ඉන්දියානු ජනප්‍රවාද අනුව අලියා යනු ශක්තියේ මෙන්ම නොසැලෙන බවේ සංඛේතයකි... කිරි මුහුදෙන් ඉගිලිනු සුදු ඇතුන් ගැන මෙන්ම වර්ෂාව ඇති කිරීමට සුදු ඇතුන්ට හැකි බවද ඔවුන් අදහයි. වාසනාවේ මෙන්ම සෞභාග්‍යයේ සංඛේතයක් ලෙසද අලි ඇතුන් ඉන්දියානු සමාජයේදී පිළිගැනේ.... මෙවැනි සතකු හිමිව නොසිටි කිසිදු රජෙකු අපට අතීත කථා වලදී හමුනොවන්නේ ඒ නිසාය. හින්දු ආගමේදී ඥාණයට අධිපති දෙවියා ලෙස සළකන ඝණ දෙවියන්ටද ඇත්තේ ඇතකුගේ ස්වරූපයකි.
ශ්‍රීලංකා වාසී බොදුනුවන් අන්කවර ජාතියකටත් වඩා අලිඇතුන් කෙරේ සෙනෙහෙ දක්වන්නන්ය. උතුම් දළදා වහන්සේ සහිත කරඩුව සිය පිටමත තබාගෙන පාවඩ මත සිට ගෞරව බහුමානයෙන් යුක්තව ගමන්කරන්නට වාසනාව උදාකරගත්තෝද මේ පරපුරේම අයය. නැසී ගිය රාජා හස්තියා මෙන්ම පනාමුරේ හස්තියාද ලක්වාසී ජනතාවගේ නෙතින් කදුලක් හෙලන්නට තරම් ලාංකීය ජනජීවිතයට සමීප වූ සද්දන්ත කුලයේ අය වූහ.
මා මෙතෙක් වේලා වටින් ගොඩින් පොට පාදා ගත්තේ මෙවැනි සාඩම්බර පරපුරක නුතන නියෝජනයක් වන හස්තියකු පිළිබද අනුවේදනිය කථා පුවතක් ඔබ වෙත ගෙන හැර දැක්වීමටය. ඇත්තටම ඇය ගැහැණු සතෙක් හෙවත් කෙණෙරක්. නම මාලි.....
බලන්න ඇගේ ඇස් දිහා..... ඇය කෙතරම් නම් අසරණද ? |
විශාල ශරීරයක් හිමි මෙවැනි සතෙකුගේ ජීවන චර්යාව විමසීමේදී මෙය ඉතාමත් අනුවේදනීය තත්වයක්... වනගත අලියෙක් සිය ආහාර සොයාගනිමින් දිණකට කිලෝමීටර් 20 - 25 ත් අතර දුරක් ගමන් කරනවා... ඒ ව්‍යයාමය ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයටත් ඉතා වැදගත්.... කිලෝමීටර් ගණනත් තබා අඩි 50 ක් වත් ඇවිදින්නට ඉඩක් නොමැති මාලි වසර 35 ක් පුරා කෙතරම් පීඩාවට පත්වී ඇතිදැයි ඔබට සිතාගත හැකිද ?
ඇය කකුල් තබාගෙන සිටින ස්වරූපය බලන්න |
අලි ඇතුන් පිළිබද වසර 40 ක අත්දැකීම් සහිත විශේෂඥයකු මෙන්ම ලොව පුරා සත්වෝද්‍යාන / අභය භූමි වල සහ සර්කස් කණ්ඩායම් සතු සද්ධන්තයන් 100 කට වැඩි ප්‍රමාණයක් පිළිබද වාර්තා ඉදිරිපත් කර ඇති දොස්තර හෙන්රි රිචඩ්සන් ( Dr. Henry Richardson) පසුගිය ජූනි මස සිදුකල බාහිර පරීක්ෂා කිරීම් වලින් මාලි ශාරීරිකව ඉතාමත් දුර්වල තැනක සිටින බවට වාර්තාවක් ඉදිරිපත් කලා. ඊට අමතරව ඇගේ පාදයන්ද නිසි ව්‍යායාම නොමැති කම හෙයින් අවධානමට ලක් වී තිබෙනවා...දීර්ඝ කාලයක් තනිව වාසය කිරීම නිසා ඇගේ මානසික මට්ටමද ඉතාමත් නරක ලෙස පිරිහී ඇති බවද සොයා ගත්තා. ඇගේ වාසස්ථානය ආශ්‍රිතව රාත්‍රී කාලයේ පවා ඔහු නිරීක්ෂණ සිදු කර තිබෙනවා. මෙයට විසදුම ලෙස එතුමා යෝජනා කරන්නේ සත්ව උද්‍යානයෙන් ඉවත් කර ඇය අභය භූමියක් වෙත නිදහස් කල යුතු බවයි. මිනිසා හා සමාන ආයුෂ ඇති සත්ව කොට්ඨාශයක් නිසා එසේ වුවහොත් මාලිගේ ඉතිරි කාලය යහපත් පරිසරයක සිට ගත කරන්න ඇයට හැකි වේවි.
දොස්තර මහතාගේ අත්දැකීම් අනුව අලින්ගේ ගැහැණු සතුන් කිසිම දිණෙක සිය රැළ හැර නොයන අතර මියයන තුරුම සිය නෑදෑයන් සමග ජීවත් වීමට ප්‍රිය කරයි. මෙම හේතුවම මාලි ගේ මානසික තත්වය අයහපත් කිරීමට හේතු විය හැක.
රිචඩ්සන් මහතාට අනුව අලින්ගේ දෛනික ක්‍රියාකාර කම් වන ඇවිදීම, කදු නැගීම, පාදයෙන් බිම හෑරීම, මඩ නෑම, පිහිනීම ආදී කිසිදු ක්‍රියාකාරකමක් වසර 35 ක කාලයක් තුල ඇය විසින් සිදු කර නෑ... ඇගේ කුඩා කූඩුව අක්කරයෙන් 0.001 පංගුවක් වත් විශාල නෑ.
මේ කරුණු හෙළිදරව් වීමෙන් පසු සත්ව අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන PETA ( the People for the Ethical Treatment of Animals ) ජාත්‍යන්තර සංවිධානය මාලි වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගත් අතර, මේ කථාව ලොව පුරා ප්‍රචාරය කිරීමටත් ඔවුන් දායක වුනා. ඒ එක්කම ඉංග්‍රීසි ජාතික ගායක Morrissey පිලිපීන ජනාධිපති Benigno Aquino වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ අසනීප තත්වයෙන් සිටින නිසා මාලි නිදහස් කරන ලෙසයි.
ඇගේ පාද සමබර ලෙස පොළොව මත තැබීමට ඇයට දැන් හැකියාවක් නෑ...බැක්ටීරියා ආසාධන නිසා ඒ තත්වය ඇති වී ඇති බවයි සිතන්නෙ... එය ඇයට දැඩි වේදනාවක් බවයි පරීක්ෂකයන් විශ්වාස කරන්නෙ. මේ පිළිබද ඉතා නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇගේ පාද 4 වෙන වෙනම විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් පරීක්ෂා කල යුතු අතර ලේ සාම්පල පරීක්ෂාවද අවශ්‍යයි. එහෙත් තවමත් එවැනි යමක් සිදුවී නෑ. මෙම ආසාධන තත්වය වැඩි වීම නිසා ඇගේ මරණය පවා සිදුවිය හැකියි. PETA සංවිධානයේ ආසියානු කටයුතු පිළිබද අධ්‍යක්ෂ Rochelle Regodon පවසන පරිදි මැනිලා සත්තුවත්තෙන් මාලි වෙත ලැබෙන දුර්වල වෛද්‍ය පහසුකම් හා අවධානය නිසා ඇය ඉතා ඉක්මනින් අභය භූමියකට නිදහස් කල යුතුයි.
මේ අතර ලෝකයේ ඉදිරියෙන්ම ඇති ඇමරිකාවේ සහ එංගලන්තයේ සත්වෝද්‍යාන වලින් දැන් දැන් අලි ඇතුන් සහිත ප්‍රදර්ශන කුටි ඉවත් කෙරෙමින් පවතිනවා... ඒ අලින් සදහා අවශ්‍ය සියලුම අවශ්‍යතා සත්ව කූඩුවක සපුරාදීම තාක්ෂණයෙන් දියුණු එවැනි රටවල් වලට පවා අපහසු නිසා. ඉන්දියානු රජයද සිය සියළුම සත්වෝද්‍යාන වලට නිර්දේශ කර ඇත්තේ සත්ව උද්‍යාන වලින් අලි ඇතුන් ඉවත් කර රජයේ පාලනය යටතේ පවතින අභය භූමි වෙත නිදහස් කරන ලෙසයි.
මාලි අභය භූමියක් වෙතට යැවිය යුතු බව දොස්තර රිචඩ්සන් පවසන්නේ ඔහු සතු අත්දැකීම් නිසයි... සත්ව උද්‍යාන තුල වසර 20 කට වඩා කල් ගත කර නැවතත් අභය භූමි වෙත නිදහස් කල අලින් කිසිම විටෙක වනගත අලින් වෙතින් ප්‍රතික්ෂේප වී නැති බවයි එතුමාගෙ නිරීක්ෂණ ඇසුරෙන් පවසන්නෙ.
වසර 30කට වඩා කල් ඇලස්කා (Alaska ) සත්වෝද්‍යානයක කල් ගත කර මෙලෙසම රෝගී වූ මැගී (Maggie) නම් කෙණෙරකද කැලිෆෝනියාවේ අලින් සදහා වූ අභය භූමියක් වෙත නිදහස් කිරීමෙන් පසු ඒ රෝග තත්වයන්ගෙන් මිදී යහපත් මානසික තත්වයක් උදාකරගෙන තිබෙනවා...
උතුරු තායිලන්තයේ තවත් අලි 14 දෙනෙකු වෙසෙන අභය භූමියකට මාලි යැවීමට අවශ්‍ය සියලු වියදම් දැරීමට PETA සංවිධානය තීරණය කර තිබෙනවා... මාලිගේ සෞඛ්‍ය තත්වය විමසා රක්ෂිතයකට මුදා හරින ලෙස පිලිපීන ජනාධිපති කාර්යාලය නියම කර ඇතත් ඒ පිළිබද වගකිව යුතු පිලිපීන නිලධාරීන් මාලි නිදහස් කිරීම පිළිබද නිවේදනයක් නිකුත් කර නෑ... ඔවුන් පවසන්නේ මාලි හොද තත්වයෙන් සිටින බවත් දොස්තර Henry Richardson ගේ වාර්තාවක් ඔවුනට ලැබී නැති බවත්...ඒ වගේම ඔවුන් PETA සංවිධානයේ ක්‍රියාකාරකම් වලටත් බාධා කරමින් සිටිනවා.
මෙයට පිළියමක් ලෙස මාලි නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් PETA සංවිධානය විසින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කලා....ඔවුන්ගේ ඉලක්කය අත්සන් 50000 ක්.
මෙය ලියන අවස්ථාව වන විට එයට ලොවවටා 35068 දෙනෙකු අත්සන් කර තිබූ අතර තවත් අත්සන් 14932 ක් අවශ්‍යව පැවතුනා...
දයාබර සොයුරු සොයුරියනි...
මෙවැනි ඉරණමකට ලක්ව සිටින මාලි වෙත දයාබරත්වයේ හස්තය දිගු කරන්නට ඔබත් කැමති නම් / හදවතේ තෙතමනයක් තිබේ නම්, දැන්මම මේ පෙත්සමට අත්සන් කර මාලි මුදාගැනීමේ මෙහෙයුමේ සක්‍රීය දායකයෙක් වන්න.... ඔබ ඩොන්ගලයක් භාවිතා කරන්නෙක් නම් මෙගා බයිට්ටු කීපයක් මෙවන් උතුම් සත්කාර්යයක් වෙනුවෙන් පුද කරන්නට දෙවරක් සිතන්න එපා .........
වසර 35ක් පුරාවට මාලිගේ ඒකාකාරී දින චරියාව මේ වීඩියෝවෙන් නරඹන්න...... එය කෙතරම් නම් කටුකද ?
පෙත්සමට අත්සන් කරන්න මෙතැනින්
මේ කාර්යය පිළිබද ඔබේ හිතවතුන් දැනුවත් කිරීමට තරම් කාරුණික වන්න.
මාලි පිළිබද තවත් සිංහල වාර්තාවක් මෙතැනින්
Face book හි මාලි වෙනුවෙන් වෙන්වූ පිටුව මෙතැනින්
මාලි නිදහස් වේවා !
මාලිගේ නිදහස තවත් අත්සන් 14000 ක් දුරින්....
මම සයිබරයේ අලුත් මිතුරා සිරා..
ප.ලි
තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලාංකික සත්වවේදීන් කීප දෙනෙකුට පුද්ගලිකවම ඇමතුවෙමි.
මාලි ට පසු තවත් කුඩා අලි පැටවෙකු මෙම සත්වෝද්‍යානයට පරිත්‍යාග කිරීමට ශ්‍රීලාංකික බලධාරීන් කටයුතු කලද සත්වවේදීන්ගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එය වැළැකී ඇත.
ඡායාරූප ලබා ගැනීමට පරිශීලනය කල වෙබ් අඩවි...
http://www.gmanetwork.com/news/story/262422/news/metromanila/elephant-expert-says-manila-zoo-s-mali-is-suffering
http://newsinfo.inquirer.net/221061/profound-loneliness-foot-ailments-might-kill-manila-zoo%E2%80%99s-lone-elephant%E2%80%93expert
මගේ යුතුකම මම ඉටු කලෙමි.