සිරා කොලුවා පුංචිම සන්ධියේ සිටම ගායනයට මනාපය. ඒ බැව් මගේ ළමා කාලය පිළිබඳ මෙනෙහි කරනා විටෙක නිරායාසයෙන්ම සිහියට නැගෙයි. මතකයේ අග රැඳුන කවියක් සී පදයක් ටින් බෙලෙක්කයකට මහ හඬින් පහර දෙමින් අඳුර වැටෙන විට නිවසේ ඉස්තෝප්පුවට වී උස් හඬින් ගායනා කිරීම සිරා කොලුවාගේ ඒ කාලයේ සිරිතයි.
මම ඉතා කුඩා එකෙකු සන්ධියේ අපේ ගමටම විදුලිය තිබුනේ නැත. ඒ නිසා අඳුර වැටෙන විට අම්මාගේ සුරතින් දැල්වෙන කුප්පි ලාම්පුවකින් නිවස තුල අඳුර මැකෙන විට මගේ ගායනයන් දිනපතාම වාගේ ආරම්භ වෙයි. මේ ගායනා ඇසීමට වඩාත්ම ප්‍රිය කලේ අපේ අසල්වැසි නිවසේ වාසය කල ජෑස් කොල්ලා බව මම සංවේගයෙන් යුතුව සිහිපත් කරන්නේ ඔහු අපෙන් සමුගෙන බොහෝ කලක් ගත වී ඇති හෙයිනි.
ගායනය උස්ව නැගෙන විට ජෑස් කොල්ලා අපේ නිවසටම පැමිණ මගේ මිත්තනිය ආසන්නයේ හිඳගෙන නිහඬව මගේ ගායනය දෙස බලා සිටි ආකාරය මට ඉතා හොඳින් තවමත් මතක තිබේ. මයෙ මලයා බහ තෝරන වියට පැමිණි විට මගේ ගායනයට ඔහුගේ සහායද ලැබුනි. ටින් බෙලෙක්කයක් වාදන භාණ්ඩයක් කරගනිමින් කරගෙන ගිය අපේ මේ ගායනා අඳුරේ ගිලුන අපේ ගමේ පාලුව නසන්නට ඇත.
එක තැනක ඉන්නට බැරි මහා කඩි ගායක් කුඩා කල මා හට වැළඳී තිබුන නිසාම ඒ කාලයේ සිරා කොලුවාගේ ඥාති සමූහයා මගෙන් ගායනා බලාපොරොත්තු වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් මගෙන් බලාපොරොත්තු වූයේ නැටුම් අංගය. විශේෂයෙන් විවාහ මංගල උත්සව වලදී අපට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පොඩි එකෙකු හෝ මහ එකෙකු නර්තනයෙන් සභා තොමෝ කුල්මත් කරනා විටෙක බන්දුල බාප්පා මා සභාවට යවා අපේ පාර්ශවයටද ලකුණක් දෙකක් රැස් කළේය.
අපේ ගමට විදුලිය සම්ප්‍රාප්ත වන විට තාත්තා නොරටක තනි වී සිටියේය. ඔහු එහි සිටි වසර 3 පුරාවටම එකම වරක් හෝ දුරකථනයෙන් අපේ කටහඬ අසන්නට ඔහුට අවස්ථාව ලැබුනේ නැත. ඒ දිනවල අන්තර්ජාලය කියා දෙයක් නොතිබීමත් පිටරටට ගන්නා ඇමතුමක එක් විනාඩියක් රු 200 කටත් වඩා මිළ වීමත් මේ සඳහා හේතු භූත විය.
තාත්තා වරෙක නිවසට එවන ලද ලියමනක සඳහන් කලේ තාත්තා සිටි රටේ සිට ලංකාවට නිවාඩු පැමිණි හිතවතෙකු අතේ මටත් මලයාටත් ගීත ගායනා කර කැසට් පටයක පටිගත කොට එවන ලෙසයි. නිවසේ වූ කුඩා කැසට් යන්ත්‍රයෙන් මේ කාරිය අපූරුවට සිදු කොට එහි ලේබලය පවා අපේ චිත්‍ර වලින් හැඩ කොට තාත්තා අතට පත් කල අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගේ මතකයේ ගැඹුරුම තැනක සටහන් වී තිබේ. තාත්තා එදා අපේ ගායනයන් තම හිතවතුන් ඉදිරියේ වාදනය කලේ මහත් සතුටකින් බව තාත්තාගේ හිතවතෙකු වූ රොහාන් අයියා පසු කලෙක අප සමග කීවේය.
සිරා කොලුවාගේ ගායන කෞෂල්‍ය මුලින්ම කරළියට ආවේ මම 3 වසර පන්තියේ සිටිනා විටයි. ඒ වන විට විවිධ පන්ති වලින් තෝරා ගත් පිරිසක් දිනපතා යම් අරමුණක් වෙනුවෙන් අපේ කුඩා පාසලේ විශේෂ ස්ථානයක ගායනා පුහුණුවක් සිදු කරන බව මා හට නිරීක්ෂණය විය. එහෙත් මම මේ කණ්ඩායමට අයත් නැත. එහෙත් ගායනට ළබැඳි මගේ චිත්ත සන්තානය මට නිතර පැවසූවේ මේ කණ්ඩායම සමග මමද එකතු විය යුතු බවකි. කිසිවෙකුගේ ආරාධනාවකින් තොරවම මමද පුහුණූවීම් වලට එකතු වූ අයුරක් මට මතක තිබේ. මගේ හැකියාව පිළිබඳ සෑහීමකට පත් වූ ගුරු භවතුන් මගේ සහභාගිත්වය තහවුරු කළෝය.

අප එදා මෙලෙස පුහුණුවන ගීතය කුමක් සඳහාදැයි පුහුණු වන අවස්ථාවේ දැන සිටියේ නැත. සතියක් දෙකක් ගිය තැන සංගීතයද සමග සමස්ත පාසල් කාලයම විවිධ රංගනයන් සහිතව මේ පුහුණුවීම සිදු කරන තැනට පුහුණුව වර්ධනය විය. මේ කුඩා පාසලේ පහසුකම් මඳ හෙයින් ගබඩා කාමරයක් සංගීතය පුහුණුවීමේ කාමරයක් බවට පත්කොට තිබුනි.
තවත් මඳ කාලයක් ගත වූ පසු අප වෙනුවෙන් නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් ආදිය අපේ නෙත ගැටුනි. නළලේ බඳින ලද තැඹිලි පැහැ රෙදි කඩකින් සහ විවිධ හැඩතල වලින් අලංකාර කරන ලද සරමකින් මෙය සමන්විත වූවේය.
අපේ ගීතය වේදිකාගත වන්නට කාලය ඉතාම ආසන්න බව අපට ඒත්තු ගියේ පාසලේ අනෙක් සිසුන්ගේ සහ දෙමාපියන්ගේ නිබඳ අවධානය මේ පුහුණුවීම් වලට එල්ල වූ පසුවයි. කෙමෙන් කෙමෙන් කාලය ගත වී දින සති ගනනින් ගෙවා අපේ ගායනය වේදිකාගත වන දිනය එළැඹී තිබේ.
එවකට ලංකාවේ ප්‍රධාන පුරවැසියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරියේ ගීතය ගායනා කරන්නට නියමිතව තිබුනි. ඒ ඔහු ජනාධිපති ධූරයට පත් වී වර්ෂ 5 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ගම්පහ ශ්‍රී බෝධි පිටියේ පැවති මහා සැමරුම් උත්සවයකට සමගාමීවය. මේ ගායනයෙන් ලද සහතික පත්‍රය ඉතාමත් සුරැකිව මගේ සහතික පත්‍ර ගොනුවේ අදටත් තිබේ. ශ්‍රී බෝධි පිටියේ පැවති මේ අලංකාර උත්සවය පිළිබඳ ගම්පහ වාසියෙකු ලෙස කම්මල අයියාට මතක ඇතුවාට සැක නැත.
ඇඳුම් ආයිත්තම් වලින් අප සරසා අපේ දෙමාපියෝ සහ ගුරු භවතුන් අපේ අංගයට අවස්ථාව එන තුරු එහි වූ ප්‍රධාන පීඨිකාව අද්දර බලා සිටි අන්දම මා හට යන්තමින් මතක තිබේ. විවිධ පාසල් වලින් ඉදිරිපත් කල ප්‍රාසාංගික අංග කීපයකට පසුව අපේ අවස්ථාව ලැබුනි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආසන්නයේම සිට මේ ගායනය ඉදිරිපත් කරන්නට අපට එදා අවස්ථාව හිමි විය. එතුමා ඉතාම උවමනාවෙන් මේ ගීතය සාවධානව අසා සිටි අන්දමත් ගායනය අවසානයේ අත්පොලොසන් දෙමින් පුංචි අප දෙස බලා ඉතාම හොඳයි යනුවෙන් සිනාමුසුව පැවසූ අන්දමත් ශත පහේ හැඩයේ එතුමාගේ මුහුණත් සිරා කොලුවාගේ ළමා කාලය හා බැදුන වටිනා මතකයන් සමූහයකි.
සිස්සත්තය සමත් වී ගමේ කුඩා පාසලෙන් නගරයේ ප්‍රධාන පාසලට ගිය විට සෞන්දර්ය නම් විෂයක් අපට අලුතින් මුණ ගැසුනි. සංගීතය / චිත්‍ර / නැටුම් මේ යටතට අයත් වී තිබුනි. සිරා කොලුවාගේ එකම තේරීම සංගීතය විය. බොහෝ සිසුන් සෞන්දර්යය විෂය ලෙස සංගීතය සහ චිත්‍ර තෝරාගෙන සිටි හෙයින් නැටුම් විෂයට සිසුන් අවම වී තිබුනි. එ් හේතුව නිසාම සෑම සිසුවෙකුගේම සංගීත හැකියාව පිළිබඳව තනි තනිව විමසා සංගීත හැකියාව නැති උන් මේ විෂයෙන් කිරීමට සංගීත අංශය භාරව සිටි ජේෂ්ඨ ගුරුතුමිය වූ ශ්‍රීමතී මිය කටයුතු යෙදුවාය.
එදා සියලුම සිසුන් තනි තනිව අනෙකුත් සිසුන් ඉදිරියේ ගායනයක් ඉදිරිපත් කල යුතු විය. එමගින් සංගීත හැකියාව පිළිබඳ නිගමනයකට ආ ගුරු භවතුන් සංගීතය විෂයට ඔහු තෝරගන්නවාද නැද්ද යන්න තීරණය කළෝය. සිරාගේ ගායනය පිළිබඳ ශ්‍රීමතී ගුරු මාතාව ඉතාම සෑහීමකට පත් වූ බව මට මතකය. ඒ සෑහීම කෙතරම්ද යත් අපේ වසරේ සහ අපට ඉහළ වසර වල හොඳම ගායකයන්ගෙන් සැදුම් ලත් විද්‍යාලයීය ගායන කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන්නට මා හට අවකාශ ලැබුනි. එළිමහන් රැස්වීම් වලදී සහ පාසලේ විශේෂ උත්සව වලදී පාසල් ගීතය සහ ජාතික ගීය ගායනයට අමතරව විවිධ තරග සඳහා සහභාගි වන්නට අපට අවස්ථාව ලැබුනි.
ශ්‍රීමතී මහත්මියගේ සහ සංගීත අංශයේ සිටි අනෙක් ගුරුවරියන් දෙදෙනාගේද සහයෝගය ඇතුව 1994 වසරේදී ජන ගී අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබාගන්නට මේ ගායනා කණ්ඩායමට හැකියාව ලැබුනි. සිරා කොලුවාද මේ ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වූ නිසාම ලැබුන සහතික පත්‍රය අදටත් මගේ සහතික ගොනුවේ වටිනා ස්ථානයකට හිමිකම් කියයි.
ජන ගී තරඟය කොට්ඨාශ පළාත් ආදී ලෙස පැවැත්වී ජාතික තලයට පැමිණෙත්ම අපට පන්ති කාමරයේ අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් නොවීය. මමත් මගේ පන්තියේ අධ්‍යාපනය ලැබූ රවීන්ද්‍ර කුමාරපේලිත් මේ හේතුවෙන් සතියක දෙකක කාලයක් නම ලකුණු කරන්නට හෝ පන්තියේ සිටින්නේ නැත. අවශේෂ මිතුරන් එවකට අපේ පන්තිය භාරව සිටි ජයසේකර සෑර් වෙත අප සංගීත පුහුණුවට ගොස් ඇති බව සැළ කරති.
නිතර දෙවේලේ සිදුවන මේ පුහුණුව පිළිබඳ එතුමා පැහැදීමකින් සිටියේ නැත. ඒ නිසාම ඉඳ හිට හෝ දවසක ඔහුගේ විද්‍යාව පාඩම උගන්වන වේලාවට අප දෙදෙනා පන්තියේ සිටින බවක් දුටුවහොත්...
තමුසෙලා දෙන්නා අද සංගීත කාමරයෙන් එලෙව්වාදැයි අසන්නේ පන්තියේ අනෙක් උන්ට සිනහාවෙන්නට අවස්ථාව උදා කරමිනි. එහෙත් අප ජයග්‍රහණය ලැබූවායින් පසුව ඔහුගේ මේ ප්‍රතිචාරය නැත්තටම නැති වී ගියේය.
සිරා කොලුවාට සාමාන්‍ය පෙළ විභාගයේදී සංගීත විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලැබුනේ එකල අප හට සංගීතය මැනවින් පසක් කල මේ ගුරු භවතුන් නිසා බැව් ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. සාමාන්‍ය පෙළ සංගීතය ප්‍රායෝගික පරීක්ෂණයේදී මා විනිශ්චයට ලක් කල ගුරුවරියගේද විශේෂ අැගයීමක් මවෙත ලැබුනි.
සංගීතය සමග සිරා කොලුවාට තිබුන ජන්මාන්තර සබඳතාව නිසාදෝ ගායනා කණ්ඩායමෙන් සමුගත් පසු විද්‍යාලයේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය සමග එකතු වී කල කී දේ බොහෝ අවස්ථා වල මම මෙහි අකුරු කොට තිබේ. එහෙත් පාසල් කාලයෙන් පසුව වෘත්තීය සංගීත කරුවෙකු ලෙස ගමනක් යන්නට මා හට සිත් නොවූයේ අපේ ගමේ නම් දරා සිටි සංගීත කරුවෙකු වූ නෙවිල් අයියා සංගීතය නිසාම හිඟන්නෙකු වීමත්...සංගීත කාරයෝ හිඟන්නෝ ලෙස නිතරම ආඩපාලි කියූ තාත්තාගේ ප්‍රකාශයන් නිසාත් බව කිව යුතුය.
සංගීතයෙන් හොඳ ආර්ථික තත්වයක් ලඟා කර ගැනීමට හැකියාවට අමතරව වාසනා ගුණයක්ද තිබිය යුතුය. එහෙත් කාලයේ ඇවෑමෙන් හැකියාවක් නැති උන්ද ගායකයන් වී කෝටිපතියන් වූ අන්දම වර්තමානයේදී අපට දැක ගත හැකිය. ඒ වාසනාව අපේ ගමේ නෙවිල් අයියලාට තිබුනේ නැත.
මේ නිසාම පාසලින් සමුගත් පසු සංගීතය සමග තිබූ මගේ බැඳියාව කෙමෙන් කෙමෙන් ඈත් වී ගියේය. එහෙත් මංගල අවස්ථාවක මගේ මිතුරෙකු හෝ ඥාතියෙකු එතැන සිටියේ නම් ගීතයක් ගායනා කරන්නට අාරාධනාවක් ලැබෙන්නේමය. එය අදටත් වලංගුය.

එදා මෙන්ම අදත් සිරා කොලුවාගේ සිතේ විවිධ සිහින පැළපදියම් වී තිබේ. ඒ අතරින් එක් ප්‍රමුඛ සිහිනයක් වන්නේ ශබ්දාගාරයකදී මගේම කියා ගීතයක් පටිගත කිරීමයි. මේ ලියමන තුල මෙතෙක් වේලා පොට පෑදුයේ මේ ගැන බොලාට කියන්නටය. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකට චරිත කීපයක් සමගම සිරා කොලුවාට සබඳතා තිබුනත් වර්තමානය වන විටත් මම මේ සිහිනය සාක්ෂාත් කරගෙන නැත.
මෙවැනි වටපිටාවකදී සිරා කොලුවාගේ නෙතට මුහුණු TV නැමති ආයතනයක් විසින් අන්තර්ජාලය හරහා සංවිධානය කල #MuhunuTv #CoverSong Challenge නැමති ගායනා තරඟයක් නෙත ගැටුනි. තමාට කැමති ගීතයක් ගායනය කරන අන්දම ජංගම දුරකථනයක් ආධාරයෙන් වීඩියෝවක් ලෙස පටිගත කොට එවීමෙන් මේ තරඟයට ඇතුලත් විය හැකි බව එහි වූවේය. මගේ ජංගම දුරබණුව බොහොම අමාරුවෙන් විවිධ ආධාරක මත රදවාගෙන පටිගත කල ගීතයක් මම ඔවුන් වෙත යැවූවෙමි. මුහුණු TV යනු ගීත සඳහා රූප රචනා තැනීමේ ලංකාවේ සම්මානනීය ප්‍රමුඛතම අායතනයක් වන තාල රූප හි අනුබද්ධ සමාගමකි.
දැන් තරඟය ආරම්භ වී තිබේ. තරඟ බිමේ සිරා කොලුවා ඇතුලුව තරඟකරුවන් 23 කි. දෙවැනි වටයට යන්නේ තරඟ කරුවන් දස දෙනෙකි. මේ තරඟයේ ජයග්‍රාහකයාට දහසින් බැඳි පියලි ලැබෙන්නේ නැත. ලැබෙන්නේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය සංගීත කරුවන්ගේ දායකත්වයෙන් නිමවෙන ස්වතන්ත්‍ර නිර්මාණ පෙළකි. පළමු දසදෙනාටම මේ වරම ලැබෙන අතර පළමුවැනියාට තාල රූප ආයතනයෙන් නොමිලයේම ලැබෙන රූප රචනාවක් අමතරව හිමි වෙයි.
ජයග්‍රාහකයන් තෝරන්නේ ශ්‍රාවකයන් විසිනි. එය කල හැකි ආකාරය ඉතාම සරළය. SMS වැනි කරදරකාර ක්‍රමවේද නැත. එ පිළිබඳ සංශිප්ත සටහනක් පහළින් ලියමි.
සිරා කොලුවාගේ ලගම හිතවතෙකු දෙන්නෙකු හැර මෙතුවක් කාලයකට බ්ලොග් අවකාශයේ හිතවතුන්ගෙන් මගේ ගායනයක් දැක ඇත්තේ පොත් බෙදන්නට අම්පාරට ගිය ඇත්තන් සහ ගම්පහ ගෙට්ටුවට පැමිණි අයවලුන් පමණය.
සිරා කොලුවාගේ කාමරයට නිතරම එන යන ඔබ මා සමග ගොඩනගාගෙන ඇති හිතවත්කම සිරා කොලුවාගේ වටිනාම වත්කමයි. ඒ වත්කමට මේ තරගයේ මගේ විනිශ්චය බාර කරමි. මේ වෑයම හුදෙක් මාගේ ආත්ම තෘප්තිය උදෙසා මිසක අනෙක් සැඟවුන අරමුණක් වෙනුවෙන් නොවේ.

මුහුණු TV ආයතනය මවෙත දන්වා ඇති පරිදි #MuhunuTv #CoverSongChallenge තරඟයේ නීති රීති පහත පරිදිය. මගේ ගායනය ගැන සෑහීමකට පත් වෙන්නට ඔබට හැකි නම් ඔබට පහසු අයුරකින් සහයෝගයක් ලබා දෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.
YOUYUBE - http://bit.ly/1PEdlpN
තරඟකරුට අදාල යූ ටියුබ් වීඩියෝව නරඹා එම වීඩියෝව ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5
තරගකරුට අදාල වීඩියෝව ෂෙයාර් කිරීම මගින් වීඩියෝවට විවුස් ලබාදෙන්න / විවුස් 1 = ලකුණු 2
තරඟකරුට අදාල යූ ටියුබ් වීඩියෝව නරඹා එම වීඩියෝව ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5
තරගකරුට අදාල වීඩියෝව ෂෙයාර් කිරීම මගින් වීඩියෝවට විවුස් ලබාදෙන්න / විවුස් 1 = ලකුණු 2
FACEBOOK - http://on.fb.me/1WYHJk0
මෙම ඇල්බමයේ ඇති තරගකරුට අදාල පින්තුරය ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5
මෙම ඇල්බමයේ ඇති තරගකරුට අදාල පින්තුරය ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5
තරගකරුට අදාල මුහුණු ටි වී වීඩියෝව ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5
තරගකරුට අදාල වීඩියෝව ෂෙයාර් කිරීම මගින් වීඩියෝවට විවුස් ලබාදෙන්න / විවුස් 1 = ලකුණු 2
තරගකරුට අදාල වීඩියෝව ෂෙයාර් කිරීම මගින් වීඩියෝවට විවුස් ලබාදෙන්න / විවුස් 1 = ලකුණු 2
එහෙනං කථාව අහවරයි. බලමුකො සිරා කොලුවට දෙවැනි වටයට යන්න හැකි වෙයිද කියලා. අවසාන වශයෙන් මෙහෙම කියන්නම්, බොලාටයි මටයි දොගොල්ලන්ටම ජය වේවා !
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
සිරා කොලුවාට සහයෝගයක් දිය හැකි අන්දම ගැන තව දුරටත් අපහැදිලිකමක් තියෙනවා නම් මෙන්න මෙතනින් කියවා බැලුවොත් ඒ අපහැදිලි තැන් පැහැදිලි වේවි.
සිරා කොලුවාට සහයෝගයක් දිය හැකි අන්දම ගැන තව දුරටත් අපහැදිලිකමක් තියෙනවා නම් මෙන්න මෙතනින් කියවා බැලුවොත් ඒ අපහැදිලි තැන් පැහැදිලි වේවි.