බ්ර්ර්ර්.... බ්ර්ර්ර්... බ්ර්ර්ර්
නිහඩ විලාසෙන් මේසෙ උඩ තිබුන දුර බණුව එක පාරටම කම්පනය වෙන්න ගත්තා...
වෙනදා වගේම මගේ අක්මාවට දැනුනා මට ඇමතුමක් තියෙන විත්තිය...
නම් ගම් ජාතක හෙව්වෙ නෑ කෙලින්ම කනට තද කොලා..
හෙලෝ.......................
මචං මම චමී... එහා කොනෙන් ඇහුනා
හෙට උදේ 7.30 ට අපේ ගෙදරට වරෙන්... හෙට මම එන්ගේජ් වෙනවා...
ඇමතුම මගේ පැරණි බෑන්ඩ් සගයෙක් වෙච්ච ජපන් චමී ගෙන්... පාසල් කාලයෙන් පස්සෙ ජපානයට අපනයනය වෙච්ච දා පටන් චමී ජපන් චමී උනා....
ඒත් කොයි එකද මු බදින්නෙ.... ජපානෙදි සැට් උන චීන එකද? වියට්නාම් එකද ? ජපන් භාෂාව උගන්නපු යමාමොටෝ ටීචර්ද ? ලංකාවෙදි මුල ඉදන් සැට් වෙලා හිටපු අනූ ද? සිරාට ප්‍රශ්න වැලයි....
අපේ වැස්ටර්න් බෑන්ඩ් එක (වර්තමානයේද ලංකාවෙ අංක 1 පාසල් බටහිර තූර්ය වාදක ඛණ්ඩය) ගැන සිරා කලිනුත් කථාවක් කිව්වා... ඒ තමා බූරැ කේස් එක පිළිබද කථාව.. ඒ සිද්ධියට අහුවුනේ නැති අපේ පුබල සාමාජිකයෙක් තමයි මේ කියන ගොයියා... ඇගපතේ මස් අපට වඩා තිබූ නිසා ආ දා පටන් බෑන්ඩ් එකේ බේස් ඩුම් එකට තඩි බාන්න ඌට සිදුවුනා..... එදා මෙදාතුර ඔය කියන බේස් ඩුම් එක පැලුවෙ මේ කියන ජපන් චමී විතරමයි... ඒ නිසා ඒ කාලේ චමියට සෑහෙන්න ඉස්කෝලෙ කොල්ලො භක්තිය පෑවා..... (වෙස්ටන් බෑන්ඩ් වල භාවිතා වන බේස් ඩ්‍රම් හම් වලින් සාදා නැති නිසා පැලීම උගහටය)
අපේ බෑන්ඩ් කාමරේ සැපයීම් අංශය හා ආරක්ෂක කටයුතු භාරව සිටි නිසි බලධාරියත් ඒකාම තමයි....
කාමරේ ටියුබ් පොල්ලක් එහෙම හදිසියෙ අප්සැට් උනොත් පොඩි උන්ගෙ පංතියකට හොරෙන් පැන ටියුබ් පොලු ගෙන ඒම/ බෑන්ඩ් එකේ 25 ටම ඇතිවෙන්න වරින් වර කැන්ටිමෙන් කිරි පැකට්, ප්ලාස්ටික් කෝප්ප හා පිගන් ගල් කිරීම/ ඉස්කෝල කොල්ලන්ට සද්දෙ දමා රැපියල දෙක සම්මාදම හෙවත් ලොන්තෙ දැමීම / ටින් එකකට එකතු කල සාමාජික මුදල් මාටියා ගසා සල්ලිඑකතු කරන එකාට වැරදි පැටවීම/ බෑන්ඩ් කොල්ලන්ගෙන් ගේම ඉල්ලන පිට උන් තනිපංගලමේ කොටු කර බඩ කට පුරා නෙලීම/ මවුන්ටන් බයිසිකොලයෙන් අවශ්‍ය අයවලුන්ට නගර සීමාවේ ප්‍රවාහන පහසුකම් සැපයිම......
මෙන්න මේවා තමයි උගෙ රාජකාරි.... එහෙව් එකෙක් ගෙ ඇන්ගේජ්මන්ට් එකකට කථා කලාම නොගිහින් කෝමද, සිරාත් වැඩ ඔක්කොම පැත්තක දාලා ඔන්න ගියා පහුවදා 7.30 වෙද්දි චමි කොලුවගේ ගෙදර....
අනේ මේකා වහලෙ උලු ඔක්කොම ගලවලා.... තට්ට ගෙඩිය දිලිසෙනවා....හරිම සෝක්...
මස්සිනා හුග කාලෙකින්.... එමු එමු ඇතුලට.... උණුසුම් අන්දමින් සිරාව පිළිගත් චමී සිරාට කෙලින්ම කෑම මේසෙ අසුන් පැනවුවා.... කිරිබත් ලුණු මිරිස් සමග අඹරා කොණ්ඩ කැවුමකටත් වගකියලා සිරා කට්ටිය එක්ක ගමනට සූජානම් උනා....
උඹ තමයි සාක්කියට අත්සන් කොරන්නෙ.... චමී අත්සන් කරන නැකත ඔන්න මෙන්න තියලා මාව දැනුවත් කොලා... මමත් භූත වෙලා හැමතිස්සෙම වෙනස් වෙන මගේ අත්සන තැන් 3ක යොදලා චමී, අනූ යුවලට ජය මංගලම් කිව්වා .
මනාලියගෙ පාර්ශවයේ පුද සත්කාර නොමදව ලබලා හැන්දෑකොරේ අපි ආයෙත් ගම් බිම් වලට සේන්දු උනා....
මචන් ගෙදර ගිහින් අපේ පරණ පොට් එකට වරෙන් 6 වෙද්දි...
අද දවස අපි පොඩ්ඩක් සමරමු....
චමියගෙ බොක්ක වෙච්ච පරණ බෑන්ඩ් ගොයියොත් පිරිවරාගෙන සිරා සුපුරැදු පොට් එකේ ඔන්දස් පොට් උනා...
මධුවිතට වඩා මධුවිත සමග සිදුකෙරෙනා මිතුරැ සමාගම ඒ කියන්නෙ දොඩමලු විමට තමා සිරා කැමති...
ආරාධිතයන් 8 යි ... ඒත් තවම භාගෙට භාගයක් නෑ....
චමියා හැමෝටම ආයෙත් කථා කරලා අවසන් අනතුරැ ඇගවීම සිදු කරනවා හරිම අපූරැයි උන්ගෙ උත්තරත්...
බෑන්ඩ් එකේ ලොකු අයියා - (කපිල් දේව් ගෙන් මෙයා තමා අම්බානට කෑවෙ)
චමියා, අම්මා බයිසිකලේ යතුර හංගලා ඒක හොයා ගත්ත ගමන් සුටුස් ගාලා එනවා... මම එනකම් ඉදපන් මචෝ අරිද ? මම මේ පෙට්ටගමක් ඇතුලෙ ඒක හොයනවා...
නොබොන්නා -
චමි මල්ලි වයිෆ් දැන් ගෙදර ආවෙ... මට කොහෙවත් යන්න එපා කියනවා... මම කොහොම හරි ෂේප් වෙලා එන්නම්... දන්නවනේ මගේ ගෑණිට බීම පෙන්නන්න බෑ කියලා.. බීලා මාට්ටු වෙනවට වඩා හොදයි බන් බෙල්ලෙ වැල දාගන්නවා...
දතා -
චමි අයියා.... ටවුම අරියෙදි බොකක් සැට් උනා මම මේ පොදු වැසිකිලියට ඇන්ටර් වෙලා ඉන්නෙ... කැත සිද්ධිය වතුර නෑ... වතුර ආපුවහම මම එන්නම්....
තට්ටයා -
කෝච්චියෙදි කෑල්ලක් ඇහැ දුන්නා... මම ඒක ටිකක් ෆලෝ කරලාම ඔතනට එන්නම්... මේක සැට් වෙනවා පට්ට ෂුවර්.....
නානා -
මචෝ අම්මට කියන්න බොරැවක් තාම සැට් උනේ නෑ... මම මේ කෑල්ලව ඇරලන්න යන ගමන් බොරැවක් හිතනවා... ඉක්මනටම එන්නම්...
කොහොමින් කොහොම හරි රාත්‍රී 8 පසුවි විනාඩි 3ක් යන තැන ලාහෙට ගෙම්බො අහුලනවා වගේ එකා දෙන්නා සේන්දු වූනා....
චමී උඹ බෝතල් කීයක් ගෙනාවද...
1යි බන් ....
මොකක්... බොන්න පුරැදුවෙන උන් මෙතන නෑ..බොල ඔක්කොම වෘත්තීය මට්ටමේ උන්....
චමියා ප්ලාස්ටික් බෝතලයක් මේසෙ උඩින් තිබ්බා...
මොනවටද බන් මේ එලවලු තෙල් එකක් ගෙනල්ලා කවුද කෑම හදන්නෙ.... කට්ටියම එක සැරේ ඇහුවා...
මේ එලවලු තෙල් නෙමෙයි බන් ඕක තමයි බෝතලේ....
බෝතලේ පත සයිස් එකක්
දැක්ක ගමන් කට්ටියටම හීන් දාඩිය දැම්මා...
ගෙදර යන හැටි/ බැලුම් පුම්බන හැටි/ ගෑණිගෙන් බැනුම් අහන හැටි/ හෙට වැඩට යන්න බත් මුල නැතිවෙන හැටි කට්ටියට ප්‍රශ්න වැලයි.
මේක බන් සතියක් විතර බොන්න පුලුවන්නෙ.... 2.7 L
පුලුවන් තරමක් බීපල්ලා... මස්සිනා මේ වැඩේටමයි මට මේක එව්වෙ... චමියා කියාපි...
ඔන්න ඉතිං අඩුම කුඩුම ඔක්කොම සපුරගෙන
ප්‍රේම කතා/වීර කතා/දුක හිතෙන කතා/භය හිතෙන කතා/ආගිය කතා/චාටර් සිද්ධි/ඕපා දූප/ අතීත සැමරැම් ආදී දේවල් මතින් බෝතලේ හිස් වෙනවා...
දැන් කට්ටිය හොදටම දොඩ මලුයි.... ආතල් කථා එක දෙක දැන් තමයි එලියට පනින්නෙ.... සිරා ඉතිං ඇන්ටනාව අටෝගෙන බලන් ඉන්නවා හොද එකක් අල්ලගන්න.....
ඉදලා ඉදලා ලොකු අයියා සත්‍ය කථාවක් දිග ඇරියා....
ලොකු අයියගෙ අදුනන යාලුවෙක් හිටියලු ගුවන්යානා තාක්ෂන ශිල්පියෙක්.... මේ හාදයා කාලයක් තිස්සෙ දන්න කියන ගුවන් සේවිකාවකට පෙරලා පෙරලා.... ගට නැති නිසා අහලා නෑ.... තවත් ඉන්න බැරි තැන කාලක් එහෙම අනුගත කරගෙන පොර කෙලින්ම ගිහින් අහලා... වැඩේ අවුලක් ගිහින් නෑ... වැඩේ එකෙන්ම පත්තු වෙලා...
දැන් ඔන්න ලව් එක ලස්සනට ගලාගෙන ගලාගෙන යනවලු... ඒත් මේ ගොයියට කෙල්ල ඉස්සරහා වචන ගොලු වෙන ලෙඩක් තියෙන නිසා හැමදාම කාලක් බොක්කට බස්සගෙනලු යන්නෙ.... මේ කෙල්ලටත් කිසිම වෙනසක් මුගෙන් පෙනිලා නෑ....
ඔන්න දවසක් දෙන්නා මීට් වෙන්න සැට් වෙලා හරියටම පෝය දවසක...
හුටා.... පෝය දවසෙ බාර් වහලා බව ඌට කලින් මතක් වෙලා නෑ... කාලක් බේතකට හොයා ගන්න මෑන්ට බැරි වෙලා.... දන්න කියන හැමෝටම කිව්වත් කලු නික හොයනවා වගේලු ඒ පෝය දවසෙ කාලක් හොයා ගන්න එක...
දැන් ඔන්න මිනිහා කාලෙ ආනුභාව නැතුව ආදරී බලන්න ගිහින් යාලුවෙකුත් එක්ක...
කෙල්ල ටිකක් වෙලා ගිහින් බනිනවලු.... යාලුවා දිහා බල බලා...
නොදකින් කාලකණ්නි... මේ වගේ උතුම් පොය දවසක බීලා නෙ... මෙච්චර දවස් හොදට හිටිය මිනිහට මේ වගේ යාලුවො තමා වල කපන්නෙ... මම හිතුවෙ නෑ ඔයා ඔහොම මිනිහෙක් කියලා....
ඉතිං මිනිහා කෙල්ලට නොවදිනා වැදුම් වැදලා එදා ෂේප් කරගෙන පස්සෙ කාලෙක බැදලා.... දැන් පොර දිනපතා බොනවලු...
මේ පාටිය අස්සෙ අහුවුණු තව කථා කීපයක් තියේ... ඒවා ඉදිරි දිනයක දමමි.. කෙසේ හෝ කැපවීමෙන් අපි බෝතලය හමාර කළෙමු... රාත්‍රී 1 ට පමණ පොලිස් සිතියම දිග හැර මුර කපොලු නැති තැන් වෙතින් නිවසට සේන්දු වූයෙමි. නැතිනම් බැලුම් පුම්බා රැ. 8000/- දන් දෙන්නට සිදුවේ.
දින 4ක දිගු දුර ට්‍රිපක් යාමට ඔන්න මෙන්න කියා මේ පෝස්ටුව සිරා ඔබ වෙත තිලිණ කලේ....
ඒ නිසා වැරදි ඇතොත් කමා කරත්වා !
උඩම ෆොටෝ එක කොප්ප ගැහුවෙ මෙතැනින් https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0O8fZ-_A0a9j8iBwVTueY_8N99npu2PN4-OG7cfRwV9dxhICCfELH1U3cpN87WuW0wSra1UX57j5BpEwbeRuPXNjHJAyicpNC-rFucK_hl9qbBU9G-QEDczwZhJYVOBquVtx5u98xdO7e/s1600/engagement-ring.jpg
මම සයිබරයේ අලුත් මිතුරා සිරා !
ප.ලි
බෑන්ඩ් එක ගැන පුරසාරම් නොදෙඩුවෙමි... රන්ටැඹේ වාර්ෂික කදවුරැ පරීක්ෂණයෙන් අපේ උන් මෙවරද දිවයිනේ පුධාන පාසල් අභිබවා ජය ගත්තෝය...
ෆොටෝ දැමීමට අවසර නොලැබුනු හෙයින් කපොල් එකේ පොටෝ එකක් නැතුවාය.