මේ අවුරුද්දෙ වෙසක් දවස උදා වෙනකං සිරා කොලුවා බොහොම ආශාවෙන් පොඩි එකෙක් වගේ බලාන උන්නෙ සිරාගෙ අතිජාත ස්කූටරේ නැගලා යාලු හිත මිත්තරාදින් එක්ක ඉස්සර වගේ රවුමක් කාරිය යන්න පුලුවන් හින්දයි. අවුරුදු 3 ක්ම සිරා කොලුවට ලංකාවෙ වෙසක් දකින්න බැරි උන නිසා මේ වතාව බොහොම විශේෂ එකක් උනා. එහෙත් අයහපත් කාළගුණය හමුවේ මේ බලාපොරොත්තු බිඳ වැටුනා. ඇරත් සිරා කොලුවගෙ හිත මිත්තරාදින් අතර උන්න අයගෙන් බහුතරයක් පුංචි දරුවන්ගෙ පිය වරුන් වෙලා ඉන්න නිසා ඉස්සර වගේ දුර ඈත, වාහනයක මිස, යකඩ අස්පයන්ගෙ පිටේ නැගලා යන්න මනාප නෑ. මේ වගේ වට පිටාවක නිවසින් පිට යන්නෙ නැතුව ගෙදරටම වෙලා වෙසක් සමරන්නයි අන්තිමේදි මට සිද්ධ උනේ.
එහෙම ඉන්න අතරෙදි මගේ හිත ඈත අතීතයේ දවස් අතර අතර මං උනා. මම හිතින් පොඩි එකෙක් වගේ ඒ අතීත මතක සටහන් අතරටම වෙලා හිටියා. පොඩි කොල්ලො විදියට එකතු වෙලා සරුංගල් හදපු හැටි, සරුංගලේ නූල කැඩුනාම ඔලුව ගිණි ගත්තා වගේ සරුංගලේ පස්සෙ දුවපු හැටි, බට තුවක්කු හදාගෙන ඒවට දාන්න කිරිල්ල හොයන්න ගිය හැටි, වෙසක් කූඩු හදන්න උණ ගස් කපපු හැටි, කුඹුරු යාය මැද්දෙ අපි ක්‍රිකට් ක්‍රීඩාව කරපු හැටි... මේ ක්‍රියාකාරකම් නිසා හිතට දැනුන චමත්කාරය, කාලය ගත වෙලා ගියාට තවමත් දැනෙනවා වාගෙයි.
කිත්තා...මේ මතක සටහන් බොහොමයක ජීවමාන වෙන චරිතයක්. සිරා කොලුවාට වඩා වසර දෙක තුනක් වැඩිමල් කිත්තා මා එක්ක මුලින්ම ගණුදෙනුව පටන් ගන්නෙ කුඹුරු යාය මැද්දෙ ක්‍රිකට් ගහපු අවදියෙදි. අත ඇරලා දාලා තිබුන කුඹුරු කීපයක් මැද තැනක ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹුනේ බොහොම සුලුවට. කොළඹ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයෙක් වෙලා හිටිය අපේ ගමේ රොෂාන් අයියා වගේ වැඩිමල් උන් තමයි මේ කාරියට උර දුන්නෙ. කාලයක් මේ විදියට ක්‍රීඩාව කරගෙන යද්දි අපේ තණ තිල්ල ස්වභාවිකවම ඉතාම හොද තත්වයට පත් උනා. පැයක් වැස්සත් විනාඩි 10 න් වතුර බැහැලා ගියා. සැහැල්ලු පන්දු ක්‍රීඩා කරපු අපි පස්සෙ කාලෙක රොෂාන් අයියගෙ උපාංග වල පිහිටෙන් ලෙදර් බෝල එක්කත් ක්‍රීඩාව කරන තත්වයට උසස් උනා.
මෙන්න මේ වටපිටාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න සිරා කොලුවට හැකි උනේ 8 කැලෑසියට වගේ ආවට පස්සෙ. හරියට අද කාලෙ පුහුණු සංචිතයක ඉදලා කණ්ඩායමට එනවා වගේ. පොඩි උන්ට වේග පන්දු වලට මුහුණ දෙන්න තියෙන අපහසුතාවත්, පන්දු රැකීමේ දුර්වලතාවත් නිසා අපේ ගමේ වැඩිමල් උන් තමන් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවට එතනින් පහල උන්ව ගත්තෙ නෑ. ඒ වගේ උන්ට සිද්ධ උනේ හොටු පෙරාගෙන අනිත් උන් ක්‍රීඩා කරන දිහා බලාන ඉන්න.
රොෂාන් ගොයියගෙ අධිසැර පන්දු වලට භයේ අපි ටෙනිස් බෝල ක්‍රීඩාව කරපු මුල් අවධිය මට තවමත් හොදට මතකයි. ඒ කාලෙ අපේ පිත්තත් පාදයත් අස්සෙන් පන්දුව කඩුලු වල දැවටුනේ හරිම පහසුවෙන්. මෙන්න මේ කාරණයට විසදුමක් විදියට කිත්තා එක අතකින් පිත්තේ මිටත් අනිත් අතින් පිත්තේ පහළ කොනත් අල්ලගෙන දෙකට නැමිලා වගේ ආරක්ෂා කාරී පියවර අනුගමනය කලා. කිත්තා කිව්ව ගමන් මට නිරායාසයෙන් මතක් වෙන්නෙ කිත්තගෙ ලෑල්ල. කිත්තා ලෑලි දදා ඉද්දි දවා ගන්න නම් මෙලෝ ජගතෙක්ට ඉඩක් නෑ. ඒ වෙලාවට නම් පන්දු යවන්නො කුණු හබ්බක් දෙකක් හීනියට අත ඇරියෙ කිත්තව මානසිකව වට්ටන්න හිතාගෙන වෙන්න ඇති.
කුඹුරු වපුරන කාලෙට අපේ ක්‍රීඩාපිටිය සහමුලින් ජලයෙන් යට වෙනවා. 96 ලෝක කුසලාන ජයත් එක්ක ඒ වෙද්දි අපිට වැළදිලා තිබුන ක්‍රිකට් උණ නිසාම ක්‍රීඩාව ජලයට යට වෙන්න දෙන්න කොහෙත්ම බෑ. එවැනි වටපිටාවක විකල්ප ක්‍රීඩා පිටි කීපයක් අපිට තිබුනා. විශාල පොල් ඉඩමක් වන පිල්ලෑව වත්ත වගේම වෙන්දේසි වත්තත් මේ අතරට අයත් උනා.
වෙන්දේසි වත්ත ප්‍රසිද්ධ සමාගමකින් කොටස් කරලා ඉඩම් කට්ටි විකුනලා තිබුන ඉඩමක්. ඒවා මිළදී ගත්ත හිමිකරුවන් මේ ඉඩම් වල නිවාස ඉඳිකිරීම ආරම්භ කරන තෙක් ක්‍රීඩාව කරගෙන යන්න අපිට හැකි උනා.
කට හැකර ඇලිස් උන්දා ජීවත් උනේ මේ වෙන්දේසි වත්තට යාබදව. ඇලිස් උන්දැගෙ රන් තැඹිලි ගහෙන් ගෙඩියක් දෙකක් හොරට කඩන්න කිත්තට තිබුනෙ පුදුමාකාර කෑදර කමක්. උන්දැ බැහැරට ගිය බවක් දැනුනොත් කිත්තා ගහ දිගේ බඩගාන්නෙ ක්‍රීඩාව පටන් ගන්නත් කලියෙන්. මෙන්න මේ වගේ දවසක ගහට බඩ ගාපු කිත්තා පුක ගිණි ගත්තා වගේ එක පාරටම ගහෙන් බිමට රූටගෙන ආවා. පශ්චාත් භාගය අත් දෙකෙන්ම අල්ලගෙන බොහෝ දුරක් දුවලයි මිනිහා නතර උනේ. උගෙ කලිසන් කොටේ පාත් කරලා බැලුවාම කලුපාට තට්ටං කෑලි දෙකට කලාදුරු හමුදාවක් ඇරියස් අල්ලලා.....අන්තිමට ඇලිස් උන්දැගෙම රතු ලූණු අතුල්ලලා තමයි පුකේ දැවිල්ලට සහනයක් හොයා ගත්තෙ.
මේ කියන අතීතෙ අපේ කොලු නඩේ නිතර හමු උන තවත් තැනක් තමයි අත්තනගළු ඔයේ අපේ නාන මංකඩ. කාගෙ කාගෙත් දිය පිණුම්, කරණම්, කිමිදුම් දක්ෂතාවන් ප්‍රකට වෙච්ච මේ පරිසරයෙ කිත්තටත් හොඳ නමක් තිබුනා. පැය දෙක තුනක් වතුරෙ ඔට්ටු තියලා ඇස් ගෙඩි ගොරකා මද වගේ රතු පාට උනාමයි අපි ඒ කාලෙ නිවෙස් බලා ගියෙ.
ඔයට උඩින් තිබුන පාලම යට ඔය ඉවුර එක්ක පුංචි ඉඩක් තියෙනවා. ඒ කොටසට වෙලා මාලු බෑමත් කිත්තා ගජරාමෙට කරපු තවත් වැඩක්. මිනිහට කාන්තා කටහඩකින් කථා කරන්නට විශේෂ හැකියාවක් තිබුනා. ඒ හැකියාවෙන් වැඩ ගත්ත හැටි තමයි සිරා කොලුවා දැන් බොලාට කියන්න යන්නෙ.
ඔයට උඩින් තියෙන පාලමෙන් අපේ ගමට යාබද ගමට යන්නට හැකියි. විශාල ලොරියකට තරමේ යන්නට හැකි පලලක් තියෙන පාලම යට කිත්තා හැංගෙන්නෙ ඈතින් සේවය නිම වී නිවෙස් බලා යන තරුණියක් දෙන්නෙක් එනවා දැක්කොතින් තමයි.
ඒ ඇත්තියො පාලමට පිවිසෙනවාත් එක්කම කිත්තගෙ හඩ කාන්තා කටහඩක් වෙලා පාලම යටින් මතුවෙනවා.
අනේ අයියෙ වඳින්නං මට යන්න දෙන්න... මේ හඬින් තිගැස්සෙන යුවතියෝ ගල් ගැහුනා වගේ පාලම උඩ නවතින හැටි ඔය ඉවුරෙ අට්ටික්කා කරටියක ඉඳගෙන අපි බලා ඉන්නෙ හිනාව අතින් කපාගෙන.
මාව අනාථ කරන්න එපා අයියෙ...මගෙ ඇඳුම් දෙන්නකො....කිත්තගෙ වැලපිල්ල පාඩම උඩට ඇහෙන්නෙ බොහොම සරුවට. මේ හඬින් කම්පනය වෙන යුවතියො පාලමට කිට්ටුව තියෙන මහතු මාමගෙ කඩේට දුවන්නෙ කෙල්ලෙක්ට කරදර කරනෝ... කියලා මහ සද්දෙට බෙරිහන් දෙන ගමන්. අන්න ඒ වෙලාවෙදි පාලම යටින් ඔයට පැනලා දිය යටින් යන කිත්තා අල්ලන්න මොන සක්කරයටවත් ඉඩක් නෑ.
අපේ කථානායකයගෙ දෙමාපියො වැඩිය දැන උගත් අය නෙමෙයි. වැඩිමල් සහෝදරයෙක් සහෝදරියක් එක්ක හිටිය පවුලේ බඩ පිස්සා නිසාමදෝ කිත්තා සෙල්ලක්කාර විදියට තමයි කරදඬු උස් මහත් වෙද්දි හැසිරුනේ. ඉගෙනීමට උවමානවක් තිබුනෙත් නෑ. පාසල් යනවට පාසල් ගිය ඒකාගෙ පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළින් අවසන් උනා.
ඊට මඳ කාලයකට පස්සෙ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ විවේකී බව ටිකෙන් ටික අඩුවෙලාම ගිය නිසා ක්‍රිකට් ක්‍රීඩාව නතර උනා. ඉස්සර දිනපතා මුණ ගැහුන අය සතිපතා වත් හමුනොවන තැනට වැඩ කටයුතු යෙදුනා. තවත් කාලයකට පස්සෙ එකිනෙකා මඟ ඇරුනා. ඔය අල්ල පනල්ලෙ කිත්තා අරාබි රටකට අපනයනය උනා.
සිරා කොලුවා උ/පෙ එහෙම ලියලා අහවර කරලා ඉද්දි කිත්තා ආයෙමත් ලංකාවට ආනයනය උනා. ඒ වෙද්දි මිනිහා ඉස්සර වගේ ලොකු සුහදකමක් නැති අමුතුම ජීවියෙක් වෙලා ඉවරයි. අපේ ගමට යාබද ගමේ නිවෙසක පටන් ගත්ත අලුත් පල්ලියෙ යොහෝවාගෙ සාක්ෂිකාරයො සෙට් එකක් කිත්තගෙ මනස විකාර කරලා මිනිහව බිලී බා ගත්තා.
ඉස්සර දන්සැල් දෙන්න, වෙසක් එකට කොඩියක් දෙකක් එල්ලන්න, ගමේ පොදු වැඩ වලට ආව ගිය කිත්තා දැන් කිසිම කටයුත්තකට එන්නෙ නෑ. ඒ මදිවාට මිනිහගෙ කටේ තිබුනෙ මම මේ ගමේ වැඩ වලට නෑ එහා ගමේ උන් එක්ක තමයි ඉන්නෙ කියන වචනෙ.
අපි කාට කාටත් කිත්තව දිරවන්නෙ නැති තැනට වැඩ කටයුතු සිද්ද උනා. මගදි දැක්කත් අහක බලාගෙන යන තත්වයකට පත් උනා. බෝම්බ හාල් සිද්ධියෙන් පස්සෙ කිත්තට ගමේ උන්ව වහ කඳුරු වගේ උනා. ආයෙ රට පැටවීම පැත්තක තියලා මිනිහා තුන් රෝද රථ රියදුරෙක් විදියට රථයක් අරගෙන අපේ හන්දියෙ බින්න බැස්සා.
ඔය අල්ල පනල්ලෙ දවසක තමයි සිරා කොලුවත් රට පැටවුනේ. මම එහෙ ඉන්න කාලෙ අපේ ගමේ විස්තර නිවසට කථා කරන දවසට මයෙ මලයා මා වෙත සන්නිවේදනය කලා.
ඈත පළාතක ලස්සන කෙල්ලෙක් කිත්තා කසාද බැන්දා...යෝජනාවක්ලු...ගමේ ගොඩාක් උන්ට වෙඩිම කිව්වෙ නෑ. අපිට කිව්වෙත් නෑ. මලයා දවසක් දා කිව්වා.
කිත්තා දැන් තාත්තා කෙනෙක්..පොඩි කොලු පැටියෙක් ඉන්නවා. මයෙ මලයා මට පයින්ඩෙ දීලා මාස 6 කට විතර පස්සෙ මයෙ මලයත් පියෙක් උනා. සිරා කොලුවා මහප්පෙක් උනා.
අපේ දුව ඇවිදින්න එක්ක යද්දි කිත්තගෙ පුතාවත් කිත්තගෙ නෝනා එක්කගෙන එනවා. පොඩි දෙන්නා හරි එකතුයි. ටික කාලයක් ඇවෑමෙන් මලයා කිව්වා.
අද කිත්තගෙ පුතයි අපේ දුවයි ඇවිදින්න අරන් ගියා. පොඩි කොල්ලට හොදටම උණ ...අපේ කෙල්ලට ආපහු යන්න කලින් කිස් එකකුත් දුන්නා. මලයගෙ නෝනා මට කිව්වෙ ඊටත් පස්සෙ දවසක.
මාර වැඩේ අයියෙ, කිත්තා ප්‍රයිවට් බේත් අරගෙන දිදී ඉදලා..උණ හොදටම වැඩි වෙලා..ඉස්පිරිතාලෙ එක්ක යද්දි පරක්කු වැඩියිලු. කිත්තගෙ පොඩි එකා නැති උනා. හැදිලා තියෙන්නෙ H1 N1 ලු. අපේ කෙල්ලටත් ඒ එක්කම හොදටම උණ හැදුනා. ඔය ලෙඩේමයි. අපි නියම වෙලාවට ඉස්පිරිතාලෙ ගිය නිසා කෙල්ල බේරුනා. මයෙ මලයා එහෙම කිව්වම පොඩි එකා මගේ නොවුනත් මටත් ලොකු කම්පනයක් දැනුනා.
තමන්ගෙ ලේ වලින් ජාතක උන දරුවා තමන්ගේ වරදින් වසර දෙකක් ආයු වළඳලා නැති උනා කිව්වම මොන අම්මට තාත්තටද වාවගෙන ඉන්න පුලුවන්. මෙන්න මේ දුක්බර කාලසීමාවෙදි කිත්තගෙ විපර්යාස රාශියක් වෙන්න පටන් ගත්තා. බුදු දහමින් ඈත් වෙලා උන්න කිත්තා ආයෙමත් පන්සල, ස්වාමීන් වහන්සේලා එක්ක ආශ්‍රය පටන් ගත්තා, ගමේ පොදු වැඩ වලදි පෙරමුණ ගත්තා. කා අතරත් හොඳ හිත පැතිරෙව්වා. කාට කාටත් දැන් සතුටුයි. හතුරු වෙලා හිටිය අය කිත්තා එක්ක දැන් මිතුරුයි.
අයියේ...මෙන්න කිත්තා ඇවිල්ලා....හරියටම වෙසක් දවසෙ උදේම මයෙ මලයා බෙරිහන් දෙනකොට මම උන්නෙ ගේ ඇතුලෙ.
කොහොමද මල්ලි...මම පොඩි එකීට වෙසක් කූඩුවක් දීලා යන්න ආවෙ...මම සැකිල්ල හැදුවෙ. අපේ පවුල තමයි කොළ ඇළෙව්වෙ.
සුදුයි රතුයි පුංචි අටපට්ටම දිහා චූටි එකී ආශාවෙන් බලාන ඉන්නවා.
ලත්තනයි...කෙලි පොඩ්ඩගෙ කට ඉස්සර උනා.
කිත්තා පොඩි එකී දිහා හැඟීම්බරව බලාන උන්නා. මගෙ පැටියා හිටියා නම් මීට වඩා සුට්ටක් ලොකුවට ඉඳියි...මිනිහට එහෙම හිතෙන්න ඇති. වැඩි වෙලා උන්නෙ නෑ. කිත්තා අපෙන් සමුගත්තා. වෙසක් කූඩුවක් හදාගන්න වෙලාවක් නැතුව, සල්ලි වලට ගන්න හිටිය අපිට කිත්තා වටිනා තෑග්ගක් දීලා ගියා.
මුලු ගමේම කිත්තගෙ නැති උනා පුතාගෙ වයසට ලඟ පුංචි අය ඉන්න ගෙවල් වලට කිත්තා අටපට්ටම් හදලා ළගටම ගිහින් දීලා. පව් නේද දුවේ...අපේ අම්මා මලයගෙ නෝනට කිව්වෙ එදා දවල් බතට කලියෙන්.
දන්නවද වැඩක්...අන්න කිත්තගෙ නෝනට ආයෙමත් දරුවෙක් ලැබෙන්නලු....අපේ ගමේ රොයිටර් ඇගි නැද්දා එදා හැන්දෑවෙ සතුටුදායක පුවතක් අපි හැමෝගෙම කනේ තිබ්බා.

කිත්තා ගෙනත් දුන්න කූඩුව |

මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
ජීවිතය යනු එහෙම් පිටින්ම අභියෝග රාශියකි. මේ අභියෝග අරභයා අපි දක්වන ප්‍රතිචාර අනුව දුක හෝ සතුට අපේ ජීවිත වලට එළැඹේ. දුක, අපේක්ෂා භංගත්වය සමහර වෙලාවට කෙනෙකුගේ ජීවිතයට යහපත් විපර්යාස එකතු කරන්නට සමත් වන බව ඔබ අසා තිබුනාද ?