Sunday, December 23, 2012

100 මැරතන් අසිරිය 1

බකං නිලාගෙන ඉන්නෙ හවුස් එක දිනවන්න මොනා හරි කරනවකො.... සිරා නියෝජනය කරන විජය නිවාසයේ ශ්‍රියාණි ටීචර් මොර දෙයි. කාලයක්ම අපි පළවෙනිතැන ගත්ත ඉවෙන්ට්ස් වලට මේ සැරේ එකෙක්වත් නෑ... අවුරුද්දෙන් අවුරුද්ද අපේ නිවාසෙ පල්ලම් බහිනවා...හැමෝම මීට වඩා කැපවීමෙන් යමක් කරන්න බලපල්ලා.... සෑම සිසුවෙක්ටම මවක් බදු මේ ගුරුතුමිය නිවාසාන්තර ක්‍රීඩා තරග ආරම්භ වන සමයේ හැමදාමත් මෙසේය. කොල්ලන් කෙසේ හෝ උනන්දු කරවා ක්‍රීඩා උළෙලේ ශූරතාව අපේ නිවාසයට  දිනා දීම ඇගේ එකායන අභිප්‍රායයි. ජීවන මගේ හතලිස් වසරක් පසුකර සිටියත් ඈ යෞවනියක මෙන් කඩිසරය. කුඩා උන්ගේ සිට මහ උන් දක්වා සිසු කැලගේ නොබද ගෞරවයට පාත්‍ර‍ වූ චරිතයකි.

එදවස නිවසට පැමිණි පසුවද ටීචර් දෙඩූ බස් සිරාගේ සවනේ රැව් පිළිරැව් දුන්නෙහිය.. ඇත්තටම මට මොකුත්ම නිවාසෙ වෙනුවෙන් කරන්න බැරිද ? මෙසේ ආතොල් එකේ මනෝපාරේ ඈතට අඩි තබමින් යන විට  සිරාගේ මවුතුමිය මා ඇමතුවාය.

මේවා කලින් දැකලා තියෙනවද ? මේ තාත්තගෙ ඉස්කෝලෙ යන කාලෙ සහතික වගයක්.... කහ පාටට හැරී පැරණි පෙනුම ගෙන තිබූ කඩදාසි කීපයක් ඇගේ සුරතේ විය. සිරාගේ යුගදෙනෙතට හසුවූ පරිදි  තාත්තා මැරතන් ශූරයෙකි. පළමු තැන මිස දෙවැනි තැන දිනා නැත. එහෙව් තාත්තාගෙ ලොකු පුතා වෙච්ච මට ඔය වැඩේ කරන්න බැරි වෙයිද ?  මගේ සිත මගෙන් අසයි.

http://farm6.staticflickr.com/5281/5277534268_90b5f66354_z.jpg


ඔන්න ඔය කිව්ව කාරණයෙන් පස්සෙ විජය නිවාසය වෙනුවෙන් මගේ දායකත්වය දක්වන්නත් එක්ක දිගු දුර ධාවනයේ යෙදෙන්න සිරා තීරණය කොලා. කෙටි දුර ධාවනයට උචිත වේගයක් සිරාට නොමැති වීමත් එයට හේතුවක්... ඒ සදහා පුහුණුකරුගේ භූමිකාව රගපෑවේ සිරාගෙ තාත්තා. තාත්තාගේ හැකියාවෙන් බිදක් හෝ මටත් පිහිටා ඇතැයි යන විශ්වාසය තමයි මෙතැනදි මූලික උනේ...

හරියටම පාන්දර 4 කණිසම එළඹුන විගසම....

නැගිටින්න.... ඉක්මනට ලෑස්තිවෙන්න... අද දුවන්නෙ නැද්ද ? ඔහොම නිදියගෙන මැරතන් දුවන්න බෑ... යනාකාරයෙන් සිරාගේ නින්දට තාත්තා අකුල් හෙලූ නිසාම සිරා ප්‍ර‍ධාන මාර්ගයේ දිවීමට පුරුදු වන්නෙක් බවට පත්වෙන්න වැඩි කාලයක් ගියේ නෑ...

එකසැරේ ලොකු දුරක් දුවන්න බෑ... පළවෙනි දවසෙ කිලෝමීටර් දෙකක් විතර දුවන්න...

තාත්තගෙ උපදේශය අනුව සිල්ක් කොට කලිසමකින් සහ බැනියම් කෑල්ලකින් සැරසිලා කැන්වස් සපත්තු දෙකකුත් දාගෙන සිරා නිදිමරගාතෙම දිවීම ආරම්භ කොලා... සිරාට පිටිපස්සෙන් පාපැදියක නැගිලා සිරාගෙ තනිනොතනියට  තාත්තා පැමිණියා... දුර දිවීම පුහුණුවීමේදී මුල් කාලයෙදි බඩ කොර වීම සාමාන්‍ය කාරණයක්, පළමු දවස් කීපයේ වදදුන්න පසුපසින් පන්නපු බලු රැලත් කල් යත්ම සිරා එක්ක මිතුරු උනා.... ටිකෙන් ටික කිලෝමීටර් ගාන වැඩිවෙද්දි  සිරාගෙ හැකියාවත් ටිකෙන් ටික ඉහළට ගියා... ආපසු එන ගමනේදී තාත්තගෙ වියදමෙන්  පාර අයිනෙ බේකරියකින් ලැබුන, නිවසට ඇවිල්ලා ගිල දාපු උණු උණු ජෑම් පාන් ගෙඩියෙ රස නම් තාමත් මතක් වෙනවා...

මැරතන් එකක් කියන්නෙ සෑහෙන දුරක් වගේම සෑහෙන කාලයක් ගත වෙන තරගයක්... මේ වගේ තරගෙකදි පුහුණුව වගේම දරා ගැනීමේ හැකියාවත් ඉතාමත්ම වැදගත්... නැත්නම් අතර මගදි මහන්සිය වැඩි වුනාම නතර වෙන්න හිතෙනවා... ඔන්න ඔය වගේ අදහස් එහෙමත් තාත්තා ලබා දුන්නා...  එකම වේගයක් පවත්වාගෙන දිගු කාලයක් ධාවනයේ යෙදීමට  පුහුණුවීම් මගින්ම ශරීරය සකසා ගත යුතුයි.

මාසයක් වගේ කාලයක් කරපු පුහුණුවීම් වලින් පස්සෙ සිරා කොලුවා අ.පො.ස සා/පෙ ලියපු අවුරුද්දෙ මුල් වතාවට විජය නිවාසය වෙනුවෙන්  තරග වදින්නට අවස්ථාව ලබා ගත්තා. ඒ සදහා දෙමාපිය අනුමැතිය සහිත ලිපියක්ද අවශ්‍යයි. මේ කියන අවුරුද්දෙ   මැරතන් තරගයට පිවිසිලා 40 දෙනෙකු අතරින් (එක් නිවාසයකින් තරග කරුවන් 10 කි)  14 වැනි ස්ථානය සිරා ලබාගත්තා. එදා තරගයේ හිටිය ලාබාලම තරග කරුවා හැටියට එය සෑහෙන්න හොද ජයග්‍ර‍හණයක්...

මේ තරගයෙන් අනතුරුවත් දිගින් දිගටම සිරා කොලුවා පාසල් ක්‍රීඩාංගනයෙ උදෑසන කාලයෙදි පුහුණුවීම් වල නිරත වූ නිසාවෙන්ම අපේ බෑන්ඩ් කණ්ඩායමෙන් තවත් මැරතන් ධාවකයන් කීප පොළක්ම කරළියට ආවා දුර දිවීමේ ආශාව පහළ වෙලා. ඒ අතර කැපී පෙනෙන චරිතයක් වුනේ ෆයිලට් ජෝති. සිරුර කෙට්ටු නිසා ජෝතියා දුවද්දි මැවෙන දසුන බොහොම සුන්දරයි. මුල් වට කීපය සෑහෙන වේගෙකින් දුවලා හැති වැටුනට පස්සෙ දෙපැත්තට වැනි වැනි ජෝතියා අමාරුවෙන් දුවන හැටි බලන් ඉන්න ආසයි.

බෑන්ඩ් කණ්ඩායමේ සාමාජිකයෙකු වීම මෙවැනි තරග වලදි අනෙකුත් තරගකරුවන්ට නොලැබෙන වරප්‍ර‍සාදයක් ලබා දෙනවා.ඒ තමයි ආධාරකරුවන් කීප දෙනෙකුගේ සේවය... ඒ අය තරගය තුලදි ලගින් ඉදන් දිරිමත් කරන විදියට අතරමග නවතින්න හිතෙන්නෙම නෑ...

බෑන්ඩ් සැට් එක මේ විදියට පුහුණුවීම් කරගෙන යන දවසක තමයි අපේ නායකයා වෙච්ච ලොකු අයියා කට ඇරියෙ...ඔහුත් සාඩම්බර විජය නිවැසියෙක්.

බොලා දන්නවද  දවසක් මමත් මැරතන් දිව්වා කියලා.... ලොකු අයියා වටපිට බලමින් බරපතල කථාවකට මුල්ගල තියයි. වටේ පිටේ උන් හූ මිට්ට තියන්න ලං වෙයි.

ඒ අවුරුද්දෙ අපේ නිවාසෙට දුවන්න උන් නෑ කියලා මාවත් බලෙන්ම ලිස්ට් එකට දාලා, තරගෙ තියන්න කලින් දවසෙ තමයි මම දන්නෙ මේ ඉලව්වට මමත් ඉන්නවා කියලා...උඹ දන්නවනෙ බන් අපි ඔය බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරද්දි පාරෙ දුවන දුර...ඔන්න ඔච්චර තමයි මමත් ඉතිං ඒ වෙනකං දුවලා තිබ්බෙ....ඒ උනාට තරගෙ කිලෝමීටර් 12 දුරයි. මගේ යාලුවො කිව්වෙ උඹ තරගෙ සම්පූර්ණ කලත් අපිට ඇති කියලා... මොකද තරගෙ අවසන් කරන හැමකෙනා වෙනුවෙන්ම නිවාසෙට ලකුණු ලැබෙනවා.

ඔන්න ඉතිං තරගෙ තියන දවසත් ආවා... යාලුවෙක්ගෙන් කොට කයිසං කෑල්ලකුත්  ඉල්ලගෙන  ලෑස්තිවෙලා ඉවර වෙද්දිම අපේ නිවාසෙන්ම දුවන තව එකෙක් ලොකු කෑම පාර්සලයකුත් අරන් මගේ ලගට ආවා...

මචෝ ඉදිආප්ප මුලක් තියෙනවා.... දුවන්න සෑහෙන්න ශක්තියකුත් ඕනෙ හින්දා මේක ඉක්මනට ලග නමමු කියලා ඒකා කිව්ව හින්දම ඉතිං මමත් බුරිය උල් වෙනකම්ම ඉදි ආප්ප කෑවා....

අසන්නන් හාවක් හූවක් නැත... ලොකු අයියා දෙසම නෙත් අයා බලා හිදී...

ඊට පස්සෙ තරගය පටන් ගන්න තැනට වාර්තා කරලා නම් ගම් සනාථ කරගෙන  වැඩි වෙලාවක් ගියේ නෑ කොඩිය වනලා තරගෙ පටන් ගත්තා.... අපි දෙන්නත් පළවෙනි පොකුරෙ අමාරුවෙන් එල්ලිලා ගම්පහ ඉස්පිරිතාලෙ ලගට එනකං ආවා... ඒක මැරතන් කිව්වට මාර හයියෙන් ගියා බන්.... මගේ යාලුවා එතනදි කිව්වා මට අමාරුයි බන් උඹ ඉස්සරහට පලයන් කියලා...

ඔන්න ඉතිං මම තනියෙන් රේල් පාර කිට්ටුවට එනකං එල්ලිලා ගියා විතරයි කරුමෙට බඩේ කොරයක් ඇල්ලුවා...

ඒ මොකෝ ලොකු අයියෙ...ඉදලා ඉදලා එකෙක් හූ මිට්ටක් තිබ්බා...

අල හොදිත් එක්ක බස්සගත්ත ඉදිආප්ප මුලට වෙන්න ඇති බන්....ඔච්චර තොගයක් කාලා දුර දුවන්න පුලුවන්ද.... අපි ඒ දවස් වල හිටියෙ රේල්වේ ක්වාටස් වල හින්දා ගෙවල් ලගින් වතුර ගහන්න අදුරන උන් දෙන්නෙක් තුන් දෙනෙක් වේලාසන සැට් කරගෙන හිටියෙ.  මම එතනට යනකන් අමාරුවෙන් දුවලා උන්ට විස්තරේ කිව්වම...අනේ අපරාදෙ කියන්න බෑ දෙහි ගෙඩියක් මිරිකගෙන උන් බයිසිකලේකින් මගේ පස්සෙ පන්නගෙන ඇවිල්ලා මට පෙව්වා....

ඊට පස්සෙ දෙයියනේ කියලා අමාරුව  ටිකක් විතර අඩු උනා... මම දැන් ඔරුතොට පාරෙ බැලුම්මහර පැත්තට දුවනවා... මගේ ලග ලගම වෑන් එකකුත් පස්සෙන් එනවා... ඒකෙන් ඔලුව එළියට දාගෙන වයසක පොරක් එනවා... බැලින්නම් අපේ සෞඛ්‍යදාන සෑර්.... හරියට පිස්සු බල්ලො අල්ලන්න පන්නගෙන එන පිස්සු බලු වෑන් එක වගේ...

කොල්ලො අමාරු  නම් නැගපං වෑන් එකට 

එහෙම වෑන් එකට නගින්න පුලුවන්ද බන්..රෙදි ඇදගෙන... ඉතිං මමත් කිව්වා නෑ සර් තව දුවනවා කියලා...

යකෝ ලොකු අයියත් යකෙක්නෙ... ජෝතියත් කථාවට දායක වුනා...

ඔන්න ඉතිං බැලුම්මහර හන්දියටත් කිට්ටු කොලා....වෑන් එක ආයෙමත් මට ලං වෙලා....

කොල්ලො අමාරු නම් හිත හිතා ඉන්නෙ නැතුව නැගපිය වෑන් එකට...  සෞඛ්‍යදාන සෑර් ආයෙමත් වචනෙ දැම්මා...

මේ මොන ඉලව්වක්ද...බං... මටත් තද වුනා... මම ආයෙමත් කිව්වා නෑ නෑ සෑර් තව දුවනවා කියලා...

එහෙම කිව්වට මට දැන් කෙලින් ඉන්න පණ නෑ...ඒ උනාට මට පස්සෙන් සෑහෙන සැට් එකක් හිටිය නිසා නවතින්න හිතෙන්නෙම නෑ... බොලව්... හිමින් හිමින් මිරිස්වත්ත හන්දියටත් කිට්ටු කරලා ගම්පහ පාරට වැටුනා...

පිටිපස්සෙන් ආපු වෑන් එක ඒ හරියෙදි මට ඉස්සර කලා.... විදුරුවෙන් ඔලුව දාපු සෞඛ්‍යදාන සෑර් මට තුන්වෙනි සැරේටත් කිව්වා...

කොල්ලො අමාරුම නම් වෑන් එකට නැගපං  කියලා....

දැන් මට ඇත්තටම තරහයි බන්.... මට පිටිපස්සෙ සැට් එකක් ඉද්දි මටම වෑන් එකට නගින්න කියන්නෙ ඇයි කියලා මට හිතාගන්නත් බෑ...

සෑර් දැන් දෙපාරක්ම කිව්වනෙ... මම වෑන් එකට නගින්නෙ නෑ... මට පිටිපස්සෙන් තව සැට් එකක්ම ඉන්නෙ... උන්ගෙන් අහන්නකො වෑන් එකට නගිනවද කියලා...... මට තදවෙලා  එහෙම කිව්වා....

අන්න එතකොට තමා බොල කුජීතම සිද්ධිය උනේ...

පුතා ඔයාට පිටිපස්සෙ හිටිය ඔක්කොම උන්  මේ ඉන්නෙ යස අපූරුවට  වෑන් එකේ...  කියලා සෑර් කියනකොට මම බැලුවා වෑන් එක දිහා.... වෑන් එක හවුස් ෆුල් වෙලා බොල...වටුවො රැළ වගේ උන් ඉන්නවා ඒකෙ ඉදගෙන පාර බලාගෙන...  ඊට පස්සෙ මගෙ කකුල් දෙකට යෝධ බල යෝධ වීරිය ආවද කොහෙද බන්... මම මග නවතින්නෙ නැතුව එක හුස්මට දුවලා තරගෙ නිම කලා.

ඒ කියන්නෙ ලොකු අයියා අන්තිමයා... නැගුනු හූ හඩ පරයා කවුද එකෙක් එහෙම ඇහුවා..

මම මක් කරන්නද බොල...අනිත් එව්වො නතර වුනාට...මම කොහොම හරි තරගෙ අවසන් කලානෙ... තරගයේ  ජය පරාජයට වඩා වැදගත් තරගය අවසන් කිරීම  කියලා ලොකු අයියා යන්තමට ජාම බේර ගත්තා...

මගේ මැරතන් කෙරුවාවෙ තවත් රසබර දේ කියන්න තිබුනත් අද ඒවා ගැන ලියන්න වැඩි වෙලාවක් මට නැති නිසාම ඊළග කොටසින් ඉතිරිය කියවමු.

එළඹෙන නත්තල  සිරාගෙ කාමරයට ගොඩවෙන ක්‍රිස්තියානි බැතිමතුන් හැමටම ප්‍රීතිමත් නත්තලක් වෙන්නට ප්‍රාර්ථනා කරනවා.



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

පහුගිය දොහේ දැඩි ලෙස කාර්යබහුල වූ නිසාම අන් අයගේ බ්ලොග් අස්සේ කරක් ගහන්නට ප්‍ර‍මාද වීම ගැන සාතිශය සංවේගය ප්‍ර‍කාශ කරමි.

මේ කියන කාලයේ සිරාට අද මෙන් විශාල බඩගෙඩියක් නොවුන අතර අත අල්ලන උන් කිව්වේ ඒවා යකඩ මෙන් ශක්තිමත් බවකි. අනේ අද ඒ අතීතය සිහිනයක්ම පමණි.

පසුගිය ඔලිම්පික් උළෙලේදී මීටර් 5000 සහ 10000 ඉසව් වලින් එංගලන්තයට රන් පදක්කම් දිනා දී එංගලන්තයේ පමණක් නොව අනෙකුත් ජාතීන් අතරත් වීරයෙකු බවට පත්වූ  ඉතියෝපියානු සම්භවයක් සහිත මෝ ෆාරා (Mo Farah) නම් ක්‍රීඩකයාගේ  දුර දිවීමේ කලාවේ චමත්කාරය මෙතැනදී මට සිහිපත් වේ.


http://i.telegraph.co.uk/multimedia/archive/02307/mo-farah_2307758b.jpg






මතු සම්බන්ධයි....



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.











100 comments:

  1. අයෙ එ කාලෙට යන්න හිතෙනවා....එල පොස්ට් එක අය්යා

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙට යන්න බැරිකොම නේන්නම් තියෙන අවුල... නැත්නම් සිරා මේ බඩගෙඩිය මාරුකොරගන්න යනවා අතීතයට...

      Delete
  2. සිරාත් එහෙනම් මැරතන් දිව්වා ඈ .....

    ReplyDelete
    Replies
    1. ප්‍රැක්ටිස් කරපු මුල්ම කාලෙ නම් බල්ලො එලවපු නිසා දුවන්න සිද්ධ වුනා...

      Delete
  3. මමත් දුවන්න ගිහිං 2වෙනියා උනා හැබැයි මේ අලි ජබ්බයෝ එක්ක දිව්වා නිසා හොඳ තරඟයක් දෙන්න එකෙක් විතරයි හිටියේ.

    ReplyDelete
    Replies
    1. ඩුබායි වල මැරතන් දුවන ආකාරය ගැන පොඩ්ඩක් කිව්වොත් නරකද කෝරාලෙ... මොකද උෂ්ණ අධික රටක් නිසා මේ වගේ තරගයක් පැවැත්වෙන්නෙ කොහොමද ?

      Delete
  4. හික් හික් .... මම අහන්න කලින්ම අද උඹ බඩ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරල.

    උඹ මේ දුවන්න කතාකරනව, මට මීටර් 100 ක් 200 ක් නිකන් ඇවිද්දත් හති. ඔය දුවන වැඩ නම් මම එදා ඉඳලම කරන්නෙ නෑ, පුළුවන් එවුන්ට කරගන්න ඇරල සැපට පුටුවකට බර වෙල බලන් ඉන්නව. :)

    ReplyDelete
    Replies
    1. මගෙ බඩ ගැන වැඩියෙන්ම කොකු දාන්නෙ උඹ ඇරුනම කම්මල... උඹලට භයේ තමයි ඒ ගැන වේලාසනම ලිව්වෙ...

      ඉදලා හිටලා හරි ව්‍යායාමක් කරපන් බන්... නැත්නම් සීනි ලෙඩේ හැදෙන්න පුලුවන්...

      ඔය පැත්තට ගැලුවෙ නැද්ද ?

      Delete
    2. සීනි ලෙඩේ??? බයවෙන්න එපා ලොක්කා. දවසින් දවස සීනි ගනං උස්සල ආණ්ඩුව අපි වගේ ජහමනයාගෙ යහපත් සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් කැපවෙනව.

      මොන ව්‍යායාම්ද බං. ටික වෙලාවක් බිම වාඩිවෙල හිටියත් මට හුස්ම ගන්න අමාරුයි, ඔන්නොහෙ ඔය ඉන්න හැටි හොඳා.

      අපිට කොහෙද බං ගලන්නෙ, ඔන්න මූද තමයි ඉතිං ගැලුවොත්. සුනාමි කතන්දර නැත්නම් අපි ඉන්න හරිය වෙන කිසිම කරදරයක් නෑ,කඳු නෑ - ගොඩ ගලන්න ගඟවල් නෑ, මට මතක ඇති කාලෙක කවදාවත් වතුර පිරිල නෑ කොච්චර වැස්සත්, ඔක්කොම මූදට.

      Delete
  5. ආ ඔඅය තියෙන්නේ ඊළග කතා සීරිස් එක

    උඹට මරු තාත්තෙක් බන් ඉන්නේ, නියමයි

    ඩනුත් ඔය බල්ලෝ උඹව අදුනනවා ඇති, ටිකක් එළියට බැහැලා දුවපන් බඩ අඩු කර ගන්න

    ReplyDelete
    Replies
    1. තාත්තා පස්ටයි...ඒක ඇත්ත...මැරතන් වලට අමතරව තාත්තා කරාටේ ක්‍රීඩාවත් හදාරල තියෙනවා... ඒ බල්ලො දැන් වලපල්ලෙ... ඊට පස්සෙ මෑතකදි බඩ අඩු කරගන්න කියලා පාන්දර දිව්වා... උපරිම දවස් 3 යි.. කම්මැලි කමට වැඩේ නතර වුනා... ඉස්සර වගේ දුවන්න බෑ දැන් හරිම මහන්සියි...

      Delete
  6. අපිටත් ඔය ස්පෝට්මීට් හෙන වැඩදායක උනා ඒ කාලේ

    සිකරට් ගහන්ඩ ගංජා ගහන්ඩ එහෙම

    ReplyDelete
    Replies
    1. අපිත් වෙන දේවල් ගැහුවා ඔය දෙවර්ගය ඇර... හැබැයි ස්පෝට් මීට් ඉවර වෙලා...

      Delete
  7. අපේ මල්ලිත් දිව්වනේ බං මැරතන්.. හිනාවෙලා පණ යනවා... අපේ එකාට දුවන්න බෑනේ.. ඒත් මේකා කෙල්ලෝ නෝණ්ඩි දාන හින්දද කොහෙද දුවන්නම ඕනේ කිව්වා... ස්විමිං වලින් මිනිහගේ ප්ලේස් ෂුවර්.. ඒක මදිලු.. අනිත් එක අපි දෙන්නම එකම නිවාසේ... ( මං ඒ ඉස්කෝලෙ හිටියේ 5 වසරට වෙනකම් විතරයි..) නිවාසේ නිසා මාත් හෙල්ප් එකක් දුන්නා තාත්තව ෂේප් කරගන්න...

    කොහොම හරි මූ පනාගොඩ කෑම්ප් එක ළඟ ඉඳලා මාලපල්ල හරියට දිව්වා.. ඉස්කෝලෙ ළඟට එනකම් ඉතුරු ටික අපි අනිත් සෙට් එකත් එක්කම වෑන් එකේ පටෝගෙන ආවා.. හි හි.... ඔය වගේම තමයි..

    මට පුරස්නයක් ආවා සිරෝ......

    ///අත අල්ලන උන් /// මේ කවුරු ගැනද බං කිව්වේ.....??????????

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඒ කොලුවත් වෑන් එකේ පිහිටෙන් තරගෙ ඉවරයක් කරලා... ඒකත් නරකම නෑ...

      අත අල්ලන උන් කිව්වෙ කෙල්ලො නෙමෙයි ඉස්කෝලෙ යාලුවො... බෑන්ඩ් වැඩ, ඇත්ලටික් වැඩ නිසා මම නොවැම්බර් මැද ඉදන් පෙබරවාරි මැද වෙනකන්ම පන්තියේ නෑ... යාලුවො මා එක්ක කථා කරන්න විවේක කාලයට පිට්ටනියට ආපුවහම තමා අතින් අල්ලන්නෙ... ඒ යාලු ෆිට් එකට...

      Delete
  8. අයියෝ අපට හොඳ මැරතන් සිරෙක් නැතිවෙලා නේ මේ බ්ලොග් සිරෙක් බිහිවෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මැරතන් කෙරුවාව පාසලේ මගේ නිවාසය දිනවන්න විතරයි කෙරුවෙ... මම එතනින් එහාට කොට්ඨාශ,කලාප,දිස්ත්‍රික් තරග වලට ගියෙ නෑ මට ඒ පැත්තෙන් යන්න අරමුණක් තිබුනෙ නැති නිසා... පස්සෙ කාලෙ ශරීර සුවතාවයට තමයි උදේට ප්‍රැක්ටිස් කලේ...

      Delete
  9. ඊළඟ කෑල්ල තවත් රසවත්.............

    කම්මැලිකම නැතුව තාමත් දිව්ව නම් තඩි බඩගෙඩියක් හැදෙන්නෙ නෑ බොල.

    ReplyDelete
    Replies
    1. එහෙම දුවන්න හැමදාම ඉස්කෝලෙ ගියෙ නෑනෙ බං...උසස් අධ්‍යාපනය, පස්සෙ කාලෙක රැකියාව නිසා විවේකයක් තිබුනෙ නෑ...

      Delete
  10. හොඳ බල්ලො ටිකක් ලෑස්ති කරගත්තනං සිරාට ෆස්ට් ප්ලේස් එන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. බල්ලො නැති වුනාට සිරා ෆස්ට් ප්ලේස් අරන් තියෙනවා...ඒ ගැන ඊළග එකේදි කියන්නම්...

      Delete
  11. හිනා හිනා හොඳටම හිනා :D :D

    මාත් හරහට උස යන්ඩ පටං අරං.. දුවන්ඩ ඕනි උදේ නැගිටල අනිත් දවසෙ ඉඳන් :)

    ReplyDelete
    Replies
    1. ඔව් බන් උවමනාවෙන් ව්‍යායාම කරපන්...මගෙ කම්මැලි කම නිසා තමයි මේ තරම් බඩක් තියෙන්නෙ...

      Delete
  12. මොකද්ද අර අත අල්ලලා යකඩ වගේ කියපු කතාව??
    මාත් සෑහෙන ට්‍රයි එකක් දීලා දැන් යන්තම් හයිය හත්තිය හදාගෙන යනවා බන්

    ReplyDelete
    Replies
    1. හොදා හොදා එහෙම තමා වෙන්ට ඕනෙ... යකඩ කතාව උඩ හිරු කෙල්ලට කියලා තියෙනවා...

      Delete
  13. හි හි ...සිරත් හොඳ ධාවන ශුරයෙක් එහෙනං ... ;)............................අපි දන්න අය්ය කෙනෙකුත් ඔන්නොහොම මැරතන් දුවලා ,ඔක්කොම අය්යව පාස් කරලා ..දුවනවලු .අය්ය කෙනෙක් එයාගේ උදව්වට බයික් එකකින් යනවලු.ඒ අය්යා වැඩෙත් නොන්ඩි හින්දා දුවන අය්යව බයික් එකේ දාන් ගිහින් ඉස්සරහ කවුරුත් නැති හරියෙන් බස්සවනවලු ..පස්සේ අර දිව්ව අය ආයෙත් අය්යව පාස් කරන් දුවලා ..එතකොට බයික් අය්යා ආයෙත් අර විදිහට ඉස්සරහට ගෙනිහින් දැම්මලු .දැන් එක පාරක් පාස් කරපු අය ආයෙත් අරයව පාස් කරනවලු ...ඒ පාස් කරලා යන ගමන් ඒගොල්ලෝ කියනවලු "යකෝ මේ යකාව දැන් කී පාරක් පාස් කරාද " :Dකියල ..හික් (ඇසින් නොදුටුවෙමි ,කිව්වේ ඒ අය්යා ම තමයි )

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අයියලා අපේ පාසලෙත් හිටියා... හැබැයි මම කවදාවත්ම තරගයකදි හොර වැඩක් කරලා නෑ..එහෙම ලබා ගන්න ජයග්‍ර‍හණයේ කිසිම සතුටක් නෑ... තමන්ගෙ හෘද සාක්ෂිය වද දෙනවා මම හොර කරලා දිනුවෙ කියලා.... වතාවක් ඔය වගේ හොරු නිසා අපේ පාසලේ මැරතන් ඉසව්වෙ ප්‍ර‍තිඵල සම්පූර්ණයෙන් අත්හිටෙව්වා...

      Delete
  14. ඔච්චර බඩ එන්න මොනාද බන් අයියේ කෑවේ..??

    ReplyDelete
    Replies
    1. කොස්....( ඒවට තව එකක් ලොකුවෙනව....පස්ස)

      Delete
    2. බඩ ආවෙ කාපු නිසාම නෙමෙයි... පාසලේ ඉන්නෙ කාලෙ පුදුමාකාර විදියට මහන්සි වෙලා, ව්‍යායාම කරලා පස්සෙ කාලෙක ඒ කිසිවක් නැතිව බොහොම විවේකයෙන් හිටිය නිසා...මගේ රැකියාවට අනුව වැඩි කාලයක් ඉන්නෙ පුටුව උඩ නොවැ... පුටුව උඩ ඉදලම තමා මහත් වුනේ...

      @ වීයා

      ඇත්තට කොස් වලට එහෙම වෙනවද බන් ?

      Delete
    3. එහෙමකතාවක් තියෙනව..!

      Delete
    4. ඒක නිකං කතාවක් විතරයි....පස්ස ලොකු වෙනවනම් කොස් වලට මෙහෙම කලක් යාවි ද ?
      එහෙනම් කොස් කන්න වෙන්නෙත් කෝසස් ක්‍රමයට තමයි....

      Delete
  15. මමත් එකම එක වතාවක් මැරතන් එකක් දුවලා තියෙනවා.. ප්‍රතිපලේ ලොකු අයියගේ එකම තමයි.. අපේ බාල දක්ෂ කණ්ඩායමේ නීතියක් තිබුනා ක්‍රීඩා උත්සවයේ මොකක් හරි ක්‍රීඩාවකට සහබාගී වෙන්න ඕනෙමයි කියලා. වෙන මුකුත්ම බැරි නිසා මැරතන් දිව්වා.. දැනටත් ගමේ අවුරුදු උත්සව වල දුවන එවුන්ට සපෝට් එකට පස්සෙන් යන වැඩේ නම් කරනවා තිතටම.. හි හි..

    ReplyDelete
    Replies
    1. තරගයේ ප්‍ර‍තිඵලය කුමක් වුවත් තරගය අවසන් කරන එකම මදෑ බන්... ඒක බොහොම වටිනවා...

      Delete
  16. අනිවාර්යයෙන්ම ජයග්‍රහණයටත් වඩා සහභාගීත්වය වගේම තරඟය නිමා කිරීම හරි වැදගත්. ජපානයේ තිබුණු ඔලිම්පික් උළෙලකදී මුල් තරඟකරුවන් තිදෙනා තරඟය නිමා කළාට පස්සෙත් වට කීපයක්ම හුදෙකලාවම දුවලා තරඟය නිමා කරලා ලොකු ආදර්ශයක් දුන්නු ලාංකිකයාව මට මතක් වුණා.එයාගේ නම කරුණානන්ද. එයාගේ කතාව ජපන් පෙළ පොත්වල පවා තියෙනවාලු

    http://www.youtube.com/watch?v=eEWDdfTP2qI

    ReplyDelete
    Replies
    1. කරුණානන්දගෙ කථාව මම දන්නවා... දැනට ටික කාලයකට පෙර ඉරිදා ජාතික පුවත්පතකත් ඔය ගැන ලියවී තිබුනා...1964 ජපානයේ පැවති ඔලිම්පික් උළෙලේ මීටර් 10000 අවසන් තරගය අනෙකුත් ක්‍රීඩකයන් අවසන් කල පසුවත් තරගයේ අන්තිමයා ලෙස තරගය අවසන් කිරීමට අවශ්‍ය ඉතිරි වට කීපය දුවමින් එදා ක්‍රීඩාවේ ජීව ගුණය රැකගත් ඔහුට ජපන් ජාතිකයන් එම තරගය ජයග්‍ර‍හණය කල පුද්ගලයාට වඩා සැලකුම් කලා. ඔහුගේ කථාව ජපානයේ ප්‍රාථමික පාසල් වල පෙළ පොත් වලටත් ඇතුලත් කරලා තියෙනවා ආදර්ශයක් ගත හැකි නිසා...ඒ වගේම තරගයෙන් පසුව ටික කාලයක් එහි නැවතී සිටිමින් පාසල් වල උත්සව වලටත් සහභාගි වෙලා තියෙනවා.

      ඉන් පසුව ජපානයෙන් පිරිනැමුනු රැකියාවකට යාමට නියමිතව සිටියදී ඔහු අභිරහස් ලෙස ලංකාවෙදි මියයනවා..එය ඝාතනයක් බවටත් කියැවෙනවා...මේ වීරයාට ලංකාවෙන් ලැබුනු කිසිම දෙයක් නෑ... දුක හිතෙන කථාවක්...

      Delete
    2. ඔබ හරි සිරා මම ඒ කතාවේ ඇත්ත කතාව අහල තියෙනවා. ඒත් මට කිව් කෙනා සමග වූ පොරොන්දුව මා රකින්න ඕනේ. නැත්නම් බ්ලොග්පොස්ට් එකකට කදිම දෙයක්. ඇත්තටම ඔහු අභිරහස් ලෙස මරා දැමුනා කියන එක මමත් කියනවා.

      Delete
  17. මටනම් හිතට ඇල්ලුවෙ..පෙරවදන් සපයපු ආදරනීය පියානන් ගැන.අඹයාලුවෙක් වගේ තාත්තෙක් උඹට ඉන්නෙ...ඒ ගැන කලිනුත් ලියල තිබ්බ මතකයි.

    උදේට දුවන්න ගියාම බල්ලො හින්ද වෙන සීන් පට්ටයි... මටත් ඕහොම උනා.
    අපි උදේ පාන්දර නැගිට්ට ගමන් අමු බිත්තරයක් බීල තමා වැඩේ පටන් ගන්නෙ.බිත්තර බිව්වම ශක්තිය ලැබෙනව කියල පිලිගැනීමක් තිබුන.
    ඒකක් කිව්වට 3ක් විතර බොනව..හි..හි කොලුකාලෙනෙ.

    බල්ලො එනවට කරන්නෙ..පාන් ගෙඩියක් අරන් කෑලි කඩ කඩ දමා යන එක ...පස්සෙ උන් අපි දවල්ට ගියත් වලිගෙ වන..වන පස්සෙන් එන්න ගත්ත.
    හැබැයි ජීවිතේට මැරතන් දුවල නෑ....ඒ විශේෂ කටයුත්තක් පැවරුන නිසා...(ඉස්කෝලෙ නොවේ..අවුරුදු උත්සව වල) නිවේදන කටයුතු බාර ගැනීමට සිදු වීම නිසා.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ ඉදන් තාත්තා තමා මගේ වීරයා.... පොඩි කාලෙ මම මගේ වයසෙ කොල්ලො එක්ක තාත්තා ගැන බොහොම ආඩම්බරයෙන් කථා කලා මතකයි...

      බිත්තර පානය අපිත් කලා... අපේ බෑන්ඩ් මාස්ටර් තමා බෑන්ඩ් එකේ උන්ට එය නියම කලේ...

      බල්ලො පස්සෙන් එනවා නම් හොදම දේ තමයි නතර වෙන එක...එතකොට උනුත් නතර වෙනවා...

      නිවේදකයෙක් බව දැනගත්ත එක හොදයි...අපේ ගෙට්ටුවෙ නිවේදන කටයුතු කරමු එහෙනම්...

      Delete
    2. අනේ මචං අවංකව කියන්නෙ වයසත් එක්ක ඒ හැකියාව නැතිවෙලා ගිහිල්ල...ඒකට දක්ෂයො අපි අතරෙ තව ඕන තරම් ඇති...!
      තව ගොඩක් හැකියාවන් තිබුන එකෙක් වීයා කියන්නෙ..පස්සෙ පෝස්‍ටු වල ලියන්න අදහස් කරගෙන ඉන්නෙ....වෘත්තීයමය ජීවිතය නිසා කලා හැකියාවන් වගේම අනික් හැකියාවනුත් මොට වෙලා...අප්ඩේට් වෙලා නෑ..!

      ඩොල්කියක් ගහල ආතල් එකක් ගමු.
      සැක්සපෝන් වාදනයකුත් ඕනෑ..!

      Delete
    3. උඹලට දැකබලා ගන්නත් එක්ක මගේ බෑන්ඩ් මාස්ටර් ගුරු දේවයාවත් එදාට කැදවාගෙන එන්නම්...එයාගෙන් අහමු සැක්සෆෝන් වාදනයක්...

      Delete
  18. මච සිරෝ.... දිවිල්ල කියන්නේ මට මාර ආසයි මැරතන් වලට, මේ අවුරුද්දෙත් ගමේ අවුරුදු උත්සවේට ගිහින් මැරතන් එකට සහභාගී වුණා. ඒත් මචං ඉස්සර කෙරුවාවල් කොහෙද දැන්. යාන්තම් තරගය නම් අවසන් කෙරුවා. පොඩි පොඩි කොලු කුරුට්ටන් එක්ක දැන් අපට හැරෙන්නවත් බෑ. ඒත් යාන්තම් තරගය අවසන් කෙරුවා. ඊට පස්සේ දවස් දෙකක විතර යනකම් ඇවිද ගන්නත් බැරිවයි හිටියේ. උඹ ජීවිතේ අපූරු අමතක නොවෙන ඉසව්වලට අපිව අරගෙන යනවා...

    ReplyDelete
    Replies
    1. වයසින් මුහුකුරා යද්දි අපට ඉස්සර වගේ මහන්සි වෙන්න බෑ...ඒ නිසා පුහුණුවකින් තොරව එක්වරම මේ වගේ දිගුදුර ධාවන ඉසව් වලට සහභාගි වෙන එක නුවණට හුරු නෑ... සමහර අය හෘදය අකර්මණ්‍ය වීමෙන් මිය යනවා මෙවැනි තරග වලදි මහන්සිය දරාගන්න බැරිව...

      Delete
  19. පෂ්ටයි බොල තගේ රයිටින්ග්.
    හිටු හෙමීට කියවන් එන්න....

    ReplyDelete
    Replies
    1. සිරාවට සිරෝ මන් මෙහෙම හිටියට පට්ට කෙටි
      දුර ( 200 , 100 , 400 ) රනෙක් .ඒත් මන් ඉස්කෝලේ යන
      කාලේ දිව්වේ නැහැ බන් , මට හෙන බයක් තිබ්බා උදේ 6.30
      විතර ඉඳන් ක්‍රීඩා පාසලේ උන් එක්ක පරක්ටිස් කරන්න බලෙන්ම
      ගනී කියල..දවසක් තොර ගැනීම් තරගයකදී මන් දිව්වා දිවිල්ලක්
      ලොවෙත් නැති වෙන්නේ..පස්සේ මට තේරුණා මේ පාර නම්
      පුතෝ ක්‍රීඩා පාසලෙන් නතර වෙලා තමා පස්ස බලන්න වෙන්නේ
      කියල හැංගුනා බන් සිරාවටම එදා.අන්තිමට මන් නිවාසාන්තර තරග
      වලට වත් ගියේ නැහැ.දැන් හිතෙනවා අපරාදේ කියල.:(

      Delete
    2. අපරාදෙ නෙ බන්... තමන් ළග එච්චර හැකියාවක් තිබිලත් ඉදිරිපත් වෙලා නෑනෙ... ආත්ම ශක්තියෙ මදිකමක් තමයි මම නම් දකින්නෙ...

      Delete
    3. එහෙමමත් නෙවේ බන් මන් කථික තරග අරව මේවට ගියා ,
      ඒත් ඔය ක්‍රීඩා පාසලේ වෙන සීන් වලට තමා අකමැති.උදේ ඉඳන්
      ප්‍රක්ටිස් කරන ඒවාට එහෙම.හෙනම බය තිබ්බේ හොස්ටල් එකේ
      නවතින්න වේවි කියල...

      සිරෝ මට හෙන කුජීත දෙයක් උනා මේ මගුල් RSS FEED එකක්
      දාන්න වෙලා.ඒකෙන් උනේ මගේ හරි පොස්ට් එක මැකිලා වෙන මගුලක්
      උඩට ආව එක ...

      Delete
  20. සිරා බාහිර වැඩ ගොඩක් කරලා තියනවා නේ ඉස්කෝලේ යන කාලේ. මං නම් දුවල නෑ.. නිවාසාන්තර ක්‍රීඩා තරග තියන කාලෙට හෙන ආතල් නම් තමයි..උදර රාජයා අඩු වෙන්න ටිකක් පයින් ඇවිද්ද නම් හරිනේ සිරෝ.. මට නම් ආසාවකට බඩක් නෑ බං.. :)

    ReplyDelete
    Replies
    1. මම ඉස්සර හිටියෙම ක්‍රීඩාංගනයෙ තමයි...ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුලයත් ඒ කාලෙ අපිත් එක්කම ක්‍රීඩා පිටියෙම හිටිය කෙනෙක්... උඹට ආසාවකටවත් බඩක් නෑ...ඒකට මට දුකේ බෑ බන් පරණ ෆොටෝ දකිනකොට...

      Delete
  21. මමත් නිවාසාන්තර තරග වල මීටර් 200 දුවන්න ගිහින් ‍තේරීම් තරගයකදී වැටිලා මූණ කට සමතලා කරගත්තට පස්සේ දුවන වැඩේ අතහැරියා..
    මොනව උනත් හොද ආදර්ශයක් දෙන පෝස්ටුවක්.. පටන් ගත්තු දේ මග නවත්තන්නේ නැතුව කරගෙන යන එක.. ‍ගොඩ දෙනෙකුට පටන් ගන්න හයිය තියෙනවා.. ඒත් ඇදං යන්න තමයි අමාරු.
    ජය!!!

    ReplyDelete
    Replies
    1. මට කෙටි දුර ධාවන තරග වලට යන්න තරම් වේගයක් තිබුනෙ නැති නිසා තමයි දුර දුවලා හරි ජයග්‍ර‍හණයක් ගන්න බැලුවෙ... මමත් තරයේ අදහන දෙයක් තමයි තීරණය කුමක් වුවත් තරගය අවසන් කලයුතු බව...

      Delete
  22. ලොකු අයියගේ මූණ මැවිලා පෙනුනා මට සිරා ලියල තිබුනු විදිහට....
    ඇඩෙන්න ඇති කොල්ලෝ ටික වෑන් එකේ ඉන්නවා දැකලා....
    මරු කතාව සිරා. සිරාට පින්, බකමූණෝ වගේ මොනිටර් දිහාම බලන් ඉන්න අපේ ලේ පොඩ්ඩක් පිරිසිදු කලාට....
    හිනා වෙනවා දැකලා ඉස්සරහ ඉන්න එකා අහනවා බොට අමු කැවිලද තනියෙන් හිනා වෙන්නේ කියලා....
    පස්සේ ලින්ක් එක දුන්නම ඌට උනෙත් මට උන වැඩේම තමා....

    ReplyDelete
    Replies
    1. බැරිවෙලාවත් ලොකු අයියා මේ පැත්තෙ ආවොත් මට මැරුම්කන්න තමයි වෙන්නෙ..හික් හික්

      බෙදා හදාගෙන කාමරයට එනවට මගේ ප්‍ර‍ණාමය !

      Delete
  23. අප්පේ මැරතන් ගැන කියද්දී ආයේ ඉස්සර කතාවක් මතක් උනා බං! ඒක පස්සේ ලියන්නම්! මමත් දිව්වා ඉස්කෝලේ කාලේ මැරතන් එක! හැබැයි ඉවර කලා! මොකෝ ඒ ටිකේ 25 ක් විතර සපෝට් එකට ඉන්න කාලෙනේ!

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං මැරතන් දුවලා නැතිවෙන්න බෑනෙ...රන්ටැඹේ ඇෂුවල් එක කොහොමද ? අපේ එකෙක් තමයි තවමත් රෙකෝඩ් එක තියලා තියෙන්නෙ...

      ඔය 25 සැට් එක අපිටත් හිටියා නොවැ... මැරතන් එක දුවන ප්‍ර‍මාණයට ලොකු අයියා ඉස්සර සපෝටර්ලා බෙදලා දෙනවා...

      Delete
  24. මට නම් ඔය දුවන කෙරුවාව හරි ගියේ නෑ , එක දවසක් දිව්වා යන්තං වැඩේ ඉවර කොර ගත්තා එත් අන්තිමය මාර චාටර් එක ,
    අපේ එකෙකුටත් නිවාසාන්තර මැරතන් එකකදී මාර වැඩක් වුනා , මැරතන් එක දුවන එවන් ටික පෝලිමට හිටෝලා දුවන්න සිග්නල් එක දුන්නා අපේ එකත් ඕක දුන්න විතරයි කෙළගෙන දිව්වා , සිග්නල් එක දීල ඉවරවුණු හැටියේම තරගය තාවකාලිකව අවලංගු කළා [හේතුව මතක නෑ.. වෙන මොකක් හරි එකකට ] ඉතින් කට්ටිය නැවතුන , ඊට විනාඩි 20 විතර පස්සේ අයිමත් තරගය පටන් ගත්ත , ඒක පටන් අරන් විනාඩි 30 කට විතර පස්සේ අපේ එකා හති දාගෙන එනවා වෙන එකෙක් වත් පේන්න නෑ , අපිටත් පුදුමයි මූ මෙච්චර ඉක්මනට ආවේ කොහොමද කියලා, මූ මොකක් හරි වාහනේක ඇවිත් හොර කළා වත්ද කියලා , ඌ ඉදගෙන ඕගනයිස් කරපු එව්න්ට බනිනවා මුන්ගෙන් මෙලෝ සපෝර්ට් එකක් නෑ කියලා වතුර වත් දෙන්න එකෙක් නෑ කියල , පස්සේ තමා සීන් එක දැන ගත්තේ මූ දුවල තියෙන්නේ තනියම පිටිපස්සවත් බලන්නේ නැතුව තමා දුවල තියෙන්නේ මගදී නිකමට පිටිපස්ස බැලුවලු එකෙක් වත් නෑලු , මේකට එක නිසා තව ගැම්ම මූ තව ස්පීඩ් වැඩි කොරගෙන දුවලා

    ReplyDelete
    Replies
    1. ඒ කථාවත් පට්ටයි බන්... වැඩේ අවලංගුයි කියලා ඒකා දන්නෙ නැතුව ඇති... මහන්සිය පිටින් ආයෙත් දුවන්නයැ... අයියෝ සල්ලි කියන්නැති අන්තිමට...

      Delete
  25. අපේ මලයා ප්‍රැක්ටිස් වෙන්නේ නැතුව මැරතන් එකක් දුවලා අන්තිමට අමාරු වෙලා ඉස්පිරිතාලේ නැවැත්තුවා. බුදු අම්මෝ එදා අපි බය වුන තරමක්.. මනුස්සයට හොඳටම අමාරු වුනා...හැබැයි මනුස්සයට අමාරුවෙන් වුනත් මැරතන් එක ඉවර කළා...

    ReplyDelete
    Replies
    1. ප්‍රැක්ටිස් කරන්නෙ නැතුව මේ වගේ සෑහෙන්න මහන්සි වෙන්න ඕනෙ ඉසව්වක් දුවන්න නරකයි... අපේ ශරීරය ක්‍ර‍මාණුකූලව එයට හැඩගස්වන්න ඕනෙ... ඔයින් බේරුනා මදෑ...

      Delete
  26. මැරතන්, 5000 සහ 10000 ට පින් සිද්ධ වෙන්න මගේ ඇඟ නම් තාම ෆිට් !

    ReplyDelete
    Replies
    1. අප්පට අපේ වෙනී අයියත් දිගු දුර ශූරයෙක් නොවැ.... නිකමටවත් කිව්වෙ නෑ වේලාසන... හලිම නාකයි...

      Delete
  27. මමත් අපේ විජය නිවාසය වෙනුවෙන් දෙවතාවක්ම මැරතන් එක දුවලා තියෙනවා. ඒ විස්තර ඔබේ ඊලඟ ලිපියෙන් බෙදාගන්නම්. ඒ දවස්වලනම් (2002 & 2003) මැරතන් එක තිබ්බෙ ඉස්කෝලෙ පිට්ටනියෙන් පටන් අරන්, ඉස්පිරිතාලෙ හන්දියෙන් හැරිලා, මිරිස්වත්ත හංදිය හරහා යක්කලෙන්, ආයෙත් ඉස්කෝලෙ පිට්ටනියට. උඹ දිව්වෙ මොන රවුමද?

    නිකමට අහන්නෙ, මං ඒ කියපු වටයට කොලෝමීටර් කීයක් විතර තියෙනවද බං?

    ReplyDelete
    Replies
    1. මම ඔය රවුම් දෙකම දුවලා තියෙනවා බොල... ඉස්සර දිව්වෙ ඔරුතොට පාර පැත්තෙන් බැලුම්මහරට ඇවිල්ලා එතැනින් මිරිස්වත්තට ඇවිල්ලා කල්යාණි මාවතෙන් ඉස්කෝලෙට...

      ඒ උනාට 1999 සෑහෙන්න හොර වැඩ ඒ මාර්ගයෙදි වෙච්ච නිසා 2000 ඉදන් උඹ කියන මාර්ගයේ තමයි තරගෙ යන්නෙ...2000 අවුරුද්දෙ තිබ්බා අනෙකුත් පාසල් වලිනුත් තරගකරුවන්/කාරියන් ඇවිල්ලා සහභාගි වුන මිලේනියම් රෝඩ් රේස් කියලා තරගයක්...එහි 5 වැනි ස්ථානය දිනාගන්න මට හැකි වුනා...

      ඔරුතොට පැත්තෙ යද්දි නම් කිලෝමීටර් 12 කට කිට්ටු වෙන්න තිබ්බා... දැන් නම් කිලෝමීටර් 10 වගේ තමයි තියෙන්නෙ...

      Delete
  28. ලකියානම් ඉතින් ජීවිතේට මැරතන් නම් දුවල නෑ .කෙටි දුර දුවලා තියෙනවා පොඩි කාලේ අල්ලන සෙල්ලන් වලදී නම් .හැබැයි ඉතින් මැරතන් එකේ පස්සෙන් යන van එකේනම් යනවා යාලුවොන්ට සපෝර්ට් කරන්න .අපේ එවුන් නම් ගොඩක් දිවුවේ ආතල් එකට .දුවලා මහන්සි උනාම අතරමග කඩේකින් ප්ලන්ටියක් සිගරට් එකක් කාරිය ගහලා යන්න අපේ උන් අමතක කලේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ආතල් එකට දුවපු උන් අපේ බෑන්ඩ් එකෙත් හිටියා... උන් ගැන මම ඊළග කොටසෙදි ලියන්නම්...

      Delete
  29. මට නම් 2011 අවුරුදු උත්සවය මතක් උනා ගමේ.මම දුවන්න ගිහින් හොඳ පාරක් වැටුණා.ඒදා සිට නිවාඩු ගියාට ඒවා තහනම්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඊළග වතාවෙ වැටෙන්නෙ නැතුව දුවන්න ට්‍ර‍යි එකක් දෙන්න...

      Delete
  30. මමත් කුඩා කාලේ මැරතන් දිව්වා හැබැයි මෙහෙම තරග වලට නෙවේ. යාලුවොත් එක්ක එකතු වෙලා තවත් යාලුවෙක්ගෙ ගෙදරකට යන්න කිලෝ මීටර් එකක් තියෙන්නේ. යන්නෙත් දුවලා එන්නෙත් දුවලා. මම මේ ගමන් දෙකේදීම දිනුම්. රහස තමයි මුලින්න ටිකක් ලීඩ් එකක් අරන් ඒක පවත්වාගෙන යාම. ඒ කාලේ සපත්තු නැතිව දිව්වා, ඒත් දැන් සපත්තු සෙරෙප්පු නැතිව පාරේ අඩි පහක් හයක් යන්න බෑ.

    ReplyDelete
    Replies
    1. // මුලින්න ටිකක් ලීඩ් එකක් අරන් ඒක පවත්වාගෙන යාම//

      එහෙම කරන්න පුලුවන් නම් ගොඩ තමයි...ඒත් අපේ පාසලේ තරගෙදි පැහැදිලි වාසියක් මුලින්ම සකසා ගන්න හරිම අමාරුයි...තරගයේ අවසානය වෙනතුරුම සෑහෙන තරගයක් තියෙනවා..

      Delete
  31. සිරා අයියත් නොකරපු වැඩක් නෑනේ බලන් ගියාම.....හික්....

    අර ලොකු අයියා කියලා තියෙන කතාව නම් ඇත්ත...ජය පරාජය කෙසේ වෙතත් පටන් ගත්ත වැඩේ අවසාන කරන එක තමා වැදගත්....

    ReplyDelete
    Replies
    1. සිරා ඉතිං පිට්ටනියෙන් ජීවිතේ හොයාගත්ත කෙනක් කිව්වොත් නිවැරදියි...ආත්ම ශක්තිය,විනය, පෞර්ෂය මේ හැමදේම වර්ධනය වුනේ බාහිර ක්‍රියාකාරකම් නිසා...

      Delete
  32. ලොකු අයියා කොල්ලා කාලේ ඔය වගේ කතා කිව්වා නම් දැන් කියන කතා ගැනත් හිතාගත්තහැකි :D.

    මේ පෝස්ට් එක නිසා මතකයන් දෙකක් අවදි වුනා.අපේ ඉස්කෝලේ නිවාස තිබ්බේ ගැමුණු,විජය,පැරකුම් කියලා මම ඒ අතරින් සාඩම්බර විජය නිවාසිකයෙක්.හේතුව පිට පිටම විජය නිවාසේ අවුරුදු කිහිපයක්ම දින්න නිසා.

    අනික මමත් දුවන පොරක් හැබැයි කෙටි දුර,ලබන අවුරුද්දේ නම් මැරතන් එකක් දුවන්න හිතන් ඉන්නේ ගමේ අවුරුදු උත්සවයට. :)

    ReplyDelete
    Replies
    1. ලොකු අයියා තාමත් කොල්ලෙක් තමයි බන්.... මේ කියන සිදුවීම් වෙලා තවමත් වසර 11 ක් පමණයි ගතවෙලා තියෙන්නෙ... ඉදලා ඉදලා දිගු දුරක් දුවන්න කලිං පහුණුවීම් වල යෙදෙන එක නුවනට හුරුයි...

      Delete
  33. සුපිරි ක්‍රීඩා බ්ලොග් එක කරන නිශ්මනුයි මමයි තවත් සගයෙකුත් එක්ක හවුස් මීට් මැරතන් එකට ට්‍රේනින් වුනා.
    පිණි බේරෙන පාන්දර යාමෙ රත්නපුර - රත්ගග පාරෙ, දන්නවනේ ඒ පාරවල්....තැනිතලා නෑ, දුවන්න තියෙන්නෙ කන්දට...අපිට කිලෝම්ටරයක්වත් දුවන්න ලැබුණෙ නෑ. අපේ සගයා බඩයි පපුවයි අල්ලගෙන පාර මැද ඇදගෙන වැටුනා.හෙල්ලෙන්නෙවත් නෑ...ඇගත් දරදඩු වෙලා.(මිනිහට බඩු බනිස් කියලා නොහිතුනාම නෙවෙයි, එහෙමත් වෙනවනෙ)වාසනාවට වැඩි අවුලක් වුනේ නෑ.හැබැයි මිනිහට පයින් එන්න බෑ කකුල් කෙණ්ඩ පෙරලිලා, ඉතින් මෑන්වත් කරේ තියාගෙන අපි දෙන්න පල්ලම් බැස්සා. අපේ ට්‍රේනින් එතනින් ඉවරයි.නිශ්මා නම් මැරතන් එක කළා.

    ReplyDelete
    Replies
    1. සගයගෙ බඩයි පපුවයි එදා ලෙඩ දුන්නෙ ගියෙ නැත්නම් සුමිත් අයියා පස්සෙ කාලෙක මැරතන් තරුවක් වෙන්නත් ඉඩ තිබුනා කියලා මට හිතෙනවා සුපිරි ක්‍රීඩා ඉසව්ව ගැන දැනගත්තෙ අද... තොරතුරට ස්තූතියි....

      Delete
  34. සුමිත් අයියේ ඔය සුපිරි ක්‍රීඩා බ්ලොග් එකේ දාලා තියෙන්නේ සුපිරි ක්‍රීඩා කියලා තිබ්බ ( තාම තියෙනවද දන්නේ නෑ) මැගසින් එකේ ලෝගෝ එකම නේද... ? ඒකයි මේකයි දෙකම කරන්නේ එකම කෙනාද..? 2004දි විතර සුපිරි ක්‍රීඩා කියලා මැගසින් එකක් ටයිප් සෙටින් කලා.. ඒකමද මේ කියලා දැනගන්න ඇහුවේ....

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකම තමයි.....නිශ්මං මැගසින් එක කළේ සිරිනාම රාජපක්ෂ එක්ක.බ්ලොග් එක කරන්නෙ තනියම.දැන් මැගසින් එක නෑ.

      Delete
    2. අන්න නම.. දැන් තමයි මතක් උනේ... හි හි... ඔය මැගසින් එක නිසා අපි ඉස්සර පණ යන්න හිනාවෙනවා... මැගසින් එකට වැඩිය බ්ලොග් එක හොඳයි... හි හි

      Delete
    3. හිරුවා ටයිප් සෙටින් කල හින්දමද දන්නෙ නෑ.. මැගසින් එකට කෙළවුනේ... හික් හික්...

      Delete
  35. හිකිස්.... මම නං කෙටිදුර ධාවන ශුරයෙක්, උස පැනීමේ ශූරයෙක්, දුර පැනීමේ ශූරයෙක්.. ඒනිසා මංනං ක්‍රීඩාගාරයක්.. :)

    ReplyDelete
    Replies
    1. //ඒනිසා මංනං ක්‍රීඩාගාරයක්//

      පට්ට වර්ඩ් එක බන්... මම මනාපයි ඒ කොටසට... දැන් දුවන්නෙ නැද්ද...

      Delete
  36. නිවාසාන්තර මැරතන් එකට පුහුණු වෙන්න මමත් අම්මට කිව්වා ඇහැරවන්න කියලා. අම්මා ඇහැරවනකොටත් පරක්කු වැඩියි. මම දඩිබිඩි ගාලා ලැස්ති වෙලා කලුවරේම පාරට පැන්නා. (1972) දැන් වගේ පාරේ ලයිට් නැහැ. ඇරලා දුවගෙන ගියා යාළුවො හම්බ වෙනකල්. කිලෝමීටර් තුනකටත් වඩා ගියා. නොදකින් කාලකන්නි එකෙක්වත් ඇවිල්ලා නැහැ. බැන බැන ආපහු ආව. දැන් කිලෝමීටර් 6 යි නේ. ගෙට ගොඩවෙනකොටම අම්මා ඇහුවා කොහෙද ළමයෝ ගියේ. අර ළමයි හොයන්ඩත් ආවා කියලා. බැලින්නං කලබලේ මම දුවලා තියෙන්නේ පාරේ වැරදි පැත්තට. නුවර පැත්තට යන්ඩ ඕනේ එකා කොළඹ පැත්තට දුවලා. කොහෙන්දෝ එක කාලකන්නියෙකුට මේක ලීක් වෙලා මාව කෑවා ඔක්කොම එකතුවෙලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ආයෙ නියම පැත්තටත් දුවන්න වුනානම් එළ.....එතකොට තමයි නියම මැරතන් දුර එන්නෙ....

      Delete
    2. ආපහු ගෙදර ආවට පස්සෙත් දුවන්න තිබ්බෙ...එහෙම උනානම් නියම ට්‍රේනිං එකක් ලබාගන්න තිබුනා..

      Delete
  37. එහෙනම් සිරා මැරතන්නුත් දුවලා එතකොට..

    ReplyDelete
  38. මමත් එක වතාවක් අපේ හවුස් මීට් වලදි මීටර් 3000 දුවන්න ගියා. පෙර පුහුණු වීම් මොනවත් නෑ. එක වටයක් යද්දි හොඳ ගණන්. හැමෝම ග්‍රවුන්ඩ් එක වටේ බලා ගෙන ඉන්නවා.කොහොම හරි තරගය ඉවර කරනවා කියලා හිතා ගෙන දිවුවා. ලොකු අයියා වගේම මමත් අන්තිමයා.මට ඒත් ලැජ්ජාවක් දැනුණේ නම් නෑ අන්තිමයා වුණා කියලා. කොහොම හරි තරගය ඉවර කරා කියන සතුට මිස.

    ReplyDelete
    Replies
    1. පාසල් මට්ටමේදි පිරිමි තරගය මීටර් 5000 සහ කාන්තා තරගය මීටර් 3000 ලෙස පැවැත්වෙන්නෙ... පෙර පුහුණුවීම් නැතුව දුර දුවන තරග වල යෙදීමෙන් ශරීරයටත් හානිදායක වෙන්න පුලුවන්... තරගය අවසන් කල එකම මදෑ...

      Delete
  39. මාත් එකපාරක් ස්කෝලෙදි First & last time මැරතන් එකකට ගියා.එතකොට 4 වසරේ විතර.දෙයියනේ කියලා Last man විදියට තරඟේ ඉවර කලා.ඊලඟ දවස් 2ම ඇවිදගන්න බැරිව ගෙදර නවතින්න උනේ...

    ReplyDelete
    Replies
    1. බොලේ උඹලා 4 වසරෙදිත් මැරතන් දිව්වද බොලං...

      Delete
  40. සිරෝ ගෙට්ටුව කවදද,කොහෙදිද?

    ReplyDelete
    Replies
    1. ජනවාරි 27 ගම්පහ මල් වත්තේදී.මම නම් එන්නේ නැහැ අපේ අම්මා කිව්වා ඔකේ වැඩි හරියක් ඉන්නේ කපල් කියලා.

      Delete
    2. මාත් ඒ හන්දම එන්නේ නෑ.:-D

      Delete
    3. 2013 ජනවාරි 27 ඉරිදා ගම්පහ උද්භිත උද්‍යානයෙදි තමයි පැවැත්වෙන්නෙ... ඒ පිළිබද දැනුවත් කිරීමක් ඉදිරි දිනයක කරනවා... හැමෝටම ආරාධනා කරනවා.....

      @ මඩිස්සලේ නිශාන්..

      අනේ උඹ බබානෙ...කපොල් දිහා බලන්න යන්නෙ නැතුව හිටිං....

      @ කුමාරිහාමි..

      පුලුවන් නම් කැන්ගරුවෙක් එක්කම එන්න ....

      Delete
  41. සිරාගෙන් තවත් ලස්සන කතාවක්!
    ගොඩක් ඒවා මග ඇරිලත් එක්ක...

    ReplyDelete
    Replies
    1. පොඩි කුමාරිහාමි සෑහෙන දවසකින්...බ්ලොගියෙ මුකුත් ලිව්වෙත් නෑ ලගකදි නේද...

      මොකද උනේ හැබෑටම...කසාදයක් වත් කොර ගත්තද ?

      Delete
  42. ෂහ්, තාත්තාගෙන් හොඳ පූර්වාදර්ශයක් වගේම නිසි ගුරුහරුකම්නුත් ලැබිලා. මුල්ම තරගෙදි එක/දෙක/තුන වගෙ තැනක් නොලැබුණාය කියලා අධෛර්‍යමත් නොවී දිගටම පුහුණු වීම කොච්චර අගය කරන්න ඕනද? තවත් මැරතන් කතා ටිකක් අහමු එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමියගෙ කොමෙන්ටුවට... තාත්තගෙ දායකත්වය ජීවිතේ බොහෝ තැන්වලදි සිරාට විශාල සහයෝගයක් වෙලා තියෙනවා...

      මැරතන් කථාව තව ඉදිරියටත් කියවන්න...

      Delete
  43. සිරා කියනවා ඇරෙන්න වෙන මොනා කියන්නද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හරී.... ඊළග කොටසත් කියවන්න...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...