http://pocketcultures.com/topicsoftheworld/files/2011/08/barber-shop-in-Abo-al-Kaseeb.jpg |
සිරාගෙ කාමරේ කථා වලදී කීප වතාවක්ම අපට හමු වූ බෑන්ඩ් එකේ ලොකු අයියාද මෙම ස්පොට් එකේ යාවජීව සාමාජිකයකු ලෙස වැජඹුනු කාලයක් විය. අද මේ දිග ඇරෙන්නේ මෑත දිනයකදී ඔහුගේ ශ්‍රී මුඛයෙන් පහළට හැලී සිරා කොලුවා වැර වෑයමෙන් කන් දෙක යොමා එක්රැස් කරගත් ධනයයි. මේ කථාව තුල අද තවත් අළුත් චරිතයක් අප හමුවට එයි. හෙතෙම ජොලා නම් වෙයි. මේ කියන ජොලා හැඩි දැඩිය. අපේ පාසලේම අපිට වඩා වසර කීපයක් වැඩිමල්ය, එහෙමත් නැතිනම් ලොකු අයියාගේ වසරේය. දකින හැමෝම ජොලා අයියා කියා යටහත් පහත් බවක් දැක්වූ චරිතයකි. උදෑසන රැස්වීම් වලදී හැමදාමත් වගේ මල්ලව පොර ක්‍රීඩාවට සහතික, කුසලාන ලබාගත් නිසාදෝ ජොලා එම ක්‍රීඩාවම වර්තමානයේ සිය ජීවන වෘත්තිය කරගෙන සිටී.
ජොලා මෙන්ම ලොකු අයියාද හැන්දෑවට හැන්දෑවට සැටමෝල් වූයේ සැලූන් ඩි ටෝනි හිදීය. ඒ නිසාමදෝ මුන් දෙන්නාට යාවජීව සාමාජික කාඩ්පතක් ලකුණු කර සාක්කුවට දමන්නට ලොකු ටෝනියාට සිදුවිය. ශත පහක හෝ අදායමක් නැතුව හෙයා ජෙල් ටිකක්, පවුඩර් ටිකක් පිනට පුදා එළොවට වැඩක් කරගන්නට ටෝනි ඩබල පැතූ නිසාදෝ හැමදාමත් කෙල්ලන් බලන්නට නීට් ලුක් එකෙන් යන්නට මේ දෙදෙනාට අවකාශ ලැබිනි.
දන්නෝ දනිති. නොදන්නෝ කියවා දැනගනිති. ගම්පහ නගරය වනාහී එහෙම් පිටින්ම ටියුෂන් පන්තියකි. ඉස්සර දවසක ප්‍රංශයේ තිබූ සෝබෝන් මෙන්ම ඇමරිකාවේ මොන්ටානා ද දැන් ඇත්තේ ගම්පහය. ටියුෂන් පන්ති අහවර වූ පසු ගම්පහ යනු එහෙම් පිටින්ම සුරපුරයකි. තෝරා ගැනීමට විවිධ ප්‍රමාණ හා වර්ග රාශියකි. පන්තියක් නිම වූ පසු මාර්ගය වසා ඇදෙන සිසු කැල අතර රුවැත්තියන් මෙන්ම මුවැත්තියන්ද ඇති පදමට සිටී. බඹරා රොන් ගන්නට පෙර මලක් සොයා ගත යුතුය. ඒ අර්ථයෙන්දෝ වැඩක් ඇතිව හෝ නැතිව පන්ති අවසන් වන වේලාවට කොලු කුරුට්ටෝ දැරිවියන් හමුවේ පැණි පෙරන්නට ටවුමට රැස් වෙති. ඒ අතරින් සමහරෙක් තම සීදේවි පෙනුම වැඩි කරගැනීමට පවුඩර් සහ ජෙල් ගෑවෙ ටෝනි ඩබලට පින් දෙමින්ය.
මේ කොලු නඩය අතර සිටි දෙදෙනෙක් ඔබ දැනටම දනී... ඒ ලොකු අයියා සහ ජොලා අයියාය. ලොකු අයියා ටික දිනක සිට පොල් පැළය කෑමට සැරසෙන බව ජොලා දැනගත්තේ ලොකු ටෝනියාගෙනි. මහත් වැර වෑයමෙන් ටෝක් කරගත් කෑල්ල තවෙකෙකුට හිමිවන්නට ඉඩ දී බලාසිටින්නට ජොලා තවමත් දාන පාරමිතාව පුරන්නේ නැතිය. එක් හැන්දෑවක ලොකු අයියා ජොලාට රහසින් සැලූන් ඩි ටෝනි වෙත පැමිණ පින් තකා දෙන පවුඩර් සහ ජෙල් උලාගෙන මොන්ටානා අසල කේක් කඩය ඉදිරිපිට සිටගත්තේ ඔහුගේ හිත කිතිකවා, හිස ඔද්දල් වන්නට පාර කියූ ඒ සීදේවි පින්කද දැකබලාගෙන ඇහැක් තනියෙන් වසා සැනසෙන්නටය. මේ කියූ එකීම ජොලාටද ඇහැ කරකවා ඇති බව අහිංසක ලොකු අයියා දන්නේ නැත... වේලාව පහ පසුවී මිනිත්තු කීපයකි... ලොකු අයියා කේක් කඩයට තනි රකිමින් සිටී. එවිටම සැලූන් ඩි ටෝනි වෙත තකහනියේම දුවගෙන ආවේ ජොලාය. අද දෙකෙන් එකක් බලා ගමියි පාරම් බාමින් ඔහු සැලූනය තුලට වැදුනේය. ආයුධ රහිතව පැමිණි ඔහු දැන් ආයුධයකින් සන්නද්ධය. ඒ පොඩි ටෝනියා කොළඹ ගිය දිනයක උස්සගෙන ආ අලුත්ම පවුඩර් බෙලෙක්කයකිනි. මූහුණ සම්පූර්ණයෙන් වැසෙන සේ පැලදි කලු පැහැති හෙල්මටය ජොලාගේ අනන්‍යතාව සගවයි. දවස අවසානයේ සිදු වෙන්නට යන පාඩුව ගැන සිතමින් ටෝනි සොහොයුරෝ විස්සෝපව බලා හිදී.
පන්තිය ඇරුනේය. දෙපසට පැද්දෙමින් රන්කද ආවාය... ලොකු අයියාට කොමල සිනහවක් පෑවාය... ලොකු අයියාගේ කට කනට යද්දි, ඇය ඔහු වෙත කෙමෙන් කෙමන් ලං වූවාය. ඔහුට කියන්න අවසර ලැබුනේ ඉතිං නංගී කියා පමණකි... ජොලාගේ හැඩි දැඩි බාහු බලයෙන් ගුවනට නැගුනු පවුඩර් බෝම්බයට වෙන්න කපොල් එක පමණක් නොව වටා පිටාවේ සිටි අහිංසක කපොල්ද ගොදුරු වූ සෙයකි... කවුද ඇන්ත්රැක්ස් ගැහුවෝ කියා කෙල්ලෝ සී සී කඩ දුවති... ඒ වකවානුව ඇන්ත්රැක්ස් නම් රසායනික ප්රහාරයන් සිදුවෙතැයි ලෝකයා බිය වී සිටි සමයකි. ඇන්ත්රැක්ස් මැදින් සමන් පිච්ච සුවද හමයි. කේක් කඩය ඉදිරිපිට සියල්ලෝම පියරු බබාලා මෙන් පියකරුය. ධවල වර්ණයෙන් බැබලෙයි. විනාඩියකුදු එතැන නොරැදී ප්‍රහාරක ජොලා වාෂ්ප වූයේය.
අමාරුවෙන් මග සොයාගෙන අසල කඩයකට වැදුනු ලොකු අයියා කඩේ උන්ගේද සහායෙන් යම්තාක් දුරකට සිදු වූ හානියෙන් මිදී නිවසට ගියේය. ජොලාට දෙන්නම් ජම්බු කියූ ලොකු අයියාට රිටර්න් එක දෙන්නට කිසිදු හදිස්සියක් තිබුනේ නැත. පවුඩර් ප්‍රහාරය එල්ල කලේ ජොලා බැව් හදුනා නොගත් ලෙසින් ඔහු පෙර පරිදිම ජොලා සමග පයුරුපාසානම පැවැත්වීය. කාලය ටික් ටික් හඩින් අනාගතය කරා ඇදුනේය.
එක් උදෑසනකි. සැලූන් ඩි ටෝනි විවෘත කලා පමණය. වට පිට බැලූ මල්ලව පොර ශූරයා පාසල් යන්නට මත්තෙන් අවුල් වූ හිසකෙස් සකසා ගන්නට බිත්තියේ වූ කණ්නාඩියට නැඹුරු වූවා පමණකි. මාරාවේශයෙන් ගොදුර සොයා ඇදුනු ලොකු අයියාගේ අතෙහි වූ විශාල සිලි කවරය පිරෙන්නට තිබූ පවුඩර් වල බර සැහැල්ලු කරමින් ජොලා පවුඩර් වලින් නැහැවිනි. සුදු ඇදුම හැද සිටි ඔහු දැන් හිම බෝලයක් මෙන් සුදුය. සැලූන් ඩි ටෝනි ඇතුලත පවුඩර් සාගරයකි.
නෙදකින් විතරක් සැලූන් එක ඇරියා විතරයි ...ලොකු ටෝනියා දෙස් දෙයි. කොණ්ඩය වියලිමට භාවිතා කරන ඩ්රයරය සමග පොඩි ටෝනියා පවුඩර් කුඩු ඉවතට යවන්නට ඔට්ටු වෙයි. මෙතැනින් අතනට, අතනින් මෙතනට...ඒවා සැලූනය පුරා සී සී කඩ යයි. පවුඩර් බබා ජොලාද පාසල් යාම පසෙකලා ටෝනි සොයුරන්ට සහාය වෙයි. දවසේ භාගයක් ගත වූ පසු පවුඩර් අස්සෙන් සැලූනය මතුකර ගැනීමට ටෝනි ඩබල සමත් වූ බව හැන්දෑ කොරේ කවුදෝ ලොකු අයියාට කියා තිබේ.
තවත් ටික කාලයක් ගතවිය. ලොකු අයියා සහ ජොලා පැරණි කෝන්තර නිමවා පෙර පරිදි හොද මිතුරන් බවට පත් වූවෝය. ඒ මිත්‍රත්වය දිනවන්නට සමහරක් දින වල මුන් බාර් එක අරින්නටත් කලින් පෝලීමේය. එතරම්ම පණු බෙහෙත් බීමට ලැදිය. දොරේ එක ඉබ්බෙක් ගලවා දෙයියන්ට බුදුන්ට පහන පත්තු කිරීමටත් කලියෙන් ගල් බෝතලයක් ලබා දී මුන් දෙන්නා සනසා ලීමට බාර් හිමිකරුට සිදු වේ. බෝතලයේ දුඹුරු පැහැති ද්‍රාවණය බිදෙන් බිද සිදී ගියේ අසල වූ කෑම කඩයක පිටිපස්සට වෙන්නටය. ඒ සමගම මෙතෙක් වෙලා තිබූ පියවි සිහියද ටිකෙන් ටික ඈතට දිව ගියේය.
මචෝ උඹට කොහොමද ? අමාරුද ? එකෙක් අසයි...එවිට අනිකා...ඔව් බන් ටිකක් කැරකෙනවා වගේ ඕක්.... අපි ටෝනියගෙ පොට් එකට ගිහින් බඩු බහිනකං සුට්ටක් වෙලා ඉදලා ගෙදර යමු...
සැලුන් ඩි ටෝනි විවෘත වී මද වෙලාවකි. අද නම් බිස්නස් හොදය...දැනටම ගණුදෙනුකරුවන් හතර දෙනෙකි. ටෝනි ඩබල දෙදෙනෙකු වෙත සේවය සලසන විට තවත් දෙදෙනෙකු පුවත් පත බලමින් සිටියෝය. මේ අතර ලොකු අයියා සහ ජොලා වැනී වැනී ස්පොට් එකට ඇන්ටර් වෙයි. එකෙකුගේ කොණ්ඩය කපා අවසානය. ඒකා තමාගේ ගජයෙකු නිසා ජොලා අඩියක් ඉදිරියට තැබීය. පුවත් පත පසෙක ලා තවකෙක් කොණ්ඩය දන් දෙන්නට පටුවේ හිද ගැනීමට සැරසෙයි...
දැන් නම් ලොකු අයියාට මද පවන සැඩ සුළගක් වෙලාය. ඔලු ගෙඩිය බඹර චක්කර ගානට කැරකේ... කබරයා මදින් මද හිස ඔසවයි... තවත් ඉන්නට බැරිය...ඉදිරියට ගිය හෙතෙම ජොලා සහ මහ ටෝනියා අත් දෙකෙන් අල්ලා දෙපසට කර බාබර් මේසය යටට වෙන්නට වැඩි හරිය මුදා හැරියේය. පලාතම ඇක්ස්ට්‍රා ස්පෙෂල් සුවදින් නැහැවෙයි.... ලොකු ටෝනියා ඔලුවේ අත් ගසාගත් වනමය....ක්ෂණිකවම ඔහු කීවේ එක් දෙයකි....
මහත්වරුනේ මට සමාවෙන්න... අපි අදට සැලූන් එක වහන්නයි යන්නේ....
මාස දෙක තුනක් ඇවෑමෙන් තරහ මරහ නිවී දෙපාර්ශවයම යලිත් පෙර පරිදි සමාදාන විය. නමුත් ලොකු ටෝනියාගේ සිත රිදවූ අරියාදුව ගැන තවමත් කෝපයෙනි... උඹලට දෙන්නම් බැටේ... ඔහු නිතරම මුමුණයි. පාරේ ඇවිදින විටෙක අහුවෙන අහුවෙන දේට පයින් ගසනා ජොලා සහ ලොකු අයියා ඉලක්ක කර මහ ටෝනියා උගුලක් ඇටවූයේය...
පාසල නිම වී හැමදාමත් සැලූනයට පැමිණෙන ජොලා සහ ලොකු අයියා එන මග, සැලූනය කිට්ටුව පාර අයිනේ වෛවාරණ සපත්තු පෙට්ටියකි. සම්පූර්ණයෙන් වසා ඇති එතුල ඇත්තේ තඩි කලු ගලක් බව දන්නේ ටෝනි ඩබල පමණකි. ඈත තියාම පෙරමග බලා සිටින ටෝනියා සහ සපත්තු පෙට්ටිය දුටු මුන් දෙන්නා කුමන්ත්රණයක සේයා දැනී රහසේ සැගවිනි. ටෝනියා එය දුටුවේ නැත.
මද වේලාවක් ඇවෑමෙන් ඒ දෙසට ආවේ ----------වත්තේ නම් දැරූ ලයිෂන් චණ්ඩියෙකි. බිම තිබූ පෙට්ටියට දෙවරක් නොසිතූ ඔහු දුන්නේ රොනල්ඩෝ පවා නොගසන තරමේ වේගවත් පා පහරකි. ඒ සමගින් ඇසුනු විලාපයද සමග ටෝනියා කිසිත් නොඇසුනා සේ සැලූනය තුලට වැදුනි.
එදින රාත්‍රියේ ටෝනියා වෙත ඇමතුමකි...
අඩෝ මම --------------වත්තෙ ----------අයියා කථා කරන්නෙ...තෝ පාරෙ තියපු පෙට්ටියට ගහලා මගෙ දකුණු කකුලෙ ඇගිලි දෙකක් කැඩිලා....මේක හොද වෙලා ගෙදර ආපු ගමන් මම තොගෙ කැවුත්ත කනවා යකෝ....
මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
පසුකාලීනව ටෝනි ඩබල වෙනත් රැකියාවන් වෙත යොමු විම නිසාවෙන් අද සැලූන් ඩි ටෝනි එම ස්ථානයේ නැත.
මේ පෝස්ටුව උන් දෙන්නා දුටුවහොත් මටද බඩු බනිස් බව සිතේ.
ජනවාරි 27 ගම්පහ ගෙට්ටුවට එන්නට කැමැත්තෙන් සිටින උන් තව තවත් කල් මරන්නේ නැතිව ඉක්මනට පෝරමය පිරෙව්වොත් හොදාය. ඒ සදහා දකුණු පස ඉහළින්ම ඇති ලෝගෝවට කොටන්ඩ.
කලෙකින් ආවෙමි... ආයෙත් එන්නෙමි... ජය වේවා...
ReplyDeleteඇයි බන් කාලෙකින් එන්නෙ...නිතරම වරෙන්... ගම්පහ ගෙට්ටුවටත් වරෙන්... ජය !
Deleteතනියෙන් හිනාවෙන්න බෑ බන් මෙහෙමත්..
ReplyDeleteලියපු ඉට්ටයිල් එකට මම කැමතිය. රෑට කාපු ගමන් මේක කියවල
හිනාවෙලා බඩත් රිදෙනවා
ඔබේ ප්‍රතිචාරය මට අවංකවම ශක්තියක්... ස්තූතියි.
Deleteහිනා කාල මැරෙනවා බන්, කියවපු එලම කිරි පොස්ට් එකක් , තව වැඩි වැඩියෙන් ලියන්න සිරාට හැකියාව ලැබේවා..........
ReplyDeleteමේ පැත්තට පැමිණියාටත්... කරපු ප්‍රාර්ථනාවටත්, දෙකටම ස්තූතියි...
Deleteකතාවත් සුපිරිය!!ලියල තියෙන විදිය ලෙසටම සුපිරිය!!!
ReplyDeleteස්තූතියි !
Deleteඅද කතාව ලියලා තියෙන විදිය ලස්සනයි. උපහාසයත් එක්කම රසවත් විදියට ගලා යනවා.:)
ReplyDeleteකියවන සමහරු චෝදනා කලා... මුල් කාලෙ විදියට දැන් ලියන්නෙ නෑ කියලා...ඒ නිසා පොඩි වෙනසක් කොලා...
Deleteහිනාගස්සනවා කියලා මෙහෙමත් හිනා ගස්සනවාද? තාමත් හිනා
ReplyDelete"දන්නෝ දනිති. නොදන්නෝ කියවා දැනගනිති." දැන් දන්නවා..
"තෝරා ගැනීමට විවිධ ප්‍රමාණ හා වර්ග රාශියකි." ඒකත් හරි කරදරේනෙ. කෝකද කියලා හිතාගන්න බෑ... අනික එකක් දැක්කම ඔය ගොඩක් මැද්දෙ ආයෙ කොහේ හොයන්නද?
ලිවීමේ ශෛලිය සුපිරියි..
බොරු නෙමෙයි හරී...පන්ති ඇරෙන වෙලාවක ගම්පහ ටවුමට ඇවිත් බලන්න... ඇහේ පොට යනවා කෝක තෝරගන්නවද කියලා හිතලා... එච්චරට සීදේවි ළමයි...
Deleteසිරාවට?
Deleteඉතින් ඇයි බන් බල බල ඉන්නෙ ? අපිනම් එදත් අදත් මීගමුවට ප්‍රිය ඇත්තෝ වෙමු.. :-)
Deleteඔය එක එකාගේ නං දාලා ලියන්නේ උඹට වෙච්චා නේද
ReplyDeleteපික්සු කථා කරන්න එපා මෙයා... සත්ගුණවත් සිරා කොලුවා වමනෙ දැම්ම තරමක් දැම්මෙ අනුන්ට කරදර නොවෙන්න... මගේ සිද්ධි මම මගේ නමින්ම තමයි ලියන්නෙ...මේක ඇත්තටම ලොකු අයියට වෙච්ච දෙයක්...
Deleteඋදේ පාන්දර සියලු වස් දොස් නැති වෙන්නට හිතේ හැටියට සිනා සුනෙමි.. සිනා සී අහවර වී බලන විට අම්මා බිරන්තටිටු වී මා දෙස බලා සිට මුතුක් නොකියාම ගියාය..
ReplyDelete(හෙට තාත්තා එක්ක එකතු වෙලා මාව මානසික වෛද්‍යවරයෙක් ගාවට ගෙනියයිද දන්නෙ නෑ)
නියමයි සිරා... උඹනම් සිරාම සිරා....
මානසික වෛද්‍යවරිය සුන්දර හැඩකාරියක් උනොත්...බණ්ඩා ඒකත් ජයසිරි මංගලම් කියයි.
Deleteස්තූතියි බන්...
එහෙම උනොත් සිරා, බණ්ඩා ආයිත් ගෙදර බත් කාලා අහවරයි... හි හි
Deleteබත් නං නැතත් කමක් නෑ.. හදිසි අනතුරු වාට්ටුවේ නතර වෙන්න උනොත්..
Deleteඒ කියන්නේ අර චන්ඩියා නොන්ඩි වෙලා පොරොන්දුව ඉට්ට කලන්න බැලි උනාද ?
ReplyDeleteපාලන බල ප්‍රදේශයේ උද්ගත වෙච්ච අර්බුද විසදන්න කලාය මිඩංගු කරන්න වෙච්ච නිසාද මන්දා...ටෝනියා අදත් යහතින් ඉන්නවා...
Deleteමේකම අපි කළා බං ඉස්කෝලෙ යන කාලෙ. අපේ සර් කෙනෙක් පයින් ගහල සද්ද නැතුව ගියා :)
ReplyDeleteඋඹලා තමයි බන් මිනිස්සු... ගුරු භක්තිය සෑහෙන්න තිබිලා තියෙන හැඩයි...
Deleteසිරාගේ කතා ලිවිල්ල පට්ට සිරා.කියවනකොට හිතෙන්නේ බලාගෙන ඉන්නවා කියලා.
ReplyDeleteඅර ලයිෂන් චන්ඩියා පොරොන්දුව ඉස්ට කලාද?
නෑ...ඌ ඒක තරහා ගිහින් කිව්වට මිනිහත් ටෝනියගෙන් තමා කොණ්ඩෙ කපාගෙන තියෙන්නෙ...
Deleteඋන් දෙන්නා ටෝනි ඩබලට මාර සහයෝගයක් නේ දීලා තියන්නේ..:)
ReplyDeleteමේ ලිවීම නම් පංකාදුයි බං. උදේම ලේ පිරිසිදු කර ගත්තා.
පවු බන් ටෝනියලා... ඒ කාලෙ උන්ට වෙන තරමක් වෙලා තියෙන්නෙ පජාතම වැඩ...
Deleteසුවර් එකටම මාත් ඕකෙන් කොන්ඩේ කපා තිබෙන්නට ඕනෑය. ඔතන සලූන් දෙකක් තිබුනේය. ඔය කෝකද කියා මට හරි හැටි මතක නැත.. බාර් එක ලඟටම වෙන්නද සැලුනයක් තිබුනේය.... ගම්පහ ගැන කියද්දී දුවගෙන එන්නටම හිතෙන්නේය.... උඹ රස කර කර ඉතා අගේට ලියා තියෙන්නේය...
ReplyDeleteබාර් එක පැත්තට වෙන්න තිබුන එක නොවේය. අනිත් එකය... ඒ කාලේ වගේම තවමත් සුන්දර දැරිවියන් ගම්පහ ටවුම හැන්දෑවට හැන්දෑවට බදු ගන්නෝය.
Deleteප්‍රැක්ටිකල් ජෝක් කියන්නේ ඕව තමා සිරෝ..
ReplyDeleteජොලා තමයි බන් ජොලා...මේ කථා කියන්නෙ රග පාන ගමන්... හිනා ගිහින් පණ යනවා...
Deleteනියමෙට ලියල තියෙනව සිරා.
ReplyDeleteගම්පහට එන උං බයකරන්නද දන්නෑ මේක ලිවුවෙ.
නෑ නෑ... ගම්පහ දැන් චණ්ඩි නෑ...සිරා වගේ සත්ගුණවත් ඇත්තො තමා ඔක්කොම ඉන්නෙ...
Deleteමම යනවා තව කාව හරි එක්කන් ඇවිල්ලා ආයේ කියවන්න, ගෙදර මිනිස්සු බලනවා පිස්සුද කියලා මෙහෙම හිනා වෙන්නෙ..
ReplyDeleteහා හා...ඕවට මම නෑ ඔන්න...
Delete//මේ පෝස්ටුව උන් දෙන්නා දුටුවහොත් මටද බඩු බනිස් බව සිතේ.//
ReplyDeleteමෙතන කුමක් හෝ රහසක් ඇත. උඹ හඟවන කොටස දන්නෝ ටෝනි ඩබල නේද ? මේ වගේ මගෝඩි වැඩ මමත් කර තිබේ. සිරාගේ කතාවෙන් මතක් විය.
සුදීක අයියාද මතක් වූ මගෝඩි වැඩක් දෙකක් ඉදිරියේදී ලියනවා ඇතිය... මම පොඩි ටෝනියා දන්නේ නැත. උන් දෙන්නා යනුවෙන් මා පැවසූවේ ජොලා සහ මහ ටෝනියාය...
Deleteගම්පහ වනාහී ටියුෂන් පන්තියකි... මල් වත්තකි... සුර පුරයකි... පංතියක් ඇරුනු කලට පාර එකම මල් ගොමුවකි... කරුමයනම් එක කෑල්ලක් දිහාවත් වැඩි වේලා බලා සිටීමට නොහැකි වීමයි... හොද යැයි සිතා එකක් බලන කල්හි එයිට වඩා සුපිරි කෑලි හත අටක් ඒ පිටු පසින් එති.. ඇස්වලට පිස්සු හැදෙති... මමනං ඒ කාලේ ගම්පහ යන්නට පෙර මැෂින් තෙල් කුප්පියෙන් බිංදු දෙක තුනක් ඇස්වලට දමා..බෙල්ලට ග්‍රීස් තලියක් ගාගන්නේය.. නැතහොත් ඇස්වල පොට යන්නේය.. බෙල්ලේ ජොයින්ට් පනින්නේය..
ReplyDeleteඅහෝ අතීතේ...
මාරෙ අයියා ගම්පහ සැබෑ ස්වරූපය කදිමෙට වචන බවට පෙරළලා ඇත්තේය... කථාව ඇත්තකි...මේ එන කෙල්ල නම් ලස්සනයි නියමයි...ඒකිට ට්‍රයි එකක් දෙන්න ඕනෙ කියා හිතනකොටම ඊට වඩා ලස්සන කෙල්ලෙක් ඊට පිටිපස්සෙන් පැමිණෙනවාය... මුන් දෙන්නා ගැන සිතන්නට ගොස් මානසිකව වැටී සමහර කොල්ලන්ට තුවාල පවා සිදු වූයේලු.
Deleteපිටිපස්සෙන් වඩා සුපිරි කෑල්ලක් එනකං තාමත් එකෙක් බලං ඉන්නේය....
Deleteඋඹේ ලියවිල්ල නම් සුපිරියි සිරෝ..චන්ඩියාගෙ පොරොන්දුවට මොකද උනේ...කැවුත්ත කාලද...හි හි හී නියමයි ආ...
ReplyDeleteනෑ නෑ...චණ්ඩිය උනත් කොණ්ඩෙ කපනකොට හිස නැමුවෙ ටෝනි ඩබලට නිසා...වැඩේ සාමයෙන් සමාදානයෙන් විසදිලා...
Deleteලිහිණියෝ මොකෝ කාගේ හදවත් හතරද දෙපැත්තෙන් එල්ලෙන්නේ..
Deleteලිහිණියටත් අර බෙහෙත් නැති කරුම ලෙඩේ හැදිලා වගේ...
Deleteඅයියෝ බෑ බං මේ වැඩේ... දැං ඉතිං මං මේක අර මනුස්සයා ආවම එයාට කියවන්න එපැයි...... තනියෙන් රස විඳින එක හොඳ නෑ නේ මෙච්චර රස කතාවක්... හි හි
ReplyDeleteහිනාවෙලා පණ ගියා...හි හි...
මෙන්න යුතුකම් දන්න නියම බිරිදක්... තමන් තනියෙන් රස විදීම නොහොබී යැයි ඇගේ සිත ඇයටම දෙස් දෙන නිසාවෙන්... ප්‍රිය අපේ මහත්තයාටද ලියවිල්ල රසවිදීමට ආරාධනා කිරීමට තරම් ඇගේ සිත පති භක්තියෙන් පිරිලාය, මෘදු මොළොක්ය, හරියටම ඇගේ මෑණියන්ගේ කඩේ කේක් මෙන්ය. අනේ වාසනාවන්...අපිටත් මෙවැනිම ගෑණු ලැබීයන්...
Deleteආරාධනා කළාට වැඩක් නෑ බං..එයා මේවා කියවන්න කම්මැලියි.. මං අර මොකාද වගේ මේවා ඉතිං නැරේට් කරනවා එයාට....
Deleteඑළ ද බ්‍රා....
ReplyDeleteනියම ලියවිල්ල, ටෝනි ඩබල නම් සංසාර පුරුද්දට ද කොහෙද කෙළවරක් අනුන්ගෙ සීනි කිරන්නෙ...
ඔය මොන්ටානා එකේ (ස්ක්‍රීන් ප්‍රින්ටින්) පෝස්ටර් මමත් කළා 95 දි විතර.
අඩේ සුමිත් අයියා ඉස්සර ස්ක්‍රීන් ප්‍රින්ටින් එහෙමත් කලාද ? රත්නපුරේ ඉදන් ගම්පහ වැඩ කලේ කොහොමද හැබෑටම...
Deleteරත්නපුරේ නෙවෙයි, යක්කල දි.....
Deleteඔය සැලූන් එක මම දන්නවා. ඒක දන්නෙ බාර් එක දන්න හින්දා....
එල එල මචන් හොදටම හිනා ගියා ..
ReplyDeleteමගේ ගම්පහ අද්දැකීම් ගැන
මන් මෙන්න මෙතන කියල ඇති ....
ආයේ නම් ඔය මල් වත්තට
එන්න අදහසක් නැහැ මේ මගේ...
ලිවිල්ල නම් එලටම තියෙනවා ...
උඹේ ලිපියත් මම වෙලාවක බලන්නම්...අදහසට ස්තුතියි සයිලට්...
Deleteubema kamare ara higana manussayage ekata man dapu kament
Deleteekak oya link kare...
මේ 27 ගම්පහ ආපුවහම ඔය පොට් එකට අපිවත් එක්කන් පලයන්! :D
ReplyDeleteඒ පොට් එක දැන් වහලා...දොර ලෑලි ටික පෙන්නන්නම්...
Deleteහපොයි සැලුන් එක වැහුවෙත් ඔය හේතු නිසාද?
ReplyDeleteලොකු ටෝනියා භාහිර උපාධියක් එහෙම කරලා උසස් තනතුරකට ගියා මම දන්න විදියට...
Deleteයකෝ දෙමල චිත්තර පටියක් බැළුව වගේනේ.. වැඩ කෝඩියයි
ReplyDeleteදෙමළ චිත්‍රපටියක් වගේ උනාට මේකෙ රේප් සීන්, යට තියෙන ඉරි ඉරි කලිසම පේන්න සරම උස්සගෙන නටන සීන් , 15 කට 20 කට තනියෙන් එලව එලව ගහන සීන් , බැරිම තැන වක් මන්නෙන් බෙලි කපන සීන් එහෙම නෑ...
Deleteඇයි අර ඇහැ කඩන් යන පාට ඇඳුම් ඇඳගත්ත විකාර නැටුම්.....;)
Deleteසිරා මේකනම් සිරාම කතවක් බන්.
ReplyDeleteඑහෙනං සතුටුයි...
Deleteහික්..හික්.. හිනා යනවා බොල,
ReplyDeleteහිනා යනවා නම් හිනා වෙයංකො...හිර කරගෙන ඉන්නෙ...
Deleteපව් අෆ්ෆා සද් ගුණවත් ටෝනි ඩබල ........
ReplyDeleteෆවු කියන්නෙ හරිම ෆවු....ඒ නිසාම තමා උන් දෙන්නා ඒ රැකියාවට ආයුබොවන් කිව්වෙ...ලාභ වලට වඩා පාඩු තමා වැඩියෙන් වුනේ...
Deleteඅපිත් මේකලාස් ගිය කාලේ කවරුවත් දකිනවට කවර් වුනේ ඔය කියන සැලෝන් එකේම ද මන් ද? මට දැන් මැන්ස් ගේ නම අමතකයි.
ReplyDeleteනලින් අයියලා මේකලාස් ගිය සැට් එකද...ඒ කාලෙ මම හිතන්නෙ මුන් දෙන්නා පොඩි උන්...වෙන කවුරු හරි වෙන්ටෑ...
Deleteහිකිස්...කියවගෙන කියවගෙන ගියා...බඩත් රිදෙනවා...
ReplyDeleteඋදේ ජරාවක් කන්න ඇති බඩජාරිකමට...
Deleteහයියෝ.. අරූ ටෝනිකෙ මොකක්ද එක කෑවද දන්නෑ අවිත්...හික් හික්...
ReplyDeleteඅයියෝ සිරා... ගම්පහ දුරයිනේ අපි මෙහා කොනේ....... :(
අපි මෙහා කොනේ කිව්වෙ දකුනෙද... ලංකාව වටෙන්ම එදාට එනවා... කම්මැලි කම් නොකර ආවොත් හොදා...
Deleteහැමදාමත් වගේ නියම කථාවක්.කථාව කොටස් වශයෙන් දාන්න තිබුණේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
කොටස් වශයෙන් දාන්න තරම් කරුණු නෑ...වැල් වටාරම් ලියන්න ගියොත් කථාව එපා වේවි.
Deleteගම්පහ වනාහී ටියුෂන් පන්තියකි... මල් වත්තකි... සුර පුරයකි ..../// උෆ්ෆෆෆෆෆෆස් සියල්ල අකුනු ගැසුවාක් සේ සිහිවිනි...
ReplyDeleteඋඹ මටත් කථාවක් මතක් කරලා දුන්නා .
ඒ කථාවත් එහෙනම් ලියමුකො බලන්න...
Deleteනුගේගොඩ වනා හීත් ටියුෂන් පන්තියකි... මල් පාරකී... සුර පුරයකි ..../// සිරා මල්ලිගෙ කතාව නම් හරිම මරු. මල්ලි, මට ගෙට්ටුවට එන්න වෙන්නෙ නෑ. සොරි. එන්නම් හිතා හිටියත් පොඩි කොලුවාගේ පොඩි ඔපරේශ්න් එකකට ගෙනියන්න වෙලා. හදිසියේ උන දෙයක්. හෙට අනිද්දාම වෛද්‍යවරයා ගෙන් දින ලබාගන්න වෙලා. ඉතින් කනගාටුයි. හැබැයි සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම පතනවා.
ReplyDeleteඇත්ත ඇත්ත... නුගේගොඩ සහ ගම්පහ තමයි ලංකාවෙ වැඩිපුරම ටියුෂන් පන්ති තියෙන්නෙ... අත්‍යවශ්‍යම රාජකාරියකට නොගිහින් කොහොමද... ඒක ගැටළුවක් නෑ අක්කෙ... පොඩි බබාට ඉක්මන් සුවය පතනවා...ආයෙත් දවසක කොහේ හෝ අපි හමුවේවි.
Deleteහික් හික් ...එකටෙක කොරන්න ඔඳ නෑ කියන්නේ ඕක තමයි .....ඉතින් අර කියපු උන්නැහේ කැවුත්ත කෑවයි ?
ReplyDeleteඔයා ලියන විදිහ ඇත්තටම නියමයි ආ ......! අර ගෑනු ළමෙක් බලන්න ගියපු කතාවේ අම්මගේ වපරය ගැන කියලා හිනාව කාගත්තු හැටි ලියල තිබුණේ ඒක මතක් වෙද්දී මට තාමත් හිනා ..හි හි
කැවුත්ත යන්තමට බේරා ගන්න ලොකු ටෝනියාට හැකි වුනා... ඔය ගෑණු ළමයගෙ සිද්ධිය මගේ යාලුවෙක්ට කෙල්ලෙක් බලන්න ගිය ගමනක් ගැන නොවැ...මමත් ඒ වගේම වතාවක් දැරිවිගෙ ආරාධනයෙන් ගෙදර ගියා දෙමාපියන්ගෙන් අවසර ගන්න...
Deleteසුපිරියි බං ලියවිල්ල. ආසාවෙන් කියෙව්වා. අර ටෝනි ඩබල වෙස්සන්තරලා දෙන්නෙක්නෙ බලං යනකොට. ඇයි බං අච්චර කොලු නඩේකට හෙයාජෙල් නිකං දෙන්න !
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හැමෝටම නිකං දීලා කෙලවුනු නිසා තමයි උන්ගෙ සැලූන් එක වහන්න උනෙත්...
Delete27 ඉරිදා දවසකම ගේට් එක දා ගත්තේ ඔය තොර ගන්න ඒවා පෙන්නන්නම වෙන්න ඇති නේද?
ReplyDeleteමම එත් බැලුවා මොකද මේ 3 වෙනකොට ඉවර කරනවා කිවේ කියලා..
ලිවිල්ල ගැන ඉතින් මම කලිනුත් කියලා තියනවනේ.... මල් දා හතයි....
ගමේ වැල ගමේ කපුටන්ට...අරිද...
Deleteමට දුක ඔච්චර ඇහේ පොට යනකන් කෙල්ලන් දෙස බලා ඉඳපු සිරාටත් කෑල්ලක් හරිගියේ නැති එක ගැනයි.. උඹ බොරු නොවේ නේද කියන්නෙ..?
ReplyDeleteහිනා උනා ඇතිවෙන්න බං..!
ඔය සැලූන් වල ඉස්සර කොන්ඩෙ කතුරෙන් කපල ඊට පස්සෙ මොකක්ද කටර් එකකින් තව අඩු කරනව කට..කට ගගා අම්මෝ ඔලුව ගැලවෙන්නෙ නැති එක විතරයී..වේදනාව.
දුකයි බන්...සිරා කොලුවා උසස් පෙළ ලියන කාලෙ දෙක තුනකට ඇහැ දැම්මා...ඒ ඔක්කොම ඛේදවාචක වුනා...අයියෝ අතීතෙ...
Deleteඔයා වාසනාවන්තයි....හා නැද්ද.....;)
Deleteකතාව සුපිරිය, ලිවිල්ල පට්ටය.. සිරාට ජයය !!
ReplyDeleteමේක හරි බැලන්ස් කතාවක් බන්.. බලද්දි අන්තිමට හැමෝම කෙලවිලා.. අහක හිටපු චන්ඩියෙකුටත් එක්කම..
හොර බොරු නෑ... ඇත්තම සිදුවීම්...
Deleteඔය හරියේ වුනු සුන්දර මතක ගොඩක් තියෙනවා....
ReplyDeleteසොෆ්ට්වෙයාර් කෑලි අස්සෙන් ඒවාත් ලියමුකො...
Deleteහික්ස්...අයියෝ හිනා වෙලා මගේ පනත් ගියෝ...... සුපිරියි.... අද ගොඩක් ලස්සනට ලියල තියෙනවා.....
ReplyDeleteඅර චන්ඩියා ගෙදර ඇවිත් ටෝනිට දුන්නද බැටේ??
නෑ නෑ චණ්ඩියගෙ යාලුවො සැට් එකක් කරුණු පැහැදිලි කරලා ටෝනියට අභය දානය අරන් දිලා...චණ්ඩියා උනත් හිස නමලා තියෙන්නෙ බාබර් ටෝනිට විතරලු...
Deleteකවද බං මගේ කොමෙන්ටු මැකුවේ ඉස්සල්ල පොස්ට් එකේ .... (හිටපන් අර බක්කරයාගේ සුදු (පාන්) වෑන් එක එවනවා)
ReplyDelete1. මේ ස්පොට් එක ගැන හොදටම දන්නවා ඔය චරිත සියල්ලද සමග.. එත් කතාව දැනගෙන හිටියේ නෑ ...
2. ගේට්ටුවට ජය..
එත් එන්න වෙන්නේ නෑ... පාර්ක් එකනම් දැන් මාර ලස්සනයි ගියපාර ආව වෙලාවේ මම ගිහින් අවා නිකන් ඔය පැත්තේ (මතකද ඉස්සර පාර්ක් එකේ පිටන්නියේ ක්‍රිකට් ගහනවා පස්සේ ඕක පිටිපස්සේ ඇනිකට් එකට පැනල නානවා.. අම්මෝ කරපු වැඩ ...!! (රශ්මිය / සොලම එහම අමතක වෙන්නේ නෑ )
(ඇයි බං ඕක දෙසැම්බර් මාසේ සෙට් කරන්න බැරි වුනේ ) මේ අව්රුද්දේ ලංකාවට එනවා (ජූලි හෝ අගොස්තු)
මම
මයික්
උඹේ කොමෙන්ට් මැකුවෙ නෑ බන්... Spam වලත් නෑ.
Deleteමම ඉතිං නොදන්නවයැ උඹ කොටු පැනපු තැන්...පාර්ක් එක දැන් ලස්සන නිසා තමයි අපේ වැඩේට එතැන යොදා ගත්තෙ... පිට්ටනිය වෙන් කරන්න පෝලිමේ ඉන්න වෙච්ච නිසා තමයි බන් ගෙට්ටුව ජනවාරි වලට වැටුනෙ..නැත්නම් දෙසැම්බර් තමයි කරන්න හිටියෙ... රශ්මියා දැන් සිරිලංකා යුධ හමුදා නිලධාරියෙක්... ආවම සෙට් වෙමු මයික්...
ගේට්ටුවට ජය... හික් හික්...
පාසල් සමයේදී බාබර් සැලූන් අප කාටත් ක්ෂේම භූමි බඳු වෙයි. මම නම් නිතරම සැලූන් එකට යන්නේ සිත්තර පත්තරෙයි සත්සිරි පත්තරෙයි කියවන්න. අතීත ස්මරණ වලට ලින්ක් එකක් උඹ දීලා තියෙන්නේ.
ReplyDeleteඅතීතය සුවදයි බන්...ඒක තමයි මේ වගේ කථා වලට හැමෝම ප්‍රිය,
Deleteඒක නෙමෙයි රතු උඹ ගෙට්ටුවට එන්නෙ නැද්ද ?
හරිම ලස්සන ශෛලියකට ලියල තියෙන්නේ. හාස්‍ය රසය උපරිමයි.
ReplyDeleteස්තූතියි කල්පනා...
Deleteඔෆිස් එකේ හිනා වෙන්නත් බෑ...අම්මෝ ඒත් හිනා වුණා....නියමයි....
ReplyDelete27 වැඩේට තව ටිකයි...සිත්තමී එන්න ඕනි එයිද දන්නෙ නැති නිසා ඔයාගෙ පෝරමය පිරෙව්වෙ නෑ....ඒත් එනවා හොදේ....
එන්න කලින් දවසෙ හරි පෝරමය පුරවන්න... පැමිණෙන්න උපරිම උත්සාහයක් දරන්න..වැඩි දුරක නෙමෙයිනෙ ඉන්නෙ...
Deleteසිරාම ලියවිල්ල.
ReplyDeleteඅච්චර කොල්ලෝ පිස්සු කෙලිද්දී ටෝනි ඩබල එන්න දුන්න එක ගැන පුදුමයි.. නියම කොල්ලෝ දෙන්නෙක්.
ටෝනියලගෙ බොක්ක හොදයි...ඒ නිසා තමයි උන් සල්ලි වලට වඩා මනුස්සයො හම්බ කලේ...
Deleteඅදත් එළමයැ.හිනාවෙලා හකු රිදෙනවාය.
ReplyDeleteහැලප මාමාගෙ වයසද හකු රිදෙන්නට බලපාන්නට ඇත්තේය...
Deleteටූ ටෝනි ල මරු ඩබලක් නොවැ , මුන් ඩබල සම්බන්ධ වෙන කථා නැද්ද ? , පාරේ තියෙන පෙට්ටි වලට පයින් ගගහ යන සීන් 1ක LOL :ඩී :ඩී , අයියලාගේ සෙට් 1කේ වැඩිපුරම ආතල් සීන් වෙලා තියෙන්නේ ලොකු අයියට ද ? :)
ReplyDeleteටෝනි ඩබල ගැන තවත් කථා ඉතින් උන්ව ලගින් ආස්සරය කරපු ලොකු අයියගෙ ශ්‍රී මුඛයෙන් මතුවෙන දවසක් එනකං බලාගෙන ඉන්න වෙනවා...
Deleteලොකු අයියට තමා ගොඩාක් සිද්ධි වෙලා තියෙන්නෙ...
අපිත් ඔතනින් තමා කොන්ඩේ කැපුවේ, ටෝනිය කව්ද කියල නම් මීටර් නෑ. සේප් එකේ ඉන්ටෙර්වල් එකේදී ක්ලාස් එකෙන් පැන..ල, ඔතනින් ජෙල් පොඩ්ඩකුත් උලාගෙන, පාරෙන් එහා පැත්තේ තොසේ කඩෙන් තොසේ එකකුත් කාල,, සුපුන් කුමාරය වගේ ගෙදර යනවා. අපරාදේ,, අලුත් bus stand එක හැදුනට පස්සේ ඔතන තිබ්බ කලඑලිය අඩු වෙලා ගියා.
ReplyDeleteඋන් ඩබලම ටෝනිලා තමා... අලුත් බස් ස්ටෑන්ඩ් එක හදන්න කලියෙන් තිබ්බ එක හරිම පරණ පාටයි...
Deleteමාර ආතල්.
ReplyDeleteපන්ති ඇරෙන වෙලාවට රත්නපුරෙත් ඔහොම තමයි. අපි කලින් ඉපදුනේ ඇයි කියල හිතෙනවා ඒ වෙලාවට.
තාම ඉතිං වැඩි වයසක් නෑනෙ බන්... ට්‍රයි එකක් දිලා බලන්න කොල්ලා ගොඩ යයි...
Deleteමේ පාර කතාව අලුත්ම ශෛලියකට ලියලා තියෙන්නේ. මරේ මරු.
ReplyDeleteඅර ජොලා අලුතින් හඳුන්වා දෙනකොටත් හුරු පුරුදු ගතියක් දැනුණා. පස්සේ මොකද කියලා බලනකොට තමයි වැඩේ මීටර් උණේ. කොහේ හිටියත් "ජොලා" "ජොලාමනේ". :D
ලොකු අයියයි ජොලායි කියන්නේ බොක්කේ යාළුවො දෙන්නෙක් වෙන්න ඇති. ඒකනේ කොච්චර දේවල් උනත් ආයේ එක හැලියේ බොන්නේ. ටෝනි ඩබලත් පට්ටම තමා.
ඇයි අකම් ඔය පැත්තෙත් ජොලෙක් ඉන්නවද ? ගම්පහ කොල්ලො ඉතිං සත්ගුණවත් කොල්ලො... හරියට මේ සිරා වගේ...
Deleteගම්පහ පැත්තේ කතාවක්නේ.එල එල..
ReplyDeleteබොලාට ඉතිං ගම්පහ වරුණෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නොවැ...
Deleteටෝනි ඩබල පවු අප්ප.....
ReplyDeleteපවු කියන්නෙ හොදටම පවු...කාගෙ හරි දරුවො නොවැ...
Deleteමරේ මරු.... දිගටම ලියන්ඩ...
ReplyDeleteදිගටම ලියමි...
Deleteයකඩෝ.. අපි මෙව්වා බලන්නේ බඩ පලාගන්න නෙවෙයි හිනාවෙලා.
ReplyDeleteමල මගුලයි....බඩ පැලිලා දවල්ට කාපු කුකුල් කකුල් එහෙම එලියට පැන්නා නම්...
Deleteහයියෝ හයියෝ .... වෙලාවට ටෝනි අයියල සැලුන් එක නොකරන්නේ... නැත්නම් දිව බඩ ගාවට එන්නම වැඩක් සෙට් කරන්න බැරි නෑ... දැක්කොත් නම් ඔන්න ඉවරයි ඈ... ටෝනි අයියල මෙය නොදකීවා!!! ;-)
ReplyDeleteඑයාලා දැක්කොත් මටත් බඩු බනිස් කිව්වෙ ඒකයි...
Deleteකොයික හොඳ දැයි තෝරා ගන්නට බැරුව සමහරු තනිකඩය ..
ReplyDeleteගම්පහ දිස්ත්‍රික්කේ වුනාට වැඩිය පුරුදු නැති නගරයක් ගම්පහ . මොකද අපි කොළඹට තමයි කිට්ටු . මන් ඔය මල් වත්තවත් දැකලා නැහැ නේ. අපි බැඳපු අලුත ඔය පැත්තේ ගෙවල් හෙවුවා . බාඳුරාගොඩ වැඩ කල එක්කෙනාට ළඟ නිසා . පස්සේ ඒ අදහස අත ඇරියා .
කතාව නම් ඉස්තරම් . කියන්න ඕන නැහැනේ සිරාගේ ලිවිල්ල ඉතින් සිරා
ගම්පහ කියන්නෙ හැම පහසුකමක්ම තියෙන ජීවත්වෙන්න සුදුසුම නගරයක්... කප්පම් කාරයො...චණ්ඩි නැති නගරයක්...ලංකාවෙ හිටියා නම් ගෙට්ටුවට ඇවිල්ලා ගම්පහ මල්වත්ත කුළුදුලේම බලාගන්න තිබුනා.
Deleteචරිත හතරේම ස්වබාවය එකයි.මුන් ඩයල් ඔක්කොම හෙන පිස්සු පොරවල් නේ :) හිනා කාලා මැරෙනවා
ReplyDeleteආතල් බුවාලා...
Deleteඔය කියන සැලූන් එකේ නම saloon Dust star, පොඩි ටෝනි කියන්නේ ලොකු ටෝනිගේ මල්ලි නෙවෙයි, වයිෆ්ගේ මල්ලි. පොඩි ටෝනි පස්සේ කාලෙක ඒ කඩ පේලියෙම කෙලවරේ සැලූන් එකක් පටන් ගත්තා dabeela කියලා. ඒක පස්සේ කරගෙන ගියේ මිනිහාගේ තාත්තා. පොඩි ටෝනි රක්ෂණ සංස්ථාවේ වැඩ කරන්න ගියා, මිනිහා දැන් ඉන්නේ ඇමරිකාවේ. පොඩි ටෝනිගේ සේවා දායකයෝ ටික දැන් බාරගෙන වැඩ කරන්නේ ලොකු ටෝනි.
ReplyDeleteමම ඔය කියන ටෝනියලගෙන් පොඩි ටෝනියා එක්ක විතරයි කථා බහ කරලා තියෙන්නෙ...අපේ ලොකු අයියා තමයි මේ දෙන්නව ගොඩාක් දුර ආශ්‍රය කරලා තිබ්බෙ...එයා දුන්න තොරතුරු එක්ක තමයි මේ කථාව ලියැවෙන්නෙ...
Deleteසැලූන් ඩි ටෝනි කියලා නම දැම්මෙ මගේ උවමනාවට...
ටෝනියා රක්ෂණේට ගියා කියලා නම් දන්නවා...ඇමරිකාවෙ දැන් ඉන්නෙ කියලා නම් දැනගෙන හිටියෙ නෑ... තොරතුරු වලට ස්තූතියි...
kohmada mata Post eka misse uny?
ReplyDeleteAnurdhapura "Westran saloon" oyawage tanak.
Jayawewa
ඔයාගෙ කමෙන්ට් එක මටත් මිස් වෙලා අද තමයි උත්තරේ කොටන්නෙ... අනුරාධපුරේ ඉන්න උන් ටෝනියලගෙ සහෝදරයොද දන්නෙත් නෑ...
Deleteහින වෙලා බඩ රිදෙනව බන්. :D
ReplyDeleteනියම post එක
//..පන්තියක් නිම වූ පසු මාර්ගය වසා ඇදෙන සිසු කැල අතර රුවැත්තියන් මෙන්ම මුවැත්තියන්ද ඇති පදමට සිටී...//
ReplyDeleteහරියට හරි බන්... මගේ බැච් එකෙත් ලස්සනම බැචියො හිටියෙ ගම්පහයි, කෑගල්ලෙයි තමා ;)
පෝස්ට් එක නම් "සිරා"වටම ලියල තියෙනවා...
හිනා වෙනව කියල ඉතින් මෙහෙම හිනා වෙන්න පුලුවන් යෑ.....අපොයි...බඩත් රිදෙනව....
ReplyDeleteහරිම සුන්දර කථාවක්! ඔබ එය ඉතාමත් සීරුවට ගොඩනගා ඇත! Thattayagekolama
ReplyDelete