සිරා කොලුවා දැන් ප්‍රිය සැමියෙකු වගත්, නුවර මැණිකේ මුලිච්චි වීමෙන් පසු ඇති වූ තත්වයත් මෙයට පෙර ලිපියේදී බොලාට කීවෙමි. තනිකඩ කොලුවෙකුට ගැලපෙන කෙලියක් යෝජනාවකින් සොයායාම සැබැවින්ම අගක් මුලක් නැති නූල් බෝලයක් දිග හරින්නට තැත් කරනවාක් වැනි යැයි නිවී සැනසිල්ලේ හිතන විටෙක මට සිතෙයි. කාලය, ධනය, ශ්‍රමය ආදී සියල්ලම සම සමව වියදම් කල යුතු, ස්ථිරව ප්‍රතිඵලයක් ලැබෙන්නේ කවදාදැයි කිව නොහැකි අපූරු ගමනක් වේ නම් ඒ යෝජනාවකින් යුවතියක් බලන්නට යන ගමනයි.
ඇතැම් කෙලියක් පොදුවේ පුරුෂ පරාණ කිසිවකට කැමති නැත, එය පුරුෂ ෆෝබියාව යනුවෙන් නම් තැබිය හැකිය. ඇතැම් විටෙක කෙලී කැමතිය...එහෙත් වැඩිහිටියන් අකමැතිය...ඒ දෑවැද්දේ බර පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි විටෙකය...නැති නම් කුල මල භේද පිළිබඳ ගැටලුවකි. මේ සියල්ලම ගැලපුන තැනක කේන්දරයේ කොටුවක මාරක පිහිටීමකි. කසාද බැන්දොත් දෙදෙනාගෙන් කෙනෙකු නොඑන ගමන් යන දවස වැඩි ඈතක නොවේය. එසේත් නැති නම් අධි කාම යෝගයකි. බඩු ෂුවර් නෑ පුතේ...එවන් විටෙක කේන්දර කරුවා කසාද බඳින්නට තැත් කරන අහිංසකයාගේ හිස අතගා ආදරයෙන් පවසා හිත සනසයි.
නුවර මැණිකේ බැහැදැකීමෙන් පසු ගත වූ කාල සීමාව තුලදී මේ මගුල කෙරෙන්නේ නැති වග සහසුද්දයෙන් දැන ගත් ගෙදර බුදුන් අම්මා, සිරා කොලුවා කෙසේ හෝ අමාරුවේ දමන්නේයැයි දැඩි අධිෂ්ඨානයකින් සිටි හෙයින්දෝ එයින් පසු එළැඹුන සති අන්තයක ජාතික පුවත් පතක, මංගල තීරුවේ සිරා කොලුවාගේ ගුණ උච්ච ස්වරයෙන් වයා දැන්වීමක් පළ කලාය. ඒ ගුණ දැකීමෙන් අමන්දානන්දයට පත් ජනී ජනයා..තම තමන්ගේ දූ වරුන්ගේ රූ සොභා අඩු වැඩි වශයෙන් විස්තර කරමින් පත්තර කන්තෝරුවට එවූ ලිපි සතියකට දෙකකට වරක් අප සොයා පැමිණියෝය.
නවීන පන්නයේ මෝටර් රථයක් දායාද වශයෙන්, අලුතින් ඉඳිකල නිවසක් හිමි දියණිය, රජයේ රැකියාවැති දියණිය, සුදු පැහැපත් රූමත් දියණිය ආදී වශයෙන් දියණියන්ගේ ගති සොභා සමග මාපියන් හිත සතුටින් දෙන්නට කැමති දෑද ඒ ලිපි වල අඩංගු වූහ. එහෙත් සෑම ලිපියකම අවසන කේන්දර සටහන මෙන්ම කේන්දර ගැලපීම අනිවාර්යය බැව් ද සඳහන් කර තිබූ නිසාවෙන් තෝරාගන්නා සෑම යෝජනාවක්ම කේන්දර මාමාට යොමු කොට ගැලපීම සොයාගත යුතුව තිබේ. මා පියාණන් ලිපි එවූ සෑම කෙනෙකුටම දුරබණුවෙන් අමතා ස්තූති කොට, කේන්දර ආදිය ගලපාගෙන යථා කාලයේ තථා අයුරින් කථා කරන බැව් පවසා දුරබණුව පසෙකින් තැබුවේය.
සිරා කොලුවාගේ අසරණ පසුම්බියේ අසරණ මුදල් කේන්දර මාමා සොයා යන විට මාමා පැවසුවේ සියලුම යෝජනා අතරින් තරමක් හෝ ගැලපෙන්නේ දෙකක් බවකි. ඒ යෝජනා ද්විත්වයට සිරා කොලුවාගේ අකමැත්තත් එක් වූ විට මංගල කිංකිණි හඬන්නේ නැතිවම නිහඬ වූවේය. යෝජනාවකින් දැරිවියක් සෙවීම කාලය, ධනය මෙන්ම කසාද බඳින්නට හදිස්සි උන් හට මානසික අවපීඩනයද ඇති කරන භයානක තත්වයකි.
පත්තරේ දැන්වීමෙන් පලක් නැති තැන කෙලියක් නැතිව ලතැවුන මගේ මිතුරෙකුට අති සුන්දර ලලනාවක් සොයා දුන් කපු සීයා කෙනෙකුගේ සරණ යන්නට සිරා කොලුවා වන මම ඉටා ගතිමි. දුරබණුවෙන් ඇමතූ දිනෙක, ඔයාගෙම ගෙයක් තියෙනවද , වාහන මොනවද තියෙන්නෙ, කොහෙද වැඩ කරන්නෙ, පඩිය කීයද, මොනවා කරන කෙල්ලෙක්ටද කැමති, ආදී වශයෙන් ප්ර්රශ්න පත්තරයකට පිළිතුරු දුන් පසු අප නිවසට පැමිණ කරුණු සොයා බලන බැව් හෙතෙම කීවේය. එහෙත් ඒ දිනවල නිවසේ සිදුවූ අලුත් වැඩියා කටයුතු නිසා ගේ හදලා ඉවර උනාම මම එන්නම් යනුවෙන් අවසානයේ හෙතෙම ශපථ කලේය.
කලින් කලට තැනින් තැනට පුංචි පුංචි ආදර කථා දෙක තුනක් ඇති වූවා මිසක සිරා කොලුවා අනංගයෙකු වූයේ නැත. මේ අතරින් අපේ ගම් පියසේම දිවි ගෙවූ ඇගේත් මගේත් ආදර කථාවට තිත තබා වසර 8 ක් ඉක්ම ගොසින් තිබුනත්...ඇගේ සිත් අහසින් මා බැස ගොස් තිබුනේ නැත. සිරා කොලුවාගේ ඇතැම් අතීත බ්ලොග් ලිපියක පුරාවිද්‍යා උපාධිධාරී පැරණි පෙම්වතී යනුවෙන් මම ඇයව හඳුන්වා තිබේ.
පුරාවිද්‍යා උපාධිධාරිනිය ගත වූ වසර 8 පුරාම වරින් වර අපගේ සබඳතාව යලිත් අරඹන්නට උත්සුක වුවත්...ඒ සෑම අවස්ථාවකම මම ඇයව මග හැරියෙමි. කුඩා කල සිට මා ඇයව දුටු නිසාත්...එකම ගම් පියසේ නිසාත්...ඇගේ වටිනාකමක් එවකට මට දැනෙන්නට නැත. සරසවියේ අවසන් වසරේ ඈ සිටිද්දී අපේ පෙම නතර වූවේය. ඇය එදා නතර වූ තැනම නතර වී සිටියත් මම බොහෝ තැන්හි ඇවිද ගියෙමි. හරියට ලෝකයේ ලස්සනම මල සොයන්නට නිවෙසින් පිටත් වූ මිනිසෙක් බොහෝ දුරු කතර ගෙවා මාස ගණනාවකට පසු යලි නිවසට එන විට අල්ලපු වත්තේ ලස්සනම මල පිපී තිබුනාක් වැනිය.
වසර 8 කට පෙර මම ඇයට වඩා රුවැත්තියකට පෙම් බඳින අටියෙන් ද්වේශසහගත ලෙස ඇයව හැරගියෙමි. ඒ අපේ සබඳතාව නවතන්නට දාහක් හේතු දක්වමිනි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත් අහිංසක දැරිවියකි. අපේ ආදර වියෝවෙන් පසු ගතවූ වසර 8 ඇය මහත් සෝ තැවුලෙන් ගත කල බව නොරහසකි. වරින් වර ඇගේ වේදනාව ඇය මවෙත අකුරු කලාය, නැතහොත් අන්තර්ජාලය හරහා ගන්නා ඇමතුමක සටහන් කලාය. මා ඇයටද නොකියා හොර රහසේ රටින් පිටවූ කලෙක ඇයට කෙතරම් වේදනාවක් දැනෙන්නට ඇතිද ? සිරා කොලුවා වන මට එවකට ඇගේ වේදනාව දැනුනේ නැත. මම සිරිත් පරිදි නොරටක සිට රැකියාව කලෙමි.
ඇය වේදනාව මතින් හෝ තම අධිෂ්ඨානය වෙත ගමන් කලාය. ඉතිහාසය ගුරුවරියක ලෙස රජයේ පත්වීමක් ලබා, ඉන් පසු ශාස්ත්‍රපති උපාධියද සම්පූර්ණ කලාය. එහෙත් ඇය තවමත් එදා මා පෙම්කල තරුණියමය. මගෙන් ආදරය අයඳින ඇයමය.
ඇගෙන් වෙන් වී විවිධ අත ගිය මට පැතූ ලෙසම සුන්දර යුවතියක මුණ ගැසුනේය. මා ඇමතූ දිනක පැරණි පෙම්වතියට මා නැවතත් පෙම්වතෙකු බව සැළ කලෙමි. අලුත් පෙම්වතියගේ රූපයක්ද යැව්වෙමි. එය බලා ඇය තෙපලූවේ නව පෙම්වතිය බොහෝ සේ රූමත් බවකි. මට දුකයි...ඇය එසේ තෙපලුවත්...ඇය පිළිබඳ මා හට දුකක් දැනුනේ නැත.
නව පෙම්වතියගේ රූ සොභාවෙන් මන්මත් වී සිටි මට ඇය ඇතුලතින් තනිකර හිස් බව හඳුනාගන්නා විට, ඇය මා හැරගොස්, මවිසින්ම හඳුන්වා දුන් මගේ එවකට හොඳම මිතුරෙකුගේ තුරුලට වූවාය. විරහවේ වේදනාව කෙතරම්දැයි එකල මා යලි යලිත් අත් දුටුවෙමි.
කාලයේ අැවෑමෙන් මම සියරට පැමිණියෙමි. පුරාවිද්‍යා උපාධිධාරිණිය මගේ ආගමනයෙන් මහත් සතුටට පත් වූවාය. අපි බඳිමුද ? ඇය කීප වරක් මාගෙන් විමසුවාය. එහෙත් මම උදාසීනව සිටියෙමි. වසර 8 කට පෙර දිනයක ඇගේ මව්පියන්ගෙන් ඇය හා විවාහ වීමට අවසර ගෙන තිබූ මට ඇගේ නිවස දැන් තහනම් කලාපයකි.
මාව බලන්න කෙනෙක් එනවා ඊශ්‍රායලයෙ ඉඳන්...ඔයා මොකද කියන්නෙ...ඇය දිනක් මගෙන් විමසුවාය. මම බොහෝ සැහැල්ලුවෙන් ඔහුට කැමති වෙන ලෙස පැවසුවෙමි. මෙයට පෙරද නොයෙක් වර ඇගේ දෙමාපියන් ඇයට යෝජනා පිණිස තරුණයන් රැගෙන ආවත් ඇගේ කේන්දර සටහන සමග ඒවා සමපාත නොවූයෙන් ඒවා සියල්ලම බැහැර වූවේය. ඇගේ කේන්දරය ගලපන්නට අපහසු එකකි. එහෙත් ඇයත් මමත් කේන්දරයෙන් මනාව ගැලපෙන බැව් අතීතයේ දිණයක අපි ශපත කරගෙන සිටියෙමු.
අපි බඳිමුද ? ඇය අවසන් වතාවටත් මගෙන් විමසුවාය. මා දිහා බලාන ඉන්න එපා ඔයාට ඔය ගේන හොඳ යෝජනාවකට කැමති වෙලා එයාව බඳින්න. මම සැහැල්ලුවෙන් යුතුව නැවතත් පැවසුවෙමි.
එතැනින් පසු ඇය මට නැවත කථා නොකලත් එක් සැඳෑවක එවූ කෙටි පණිවිඩයක සටහන් වූයේ ඇය බලන්නට පැමිණි තරුණයා ඇයට කැමති වූ වගත්, ඒ දෙපළගේ කේන්දරද මනාව ගැලපෙන බවත්, ඉතා ඉක්මනින් කසාදය සිදු කොට ඇය ඊශ්‍රායලයට හෝ ඔහු සමග ඔස්ට්‍රේලියාවට යන බවත්ය.
සත්‍ය ලෙසම වසර 8 ක් මගේ පැරණි පෙම්වතිය අරභයා නිද්‍රාශීලී ප්රතිපත්තියක සිටි මගේ දෙනෙත් විවර කලේ ඒ කුඩා පණිවිඩයයි. වසර 8 ක් පුරාවට මා දෙස බලා හිඳිමින් නිහඬවම ආදරය කල ඇගේ වටිනාකමක් මට ඒ වන තෙක් දැනුනේ නැත. මගේ ලඟම මිතුරියක මෙන් හිඳිමින් අවවාද අනුශාසනා කල ඇය අන් අයෙකුගේ අතගෙන රටින් පිටවී යන්නට ඇත්තේ තවත් මඳ කාලයක් බැව් මම යළි යලිත් සිහිපත් කළෙමි.
උඹට ආදරය නැති උන්ට ආදරය කරන්න ගිහින් හිත රිද්දගන්නෙ...මෙච්චර ආදරය කරන කෙල්ලෙක් ඉද්දි...උඹට නම් පින නෑ බොල....මිතුරන් නොයෙක් වර එලෙස කීවත් සිරා කොලුවාට ඇගේ වටිනාකම දැනුනේම නැත.
එහෙත් ඇගේ වෙන්වයාමටත් පෙර සිටම ඇගේ වෙන්වීම පිළිගන්නට දැන් මගේ සිත වෙහෙසෙයි. එහි ප්‍රතිඵලය ලෙස මගේ චිත්ත සන්තානයම මහත් වූ වේදනාවකින් පිරී යන්නට ගත් වූයේ දින දෙක තුනකි. කාර්යාලයේ එදිනෙදා රාජකාරි ඉටු කරන්නට අපහසු තරමට මම මානසික මට්ටමෙන් පිරිහුනේ පුදුම සහගත අන්දමිනි. මගේ ආයතන ප්‍රධානියන් මගේ ගැටලුව ගැන දැනුවත් වූ පසු එයින් ගොඩ එන්නට අනුශාසනා කළෝය. එහෙත් තව තවත් වේදනා පතුලේ ගිලී ගියා මිස මා ලැබූ සහනයක් නැත.
වසර 8 ක් පුරා ඇය විඳි වේදනාව දැන් ක්‍රම ක්‍රමයෙන් මා ගිලගනිමින් සිටියි. දින දෙක තුනක් විඳ දරාගෙන සිටින්නට බැරි තරම් වූ එය ඇය එතරම් කාලයක් නිහඩවම වින්දේ කෙසේදැයි මම පුදුමයෙන් මෙන් සිතුවෙමි. ඇගෙන් තොරව ජීවත් වන්නට බැරි බැව් මා තේරුම් ගන්නා විට අශ්වයා පැන යන්නට ඔන්න මෙන්නය.
ඇය තවමත් විවාහක නැත. එහෙයින් නැවත කෙසේ හෝ ඇයව ලබාගනිමියි මම අධිෂ්ඨාන කළෙමි. ඇයව දුරබණුවෙන් ඇමතුවෙමි. ඇය වෙනදා මෙන්ම සන්සුන්ය දයාබරය. වෙනසක් නැත.
අපි බඳිමු...මම කීවෙමි.
ඇය සිහින් හඬින් ඉකිබිඳින බවක් ඇසේ...ඇයි ඔයා ඕක කියන්න ඔය තරම් පරක්කු උනේ...මම අවුරුදු 8 ක් තිස්සෙම උත්සාහ කලේ ඔය වචනෙ ඔයාගෙ කටින් කියව ගන්න. ඒත් දැන් ඔයා හොඳටම පරක්කුයි අයියෙ. මට ආපහු හැරෙන්න බෑ. ගෙවල් දෙකේම අය මුණ ගැහිලා කේන්දර ගලපගෙන දැන් ඉතිරි වෙලා තියෙන්නෙ කසාදෙට දින යොදාගන්න විතරයි.
මම නොයෙක් වර ඇවිටිලි කලත්...ඇගේ සිත වෙනස් කරන්නට නොහැකිය. මා පෙලන වේදනාව දිනෙන් දින දැඩි වේ. ඇය වේදනා විඳින කල හැඟීමක් නැත්තෙකු ලෙස සිටි මට කාලයේ ඇවෑමෙන් ඒ වේදනාවම උරුම වී ඇත්තේ දෛවයේ සරදමක් පරිද්දෙනි. ලෝකයේ සෑම ක්‍රියාකාරකමකටම සාධාරණ වූ ප්‍රතිවිරුද්ධ ක්රිියාවක් ඇති වග මම දැන් විශ්වාස කරමි.
මම දිනපතා ඇයව දිනාගන්නට නොයෙක් වර ඇමතුම් ලබා ගත්තද ඇය සෑම විටෙකම කීවේ දැන් මා ප්‍රමාද බවයි. අවුරුදු 8 ක් ඔයා එක්ක හිටිය මට වඩා මාස දෙකක් ආශ්‍රය කරපු කෙනාද ඔයාට ලොකු...මම අසාධාරණ ගැටලුවක් නැගුවෙමි. ඒකට මට දෙන්න උත්තර නෑ...ඇය එසේ පැවසුවාය.
මට ආපහු හැරෙන්න බෑ....ඇගේ වදන් මගේ දෙසවනේ දෝංකාර දෙයි....එක් දිනක් සවස කාර්යාලයේ මිතුරන් සමග මධු සාදයකි. මගේ චිත්ත සන්තානයම මේ වේදනාවේ ගිලී මම පුදුමාකාර පීඩාවකින් යුතුව සිටියෙමි. මා ගැන සොයාබලන්නට ගෙදර ඇත්තන්ට අමතරව සිටි එකම තැනැත්තියත් මට සමුදෙන්නට ඇත්තේ තවත් සුළු කාලයක් බැව් මම මටම කියා ගනිමින් සිටියෙමි. මම ඇයව ඇමතුවෙමි.
මම අවුරුදු 8 ක් ඔයා වෙනුවෙන් බලා හිටියා. ඔයාට කිසිම හැගීමක් තිබුනෙ නෑ මා ගැන...මේ කෙනා මාව බලන්න එන්න කලිනුත් මම ඔයාට කිව්වා...ඔයා එතකොටවත් ඒක වලක්වන්න හැදුවෙ නෑ. දැන් පරක්කුයි. හොඳටම පරක්කුයි.
අද මම හොඳටම බොනවා...ගෙදර එයිද, අතරමග හැප්පිලා මැරෙයිද මම දන්නෙ නෑ...
අනේ එහෙම බොන්න එපා...ඔයාට මොනවා හරි උනොත් මටත් දුකයි...පිස්සු නැතුව ගෙදර එන්න පරිස්සමෙන් ඇය එසේ පැවසුවාය.
එදින මම ජීවිතයේ ප්‍රථම වතාවට පියවි සිහිය නොමැති වනතෙක්ම මධු පානය කළෙමි. ෂැන්ඩි නොමැතිව වේදනාව කැපෙන්නට කියා අමුවෙන්ම බිව්වෙමි. කාර්යාල සගයන් මහත් වූ වෙහෙසක් ගෙන මා වත්තම් කරගෙන පැමිණි ආකාරය මට කිසි ලෙසකින් මතක නැත. නිවෙසට පැමිණ පැය ගණනාවක් යන තුරාවට මට සිහියක් නැත. මේ ළමයා ඇයි මේ තරම් බිව්වෙ...දෙමාපියන් විස්සෝපයෙනි.
මම පසුදා ඇය අමතා මගේ වේදනාවේ තරමත් පෙරදා රාත්‍රියේ අරුමයත් ඇයට පැවසීමි. ඇය නිහඩවම සිටියාය.
ඔයා ඔහොම ගිහින් බේබද්දෙක් වෙලා ජීවිතේ නාස්ති කරගත්තොත් මගෙ ජීවිතේ සතුටින් ගෙවුනට වැඩක් නෑ.
එතැන් සිට මම නැවත නැවතත් ඇගේ සිත දිනාගන්නට වෑයම් කළෙමි. ඇයව නොපමාව කැන්දාගෙන යන බැව් පැවසුවෙමි. අවසානයේ මාස දෙකකට වඩා වසර 8 බලවත් බැව් ඇය පිළිගත්තාය.
ගෙදර ඇවිත් අහන්න...එයාලා ඔයාව එලවගනීද මන්දා...මට තේරෙන්නෙ නෑ අනේ...මාවත් ගෙදරින් එලවලා දායි අම්මා...ඇගේ ස්වරය හැඬුම්බරය.
ඇගේ සහෝදරයා කලකට කලින් මගේ හොඳම මිතුරෙකි. අපේ ආදර සබඳතාව බිඳ වැටුන දා ඔහු අපේ මිත්‍රත්වයෙන් ඈතට ගියේය.
මම අයියව මුණ ගැහෙන්නද ? එයා හරහා දෙමාපියන්ට දන්වමු....
ඇය එයට කැමැති වූවාය.
එයින් අනතුරුව දවසක මම හොර රහසේම ඇගේ සහෝදරයාව ඔහුගේ සේවා ස්ථානයේදී මුණ ගැසුනෙමි. ඔහුගේ නැගණිය වැනිව ගතිගුණ ඇති තරුණියක වර්තමානයේ සොයාගැනීමට ඇති අපහසුතාව මෙන්ම, ඇගේ වටිනාකම මා හට දැනෙන්නට ප්‍රමාද වීම පිළිබඳවද මම ඔහු සමග කථා කලෙමි. ඔහු බොහෝ සංවේදී වී ඇත.
අවුරුදු 8 ක් නංගි විඳපු දුක මම දන්නවා. අපේ තාත්තා එක්ක ඔය ගැටලුව ගැන කථා කරන්නෙ කොහොමද කියලා මම කල්පනා කරන්නෙ. එයාලා කවුරුවත් ඔයාව ආපහු පිළිගන්න කැමති නෑ. තමන්ගෙ දුවව එක වතාවක් ප්‍රතික්ෂේප කරපු මිනිහෙක්ට එයාලා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද...මගේ නම් අකමැත්තක් නෑ...මම උත්සාහ කරන්නම් එයාලා එක්ක කථා කරන්න.
එයින් පසු උදා වූ සති අන්තයේ දවසක උදෑසනම ඇගේ පියාණන් අප නිවසට පැමිණියේ හදිසියෙනි. මා පියාත් ඇගේ පියාත් පැරණි මිතුරන්ය. මව්වරුන්ද එසේමය. මේ සියලු බැඳීම් වසර 8කට පෙර මොට වූවේ මගේ තීරණයෙනි.
ඔයාගෙ පුතා අපේ දුව එක්ක ආයෙ පැටලෙන්න හදනවලු...දැන් එයාට මනමාලයෙක් හොයලා කේන්දර ගැලපිලා ඔක්කොම ඉවරයි. එක සැරයක් දාලා ගිය කෙනෙක්ට අපි කොහොමවත් කැමති වෙන්නෙ නෑ. ඔය ගැන කථා කරන්න පොඩ්ඩක් අපේ ගෙදර එන්න.
අමුතුවෙන් වෙලාවක් ඕනෙ නෑ...මම දැන්මම එන්නම්...මා පියාණන් මේ සිදුවීම පිළිබඳ සියලුම තතු දැන සිටි නිසා ඒ වේලාවෙම ඇගේ නිවස බලා පිටත්ව ගියේය.
දෙමාපියො කැමති නෑ කියලම කියයි. ඒත් ගෑණු ළමයගෙ කැමැත්ත අහලා බලමු කියලා ඔයා කියන්න. මම එයාට ඒ ගැන කියලා ලෑස්ති කරලා තියෙන්නෙ. එපරිද්දෙන් සිදු වීමට යන කාරණය ගැන මා පියාණන් මෙන්ම ඇයද දැනුවත් කළෙමි.
පියාණන් එහි යන විට ඇගේ නිවසේ සභා තොමෝ රැස්වී සිටි බවත්...විවිධ කථා බහ අතරේ මේ කාරණය ගැන නැවත කථා කරන්නට දෙයක් නැති වග ඇගේ පියා පවසනාවත් සමගම, දුවගේ තීරණය එයාගෙන්ම අහලා බලමු යයි මා පියාණන් පැවසූ නිසාම ඒ ගැන විමසන්නට කටයුතු යෙදුන බවත්, ඇගේ තීරණය නිර්භීතව හෙළි කල පසු ඇගේ දෙමාපියන් අසරණ වූ අන්දමත්, ඕක කලින් කිව්වා නම් අපි මනමාලයො ගේන්නෙ නෑ නේද මේ ගෙදරට යනුවෙන් ඇගේ මව ඇයට සැර කල බවත්, පසුව මා හට දැනගන්නට ලැබුනි.
කාලය වෙනදා මෙන් ටික් ටික් හඬින් ගලා ගියේය. සියලු නොහොඳ නෝක්කඩු කෙමෙන් කෙමෙන් සමනය වූවේය. ඇගේ දෙමාපියන් ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත් වූහ. ඊශ්‍රායලයෙන් පැමිණි විවාහ අපේක්ෂකයා අපේක්ෂා භංගත්වයෙන් නැවතත් විදේශගත වූවේය.
පසුගිය බක් මාසයේදී ඈ වසර 8 ක් පුරාවට පැතූ ලෝකය මම ඇයට හිමි කර දුන්නෙමි. මෙයින් මතු සිරාගේ කාමරය තුල සිරාගේ බූට් කථා ලියවෙන්නේ නැත. ඒ සමය දැන් අතීතයට එක් වී හමාරය. අප දැන් ඉතාම ප්‍රීතිමත් විවාහක යුවලකි. අපට අහිමි වූ වසර 8 ගැන දුක් නොවී අපි වර්තමානය ගෙවාදමමින් සිටින්නෙමු.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය කඳිම බිරිඳකි. සිරා කොලුවාගේ සමාජ සත්කාර උදෙසා, විශේෂයෙන් ඈත පළාත් වල අසරණ පාසල් දරුවන් වෙනුවෙන් සිදු කරනා සත්කාර උදෙසා ඇගේ දායකත්වයද දැන් නොඅඩුව ලැබේ. ඉතිහාසය ගුරුවරුන් නොමැතිව ලතැවෙන පිටිසර පාසල් වලට ඇගේ දායකත්වය නිවාඩු සමයේ ලබා දීමටද ඇය කැමතිය.
ලෝකයේ සුන්දරම කුසුම සොයා ඉබා ගාතේ යන, තමා ආසන්නයේම ඒ මල විකසිත වී ඇති බැව් නොදන්නා සිරා කොලුවා වැනි බොහෝ දෙනා මේ සමාජයේ තවත් සිටිති. ඒ ඇත්තන්ට මේ ලියමන දකින්නට ලැබේවායි පතමි!!!
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
ඇගේ ජීවිතයට අදාළ කොටස් මෙම ලිපියේ අන්තර්ගත නිසාම, ප්‍රථමයෙන් මා ප්‍රිය බිරිඳට කියවන්නට ලබා දුනිමි. ඇගේ අවසරය ලැබුන පසු මෙසේ පබ්ලිෂ් බටනය එබුවෙමි.
mage unusum subapathum sira
ReplyDeleteස්තූතියි ඇනෝ මිත්‍රයා..
DeleteGood luck man, 8 years? You are an idiot
ReplyDeleteසහතික ඇත්ත....ප්‍රාර්ථනාවට ස්තූතියි...
Deleteමගේ සුභ පැතුම්.
ReplyDeleteමම සාමන්‍යයෙන් comments දාන්නේ නෑ. නමුත්, මෙම ලිපිය මගෙ අත්දැකීමට සමාන වූවක්, එනිසා සුපුරුදු බවක් දැනුනා. මගේ ප්‍රිය බිරිදත් මට හමු වූයේ , විශ්ව විද්‍යාලයේ, නමුත් වසර 4 අවසානයේ මම එම සම්බන්දයට තිත තබූවෙ ,
සමාජය ེ explore කරලා බලන්න ඕනෙ නිසාවට වඩා, මට මීට වඩා "හොද , අධික රූමත්, සල්ලි ඇති... etc...etc" කෙනෙක් හොයා ගන්න එක ලේසි වෙයි කියලා හිතුවා (දැඩි තණ්හාව). ඒ වෙන කොට මට හොද් බැංකුවක රැකියාවක්, වාහනයක්, ගෙයක් පවා ලැබී තිබුනා. නමුත් අවුරැදු කීපයක් සම්බන්ධතා කීපයක් ඇවෑමෙන් හොදටම හෙම්බත් වුනා. පසුව ඇය විවාහ ගිවිස ගන්න බව දැන ගත් වහාම මගෙ ලෝකය උඩුකුරු වුනා.( උඹ කීවා වගේ ) දැඩි මානසික පීඩනයක් දැනුනා. cut වෙන්න බීපු වාර අනන්තයි. (කොටුවේ, BI Bar). පසුව කෙසේ හෝ ඇයව නතු කර ගැනීමේ දැඩි අදිටනක් ආවා, එම අදහස එකග කරවා ඇයගේ ගෙදර ගිය දවසෙ තමයි යන්තම් හිතට නිවනක් ආවේ.
"If you love some one, let it go. If it comes back, its yours. If it doesn't, then it was never meant to be"
ඔබේ අත්දැකීමත් මගේ අත්දැකීමට බොහොම සමාන බැව් පේනවා. මම මෙය ලියන අවස්ථාවේත් විශ්වාස කරන්නෙ ඇයව මට මග ඇරිලා මට, මගේ සිතුම් පැතුම් වලට ගැලපෙන්නෙ නැති ළඳක් යෝජනාවකින් සරණ පාවාගෙන ජීවිතය විඳවන්න උනා නම් මම කරපු මෝඩකම ගැන ජීවිත කාලය පුරාවටම පසුතැවෙන්න වෙනවා නේද කියලා...පෙර පිනකට අන්තිම තත්පරේදි හරි සිරා කොලුවට නුවන පෑදුනා...ස්තූතියි ඔබේ අත්දැකීම මෙහි අකුරු කලාට
Deleteසුභ පැතුම් සිරා... තමන්ගේ වැරදි පිළිගන්න අවංක කතා වලට මම කැමතියි...
ReplyDeleteස්තූතියි ලොකු අයියා..විවෘත මිනිස්සුන්ට මමත් කැමතියි
Deleteයකෝ සිරා අයියේ.. මේක කියවලා මට නිකං කරකෝලා අත ඇරියා වගේ උනා! ආලය හරිම අමුතුයි ලොකු අයියේ!
ReplyDeleteසිරි සුබ මංගලම් එහෙනං!
කැංගරු දේශයේ තනිවූ නාඩියාට මගෙන් සුභ පැතුම්...බොලත් දැන් එක වහලක් යටට උනොත් හොඳා නේද...
Deleteආදරය කියන දේ ජීවිතයේ විවිධ තැන් වලදි දැනෙන විදිය වෙනස්...ඒත් සැප දුක සම සිතින් දරාගෙන අපිත් එක්කම එකට ඉන්න පුලුවන් කෙනෙක් මිස් කරගන්නවා කියන්නෙ සෑහෙන්න මෝඩ කමක්...
හ්ම්ම්.. ඒකත් ඇත්ත තමා. එක වහලක් යටට වෙන්න ඉතිං වහලේ අනිත් පලේ හොයා ගන්න ඕනේ
Deleteකතාව එන්න පරක්කු උන එකයි අවුල. සැරයටියෙන් යනෙන තුරාම ඔය විදියට ඉදිං. ජය වේවා.
ReplyDelete//වේදනාව කැපෙන්නට කියා අමුවෙන්ම බිව්වෙමි//
ඒ කෑල්ල දැක්කම නිකම්ම බියර් කෑල්ල මැද්දට දැමිල බං කියවුනේ.. හැක්.. සුගත් සිරිවර්ධන
කෝක් නෙමෙයිද?
Deleteලොකු මාමගෙ ප්‍රාර්ථනාවට අක්මාවෙන්ම ස්තූතියි. සැරයටියෙන් යන තුරාවටම මෙහෙම ආදරයෙන් ඉන්න තමයි මගෙත් වෑයම...
Deleteබියර් භාවිතය ඉතිං කලාතුරකින් දවසක...අපේ නෝනා එතකොට ධම්මි ද ?
@ සිරා භයියා,
ReplyDeleteදෙයි හාමුදුරුවනේ, මෙච්චර ෂෝයි නෑනා පොඩ්ඩක් තියාගෙනද මේ අවුරුදු ගානක් තිස්සෙ මෙතනා විරහ පෝස්ට් දදා හිටියේ....??? (හැබැයි ඒකෙත් පොඩි ගතියක් නැත්තෙමත් නැහැ!!! හික්ස්!)
එහෙනම්, විෂ් යූ ජය මංගලම් හේ!!!!!
शादीशुदा ज़िन्दगी की शुभकामनाएं
දිගටම බ්ලොග් එක කරග්න යන්න!! (ඔන්ලයින් නාවාට අපි තාම මේ පැත්තේ එනවා!!!)
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
- කතන්දර පිල්ලිය -
දැකීම සතුටක් ගොයියො...සෑහෙන කාලෙකින් නේද...
Deleteඒක නේන්නං හැමෝම මට බනින්නෙ...මෙච්චර හොඳ කෙල්ලෙක් ලග තියාන එක එක වසංගත පස්සෙ මොකට ගියාද කියලා...
ප්‍රාර්ථනාවට බොහොම තුති...
ජීවිතේ සිද්ධවෙන සමහර දේවල් අපිට තීරණේ කරන්න බෑ. කොහොම හරි දෙන්නගෙම හිත සතුටුවෙන විදියට වැඩේ කෙලවර වෙච්ච එක ගැන සතුටුයි.
ReplyDeleteබෙස්ට් ඔෆ් ලක් මචං.
ඔබේ කථාවට එකඟයි...සමහර දේවල් දෛවයටම බාරදීලා බලා හිටියොත් පරාදයි.
Deleteස්තූතියි බොට...
සුභ අනාගතයක් වේවා...!
ReplyDeleteස්තූතියි මිත්‍රයා...
Deleteසුභ මංගලම් අයියෙ
ReplyDeleteස්තූතියි මල්ලි..
Deleteඔහොම තමයි සමහර දේවල් ලගටම ඇවිත් අතහැරෙනවා.එත් ආයෙමත් ලගට එනවා.
ReplyDeleteහදවතින්ම සුබ පැතුම් සිරා.!
ස්තූතියි මනෝජ්...මට ලැබුන අවසන් අවස්ථාව මග ඇරුනා නම්...ජීවිතේම පසුතැවීමක් වෙන්න ඉඩ තිබුනා...
Deleteතාම කියෙව්වෙ නෑ. කියවල කොමෙන්ට් එක දාන්නම්...
ReplyDeleteමම හිතන්නෙ පැය ගානක් තිස්සෙ කොල්ලා තවම කියවනවා ඇති...හැක්...
Deleteමමත් ඔයාගේ බ්ලොග් එක ඉස්සර ඉදන් කියෙව්වා එත් කමන්ට් කරලා නම් නෑ
ReplyDeleteමට හිතුන ඔයාට ඔයවගේඅවුලක් ඇති කියල සමහර ලිපි කියවද්දී
කොහොම උනත් දැන් වැඩේ ගොඩනේ
ඔයාලට සුබ මංගලම්
දැන් ඉතින් සියලු දෝෂ නිවාරණයි...ස්තූතියි ප්‍රාර්ථනාවට..
Deleteසත්හට සෙත්දෙන ලෝක ශිවාකර
ReplyDeleteභගවා පතනුන් ගෙන් සරණා...
පත්මේ නුරුන් වන විශ්ණු කතරගම
සමන් විභීෂණ දෙව් සරණා....
යෙහෙන් පතන්නෙමි වෙසෙනු චිරාකල්
සව් සැපතින් පතනා ලෙසිනා...
පත්වන දුක් හැම දුරහැර ලෝ සැප
අත්වේවා ඔබහට යෙහෙනා...
මල්ලිගෙ ප්‍රාර්ථනාව අක්මාවටම දැනුනා...ඇත්තමයි...බොහොම ස්තූතියි සුදු පූසා...
Deleteයකෝ මේක ෆිල්ම් එකක් වගේනේ...
ReplyDeleteදෙන්නටම ප්‍රීතිය, සතුට වැඩියෙන් ඇති සුබ අනාගතයක් පතනවා !!
ෆිල්ම් වල තියෙන වර්ගයේ කථා සමහර වෙලාවට අපිට සැබෑ ජීවිතයේදිත් මුණ ගැසෙනවා...මේ ඒ වගේ අවස්ථාවක් කියලා හිතමු...
Deleteස්තූතියි සෙන්නා...
සුභ පැතුම් !
ReplyDeleteස්තූතියි ප්‍රා...
Deleteඋඹට කියන්න.. පොඩි ඉරිසියාවකුත් ආව යකෝ .. මට ඔය වගේ බොක්කට වැදිච්චි ලව් සික් එකක් නෑ නෙහ්.. හෙහ් හ්හෙ.. සුභ මංගලම්... යුග ජීවිතේ වාසනා!!! කෙළි පොඩ්ඩි බැලු බැල්මටම පිං පාටයි.. :-) :-)
ReplyDeleteඅක්මාවෙන්ම ස්තූතියි කල්යානෙ ලොකු අයියා...ලව් සිකක් නැති ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලේ වගේ වෙන්ට ඇති මගෙ හිතේ...අපි ඉතින් අනාගතයට පාඩම් ඉගෙනගන්නෙ අතීතයෙ සහ වර්තමානයෙ ලබන අත්දැකීම් වලින් නොවැ...
Deleteඅන්තිම පේලිය එයාට පෙන්වන්නම් හෙට උදේට...දැන් එයා නිඳි...
Sira,
ReplyDeleteAll the best for a wonderful future together !!
This lovely thank you note can barely express how you have added to our happiness. We would like to send our sincerest thanks for your thoughts
DeleteAll the Best for your new life!!
ReplyDeleteබොහොම ස්තූතියි හැලපයියා...
Deleteඅපිට කියන්න කිසි දෙයක් ඉතිරි කරල නෑනේ. සිරා ඔක්කොම ලියල දාල නේ.. ජය ම0ගලම්...!!!
ReplyDeleteමොනවට ඉතිරි කරන්නද සුදෝ...ආයෙ මේවා ලියවෙන්නෙත් නැති එකේ කියන්න තියෙන හැමදේම මෙතන අකුරු කලා...
Deleteඒකටනම් ඉක්කා ගැහුණා විතරක් නෙවෙයි කදුලුත් පැන්නා. පට්ට... ෆිල්ම් එකක් වගේ.... කතා දෙකම කියවලා ආවේ. සුපිරියි...දෙන්නටම සුභ පැතුම්.....
ReplyDeleteස්තූතියි ප්‍රාර්ථනාවට...මේ හැම තැනකම ඇත්ත ඇති සැටියෙන් ලියලා තියෙන්නෙ....දුක සතුට තමයි ඒ හැම තැනකම අඩු වැඩි වශයෙන් තියෙන්නෙ...
Deleteඔන්න එහෙනම්.. සුභ මංගලම් කිව්වා සිරා අයියේ.... ඡය වේවා ඉදිරි අනාගතය ඔබ දෙපලගේ.......
ReplyDeleteබොහොම ස්තූතියි ඔබේ ප්‍රාර්ථනාවට...
DeleteDear Sira
ReplyDeleteFirst of all my heartiest congrats You are not a Sira before now yoare sira all the best mate look after that sira Nangi
Thanks a lot for your wishes..Sira nangi noticed this comment and laughed loudly.
DeleteThanks for the replywishing you both very happy wedded life filled with full of happiness
Deleteවියෝවු පසුවයි දැනෙන්නෙ ප්‍රේමයේ අභිමන් කියන්න තමා වෙන්නෙ තවටිකෙන්. මෙච්චර ලස්සන දැරියක් අතහැරලා මොනවා කරාද මන්දා. සතුටෙන් සහ සැපෙන් පිරුන සුභ අනාගතයක් ඔබ දෙදෙනාට පතමි.
ReplyDeleteකේ (කුමාරී) නැන්දා
ස්තූතියි කේ නැන්දා...වෙනදා වගේම අදත් කාමරේ පැත්තෙ ආවට...ඔබ කියූ දේ එලෙසම වෙන්නට තිබූ සම්භාවිතාවය ඉතාම ඉහළයි කියලා මට දැන් හිතෙනවා. කරපු වැරදි නැවත කෙටි කාලයක් තුල නිවැරදි කරගැනීමට ලැබීම තුල සිරා කොලුවා අද විඳින සතුට ලැබුන බව මගේ විශ්වාසයයි.
DeleteKalekin comment danne....unusum suba pethum sira....
ReplyDeleteස්තූතියි ඔබට..
Deleteවටම ගිහින් - ගෙටම ඇවිත්!
ReplyDeleteඇය නැවතත් මා පිළිගත් එකම මදැයි...නේද...
Deleteඅප්පා ...ඔය සංක්‍රාන්ති කාලෙ , ඔය කෙල්ලව බැඳපන් කියල කීපාරක් කියන්ඩ ඇද්ද ? එහෙනම් අවුරුදු 8 අවුරුදු 6 කට විතර අඩුවෙනව. කොහොම හරි උඹට තව හෙල්මට් එකක් ගන්ඩ සිදුවීම ගැන මගේ බලවත් ප්‍රීතිය.
ReplyDelete- දරුමල්ලො දුසිමක් පිරි සුභ යුග දිවියක් --
කියල වැඩක් නෑ...හොදට සරසපු බක්කි කරත්තයක් දැකල පිස්සු හැදිල ඉන්න වෙලාවෙ අපි කියපුව ඇහුව නං ,,,,,,,, නේද බං... :D
Deleteඉන්දික , මම පොත් ටික චෙක් කරද්දි LOLC එකට උකස් කරල තිබ්බ වාහනයක් , බ්‍රාන්ච් එකේ උන් පැදල , හෙඩ් ඔෆිස් එකට යවල එහෙ උනුත් පැදල පස්සෙ ඉන්දියන් කාරයෙක් 2nd වාහනේ විදිහට පැදපු එකක් කියල මම හොයාගෙන ඕක ගන්න එපා කියල යන්තම් බේරුවෙ. චැසිත් බැහැල , ඉන්ජිම බෝර් කරල ,
Deleteමෙන්න ඉන්නවා මේ කථාව සහසුද්දෙන් දන්න දෙන්නෙක්...බොලාව මුණ ගැසීම සතුටක්...ඔය කියන කාලෙ මගේ සැප දුක බොලා හොඳට දන්නවා නොවැ. ඔය කියන බක්කි කරත්තෙට ජීවිතේ ගැන අරමුණක් නැතිව ඔහේ පා වෙවී ඉද්දි මම හැදුවෙ ජීවිතේ දෙන්න...ඒත් අන්තිමේ මට ජීවිතේ නැති වෙන්නයි ගියේ...මගේ වර්තමාන බිරිඳ ඒ අතීතය අමතක කරලා නැවතත් මා පිළිගත් නිසාම සිරා කොලුවා අද සතුටින් ජීවත් වෙනවා..
Deleteකම්මල අයියා කියන කථාව සහතික ඇත්ත. කියන දේ ඇහුවෙ නැති...මී හරකෙක් අන්තිමේ හැමෝම පැදපු වාහනේ ගෙදර අරං ගියා...
බුදු අම්මෝ....මම නං ඉතින් ටයිටල් චෙක් කලේ නෑ..රෙජිස්ටර් කරපු දවස් ඇහුවෙත් නෑ..නමුත් වාහනේ ස්ටාර්ට් කරල තියෙද්දී සද්දෙ ඇහුව දවසක් දෙකක්..වාහනේට තිබ්බ පොඩි අවුල් ටිකක් ගැන අහන්න..හම්මෝ..තොටළග වාහනවල සද්දෙ හොදයි...
Deleteඅවංකවම මට නං හරිම සතුටුයි..අපි ආදරේ කරන උන් නෙමේ බං කවද හරි අපිව බලාගන්නෙ...අපිට ආදරේ එවුං....දෙන්නටම තෙරුවන් සරණයි..ජයෙන් ජයම වේවා..
ReplyDeleteඅර කම්මලේ කියනවා වගේ කී පාරක් කිව්වද.....
ඔයාගෙ අදහස එක්ක මම අක්මාවෙන්ම එකඟ වෙනවා...ඒ යථාර්තය මම තේරුම් ගනිද්දි නොදැනීම වසර 8 ක් ගත වෙලා අහවරයි.
Deleteකවුරු මොනවා නිවුවත් ඉරනම වෙනස් කරන්නත් බෑ ඉරණම්කාරි වෙනස් කරන්නත් බෑ පතාගෙන ආපු විදියට තමයි ඔතාගෙන යන්න වෙන්නේ
ReplyDeleteවිචාරක දියණිය
මම විශ්වාස කරනවා දෛවයේ ලියවුන දේවල් අපේ කැපවීම මත වෙනස් කල හැකියි කියලා. අවසන් මොහොතේ හෝ පරාජය පිළිනොගෙන කටයුතු කරපු නිසා තමයි ඇය හා මම එක වහළක් යටට උනේ.
Deleteඕකම කරන ගෑනු ළමයින්ට කොහොමද කතා කරන්නේ කියන එක හිතලා බලද්දි නම් නිහඬ න්න එක හොඳයි , නේද සිරා.. :)
ReplyDeleteකාන්තා පිරිමි දෙපාර්ශවය අතරම මෙවැනි කථා සුලභයි. අද මම ඉන්න ස්ථාවරයෙ ඉඳලා බැලුවාම එලෙස හැසිරෙන කවුරුත් වැරදියි. බොහෝ දෙනා තමන්ට ආදරය අයට ආදරේ නෑ. තමන්ට ආදරය නොකරන අයට තමයි ආදරේ.
Deleteමම මේ ලිපිය share කරනවා කමක් නැද්ද සිරා ?
ReplyDeleteමගේ කිසිම අකමැත්තක් නෑ...මේ පුංචි කථාවෙන් තවත් කෙනෙක් ආදර්ශයක් ගන්නවා නම්...දුක වෙනුවට සතුට ලඟා කරගන්නවා නම් ඒ තරම් සතුටක් මට නෑ.
Deleteසුබ පැතුම් සිරා අයියේ....
ReplyDeleteකවදාදෝ අපිලාට පාටිය......?
බොලාට දැන්වත් බදින්න හිතුන එක ලොකු දෙයක් නැත්තන් බොලා ගෙදරට ම නාකි වෙනවා...
--මිට සතුටට පත්--
ඩොක්ට අංකල්
ස්තූතියි මලයො...පාටි ඉවර වෙලා දැන් සෑහෙන දොහක් ගත උනා නොවැ...සිරා කොලුවා ඇත්තටම අන්තිම සීමාවෙදි තමයි කසාදයක් බැඳ ගත්තෙ.
Deleteඅහම්බෙන් මේ පැත්තේ ආවේ. ඒ එනකොට මෙතන මගුල් ගෙයක් නේ.
ReplyDeleteඇත්තමයි කතාව කියවනකොට නම් හිතුනේ "අනේ උඹ වගේ හරකෙක්!" කියල කමෙන්ට් කරන්නයි. නමුත් වැඩිමල් අයට ගරු සරු ඇතිව කතා කරන්න ඕන නිසා, මුකුත් නොකිය ඉන්නම්.
පිරිමි, තමන්ට ආදරය කරන අයට රිදවති. ගැහැණු, තමන්ට රිදවන අයට ආදරය කරති.
හරිම සීදේවි පාට දැරිවියක්. ඔබට සියලු සම්පත් පිරුණු සුභ විවාහ ජීවිතයකට ආසිරි.
පසුවදනක් විදියට, අර ඔබතුමාගේ කලින් සම්බන්ධයක් තිබුණු ගැහැණු ළමයෙක් ගැන පොඩි නරක කතා ටිකක් ලියල තිබුණ උඩ. ඒ වගේම සල්ලිගැන හිතල තමන් ආදරේ කරපු ගැහැණු ළමයෙක් අත අරින්න හදපු කෙනෙකුත් කමෙන්ට් කරල තිබුණ උඩ. ඉතින් ගැහැණු පිරිමි කියල නොහිත, gold diggers ල හැම වර්ගෙන්ම ඉන්න බවත්, වටේ යන අයත් හැම වර්ගෙන්ම ඉන්න බවත්, තේරුම් අරන් ජීවත් වෙමු අපි හැමෝම. අපි හැමෝම එක්ක යහපත් ජීවිත පාඩමක් ශෙයා කරගත්තා ට තුති.
ස්තූතියි ඔබේ අදහසට....සමහරුන්ට යථාර්තය තේරුම් ගන්න යම් කාලයක් ගත වෙනවා. මමත් එහෙම කෙනෙක් කියලයි මගේ අවංක වැටහීම.
Deleteඉහළින් සඳහන් ඔය කියන ගැහැණු ළමයට කොන්දේසි විරහිතව මම ආදරය කලේ, එහෙත් ඇය මගෙන් ඉවතට ගියේ කිසිම තෙතමනයක් නැති බව පෙන්වමින්...ඒ කථාව මුල සිට අගට දන්න දෙන්නෙක් තමයි එතැන ඒ ගැන අදහස් එකතු කරලා තියෙන්නෙ...ගැහැණු පිරිමි භේදයක් මෙතන නෑ...ආදරයට වංක වන අය ඕනෙ තරම්...
සිදුවිය යුතුම දේ සිදුවී ඇත.ඔබ දෙපලට සුභ පැතුම්.!!!
ReplyDeleteවිවාහයෙන් පසු ගත වී ඇති මාස කීපය දෙස හැරී බැලූ කල මට අවංකවම හිතෙන්නෙ ඇය තමයි මට ගැලපෙනම ළඳ කියලයි...ස්තූතියි ඔබට...
Deleteඔබ දෙපලට සුභ පැතුම්.!!!
ReplyDeleteස්තූතියි මිත්‍රයා...
Deleteඅලුත් ජීවිතේට සුබපැතුම්!
ReplyDeleteස්තූතියි ඔබටත්...
Deletereader of your blog from long time but never comments earlier. Wish you all the very best for your married life.... enjoy...
ReplyDeleteThanks a lot for your wishes...
Deleteපළමුවෙන්ම දෙන්නා පටන් ගත අළුත් ජීවිතයට සුබ පැතුම් . කතාව අග වෙනකම් එක හුස්මට කියවගෙන ගියා . ලියවිලි වලදී සිරා ඩෝන්ට් කෙයාර් වගේ පෙනුණට සිරා වැඩට බැස්සම සිරා එකටම සීරියස් වගේ .
ReplyDeleteමේ ආදර කථාවත් ඩෝන්ට් කෙයාර් නිසා අවුරුදු 8 ක් අපතෙ ගියා...මම දෙයක් කරන්න හිතුවොත් මොන තරම් බාධක ආවත් ඒ දේ කරලම තමයි නවතින්නෙ...මේ ආදර කථාවෙදිත් ඒ දේමයි උනේ...ස්තූතියි...
Deleteතව එකක්....
ReplyDeleteවෙලාවක් ලැබුන ගමන් එකට දෙකක් දෙමි...
Deleteජයමංගලම්
ReplyDeleteසුභ මංගලම්
මිත්‍රයා,උබේ ආත්මාර්ථකාමීත්වය ගැන තරහක් වගේම,ඒහෙම තියෙද්දිත් නුඹවෙනුවෙන්ම බලාසිටි ඇයගේ ලෙන්ගතු කම ඇස් කෙවෙනි තෙත්කරා.
පතමි සදා ජය ඔබ දෙපළට !!!!
ස්තූතියි මිත්‍රයා...ඔබේ වචන බොහොම හෘදයාංගමව මට මෙන්ම ඇයටත් දැනුනා. නොගැලපෙන කසාද දෙකක හිරවෙලා මුලු ජීවිත කාලෙම තැන් දෙකක විඳවන්න අපි දෙන්නට සිද්ධ උනා නම් මොන තරම් නීරස වෙන්න ඉඩ තිබුනද මේ ජීවිතය...අවසානයේ හෝ නුවන පෑදීම ගැන මම බොහොම සතුටින්...ජය !
Deleteහරිම හැඟීම්බර කතාවක්. ඔබ දෙපලට සුභ පැතුම්...
ReplyDeleteසත්‍ය ආදර කථාවක් අවංකව අකුරු කරපු නිසා වෙන්ට ඇති...ස්තූතියි ඔබට...
Deletemy heartiest congratulations bro. what ever the shit happens finally you got what you deserve bro. may triple gem bless both of you.
ReplyDeleteThanks a lot dear bro...I could understand the reality at last. I had to take the challenge & finally i won.
DeleteI saw this good news only today. My very best wishes Sira Malaya. As Cliff Richard would say "Congratulations and Celebrations"
ReplyDeleteThanks a lot dude...
DeleteEven though never comment before, I am a reader of your blog from its beginning. Happy wedded life to both of you..
ReplyDeleteThanks a lot you too...
DeleteSubapethum Sira Sahodaraya! Kalekin Umbe Kamareta Ebuna. - Jema
ReplyDeleteබොහොම ස්තූතියි මගේ පාසල් මිත්‍රයා...කලු ජෙමා..
Deleteමාගේ උණුසුමී සුභ පැතුමී
ReplyDeleteස්තූතියි ඔබටත්....
DeleteSuba Pathum Obata!
ReplyDeleteදැන් ඒතොට මෙි දේශපාලන අස්ථාවරත්වය මෙවිවා ලියන කටිටියටත් බලපාලයි.......?අපි වෙිලෙනවා.....:(
ReplyDeleteඇගේ ආදරයෙන් මත් වෙලා...මට ලියන එක අමතක වෙලා...
Deleteමේක කියවනකොට ඇස් දෙකට කඳුළු ඉනුවා සිරා… මං පරක්කු උනත්, සතුටෙන් ආදරයෙන් පිරී ගිය සුභම සුභ විවාහ ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteස්තූතියි මියුරු...දෙයක් වේ නම් ලැබිය යුත්තාටම එය ලැබිය යුතු...එයයි මා අත්දුටු සත්‍යය.
Deleteඅද උදේ කහ කුරුල්ලගෙ නැගලා ප්‍රියම්බිකාව එක්ක යන සිරාව දැක්කා ගම්පහදි...මචං සිරෝ කියන්ඩ විදියක් නෑ දුර වැඩී...
ReplyDeleteඅපි දෙන්නා ඉතින් කහ කුරුල්ලා එක්ක ගම්පහ නගරය හරහා යන එන එක සුලභ දසුනක් නොවැ...
DeleteVery Happy about you.
ReplyDeleteHappy Wedded Life brother.....!!!!!
Thanks a lot for your wish...
Deleteඔබ දෙපලට සුභ පැතුම්.!!!
ReplyDeleteස්තූතියි මිත්‍රයා...
Deleteහා..හා...මගුල් කැවා ඇති අලුත් අවුරුද්දේ අලුත් එකක් ඔිනි...
ReplyDeleteBlog වාසි ඡනතාවනි සුබ නව වසරක් වෙිවා..
හිටිංකො අලුත් එකක් ලියාගෙන එනකං...
Deleteමම අදයි මේක කියෙව්ව. සුභ මංගලම්!
ReplyDeleteස්තූතියි ඩ්රැකී.
Deleteමගේ කතාවමයි..වෙනසකට තියෙන්නෙ ආයිත් මගේ වෙන දවස ����
ReplyDeleteනිසැකවම ළගදීම ඔබේ වන්නට කියා පතමි.
Deleteකොහොමත් මොලේ පෑදෙන්න කල් යනවා තමා... පරිනත වෙනවා කියන්නෙත් ඕකම තමා.. කොහොම හරි අපල කාලෙ ගත වෙලා සිරා කොලු උන්නැහේගෙ පිං පල දීම ගැන හරීම තංතෝසයී... ඉදිරි දිවි ගමන සුවබර වේවා... වාසනාවන්ත වේවා... පින්බර දරු පරපුරක් බිහි කෙරෙන්නට හේතු වාසනා වේවා..! ජයෙන් ජය..
ReplyDeleteඋණුසුම් සුබ පැතුම්
ReplyDelete