සුමියගෙ අතේ තිබුන ආයුදේ දෙලා අතට යන්නත් එතනින් කිත්තා අතට යන්නත් තවත් ටිකකින් ඩොනා අතට යන්නත් ඊටත් පස්සෙ බැල්ලි අතට යන්නත් මහ වෙලාවක් ගියේ නෑ. හැම එකාම පහර කීපයක් අවසානයේ හැති දාන්නෙ මහ දවාලෙ රස්නෙ ඉවසගන්න බැරුව බලු නකුටෙක් කට ඇරගෙන ඉන්න විදියට.
මෙන්න මේ ගැටේ තියෙන තැනට කූඤ්ඤෙ තියලා ගහපිය.
අනේ පලයන් සුමියා...උඹ දන්න රෙද්ද...
ඇයි බොල වස්සො..... මේ මගේ රස්සාවෙ කොටසක් බව තෝ දන්නෙ නැද්ද ?
අතට අහුවෙන වැඩක් කරලා දිවි රැක ගන්න සුමියා පිට ගම්පළාතකින් අපේ ගම් තුලානට ගාටලා අපේ ගමේ එකියක් කරකාර බැදගෙන එදා ඉදන් අපිත් එක්ක හිටිය එකෙක් ගානට ඉන්න ගොයියෙක්. ලෑන්ඩ් මාස්ටරේට හයර් එකක වදින දවසට රස්සාව ඒක. කුඹුරු හාන කාලෙට ඒ වැඩේ. දර විකුණන කාලෙට ඒ වැඩේ...මේ විදියට විඩෙන් විඩේ දරු පවුල රැක ගන්න විවිධ කාර්යය වල නිරත වෙන සුමියා ගමේ කාගෙත් හිත දිනාගෙන ජීවත් වෙච්ච අහිංසකයෙක්...පොදු වැඩ වලදි කවදත් ඉදිරියට ආපු එකෙක්.
දෙලාගෙ ප්‍රතිචාරයට බොරු තරහවක් හිතට ගන්න සුමියා උගෙ බස් කනකට නොගෙන තමාගේ කැමැත්තට දර කොටේ පලන දෙලා දිහා කෝචොක් එකට වගේ බලාන හිටියා.
දෙලා කියන්නෙ වැඩිය ඇගපත තිබුන එකෙක් නෙමෙයි. කුළුගෙඩිය දෙතුන් පාරක් ඉහළ පහළ ගියාම ඌට කෙලින් ඉන්න පණ නෑ...ඒ උනාට හිතේ තියෙන දහිරිය හින්දම බැරි බැරි ගාතෙ හරි තමන්ගෙ සහයෝගය දෙන්න පැකිලෙන්නෙ නෑ.
දෙලාගෙ ඇන්ජිම බොයිල් කරනකොට ආයෙම සැරයක් කුළුගෙඩිය අතට ගන්න සුමියා දරකොටේ එක්තරා තැනකට කූඤ්ඤය තියලා ගහන පළවෙනි පහරින්ම කොටය දෙපළු වෙද්දි...දර පලන්නත් තාක්ෂණයක් තියෙන බව අපේ අක්මා වලට වැටහුනා. සුමියා සූරයා...නිසි තැන බලලා කූඤ්ඤෙ ගහන්න දස්සයා. නැත්තං කලු රංජනී බොහොම කෙටි කාලෙකින් දරුවො දෙන්නෙක්ම වදයිද.
සුමියා වගේම දෙලත් වෙනත් ගම් පළාතකින් අපේ පැත්තට ගෑටුවෙ ඒකා පුංචි සන්දියේමයි. පොඩි කාලෙ හැමදාම වගේ උගේ පාසල් මිත්තරයන්ට....
ඊයෙ හවස දෙල් බැදලා කෑවා බං...මාර රහයි...
කියලා කියාපු හින්දම වැඩි මහන්සියක් නැතුවම දෙලා කියලා ලස්සන නමක් තමන්ගේ නම වෙනුවට ගම් පළාත තුල රැජිස්ටර් කොර ගන්න ඒකාට වැඩි කාලයක් ගියේ නෑ. මට මතක විදියට මහ විශාල දෙල් ගහකුත් දෙලාගෙ වත්තෙ ඒ කාලෙ තිබුනා.
අපේ ගමේ කොලු නඩේ වාර්ෂිකව පවත්වපු බත් දන්සැල වෙනුවෙන් තමයි දැන් මේ කියන සැට් එක දර පලමින් ඉන්නෙ. මේ කියන දන්සැල බොහොම ඈත අතීතයේ සිසිල් පැන් දන්සැලක් විදියට, ඒ කාලෙ වෙද්දිත් ජීවතුන් අතර හිටියෙ නැති අපේ ගමේ වැඩිහිටියො ආරම්භ කොරාපු එකක්.
ජා-ඇල - ගම්පහ ප්‍රධාන පාරට මායිම් වෙලා තියෙන හින්දම වැඩි මහන්සියකින් තොරවම දන්සැල දෙන දවසට මිනිස්සු කන්න බොන්න ආවා ගියා. කොඩි වනලා බල්ටි ගහලා අනේ වදින්නං කාලා යන්න කියන්න අපිට උවමනා වුනේ නෑ. බීම දන්සැල වයසක අයගෙන් තරුණ පරපුර අතට ලැබිලා කාලයක් ගතවුනාට පස්සෙ තරුණ ජවය හින්දමද කොහෙද අපේ උන්ට උවමනා උනා බීම වෙනුවට බත් දන්සැලක් පවත්වන්න. අවසානයේ ඒ කාරියත් බොහොම සාර්ථකව වසර කීපයක් පුරාම ඉෂ්ඨ සිද්ධ වෙච්ච හින්දා තවත් වසරක බත් දන්සැලක් පවත්වන්නයි මේ සූජානම.
![]() |
ඡායාරූපය මෙතැනින් |
මාර්තු මාසෙ අග වෙද්දි කඩේ පිලේ, කොල්ලො කිඹුලා දාපු ඇනිකට් එකේ, ක්‍රිකට් ගහපු පොල් වත්තෙ ප්‍රධාන මාතෘකාව බවට පත්වෙන්නෙ මහා බත් දන්සැල. ඒ වෙද්දි ගමේ තරුණ තරුණියන්ගේ සහභාගිත්වය හොදින් තිබුන යෞවන සමාජයකුත් ගමේ තිබුනා උනාට දන්සැල් කෙරුවාවෙදි නිළ තල, සමිති සමාගම් අනුව බෙදෙන්නෙ නැතුව හැමෝම තමන්ට හැකි විදියට උදව්වක් කොරපු බව තමයි මගේ මතකයේ තියෙන්නෙ.
බත් දන්සැල ආරම්භ කරපු මුල්ම කාලෙ ආධාර පත්තරයක් ගම වටේම ගියා. පස්සෙ පස්සෙ ඒ කාරිය නවතලා තරුණ කොලු නඩේ හැකි තරම් තම තමන්ගේ පුද්ගලික සබදතා මගින් ආධාර රැස් කොරන්නත්...ආධාරයක් කරන්න කැමති ගමේ ඇත්තන්ට බලකිරීමකින් තොරව ඒ අවස්ථාව විවෘත කරලා දෙන්නත් කටයුතු කොලා.
දන්සැල පැවැත්වීමේ ආරම්භක පියවර වලදි අහවල් දිනේ අහවල් වෙලාවට අහවල් වැඩේ කරන බවට පණිවිඩේ හැමටම ලැබෙනවා. සමහරු උදේ ඉදන් සේවයේ නිරතවෙලා ගෙදර ආවා උනත්..මේ වැඩ වලට පස්ස ගැහුවෙ නැත්තෙ....ගමේ කොලු කුරුට්ටො ටික එකතුවෙන තැන මැවෙන අමුතුම චමත්කාරය නිසා වෙන්ට ඇති.
ආධාර පත්තරේටත් කලියෙන් දන්සැලේ ආහාර පිසින්න ඉන්ධන ප්‍රභවයක් විදියට දර එකතුකිරීම තමයි කෙරුනෙ. ගමේ මායිමේ ගලාගෙන යන අත්තනගලු ඔයේ ජල මට්ටම ඒ කාලෙ වෙද්දි බොහෝ දුරට පහතට වැටිලා තියෙන්නෙ. ඒ හින්දම අතරින් පතර දර කොටයක් දෙකක් ජල තලාවෙන් ඉහළට එසවිලා පේන එක සුලභ දසුනක්. මුලින්ම මේ වගේ කොටං කීපයක් ජලයෙන් ඉවතට අරගෙන ඔය අසබඩ වැල්ලෙ අව්වට වේලෙන්න දාන්නෙ නිතරම දියබුං කෙලිමින් වතුරෙම කාලය ගත කරපු ජීවන බරක් තිබුනෙ නැති කොලු කුරුට්ටො කීප දෙනෙක්.
අව්වෙ සැරකමට මේ කොටං අන්තිමට යකඩ වගේ හයිහත්තිය ඇතිවෙනකං වේලෙනවා. ඒවා ගින්නට ලං කරන්න විතරයි අවශ්‍ය...පිස්සු හැදිලා වගේ ගිණිගන්නෙ...හරියට දුම්මල වගේ. ඔය ඉවුරෙ අවශ්‍ය තරමට කොටං එකතු උනාම ගමේ මහ ට්‍රැක්ටර් හිමිකරුවා වෙච්ච බොහොම නිවුනු ගතිපැවතුම් තියෙන සමරු මාමා කොල්ලන්ගෙ පිහිටට එන්නෙ ඒවා හන්දිය දක්වා නොමිලේම ප්‍රවාහනය කරලා දෙන්න. ට්‍රැක්ටරේට කොටං ටික පටවලා හන්දියට ගේන දවසට ට්‍රැක්ටර් ට්‍රේලරේ උඩ ඉදගෙන උන් දාපු සෙල්ලං හැබෑට...එදාට ගම දෙවනත් වෙනවා මුන්ගෙ හැකර කටවල් වල සද්දටෙ.
හන්දියෙම තිබුන එක් කඩපේළියක් සමරු මාමගෙ. ඒ ආසන්නයේ තැනක දර කොටං කීපය සැතපෙව්වට පස්සෙ රාත්තිරියට රාත්තිරියට පුංචි බල්බ් කෑල්ලක් අටවගෙන දර පලාපු අතීතය කොච්චර සුන්දරද කියලා මේ ලියමන ලියද්දිත් මට සිහිපත් වෙනවා බොලව්...ඒ කාලෙ ගමේ සමගිය, සුහදතාව රැකුනෙ මේ වගේ පොදු වැඩ හින්දම තමයි. රාත්තිරී 10 පමණ වෙද්දි සූ ගාලා සෙනග...සුමියගෙන් ඉල්ලගන්න අඩුම කුඩුම පාවිච්චි කරලා දර කොටං තැන් කීපයකදි කැබලි වෙන්නෙ හරි වේගෙකින්.
මේ කියන දවසත් අන්න එහෙම එකක්...පහුවදා නිවාඩු දිනයක් හින්දම රෑ බෝ වුනා කියලා ගෙදර දුවන්න කාටවත් තදියමක් තිබුනෙ නෑ. එක දිගට වැඩ. රාත්තිරී 12 කණිසමට ලං වෙද්දි අහල පහල ගෙදරක දැරිවියෙක් දෙන්නෙක් වැඩිහිටියො එක්ක ඇවිදින් තේ වතුර කේතලයක් ගෙනත් දෙන්නෙ පෙර දැනුම්දීලා එහෙම නෙමෙයි.
දැන් ඉතිං දර පැලිල්ලට පොඩි විරාමයක් ලැබිලා. සමහරු තේ බිදක් තොල ගාන ගමන්, තවත් එකෙක් දුං සුට්ටක් අදින ගමන්. මධ්‍යම රාත්‍රියටත් කාල වෙලාව ලග හින්දා මහපාරෙ වාහනයක් ගියෙත් ඉදලා හිටලා. පළාතෙම කෑලි කපන්න පුලුවන් තරමට ගණ කළුවර.
අපේ හන්දියෙදි ප්‍රධාන මාර්ගය අංශක බර ගානකින් හැරෙනවා. ඒ කියන්නෙ විශාල වංගුවක්. ඈත අතීතයේ මේ කියන හන්දිය රිය අනතුරු වලට සෑහෙන්න ලක් වුනා. ඒ විදියට හැප්පුන හැම කෙනාම වගේ මාර්ගය නුපුරුදු අය. ඈත ඉදන් බලදදි ඉද්ද ගැහුවා වගේ පාර කෙලින් තියෙන බවක් පේන්නෙ. නමුත් ආසන්නයටම ආවට පස්සෙ තමයි පේන්නෙ වංගුවක් තියෙන බව. සමහරු අන්තිම මොහොතෙ වාහනය හරවන්න ගිහිල්ලා හප්පා ගත්ත අවස්ථා බහුලයි.
කලින් කිව්ව විදියට දර පලන සැට් එක තේ උගුරක් බොන ගමන් ඕපයක් දෙකක් ඇදබාමින් ඉන්නෙ. වාහන නැති මාර්ගයේ ඈත කොනෙන් ඉතා වේගයෙන් වාහනයක් පැමිණෙන බව කාට කාටත් වැටහුනේ එහි ඇන්ජිමෙන් නැගුන භයංකාර ශබ්දය හින්දයි.
තවත් මොහොතකින් පැයට කිලෝමීටර් 100 ක පමණ වේගයකින් වෑන් රථයක් අපේ හන්දිය පසුකරගෙන ඉදිරියට ඇදුනෙ නිකංම නෙමෙයි. බටහිර ත්‍රාසජනක චිත්‍රපටිවල වාහන වේගයෙන් ධාවනය කරලා එකතැන හරවද්දි ටයර් වලින් නැගෙන ශබ්දය වගේම එකකුත් එක්කයි.
ක්ෂණිකවම මහා හඩක් නැගුනා. ඒ එක්කම විදුලිය අරගෙන මහපාර දිගේ ඉදිරියට ඇදෙන කම්බි පොටවල් තදින් හෙල්ලෙන්න උනා.
වෑන් එක හැප්පුනා...යකෝ...
බඩ කසුනා තඩි බඩ වන වනා එදා එතැනට දුවපු වේගෙට බෝල්ට් ගොයියටවත් දුවන්න බෑ කියලයි මගේ අදහස. කොලු කුරුට්ටො කථා වෙලා නෙමෙයි, එකපාරටම තේ කෝප්ප එක එක තැන් වල අත ඇරලා කසුනා පස්සෙන් දිව්වා.
අපි යද්දි වැනට් වර්ගයේ වෑන් රථයක් මාර්ගයෙන් විරුද්ධ දිශාවට ගමන් කරලා...පාර අයිනෙම තියෙන විශාල පස් කණ්ඩියකුත් තරණය කරලා විශාල විදුලි කණුවක ආධාරක කණුවකුත් දෙකඩ කරලා නතර වෙලා තිබුනෙ. වෑන් එකේ ගන්න සසරක් නෑ..දෙකට නැමිලා... පළාතම දුමෙන් වැහිලා..ඒ අස්සෙන් යන්තමට වගේ බ්රේක් ලයිට් පේනවා.
වරෙව් යකුනේ....මේක ගිණිගන්න යන්නෙ...ඉක්මන් කරලා ඇතුලෙ ඉන්න උන් එළියට ගම්මු. කිත්තා මහා හයියෙන් කෑ ගහගෙන වෑන් එක ලගට ලං වෙද්දිම මමත් එතන. ඒ ඉසව්වෙ තිබුන කලුවරත්, වාහනය වෙලාගෙන තිබුන ඝන දුමාරයත් එක්ක ඇතුලෙ ඉන්න කිසිවෙක් පේන්න හිටියෙ නැතත් වාහනයේ දොරවල් විවෘත කරන්න අපි සැනෙකින් උත්සාහ ගත්තා. නමුත් ඒ සියල්ල ඇතුලතින් අගුල් වැටිලයි තිබුනෙ.
වාහනයේ රියදුරා සුක්කානමට හිස තබාගෙන පහත් වී සිටියා. අපි හිතුවෙ ඔහු සිහි විසඥ වෙලා කියලයි.
මේකෙ දොරවල් ඔක්කොම ලොක් වෙලා...වීදුරුවක් හරි කඩලා එළියට ගම්මු...කිත්තා ආයෙම බෙරිහන් දෙද්දි,
කඩන්න ඕනෙ නෑ මල්ලි..මම එන්නම් කියලා ඇතුලෙ හිටපු කෙනා උත්තර දුන්නා.
රියදුරු පැත්තෙ දොර ඇරගෙන මිනිහා බැස්සෙ තරමක් වැනෙන් ගමන්. තුවාල කිසිවක් නැති උනත් මිනිහා කම්පනයට පත් වෙලයි හිටියෙ. අපේ උන් කෑලි තුනේ විදුලිපන්දමක් හොයාගෙන ඒ එළියෙන් වාහනය තුල සෝදිසි කලා. මේ තියෙන්නෙ බඩු.
හිස්වෙච්ච බියර් බොතල් දෙකක් එක්ක තුන් කාලක් පමණ අහවර වෙච්ච වයිට් ලේබල් අරක්කු බෝතලේකුත් රියදුරු අසුන සමීපයේම තිබුනා. හදිසියේම හරි කම්පනය අස්සෙන් මේ දේවල් මතක් වෙච්ච රියදුරු ගොයියා ආයෙම වාහනයට නැගලා ලගපාත අකුලකට හිස් බෝතල් විසි කරලා දැම්මා.
කාගෙද වාහනේ...
අක්කගෙ...මිනිහා යන්තමින් කට ඇරියා.
ඇගට අමාරුද...කොහෙද රිදෙන්නෙ
පපුව ටිකක් රිදෙනවා...ස්ටියරින් වීල් එකේ තදට වැදුනා...
ගමේ කොල්ලො ඉක්මනින් මේකගෙ පපුව සම්බාහනය කරලා තේ එකක් කාරිය හදා දීලා ඉදගන්න පුටුවකුත් ගෙනත් දුන්නා.
එතනින් පස්සෙ මොනවා උනාද මට නිනව්වක් නෑ...මොකද මම නිවෙස බලා ගියපු හින්දා.
පහුවෙනිදා පොලෝසියෙන් ඇවිල්ලා ඒ අය ඉදිරියේම වාහනය ඉවතට ගන්න කටයුතු කොරමින් තිබුනා. විශාල දොඹකරයක සවිකර තිබුන යකඩ දම්වැලක් වාහනය අස්සෙන් රිංගවලා වාහනය ඉවතට අදිනකොට එහි විවිධ කොටස් කැඩී බිදී යනවා. ඒ වෙලාවට...අනේ යනුවෙන් මහා ශබ්දෙට හඩනැගුන කාන්තා පරාණයක් නරඹන්නන් අතර හිටියා. ඒ තමයි වාහනයේ හිමිකාරිය. දුක් මහන්සි වෙලා ගත්ත එකක් වෙන්න ඇති නොවැ.
වෙසක් සමය, දන්සැල් මතකය අවදිවෙද්දි වාර්ෂිකව මට මේ සිදුවීම මතක් වෙනවා. ඒ හින්දම ඔන්න බොලා එක්ක බෙදාගන්න අද මම කම්පනා කොලේ මේ කථාව.
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
පසුකලෙක අපේ ගමේ තරුණ පරපුරෙන් අති මහත් බහුතරයක් විදේශගත වීමත්, ලංකාවේ හිටි උන් විවාහයෙන් පස්සෙ විවිධ පළාත් වල පදිංචියට යාමත් ආදී කරුණු කාරණා නිසා මහා බත් දන්සැලට පසුකලෙක කණ කොකා හැඩුවේය. නමුත් ඒ අඩුව මකන්නට අයිස් ක්‍රීම් දන්සැලක් සමග සිසිල් පැන් දන්සැලක් තවමත් අපේ හන්දියේ ක්‍රියාත්මක වෙයි.
වෙසක් සමය කෙතරම් සුන්දර කාල පරිජේදයක් වුවද වසරේ ඉතාම අපරික්ෂාකාරීව වාහන පදවන දින කීපයද මේ සමගම උදා වේ. මාර්ග නීති කිසිවක් මේ දින වලට අදාළ නැත. බැලූ බැලූ අත වාහන ගංගාවකි. නිවෙස් වල තිබෙන ඉතාම පැරණි රථවාහනද නිසි නඩත්තුවක් ඇතුව හෝ නැතුව මාර්ගයට පැමිණෙන්නේද මේ කියන දින කීපයේදීමය. මමද කීප වතාවක් වෙසක් කාල සමය තුල අනතුරු වලින් යන්තමින් ගැලවී ඇත්තෙමි. වරක් යතුරු පැදියක වේගයෙන් පැමිණි තරුණයෙකු වේගය පාලනය කර ගත නොහැකිව පාර අසබඩ කොන්ක්‍රීට් බෝක්කුවක ගැටී ජීවිතයෙන් සමුගත් දිනයක්ද මගේ සිහියට එයි. ඒ නිසා ප්‍රවේශමෙන් වෙසක් අසිරිය විදගත්තොත් හොදා කොල්ලනේ..
සමහර දන්සල් දෙන අය පාරට පැනලා වාහන නවත්තන්න ගිහින් වාහනයකට යට වෙන්නේ නැති එකයි පුදුමේ. හැබැයි බැරිවෙලාවත් එහෙම වුනොත් අර දාන චේතනාව පැත්තක තියලා සංවිධායක මණ්ඩලය විසින්ම තම සගයා හප්පපු රියැදුරාව කම්බස් කිරීමේ මහා දානමය පුණ්‍යකර්මය පටන් ගන්නවා.
ReplyDelete++++++++++++++
Deleteමට රියදුරෙක් වෙලා ඉන්න වෙලාවක අපිට සංග්‍රහය අවශ්‍ය නෑ කියලා අතින් සංඥා කරද්දිත් බලෙන්ම නවත්තගන්න හදනකොට සමහර වෙලාවට පොඩි තරහකුත් එනවා...අනේ අයියෙ බීම එකක් බීලා යන්න....ඔය විදියට පොඩි උන් කෑ ගහද්දි නම් බඩේ ඉඩ නැතත් අපි නවත්තලා තියෙනවා අනුකම්පාවට...
Deleteදේශක තුමාගෙ කථාව ඇත්ත තමයි...දන්සැලෙන් නොලැබෙන කුසලයක් එතකොට සපුරගන්න කාටත් හැකියි.
දන්සැල් මතක් වෙද්දීත් හිතට දුකයි.. මොකද අවුරුදු ගානකින් දන්සැලකට ගියේ නැති හින්ද.. රටින් පිට ඉද්දි ඉතින් ආගමක් නැ වගේ තමා..
ReplyDeleteමාටියා ගහපුවා ගැනැ දල නැනේ... හක හක
++++++++++++++++++++++++++++++++++++++
Deleteමමත් ඉතිං මේ දෙවැනි අවුරුද්ද බන්...නැත්තං කොහොම දන්සැල් බත් ගිලපු එකෙක්ද මම.....ෂ්ෂ්ෂ්ෂ් ෂ්....සද්ද කරන්න එපා බං....මාටිය ගහපු ඒවායින් තමයි රට එන්න ටිකට් එක දාගත්තෙ.
Deleteඋඩින් ඇනෝ දාලා තියෙනව වගේ දන්සැලක් වැන්ද කාලයක් මතක නෑ සිරා අයියේ.. කාලයත් එක්ක හැමදේම ඉතින් ඈත් වෙලා යනවනේ..
ReplyDeleteඔහෙ ලංකාවෙ බෞද්ධ පන්සල් එහෙම නැද්ද මලයො...ලංකාවෙ අය වැඩි ප්‍රමාණයක් ඉන්න නිසා ඇහුවෙ. මැලේසියාවෙ නම් දන්සැල් පවා තියෙනවා...චීන බෞද්ධයො මෙහෙ දෙවැනි බලවේගය ලෙස ඉන්න නිසාම.
Deleteදන්සැල් කියන්නේ ආතල් ලෝකයක් බං .. අපිත් දුන්නා නෙවැ පොරි හැලෙන්න සිසිල් බීම දන්සැලක්.. :D කාස්ටිය තාම කරං යනවා. මහා ලොකු වියදමක් නැති උනාට ලැබුන ආත්ම තෘප්තිය මහමෙරක් තරං..අපි පටං ගත්තේ හවස 4 ට විතර.. රෑ 10 /11 වෙනකං වැඩේ යනවා.. මුලින් පොඩි සෙට් එක 7 විතර වෙනකං ඇදලා උන් ගෙවල් වල යනවා.. ඊට පස්සෙ අපි වැඩේ ගෙනියනවා ..පොසොන් බලන්න යන අය රෑ ආපහු යද්දි නවත්තනවා.. නැවැත්තුවෙ නැතත් නවත්තල කෝමහරි පොවනවා පාරට පැනලා.. ඉප්පීකර් සැට් එකක් අටෝල පුහ් :D
ReplyDeleteඑකෙක් දෙන්නෙක් වෑං එහෙක යන නංගියෙක්ට ඇහැ දැම්මෙ නැතුවත් නෙවෙයි..
සමහරුංගෙ පෙම්වතියො / වෙන්ඩ පෙම්වතියො ගෙදර කස්ටිය එක්ක එද්දි කලින් නිවස් එක එනවා. . අපි ඌව ඉස්සරහට දාල ඉතිං ෂයිඩ් වෙනවා..
දංසැල උගේ වගේ. අපිට ඕඩර් දෙන්නෙ " මල්ලි මෙයාලට අල්ලන්ඩ .. තව අයිස් කැටයක් කුඩු කරල ගන්ඩ .අපි කෝප්ප හෝදනවා මොක්කුද වගේ .. :D
උඹ දන්නවනෙ මාත් තුං හතර පාරක් නොමැරි බේරුනා .. ආයෙමත් මගේ සහෝදරයො වගේ උන් දෙන්නෙක්ම නැති උනා ඔය බයික් සෙල්ලමෙං..ඉන්න තැනක හොඳින් ඇති.
උඹලගෙ ආතල් අපේ ආතල් වගේම තමයි බොලං...කොයි දන්සැලෙත් ඔය සොමිය ලැබෙනවාම තමයි....අපි ඉස්සර බීම දන්සැල දෙන දවස්වල ලස්සන ගෑල්ලමයි සැට් එකක් ඉන්න වෑන් එකක් එහෙම ආවොත් රියදුරාට දහ අතේ වැදලා වාහනේ නවත්තගන්නවා...සංග්‍රහ කරන්න...ඊට පස්සෙ ලස්සනම එකීට කවන්න පොවන්න කොල්ලො පොකර කනවා...හයියූ එහෙමත් විළි ලැජ්ජාවක්....
Deleteමම අන්තිමට ලංකාවෙ හිටිය වෙසක් එකේදි..මගේ ඇන්ටික් ස්කූටර් රාජයා ඉදිරියෙන් නැවතිලා තිබුන වාහනේකට ඉස්සර කරන්න ඔලුව එළියට දැම්මා විතරයි...බයිසිකලේ ගෑවී නොගෑවී තවත් බයික් එකක් ගියා...පුදුම වේගයකින්..එදා නම් මට මරණ භය දැනුනා බොල....ඔය උඹ කියලා තියෙන බයික් සෙල්ලම ගැන ඉස්සර සහනත් කිව්වා වගේ මතකයි. පත්තරයට පින් සිද්ධ වෙන්න දන්සැල් සීරීස් එකකටම බඩු සැට් උනා මට...බොට ස්තූතියි බොල....
මට මොන ස්තූතිද බං .. අපි ඉන්නෙ ඒකට :D
Deleteමතක් උනානං වෙසක් පොසොන් අල්ලලා ලියන්ඩයි තියෙන්නෙ හෝයි ගාල සීරීස් එකම..
මේ ලියාන යන ගමන්....
Deleteවෙසක් කාලෙ අනතුරු ගැන නම් කියලා වැඩක් නෑ.. සමහරු වෙසක් බලන්න එන්නෙ බීලනෙ.. මෝටර් සයිකල් වල යන කොල්ලො එහෙම වැඩි වැඩ දාන්න ගිහින් තමයි නා ගන්නෙ..
ReplyDeleteමෝටර් සයිකල් තමයි භයානකම...හැම අහුමුලුවලින්ම මතුවෙන නිසා විමසිල්ලෙන් ඉදීම අත්‍යවශ්‍යයි. මමත් බයිසිකල් පැද්දට...වෙන එකෙක් අධික වේගෙකින් බයික් එකේ යද්දි බලාගෙන ඉන්නත් භයයි.
Deleteඋඹේ ලියල තියෙන රටාව රසයි.
ReplyDeleteපුතා ලැබෙන්න ඉද්දි ලංකාවට ගිය වෙලාවක දන්සැල් කීපයකට යන්න සිද්ද වුනා.."මට දන්සැල් බත් කන්න ආසයි" ...කිව්ව නිසා......
"මල්ලි/අයියෙ .... මගෙ wife ට බබෙක් හම්බ......."කියන්න ඉඩ නොතබ බොහොම කරුණාවෙන් කෑම පාර්සල් කරල දීපු කොල්ලො න්ව මතක් උනා බං ...
අප්පටහුඩු ඒව කියල වැඩක් නෑ කෙන්ජි මාමෙ.. අපේ 99% ක් ඒ අතින් ග්‍රේට්.. මතකද හැලපෙ අයියගෙ පෝස්ට් එකෙත් තිබුනා සංවිධායකයන්ට තිබ්බ ටිකත් දුන්න හැටි..
Deleteඒ වගෙ හැසිරීමක් අත් විඳපු වෙලාවට දැනෙන අපේ කම ..මට නං කන්න නැතත් ඒ ඇති.!!
අනිවා ඒ අතින් නම් අපේ මිනිස්සු ගැන මාර ආඩම්බරයි.
Deleteෂහ් .. වැඩක් නෑ කියල ප්‍රියෝ !
Deleteබොලාට කියන්න දවසක්...ගම්පහ පැත්තෙන් ගිහිල්ලා මිනුවන්ගොඩ ටවුමට මෙහායින් පාර සැට් වෙන පල්ලම කිට්ටුව වෙසක් දිනයට දවස් දෙකකට පස්සෙ මහා රාත්තිරියේ මහා බත් දන්සැලක්...මේ දිනය වෙද්දි ඉතිං දන්සැල් එහෙමත් වැඩිය නැති නිසා දිගට දිගේ තිබුන මහා පෝලිමේ අගට මගේ බයිසිකල් නඩයත් සැට් උනා....පැය තුනකට කිට්ටුවෙන්න අපි පෝලිමේ හිටියා. දැන් දොර ලගටම ඇවිල්ලා....
Deleteපොඩි ළමයි වඩාගෙන ඉන්න අය ඉන්නවද කිය කියා කොල්ලෙක් පෝලිමේ ඉන්න එහෙම අය හොයාගෙන ඉදිරියට ඇදුනා....අනේ බඩදරු සහ අතදරුවො ඇති අම්මලා කීප දෙනෙක්ම ආවා...ඒ අයව ඇතුලට දැම්මට පස්සෙ...දන්සැල කරවපු අලුගුත්තේරුවො කට ඇරලා කිව්වනෙ බං....මල්ලි දුක තමා දන්සැල ඉවරයි කියලා...එදා අපිට මල උපරිම....සයිවර් කඩේකින් වඩයක් කාලා ප්ලේන්ටියක් බීලා ගෙදර ගියා.
බත්වලට වඩා අයිස්ක්‍රීම් හොඳයි...:)
ReplyDeleteහැබැයි ඔය දන්සැල්වලින් කන්නේ ගොඩක් කෑම තියෙන අයම නේද?
පොඩ්ඩි එන්න අපෙත් තියෙනවා අයිස්ක්‍රීම් දන්සලක්.ඔයාට ඕනේ චොකලට්ද,වැනිලාද නැතිනම් ෆ්රුට් & නට්ද..?ඔය ඕනි එකක් දෙනවා.
Deleteපොහ්..................එතකොට අපි වගේ පොඩ්ඩන්ට?
Deleteඒ උනාට සුදා බත් වෙනුවට අයිස් කිරිම කන්න බෑ...පුලුවන් නම් කියන්න අයිස් කිරිම් වලට හිංහලෙන් කියන නම....
Deleteඔය අයිස්ක්‍රීම් දන්සැල් දෙන එක අපි බීම දන්සැල් දීපු කාලෙ ඉතාම දුලභයි. ඒකට අද...පදුරක් පදුරක් ගානෙ අයිස්ක්‍රීම්. දන්සැල්.
"Hima Kirama" kiyanne Ice cream walata.
Delete@සිරා,
Deleteමෙන්න ඔයාගේ සුදා උත්තර දීලා...:D
@මනෝජ්,
කොහෙද , කොහෙද? තැන කියන්ට. යාලුවෝ ටිකක්වත් එවන්නම්. :)
@විචාරක,
පොඩ්ඩොන්ට තියෙනවලු ටොෆි දන්සැල්...:D
@Ano,
Thanks Sudaa....:D:D
@ පොඩි
Deleteඑවන්ඩ ගල්කිස්සේ ටේම්පල්ස් පාරේ තියෙන්නේ...:)
@විචාරක,
ඔබතුමාගේ වයසේ ඈයන්ට "හිමකිරම" හොද නැහැ.ඒ ඒවායේ සිනි තියෙනවා.ඔබතුමාට දෙන්නම් ඉරමුසු හරි බෙලිමල් කෝප්පයක් හරි එහෙම හොදානේ...:D
ඔය කියන පාරෙ නේද අහුබුදු මහත්තයත් හිටියෙ...
Deleteඉතිං මනෝජ් අලුත් බීමක් හදමුකෝ හිමකිරම මුසු බෙලිමල් කියලා. :D
Deleteඔය බීම එකටම තණමල්විල මල් සුට්ටක් විතර දැම්මොත් ඉල්ලුම හොද වෙයි.
Deleteසිරා,
Deleteඅහුබුදු මහත්තයා විතරක් නෙමේ බං,නැසීගිය ලයනල් අල්ගම මහත්තයා වගේම,ශ්‍රියන්ත මෙන්ඩිස්,විජය නන්දසිරි,සිරිල් වීක්රමගේ,ඩබ්.ඩි ආරියසිංහ,ජානක වීක්‍රමසිංහ වගේ කලාකාරයෝ සැහෙන පිරිසක් ටේම්පල්ස් පාරේ පදිංචි වෙලා ඉන්නවා.ඒ ඉඩම් ලබා දුන්නේ ප්‍රේමදාස මහත්තයා.කලාපුර කියලා කියන්නේ එකට.
විචාරක,
ඔබතුමාම ඕක අත්හදා බලලා අපිටත් දැනුම් දෙන්නකෝ.:D සිරාගෙන් තණමල්විල මල් ටිකක් හොයා ගන්නත් බලන්නකෝ.
මේ පාරත් දන්සැල් දෙනවද බන්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න
යෑස් යෑස්...දැන් ගමෙන් සම්මාදමක් නෑ....පවුල් දෙක තුන එකට සැට් වෙලා ගේම ගහන්නෙ.
Deleteදන්සැල් බත් තම රහම.. හැැබැයි මුල් ටික..
ReplyDeleteසාමාන්‍යෙයන් පපුවේ තදින් මොකක් හරි වැදුනම අනිවා පරික්ෂා කරන්න ඕන.. පසුවටයි බලපෑම එන්නේ..
පෝලිමේ ඉන්නෙ නැතුව දන්සැලකින් කෑවම කිසිම ගතියක් නෑ මචෝ....පෝලිමේ හිටියම තමයි ඒ කන බත්පතට වටිනාකමක් තියෙන්නෙ.
Deleteඇත්ත ඇත්ත...පපුව ඇතුලෙන් හෝස් බටයක්වත් පිපුරුවොත්....
අපෙත් දෙනවා බීම දන්සැලක්… මට නම් මේ පාර පැත්තට වත් යන්න හම්බ උන්නෑ. ඒත් අපෙ මලයා නම් බැහැලම වැඩ.
ReplyDeleteවෙසක් බලලා එන ගමන් පෝළිමක සෙට් වෙලා බත් කටක් කාලා යන එක තරම් රහ නෑ. මොන එකකින් කෑවත්.
ආන්න හරි මචං.. ඒ කරවල හොද්දයි බතයි පරිප්පුවෙයි සම්බෝලෙයි අච්චාරුවෙයි රහ ලොවෙත් නෑ !!
Deleteපෝලිමේ ඉදලා කෑවෙ නැත්තං බත රහ නෑ....එතකොට තමයි ගති....ඇයි බොල මැල්ල කොළ බැදුම...තොපිලා කාලා තියෙනවද ? අපේ පැත්තෙ බොහෝ දන්සැල් වලට මේ කොළ වර්ගය ගන්නවා..කැලේට වැවිලා තියෙන නිසා...හොදට බැදුනම පට්ට රහයි. කට්ට කරවල හොද්දයි...පරිප්පුවයි...කොස් තම්බලා...පපඩම් එක්ක මැල්ල කොලත් මික්ස් කරලා අපි ඉස්සර දන්සැල දුන්නෙ...සමහර වෙලාවට පොල්කුඩු සම්බෝලෙකුත් හදනවා...ඇහෙන් කදුලු පනින්න.
Deleteසිරා මේ වගේම කතාවක් ඉස්සර කිව්වද? පංසලේ පාඩම් කර කර ඉන්නකොට වාහනයක් හැප්පිලා උඹලා ගිහින් බේරාගත්ත කතාවක්? මට හරියට මතක නෑ. උඹ ඉස්සරම ලිව්ව කතාවක්ද කොහෙද.
ReplyDeleteඔව් ...ඒ කථාවේ අවස්ථා සම්බන්ධය හෙන්රි අයියට පොඩ්ඩක් ටැපලිලා තිබුනට...එහෙම කථාවක් ලියවුනු බව මතකයි...2012 වසරෙදි ඒ කථාව ලිව්වෙ...මෙන්න මේ කථාව තමයි ඔය කියන්නෙ
Deleteඉදිරි දෙමස දන්සල් මාසයි...... දන්සල් පෝස්ටුත් බොහෝ කියවන්න ලැබෙයි...
ReplyDeleteඅපි එන්න මහත් වෙද්දි...නලින් අයියා එන්න එන්නම කෙට්ටුවෙනවා...වැල්පෙනල කැද ටිකක් බොන අතරෙ..මේ මාස දෙකේ දන්සැල් බත් ගිලින්න හිටු කියලා....
Deleteඕකා කන එකෙක්ද බං,පේන්නෙ නැද්ද හැටි බඩගින්නෙ ඉඳලම නරපනුවා වගේ.
Deleteඅමතක වුනා ලියන්න සිරෝ,සිකරැට් දන්සැලක් එහෙම තියනව නං කියපං,
Deleteකාටද? අටමටද? නලින් ලොක්කටද ?
Deleteහැලප අයියේ , දවසේ කතාව බොල !!
Deleteසාධුකින් පෙලෙන් උන් දැන් ඉතින් නැගිටියව් දන්සලක් කන්නට සැරසියව් හේ හේ ඉස්සරහට ඉතින් එන්නේ වළඳන මාසනේ දැන්ම බඩ රබර් කර ගන්න ඕන හේ හේ. දන්සල් නොකාපු කට කුම කට.
ReplyDeleteඋඹ මේ මගුලක් කථා කරනවා....අපේ ගමේ සෙට් එකේ එකෙක් හිටියා මෑණියෝ කියලා...ඌ බත් දන්සැල් 4 කට ගියොත් හැම එකෙන්ම කනවා...හැම එකේම වාර දෙක ගානෙත් කනවා...ඒත් එළියට ආව ගමන් කියන්නෙ බඩගිනියි යකෝ...තව දන්සැලකට යමු කියලා....මම හිතන්නෙ ඒ කාලෙ හිගන ජනපදයක්ම උගෙ බඩේ...
Deleteදන්සැලුත් දැන් බල්ලට ගිහින් කියල හිතෙනවා. අනේ මංද.
ReplyDeleteඅපි දන්සැල් දෙද්දි නොගිහිං තියෙයිද් බං.. ඒ ඇර උඹල අයිස්ක්‍රීම් දන්සැලුත් දෙනකොට :D
Deleteනරකද පත්තරේ පුන්නක්කු දන්සලක් ලෑස්ති කලොත්?
Deleteදන්සැල් බල්ලට ගිහින් නෑ බං....බල්ලා දන්සලට ගිහින්...පුන්නක්කු දන්සල...මරු අදහස...පළවෙනි කෝප්පය පත්තරයටම පොවලා දන්සැල් විවෘත කරන්න හැකි වෙයි.
Deleteඕ යේස් .මං විවුර්ත කොරල දෙන්නං බස බස ගාල. :D
Delete\\දන්සැල් බල්ලට ගිහින් නෑ බං....බල්ලා දන්සලට ගිහින්//
Deleteපට්ටම කතාව. ඒකනම් ඇත්ත තමයි. පත්තර පුන්නක්කු වලට මෙච්චර මනාපයි කියල හිතුවෙ නෑනෙ. ඒක නෙවෙයි පත්තරේ අර ඇරපු බ්ලොග් එකේ මොනාහරි ලියහන් බං..
පත්තරේ එතන දොර ඇරියා විතරයි...දේශකයා පුකට පයින් ගහලා එලෙව්වා කියලයි රට්ටු කියන්නෙ.
Deleteමනෝශ් මචං .. මට බ්ලොග් එකක් ?? :D
Deleteඋඹ වගකීමෙන්ද කියන්නෙ මට බ්ලොගක් තියනව කියලා . හැක්
පත්‍ර බ්‍රදර්........උඹේ තියෙන හැකියාව උඹ තක්සේරු කර ගන නැහැ. උඹ සතු උපහාසාත්මක වචන භාවිතව බ්ලොග් ලෝකයට ආභරනයක්. ඒ ආභරණය විහිළුවක් කර ගැනීම අපරාධයක්. ඒක තැන තැන උඹව චූන් එකක් කර ගන්න දෙන්න ඒපා. උඹ "අනුන් චූන් නොවී" හරි තැන හිටපන් . උඹ දක්වන සහ උඹේ අභ්‍යාන්තරය කිසිවෙක් නිවැරදිව තක්සේරු කරන්නේ නැහැ. වැඩිහිටියෙක් ලෙස කියන්නේ .....මේ කුණුහරුප ලෝකය වටහා ගනින්.
Deleteඅරූ අයියගෙ වචනයට මමත් එකගයි...උඹේ හැකියාව සිල්ලරට අතන මෙතන කොට කොට ගැලරිය චූන් කරන්නෙ නැතුව...උඹේම කියලා බොග් එකක් පටන් ගෙන කොනක ඉදන් ලියපංකො පත්තරයො.
Deleteකොමෙන්ට් කර කර ඉන්නවා ආතල් කියලා හිතුවට පෝස්ට් එකෙන් පෝස්ට් එකට කොමෙන්ට් පල්ලෙහට යනවා .. ඒ නිසා හිතලා බලන්න ටිකක් බ්ලොග් එකක් ලියන එක, පටන් ගත්තොත් අපි හෙල්ප් කරනවා එකෙන්ම. ඔයාට දවසක් කීවනේ මං මං දැකපු හොදම කොමෙන්ට් කාරයා ඔයා කියලා.
Deleteසිරා . දන්සැල් පෝස්ට් කියෙවුවා ,කූඩු පෝස්ට් කියෙවුවා ඔයාගේ පෝලිමේ ඉදලා ඉදලා අන්තිමට කෑම ඉවරයි කියපු කොමෙන්ට් කියෙවුවා , දුකයි අප්පා කෙල උනනවා කටට .
අරූ අයියේ.. මොනවා කියන්නද බං උඹට මම .. වැඳලා බාරගන්නවා වචනයක් වචනයක් ගානෙ.වෙන කියන්න දෙයක් නෑ අයියෙ..
Deleteසිරා.. බොහොම ස්තූතියි මචං.
ඔමා.. උඹලගෙ වචන හයියක්.. දුන්න රෙකමන්ඩ් එකනං මගේ හැටියට වැඩිද මන්දා බං.
අපූර්විට ස්තූතියි ලිපියට අදහසක් එක් කරලා අපේ දන්සැලෙන් බත් කටක් කාලා ගියාට...
Deleteපත්තර මලයා....බොලාට ලියන්න උනන්දුව තියෙනවානං කියහං...බෝඩ් ලෑල්ලක් මම අටවලා දෙන්නම්...ඊට අමතරව අනිත් අවශ්‍ය දේත් අවශ්‍ය වෙලාවට කොරලා දෙන්නම්...මම එදත් කිව්වෙ...සහනයගෙ එකවත් අරන් උඹේ නම එල්ලලා අටවමු කියලා බොගක්....
\\මට මගේ නොවන මගේම බ්ලොග් අඩවියක් තිබුනා..//
Deleteපත්තරේ මෙහෙමද හිතාගෙන ඉන්නෙ. සිරාවටම මං හිතුවෙ උඹ උඹේ තරම තේරුම්ගෙන ඉන්නවා කියලයි. උඹේ තියෙන කම්මැලිකමට බ්ලොග් නොලිය කමෙන්ට් පාරක් දාගෙන ඉන්නවා කියලයි. ඒත් අරූ අයියා කියල තියෙන දේ සහ ඒකට උඹ දාපු රිප්ලයි එක දැක්කම මට තේරුනා හේතුව ඒක නොවන බව. ඇත්තටම ඔයා ඔයාගෙ හැකියාවට මීට වඩා වටිනාකමක් දෙන්නෝනි පත්තරේ. ඒක ඔයාට වඩා අපිට වටිනවා. අලියට උගේ තරම තේරෙන්නෙ නැතිලු. ඒත් අපිට උඹේ තරම හැකියාව හොඳට තේරෙනවා. අපිට උඹව වටිනවා. ඒ නිසා උඹ විහිලුවට පටන්ගත්ත බ්ලොග් එක ඇත්තක් කරගන්න දැන් වෙලාව ඇවිත්. මුලින්ම මං හිතුවෙ සිරාවටම උඹ බ්ලොග් එකක් පටන් අරන් කියලා. ඒකයි උඹේ බ්ලොග් එක රෝලටත් දාගෙන ඒකෙ ෆලෝවර් කෙනෙකුත් උනේ. ඒත් පස්සෙ බලද්දි ඒකත් උඹේ විහිලුවලින් එකක්. උඹේ අදහස් ගොඩක් නිර්මාණාත්මකයි. ඒ වගේම උඹේ විහිලු නිකම්ම විහිලු නෙවෙයි. හිතට දැනෙන විහිලු. උඹේ විහිලු කමෙන්ට්ස් වලින් සමාජෙට කියන දේ විහිලුවක් නෙවෙයි.
කමෙන්ට් වලින් ඔච්චර හරියක් කරනවන්ම්, බ්ලොග් එක ලියාගෙන ගියොත් උඹ කොච්චර දෙයක් කරයිද. බ්ලොග් ලෝකෙට උඹල ඕනි. ඒ හැකියාව වටිනවා. අපතෙ යන්න දෙන්නෙපා. මං හිතනවා උඹ විහිලුවට හදාගත්ත, ඒත් මං සිරාවටම බ්ලොග් රෝලට දාගත්ත උඹේ බ්ලොග් එක හෙට අනිද්දම මගේ රෝලෙ උඩටම ඇවිත් තියෙයි කියලා. ප්ලීස් මචං.
ඔය කියන දන්සැල තාමත් දෙනවද .. මේ පාර ඒ පැත්තෙන් යනකොට බලාගෙන යන්න .
ReplyDeleteතාම දෙනවා මචං....මේ දන්සැල් දෙකම බොහොම කිට්ටුව තියෙන නිසා...වෙසක් දවසට බීම දන්සැල...වෙසක් දිනට පසුදින අයිස් ක්‍රීම්...
Deleteදව දවස් දෙකායි... !!!
ReplyDeleteඉක්මනටම ඒ දවස් දෙකත් යනවා නම් දන්සලක් වදින්ඩ පුලුවන්.
දන්සල් කාලා නිකං ඉන්න එපා ගොයියො...ලස්සන කෙලියො එහෙම ඇතුලත් කරලා අපිට ඡායාරූප ටිකක් උස්සගෙන වරෙං.
Deleteදන්සල්වලට ඉන්න පෝලිම දැක්කම සුද්දෝ අහනවා අපේ උන්ට ඒ තරම් අහේනියක් තියෙනවද කියලා. පොඩි උන් කරන ඒවා අගේ කලාට. මහ උන් නම් කරන්නේ විකාරයක්.
ReplyDeleteමහ උන් ඉතිං අත ලෙවකන්න මීයක් කඩන්නෙ නෑනෙ...බොහෝ උන් මාටියා පාරට දන්සැල් දෙනවා...සුද්දො දන්සැල් ආරාධනා ප්‍රතික්ෂේප කරනවද ? අපි බීම දෙන්න හිටියට එක අවුරුද්දක් පට්ටම වැස්ස වෙසක් දවස් වල...ඒ නිසා ඒ අවුරුද්දෙ කෝපි වලට මාරු උනා.එදා මරු වැඩක් උනා. වෑන් එකක ආවා එයාර්පෝට් යන ගමන් ජර්මන් සෙට් එකක්...උන්ව අල්ලලා අමාරුවෙන් නතර කරගත්තා...ඇයි ඇහුවා මෙහෙම නිකං කන්න බොන්න දෙන්නෙ. කඩුව හොද එකෙක් සටනට ඉදිරියට ඇවිල්ලා බුදු දහමෙ ඉදන් පැහැදිලි කලා...සුද්දන්ට හරි සතුටුයි...උන් තාර පාරෙම වාහනේ ලග බිම ඉදගෙන ඡායාරූප ගන්නවා දුමක් අදින ගමන්...යන ගමන් උන් දීපු අයිටම් එකක් ඇදලා...අපේ කොඩි වනපු එකෙක් ලග තිබ්බ කානුවකට බල්ටිය ගැහුවා.
Deleteහ්ම් ... වෙසක් පොසොන් මාසවල කෑම ප්‍රශ්නෙ ගැන වැඩිය හිතන්නෙ නැතුවම දවස් දෙක තුනක ට්‍රිපකට උනත් පාරට බහින්න පුළුවන් බය නැතුව. කොහෙන් ගියත් මොනාහරි බඩට දාගන්න පුළුවන් නෙව. ඒ උනාට හුඟක් දුරට ඒකෙම අනිත් පැත්ත හදිසියකටවත් කෑම කඩයක් හොයා ගන්න නෑ, දවස් කීපයක්ම යනකන් උන් කඩ වහල.
ReplyDeleteවේගය මරු කැඳවයි කියන්නෙ නිකන්ද, පාර හොඳ පලියට වාහනේ යන්න පුළුවන් පලියට නොයා හැම වෙලාවෙම තමන්ට පාලනය කරගන්න පුළුවන් වේගෙකින් පාරෙ යනව නම් හොඳයි. බලාපොරොත්තු නොවන මොහොතක ක්ෂණයකින් තමන්ගෙ හරි පාරෙ ඉන්න කෙනෙක්ගෙ හරි ජීවිතය නැති වෙන්න පුළුවන් කියන අවබෝධය රියදුරු අසුනක ඉන්න කෙනෙක්ට හැමවිටම තියෙන්න ඕන.
අනිවාර්යෙන්ම මචං...වෙසක් කලාපය තුල ඕනෙම තැනක යන්න පුලුවන් භය නැතුව...ඒකනේ අපේ බයිසිකල් නඩේ භය නැතුව වෙසක් වලට එළියට පනින්නෙ....වෙසක් දින දෙකකදි වට්ටාරම සහ පාහියංගල චාරිකා දෙකක් ගියා.
Deleteතමන් කොච්චර හොදට ධාවනය කලත් වැඩක් නෑ බං එහා පැත්තෙන් මෝඩ මීමෙක් ආවොත්...ඒකනෙ ගැටලුව.
//තමන් කොච්චර හොදට ධාවනය කලත් වැඩක් නෑ බං එහා පැත්තෙන් මෝඩ මීමෙක් ආවොත්...ඒකනෙ ගැටලුව.//
Delete;)
මම අර කියපු රියදුරන්ගෙ කුලකෙට ඔය ‘මෝඩ මීම‘ත් අයිතියි තමයි බොල.
යකඩෝ..DDT යා කියනකං ඒක මට වැටහුනේ නැති හැටියක්...
Deleteහපොයි වෑන් එක , දන්සල් කතා කියද්දී දැන් මතක් වෙන්නෙම ඉන්දික උපශාන්තගේ සුනිල් පෙරේරා දන්සල් කතාව
ReplyDeleteසුනිල් පෙරේරාගෙ කථාව මටත් මතකයි....මිනිහා එදා දීලා තියෙන්නෙ පට්ටම ටෝක් එකක්
Deleteකොහොමත් මෙච්චර දැන් දෙන එකම රට ලංකාව වෙච්චි අඩුවකට තියෙන්නේ ඔය තිතට මත දන්සැල් විතරයි :D
ReplyDeleteතියනවා තියනවා.. අපේ දන්සැලේ පිටිපස්සෙ තියාගෙන හීනියට වැඩේ යනවන්නෙ. සමහර උං පවුලෙ කට්ටිය බීම බොන අතරෙ පිටිපස්සටත් ඔලුව දැම්මොත් ෂොට් එකක් නොදී යවන් නෑ.. :D
Deleteපව්කාරයා පව්කාරයා, යකෝ කොකාකොළා බඩී බෝතලෙකින් බාගයක් අයින් කරලා ඉතුරු බාගෙට ......................දාලා ස්ට්‍රෝ එකකුත් දාලා ගෙනත් දන්සැලේ බත් කන අයට දෙන්න උඹලට කියලා දෙන්නත් ඕනෙද?
Deleteඅනේ නාඩියො....තිතට මත තිබ්බෙ වෙන රටකනෙ බං...අපේ රටේ නෙමෙයි. මේවා කියවද්දි මට දන්සැල් කුප්ප කථා තව මතක් වෙනවා....
Deleteවිචාරක තුමා ආන්න එහෙම වැඩිහිටියො තරුන පරම්පරාවට උප්දෙස් දෙන්ඩෙපැයි.. පංකාදු පහයි.
Deleteටොප් උපදේසෙ ..
ගතින් වයසට ගියත් හිතින් තාමත් තරුණ එල කොල්ලෙක් තමයි විචාරක තුමා...අන්න එහෙමයි වැඩිහිටියො ඉන්න ඕනෙ....
Deleteඇත්ත බං ඔය දන්සැල් ඇතුලේ කොයි තරම් ලස්සන කතා තියෙනවාද?එක ගමක් එකතු වෙන වැඩක් වුනාම තවත් අපුරුයි.කිවාත් වගේ දන්සල් බත් කටක් නොකාපු කටක් මොකටද බං.?හැබයි ඉතින් පොඩ්ඩි අර උඩින් කිව්වා වගේ දැන් ඕවයෙන් කන්නෙම හොදට සල්ලිය බගේ තියෙන වුන් ආතල් එකට.ඒ වුනත් මොකෝ කොහොම හරි බඩක් පිරේනම්.
ReplyDeleteපොඩ්ඩක් ඔහොම ඉදින්කො ඉවසලා...දන්සැල් ගැන මේ ලිපියෙන් කථාව ඉවර වෙන්නෙ නෑ....හොද හොද දේ එළිවෙන ජාමෙට කිව්වලු.
Deleteහප්පේ ගියපාර අපේ ගමේ සමිතියෙන් දුන්නා කිරිකොස්, කට්ට කරවල හොදි, අඹ ඇඹුල, ගොටුකොල සම්බෝල, බටු මෝජු, බැදපු මිරිස්, පපඩම්, එක්ක දන්සැලක්, තවමත් ඒ රහ දැනෙනවා.
Deleteහප්පේ....විචාරක තුමා කටට කෙළ උනන කථා නම් කියන්න එපා. ඔය සමිතියට මාවත් සම්බන්ධ කරගන්න කියලා මම වතාවකුත් කිව්වා නේද...වසරකට සැරයක් ආතොල් එකේ යන ට්‍රිප් එකම මදැයි...දැන් දන්නවා මේ අය වෙසක් එකටත් නිකං ඉන්නෙ නෑ කියලා...ඕගොල්ලන්ගෙ පැත්තෙ මැල්ල කොළ කියලා ජාතියක් නැද්ද...අපේ පැති වල නම් බත් දන්සැලට මැල්ල කොළ වරදින්නෙ නෑ...බැදලා ගත්තම නියමයි.
Deleteඔය මැල්ල කොළද බං බැද්දාම ක්‍රිස්පි වෙන්නේ. උඹ දන්නවාද ගොටුකොළ ඔහොම බැදලා,වේලිච්ච රයිස් ෆ්ලයිස් කරවෙන්න බැදලා, ඒ දෙකට කජු බැදලා දාලා නිය මික්ස් එකක් හදනවා. හැබැයි දන්සල්වල දෙන්න බැහැ කොස්ට් එක වැඩියි. අරලිය දන්සලට කියලා යවපන්...ඌව ඡන්දෙත් එන නිසා..ඒ පැතිවල මිනිස්සුන්ටවත් ලැබෙයි අඩු ගානේ.
Deleteවිචාරක මහත්තයෝ,අපිටත් දැනුම් දුන්නානම් මොකද වෙන්නේ කල්තියලා ඔහොම දෙයක් කරනකොට.
Deleteඅරූයියා,
ඔය වගේ කතුරුමුරුංගා කොළත් බැදලා කනවා නේද...?
මැල්ල කොල සමග වේලුනු මිරිස් බැදුම...එකටයි යන්නෙ...ඒ කොල හොදට බැදනම ඔබ කියන ක්‍රිස්පි ගතිය නියමෙට තියෙනවා...ගොටුකොළ සහ කජු බැජුම ඉදලා හිටලා වෙඩිම් වලදි සෙට් වෙනවා.
Deleteමොනව උනත් එක රැයකට බත් දන්නසල් තුන හතරකින්වත් කෑවේ නැතොත් හිතට හරිනෑ වගේ අප්පා.. මේ සැරෙත් යනවා..
ReplyDeleteජය වේවා!!!!
අනිවා....උඹත් අපේ මෑණියෝ වගේ....කොච්චර කෑවත් බඩේ ඉඩ....තියෙන පාටයි....දොස්තර කෙනෙක්ට පෙන්නපන්...බඩේ හිගන ජනපදයක් තියෙනවද බලන්න.
Deleteවිදානෙ.. මලක් එහෙම පූජ කරල ගියොත් උඹ දන්සැලම කයි :D
Deleteමෙතන මෑණියෝ කිව්වෙ අපේ අම්මට නෙමෙයි...මෑණියෝ කියලා අපේ ගමේ එකෙක් ඉන්නවා...ඒ නම හැදුන හැටි එහෙම හරිම රසවත් සිදුවීම්.
Deleteදන්සල් වල මට පේන්නම බැරි අර උදෙන්ම පටන් ගන්න
ReplyDelete''එම විට පවසනු මුවින් ඔබේ..../////
එහෙම කියන්න එපා අක්කා...බෙග් මාස්ටර්ගෙ බෞද්ධ සින්දු ටික නැත්තං දන්සැල් පාලුවට යනවා...ඒ වගේ උස් ස්වර පරාසයක පිහිටලා බෞද්ධ ගීත ගායනා කරපු එකම ගායකයා එතුමා. ඒ නිසාම තමයි ඒවා අහන වෙලාවට අපිට ලොකු හැගීමක් හිතට එන්නෙ.
Deleteහැඟීම කියන්නේ මලයා මට නම් එපා වෙනවානේ. බෙග් මාස්ටර්ගේ වරදක් නෙවේ. ඕක හය්යෙන් දාන අයගේ වරද
Deleteඒ අය හිතන්නෙ සද්දෙ වැඩි වෙන තරමට තමයි දන්සැලේ සෙනග පිරෙන්නෙ කියලා...ඒක වෙන්න ඇති කාරණේ....හෙන්රි කල්දේරා සන්ෆ්ලවර් එක්ක කැසට් එක කරපු දවස් වල අපේ පැත්තෙ හැම දන්සැලකම වගේ ඇහුනෙ ඒක...ඊට පස්සෙ ගුණදාස කපුගේගෙ සින්දු ටික...දැන් නම් ආයෙමත් බෙග් මහත්තයට තැන ලැබිලා. එයාගෙ පුතා මෙදා පොටේ සින්දු දන්සැලකුත් දීලා.
Deleteමේ වෙසක් සතියෙ හිත පහන් වෙන්නත් එක්ක මගෙ දන්සැල් අත්දැකීම් කීපෙකුත් ලියල දාන්න ඕනා.
ReplyDeleteඋඹේ ලිවිල්ලට පහන් වෙන්නේ හිත නෙමේ හැලපයියේ වෙනින් ඒවා...:D
Deleteඑහෙමද,පහනට පිච්චෙයි බලාගෙන ඈ.
Deleteමාත් මේ බැලුවෙ හිත පහන් වෙයිද...නැත්තං පහත් වෙයිද කියලා...ඔය දන්සැල් කථා අස්සෙ සුරා මේරය එහෙමත් කැඩෙනවා නොවැ...මම නොදන්න හැලපයියා...
Deleteඅඩේ හැලාපයියා උඹ තරහා වුනයි..?උඹ දන්නවානේ මම උඹේ ලිවිල්ලට බොහෝම මනාපයි කියලා.
Deleteසිරා.....මොන එකක්ද මන්දා බන් මමනම් හරිම ආසයි දන්සල් බත් කන්න. ඔය සමහර තැන්වල පෝලිමේ ඉන්න කොට ඉස්සර කතාකරලා පිටිපස්සට එන්න කියලා නෝන්ඩි නැතුව වෙනම බෙදලා ගෙනත් දෙනවා. සංවිධායක බුවාලා ඒ වෙලාවට අඩියක් ගහලා නම් ඉන්නේ ශොට් එකක් ගහමුද කියලා ඇහුව අවස්තාවකුත් තියෙනවා. අනේ මන්දා දන්සල් මූණක්ද කොහෙද මට තියෙන්නේ.
ReplyDeleteප.ලි....උඹේ 70 දසකය ෆොටෝවල පොඩි පොඩි කතා ටිකක් තියෙනවා. මම නිවාඩුවේ ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්නම්. මේ ටිකේ ටිකක් බිසි.
මමත් එහෙමයි...ඉස්සර සූටි එකා කාලෙ මම දන්සැල් බත් කාලම නැති කාලෙ...දන්සැලකින් බත් කන්න ඕනෙමයි කියලා ගෙදර සටනක් ගෙනිච්චා...එදා බොහොම තදට වැස්ස තිබුන දවසක්...අනේ තාත්තා...වැස්සෙම ගිහින් දන්සැලකින් බත් එකක් ඔතාගෙන ආවා....ඔය වගේ වැඩ අනන්තවත් තාත්තා ගැන සිහිපත් කරද්දි මගේ මතකයට එනවා...ඒ හින්දමයි මම තාත්තට බොහොම ආදරේ...සමහර විට අම්මටත් වඩා.
Deleteඩග්ලස් මහත්තයා ඔන්න කමෙන්ට් එකකින් උත්තර දීලා තියෙනවා....එයා මට පයින්ඩයක් එවලා තියෙනවා...එක් එක්කෙනාට වෙන වෙනම උත්තර දෙන්න එයා කැමතියි. ඒ උනාට එයා පල කරන කමෙන්ට් මේකෙ පල වෙන්නෙ නෑ කියලා....ඔය පල වෙලා තියෙන එකත් එයා මට එවලා මම පල කරපු එකක්.
සිරා......මම ඒක දැක්කා. හරි සතුටුයි. හිතේ කහටක් නැති මිනිස්සු එහෙම තමයි බන්. උඹ කියන්නේ ඩන්කන් මහත්තයා ගැන මිසක් ඩග්ලස් මහත්තයා ගැන නෙමෙයිනේ. උඹේ රිප්ලයි එක හීනියට වෙනස් කරපන්.
Deleteඔය සමහරක් ෆොටෝස් ඇතුලේ රස කතා කිහිපයක් කියන්න තියෙනවා. පස්සේ කියන්නම්. කෝ වෙලාව නැහැනේ.
යෑස් යෑස්...ඩන්කන් මහත්තයා තමයි...ඩන්කන් යනුවෙන් එතැන සිදුවී ඇත්තේ ප්‍රමාද දේෂයකි.
Deleteජීවිතේ මොටද දන්සැල් කන්න නැතී ,, :(
ReplyDeleteඉස්කූටරේ කණාමැදිරි එළියෙන් වෙසක් බලන්න ගියහැටි මතක් උණා, එළිය නැති හින්දා සයිලන්සරේ ගලවගෙන ගියේ. එතකොට සද්දෙට මිනිස්සු ඉඩ දෙනවනෙ, :v :v :P
එළිය නැති සයිලන්සරේ ගලවගෙන ගියා...අනේ අම්මේ බොලාත් කරලා තියෙන වැඩ හැබෑට...එළිය මදි කියන්නෙ මොකද කේස් එක මගේ වගේ ඇන්ටික් එකක්ද බොගේ ස්කූටරේ..6V නම් තියෙන්නෙ 12 V කරගනු. එතකොට එළිය හොදයි..නැත්නම් කරුවලේ ඇවිල්ලා බල්ටියක් ගහපු දවසට තමයි තේරෙන්නෙ අපරාදෙ මීට කලින් කරන්න තිබ්බ වැඩක් කියලා.
Deleteඔරිජිනල් ආව ක්‍රමේ වෙනස් කොරන්න හිතෙන්නෙ නෑ බං, :( ලස්සන බල්ටියකුත් ගැහුව දවසක් :D
Deleteප්‍රේමලතා කිව්වම අමුතු කික් එකක් එනවනෙ බොලේ...ඔහොම ලියාගෙන යමුකො....ඉඩක් ලැබුනාම ඒ පැත්තට එන්නම්...
ReplyDeleteekenma ela kathawa....
ReplyDelete