මමත් ඩුබායි රටට ඇවිත් වැඩි කාලයක් නම් නෑ, හරියටම කිව්වොත් අවුරුදු 2 යි මාස ගණනක්...ඒ කාලේ ඇතුලත දැකපු අහපු දේවල් තමයි ඔයාලට මම කියන්න හදන්නේ..
ඩුබායි කියන්නේ අවුරුද්දෙන් වැඩි කාලයක් අංශක 40-50 අතරේ උෂ්ණත්වයක් තියන එනමුත් බොහොම ඉහල අගයක ආර්ද්‍රතාවයක් තියෙන රටක්. අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉදන් නොවැම්බර් මාසය දක්වා මෙම උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතිනවා. අඩුවෙනවා කිව්වට ඒ අංශක එකකින් දෙකකින් විතරයි. ඒ හැර නොවැම්බර් මාසයේ ඉදලා පෙබරවාරි වෙනකන් තියෙන්නේ අංශක 20 කට වඩා අඩු ශීත කාලගුණයක්... මම මේ හිටපු මුළු කාලෙටම වැස්ස දැකල තියෙන්නේ නම් 5 වතාවක් වගේ. හැබැයි ඒ වැස්සෙත් මඩ වතුර තමයි... අනික ඒ වැස්ස එක්ක සේරම පාරවල් යට වෙනවා... මොකද වතුර බහින්න කිසිම සැලැස්මක් මේ රටේ හදලා නැති නිසා...
ප්‍රදේශ නැත්නම් රාජ්‍යයන් 7ක් වශයෙන් වෙන් වෙන්ව පැවතුන අබුඩාබි, සාජා, ඩුබායි, රස් අල් කමි, අජ්මාන්, ෆුජෙරා සහ උම් අල්කුඒන් යන සියල්ල එකතුවෙලා 1971 දෙසැම්බර් මස 2 වෙනි දින හදාගත් තනි රාජ්‍යය තමයි අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියලා හදුන්වන්නේ..
ඒ අතරින් අග නගරය හැටියට සලකන්නේ අබුඩාබි. මේ රටේ රජු නැත්නම් ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ අබුඩාබි නායකතුමාවයි... ඒ වගේම අගමැති වශයෙන් සැලකෙන්නේ ඩුබායි රාජ්‍යයේ නායක තුමාවයි..මේ සියළුම ප්‍රදේශ පාලනය කරන මේ නායකවරු රජ පවුලෙන් පැවතගෙන එන අයයි...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය ප්‍රධානියා Sheikh Khalifa bin Zayed Al Nahyan මහතා |
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති වරයා මෙන්ම ඩුබායි හි ප්‍රධානියා Mohammed bin Rashid Al Maktoum මහතා |
ඩුබායි වල රාජ්‍ය භාෂාව ලෙස සැලකෙන්නේ ආරාබි භාෂාවයි, රාජ්‍ය ආගම ඉස්ලාම් ධර්මයයි. ඒ වගේම අනිත් මැද පෙරදිග රටවල් එක්ක සසඳන කොට ඩුබායි දේශය බොහොම බටහිර ගතිපැවතුම් වැළඳගත් රටක් ලෙසද සැලකෙනවා. ඒ වගේම මේ රටේ ජනගහනය ගොඩාක්ම සමන්විත වෙලා තියෙන්නේ විදේශිකයන්ගෙන්. එම රැටියන් එහෙමත් නැත්නම් මෙහෙ මුල් පදිංචිකාරයන් බොහොම සීමිත පිරිසක් තමයි ඉන්නේ. එය ප්‍රතිශතයක් විදිහට ගත්තාම 10% ටත් වඩා අඩු බව තමයි කියන්නේ. වෙන විදේශ රටවල වගේ මෙහේ කාලයක් ජීවත් උනත්, උත්පත්තිය ලැබුවත් පුරවැසිකම ලැබෙන්නේ නෑ. පුරවැසි කම ලබාගන්න විශේෂම සුදුසුකම ඉස්ලාම් ධර්මය ඇදහීම එයට අමතරව අරාබි භාෂාව කථා කරන්න ලියන්න, කියවන්න තියෙන හැකියාවත් වැඳගත්.
මේ අයගෙ ඇඳුම ගැන නම් හැමෝම දන්නවනේ දිගට දිගේ තනි සුදු ලෝගුවක් ඇදලා ඔළුවට රෙද්දක් දාගෙන ඒ රෙද්ද උඩින් අර අපි වලං තියන්න පාවිච්චි කරන දරණුවක් දාගෙන ඉන්නවා. ඔළුවට දාන රෙද්ද සහ අඳින ලෝගුව සම්පූර්ණයෙන්ම සුදු සහ අර දරණුව තනි කළුපාටින් අදින්නේ හරි විදිහටම එමරැටියන් කියලයි කියන්නේ. ඒ හැර රතු සහ සුදු මිශ්‍ර කොටු රෙද්දක් ඔළුවට දාන අයත් ඉන්නවා හැබැයි ඒ හරිම එම රැටියන් නොවන බවයි මම අහලා තියෙන්නෙ.
හැබැයි ඔය විශේෂ අවස්ථාවල එළියට එන මෙහෙ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නම් පාට පාට ලෝගු අඳින ආකාරය ඉහළ ඡායාරූප වල දැක්වෙනවා.
ඊලගට කාන්තාවන්, මෙහෙ කාන්තාවන් ගැන කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නේ ඔළුවේ ඉදන් කළු රෙද්දකින් වහගත්ත කිසිම සමාජ ආශ්‍රයක් නැති පිරිසක්නේ... ඒක නම් සම්පූර්ණයෙන් වැරදි අදහසක් බව මටත් හිතුනෙ මෙහෙ ආවයින් පස්සේ. මෙහෙ කාන්තාවන් බොහොම නිදහසේ ඇවිදින, විලාසිතා කරන පිරිසක්. ඒ විලාසිතාවලට උඩින් අදින ලෝගුවත් ලස්සන ලස්සන ගෙත්තම් වලින් අලංකාර කරගත් ඒවායි
මෙහෙට ඇවිත් විශේෂයෙන්ම දැකපු දේ තමයි නියම එමරාටි කාන්තාවන් පලදින අමුතු මුහුණු ආවරණය. පහලින් ඉන්නේ ඒක පලදපු කාන්තාවන්. පොඩි ගෑණු ළමයි, තරුණ අය මෙහෙම පළඳිනවා දැකලා නැති වුනාට මැදි වයසෙ නැත්නම් වයසක කාන්තාවන් මෙය පලදිනවා.
ඊලගට කාන්තාවන්, මෙහෙ කාන්තාවන් ගැන කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නේ ඔළුවේ ඉදන් කළු රෙද්දකින් වහගත්ත කිසිම සමාජ ආශ්‍රයක් නැති පිරිසක්නේ... ඒක නම් සම්පූර්ණයෙන් වැරදි අදහසක් බව මටත් හිතුනෙ මෙහෙ ආවයින් පස්සේ. මෙහෙ කාන්තාවන් බොහොම නිදහසේ ඇවිදින, විලාසිතා කරන පිරිසක්. ඒ විලාසිතාවලට උඩින් අදින ලෝගුවත් ලස්සන ලස්සන ගෙත්තම් වලින් අලංකාර කරගත් ඒවායි
මෙහෙට ඇවිත් විශේෂයෙන්ම දැකපු දේ තමයි නියම එමරාටි කාන්තාවන් පලදින අමුතු මුහුණු ආවරණය. පහලින් ඉන්නේ ඒක පලදපු කාන්තාවන්. පොඩි ගෑණු ළමයි, තරුණ අය මෙහෙම පළඳිනවා දැකලා නැති වුනාට මැදි වයසෙ නැත්නම් වයසක කාන්තාවන් මෙය පලදිනවා.
එමීර් රාජ්‍යයේ කාන්තාවන් අධික මුදලක් විලාසිතා වලට, ආභරණ වලට වැය කරන බව නොරහසක්. ඒ වගේම එයාලා කොයි වෙලාවකවත් මේක් අප් නැතුව නම් එලියට බහින්නේනෑ. මේ රටේ රූපලාවන්‍ය කියන්නේ බොහොම වැඳගත් දෙයක්. අපි වැඩ කරන කාර්යාලවල උනත් මුකුත් උලන්නේ නැතුව ඉන්න දෙන්නේ නෑ. පිට ඔපේට වැඩි ඉඩක් දෙන රටක් කියන්නත් පුළුවන්. මට නම් හිතාගන්නම බැරි උදේ වැඩට එන්න මේ අය කොයි වෙලාවේ ඉදන් මේ ටික උලනවා ඇතිද කියලයි.
මෙහෙ කාන්තාවන් රහස්‍ය ස්ථාන පවා ලස්සන කරන්නත් සුවඳ කරන්නත් ලොකු මහන්සියක් ගන්නවලු. තමන්ගේ සැමියට ගොඩාක් ලස්සනට ආකර්ෂනීයව පේන්න පුළුවන් හැමදේම බිරින්දෑවරු කරනවා කියලයි කියන්නේ.
ඒ වගේම එම රැටියන් බොහොම අහංකාර ඒ වගේම මිත්‍රශීලි නැති පිරිසක්. වැරදිලාවත් හිනානම් වෙන්නේ නෑ. හැබැයි ඒ අහංකාරකම ආසියාවේ අපිට විතරයි කියලත් කියනවා. යුරෝපා ජාතිකයන්ව මොවුන් බොහොම ආදරෙන් පිලිගන්නේ.
ඒ එක්කම තව දෙයක්. එමරාටියන් බොහොම කම්මැලි පිරිසක් කියලත් නිතර අහන්න ලැබෙනවා. දහවල් වෙනතුරු නිදාගන්න, ඊට පස්සෙ හොඳට කාල බීලා සාප්පු සවාරි යන අය විදිහට තමයි මොවුන් ප්‍රසිද්ධ, දැන් ප්‍රශ්නේ මෙයාලට මෙහෙම සැප විදින්න කොහෙන්ද සල්ලි කියලනේ? මෙහෙ රජයෙන් එම රැටියන්ට බොහොම වරප්‍රසාද හිමියි. මෙහෙ ව්‍යාපාරයක් අරඹන්න එමරාටියෙක් අනුග්‍රහය දක්වන්නම ඕනි. අනුග්‍රහය කියන්නේ නම තිබුනනම් ඇති. ඒ විදිහට නමදාලා ඔවුන් ආයතන වලින් ලාභංශ ලබාගන්නවා.
ඒ වගේම මෙහෙ එමරැටිකාන්තාවකට ගෘහසේවිකාවන් 5 දෙනෙකුට අනුග්‍රහය දක්වන්න පුළුවන්. ඒ කියන්නේ එක කාන්තාවකට ගෘහ සේවිකාවන් 5 දෙනෙකු තියාගන්න පුළුවන්. ඔවුන් ඒ බලපත්‍රයත් විකුණනවා. ඔය විදිහට රජයෙන් හැමදේකටම එමරැටියන් සහභාගිකරගන්න වෙන විදිහටයි මෙහෙ නීති සකස් කරලා තියෙන්නෙ.
එමීර් රාජ්‍යයේ භාවිතා වෙන මුදල් ඒකකය ඩිරම්. ඩිරම් එකක් ලංකාවේ රුපියල් 34 ක්, 35 කට සමාන වෙනවා. ආර්ථිකය අතින් බොහොම ස්ථාවර ස්ථානයක සිටින එක්සත් අරාබි එමිර් රාජ්‍යය ලෝකයේ උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා, ලෝකයේ ලොකුම සාප්පු සංකීර්ණය ඩුබායි මෝල් සහ සුප්‍රසිද්ධ තරු හතේ හෝටලය Burj Al Arab වැනි සුවිශේෂී ගොඩනැගිලි වලටත් හිමිකම් කියනවා.
ලොව උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා |
තරු 7 සුප්‍රසිද්ධ හෝලය Burj Al Arab |
කාන්තාර කිව්වාම අපිට අනිත් මතක් වෙනදේ තමයි ඔටුවෝ. ඉස්සර මෙහෙ හැම දේකටම ඔටුවන් යොදා ගත්තලු. හැබැයි මම මේ හිටපු මුළු කාලෙටම ඔටුවන් දැකලා තියෙන්නේ එක පාරක් දෙපාරක් විතරයි, ඒකත් ඩුබායි නගරයෙන් පිටගිය වතාවල් වල විතරයි. දැන් ඉතින් ලෝකයේ මිළ අධිකම වාහන හැම එකක්ම වගේ තියෙන ඩුබායි දේශයේ ඔටුවන් පාවිච්චි කරන්නේ ෆාම්වල නැත්නම් කාන්තාරේ සවාරිවලට විතරයි වෙන්න ඇති. මොකද ලැම්බෝගිණි, ෆෙරාරි වගේ බොහොම වටින වාහන පොලිස් වාහන විදියට පාවිච්චි කරන්නෙත් මෙහෙ නිසා.
අවසාන වශයෙන් මෙහෙ නීති රීති ගැනත් නොකියාම බෑ. හුගක් හොද ජීවත් වීමට සුදුසු පරිසරයක් හදන්න වගේම හිනායන නීති රීතිත් මෙහෙ තියනවා උදාහරණයක් විදිහට මෙහෙ මෙට්‍රෝ නැත්නම් කෝච්චිවල නිදාගන්න තහනම්ලු, ඒ වගේම දුරකථන භාවිතයත්. නිදාගන්න තරම් දුරක් ගිහින් නැති නිසා නිදාගැනීමේ නීතියනම් හරියටම දන්නේ නෑ. දුරකතන නම් මිනිස්සු ඕනි තරම් භාවිතා කරනවා. ඒ වගේම මෙහෙ බස්, කෝච්චි සහ ටැක්සිවල කෑම බීම ගැනීම තහනම්. ඒක නම් මම දකින්නේ හොද දෙයක් විදිහට. හේතුව එක එක දේවල් හැලිලා මේ ප්‍රවාහන සේවා අපිරිසිදුවීම එයින් වැළකෙන නිසා. ඒ ඇරුනාම සමහර ප්‍රසිද්ධ ස්ථාන වල කොටට අදින්න, කර නැති ඇදුම් අදින්න බැහැ. හැබැයි අනිත් අරාබි රටවල් වලට සාපේක්ෂව මෙහෙ විලාසිතා කරන්න ලොකු නිදහසක් කාන්තාවන්ට තියෙනවා.
රථ වාහන නීතිත් අකුරටම ක්‍රියාත්මක වන රටක් තමයි එක්සත් අරාබි එමිරය. ආසියානු ජාන ප්‍රශ්නේ නිසා එහෙන් මෙහෙන් දාලා යන්න හැදුවට අපේ අයියල මල්ලිලත් මෙහෙ පොලිස් මාමලා දැකපු ගමන් හරියට රිය පදවනවා. මොකද පගාව දීලා ශේප් කරගන්නත් බැරි නිසා.
ඔන්න ඉතින් ඩුබායි අන්දරය ඉවරයි මමත් මෙහෙට ඇවිත් වැඩිකාලයක් නැති නිසා ගොඩාක් දන්නෙ නෑ මේ රට ගැන. සිරා කොලුවගෙ හත්වෙනි ලිපියට අපි ඉන්න රට ගැන ලියන්න කැමැත්තක් ආවා නිසයි මේ කරුණු ටික ලිව්වේ.
මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට
ඩුබායි හි සිට ලියා එව්වේ නදිනි අබේනායක.
ප.ලි
සහෝදර බ්ලොග් කාරිණියක වන නදිනි අබේනායක නදී නිම්නය නැමති බ්ලොග් අඩවියේ හිමි කාරියයි. වර්තමානයේ අකලට පොල් හැලෙනවා මෙන් බ්ලොග් ලිපි ලියූවත් නිතරම අනෙකුත් බ්ලොක්කරුවන්ගේ ලිපි කියවමින් ඒ අයට ශක්තියක් වන ඇය සිරාගේ කාමරයේ 7 වෙනි ලිපියට අපි නොදන්නා ඩුබායි දේශය සම්බන්ධයෙන් ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳ සිරා කොලුවාගේ ගෞරවනීය ස්තූතිය ඇයට පිරිනැමේ.
නොයෙකුත් බාධක, කම්කටොළු මැද 2014 වසරේ අවසානයටත් අප ලගා වී සිටිමු. එළඹෙන 2015 වසර සිරා කොලුවා වන මා හට, ඉටුකරගැනීමට බොහෝ බලාපොරොත්තු ඇති වසරකි. සිරාගේ කාමරයට නිතර යන එන සහෘද ඔබ සැමට 2014 වසර තුලදී ලැබූ පන්නරයෙන් 2015 වසර සුභදායී, ජයග්‍රාහී වසරක් කරගන්නට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. උදාවෙන නව වසරේත් සුපුරුදු පරිදිම සිරාගේ කාමරයේ ලෑලි දොර ඔබ වෙනුවෙන් විවෘත වෙනු ඇත.