“ලේ....ලේ මට දැන් ඔන ලේ රහ බලන්න මිනිහෙක්.....ඉස්සෙල්ලම මූණට හම්බුවෙන එකාගෙ ලේ පනිනකල් හපාගෙන ඉන්නවා. මං උගේ උගුරු දණ්ඩටම පනිනවා....
වයිටාගේ කෙඳිරුම් හඬ කලූගේ ඔලුවේ කැකෑරෙන්නේ හෙණ පහරක් මෙනි.
මට දැන් උඹෙන් වැඩක් නෑ. උඹ අර හන්දියට පලයන්. උඹව අත්‍යවශ්‍ය භාණ්ඩයක් වේවි.

මිනිසා තුලවත් දක්නට නොමැති වර්ගය පිළිබද කැක්කුම බලු බසින් බලු මුවින් එසේ වචනයට පෙරළී තිබුනි.
.......................................................................................................

කලූගෙ ඇස් දෙක රතුවෙලා. එළි වෙනකල් අඬලා තියෙන තරමට දැන් නාහෙ දෙපැත්තෙ කබත් එක්ක ඉතිරි උන තෙත තීරු දෙකක් විතරයි එතන තියෙන්නෙ. මට වගේ හෝදගන්න බැහැනෙ ඒ සතාට. කලූගෙ කට දෙපැත්තෙන් සෙම බේරෙනවා. තොල් දෙක නොපිටට පෙරළිලා.
කල්පනා අඬමින් හොටු සූරමින් තමා කාරයට දමා දොර වසන්නට පොදිකන නෑ පිරිවරගේ උරහිසට උඩින් බලා සිටියේ ඈත යන කලූ දෙසය. දොර වැසෙත්දී, මුළු එළියම අඳුරු වෙත්දී ටින්ට් වීදුරුව අතරින් එබී ඇය ඉහත සියල්ල යන්තමින් බලා සිතා ගත්තාය. නොපිටට පෙරලුණු තොල් දෙක දුටු තැනින් පසු ඇගේ දර්ශන පථය වැසුනේ මිනිස් පොදියකින් හා ඔවුන්ගේ බරසාර වතිනි.
අම්මාත් නෑදෑයනුත් හඬද්දී කල්පනාගේ මුවග ඇත්තේ සිනාවකි. ඒ පසුගිය රාත්‍රී ගණනාවක් තිසිසේ සිදු වූ දේහි විරුද්ධ පසයි.
ඒයි පිස්සු බල්ලෙක්....
මිනිහෙක් කෑ ගැසුවේය. නමුත් වාහනයේ වීදුරුව අතරින් ඒ හඬ කල්පනා අසලට නොගියද අනෙක් මිනිසුන් වෙත බෝ වී ගියේය.
.......................................................................................................
කලූ කියන්නෙ අපේ අල්ලපු ගෙදර බල්ලා. බල්ලා කිව්වට කලූ බැල්ලියෙක්. කලූ ගෙදරට ආපු දවසෙ ගුණවර්ධන නෝනලගෙ ගෙදර අයත් ඒ කියන්නෙ අපිත් ගියා බලන්න. උගේ කන්පෙති පහළට කඩා හැලෙනවා. මුළු ඇඟම කලුයි. ඒ නිසාම ඌ කලූ උනා.
මෝටර් රථය මහ පාරට දැමූ තැන පටන් කල්පනා කල්පනාවට එළඹුනාය. හෝටලයට යා යුතු දුර බොහෝ බැවින් ඇයට රිසිසේ එහි නියැළෙන්නට ඉඩ තිබුණි. ඇය හෝටලය වෙත ගොස් එතැනින් අනාගතයට හෝ ආපසු නිවස වෙත ගොස් එතැනින් අතීතයට හෝ නොගොස් කලූ පිළිබදවම සිතුවාය.තවදුරටත් තමාට තමන් ගැන කල්පනා කිරීමට යමෙක් ඉතිරිව ඇතැයි කල්පනාට නොසිතුණි.
නම ඇහුන හැටියෙම කලූ කොහෙ හිටියත් දුවගෙන එනවා. අල්ලපු ගෙදර අපේ ගෙදර කියලා වෙනසක් නෑ. කලූට කොහෙත් ගෙදර වගේ. ගෙවල් දෙකෙන්ම කෑම බීම ඕන තරම්. කලූ බලාගෙන ඉද්දි සැපට හැදුනා. එහා ගෙදර මල්ලිලයි අපේ නංගියි එක්ක නැටිල්ලමයි වැඩේ. අපේ ගෙදර අයත් කලූට ගොඩාක් ආදරෙයි.
කල්පනා හිතට බාධා කරන යමක් අවට ඇතිවාක් සේ කල්පනාට හදිසියේ හැඟුනාය. ඇය පියවි ලොවට දෑස විවර කර බලද්දී ඔහු මනමාල සිනාවක් ද සමග ඇය දෙස බලා සිටියි. කල්පනා හිස අනෙක් පසට හරවා වීදුරුවෙන් එපිට දිවයන ගස් ගල් අතරට වැදුනාය. තවද මනමාල හිනාවක් යයි කීමෙන් ඔහු පිළිබද බිදුකුදු අප්‍රසාදයක් ඇති නොවිය යුතු වගද කිව මනාය. ඔහු මනමාලයා බැවින් ඒ ඔහුගේ වරප්‍රසාදයකි.
යළිත් පුරුදු කල්පනාවට බසින්නට තරම් හිත සකසා ගැනීමට ඇයට මඳ වේලාවක් ගතවිය. එයද ඇය නැවතුණු තැනින් නොව තරමක් මෙපිටිනි.
වයිටා අපේ ගෙවල් පැත්තෙ කැරකෙන්න ගත්තෙ ඔය කාලෙ තමයි. ඌ පාර දෙපැත්තෙ ඉව කර කර කණුවලට චූ කර කර ඇවිදිනවා හරි හදිස්සිකාරයෙක් වගේ. සමන්ත විහිළු කලා මට ඌව පෙන්නලා. ඒ දවස්වල අපි මගින් බැහැලා රවුම් පාර පැත්තෙන් කථා කර කර ඇවිදගෙන එනවා. අලුතෙන් කාපට් පාර හැදුවට පස්සෙ රවුම් පාරෙන් ආවෙ පාර නොදන්න කෙනෙක් හරි, අපි වගේ පාර හරියටම දන්න දෙන්නෙක් හරිම තමයි.
මං එළවන්න හැදුවම සමන්ත හිනාවෙලා මාව නැවැත්තුවා. ඒ හැටි...සමන්ත කිව්වා.
ඒ හැටි
මං කිව්වෙ සමන්තගෙ, සමහර විට එදා එයා මාව නැවැත්තුවෙ නැත්තං අද මෙහෙම නොවෙන්න තිබුනා.
මං කිව්වෙ කලූට.
රියදුරු රියේ වායු සමීකරණය නිවා දමා ජනෙල් පියන් විවර කළෙන් සීතලත් රැගෙන සුළඟ කාරය තුලට වැදුනේ කල්පනාගේ මුහුණද සිඹිමිනි. ඇයට හදිසියේම දොතොල් වෙව්ලා යන පුරුදු සිසිලත් මතක් විය.
ඔය වීදුරුව වහන්න. ඔයාට සීතලයිද ?
තමා පසෙක සිටින මිනිසාගේ හඬට ඇය නැත යන්න හැඟවෙන පරිදි දෙපසට හිස වැනුවා පමණි. එසේ වුවද යළි ජනෙල් විවර කරන්නැයි ඔහු නොකීවේය.
කලූ ඉක්මනට පැටව් ගහාවි.
සමන්ත කිව්ව වගේම කලූ පැටව් දැම්මා. අපි උන්ව බලන්න ගියේ කලූව ගෙනාපු දවසටත් වඩා සතුටින්. ඒත් අල්ලපු ගෙදර අයට නම් ඒක වදයක් උනා මිසක් සතුටු වෙන බවක් පෙනුනෙ නෑ. ටික දවසක් යනකොට පැටව් ටික අතුරුදහන් වුනා. කලූ කෑ ගගහ හැම තැනම උන්ව හොය හොයා ඇවිද්දා. නොකා නොබී හිටියා.
අපි කලූව ඉල්ලුවා හොඳට බලාගන්නම් කියලා. ඒත් ඒ අය කැමති වුනේ නෑ. කලූට තිබුන සැළකිලි අඩු වුනා. අපේ ගෙවල් අතරෙ පරතරය වැඩි උනා.
මහත්තයා ඕන නම් ඩෙවෝන් එක ලග නැවතිලා බලලා යමු.
රියදුරුගේ හඬ කල්පනා යළිත් පියවි ලොවට ඇද්දේය. ඔහු පාරේ වලවල් මග හරින අතරතුර පිළිතුරක් අපේක්ෂිතව කණ්නාඩිය දිහා බලයි.
දැන් එතන රස්තියාදු වෙන්න වෙලා නෑ. අපි හෝටලේටම යමු.
කල්පනාට එහි වගේ වගක් නැත. ඇයට කොයිකත් එකය.
තියෙන තදියමක් ඇයගේ සිතට නැගිය යුතු අදහසක් ඈ වෙනුවෙන් රියදුරු සිතුවේ ඒ බැවිනි. නමුත් ඔහුගේ තදියම සාධාරණ විය හැකිය. මන්ද ඔහු මනමාලයාය.
කල්පනා සුසුමක් හෙළා ඉතිරි හරිය ඉක්මනින් සිහිපත් කරන්නට සිතුවාය. ඊට වඩා වැඩි දුර නොවනා වග ඈට ඉවෙන් මෙන් දැනුණි.
සමන්ත අපේ ගෙදර එක්ක කථා කරන්න ආවෙ මේ දවස් වල. මට හොඳට මතකයි එයා කිව්වා හන්දිය ලඟ බලු පැටව් තුන්දෙනෙක් වාහනේකට අහුවෙලා තිබුනා කියලා. එදා අපේ ගෙදරින් දොට්ට දාපු සමන්ත බල්ලෙක් වගේ ඔළුව නමාගෙන ගියා. මම අඬ අඬ ඉන්න අතරෙ කලූ වැට පැනලා අපේ ගේ දිහාට ආවා. වෙනදා වගේම තාත්ත ඌට බත් දෙනවා මං අහගෙන. ඒත් කලූ කෑවෙ නෑ මං හිතන්නෙ.
මෝටර් රථය ගලින් නිමකළ පටු මාර්ගයක කන්ද නැගීම අරඹා තිබුණි. දකුණින් බෑවුමද වම් පසින් කන්දද තේ ගස්වලින් වටව ඇත. ඈත නව වගාව සඳහා බූ ගා රඹුක් සිටුවන ලද අඩ නිරුවත් කන්දකි. ඒ වට කොට ඇති කඳු වළල්ල මහා මූසල පාළු ස්වභාවයක්ම පායි. උන් හිස වටා එතී මීදුම් වළාවන්ද හැගීමක් දැනීමක් නැතිවම පාවී නොයා කන්දෙහිම වෙළී හිදියි.
ඔහු නොඉවසිල්ලෙන් කල්පනාගේ ඇඟ උඩ නගින්නට සැරසෙන විට ඇයගේ නිවසේ සාමාජිකන් සියලු දෙනා මංගල්ලය වමාරා කමින් සිටියේය. විදුලි එළියෙන් ආලෝක වූ ඉස්තෝප්පුවේ එළිය ඔවුන්ගේ මුහුණුවල තැවරී තිබුණි. කල්පනාගේ කාමරය හැර මුළු නිවසම එළියය.
වැඩ ටික ලස්සනට කෙරුණා නේද ?
හ්ම්.....
ගිහිල්ලා කථා කරන්නම් කිව්වට අමතක උනාද මන්දා
සිරිලාල් කථා කලා. 6 වෙද්දි හෝටලේට ආවලු.
ආ....ඒක නෙමෙයි අරුංට හෙණ ගහන්න එපැයි අර කරපු අපරාදෙට
මොන ?
අර අහිංසක සතාව මරා දැම්මෙ...ඌට ඇති පිස්සුවක් නෑ. අර ඔපරේෂන් එකට පස්සෙනෙ ඕක උනේ. අනික උන්ට කොහෙන් ආව අයිතියක්ද ඒ අහිංසකයව වඳ කරන්න.
හ්ම්
.......................................................................................................
ලේ...හැම තැනම ලේ...තෙතට දැනෙන මගේම ලේ වල තියෙන හිරිකිත...
කල්පනා ඇඟේ ගෑවී ඇති තමන්ගේම රුධිරය ඇඳ රෙද්දෙහි පිස දැමුවාය. ඔහු ඇය පසෙක නිදයි. ඒ සමන්ත දැයි කල්පනා යළි හැරී බැලුවාය. ඔහුට රැවුලක්ද වැවී ඇත. ඇඟ පතද විශාලය. ඇයට තම නිරුවත් පපුවේ පැත්තක් කඩාගෙන එළියට එන්නා සේ දැනෙයි. නමුත් වම් තනය මත අත තබාගත් විට ඇයට දැනුනේ තන පුඩුවෙන් නැගුණ පුපුරු ගැසීමක් වැනි වේදනාවක්ම පමණි.
ඒ සමන්තම තමයි....
අන්තයේදී සුසුම් හෙළා අත පහත දැමූ ඇය ඇඳෙන් බිමට බැස්සාය. මේ ඇළෙනසුළු පිළිකුලෙන් මිදීමට ඕනෑ වූයෙන් කල්පනා කළුවරේම නාන කාමරයට පිය නැගුවාය.
.......................................................................................................
මෝටර් රථය මහ පාරට දැමූ තැන පටන් කල්පනා කල්පනාවට එළඹුනාය. හෝටලයට යා යුතු දුර බොහෝ බැවින් ඇයට රිසිසේ එහි නියැළෙන්නට ඉඩ තිබුණි. ඇය හෝටලය වෙත ගොස් එතැනින් අනාගතයට හෝ ආපසු නිවස වෙත ගොස් එතැනින් අතීතයට හෝ නොගොස් කලූ පිළිබදවම සිතුවාය.තවදුරටත් තමාට තමන් ගැන කල්පනා කිරීමට යමෙක් ඉතිරිව ඇතැයි කල්පනාට නොසිතුණි.
නම ඇහුන හැටියෙම කලූ කොහෙ හිටියත් දුවගෙන එනවා. අල්ලපු ගෙදර අපේ ගෙදර කියලා වෙනසක් නෑ. කලූට කොහෙත් ගෙදර වගේ. ගෙවල් දෙකෙන්ම කෑම බීම ඕන තරම්. කලූ බලාගෙන ඉද්දි සැපට හැදුනා. එහා ගෙදර මල්ලිලයි අපේ නංගියි එක්ක නැටිල්ලමයි වැඩේ. අපේ ගෙදර අයත් කලූට ගොඩාක් ආදරෙයි.
කල්පනා හිතට බාධා කරන යමක් අවට ඇතිවාක් සේ කල්පනාට හදිසියේ හැඟුනාය. ඇය පියවි ලොවට දෑස විවර කර බලද්දී ඔහු මනමාල සිනාවක් ද සමග ඇය දෙස බලා සිටියි. කල්පනා හිස අනෙක් පසට හරවා වීදුරුවෙන් එපිට දිවයන ගස් ගල් අතරට වැදුනාය. තවද මනමාල හිනාවක් යයි කීමෙන් ඔහු පිළිබද බිදුකුදු අප්‍රසාදයක් ඇති නොවිය යුතු වගද කිව මනාය. ඔහු මනමාලයා බැවින් ඒ ඔහුගේ වරප්‍රසාදයකි.
යළිත් පුරුදු කල්පනාවට බසින්නට තරම් හිත සකසා ගැනීමට ඇයට මඳ වේලාවක් ගතවිය. එයද ඇය නැවතුණු තැනින් නොව තරමක් මෙපිටිනි.
වයිටා අපේ ගෙවල් පැත්තෙ කැරකෙන්න ගත්තෙ ඔය කාලෙ තමයි. ඌ පාර දෙපැත්තෙ ඉව කර කර කණුවලට චූ කර කර ඇවිදිනවා හරි හදිස්සිකාරයෙක් වගේ. සමන්ත විහිළු කලා මට ඌව පෙන්නලා. ඒ දවස්වල අපි මගින් බැහැලා රවුම් පාර පැත්තෙන් කථා කර කර ඇවිදගෙන එනවා. අලුතෙන් කාපට් පාර හැදුවට පස්සෙ රවුම් පාරෙන් ආවෙ පාර නොදන්න කෙනෙක් හරි, අපි වගේ පාර හරියටම දන්න දෙන්නෙක් හරිම තමයි.
මං එළවන්න හැදුවම සමන්ත හිනාවෙලා මාව නැවැත්තුවා. ඒ හැටි...සමන්ත කිව්වා.
ඒ හැටි
මං කිව්වෙ සමන්තගෙ, සමහර විට එදා එයා මාව නැවැත්තුවෙ නැත්තං අද මෙහෙම නොවෙන්න තිබුනා.
මං කිව්වෙ කලූට.
රියදුරු රියේ වායු සමීකරණය නිවා දමා ජනෙල් පියන් විවර කළෙන් සීතලත් රැගෙන සුළඟ කාරය තුලට වැදුනේ කල්පනාගේ මුහුණද සිඹිමිනි. ඇයට හදිසියේම දොතොල් වෙව්ලා යන පුරුදු සිසිලත් මතක් විය.
ඔය වීදුරුව වහන්න. ඔයාට සීතලයිද ?
තමා පසෙක සිටින මිනිසාගේ හඬට ඇය නැත යන්න හැඟවෙන පරිදි දෙපසට හිස වැනුවා පමණි. එසේ වුවද යළි ජනෙල් විවර කරන්නැයි ඔහු නොකීවේය.
කලූ ඉක්මනට පැටව් ගහාවි.
අපි කලූව ඉල්ලුවා හොඳට බලාගන්නම් කියලා. ඒත් ඒ අය කැමති වුනේ නෑ. කලූට තිබුන සැළකිලි අඩු වුනා. අපේ ගෙවල් අතරෙ පරතරය වැඩි උනා.
මහත්තයා ඕන නම් ඩෙවෝන් එක ලග නැවතිලා බලලා යමු.
රියදුරුගේ හඬ කල්පනා යළිත් පියවි ලොවට ඇද්දේය. ඔහු පාරේ වලවල් මග හරින අතරතුර පිළිතුරක් අපේක්ෂිතව කණ්නාඩිය දිහා බලයි.
දැන් එතන රස්තියාදු වෙන්න වෙලා නෑ. අපි හෝටලේටම යමු.
කල්පනාට එහි වගේ වගක් නැත. ඇයට කොයිකත් එකය.
තියෙන තදියමක් ඇයගේ සිතට නැගිය යුතු අදහසක් ඈ වෙනුවෙන් රියදුරු සිතුවේ ඒ බැවිනි. නමුත් ඔහුගේ තදියම සාධාරණ විය හැකිය. මන්ද ඔහු මනමාලයාය.
කල්පනා සුසුමක් හෙළා ඉතිරි හරිය ඉක්මනින් සිහිපත් කරන්නට සිතුවාය. ඊට වඩා වැඩි දුර නොවනා වග ඈට ඉවෙන් මෙන් දැනුණි.
සමන්ත අපේ ගෙදර එක්ක කථා කරන්න ආවෙ මේ දවස් වල. මට හොඳට මතකයි එයා කිව්වා හන්දිය ලඟ බලු පැටව් තුන්දෙනෙක් වාහනේකට අහුවෙලා තිබුනා කියලා. එදා අපේ ගෙදරින් දොට්ට දාපු සමන්ත බල්ලෙක් වගේ ඔළුව නමාගෙන ගියා. මම අඬ අඬ ඉන්න අතරෙ කලූ වැට පැනලා අපේ ගේ දිහාට ආවා. වෙනදා වගේම තාත්ත ඌට බත් දෙනවා මං අහගෙන. ඒත් කලූ කෑවෙ නෑ මං හිතන්නෙ.
මෝටර් රථය ගලින් නිමකළ පටු මාර්ගයක කන්ද නැගීම අරඹා තිබුණි. දකුණින් බෑවුමද වම් පසින් කන්දද තේ ගස්වලින් වටව ඇත. ඈත නව වගාව සඳහා බූ ගා රඹුක් සිටුවන ලද අඩ නිරුවත් කන්දකි. ඒ වට කොට ඇති කඳු වළල්ල මහා මූසල පාළු ස්වභාවයක්ම පායි. උන් හිස වටා එතී මීදුම් වළාවන්ද හැගීමක් දැනීමක් නැතිවම පාවී නොයා කන්දෙහිම වෙළී හිදියි.
කල්පනා බලා සිටියේ වාහනය ඉදිරිපස සවි කර ඇති, කන්ද නගින තාලයට අනුව හිස දෙපැත්තට සොලවමින් සිටින බල්ලාගේ රුව දිහායි. මඳ වේලාවක් යත්දී හිස කකියන්නට ගත්තෙන් ඕ දෙනෙත පියා ගත්තාය.
.......................................................................................................
වැඩ ටික ලස්සනට කෙරුණා නේද ?
හ්ම්.....
ගිහිල්ලා කථා කරන්නම් කිව්වට අමතක උනාද මන්දා
සිරිලාල් කථා කලා. 6 වෙද්දි හෝටලේට ආවලු.
ආ....ඒක නෙමෙයි අරුංට හෙණ ගහන්න එපැයි අර කරපු අපරාදෙට
මොන ?
අර අහිංසක සතාව මරා දැම්මෙ...ඌට ඇති පිස්සුවක් නෑ. අර ඔපරේෂන් එකට පස්සෙනෙ ඕක උනේ. අනික උන්ට කොහෙන් ආව අයිතියක්ද ඒ අහිංසකයව වඳ කරන්න.
හ්ම්
.......................................................................................................
ලේ...හැම තැනම ලේ...තෙතට දැනෙන මගේම ලේ වල තියෙන හිරිකිත...
ඒ සමන්තම තමයි....
අන්තයේදී සුසුම් හෙළා අත පහත දැමූ ඇය ඇඳෙන් බිමට බැස්සාය. මේ ඇළෙනසුළු පිළිකුලෙන් මිදීමට ඕනෑ වූයෙන් කල්පනා කළුවරේම නාන කාමරයට පිය නැගුවාය.
මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
ඉසුරු අබේසේකර
ප.ලි
ඉසුරු අබේසේකර තව දුරටත් සිරාගේ කාමරයට යන එන බොලාට අමුත්තෙකු නොවේ. මෙයට කලින් 7 වෙනි ලිපිය වෙනුවෙන් ඔහු ලියා එවූ ඇඹුල් දොඩම් කථාවෙන් ඔබ ඔහුගේ හැකියාව දැන හඳුනාගෙන තිබේ. වෘත්තියෙන් ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයෙකු (Copy Writer) වන ඔහුට කලාව සමග ඇත්තේ ගහට පොත්ත වැනි සමීප සබඳතාවකි. සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් දෙවැනි වතාවටත් තමන්ගේ නිර්මාණයක් එවීම සම්බන්ධයෙන් ඉසුරු මලයා වෙත සිරා කොලුවාගේ නොවක් ස්තූතියි පිරි නමමි. ජය !