      Delete
  5. අම්මට සිරි සිරා..........
    පට්ට ලිවිල්ල...

    අර අක්කා (නැන්දා) මේක දැක්කොත් අනිවා අඩනවා ඇස් දෙකෙන්ම..

    අදමනේ ආවේ... ආයේ එන්නම්... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ රජතුමාවත් තොරන් ගහලා රබන් ගහලා පිළිගන්නවා ඔන්න..... අරයට නැන්දා කිව්වෙ රජා සෑහෙන්න පොඩිද ? රජ සැප නම් එපා ගොයියො... බදින වයසෙ ඉන්න නිසා හොද ලදක් ලැබෙන්න කියලා කිව්වම ඇති....

      Delete
  6. යාලුවෝ සෙට් එක ඔයාව ඇන්දුවා වගේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ උන් සෙට් එක බොක්ක දෙන යාලුවො ටිකක්... හැබැයි වැඩක් කලොත් ඉතිං සම්තින් එකක් දෙන්න ඕනෙ....

      Delete
  7. මේව දැක්කම අපිවත්,....අතීතයට යනවා......!
    කකුල් මැඩ්ලින්....ගගහා...ඒක්කෝ..ඕන්නෑ...., අපොයි.... ලැජ්ජාවේ බෑ...!!!
    මේ මචං , සොඳුරියේ කියලද...ආමන්ත්‍රනය කලේ....දීපුනැති එකම හොඳා...

    ReplyDelete
    Replies
    1. කකුල් මැඩලින් ගගහා හරි, වැඩේ කරගත්තා නම් එච්චරයි.... එච්චර ධෛර්යයක් සිරාට තිබ්බෙ නෑනෙ.... ලියුමෙ තිබ්බ ඒවා ඔක්කොම මතක නෑ... ලව් ඔස්තාද් ලා තමා එඩිට් කලේ....

      Delete
  8. ප්‍රථම ආදරය සුන්දරයි.. :)

    ඔයාට ගැලපෙන කෙනා නේ ලැබෙන්නේ සිරෝ..සජානි ට හම්බුනේ එයාට ගැලපෙන කෙනා :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බබෝ.... ඒ උනාට එයාව දැක්කම තාමත් මෙව්ව එකක් ඇති වෙනවා.....

      Delete
  9. පළමු වර කෙල විම ආදරය හොදින් හදුනා ගැනීමේ මගක්

    ජය සහෝ !

    ReplyDelete
    Replies
    1. ඒ කථාව අත්දැකීමෙන් කියන බව තමයි සිරාගෙ අදහස... ඔබටත් ජය සහෝ....

      Delete
  10. හයියෝ සිරා පවූ.....

    ReplyDelete
    Replies
    1. ඔයාට විතරමයි ඒක වැටහුනේ... හරිම පවු අනේ මටත් එහෙම හිතෙනවා....

      Delete
  11. ප්‍රථම ප්‍රේමය කියන්නේ අමුම අමු කට්ටක් එ උනාට එකේ රස තේරෙන්නේ දැන් තමා ඉතින් ....

    ReplyDelete
    Replies
    1. මගෙත් යාලුවො බහුතරයට ඔය අදහසමයි තියෙන්නෙ

      Delete
  12. මොකද මේ බ්ලොග් එකේ අකුරු ඛකාප්‍රි කරගන්න ඹැරි?

    මට ඕථනෑ වුණා මේකේ දෙබසක් උපුටා දක්වලා මගේ කමෙන්ට් එකක් දාන්න. දැන් ඉතිං ඒක කරන්න බෑ!

    ReplyDelete
    Replies
    1. කොපි කරන්න බැරි විදියට HTML Code එකක් ලියලා තිබ්බා.... ඔන්න ඔබේ පහසුවට මම ඒක අයින් කලා... ආයෙත් ඒ අඩුපාඩුව වෙන්නෙ නෑ.....

      Delete
  13. සිරාගෙවැඩ බලන්න මමත් ආව මේ පැත්තට වචන ටිකනම් සිරාම සිරා පැලෙන්න හිනා වුණා වචන වලට නම් ඒත් කථාවනම් අපරාදෙ ලියුම දුන්නනම් කියලත් හිතුණා..තව දෙයක් අම්මව හැදින්නපු විදියට ඇත්තටම හිනා නමුත් අම්ම ගැන එහෙම නොකියන්නයි තිබ්බෙ නමුත් ඒ ඔබේ විලාශය නිසා අවුලකුත් නෑ කියල හිතුණා...

    ආයෙමත් එන්නම් සිරා කථාවක් බලන්න සිරාගෙන්

    ReplyDelete
    Replies
    1. සහෝදරියගේ පැමිණීම මට සතුටක්... මම සාමාන්‍යයෙන් ලියන විදිය නෙමෙයි මේ... කිරි අම්මගෙ කථාවෙ මුල ලියලා තියෙන විදිය තමයි මගෙ සාමාන්‍ය ක්‍ර‍මය.. ඒත් බ්ලොග් කියවන අයට තේරැම් ගන්න මේ ක්‍ර‍මය පහසුයි කියන එක තමා මගේ වැටහීම.... මම මේ කියන කාලෙ ලියුමෙන්ම තමා ලව් එකට කෂ්ඨිය ප්‍ර‍විෂ්ඨ උනේ...ඒත් සජානි පොතේම ඇලිලා හිටපු කෙල්ලෙක් නිසා මට ප්‍ර‍තිඵලයක් නැති වෙයි කියලා හිතුනා.......
      අම්මට උපහාස මිස අපහාස කලේ නෑ... ආයෙත් එන්න හැමදාම උනත්...

      Delete
  14. අනිච්චං දුක්කන් ... පට්ට පට්ට ...අපි නොදන්න මොනරතැන්න...

    ReplyDelete
    Replies
    1. ජංගම ගැෆික් දොස්තර... ඔන්න බොලා කියපු දේ මම කලා... පැමිණියාට තුති...

      Delete
  15. ප්‍රථම ප්‍රේමයයි.. පලවෙනි කෙල්ලයි එකක්ද...
    මමත් මැරීගෙන කෙල්ලෙක්ට ලව් කරා. මාස තුනයි ලවර්ස්ල විදිහට හිටියේ.. වැඩේ හබක්... හැබැයි අපි තාමත් හොද යාළුවෝ.... බ්රේක් උන කාලේ හිතට දුක උනාට දැන්නම් මතක් උනාම මාර ආතල්...

    ReplyDelete
    Replies
    1. ප්‍ර‍ථම ප්‍රේමය කියලා මම අදහස් කලේ ඒක පාර්ශවීයව හෝ ගෑල්ළමයෙක් ගැන හිතේ ඇතිවුනු පළමු හැගීම....

      Delete
  16. තවත් හිත අදිලා යන writing style එකක් ....... හිස් අහසේ සඳරුගෙ වගේම නොවුනට එවගෙම එලම කිරි writing style එකක් ....
    මම හිතන සිරා... හරියටම ඔබ නම්... ඉස්කොලේ western band එකේ සිද්ද වෙච්ච ගොඩක් කතා.. මේ blog එකේ බලන්න පුලුවන් වෙයි... වගේ... ;)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ.....

      ඒ සිරා තමයි මම.... ඊයක් දාන්න බලන්න කවුද මේ කියලා දැන ගන්න.... හොද හොද ඒවා එළිවෙන ජාමෙට වගේ Western Band කථා ඉදිරියට.... ඔබට ජය!

      Delete
  17. පට්ට මචං. අපි එකම කාලේ එවුන් බලාන එනකොට. මටත් මගේ ප්‍රථම කුජීත ආදර සීන් කොන් එක මතක වුනා. (ඊට පස්සේ එව්වා ප්‍රථම එකේ දෙබල්) පොස්ට් එකක් ම ලියන්නම්. ඒ කාලේ ඉතින් කොහෙද ටෙලිපෝන් දෙය්යෝ?? කෙල්ලගේ නම හොයාන ලියුං කරදහියක් සුවඳ කොලේක ලියලා සින්දු ලියලා ඒ මදි නම් හාට් ස්ටිකර් අලවලා ගිහින් දෙනවා මිස. අම්මේ ඒ කාලේ..

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න බලන්න අපි ඉන්නවා නොවැ...

      Delete
  18. සික් කිරි අම්මට අහු වුණා නම් හම්බ වෙයි මෙයාට ප්‍රථම ප්‍රේමය නෙමේ හොඳ ටොක්කක් . ඔන්න ඔය නිසා නේ නන්දා මාලිනි කියන්නේ '' නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන '' කියල . ලියවිල්ල නම් සිරා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරී... මටත් හොරෙන් මගේ හිතින් බිදින් බිද ආදරය සොරා ගෙන, මගේ සිතම ඔබ රැගෙන ගිහින් කියලා රෝහණ සිරිවර්ධනත් කියලා තියෙනවා...

      Delete
  19. මමත් ඒ දවස්වල ලිව්වා ඔය වගේ පලවෙනි ආදර කතාවක්.
    සිරාගේ ආදර කතාවත් පට්ට සිරා !!

    ReplyDelete
    Replies
    1. මම ඒ ආදර කථාවත් කියවලා බලන්නම්... ප්‍ර‍ථම ආදරේ ගොඩ ද ?

      Delete
    2. ගොඩ නම් මම තාම තනිකඩව ඉන්නවා යෑ... හික්ස් :)

      Delete
  20. හි හි... මටත් මගේ පළවෙනි (සිරා) ආදරේ දැක්කම තාමත් කකුල් මැඩ්ලින් ගහනවානේ.. මේක ලෙඩක්ද කොහෙද......

    හැමදාම හවසට කකුල් මැඩ්ලින් ගහන එක හොද නෑ නේද....? මොකද මං එයාව තමා බැන්දේ....

    මරැ කතාව... මාත් ඉස්කෝලෙ හොද ළමයෙක් තමා... කොච්චර හොදද කියනවානම් එයා ලියුම දුන්නට පස්සේ මාව නිකම්ම බුක් උනා....... මට හා කිව්වෙත් නෑ.... ඒත් ඊට පස්සේ එකක්වත් මට ලියුමක් දුන්නේ නෑ නේ... දුකේ බෑ.....

    මේ කතාවට මට ආස හිතුනා අප්පා.. ඇයි මන්දා..... ඔය බලන් හිටපු ඇස් වලින් ලවු කරපු ඒවා තිබුනානේ පස්සේ...

    ReplyDelete
    Replies
    1. ලස්සනයි හිරු.... ඔබට වගේ හැමෝටම පළමු ආදරය ජය ගන්න ලැබෙන්නෙ නෑ නොවැ... ඒ අතින් ඔබ වාසනාවන්තයි... ඔබේ පවුල් ජීවිතය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා කියලා පතනවා...

      මුල්ම ආදර හැගීම දැනෙන කාලෙ අපි එච්චරම අත්දැකීම් නැති නිසාද කොහෙද හැමදාමත් ඒ සුන්දරත්වය දැනෙනවා... කෙල්ලෙක්ගෙන් අහගන්න විදපු දුක මතක් වෙනකොට දැන් නම් හිනා යනවා...

      Delete
  21. මැක්සා කතාව අයියා අපි නම් තාම ඔය කාලෙ පහු කොලා විතරයි........

    ReplyDelete
    Replies
    1. පහු කරපු දේ වලින් අත්දැකීම් අරගෙන ඉස්සරහට යනවා හොදා...

      Delete
  22. උඹගේ ලිවිල්ල නම් මරු බං. මම ඒ ක්ලාස් එකේ මාත් හිටියා වගේ දැනුනා. ලව් නම් ලව් මය. තවමත් මතක වෙනකොට එච්චරම නැති උනත් හීනියට වගේ කියන්න බැරි හැගීමක් දැනෙනවා බං.

    චන්දනගේ සටහන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන... මේ ලිවීමේ රටාව මේ වෙද්දි වෙනස් වෙලානෙ මටත් නොදැනිම...

      Delete
  23. හ්ම්ම්ම්ම් ඔන්න ඔහොමලු සිරාට උනා කියන්නේ....

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් හරිම වේදනයි මෙයා....

      Delete
  24. අනේ පව් සිරා..ආරම්භයම කදුලක් වෙලා..නෙ..
    ඔන්න එහෙනම් තට්ටුවක් නොදාම කාමරයට ගොඩ වුනා මං..

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ලබා උපන් හැටි තමයි... සිරා තවමත් තනිකඩයි...

      ස්තූතියි මේ පැත්තට ආවට...

      Delete
  25. හොඳයි තව තවත් හොඳට කරගෙන යන්න බලන්න මේ පුතාට සුබ පතමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආචාර්ය තුමනි...

      Delete
  26. Your writtings are ausome buddy I feel your story to hardly keep up the good work most nayakanz have matters like your`s with there first love including me. any way it`s a really good experiance for life

    ReplyDelete
    Replies
    1. Thanks a lot for your valuable comment...such comments make me strong day by day...

      Delete
  27. ඔව් සිරා මගෙත් පලවෙනි ආදරේ කිසිම කෙනෙක් නෙවේ .අපේම
    ගෙයක් ළඟ හිටපු කෙනෙක්.ඒත් එයාව මම මට අවුරුදු
    16 වෙනකන් දැකල නැහැ තිබුනේ.මම පස්සේ හොයන් යද්දියි
    දන්නේ එයා ඉන්නෙත් ගෙවල් 15 වගේ එහා කියල.පොස්ට් එකක් විදිහට
    දන්නා තරම් ඒවා තියෙනවා ඒක ගැනත් ...

    ReplyDelete
    Replies
    1. ඒ දන්න දේවල් ඔබේ බ්ලොගියෙ අකුරු කලොත් නරකද සහන්...රහට තියෙයි.

      Delete
  28. ආ... ඔය ලියුම දෙන්න හිතන කොට පපුව ඇම්ලිෆයර් එක දාල සවුන්ඩ් එක දෙන එක කොච්චර වදයක්ද බං.. කියලා වැඩක් නෑ අප්පා මටත් ඔය ගෑනු සබකෝලය හොද එකෙන් තිබ්බා 11 ට කලින්... සිරා ...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කියලා වැඩක් නෑ...එහෙම අත්දැකීමක් ලබපු කෙනෙක් තමයි ඒකෙ රහ දන්නෙ.

      Delete
  29. sira aiye mamath oya modakama kara ........... iskole hoda putha nisa mage 1st adare wenakenekge wenawa balagena hitiya.............. edara mama thaniyama aduwa........

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මේ අත්දැකීම් බොහොම සුන්දරවයි දැනුනෙ මලයො...අද ඒකත් හොදටම වාණිජකරණය වෙලා...ෆේස් බුක් එකෙන් නැත්නම් SMS එකෙන් කැමැත්ත අහන්න පුලුවන් කාලයක් උදාවෙලා.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...