තේ පොල් රබර් වලින් විදේශ විනිමය හොයපු අපේ රට ඊට අමතරව සුළු අපනයන වලිනුත් ආදායම් ලබපු රටක්. පසු කාලෙක ඒ සියල්ල පහු කරමින් එයට අලුතින්ම එකතු වෙච්ච දරුවා තමයි ඇගලුම් කර්මාන්තය. හැබැයි ඔය අතරේ වැඩි ප්‍රසිද්ධියක් නැතුවම තවත් දරුවෙක් ලංකා මාතාවට හිටිය කියල අපි දැනගත්තේ ඉතාම මෑත ඉතිහාසයේදී. ඒ තමයි විදේශ ශ්‍රමිකයින්. එයාලට නම තිබ්බේ මේ ලගදි ..දැන් එයා රට විරුවා කියල තමයි හදුන්වන්නේ. අපිට කොච්චර ආඩම්බරද.? මේ රට විරුවෝ ලංකාවට වසරකට ඩොලර් බිලියන 1 .7 එවනවා කියල දන්නේ කවුද..?
ඒ අතර ඉතාම ආඩම්බර වෙන්න පුළුවන් සිරස්තලයක් තිබුනා පහුගිය දවස් වල පත්තර වල. ඒ තමයි විදේශ ගත උන කාන්තාවන් 300 ක් වසරකට එනවලු පියවරු නැති දරුවන් අරගෙන. හොදට දෙපයින් ඇවිදගෙන ගිය කී දෙනෙක් පෙට්ටිවල ආවද..? කී දෙනෙක් ඇවිදින මල මිනී බවට පත් උනාද ? කී දෙනෙක් ජීවත් උනත් මල මිනී වගේ වෙලා ඉන්නවද? මේ ගැන දැන ගන්න සංඛ්‍යා ලේඛන කොහෙද තියෙන්නේ.? ඇත්ත කතාව කිසිම රජයක් ඒ දත්ත නිවැරදිව පල කරන්නේ නැහැ. පූරුවේ ණය ගෙවන ප්‍රවේනි දාසයෝ වගේ අර රට විරුවෝ කවුරුත් ඒවට කථා කරන්නේ නැහැ. හැමෝම ප්‍රශ්නය දැක දැක පලා යනවා. අන්න ඒ රට විරුවන් ගැන වසර 3 අත්දැකීම් ටිකක් තමයි මගේ පන් හිදෙන් පත් ඉරුවට වඩම්මලා පරිගණකයෙන් අන්තර්ජාලය හරහා ඔබට කියන්නේ කාමරේ සිරා මල්ලිට පින් සිද්ධ වෙන්න.
අපේ රටේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් 80% ක් ඉන්නේ මැදපෙරදිග රටවල. එයිනුත් මම ගන්නේ 374,000 ක් ශ්‍රමිකයින් ඉන්න සෞදි අරාබිය. අර මම මුලින් කිව්වා වගේ මටත් හිටි ගමන් බලාපොරොත්තුවක් සඵල වෙලා 2012 අවුරුද්දේ ජනවාරි මාසේ සෞදියට ආවා. එදා මම සෞදියට ගොඩ බැස්ස වෙලාවේ මේ රට ගැන මට බොරු කියපු උන්ට ගහන්න තරම් කේන්තියි. ඒ වගේම මේ රට ගැන අප්‍රමාන ගෞරවයකුත් ඇති උනා. ඒ තරම් සුහද විදිහට කළු හම තියෙන විදේශිකයින් විශේෂයෙන් ආසියානුවන්ව පිලි ගත්ත නිසා. අපේ ගෙවල් වල සත්තුන්ටත් ඊට වඩා හොදට අපි කතා කරනවා. කොහොම හරි ගුවන් තොටු පලෙන් එලියට එන්න බැහැ ඒ තරම් වහිනවා. හිටගෙන _ක හෝදන්න තරම්, මට හිතා ගන්න බැහැ මම සෞදි එනවා කිව්වම මිනිස්සු කථා කලේ මේ සෞදිය ගැනමද කියලා, ඒ තරම්ම සීතලයි වැස්සයි, මාව රැගෙන යන්න ආව මාතලී, මල් ශාලාවකින් ලයිසන් ගත්ත එකෙක් වගේ..විනාඩි 35 කින් විතර 80 km විතර දුරින් තිබ්බ නවාතැනට ආවා. පහුවදා උදේ මම මගේ සේවා ස්ථානයට වාර්තා කලා. බලන බලන තැන ගෝනි බිල්ලෝ වගේ, මට මුලින්ම ලැබුන අවවාදය සෞදි කාන්තාවන් දිහා හෝ ළමයි දිහා බලන්න එපා කියලා. (මගේ හැටි දැනගෙනද මන්දා)
මගේ සේවා ස්ථානය රියාද් නගරයේ ප්‍රධාන රෝහලක්, ඇතුලට ගියාම ජපන් බෝනික්කෝ පිරිලා, බලපුවාම පිලිපීන හෙදියෝ ඔක්කොම. එක ලාංකිකයෙක්වත් නැහැ. මම මගේ පත්වීමේ ලිපියට හා ගිවිසුමට අත්සන් කරලා රෝහල පුරා විසිට් එකක් එහෙම දාලා ගිහින් වැඩ බාර ගත්තා.
දෙයියනේ කියලා වැඩ ආරම්භ කරලා මාස දෙකකට විතර පස්සෙ මා සමග සිටි ඉන්දියානුවන් දෙදෙනා වැඩ තහනමකට ලක් උනා. අදටත් මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. මෙයාලගේ තියෙන්නේ මෙයාලට ඕන විදිහට හදපු නීති ඕනෑම මොහොතක වැඩ තහනමකට ලක් වෙන්න පුළුවන්..හැබැයි අපිට ඉවත් වෙන්න නම් මාස 3 කට පෙර දැනුම් දීමක් කරන්න ඕනේ. එත් ඒ ඉල්ලා අස් වීම පිළිගැනීමට හෝ නොපිලිගැනීමට අයිතිය ඔවුන්ට තියෙනවා. ඒ වගේම යම් ආයතනයක සේවක සංඛ්‍යාවෙන් 6% සෞදි ජාතිකයින්ට අනිවාර්යෙන්ම දෙන්න ඕනේ කියල අලුත් නීතියකුත් ගෙනල්ලා . ඒ විතරක් නෙමෙයි ඔවුන් සම මට්ටමේ සේවකයින් ට වඩා වැටුප් මට්ටමින් උඩින් තියන්නත් ඕනේ. අවම වැටුප රියාල් 3000 ට වැඩි වෙන්නත් ඕනේ. කොහොමද ටිකිරි මොලේ.
ටික දවසකින් මම සෞදි ජාතිකයින් පිලිබදව යම් ප්‍රාමාණික අවබෝධයක් ලැබුවා. ඇත්තටම සෞදි ජාතිකයින් බහුතරයක් මාන්නෙන් ඔලුව උදුම්මා ගත්තු ඔලුවේ කිසිම දෙයක් නැති හිස් මිනිස් කොට්ඨාශයක්. රස්සා නැති අයට රජයෙන් මාසෙකට රියාල් 3000 ක් පමණ ලැබෙනවා. බහුතරයක් නූගත් සහ අහංකාර අය. තමන්ගේ භාර්යාවන් භය කරගෙන විශාල ලෙස මානසිකව හිංසනයට ලක් කරමින් ඉන්න පිරිසක්. අනෙකුත් ගල්ෆ් රටවලට සාපේක්ෂව දැඩි මානසික පිඩනයකින් ඉන්න කාන්තාවන් ජීවත් වෙන්නෙ සෞදියෙ.

තම ස්වාමියා හෝ වැඩිහිටි පිරිමියෙකුගේ අවසරයකින් තොරව හැදුනුම්පතක් ගන්න බැරි, බැංකු ගිණුමක් අරඹන්න බැරි, රටින් පිට යන්න බැරි, මොන විදිහකින් වත් වාහන එලවන්න තහනම්, හිසේ සිට දෙපතුල දක්වාම කළු ලෝගුවකින් වසාගෙන ගමන් කලයුතු, (වයස 16 ට වැඩි සියලුම කාන්තාවන් අබාය හෙවත් කළු ලෝගුව අනිවාර්යෙන්ම අැදිය යුතුය,) සමාජයක් මෙහෙ තියෙන්නෙ. මෙය ඔවුන් අර්ථ දක්වන්නේ දැඩි ස්වාමි භක්තිය හා ආගමට දක්වන භක්තිමත් භාවය ලෙසයි. එහෙත් බොහෝ අයගේ මතය නම් මෙය මේ රටේ පිරිමින් සතු ලිංගික කුහක කම බවයි. මේ නීති අස්සෙ අයුතු ප්‍රයෝජන ගන්නා සෞදි කාන්තාවන්ද නැතුවාම නොවේ. තම නිවසේ රියදුරු සමග සුපර් මාර්කට් එකට එන කාන්තාව එහි පිටුපස දොරින් පිටවී කුලී රථයකින් ඉවතට ගොස් පැය කීපයකින් නැවත ඒම සුලභව දැකිය හැකි දසුනක් බවයි බොහෝ දෙනා කියන්නෙ.
ගෘහ සේවිකාවන් ලෙස ගල්ෆ් රටවලට එන කාන්තාවන්ට වැඩිම ගැහැට විදින්නට සිදුවන රටවල් අතරින් සෞදිය ඉදිරියෙන්ම ඉන්නවා. එයට හේතුව බහුතරයක් සෞදි කාන්තාවන් අධික මානසික පීඩනයකින් ඉන්නේ. ඔවුන්ට කිසිම නිදහසක් නැහැ. ඒ පීඩනය ඔවුන් මුදා හරින්නේ තමන්ගේ නිවසේ සේවය කරන ගෘහ සේවක, සේවිකාවන්ගෙන් , රියදුරාගෙන් හෝ තමන්ගේම දරුවන්ගෙන්. ඒ අතින් අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනෙද. දැන් අපේ රටෙන් ගෘහ සේවිකාවන් එන්නෙ නැහැ මේ රටට. ඉතා හොද තීරණයක්. දැන් එන්නෙ ගෘහ පාලිකාවන්. ඉතින් අපි අනෙක් රටවල් වලට වඩා කොච්චර ඉදිරියෙන්ද. වල් අලියා වන අලිය උනා කියල අමුතු වෙනසක් උනාද ..? නැහැනේ..උන්ගෙන් අපටත් අපෙන් උන්ටත් වෙන ගැහැට වෙනද වගේමයි..මම හිතන්නේ අද ඊටත් වඩා වැඩියි. අන්න ඒ වගේ තමයි නම වෙනස් උනාට අපේ සොයුරියන් විදින ගැහැට එදාට වඩා අද වැඩියි. කිසිම අඩුවක් නැහැ.
ඉස්සර මේ රටේ උන් රණ්ඩු වෙන්න භයයි ලු . මොකද උන් පොලිසියට යන්න භය නිසා. දැන් එහෙම නැහැ. අපිට පොලිසියකට ගිහින් වැඩක් කර ගන්න ඕනේ නම් අනිවාර්යෙන්ම උන්ගේ භාෂාව දන්නා එකෙක් හරි එක්ක යන්න ඕනේ. නැත්තන් උන් ගන්නේ උන්ගේ රටේ එකාගේ පැත්ත. වැරැද්ද ඔප්පු කරන්න සාක්කි තියෙනවනම් පුළුවන් තරම් හදන්නේ උන්ගේ එකාව ශේප් කරගන්න. සෞදි ජාතිකයින්ට ඇති පදම් මුදල් තියෙන නිසා ලෝකේ කිසිවෙකුටත් ඔවුන් ඇහුම් කන් දෙන්නෙ නැහැ. මානව හිමිකම් පයට පෑගෙන දූවිල්ලක් වත් තරම් ගණන් ගන්නේ නැහැ. හැබැයි ඇමෙරිකාවට නම් භයයි. ඔවුන්ගේ අදහස ඕනෑම යන්ත්‍රයක් වාහනයක් ඇමෙරිකන් නිෂ්පාදනයක් නම් ඒක විශිෂ්ටම එකක් කියලා. එම නිසා අමෙරිකානුවන්ද ඔවුන්ගේ ඉහලම මිළ ගණන් නිෂ්පාදන වල මුල් ගැනුම් කරුවා ලෙස සලකන්නේ සෞදි අරාබිය.
මෙහෙම කාලය ගතවෙද්දි මීට අවුරුදු 2 කට විතර කලින් මට අපේ පිළිගැනීමේ අංශයෙන් කැදවීමක් ලැබුනා ශ්‍රී ලාංකික රෝගියෙක් ගෙනල්ල ඉන්නවා ඇයට අරාබි හෝ ඉංග්‍රීසි භාෂාව කථා කරන්න දන්නේ නැති නිසා පොඩ්ඩක් එන්න කියලා. මමත් ඉක්මනට ගියා. යනකොට හදිසි අනතුරු ඒකකයේ කාන්තාවක් ඉන්නවා. ඇයගේ දෙකකුල් සුදු සාළුවකින් වහලා. මම හිතුවා අැය දෙමළ හෝ මුස්ලිම් කියලා. ඇත්තටම ඒ වගේ තමයි පෙනුම. මම දන්නා විදිහට දෙමළෙන් ඇහුවා මොකද කියලා. බලනකොට අැය සිංහල සොයුරියක්. දෙදරු මවක්, සැමියා කුලීවැඩ කරන කෙනෙක්. නම චන්ද්‍රිකා. ගම ගිංතොට.

මම ඇහුවා ඇයි අක්කා මොකද උනේ කියලා. මට අමාරුයි මල්ලියේ කියල අැය කියනකොට ඇයව රැගෙන ආ සෞදි කාන්තාව මගෙන් අහනව එයා මොනවද කියන්නෙ කියලා. මම කිව්වා මට මෙයා මොනවත් කියන්නේ නැහැ මට කියන්න ඇත්තටම මොකද උනේ කියලා. එතකොට මේ සෞදි කාන්තාව මට කියනවා අපි එපා කියද්දී මේ ගෑණි උණු වතුර බොඉලේරුව ඉස්සුවා. ඒක ඇගට පෙරලුනා.මම චන්ද්‍රිකා අක්කාගෙන් ඇහුව ඇත්තද කියලා . එතකොට එයා කිව්වා. නෑ මල්ලි මේ ගෑනි මට පෙරේදා ඉදලා කන්න දුන්නේ නැහැ. මම දැන් මාස එකහමාරක් වෙනවා වැඩට ඇවිත් මට පඩි දුන්නෙත් නැහැ. මම පඩි ඉල්ලුවම ගැහුවා .ඊයේ රෑ උණුවතුර එක ඇගට හැලුවා. මම එළිවෙනකං අඬඅඬා හිටියේ. පැනඩෝල් පෙත්තක්වත් දුන්නේ නැහැ කියල.
ඊට පස්සෙ මම අර සෞදි ගෑණිට කිව්වා මට වෙච්ච දේ කියන්න කියලා. එතකොට මේ ගෑණි මට කියනවා, උඹ කවුද මගෙන් ප්‍රශ්න කරන්න මම පොලිසියට යනවා කියලා. හැබැයි ඒ වෙනකොටත් මම මගේ කබල් දුරකතනයේ රෙකෝඩර් එක ක්‍රියාත්මක කරගෙන හිටියේ .මම කිව්වා උඹ පොලිසි බැරිනම් කොහේ ගියත් මට කමක් නැහැ. මට උඹේ විස්තර අපේ රෙකොර්ඩ්ස් වලින් ගන්න පුළුවන්. මම මේක එම්බසි එකට දෙනවා කියලා. ඇත්තටම මේ සක්කිලි ගෑණි අර අක්කට මේ රටේ සේවකයෙකුට අනිවාර්ය වෙච්ච රක්ෂණය වත් දීල නැහැ. දොස්තර මහත්තයා ආවට පස්සෙ මේ කාන්තාව මා ගැන ඔහුගෙන් විමසන බව මට දැනුනා. බෙහෙත් දමන්න තුවාලේ පිරිසිදු කරනකොට ඇය වේදනාවෙන් කෑ ගහන එක බලා ඉන්න බැරි තැන මම චන්ද්‍රිකා අක්කගෙ හිස අත ගාලා කකුල තදින් අල්ලාගෙන හිටියා.
ඒ බව දැකපු සෞදි ගෑනි ආයෙමත් කෑගහනවා. “ලා ලා ..හරාම් හරාම්” කියලා. මම ඇහුවා එතකොට උඹලා උණු වතුර දාන එක හලාල්ද කියලා. උඹලගෙ මිනිස්සුන්ට ගෑණු පේන්න බැරි උනාට අපිට මුන් ඔක්කොම සහෝදරියෝ කියලා. ඇත්තටම බෙහෙත් දාන අතරේ චන්ද්‍රිකා අක්කා ඇගේ කතාව අඩ අඩා මා එක්ක කිව්වා. ඒ මාස එක හමාරක කාලය පුරාම ඒ ගෙදර තාත්තයි පුතයි මාරුවෙන් මාරුවට ඇයව කෙලසලා. මට හිතේ ඇති උන වේදනාව මෙය කියවන ඔබට හිතාගන්න පුලුවන්ද ? මගේ අක්කට මෙහෙම උනානම්...? වෛද්‍යවරයා නියම කළා තව සතියකින් ආපසු ලෙඩාව ගේන්න. මම කිව්වා උඹ අනිවාර්යෙන්ම මෙයාව ලබන සෙනසුරාද මෙහෙට ගේන්න ඕනේ නැත්තං මේ විස්තර මම එම්බසියට දෙනවා කියලා. ඒ කිව්ව විදියටම ඊලග සෙනසුරාද ඇයව ගෙනාවා. චන්ද්‍රිකා අක්කා සෞදි ඇවිත් දුක් විදපු අන් යට වඩා ටිකක් වාසනාවන්තයි. ඊට සති 2කට පස්සේ ඇයව නැවත ලංකාවට යවලා තිබුනා. මේ විස්තරය ඒ දිනවල ලංකාවේ පුවත් පත් වලත් පලවී තිබුනා වගේ මතකයි. ඇය මට ලංකාවේ සිට කතා කරලා කිව්වා තාම බෙහෙත් කරනවා කියල කකුල් දෙකට. මම මගේ බිරිද මාර්ගයෙන් පුංච් උපකාරයකුත් ඇයට කලා.
මේ රටේ ගෑනු කැමතියි තමන්ගේ ගෙදරට වැඩකාරියක් ගෙනාවට පස්සෙ තමන්ගේ පුරුෂයා ඒ ගෑනිව අපහරණය කරනවට. හේතුව ලෝකයේ ලෙහෙසියෙන්ම කාන්තාවක් දික්කසාද කල හැකි රට සෞදිය වීමයි. පුරුෂයාට ඒ සදහා ඉතා කුඩා කරුණක් පවා ප්‍රමාණවත්. තමන්ව දික්කසාද කරයි කියන භයට ගෑනු ඕනෙම දෙයක් ඉවසගෙන ඉන්න පුරුදු වෙලා. සෞදි ජාතිකයින් බොහෝ කාමාධික තැනැත්තන් ලෙස ඉතා ප්‍රකටයි. ඉතින් ඔවුන්ට තමන්ගේ බිරිද තම ලිංගික අවශ්‍යතාවන්ට මදි යැයි හැගෙන්නේ නම් ඔවුන් ඒ අයව ඉවත් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ නිසා සෞදි කාන්තාවන් කැමතියි ලස්සන කාන්තාවන් ගෙදර මෙහෙකාර සේවයට එනවට. එතකොට තමනුත් තම කසාදයත් දෙකම බේරිලා. මේ රට පිලිපීන හා ඉන්දුනීසියානු කාන්තාවන්ට ඉතා ගැලපෙනවා. අපේ රටෙන් ප්‍රථම වතාවට සෞදියට එන ගම්බද කාන්තාවන් මුලික වශයෙන් ගැහැට විදින්නට හේතුව ඔවුන් බොහෝ අය එවැනි කාමුක ජිවිතයක් ප්‍රතික්ෂේප කිරීමයි. හැබැයි 3-4 වාරයක් ආව ගිය අපේම අය මෙහේ හැසිරෙන විදිහ ඉතාම පහත් කියලත් මතක් කරන්න ඕනෙ. ඒක කාන්තා පිරිමි කියන දෙගොල්ලටම පොදුයි.
කාලයකට පස්සෙ මම තවත් සිදුවීමකට මුහුණ දුන්නා.ඒත් අපේම සොයුරියක් සම්බන්ධවයි. මේ සිද්ධිය උනේ පළමු සිදුවීමෙන් මාස 3 කට පමණ පසුවයි. එදත් පිළිගැනීමේ අංශයෙන් මට ආපු කැදවීමට මම ගියා. ඒ යනකොටත් අැයව හදිසි ප්‍රතිකාර සදහා ඇතුලත් කරගෙන. ඇයට කතා කරගන්නවත් බැහැ. ඇයගේ හඩ පිට වෙන්නේ නැහැ. ඒ තරම් ඇයට අමාරුයි. දින 3 ක් දැඩි සත්කාර ඒකකයේ ඉදලා පසු දිනකදී ඔවුන් ඇයව රැගෙන ගොස් තිබුනා. මේ සිද්ධිය මම ලංකා තානාපති කාර්යාලයේ එක්තරා නිලධාරියෙකුට දැන්නුවා. මම දුටු මනුස්සකමක් තියෙන එකම නිලධාරියා ඔහුයි. දින කීපයකට පසුව ඇගේ විස්තරය මම ලංකාදීප පුවත් පතින් දැක්කා. දෙපයින් සවුදි ගිය _______ රෝද පුටුවෙන් ලංකාවට කියලා. මම මේ සිද්ධියට අදාලව එම පුවත් පතට විස්තරයක් යැව්වා. නමුත් එය පලවුනේ නැහැ.
2012 අවුරුද්දේ අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දුන්න අපේ සොයුරියක් රැකවරණ පතා ලංකා තානාපති කාර්යාලයට ගිය අවස්ථාවක දින කීපයකට පසු තානාපති කාර්යාලයේ නිලධාරියෙකුගේ මස්සිනා වෙච්ච මුස්ලිම් ජාතිකයෙක් අතින් අමානුෂික ලෙස දුෂණයට ලක්වෙලා. මේක ලංකා තානාපති කාර්යාලයේ සියලු නිලධාරීන් වසන් කළා. තානාපති කාර්යාලයට සම්බන්ධ සිවිල් පිරිසක් ඉන්නව සුභසාධක සංගමයක් හදාගෙන. ඔවුන් පවා මෙය වසන් කරන්න දායක උනා. මෙය මේ රටේ ලංකාවෙ අය අතර ඉතා ප්‍රසිද්ධ රහසක්. මේ අවස්ථාව වෙද්දි විවිධ ගැහැට වලට ලක්වූ 400 කට අධික ලාංකික සොයුරියන් පිරිසක් රියාද් හා දමාම් කියන කදවුරුවල ඉන්නවලු. ඉන් සමහරක් ගැබිනියන්, සමහරක් මානසික රෝගීන්, සමහරක් දරුවන් බිහි කරලා මේ පිලිබදව ලංකා රජයේ මැදිහත් වීම කිසිසේත් ප්‍රමාණවත් නෑ කියන එකයි මගේ හැගීම. ඔවුන් විදේශ ගත වෙලා තියෙන්නේ රජයේ ඇමති මැති ගොල්ලන්ගේ චිට් එකකටවත් තව කෙනෙකුගේ අවස්ථාවක් උදුරගෙනවත් නොවෙයි. දරිද්‍රතාවයට මුහුණ දෙන්න බැරිකමට. බිලියන ගණන් මුදල් ලංකාවට එවන මේ මිනිස්සු ගැන මීට වඩා මානුෂීයව හිතන නිලධාරීන් අපේ තානාපති කාර්යාලයට අවශ්‍යයි. මේ කුහක කමකට නෙමෙයි ලියන්නෙ මේකයි තිත්ත ඇත්ත.
2012 අවුරුද්දේ වෙසක් උත්සවය සමරන්න ලංකා තානාපති කාර්යාලය සූදානම් වෙන නිසා මමත් ගියා ඔවුන්ට උදව් වෙන්න. කොඩි එල්ලන්න,සැරසිලි කරන්න වගේ වැඩ වලට. එතන හිටිය කාන්තාවන් දෙන්නෙක් (සිංහල අය) අතර පොඩියට ගිය කසුකුසුවක් මහා ඝෝෂාවක් වෙලා අවසානයේ කෙහෙ වලු පටලවා ගැනීමක් දක්වා යන්න එතරම් කාලයක් ගියේ නැහැ. ඒ ගෝරියටම එයාලගේ ස්වාමියෝ දෙන්නත් මොහොතකින් එකතු වුනා. ඊට පස්සෙ ලස්සනට තිබුන වෙසක් කුඩු සහ සැරසිලි සුන්බුන් බවට පත් උනේ බලාගෙන ඉද්දි. තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ඇවිත් පවුල් දෙකම තානාපති කාර්යාල භූමියෙන් ඉවත් කරලා ඔවුන්ට එන්න තහනම් කළා. බලනකොට පවුල් දෙකම අනියම් මිසක් නියම ඒවා නෙමෙයි. දෙන්නගෙම පැටිකිරිය දෙන්නම විස්තර කර ගත්තා හරි අගේට...මට එතකොට හිතුනෙ අර පිරිමි දෙන්න රෙදි අදින්නේ මොකටද කියල..මෙච්චර නීති දරුණු රටේ අපේ සමහර අයගේ හැසිරීම මෙන්න මේ විදියයි.
සෑම වසරකම තානාපති කාර්යාලයේ වෙසක් උත්සවයට සමගාමිව පින්කම් මාලාවක් තියෙනවා. එයින් එකක් තමයි ලේ දන් දීමේ පිංකම. ඔබ දුටුවොත් පුදුම වෙයි මහ විශාල ජංගම ලේ බැංකුවක් තානාපති කාර්යාල අසලට ගෙන එනවා. සමහර දිනට එකක් මදි. දින 4 ක් පමණ එක දිගටම මේ පින්කම් පැවැත්වෙනවා. දැන් දැන් තානාපති කාර්යාලය අසල නිවෙස් වල් ඉන්න සෞදි ජාතිකයින් තානාපති කාර්යාලයේ තියෙන මේ පින්කම් වලට එරෙහිව පැමිණිලි කරලා. ඔවුන් දන්නවා මේ ආගමික කටයුත්තක් කියලා. ඒක තමයි ඔවුන් මේකට අකමැති. තානාපති කාර්යාලයට විරුද්ධව කිසි දෙයක් කරන්න බැරි නිසා ඔවුන් ඉන්නේ. එළියේ එහෙම උනානම් කස පහර සමග හිරේ ඉන්න පුළුවන්.
ඉස්ලාම් හැර වෙන කිසිම ආගමක සංකේතයක් වත් තියාගන්න මේ රටේදි තහනම්. එදා ඒ ලේ දන්දීම සදහා පැමිණි අයගෙන් 95% ක්ම සිංහල හා දෙමළ සහෝදර සහෝදරියො. මුස්ලිම් අය හෙමින්ම මාරු වෙනවා. මම එක්කෙනෙකුගෙන් ඇහුවා ඇයි උඹලට ලේ දන් දෙන එක හරාම් ද කියලා. උන් කැමති නැහැ ලේ දැන් දෙන්න. හැබැයි උන්ට අපේ ලේ, ශරීර අවයව හලාල්.....ඒ වගේම මෙහෙදී හදිසි අනතුරුවලින් මිය යන විදේශිකයින්ගේ ශරීර අවයව පවා ඉතා ඉක්මනින්ම ඉවත් කර ගන්නවා. එ්ක අපේ රටේ අයට පමණක් නොවෙයි මුස්ලිම් නොවන හැම දෙනාටම පොදු දෙයක්. සමහර රටවල මුස්ලිම් අයට පවා. නමුත් ඒ විස්තර කවදාවත් එලියට එන්නෙ නැහැ.
මේ රටේ උෂ්ණත්වය ග්‍රීෂ්ම සෘතුවට සෙන්ට්ග්‍රෙඩ් 50 ටත් වඩා ඉහල යන ප්‍රදේශ තියෙනවා. ඒ කාලයට රජයෙන් තහනම් කරනවා එළියේ රාජකාරි දහවල් කාලයට. සමහර තැනක විශාල ලෙස කම්කරුවන් මිය යනවා විජලනය නිසා. බොහෝමයක් කම්කරුවන් බංග්ලාදේශ ජාතිකයින්. ඔවුන් බහුතරයක් අන්ත දුගී කිසිම අධ්‍යාපනයක් නොමැති පිරිසක්. කොච්චර මැරුණත් කොම්පැනි කාරයින් ඒ නීති සතේකට ගණන් ගන්නේ නැහැ. ඔවුන්ගේ සල්ලි බලය නිසා ඔවුන් සියල්ල යට කරගෙන මිනිස්සුන්ගෙන් වැඩ කරව ගන්නවා. 100 ක් මැරුණත් තව 1000ක් එළියේ පෝලිමේ ඉන්නවා රස්සාවලට එන්න. දැන් මේ වසරෙ ග්‍රීෂ්ම සෘතුව පටන් අරගෙන. දැනටත් 45-48 අතර උෂ්ණත්වය තියෙනව රියාද් ප්‍රදේශයේ,..ජුලි අගෝස්තු වනවිට ඉහලම උෂ්ණත්වයට එනවා. ඉන් පසුව ක්‍රමයෙන් අඩු වෙලා දෙසැම්බර් ජනවාරි වන විට දරා ගත නොහැකි සීතලක් බවට පත්වෙනවා.
සෞදි ජාතිකයින්ට කවුරු හරි කිව්වොත් අහවල් දේ ලිංගික කටයුතුවලට ඉතා හොදයි කියල උන් වහ උනත් කනවා. විදේශික කාන්තාවක් මේ රටේදී පැහැර ගැනීමකට ලක් උනොත් දෙවියන්ගේම පිහිටයි. ඉන් පසුව දුෂණයට ලක් වූ ඇයගේ සිරුර නවතින්නේ මහා විශාල කාන්තාරයක හෝ මිනිසුන් ලගා නොවන ප්‍රදේශයක. කිසි කෙනෙක්ව හොයාගන්න ලැබෙන්නෙ නැහැ. දැන් අලුත්ම ප්‍රවනතාවය පිරිමි ළමයින්ව අපයෝජනය කිරීම. විශේෂයෙන් මේ අතවරයට ලක් වෙන්නේ පිලිපීන හා තායිලන්ත ජාතික තරුණයින්..ඔවුන්ටත් කාන්තාවන්ට අත්වන ඉරණමම තමයි අවසානයේ ලැබෙන්නෙ.
මම මේ ලගදී සුපිරි වෙළද සලකට ගිය මොහොතක මුළු සිරුරම වහගත්තු කාන්තාවන් තිදෙනෙක් සිංහලෙන් කතා කරනවා ඇහිලා පුදුම හිතුනා. ඔවුන් සමග හිටපු පිරිමි තුන් දෙනාම බංගලි ජාතිකයින් ..ඒ වගේ සිද්ධි මෙහෙ බොහොම සුලභයි. නීති විරෝධී විදියට මේ රටේ රැදිලා ඉන්න අපේ කාන්තාවන් බංගලියන්ගෙ හා පාකිස්ථානුවන්ගෙ සෙල්ලම් බඩු වෙලා තමයි නවතින්නේ. අන්තිමට ඔවුන්ට වෙන්නේ පොලිසියට අහුවුනාට පසුව කස පාරත් කාල හිරේ ලගින්න, නැත්තං තානාපති කාර්යාලයේ රැදවුම් කදවුරට ගාල් වෙන්න. දැන් මේ සෙල්ලම් කරන්න අමාරුයි. මොකද සෞදියේ විදේශිකයින් සම්බන්ධ නීති බොහොම තද කරලා තියෙන්නේ. ඔවුන් පොදු සමා කාලයක් දුන්නා අනවසර සංක්‍රමණිකයින්ට රටෙන් පිටවෙන්න. අපේ බොහෝ අය රටෙන් පිට උනා තව සමහරු සෞදි රජයට පාඩමක් උගන්වන්න වගේ ගියේ නැහැ. අහු උනොත් දඩුවම කස පහර 100 ක් හා රියාල් 100,000 ක්. මේවා සියල්ලටම අමතරව සිර දඩුවම වසර 3ක්.
සෞදියට එන එක අඩු කරන්න මම දන්නා විදිහට ලංකා රජය යම් යම් ක්‍රියා මාර්ග ගන්නවා. ඔවුන්ට කෙලින්ම තහනම් කරන්න බැහැ. මොකද රජයක් ලෙස මේ රටෙන් ලංකා රජයට උදවු තියෙන නිසා. විශේෂයෙන් ලංකාවට බොරතෙල් ආනයනය සම්බන්ධව. දැන් අලුත්ම ක්‍රමය කාන්තාවක් මේ රටට එන්න කැමති නම් ඒජන්සි කාරයින් රුපියල් ලක්ෂ 2ක් ඒ කාන්තාවගේ සැමියාට හෝ පවුලේ ලගම නෑදෑයට දෙනවා. විශ්වාස කරන්න මේ රටට ගෘහ සේවිකාවක් ගෙන්න ගන්න සෞදි ජාතිකයින් ඒජන්සියට රියාල් 22000 ක් ලබා දෙනව. ලංකා මුදලින් එය රුපියල් 753,500 ක් පමණ. ඒ මුළු මුදල ලංකාවට නාවත් ඉතා විශාල මුදලක් එක ගෘහ සේවිකාවන් වෙනුවෙන් ඔවුන්ට ලැබෙනවා. නමුත් ලංකාවෙන් ගෘහ සේවිකාවන් ලෙස යන කාන්තාවන් කොපමණ මුදලක් ඒජන්සිකාරයින්ට පුජා කරනවද..? හැබැයි දැන් ඒකෙ අනිත් පැත්ත තමා වෙලා තියෙන්නේ. ගැහැනුන් රට යන්න අකමැති හෝ අඩු නිසා ඔවුන් මුදල් දෙනවා ඒ කාන්තාවන්ගේ පවුල් වලට. අපේ වීරෝධාර යුග පුරුෂයින් ඒ මුදලින් හොදට කාල බීල පුළුවන් නම් තව ගෑනියෙකුත් ගෙදර ගෙනත් එහෙමත් නැත්තං තමන්ගේම සහජාත දූවරුන් අඹුකමට ගන්න හදනවා. තමන්ගේ බිරිද ගින්දරට තල්ලු කරලා ඔවුන් කකා බිබී ජොලි දානවා..මම කියන්නේ හැමෝම නෙමෙයි.සුළුතරයක් නපුංසක පිරිමි එහෙමයි.
දැන් නීති විරෝධී ශ්‍රමිකයො මේ රටේ ඉතාම අඩුයි. ඒ පහුගිය කාලේ රොත්තට වගේ අල්ලලා හිර කරලා සහ රටින් පිටුවල් කරලා දැම්ම නිසා. ඔබ කල්පනා කරයි මට හමු උන සේරම සෞදි ජාතිකයින් ජරා මිනිස්සුද කියලා, එහෙම නෑ, හොද අයත් ඉන්නවා කලාතුරකින් හමුවන. එක උදාහරණයක් කියන්නම්, මෙහෙට එන හැම කෙනෙකුටම වෛද්‍ය පරීක්ෂණයක් අනිවාර්යයි. එයින් පසුවයි ඔවුන්ට රක්ෂණ හිමිකම ලැබෙන්නෙ. ඒ සදහා එන බොහෝ විදේශිකයින් අපේ රෝහලටත් එනවා. මෙයට මාස 2 කට පමණ පෙර එක ලාංකික කාන්තාවක් එම පරීක්ෂණය සදහා පැමිණ තිබුන. එතකොටත් මට ඇය සදහා භාෂා පරිවර්ථක ලෙස යන්න සිදු උනා. මම ගිහින් විස්තර අහනකොට අැය මීට කලින් වෙන තැනකට ගෙනත් තියෙන්නේ. ඒ මාස 2 කට කලින්. ඒ මාස 2 ම ඇයට වැටුප් දීල නැහැ. ගෙදර හිටපු පිරිමි හතර දෙනෙක්ගේ ලිංගික අතවරවලට ඒ මාස 2 පුරාම ඇය ලක්වෙලා. හිරිහැර ඉවසගන්න බැරිම තැන ඇය ඒජන්සියට කියලා. ඒජන්සිකාරයින්ට කාන්තාවන් රට යවලා නිකං ඉන්න බැහැ. ඔවුන් මාස 3ක කාලයක් ඒ අය ගැන වග කියන්න ඕනේ. ඊට පසුව ඔවුන් නිදහස්.
ඒජන්සියෙන් ඇයට කියල තියෙනව තව මාසයක් ඉවසන්න කියලා. තව මාසයක් ඒ ගෙදර හිටියනම් ඒ ගෑනි මැරෙයි. පසුව ඇගෙන් බේරෙන්නම බැරිම තැන ඔවුන් ඇයව ගෙනත් ඒජන්සියට. එතැන වැඩ කරන්න බැහැ කිව්වා කියල ඒජන්සියේ හිටපු ගෑනියෙකුයි තව තම්බියෙකුයි ඇයට හොදටම ගහලා . මුන් දෙන්නම අපේ රටේ. ගෑනි සිංහල. දෙවන වරට අැයව වෙනත් නිවසකට විකුණලා. එම නිවසේ වයසක සෞදි යුවලක් සමගයි ඇය රෝහලට පැමිණ තිබුනේ. එවිටයි මට ඇයව මුණ ගැහුනේ. ඇය වයස අවුරුදු එක හමාරක දරුවෙකුගේ මවක්. සැමියා ධීවරයෙක්. මට හිතාගන්න බැරි මෙච්චර පොඩි දරුවෙක් ඉන්න කාන්තාවක් කොහොමද විදේශ ගත උනේ කියන එක. අවුරුදු 3ට අඩු දරුවන් ඉන්න කාන්තාවන්ට විදේශ ගත වෙන්න නීතියෙන් ඉඩක් නැහැ මම දන්නා විදිහට රැකියා සදහා.
මේ කාන්තාව නොනවත්වාම අඩනවා. අර සවුදි කාන්තාව ඇගේ මුහුණු ආවරණයට යටින් අත දාල ඇගේ කදුළු පිහදාන අතරෙ මට කියනවා මේ ගෑනිට අඩන්නේ නැතුව ඉන්න කියපං, අපි එයාව බලාගන්නවා හොදට. එයාට කියපං අපි දෙන්නව බලාගෙන ඉන්න කියල. ඒ විතරක් නෙමෙයි පහුගිය මාස 2 එයාට නොලැබුණු වැටුප් 2 ත් අපි දෙනවා කියල කියපං කියලා. මම ඒ ටික ඇයට තේරුම් කරලා දුන්නා. ඔවුන් යන්න කලින් අර සෞදි ජාතිකයා ඔහුගේ දුරකථන අංකය මට දීලා ගියා. මාසයකට පමණ පසුව මම ඒ අංකයට කතා කරලා මාව හදුන්වල දීල අර ලංකාවේ කාන්තාවට කතා කළා. ඇය ඒ වෙද්දි සතුටින් වැඩ කටයුතු කරමින් හිටියා. ඔවුන් පොරොන්දු වූ ලෙස පෙර මාස දෙකේ වැටුප් පවා දීලා තිබුනා. ඒ වගේ හොද මිනිස්සුත් අතරින් පතර මෙහෙ ඉන්නවා.
ඒ වගේම ලංකාවෙන් මේ රටට ඇවිදින් නීති විරෝධී වැඩ කරන අයත් එමටයි. එක මුස්ලිම් ජාතිකයෙක් මෙහෙ සිංහල මිනිස්සු දාල අරක්කු පෙරනවා. ඔවුන් පොලිසියට අහු උනත් අරයා බේරිලා. මොකද ඔහු සල්ලි විදම් කරලා මුතෙව්වන් (ආගමික පොලිසිය) හා පොලිසිය අල්ලාගෙන ඉන්නෙ. හිරේ යන මිනිහට දෙවියන්ගේම පිහිටයි. මිනිහ කරන්නේ සිංහල අයගේ පවුල් පිටින්ම මෙහෙ ගෙන්න ගන්නවා. මේ වැඩ වලට සෞදි කාරයොත් සම්බන්දයි. ඒ ගොල්ලෝ තමයි ප්‍රධාන ගැනුම් කරුවන්. අර සිංහල මිනිහට රියාල් 6000 විතර පඩියක් දෙනව. ඉතින් මිනිස්සුත් ඕනේ දෙයක් කරනවනේ. දැනට අපේ අය 3 දෙනෙක් හිරේ ඉන්නවා මම දන්නා විදිහට. පස්සේ අර මුස්ලිම් ජාතිකයා කරන්නේ අර තුන් දෙනාගේම බිරින්දෑවරු තමන් ලගට ගන්නවා. ඒ අයට ලංකාවට එන්න විදිහක් නැහැ.මොකද එයාලගේ ස්වාමියො හිරේ. එහෙම හිටපු කාන්තාවන් දෙන්නෙක් අතර ගැටුමකින් එක කාන්තාවක් මිය ගිහින්. දැන් අර මුස්ලිම් ජාතිකයා සහ අනෙක් කාන්තාව හිරේ. අපේම සිංහල බූරුවො අර මැරිච්ච ගෑනිටවත් හිරේ ඉන්න ගෑනිටවත් උදවු කරන්නේ නැහැ. උන් හදන්නේ අර මුස්ලිම් ජාතිකයව බේර ගන්න. මොකද ඔහු ඉතා විශාල ලෙස මෙහෙ තියෙන ලාංකික සමිති සමාගම් වලට වියදම් කරනවා..තානාපති කාර්යාලයේ උත්සව වලට පවා. මෙහෙ ඇවිත් අවුරුදු 4-5 පැන්නට පස්සේ අපේ උන් අම්ම තාත්ත උනත් විකුනන්න පෙළඹෙනවා සල්ලි නිසා..මට තේරෙන්නේ නැහැ ඇයි කියලා.තව ටික දවසකින් දෙන්නගෙම බෙලි කපල මරලා දාන්නත් ඉඩ තියෙනවා.
රිහානා නෆීක් ගැන ඔබට මතක ඇති.ඇගේ හිස ගසා දමන විටත් මම සෞදියෙ. දීරා කියන මුස්ලිම් පල්ලිය තුල තමයි ප්‍රධාන වශයෙන් මේ කලාපයේ හිස ගසා දැමීම කරන්නෙ. ඒ දවස් වල ලංකාවෙන් මේ කාරණය ගැන දැක්වූ විරෝධයට කෝප සහගත ප්‍රතිචාරයක් තමයි මේ රටේ පුවත් පත් වලින් අපි දැක්කෙ. අපේ රටේ මුස්ලිමුන්ට මොනවා හරි සුළු සිදුවීමක් උනොත් මේ රටේ මාධ්‍ය වල ඉතා විශාල කරලා පෙන්නනවා. මේ ලගකදී ඇරැබ් නිවුස් කියන පුවත් පතේ අන්තර්ජාල සංස්කරණයේ බුදු හිමියන්ට අපහාස වෙන ආකාරයේ චිත්‍රයක් දාල තිබුනා. ලංකාවේදී සහජීවනය ගැන කතාකරන අපේ රටේම මුස්ලිම් එවුන් ඒකට දාල තිබුන කමෙන්ට් ඉතාම නින්දා සහගතයි.
මම කලිනුත් කිව්වා වගේ සෞදි අරාබිය තුල මුස්ලිම් ආගම හැර වෙනත් කිසිම ආගමික සංඛේතයක් ලග තබාගැනීම හෝ ප්‍රසිද්ධියේ වෙනත් ආගමක් ඇදහීම සපුරා තහනම්. එය දැඩි දඩුවම් ලැබිය හැකි වරදක්.වෙනත් ආගමිකයන්ට ඒවා කරන්න පුළුවන් තමන්ගේ තානාපති කාර්යාල පරිශ්‍රය තුල පමණයි. තමන්ගෙ කාමරේ බුදු පිළිමයක් තියාගෙන එයට වන්දනා මාන කරපු තුංගසිරිට කසපහරින් දඩුවම් කල බව ඔබට මතක ඇති. කොච්චර නීති ගරුකයි කියල පෙන්නන්න හැදුවත් මොවුන් දුරාචාර වලින් ස්වයංපෝෂිතයි .

ලංකාව ගැන ඔවුන් හදුනාගෙන ඉන්නේ ගෘහ සේවිකාවන් සෞදියට සපයන රටක් විදිහට මේ මෑතක් වන තුරුම. නමුත් සෞදි අරාබිය තුල වෘත්තිකයන්ට විශාල වශයෙන් රැකියා අවස්ථා තියෙනවා. මොකද එවන් මට්ටමේ රැකියාවලට අවශ්‍ය සුදුසුකම් මෙහේ අයට නැහැ. අපේ රටේ ඒජන්සි කාරයින් එවන් රැකියා වලට මිනිසුන් එවන්න වැඩිය මහන්සි වෙන්නේ වත් උනන්දුවක් දක්වන්නේත් නැහැ. මොකද ඔවුන්ට ගෘහ සේවිකාවන්ගෙන් තරම් මේ රැකියා වලට එන අයගෙන් ගසා කන්න බැරි නිසා. මම මගේ රැකියා අවස්ථාව උදා කර ගත්තෙත් අන්තර් ජාලයෙන් කරන ලද ඉල්ලුම් කිරීමක් මත. සියලුම සම්මුඛ පරීක්ෂණ අන්තර්ජාලය මාර්ගයෙන් කරලා වීසා බලපත්‍රය පමණක් ඒජන්සියක් මාර්ගයෙන් එව්වා. ඔවුන් කලේ මගේ ගමන් බලපත්‍රයට වීසා එක ලබාදුන්න එක විතරයි. ඒ සියල්ල අවසානයේ මට ගමන් බලපත්‍රය නැවත ලබාදෙන්න රුපියල් 75000 ක් ඉල්ලුව.පසුව මම ඔවුන් සමග ගැටුමක් ඇති කර ගෙන පොලිසියට ගියාම (මරදාන) පොලිසියේ අය කියනවා ඔයාට ලොකු වැටුපක් ලැබෙනවනේ ඕන්න ඕක ගෙවලා දාන්න කියලා. මම ඔවුන් සමගත් තර්ක කළා ..පසුව ඔවුන්ට සිදු උනා මගේ ගමන් බලපත්‍රය මුදාහරින්න. ඒ වෙනකොට ගුවන් ටිකට් පත පවා ඊ මේල් මාර්ගයෙන් මට ලැබිල තිබුනේ.මෙවන් ගසා කෑම් අඩු කරන්න කිසිම රජයේ ආයතනයක් උත්සාහ කරන්නෙ නැහැ.ඒ ඔවුන් හැමෝටම පාඩු නිසා වෙන්න ඇති.
ලියනවනම් ලියන්න කොච්චර දේවල් තිබුනත් මම කැමතියි මෙතනින් නවතින්න.මම හැමෝගෙන්ම ඉල්ලන ඉල්ලීමක් සමග මේ ලිපියෙන් සමුගන්න කැමතියි. පුලුවන්නම් කම්කරු රැකියා නැතුව වෙනත් වැදගත් රැකියාවලට සෞදියට එන්න. හැබැයි යන්න වෙන රටක් ඇත්තෙම නැත්තං. ඒ කාරණයට අමතරව මේක කියවන පිරිමින්ට මම කියන්නෙ තමන්ගෙ බිරිද ,අම්මා, සහෝදරිය මේ රටට එවන්න එපා. අනිත් රටවල් ගැන මම දන්නේ නැහැ. මේ රටට එවන්න එපා ගෘහ සේවිකාවෝ හැටියට. ඊට වඩා හොදයි ඉටිරෙද්දක් එලාගෙන හිගා කෑම. මේ රටේ ගෘහ සේවිකාවකගේ වැටුප රියාල් 700-800 අතර. ඒ කියන්නේ රුපියල් 24000- 25000 ක් පමණ. මම සේවය කරන රියාද් නගරයේ ප්‍රධාන රෝහල් 23 ක් හා වෛද්‍ය මධ්‍යස්ථාන 200 කට වැඩි ගනනක් තියෙනවා. ඒ අතරින් එකම එකකදි තමයි ඔබ ඉහළින් කියපු අත්දැකීම් මම ලැබුවෙ. එතකොට අනිත් රෝහල් වල වෛද්‍ය මධ්‍යස්ථාන වල මොන තරම් සිදුවීම ඇතිද අපේ සොයුරියො රෝහල් සේවකයන්ට හෙළි කරපු, මේ ලිපිය ලියන 2014.06.04 දින සෞදි අරාබියේදී අබිරහස් ලෙස මියගිය රාගම සොයුරියකගේ සීල් තියපු දේහයක් ලංකාවට ගෙනල්ලා තියෙන බව අද ලංකාදීප පුවත්පතේ පලවෙලා තිබුනා.
මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
සෞදි අරාබියේ රියාද් නුවර සිට ඉන්දික.
ප.ලි
සෞදි අරාබියේදී අපේ රටෙන් සේවය සදහා පිටත් වූ සහෝදරියන් ලැබූ දුක්බර අත්දැකීම් ඔබ මෙන්ම මමද ඇති තරම් මුද්‍රිත හා විද්යුත් ජනමාධ්‍ය මාර්ගයෙන් කාලයක සිට දැනුවත් වී ඇත්තෙමු. ඊට පරිබාහිරව යම් දැනුවත් කිරීමක් සිරාගෙ කාමරේ හරහා කරනු උදෙසා මාසයේ අවසන් ලිපිය ලියූ ඉන්දික සහෝදරයා වෙත කාමරේ සිරා කොලුවා වන මාගේ නොමද ස්තූතිය හිමිවේ.
ගෘහ සේවිකාවන්ට වන කරදර හිරිහැර පිළිබද බොහෝ දෙනා කථා කලද, ගෘහ සේවිකාවන් ලෙස මව්වරු විදේශගත වීම ශ්‍රී ලංකාව තුල සමාජ ප්‍රශ්නයක් බවට දළුලා මතුව එමින් තිබේ. විටෙක සැමියා අනියම් සබදතාවක පැටලේ. නැතිනම් බේබද්දෙක් බවට පත්වෙයි. එසේත් නැතිනම් තමාට ජාතක වූ දියණියක් අඹු කමට ගනියි. මා පිය රැකවරණය අහිමි වූ වටපිටාවක පිපෙන්නට ප්‍රථම මල් කැකුළු තැලී පොඩි වී යයි. මේ ලිපිය තුල සාකච්ඡාවට භාජනය වූ කාරණය තුල මොන තරම් බරපතල තත්වයක් තිබුනත් විෂය භාර අමාත්‍යවරයා ඒ උදෙසා වගකීමකින් ක්‍රියා කරන ආකාරයක් සිරා කොලුවා වන මට නොපෙනෙයි. පාර්ලිමේන්තුව තුලදී, හඩක් නැති...පිළිසරණක් නැති මේ අසරණ ජනතාව වෙනුවෙන් හඩක් නගන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා පමණක් බව ඔහු මේ කාරණය උදෙසා දක්වන අවංක කැපවීම අගයනු වස් සදහන් කල යුතුමය.
සෞදියේදී අන්ත දුක් විදි පිලිපීන ජාතික ගෘහ සේවිකාවක පිළිබද දුක්බර පුවතක් මෙතැනින්.