පිරිමි පාසලක හිටිය මම පහේ පන්තියේ සිස්සත්තෙන් පාස් වෙලා , හහේ පන්තියට මිශ්‍ර පාසලකට යන්න උනත් මේ ම්ශ්‍ර බවේ ඇඳුමක වෙනස මිසක් වෙනත් දෙයක් තිබුනෙ නෑ . සපත්තු ,ඇදුම් ගුරු පාරක බෝල ගහපු සුදුපාට ටෙනිස් බෝලවගේ පාටවෙලා ඒ වෙනසත් මකල දැම්මා. බැනගන්න, ගහගන්න ,සෙල්ලම් කරන්න යාළු වෙන්න ,තරහ වෙන්න මේ මිශ්‍ර බව බාධාවක් උනේ නෑ . මේ නොවෙනස් බව අවුරුදු හතර හමාරක්ම එකම විදිහට ගෙවිල ගියා.
මේ කියන දවසත් වෙනසක් නැතුව වෙනදා විදියටම උදා උනා, කටක් දෙකක් කාල , අන්තිම තප්පරේට කෝච්චියට දුවන ගමන් බෙලිගහ යට වැටිල තියන බෙලි ගෙඩියක් වගේම වෙරළු ගහ යට වැටෙන වෙරළු ගෙඩිටිකත් අහුලගෙන යන්තම් කෝච්චියේ අන්තිම පෙට්ටියේ එල්ලිලා කමිසෙ බොත්තම් ටිකත් දාගෙන ඉස්සරහ පෙට්ටිවල ඉන්න යාළුවො අතරට වැදිල ඉස්කෝලෙට ගියා. මේ නිවාසාන්තර ක්‍රීඩා තරග සදහා පුහුණුවන කාලය ඉතින් වෙනදටත් කලින්ම දුබුරු පාට ටෙනිස් බෝලයක් වෙන්න අවස්ථාව තිබුනා. පුරුදු විදිහටම ගෙදරින් දුන්න බත් ගෙඩියට වගේම අහල පහල බත් ගෙඩි වලටත් සවල් පාරවල් දෙක තුනකින් සම්මාදම් වෙලා අත් හෝද ගැනීමේ තියුණු තරගයට එකතු උනා. කැලේ නීතිය ක්‍රියාත්මක උන වතුර කරාමයට යන්තම් අත දාලා ගෑවෙන වතුර ටිකකින් අත හෝදගෙන ගසපු වතුර බිංදු , තරගයට කිසිම සුදානමක් නැති ගුරු පාට උන සපත්තු දෙකක පුංචි රටාවක් දැම්ම. කවුද මේකේ අයිති කාරය, තවත් දුබුරු පාට ටෙනිස් බෝලයක් නොවුන බෝලයක්. බඩේ ඉදන් පපුවට මොකක්දෝ එකක් ආවා. පපුවෙන් ඔලුවට ආව ඒ කියන්නෙ නොදන්නා දේ හැමදේම උඩු යටිකුරු කලා.
පහුවදා ඉදන් මගෙ ලෝකය අමුතු එකක් උනා , මම හිතන්නෙ එදා ඉදන් තමයි අපේ ඉස්කෝලේ වෙනස් උනේ. වෙනද නොතිබ්බ මල් , ගස් මාත් එක්ක හිනා උනාද , මට හිනා උනාද මම දන්නෙ නෑ( හැලපේ අයියල හිටෝපු ගස් හින්ද මට හිනාවෙන්න ඇති ) හැමදේම වෙනස් විදිහට මට පෙනුනා. දුඹුරු පාට මම සුදු පාටට මාරු උනා. වේලිච්ච ඉපනැල්ලක් වගේ තිබුන කොණ්ඩේ ජෙල් තට්ටුවකින් තෙත් කලාපීය වනාන්තරයක් උනා. කොටින්ම කිව්වොත් කන කොකා කිරි කොකා ට හැරුනා . මම හීන ලෝකෙ සක්විති රජ උනා.
මගෙ හීන ලෝකෙ රැජින ඇත්තටම මගේම කරගන්න හීන ලෝකෙන් ප්‍රේම ලෝකෙට බැස්සා .මාස දෙකතුනක පාමුර සංචාර , ඇම්බුෂ් වලින් පස්සෙ දවසක් මම මගෙ ඒක පාර්ශවීය ප්‍රේමය ඇයට ප්‍රකාශ කලා
" ඔයාට ඉන්න කෙල්ල මදි වෙලාද මට යාලුවෙන්න කියන්නෙ "
" ........මොකක් .....ද ? කවුද , මොනවද ....."
" අර ඔයාගෙ පංතියේ ඉන්න ක්‍රිෂාන්ති අක්කා, හොස්ටල් එකේ ඉන්නෙ එයා. එයාගෙන්ම අහගන්න මගේ යාළුවට එයාම තමයි කියලා තියෙන්නෙ."
" එහෙම එකක් නෑ ....මම එයාගෙන් අහන්නම් "
පසුදා .
" පොකුටී ....මොනාද යකෝ උඹ හොස්ටල් එකේ ගිහින් කිවුවෙ , මම එක්ක යාළුයි කිව්වද ."
" නෑ ... මගෙන් උඹ ගැන ඇහුවා, හරි හොද කෙනෙක් කියලා , උඹ මගෙ හොඳම යාළු කොල්ලා කියලත් මම කිව්වා "
" නෙදකින් ..... අනේ පොඩ්ඩක් ගිහින් පැහැදිලි කරලා වරෙන්, මට කැමතිදත් කියල අහගෙන වරෙන් ඔය ගමන්ම "
එදාම හවස එකඟතා ගොඩාක් එක්ක සමන්මලී නංගිගෙන් ... " මම කැමතියි, හැබැයි මාව රිදවන්න එපා " කියලා උත්තරයක් හම්බවුනා . එදා ඉදන් අපේ ලෝකය හරිම සුන්දර උනා කිවුවොත් හරි. කොටින්ම එයා මගේ ලෝකය සුන්දර කලා කිවුවොත් නිවැරදියි . ටිකින් ටික අපි ඉහළ පංති වලට ආවා. මම වාණිජ අංශයටත් , ඊට පස්සෙ අවුරුද්දෙ එයා විද්‍යා අංශයටත් එකතු උනා . A /L කාලෙ අපේ බැදීම ගොඩක් වැඩි උනා. අපි දෙන්නා ඉස්කෝලෙ ඇතුලෙ සාලිය අශෝක මාලා වගේ ප්‍රසිද්ධ ජෝඩුවක් කියලා මම දැනගත්තෙ, ප්‍රින්සිපල් මේ ගැන අපේ පන්ති බාර ගුරුතුමියගෙන් ඇහුවට පස්සෙ.

ටික කාලයක් යද්දි බ්‍රේක් නැති කටවල් තිබ්බ අපේ මිත්‍රයො නිසා අපේ අම්මා, තාත්තා වෙන්ඩ ඉන්න ලේලි ගැන දැනගත්තා. සාධාරණය ගැන උපරිමෙන් හිතපු අපේ තාත්තා මේ පෙම් පුවත සමන්මලීගෙ තාත්තට කිවුව. දෙමාපියන් දැනගත්තා අපි මේ සම්බන්ධය නවත්තන්නේ නෑ කියලා. හැම ආදර කථාවකම වගේ මල්වතු , දුම්රියපොල, පන්සල් , පල්ලි , විනෝද චාරිකා ආදිය එක්ක අපේ ආදර කථාවත් මිහිරි ලෙස ගලගියා .
සමන්මලී මෙඩිකල් කොලේජ් යන්න තේරුන දවසෙත් සතුටු වෙනවට වඩා දුක් උනේ මගෙන් ඈත් වෙලා ඉන්න වෙන හින්දා කියලා එයා ක්‍රියා කරණ විදිහෙන්ම මම දැනගෙන හිටියා . තවත් අවුරුද්දක් විතර මගේ පුංචි දොස්තර නෝනට මම සෙවනැල්ලක් වෙලා හිටියා. මේ කාලෙදි ටික, ටික මාත් එක්ක මත ගැටුම් ආවා..ඒත් බොහොම සුළු දේවල් ....තවත් මාස තුනක් ගිය දවසක, ගහෙන් ගෙඩි එනවා වගේ එක පාරටම,
" අපි අපේ සම්බන්ධය නවත්තමු .....ඔයා කවදාවත් හැදෙන කෙනෙක් නෙමෙයි, " කියලා එයා මේ සම්බන්ධය බොහොම නපුරු විදිහට නතර කලා. මගේ ආදර රජදහන, සිහින මාළිගා බිමට සමතලා කරලා දැම්මා. එයාගෙ දෙමාපියන් නංගිල කොච්චර කිවුවත් එයාගෙ තීරණය වෙනසක් උනේම නෑ.
මම ජීවිතේට විරහව කියන වචනයෙ තේරුම අත් වින්දෙ එදා . මගෙ දෙමාපියො , සහෝදරයො , මිත්තරයො හැමෝම මාව සනසන්න ගොඩක් උත්සාහ කලා. මම රැවුල කොන්ඩේ වවාගත්ත පිස්සෙක් වගේ මාසයක් විතර හිටියා . දවසක් හවසක මගෙ ආදරණිය ලොකු තාත්තා ගෙදර ආවා .
ඒකාධිපති තීරණ ගන්න ලොකු තාත්තත් එක්ක මම රූකඩයක් වගේ කොළඹ ආවා. සැලුන් එකකින් කොන්ඩේ රැවුල කප්පවල ඇදුම් ටිකක් අරන් දීලා එයාලගෙ ගෙදර ගියා. මට වෙන්ඩ යනදේ මම දැනගත්තෙ ලොකු තාත්තගේ දුවගෙන්.
" මල්ලි ඔයා තේ වත්තකට යනවා නේද ....අනේ ෂෝක් අපි එන්නම් ඔයාව බලන්න "
මට වැටහුනා, මම ආදරය කරපු තවත් දෙයක් ගැන අපේ දෙමවුපියො දැනගෙන ඉඳපු බව , මට එදා මගේ පවුලෙ අය ගැන තිබුන ආදරය තවත් වැඩි උනා . නිදහසේ මනෝ පාරක් ගහගෙන ඉන්න පුළුවන් නිසා මමත් කැමැත්තෙන්ම පහුවෙනිදා සම්මුඛ පරීක්ෂණයක් වගේ එකකට ගියා , මෙතන නම් වශයෙන් කියන්න පුළුවන් උනානම් හොඳයි. ඒ උත්තම චරිත කීපය ගැන, ඔයින් මෙයින් උඩුපුස්වැල්ලාව තේ වත්තක පුහුණු වන නිලධාරියෙක් විදිහට කවදාවත් හැදෙන්නෙ නැති මම හැදෙන්න තීරණය කලා. සම්මුඛ පරීක්ෂණයෙන් පස්සෙ සේවයට බදවාගෙන සීඝ්‍රගාමී විදිහට එදාම මට සේවය කරන්න තියෙන වත්තට පිටත් කලා .
මම තනියෙන් ඉන්න පුළුවන් කියල හිිතේ මවාගෙන ගිය නවාතැන වෙනුවට වත්තෙ කළමනාකරුගෙ වතු බංගලාවේ නවතින්න මට සිද්ධ උනා. කදු මුදුනක තිබ්බ ඒ මනරම් පරිසරය මිත්‍රයෙක් වගේ මගෙ හිත සන්සුන් කලා . කිසිම දෙයක් කල්පනා කරන්න වෙලාවක් නැති ඒකාකාරී ජීවිතය තේ පදුරු , ෆැක්ටරිය එක්ක ගෙවිලා ගියා . ඉතාමත් කරුණාවන්ත වගේම ආදරණිය කළමනාකාර තුමා මෙන්ම ඔහුගේ බිරිඳත් මගේ සිත් බිදීම ගැන දැනුවත් වෙලා තිබුනා. ජිවිතේ නැවත පටන් ගන්න ශක්තිය දෙන වචන පෙළ මේ දෙවෙනි දෙමාපිය යුවලයි දවසක්දා මට දුන්නෙ.
" ඔයා කරන්නෙ නෑ කියල සමන්මලී කියපු දේ කරලා පෙන්වන්න . රස්සාවෙ ඉහළට යන්න , ගෙයක් හදන්න , වාහනයක් ගන්න , තවත් ඉගෙන ගන්න , හොද ලස්සන කෙනෙක් බඳින්න.
මේ වචන පෙල සද්ද නැතුව අහගෙන හිටිය මම, අන්තිමට දේට ඇරෙන්න අනිත් හැමදේටම එකඟ උනා .
" ඔයාගෙ කොහෙද තියෙන්නෙ , ඔයා බදින්නේ සමන්මලීම කියල " "ඒක දෙවියන්ගේ කැමැත්ත" " නැත්නම් ඔයාගෙ ලැබීම "
දෙවියන්ගෙ කැමැත්ත මගේ කැමැත්ත නොවුනත් ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.
පුහුණුව අවසානයේ නැවතත් ප්‍රධාන කාර්යාලයේ රස්සාවට කොළඹ එන්න සිදුවුනා . දවසක්දා අතර මගකදී කොටුව ස්ටේෂන් එකේදී මමයි එයයි මුහුණට මුහුණ හමු උනේ දෛවයේ සරදමකට වගෙයි. හිත කීරි ගැහෙන දුකක් ඒ රුව දුටු විගස දැනුනත් සුළු මොහොතකින් නැති වෙලා ගියා . කෙටි කථා බහකින් පස්සෙ අපි පුරුදු විදියට වෙන්වෙලා ගියා.
මගේ ජීවිතේ දෙවෙනි පරිඡේදය ආරම්භ කරන්න අධිෂ්ඨාන කලා. හැදෙන්න ඕනෙ / හැදිල පෙන්නන්ඩ ඕනෙ .
වතු කළමණාකාර තුමා එදා කිව්ව විදිහටම හැම අතින්ම මම හැදුනා. කාලයක් යද්දි මගෙත් එක්ක දුම්රියේ යද්දී හමුවුන යෙහෙලියක් මගෙ පෙම්වතිය උනා ( පෙම්වතිය කලා ) කිවුවොත් නිවැරදියි. ජීවිතයට නොසිතූ ලෙස ලැබුන සුන්දර බිරිඳ පිළිබද කියන්න ගියොත් මෙතන වෙනම ලිපියක් ලියන්න වෙනවා. ඒ නිසා මම ඒ ගැන ලියන්න මේ අවස්ථාව යොදා ගන්නෙ නෑ.

" මම කැමතියි, හැබැයි මාව රිදවන්න එපා " අපේ ආදර කථාවෙ ආරම්භයෙදිම ඇය කල ඉල්ලීම ඒ විදියටම ඉටුඋනා. මම කවදාවත් ඇයව රිදෙව්වෙ නෑ.
කාලය ගත උනා. මම වගේම ඇයත් විවාහ උනා. දෙමාපියො උනා. ඇය අද මගේ මිත්තරයෙකුගෙ බිරිඳ වගේම දැනටත් අපේ පවුලේ ලගම හිතවතියක්. ඉස්සරහදි එන්න පුලුවන් ලෙඩ දුක් ගැන හිතලා අරක්කු තහනම් කරන කරදරකාර දොස්තර නෝනෙක්.
ගොඩාක් වචන පාවිච්චි කරලා දිගට ලියන්න පුලුවන් මගේ කථාව සාරාංශයක් විදියට ඒ විදියයි. බූට් කාපු කොල්ලන්ට මගේ අත්දැකීමෙන් මම කියන්නෙ උඹලා වින්ද ඒ වේදනාවම යහපත් හෙට දවසකට යන්න පාලම කරගන්න. දුක මතින් අධිෂ්ඨානයක්, අනාගත සැලසුමක් හදාගන්න. එහෙම කලොත් මම අද විඳින සතුට ඔබටත් නිසැකවම විඳින්න ලැබේවි.
සිරාගෙ කාමරයේ බූට් මාසයේ 7 වෙනි ලිපිය වෙනුවෙන්
ලංකාවේ ගම්පහ පුරවරයේ සිට ලියා එව්වේ කම්මල.
මගෙ ජීවිතේ හැම අවස්ථාවකදීම අවුරුදු 18ක් තිස්සේ නොවැටී සිටීමට දිරිදුන් චරිතයක් වූ අප සමාගමේ සභාපති තුමාට , පහේ පංතියෙන් පසුව ලියු මගේ දිගම ලිපිය ( බූට් ලිපිය ) උපහාරයක් වේවා !!!!
තව ටිකක් පහලින් සිරා කොලුවා වන මවිසින් මේ සුට්ට ලියමි.
පුරා මාසයක් පුරාවට ආදරයේ විරහව පමණක් කාමරයට ගෙනෙන්නට මා පෙළඹවූයේ ත්‍රෛයිමාසික නමුත් හද පතුලෙන් කල ආදරයක වියෝව හමුවේ සිරා කොලුවා වන මට දැනුන චිත්ත පීඩාව සහ වේදනාවයි. ආදරය හමුවේ අවංක වන සෑම කෙනෙකුටම ආදරයේ වියෝව ඇති කරන්නේ මහත් කණස්සල්ලකි. දුරු කතරක හිතේ දුක කියන්නට ලගම කියා මිතුරන් නැති පරිසරයක සිට මම මගේ දුක යම් පමණකට මගේ දුප්පත් කාමරයේ ලෑලි දොර ඇර අකුරු කළෙමි. ලොවට රහසේ මා වැනිම චිත්ත පීඩා විඳි තවත් පිරිසක් ඒ වටා එකතු වීමත්, මාසයේ අවසාන දිනය උදා වන විට කාගෙ කාගෙත් දුක තුරන් වීමත්, කිසිදිනෙක හැබැහින් මුණ ගැසී නැති මේ මිතුරු කැළ අතර මිත්‍රත්වය දළුලා තිබීමත් බූට් මාසය අවසානයේ වැර වෑයමෙන් ඉපයූ වත්කම් වන්නේය. මෙයින් මතු දිනයක හෝ ආදරයේ විරහවෙන් සිත කඩා වැටුනු මානවකයෙකු / මානවිකාවක මේ ලියවිලි කියවන්නේ නම් ඔවුනට දුක තුනී කර තමන්ගේ ගමන යන්නට යම්කිසි රුකුලක් ඒවායින් ලැබෙනු ඇතැයි මම උදක්ම සිතමි.
විරහා දුක නිට්ටාවටම සුව කරන්නේ කාලයයි. නමුත් ඒ අතර කාල පරාසය ගත කිරීම ඇතමෙකුට සැබැවින්ම අභියෝගයකි. හැකි තරම් කාර්ය බහුල වීම හෝ අලුත් විෂයක් අධ්‍යයනයේ නිරත වීම / විරහා ගීත ශ්‍රවණයෙන් හැකි තරම් ඈත් වීම / පැරණි පෙම්වතා හෝ පෙම්වතිය දුන් තෑගි බෝග, මතක සටහන් , උපන් දින සුභ පැතුම්, ඡායාරූප ආදිය පෙනෙන මානයෙන් ඉවත් කිරීම, හිත පෙළෙන දුක ළඟම හිතවතෙකු සමග සාකච්ඡා කිරීම ආදිය ප්‍රේමයේ විප්‍රයෝගයේ වේදනාව යම් තරමකින් අඩු කර නිට්ටාවට සුව කරගන්නට ඉවහල් වන කාරණා බව මම අත්දැකීමෙන් දනිමි.
ඉඳින් සබඳ, බූට් මාසයෙන් සමුගෙන යන්නට අවසර, යළිදු කිසිම කිසි දිනයක බූට් මාසයක් සිරාගෙ කාමරයට ආයෙත් උදා වෙන එකක් නෑ කියලයි මගේ අක්මාවට දැනෙන්නෙ. මේ මාසය පුරාම තමන්ගෙ ප්‍රේම අත්දැකීම් වලින් කාමරයේ ලිපි පෝෂණය කල, ඒවාට අදහස් දැක්වූ සහ ගීත වලින් මේ ලියවිලි රසවත් කල සියලුම සහෘදයන්ට මාගේ නොවක් ස්තූතිය.
බුදු දහමට අනුව විරහා දුක මඬින ක්‍රමය කියා දෙන කදිම ලිපියක් මෙතැනින් කියවන්න.
විරහව යහපත් අන්දමින් දකින්නට රුකුලක් වන අපූරු ගීතයක්. අසාගෙන අපි නික්ම යමු.
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක්
සතුටේ උපත කඳුළයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක්
සතුටේ උපත කඳුළයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්
පදරචනය -කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ