සමූහ ඡායාරූපය |
2012 වසරේ ඔක්තොම්බර් මස බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය මගින් සිදුකල සමාජ සත්කාරය වූ අම්පාර, ගලහිටියාගොඩ මහා විද්‍යාලයට පොත් පරිත්‍යාග කිරීම පිළිබද ලියැවුනු ලියමනෙන් පසු බොහෝ දෙනා කියා සිටියේ මෙවර නොහැකි වුවත් මීළගට සිදුකෙරෙන සද් කාර්යයකදී අත්වැල් බැදගැනීමට ඔවුන්ද සූදානම් බවයි. එසේ කියූ පිරිසත් අලුතින් බ්ලොග්කරණයට පැමිණි අයත් 2013 වසරේ මුල් කාර්තුවේදී එකට එකතු කෙරෙන, සුහදත්වය වර්ධනය කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවය ඒ අනුව පැනනැගුනා. අන්න ඒ වැඩසටහනේ ආරම්භය තමයි ගම්පහ ගෙට්ටුව.
මුලින්ම සුහද ක්‍රිකට් තරගයක් පවත්වන්න සත්ගුණවත් සිරා කොලුවා යෝජනා කලත් අවසානයේ එයට තව තවත් අදහස් එකතු වෙලා ගෙට්ටුවක් බවට පත්වුනා. මේ සදහා සංවිධාන ශක්තිය දෙන්න සිරා සමග සෑම් මුලින්ම එකතු වූවා. ඊටත් පස්සෙ අටම්පහුරෙ අටම් ගොයියත් අපිත් එක්ක අත්වැල් බැදගත්තා...ඒ අනුව අපි තිදෙනාගේම සංවිධාන ශක්තියෙන් තමයි ජනවාරි 27 වන ඉරිදා ගම්පහ මල්වත්ත ලංකාව පුරාවට විසිරී පැතිරී සිටින බ්ලොග් තරු වලින් හැඩ වුනේ.
ප්‍රවේශ පත්‍ර අළෙවි කිරීමේ වගකීම මාධව අයියට (කම්මල) සහ සමී මලයාට පැවරුනා. ඔවුන් ඒ කටයුත්ත ඉතාම හොදින් ඉටුකරලා පුදුමාකාර සහයෝගයක් ලබා දුන්නෙ.
තම තමන්ගෙ බ්ලොග් අඩවි වලට මුවාවෙලා නොපෙනී ඉන්න නිසාම සහෝදර බ්ලොග්කරුවන්ගෙ/කාරියන්ගෙ සැබෑ ස්වරූපය දැක ගන්න හැමෝම ඉන්නෙ දැඩි කැමැත්තකින්... අන්න ඒ කැමැත්ත අත්තටු සලා ඉගිල ගිය දිනයක් ලෙසත් ගම්පහ ගෙට්ටුව ගැන හදුන්වන්න පුලුවන්. සිරා කොලුවත් බොහොමයක් අය අදුන ගත්තා, කථා බහ කොලා. බ්ලොග් කරුවන්ට අමතරව තවත් අමුත්තන් දෙන්නෙක් එදා උදේම ගම්පහ මල් වත්තට ඇවිල්ලා හිටියා. එක්කෙනෙක් මගේ මිත්තරයා, වූෂු ශූර අබේරත්න. ඔහු ගැන බ්ලොග් අවකාශයේ මම ලියපු ලියමනෙන් පස්සෙ ඔහුට නොයෙක් දෙනා කල උදව් නිසාම ඔහු මේ අවස්ථාවට එක් වුනේ ආරාධනයකින් තොරවම. බල්ගේරියාවෙ පුහුණු සැසියකට යන්න මුදල් නොමැතිව ලතැවෙන වෙලාවක ලියැවුනු ඒ ලිපියෙන් පස්සෙ ඔහුට අරමුදල් ලැබුනා. ඒ සදහා මූලිකත්වය ගත්තෙ මනුස්ස කම උතුරා යන දුකා අයියා ප්‍රමුඛ විදේශයන් හි වෙසෙන සහෝදර බ්ලොග් කරුවන්...එයට කෘතගුණ දක්වන්නත් එක්ක තමයි අබේරත්න බ්ලොග්කරුවන් අතරට පැමිණියේ.
මල්ලි මම අබේරත්න එයි කියලා හිතලා පොඩි තෑග්ගක් ගෙනාවා...මේක එයාට දෙන්න...
වූෂු ශූර අබේරත්නට ත්‍යාග වවුචරය පිරිනමන ඇවිද්ද පයේ සුදීක |
ඒ රු. 5000/- වටින ADIDAS තෑගි වවුචරයක්
ඔන්න ඉතිං හැමටම කලින් අබේරත්නට ඒ ත්‍යාගය පිරිනමලා තමයි ගෙට්ටුවේ ඉතිරි කොටසට අපි ගියේ. ඒ වෙලාවෙ වූෂු ශූරයාගෙ මුවේ ඇදුනු අව්‍යාජ සිනහව පිළිබද එතැන සිටි අය සාක්ෂි දරාවි. එය අප හැමෝටම සතුටක්. සුදීකා අයියටත් එය මහත් සතුටක් වුනා කියලා හිතනවා.
ක්‍රිකට් තරගය පැවැත්වෙන අතර තුර මට කථා කලේ සංජීව මෙන්ඩිස් අයියා. ඔහු සිරාගෙ කාමරය ඇතුලුව අනෙකුත් බ්ලොග් අඩවි අස්සෙ නිතරම කරක් ගහන ලංකාවෙ ප්‍රධාන සමාගමක ඉහළ තනතුරක් දරන කෙනෙක්. තමන්ගෙ පුංචි පුතා සහ බිරින්දෑ එක්ක ඔහු ගම්පහ මල්වත්තට ඇවිල්ලා හිටියෙ. දැඩි අවුරශ්මිය මැද්දෙ ලකුණු සටහන් කිරීමේ යෙදී සිටි මට ඔහුගේ හිස් වැසුම ලබා දෙන්නට තරම් ඔහු කාරුණික වුනා.
මල්ලි මේ තරගෙ දිනන අයට දෙන්න මෙන්න මගෙන් ටී ෂර්ට් දෙකක්...
මෙය පසුව එකතු කරන ලද ඡායාරූපයකි. වමේ සිට පිළිවෙලින් - සුදීක, සංජීව මෙන්ඩිස්, ලොකු ජෝන්, මඩිස්සලේ නිෂාන්, සමී, වීයා |
ත්‍යාග ලෙස ටී ෂර්ට් ලබන ක්‍රිකට් තරගය ජයගත් කණ්ඩායමේ නායක, දේවා |
මෙවන් මනුසත් කුලේ උතුම් ඇත්තන් සමග දවසක් ගෙවන්නට ලැබීම පිළිබදවත් සිරා කොලුවා අනේක වාරයක් සතුටු වුනා... එක බත්පතක් සංජීවගෙ පවුලෙ තිදෙනාම බෙදාගෙන කන්න සැරසෙනකොට ලබාදුන්න අමතර බත් පැකට්ටුව ඔහු ලබාගත්තේම නෑ.... වැඩිපුරත් එක්ක බත් තියෙන බව දන්වලා පෙරැත්ත කලාම තමයි ඔහු එය ලබාගත්තෙත්. ගෙට්ටුව අවසාන භාගයෙදි ඔහු අපෙන් සමුගන්න කලියෙන්
පුතේ මේ මාමලට වදින්න කියලා පුංචි එකාට කියපු අවස්ථාවේ ඒ පුංචි පැටියා අපේ ඉදිරියෙ දනින් වැටුනාම මගේ ඇස් කුහර තුල ගුලිවෙච්චි කදුලු බිදු කීපයක් අතරින් මට කියැවුනේ,
පුතා හොදට ඉගෙන ගෙන හොද මිනිහෙක් වෙන්න කියලා විතරමයි.
තාත්තා එක්ක පුංචි පුතා |
මට තවත් එක් අයෙක් ගැන විශේෂ යමක් කියන්න අවශ්‍යයි. ඒ අපේ අටම් ගැන. මේ වෙද්දි ගෙට්ටුව දවසෙ ඔහුගේ හැසිරීම් අලලා බ්ලොග් කරුවන් හුදෙක් විනෝදයට නොයෙක් දේ කිව්වත් ලක්මාල් කන්දෙවිදානෙ යනු මිනිස් කම පිරි උතුම් මිනිසෙක්.
මම, සෑම්, අටම් ගෙට්ටුව ගැන බොහෝ දේ සැලසුම් කලේ මූණු පොතේ සිදුකල කථා බහෙන්, අටම් දවසෙ වැඩ රාජකාරි අවසන් කරලා රාත්‍රී 10 පහුවෙලා තමයි මේ කථා බහට එකතු වෙන්නෙ... බොහෝ දවස් වලට අළුයම 2 ආසන්න වනතුරු අපේ කථා බහ දිග්ගැස්සෙනවා... අපි තිදෙනා බ්ලොග් අවකාශයෙ ගෙට්ටුව ගැන ලියපු පෝස්ටු සියල්ලම කලින් සැලසුම් කර ලියපු ඒවා. ඒ අනුව ගෙට්ටුව ගැන අවසන් පෝස්ටුව වෙනස්ම විදිහකට ලියන්න අටම් ට භාර කලේ ගෙට්ටුවට සති එක හමාරකට පමණ කලියෙන්...
ගෙට්ටුවට කෙමෙන් කෙමෙන් දින ලං වුනා. එක් රාත්‍රියක පොඩ්ඩක් හිටපන් සිරා මම අර කියපු එක ලිව්වා කියලා අටම් කවි පෙළක් මට මූණුපොත හරහා එව්වා.
පස්ටයි බන් කියන්න දෙයක් නෑ...සුපිරියි...උඹ නම් මාර කවියෙක්... කියලා මම කිව්වාම අටම් කිව්වෙ....
මට එහෙම කවි ලියන්න බෑ බං... උඹලා පෝස්ටුව ලියන්න කිව්ව දවසෙ ඉදලා දවස් ගාණක් රෑ නිදිමරාගෙන එකින් එක ලියලා තමයි යන්තම් ඔය ටික ලියාගත්තෙ කියලා...
ඒ පිළිතුරෙන් මගේ හදවත කඩාවැටුනෙ නෑ කිව්වොත් මම මහ බොරුකාරයෙක්.... කුසවල් තුනක් පුරවන්න දිනපතා වෙහෙසෙන අටම් තමන්ගෙ නින්ද ඒ විදියට කැප කලේ අප වෙනුවෙන්, ගෙට්ටුවට තව එකෙක් හරි වැඩිපුර ගෙන්නගන්න කියලා හිතෙනකොට ඔහු ගැන මගේ හිතේ ඇතිවෙන්නෙ විශාල භක්තියක්.
ගෙට්ටුවෙ අවසාන තරගයත් නිම උනාට පස්සෙ තරමක් අනුමත වෙලා හිටිය අටම්ට සභාව අමතන්න අවශ්‍ය වුනා. මයික්‍රෆෝනය අතට අරගෙන පළමු වචන කීපය කථා කරද්දි ඔහුට හැඩුම් ආ අයුරු ඔහු අසලම සිටි මම හොදින් දුටුවා. සතුට වැඩි කමටදෝ ආයාසයෙන් වචන අමුණගෙන ඔහුගේ ශබ්ද කෝෂයේ වචන අනුවයි ඔහු එදා කථා කලේ. මම ඒ කථාව තුල අටම්ගෙ සැබෑ ස්වරූපය අත්වින්දා. අටම් බ්ලොග් මිතුරන් සමග ගත කල හෝරා කීපය නිසා උකහා ගත්ත සැහැල්ලුව, සතුට දෝරෙ ගලා ගිය අවස්ථාවක් තමයි ඒ අවස්ථාව.
ආයාසයෙන් සභාව අමතන අටම් |
ගෙට්ටුවෙදි හමූ වූ අනිත් සියලුම අයත් මට විශේෂ චරිත.. බොහෝ අය පළමු වතාවට තමයි දැක්කෙ, ඒ අතරින් අඩවි රජා ගැන යමක් කියන්නම ඕනෙ... ඒකා ලියන ඒවායෙ හැටියට සෑහෙන්න දාංගලයක් ඇති කියලා හිතුවට...කියන්න පුදුමයි රජා හරිම අහිංසක විනීත, නිශ්ශබ්ද තරුණයෙක්. කණට ඇහෙන්න කථා කරන්නෙත් නැති තරම්. මගේම පාසලේ සහෝදරයෙක්. ගාල්ලෙ ඉදන් ආපු වීයා එක්ක විතරයි මට එකට ඉදලා ෆොටෝවක් ගහන්න චෑන්ස් එකක් ලැබුනෙත්... සංවිධායක වැඩ නිසා එහෙට මෙහෙට දිව්වා මිසක් බොහෝ අය සමග කථා බහ කරන්නත් අවස්ථාවක් ලැබුනෙ නෑ...ඒ නිසාම ගම්පහ ගෙට්ටුවෙන් මට මතක තබා ගැනීමට අවකාශ සැලසුනු මූණත් තහඩු සංඛ්‍යාව බොහොම සීමිතයි. ඒ ගැන හිතනකොට ඇතිවන දුක හැර වෙනත් කිසිදු දුකක් මට ගෙට්ටුව පිළිබද නෑ.
සිරා සමග වී පොකුරෙ වීයා |
ක්‍රිකට් තරගයට පෙර ශරීරය උණුසුම් කරමින් |
ක්‍රීඩා කරන අනුපිළිවෙල තෝරන තුණ්ඩු ගුවනට මුසුවෙමින් |
පපඩම් දුන්නෙ නෑ කියපු උන් බලාපියව් |
සෑමාට එදා රාත්තිරියේ නින්ද නොගිය හේතුව, උමා නගාගෙන් අරවා එකක්. |
වෙන් වෙන් වශයෙන් සියල්ලන්ම මතක් කරන්න ගියොත් මේ පෝස්ටුවත් අනෙක් ඒවා වගේම වන නිසා බ්ලොග් කරුවන් විසින් අත්සන් කල පැමිණීමේ නාම ලේඛණය අනුව ගෙට්ටුවට පැමිණි සියලුම අය ආරූඩ නාමයන්ගෙන් සහ සැබෑ නම් සම්මිශ්‍රනයෙන් මේ විදියට දක්වන්නම්. ඒ ගැන කිසිවෙක් සිරා සමග අමනාප නොවේවි කියා සිතනවා. සංවිධායකයන් හැර අනෙක් අය මෙන්න මෙහෙමයි.
ප්‍රදීප් / නාඩියා / ශම්මි / සුමිත් නිරිඇල්ල / වීයා / රාමා / Raj / අඩවි රජා / ඊ මේල් කවිකාරි / කම්මල / රෙපා / නලින් / තරියා / සමී / රත්ගමයා / දිනෙල්ක / චතුමිතු /ගවේෂක / නෙරංජි / JD / නොහික්මුණු ඇස / සුදීක / ගැටයා / ගයාන් සම්පත් ගුණවර්ධන / දුලාන් ආසිරි දළුගම / දේවා / අන්තිමයා / දගයා-හිරු / අහිංසක සිංහයා / ශයංග අශාන්ද සිල්වා / Bunny / රස්තියාදුකාරයා / ප්‍රාර්ථනා සෙව්වන්දි / පවනි තරංගා / ඉෂාර / ජිංජිබිරිස් / චමී4යූ / රෝහණ කුමාර / අනූ / දිලීප / අන්තිමයා / ලොකු ජෝන් / පික්සු මලියා / සුළැගිල්ලා / බට්ටා / බුද්ධික කසුන් / ඕනයා /වැප් / A.Wickz / ඉන්දික / සිතුම් පැතුම් / කසුන් චානක / ප්‍රදී / සිත්තරී මං / ජගත් පද්මසිරි / මඩිස්සලේ නිෂාන් / වෙඩික්කාරයා / පූසා / ප්‍රසා / බුල්ටො / Mister Hyde / සිත්තමී / දමිත් ශ්‍රියන්ත / තිලිණ ෂෙහාන් / අයිෂ් / සිහින මදාරා / බිම්සර / ස්කූබි ඩූ / ඉන්දි / උමා / රොබොරෝසියා / කස්සා / සුහද සංහිද / ලක්රුවන් / සුදර්ශි / / පසිදු මිහිරත්න / ශියානි වනසිංහ / හිමාෂා නිර්මාණි / නිශාන්ත /අනුරාධ නානායක්කාර / ආගන්තුකයා / භාග්‍යා / තහනම් වචන / ලක්ෂිත / දර්ශන
ගම්පහ ගෙට්ටුවට පැමිණි සියල්ලන්ටම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මගේ නොමද ස්තූතිය හිමි වේ.
අඩුපාඩුවක් වී නම් අපට සමාවෙනු මැන !
ගෙට්ටුවේ අයවැය
ආදායම්
ප්‍රවේශපත්‍ර අළෙවියෙන් ලද ආදායම
(88 x 200 ) = 17,600
ඉන්ද්‍රනාථ තේනුවර මහතා ලබා දුන් මුදල = 6,000
සමස්ත ආදායම = 23,600
වියදම්
ක්‍රීඩාංගනය වෙන්කිරීමට = 3,000
තාවකාලිකව විදුලිය ලබා ගැනීමට = 4,909
මල්වත්තේ ප්‍රවේශ පත්‍ර වලට
(88 x 50 ) = 4,400
දිවා අහාර සදහා
(100 x 100) = 10,000
සමරු තිළිණ සදහා = 3,000
DJ සංගීතයට = 5,000
ටිකට් පොත් මුද්‍රණය / සැකසීම = 300
සමස්ත වියදම = 30,609
සමස්ත හිගය = 30,609 - 23,600
= (7,009)
හිගය පියවාගත් ආකාරය
වෙඩික්කාරයා = 500
නලීන්
දිල්රුක්ෂ =
800
සිරා/සෑම්/අටම්
= 5709 සටහන්
රු 120/- වටිනා කෑම පැකැට්ටුව අවම 100 ක ප්‍රමාණයක් මිළදී ගන්නේ නම් රු 100/- බැගින් ලබා දීමට හැකියාව ඇති බව කෑම සැපයූ අය කියූ නිසාත්, ගෙට්ටුව සදහා වූ අන්තර්ජාල පෝරමය 120 දෙනා සම්පූර්ණ කර තිබූ නිසාත් කෑම පාර්සල් 100 ඇනවුම් කලෙමු.
කෑම සැපයූ අය සතුව බිල් පොතක් නොමැති හෙයින් ඊට අදාළ බිල්පතක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැත.
ක්‍රීඩාංගනය වෙන්කරන ලද රිසිට් පත |
තාවකාලික විදුලි සැපයුමට අදාළ රිසිට් පත |
සමරු තිළිණ සහ ටිකට් පොත් මුද්‍රණය |
උද්‍යානයට ඇතුල්වීමේ ටිකට් පත |
DJ වියදම |
උද්‍යානයට ඇතුල්වීමේ ගාස්තුව ඇතුලත්ව අප විසින් නිකුත් කල ටිකට් පත |
අප්‍රේල් මස පැවැත්වෙන සයිබරයේ සිහින බක්මහ උළෙලේදී නැවතත් හමුවෙමු !
මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා,
ප.ලි
විදුලිය සදහා වැයවන මුදල සොයාගැනීම පිළිබද අවිනිශ්චිත තත්වයක සිටියදී ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වී එයින් අප ගලවාගත් ඉන්ද්‍රනාථ තේනුවර ඇදුරාණන්ට අපගේ නොමද ස්තුතිය හිමි වේ.
ගෙට්ටුව පිළිබද ප්‍රචාරනයට දායක වූ සියලුම සින්ඩිකේටර වලට සහ බස් රේඩියෝ කණ්ඩායමට සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ස්තූතිවන්ත වෙමි.
ගෙට්ටුව පිළිබද ප්‍රචාරනයට දායක වූ සියලුම සින්ඩිකේටර වලට සහ බස් රේඩියෝ කණ්ඩායමට සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ස්තූතිවන්ත වෙමි.
ගම්පහ ගෙට්ටුව හරහා අලුත් වූ බ්ලොග් අවකාශයේ මිතුරු දම තවත් ශක්තිමත් කරමින් වසර අග සිදුකෙරෙන සමාජ සත්කාරයට යොමු වෙමු.
ගම්පහ ගෙට්ටුව ගැන තවත් අය කියූ කථා....